Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 28, 2015

ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....


ඉල්ලක්කම් වලින් ගනන් වලින් කියන වයස මනුස්සයෙක්ගේ හරි වයස නෙමෙයි. කෙනෙක්ගේ වයස හැබෑවටම තීරණය කරන්නේ ඒ කෙනාගේ හිත” ඉර්මා අත්තම්මා මෙසේ කියන්නේ ඇගේ වයස පිළිබඳවය. 

ඇය දෙස බලා  ඇගේ වයස තීරනය කර පසුව ඇයගෙන් නියම දැනගන්නා ඕනෑම අයෙකුට වුවද ඇය කියන මේ කතාව පිලිගන්ට අනිවාර්යෙන් සිදුවන්නේ සැබවින්ම දුටුවන් ඇය වයස අසූ ගනන්වල පසුවෙතැයි සිතුවද සැබවින්ම මේ වන විට ඇය වයස 104 ක පසුවන දෑසම අන්ද කාන්තාවක් වන නිසාය.

Jan 15, 2015

සතුටේ රහස....





පසුගිය නත්තල් සමයේ අත්විදින්නට ලැබුන අත්දැකීමක්....

නත්තල වෙනුවෙන් මුළු යුරෝපය සේම ඉතාලියද ඇවිස්සුන කඩිමුලක් සේ සූදානම් වූ  අතර නත්තල් උත්සවයෙන් පසුව එළබෙන නව වසර සැමරීම සඳහාද සියළුම දෙනා ඒක රාශී වන්නේ ඉතාමත් උනන්දුවෙන් හා ආසාවෙන්ය.මා ඉතා ලඟින් ඇසුරු කරන ඉතාලි ජාතික කාන්තාවක් වන ඉයොලන්දා මහත්මිය මිලානෝ නගරයේ රතු කුරුස සංගමයේ වගකිව යුතු නිළයක් දරන  වයස 83 ක් වයසැති කෙනෙකි. ඇය නිසාම පසුගිය නත්තල් සමයේ රතු කුරුස සංගමය විසින් සංචිධානය කරනු ලැබූ නත්තල් උත්සවයට සහභාගි වීමට අපට අවස්ථාව උදාවිය. වැඩිහිටි නිවාසයක නේවාසිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවය ඉතාමත් අලංකාර ලෙස පැවැතුවුන අතර සියළුම නේවාසිකයන් හට තෑගි බෝග ආහාර පානාදියද ලබා දී ඔවුන් සමඟින් දවස මුළුල්ලේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සියළුම දෙනා සතුටට පත් විය.

Jun 5, 2014

ඒ අඹ ගස...


කපා දාන්න යැයි කිය කියා හැම කෙනාම බල කල නිසාම කපා දැම්මා විනා අඹ ගහ කපා දැමීම ගැන ලොකු ඉස්කෝලේ මහත්තයා තවමත් පසුවන්නේ විස්සෝපයෙනි. කුඩා කල පටන් හදා වඩා ගත් දරුවෙක් කපා කොටා දැම්මාක් වැනි හැඟීමක් හිතට ආ නිසාවෙන්ම අඹ ගහ කපන වෙලාවේ ගෙදර මඟ හැර කුඹුරට වී ඉන්නට සිතා ගත්තද සිත දිව්වේම අඹ ගහ දිහාවටමය. කුඹුරට ගිය පයින්ම එහි නොරැඳි නැවතත් ඉස්කෝලේ මහත්තයා ආපහු මහ ගෙදර බලා ආවේ හිතේ ඇවිලෙන සියුම් දුකක් හිතයට හංගාගෙනමය.

Dec 21, 2013

සුබ නව වසරකට ආසිරි...!!


වසරක් ගෙවී තවත් වසරක් ගෙවෙන්නට ආසන්නය. දින දසුන් හා ඔර්ලෝසු වලින් ජීවිතය නවතා තැබීම හෝ ඉදිරියට ගෙන යාමට නොහැක. නිවී සැනසිල්ලේ සිතා බලන විට මේ සියල්ලම සිදුවන්නේ අපේ ඕනෑකමටත් වඩා ලෝකයේ පැවැත්වමට ඕනෑ අයුරින් බව සිතේ.

ආපසු හැරී බලා සතුටුවීමට යමක් ගතවුනු වසරේ ඇත්දැයි සිතේ. කිසිවක් නැත. දිනෙන් දින සතියෙන් සතිය දවස් ගෙවුනා මිස ලබා ගත් හෝ දිනා ගත් දෙයක් නැත. එසේ වූවා කියා ජීවිතය නවතින්නේද නැත.

Nov 1, 2013

පත්තරෙන්...


http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=20424:2013-10-30-08-34-31&catid=48:2012-04-02-08-50-52&Itemid=75


වේගයෙන් ඇදී යන උමං දුම්රියේ එකිනෙකා දෙස  නොබලා සියල්ලන්ම තම තමන්ගේ රාජකාරිවලය. බොහෝ අය සිය නෙත් තමන්ගේ අති නවීන ජංගම දුරකථනවලට ඔබාගෙන සිටින අතර තවත් අය අත රැදි පොත් පත්තරවලට දෙනෙත් යොමා සිටී.

හිවිවනම ඇසෙනුයේ මහා විලාපයකි. එකම වචනයක් කෑ ගසා කියා හඬා වැලපෙන ගැහැනු කටහඬකි. මා මහත් පුදුමයෙන් ඒ දෙස බැලූ මුත් වරක් හිස් උස්සා බැලූ බොහෝ දෙනෙක් නැවතත් තමන්ගේ සුපුරුදු කාර්‍යේ යෙදුනේ එය සාමාන්‍ය සිද්ධියක් නිසා බව මට තේරුම් ගියේය.
Oct 22, 2013

සංජනාගේ ප්‍රේමය....



වෙරෝනිකා මැරෙන්න තීරනේ කරේ ජීවත් වෙන්න කම්මැලි හිතුන නිසානේ. ඒත් සංජනා මැරෙන්න තීරණය කරන්න ඇත්තේ මොකක් නිසාද කියලද හිතෙන්නේ?

අපේ ඉස්කෝලේ අපේ පන්තිවල හිටපු ලස්සනම කෙල්ල සංජනා. සංජනාට  තිබ්බේ අමුතුම ඇස්දෙකක්. ඒ ඇස් දෙකේ තිබ්බ ගුප්ත ලස්සනට වෙන්න ඇති ඔය තරම් කොල්ලෝ එයාට පිස්සු වැටුනේ.සමහරු නම් එයාට එක එක නිළියන්ගේ නම් කිව්වා ගොඩක් අය කිව්වේ කාජල්ගේ ඇස් දෙකයි මධුරිගේ හිනාවයි එකතුවෙලා කියලා.  හැබැයි  සංජනාට නම් ඒවා වගේ වගක් නෑ.අපි හැමෝම අතරේ සංජනාගේ ඇස් දෙක කැපිලා පෙනුනේ හරියට මහරෑක කනාමැදිරි එළිවගේ.

Oct 17, 2013

පත්තරෙන්...


ලක්බිම හා රැජින පුවත්පත් වලට මා ලියූ සටහනක්..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=19504:2013-10-16-07-12-41&catid=48:2012-04-02-08-50-52&Itemid=75






ශීත කාලයේදී ඉතාලිය ඇතුළු සීත රටවවලට හිරු උදා වන්නේ උදෑසන 8ද පසුවූ පසුය. නැවතත් රාත්‍රිය හවස 4 පමන වන විට ආරම්භ වේ. උදෑසන රැකියාවන් සහ පාසල් කරා යන අය නිවසින් පිටත් වන්නේ තද අදුරේමය. උදෑසන 7 යනු අපේ රටේ පාන්දර 4 සේ අඳුරු බවකින් යුතුවන අතර මා රැකියාවට සදහා යා යුතුවන්නේ විශාල උද්‍යානයක් මැදිනි. 

මෙම උද්‍යානය මැදින් කිලෝමීටර් තුන්කාලක් පමන ගිය පසු උමං දුම්රිය ස්ථානය කරා යා හැක. සැබවින්ම මෙම උද්‍යානය පියකරු මෙන්ම ඉතා විශාලය. වසන්ත කාලයේ මල් මෙන්ම ශීත කාලයේ හිමද මෙහි සුන්දරත්වයට රුකුලකි.

Oct 7, 2013

සුනේත්‍රා, නන්දිතය සහ අපි...


කලකට පෙර පිරිමි ලේඛකයන්ගේ පොත්ම මිළදී ගැනීම මිස මා ලේඛිකාවන්ගේ පොත් මිලදීගැනිමෙන් බැහැරව සිටියෙමි. හේතුවක් නොදන්නා මුත් යටිහිතේ ලේඛකයන් පිළිබදව වැඩි විශ්වාසයක් තිබෙන්නට ඇත.
එහෙත් අහම්බෙන් මෙන් දවසක "නන්දිතය" කියවූ පසු මා දැඩි ලෙස සුනේත්‍රා රාජකරුණානයකගේ රසිකාවියක් විය. මා මුලින්ම නන්දිතය කියවද්දී සිතුවේ මෙවන් චරිතයන් මෙලොව සිටිය හැකිද යන්නය.
එහෙත් පසු කලෙක එවන් චරිත සැබෑ ලෝකයේ හමුවද්දී මගේ සිතට දැනුනේ පුදුමයකි.

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...