Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 19, 2013

අපි වෙනුවෙන් අපි....


ලියන්න ලියන්න කියලා හැමවෙලේම හිත කිව්වත් කොහොමද ලියන්නේ පහුගිය කාලේම අපි හැමෝම බොහෝම කාර්‍යබහුල උනානේ. එක පැත්තකින් ශිරානි බන්ඩාරනායක නෝනා, අනිත් පැත්තෙන් රිසානා. හැමපැත්තෙන්ම ගෑනු ප්‍රශ්න වලින් මුළු රටම ගිනි අරන් නේද. අනේ මංදා මේ හැමතැනම තියෙන්නේ කාන්තා ප්‍රශ්න නේ.

ඔන්න ඉතින් අපේ පිරිමි යාළුවෝ ටික මට බනින්න නම් එපා. මම පුරුෂ විරෝදී රැඩිකල් කාන්තාවාදිනියක් නම් නෙමෙයි. සාමාන්‍ය ගැහැනු චරිතයක්. ඒත් මට මේ සිද්දවෙන සමහර දේවල් එක්ක හිතෙනවා මේ ලොකේම පුදුම විදියට පුරුශාධිපත්වයෙන් පිරිලද කියලා.
හැමදාම ගොඩක් වෙලාවට හැමදේටම වගේ දඩුවම් වින්දේ කාන්තාව. නීතිගරුක වීම වගේම අසරන කම නිසාත් පහුගිය කාලේ අසන්නට ලැබුන කාන්තා චරිතවලටත් ඊට කලින් සිදුවුන දේවල් එක්කත් සමහර වෙලාවට කාන්තාව මොනතරම් අසරනද කියලා හිතෙන්නේ නැද්ද.

ප්‍රේමවතී මනම්පේරියගෙන් පටන් අරන් හිතලා බැලුවොත් අද වෙනකන් මොනතරම් අපේ රටෙත් අනෙක් රටවලත් කාන්තා චරිතවලට සිදුවුන අසාදාරන කම් ගැන කියන්න වචන නෑ.

වැරදි කරන්නේ ගෑනු විතරද? ඇයි පිරිමි කරන්නේ නැද්ද? එහෙනම් ඇයි හැම වෙලේම ගෑනුන්ටම දොස්.

ඔව් ගැහැනියක් කියන්නේ මවක්. ඇය තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනේ. දරුවන්ට සමාජයට ආදර්ශමත් වෙන්න ඕනේ. ඒත් ගැහැණියක් වරදට පෙළබෙන්නේ තනිකරම ඇගේම ඕනේ කමටද?..

කාන්තාවන් වෙනුවෙන් කතා කරොත් ඇයට කියන්නේ පුරුෂ විරෝදී මානසික තත්වයක් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. අද අපේ රටේ ලේඛිකාවන් කී දෙනෙක්ට ඔය චෝදනාව තියෙනවද..

මට ඇහිලා තියෙනවා පිරිමි අය කියනවා අන්තර්ජාලය භාවිතා කරන, ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල භාවිතා කරන කාන්තාවන් කරන්නේ එයින් පිරිමි සහකාරයන් හොයන එක කියලා. ඇත්තටම සිදුවෙන්නේ ඒකේ අනිත් පැත්තද කියලත් හිතෙනවා.

ගෑනියෙක් වේවා පිරිමියෙක් වේවා වරදට පෙළබෙන්න අන්තර්ජාලයටම එන්න ඕනේද? අපේ රටේ හැටියට නම් තාමත් අන්තර්ජාලය භාවිතා කරන්නේ උගත් යයි පිලිගත්ත පිරිස විතරයි.මොකද සාමාන්‍ය හෝ ඉංග්‍රීසි භාශාවේ දැනුමක් අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්න ඕනේ. අනිත් කරුන මුදල් තියෙන්නත් ඕනේ.ඒ දෙකම නැතිව අන්තර්ජාලයට නොඑන හැම ගෑනියෙක්ම චරිත්වත්ද?

ඇත්තටම කවුරු හරි හිතනවද ගැහැණු අය මේ විදියට බ්ලොග් ලියන්නේ අන්තර්ජාලයට එන්නේ පිරිමි අයගේ අවධානය ගන්න කියලා. සමහරු කියනවා මට ඇහිලා තියෙනවා "ඒ ගෑනිට ගෙදර වැඩ නැද්ද මංදා අරව මේවා ලිය ලිය ඉන්නේ" කියලා. එතකොට එහෙම කරන පිරිමි?..

අපේ සංස්කෘතිය අනුව ගෑනු පිරිමි කවදාවත් සමතැන ගන්නේ නැති බව මම පිලිගන්නවා. මම කියන්නේ අන්තර්ජාලය භාවිතා කරන ගෑනු අය එහෙම කරන්නේ සහකාරයෙක් හරි අනියම් ඇසුරක් ලබන්නම නෙමෙයි කියලා.

ගැහැනු හිත කවදත් කැමතියි පිරිමියෙක්ගේ ආදර කතා වලට, චාටු කතාවකින් සුරතල් ආදර වදනකින් ඇගේ හිතට ඇතුල්වෙන්න පිරිමින්ට ලේසියි. ඒක නිසා අර වගේ සමාජ් ජාලවලින් අනවශ්‍ය සම්බන්දතා ඇතිවෙන්න බැරිකමක් නෑ තමයි... ඒත් බස් එකේ යද්දි, කාර්‍යයාලයේදී එහෙම නැත්නම් උත්සවයක්දිත් ඔහොම දේවල් වෙන්න බැරිද භාහිර ලෝකේදී. එතකොට මේ අන්තර්ජාලයේ ඉන්න කාන්තාවෝ විතරද අර විදියේ කතා අහගන්නේ.

මම නම් කියන්නේ ගෑනු පිරිමි භේදයක් නෑ කෙනෙක් ගේ හැදියාවයි අවංක කමයි තමයි මේ හැමදේටම බලපාන්නේ.

ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුවියක් මරා දැම්මා, පකිස්ථානයේ බ්ලොග් එකක් ලිව්වා කියලා වෙඩි තිබ්බා,  ඇමරිකාවේ අමන්දා ෆේස් බුක් හරහා ඇතිවුන සම්බන්දයක ප්‍ර්ථිපලයකින් දිවිනසා ගත්තා.හැමරටකම හිංසනයට ලක්වෙන්නේ කාන්තාව,

ඒත් අපිට අපි වෙනුවෙන් කතා කරනන් ඉඩක් තියෙනවද? කාන්තාව රවටන ඇගෙන් ප්‍රයෝජන ගන්න ඉන්පසුව ඇයව රොඩ්ඩක් වගේ අහක දාන පිරිමි ඊට පස්සේ ඒ වෙනුවෙන් කතා කරන අයගෙනුත් පලිගන්නේ ඇයවත් සමාජය ඉදිරියේ වැරදිකාරි කරමින්.

කවදාවත් ඇහිලා තියෙනවද කෙල්ලෙක් කොල්ලෙකුට අමුතු නමකින් කතා කරනවා. ඒත් පිරිමි අය ගෑනු කෙනෙක් මොනතරම් නම් ගොඩකින් හදුන්වනවද?

ලෝකය බිහිවන්නේ අම්මගේ කිරිවලිනුයි හිරු එලියෙනුයි කියලා මැක්සිම් ගෝර්කි කිව්වට ලෝකේට ආපු දවසේ ඉදල බොහොමයක් පිරිමි කරන්නේ ගෑනු අයට වෛර කරන එක නෙමෙයිද?

ඉතින් දැන් මේක කියවලා අපේ පිරිමි යාළුවෝ ටික මට බැනලා යයි.. ඒත් අහන්න දකින්න වෙන ඒවත් එක්ක නොදැක්ක වගේ ඉන්න එකත් අමාරු නැද්ද..

හිතලා බලන්න..

44 comments:

  1. අපි ප්‍රර්ථනාකරන එය ලෝකය , කවදා අ‍දාවෙයිද මන්දා , සමහරක් විට කවදාවත් එන එකකුත් නැ

    ReplyDelete
    Replies
    1. එන්නේ නෑ කියලා හිතුවොත් එන්නේම නෑ. බලන් ඉමු අපි

      Delete
  2. එහෙමත් නැ කුමාරිහාමි...සමහර ගැනුන්ගෙ දුර්වලතාවය ප්‍රයෝජනේට අරගෙන වැරදි කරන පහත් මට්ටමේ පිරිමින් ඉන්න අතරේ, ඒ වගේම ඒකට අනිත් පැත්තේ ගැනුන්ට ගරු කරන එයාලාගෙ නිදහස, සතුට වෙනුවෙන් හඬ නගන සම්භාවනීය පිරිමිනුත් ඉන්නවා අපේ සමාජයෙ.

    ReplyDelete
    Replies
    1. මම එකඟයි රීසා. මේ හැමෝම ගැන නෙමෙයි මම කිව්වේ..

      Delete
  3. ඉතාම සමබර ලිපියක් පොඩ්ඩි .මෙන්න මෙහෙම ලිව්වම
    තමයි ඇස් කන් ඇරෙන්නේ .නැතුව අපේ ඉල්ලීම් අපිට
    දෙන්න කියද්දී නම් තියෙන ගරුත්වෙත් නැති වෙනවා..
    ඒ අතින් මේ පොස්ට් එක පුදුම විදිහට හිතට වදිනවා ..

    ReplyDelete
  4. ඔතන තියෙන්නේ ගෑනු පිරිමි ප්‍රශ්නයක් නෙමෙයි මනුෂ්‍යත්වය පිලිබඳ ප්‍රශ්නයක්. ගෑනුන්ටම වින කටින ගෑනුත් කොච්චරනම් ඉන්නවද. මනුෂ්‍යත්වය පැත්තෙන් බලල ඔය ප්‍රශ්නවලට විසඳුම් හොයනවා ඇර ගෑනු පිරිමි බේදය ඉස්සරහට දාගැනීමෙන් වෙන්නේ නොමග යාමක් විතරයි. මේක ලියපු මමත් ගෑනියක්.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඔයා හරි ඇති එහෙනම්.. ඔව් මමත් කියන්නේ මනුශත්වය ගැන තමයි..ඒත් ගොඩක් වෙලාවට අසරන වෙන්නේ ගෑනු මිසක් පිරිමි නෙමෙයි

      Delete
  5. මෙතැනදී අපි කවුරුත් දකින්නේ ඔය වගේ හිංසාවට ලක්වූ ප්‍රසිද්ධ වුන කාන්තාවන් ගැන විතරයි ,එත් අප්‍රසිද්ධව කාන්තාවන්ට සිදුවන හිංසනය අපි හිතනවටත් වඩා වැඩියි ,කාන්තාවන් වෙනුවෙන් මෙවැනි හඬක් නැඟීම ප්‍රසංසනීයයි ....!!

    ReplyDelete
  6. ඔය ඔක්කොම ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ඔයා එකඟද සෙන්නා..? ලොකු දෙයක් අනේ.. :D

      Delete
  7. ගම්පහ ගෙට්ටුව ජනවාරි 27, ප්‍ර‍ශ්න අමතක කරලා සුන්දර දිනයක් ගත කරන්න එන්න එදාට...විස්තර කාමරෙන්...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් කොහොම එන්නද?.. අපි මෙහේ හිරවෙලානේ.. ආරාදනාවට ස්තූතියි

      Delete
  8. Replies
    1. තැන්ක්‍යූ..තැන්ක්‍යු....

      Delete
  9. අම්ම ෆුක් සීරියස් නේ. දෙගොල්ලොම එක වගේ පිරිමින් වෙනුවෙන් මෙහෙම කතා කලට ඇත්තටම මෙහෙ නොවෙන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙන්නේ කොහොමද අසර් ඉතින් හැමදාම චව් චව් වගේනේ. විරුද්ද වෙන්නමයි බලන්නේ.

      Delete
  10. ස්වභාව ධර්මයෙන් හිමි වි ඇති ප්‍රජනන කාර්යයට අදාළ වර්ගයා බිහි කිරීමේ හා පවත්වා ගැනීමේ වගකීම මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන්ද සමාජය විසින් ස්ත්‍රීයට පවරා දී ඇත. ඒ අනුව ස්ත්‍රිකට දරුවන් පෝෂණය කිරීම, රැක බලා ගැනීම, ගේ දොර කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ කටයුතු, වැඩිමහළු පුද්ගලයින් රැක බලා ගැනීමේ කටයුතු ආදී මානව වර්ගයාගේ බිහිවීමට හා පැවැත්මට අදාළ වගකීම් වලින් කොටසක් ස්ත්‍රීන් වෙත පැවරී ඇති බව දැක ගත හැකිය. ඵයට වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත. ඒ අනුව පුරුෂයාට ජිවිකා වෘත්තිය නිරතවීම, සමාජ කාර්යන්හි නියැලීම මඟින් සිය වර්ගයාගේ පැවැත්මට අදාළ සාමූහික වගකීම්වලට නායකත්වය ලබා දීම, ස්ත්‍රීන්ට හා දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීම, ප්‍රජානන කාර්යයන්හි නියැලීම මඟින් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කිරීමට අදාළ කාර්යයන්හි ලා ස්ත්‍රීන්ට සහය දැක්වීම වැනි කටයුතු පැවරී තිබේ.
    මේ අනුව ගෘහාශ්‍රිත කටයුතු සමාජය විසින් ස්ත්‍රීයට පවරා ඇති අතර ඇය පෞද්ගලික නැතිනම් ගෘහාශ්‍රිත ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකෙයි. ඵම නිසා පෞද්ගලික ගැහැණිය යන නමින්ද හැඳින්වෙයි. පුරුෂයා ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය කරන නිසා ඔහු පොදු ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකේ. ඵම නිසා ඔහු පොදු පිරිමියා යන නමින් හැඳින්වෙයි. දරුවෙකු කුඩා කළ සිට සමාජානුයෝජනය කිරිම තුළින් දිගු කලක් තිස්සේ මෙම අනන්‍යතාවන් ඇය හෝ ඔහුගේ මනස තුළ ස්ථාපිත කෙරේ. ඕනෑම සමාජයක ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට අසමාන වු තත්වයක් හිමිකර දී ඇති අතර ඵ් මත පදනම් වු විශ්වාස හා අගය කිරීම් ඵම සමාජවල දැඩිව මුල් බැස ගෙන ඇත. බොහෝ රටවල ඇදුම් පැළදුම් ඇඳීමේ හා භාෂා භාවිතා කිරිමේ වෙනස් කම් පවා දක්නට ලැබේ. ඵහි දි ස්ත්‍රි පුරුෂ වශයෙන් බෙදුණු පද ව්‍යාකරණ විධි, ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට විශේෂිත වු යෙදුම් හා ව්‍යවහාර දක්නට ලැබේ. තවද රැකියා ක්ෂේත්‍රයේදී දී හෙදි, ගුරු, ලඝු ලේඛක වැනි වෘත්තීන් ස්ත්‍රීන්ට හිමි ක්ෂේත්‍ර ලෙස ද බර වාහන පැදවිම, ඉංජිනේරු හා ආරක්ෂක අංශ, තාක්ෂණ රැකියා සහ කළමනාකරණය වැනි වෘත්තීන් පුරුෂයින්ට වෙන් වු ක්ෂේත්‍ර ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය හා පිරිමියා මේ ආකාර විය යුතුය යනුවෙන් සමාජය විසින් වර්ග කිරිමක් කර තිබෙන නිසා ඔවුන්ගේ රැකියා ක්ෂේත්‍ර වල දී පවා බෙදීමක් දක්නට ලැබේ.

    ReplyDelete
  11. කෙසේ වුවද සමාජයක් ගත් විට ශක්තිමත්, ඵඩිතර හා නිර්හීත ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වෙති. ළාමක, නම්‍යශීලී, කාරුණික, ඉවසිමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය හා පුරුෂයා මේ ආකාර විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රීය හා පුරුෂයා නොහැසිරේ නම් ඵය අසාමාන්‍ය දෙයක් ලෙස සමාජය දකියි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තත්වයක් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුවද කවර ජාතියක්, මානව වර්ගයක්, කුලයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහසක්, අඩු වරප්‍රසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය හෝ අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාටයි. මේ අසමාන වු බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය. ඵ් අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබු සමාජ සබඳතාවයක් ලෙස සරලව හැදින්විය හැකිය. ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස මත සමාජය මෙම දෙපක්‍ෂය දකින ආකාරය ද වෙනස්ය. ඵ් අනුව සමාජය විසින් මෙම බෙදීම නිර්මාණය කර දී ඇති බව පෙනේ. ඉහත දැක් වු කරුණු අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කුමක්ද යන්න පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය. මේ ස්වභාවය මානව වර්ගයාට මෙන්ම සත්ව ලෝකයෙහි විවිධ සතුව වර්ගවලට ද පොදු ලක්ෂණයකි. ඒ ආකාරයෙන් බොහෝ ක්ෂිරපායීන්ගේ ගැහැණු සතුන් මෙන් ගැහැනියද පිරිමියාට වඩා ඉතා තියුණු සංවේදී හැකියාවෙන් යුක්තය. දරුවන් බිහි කිරීම, පෝෂණය කිරීම හා වාසස්ථාන සුරක්ෂිත කිරීම ස්ත්‍රීන්ට පැවරී තිබේ. අනුන් තුළ පැහැදිලිව නොපෙන ආකාරයෙන් වුවත් සිදුවන ඉරියව් හා ආකල්ප වෙනස්වීම් හඳුනාගැනීමට හැකිවීම ස්ත්‍රීන් තුළ දැක ගත හැකි සුවිශේෂි ලක්ෂණයකි. මෙයට හේතුව එවැනි මනෝ චාලක අවශ්‍යතා ඇගේ කාර්යභාරය හොඳින් ඉටු කිරීමට ඇයට ඉතා අවශ්‍යවීමයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ගැහැණු ඉව ලෙස පැවසෙනුයේ ස්ත්‍රීන් සතුට පවතින මේ සුවිශේෂී වූ සංජානන හැකියාවයි. මේ නිසා අන්‍යයන්ගේ යම්කිසි සුළු හෝ බාහිර පෙනුමේ හෝ හැසිරීමේ වෙනසක් ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට ස්ත්‍රීන්ට ජීව විද්‍යාත්මකව තියුණු හැකියාවක් පිහිටා ඇත. පිරිමින් විසින් ප්‍රධානත්වය උසුලනු ලැබුවද ස්ත්‍රීන්හට හිමි වී ඇති මේ සුවිශේෂී වූ සංජානන හැකියාව නිසා පිරිමින්හට ස්ත්‍රීය සම්පූර්ණයෙන්ම අභිබවා යාමට නොහැකි වී තිබේ. ස්ත්‍රිකගේ හැසිරීම් රටාව හා සිතිවිලි පිරිමින්ට පහසුවෙන් වටහා ගත නොහැකිවීමට හේතුවක් වී ඇත්තේද ස්ත්‍රීන්ගේ මනෝ කායික ස්වභාවය තුළ විද්‍යමාන මෙබඳු වෙනස්කම්ය. එය සංජානන පැතිකඩයහි ලා සුවිශේෂී අනන්‍යතා ලක්ෂණ ස්ත්‍රීන්ට හිමි කර ගැනීමට ප්‍රබල උපස්භම්නයක් වී තිබේ.

    ReplyDelete
  12. ස්ත්‍රියකගේ ජීව විද්‍යාත්මක මනෝ කායික අනන්‍යතාව පවා පුරුෂයෙකුගේ එබඳු මනෝ කායික ස්වභාවයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන ස්ථාන නිරීක්ෂණය කළ හැකිය. නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ තුළින් ද මේ නිරීක්ෂණ සනාථ වී තිබේ. යම් යම් සුවිශේෂී අවස්ථා වලදී ස්ත්‍රීන්ගේ දෙනෙතෙහි ස්වරූපය පුරුෂ දෙනෙතට වඩා වෙනස් විය හැකි අවස්ථා එළඹිය හැකිය. නිදසුනක් වශයෙන් පුරුෂයාට ස්ත්‍රියකගෙන් යමක් සැඟවීමට අවශ්‍ය අවස්ථාවල දී එය ස්ත්‍රියකට වෙනත් ක්‍රමයකින් සංජානනය වන බව දැක්විය හැකිය. මෙය සමීපව වාසයක කරන ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර දැක ගත හැකිය. විවාහ ජීවිතයක් ගත කරන ස්ත්‍රියක හා පුරුෂයෙකු අතර මෙබඳු මනෝකායික සබඳතාවයක් පැවතිය හැකිය. එවිට එබඳු ස්ත්‍රියකට ස්වකීය ස්වාමි පුරුෂයාගේ විවිධ මනෝ භාවයන් පිළිබඳව සංජානනය කරගත හැකි ස්වභාවයක් ඇති බව දක්වා ඇත. තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට සඟවන ඕනෑම දෙයක් ස්වකීය දෙනෙතෙහි උපකාරයෙන් එක් නිරීක්ෂණයකින්ම වටහා ගැනීමට තරම් ස්ත්‍රියකට හැකියාවක් ඇත. තමන්ට සමීපව සිටින යම් පුරුෂයෙකු තමාගෙන් සඟවන යම්කිසි දෙයක් ඔහුගේ දෙනෙත දෙස බලා එක එල්ලේම සෘජු නිගමනයන්ට පැමිණීමට කාන්තාවකට ඇති දක්ෂතාව පිළිබඳව සැලකීමේදී ස්ත්‍රින්ගේ සංජානන හැකියාවල ප්‍රබල බව තක්සේරු කළ හැකිය. එබඳ අවස්ථාවලදී පිරිමියෙකුගේ දෙනෙත දෙස බලන ස්ත්‍රියකගේ දෙනෙත්වල ස්වභාවය විශ්වාස කළ නොහැකි තරම් විස්මයානුකූල විලාශයක් ගන්නා බව පෙනී යයි. කිසියම් නොපැහැදිලි බවකින් පුරුෂ දෙනෙත නිරීක්ෂණය කළද ඒ ක්‍රියාව අඛණ්ඩව පවත්වා ගැනීමට ස්ත්‍රික සමත් වේ. මුලදී මෙබඳු සංජානනයකදී ස්ත්‍රියක එක්වරටම මං මුළා වූ තත්වයකට පත්විය හැකිය. නමුදු එබඳු දෙයක් මත ඇගේ සෘජු නිරීක්ෂණ කාර්යය හෝ ඒ පිළිබඳ දක්වන උනන්දුව අවසන් නොවේ. තමන්ට නොවැටහුණු එහෙත් කිසියම් සැක මුසු දෙයක් පිළිබඳව උනන්දුවකට පත්වූ ස්ත්‍රියකගේ ඒ උනන්දුව සියල්ල පැහැදිලව වටහා ගන්වා තෙක් පහසුවෙන් අවසන් නොවේ. මින් අදහස්වනුයේ පහසුවෙන් ස්ත්‍රියක තොරතුරු සන්නිවේදන කාර්යයකදී දුර්මුඛ නොවන බවයි. තමාට උනන්දුවක් ඇති වූ අරමුණ ඉතා තදින් ග්‍රහණය කර ගන්නා ස්ත්‍රීන් ඒ පිළිබඳ අඛණ්ඩව සිතීමෙන් දැඩිව වෙහෙසට පත් වෙති. ස්ත්‍රිකගේ මනෝකායික සංජානන පැතිකඩ තුළ දැකගත හැකි මේ සුවිශේෂී ස්වභාවය නිසා ඕනෑම සිදුවීමක් හෝ කරුණක් පිළිබඳව ඇති කරගත් දීර්ඝ කාලීන සිතිවිලිවලින් පිරුණු අවිනිශ්චිත හිස් බවකින් ස්ත්‍රීහු පෙළෙති. එපමණක්ද නොව ඇතැම් අවස්ථාවලදී මේ අවිනිශ්චිත හැඟීම නිසාම එබඳු අරමුණ පසුපස විස්මයානූකූල ලෙස ලුහුබැඳ යන්නීය. එබඳු චර්යා ස්ත්‍රීන්ගේ සංජානන පැතිකඩ තුළ දැක ගත හැකි සුවිශේෂතායි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට දැනුවත් කිරීමට..

      Delete
    2. පුංචි කුමාරිහාමි,
      ඔයාටත් ස්තූතියි වචනයකින් හරි ඔයා මට ස්තූති කලාට. දිගටම ලියන්න. හරි ලස්සනයි. ඔයා ලියන විදිහට වගේම ඔයා ලියන දේවල්වලටත් මම හරිම කැමතියි

      Delete
  13. ස්ත්‍රියකගේ සංජානන හැකියාව වඩා ප්‍රබල ඇගේ දෙපසය. ඉදිරිපස හා පසුපස ඇගේ සංජානන හැකියාව දුබලය. ස්ත්‍රිකගේ දෙපස පිළිබඳ සංජානන හැකියාව චාපාකාරව අංශක 180 ක් වන පරිදි සකස් වී ඇත. මෝටර් රථයක් ධාවනය කරද්දී අතර රථයේ මඩ්ගාඩ් එකත් ගරාජයේ බිත්තියත් අතර දුර තීරණය කිරීම ඉදිරිපස හා පිටුපස සංජානන හැකියාව මත රැඳී පවතියි. ඉදිරිපස අවකාශය හා දුර තීරණය කිරීමේ දී පුරුෂයින්ගේ සංජානන හැකියාව වඩාත්ම වැදගත් වේ. මන්ද පිරිමින්ගේ සංජානන හැකියාව වඩාත් අධික ඉදිරිපස හා පිටුපස කොටස කෙරෙහි වන බැවිනි. නමුදු පිරිමින්ගේ දෙපස චාපාකාර අංශක 180 කෝණයකින් සංජානනය කිරීමේ හැකියාව කාන්තාවන්ගේ මෙන් ප්‍රබල නැත. පිරිමි වඩාත් දක්ෂ ඉදිරිපස හා පිටුපස පැති සංජානන කිරීමටය. එය පිරිමින්ගේ මොළයේ දකුණු අර්ථයේ පිහිටි දක්ෂතාවයක් වන අතර එය බොහෝවිට ගැහැණුන්ගේ පිරිමින්ගේ තරම් ශක්තිමත් නොවේ. ස්ත්‍රියකට පිරිමියෙකුගේ ඇඳුම මත ඇති ස්ත්‍රියකගේ හිස කෙසක් අඩි 20 ක දුරදී ද පෙනෙයි. නමුත් මෝටර් රිය නැවැත්වීමට එන විට බොහෝ ගරාජයේ දොරේ හප්පයි. ස්ත්‍රිකගේ සංජානන පැතිකඩ සකස්ව ඇත්තේ බොහෝවිට නිවස ආරක්ෂා කිරීමෙ හා පවුලේ පැවැත්ම ආරක්ෂා කිරීම පිණිසය. ඒ සඳහා ස්ත්‍රියකට ස්වකීය දරුවන්ගේ වේදනාව, බඩගින්න, තුවාල සිදුවීම, කෝපය, කලකිරීම හා අවශ්‍යතා සංඥා කිරීම ආදී චර්යාවේ ඇති වන සුළු වෙනසක් වුවද ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට, වටහා ගැනීමට හැකියාව තිබේ. ඊට සාපේක්ෂකව පුරුෂයින්ට පැවරී ඇත්තේ ආහාර පාන සෙවීමේ වගකීමයි. එබැවින් පිරිමි වචන භාවිතයෙන් තොරව යමක් අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් ස්වකීය වාසස්ථාන සමීපව රැඳී නොසිටීම පරිණාමන කාර්යයේදී පුරුෂයාගේ සංජානන හැකියාව මෙසේ වෙනස්වීමට ඉවහල් වී තිබේ. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ස්නායු මනෝ විද්‍යාඥ මහාචාර්ය රූබන් ගර් (Neuro Psychologist prof. Ruben Gur) මොළය ස්කෑන් පරීක්ෂණයකට ලක් කර පුරුෂ මොළය ක්‍රියාත්මකව පවත්නා අවස්ථාවේදී එහි විද්‍යුත් ක්‍රියාකාරීත්වයෙන් 70% ක් ක්‍රියාත්මක නො වන බවද ගැහැණුන්ගේ මොළය එම පරීක්ෂණයට භාජනය කිරීමෙන් විවේකීව සිටින අවස්ථාව්දීද පරිසරයෙන් පණිවුඩ ලබමින් ඒවා විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ මොළය පවතින බව තහවුරු කරමින් 90% ක්‍රියාකාරීව පැවතුන බව පෙන්වා දී තිබේ. ස්ත්‍රීහු සිය දරුවන්ගේ මිතුරන්ද ඔවුන්ගේ බලාපොරොත්තු සිහින, ආදර සබඳතා, රහස්, බිය, සිතුම් පැතුම් දැනෙන හැටි, හා ඔවුන් පුරුදු පරිදි කුමන දඟකාර වැඩකට සැරසෙන්නේද ආදී සියල්ල දනිති. නමුත් තමාගේ නිවසේ සිටිය අයගේ සිතුම් පැතුම් කවර ස්වභාවයකදැයි යන්න පවා පිරිමි හොඳින් නොදනිති.

    ReplyDelete
  14. ඇස් නම් හිස් කබලෙන් පිටත පිහිටි මොළයේම දිගුවක්වූ කොටසකි.ඇස් බොලය පිටුපස ආලෝක ප්‍රතිග්‍රාහක (Photoreceptors) නම් යෂ්ටි ආකාර සෛල මිලියන 130 ක් පමණ කළු හා සුදු දර්ශනයවීම සඳහා දෘෂ්ටි විතානයෙහි (Retina) පිහිටි අර වර්ණ දර්ශනයවීමට මිලියන හතක් වූ කේතු ආකාර සෛල පිහිටා ඇත. මේ වර්ණ දැකීමේ සෛල ලබා දෙන්නේ X වර්ණදේහ (Chromosomes) විසිනි. ගැහැනුන් සතුව X වර්ණදේහ දෙකක් ඇති නිසා පිරිමින්ට වඩා විශාල ලෙස විවිධ වර්ගවල කේතු රාශියක් ඇත. මේ වෙනස අපට පෙනෙන්නේ ගැහැනු ඉතා විස්තර සහිතව වර්ණ විස්තර කරන ආකාරයෙනි. පිරිමි මූලික වර්ණ වන නිල්, රතු, කොල වැනි වර්ණ පාවිච්චි කරතත්, ගැහැනු විශාල මිශ්‍ර වර්ණ පරාසයක් ගැන කතා කරති.මිනිස් ඇසෙහි පැහැදිලි සුදු වර්ණය තිබුණද අනෙක් වාහනරයින්ගේ එය දක්නට ඇත්තේ අඩුවෙනි. ඇසේ චලනය හා දිශාවන් බැලීම ආදිය මඟින් මුහුණට මුහුණ බලාගන්නා අදහස් හුවමාරුව සඳහා එය ඉතා වැදගත්ය. ගැහැනු ඇස්වල පිරිමින්ගේ ඇස්වලට වඩා සුදු වර්ණය පෙනේ. ළංවූ දුර ප්‍රමාණයක සිට පුද්ගලික අදහස් හුවමාරුව ස්ත්‍රීන්ගේ සම්බන්ධතා පවත්වා ගැනීමෙහි අන්තර්ගත කරුණක් නිසා ඇස් වඩා සුදුවීම ඇස චලනය වන දිශාවෙහි විශාල ප්‍රදේශයක ඇස් මඟින් සංඥා නිකුත් කිරීමටත් සංඥා ලැබීමටත් ඉඩ ලබා දෙයි. මේ අන්දමේ අදහස් හුවමාරුවක් අනෙක් බොහෝ සත්ව වර්ගවලට වැදගත් නොවේ. ඒ නිසා ඔවුන්ගේ ඇස්වල සුදුපාට ඇත්තේ මඳකි. නැතහොත් ඇත්තේම නැත. එසේම ඔවුහු ප්‍රධාන අදහස් හුවමරු ක්‍රමය ලෙස ශාරීරික චලන හා ඉරියව් මඟින් අදහස් හුවමාරුව (Body Language) මත විශ්වාසය නොතබති.

    ReplyDelete
  15. ඇගේ ඇස් ඇත්තේ හිස පිටුපසද?ඔව් නමුත් හරිටම නොවේ. ආසන්නවය.ගැහැනුන්ගේ ඇස් දෘෂ්ටි විතානයේ කේතු ආකාර විවිධ සෛල විශාල ප්‍රමාණයක් ඇතිවා පමණක් නොව පිරිමින්ට වඩා පුළුල් ප්‍රදේශයක් දැකීමේ හැකියාවද ඇත.නිවස ආරක්ෂා කළ ගැහැනියට ඇගේ හිසෙහි වම් පස හා දකුණු පසත් එක් එක් පැත්තට 45% ක චාපයක් සේද ඉහළට හා නාසයෙන් පහළටද එක් එක් පැත්තට 45% ක චාපාකාර ප්‍රදේශයකද පැහැදිලි දර්ශනයක් ලැබෙන සේ ඇගේ මොළයේ මෘදුකාංගය සැකසී ඇත.බොහෝ ගැහැණුන්ගේ අවට දර්ශනය 180% ක් දක්වා විශාල ප්‍රදේශයක පැතිරී ඇත.පිරිමියාගේ ඇස් ගැහැනියගේ ඇස්වලට වඩා ලොකුය.ඔහුගේ මොළය මඟින් එය ඒ ආකාරයෙන් සකස්කර ඇත්තේ ඔහුට වඩා දුරට විහිදුනු උමඟක් තුළින් දකින ආකාරයේ පෙනීමක් ඇතිවීමටය. ඉන් ඔහුට තමා ඉදිරියෙන් දුර දක්නයක් තුළින් දකින්නා සේ පැහැදිලිව, නිවැරදිව කෙළින්ම ඉදිරිය බොහෝ දුරක් දැකිය හැක්කේය.ගැහැණු පුළුල් ප්‍රදේශයක් දකින අතර පිරිමි උමඟක් තුළින් මෙන් ඈතට දකිති. දඩයම්කරුවෙකු ලෙස මිනිසාට පෙනීම වූවමනා වූයේ දුර සිට ඉලක්කය යම් සතෙකු මත තබා ගෙන පහරදීම සිදුකිරීමටය.ඒවිට ඔහුගේ පෙනීම සකස්ව තිබුණේ බොහෝ සේ අනෙක් අවට දේ නොපෙනෙන පරිදිය. එවිට ඔහුගේ පෙනීම ඉලක්කයෙන් ඉවත් නොවීය.ඒ අතර ගැහැනිය නිවහන රකින්නිය වූ හෙයින් පුළුල් ප්‍රදේශයක් දර්ශනයවීම ඉතා අවශ්‍ය විය.ඇගේ නිවහනට හානි කර පළිබෝධකයින් ඇ‍දෙන්නේදැයි ඒ නිසා ඇයට වහා දැකගත හැකිවිය.මේ අන්දමින් දීර්ඝ කාලයක් පැවති යම් පරිණාමකයට පත්වුවද අද පිරිමි පහසුවෙන්ම ඈත ස්ථානයක පිහිටි සමාජ ශාලාව වෙත කෙළින්ම ළඟාවිය හැකි කෙටි මාර්ගය තෝරා ගනිති.එහෙත් ඉතා සමීපයේ වන ශීතකරණයේ, කබඩ් එක තුළ හෝ ලාච්චුවේ ඇති යමක් එකවර දැක සොයා ගැනීමට අසමත් වෙති.1997 දී එක්සත් රාජධානියෙහි මහමඟදී ළමා පදිකයින්ගේ මරණ හා තුවාල සිදුවීම් 4132 ක් සිදුවිය.ඉන් 2640 ක් පිරිමි ළමයි වූහ.1492 ක් ගැහැණු ලමයින් වූහ.මේ අයුරින් සිදුවූ ඕස්ට්‍රේලියාවේ ළමා මරණවලින් ගැහැණු ළමයින් මෙන් දෙගුණයක්ම පිරිමි ළමයින්ය.පිරිමි ළමයින් පාර මාරුවීමේදී ගැහැනු ළමයින්ට වඩා අවදානම් සහිතය.එසේ අවදානම් තත්වය වර්ධනය වී ඇත්තේ පිරිමින්ගේ අවට ප්‍රදේශය සීමාව දැකීමේ දුර්වලතාවය නිසාය.ඔබේ අවට ප්‍රදේශය දැක ගැනීමට නොහැකිවීමේ දුර්වලත්වය පුහුණුව ලැබීමෙන් නැතිකර හෝ අඩුකර ගත හැකිය.ප්‍රහාරක ගුවන් නියමුවෝ එබඳු පුහුණුවක් ලබති. කෙනෙකුට දැකියහැකි චාපාකාර ප්‍රදේශය ජීවිතයට තර්ජනයක් වූ අවස්ථාවකදී පුළුල් වේ. 1999 දී ඕස්ට්‍රේලියාවේ පර්ත්හි බන්ධනාගාරයේ හටගත් කැරැල්ලක දී නේවාසික සිරකරුවෝ එහි සේවය කළ නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත්හ. තම ඉල්ලීම ඉටු නො කළ හොත් එම නිලධාරීන් මරා දමන බවට ඔවුහු තර්ජනය කළහ. බන්ධනාගාර නිලධාරී ලාන්ස් බ්‍රෙමන් ප්‍රකාශ කරන පරිදි, එම සිද්ධියට මුහුණ පාන ඔහු, තමාට තිබුණු උමඟක් තුළින් දකින් ආකාරයේ ඇස් පෙනීමෙන් නිදහස් වූයේය. එම සිද්ධියෙන් ගැලවුණු පසු ඔහුගේ අවට පෙනීම අංශක 180 ක පමණ කෝණයක් දක්වා වර්ධනය වී තිබුණි. සිද්ධියේදී ඇතිවුණු තමා මරා දමතැයි යන මරණ බිය හා අභියෝගාත්මක අවස්ථාව නිසා ඔහුගේ මොළය ඔහුගේ දර්ශන පථය පුළුල්කොට පහරදීමට සතුරන් පැමිණෙන්නේ දැයි පෙනීමට සැලැස්වීය.

    ReplyDelete
  16. ගැහැණුන්ගේ ඇස්වලින් මෙතරම් වැඩියෙන් පෙනෙන්නේ ඇයි?පරිගණක දත්ත මෙගාබයිට් 100 කට සමාන වන විද්‍යුත් චුම්බක ශක්ති ඒකක (photons) බිලියන දහස් ගණනක් හැම තත්පරයකදීම ඇස්වල දෘෂ්ටි විතානයට පහර දෙයි. මෙය මොළයට දරා ගැනීමට අපහසු විශාල ප්‍රමාණයකි. ඒ නිසා එය සංස්කරණය කොට එවන පණිවුඩය ජීවිතය රඳා පැවතීම සඳහා අවශ්‍ය ප්‍රමාණයේ වුවකි. නිදසුනක් ලෙස ඔබේ මොළය අහසේ ඇති සියලු වර්ණ එක්වර තේරුම් ගනියි. එහෙත් දැකීමට වුවමනා වර්ණය පමණක් එයින් තෝරා ගනියි. එය නම් නිල් පාටය. අපේ මොළය අපේ පෙනීම පටු කරයි. ඒ නිසා අපට යම් විශේෂ දෙයක් මත අවධානය යොමුකළ හැකිව ඇත. අප බුමුතුරුණු මත වැටුණ ඉඳිකටුවක් සොයන්නේ නම් අපට තවත් අවධානය වඩාත් එක්තැන්වූ පටු දෘෂ්ටි ක්ෂේත්‍රයක් තිබිය යුතුය. පිරිමින්ගේ මොළය දඩයම සඳහා පූර්වයේ සිට සකස්ව ඇති හෙයින් ඔහු දකින්නේ පටු ක්ෂේත්‍රයක් තුළය. ගැහැණුන්ගේ මොළය පුළුල් පරිසරයක තොරතුරු විශ්ලේෂණය කරන්නේ ඔවුන්ගේ මොළය අතීත නිවහන් ආරක්ෂක ක්‍රියාදාමයට හුරුව ඇති නිසාය. ස්ත්‍රීන්ගේ හා පිරිමින්ගේ සංජානන හැකියාව ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවට සමානුපාතිකව වෙනස් වන ආකායට දැක්වීම නිදසුනක් මඟින් පෙන්වා දිය හැකිය. මේ සඳහා ශීතකරණයක තබා ඇති බටර් බඳුනක් සොයා ගැනීම වැනි සරල සංසිද්ධියකදී වුවද ගැහැණු හා පිරිමි සංජානනයෙහි වෙනස්බව කැපී පෙනෙන බව දැකගත හැකිය. කිසියම් සීමිත පරාසයක ඇති සුවිශේෂී යමක් වඩා හොඳින් සංජානනය කිරීමේ හැකියාව ගැහැණුන්ට වඩා පිරිමින්ට ඇත. එසේම පුළුල් පරාසයක ව්‍යාප්තව පවතින එහෙත නොගැඹුරු සංජානන හැකියාව ගැහැණුන්ට ඇත. මේ දෙයාකාර සංජානන හැකියාව නිසා ගැහැණුන් හා පිරිමින් සංජානනය කරගනුයේ ස්වරූප දෙකකනි.

    ReplyDelete
  17. ගැහැනියකගේ මනස සකස්වී ඇත්තේ බොහෝ කටයුතු එකවර කළහැකි අයුරිනි. ඇයට එකිනෙක සම්බන්ධතාවයෙන් තොර ක්‍රියාවන් කිහිපයක් එකම විට කළහැකිය. ඇගේ මොළය කිසි විට ක්‍රියාවන් කීපයක් එකම විට කළහැකිය. ඇගේ මොළය කිසි විට කාර්යයක නොයෙදී නොපවතියි. සෑම විටම එය ක්‍රියාශීලීය. ඇයට ටෙලිෆෝනයෙන් කතා කරන අතර අලුත් වට්ටෝරුවක් අනුව ආහාර පිසිමින් රූපවාහිනය නැරඹීමටද පුළුවන. මෝටර් රිය පදවමින් රුව හැඩ වැඩ කරගනිමින් රේඩියෝවටද සවන් දෙන අතර අතින් නිදහස්ව තිබෙන (hand free) දුරකථනයෙන් කථා කළ හැකිය. නමුත් පිරිමියෙක් ආහාර වට්ටෝරුවක් අනුව පිළියෙළ කරද්දී යමෙකු ඔහුට කතා කළහොත් ඔහු කෝපවීමට ඉඩ ඇත. ඒ මන්ද? ඔහුට ලියා තිබෙන උපදෙස් පිළිපදිමින් ඒ අනුව පිසිමින් ඒ සමඟම සවන් දීමට නො හැකි බැවිනි. මිනිසෙක් තම රැවුළ කපද්දී යමෙකු කතා කළොත් ඔහු රේසරයෙන් තම මුහුණ කපා ගැනීමට ද ඉඩ ඇත. බොහෝවිට ගැහැනු ලබා ඇති අත්දැකීමක් නම් සිය සැමියා තමන් සමඟ කතා කරමින් වාහනය ධාවනය කිරීම නිසා අධිවේගී මාර්ගයකදී හැරවීමට අවශ්‍ය ස්ථානයේදී රිය හැරවීමට නො හැකි වූයේ යයි චෝදනා ලැබීමයි. ඇතැම් කාන්තාවන් සිය සැමියා හා තමා සමඟ කෝපවී සිටී නම් ඔහු ඇණ ගසමින් සිටින විට ඔහු හා කතා කිරීමට බෙහෙවින් ප්‍රිය කරති. ගැහැනු මොළයේ දෙපැත්තම පාවිච්චි කරන නිසා බොහෝ විට ගැහැනුන්ට ඔවුන්ගේ වම් අත දකුණතින් වෙන් කොට හඳුනා ගැනීමට අපහසුය. ගැහැනුන්ගෙන් 50% ක් පමණ එක්වර මුද්දක් හෝ ලපයක් හෝ මුලින්ම නො දැක අත හඳුනා ගැනීමට අපහසු තත්වයට පත්වෙති. දකුණත නැතිනම් වමත යන දෙකින් එකක් පාවිච්චි කරන පිරිමින්ට වමතින් දකුණත වෙන්කර හඳුනා ගැනීම පහසුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය පුරාම පිරිමින් විසින් ගැහැනු විවේචනය කරනු ලබන්නේ වමට හැරීමට අදහස් කරන අවස්ථාවලදී දකුණට හැරීමට යයි කීම නිසාය.

    ReplyDelete
  18. තවත් කාර්යයක් ඇසුරින් ගැහැණුන්ගේ හා පිරිමින්ගේ සංජානන හැකියාවේ ද්වි ස්වරූපය පෙන්වා දිය හැකිය. නිදසුනක් වශයෙන් බුරුසුවක් භාවිතාකර දත් මැදීමේ කාර්යය ගෙන සැලකිය හැකිය. පිරිමියෙකුට හැකි එක් වරකට එක් කාර්යයක පමණක් නිරතවීමටය. බුරුසුවෙන් දත් මැදීම පරීක්ෂා කර බලන්න. බොහෝ ගැහැනුන්ට ඇවිදිමින් කතා කරමින් ඔවුන්ගේ දත් මැදීමට පුළුවන. ඔවුන්ට දත්වල ඉහළට පහළට බුරුසුව අතුල්ලා මදිමින් අනෙක් අතින් රවුමට අත ක්‍රියා කරවමින් මේසය ඔප දැමීමට පුළුවන. බොහෝ පිරිමි මෙය නොහැකි හෝ අපහසු ක්‍රියාවක් ලෙස සලකති. පිරිමි දත් මදින විට ඔවුන්ගේ වරකට තනි කාර්යයක යෙදෙන මොළය සම්පූර්ණයෙන් එම තනි කාර්යයට යොමු වෙයි. ඔවුහු සෝදන බේසම (sink) ඉදිරියේ පා සෙ.මී. 30 ඈත් කර සිරුර බේසමට නැමී සිට හිස ඉදිරියට හා පසු පසට සොලවමින් බුරුසුවෙහි දත් අතුල්ලමින් දත් මදිති. පිරිමියෙකුට මෝටර් රථය ධාවන කරමින් යන අතර ලිපිනයක් සෙයා ගැනීමට හෝ යමකට සවන් දීමට අවශ්‍ය වූ විට ඔවුහු වාහනය නතර කරති. දුරකථන ඇමතුමක් පැමිණි විටක ගුවන් විදුලියේ හඬ නවත්වා හෝ අඩුකර දුරකථන ඇමතුමට පිළිතුරු දීමට පිරිමි පුරුදුව සිටිති. නමුත් ගැහැණුන් ක්‍රියා කරන්නේ මීට වඩා වෙනස් ආකාරයටය. ඔවුන්ට රූපවාහිනියෙහි වැඩසටහනක් නරඹන අතර තුර මුළුතැන්ගෙයි ආහාර පිසීමේ කාර්යයෙහි නිරතවීමට මෙන්ම, ඒ අතරතුරු නිවස වෙත පැමිණෙන අමුත්තෙකු හා පිළිසඳර කතාබහක නිරත වෙමින් ඒ සියළු කාර්යයන්හි එක්විටම නිරතවීමට හැකියාව තිබේ. දරුවාගේ අධ්‍යාපනය කාර්යයට උපකාර කරමින් සිටින අතරතුරදීම ස්ත්‍රියකට රෙදි සෝදන මැෂිමෙන් ඇඳුම් සේදීමටද, දුරබැහැර ප්‍රදේශයක වෙසෙන සිය මවගේ සුව දුක් විමසිමින් දුරකථන සංවාදයක නියැලීමටද හැකියාව තිබේ. පුවත්පතක පිටු අතර සිය සම්පූර්ණ අවධානය රඳවා සිටින පිරිමියෙකුගෙන් ඒ අවස්ථාවේදී යමක් විමසුවහොත් ඔහුට ස්වකීය හිස සෙලවීමකින් පමණක් අනවධානයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීමට හැකියාව තිබේ. පිරිමියාට එක් වරකට එක් දෙයකට පමණක් අවධානය යොමු කළ හැකිවීම නිසා පුවත්පත කියවන අවස්ථාවේ දී කුමක් විමසා සිටියේද යන්න පසු අවස්ථාවකදී විමසුවහොත් ඔහු නිරුත්තර වනු ඇත. නමුදු ස්ත්‍රියකට නම් ඇය අවධානය සමාන ලෙස එක්වර කාර්යයන් කිහිපයකට යොමු කළ හැකිවීම නිසා සියල්ල පිළිබඳව සමානව වටහා ගත හැකිය. සිය නිවස ආරක්ෂා කරගැනීමේ කාර්යයේදී ඇයට අතීතයේදී මේ සංජානන හැකියාව මහත් සේ උපකාරී වී තිබේ.

    ReplyDelete
    Replies
    1. හිතන්න වටින දෙයක් .. ස්තූතියි නැවතත්.

      Delete
  19. අප කුමක් නිසාද? අප කවුද?අප පිරිමි ළමයින් හා ගැහැනු ළමයින් සර්ව සම දරුවන් ලෙස ඇතිදැඩි කරන නමුත් විද්‍යාව ඔප්පු කරන්නේ ඔවුන්ගේ සිතීම පැහැදිලිව පෙනෙන පරිදි වෙනස් බවය. සියලු රටවල ස්නායු විශේෂඥයන් හා මොළය පිලිබඳ පර්යේෂකයන් පැමිණ ඇති නිගමනය නම් අප කවරුන් වෙමුද? ඒ එසේ වී ඇත්තේ මානව දේහය තුළ ක්‍රියාකාරීව පවතින හෝමෝන නිසාය යනුය. අප කවුරුන් වෙමුද? අප එසේ වී ඇත්තේ හොමෝන නිසාය. අප සම්පූර්ණයෙන් අපේ රසායනික සංයුතියේ ප්‍රතිඵලයයි. විසි එක්වන සියවසෙහි අවසාන භාගයෙහි සිතාගෙන සිටියේ අප ඉපදුනේ හිස් වූ සිතක් ඇතිවය; අපේ මාපියන් ගුරුවරුන් හා පරිසරය අපේ ආකල්ප තෝරා ගැනීම් වලට බලපාන්නේ කියාය. නමුත් මොළයේ හා එහි සංවර්ධනය පිලිබඳ නවතම පර්යේෂණවලින් එළිදරුව් වෙන්නේ අපේ මනසේ සැකසීම පරිගණකයක් ආකාරයෙන් සිදුවීම ගැබ්ගෙන සති 6 සිට සති 8 දක්වා කාලය තුළ සිදුවන බවය. අපේ මූලික මෙහෙයුම් පද්ධතිය (operating system) නියමිත ස්ථානයේ ඇති විට වැඩ සටහන් (programmes) කීපයක්ද ස්ථාපනය (installed) කරනු ලැබ අප ඉපදෙන විටම ඇති හෙයින් අප එන්නේ පරිගණකයක් මෙන් දෘඩාංග හා මෘදුකාංග එකතු කර ගනිමිනි. විද්‍යාවද පෙන්වන්නේ මූලික මෙහෙයුම් පද්ධතිය ඇතිව එය පරිගණක පද්ධතියට සම්බන්ධ වීම නිසා වෙනස්වීමට ඉඩ දෙන්නේ ස්වල්පයක් බවයි. අපේ පරිසරයට හා අපේ ගුරුවරුන්ට දත්ත එකතුකිරීම හා එකට සම්බන්ධ විය හැකි වැඩ සටහන් එකතුකළ හැකිය. එහෙත් එය මෙතෙක් මේ දක්වා ප්‍රායෝගික වශයෙන් සෛද්ධාන්තිකව භාවිතා කළ හැකි ජීව විද්‍යාත්මක පර්යේෂණාත්මක කරුණූ හෙළිදරුව් වි තිබුණේ නැත. සියලු ගැහැනු පිරිමි මේ සංවාදය දනිති. ගැහැනියකට තේරුම්ගත හැකි නොහැකි තමා මෙතරම් ආදරය කරන මේ පුදුමාකාර මිනිසා හිටිහැටියේම තමාට මග වැරදුන විට රසායනික උත්තේජනයකින් පිස්සු මැක්ස් කෙනෙක් වෙන අන්දමයි. ඇය මග වැරදුනේ නම් ඇයට රිය නවත්වා මග ඇසිය හැකිය. ඉතින් ඔහුට එය කළ නොහැකි ඇයි? ඔහු නොදන්නා බව ඔහුට පිළිගත නොහැකි ඇයි? මෝසස ඒ මේ අත ඇවිදිමින් අවුරුදු හතලිහක්ම කාන්තාරයේ ගතකලේ ඇයි? ඔහු මග ඇසීම ප්‍රතික්ෂේප කළ නිසාය.ගැහැනු වැරදීම් පිළිගැනීම ගණන් නොගන්නේ ඔවුන්ගේ ලෝකයේ එය බැඳීමක් හා විශ්වාසය ගොඩනඟ ගැනීමක් ලෙස දකින නිසාය.තමාට වැරදීමක් සිදුවූ බව පිළිගත් අන්තිම මිනිසා කෙසේ හෝ ජනරාල් කස්ටර් විය.

    ReplyDelete
  20. ගැහැනු සහ පිරිමි එකම ලොව සංජානනය කරගන්නේ වෙනස් ආකාරයටය. පිරිමියෙක් ද්‍රව්‍ය සහ අරමුණු ඒවායේ සම්බන්ධතාව අනුව ජිග්සෝ ප්‍රහේලිකාවක කැබලි ඇලපෙන අයුරින් තබන්නා සේ අවකාශමය ආකාරයෙන් දකිති. ගැහැනු වඩා විශාල වඩා පුළුල් චිත්‍රයක සුළු දෙයක් පවා දකිති. නමුත් ප්‍රහේලිකාවේ එක් එක් කැබලි හා ඒවා අනෙක් කැබලිවලට ඇති සම්බන්ධය ඇය දකින්නේ ඒවායේ අවකාශමය පිහිටීමට වඩා වැදගත් ලෙසය. පිරිමි අවබෝධයතුළින් ප්‍රතිඵල ලැබීම, අරමුණු ඉටුකර ගැනීම, සමාජ තත්වය, බලය, තරඟයේ අන්‍යයන් පැරදවීම සහ අවසානය දක්වා කාර්යක්ෂමවීම සලකාගෙනම ක්‍රියා කරති. ගැහැනුන්ගේ දැනීම යොමුවන්නේ අදහස් හුවමාරුව, එක්ව කටයුතු කිරීම, සතුටින් සිටීම, ආදරය බෙදා ගැනීම හා එකිනෙකා අතර සම්බන්ධතාවය සඳහාය. මේ වෙනස ඉතා විශාලය. ගැහැනු හා පිරිමි එක්ව ජීවපිරිමි ද්‍රව්‍යවලටත් ගැහැණු ළමයි මනුෂ්‍යයන්ටත් කැමතිය. ගැහැණු ළමයින්ගේ මොළය සකස්වී ඇත්තේ මිනිසුන්ටත් (මනුෂ්‍යයන්ට) මුහුණුවලටත් ප්‍රතිචාර දැක්වීමටය. පිරිමි ළමයින්ගේ මොළය සකස්ව ඇත්තේ ද්‍රව්‍ය හා ඒවායේ හැඩවලට ප්‍රතිචාර දැක්වීමටය. වයස පැය කීපයේ සිට මාස කීපය දක්වා වූ ළඳරුවන් ඇසුරෙන් කළ අධ්‍යයන සියල්ලෙන් පෙනුණේ එක් පැහැදිලි කාරණයකි. පිරිමි ළමයි ද්‍රව්‍යවලට කැමතිය. ගැහැනු ළමයි මිනිසුන්ට (මනුෂ්‍යයන්ට) කැමතිය. විද්‍යාත්මකව මැණිය හැකි මෙම වෙනස්කම්වලින් එකම ලෝකය මොළය සකස්වීමේ වෙනස්කම් මත වෙනස් අයුරින් අත්විඳිනු පෙනේ. මුහුණු කෙරෙහි ඇල්ම දක්වන ළදැරියෝ ළදරුවන් මෙන් දෙතුන් ගුණයක කාලයක් අනෙක් අයෙකුගේ දෙඇස් මතම බැල්ම (eye contact) රැඳවීමට සමත් වෙති. පිරිමි ළමයි මෝටර් රථයක් ගමන්කරන අන්දම ද ඒවායේ අක්‍රමවත් හැඩද දැකීමට කැමතිය. මේ හේතුව නිසා ගැහැණු ලමයින් සමාජ සබඳතා ඇතිකර ගැනීමට ප්‍රියා කරන අතර පිරිමි ලමයින් ද්‍රව්‍යමය දේ සමඟ කටයුතු කිරීමට ප්‍රිය කරන බව පෙනී යයි. සමාජ සම්බන්ධතා ප ගොඩනැඟීමේ හා සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමේ කාර්යයේදී ගැහැණු ලමයින් පිරිමි ළමුන්ට වඩා ඉදිරියෙන් සිටින බව පැහැදිලි වේ. එසේම ගැහැණු ලමයින් මිනිසුන්ගේ මුහුණු නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් පෙළෙන චිත්ත ගතික ස්වභාවය පහසුවෙන් වටහා ගැනීමට සමත්ය. මේ හැකියා පිරිමි ලමයින් සතුව නැත. නමුත් ගැහැණු ලමයින්ට ද්‍රව්‍යාත්මක දේ සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට පිරිමි ලමයින් තරමට නොහැකිය. මේ හේතුව නිසා ගැහැණු ලමයින් එබඳු කාර්යයන්හිදී පිරිමි ලමයින්ට වඩා දුර්වල හැසිරීමක් පෙන්නුම් කරනබව පෙනී ගොස් තිබේ. වෘත්තීමය කටයුතු වලදී ද ගැහැණු හා පිරිමි ලමයින් සතුව පවතින මේ දෙයාකාර සංජානන ස්වභාවය නිසා විවිධතා ඇතිව තිබේ. ද්‍රව්‍යවල හැඩය, ස්වභාවය හා සංයුතිය පිළිබඳව පිරිමින්ට ක්ෂණිකව සංජානනය කළ හැකිය. එය පිරිමින්ට ඔවුන්ගේ කාර්යයන්හිදී වඩා ඵලදායි වේ. බාහිර භෞතික වස්තූන් පිළිබඳව සංජානනය කළහැකි විවිධ රටාවන් හා හැඩතල පිළිබඳව පිරිමින්හට වඩා වේගවත්ව සංජානනය සිදු කළ හැකිය. දුර අතීතයේදී සිටම පරිණාමනයේදී උරුම කරගත් සුවිශේෂී වූ කාර්යභාරය නිසා පිරිමින්හට ද්‍රව්‍ය සමඟ බොහෝ පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාව උරුමවී තිබේ. දඬයම් කිරීම හා ආහාර සොයා යෑමට උරුම වී තිබූ පිරිමින්ගේ චර්යාවට උචිත පරිදි ඔවුන්ගේ සංජානන හැකියා සකස් වී තිබේ. ත්වීමටවත් සිතීමට පුළුවන්වීම එහෙයින් ඉතා පුදුමයකි.

    ReplyDelete
  21. වයස සති 12 දී ළඳැරියෝ පින්තූරවල අමුත්තන් අතරින් පවුලේ අයගේ පින්තූර වෙන්කර ගැනීමට සමත් වෙති. ළදරුවන්ට එය නොහැකි වුවත් නැතිවූ ක්‍රීඩා භාණ්ඩයක් යළි හඳුනාගැනීමට සමත්ය. මේ වෙනස්කම් පැහැදිලිව දක්නට හැක්කේ සමාජය අනුව පුහුණුවෙන් පලපෑම් සිදුවීමට පෙරය. පෙර පාසැල් ළමයින් දුරදක්නයකින් දකින ආකාරයන් දර්ශන තල දෙකකින් යුත් උපකරණයක් මඟින් පරීක්ෂා කරන ලදී. ඔවුන්ට එම කණ්ණාඩියෙන් එක් ඇසකින් මනුෂ්‍යයන්ගේ මුහුණු හා අනෙක් ඇසින් ද්‍රව්‍යවල පින්තූරද දකින්නට සලස්වා පරීක්ෂණයේදී ළමයින්ගේ මතකය විමස විට ගැහැනු ළමයි මනුෂ්‍යයින් හා ඔවුන්ගේ විත්තවේගද මතකයෙන් පැවසූ අතර පිරිමි ළමයින් වැඩි වශයෙන් ද්‍රව්‍ය හා ඒවායේ හැඩද මතකයෙන් කීවෝය.පාසැලේදී වුවද රවුමට වාඩිවී සිටීමට ගැහැණු ළමයි කැමතිය. කතා කරමින් කණ්ඩායමේ එකිනෙකාගේ අංග චලන සංඥා ආදිය බැලීමටත් ඔවුන්ට එවිට හැකිවේ. එවිට නායකයෙක් ඔවුන් අතරින් හඳුනා ගැනීමට ඔබට නොහැකිය.ගැහැණු ළමයින්ට සම්බන්ධතා හා සමඟියෙන් ක්‍රියා කිරීම අවශ්‍ය අතර පිරිමි ළමයින්ට බලය හා ඉහළ තත්වය අවශ්‍යය. ගැහැණු ළමයෙක් සෙල්ලම් ගොඩනැඟිල්ලක් සාදයි නම් එය සාමාන්‍යයෙන් දිග, මිටි ප්‍රමාණයේ ගොඩනැඟිල්ලක් වන අතර එහි සිටින මනඃකල්පිත මිනිසුන් විශේෂත්වයක් පෙන්වයි. පිරිමි ළමයෙක් නම් අනෙකාට වඩා උස විශාල ගොඩනැඟිල්ලක් තැනීමට අවශ්‍ය වේ.මොළ අර්ධ ගෝල අතර ඇති ස්නායු සබඳතා ප්‍රමාණය අධිකවීම සංජානන කාර්යයෙහිලා ස්ත්‍රීන්ට වඩාත් වාසිදායක කරුණු මතු කරවීමට හේතුවී තිබේ. සාමාන්‍යයෙන් මේ හේතුව නිසා පිරිමින්ට සංජානනය කළ නොහැකි ඇතැම් කරුණු පවා ස්ත්‍රීන්ට පහසුවෙන් සංජානනය කිරීමට හැකියාව ලැබී තිබේ. සාමාන්‍යෙයෙන් පවතින ජනප්‍රිය ආකල්පය වී තිබුණේ ගැහැණු පිරිමි මොළ ව්‍යුහයන්හි ජිව විද්‍යාත්මකව එතරම් ප්‍රබල වෙනසක් නොමැති බවටයි. නමුත් නූතන මනෝ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් සොයා ගන්නා ලද මෙබඳු පර්යේෂණාත්මක කරුණු නිසා පැවති ඇතැම් ජනප්‍රිය සමාජ ආකල්ප බිඳ වැටීමට ඉඩ තිබේ. නමුත් නූතනයේ පර්යේෂණ ඇසුරින් සොයා ගන්නා ලද මේ කරුණු නිසා මනෝ වෛද්‍ය විද්‍යාවට අළුත් අර්ථකථන එක්ව ඇතිබව වටහාගත යුතුවේ. මේ හේතුව නිසා සන්නිවේදනය, අධ්‍යාපන විද්‍යාව වැනි විෂයයන්ට ලැබී ඇති ආලෝකය සුළුපටු නොවේ. මන්ද යත් ඉගැන්වීමේදී හා සන්නිවේදනයේදී මෙබඳු ජීව විද්‍යාත්මක සාධක ඇසුරින් නව විෂයානුබන්ධ මුල ධර්ම ගොඩනඟා ගැනීමට හැකියාව ලැබිය හැකි බැවිනි. ගැහැණු හා පිරිමි මස්තිෂ්ක අර්ධ ගෝල පිළිබඳව දක්වා ඇති රූප සටහන් බැලූ විට එක්වරම ගෝරිල්ලා, නියැන්ඩර්තාල් මානවයා හා නූතන මානවයා වන අතර පැහැදිලි වෙනස්කම් දෙකක් පෙනෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. කාර්‍ය බහුල ජීවිතයක් ගත කරන අතරතුර මෙවැනි වටිනා අදහස් අප සමග බෙදා ගැනීම ගැන ඔබ තුමාට මම ඉතාමත් ස්තූති වෙනවා. ගොඩක් ස්තුතියි නැවතත්

      Delete
  22. What happen to your naval 'Kumarihamy'. Its very interesting one. Can you start it again. You are talented & your writing skills are good. So don't wast your ability. Finish and publish your navel. Wish you success!

    ReplyDelete
    Replies
    1. Thanks lot for your kind comment.. I"ll write it again.. tx..

      Delete
    2. මම දන්නේ නැහැ මම නිකම් ආපු ගමන මේ ඔයාගේ ලිපි දැක්කේ. මට ගොඩාක් වැඩ තියෙන කාර්ය බහුල කෙනෙක්. නමුත් දැන් ඔයාගේ මේ ලිපි දැක්කම ඇවිත් කියවන්න හරියට ආශා හිතෙනවා. දිගටම ලියන්න

      Delete
    3. ගොඩක් ස්තූතියි අරුණි ඔයාගේ කාර්‍ය බහුල කම අතරේ මේ විදියේ දෙයක් ලිව්වට...

      Delete
  23. ඔන්න එහෙනම් මම බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔයාගෙන් මේ ගැන තවත ලිපියක් ඉක්මනින්ම.

    ReplyDelete
    Replies
    1. මේ ගැන තවත් ලිපියක්? අම්මෝ මම බයයි. මම පුරුශ විරෝදී කියලා අපේ සහෝදරයෝ ටික මාව කම්බස් කරයි.. :D

      Delete
  24. මේ ලිපිය මට සෑහෙන්න ඇල්ලුවා නෙව. මෙහෙම අදහස් පරකාශ කරන්නේ බොහොම ටිකයි. හරිම කනගාටුයි මට මෙච්චර දවසක් ගත වෙචිචි එක ගැන වලව්වෙ පස් පාගන්න.. කියවා බැලීමක් කරන්ට වෙනවාමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයාට. කාන්තා දිනයට කලින් මම මේක දැම්මේ. ඒත් දාන්න තිබ්බේ පස්සේ කියලා හිතුනා.

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...