Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 26, 2012

සුබ නව වසරක් වේවා !!


අවුරුද්දක් ඉවර වෙලා තවත් අවුරුද්දකටත් ලංවෙලා. 2012 ගෙවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමා මටත් මේ වලව්වක් කියලා එකක් තියෙන වග මතක් වුනේ.

ඔන්න ඉතින් පුංචිත් අවුරුද්දක් තිස්සේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් ලිව්වා. ලිව්වා කිව්වට ලියනවට වඩා නොලිව්වා ඒ වගේම තමයි "කුමාරිහාමි" නව කතාව ලියන්නේ නෑ කියලා අපේ යාළුවන්ගෙන් බැනුමුත් ඇහුවා..

ඉතින් ඔන්න ඔහොමයි 2012 අවසානය කරා ලං වුනේ. හිනාවුනා, ඇඬුවා, ලංවුනා, ඈත්වුනා, හැම දෙයක් එක්කම තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. අපිත් කූඩු කරපු සත්තු වගේ උදේ වැඩට ගිහින් හවසට මේ තට්ටු ගෙවල් වල කූඩු උනා.

Nov 24, 2012

සිතන්නට යමක්..



අප ජීවිතයේ බොහෝ දේවල් සම්බන්දයෙන් හඬාවැටි පසුතැවිලි වන බව ඔබ දන්නවා. එහෙත් සමහර පසුතැවිලි වන දේවල් වලින් මිදෙන්න අපට ඉතාමත් අපහසුයි.

මේ අපහසුදේවල් අතරින් තරුණවියේ සිටින හැමෝටම බලපාන එකම ගැටලුව අප ආදරය කර ආදරණියයන් අපෙන් ඉවත්වීම. ඉතා තද බැදීමක් සහිත සම්බන්දයකට නැවතීමේ තිත වැටීම. මේ සිද්ධියට අප බොහෝ දෙනා මුහුන දී තිබෙනවා වන්නට පුලුවන්. මෙහිදී එකිනෙකා මානසික ශක්තීන් හා දරාගැනීමේ හැකියාව මත ඔවුනොවුන් මේ සම්බන්දතාවයන් කැඩී යාම දරාගන්නවා.

Oct 22, 2012

සමුගැනීමට පෙර...


කෙතරම් උත්සහා කල මුත් දැවී වියලී ගිය කර්කෂ පොලවක නැවුම් මල් පූදන්නට හැකිද.?
ඔබ කියාවී පුළුවන්.. නමුත් එයට කාලය සහ කැපවීමද එකසේ අවශ්‍ය බැව් ඔබ පිලිගන්නා බව මම සිතමි.

වියලී පාලුවී ගිය හුදකලා සිතකත් එසේම නැවුම් සිතිවිලි පහල වන්නේ නැත. ගිම්හානය නිමාව වස්සානය පැමිනෙතැයි ඔබ පැවසුවද නැවතත් ගිම්හානය එළබෙතැයි මම කියමි. එනිසාම ගිම්හානයට හුරුවෙමි.

Oct 8, 2012

කුමාරිහාමි (16)




දවස පුරාම ඇද හැලුන වැස්සේ කිසිම අඩුවක් නැත. එකදිගටම වැස්ස ඇදහැලෙන්නේ අහස හිල්වූ සේය. ජනේලෙන් පිටත කිරිඅලගාලට වැහි පොද වැටෙන හඬ පෝ දින පන්සලේ පෙරහැර සිහිගන්වයි.
වැස්සත් සමඟින් එන ගෙම්බන්ගේ බක බකයත් රැහැයියන්ගේ සද්දෙත් රාත්රිය තවත් පාළුවෙන් පුරවයි
වලව්වේ විදුලි පහනක් දැල්වුණේ අක්කාගේත් මගේත් කාමරයෙන් පමණි
වලව්වේ එහා කොටසේ අය සුව නින්දක පසුවනවා විය යුතුය. හවස හය පමණ වන විට ඩිංගිරි නැන්දා උයනගෙයි රාජකාරී නිමවන්නේ අත්තම්මා රාත්රී හත වනවිට රෑ කෑම ගන්නා හෙයින්ය. රෑ කෑමෙන් පසුව ටික වෙලාවක් පිරිත් කියමින් ඉන්නා ඇය "ආයේ මොකා එනකන් බලන් ඉන්න කියලද" පවසමින් රාත්රී අට වීමටත් පෙරාතුවම නින්දට යන්නේ ඩිංගිරි නැන්දාට දොර ජනෙල් හොදින් වසා ඇද්දැයි බලන්නට අණ කරමිනි.
Oct 2, 2012

෴෴කුමාරිහාමි෴෴ (15)



ලොකු නැන්දාගේ මණමාලයා ආපසු ගියේ දිවා ආහාරයෙන් පසුවය. ඔහු යන මොහොතෙත් මම විමසිල්ලෙන් ඔහු දෙස සැඟවී බලා සිටියේ අක්කා ඔහු දුටු මොහොතේ පටන් පල කල අමුතු හැසිරීම නිසාමය.

වලව්වෙන් පිටවී මෝටර් රථයට නගින මොහොතේ ඔහුගේ දෙනෙත් යොමුවී තිබුනේ අපගේ ජනේලය දෙසටමය.
Sep 14, 2012

කුමාරිහාමි - 14



රාත්‍රිය පුරාවටම ඇද වැටුන වැස්ස තාමත් එහෙමයි. කලුවෙච්ච අහස හිතට ගේන්නේ මහා පාළුවක්.
ජනේලයෙන් එලිය බැලුවාම පේන පහල මිටියාවත පුරාවටම ඝන මීදුමත් එක්කම වැහීබීරුම එක සීරුවට. මම ඔහේ සිටියේ කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන නිසාමයි.

Jul 13, 2012

෴෴කුමාරිහාමි - 13෴෴


පරිසරය මලානික වෙලා අඳුර ගලාගෙන එනවා. අශ්වගාලේ ඉන්න අපිට අපිව විතරයි පෙනුණේ. මගේ හිතට දැනුණේ පුදුම බයකුත් තැතිගැනීමකුත්.

අපි තුන්දෙනාම හුස්ම සද්දෙවත් පිටට නොයන්න ගැහී ගැහී බලන් හිටියා.බයෙන් ගැහෙන කුකුල් පැටවු තුන්දෙනෙක් වගේ අපි බලන් හිටියේ අර ගෑනු කටහඩකින් කෑ ගහපු ශබ්දයක් ආ කාමරේ දොර දෙස.

Jun 24, 2012

෴෴කුමාරිහාමි - 12෴෴


පාළු වලව්ව ඇතුළේ කිසිම සද්දයක් නෑ. හැම කෙනෙක්ම ජීවත්වෙන්නේ මළගිය අය වගේ.

අත්තම්මා හීන් කෙදිරියකින් ඇඳේ අනිත් පැත්තට හැරෙනවා මම ඇගේ කාමරේ ළඟින් යනකොට දැක්කා. පාළුවත් අමුතුම ගුප්ත බවත් කැටිවුණ මේ වලව්වේ මගේ මුළු ජීවිත කාලේම දිය කරලා අරින්න මට නම් කොහෙත්ම උවමනාවක් නැති බව මගේ සිතට තදින්ම දැනෙමින් තිබුණා

Jun 11, 2012

෴෴කුමාරිහාමි-11


එදා අප්පච්චිගේ ළඟ හිටපු නිලමේ ඇඳුම් ඇඳපු කෙනා සොහොන ළඟින් මගේ දිහා බලලා අමුතු විදියට  හිනා වෙලා අනිත් පැත්ත හැරිලා යන්න ගියා

හිතාගන්නවත් නොහැකි විදියට මේ අද්භූත මනුස්සයා මෙතනින් මතු වුණේ කොහොමද කියන එක ඒ වෙලාවේ මට සිතා ගැනීමට නොහැකි වුණා. පස්සෙන් පස්සට ගිය මම වේගෙයෙන් වලව්ව වෙත දුවන්න වුණේ වෙන කරන්න දෙයක් නැති නිසාමයි.
May 30, 2012

සෙනෙහසින් නුඹට ලියමි.....

දයාබර චුට්ටි..
කාලෙකින් ලියන්න බැරි මම වැඩ ගොඩක හිර වෙලා හිටි නිසයි ඉතින් මම මේක ලියන්න හිතුවේ අද කතා කරාම ඔයා ගොඩක් දුකෙන් කතා කරපු නිසා..

May 20, 2012

෴෴ කුමාරිහාමි- 10 ෴෴



මම ඇහැරෙන කොට ගොඩක් දවල් වෙලා.වළව්ව පිටිපස්සේ මුළු මිටියාවතම මීදුමෙන් වැහිලා.පුදුමාකාර පාළු ගුප්ත බවක් ඒ හැමතැනකම තියෙන්නේ. ඇත්තෙන්ම මට ඔනේ උනේ මේ අප්‍රසන්න අත්දැකීම් වලින් පළා යන්න.. ඒත් ඒක කරන්න කොහොමටවත් බෑ. අම්මා, අක්කා මේ ගුප්ත වළව්වේ තනිකරලා මම කොහොමද පැනලා යන්නේ..
May 13, 2012

ඔබට නිවන් සුව ලැබේවා..!


හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල  වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බොහෝ රට තොට විස්තර කියා දෙන ඔබා මාමා අපි අතරින් සදහටම සමු අරන්..

෴෴අම්මා වෙනුවෙන්ම෴෴


ලෝක මව්වරුන්ගේ දිනය  මැයි 13 වෙනිදා..මම නම් මේක දැනගත්තෙත් යුරෝපයට ආවට පස්සෙයි..

ඊට කලිනුත් තියෙන්න ඇති නේද..ඉතින් මේ ගමේ කෙල්ල ඕවා දන්න එකක්යැයි..

Apr 20, 2012

‍‍‍෴෴ නිමාවූ වසන්තය ෴෴




ජීවිතය යනු අපි ප්‍රිය කරන දේ නොව අපට ලැබෙන දේ යැයි බොහෝ තැන්වල මා අසා තිබූ මුත් කිසිදිනක එය පිළිගන්නට මැලිවුණෙමි.එහෙත් දැන් නම් අකමැත්තෙන් වූවද එය පිළිගන්නට මට සිදුවේ.

Mar 30, 2012

෴෴‍ ආල වඩන යන තේරුම බෝසත් කම සකි෴෴



කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා
හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සුභා

Mar 23, 2012

෴෴කුමාරිහාමි-09෴෴




"චූටි මැනිකේ මේ තේ ටික බීලා ඉන්න.දවසෙම මොනාත් කෑවේ නැති නිසා ඇගට පන නෑ..ඒකයි ඔය කලන්තේ අල්ලන්නේ"

කුමුදු  මගේ ඔලුව අත ගගා කිව්වා..

මම අමාරුවෙන් ඇස් ඇරලා වට පිට බැලුවා.හිස කැරකිල්ලයි හිතට දැනෙන අපහසුවයි ඔක්කොම එක්ක මට දැනුන්නේ පුදුමාකාර අසනීප ගතියක්..


Mar 12, 2012

෴෴ ලූර්ඩ්ස් යමු෴෴



මේ පාර අපි යන්නේ වන්දනා ගමනක්..වන්දනා ගමනක් කිව්වම මතක් වෙනවා නේද ඉස්සරහින් පොල් මලක් ගහපු බස් එකක නඩේ ගුරා එක්ක තුන් සරණේ කියාගෙන යන ගමනක්. ..
අපේ ගමනට නම් ඉතින් තුන් සරණේ කියන්නවත් පොල් මල් ගහන්නවත් වෙන්නේ නෑ.මොකද අපි ගමන යන්නේ දුම්රියක නිසා


අපි ගමන යන්න පිටත් වෙන්නේ පැරිස් නගරේ ඉඳලා. පැරිසියේ Gare de lyon  දුම්රිය ස්ථානයේ ඉඳලා පැය 7ක කාලයක් අපට මේ ගමන සඳහා ගත වෙනවා ශීත කාලෙට උණුසුමත්, රස්නේ කාලෙට සිසිලත් තිබෙන මෙම දුම්රිය ගමන කිසිසෙත්ම වෙහෙසකර එකක් නෙමෙයි.

Mar 6, 2012

෴෴කුමාරිහාමි - 08෴෴



ජීවිතය වහගෙනම අඳුරු වලාකුළු පාවෙමින් තිබ්බා.අහස අඬන්න වගේ කලු කරලා තිබ්බාත් වැස්සේ නෑ. කළුවරට කොහොමත් බය මම අද මේ මූසල පාළු කළුවරට මූණ දෙන්නේ කොහොමද කියලා අමුතුවෙන් හිතුවේ නෑ.

අන්තිමේ හැමදෙයක්ම අවසානයේ අත්තම්මා ජයගත්තා..
තමන්ගේම පුතාගේ අවමගුල උණත් එයා ඒ ජයග්‍රහණය භුක්ති  විඳිනවා මම එයාගේ යට ගිලුන දෑස් වලින් දැක්කා.

Mar 3, 2012

෴෴බ්ලොග් හිතවතුන්ට ලියමි෴෴෴෴







ඔයාලා බලයි පුංචිට එකපාරටම මොනවා වෙලාද කියලා..ඒත් මම මේ පොස්ට් එක දාන්න හිතන් හිටියේ මීට ගොඩක් දවසකට කලින්..
ඔන්න මුලින්ම කිව්වා පුංචි පන්ඩිතයි..අනවශ්‍ය දේවල් කියනවා කියන්න එපා ..

Feb 25, 2012

‍෴෴෴පේමතෝ ජායතී සෝකෝ෴෴෴





"සුවපත් වේවා.!"


"අපි ගිහින් එන්නම් මෑණියෝ එහෙනම්"


"හොඳයි..තෙරුවන් සරණයි"


උපේකා සිල්මෑණියෝ බෝ මළුවෙන් බැස යන තරුණ යුවළ දෙස බලා සිට ආපිට හැරුණය..


පුණ්‍යා විත් කකුලේ ඇතිල්ලෙයි..


"මොකෝ පුන්නියේ උඹටත් ගෙදර මතක් උනැයි"


ඇය පූසියගෙන් ඇසුවේ කරුණාවෙනි..


"සංසාරේ කියන්නේ ඕකට තමයි..බැඳිම් අඩුවෙනකොට හිත සැහැල්ලු වෙනවා.."



Feb 19, 2012

෴෴සැබෑ ආදරය෴෴



පුංචි දරුවෙක් කුකුල්  පැටියෙක්ව අතේ හිර කරන් හුරතල් කරනවා බලන් හිටපු දරුවගේ පියා ඇහුවා


"පුතා ඔයා ඔය සතාට කරදර කරන්නේ ඇයි?" කියලා
පුතා කියනවා

"කරදර කරනවා නෙමෙයි තාත්තේ මම එයාට ආදරේ කරනවා" කියලා


"ඔයා එයාට ආදරේ කරනවා නම් ඇයි එයා ඔය තරම් වේදනාවෙන් දඟලන්නේ ඔයාගෙන් ගැලවෙන්න?"

Feb 12, 2012

෴෴෴ලෝගුව෴෴෴



ජනිත් පඩිපෙළ නැගගොස් නැවතත් හැරී බැලුවේය..අමන්දා සහ දියණිය මෝටර් රථයේ නැගී පිටවී යනු පෙනෙයි. දියණිය පසු පස බලමින් සොයන්නේ තමා විය යුතු යැයි සිතුණු ජනිත්ගේ මුවින් සිහින් සුසුමක් පිට වීය.


උසාවි බිම සොහොන් බිමක් සේ පාළුය..වෙනදාට මෙම භූමිය පුරා පැතිර පවත්නා ඝෝෂාවත් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් දිව යන සෙනඟත් අද නැතිදැයි ජනිත් නැවතත් සිතුවාය..එහෙත් සියල්ල එසේමය ..එසේනම් මේ වෙනස!..

Feb 8, 2012

෴෴෴උපාසක අම්මගේ ශ්‍රද්ධාව෴෴෴



හදිසියේම ආපු භූමි කම්පාවක් නිසා අපිත් හොඳටම කම්පා වුණා.
මම නම් හිටියේ බ්ලොග් එකක් කියව කියවා. ඉතින් හයියෙන් මගේ කම්පියුටර් හිතවතාව බදාගත්තේ ඒ ලෝකෙට ගිහිනුත් බ්ලොග් බලන්නයි යාළුවෝ හම්බවෙන්නයි පුළුවන් නිසා ඒකත් එක්කම ගියොත්..

විහිළු නෙමෙයි හොඳට බය උණා. කරපු නරක වැඩ කෙසේ වෙතත් කරගන්න බැරි වුණ වැඩ නම් මතක් උණා. අනේ "මගේ පොත".."අයිතිකාරයා"...අපොයි කීයක්ද..


Feb 2, 2012

~~~වස්තුව~~~



පොඩි නැන්දා අපේ නිවසට කවදා පැමිණියාදැයි මට මතක නැත.
එහෙත් මා දන්නා කාලයේ සිට ඇය සිටියේ අපේ නිවසේය. වෙනත් පවුල් වල නෑණලා අතර සිදුවන බහින් බස් වීම් හෝ නොහොඳ නෝක්කඩු අපේ අම්මාත් පොඩි නැන්දාත් අතර මට මතක විදියට නම් තිබ්බේම නැත.
පොඩි නැන්දා අපේ තාත්තාගේ බාල සහෝදරියයි.

Jan 30, 2012

~~~පාන් නැත්නම් කෙක් කාපල්ලා~~~



පාන් නැත්නම් කේක් කන්න කිව්වට කේක් තියෙන්න එපැයි කන්න..
එහෙම හිතාගනත් බැරි අයත් ඉන්නවා. එයාලා දන්නේ නෑ. මිනිස්සුන්ට පාන් ගන්න සල්ලි ඕනේ කියලා. 


ඉතින් ඔයාලා බලයි මෙයා මේ මොනාද කියවන්නේ කියලා. 
අපි ඉතින් හැමදාම කාමර ඇතුලට වෙලා එක එක්කෙනා ලියපුවා බලල හිනා උනා නේ.. 


කැමති නැද්ද පොඩ්ඩක් අතීතෙට ගිහින් එන්න..
ඔන්න එහෙනම් අපි ලැස්ති වෙන්නේ අතීතෙට යන්න. ඕනේ කරන හැමදේම සුදානම
හා හා ..කලබල කරන්න එපා. අපි යන්නේ දුම්රියේ ..හැමෝටම ඉඩ තියෙනවා.(ඔන්න මෝඩ කතාවක් ඇහුව.දුම්රියේ දුම් දාන්නේ නෑ..දැන් තියෙන්නේ විදුලියෙන් දුම්දාන ඒවා).


හැමෝම ඉතින් සාමකාමීව එන්නකෝ. අපිට දුම්රියට නගින්න තියෙන්නේ පැරිස් නගරයේ සෙන්ට් මිෂෙල්  දුම්රිය ස්ථානෙන්. අපි ගන්නේ RERC   මාර්ගය.  


කලබල නොකර හැමෝම ඉඩ තියෙන විදියට වාඩි වෙන්න.අපිට පැයක විතර ගමනක් තියෙනවා. අපි යන්නේ පැරිස් නගරෙන් පිටතට. සීතලයි නම් තමා. වසන්ත කාලෙත් පුංචි සීතලක් තියෙනවා. 


දැන් පැරිස් නගරය වේගයෙන් පහු කරලා. ලස්සන පළාතකට තමා අපි ලං වෙන්නේ.සීත කාලේ නිසා වැඩිය ලස්සන මල් ගස් කොළන් නම් නැහැ .


අපිට බහින්න තියෙන්නේ "versailles rave gauche" දුම්රිය ස්ථානෙන්.එතන ඉදන් අපි ටික දුරක් පයින් යමු..අපෝ කකුල් රිදෙනවා කියන්න එපා..ඔක්කොමල හොද තරුණ අයනේ...


ඉතින් කොහෙද මේ යන්නේ. අපි යන්නේ ඉස්සර කාලෙට.
ඒ කාලේ මුළු ප්‍රන්ශයම පාලනය කරපු.එක පැත්තකින් විනාස කරා කියන ප්‍රංශයේ අන්තිම රජු වෙන දාහතරවෙනි ලුවීගේ  මාලිගාව බලන්න .



."පාන් නැත්නම් කේක් කන්න" කිවෙ මෙයාගේ සුරතල් බිසව තමයි.

ඉතින් පයින් ඇවිත් ප්‍රදාන දොරටුවෙන් ඇතුල් වීමේ ප්‍රවේශ පත් අරගෙන අපි යනවා මාලිගාව ඇතුලට..

මේක අක්කර දහස් ගණනක් විශාල එකක්.මේ කාලේ ඔයාල ගියාට යන්නම ඕනේ වසන්ත කාලෙට. ඒ කාලෙට මේ රාජකීය උද්යානයෙ පිපිලා තියෙන රෝස වගේම අනෙකුත් මල් දැක්කම හිතෙනවා මේ ඉන්නේ සැබෑ ලෝකෙද කියලා.

ඉතින් අපි මාලිගාවට ඇතුල් වෙමු. මුලින්ම බලන්න තියෙන්නේ රාජකීයන්ගෙ කාමර .

එක එක දේවල් සඳහා පාවිච්චි කල විවිද කාමර. හිතාගන්නවත් අදහාගන්නවත් බෑ.විදුලි එලිය නොතිබුන කාලේ මාලිගාව එලිය කරන්න ඉටිපන්දම් එල්ලන්න තියෙන පහන් දැක්කම පුදුම හිතෙනවා.


එත් මට මේ ලස්සන බලනකොට හිතුනේ මේ ලස්සන විදින්න මෙයාලා මොනතරම් දුප්පතුන්ගේ දාඩිය බලෙන් යොදා ගන්න ඇද්ද.

කෑම කාමර. පුස්තකාල, විසිත්ත කාමර, ඒ වගේම විවිදාකාරයේ චිත්‍ර, මොනවා බලන්නද කියලා හිතාගන්න බෑ.


හැමදෙටම වඩා මගෙ හිත ගියේ බිසවගේ යහන් ගබඩාවට..එකේ තියෙන රන් ආලේපිත යහනේ වැතිරිලා  මාරි අන්ටනොයිට්  බිසව ආඩම්බරෙන් අපි දිහා බලන් ඉන්නවා මට මැවිලා පෙනුනා. 



වැඩියෙන්ම ඔයාලගේ සිත් ගන්න තැන් වෙන්නේ..කලාගාරය සහ රාජකීය උද්‍යානය, 


ඒ වගේම රජ තුමාගේ සිරි යහන් ගබඩාවත් ඉතාමත් අලංකාරයි. එකේ ඉහල කොන් හතරක දෙවි වරු රජ තුමා දිහා බලන් ඉන්න විදියට සිතුවම් කරලා තිබුනේ රජතුමාට දෙවියන්ගේ පිහිට ඉල්ලන්න වෙන්නත් ඇති.




මුලු මාලිගාව පුරාම ඇවිදලා හති වැටිලා එලියට ආපුවම රාජකීය උද්‍යානේ ලස්සන බලන්න පුලුවන්..මේ උද්‍යානේ ඇවිදින්නත් දවස් බාගයක් විතර ඔනේ.. 




ඈතින් තියෙන දිය අගල් මම හිතන්නේ ආරක්ෂක උපක්‍රම වෙන්න ඇති..ඒ උද්‍යානේ පුරාම තියෙන ප්‍රථිමා වල ලස්සන කියලා නිම කරන්න බැහැ. හිනාවෙන්න එපා. සමහර ඒවා බලල..


ඔයාලා බලලා ඇති 14 වෙනි ලුවී රජතුමා පසුබිම් කරලා ඇලෙක්සැන්ඩර් ඩූමා ලියපු කතාව ඇතුලත් මෙම චිත්‍රපටිය..ඒකෙත් මේ රාජකීය උද්‍යානේ සමහර ස්ථාන ලස්සනට තියෙනවා.



සාමාන්‍යෙන් ලුවී රජතුමා දුෂ්ඨ පාලකයෙක් විදියට තමා ප්‍රචලිත. එතුමාගේ බිසවත් එහෙමයි..

ප්‍රංෂ විප්ලයට පෙර ජනතාව බඩගින්නෙන් වියරු වැටිලා මාලිගාවේ දොරටුව ලඟට විත් අපිට කන්න පාන් වත් නෑ කියද්දී.. මාරි ඇන්ටොනොයිට් බිසව කිව්වේ  
" පාන් නැත්නම් කෙක් කන්න" කියලා.. 

පාන් නැති මිනිස්සුන්ට වෙන දෙයක් කොයින්ද කියලවත් ඇයට තෙරුම් ගන්න බැරිව ඉන්න ඇති.


ඇවිදලා ගොඩක් මහන්සියිනේ..ඉතින් සීතල යන්න කිරි කෝපි එක්ක බොමු නේද..ඕනෙ නම් ග්‍රෙක් සැන්ඩ්විච් එකක් කන්නත් පුලුවන්..ඔන්න හිනාවක් ගියා හැමෝටම..


ගමන් මහන්සිය නිවලා තව ටිකක් ඇවිදලා අපි ආපහු යමු.





Jan 26, 2012

~~ආදරය~~



උදේ පාන්දරම ගේ ඉස්සරහ ලොකු රංඩුවක්..කන රිදෙනවා සද්දෙට..


ඇඳෙන් බැස්සේ තරහෙන්..රංඩුවෙන්න ගේ ඉස්සරහටම එන්න ඕනද.


"හපොයි මෙහෙම කරදරයක්" මට කියවුණේ තරහටම..


දෙන්නත් එක්ක ලොකු වාදයක්..මොනාට රංඩු වෙනවද මංදා. 


කරන්නම දෙයක් නැති නිසා මාත් ඔහෙ බලන් හිටියා..මෙයාලා දෙන්න නවත්තන පාටක් නෑ..
දෙන්න දෙමහල්ලන්ගේ රංඩු වලට අපි මොනාට පැටලෙනවද..ඕවට ඔලුව දාන්න ගිහින් අපිනේ අන්තිමට තරහ කාරයෝ වෙන්නේ..


ටිකකින් රංඩුව ඉවර උනා වගේ..දැන් දෙන්නම සද්ද නෑ..



කියන්නත් අමතක වුණා. මේ රංඩුව ගෙදර ඉස්සරහ තියෙන කුරුලු කූඩූවේ ඉන්න කුරුල්ලයි කිරිල්ලියි..මොනාට රංඩු උනාද නම් දන්නේ නෑ..


මට නම් හිතෙන්නෙම කුරුල්ලා වෙන කිරිල්ලියක් දිහා බලන්න ඇති..කිරිල්ලියන්ට කේන්ති යන්න ඊට වඩා දෙයක් තව නෑ නේ.


එහෙම නැත්නම් පරන කිරිල්ලියක් මතක් කරන්න ඇති..හපොයි ඒක ඊට හපන්..


කිරිල්ලි තරහ වෙලා වගේ පැත්තකට වෙලා බිම බලාගෙන හිටියා.. කුරුල්ලත් හොර ගල් අහුල අහුල ඉන්නවා ඉගිල්ලිලා යන්නෙත් නෑ..මොනතරම් රංඩු උනත් දාලා යන්න දුකයි කියන්න වගේ ලඟට වෙලා ඉන්නවා



කුරුල්ලා හිමීට හිමීට ලඟට කිට්ටු උනා..ඇඟේ හැප්පෙන ගානට ආවා..කිරිල්ලිත් කිසිම සද්දයක් නැතිව එතනම හිටියා..ටිකකින් කුරුල්ලා හීමීට හොටෙන් පිහාට්ටකට ඇන්නා. ප්‍රතිචාරය නරකම නෑ..


තව ටිකක් ලං වෙලා හොටෙන් ඇන්නා හිමීට..විරුද්ධත්වයක් නෑ..තව පියවරක් ඉදිරියට සියලු ධෛර්‍ය අරගෙන..මූණටම හොට තියලා ටිකක් හුරතල් වුණා.ඒ පාරනම් හොන්දටම සාර්තකයි..


කිසිම දෙයක් වුණේ නෑ වගේ කිරිල්ලි හිමීට තුරුල් උනා.. 


කිරිල්ලියෝ මේ විදියට හිමීට යාලු කරගන්න කුරුල්ලෝ කොහොමත් දක්ෂයිනේ..


කිරිල්ලියොත් ඉතින් කඳුලක් දෙකක් හලල අයෙත් ඒ පස්සෙන්ම යනවා..ඇත්තටම ඒ මෝඩකම නෙමෙයි..බැඳීම.අහිංසකත්වය..


ඔය අතරෙ කෙවිඩියෝ වගෙ අයත් නැත්තෙම නෑ. 


මම හිතන්නේ ඕනෙම කුරුල්ලෙක් ආසයි අහිංසක කිරිල්ලියෙක්ගේ හුරතල් බලන්න. ඒ වගේම සැර පරුශ වගේ පෙනුනත් ආඩම්බර කුරුලු හිතක ආදරේ ලබන්න කිරිල්ලියොත් ආසයි.



රංඩු ඉවරයි.දෙන්න දෙමහල්ලෝ සාමදානයි..


ඕක නිසානෙ කියන්නේ ඔය රංඩු තියෙන්නේ බත් හැලිය ඉදෙන කන් විතරයි කියලා..අපි ඕවට අත දැම්ම නම් අපිනෙ නරක් වෙන්නේ.


මේ කුරුලු විස්තර බලන්න ගිහින් උදේ වැඩත් පාඩු වෙනවා..මම යනවා.


Jan 18, 2012

~~~~කුමාරිහාමි - 07 ~~~~






සිසිර සෘතුවේ ආරම්භයයි..ගත වෙලා ගන්නා සීතල සුළග ගතේ දැවටී වේගයෙන් හමා යයි .ගස් වල කොල තැඹිලි පැහැගැන්වි හැලීමට ආසන්නය..තවත් සෘතුවක් පිලිගැනීමට පරිසරය සූදානම්ය.. පරිසරය සන්සුන්ය..ගඟ අයිනට වී නගරය දෙස බලා ඉන්න මගේ සිතද බොහෝ සන්සුන්ය

හිරු නැගී පැය කිහිපයක් ගත වුවද අහසේ අඳුරු බව එලෙසමය..මුලු නගරයම වසා ගත් සිහින් මීදුම් පටලය පරිසරයේ සීතල තව තවත් දැඩි කරවයි.මෙතරම් තද සීතලක වුවද නගරය ඇවිස්සුන කඩි ගුලක් මෙන් ජනාකීර්නය.

Jan 15, 2012

~~~~අත්තම්මගේ දත් සෙට් එක~~~~


අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට..

දතේ අමාරුව හැදුණ ගමන් එයා මහ රෑම යාළුවෝ හැමෝටම කතා කරලා මේක ගැන කියන්න..

මෙයා ඉන්නේ රැකියාවකට විදෙස් ගත වෙලා.ඉතින් මහ රෑ කතා කරාම මෙයාගේ යාළුවොත් ගොඩක් දුකෙන් එයාගේ ලෙඩේට බෙහෙත් කිව්වලු( දතේ අමාරුවකට මහ රෑ ඇහැරපු එකට යාළුවෝ එයාගේ හතර වරිගෙටම සුබ පැතුවා කියල නම් කිව්වේ නෑ)


ඉතින් එක එක යාළුවෝ එක එක විදියේ උපදෙස් දුන්නලු..එක්කෙනෙක් එයා ගාව තිබ්බ මන්තර පොතක් පෙරළලා ඒකෙ තියෙන මන්තරයක් කිව්වලු කියන්න..

ඒකේ තියෙන්නේ "දත් වෑයා වැටෙන්න කියලා" ලු..ඉතින් අපේ යාළුවා අහලා

" මචං ඕකා කටටම වැටෙයිද කියලා" යාළුවා මෙයාගේ දෙමව්පියන්ට සුබ පතලා කතාව නවත්තලා.

ඉතින් කොහොමෙන් හරි මෙයා ඊට පහුවෙනිදා ගිහින් දත් දොස්තර කෙනෙක් හොයාගෙන.ගියපු ගමන් දොස්තර ඇදලා අරන් දත ගලවල..

මෙයා නවාතැනට ඇවිත් අඬ අඬ කියනවා.."අපරාදේ ඔච්චර හොඳ දත ගැලවෙව්ව මදිවට දත් සෙට් එකක් ගන්න පුළුවන් තරම් සල්ලිත් ගත්තා"..

මේවා ඉතින් අපිටම කිව්ව හින්ද හොඳයි..

 යව්වනයටත් ඔය වගේ දතක අමාරුවක් ආවලු  පහු ගිය දවස් වල හැබැයි මම කිව්වේ එයා ගැන නම් නෙමේ..


මේ දත් සෙට් කතාව ඇහුවම මට පොඩි කාලේ වුණ සිද්ධියක් මතක් වුණා..

අපි පොඩි කාලේ අපේ අම්මගේ ළඟම නෑ කෙනෙක් වෙන අත්තම්මා කෙනෙක් හිටියා (හිටියා නෙමෙයි තාමත් ඉන්නවා)..

අම්මාට වෙන්නේ නැන්දා වුණාට එයා අම්මලා නැන්දා කියවනට කැමති නෑ..එයාට ආන්ටි කියන්න කියලා තමයි තිබුණේ..අම්මා නැන්දා කියනවට අකමැති කෙනා අපි අත්තම්මා කියනකොට ඉවසලා ඉඳීද..ඉතින් අපිටත් නියෝග දීලා තිබ්බේ ආන්ටි සුභා කියන්න කියලා..

ආන්ටි සුභා විවාහ වෙලා නෑ..එයා නම් කියන්නේ එයාව බඳින්න ඕනේ තරම් ලොකු ලොක්කො ආවත් එයාල මෙයාට මැච් වෙන්නේ නෑලු

"මගේ ලුක් එකට මැච් වෙන කෙනෙක් තමා මම මැරි කරන්නේ".. සුභා ආන්ටි රතු කරපු කට උල් කරලා එහෙම කියද්දී අප්පච්චි කට කොනෙන් හිනාවෙලා අහක බලගන්නවා..අම්ම අප්පච්චිට රවනව

සුභා ආන්ටිට ගොඩක් සල්ලි තිබ්බා..එයා ජීවත් වුණේ තනියෙන්ම මහා විශාල බංගලාවක..එයාගේ එකම විනෝදාංශය වුණේ රූ සපුව ගැන හිතන එකයි..ලස්සන ඇඳුම් ගන්න එකයි..

එයා කොහෙට හරි ගියත් වාඩිවෙන්නෙත් එතන පිහදාලා..පිරිසිදු කම ගැන පුදුමාකාර උනන්දුවක් තිබ්බේ..

අප්පච්චි නම් කිව්වේ ඕක මානසික ලෙඩක් කියලයි.

කවුරු හරි දාඩිය දාපු කෙනෙක් ළඟින් ගියත් එයාගේ ඇඟට සුවඳ විලවුන් ගහගන්න ආන්ටි, මමයි අක්කයි වැලි නාගෙන සෙල්ලම් කරලා ගෙට ආවම අපි දිහා බලන්නේ හරියට අලුතෙන් හොයා ගත්ත පණුවෝ ජාතියත් දිහා බලනවා වගේ පිලිකුලෙන්..ඒක දන්න නිසාම මම නම් එයා එන දවසට වැඩිපුර සෙල්ලම කරලා කුණු ගා ගන්නවා

සුභා ආන්ටි හැම අවුරුද්දෙම එයාගේ උපන්දින සාදේ ලොකුවට ගන්නවා..ඒත් වයස නම් දන්නේ එයාගේ උප්පැන්නෙත් එයත් විතරයි..
ඇහුවම කියන්නේ   "මට තාම ෆෝටි ටූ අනේ" කියලා..
අපේ අම්මා කියන්නේ මීට අවුරුදු දහයකට කලිනුත් ඒකමලු කිව්වේ

ඉතින් මම මේ කියන අවුරුද්දෙත් ආන්ටි ලොකුවටම උපන්දින සාදය ලෑස්ති කරා..

අම්මත් අපි එක්ක ගිහින් උදේ ඉඳලා උදව් කරා..කෑම සැපයූවේ ඉහළම තත්වයේ කෑම සපයන ආයතනයකින්..
මඟුල් ගෙයක් වගේ හැම දේම සූදානම් කරලා තිබ්බා..සුභා ආන්ටිත් හිටියේ මනමාලියක් වගේ ලෑස්තිවෙලා..

හරියට ඇවිදින මල් පෝච්චියක් වගේ. එයාව  ලෑස්ති කරන්නත් ආවේ නම ගිය රූපාලාවන්‍ය ශිල්පිනියක්..සුභා ආන්ටි කොහොමත් ලස්සනයි..මෙදා තමයි මම එයාව ලස්සනටම දැක්කේ..

ආන්ටි කොහොමත් එයාගේ ලස්සන ගැන හරියට ආඩම්බරෙන් ඉන්නේ..එය කියන්නේ

"මගේ නම් එක දතක්වත් දිරලා නෑ මේ වෙනකන්..ගොඩක් අය කැමති මගේ හිනාවට" කියලා..එයා කියනවා

ඉස්සර එයාව චිත්‍රපටිවලට ගන්න නිෂ්පාදකයෝ පොරකෑවලු..එයාගේ අම්මලු ඒවාට කැමති වුණේ නැත්තේ..


සාදය ආරම්භ වුණා..අමුත්තන් සෑහෙන පිරිසක් ඇවිත්..ඔක්කොම අය ආන්ටි ඇසුරු කරන නගරයේම ඉන්න ඉහළපේලේ අය..ඒ අතර ආන්ටිට විහාහ යෝජනා ගේනාපු අයත් හිටියා කියල අම්මලා පස්සේ කතා වුණා.

සාදය අතරතුරේ යෝජනා උණා උපන්දින කේක් එක කපමු කියලා.

ඉතාම ලස්සනට හදපු ලස්සනම ලස්සන කේක් ගෙඩියක් සාලේ මැද්දේ තිබ්බා. ඒකේ ඉටිපන්දම් ගහලා තිබ්බට මටනම් කීයක්ද කියලා මතක නෑ..හැමෝම වට වුණා කේක් එක කපන්න.

"හැපි බර්ත්ඩේ ටූ යූ" කියලා සංගීතේ වාදනේ වෙනකොට හැමෝම ඒක ගායනා කරා..

සුරංගනාවී වගේ හිනාවෙවී හිටිය ආන්ටි සිංදුව ඉවර වෙනකොට පහත්වෙලා ඉටිපන්දම් වලට පිම්බා..

මොකක්දෝ එකක් හයියෙන් විසිවෙලා ඇවිත් මගේ ඇඟේ හැපුණා..

ඒ වෙලේයි මම දැක්කේ ආන්ටි ගේ කටේ දත් නෑ නේද කියලා..මම කෑ ගැහුවා."අනේ ආන්ටි කෝ ඔයාගේ දත්" කියලා..මම හිතුවේ මම දකින්නේ හීනයක් කියලා.


ආන්ටි හොල්මනක් දැක්කා වගේ සුදුමැලිවෙලා කට අතගාලා බලලා හැමෝම තල්ලු කරන් දුවලා ගිහින් කාමරේ දොර වහගත්තා..

මගේ කකුල ලඟ වැටිල තිබ්බ දත් සෙට් එක අම්මා හිමීට අහුලලා අරන් තිබ්බා..සාදේට ආපු අය පිටවෙලා ගියේ සුභ පතන්නවත් අවස්ථාවක් නැතිව..

එදායින් පස්සේ සුභා ආන්ටිගේ උපන්දින සාදෙට යන්න තිබ්බ අවස්ථාව නැති උනේ ආන්ටි ආයෙත් උපන්දින සාද ගත්තේ නැති නිසා..

අක්කා නම් හැමදාම කිව්වේ "ඔයා තමා කෑ ගහලා ආන්ටිගේ පාර්ටි එක කෑවේ කියලා" එහෙම වෙලාවට අප්පච්චිගේ මූණට හීන් හිනාවක් එනවා මට අදටත් මතක් වෙනවා.



Jan 12, 2012

~~~~~සිතුවම~~~~~






බොහෝ කල් සිට
ඉතා වෙහෙසව
සිත්තමක් මම අඳිනවා.
කොහොම ඇන්ඳත්
කොහේ හෝ එහි
පුංචි අඩුවක් තියෙනවා...


ගොඩක් අයගෙන්
අඩුව කොහිදැයි
මමත් නිතරම අහනවා.
මටත් නොදැනිම
මගේ සිතුවම
දිනෙන් දින දැන් දිරනවා..


හෙටත් එය ගෙන
පුරුදු ලෙසටම
අඩුව කොහිදැයි සොයනවා.
කෙතෙක් හෙව්වත්
මටම වැටහෙන
හිස් බවක් මම දකිනවා..




ජීවිතය පුදුමාකාරයි..මිනිස් සිත් ඊටත් වඩා පුදුමාකාරයි...මනස කියන්නේ අරමුනක් හොයාගෙන ඉන්ද්‍රියන් වෙත දුවන දෙයක්ලු..ඉතින් දුවන දෙයකට තමන් දිහා බලන් ඉන්න ඉඩක් වෙලාවක් නෑ..


ජීවිතේ මොන තරම් දේවල් දැක්කත් හමු උනත් අපි සෑහීමකට පත් වෙන්නේ නෑ..මොකක් හරි අඩුවක් දකිනවා..හිස් බවක් අඩුවක් නැති මිනිස් හිතක් තියෙනවනම් ඒ බොහොම කලාතුරකින්..


                    ~~හිස් බවක් නැති හිතක් සුන්දරයි~~
Jan 10, 2012

~~~කිරි සුවඳ~~~







බසයෙන් බැස්ස සුමනාවතී වේගයෙන් ගමන් කරන්න වුණෙ හිස ගිනි ගත්තාක් මෙනි.


දවස පුරාම කීර විකුණලා අරගත්ත සොච්චම සුරක්ෂිතව ඇද්දැයි ඇය නැවතත් හැට්ටය තුළට අත දමා බැලුවාය..


"ආ..සුමණක්කේ අද කලින් මොකෝ...?"


"පලා ටික ඉක්මනට විකුණුණා බං? ගිහින් එන්නම්"


හමුවන අය නොයෙකුත් දේ විමසුවද අද ඇගේ හිස යකාගේ කම්මල මෙනි. 


ඊයේ හවස් ජාමයේ දියණියන් දෙදෙනා අතර ඇති වූ හබය ඇගේ සිත පාරවයි..කිසිම දිනක මේ අයුරින් ඔවුන් දෙදෙනා රංඩු කරගන්නවා ඇය  දැක නැත


සැමියා මිය ගිය දින පටන් දියණියන් දෙදෙනා උස් මහත් කරගැනීමට සුමනාවතී නොවිඳි දුකක් නොමැත..කිසිවෙකුටවත් අත නොපා ඇය ඇස් දෙක මෙන් දරුවන් දෙදෙනා හදා ගත්තාය..


අකාලයේ මිය ගිය සැමියා සිහිවී සුමනාවතීගේ දෑස් අග තෙත් වී ගියේ ඇයටත් නොදැනුවත්වමය.


සුමනාවතීලගේ ගමට පාලම හදන්න ආ වැඩ පාටියේ අත් උදව්කරුවෙකු ලෙස අමරපාලද සිටියේය..


අමරපාල ලා දවල් කෑම ගත්තේ සුමනාවතීලාගේ නිවසින්ය..


කෑම කන්නට ආ අමරපාල සමඟ ඇරඹි ආදර පලහිලව්ව කෙළවර වූයේ ලොකු කෙලී ශ්‍රියානි ඉපදෙන්නටත් ආවාට පසුවය...


කාටත් හොර රහසේ අමරපාල සමග ගමෙන් පිටවී ජැම්සන් වත්තට පදිංචියට ආ සුමනාවතී නැවතත් මව සහ සහෝදරිය බලන්න ගමේ ගියේ දෙවෙනි කෙලී ප්‍රියංවදාද ඉපදුනාට පසුවය..


ගමේ හැදී වැඩී නගරයේ පැල්පත් පේළියකට වාසයට ආ සුමනාවතීට සැබවින්ම මේ නුහුරු දිවිය පුදුමාකාර හිත්වේදනාවක් මෙන්ම අපහසුවක් දුන්නේය..


හවස් වන විට බීගත් මිනිසුන්ගේ කංකරච්චලයත්,ගෑනුන්ගේ අඬදබරත් මුලින් මුලින් සුමනාවතීට පුදුමයක් වුවද පසුව ඇය එම ජීවිතයට හුරු වූයේ පියෙකු නැතිව දරුවන් දෙදෙනෙකුත් සමඟ ගමට ගොස් මවට බරක් විය නොහැකි නිසාමය..


අමරපාල කුලී වැඩවලින් සොයාගන්නා මුදල ඔවුන්ට යන්තමින් කා දිවි රැකගන්නට ප්‍රමානවත් වුවද කල්ගත වෙත්ම ඔහුගේ බීමත්කම එන්න එන්න වැඩිවුයෙන් දියණියන් දෙදෙනා සමඟ සුමනාවතී වැටුනේ කබලෙන් ලිපටය..


"අනේ අමරේ කෙල්ලෝ දෙන්නා ගැනවත් හිතලා ඔය බොන එක නවත්තන්න"
යැයි කකුල් අල්ලා වැඳ ආයාචනා කලද ඔහු එය කිසිසෙත්ම නවත්තන්නට සූදානමක් නොවීය..


"කොන්ක්‍රීට් එක්ක ඔට්ටුවෙලා අතපය නෑ වගේ ගෙදර එන්නේ...ඒ ඇවිල්ලාත් උඹේ කරච්චලේ ..කට වහන් ඉඳපන් ගෑණියේ." 


අමරපාල සමඟ බහින් බස් වීම ගුටි පූජාවක මුල මෙන්ම එක වේලකට හෝ උයාගත් බත් පත දරු දෙදෙනාට කවා ගැනීමට නොලැබෙන පොටක් බව දන්නා සුමනාවතී නිහඬ වන්නීය


බීමතින් උස් ගොඩනැගිල්ලක් මත වැඩ කරමින් සිටියදී එයින් ඇද වැටී අමරපාල මිය ගොස් දැනට වසර පහළවකටත් වඩා වැඩි නොවෙදැයි සිතෙන විට සුමනාවතීගේ සිත සියුම් වේදනාවකින් බර වෙයි..


සැමියා මිය යන අවධියේ තරුණ වයසේ දරු දෙන්නෙකුත් සමඟ තනි වූ ඇය..මහ කැලෑවක අතරමංවූ මුවැත්තියක් මෙන් අසරන විය..


වත්තෙත්‍- ඉන් පිටත් ඇයට ප්‍රසිධියේ අයුතු යෝජනා කිරීමට තරම් සමහරුන් සැහැසි වූ ආකාරය සිහිකරන විට සිතෙහි ඇති වන්නේ තදබල කෝපයකි..


අහිංසක ළඳ බොළඳ ගැහැනියක් වූ තමා කර්කශ,කටුක,කටසැර ගැහැනියක වූයේ මේ මිනිසුන් නිසාම නොවෙදැයි ඇය ශෝකයෙන් සිතුවාය. 


අමරපාල මිය ගිය අලුතම මහ රාත්‍රියේ ගෙට රිංගන්න ආ වලස් ගුණේ ආපසු ගියේ ඔළුව පලාගෙන කෑ ගසාගෙන බව සිහිකරන විට නම් ඇයගේ මුවඟට සිහින් සිනාවක් නැගිණ..


"මොකද මේ ගෙවල් දොරවල් හායි ගාලා ඇරලා දාලා කෝ මේ ගෑනු ලමස්සියෝ"..


වේගයෙන් ගෙට ආ සුමනාවතී දියණියන් දෙදෙනාට බැණ වැදුණත් ගෙතුළින් කිසිම හඬක් නොනැගුණි.. 


"ලොක්කියෙ..කෝ බං උඹ" 


ඇය නැවතත් කෑ ගසා ගෙතුළ පුර ඇවිද දියණියන්ගේ කුඩා කාමරයට එබී බැලුවාය




දුටු දෙයින් මවිතව දෑස් උඩ තියන් ටික වේලාවක් බලා උන් සුමනාවතී 


"අනේ මගේ ලොකු දුවේ" කියා ඇද වැටුණාය..


~~~~~~~~
ශ්‍රියානි මිය ගොසින් අවුරුද්දකට කිට්ටු වේගෙන එයි..අසන හැම කෙනෙක්ටම සුමනාවතී කියන්නේ 


"කෙලීගෙ අවුරුද්දේ දානේ මහ ඉහළින් කරන්න ඕනෑ" කියාය..


ගතවුණ අවුරුද්ද පුරාම ඇය කිසිම විටකවත් ප්‍රියංවදාව සිහි නොකළාය.. 


ඇගේ වැඩිමහල් දියණිය ශ්‍රියානි ත්‍රී රෝද රියදුරකු වූ ජයන්ත සමග ඇතිකරගත් ප්‍රේමසම්බන්ධයට ඇය විරුද්ධ නොවූයේ ඊට වඩා කෙනෙකුට දියණිය විවාහ කර දීමට තරම් ඇයට ශක්තියක් නොවූ නිසාය.. 


මවගෙන් ලැබූ අනුමැතිය නිසා ජයන්ත නිතර නිතර ශ්‍රියානි හමුවීමට ඇගේ ගෙදර පැමිණි අතර ඔවුන් දෙදෙනා විවාහ වීමට දින වකවානුද යොදා ගෙන සිටියහ.


මේ සිදුවීම් අතරේ ශ්‍රියානි ගෙල වැල ලාගෙන මිය යාමට හේතුව වූයේ..ජයන්ත ඇගේ නැගණිය ප්‍රියංවදා සමගද සම්බන්ධයක් ඇති කරගෙන එය දුර දිග ගිය නිසා බව සුමනාවතී දැනගත්තේ වැඩිමහල් දියණිය මිය යාමට පෙර ලියා තැබූ ලිපියකිනි. 


වැඩිමහල් දියණිය කෙරෙහි ශෝකයත් බාල දියණිය කෙරෙහි කෝපයකිනුත් ඇය පසුවෙන් බව ඇගේ වදන් වදන් වලින් හෙළිවූවද..


"තමන්ගේ එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරීට පිටු පාපු එකී මගේ මල ගමටවත් එපා"


 යැයි ඇය කියන්නේ සත්‍යක් නොවෙන බැව් ඇය දෙස බලන දන්න කියාන අයට වැටහේ. 


දවසින් දවස දිරාපත් වන ගතත් යට ගිළුන රත් පැහැ ගැනුණ දුක්මුසු දෑසත් දකින ඕනෑම කෙනෙකුට ඇය විඳින සිත් වේදනාව තේරුම් ගැනීමට අපහසු නැත.


"මොකද සුමන්නම්මේ මේ දිරලා ගිහින්" කියා කිසිවෙකු විමසුවහොත් ඇය කියන්නේ


 "ඕවා ඔහොම තමා දරුවෝ කුණු ශරීරේනේ" කියාය...


හිත යටින් බාල දියණිය බලාපොරොත්තුවෙන් සිටියද ඇය තද හිතක් ඇත්තියක බව ලෝකයට පෙන්වයි...


"දුකේ බෑ බං මම ඊයේ යනකොට සුමනම්මා කෙල්ලෝ දෙන්නගේ ඇඳුම් දෙකක් ඉඹ ඉඹ කඳුළු පෙරනවා මම දැක්ක ගමන් ඉක්මනට වහ ගත්තා"..   


වත්තේ ගැහැනියක් තවත් කෙනෙකුට මෙසේ කියන්නේ නොයෙක් විට මෙවැනි සිද්ධීන් ඔවුන් දැක ඇති නිසාය.


"ඈ සුමනම්මේ බාල කෙලී ආවෙම නෑ නේද ආයි" කිසිවෙකු විමසුවහොත්.


"මතක් කරන්න එපා ඒකිව..ආවොත් මම ගන්නේ කොස්ස" ඇය එසේ කීවත් එය සැබෑවක් නොවන බැව් ඇගේ දෑස දෙස බලන කෙනෙකුට වැටහේ...


දිනක සුමනාවතී කුස්සියට වී ඔහේ බලා සිටියා..


"උයලා කාට කන්නද කිටියෝ..ඔන්න ඔහේ උඹ අදටත් මොනා හරි හොයන් කාපන්"..


තනියට සිටින පූස් පැටියාට කතා කර කර සිටින ඈ තිගැස්සුණේ අල්ලපු ගෙදර ගැහැනියගේ කටහඩිනි


"සුමණක්කේ ඕං අවුරුද්දටත් කලින් නෑයෝ ඇවිත්"..


සුමනාවතී වේගයෙන් ඉදිරිපස දොර වෙත ගියේ කුතුහලයෙනි...


"අනේ අම්මේ අපිට සමාවෙන්න"..බාල දියණිය අතේ හුන් දරුවා බිම තබා බිම වැටී වැන්ඳේ කෑ ගසා අඬමිනි..ඇය සමග ඇගේ සැමියාද ඇගේ දෙපා වැන්ඳේ සමාව ඉල්ලමිනි.


"අනේ මගේ හුරතල් පැටියෝ.." කියමින් සුමනාවතී මුනුපුරාගේ මුහුණ සිප ගත්තේ කඳුළු පිරි දෑස සඟවමිනි.


මවකට දරුවන් මිස.....!!



























Jan 8, 2012

~~~කුමාරිහාමි - 06~~~~~



හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් ..
අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ කියලා මට හිතෙනවා.

අම්මා විශ්වවිද්‍යාලයේදී අප්ප්ච්චි හමුවෙලා විවාහ උනා..

ඒත් අප්පච්චිගේ පැත්තෙන් හැමෝම විරුද්ධ උනා

"ඔය විශ්ව විජ්ජාල අස්සේ රිංගනවද වැදගත් පවුල් වල ගෑනු දරුවෝ"

අත්තම්මා අම්මා ගැන හිතුවේ එහෙම..ඒක නිසාම අම්මට ඒ පවුලෙන් ලැබුනේ කුඩම්මගේ සැලකිලි..
Jan 6, 2012

~~~ගිලෙන ඔරුව~~~~



දියත් කර බැලීමි එක දිනකට
මගේ ඔරුකඳ
බොහෝ සිදුරුය..
ගිලෙන බව දනිමි නිසැකවම...
කලකට පෙරත් මෙලෙසම 
දියත් කලෙමි එය දියඹට...
දියෙහි නොගිලී ගොඩ
ආවෙමි ගැලවී මරුගෙන්.....
බොහෝ වෙහෙසව
වසා සිදුරු නැවතත්
ටිකෙන් ටික සැකසුවෙමි
ඔරුකඳ මාස ගනනක්....
අත්හදා බැලූවෙමි නැවතත්...
අහෝ සිදුරු පෙර ලෙසමය..
ඔරුව නොගිලුනත් වතුර පිරී ඇත...

ජීවිතයේ සමහර දෑ කෙසේ සකස් කලද වරදි..එයට හේතුවක් නැත..සමහරු එයට දෛවය ‍යැයි කියති..මා දෛවය පිලිගන්නේ නැත කියා මට කියන්න බැරිය..ඒත් හැමදෙයක්ම දෛවයට භාරදීම නම් මා අනුමත නොකරමි. 

"මේ මොකද මූන එල්ලන්"...?

අමාලිගේ හඩින් මම තිගැස්සී ගියෙමි. "මොනාත් නෑ"

"නැති බව පේනවා..මූන නිකං හැම් බර්ගර් එකක් වගේ තියෙනකොට"

වෙනදාට නම් අමාලි කියනා මේ වදන් වලට මම සෑහෙන වෙලාවක් සිනාසෙමි..එහෙත් අද?..

සැබවින්ම මම මෙසේ විස්සෝප වන්නේ කුමක් නිසාදැයි මම පවා නොදනිමි..

"ප්‍රනීත්"..? ඔව් එයා තමයි..

කිසිම දිනක මට ඔහුව අමතක නොවේ..අමා ඒ ගැන නොදන්නා සේ සිටියද ඇය මගේ සිත රිදේ යැයි කිසිවක් නොකියන්නීය

"ඔයා ලංකාවෙද?."

 මා ශ්‍රී ලාංකිකයෙකු බව පෙනි පෙනීත් ඔහු එසේ ඇසුවේ ඇයිදැයි මා  පසු දිනක ඔහුගෙන් විමසූ විට ඔහු සිනාසී කීවේ ..

"ලංකාවෙ කෙල්ලක් එක්ක කතා කරන්න වෙන ක්‍රමයක් මතක් උනේ නෑ" කියාය

මා සේවය නිමවා උමං දුම්රිය ස්ථානයට පැමිනි අවස්ථාවක පලමුවෙන් මුන ගැසුන අප ,නැවත නැවතත් එහිදීම මුන ගැසුනි. කාලයත් සමග බෝහෝ දෑ සිදුවිය..අප පෙම්වතුන් විමු..

කාලය වෙගයෙන් ගමන් කොට වසරකින් වසරකට සෙන්දු විය...ඒ කාලය තුල අප සිනාසුන වාර මෙන්ම හඬා වැටුන අවස්ථාද එකසේම විය..

"තාම ඇඹුල් කන්න හිතුනේ නෑ නේද..?"

 අප දිනක් එක්ව ආහාර ගනිමිනි සිටිද්දී ප්‍රනීත් මගෙන් විමසුවේය
" නෑ නෑ ඒවට තව කල් තියෙනවානේ.." මම උත්තර දුන්නේ ලැජ්ජාවෙනි..

සැබවින්ම මා ඔහු වෙත ආසාමාන්‍ය ලෙස ලංවීමි..එය මටම විස්වාස කර ගත නොහැකි වූවක් වූයේ..ජීවිතයට බොහෝ වැදගත් දෑ මටත් නොදැනී මගෙන් ගිලිහුනු බැවිනි...

මා සියලු මිතුරු මිතුරියන්ගෙන් ඈත් වීමි.නිවසට කතා කොට අම්මාගේ දුක සැප ඇසීම පවා සතියකට එක වරකට සීමා විය..සැබැවින්ම මගේ ලොව ඔහු පමනක්ම විය...

"උඹට තියෙන්නේ ආදරේට වඩා ඇඩික් එකක්..ඔන්න මම නොකිව්වයි කියන්න එපා අඩන්න නම් ලෑස්ති කරගන්න එපා"..
අමාලි බොහෝ දිනවල මට දොස් කීවාය

සැබවින්ම ප්‍රනීත්ගේ කඩවසම් පෙනුමටත්,ඔහුගේ අසාමාන්‍ය ආදරයටත්,සොඳුරු කතා බහටත් මම දෑස් අඳ කර ගතිමි..මම දැඩි අඳුරේත් ඔහුගේ දෑස් හොයන කළාමැදිරියක් වීමි.

සියල්ල වෙනස් වූයේ කොපමන වේගයෙන්ද..

මට හදිසියේම නගරෙයෙන් පිට යාමට සිදුවිනි..මා බොහෝ සේ දුක් වූයෙත් හිත් අමාරුවට පත් වූයෙත් ප්‍රනීත් තනිකර දමා යාමට සිදුවීම පිලිබඳවය...ඒ මීට පෙර මා ලැබූ අමිහිරි අත්දැකීමක් නිසාමය...

නැවත එවැන්නක් සිදුනොවන බැව් ප්‍රනීත් දිවුරා පොරොන්දු වුයෙන් මා මගේ රාජකාරී ගමන ගියෙමි.. 

මා වේදනාවෙන් පසුවීමි..ඔහුට පනිවිඩයක් දීමටවත් නොහැකි වුයේ මා අතිශයින් කාර්‍යබහුල වීම හා දුරකතනය විසන්දී වී තිබීම නිසාය. 
දින දෙකකින් මා පෙරලා පැමිනියෙමි..වහා දුරකථනය ක්‍රියාත්මක කරේ ඔහුගෙන් පනිවිඩයක් ඇතැයි සිතාය..පරිඝනයකය හරහාවත් කිසිම පනිවිඩයක් නැත..පුදුමයක් සමග බයක් දැනේ..

මම ඔහේ බලා සිටියෙමි..අමා කාමරයට පැමිනි වගක් වත් දන්නේ නැත

"මේ දන්නවද වැඩක්..?.."

''නෑ.ඇයි..අයිපල් පෙරලිලාද?"..

"ඉටිගෙඩිය එහෙනම් තව කමක් නෑ..එත්.." අමාලි කතාව නැවැත්තුවාය..

"කියපන් මොනා වෙලාද?"...

අමාලි ඉතා අනුකම්පාවෙන් මා දිහා බලා ඉන්නා අයුරින් මට විශාල බයක් සැකයක් දැනේ...

"අනේ කියන්න අමා..මට බයයි..ඇයි කියන්නකෝ..ප්‍රනීත්ට කරදරයක්ද?"...
"ඔව් ඒ වගේ..."..

"අනේ අමා !!" මා කෑගැසුවෙමි..

අමා මා ලඟට විත් මා වැලඳගත්තාය...

"අඬන්න එපා..එහෙම කරදරයක් නෙමෙයි..ප්‍රනීත් වෙන කෙල්ලක් එක්ක ෂොපින් ඇවිත් හිටියා..පෙනුන විදියට නම් යාලුවෙක් වෙන්න බෑ.."

මා සැබවින්ම තිගැස්සීමී..මහා වනයක අතරමං වූවාක් මෙනි..මගේ දෑත් මගේ කුස කරා ගියේ නිරායාශයෙනි...

"දැන් ඉතින් තාත්තෙක් නැති දරුවෙක් මොකටද? අනික ඔහොම වෙනස්වෙන කෙනෙක්?..කලිනුත් මතකනේ ඔයා හිටි නැති කාලේ..?

අමාලි බොහෝ දෑ කියයි..මට ඒවා ඇසීමට සිතක් නැත..

මා බොහෝ වෙහෙසව නැවත් වරක් මගේ ඔරුව දියත් කලෙමි..එය නැවත නැවතත් ගිලේ..මා කකුල කැඩුන වෙළඹක් මෙනි..පලා යාමට ශක්තියක් නැත..එහෙත් ජීවිතයට මුහුන දිය යුතුය...

ප්‍රනීත්...!! ඔබ නැවතත් මා රැවටීය..මේ අවසානයයි...

පියෙක් නැති දරුවෙක් හදා වඩා ගැනීම මේ රටේ ප්‍රශ්නයක් නැත..මම ජීවිතයට මූන දෙමි.දෛවය මට ලෙමන් ගෙඩියක් දී තිබේ..ඉදින් මම ලෙමනෙඩයක් සාදා ගනිමි...

පලා යාමට හෝ ඉකිබිඳ හඩා වැටීමට අහිංසක ගෑනු සිත යෝජනා කලද මා ශක්තිමත් වෙමි...

මගේම ලෙයින් බිහිවෙන කුරුලු පැටියෙක් හෙට දින මා ලොව එලිය කරනු ඇත...මා ඒ වෙනුවෙන් ජීවත් වෙමි...

මා වැරදිද...?







Jan 3, 2012

ලාබෙට මුද්දක්....



අද අන්තර්ජාලයේ දැක්ක විශේෂ ලිපියක් නිසා මට මේක ලියන්නම් ඕනෙ කියලා හිතුනා...


එක පැත්තකින් හිනා යන දෙයක් උනත් හිතලා බැලුවම හිනාවෙන්නත් අමාරුයි මේ මුදු කතාව දැක්කම මට ඉස්සෙලම හිනා ගියා පස්සේ ලංකාවේ අපේ අය ගැන දුක හිතුනා..ඔක්කොටම වඩා හිනා යන්නේ එකේ කමෙන්ට්ස් බලලා.

කතාව කෙටියෙන්.. 

ප්‍රසිද්ද හෝටලයකින් කෙනෙක් බත් පැකට් එකක් ගෙනල්ලා..ඒකෙ මුද්දක් තිබිලා  ... 

("රත්තරන්ද..???" ඔයාලත් අහන ඒවා... ඒක රත්තරන් උනා නම් මේ පෝස්ට එක ගොසිප් එකට එයිද.බත් එක විසිකරලා හිනාවෙලා මුද්ද සාක්කුවෙ දාගන්නවා මිසක්)

ඒකේ තියෙන වීඩියෝ එකේ හැටියට පරිප්පු උයන කෙනාගේ අතින් තමා මේ මුද්ද වැටිලා තියෙන්නේ..

පස්සේ ව්‍යාපාරය හිමි කෙනා අදාල අයගෙන් සමාව ඉල්ලලා තිබ්බා වගේම හීනියට පබ්ලිසිටි එකකුත් කරලා තිබ්බා.."අපිට ගොඩක් හතුරො ඉන්නවා" කියලා.."

මේ සිද්දිය වෙන දියුනු රටක උනා නම් අද මේ ව්‍යාපාරය වසා දමලා වගේම අදාල පුද්ගලයාට වන්දියකුත් දීලා.

ඕක බැලුවම පුංචිට මැවිලා පෙනුනා බත් එක කාපු කෙනා ආපහු බත් එකත් අරන් අර හෝටලේට ගියාම කළමණාකරුයි ගනුදෙනු කරුයි අතර ඇතිවෙන දෙබස මොනවගේද කියලා.. 

මෙහෙම වෙන්න පුලුවන් නේද.. ???

ගනුදෙනු කරු : Mr  බලන්න ඔයාලගෙන් ගත්ත ලන්ච් පැකට් එක  ඇතුලේ  මුද්දක් .තිබුනා..

කළමනාකරු : ඔව් සර් ඉතින් ලන්ච් පැකට් එකක් එක්ක ඊට වඩා ලොකු දෙයක් දෙන්න බෑනේ..සර් හිතුවේ ඔටුන්නක් වගේ එකක් තියෙයි කියලද.?
ගනුදෙනු කරු:  හරි දැන් ඔයා මට මොනාද මේකට කියන්නේ

කළමනාකරු :    මේකයි සර් සාමාන්‍යෙන් මේ වගේ මුද්දක් පිටින් ගද්දි රුපියල් 500ක් විතර වෙනවා..ඒත් සර් අපේ ඩේලි කස්ටමර් කෙනෙක්නේ..රුපියල් 300ක් දෙන්නකෝ

ගනුදෙනුකරු: ................... (නොලියමි )

හොදම සිද්දිය ..මුද්ද අයිතිකාරයා මුද්ද නැති බව දැනගෙන තියෙන්නේත් අන්තර්ජාලය බලද්දී..

බලන්නකෝ සිරි ලංකාවේ තොරතුරු තාක්ෂනයේ වේගවත් බව..මේ අපේ කට්ටියත් ඔය තම තමන්ගේ මොන මොනා හරි නැතිවුනොත් කෙලින්ම ගූග්ල් සර්ච් කරන්නලා....! හම්බවෙනවා සිකුරුයි.

මට මේක කියවද්දී මතක් උනේ අපේ මාරයා උන්නැහැ   

ඒ වගේ කටට රසට කම්මැලි නැතිව උයාගෙන කෑවනම් අනේ අද මුදුත් එක්ක පරිප්පු කන්නේ නෑ නේ

මේ තරඟකාරීත්වයත් එක්ක අපි හැමෝම යාන්ත්‍රික වෙලා..
අර්ධ නාගරික ජීවන රටාව හරිම අවුල් සහගතයි..ඒත් අපිට ඒකෙන් මිදෙන්න අමාරුයි..වේගයෙන් දුවන ලෝකයක නැවතිලා බලන් ඉන්න බැරි කමද..? 
අපි ඉස්සර අයට වඩා කම්මැලි නිසාද මංදා අපිට කඩෙන් කන එක නවත්තන්න දැන් බෑ.

ඉස්සර අපි පුංචි කාලේ අම්මා කවදාවත් කඩෙන් කන්න දුන්නේ නෑ..

අම්මා ඉස්කොලේ යනකොට කෑම දෙකක් හදනවා..
ඒකක් 10.30ට අනික හවසට..
අපි ඉස්කොලේ ඇරුනම අක්කත් මමත් අම්මා ලඟට දුවන්නේ දවල් බත් එක කන්න..

අම්මත් සේවය කරේ අපේම ඉස්කෝලේ නිසා අපි තුන් දෙනාම එකම බත් එක කනවා..

අම්මා බත් එක ලිහනකොට එන සුවඳ මට මේ දැනුත් දැනෙනවා වගෙයි..එකේ මහ ගොඩක් ජාති නම් නෑ ඒත් පිරිසිදු කම,අත්ගුනය වගේම අම්මගේ ආදරෙත් එක්ක කෙසෙල් කොලේ එතුව ඒ බත් එක පුදුමාකාර රසක් අපිට දුන්නා..

Jan 2, 2012

මල් ...




හැමෝම අලුත් අවුරුද්ද සැමරුවා..

හරියට ලෑස්ති උනා පිලිගන්න..ඊයේ දවසම සුභ පතාගත්තා..

පරක්කු වෙලා හරි ඔන්න මමත් මගේ යාලුවන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා..

බ්ලොග් අවකාශයට නම් මම තාම අලුත් ඒක නිසා ගොඩක් මිතුරු මිතුරියෝ මට නෑ.
ඉන්න කීප දෙනාගෙන් හමුවුන හොදම මිතුරියක් තමා ගිම්හානි.. 

ඇය කිසිම ලෝබ කමක් ආඩම්බරයක් නැතිව මට සුභ පැතුවා..

අනිත් යාලුවොත් මාව අගය කරා..මම තාම බ්ලොග් අවකාශයේ ඉපදිලා සති 3ක් විතරනේ..ඒක නිසා හරිම පුංචියි. මට වඩා ලොකු අක්කලා අයියලාගේ උපදෙස්,අවවාද මට ඔනේ..ඒවා ඔක්කොම සතුටෙන් භාරගන්නවා.

ගතවූ වසර ගැන හිතනකොට හැමෝම තමන්ගේ ජීවිතේ පසු විපරම් කරා..වාර්ථාවලුත් හැදුවා..

ඒත් පුංචිට නම් එහෙම විශේෂ දෙයක් තිබ්බේ නෑ..ජීවිතේ සාමාන්‍ය විදියට ගෙවිලා ගියා..

හැමෝටම උරුම සතුට කඳුල..උරුම උනා..පුංචි කොහොමත් ජීවිතය දිහා බලන්නේ මද්‍යස්තව..

ලැබීම උරුමය කියන දේවල් සමහර අය විශ්වාස කරන්නේ නෑ තමයි..ඒත් මම හිතනවා ජීවිතයේ සමහර දේවල් සිද්ධ වෙන්නේ ඒ ලැබීම්,උරුමය අනුවයි කියලා...

අපි මොනතරම් දැඟලුවත් මල් පිපෙන්නේ නැති ගස්වල මල් පුබුදන්න අපට පුලුවන්ද...

මල් ගැන කිව්වමයි මතක් වෙන්නේ මල් කිව්වම එක එක වර්ගයේ මල් තියෙනවනේ..
දැන් අපේ අයට ගොඩක් තියෙන්නේ ඔන් ලයින් මල්..

ඔය ඔන් ලයින් මලක් කඩන්න ගිහින් යෞවනයා  
නම් හොද වැඩක් වෙලා තිබ්බ කියල මම දැක්ක පහුගිය දවස්වල 

අනේ සාදු..හැමෝටම මල් ඔහොම වෙනවනම් ඔන්ලයින් මල් ඒපා කියයි අපේ අය.

මල් නම් ඉතින් කතා කරන්න ආසම හිතෙන මාතෘකාවක් නේ. ඒ වගේම තමයි මල් කඩන්නත් අපේ කට්ටිය හරිම ආසයි.
නිකන් නෙමෙයි කඩන්න ගත්තම මල් වතු ගනන් තමයි කඩන්නේ..

(පුංචිත් එහෙමද..?..අපෝ ඒවා අහන්න එපා)

ඉස්සර අක්කටයි මටයි තිබ්බා මල් වවන පිස්සුවක්.

අපේ අම්මා හරිම ආසයි මල් වලට..අම්මා මුලු වත්තම පිරෙන්න මල් වැව්වා..

අප්පච්චි කිව්වේ අපිට කන්න දුන්නේ නැතත් අම්මා මල් වලට නම් කන්න දෙයි කියලා..ඒ තරම් අම්මා මල් වලට ආදරෙයි.

ඉතින් අක්කයි මායිත් තරඟෙට මල් හිටෙව්වා..අක්කා හිටවපු ගස් වල ඉක්මනට මල් පැලවෙනකොට මට තරහයි.

.ඊට පස්සෙ මම පුරුදු උනා කාගේ ගහද ඉක්මනට පැලවෙන්නේ බලන්න..හැමදාම අක්කා හිටවන රෝස අතු මුල් ඇදලාද කියල ගලවල බලන්න පටන් ගත්ත එක නතර උනේ අම්මගෙන් ටොක්කක් කාලා.



එහෙනම් ඉතින්
අපේ යාලුවෝ හැමෝටම මල් මල් නව වසරක් වේවා කියලා මමත් පතනවා!!!!!!!!!!!.

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...