Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 29, 2013

නීල් ආම්ස්ට්‍රෝන්ස් සහ පුංචි බන්ඩාගේ හදට යාම


කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. ....

රෝගීයෙක් රාත්‍රීයේ විදුලි පන්දමක් අහස දෙසට ඉලක්ක කරමින් සිටින විට තවත් රෝගියෙක් ඔහු කුමක් කරනවාදැයි විමසයි. එවිට ඔහු " මම මේ ටෝච් එලියෙන් හඳට යන්න හදන්නේ උඹත් ඕනේ නම් වරෙන් කියා පවසයි.. එවිට අනෙකා "අනේ මම නොදන්නවැයි උඹේ හැටි මම බාගයක් දුර යනකන් ඉදලා උඹ ටෝච් එක නිවලා දාන්නනේ හදන්නේ.."


මෙලෙසෙම ගමේ පුංචි බන්ඩාද හොරෙන් රා මුට්ටියක් බොන්නට ගොස් ගසේදීම අයිතිකාරයාට අසුවිය. " මොකද යකෝ උඹ කිතුලට නැගලා හොරෙන් රා බොන්න නේද? කියා ඇසූවිට... "අනේ මොන පිස්සුද ආයිබෝං මම මේ පැත්තෙන් හඳට යන්න පුළුවන් විදියක් තියෙනවද බැලුවා" කියා පුංචිබන්ඩාද හඳ ගමනට ඇති ආසාව කියා පායි..

මෙලෙසින් අපේ රටේ මානසික රෝගීන් සහ පුංචිබන්ඩලා මෙසේ හඳට යද්දී නීල් ආම්ස්ට්‍රෝං සහ ඔහුගේ සහාකයා සැබැවින්ම සඳ මතට පා තැබූ බව ඇමරිකාව නිවේදනය කලේය. සැබැවින්ම එය මිනිස් සංහතියම ලැබූ අද්වතීය ජයග්‍රහනයක් බවත් ඇමරිකානුවෙක් වීම පිළිබදව සියළුම ඇමරිකාවන් ඉතා සතුටට පත්වන බවද සියල්ල්න්ගේම පිලිගැනීම විය.

මෙහිදී නීල් ආම්ස්ට්‍රෝං ගේ ප්‍රකාශයද ලෝකය පුරා රැව් පිළිරැව් දී ඇත්තේ මෙසේය.
‘‘මෙය මිනිසකුගේ එක් කුඩා පියවරකි. එහෙත් මුළුමහත් මිනිස් සංහතියේම යෝධ පිම්මකි.’’  . 

අප ඉපදීමටත් පෙරාතුව සිදුවූ මෙම සිදුවීම ගැන අපේ දෙමව්පියන් පවසන පරිදි මෙය මිනිසුන් විසින් තැබූ ඉතා අගනා පියවරක් බව අවිවාදයකි.... 

නමුත්.... " සැබැවින්ම ඇමරිකානුවන් සඳට ගොඩ බැස්සාද".. කාලයක් තිස්සේ තිබූ විවිද මති මතාන්තරවලින් පසුව මේ වන විට එය බොහෝ දුරට බොරුවක් බව ඔප්පුවෙන සාධක හෙලිවෙමින් පවතී.  
එහිදී මූලිකම කරුන නීල් ආම්ස්ට්‍රෝංග් සොහොයුරා වන ඩීන් ආම්ස්ට්‍රෝං විසින් බී.බී.සී  වාර්ථා වැඩසටහනකදී කියන ලද්දකි. ඩීන් ආම්ස්ට්‍රෝං පවසන පරිදි එය පටිගත කල වැඩසටහනක් බවට ඇගවෙන ප්‍රකාශයකි.

සැබැවින්ම මෙය ඇමරිකාවත් නාසා ආයතනයත් අසීරුවට පත් කරවන බරපතල අවස්ථාවකි.
අවුරුදු 82 ආයු වළදා සඳ මතට පා තැබූ මුල්ම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝං පසුගිය වසරේ මියා යාම නිසා ඔහුට මේ පිළිබදව පිළිතුරු දීමට හැකියාවක් නැත. එහෙත් ඔහු ජීවත්ව සිටින කාලයේ මේ පිළිබදව එල්ලවු විවේචන ඉදිරියේ සඳගමන සත්‍යක් බව සැමවිටම ප්‍රකාශ කලේය..
සඳ ගමන ගැන ගැටලු මතුවන තැන් රාශියක් ඇත. එකක් නම් සඳෙහි වායුගෝලයක් නැති බව පැහැදිලි මුත් එය මතුපිට සිටවූ ඇමරිකන් කොඩිය මද සුළගට සෙලෙවෙන ආකාරයයි.

එසේම දැනට ජපානය විසින් සොයාගෙන තිබෙන කරුනු අනුව සඳ වටා ඇති විකීරන හේතුවෙන් සඳට යාමට තරම් ඇඳුමක් තවමත් නිර්මානය කල නොහැකි බව ඔවුන් පවසයි.

1969 වසරේ මිනිසුන් සඳට යැවු ඇමරිකාව ඉන්පසු කිසිම මිනිසෙක් සඳට නොයැව්වේ කුමක් නිසාද? නාසා ආයතනය නම් පවසන්නේ අධික වියදම් සහිත නිෂ්පල ගමනක් හෙතුවෙන් නිසා එසේ කරන බවයි. එහෙත් මේසා ලෝකය දියුනු යුගයේ උදේ හවස ගොස් සඳට ගොස් ඒමට තරම් ඇමරිකාවට නොහැකි ඇයි?

සඳ ගමන ගැන තිබෙන වීඩීයෝ පටයේ ඇමරිකන් කොඩිය සුලගේ සෙලසෙනවා දුටු විට හඳේත් සුළං තිබෙනවාදැයි නැවතත් සිතන්නට සිදුවේ..

"ඇමරිකාව මුළු ලෝකයම රැවටුවාද?"....

215 comments:

  1. මම දන්න විදිහට කතාව මෙහෙමයි. සඳ ගමන සත්‍ය වශයෙන්ම සිද්ධවුනා, නමුත් ලෝකයට සජීවීව පෙන්වන්නට නොහැකිවුනොත් කියා, ඇමෙරිකානු ආරක්ශක අමාත්‍යංශය වෙනත් වීඩියෝවක් නිපදවනු ලැබුවා. එහි තමයි ඔය අඩුපාඩු දකින්නට ලැබෙන්නේ. ඇත්තටම ඒ අවස්ථාවේ සජීවීව පෙන්වූයේ මේ වීඩියෝ පටය කියා තමයි කියන්නේ.

    //1969 වසරේ මිනිසුන් සඳට යැවු ඇමරිකාව ඉන්පසු කිසිම මිනිසෙක් සඳට නොයැව්වේ කුමක් නිසාද?//

    ඇපලෝ ව්‍යාපෘතිය යටතේ යානා 6ක් සඳ මතට ගොඩ බැස්සා (1969-72), ඒ වගේම 12 දෙනෙක් සඳ මත පා තබලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර..
      මේ ගැන නොයෙක් මතවාද තියෙනවා. අපිට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ.

      Delete
    2. @ තිසර,
      ------------------
      ෂා...හ්.. තිසරත් හඳ හාමි ගැන යමක් කමක් දන්න පාටයි වගේ...හි..හි..

      Delete
    3. @ අනූෂි පැල්පළ,
      --------------------
      @ තිසර,
      --------------
      පුංචි කුමාරිහාමි හඳට යන ගමන ගැන කියවද්දී ඇයි මේ පුංචි බණ්ඩා කෙනෙක්වම තෝරා ගත්තේ.බණ්ඩා == බණ්ඩාර වුන හැටි පිළිබඳව සිතා බලද්දී මේ අයට තමන්ගේ අයව පමණක් වැදගත් ගමන් වලට තෝරා ගැනීමේ සිතිවිල්ලක් තිබෙන බව මට හොඳින්ම තේරුනා ඔයාලට මේක තේරුනේ නැද්ද?

      Delete
    4. @චමිල්..
      අයියෝ ඕක ගැන ඔය තරම් හිතන්න එපා. බන්ඩාරලාට වැඩිය පොල්ගස් නගින්න බෑ. අනික එයාලා සල්ලි දීලා මිනිස්සු ගස් යවලා රා බොනවා. අහිංසක බන්ඩා ලා තමයි ගස් නගින්නේ. මම අපහාසයට නෙමෙයි ඒ නම යෙදුවේ...

      Delete
    5. මන් මේ දන්නේ නැති නිසයි අහන්නේ බණ්ඩා බණ්ඩාර එකමයි නේද? මොකක්ද ඕකේ තියෙන වෙනස? චූලෝදර ( මහ බණ්ඩා) මහෝදර( මහ බණ්ඩා) යනුවෙන් අදහස් වෙන්නේ උදරය සම්බන්ධව ඇති ශාරිරික තත්වයක් අන්වර්ථ නාමයක් බවට පත්වී ඇති බව නොවේද? නිලමේ (මුල් ඇඳුම) ඇඳීමේදී සිහින් උදරයක් ඇති පිරිමි උදරයට කොට්ටයක් තබා විශාල කරගන්නා දැක ඇත්තෙමි. එයින් අදහස් කරන්නේ ඒ ඇඳුම සකස් කර ඇත්තේ විශාල උදර ඇති අයට බවයි. බණ්ඩිය යන්නේ අදහසද උදරය යන්නයි. එහෙම නම් බණ්ඩාර, බණ්ඩා යන්න ද උදරය සම්බන්ධව ඇති අන්වර්ථ නම් නොවේද?

      Delete
    6. ඔයාගේ අදහසත් හරි. ඒත් බන්ඩා යනුවෙන් නම් යොදන්නේ පහත් යැයි සම්මත කුලවල අයටයි ඉස්සර(මට නම් බනින්න එපා. මේක ඉස්සර තිබුන දෙයක්)

      Delete
  2. අපිට නම් ආරංචි වුනේ නීල් ආම්ස්ට්‍රෝන් එක්ක ගිය රොකට් එකේ ඩ්‍රයිවර් හඳේ හිටපු හාවා අල්ලන්න ට්‍රයි කරපු හින්ද සක්‍ර දෙයියෝ ඇමෙරිකාවට හඳට එන එක තහනම් කෙරුව කියල ...

    ReplyDelete
  3. හ්ම්.. බැරෑරුම් ප්‍රශ්නයක් වුනාට පොඩි වැඩක් කරන්න තිබ්බෙ.

    විශ්වයේ ඒ කෙළවරේ ඉදන් මේ කෙළවර නිරීක්ෂනය කරන්න තියන ඔය පට්ට සයිස් දුරදක්නයක් අරන් මේ අපිට කිලෝමීටර 3,750,000ක් විතර දුරින් තියන හද බැලුවානම් ඉවරනේ..

    ඇමරිකන් කාරයෝ හදේ කොඩිය ගහන්න හැදුවේ හදේ අයිතිය එයාලට ගන්නනම්, හදට ගිය දවසෙ බැරි නම් ඊළග යානාව (තිසරගෙ ප්‍රකාශය අනුව ගියා නම්) යන්න ඉස්සර වෙලා ඕක කරන්න තිබ්බා.

    දැන් වුනත් බැරි නෑ නේ. එතකොට ඕක තිබ්බොත් ඔය හුලගට වැනෙන එකත් බලාගන්නට පුලුවන්නේ?

    අනිත් එක තමා ඇමරිකන් අය තාක්ෂණයෙන් දියුණු වුනත් කරන්නෙම මවාපෑම. ලෝකෙ චිත්‍රපට තාක්ෂණය දියුණුවෙන් මවන්න පුලුවන් දේවල් ඇමරිකාවේ නාසා ආයතනයටත් බැරි වෙන්න විදියක් නෑහැ නේහ්?

    අනික ඔච්චර වද වෙනව නම් ලෝකෙටම ඕක ප්‍රශ්නයක් නම් ඔය තියන කොඩියේ හරි දාලා ආපු දේවල්වල සාම්පලයක් ගෙනැත් කාබන් 14 ද කොහෙද පරීක්ෂණයක් කරානම් හරිනේ... (ඒත් අර හදේ විකිරණ කේස් එක නිසා මේක හරියයිද දන්නෑ :-D )

    අන්තිමට හිතන්න තිබ්බෙ ඇමරිකන් කාරයෝ එහෙම වැඩක් කරනකොට රුසියන් කාරයෝ, බ්‍රිතන්‍ය කාරයෝ නිකංම බලන් ඉන්නෙත් නැතිව ඇතිනෙ. එයාලත් දන්න උප්පරවැට්ටි දාලා මේවා හොයන්න ඇතිනේ. මොකද රටක් අල්ලගත්ත වගෙ නෙවී නෙ හඳක් අල්ලගත්තම.

    ඉතින් එදා මෙදා තුර මේ ලෝක බලවතුන්ට නැති උණකුත් නෙව අපිට හැදිල තියෙන්නෙත්? එතකොට හිතෙනවා මේ කයිකතන්දරත් එක එක මිනිහා එක එක කාලෙට තමන් ප්‍රසිද්ධ කරගන්න කරන වැඩදෝ කියලත්.

    මොනා වුනත් අපිටනම් කරන්න තියෙන්නෙ උපේක්ෂාවෙන් බලා ඉන්න එක විතරයි... :)

    ReplyDelete
    Replies
    1. දුර කිලෝමීටර 375,000 (තුන්ලක්ෂ හැත්තෑපන් දහසක්) කරුණාකර මෙය නිවැරදි කිරන්න. ස්තූතියි.

      Delete
    2. ස්තූතියි වනවදුලට වටිනා විස්තර ටිකට..

      Delete
    3. @ වන වදුල,
      --------------------------

      ඔයාට හොඳටම ෂුවර්ද? ඔය ඔයා දක්වපු ගාන හරියි කියලා. ආයිමත් හරියට බලන්න. මට පේන්නේ නම් ඔයා වරද්දගෙන වගේ

      Delete
    4. @ පුංචි කුමාරිහාමි,
      --------------------
      චන්ද්‍රයා හා පෘථිවිය අතර ඇති නිවැරදි සාමාන්‍ය දුර ප්‍රමාණය කිලෝ මීටර 384,403 ක් වෙනවා.

      Delete
  4. මිනිසුන් බාහිර කොතෙක් දියුණුවක් ලබා ගත්තත් ආධ්‍යාත්මිකව ඒ පමණට දියුණුවක් අත් පත කර නොගත් විට ඒ දියුණුව නිසි අයුරින් ඵලදායි කරගැනීමට නොලැබේ. මානසික දියුණුව නම් නියම දියුණුවයි. මුළු ලෝකයම අත්පත් කරගත්තත් තමන්ගේ හිත පාලනය කරගැනීමට බැරි නම් ඒ දියුණුවෙන් පලක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. මම නිතරම ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව වැඩි අවධානයක් දක්වන කෙනෙක්. ඒකයි මෙහෙම කිව්වේ. මම බුදුදහම පිළිබඳව විශාල දැන උගත්කමක් ලබා සිටින ඒ වගේම ප්‍රතිපත්තිගරුක බෞද්ධයෙක්. මම හිතනවා උඩරට කෙනෙක් විදිහට ඒ හැඟීම ඔයා තුළත් ඇති කියලා.

      Delete
    2. ඔව්.. මමත් බුද්ධ ධර්මයට ගොඩක් ගරු කරනවා. විශේශයෙන් බෞද්ධ දර්ශනයට. ඒත් දැනට අපි ලංකාවෙන් පිට ඉන්න නිසා බොහෝ වෙලාවට ඒ කටයුතු වලින් ටිකක් ඈත් වෙන්න වෙලා තියෙන්නේ.

      Delete
  5. ඇත්තටම හඳේ හුලං නැද්ද ?

    මේක පිළිබඳත් පිටසක්වල ජීවින් සිටීද නැද්ද කියන ගැටලුව තරම්ම ඔව් නෑ කතා තියනවා.. ඇමෙරිකාවට පස්සෙ රුසියන් කාරයො හඳට ගියානෙ.. ඉතින් ඒ ගියාමවත් බලන්න එපෑයැ ඔහොම කොඩියක් තිබුනද කියලා...එහෙම නැත්නම් මුන් දෙගොල්ලොම බොරු කරලා ඇත්තෙ.. තාම එකෙක්වත් හඳට ගිහින් නැතුව ඇති..

    පුංචි බණ්ඩටවත් කියලා බලන්න ඕනා ගිය වෙලාවක ඇමෙරිකන් කොඩියක් තිබුනද කියලා බලන් එන්න කියලා..

    මට තියන ගැටලුව මේක නෙමේ... මෙයා මේ කලයක් නිදාගන ඉඳල නැගිට්ට ගමන් හඳක් අල්ලන් දගලන්නෙ ඇයි කියලායි .. :-)

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නා හඳට ගියේ නැද්ද? පුංචි බන්ඩට කිව්ව නම් එක්කන් යනවනේ..

      මම මේ දවස්වල හඳට යන්න ඉනිමගක් හදනවනේ.

      Delete
    2. අන්න හොඳයි.. කාලෙකට පස්සෙ කමෙන්ට්ස් වලට රිප්ලයිත් කරලා තියෙන්නෙ..හඳ අල්ලන්ඩ යන්නැතුව ඔහොම යන්න තියෙන්නෙ.. :-)

      Delete
    3. සෙන්නා අය්යේ,
      ඔයාහැබහින් හඳ දැකලා තියෙනවද? අපේ තාත්ති නම් පෝය දවස්වලට මිදුලට එක්කගෙන ගිහිල්ලා ලස්සනට පිරිලා තැටියක් වගේ තියෙන හඳ පෙන්නවා.

      ----------- පොඩි මල්ලි ............

      Delete
    4. අනේ සෙන්නා මම හඳ අල්ලන්න ගියා කියලද ඔයා හිතුවේ. මම හැමදාම බිම ඉදන් හඳ දිහා බලන් හිටියා මිසක් හඳට යන්න නම් හිතුවේ නෑ.

      පොඩි මල්ලි සෙන්නා හඳ බලන්නේ ඇස් පියාගෙන ලු.

      Delete
    5. @ පොඩි මල්ලි,
      ------------------
      පොඩි මල්ලි ඔයා හඳ දකින්න ආස ද? අපේ ගෙදර මිදුලට හරි ලස්සනට හඳ පේනවා. මට හරි ආසයි දවසක රාත්‍රියක අපේ ගෙදර ඉඳලා මිදුලට බැහැලා ඔයාට ඒ ලස්සන හඳ පෙන්නන්න. ගෙදරින් අහලා දවසක අපේ දිහා නවතින්න බලාගන එන්න දවස් දෙක තුනක් ඉස්කෝලේ නිවාඩු දවස් කීපයක් අල්ලලා. ටර්ම් ටෙස්ට් වලින් පස්සේ දෙන නිවාඩු කාලේදී නම් තවත් රසවත් වේවි ඔයාට ඒ කාලය. අපේ ගෙවල් ලඟ ගලා යන සීතල ඇලේ වතුර පොඩ්ඩක් නාලා. උණු උණු රතුහාලේ බත් පොඩ්ඩක් කට දන පොල් සම්බලයි බැදපු මාළු කූරියෝ එක්කයි කාලා හොඳ ලොකු ඇම්බුම් කෙසෙල් ගෙඩියකුත් කාලා පොඩි ඇලර්ට් එකකුත් දාලා සීතලේ ගැහි ගැහී රෑට ඇහැරිලා එළියට ඇවිල්ලා අපිට හඳ බලන්න බැරියෑ පොඩි මල්ලියෝ..( පුංචි කුමාරිහාමි වගේ කට්ටිය නම් අපේ පුංචි ගෙවල් වලට ගොඩ වඳින එකක් නැහැ. නැතිනම් එයා එනවා නම් හරි ඉහළින් පිළිගන්නේ මං)

      Delete
    6. අනේ අම්මෝ.. චමිල්.. ඔයා මොනවද මේ කියන්නේ. අපි වගේ ලංකාවෙන් පිට සීත රටවල ගැහී ගැහී ඉන්න අයට. ඔය වගේ සුරංගනා කතා කියන එක පව් නැද්ද. අනික පොල් සම්බෝලයි රතු කැකුළු බතුයි... මම ආයිත් නම් මෙහෙම කමෙන්ට් බලන්නේ නෑ.
      දුකේ බෑ..

      Delete
    7. චමිල් අය්යේ,

      අනේ අය්යා කිව්ව විස්තර අහලා හරියට ආසා හිතුනා. ඒත් අපිව ගෙදරින් පිට කොහේවත් අම්මලා තාත්තලා යවන්නේ නැහැනේ අය්යේ. ඉස්කෝලේ ට්‍රිප් යද්දී වුනත් ගෙදරින් යන්න දෙන්නේ දාහක් දේවල් හොයලා බලලා තමයි. අපේ මාමා කෙනෙක් අම්මටයි තාත්තටයි දවසක් කිව්වා අය්යේ කොල්ලෝ මෙහෙම ගෙවල්වල දාගෙන හදන්න එපා කියලා. ඒත් තාත්තට වඩා අපේ අම්මා හරි සැරයි. තාත්ති නම් මාත් එක්ක ඉද හිටලා හරි බෝල් ගහන්න ආවත් අම්මි කරන්නේ මට පාඩම් කරන්න කියලා හැම තිස්සේම කන්කරච්චල් කරන එකම තමයි. හවසට ටියුශන් ගිහිල්ලා ගෙදර එද්දී මට හොඳටම මහන්සියි අය්යේ. සෙනසුරාදා ඉරිදා දවස්වලත් පංති එක එක විෂයන් වලට. කලින් දහම්පාසැල් ගියා. ටියුශන් නිසා දැන් ඒකත් නැවතිලා. මට හඳ බලන්න වෙන්නේ කවදාහරි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරවෙලා ඔයාලා වගේ ලොකු වුන දවසක තමයි ඉතින්.

      ---------------- පොඩි මල්ලි ----------

      Delete
  6. මේ හැම දෙයකටම විද්‍යාත්මකව හේතු දෙන්ට පුළුවන් යාළු :)

    කොඩිය හෙලවෙන එක මුලින්ම දැක්කම හිතෙනවා තමා මේක බොරුවක් කියල. ඒත් ඒකටත් විද්‍යාත්මක හේතු තියෙනවා. කොඩිය හයි කරලා තියෙන්නේ එල් හැඩයේ රාමුවක. කොඩිය නවල තිබුණු නිසා නැමීම් පාරවල් නිශ්චල ඡායා රූපෙකදී හෙලවෙනවා වගේ ('ripple effect' එකක් )පෙන්නුම් කරන්ට පුළුවන්.
    කොඩිය එල්ලද්දී පොඩ්ඩක් හෙලවෙන එක ඇත්තටම් හුළඟ නිසා නෙවි. හුළඟ නැති නිසා, ඒ කියන්නේ වාත ප්‍රතිරෝධය නැති නිසා වෙන සරල අනුවර්තී චලිතයක් වගේ එකක්.

    මෙතනින් ඔක්කොම දේ පැහැදිලි කරලා තියෙන හැටි බලන්ට පුළුවනි:
    http://en.wikipedia.org/wiki/Moon_landing_conspiracy_theories

    ReplyDelete
    Replies
    1. @ අමා,
      ඔයාගේ කොඩිය හෙල්ලෙන කතාව කියෙව්වට පස්සේ මට සෙන් බෞද්ධ කතාවක් මතක් වුනා. මම කෙටියෙන් ඒක කියන්නම්. දවසක් එක සෙන් ආචාර්යරයෙකුට ගෝලයෝ දෙන්නෙක් හිටියා. මේ ගෝලයෝ දෙන්න හරි පණ්ඩිතයි. එක්කෙනෙකුට කෙනෙක් පරදින්න කැමති නැහැ. දවසක් මේ ගෝලයෝ දෙන්න දුර ඈත පළාතක ගමන් ගියා පා ගමනින් යන්න තියෙන්නේ. ඉතින් ඔහොම යද්දී මේ දෙන්නට පේනවා දුර ඈත පිට්ටනියක ගහලා තියෙන කණුවක් වගේ දෙයක්. මේ දෙන්නත් ඒ කණුව ළඟට ගිහින් බැලුවා. ඒ කණුවේ මුදුනේ කොඩියක් හයි කරලා තිබ්බා. සුළං පාර ඒ මේ අත හමා එද්දී කොඩිය සුළඟට සෙලවෙන්න පටන් ගත්තා. දැන් ඒක දිහා බලා හිටපු එක ගෝල භික්ෂූන්වහන්සේ නමක් කිව්වා මේ කොඩිය දකුණු පැත්තට තමයි හුලඟ නිසා වැනෙන්නේ කියලා. මේක අහපු දෙවැනි ගෝල භික්ෂූන්වහන්සේ නමට මේ කතාව තරහා ගියා. එයා කියනවා නෑ වැරදියි. මේ කොඩිය හෙලවෙන්න උතුරු පැත්තට කියලා. දැන් මාර තර්කේ. වාද විවාද කරගන්නවා. ඇයි එක්කෙනෙකුගේ මතය පිලි ගන්න අනෙක් කෙනා අකමැතියි. දෙන්නාම තවත් කෙනෙකු තමන්ට වඩා දන්නවා කියලා පිළිගන්න කැමති නැහැ. එක් කෙනෙකුගේ මතය පිළිගත්තොත් තමන්ට වඩා අනෙක් කෙනා දන්නවා කියලා පිලිගන්න වෙන නිසා මේ දෙන්නම යන්න ගිය ගමන නතර කරලා එතන ඉදන් වාදවිවාද කරගන්න ලෑස්ති වුනා. දැන්මේ වාදය මාතෘකාව කොඩිය වුනාට ත්‍රිපිටක ධර්මය වගේම ලෝකේ නොයෙකුත් දාර්ශනික මතවාද දම දමා මේ දෙන්නා මහා තර්ක විවාද කරගත්තා. හරියට විශාල විවාද තරඟයක් වගේ. මේක බලන්න ඒ පැත්තේ වැසියෝ බොහෝ විශාල පිරිසකුත් එතැනට එක්රොක් වුනා. දැන් මේ ගෝල භික්ෂූන්වහන්සේගේ ගුරු සෙන් හාමුදුරුවන්ටත් මේක ආරංචි වෙලා එතැනට වැඩියා. කවරුත් උන්වහන්සේව බොහෝම ගෞරවයෙන් පිලි අරගෙන හිඳ ගැනීමට අසුන් පණවලා වැඳලා එකත් පසක හිටියා. සෙන් ගුරුතුමා ගෝලයෝ දෙන්නගෙන් වෙන වෙනම අදහස් ඇහුවා. ඒ අය තම තමන්ගේ මතය ඉදිරිපත් කලා. මේ අය බැලුවේ තමන්ගේ ගුරුතුමා තීරණය කරන්නේ මොන අදහසද කියලා. ඒ කියන්නේ මේ කොඩිය වැනෙන්නේ උතුරු පැත්තට ද එහෙම නැතිනම් දකුණු පැත්තට ද කියලා ගුරුතුමා ලබා දෙන අදහස මඟින් තම තමන්ගේ මතය ජයග්‍රහණය කරාවී යැයි මේ ගෝලයෝ දෙන්නම එක වගේම බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියා. සෙන් ගුරුතුමා ඉතා සාමකාමීව සිනාමුසුව දෙන්නා දිහාම බලා සිටියා. දැන් දෙන්නටම ගැටළුවක්. එක ගෝලයෙක් අහනවා. ගුරුතුමනි මේ කොඩිය වැනෙන්නේ දකුණු පැත්තට නේද? ගුරුතුමා සිනාමුසුව හිස සලා ඒ අදහස ප්‍රතික්ෂේප කරලා නැහැයි කියලා කිව්වා. දැන් අනිත් කෙනාට හරි සතුටුයි. මොකද උත්තර දෙකයිනේ තියෙන්නේ. එයින් එකක් වැරදි නම් අනික හරි වෙන්න එපැයි. දැන් අනිත් කෙනාට හරි සතුටුයි. එයා කියනවා. ඒකනේ මම කියන්නේ මම කියපු දේ හරි. මේ කොඩිය වැනෙන්නේ උතුරු පැත්තට එහෙම නේද ගුරුතුමනි? ඒත් නැහැ ගුරුතුමා බොහෝම සාමකාමීව ඉවසිලිවන්තව ප්‍රකාශ කලා. මොනවා එහෙම නම් කොඩිය වැනෙන්නේ මොන පැත්තටද? මේ දෙන්නාම පුදුමයෙන් ප්‍රකාශ කලේ ගුරුතුමා කියන දේ වටහා ගැනීමට බැරිවයි. ඉතා සන්සුන් ස්වරූපයෙන් අවවාදාත්මකව ගුරුතුමා මෙහෙම කියනවා දරුවනේ වැනෙන්නේ කොඩිය නොවේ නුඹලාගේ සිතයි. එය හදාගන්න එවිට සියල්ල යථා ස්වරූපයෙන් දැකීමට හැකිය. මේ බෞද්ධ සෙන් කතාවේ මතුපිට අදහසට වඩා ඉතා ගැඹුරු දාර්ශනික අන්තර්ගතයක් තිබෙනවා. මම මේ කතාව කියෙව්වේ සෙන් බෞද්ධ කතා එකතුවක් කියලා තිබුණු පොතකින්.

      Delete
    2. ස්තූතියි අරුණි ඉතා වටිනා අදහසක්..

      සැබැවින්ම මේ හැමදෙයකටම මුල් වන්නේ අපේ සිත තමයි.

      Delete
    3. @ පුංචි කුමාරිහාමි,
      -----------------------------------
      ඔයා නිතරම අපි ඉල්ලන අපි කැමති දේවල් ලියන නිසා මම මේ වතාවේ ඔයාට කියන්නේ හිත ගැන ඊ ළඟ ලිපිය ලියන්න කියලා. අපිට හිතෙන්නේ ඇයි? මම විදිහට අනෙක් කෙනා හිතන්නේ නැත්තේ ඇයි? සමහර දේවල් හිතා ගන්න බැරි ඇයි? මේ වගේ හිත ගැන ගොඩාක් දේවල් ලියන්න ඔයාට පුලුවන්. ගෑනු හිතන විදිහ පිරිමි හිතන විදිහට වඩා වෙනස් ඇයි? මේ වගේ දේවල් එකතු කරගත්තොත් ඔයාට බරසාරෙට ලියන්න පුලුවන්. එතකොට ඔය පිරිමි පාර්ශවයෙන් අපිට හොඳට ලුණු අඹුල් ඇතිව කමෙන්ට් ටිකකුත් දමා ගත්තෑහිනේ..හි..හි. ඔයා බය නම් කියන්න මම ලියලා එවන්නම්.. ඔයාට තියෙන්නේ ඔයාගේ වගේ බ්ලොග් එකේ පල කරන එක විතරයි.. කොල්ලෝ බැන්නොත් අහු වෙන්නේ මම නෙවෙයි ඔයානේ..හි හි..

      Delete
    4. හොද අදහසක් අනූෂි.. හි හි. ඒත් අපේ කොල්ලෝ ටික අපිට එලව එලව ගහයිද දන්නේ නෑ. මගේ කලින් පෝස්ට් එකත් ටිකක් ඒ වගේ. "අපි වෙනුවෙන් අපි"..
      ඇත්තෙන්ම හිත ගැන ගොඩක් දේවල් තියෙනවා නේද හිතන්න.

      Delete
    5. අමා අක්කේ,

      ඔයා කොඩිවලට ආසාද මන් ලඟ තියනවා එක එක රටවල්වල එකතු කරපු ජාතික කොඩි පින්තූර ඔයාට ඕනේ නම් මම දෙන්නම්.

      --------- පොඩි මල්ලි -----------

      Delete
  7. මගේ මතයත් මෙය මුසාවක් බවයි. 60 දශකයෙ තිබුන තාක්ෂණයෙන් මේ දේ කරන්න එදා ඇමරිකාවට හැකි වුනා නම් අද තියෙන දියුණු තාක්ෂණය යටතේ ඇයි ඇමරිකාවට පහසුවෙන් හදට යන්න බැරි...ඔවුන් නැවතත් හදට යන්න සැලසුම් කරන්නෙ 2020 දි.

    මේ සියලුම දේ චිත්‍රාගාරයක් තුල කල මවාපෑම් පමණයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. සිරා මමත් කියන්නේ? කියන්නේ නම් වියදම් වැඩි නිසාලු.. අපිටත් උදේ හවස හඳට ගිහින් එන්න තිබ්බනේ ඒහෙම කරා නම් :D

      Delete
    2. @ සිරාගේ කාමරේ,
      -----------------------------------
      වියදම වැඩි නිසා හදට යන්න හැකියාවක් නොලැබුනා යැයි කීම මුසාවක් කියලා කියන්න එපා. මොකද නූතන විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ බොහෝමයක් ක්‍රියාත්මක වෙන්නේ ඒවාට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මත තමයි. වියපැහැදම් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ ඒ සිදුකරන පර්යේෂණ වෙළඳ පළ මිල ක්‍රමය අනුව ඒ අයට වාසිදායක නම් විතරයි. හදට යන්න පර්යේෂණ කලා කියලා වාණිජ අංශයෙන් එය එතරම් ඵලදායී අයෝජනයක් කියලා හිතන්න නැතුව ඇති ව්‍යාපාරිකයෝ. මොකද හදේ බිස්නස් කරන්න කියලයෑ. උනන්දුව තිබූ පමණින් විද්‍යාඥයෙකුට පර්යේෂණ කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ සේරම දේවල් පාලනය කරන හදිසි හස්තය මුදලයි. ඒ නිසා මුදල මත තමයි තීරණ ගැනීමේ ක්‍රියාවළිය බොහෝ දුරට රැඳිලා තියෙන්නේ. මේ නිසා වැරදි දෘෂ්ටි කෝණයෙන් බලලා වැරදි නිගමනවලට එන්න එපා.

      Delete
  8. Replies
    1. ගොඩක් ස්තූතියි ඔබ තුමාට..

      Delete
    2. @ ආචාර්ය සුජිත්නිශාන්ත හේවගේ,
      -----------------------------------------------
      මෙතන මට පොඩි ගැටළුවක් තිබෙනවා. ආචාර්යතුමා හරි ලස්සනයි කිව්වේ මොකටද කියලා මට පැහැදිලි මදි. ඒක කෙනෙක් ගැන හිතලා කියපු දෙයක්ද එහෙම නැතිනම් මෙහි ලියවිලා තියෙන දේවල් ගැන හිතලා කියපු දෙයක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? මාව වරදවා තේරුම් ගන්න එපා. මේකේ ළඟින්ම තියෙන්නේ පුංචි කුමාරිහාමිගේ රූපය. එතකොට යම් කෙනෙකුට උපකල්පනය කරන්න පුලුවන් ඔබතුමා හරි ලස්සනයි කිව්වේ කෙනෙකු ගැන හිතලා හරි දැකලා හරි කියලා. ඒකනේ අපි ඔය ෆොටෝ දාගන්නේ නැතුව මේ වගේ සරළ විදිහට ඉන්නේ. එතකොට ගැටළු අඩුයි. ප්‍රශ්න අවමයි. බුදු දහම අනුව ජීවත් වෙන්න පහසුම ක්‍රමය මේක තමයි.

      Delete
    3. අනූෂි පැල්පළ,
      මම හරි ලස්සනයි කියලා කිව්වේ හඳ පිළිබඳව දක්වා අති රමණීය රචනාව. එහි විද්‍යාත්මක පක්ෂය හා චමත්කාර ජනක පක්ෂය එකට ගෙන සමස්තයක් විදිහට දැකලා තියෙන ආකාරයටයි මම හරි ලස්සනයි කිව්වේ. ඒක හොඳ පිරිසිදු සිතින් අවංකව කියපු දෙයක්. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් හිතන්න වගේම කියන්නත් අයිතියක් තියෙනවා. ඒක අපිට නතර කරන්න බැහැ. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැනේ. ඒත් අපි බලන්න ඕන එහෙම කියන්න කලින් ඒකේ ප්‍රතිඵලය මොන වගේද කියලා. ඕනම තැනක ගැහැණු දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි එකතු වුනොත් එතන මොකක් හරි අවුලක් වෙනවා. දැන් මට අලංකාර රචනාවක සුන්දරත්වය රස විඳලා ඒක ලස්සනයි කියන්න වත් අයිතියක් නැද්ද එතකොට. ඇයි පිරිමි අපිව වැරදි විදිහටම තේරුම් ගන්නේ. අනික මේක පුංචි කුමාරිහාමි දුටු විට ඇයට ඇතිවිය හැකි මනෝභාවය පිලිබඳව වුනත් ඔයා ඹයිට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණා. ඒකනේ කියන්නේ ඔයාලා දුරදිග හිතන්නේ නැහැ කියලා.

      Delete
    4. මට නම් නිශාන්ත හේවගේ මහත්මා කියූ දෙය තේරුනා. අනුෂි තමා ඒ ගැන ගැටලුවකින් ඉදලා තියෙන්නේ. අනික ආචාර්ය තුමා ලස්සනයි කියන්නේ මටනම් මේකේ ඉන්නේ මම නෙමෙයි කියලා ඕනේ කෙනෙක්ට පේනවානේ. ඒක නිසා එතුමා කිව්වේ මේ ලියවිල්ල ගැන බව මම දුටු ගමන් වටහා ගත්තා.

      මම මගේ පින්තූරය නෙමෙයි මේ දාලා තියෙන්නේ අනූෂි ඒ බව ඔබ නොදනන්වා වෙන්නටත් බෑ. මේ ජැකොලයින් කියන නිලිය. :D

      Delete
    5. @ පුංචි කුමාරිහාමි,
      -----------------------------
      අයි..අය්යෝ .. හි..හි..ඔයත් සීරියස් ගත්තානේ. මම ඒක කිව්වේ විහිළුවට.. මම දන්නවනේ ඔයාගෙයි ජැකොලයින්ගෙයි වෙනස. අනික ඔයා ජැකොලයින් විතර හැඩ නැති බවත් දන්නවනේ. පව් අනේ... ආචාර්ය තුමාට ගොඩාක් ලැජ්ජ හිතිලා වගේ බලන්න ලියලා තියන දේ. මට නිදහසට කරුණු ඉදිරිපත් කරලා වගේයි. ඒක දැක්කම මට ගොඩාක් දේවල් හිතුනා. ඒත් ලියන්න නම් පොඩ්ඩක් විතර බයයි. මම දන්නවා ඔයා නම් මා එක්ක චුට්ටක් වත් තරහා නොවෙන විත්තිය. ඒත් ආචාර්යතුමා අපි වගේ නෙවෙයිනේ. එතුමාගේ බරසාර ආකල්පත් එක්ක ඒ වගේ විහිළු කරන්න බය හිතෙනවා මට නම්. කැම්පස් එකේ අපිට දේශනකරපු මහාචාර්යවරු ආචාර්යවරු සිහි වෙනවා මට නම් එතුමා දකිද්දි.. කොහොම වුනත් කිසිවෙකුගේ හිත නොරිදෙන විදිහට අහිංසක විහිළුක් කරලා අපි ගෙවන පීඩාකාරී ජීවිතයට තරමක වත් සැහැල්ලුවක් ගැනීමේ අදහසින් මිසක මම විහිළු කලේ කාගේවත් හිත රිදවා සතුටක් ලබන චේතනාවෙන් නෙවී කියලා ඔයා දන්නවනේ කුමාරි.

      Delete
    6. @ අනූෂී පැල්පළ,
      --------------------
      ඔයා ඔහොම කිව්වට අනූෂි, පුංචි කුමාරිහාමි ජැකොලයින්ට වඩා ලස්සන ඇති කියලා මට නම් හිතෙනවා. මොකද ඇය තමන්ගේ නියම ලස්සන පිටට පෙන්නන්න කැමැති නැහැ. ඔයාගේ රූපය දැක්කම ඔයා එක්ක කතා කරන්න පැකිලෙන නිසා ඔයා ඔයාගේ රූපය හැංගුවට පුංචි කුමාරිහාමිට නම් තවම දෙය්යන්ගේ පිහිටෙන් එහෙම දෙයක් කරන්න ඕන කමක් නැහැ. ලස්සන ගෑනු කෙනෙක් දැක්කම සමහර පිරිමි අහනවා ( මමත් එහෙම නම් කියලා තියෙනවා වගේ මට මතකයි) අනේ ඔයා බැඳලා බබෙක් ඉන්නවා කියලා හිතන්නවත් බැහැ කියලා. මේ කතාව මම කිව්වේ ඔයාට නෙවෙයි පුංචි කුමාරිහාමි ගැනයි. අනික අනූෂි තමන්ගේ බාහිර පෙනුම සම්බන්ධව තවත් ඔයා වගේම කාන්තාවකට ඊර්ෂ්‍යා කරන්න එපා. බලන්න පිරිමි කොයි තරම් කාන්තාවන්ව අගය කරනවද කියලා. ඒත් ඔයාලාට එකෙත් කිසිම අගයක් නැහැ. අපිට අපහාස කරනවා අනන්තවත් මටත් ඇහිලා තියෙනවා..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වුනත් සමහර පිරිමි අයට කියනවා අනේ එයා හරි ඇඹලයි වගේ කියලා. ගෑනු අය එයාලගේ හොඳ තිබුණත් ඒකට ඊර්ෂයා කර ගන්නවා. පිරිමි අපි එයාලව වර්ණනා කළාම අපි ඇඹලයි කියලා අපිට බනිනවා. ( මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇඹලයි කිව්වේ මට නෙවෙයි මගේ යාලුවෙකු හොඳේ. නැත්නං ඒකත් අල්ලගෙන මාව බය්ට් කරාවී)

      Delete
    7. @ අනූෂි.. මේ ඔන්න අපහාස කරන්න එපා හොදේ. මම ලස්සනයි ජැකලයින්ට වඩා. :D හි. හි.

      ආචාර්‍යතුමා තරහ වෙන එකක් නෑ අනූෂිගෙ විහිලුවලට..

      Delete
    8. චමිල්ට ස්තූතියි මාව බේරගත්තට.. :D

      Delete
    9. @ අනූෂි පැල්පළ,

      අනූෂි ඔයා පුංචි කුමාරිහාමිට ඇයි කැතයි කියලා විහිළු කලේ.ඔයා හොඳටම දන්නවා කුමාරි ජැකලයින්ට වඩා ලස්සන බව. මම නම් ලස්සනයි කියලා ඔයාලා දෙන්නම හොඳටම දන්නවානේ. මම ඒක නිසා ඇගයීමටත් ලක් වෙලා තියෙන නිසා වැඩිපුර ඒ ගැන කියන්න යන්නේ නැහැ. නමුත් මම කියන්නේ කාන්තාවක පිටතින් වගේම හදවත ඇතුලතිනුත් ලස්සන විය යුතු බවයි. මම වුනත් ගොඩාක් මේක් අප්ස් වලට යන්නේ නැහැ. වුවමනාව වෙලාවට විතරයි ඒවා වුනත් භාවිතා කරන්නේ. අපිට ඉතින් නිතරම ඒවා අවශ්‍යයිනේ. ඒත් මම හැකිතාක් අඩුවෙන් තමයි ඒවා වුනත් භාවිතා කළ යුතුම අවස්ථාවලදී වුනත් භාවිතා කරන්නේ. මොකද ඒවායේ කෙමිකල්ස්වල පිළිකාකාරක සංයෝග පවා අන්තර්ගතයි. විශේෂයෙන්ම තොල් ආලේපනවල. ජැකලයිනුත් අපේ කෙල්ලෙක්නේ. මම හොඳින්ම ඇයව හඳුනනවා. විදේශතවුන වෙලාවලදී හමු වෙනවා නිතර නිතර ඇය නිතරම ලංකාව හා මෙහි මිනිසුන් අගය කරනවා. සැප සම්පත් කොයිතරම් තිබුණත් එහෙදී වැඩියෙන්ම දැනෙන්නේ අපේකම කියලා මට හිතෙනවා. දාහක් මිනිස්සු අතරේදී වුනත් මනසින් හුදකලා වුන අවස්ථා මගේ මතකේ තියෙනවා. මෙහෙ ජීවත්වෙන කෙනෙකුට වඩා ලංකාවේ අගය දැනෙන්නේ විදේශගතවෙලා ජීවත් වෙන කෙනෙකුට බව තේරුම් ගන්නේ විදේශගත වෙලා ඉන්න අය පමණයි.

      Delete
    10. ඇත්තටම මම අද තමයි අරුණිව කවුද කියලා දැනගත්තේ. අනූෂි ඒ ගැන කියලා තිබ්බ නිසා. අපිට ලංකාවේ ඒ වගේ කේෂ්ත්‍රවල ඉන්න අය ගැන ඒ තරම් දැන ගන්න ලැබෙන්නේ නෑ. අරුණි කියලා තිබ්බනේ " මම නම් ලස්සනයි කියලා ඔයාල දෙන්නම දන්න්වනේ" කියලා මම හිතුවේ ඒක විහිලුවක් කියලා.
      මම ඔයාව දැකලවත් අහලාවත් තිබ්බේ නෑ අද වෙනකන්. අදයි දැක්කේ ගොසිප් ලංකාවෙබ් එකෙන්.
      ඇත්තටම දැන් කියනවා ඔයා ලස්සනයි..

      Delete
    11. @ පුංචි කුමාරිහාමි,
      අනේ අපොයි නැහැ. මම අනූෂි එක්ක වත්, පුංචි කුමාරිහාමි එක්ක වත් පොඩ්ඩක්වත් තරහා වෙන්නේ නැහැ. මට හොඳට විහිළු තේරෙනවා. හාස්‍ය, උපහාසය, අපහාසය යන දේවල් වලින් හැඳින්වෙන්නේ වෙන වෙන අර්ථ තියෙන මතුපිටින් එකම වාගේ සංකල්ප. නමුත් මේවායේ සියුම් වෙනස් කම් තියෙනවා. හාස්‍ය හොඳයි. උපහාසය නම් බුද්ධිමය මුහුණුවරක් තිබෙන දෙයක්. ඒත් අපහාසය නම් තනිකරම ද්වේෂ මූලයෙන් දූෂිත වූවක්. නමුත් සමාජයේ බොහෝ දෙනෙකු ළඟ තියෙන්නේම අපහාසය. අනුන්ට නොයෙක් විදිහේ කැත කතා කියලා අපහාස කරලා එයින් කූරිරු සතුටක් ලබන්න තමයි අද සමාජයේ වැඩි දෙනෙකු පෙළඹිලා තියෙන්නේ. මේ නිසා පුද්ගලයින් අතර සාමය සමඟිය විශ්වාසය නැතිවෙලා ගිහිල්ලා. කෙනෙකු තවත් කෙනෙකු සැක කරන මට්ටමට, තව කෙනෙකට ද්වේෂ කරන මට්ටමට පත්වෙලා.

      Delete
  9. අපට සංජානනය කරගත හැක්කේ මාන 3 ක අරමුණු පමණකි. ඊට අමතරව මාන 4 හෝ ඉන් ඔබබේ පවතින බහුමානික ලෝකය අපගේ ඉන්ද්‍රියන්ට සංජානනය නොවේ. බහුමානික ලෝකය පිළිබඳව යමක් වටහානිදසුනක් ලෙස මෙහෙම හිතමු අපේ ලෝකය පවතින බව අපට දැනෙනනේ අපේ ඇස, කණ, නාසය, දිව, සිරුර හා මනස නිසාය. මේ ඉන්ද්‍රියන් හය මඟින් විවිධ අරමුණු සංජානනය කරගන්නා බැවින් ඒවාට අරමුණු වන විෂය වස්තු හා අරමුණු සැබවින් පවතින බව සංජානනවලට සාපේක්ෂකව අපි නිගමනය කරමු. මේ ඉන්ද්‍රියන් සය නැති වුවහොත් ඒ කිසිදු සංජානනයක් අපට නොලැබේ. එවිට ලෝකයක් පිළිබදව අවම වශයෙන් දළ අවබෝධයක් වත් ලබාගත නොහැකිය. එසේම එවිට සත්ව පුද්ගල ප්‍රඥප්තියක පැවැත්ම පිලිබදව පවා අදහසක් ලබාගත නොහැකිය. නමුත් මෙය උච්ඡේදවාදි ආකල්පයක් නොවේ. මේ ඉන්ද්‍රිය සය හට ගැනීම හා නිරුද්ධිය සිදු වන ක්‍රමය බෞද්ධ දෘෂ්ටි කෝණය අනුව විස්තර කර දී තිබේ. එහි සඳහන් ක්‍රමවේදය පිළිපැදීම මඟින් ෂඩ් ඉන්ද්‍රියන්හි අරමුණු ගැනීමේ ක්‍රියාවළිය සංසිඳවිය හැකිය. මනුෂ්‍ය, දේව හා බ්‍රහ්ම ලෝක ලෙස විස්තර කර දී ඇත්තේ මේ ඉන්ද්‍රියන්හි විවිධ මට්ටම්වල අරමුණු ගැනීමේ සියුම් හා රළු බව මත පදනම් වූ ලෝක ව්‍යවහාරයකි. නිදසුනක් වශයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයෙහි ඇස, කණ, නාසය, දිව, ශරීරය නැත. නමුත් එහි මනස පමණක් ඇත. මේ නිසා ශුද්ධ මනෝ ඉන්ද්‍රියට දැනෙන අරමුණු පමණක් එහිදී ඇතිවේ. ග හැක්කේ මානසික පැතිකඩ ඔස්සේ පමණකි.

    ReplyDelete
    Replies
    1. කලා මැදිරියාට හඳ දැකලා හිනාද? :D

      Delete
    2. හි..හි.. මෙකේ කලාමැරියොත් ඉන්නවානේ.. අපේ ගෙදර රෑට ලයිට් ගියාම මම දැකලා තියෙනවා පුංචි පුංචි කලාමැදිරියෝ පියඹාගෙන යනවා චූටි චූටි එලිකුත් එක්ක. මම උන්ගෙන් එකෙක් අල්ලා ගන්න හැදුවා ඒත් අමාරුයි. උන් හරි චූටියි. කලාමැදිරියෝ කෝමද මෙකේ ලියන්න එන්නේ. මට නම් හිතාගන්න බෑ..
      ----- පොඩි මල්ලි -------------

      Delete
  10. අපි ලෝක යනුවෙන් ව්‍යවහාර කරනුයේ අපේම ඉන්ද්‍රිය සංජානන ක්‍රියාවළිය මඟින් අභ්‍යන්තර ගතව ගන්නා අරමුණු එකතුවකටය. එයින් පරිබාහිරව ලෝක යනුවෙන් කියා දෙයක් නැත. මේ මම කියන දේ ඉතා ගැඹුරු සංසිද්ධියකි. එය මෙසේ සංක්ෂේපයෙන් කීවාට විස්තර කළ යුතු ස්ථාන බොහෝ ඇත. ඉන්ද්‍රිය සංජානන මිස ලෝකය යනුවෙන් හැඳින්විය හැකි දෙයක් නොපවතියි. අපි සාමාන්‍ය සම්මුති වශයෙන් හද, ප්ලූටෝ, අඟහරු, පෘථිවිය, බ්‍රහස්පති යනුවෙන් පැවසුවද එහි අන්තර්ගත වනුයේ හුදෙක් ඉන්ද්‍රිය සංජානන පමණකි. නිදසුනක් ගෙන බලමු. අපේ ස්පර්ශය සමට දැනේ. එය කාය ඉන්ද්‍රියයි. ස්පර්ශය දැනෙන ස්වභාවය නිසා ඝන ද්‍රව්‍ය පවතින බව අපේ ස්පර්ශයට දැනේ. කාය ඉන්ද්‍රිය නැතිනම් අපට මේ ලෝකයේ ඇති ඝන වස්තු පිළිබඳ ඒ ආකාරයේ දැනීමක් ලබා ගත නොහැකිය. ඇස මඟින් දෘෂ්‍ය සංජානන ලබා ගනියි. ඇස ඉන්ද්‍රියකි. ඇස නැමැති ඉන්ද්‍රිය නොතිබිණි නම් දෘෂ්‍ය සංජානන මඟින් ලෝකය පිළිබඳව ලබා ගන්නා කිසිදු සංජානන කොටසක් දැනගත නොහැකිය. සෙසු ඉන්ද්‍රිය සංජානන පිළිබඳවද තත්වය මීට සමානය. මනස ද ඉන්ද්‍රියකි. එයට ලබා ගන්නා අරමුණු ධම්ම නමින් හැඳින්වේ. මේ අයුරින් ෂඩ් ඉන්ද්‍රිය සංජානන මිස ලෝක යනුවෙන් සැබවින්ම පවතින දෙයක් නැත. ලෝකයක් යනුවෙන් සාමාන්‍ය සමාජයේ භාවිතා වනුයේ හැම දෙනාම මේ ඉන්ද්‍රිය සංජානන ලබා ගන්නා නිසාය. ඒ ඉන්ද්‍රිය සංජානන හැඳින්වීමට තබා ඇති පොදු නාමයක් (Common Term) හැම දෙනාම පොදුවේ භාවිතා කිරීම ලෝක සම්මුතිය බිහිවීමට ප්‍රධානම හේතුවයි. මේ අනුව ඔබ විසින් පවසන හඳ යන්න එක්තරා පොදු සම්මුතියක් මිස සැබවින්ම පවතින දෙයක් නොවන බව දැක්විය හැකිය. නමුත් මානව සංජානනවල පවතින පොදු සමානත්වය නිසා හැම මානවයෙකුහටම හඳ යනුවෙන් සැබැවින්ම ග්‍රහ වස්තුවක් පවතින බවක් පෙනේ. එසේම වෙනත් ඉන්ද්‍රියන්ට සංජානනය වේ. හඳේ ජීවින් ඇති නැති බව පවා පවසන්නේ මිනිසාගේ නිර්ණායක වලට සාපේක්ෂකවය. මිනිස් නිර්ණායක වලට අනුව හඳ මතුපිට ජීවයක් තිබීමට නම් ඔක්සිජන වායුව හා ජලය තිබිය යුතුය. නමුත් ඒවා අවශ්‍ය මානව පැවැත්ම සඳහා බව මිනිස්සු අමතක කරති. මිනිස් ශරීර නිර්මිත වී ඇති ඕලාරික ස්වරූපය අනුව හදවතක්, පෙනහළුවල ක්‍රියාකාරීත්වය ජීව ස්වභාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍යය. මිනිසුන්ට ජලය යට වැඩි කාලයක් සිටිය නොහැකි නමුදු මාළුන් හා වෙනත් ජලජ ජීවින් ජීවිත කාලයම ජීවත්වන්නේ ජලය යටය. මේ ආකාරයෙන් පෙනහළු, හෘදය ක්‍රියාකාරීත්වය රහිත වෙනස්ම ආකාරයකම නිර්මිත ජීවී කොටසකට ඹක්සිජන් වායුව හා ජලය රහිතව සඳ මතුපිට ජීවත්වීමේ නොහැකියාවක් නැත. සඳ මතුපිට ඉහත කී ඔක්සිජන් හා ජලය නොමැති නිසා එහි ජීවත්විය නොහැක්කේ මිනිසුන්ට පමණකි. මිනිසුන්ට ජීවත්වීමට නොහැකි පරිසරයක් තිබූ පමණකින් වෙනත් ජීවින්ට එහි ජීවත්විය නොහැකි යැයි උපකල්පනය කිරීම බලවත් වරදකි. සෙසු ග්‍රහ ලෝකයන්හි තත්වය ද මීට සමානය. විද්‍යාඥයින් වෙහෙස ගෙන සොයන්නේ මිනිසුන්ට ජීවත්වීමට සුදුසු ග්‍රහ ලෝකයකි. නමුදු සෙසු ග්‍රහ ලෝකයන්ගෙන් ලැබෙන තත්ව අනුව ඒවා කිසිවක මතුපිට මිනිසා ජීවත්වීමට අවශ්‍ය සාධක වන ඔක්සිජන්, හිරු එළිය, ජලය, වැනි සාධක නැති නිසා එක්වරම ඒවා මත ජීවින් සිටිය නොහැකි බවට බරපතල නිගමනවලට පැමිණෙති. නමුත් ඒවා මිනිසුන්ට සාපේක්ෂක නිගමන බව ඔවුහු අමතක කරති. අනෙක දේව, රූපී හා අරූපී බ්‍රහ්ම ලෝකවල වසන ජීව (ඒලියන්ස්) ස්වභාවයන් මිනිස් ඉන්ද්‍රියන්ට කොහෙත්ම ගෝචර නොවන බවද මිනිස්සු අමතක කරති. මේවා මා සඳහන් කලේ ඔබට ඔබේ අනික් ලිපි වලට මේ කරුණු තුලින් අලෝකයක් ලබාගත හැකි වෙතැයි මම අවංකව උපකල්පනය කළ බැවිනි.

    ReplyDelete
    Replies
    1. ලෝක යන්න පිලිබඳව සම්මුති සත්‍යය හා පරමාර්ථ සත්‍ය පිළිබඳ මේ අදහස තරමක් ගැඹුරු අදහසක් කියවෙන බවයි මම හිතන්නේ. මහාචාර්යතුමා පවසන අදහස තරමක් ගැඹුරු මට්ටමක තිබෙන බැවින් කීප වාරයක් කියවා මිස පහසුවෙන් මට නම් දිරවා ගත නොහැකි විය. නමුත් එය විශිෂ්ට අදහසක් බව නම් මට විශ්වාසය.

      Delete
  11. පුංචි කුමාරිහාමි,
    ඔයාගේ ලිපි මම ඉතා ආශාවෙන් කියවනවා. දිගටම ලියන්න. ඒ වගේම ඔයා බ්ලෝගය රචනා කිරීමේදී අනුගමනය කරන ආචාරශීලී මධ්‍යස්ථ මෘදු ප්‍රතිපත්තිය ද අගය කරමි. මිනිසුන් අතර හොඳ මිනිසුන් අඩු නරක මිනිසුන් වැඩි නිසා ඒ වගේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීම තරමක් දුෂ්කරයි. ඒත් ඒක තමයි අභියෝගය. මම පිරිමියෙකු වෙලත් මම බ්ලොග් ලිවීමේදී ඒ වගේම වෙනත් අයගේ බ්ලොග් වලට ආචාරශීලී ප්‍රතිචාර දැක්වීමේදී අන්තර්ජාලය තුළ ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් සිදු කිරීමේදී විශාල අභියෝග, බලපෑම්, පළවාහැරීම සඳහා විවිධ බලවේග රහසේ හා එළිපිට ක්‍රියාත්මක වුනා. දැනුත් ඒවායින් නම් අඩුවක් නැහැ. ඒත් දැනට ආචාර්ය උපාධිය (PhD), දර්ශනපති පශ්චාත් උපාධිය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන්ගෙන් විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හා පශ්චාත් උපාධි 5ක් ලබා ඒ වගේම වෙනත් වෘත්තීමය සුදුසුකම් හා ප්‍රවීණත්වය සපුරා රාජ්‍ය ආයතනයක ඉහළ කළමනාකාරීත්වයට අයත් උසස් ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස හා ආරාධිත විශේෂ විශ්වවිද්‍යලයීය දේශකයෙකු ලෙස වෘත්තිමය වශයෙන් සාර්ථක ශාස්ත්‍රීය ජීවිතයක් ගත කරන මා දැනට වසර 24 කට පමණ ඉහත දී මේ රටේ විනය, නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැප වී සේවය කළ අරක්ෂක සේවාවේ උසස් නිලධාරියෙකු ලෙස ලබා ගත් විනය, දැඩි පුහුණුව, ආත්ම සංයමය, ඕනෑම දෙයක් ඉවසා දරා ගැනීමට ලබා ඇති පුහුණුව ආදී දේ මත මාගේ ජීවිතයේ සියළු දේ අභියෝග ලෙස සලකා සිනාමුසු මුහුණුන් විඳ දරා ගත හැකිය. මේ දේවල් කිව්වේ මගේ පම්පෝරිය කියවන්න නෙවෙයි. මා ගැන යම් වැරදි වැටහීමක් ඇති කරගැනීමෙන් වළක්වා ලීම සඳහායි. මම හරිම ආසයි උසස් රස වින්දනයට. ඒත් ඒක තවම අපේ සිංහල බ්ලොග් කරුවන් වැඩි දෙනෙක් වටහාගෙන ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒ අය නිතරම බ්ලොග් පාවිච්චි කරන්නේ අනුන්ට මඩ ගැහීම වගේම උනුන්ගේ පිට කසා ගැනීම් වගේ සරළ අරමුණු ඔස්සේ බව ඉඩක් ලැබෙන විට වෙබ් කියවද්දී මට පෙනෙනවා. නමුත් ඔයාගේ බ්ලොග් එක ඊට වඩා වෙනස් නිසා මම හොඳ ගමනක් යාමට ආශිර්වාද කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබ තුමාට. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ අගය කිරීම ඔබ වැන්නකෙගුන් මට බර වැඩියි. එහෙත් නිහතමානිව මෙම අගය කිරීම හද පිරි සතුටෙන් බාරගන්නවා.

      Delete
  12. බොහෝ අය සත්‍යය යැයි සිතන දේ තුළ සත්‍යය විද්‍යමාන නොවේ. සත්‍යය යැයි අසත්‍යයම පුදන ලොවක නොයෙක්ලෙස රැවටෙමින් ජීවත්වීම මිනිසුන්ට විශාල ආශ්වාදජනක කටයුත්තකි. සමහරු සත්‍යයට ගරු කිරීමට තබා ඒ පිළිබඳ සිතීමට ද මැලි වෙති. පුහුදුන් මනසක ස්වභාවය විචිත්‍රවත් ලොව ලොලීව ග්‍රහණය කර ආත්මාදී ලෙස උපාදානය කර ගැනීමයි. සන්සුන් සිතින් දිවිගෙවීම බොහෝ කායික හා මානසික රෝග වැළැක්වීමට උපකාරී වේ. ඒ සඳහා සිය සිරුරේ සත්‍යය ස්වභාවය ඇවිදින මළ සිරුරකට සමාන බව නිවැරදිව අවබෝධ කර ගැනීම වැදගත්ය.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මෙය ඉතා අගනා අදහසක්.. සන්සුන් සිතින් දිවිගෙවීමට උවමනා උනත් අද පවතින වටපිටාව හා මිනිසුන් නිසා එයට ඉඩක් ඇත්තේම නැති තරම්...

      Delete
    2. @ පුංචි කුමාරිහාමි,
      --------------------------------
      අද පවතින වේගවත් සමාජ පරිසරය විසින් අපිව බලහත්කාරයෙන් යාන්ත්‍රික කරලා කියලයි මට නම් හිතෙන්නේ. අපි මේ සමාජයේ ජීවත් වෙලා ඉන්න නොයෙකුත් රැකියාවල නිරත වෙන අතර ඉඩක් ලද විටක චමත්කාරයක් විඳ ගන්න හරි කැමතියි. ඔයා හඳ ගැන ආර්ටිකල් එකක් ලියලා ඒ වගේම අපි හැමෝටම ඒකේ චමත්කාරය නොඅඩුව ලබා දෙන්න ප්‍රකාශයට පත්කරලා කරලා තියෙන්නේ අන්න ඒ වාගේ වැඩක් කියලා මට හිතෙනවා. අද තිබෙන්නේ අපි පුංචිකාලේ ගත කළ ඒ සුන්දර චමත්කාර ජනක පරිසය නොවේ. ගම පවා අද වේගයෙන් නාගරීකරණය වෙලා. අද ගමයි ඉස්සර තිබුණු ගමයි හාත්පසින් වෙනස්. අද ගම හා නගරය අතර වෙනස ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා. සමහර තැන්වල නගරයට වඩා දේවල් ගමට ගිහින්. නගරයේත් නැති තරම් අරුමෝසම් විච්චූරණ දේවල් ගමට ගිහිල්ලා ගමේ එදා අපි පුංචි සන්දිවල තිබ්බ සුන්දරත්ව විනාශ වෙලා. මෙහෙ හැමදාම ඉන්න කෙනෙකුට ඒ වෙනස ඒ තරම්ම පැහැදිලිව පේන්නේ නැති වුනාට පිටරටක පදිංචි වෙලා නිවාඩුවකට ලංකාවට එන කෙනෙකුට ඉතාම පැහැදිලිව ඒක පේනවා. මමත් විදේශගත වෙලා ඉඳලා ලංකාවේ අපේ මහගෙදරට වාහනයෙන් එද්දී ඒ වෙනස මම හොඳින්ම අත්වින්දා.. අවට පරිසරය. ස්වභාවික ගහකොලං සේරම වෙනස් වෙලා. සංවර්ධනය කියලා මිනිස්සු කරගෙන තියෙන්නේ පරිසර විනාශයක් කියලා මට හිතුනා. ඒත් පිටරට දී නම් මිනිසුන් මේ තරම් පරිසරය විනාශ කරන්නේ නැහැ නේද කියලත් මට ඒ එක්කම හිතුනා. මොකද ඒ රටවල පරිසර විනාශයට අදාළව තදබල නීති රීති පණවලා විතරක් නෙවෙයි එම නීතිරීති අකුරටම ක්‍රියාත්මක කරවනවා කියලත් පෙනෙන්නට තිබෙනවා. සංවර්ධනය නමින් අපේ රටේ ගෙනයන මේ මහා පරිසර විනාශය නතර නොකොලොත් හඳ ගැන මේ විදිහට සුන්දර ලෙස බලන්න තිබෙන ඉඩකඩ නැතිවයාවි කියලා හිතෙනවා. මොකද වායුගෝලය දූෂණයවීම, ඕසෝන් ස්ථරය අවම වීම හරහා පෘථිවිය කසලවලින් වැසී යාමේ අවදානමක් මේ වෙද්දී මතුවෙලා තියෙන නිසා.

      Delete
    3. ඔයා හරි දැනටත් විදේශයක ජීවත් වෙන අපිට ඒ වෙනස ගොඩක් දැනෙනවා. ඒත් මේ යූරෝපිය ජාතිකයන් අපිට වඩා ගොඩක් පරිසරයට සංවේදී කියලා මට වෙලාවකට හිතෙනවා.

      Delete
  13. සෑදිය යුත්තේ ද සෑදීමෙන් වඩාත් ප්‍රතිඵල ළඟා කරගත හැක්කේ ද මිනිස් සිතම බව බුදු දහමින් අපට උගන්වයි. බුදු දහම අගයන සමාජයක් ලෙස මිනිසුන් බුදුමඟ අනුගමනය කරත් නම් එමඟින් ප්‍රතික්ෂේපිත නොයෙක් දේ සමාජය පුරා මේ අන්දමින් ව්‍යාප්ත වී ඇත්තේ මන්දැයි විවිධ අය ප්‍රශ්න කරන බව පෙන්නට තිබේ. සෑම ප්‍රශ්නයකටම පිලිතුරක් ඇත්තාක් සේ මෙම ප්‍රශ්නයට ද විවිධ ශාස්ත්‍රීය පිළිතුරු ගොනු කරන්නට පැවිදි හා ගිහි පක්ෂය උත්සුක වුවත් අදාළ පිළිතුරෙන් යථෝක්ත ප්‍රශ්නය වඩාත් සාධාරණීකරණය කිරීමට උත්සහ දැරීම එතරම් යෝග්‍ය ක්‍රියාවක් සේ නොපෙනේ. අනෙක් අතට මෙම ප්‍රශ්නයට වඩාත් වගකිව යුත්තේ පැවිදි හෝ ගිහි පක්ෂය දැයි තර්කයක් ගොඩනඟා ඒ ඔස්සේ සිය අවධානය වෙනතක යොමු කිරීම ද නොසුදුසුය. මේ ආකාරයට සමාජය විවිධ කොටස්වලට බෙදා ඒ ඒ අයහට මෙහි වගකීම වටවා තමන් නිදහස් වීමට ප්‍රයත්න දැරීම යෝග්‍ය නොවේ.
    සියළු දෙනාම සමාජයට අයත් හෙයින් සියළු දෙනා වෙතම එක හා සමානවම සමාජ වගකීමක් තිබේ. මිනිස් සිත් සතන් ආත්මාර්ථකාමී බවෙන් රළුවීම නිසා සහෘදත්වය, කාරුණික සංවේදීත්වය මිනිස් හදවත්වලින් පළා ගොස් තිබේ. වැළැක්වීමට කෙතරම් උත්සහ දරණු ලැබූවත් වර්තමාන සමාජයෙහි විවිධ අපරාධ සොර මැරකම් හා හිංසාවන් බහුල සේ සිදුවීමට කිසියම් කරුණක් තිබේදැයි මොහොතකටවත් සිතා බැලුවේද? මිනිස් සිත් සතන් තුළින් මානුෂික බව හා සංවේදීත්වය පළා යාම වර්තමාන සමාජයෙහි විද්‍යමාන මහත්ම ඛේදවාචකය වේ. මිනිසා භෞතික දේ අගය කිරීමට හා එවා අනවශ්‍ය ලෙස හුවා දැක්වීමට උත්සහ දැරීමේ බියකරු ප්‍රතිඵලය නම් තමාගේ මුළු මහත් ජීවන පැවැත්ම කෙරෙහිම ඉන් ප්‍රබල සෘණාත්මක බලපෑමක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. අද සමාජය තුළ බහුලව අපට අසන්නට දකින්නට ලැබෙන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන ආදී විවිධ ආකාරයේ හිංසක ක්‍රියාවන් වලට ප්‍රධානතම හේතුව මහාචාර්යතුමා පවසන පරිදි සංවේදීකම අපේ සමාජයේ මිනිසුන්ගේ හදවත් තුළින් පලා යාම කියලා මට හිතෙනවා.

      Delete
    2. දෙදෙනාගේම අදහස් ඉතාමත් වටිනවා ඔබ දෙදෙනාටම ගොඩක් ස්තූතියි..

      Delete
  14. අප හැමවිට ප්‍රවේශම් විය යුතු වන්නේ යුක්ති සහගත සමාජ ප්‍රතිමාන සුරක්ෂිත කිරීමට හා අයුක්ති සහගත සමාජ ප්‍රතිමාන හා සාරධර්ම වලට අනුකූල නො වී සිටීමටය. සමාජ සම්මත වුවත් සදාචාරයට පටහැනි දේ අයුක්ති සහගත සමාජ ප්‍රතිමාන ලෙස දැක්විය හැකිය. ලොව සියළු දෙනාගේම මානුෂික අයිතිවාසිකම් ගරු කරනවා සේම එකී මානුෂික අයිතිවාසිකම් අහිමි වන පරිදි එක් පුද්ගලයෙකු වුව කායික හා මානසික හිංසනයට පත්කිරීම නොකළ මනා දෙයකි. ඒ හා සමානවම කිසියම් ජන වර්ගයක් හෝ කොට්ඨාශයක් කොන් කර තැබීම අයුක්ති සහගත සමාජ ප්‍රතිමානයක් සේ පෙන්වාදිය හැකිය. කිසියම් ජන සමාජයක් සතු සංස්කෘතික මට්ටම උසස් හෝ පහත්බ ව මැනබලා ගන්නා මිණුම් දඬුවක් ලෙස ද සහනශීලී බව සැලකිය හැක. උසස් සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි සංස්කෘතීන්වල දී වෙනත් සංස්කෘතිකාංග පිළිබඳ දක්වන සහනශීලී ආකල්ප ආවෘත, නොදියුණු සංස්කෘතිවල දී දැකගත නොහැක. තමන් දරණ ආකල්ප නිසා අසාධාරණ, අයුක්ති සහගතසේ යම් කිසිවෙකු සැලකුම් ලබයිද එබඳු සමාජය සාධාරණ සංවේදී මානව සමාජයක් සේ දැක්විය නොහැක. අනුනට කරන දේවල විපාක කල් නොයවා තමාට ගෙවීමට සිදු වේ.
    පුද්ගලයෙක් තවත් අයෙකුගෙන් උසස් හෝ පහත්වනුයේ නිලය, ජාතිය, කුළය, පෙළපත, සමාජ පසුබිම හෝ වත්පොහොසත්කම අනුව නොවේ. තමාගේ සාරධර්ම හා සදාචාර ලක්ෂණ අනුවය. මේ අනුව ඕනෑම අවස්ථාවක තමාගේ සදාචාර මට්ටම උසස් හෝ පහළ දක්වා යොමු කර ගැනීමේ පුර්ණ බලය එම පුද්ගලයාටම බුදුදහම විසින් හිමි කර දී තිබේ. මේ පුද්ගල ස්වච්ඡන්දතාවය නමැති අතිශය මානුෂික පසුබිම උරුමකොට ලබා දීමකි. වෙනත් කිසිදු ආගමික සංස්ථාවක් විසින් ස්වච්ඡන්දතාවයට මෙතරම් ගරුකර නොතිබිණි. ස්වච්ඡන්චතාවය නිසා ගරු කරන ලද පුද්ගල ස්වාධීන චින්තනය වෙනත් සමයන්හි පරාධීන කොට තිබුනේ සියල්ල මිනිස් කැමැත්තට පරිබාහිරව කිසියම් සැලැස්මකට හෝ ආකෘතියකට පැවරීම මඟිනි. එය විමුක්තියට හෝ නිදහස ලැබීමට ක්‍රමය සේ සැලකිය නොහැක. බුදුහම ශ්‍රෙෂ්ඨ වනුයේ විමුක්තියට මඟ කිසිදු දෙයියෙකුට හෝ බ්‍රහ්මයෙකුට නොපවරා හුදෙක් සිය ආත්ම දමනය මඟින්ම පමණක්ම විමුක්තිය ලැබි හැකි බව මිනිසුන්ට පෙන්වා දෙනු ලබන බැවිනි. ඒ තුළ වෙනත් කිසිදු අයෙකුගේ පිහිටට ගැති නොවී ස්වච්ඡන්දතාවය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට මිනිසුන්ට හැකි විය.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඔබ තුමාට ඉතාමත් ස්තූතියි. මේ වගේ වටිනා අදහස් අප සමග බෙදා ගැනීම ගැනත් එලෙසම මෙසේ ඔබේ වටිනා කාලය වැය කිරීම ගැනත් ඉතාමත් ස්තූතියි.

      Delete
  15. පුංචි කුමාරිහාමි,
    ඔබ විසින් ලියන ලද ලිපිය ඉතාම රසවත්. විද්‍යාත්මක කරුණු බොහෝමයක් පිළිබඳව නවතම දෘෂ්ටියකින් විග්‍රහ කරලා තිබෙනවා. අපට අලුත් විදිහට හිතන්න කියලා දෙන වටිනා කාලෝචිත සිදුවීම් ඇතුළත් ලිපියක්.

    ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,
    ඔබගේ කමෙන්ට්ස් ඉතාම ඉහළ මට්ටමක තිබෙන්නේ. ශාස්ත්‍රීය බවින් පිරිලා. කියවන්න කියවන්න ආසා හිතෙනවා. මට වෙහෙසක් දැනුනේ නැහැ.මනුෂ්‍යත්වය පිළිබඳව ඉතාම ඉහළ මට්ටමේ විග්‍රහයක් කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ජන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ අයුරින් ක්‍රියාත්මක වන ඔබ මෙසේ බ්ලොගයක් තුළින් දැක ගැනීමට ලැබීමත් සතුටකි. කෙසේ වුවද අද සමාජය නූතන අදහස් වලට වගේම සාම්ප්‍රදායික චින්තනයටත් යළිත් වරක් පිලිගැනීමක් ලැබීම මෙවැනි මතවාද තුළින් විද්‍යමාන වන කරුණක්. කෙසේ වුවද දිගින් දිගටම පුංචි කුමාරිහාමි බ්ලොගය තුළ අප සමඟ රැඳී හිඳ මේ අයුරින් ප්‍රතිචාර ලබා දීමට අප සමඟ එකතුවීමට ඉදිරි කාලය තුළදී ද වාසනාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

      Delete
    2. ගොඩක් ස්තූතියි අරුනීට මගේ බ්ලොග් එකේ ලිපි කියවීමත් අදහස් බෙදාගැනීමටත්

      Delete
    3. @ පුංචි කුමාරිහාමි,

      ගොඩක් ස්තූතියි මාව ඇගයීමට ලක් කිරීම හා මාව සිහිපත්වීම පිළිබඳව කුමාරිට. සැරින් සැරේ ඇවිල්ලා බලනවා ඔයා බ්ලොග් එකේ මොනවද ලියලා තියෙන්නේ කියලා. මට වැඩ නිසා මෙහෙම දෙයක් වත් දිගටම කියවගෙන යන්න තරම් නිදහසක් හා කාලවේලාවක් නැහැ. සමහර වෙලාවට මට හිතෙනවා මොකක්ද මේ අපි ගත කරන ජීවිතේ කියලා. බාහිරව සමාජයේ අපි දිහා බලන අය නම් හිතන්නේ අපි හරිම සාර්ථක ජීවිත ගත කරන අය විදිහට. නමුත් අපිත් සාමාන්‍ය මනුෂ්‍යයින් විදිහට අපිටත් සාමාන්‍ය අනිත් අයට බලපාන ජීවන ගැටළු ඒ විදිහටම බලපානවා. නමුත් සමාජයේ ප්‍රසිද්ධ වෙන්න වෙන්න මිනිස්සු අපි ගැන දක්වන අවධානය වැඩියි. එහෙම වුනාම පුංචි දේවලුත් මහා මේරුවක් කරගන්නවා අපේ රටේ මිනිස්සු. වැඩියෙන්ම මඩ වෙබ් අඩවි කාරයෝ මට පෙන්නන්නම බැරි ජාතියක්. ඒ අයට ගැහැණු කෙනෙක් කසාද බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා පෙන්නන්නම බැහැ. බලන්නේම ඒක අවුල් කරලා දාලා වෙබ් අඩවි වලින් ලොකු ප්‍රසිද්ධියක් ලබාදීලා ඒ හරහා එයාලගේ වෙබ් එක ජනප්‍රිය කරගන්න විතරමයි. ඒක නිසා අර ගැහැණු කෙනාගේ පුද්ගලික ජීවිතයට සිදු වන දේවල් මෙයාලට සත පහක වැඩක් නැහැ. සමහරක් හොඳ වෙබ් අඩවිත් තියෙනවා. ඒ අය අපි ගැන වුනත් පළ කරන්න කලින් නිව්ස් එක ඇත්තද කියලා අඩුම තරමින් කෝල් එකක් හරි දීලා අහන්න තරම් සදාචාරාත්මකයි. නමුත් අනිත් අය නම් ඒකේ අනිත් පැත්ත. ඒ වගේ අයට හොඳ එයාලා වගේම පිරිසක් අපේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මොනවා හරි අනිත් අය ඉල්ලන දේවල් ලබාදීලා පහසුවෙන් හා කෙටි ක්‍රම වලින් ජනප්‍රිය වෙන්න මාන බලන අය. ඒත් මම නම් පුද්ගලිකව ඒ වගේ අයට කැමති නැහැ. ජනප්‍රියත්වය වුනත් ගොඩනඟා ගන්න ඕන තමන්ගේ දක්ෂතාවය මත. කෙටි කාලීනව වාසි ලාභ බලාගෙන මේ ක්ෂේත්‍රයට පය ගහලා ඉන්න අය හින්දා දැන් හැම කෙනෙකු දිහාම සමාජය බලන්නේ වැරදි ඇහැකින්. ඒක වැරදිත් නැහැ එක අතකට. මොකද මුලින්ම වැරුද්ද කලේ අපේ අයම වන නිසා. කොහොම වුනත් මට ගොඩාක් සතුටුයි ඔයා හොඳට මේක කරගෙන යන එකට.

      Delete
    4. ඇත්තටම අරුණි මට ගොඩක් සතුටුයි ඔයා වගේ කෙනෙක් මෙහෙම අදහස් බෙදා ගැනීම ගැන. මම ලංකාවෙන් පිට ඉන්න නිසා ඇත්තටම ඔයා කවුද කියලා කලින් දැන ගෙන හිටියේ නෑ. පසුව තමා දැනගත්තේ.

      ඔයා කියන කතාව සහතික ඇත්ත. අනුන්ගේ ජීවිතවලට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ බ්ලොග් එක හරි වෙබ් එක හරි ජනප්‍රිය කරගන්න අනුන්ගේ පුද්ගලික ජීවිතේ හෝදනවා. මේකෙන් එහෙම කතා වලට ලක්වෙන කෙනා පත්වන් අපහසුතාවය ගැන ඒ මිනිස්සුන්ට ගානක්වත් නෑ.ඇත්තෙන්ම මේවා අපරාද.

      Delete
  16. ඈ....සෑහෙන්න වතුර බොන්න ඕනි ප්‍රශ්ණයක්නේ...අඩේ හඳ නේද..ඒ කිව්වේ මේ මං ගැනනේ.. :ඕ

    ReplyDelete
    Replies
    1. හඳට ගිය කතාව විද්‍යා අධ්‍යාපනය ලබපු සෑම කෙනෙකුම විද්‍යාත්මකව තහවුරු කර ගත් සංසිද්ධියක් නිසා ඒකේ විශ්වාස කිරීම හෝ නොකිරීම පිළිබඳව නම් ගැටළුවක් පැන නඟින්නේ නැහැ.

      Delete
    2. ඒත් පහුගිය දවසක නීල් ආම්ස්ට්‍රොන්ගේ සොහොයුරා විසින් බී.බී.සී. රූපවාහිනියේ සාකච්ඦාවකදී පැවසු අදහස් අනුව එය නැවත සිතා බලන්න ඕන.

      Delete
  17. ලංකාවෙන් පහල වුන අග්‍රගන්‍ය විද්‍යකයෙක් වන ආචාර්ය සරත් ගුණපාල මහතා වැඩ කරන්නෙත් නාසා ආයතනයේ.මේ ලඟදි ලංකාවට ආපු වේලාවකදී කියල තියෙනවා සඳට ගිය කතාව කවුරු මොනවා කිවුවත් ඒ කතාව ඇත්ත කතාවක්ය කියලා.

    ReplyDelete
    Replies
    1. ඔබට ආචාර්ය සරත් ගුණපාල මහතා මුණ ගැසී ඔබටම මෙසේ පැවසුවාද නැතිනම් ඔහු මෙසේ පැවසූ බව වෙනත් ආරංචි මාර්ගයකින් ඔබට දැන ගන්න ලැබුනද? ලංකාවේ බොහෝ වෙලාවට සිදුවන්නේ කළු පාටට වමනය ගියාම ඒක කපුටු හත් දෙනෙකුව වමනය කලා කියලා ප්‍රචාරය වීම. මේකට හේතුව මිනිසුන් අතර සිදුවන සන්නිවේදනයේදී විවිධ දේවල් අතරින් පතර එයට එකතුවීමයි.

      Delete
    2. ඔන්න අසර් දෙන්නකෝ උත්තර අනූෂිට... :D

      අසර් දන්න හඳ හාවෝ....

      Delete
    3. අනුෂි = මම මේක එතුමා කියන වැඩසටහන බැලුවා. ITN එකේ "වෙනස" වැඩසටහන බලන්න එකේ ඔහුත් සමඟ ගොඩක් වෙලා සංවාදයක් ගියා. එතැනදී අහන ප්‍රශ්නයකදී තමා ඔහු වගකීමෙන් කියනවා කියල කිවුවේ.

      කපුටු වමනේ කතාව කෙසේ වෙතත් මම වෙනත් කෙනෙකුන්ගෙන් දැන ගන්න ලැබුණානම් මේ කමෙන්ට් එක මිට වඩා වෙනස් විදියට ලියන්නේ. පුලුවන්නම් ඒ වැඩසටහන බලන්න. පිටසක්වල ජීවින් ගැනත් යම් සඳහනක් තියෙනවා. ඒවා කියන්න යන්නේ නැහැ මෙතනට වැදගත් නොවන නිසා.

      Delete
    4. @ අසරණයා,
      ----------------------------------
      කවුරු කවුරු හරි හඳට ගියාට අපිට මක් වෙනවද? බඩු මිල හඳට යවන එකනේ ඉවසන්නම බැරි? .. හද ගැන විද්‍යාත්මකව හිතුවම ඒකෙන් ගන්න සුන්දරත්වය අපට විඳ ගන්න බැරි වෙන එක ගැන ඔයාගේ අදහස මොකක්ද පුංචි කුමාරිහාමි? මම කියන්නේ හඳ ගැන ලිවූ ගීත සාහිත්‍යය, කවි, නිසඳැස්, නව කතා, කෙටි කතා වගේ දේවල් ගැන හිතලයි. ඇයි පොඩි දරුවොන්ව රවට්ටන්න අම්මලා හඳේ හාවෝ ගැන ඉස්සර කියලා දීපු කතන්දර. මහත්තයා ඉස්සර යාලුවෙලා ඉන්න කාලේ ලියපු හැම හසුනකම තිබුනු “ ආවාට තිබුණත් නිසසල හඳ මත එය හරි ප්‍රියංකරයි “ වගේ ගී පද වැල් මට තවම මතක් වෙනවා මේ හඳ ගැන කියෝනකොට ඔයාලා. ඒත් දැන් නම් අපේ දරුවෝ එයාලා ගේ යහළු යෙහෙළියන්ට ඒ වගේ ලියනවා ඇති. ඉස්සර අපි පුංචි කාලේ රෑට අහස දිහා බලාගෙන ලස්සනට සුන්දර හඳේ චමත්කාරය විඳපු මතක සිතට එද්දී මට හිතුනේ අපරාදේ අපි විද්‍යාව ඉගෙන ගෙන හැම දෙයක් දිහාම විද්‍යාත්මකව දකින්න ගිහිල්ලා ඒ සුන්දරත්වය චමත්කාරය විනාශ කරගත්තා නේද කියනවා වගේ හැඟීමක්.

      Delete
    5. ඔයා කියන එක ඇත්ත අනූෂි. අපි ලංකාවෙන් පිටත ජීවත් වන නිසා ලංකාවේ බඩු මිල ගැන නම් දන්නේ නෑ. ඒත් යුරෝපයේත් දවසින් දවස ජීවන වියදම ඉතා ඉහල යනවා. ඉන්දන මිලට සාපේක්ශව බඩු මිල ඉහල යාම ලෝකයේ කිසිම රටකට නවත්තන්න බෑ මම හිතන්නේ.

      ඔයා අහලා තියෙනවා නේද අනූශි නන්දා මාලනීගේ සිංදුවක්.. මගේ සඳ ඔබ ... ඒකෙත් ඔහොම අදහසක් තමයි තියෙන්නේ.

      Delete
    6. @ අනූෂි පැල්පළ,
      --------------
      ඔයාගේ කමෙන්ට් එක බැලුවම මට පැහැදිලි වුනේ ඔයා මහත්තයා එක්ක ඉස්සර යාලු වෙලා ඉන්න කාලේ මහත්තයා ඔයාට ලිවූ ලිපිවල ඔයාව හඳට උපමා කර තිබූ බවයි.
      //මහත්තයා ඉස්සර යාලුවෙලා ඉන්න කාලේ ලියපු හැම හසුනකම තිබුනු “ ආවාට තිබුණත් නිසසල හඳ මත එය හරි ප්‍රියංකරයි “ වගේ ගී පද වැල් මට තවම මතක් වෙනවා මේ හඳ ගැන කියෝනකොට ඔයාලා.//
      ඒත් දැන් නම් හඳ කෙසේ වෙතෙත් හඳේ ආවාට වගේ ඇති නේද? ( විහිළුවට කිව්වේ) මමත් ඉස්සර වෙලාම ගෑනු ලමයෙක්ට එස්.එම්.එස් කරලා යැව්වෙත් එයාගේ මූණ හරි ලස්සනයි හඳක් වගේ කියලායි. ඒත් මගේ ලැබීම තමයි එයා බැඳලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ( එයාගෙ මහත්තයා ඉන්ටනෙට් එක බලන එකක් නැහැ කියලා හිතනවා) ඊට පස්සේ දිගටම මම උනන්දුවක් දක්වපු ගෑනු ලමයින්ගෙන් යාලු වෙන්න අහද්දී තමයි දන්නේ ඒ අය බැඳලා බව. අපි ඉතින් ඇහුවොත් බැඳලා තමා. පස්සෙන් පහු දැන් ආශ්‍රය කරන කෙනො මුණ ගැහුනා. එයත් වෙන කෙනෙක් බඳීද දන්නේ නැහැ. අපිටම තමයි ඔහොම දේවල් වෙන්නේ.. ( මාව සවුත්තු කරන්න එපා)

      @ පුංචි කුමාරිහාමි,
      -----------------

      ඔබ දක්වලා තිබුණා නන්දා මාලනී මහත්මියකගේ ගීතයකත් සඳ ගැන කියවෙනවා කියලා මම හිතන්නේ ඔයා මහත්තයා එක්ක යාලු වෙලා ඉන්න කාලේ අනූෂිට වගේ මහත්තයා ඔයාට ලියපු ලිපිවල ඒ හඳ ගැන කියලා තියෙන්න ඇති කියලයි.
      //ඔයා අහලා තියෙනවා නේද අනූශි නන්දා මාලනීගේ සිංදුවක්.. මගේ සඳ ඔබ ... ඒකෙත් ඔහොම අදහසක් තමයි තියෙන්නේ.//
      කොහොම වුනත් අනූෂි,කුමාරිහාමි ඔයාලා දෙන්නගේම මහත්වරුන්ට නම් මුණ ගැහිලා තියෙන්නේ ගැහැණු දෙන්නෙක් නෙවෙයි සඳවල් දෙකක් ..හි..හි.. ( විහිළුවට)

      Delete