Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
මම ඇහැරෙන කොට ගොඩක් දවල් වෙලා.වළව්ව පිටිපස්සේ මුළු මිටියාවතම මීදුමෙන් වැහිලා.පුදුමාකාර පාළු ගුප්ත බවක් ඒ හැමතැනකම තියෙන්නේ. ඇත්තෙන්ම මට...
-
“ ඉල්ලක්කම් වලින් ගනන් වලින් කියන වයස මනුස්සයෙක්ගේ හරි වයස නෙමෙයි. කෙනෙක්ගේ වයස හැබෑවටම තීරණය කරන්නේ ඒ කෙනාගේ හිත” ඉර්මා අත්තම්මා මෙ...
Oct 22, 2012
සමුගැනීමට පෙර...
කෙතරම් උත්සහා කල මුත් දැවී වියලී ගිය කර්කෂ පොලවක නැවුම් මල් පූදන්නට හැකිද.?
ඔබ කියාවී පුළුවන්.. නමුත් එයට කාලය සහ කැපවීමද එකසේ අවශ්‍ය බැව් ඔබ පිලිගන්නා බව මම සිතමි.
වියලී පාලුවී ගිය හුදකලා සිතකත් එසේම නැවුම් සිතිවිලි පහල වන්නේ නැත. ගිම්හානය නිමාව වස්සානය පැමිනෙතැයි ඔබ පැවසුවද නැවතත් ගිම්හානය එළබෙතැයි මම කියමි. එනිසාම ගිම්හානයට හුරුවෙමි.
Oct 8, 2012
කුමාරිහාමි (16)
දවස
පුරාම ඇද හැලුන වැස්සේ කිසිම අඩුවක් නැත. එකදිගටම වැස්ස ඇදහැලෙන්නේ අහස හිල්වූ සේය. ජනේලෙන් පිටත කිරිඅලගාලට වැහි පොද වැටෙන හඬ පෝ දින පන්සලේ පෙරහැර සිහිගන්වයි.
වැස්සත්
සමඟින් එන ගෙම්බන්ගේ බක බකයත් රැහැයියන්ගේ සද්දෙත් රාත්රිය තවත් පාළුවෙන් පුරවයි
වලව්වේ
විදුලි පහනක් දැල්වුණේ අක්කාගේත් මගේත් කාමරයෙන් පමණි.
වලව්වේ එහා කොටසේ අය සුව නින්දක පසුවනවා විය යුතුය. හවස හය පමණ වන විට ඩිංගිරි නැන්දා උයනගෙයි රාජකාරී නිමවන්නේ අත්තම්මා රාත්රී හත වනවිට රෑ කෑම ගන්නා හෙයින්ය. රෑ කෑමෙන් පසුව ටික වෙලාවක් පිරිත් කියමින් ඉන්නා ඇය "ආයේ මොකා එනකන් බලන් ඉන්න කියලද" පවසමින් රාත්රී අට වීමටත් පෙරාතුවම නින්දට යන්නේ ඩිංගිරි නැන්දාට දොර ජනෙල් හොදින් වසා ඇද්දැයි බලන්නට අණ කරමිනි.
Oct 2, 2012
෴෴කුමාරිහාමි෴෴ (15)
Subscribe to:
Posts
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..4 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)

.jpg)
.jpg)