Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 29, 2013

නීල් ආම්ස්ට්‍රෝන්ස් සහ පුංචි බන්ඩාගේ හදට යාම


කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. ....

රෝගීයෙක් රාත්‍රීයේ විදුලි පන්දමක් අහස දෙසට ඉලක්ක කරමින් සිටින විට තවත් රෝගියෙක් ඔහු කුමක් කරනවාදැයි විමසයි. එවිට ඔහු " මම මේ ටෝච් එලියෙන් හඳට යන්න හදන්නේ උඹත් ඕනේ නම් වරෙන් කියා පවසයි.. එවිට අනෙකා "අනේ මම නොදන්නවැයි උඹේ හැටි මම බාගයක් දුර යනකන් ඉදලා උඹ ටෝච් එක නිවලා දාන්නනේ හදන්නේ.."


මෙලෙසෙම ගමේ පුංචි බන්ඩාද හොරෙන් රා මුට්ටියක් බොන්නට ගොස් ගසේදීම අයිතිකාරයාට අසුවිය. " මොකද යකෝ උඹ කිතුලට නැගලා හොරෙන් රා බොන්න නේද? කියා ඇසූවිට... "අනේ මොන පිස්සුද ආයිබෝං මම මේ පැත්තෙන් හඳට යන්න පුළුවන් විදියක් තියෙනවද බැලුවා" කියා පුංචිබන්ඩාද හඳ ගමනට ඇති ආසාව කියා පායි..

මෙලෙසින් අපේ රටේ මානසික රෝගීන් සහ පුංචිබන්ඩලා මෙසේ හඳට යද්දී නීල් ආම්ස්ට්‍රෝං සහ ඔහුගේ සහාකයා සැබැවින්ම සඳ මතට පා තැබූ බව ඇමරිකාව නිවේදනය කලේය. සැබැවින්ම එය මිනිස් සංහතියම ලැබූ අද්වතීය ජයග්‍රහනයක් බවත් ඇමරිකානුවෙක් වීම පිළිබදව සියළුම ඇමරිකාවන් ඉතා සතුටට පත්වන බවද සියල්ල්න්ගේම පිලිගැනීම විය.

මෙහිදී නීල් ආම්ස්ට්‍රෝං ගේ ප්‍රකාශයද ලෝකය පුරා රැව් පිළිරැව් දී ඇත්තේ මෙසේය.
‘‘මෙය මිනිසකුගේ එක් කුඩා පියවරකි. එහෙත් මුළුමහත් මිනිස් සංහතියේම යෝධ පිම්මකි.’’  . 

අප ඉපදීමටත් පෙරාතුව සිදුවූ මෙම සිදුවීම ගැන අපේ දෙමව්පියන් පවසන පරිදි මෙය මිනිසුන් විසින් තැබූ ඉතා අගනා පියවරක් බව අවිවාදයකි.... 

නමුත්.... " සැබැවින්ම ඇමරිකානුවන් සඳට ගොඩ බැස්සාද".. කාලයක් තිස්සේ තිබූ විවිද මති මතාන්තරවලින් පසුව මේ වන විට එය බොහෝ දුරට බොරුවක් බව ඔප්පුවෙන සාධක හෙලිවෙමින් පවතී.  
එහිදී මූලිකම කරුන නීල් ආම්ස්ට්‍රෝංග් සොහොයුරා වන ඩීන් ආම්ස්ට්‍රෝං විසින් බී.බී.සී  වාර්ථා වැඩසටහනකදී කියන ලද්දකි. ඩීන් ආම්ස්ට්‍රෝං පවසන පරිදි එය පටිගත කල වැඩසටහනක් බවට ඇගවෙන ප්‍රකාශයකි.

සැබැවින්ම මෙය ඇමරිකාවත් නාසා ආයතනයත් අසීරුවට පත් කරවන බරපතල අවස්ථාවකි.
අවුරුදු 82 ආයු වළදා සඳ මතට පා තැබූ මුල්ම මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝං පසුගිය වසරේ මියා යාම නිසා ඔහුට මේ පිළිබදව පිළිතුරු දීමට හැකියාවක් නැත. එහෙත් ඔහු ජීවත්ව සිටින කාලයේ මේ පිළිබදව එල්ලවු විවේචන ඉදිරියේ සඳගමන සත්‍යක් බව සැමවිටම ප්‍රකාශ කලේය..
සඳ ගමන ගැන ගැටලු මතුවන තැන් රාශියක් ඇත. එකක් නම් සඳෙහි වායුගෝලයක් නැති බව පැහැදිලි මුත් එය මතුපිට සිටවූ ඇමරිකන් කොඩිය මද සුළගට සෙලෙවෙන ආකාරයයි.

එසේම දැනට ජපානය විසින් සොයාගෙන තිබෙන කරුනු අනුව සඳ වටා ඇති විකීරන හේතුවෙන් සඳට යාමට තරම් ඇඳුමක් තවමත් නිර්මානය කල නොහැකි බව ඔවුන් පවසයි.

1969 වසරේ මිනිසුන් සඳට යැවු ඇමරිකාව ඉන්පසු කිසිම මිනිසෙක් සඳට නොයැව්වේ කුමක් නිසාද? නාසා ආයතනය නම් පවසන්නේ අධික වියදම් සහිත නිෂ්පල ගමනක් හෙතුවෙන් නිසා එසේ කරන බවයි. එහෙත් මේසා ලෝකය දියුනු යුගයේ උදේ හවස ගොස් සඳට ගොස් ඒමට තරම් ඇමරිකාවට නොහැකි ඇයි?

සඳ ගමන ගැන තිබෙන වීඩීයෝ පටයේ ඇමරිකන් කොඩිය සුලගේ සෙලසෙනවා දුටු විට හඳේත් සුළං තිබෙනවාදැයි නැවතත් සිතන්නට සිදුවේ..

"ඇමරිකාව මුළු ලෝකයම රැවටුවාද?"....

215 comments:

  1. මම දන්න විදිහට කතාව මෙහෙමයි. සඳ ගමන සත්‍ය වශයෙන්ම සිද්ධවුනා, නමුත් ලෝකයට සජීවීව පෙන්වන්නට නොහැකිවුනොත් කියා, ඇමෙරිකානු ආරක්ශක අමාත්‍යංශය වෙනත් වීඩියෝවක් නිපදවනු ලැබුවා. එහි තමයි ඔය අඩුපාඩු දකින්නට ලැබෙන්නේ. ඇත්තටම ඒ අවස්ථාවේ සජීවීව පෙන්වූයේ මේ වීඩියෝ පටය කියා තමයි කියන්නේ.

    //1969 වසරේ මිනිසුන් සඳට යැවු ඇමරිකාව ඉන්පසු කිසිම මිනිසෙක් සඳට නොයැව්වේ කුමක් නිසාද?//

    ඇපලෝ ව්‍යාපෘතිය යටතේ යානා 6ක් සඳ මතට ගොඩ බැස්සා (1969-72), ඒ වගේම 12 දෙනෙක් සඳ මත පා තබලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර..
      මේ ගැන නොයෙක් මතවාද තියෙනවා. අපිට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ.

      Delete
    2. @ තිසර,
      ------------------
      ෂා...හ්.. තිසරත් හඳ හාමි ගැන යමක් කමක් දන්න පාටයි වගේ...හි..හි..

      Delete
    3. @ අනූෂි පැල්පළ,
      --------------------
      @ තිසර,
      --------------
      පුංචි කුමාරිහාමි හඳට යන ගමන ගැන කියවද්දී ඇයි මේ පුංචි බණ්ඩා කෙනෙක්වම තෝරා ගත්තේ.බණ්ඩා == බණ්ඩාර වුන හැටි පිළිබඳව සිතා බලද්දී මේ අයට තමන්ගේ අයව පමණක් වැදගත් ගමන් වලට තෝරා ගැනීමේ සිතිවිල්ලක් තිබෙන බව මට හොඳින්ම තේරුනා ඔයාලට මේක තේරුනේ නැද්ද?

      Delete
    4. @චමිල්..
      අයියෝ ඕක ගැන ඔය තරම් හිතන්න එපා. බන්ඩාරලාට වැඩිය පොල්ගස් නගින්න බෑ. අනික එයාලා සල්ලි දීලා මිනිස්සු ගස් යවලා රා බොනවා. අහිංසක බන්ඩා ලා තමයි ගස් නගින්නේ. මම අපහාසයට නෙමෙයි ඒ නම යෙදුවේ...

      Delete
    5. මන් මේ දන්නේ නැති නිසයි අහන්නේ බණ්ඩා බණ්ඩාර එකමයි නේද? මොකක්ද ඕකේ තියෙන වෙනස? චූලෝදර ( මහ බණ්ඩා) මහෝදර( මහ බණ්ඩා) යනුවෙන් අදහස් වෙන්නේ උදරය සම්බන්ධව ඇති ශාරිරික තත්වයක් අන්වර්ථ නාමයක් බවට පත්වී ඇති බව නොවේද? නිලමේ (මුල් ඇඳුම) ඇඳීමේදී සිහින් උදරයක් ඇති පිරිමි උදරයට කොට්ටයක් තබා විශාල කරගන්නා දැක ඇත්තෙමි. එයින් අදහස් කරන්නේ ඒ ඇඳුම සකස් කර ඇත්තේ විශාල උදර ඇති අයට බවයි. බණ්ඩිය යන්නේ අදහසද උදරය යන්නයි. එහෙම නම් බණ්ඩාර, බණ්ඩා යන්න ද උදරය සම්බන්ධව ඇති අන්වර්ථ නම් නොවේද?

      Delete
    6. ඔයාගේ අදහසත් හරි. ඒත් බන්ඩා යනුවෙන් නම් යොදන්නේ පහත් යැයි සම්මත කුලවල අයටයි ඉස්සර(මට නම් බනින්න එපා. මේක ඉස්සර තිබුන දෙයක්)

      Delete
  2. අපිට නම් ආරංචි වුනේ නීල් ආම්ස්ට්‍රෝන් එක්ක ගිය රොකට් එකේ ඩ්‍රයිවර් හඳේ හිටපු හාවා අල්ලන්න ට්‍රයි කරපු හින්ද සක්‍ර දෙයියෝ ඇමෙරිකාවට හඳට එන එක තහනම් කෙරුව කියල ...

    ReplyDelete
    Replies
    1. ඔයත් ගියාද ඒත් එක්ක.

      Delete
  3. හ්ම්.. බැරෑරුම් ප්‍රශ්නයක් වුනාට පොඩි වැඩක් කරන්න තිබ්බෙ.

    විශ්වයේ ඒ කෙළවරේ ඉදන් මේ කෙළවර නිරීක්ෂනය කරන්න තියන ඔය පට්ට සයිස් දුරදක්නයක් අරන් මේ අපිට කිලෝමීටර 3,750,000ක් විතර දුරින් තියන හද බැලුවානම් ඉවරනේ..

    ඇමරිකන් කාරයෝ හදේ කොඩිය ගහන්න හැදුවේ හදේ අයිතිය එයාලට ගන්නනම්, හදට ගිය දවසෙ බැරි නම් ඊළග යානාව (තිසරගෙ ප්‍රකාශය අනුව ගියා නම්) යන්න ඉස්සර වෙලා ඕක කරන්න තිබ්බා.

    දැන් වුනත් බැරි නෑ නේ. එතකොට ඕක තිබ්බොත් ඔය හුලගට වැනෙන එකත් බලාගන්නට පුලුවන්නේ?

    අනිත් එක තමා ඇමරිකන් අය තාක්ෂණයෙන් දියුණු වුනත් කරන්නෙම මවාපෑම. ලෝකෙ චිත්‍රපට තාක්ෂණය දියුණුවෙන් මවන්න පුලුවන් දේවල් ඇමරිකාවේ නාසා ආයතනයටත් බැරි වෙන්න විදියක් නෑහැ නේහ්?

    අනික ඔච්චර වද වෙනව නම් ලෝකෙටම ඕක ප්‍රශ්නයක් නම් ඔය තියන කොඩියේ හරි දාලා ආපු දේවල්වල සාම්පලයක් ගෙනැත් කාබන් 14 ද කොහෙද පරීක්ෂණයක් කරානම් හරිනේ... (ඒත් අර හදේ විකිරණ කේස් එක නිසා මේක හරියයිද දන්නෑ :-D )

    අන්තිමට හිතන්න තිබ්බෙ ඇමරිකන් කාරයෝ එහෙම වැඩක් කරනකොට රුසියන් කාරයෝ, බ්‍රිතන්‍ය කාරයෝ නිකංම බලන් ඉන්නෙත් නැතිව ඇතිනෙ. එයාලත් දන්න උප්පරවැට්ටි දාලා මේවා හොයන්න ඇතිනේ. මොකද රටක් අල්ලගත්ත වගෙ නෙවී නෙ හඳක් අල්ලගත්තම.

    ඉතින් එදා මෙදා තුර මේ ලෝක බලවතුන්ට නැති උණකුත් නෙව අපිට හැදිල තියෙන්නෙත්? එතකොට හිතෙනවා මේ කයිකතන්දරත් එක එක මිනිහා එක එක කාලෙට තමන් ප්‍රසිද්ධ කරගන්න කරන වැඩදෝ කියලත්.

    මොනා වුනත් අපිටනම් කරන්න තියෙන්නෙ උපේක්ෂාවෙන් බලා ඉන්න එක විතරයි... :)

    ReplyDelete
    Replies
    1. දුර කිලෝමීටර 375,000 (තුන්ලක්ෂ හැත්තෑපන් දහසක්) කරුණාකර මෙය නිවැරදි කිරන්න. ස්තූතියි.

      Delete
    2. ස්තූතියි වනවදුලට වටිනා විස්තර ටිකට..

      Delete
    3. @ වන වදුල,
      --------------------------

      ඔයාට හොඳටම ෂුවර්ද? ඔය ඔයා දක්වපු ගාන හරියි කියලා. ආයිමත් හරියට බලන්න. මට පේන්නේ නම් ඔයා වරද්දගෙන වගේ

      Delete
    4. @ පුංචි කුමාරිහාමි,
      --------------------
      චන්ද්‍රයා හා පෘථිවිය අතර ඇති නිවැරදි සාමාන්‍ය දුර ප්‍රමාණය කිලෝ මීටර 384,403 ක් වෙනවා.

      Delete
  4. මිනිසුන් බාහිර කොතෙක් දියුණුවක් ලබා ගත්තත් ආධ්‍යාත්මිකව ඒ පමණට දියුණුවක් අත් පත කර නොගත් විට ඒ දියුණුව නිසි අයුරින් ඵලදායි කරගැනීමට නොලැබේ. මානසික දියුණුව නම් නියම දියුණුවයි. මුළු ලෝකයම අත්පත් කරගත්තත් තමන්ගේ හිත පාලනය කරගැනීමට බැරි නම් ඒ දියුණුවෙන් පලක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. මම නිතරම ආධ්‍යාත්මික දියුණුව පිළිබඳව වැඩි අවධානයක් දක්වන කෙනෙක්. ඒකයි මෙහෙම කිව්වේ. මම බුදුදහම පිළිබඳව විශාල දැන උගත්කමක් ලබා සිටින ඒ වගේම ප්‍රතිපත්තිගරුක බෞද්ධයෙක්. මම හිතනවා උඩරට කෙනෙක් විදිහට ඒ හැඟීම ඔයා තුළත් ඇති කියලා.

      Delete
    2. ඔව්.. මමත් බුද්ධ ධර්මයට ගොඩක් ගරු කරනවා. විශේශයෙන් බෞද්ධ දර්ශනයට. ඒත් දැනට අපි ලංකාවෙන් පිට ඉන්න නිසා බොහෝ වෙලාවට ඒ කටයුතු වලින් ටිකක් ඈත් වෙන්න වෙලා තියෙන්නේ.

      Delete
  5. ඇත්තටම හඳේ හුලං නැද්ද ?

    මේක පිළිබඳත් පිටසක්වල ජීවින් සිටීද නැද්ද කියන ගැටලුව තරම්ම ඔව් නෑ කතා තියනවා.. ඇමෙරිකාවට පස්සෙ රුසියන් කාරයො හඳට ගියානෙ.. ඉතින් ඒ ගියාමවත් බලන්න එපෑයැ ඔහොම කොඩියක් තිබුනද කියලා...එහෙම නැත්නම් මුන් දෙගොල්ලොම බොරු කරලා ඇත්තෙ.. තාම එකෙක්වත් හඳට ගිහින් නැතුව ඇති..

    පුංචි බණ්ඩටවත් කියලා බලන්න ඕනා ගිය වෙලාවක ඇමෙරිකන් කොඩියක් තිබුනද කියලා බලන් එන්න කියලා..

    මට තියන ගැටලුව මේක නෙමේ... මෙයා මේ කලයක් නිදාගන ඉඳල නැගිට්ට ගමන් හඳක් අල්ලන් දගලන්නෙ ඇයි කියලායි .. :-)

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නා හඳට ගියේ නැද්ද? පුංචි බන්ඩට කිව්ව නම් එක්කන් යනවනේ..

      මම මේ දවස්වල හඳට යන්න ඉනිමගක් හදනවනේ.

      Delete
    2. අන්න හොඳයි.. කාලෙකට පස්සෙ කමෙන්ට්ස් වලට රිප්ලයිත් කරලා තියෙන්නෙ..හඳ අල්ලන්ඩ යන්නැතුව ඔහොම යන්න තියෙන්නෙ.. :-)

      Delete
    3. සෙන්නා අය්යේ,
      ඔයාහැබහින් හඳ දැකලා තියෙනවද? අපේ තාත්ති නම් පෝය දවස්වලට මිදුලට එක්කගෙන ගිහිල්ලා ලස්සනට පිරිලා තැටියක් වගේ තියෙන හඳ පෙන්නවා.

      ----------- පොඩි මල්ලි ............

      Delete
    4. අනේ සෙන්නා මම හඳ අල්ලන්න ගියා කියලද ඔයා හිතුවේ. මම හැමදාම බිම ඉදන් හඳ දිහා බලන් හිටියා මිසක් හඳට යන්න නම් හිතුවේ නෑ.

      පොඩි මල්ලි සෙන්නා හඳ බලන්නේ ඇස් පියාගෙන ලු.

      Delete
    5. @ පොඩි මල්ලි,
      ------------------
      පොඩි මල්ලි ඔයා හඳ දකින්න ආස ද? අපේ ගෙදර මිදුලට හරි ලස්සනට හඳ පේනවා. මට හරි ආසයි දවසක රාත්‍රියක අපේ ගෙදර ඉඳලා මිදුලට බැහැලා ඔයාට ඒ ලස්සන හඳ පෙන්නන්න. ගෙදරින් අහලා දවසක අපේ දිහා නවතින්න බලාගන එන්න දවස් දෙක තුනක් ඉස්කෝලේ නිවාඩු දවස් කීපයක් අල්ලලා. ටර්ම් ටෙස්ට් වලින් පස්සේ දෙන නිවාඩු කාලේදී නම් තවත් රසවත් වේවි ඔයාට ඒ කාලය. අපේ ගෙවල් ලඟ ගලා යන සීතල ඇලේ වතුර පොඩ්ඩක් නාලා. උණු උණු රතුහාලේ බත් පොඩ්ඩක් කට දන පොල් සම්බලයි බැදපු මාළු කූරියෝ එක්කයි කාලා හොඳ ලොකු ඇම්බුම් කෙසෙල් ගෙඩියකුත් කාලා පොඩි ඇලර්ට් එකකුත් දාලා සීතලේ ගැහි ගැහී රෑට ඇහැරිලා එළියට ඇවිල්ලා අපිට හඳ බලන්න බැරියෑ පොඩි මල්ලියෝ..( පුංචි කුමාරිහාමි වගේ කට්ටිය නම් අපේ පුංචි ගෙවල් වලට ගොඩ වඳින එකක් නැහැ. නැතිනම් එයා එනවා නම් හරි ඉහළින් පිළිගන්නේ මං)

      Delete
    6. අනේ අම්මෝ.. චමිල්.. ඔයා මොනවද මේ කියන්නේ. අපි වගේ ලංකාවෙන් පිට සීත රටවල ගැහී ගැහී ඉන්න අයට. ඔය වගේ සුරංගනා කතා කියන එක පව් නැද්ද. අනික පොල් සම්බෝලයි රතු කැකුළු බතුයි... මම ආයිත් නම් මෙහෙම කමෙන්ට් බලන්නේ නෑ.
      දුකේ බෑ..

      Delete
    7. චමිල් අය්යේ,

      අනේ අය්යා කිව්ව විස්තර අහලා හරියට ආසා හිතුනා. ඒත් අපිව ගෙදරින් පිට කොහේවත් අම්මලා තාත්තලා යවන්නේ නැහැනේ අය්යේ. ඉස්කෝලේ ට්‍රිප් යද්දී වුනත් ගෙදරින් යන්න දෙන්නේ දාහක් දේවල් හොයලා බලලා තමයි. අපේ මාමා කෙනෙක් අම්මටයි තාත්තටයි දවසක් කිව්වා අය්යේ කොල්ලෝ මෙහෙම ගෙවල්වල දාගෙන හදන්න එපා කියලා. ඒත් තාත්තට වඩා අපේ අම්මා හරි සැරයි. තාත්ති නම් මාත් එක්ක ඉද හිටලා හරි බෝල් ගහන්න ආවත් අම්මි කරන්නේ මට පාඩම් කරන්න කියලා හැම තිස්සේම කන්කරච්චල් කරන එකම තමයි. හවසට ටියුශන් ගිහිල්ලා ගෙදර එද්දී මට හොඳටම මහන්සියි අය්යේ. සෙනසුරාදා ඉරිදා දවස්වලත් පංති එක එක විෂයන් වලට. කලින් දහම්පාසැල් ගියා. ටියුශන් නිසා දැන් ඒකත් නැවතිලා. මට හඳ බලන්න වෙන්නේ කවදාහරි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරවෙලා ඔයාලා වගේ ලොකු වුන දවසක තමයි ඉතින්.

      ---------------- පොඩි මල්ලි ----------

      Delete
  6. මේ හැම දෙයකටම විද්‍යාත්මකව හේතු දෙන්ට පුළුවන් යාළු :)

    කොඩිය හෙලවෙන එක මුලින්ම දැක්කම හිතෙනවා තමා මේක බොරුවක් කියල. ඒත් ඒකටත් විද්‍යාත්මක හේතු තියෙනවා. කොඩිය හයි කරලා තියෙන්නේ එල් හැඩයේ රාමුවක. කොඩිය නවල තිබුණු නිසා නැමීම් පාරවල් නිශ්චල ඡායා රූපෙකදී හෙලවෙනවා වගේ ('ripple effect' එකක් )පෙන්නුම් කරන්ට පුළුවන්.
    කොඩිය එල්ලද්දී පොඩ්ඩක් හෙලවෙන එක ඇත්තටම් හුළඟ නිසා නෙවි. හුළඟ නැති නිසා, ඒ කියන්නේ වාත ප්‍රතිරෝධය නැති නිසා වෙන සරල අනුවර්තී චලිතයක් වගේ එකක්.

    මෙතනින් ඔක්කොම දේ පැහැදිලි කරලා තියෙන හැටි බලන්ට පුළුවනි:
    http://en.wikipedia.org/wiki/Moon_landing_conspiracy_theories

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමාට..

      Delete
    2. @ අමා,
      ඔයාගේ කොඩිය හෙල්ලෙන කතාව කියෙව්වට පස්සේ මට සෙන් බෞද්ධ කතාවක් මතක් වුනා. මම කෙටියෙන් ඒක කියන්නම්. දවසක් එක සෙන් ආචාර්යරයෙකුට ගෝලයෝ දෙන්නෙක් හිටියා. මේ ගෝලයෝ දෙන්න හරි පණ්ඩිතයි. එක්කෙනෙකුට කෙනෙක් පරදින්න කැමති නැහැ. දවසක් මේ ගෝලයෝ දෙන්න දුර ඈත පළාතක ගමන් ගියා පා ගමනින් යන්න තියෙන්නේ. ඉතින් ඔහොම යද්දී මේ දෙන්නට පේනවා දුර ඈත පිට්ටනියක ගහලා තියෙන කණුවක් වගේ දෙයක්. මේ දෙන්නත් ඒ කණුව ළඟට ගිහින් බැලුවා. ඒ කණුවේ මුදුනේ කොඩියක් හයි කරලා තිබ්බා. සුළං පාර ඒ මේ අත හමා එද්දී කොඩිය සුළඟට සෙලවෙන්න පටන් ගත්තා. දැන් ඒක දිහා බලා හිටපු එක ගෝල භික්ෂූන්වහන්සේ නමක් කිව්වා මේ කොඩිය දකුණු පැත්තට තමයි හුලඟ නිසා වැනෙන්නේ කියලා. මේක අහපු දෙවැනි ගෝල භික්ෂූන්වහන්සේ නමට මේ කතාව තරහා ගියා. එයා කියනවා නෑ වැරදියි. මේ කොඩිය හෙලවෙන්න උතුරු පැත්තට කියලා. දැන් මාර තර්කේ. වාද විවාද කරගන්නවා. ඇයි එක්කෙනෙකුගේ මතය පිලි ගන්න අනෙක් කෙනා අකමැතියි. දෙන්නාම තවත් කෙනෙකු තමන්ට වඩා දන්නවා කියලා පිළිගන්න කැමති නැහැ. එක් කෙනෙකුගේ මතය පිළිගත්තොත් තමන්ට වඩා අනෙක් කෙනා දන්නවා කියලා පිලිගන්න වෙන නිසා මේ දෙන්නම යන්න ගිය ගමන නතර කරලා එතන ඉදන් වාදවිවාද කරගන්න ලෑස්ති වුනා. දැන්මේ වාදය මාතෘකාව කොඩිය වුනාට ත්‍රිපිටක ධර්මය වගේම ලෝකේ නොයෙකුත් දාර්ශනික මතවාද දම දමා මේ දෙන්නා මහා තර්ක විවාද කරගත්තා. හරියට විශාල විවාද තරඟයක් වගේ. මේක බලන්න ඒ පැත්තේ වැසියෝ බොහෝ විශාල පිරිසකුත් එතැනට එක්රොක් වුනා. දැන් මේ ගෝල භික්ෂූන්වහන්සේගේ ගුරු සෙන් හාමුදුරුවන්ටත් මේක ආරංචි වෙලා එතැනට වැඩියා. කවරුත් උන්වහන්සේව බොහෝම ගෞරවයෙන් පිලි අරගෙන හිඳ ගැනීමට අසුන් පණවලා වැඳලා එකත් පසක හිටියා. සෙන් ගුරුතුමා ගෝලයෝ දෙන්නගෙන් වෙන වෙනම අදහස් ඇහුවා. ඒ අය තම තමන්ගේ මතය ඉදිරිපත් කලා. මේ අය බැලුවේ තමන්ගේ ගුරුතුමා තීරණය කරන්නේ මොන අදහසද කියලා. ඒ කියන්නේ මේ කොඩිය වැනෙන්නේ උතුරු පැත්තට ද එහෙම නැතිනම් දකුණු පැත්තට ද කියලා ගුරුතුමා ලබා දෙන අදහස මඟින් තම තමන්ගේ මතය ජයග්‍රහණය කරාවී යැයි මේ ගෝලයෝ දෙන්නම එක වගේම බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියා. සෙන් ගුරුතුමා ඉතා සාමකාමීව සිනාමුසුව දෙන්නා දිහාම බලා සිටියා. දැන් දෙන්නටම ගැටළුවක්. එක ගෝලයෙක් අහනවා. ගුරුතුමනි මේ කොඩිය වැනෙන්නේ දකුණු පැත්තට නේද? ගුරුතුමා සිනාමුසුව හිස සලා ඒ අදහස ප්‍රතික්ෂේප කරලා නැහැයි කියලා කිව්වා. දැන් අනිත් කෙනාට හරි සතුටුයි. මොකද උත්තර දෙකයිනේ තියෙන්නේ. එයින් එකක් වැරදි නම් අනික හරි වෙන්න එපැයි. දැන් අනිත් කෙනාට හරි සතුටුයි. එයා කියනවා. ඒකනේ මම කියන්නේ මම කියපු දේ හරි. මේ කොඩිය වැනෙන්නේ උතුරු පැත්තට එහෙම නේද ගුරුතුමනි? ඒත් නැහැ ගුරුතුමා බොහෝම සාමකාමීව ඉවසිලිවන්තව ප්‍රකාශ කලා. මොනවා එහෙම නම් කොඩිය වැනෙන්නේ මොන පැත්තටද? මේ දෙන්නාම පුදුමයෙන් ප්‍රකාශ කලේ ගුරුතුමා කියන දේ වටහා ගැනීමට බැරිවයි. ඉතා සන්සුන් ස්වරූපයෙන් අවවාදාත්මකව ගුරුතුමා මෙහෙම කියනවා දරුවනේ වැනෙන්නේ කොඩිය නොවේ නුඹලාගේ සිතයි. එය හදාගන්න එවිට සියල්ල යථා ස්වරූපයෙන් දැකීමට හැකිය. මේ බෞද්ධ සෙන් කතාවේ මතුපිට අදහසට වඩා ඉතා ගැඹුරු දාර්ශනික අන්තර්ගතයක් තිබෙනවා. මම මේ කතාව කියෙව්වේ සෙන් බෞද්ධ කතා එකතුවක් කියලා තිබුණු පොතකින්.

      Delete
    3. ස්තූතියි අරුණි ඉතා වටිනා අදහසක්..

      සැබැවින්ම මේ හැමදෙයකටම මුල් වන්නේ අපේ සිත තමයි.

      Delete
    4. @ පුංචි කුමාරිහාමි,
      -----------------------------------
      ඔයා නිතරම අපි ඉල්ලන අපි කැමති දේවල් ලියන නිසා මම මේ වතාවේ ඔයාට කියන්නේ හිත ගැන ඊ ළඟ ලිපිය ලියන්න කියලා. අපිට හිතෙන්නේ ඇයි? මම විදිහට අනෙක් කෙනා හිතන්නේ නැත්තේ ඇයි? සමහර දේවල් හිතා ගන්න බැරි ඇයි? මේ වගේ හිත ගැන ගොඩාක් දේවල් ලියන්න ඔයාට පුලුවන්. ගෑනු හිතන විදිහ පිරිමි හිතන විදිහට වඩා වෙනස් ඇයි? මේ වගේ දේවල් එකතු කරගත්තොත් ඔයාට බරසාරෙට ලියන්න පුලුවන්. එතකොට ඔය පිරිමි පාර්ශවයෙන් අපිට හොඳට ලුණු අඹුල් ඇතිව කමෙන්ට් ටිකකුත් දමා ගත්තෑහිනේ..හි..හි. ඔයා බය නම් කියන්න මම ලියලා එවන්නම්.. ඔයාට තියෙන්නේ ඔයාගේ වගේ බ්ලොග් එකේ පල කරන එක විතරයි.. කොල්ලෝ බැන්නොත් අහු වෙන්නේ මම නෙවෙයි ඔයානේ..හි හි..

      Delete
    5. හොද අදහසක් අනූෂි.. හි හි. ඒත් අපේ කොල්ලෝ ටික අපිට එලව එලව ගහයිද දන්නේ නෑ. මගේ කලින් පෝස්ට් එකත් ටිකක් ඒ වගේ. "අපි වෙනුවෙන් අපි"..
      ඇත්තෙන්ම හිත ගැන ගොඩක් දේවල් තියෙනවා නේද හිතන්න.

      Delete
    6. අමා අක්කේ,

      ඔයා කොඩිවලට ආසාද මන් ලඟ තියනවා එක එක රටවල්වල එකතු කරපු ජාතික කොඩි පින්තූර ඔයාට ඕනේ නම් මම දෙන්නම්.

      --------- පොඩි මල්ලි -----------

      Delete
  7. මගේ මතයත් මෙය මුසාවක් බවයි. 60 දශකයෙ තිබුන තාක්ෂණයෙන් මේ දේ කරන්න එදා ඇමරිකාවට හැකි වුනා නම් අද තියෙන දියුණු තාක්ෂණය යටතේ ඇයි ඇමරිකාවට පහසුවෙන් හදට යන්න බැරි...ඔවුන් නැවතත් හදට යන්න සැලසුම් කරන්නෙ 2020 දි.

    මේ සියලුම දේ චිත්‍රාගාරයක් තුල කල මවාපෑම් පමණයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. සිරා මමත් කියන්නේ? කියන්නේ නම් වියදම් වැඩි නිසාලු.. අපිටත් උදේ හවස හඳට ගිහින් එන්න තිබ්බනේ ඒහෙම කරා නම් :D

      Delete
    2. @ සිරාගේ කාමරේ,
      -----------------------------------
      වියදම වැඩි නිසා හදට යන්න හැකියාවක් නොලැබුනා යැයි කීම මුසාවක් කියලා කියන්න එපා. මොකද නූතන විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ බොහෝමයක් ක්‍රියාත්මක වෙන්නේ ඒවාට ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මත තමයි. වියපැහැදම් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ ඒ සිදුකරන පර්යේෂණ වෙළඳ පළ මිල ක්‍රමය අනුව ඒ අයට වාසිදායක නම් විතරයි. හදට යන්න පර්යේෂණ කලා කියලා වාණිජ අංශයෙන් එය එතරම් ඵලදායී අයෝජනයක් කියලා හිතන්න නැතුව ඇති ව්‍යාපාරිකයෝ. මොකද හදේ බිස්නස් කරන්න කියලයෑ. උනන්දුව තිබූ පමණින් විද්‍යාඥයෙකුට පර්යේෂණ කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ සේරම දේවල් පාලනය කරන හදිසි හස්තය මුදලයි. ඒ නිසා මුදල මත තමයි තීරණ ගැනීමේ ක්‍රියාවළිය බොහෝ දුරට රැඳිලා තියෙන්නේ. මේ නිසා වැරදි දෘෂ්ටි කෝණයෙන් බලලා වැරදි නිගමනවලට එන්න එපා.

      Delete
  8. Replies
    1. ගොඩක් ස්තූතියි ඔබ තුමාට..

      Delete
    2. @ ආචාර්ය සුජිත්නිශාන්ත හේවගේ,
      -----------------------------------------------
      මෙතන මට පොඩි ගැටළුවක් තිබෙනවා. ආචාර්යතුමා හරි ලස්සනයි කිව්වේ මොකටද කියලා මට පැහැදිලි මදි. ඒක කෙනෙක් ගැන හිතලා කියපු දෙයක්ද එහෙම නැතිනම් මෙහි ලියවිලා තියෙන දේවල් ගැන හිතලා කියපු දෙයක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? මාව වරදවා තේරුම් ගන්න එපා. මේකේ ළඟින්ම තියෙන්නේ පුංචි කුමාරිහාමිගේ රූපය. එතකොට යම් කෙනෙකුට උපකල්පනය කරන්න පුලුවන් ඔබතුමා හරි ලස්සනයි කිව්වේ කෙනෙකු ගැන හිතලා හරි දැකලා හරි කියලා. ඒකනේ අපි ඔය ෆොටෝ දාගන්නේ නැතුව මේ වගේ සරළ විදිහට ඉන්නේ. එතකොට ගැටළු අඩුයි. ප්‍රශ්න අවමයි. බුදු දහම අනුව ජීවත් වෙන්න පහසුම ක්‍රමය මේක තමයි.

      Delete
    3. අනූෂි පැල්පළ,
      මම හරි ලස්සනයි කියලා කිව්වේ හඳ පිළිබඳව දක්වා අති රමණීය රචනාව. එහි විද්‍යාත්මක පක්ෂය හා චමත්කාර ජනක පක්ෂය එකට ගෙන සමස්තයක් විදිහට දැකලා තියෙන ආකාරයටයි මම හරි ලස්සනයි කිව්වේ. ඒක හොඳ පිරිසිදු සිතින් අවංකව කියපු දෙයක්. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් හිතන්න වගේම කියන්නත් අයිතියක් තියෙනවා. ඒක අපිට නතර කරන්න බැහැ. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැනේ. ඒත් අපි බලන්න ඕන එහෙම කියන්න කලින් ඒකේ ප්‍රතිඵලය මොන වගේද කියලා. ඕනම තැනක ගැහැණු දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි එකතු වුනොත් එතන මොකක් හරි අවුලක් වෙනවා. දැන් මට අලංකාර රචනාවක සුන්දරත්වය රස විඳලා ඒක ලස්සනයි කියන්න වත් අයිතියක් නැද්ද එතකොට. ඇයි පිරිමි අපිව වැරදි විදිහටම තේරුම් ගන්නේ. අනික මේක පුංචි කුමාරිහාමි දුටු විට ඇයට ඇතිවිය හැකි මනෝභාවය පිලිබඳව වුනත් ඔයා ඹයිට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණා. ඒකනේ කියන්නේ ඔයාලා දුරදිග හිතන්නේ නැහැ කියලා.

      Delete
    4. මට නම් නිශාන්ත හේවගේ මහත්මා කියූ දෙය තේරුනා. අනුෂි තමා ඒ ගැන ගැටලුවකින් ඉදලා තියෙන්නේ. අනික ආචාර්ය තුමා ලස්සනයි කියන්නේ මටනම් මේකේ ඉන්නේ මම නෙමෙයි කියලා ඕනේ කෙනෙක්ට පේනවානේ. ඒක නිසා එතුමා කිව්වේ මේ ලියවිල්ල ගැන බව මම දුටු ගමන් වටහා ගත්තා.

      මම මගේ පින්තූරය නෙමෙයි මේ දාලා තියෙන්නේ අනූෂි ඒ බව ඔබ නොදනන්වා වෙන්නටත් බෑ. මේ ජැකොලයින් කියන නිලිය. :D

      Delete
    5. @ පුංචි කුමාරිහාමි,
      -----------------------------
      අයි..අය්යෝ .. හි..හි..ඔයත් සීරියස් ගත්තානේ. මම ඒක කිව්වේ විහිළුවට.. මම දන්නවනේ ඔයාගෙයි ජැකොලයින්ගෙයි වෙනස. අනික ඔයා ජැකොලයින් විතර හැඩ නැති බවත් දන්නවනේ. පව් අනේ... ආචාර්ය තුමාට ගොඩාක් ලැජ්ජ හිතිලා වගේ බලන්න ලියලා තියන දේ. මට නිදහසට කරුණු ඉදිරිපත් කරලා වගේයි. ඒක දැක්කම මට ගොඩාක් දේවල් හිතුනා. ඒත් ලියන්න නම් පොඩ්ඩක් විතර බයයි. මම දන්නවා ඔයා නම් මා එක්ක චුට්ටක් වත් තරහා නොවෙන විත්තිය. ඒත් ආචාර්යතුමා අපි වගේ නෙවෙයිනේ. එතුමාගේ බරසාර ආකල්පත් එක්ක ඒ වගේ විහිළු කරන්න බය හිතෙනවා මට නම්. කැම්පස් එකේ අපිට දේශනකරපු මහාචාර්යවරු ආචාර්යවරු සිහි වෙනවා මට නම් එතුමා දකිද්දි.. කොහොම වුනත් කිසිවෙකුගේ හිත නොරිදෙන විදිහට අහිංසක විහිළුක් කරලා අපි ගෙවන පීඩාකාරී ජීවිතයට තරමක වත් සැහැල්ලුවක් ගැනීමේ අදහසින් මිසක මම විහිළු කලේ කාගේවත් හිත රිදවා සතුටක් ලබන චේතනාවෙන් නෙවී කියලා ඔයා දන්නවනේ කුමාරි.

      Delete
    6. @ අනූෂී පැල්පළ,
      --------------------
      ඔයා ඔහොම කිව්වට අනූෂි, පුංචි කුමාරිහාමි ජැකොලයින්ට වඩා ලස්සන ඇති කියලා මට නම් හිතෙනවා. මොකද ඇය තමන්ගේ නියම ලස්සන පිටට පෙන්නන්න කැමැති නැහැ. ඔයාගේ රූපය දැක්කම ඔයා එක්ක කතා කරන්න පැකිලෙන නිසා ඔයා ඔයාගේ රූපය හැංගුවට පුංචි කුමාරිහාමිට නම් තවම දෙය්යන්ගේ පිහිටෙන් එහෙම දෙයක් කරන්න ඕන කමක් නැහැ. ලස්සන ගෑනු කෙනෙක් දැක්කම සමහර පිරිමි අහනවා ( මමත් එහෙම නම් කියලා තියෙනවා වගේ මට මතකයි) අනේ ඔයා බැඳලා බබෙක් ඉන්නවා කියලා හිතන්නවත් බැහැ කියලා. මේ කතාව මම කිව්වේ ඔයාට නෙවෙයි පුංචි කුමාරිහාමි ගැනයි. අනික අනූෂි තමන්ගේ බාහිර පෙනුම සම්බන්ධව තවත් ඔයා වගේම කාන්තාවකට ඊර්ෂ්‍යා කරන්න එපා. බලන්න පිරිමි කොයි තරම් කාන්තාවන්ව අගය කරනවද කියලා. ඒත් ඔයාලාට එකෙත් කිසිම අගයක් නැහැ. අපිට අපහාස කරනවා අනන්තවත් මටත් ඇහිලා තියෙනවා..මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වුනත් සමහර පිරිමි අයට කියනවා අනේ එයා හරි ඇඹලයි වගේ කියලා. ගෑනු අය එයාලගේ හොඳ තිබුණත් ඒකට ඊර්ෂයා කර ගන්නවා. පිරිමි අපි එයාලව වර්ණනා කළාම අපි ඇඹලයි කියලා අපිට බනිනවා. ( මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇඹලයි කිව්වේ මට නෙවෙයි මගේ යාලුවෙකු හොඳේ. නැත්නං ඒකත් අල්ලගෙන මාව බය්ට් කරාවී)

      Delete
    7. @ අනූෂි.. මේ ඔන්න අපහාස කරන්න එපා හොදේ. මම ලස්සනයි ජැකලයින්ට වඩා. :D හි. හි.

      ආචාර්‍යතුමා තරහ වෙන එකක් නෑ අනූෂිගෙ විහිලුවලට..

      Delete
    8. චමිල්ට ස්තූතියි මාව බේරගත්තට.. :D

      Delete
    9. @ අනූෂි පැල්පළ,

      අනූෂි ඔයා පුංචි කුමාරිහාමිට ඇයි කැතයි කියලා විහිළු කලේ.ඔයා හොඳටම දන්නවා කුමාරි ජැකලයින්ට වඩා ලස්සන බව. මම නම් ලස්සනයි කියලා ඔයාලා දෙන්නම හොඳටම දන්නවානේ. මම ඒක නිසා ඇගයීමටත් ලක් වෙලා තියෙන නිසා වැඩිපුර ඒ ගැන කියන්න යන්නේ නැහැ. නමුත් මම කියන්නේ කාන්තාවක පිටතින් වගේම හදවත ඇතුලතිනුත් ලස්සන විය යුතු බවයි. මම වුනත් ගොඩාක් මේක් අප්ස් වලට යන්නේ නැහැ. වුවමනාව වෙලාවට විතරයි ඒවා වුනත් භාවිතා කරන්නේ. අපිට ඉතින් නිතරම ඒවා අවශ්‍යයිනේ. ඒත් මම හැකිතාක් අඩුවෙන් තමයි ඒවා වුනත් භාවිතා කළ යුතුම අවස්ථාවලදී වුනත් භාවිතා කරන්නේ. මොකද ඒවායේ කෙමිකල්ස්වල පිළිකාකාරක සංයෝග පවා අන්තර්ගතයි. විශේෂයෙන්ම තොල් ආලේපනවල. ජැකලයිනුත් අපේ කෙල්ලෙක්නේ. මම හොඳින්ම ඇයව හඳුනනවා. විදේශතවුන වෙලාවලදී හමු වෙනවා නිතර නිතර ඇය නිතරම ලංකාව හා මෙහි මිනිසුන් අගය කරනවා. සැප සම්පත් කොයිතරම් තිබුණත් එහෙදී වැඩියෙන්ම දැනෙන්නේ අපේකම කියලා මට හිතෙනවා. දාහක් මිනිස්සු අතරේදී වුනත් මනසින් හුදකලා වුන අවස්ථා මගේ මතකේ තියෙනවා. මෙහෙ ජීවත්වෙන කෙනෙකුට වඩා ලංකාවේ අගය දැනෙන්නේ විදේශගතවෙලා ජීවත් වෙන කෙනෙකුට බව තේරුම් ගන්නේ විදේශගත වෙලා ඉන්න අය පමණයි.

      Delete
    10. ඇත්තටම මම අද තමයි අරුණිව කවුද කියලා දැනගත්තේ. අනූෂි ඒ ගැන කියලා තිබ්බ නිසා. අපිට ලංකාවේ ඒ වගේ කේෂ්ත්‍රවල ඉන්න අය ගැන ඒ තරම් දැන ගන්න ලැබෙන්නේ නෑ. අරුණි කියලා තිබ්බනේ " මම නම් ලස්සනයි කියලා ඔයාල දෙන්නම දන්න්වනේ" කියලා මම හිතුවේ ඒක විහිලුවක් කියලා.
      මම ඔයාව දැකලවත් අහලාවත් තිබ්බේ නෑ අද වෙනකන්. අදයි දැක්කේ ගොසිප් ලංකාවෙබ් එකෙන්.
      ඇත්තටම දැන් කියනවා ඔයා ලස්සනයි..

      Delete
    11. @ පුංචි කුමාරිහාමි,
      අනේ අපොයි නැහැ. මම අනූෂි එක්ක වත්, පුංචි කුමාරිහාමි එක්ක වත් පොඩ්ඩක්වත් තරහා වෙන්නේ නැහැ. මට හොඳට විහිළු තේරෙනවා. හාස්‍ය, උපහාසය, අපහාසය යන දේවල් වලින් හැඳින්වෙන්නේ වෙන වෙන අර්ථ තියෙන මතුපිටින් එකම වාගේ සංකල්ප. නමුත් මේවායේ සියුම් වෙනස් කම් තියෙනවා. හාස්‍ය හොඳයි. උපහාසය නම් බුද්ධිමය මුහුණුවරක් තිබෙන දෙයක්. ඒත් අපහාසය නම් තනිකරම ද්වේෂ මූලයෙන් දූෂිත වූවක්. නමුත් සමාජයේ බොහෝ දෙනෙකු ළඟ තියෙන්නේම අපහාසය. අනුන්ට නොයෙක් විදිහේ කැත කතා කියලා අපහාස කරලා එයින් කූරිරු සතුටක් ලබන්න තමයි අද සමාජයේ වැඩි දෙනෙකු පෙළඹිලා තියෙන්නේ. මේ නිසා පුද්ගලයින් අතර සාමය සමඟිය විශ්වාසය නැතිවෙලා ගිහිල්ලා. කෙනෙකු තවත් කෙනෙකු සැක කරන මට්ටමට, තව කෙනෙකට ද්වේෂ කරන මට්ටමට පත්වෙලා.

      Delete
  9. අපට සංජානනය කරගත හැක්කේ මාන 3 ක අරමුණු පමණකි. ඊට අමතරව මාන 4 හෝ ඉන් ඔබබේ පවතින බහුමානික ලෝකය අපගේ ඉන්ද්‍රියන්ට සංජානනය නොවේ. බහුමානික ලෝකය පිළිබඳව යමක් වටහානිදසුනක් ලෙස මෙහෙම හිතමු අපේ ලෝකය පවතින බව අපට දැනෙනනේ අපේ ඇස, කණ, නාසය, දිව, සිරුර හා මනස නිසාය. මේ ඉන්ද්‍රියන් හය මඟින් විවිධ අරමුණු සංජානනය කරගන්නා බැවින් ඒවාට අරමුණු වන විෂය වස්තු හා අරමුණු සැබවින් පවතින බව සංජානනවලට සාපේක්ෂකව අපි නිගමනය කරමු. මේ ඉන්ද්‍රියන් සය නැති වුවහොත් ඒ කිසිදු සංජානනයක් අපට නොලැබේ. එවිට ලෝකයක් පිළිබදව අවම වශයෙන් දළ අවබෝධයක් වත් ලබාගත නොහැකිය. එසේම එවිට සත්ව පුද්ගල ප්‍රඥප්තියක පැවැත්ම පිලිබදව පවා අදහසක් ලබාගත නොහැකිය. නමුත් මෙය උච්ඡේදවාදි ආකල්පයක් නොවේ. මේ ඉන්ද්‍රිය සය හට ගැනීම හා නිරුද්ධිය සිදු වන ක්‍රමය බෞද්ධ දෘෂ්ටි කෝණය අනුව විස්තර කර දී තිබේ. එහි සඳහන් ක්‍රමවේදය පිළිපැදීම මඟින් ෂඩ් ඉන්ද්‍රියන්හි අරමුණු ගැනීමේ ක්‍රියාවළිය සංසිඳවිය හැකිය. මනුෂ්‍ය, දේව හා බ්‍රහ්ම ලෝක ලෙස විස්තර කර දී ඇත්තේ මේ ඉන්ද්‍රියන්හි විවිධ මට්ටම්වල අරමුණු ගැනීමේ සියුම් හා රළු බව මත පදනම් වූ ලෝක ව්‍යවහාරයකි. නිදසුනක් වශයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයෙහි ඇස, කණ, නාසය, දිව, ශරීරය නැත. නමුත් එහි මනස පමණක් ඇත. මේ නිසා ශුද්ධ මනෝ ඉන්ද්‍රියට දැනෙන අරමුණු පමණක් එහිදී ඇතිවේ. ග හැක්කේ මානසික පැතිකඩ ඔස්සේ පමණකි.

    ReplyDelete
    Replies
    1. කලා මැදිරියාට හඳ දැකලා හිනාද? :D

      Delete
    2. හි..හි.. මෙකේ කලාමැරියොත් ඉන්නවානේ.. අපේ ගෙදර රෑට ලයිට් ගියාම මම දැකලා තියෙනවා පුංචි පුංචි කලාමැදිරියෝ පියඹාගෙන යනවා චූටි චූටි එලිකුත් එක්ක. මම උන්ගෙන් එකෙක් අල්ලා ගන්න හැදුවා ඒත් අමාරුයි. උන් හරි චූටියි. කලාමැදිරියෝ කෝමද මෙකේ ලියන්න එන්නේ. මට නම් හිතාගන්න බෑ..
      ----- පොඩි මල්ලි -------------

      Delete
  10. අපි ලෝක යනුවෙන් ව්‍යවහාර කරනුයේ අපේම ඉන්ද්‍රිය සංජානන ක්‍රියාවළිය මඟින් අභ්‍යන්තර ගතව ගන්නා අරමුණු එකතුවකටය. එයින් පරිබාහිරව ලෝක යනුවෙන් කියා දෙයක් නැත. මේ මම කියන දේ ඉතා ගැඹුරු සංසිද්ධියකි. එය මෙසේ සංක්ෂේපයෙන් කීවාට විස්තර කළ යුතු ස්ථාන බොහෝ ඇත. ඉන්ද්‍රිය සංජානන මිස ලෝකය යනුවෙන් හැඳින්විය හැකි දෙයක් නොපවතියි. අපි සාමාන්‍ය සම්මුති වශයෙන් හද, ප්ලූටෝ, අඟහරු, පෘථිවිය, බ්‍රහස්පති යනුවෙන් පැවසුවද එහි අන්තර්ගත වනුයේ හුදෙක් ඉන්ද්‍රිය සංජානන පමණකි. නිදසුනක් ගෙන බලමු. අපේ ස්පර්ශය සමට දැනේ. එය කාය ඉන්ද්‍රියයි. ස්පර්ශය දැනෙන ස්වභාවය නිසා ඝන ද්‍රව්‍ය පවතින බව අපේ ස්පර්ශයට දැනේ. කාය ඉන්ද්‍රිය නැතිනම් අපට මේ ලෝකයේ ඇති ඝන වස්තු පිළිබඳ ඒ ආකාරයේ දැනීමක් ලබා ගත නොහැකිය. ඇස මඟින් දෘෂ්‍ය සංජානන ලබා ගනියි. ඇස ඉන්ද්‍රියකි. ඇස නැමැති ඉන්ද්‍රිය නොතිබිණි නම් දෘෂ්‍ය සංජානන මඟින් ලෝකය පිළිබඳව ලබා ගන්නා කිසිදු සංජානන කොටසක් දැනගත නොහැකිය. සෙසු ඉන්ද්‍රිය සංජානන පිළිබඳවද තත්වය මීට සමානය. මනස ද ඉන්ද්‍රියකි. එයට ලබා ගන්නා අරමුණු ධම්ම නමින් හැඳින්වේ. මේ අයුරින් ෂඩ් ඉන්ද්‍රිය සංජානන මිස ලෝක යනුවෙන් සැබවින්ම පවතින දෙයක් නැත. ලෝකයක් යනුවෙන් සාමාන්‍ය සමාජයේ භාවිතා වනුයේ හැම දෙනාම මේ ඉන්ද්‍රිය සංජානන ලබා ගන්නා නිසාය. ඒ ඉන්ද්‍රිය සංජානන හැඳින්වීමට තබා ඇති පොදු නාමයක් (Common Term) හැම දෙනාම පොදුවේ භාවිතා කිරීම ලෝක සම්මුතිය බිහිවීමට ප්‍රධානම හේතුවයි. මේ අනුව ඔබ විසින් පවසන හඳ යන්න එක්තරා පොදු සම්මුතියක් මිස සැබවින්ම පවතින දෙයක් නොවන බව දැක්විය හැකිය. නමුත් මානව සංජානනවල පවතින පොදු සමානත්වය නිසා හැම මානවයෙකුහටම හඳ යනුවෙන් සැබැවින්ම ග්‍රහ වස්තුවක් පවතින බවක් පෙනේ. එසේම වෙනත් ඉන්ද්‍රියන්ට සංජානනය වේ. හඳේ ජීවින් ඇති නැති බව පවා පවසන්නේ මිනිසාගේ නිර්ණායක වලට සාපේක්ෂකවය. මිනිස් නිර්ණායක වලට අනුව හඳ මතුපිට ජීවයක් තිබීමට නම් ඔක්සිජන වායුව හා ජලය තිබිය යුතුය. නමුත් ඒවා අවශ්‍ය මානව පැවැත්ම සඳහා බව මිනිස්සු අමතක කරති. මිනිස් ශරීර නිර්මිත වී ඇති ඕලාරික ස්වරූපය අනුව හදවතක්, පෙනහළුවල ක්‍රියාකාරීත්වය ජීව ස්වභාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍යය. මිනිසුන්ට ජලය යට වැඩි කාලයක් සිටිය නොහැකි නමුදු මාළුන් හා වෙනත් ජලජ ජීවින් ජීවිත කාලයම ජීවත්වන්නේ ජලය යටය. මේ ආකාරයෙන් පෙනහළු, හෘදය ක්‍රියාකාරීත්වය රහිත වෙනස්ම ආකාරයකම නිර්මිත ජීවී කොටසකට ඹක්සිජන් වායුව හා ජලය රහිතව සඳ මතුපිට ජීවත්වීමේ නොහැකියාවක් නැත. සඳ මතුපිට ඉහත කී ඔක්සිජන් හා ජලය නොමැති නිසා එහි ජීවත්විය නොහැක්කේ මිනිසුන්ට පමණකි. මිනිසුන්ට ජීවත්වීමට නොහැකි පරිසරයක් තිබූ පමණකින් වෙනත් ජීවින්ට එහි ජීවත්විය නොහැකි යැයි උපකල්පනය කිරීම බලවත් වරදකි. සෙසු ග්‍රහ ලෝකයන්හි තත්වය ද මීට සමානය. විද්‍යාඥයින් වෙහෙස ගෙන සොයන්නේ මිනිසුන්ට ජීවත්වීමට සුදුසු ග්‍රහ ලෝකයකි. නමුදු සෙසු ග්‍රහ ලෝකයන්ගෙන් ලැබෙන තත්ව අනුව ඒවා කිසිවක මතුපිට මිනිසා ජීවත්වීමට අවශ්‍ය සාධක වන ඔක්සිජන්, හිරු එළිය, ජලය, වැනි සාධක නැති නිසා එක්වරම ඒවා මත ජීවින් සිටිය නොහැකි බවට බරපතල නිගමනවලට පැමිණෙති. නමුත් ඒවා මිනිසුන්ට සාපේක්ෂක නිගමන බව ඔවුහු අමතක කරති. අනෙක දේව, රූපී හා අරූපී බ්‍රහ්ම ලෝකවල වසන ජීව (ඒලියන්ස්) ස්වභාවයන් මිනිස් ඉන්ද්‍රියන්ට කොහෙත්ම ගෝචර නොවන බවද මිනිස්සු අමතක කරති. මේවා මා සඳහන් කලේ ඔබට ඔබේ අනික් ලිපි වලට මේ කරුණු තුලින් අලෝකයක් ලබාගත හැකි වෙතැයි මම අවංකව උපකල්පනය කළ බැවිනි.

    ReplyDelete
    Replies
    1. ලෝක යන්න පිලිබඳව සම්මුති සත්‍යය හා පරමාර්ථ සත්‍ය පිළිබඳ මේ අදහස තරමක් ගැඹුරු අදහසක් කියවෙන බවයි මම හිතන්නේ. මහාචාර්යතුමා පවසන අදහස තරමක් ගැඹුරු මට්ටමක තිබෙන බැවින් කීප වාරයක් කියවා මිස පහසුවෙන් මට නම් දිරවා ගත නොහැකි විය. නමුත් එය විශිෂ්ට අදහසක් බව නම් මට විශ්වාසය.

      Delete
  11. පුංචි කුමාරිහාමි,
    ඔයාගේ ලිපි මම ඉතා ආශාවෙන් කියවනවා. දිගටම ලියන්න. ඒ වගේම ඔයා බ්ලෝගය රචනා කිරීමේදී අනුගමනය කරන ආචාරශීලී මධ්‍යස්ථ මෘදු ප්‍රතිපත්තිය ද අගය කරමි. මිනිසුන් අතර හොඳ මිනිසුන් අඩු නරක මිනිසුන් වැඩි නිසා ඒ වගේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීම තරමක් දුෂ්කරයි. ඒත් ඒක තමයි අභියෝගය. මම පිරිමියෙකු වෙලත් මම බ්ලොග් ලිවීමේදී ඒ වගේම වෙනත් අයගේ බ්ලොග් වලට ආචාරශීලී ප්‍රතිචාර දැක්වීමේදී අන්තර්ජාලය තුළ ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් සිදු කිරීමේදී විශාල අභියෝග, බලපෑම්, පළවාහැරීම සඳහා විවිධ බලවේග රහසේ හා එළිපිට ක්‍රියාත්මක වුනා. දැනුත් ඒවායින් නම් අඩුවක් නැහැ. ඒත් දැනට ආචාර්ය උපාධිය (PhD), දර්ශනපති පශ්චාත් උපාධිය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන්ගෙන් විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හා පශ්චාත් උපාධි 5ක් ලබා ඒ වගේම වෙනත් වෘත්තීමය සුදුසුකම් හා ප්‍රවීණත්වය සපුරා රාජ්‍ය ආයතනයක ඉහළ කළමනාකාරීත්වයට අයත් උසස් ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස හා ආරාධිත විශේෂ විශ්වවිද්‍යලයීය දේශකයෙකු ලෙස වෘත්තිමය වශයෙන් සාර්ථක ශාස්ත්‍රීය ජීවිතයක් ගත කරන මා දැනට වසර 24 කට පමණ ඉහත දී මේ රටේ විනය, නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැප වී සේවය කළ අරක්ෂක සේවාවේ උසස් නිලධාරියෙකු ලෙස ලබා ගත් විනය, දැඩි පුහුණුව, ආත්ම සංයමය, ඕනෑම දෙයක් ඉවසා දරා ගැනීමට ලබා ඇති පුහුණුව ආදී දේ මත මාගේ ජීවිතයේ සියළු දේ අභියෝග ලෙස සලකා සිනාමුසු මුහුණුන් විඳ දරා ගත හැකිය. මේ දේවල් කිව්වේ මගේ පම්පෝරිය කියවන්න නෙවෙයි. මා ගැන යම් වැරදි වැටහීමක් ඇති කරගැනීමෙන් වළක්වා ලීම සඳහායි. මම හරිම ආසයි උසස් රස වින්දනයට. ඒත් ඒක තවම අපේ සිංහල බ්ලොග් කරුවන් වැඩි දෙනෙක් වටහාගෙන ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒ අය නිතරම බ්ලොග් පාවිච්චි කරන්නේ අනුන්ට මඩ ගැහීම වගේම උනුන්ගේ පිට කසා ගැනීම් වගේ සරළ අරමුණු ඔස්සේ බව ඉඩක් ලැබෙන විට වෙබ් කියවද්දී මට පෙනෙනවා. නමුත් ඔයාගේ බ්ලොග් එක ඊට වඩා වෙනස් නිසා මම හොඳ ගමනක් යාමට ආශිර්වාද කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබ තුමාට. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ අගය කිරීම ඔබ වැන්නකෙගුන් මට බර වැඩියි. එහෙත් නිහතමානිව මෙම අගය කිරීම හද පිරි සතුටෙන් බාරගන්නවා.

      Delete
  12. බොහෝ අය සත්‍යය යැයි සිතන දේ තුළ සත්‍යය විද්‍යමාන නොවේ. සත්‍යය යැයි අසත්‍යයම පුදන ලොවක නොයෙක්ලෙස රැවටෙමින් ජීවත්වීම මිනිසුන්ට විශාල ආශ්වාදජනක කටයුත්තකි. සමහරු සත්‍යයට ගරු කිරීමට තබා ඒ පිළිබඳ සිතීමට ද මැලි වෙති. පුහුදුන් මනසක ස්වභාවය විචිත්‍රවත් ලොව ලොලීව ග්‍රහණය කර ආත්මාදී ලෙස උපාදානය කර ගැනීමයි. සන්සුන් සිතින් දිවිගෙවීම බොහෝ කායික හා මානසික රෝග වැළැක්වීමට උපකාරී වේ. ඒ සඳහා සිය සිරුරේ සත්‍යය ස්වභාවය ඇවිදින මළ සිරුරකට සමාන බව නිවැරදිව අවබෝධ කර ගැනීම වැදගත්ය.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම මෙය ඉතා අගනා අදහසක්.. සන්සුන් සිතින් දිවිගෙවීමට උවමනා උනත් අද පවතින වටපිටාව හා මිනිසුන් නිසා එයට ඉඩක් ඇත්තේම නැති තරම්...

      Delete
    2. @ පුංචි කුමාරිහාමි,
      --------------------------------
      අද පවතින වේගවත් සමාජ පරිසරය විසින් අපිව බලහත්කාරයෙන් යාන්ත්‍රික කරලා කියලයි මට නම් හිතෙන්නේ. අපි මේ සමාජයේ ජීවත් වෙලා ඉන්න නොයෙකුත් රැකියාවල නිරත වෙන අතර ඉඩක් ලද විටක චමත්කාරයක් විඳ ගන්න හරි කැමතියි. ඔයා හඳ ගැන ආර්ටිකල් එකක් ලියලා ඒ වගේම අපි හැමෝටම ඒකේ චමත්කාරය නොඅඩුව ලබා දෙන්න ප්‍රකාශයට පත්කරලා කරලා තියෙන්නේ අන්න ඒ වාගේ වැඩක් කියලා මට හිතෙනවා. අද තිබෙන්නේ අපි පුංචිකාලේ ගත කළ ඒ සුන්දර චමත්කාර ජනක පරිසය නොවේ. ගම පවා අද වේගයෙන් නාගරීකරණය වෙලා. අද ගමයි ඉස්සර තිබුණු ගමයි හාත්පසින් වෙනස්. අද ගම හා නගරය අතර වෙනස ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා. සමහර තැන්වල නගරයට වඩා දේවල් ගමට ගිහින්. නගරයේත් නැති තරම් අරුමෝසම් විච්චූරණ දේවල් ගමට ගිහිල්ලා ගමේ එදා අපි පුංචි සන්දිවල තිබ්බ සුන්දරත්ව විනාශ වෙලා. මෙහෙ හැමදාම ඉන්න කෙනෙකුට ඒ වෙනස ඒ තරම්ම පැහැදිලිව පේන්නේ නැති වුනාට පිටරටක පදිංචි වෙලා නිවාඩුවකට ලංකාවට එන කෙනෙකුට ඉතාම පැහැදිලිව ඒක පේනවා. මමත් විදේශගත වෙලා ඉඳලා ලංකාවේ අපේ මහගෙදරට වාහනයෙන් එද්දී ඒ වෙනස මම හොඳින්ම අත්වින්දා.. අවට පරිසරය. ස්වභාවික ගහකොලං සේරම වෙනස් වෙලා. සංවර්ධනය කියලා මිනිස්සු කරගෙන තියෙන්නේ පරිසර විනාශයක් කියලා මට හිතුනා. ඒත් පිටරට දී නම් මිනිසුන් මේ තරම් පරිසරය විනාශ කරන්නේ නැහැ නේද කියලත් මට ඒ එක්කම හිතුනා. මොකද ඒ රටවල පරිසර විනාශයට අදාළව තදබල නීති රීති පණවලා විතරක් නෙවෙයි එම නීතිරීති අකුරටම ක්‍රියාත්මක කරවනවා කියලත් පෙනෙන්නට තිබෙනවා. සංවර්ධනය නමින් අපේ රටේ ගෙනයන මේ මහා පරිසර විනාශය නතර නොකොලොත් හඳ ගැන මේ විදිහට සුන්දර ලෙස බලන්න තිබෙන ඉඩකඩ නැතිවයාවි කියලා හිතෙනවා. මොකද වායුගෝලය දූෂණයවීම, ඕසෝන් ස්ථරය අවම වීම හරහා පෘථිවිය කසලවලින් වැසී යාමේ අවදානමක් මේ වෙද්දී මතුවෙලා තියෙන නිසා.

      Delete
    3. ඔයා හරි දැනටත් විදේශයක ජීවත් වෙන අපිට ඒ වෙනස ගොඩක් දැනෙනවා. ඒත් මේ යූරෝපිය ජාතිකයන් අපිට වඩා ගොඩක් පරිසරයට සංවේදී කියලා මට වෙලාවකට හිතෙනවා.

      Delete
  13. සෑදිය යුත්තේ ද සෑදීමෙන් වඩාත් ප්‍රතිඵල ළඟා කරගත හැක්කේ ද මිනිස් සිතම බව බුදු දහමින් අපට උගන්වයි. බුදු දහම අගයන සමාජයක් ලෙස මිනිසුන් බුදුමඟ අනුගමනය කරත් නම් එමඟින් ප්‍රතික්ෂේපිත නොයෙක් දේ සමාජය පුරා මේ අන්දමින් ව්‍යාප්ත වී ඇත්තේ මන්දැයි විවිධ අය ප්‍රශ්න කරන බව පෙන්නට තිබේ. සෑම ප්‍රශ්නයකටම පිලිතුරක් ඇත්තාක් සේ මෙම ප්‍රශ්නයට ද විවිධ ශාස්ත්‍රීය පිළිතුරු ගොනු කරන්නට පැවිදි හා ගිහි පක්ෂය උත්සුක වුවත් අදාළ පිළිතුරෙන් යථෝක්ත ප්‍රශ්නය වඩාත් සාධාරණීකරණය කිරීමට උත්සහ දැරීම එතරම් යෝග්‍ය ක්‍රියාවක් සේ නොපෙනේ. අනෙක් අතට මෙම ප්‍රශ්නයට වඩාත් වගකිව යුත්තේ පැවිදි හෝ ගිහි පක්ෂය දැයි තර්කයක් ගොඩනඟා ඒ ඔස්සේ සිය අවධානය වෙනතක යොමු කිරීම ද නොසුදුසුය. මේ ආකාරයට සමාජය විවිධ කොටස්වලට බෙදා ඒ ඒ අයහට මෙහි වගකීම වටවා තමන් නිදහස් වීමට ප්‍රයත්න දැරීම යෝග්‍ය නොවේ.
    සියළු දෙනාම සමාජයට අයත් හෙයින් සියළු දෙනා වෙතම එක හා සමානවම සමාජ වගකීමක් තිබේ. මිනිස් සිත් සතන් ආත්මාර්ථකාමී බවෙන් රළුවීම නිසා සහෘදත්වය, කාරුණික සංවේදීත්වය මිනිස් හදවත්වලින් පළා ගොස් තිබේ. වැළැක්වීමට කෙතරම් උත්සහ දරණු ලැබූවත් වර්තමාන සමාජයෙහි විවිධ අපරාධ සොර මැරකම් හා හිංසාවන් බහුල සේ සිදුවීමට කිසියම් කරුණක් තිබේදැයි මොහොතකටවත් සිතා බැලුවේද? මිනිස් සිත් සතන් තුළින් මානුෂික බව හා සංවේදීත්වය පළා යාම වර්තමාන සමාජයෙහි විද්‍යමාන මහත්ම ඛේදවාචකය වේ. මිනිසා භෞතික දේ අගය කිරීමට හා එවා අනවශ්‍ය ලෙස හුවා දැක්වීමට උත්සහ දැරීමේ බියකරු ප්‍රතිඵලය නම් තමාගේ මුළු මහත් ජීවන පැවැත්ම කෙරෙහිම ඉන් ප්‍රබල සෘණාත්මක බලපෑමක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. අද සමාජය තුළ බහුලව අපට අසන්නට දකින්නට ලැබෙන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දුෂණ, ළමා අපයෝජන ආදී විවිධ ආකාරයේ හිංසක ක්‍රියාවන් වලට ප්‍රධානතම හේතුව මහාචාර්යතුමා පවසන පරිදි සංවේදීකම අපේ සමාජයේ මිනිසුන්ගේ හදවත් තුළින් පලා යාම කියලා මට හිතෙනවා.

      Delete
    2. දෙදෙනාගේම අදහස් ඉතාමත් වටිනවා ඔබ දෙදෙනාටම ගොඩක් ස්තූතියි..

      Delete
  14. අප හැමවිට ප්‍රවේශම් විය යුතු වන්නේ යුක්ති සහගත සමාජ ප්‍රතිමාන සුරක්ෂිත කිරීමට හා අයුක්ති සහගත සමාජ ප්‍රතිමාන හා සාරධර්ම වලට අනුකූල නො වී සිටීමටය. සමාජ සම්මත වුවත් සදාචාරයට පටහැනි දේ අයුක්ති සහගත සමාජ ප්‍රතිමාන ලෙස දැක්විය හැකිය. ලොව සියළු දෙනාගේම මානුෂික අයිතිවාසිකම් ගරු කරනවා සේම එකී මානුෂික අයිතිවාසිකම් අහිමි වන පරිදි එක් පුද්ගලයෙකු වුව කායික හා මානසික හිංසනයට පත්කිරීම නොකළ මනා දෙයකි. ඒ හා සමානවම කිසියම් ජන වර්ගයක් හෝ කොට්ඨාශයක් කොන් කර තැබීම අයුක්ති සහගත සමාජ ප්‍රතිමානයක් සේ පෙන්වාදිය හැකිය. කිසියම් ජන සමාජයක් සතු සංස්කෘතික මට්ටම උසස් හෝ පහත්බ ව මැනබලා ගන්නා මිණුම් දඬුවක් ලෙස ද සහනශීලී බව සැලකිය හැක. උසස් සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි සංස්කෘතීන්වල දී වෙනත් සංස්කෘතිකාංග පිළිබඳ දක්වන සහනශීලී ආකල්ප ආවෘත, නොදියුණු සංස්කෘතිවල දී දැකගත නොහැක. තමන් දරණ ආකල්ප නිසා අසාධාරණ, අයුක්ති සහගතසේ යම් කිසිවෙකු සැලකුම් ලබයිද එබඳු සමාජය සාධාරණ සංවේදී මානව සමාජයක් සේ දැක්විය නොහැක. අනුනට කරන දේවල විපාක කල් නොයවා තමාට ගෙවීමට සිදු වේ.
    පුද්ගලයෙක් තවත් අයෙකුගෙන් උසස් හෝ පහත්වනුයේ නිලය, ජාතිය, කුළය, පෙළපත, සමාජ පසුබිම හෝ වත්පොහොසත්කම අනුව නොවේ. තමාගේ සාරධර්ම හා සදාචාර ලක්ෂණ අනුවය. මේ අනුව ඕනෑම අවස්ථාවක තමාගේ සදාචාර මට්ටම උසස් හෝ පහළ දක්වා යොමු කර ගැනීමේ පුර්ණ බලය එම පුද්ගලයාටම බුදුදහම විසින් හිමි කර දී තිබේ. මේ පුද්ගල ස්වච්ඡන්දතාවය නමැති අතිශය මානුෂික පසුබිම උරුමකොට ලබා දීමකි. වෙනත් කිසිදු ආගමික සංස්ථාවක් විසින් ස්වච්ඡන්දතාවයට මෙතරම් ගරුකර නොතිබිණි. ස්වච්ඡන්චතාවය නිසා ගරු කරන ලද පුද්ගල ස්වාධීන චින්තනය වෙනත් සමයන්හි පරාධීන කොට තිබුනේ සියල්ල මිනිස් කැමැත්තට පරිබාහිරව කිසියම් සැලැස්මකට හෝ ආකෘතියකට පැවරීම මඟිනි. එය විමුක්තියට හෝ නිදහස ලැබීමට ක්‍රමය සේ සැලකිය නොහැක. බුදුහම ශ්‍රෙෂ්ඨ වනුයේ විමුක්තියට මඟ කිසිදු දෙයියෙකුට හෝ බ්‍රහ්මයෙකුට නොපවරා හුදෙක් සිය ආත්ම දමනය මඟින්ම පමණක්ම විමුක්තිය ලැබි හැකි බව මිනිසුන්ට පෙන්වා දෙනු ලබන බැවිනි. ඒ තුළ වෙනත් කිසිදු අයෙකුගේ පිහිටට ගැති නොවී ස්වච්ඡන්දතාවය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට මිනිසුන්ට හැකි විය.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඔබ තුමාට ඉතාමත් ස්තූතියි. මේ වගේ වටිනා අදහස් අප සමග බෙදා ගැනීම ගැනත් එලෙසම මෙසේ ඔබේ වටිනා කාලය වැය කිරීම ගැනත් ඉතාමත් ස්තූතියි.

      Delete
  15. පුංචි කුමාරිහාමි,
    ඔබ විසින් ලියන ලද ලිපිය ඉතාම රසවත්. විද්‍යාත්මක කරුණු බොහෝමයක් පිළිබඳව නවතම දෘෂ්ටියකින් විග්‍රහ කරලා තිබෙනවා. අපට අලුත් විදිහට හිතන්න කියලා දෙන වටිනා කාලෝචිත සිදුවීම් ඇතුළත් ලිපියක්.

    ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,
    ඔබගේ කමෙන්ට්ස් ඉතාම ඉහළ මට්ටමක තිබෙන්නේ. ශාස්ත්‍රීය බවින් පිරිලා. කියවන්න කියවන්න ආසා හිතෙනවා. මට වෙහෙසක් දැනුනේ නැහැ.මනුෂ්‍යත්වය පිළිබඳව ඉතාම ඉහළ මට්ටමේ විග්‍රහයක් කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ජන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ අයුරින් ක්‍රියාත්මක වන ඔබ මෙසේ බ්ලොගයක් තුළින් දැක ගැනීමට ලැබීමත් සතුටකි. කෙසේ වුවද අද සමාජය නූතන අදහස් වලට වගේම සාම්ප්‍රදායික චින්තනයටත් යළිත් වරක් පිලිගැනීමක් ලැබීම මෙවැනි මතවාද තුළින් විද්‍යමාන වන කරුණක්. කෙසේ වුවද දිගින් දිගටම පුංචි කුමාරිහාමි බ්ලොගය තුළ අප සමඟ රැඳී හිඳ මේ අයුරින් ප්‍රතිචාර ලබා දීමට අප සමඟ එකතුවීමට ඉදිරි කාලය තුළදී ද වාසනාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

      Delete
    2. ගොඩක් ස්තූතියි අරුනීට මගේ බ්ලොග් එකේ ලිපි කියවීමත් අදහස් බෙදාගැනීමටත්

      Delete
    3. @ පුංචි කුමාරිහාමි,

      ගොඩක් ස්තූතියි මාව ඇගයීමට ලක් කිරීම හා මාව සිහිපත්වීම පිළිබඳව කුමාරිට. සැරින් සැරේ ඇවිල්ලා බලනවා ඔයා බ්ලොග් එකේ මොනවද ලියලා තියෙන්නේ කියලා. මට වැඩ නිසා මෙහෙම දෙයක් වත් දිගටම කියවගෙන යන්න තරම් නිදහසක් හා කාලවේලාවක් නැහැ. සමහර වෙලාවට මට හිතෙනවා මොකක්ද මේ අපි ගත කරන ජීවිතේ කියලා. බාහිරව සමාජයේ අපි දිහා බලන අය නම් හිතන්නේ අපි හරිම සාර්ථක ජීවිත ගත කරන අය විදිහට. නමුත් අපිත් සාමාන්‍ය මනුෂ්‍යයින් විදිහට අපිටත් සාමාන්‍ය අනිත් අයට බලපාන ජීවන ගැටළු ඒ විදිහටම බලපානවා. නමුත් සමාජයේ ප්‍රසිද්ධ වෙන්න වෙන්න මිනිස්සු අපි ගැන දක්වන අවධානය වැඩියි. එහෙම වුනාම පුංචි දේවලුත් මහා මේරුවක් කරගන්නවා අපේ රටේ මිනිස්සු. වැඩියෙන්ම මඩ වෙබ් අඩවි කාරයෝ මට පෙන්නන්නම බැරි ජාතියක්. ඒ අයට ගැහැණු කෙනෙක් කසාද බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා පෙන්නන්නම බැහැ. බලන්නේම ඒක අවුල් කරලා දාලා වෙබ් අඩවි වලින් ලොකු ප්‍රසිද්ධියක් ලබාදීලා ඒ හරහා එයාලගේ වෙබ් එක ජනප්‍රිය කරගන්න විතරමයි. ඒක නිසා අර ගැහැණු කෙනාගේ පුද්ගලික ජීවිතයට සිදු වන දේවල් මෙයාලට සත පහක වැඩක් නැහැ. සමහරක් හොඳ වෙබ් අඩවිත් තියෙනවා. ඒ අය අපි ගැන වුනත් පළ කරන්න කලින් නිව්ස් එක ඇත්තද කියලා අඩුම තරමින් කෝල් එකක් හරි දීලා අහන්න තරම් සදාචාරාත්මකයි. නමුත් අනිත් අය නම් ඒකේ අනිත් පැත්ත. ඒ වගේ අයට හොඳ එයාලා වගේම පිරිසක් අපේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මොනවා හරි අනිත් අය ඉල්ලන දේවල් ලබාදීලා පහසුවෙන් හා කෙටි ක්‍රම වලින් ජනප්‍රිය වෙන්න මාන බලන අය. ඒත් මම නම් පුද්ගලිකව ඒ වගේ අයට කැමති නැහැ. ජනප්‍රියත්වය වුනත් ගොඩනඟා ගන්න ඕන තමන්ගේ දක්ෂතාවය මත. කෙටි කාලීනව වාසි ලාභ බලාගෙන මේ ක්ෂේත්‍රයට පය ගහලා ඉන්න අය හින්දා දැන් හැම කෙනෙකු දිහාම සමාජය බලන්නේ වැරදි ඇහැකින්. ඒක වැරදිත් නැහැ එක අතකට. මොකද මුලින්ම වැරුද්ද කලේ අපේ අයම වන නිසා. කොහොම වුනත් මට ගොඩාක් සතුටුයි ඔයා හොඳට මේක කරගෙන යන එකට.

      Delete
    4. ඇත්තටම අරුණි මට ගොඩක් සතුටුයි ඔයා වගේ කෙනෙක් මෙහෙම අදහස් බෙදා ගැනීම ගැන. මම ලංකාවෙන් පිට ඉන්න නිසා ඇත්තටම ඔයා කවුද කියලා කලින් දැන ගෙන හිටියේ නෑ. පසුව තමා දැනගත්තේ.

      ඔයා කියන කතාව සහතික ඇත්ත. අනුන්ගේ ජීවිතවලට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ බ්ලොග් එක හරි වෙබ් එක හරි ජනප්‍රිය කරගන්න අනුන්ගේ පුද්ගලික ජීවිතේ හෝදනවා. මේකෙන් එහෙම කතා වලට ලක්වෙන කෙනා පත්වන් අපහසුතාවය ගැන ඒ මිනිස්සුන්ට ගානක්වත් නෑ.ඇත්තෙන්ම මේවා අපරාද.

      Delete
  16. ඈ....සෑහෙන්න වතුර බොන්න ඕනි ප්‍රශ්ණයක්නේ...අඩේ හඳ නේද..ඒ කිව්වේ මේ මං ගැනනේ.. :ඕ

    ReplyDelete
    Replies
    1. හඳට ගිය කතාව විද්‍යා අධ්‍යාපනය ලබපු සෑම කෙනෙකුම විද්‍යාත්මකව තහවුරු කර ගත් සංසිද්ධියක් නිසා ඒකේ විශ්වාස කිරීම හෝ නොකිරීම පිළිබඳව නම් ගැටළුවක් පැන නඟින්නේ නැහැ.

      Delete
    2. ඒත් පහුගිය දවසක නීල් ආම්ස්ට්‍රොන්ගේ සොහොයුරා විසින් බී.බී.සී. රූපවාහිනියේ සාකච්ඦාවකදී පැවසු අදහස් අනුව එය නැවත සිතා බලන්න ඕන.

      Delete
  17. ලංකාවෙන් පහල වුන අග්‍රගන්‍ය විද්‍යකයෙක් වන ආචාර්ය සරත් ගුණපාල මහතා වැඩ කරන්නෙත් නාසා ආයතනයේ.මේ ලඟදි ලංකාවට ආපු වේලාවකදී කියල තියෙනවා සඳට ගිය කතාව කවුරු මොනවා කිවුවත් ඒ කතාව ඇත්ත කතාවක්ය කියලා.

    ReplyDelete
    Replies
    1. ඔබට ආචාර්ය සරත් ගුණපාල මහතා මුණ ගැසී ඔබටම මෙසේ පැවසුවාද නැතිනම් ඔහු මෙසේ පැවසූ බව වෙනත් ආරංචි මාර්ගයකින් ඔබට දැන ගන්න ලැබුනද? ලංකාවේ බොහෝ වෙලාවට සිදුවන්නේ කළු පාටට වමනය ගියාම ඒක කපුටු හත් දෙනෙකුව වමනය කලා කියලා ප්‍රචාරය වීම. මේකට හේතුව මිනිසුන් අතර සිදුවන සන්නිවේදනයේදී විවිධ දේවල් අතරින් පතර එයට එකතුවීමයි.

      Delete
    2. ඔන්න අසර් දෙන්නකෝ උත්තර අනූෂිට... :D

      අසර් දන්න හඳ හාවෝ....

      Delete
    3. අනුෂි = මම මේක එතුමා කියන වැඩසටහන බැලුවා. ITN එකේ "වෙනස" වැඩසටහන බලන්න එකේ ඔහුත් සමඟ ගොඩක් වෙලා සංවාදයක් ගියා. එතැනදී අහන ප්‍රශ්නයකදී තමා ඔහු වගකීමෙන් කියනවා කියල කිවුවේ.

      කපුටු වමනේ කතාව කෙසේ වෙතත් මම වෙනත් කෙනෙකුන්ගෙන් දැන ගන්න ලැබුණානම් මේ කමෙන්ට් එක මිට වඩා වෙනස් විදියට ලියන්නේ. පුලුවන්නම් ඒ වැඩසටහන බලන්න. පිටසක්වල ජීවින් ගැනත් යම් සඳහනක් තියෙනවා. ඒවා කියන්න යන්නේ නැහැ මෙතනට වැදගත් නොවන නිසා.

      Delete
    4. @ අසරණයා,
      ----------------------------------
      කවුරු කවුරු හරි හඳට ගියාට අපිට මක් වෙනවද? බඩු මිල හඳට යවන එකනේ ඉවසන්නම බැරි? .. හද ගැන විද්‍යාත්මකව හිතුවම ඒකෙන් ගන්න සුන්දරත්වය අපට විඳ ගන්න බැරි වෙන එක ගැන ඔයාගේ අදහස මොකක්ද පුංචි කුමාරිහාමි? මම කියන්නේ හඳ ගැන ලිවූ ගීත සාහිත්‍යය, කවි, නිසඳැස්, නව කතා, කෙටි කතා වගේ දේවල් ගැන හිතලයි. ඇයි පොඩි දරුවොන්ව රවට්ටන්න අම්මලා හඳේ හාවෝ ගැන ඉස්සර කියලා දීපු කතන්දර. මහත්තයා ඉස්සර යාලුවෙලා ඉන්න කාලේ ලියපු හැම හසුනකම තිබුනු “ ආවාට තිබුණත් නිසසල හඳ මත එය හරි ප්‍රියංකරයි “ වගේ ගී පද වැල් මට තවම මතක් වෙනවා මේ හඳ ගැන කියෝනකොට ඔයාලා. ඒත් දැන් නම් අපේ දරුවෝ එයාලා ගේ යහළු යෙහෙළියන්ට ඒ වගේ ලියනවා ඇති. ඉස්සර අපි පුංචි කාලේ රෑට අහස දිහා බලාගෙන ලස්සනට සුන්දර හඳේ චමත්කාරය විඳපු මතක සිතට එද්දී මට හිතුනේ අපරාදේ අපි විද්‍යාව ඉගෙන ගෙන හැම දෙයක් දිහාම විද්‍යාත්මකව දකින්න ගිහිල්ලා ඒ සුන්දරත්වය චමත්කාරය විනාශ කරගත්තා නේද කියනවා වගේ හැඟීමක්.

      Delete
    5. ඔයා කියන එක ඇත්ත අනූෂි. අපි ලංකාවෙන් පිටත ජීවත් වන නිසා ලංකාවේ බඩු මිල ගැන නම් දන්නේ නෑ. ඒත් යුරෝපයේත් දවසින් දවස ජීවන වියදම ඉතා ඉහල යනවා. ඉන්දන මිලට සාපේක්ශව බඩු මිල ඉහල යාම ලෝකයේ කිසිම රටකට නවත්තන්න බෑ මම හිතන්නේ.

      ඔයා අහලා තියෙනවා නේද අනූශි නන්දා මාලනීගේ සිංදුවක්.. මගේ සඳ ඔබ ... ඒකෙත් ඔහොම අදහසක් තමයි තියෙන්නේ.

      Delete
    6. @ අනූෂි පැල්පළ,
      --------------
      ඔයාගේ කමෙන්ට් එක බැලුවම මට පැහැදිලි වුනේ ඔයා මහත්තයා එක්ක ඉස්සර යාලු වෙලා ඉන්න කාලේ මහත්තයා ඔයාට ලිවූ ලිපිවල ඔයාව හඳට උපමා කර තිබූ බවයි.
      //මහත්තයා ඉස්සර යාලුවෙලා ඉන්න කාලේ ලියපු හැම හසුනකම තිබුනු “ ආවාට තිබුණත් නිසසල හඳ මත එය හරි ප්‍රියංකරයි “ වගේ ගී පද වැල් මට තවම මතක් වෙනවා මේ හඳ ගැන කියෝනකොට ඔයාලා.//
      ඒත් දැන් නම් හඳ කෙසේ වෙතෙත් හඳේ ආවාට වගේ ඇති නේද? ( විහිළුවට කිව්වේ) මමත් ඉස්සර වෙලාම ගෑනු ලමයෙක්ට එස්.එම්.එස් කරලා යැව්වෙත් එයාගේ මූණ හරි ලස්සනයි හඳක් වගේ කියලායි. ඒත් මගේ ලැබීම තමයි එයා බැඳලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ( එයාගෙ මහත්තයා ඉන්ටනෙට් එක බලන එකක් නැහැ කියලා හිතනවා) ඊට පස්සේ දිගටම මම උනන්දුවක් දක්වපු ගෑනු ලමයින්ගෙන් යාලු වෙන්න අහද්දී තමයි දන්නේ ඒ අය බැඳලා බව. අපි ඉතින් ඇහුවොත් බැඳලා තමා. පස්සෙන් පහු දැන් ආශ්‍රය කරන කෙනො මුණ ගැහුනා. එයත් වෙන කෙනෙක් බඳීද දන්නේ නැහැ. අපිටම තමයි ඔහොම දේවල් වෙන්නේ.. ( මාව සවුත්තු කරන්න එපා)

      @ පුංචි කුමාරිහාමි,
      -----------------

      ඔබ දක්වලා තිබුණා නන්දා මාලනී මහත්මියකගේ ගීතයකත් සඳ ගැන කියවෙනවා කියලා මම හිතන්නේ ඔයා මහත්තයා එක්ක යාලු වෙලා ඉන්න කාලේ අනූෂිට වගේ මහත්තයා ඔයාට ලියපු ලිපිවල ඒ හඳ ගැන කියලා තියෙන්න ඇති කියලයි.
      //ඔයා අහලා තියෙනවා නේද අනූශි නන්දා මාලනීගේ සිංදුවක්.. මගේ සඳ ඔබ ... ඒකෙත් ඔහොම අදහසක් තමයි තියෙන්නේ.//
      කොහොම වුනත් අනූෂි,කුමාරිහාමි ඔයාලා දෙන්නගේම මහත්වරුන්ට නම් මුණ ගැහිලා තියෙන්නේ ගැහැණු දෙන්නෙක් නෙවෙයි සඳවල් දෙකක් ..හි..හි.. ( විහිළුවට)

      Delete
    7. ඉස්සර අපේ අක්කා ඉස්කෝලෙ යද්දී මෝටර් සයිකල් එකකින් හැමදාම අක්කා පස්සේ ආපු අය්යා කෙනෙක් ආ මල්ලි අක්කට දෙන්න කියලා මට දුන්නු ලියුමක් මම කියවලා බලද්දී ඒකේ හඳ ගැන ලස්සන සින්දු කෑලි ලියලා තිබ්බා මතකයි. ඔය වගේ. මම ඒක අක්කට දුන්නේ හොඳටම කියවලා බලලා. අක්කා නම් ඒක අතට ගත්ත ගමන් අකුණක් වැදුනා වගේ හෙමීට කාමරේට මාරුවුනා. ආයෙත් එද්දී අක්කා අතේ ලියුම තිබුනේ නැහැ. අක්කා කොහේට දැම්මද දන්නේ නැහැ. ඒ සිද්දිය වෙලා දැන් ටිකක් කල්. මට ඒක ආයෙමත් මතක් වුනේ හඳ ගැන තියෙන සින්දු කියලා තියෙද්දීයි.

      ---------------- පොඩි මල්ලි -----------------

      Delete
  18. පුංචි කුමාරිහාමි
    ඔබේ මේ වෙබ් අඩවියේ ඉතාම පළවූ ඉතාම සාර්ථක ලිපියක් වශයෙන් මේ ලිපිය හඳුන්වන්න කැමතියි. සදට ගිය ගමන පිළිබඳව විද්‍යාඥයින් අතර පවා විවිධ කතා ව්‍යාප්තව පවතිනවා. මේ පිළිබඳව විශාල විස්තරයක් අන්තර්ජාලය ඇසුරින් ලබාගත හැකියි. මම මුලින්ම මේ පිළිබඳව දැන ගත්තේ විද්‍යා සඟරාවකින්. කොහොම වුනත් සමහරු සඳට ගිය ගමන විශ්වාස කරන්නේ නැහැ. හතර පෝයට සිල් සමාදන් වෙන අපේ අත්තම්මාත් ඉස්සර මේ කතාව කොහොමවත් විශ්වාස කලේ නැහැ. ඇයි සස ජාතකය අවසානයේදී හදේ හාවාගේ රූපේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ඇඳපු බව අත්තම්මා මිය යන තෙක්ම විශ්වාස කළා. කොහොම වුනත් අපි විද්‍යා අධ්‍යාපනය ලබපු නිසා මේ වගේ දේවල් පිලිබඳව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් පැහැදිලි කරන්න අපිට පුලුවනි. නමුත් නූගත් ගම්බද ගැමි කාන්තාවකට නම් සඳ හා හදේ හාවා තවමත් ඒ වගේම විශ්වාසයක් පමණයි. අද විද්‍යාඥයින් අතර පවා මේ සඳට යෑමේ සංසිද්ධිය හුදු හිතලුවක් පමණක් බවට සැක සංකා ඇති කරගැනීම මට නම් මහ විමතියක්.

    ReplyDelete
    Replies
    1. මමත් විද්‍යාව උසස් අධ්‍යාපනය සදහා හැදෑරු අයෙක්.. "නූගත් ගැමි ගැහැනුන්" යනුවෙන් කාන්තාවන්ට අපහාස කීරීම මම නම් කාන්තාවක් විදියට අනුමත කරන්නේ නෑ.

      කොහොම උනත් ඔබටත් ස්තූතියි..

      Delete
    2. @ පුංචි කුමාරිහාමි,
      ---------------------------
      මම වුමනාවෙන් එහෙම “නූගත් ගැමි කාන්තාවන්“ ලෙස යෙදුවේ නැහැ. මට කියන්න ඕන වුනේ ගම්බද ගැහැණුන් නූගත් කියලා නෙවෙයි. අඩු අධ්‍යාපන මට්ටමක් පැවති ග්‍රාමීය ප්‍රදේශවල මෙවැනි ජන ව්‍යවහාර දකින්න ලැබෙන බව පැවසීමටයි. කෙසේ හෝ මම මීට පස්සේ වචන භාවිතා කිරීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න හිතා ගත්තා.
      මමත් කාන්තාවක් විදිහට ඔයාගේ මතයේම ඉන්නවා.
      ඔයා ඒ පිළිබඳව වුවමනාවට වඩා සංවේදී වීම පිළිබඳව මා කණගාටුවට පත් වෙනවා. මා හිතා මතා නොකළ දෙයක් පිළිබඳව මා ද කණගාටුවට පත් වෙනවා. ඉදිරියේදී ඒ වරද යළිත් නොවීමට වග බලාගන්නම්...

      Delete
    3. අනුෂි = මම හිතන්නේ ඔයා "මමී" 'dady" කියන පැලැන්තියේ කෙනෙක් වෙන්න ඕන නේ..

      Delete
    4. @ අසරණයා,
      -------------------------------------
      ඔයා ඒ තරම්ම මාව පහළට කරලා හිතන්න එපා. මම නාගරික හරි අර්ධ නාගරික හරි ලුම්පන් පංතියට අයිති කෙනෙක් නෙවෙයි. ඔයා ගැමියා ඒකාන්තයෙන් හොඳය. නාගරිකයා ඒකාන්තයෙන් නරකය කියන මතයේ නම් ඒකත් වැරදියි. නාගරික වුනත් ගැමි වුනත් හොඳ නරක ගැහැණු පිරිමි ඔය දෙගොල්ල අතරම ඉන්නවා. හොඳ කෙනෙක් නාගරික වූ පමණින් එයාට නරක ලේබලය අලවලා නරක විදිහට බලන්නත්, නරක කෙනෙක් ගැමි වූ පමණන් එයාට හොඳ ලේබලය අලවලා හොඳයි කියලා හිතන්නවත් එපා. හොඳ නරක ‍දෙක වෙනම කාරණයක්. ඒත් ගැමි හා නාගරික දෙක වෙනම කාරණයක්. ඒත් මේක සංස්කෘතින් දෙකක් පැහැදිලිවම. නාගරික කෙනෙකුට ගමට ගිහිල්ලා ජීවත් වෙන්න අමාරුයි. ඒ වගේම ගමට කෙනෙක් නාගරික ජීවිතයට හැඩ ගැහෙන්න අසීරුවෙන්. මේ දෙගොල්ලන්ටම සංස්කෘතික වෙනස බොහෝ දුරට බලපානවා. අද කාලේ ගොඩාක් නාගරිකව ජීවත් වන්නේ ගම්බද අය. මේ අය නගරයට ඇවිත් රැකියාවල නිරත වෙලා සති අන්තයේ නැතිනම් මාස් අන්තයේ ගමට යනවා. ඔයා බලන්නකෝ සිකුරාදා හවසට කොටුව ස්‍ටේෂන් එකේ ඉන්න සෙනඟ කන්දරාව කොයි තරම්ද කියලා ඔය ඈත පළාත්වලට යන්න බෑග් හෙම එල්ලගෙන ඉන්න හැටි

      Delete
    5. ගමත් නගරයත් නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ගේ හදවතේයි මම නම් හිතන්නේ.

      Delete
    6. මම අදහස් කලෙත් ඒ දේම තමා. එත් අනුෂි වල්ගේ පාගාගෙන වගේ..

      Delete
    7. සමාජ වගකීම සියළු දෙනා විෂයෙහිම සාධාරණය. දුප්පත් හෝ කුඩා මිනිසුන්හට පමණක් උරුම ලොකු ලොක්කන්ට ධනවතුන්ට සිත් සේ කටයුතු කළ හැකි තත්වයක් සමාජ වගකීමෙහි නොමැත. නමුත් දැනට බොහෝ සේ දක්නට ලැබෙන්නේ ධනයෙන් නිලයෙන් බලයෙන් සමාජ තත්වයෙන් ඇති හැකි අය කිසිදු වගකීමක් නොමැති සේ කටයුතු කරන සහ ඒ කිසිදු දෙයක් නැති දුප්පත් අසරණ තැළෙන පෑගෙන පොඩි මිනිසාම පමණක් තව තවත් සමාජ වගකීමෙහි හිරකර පටි තද කරන ක්‍රමයකි. මෙය නිවැරදි නොවේ. නිවැරදි ක්‍රමවේදයක් ද නොවේ. එලෙස හුවා දක්වමින් සිදු කරන ව්‍යාජයකි. මේ ව්‍යාජය නිවැරදි සේ හුවා දැක්වීමට ඒ වෙනුවෙන්ම සැදී පැහැදුනු උගත් යැයි මුදලින් වරදානය ලද කෘතිම ගති සිරිත් සහිත අනුකාරක පුද්ගල පැළැන්තියක් ද විද්‍යමානය. මේ අය පුරාණ ඉන්දු ආර්ය සමාජයෙහි කේවට්ටයින් හෝ පුරෝහිත බ්‍රහ්මණයින් විසින් ඉටු කරන ලද වන්දිභට්ට කාර්යයට සමාන කාර්යභාරයක් ඉටු කරමින් ඒ පිණිස වැටුප් වේතන හා දීමනා විවිධ ක්‍රමයෙන් ලබා ගනිමින් සමාජයෙහි සුව සේ වැජඹෙ අතර මීට සමාන බමණු කුලයේ පිරිසක් උපදේශකවරු නමින් වර්තමාන සමාජය තුළ රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ලබමින් යෙහෙන් සුවයෙන් වැඪඹෙන බව පෙනෙන්නට තිබේ. මේ ඇත්තන් සිදු කරන්නේ බලවත් අය පුම්බමින් කුඩා අය තලමින් පහත් තැනින් යයි ගලා ජලේ යැයි කියන්නා සේ සැමවිටක දීම අධානග්‍රාහීව පක්ෂග්‍රාහීව සිය පටු පරමාර්ථ සපුරා ගැනීමයි. අවශේෂ අයහට කුමන දේ සිදුවුත් සිය අභිමථාර්ථ සාධනයම පමණක් මැනවින් සිදු වේ නම් එය උසස් කර ව්‍යාජ වටිනාකම් පිරිනැමීම මෙවැනි අයගේ සිරිතයි. එය ඔවුන්ගේ වෘත්තීමය කාර්යය වුවත් නොවුවත් ඔවුන්ට කමක් නැත.

      Delete
    8. @ අසරණයා,
      ------------
      ඔබ මුලින්ම අනූෂි පැල්පළ මහත්මිය “මමී“ “ඩැඩී“ පෙළන්තියට අයත් තැනැත්තියකැයි ඇයට උපහාසයෙන් යුතුව අදහස් දක්වලා තියෙනවා. ඔබගේ අදහස ඇය විසින් සාධාරණය තාර්කිකව බිඳ හෙළ ඇත. ඔබගේ අදහස් වල දක්වා ඇති
      //කපුටු වමනේ කතාව කෙසේ වෙතත් මම වෙනත් කෙනෙකුන්ගෙන් දැන ගන්න ලැබුණානම් මේ කමෙන්ට් එක මිට වඩා වෙනස් විදියට ලියන්නේ.//
      යන වැකියෙන් අදහස් වන පරිදි ඔබ විසින් “ආචාර්ය සරත් ගුණපාල මහතා “ සම්බන්ධයෙන් දක්වන ලද අදහසට සාර්ථකව තාර්කිකව බිඳ හෙලන ලද බැවින් ඔබට ඇය කෙරෙහි යම් ඊර්ෂ්‍යාවක්/ තරහක් ඇති වී ඇයගෙන් පළි ගැනීමට ඇයව දිගින් දිගටම මේ බ්ලොග් අඩවිය තුළ බය්ට් එකට ගෙන ඇති බව මෙහි දී පැහැදිලිව පෙනෙනවා.ඔබ පිරිමියෙකු වශයෙන් එලෙස කාන්තා පාර්ශවයට සිදු කිරීම අයෝග්‍ය බව අපේ අදහසයි. පිරිමියෙකුගෙන් ඉටු විය යුතු වන්නේ කාන්තා පාර්ශවය ආරක්ෂා කර ගැනීම බව අපේ අදහසයි. මා මේ ලිපිය ලියන්නට දිරි ගන්වන ලද්දේ මේ බ්ලොග් එක කියවපු මගේ මිතුරන් පිරිසකි.

      @ අනූෂි පැල්පළ,
      --------------------
      ඔබ විසින් “අසරණයා“ හඳ සම්බන්ධව දක්වන ලද අදහස සාර්ථකව බිඳ හෙළීම නිසා ඔහු ඔබ සමඟ උරණව ඔබව බයට් එකට ගෙන ඇති බව
      //මම අදහස් කලෙත් ඒ දේම තමා. එත් අනුෂි වල්ගේ පාගාගෙන වගේ//
      යන පාඨය අනුව පැහැදිලි වේ. මන්ද ඔහු මුලින් ඔබව හඳුන්වා ඇත්තේ ඔබ මමී ඩැඩී පෙළෙන්තියේ කෙනෙකු විදිහටයි. නමුත් එය ඔබ සාර්ථකව බිඳ හෙලා ඇත.
      //ගැමියා ඒකාන්තයෙන් හොඳය. නාගරිකයා ඒකාන්තයෙන් නරකය කියන මතයේ නම් ඒකත් වැරදියි. නාගරික වුනත් ගැමි වුනත් හොඳ නරක ගැහැණු පිරිමි ඔය දෙගොල්ල අතරම ඉන්නවා. හොඳ කෙනෙක් නාගරික වූ පමණින් එයාට නරක ලේබලය අලවලා නරක විදිහට බලන්නත්, නරක කෙනෙක් ගැමි වූ පමණන් එයාට හොඳ ලේබලය අලවලා හොඳයි කියලා හිතන්නවත් එපා. හොඳ නරක ‍දෙක වෙනම කාරණයක්. ඒත් ගැමි හා නාගරික දෙක වෙනම කාරණයක්. //
      මෙයින් ඔබ සාර්ථකව අසරණයා විසින් දැක්වූ අදහස බිඳ හෙලා ඇත. අසරණයා මුලින් දැක්වූ අදහස අකුලාගෙන “පුංචි කුමාරිහාමි“ විසින් දැක්වූ
      //ගමත් නගරයත් නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ගේ හදවතේයි මම නම් හිතන්නේ.//
      යනුවෙන් වූ කාන්තා අදහසට බැස ගෙන ඇති බව පැහැදිලිව පෙනී යයි. මෙය අසරණයා පල්ලම් බැස ඔබව විවේචනය කිරීම සඳහා ගොඩනඟන ලද මතවාදය තුළ ඔහු දැඩිව අසරණවීම පැහැදිලිව පෙනී යන්නකි. ඔහු ගැහැණු යට ඇඳුමක පිලිසරණ පතා ඇති බව මින් අපට අවබෝධ වේ.( මම අසරණයා ට කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඔබ මේ ආකාරයට වැදගත් කාන්තාවන් අපහසුතාවට පත් කිරීමෙන් වළකින ලෙසයි)

      Delete
    9. චමිල් අසර් කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ. අපි කාලයක් තිස්සේ බ්ලොග් අවකාශයේ ඉන්න හිත හොද කෙනෙක් අසර්..
      එයාගේ වචන එහෙම ලිව්වට එයා කවදාවත් ගෑනු අයට අපහාස කරනවා මීට කලින් නම් මම දැකලා නෑ.
      සමාවෙන්න මම එහෙම කිව්වට. මොක්ද මම මේ බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදන් අසර් අපි එක්ක සහයෝගයෙන් හිටපු සහෝදරයෙක්.

      Delete
    10. @චමිල්
      .......

      //නමුත් නූගත් ගම්බද ගැමි කාන්තාවකට නම් සඳ හා හදේ හාවා තවමත් ඒ වගේම විශ්වාසයක් පමණයි.// මේ කොටස සඳහන්කළේ ඔබගේ මිතුරිය. ගම්බද කාන්තාවකට අපහස වෙන විදියේ හා ,පහත් විදියේ කතාව කිවුවේ මම නෙවෙයි කාන්තාවක් වන අනුෂිම තමයි. ඔබ දේපල මිතුරන් වෙන බව මට හිතෙනවා. තර්ක බිඳ හෙලනවා වගේ දෙයක් මම කරන්න යන්නේ නැහැ. චමිල් ඔබ හා අනුෂි නීතිය සම්බන්ද රැකියාවක් කරන දෙදෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබ දේපල අදමයි මං දැක්කේ මේ බ්ලොග් වලට කමෙන්ට් කරන සමහර විට මේ හැම කමෙන්ට් එකම දාන්නේ එකම කෙනා වෙන්නත් පුළුවන්.

      ඔබ කියන විදියට අනුෂි වැදගත් කාන්තාවක් වෙන්න ඇති. එත් මම දන්නා විදියට වැදගත් කාන්තාවන් තවත් කාන්තාවන්ව පහත කොට සලකන්නේ නැහැ. වැදගත් සියලු දෙනාම නිහතමානි. මමනම් ඇයගෙන් ඒ නිහතමානිත්වය දැක්කේ නැහැ. කවදාවත් මම කාන්තාවන් ගේ ගැහැණු යට ඇදුමක සරණ සොයා යන්නේ නැහැ.ඔබ වගේ.

      මම බ්ලොග් ලියන්න පටන් ගෙන දැන් අවුරුද්දකට වඩා වැඩි එතෙක් මෙතෙක් මම දාපු පොස්ට් එකකකවත් කොහේ හෝ දාපු කමෙන්ට් එකකවත් ගැහැණුන්,වෙනත් ආගම් වලට අපහස වෙන විදියේ කමෙන්ට් දාල නැහැ.එත් නිවට පිරිමින් උද්දච්ච ගැහැණුන් වගේ උදවියගේ ඒ ගතිය නැති කරන්න මට සුළු හෝ උත්සහයක් ගන්න පුලුවන්නම් මම ඒ දේ කරනවා. (මෙතැනදී චමිල් ඔබටත් අනුෂිටත් නෙවෙයි කිවුවේ.)මා මේ බ්ලොග් අවකාශේ හැසිරෙන විදිය කැමතිනම් හොයල බලන්න එවිට ඉහතින් මට කියපු ඒ හැම දෙයකටම උත්තර ලැබෙන්න ඉඩ තියෙනවා. (කිසිම දෙයක් නොදන්නා මිතුරන් කිවූ පමණින් කාන්තාවන් වෙනුවෙන් පෙනීසිටින ඔබ මෙහෙම කමෙන්ට් දාන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා)

      Delete
    11. පෝස්ට් එක ගැන කමෙන්ට් කරන්න ආවහම මේක දැකල මෙතන අදහසක් දාන්නම හිතුනා.

      අසරණය කියන්නෙ පෞද්ගලිකව දැන හදුනන්නෙ නැති වුනත්, බ්ලොග් ලෝකෙ ඉන්න සොදුරු චරිතයක්. ගහන්න ඕන තැන ගහනවා, ඒ සිද්ධ වෙන්නෙ සාධාරන විදිහට මිසක් අසාධාරණ විදිහට නෙවෙ. ඌව ගැරන්ට් කරන්න කස්ටිය තව බ්ලොග් ලෝකෙ ඉන්නව කියල මතක තියාගන්න.

      Delete
    12. @ අසරණයා,

      ඔබ කොයි තරම් සාධාරණයි කියලා පෙන්නන්න වළිකෑවත් ඔබේ පියවි ස්වභාවය මේ සමඟ ඇති ඔබේ වදන් නිසා හෙළි වන්නේ නැද්ද කියලා වරක් දෙවරක් නෙවෙයි කීප වාරයක්ම ඔබට හොඳින්ම පැහැදිලි වෙන කම් වරින් වර කියවලා බලන්න කියලා මම ඉල්ලා හිටිනවා.
      //නිවට පිරිමින් උද්දච්ච ගැහැණුන් වගේ උදවියගේ ඒ ගතිය නැති කරන්න මට සුළු හෝ උත්සහයක් ගන්න පුලුවන්නම් මම ඒ දේ කරනවා.//
      ඉහත මම දැම්මේ ඔබගේම වචන හා අදහස්. ඔබ දිගු කමෙන්ටුවකින් කියන්න වෑයම් කරන දේ ඔබගේ නොදැනුවත්කම නිසා හෝ අතිපණ්ඩිතකම නිසා හෝ ඔබ අතින් කියවෙලා තියෙනවා වගේ නේද? ඔබ අන්තර්ජාලයේ කොච්චර කාලයක් රැඳිලා හිටියද කියන එකවත් ඔබ අන්තර්ජාලේ “පොරක්“ කියලා පොර මේනියා එකෙන් රජ වෙලා හිටියද කියලා නම් අපිට වැඩක් නැහැ. මොකද අපිට ඒවා අදාළ නැහැ. ඒවා අදාළ වෙන්නේ වෙබ් අඩවි වලට නෙවෙයි මම හිතන විදිහට බජාර් එකේ චණ්ඩි කියලා කියන අයටයි. ඒත් මේ චන්ඩි වුනත් පොලොසියේ මහත්තුරු ඇවිල්ල කණට දෙකක් පත බාලා පස්ස පැත්තට පයින් ගහලා පොලිස් ජීප් එකේ දාගෙන ගිහිල්ලා පොලිස් කූඩුවෙ සතියක් හමාරයක් තියලා තියාගත්තම ඒ අයගේ චණ්ඩිකම එතැනින්ම අහවරයි. ( දැන් ඔයා අයිති වෙන්නේ මේ කොයි වගේ චණ්ඩියෙකුටද? නැතිනම් චා ගුණ්ඩියෙකුටද?)

      sAm (සෑම්),

      සෑම් අපිට තවත් කෙතෙක් රෙකමදාරු කරන්න ඕන වෙන්නේ ගමක නම් ග්‍රාමසේවක මහත්තයා, නැතිනම් ඒ වගේ පිලිගත්තු රැකියාවක් කරන කෙනෙක්. රස්තියාදුකාරයෙක් තවත් රස්තියාදුකාරයෙක්ව රෙක්මන්ඩ් කරන එක උසස් වැදගත් සමාජ සිරිතක් නෙවෙයි ඒක සමාජය පිලිගන්නෙත් නැහැ. සෙමහර වෙලාවට යම් යම් රැකියාවලට යද්දී පොලිස් සහතිකය ඕන වෙනවා. ග්‍රාමසේවක සහතිකය ඕන වෙනවා. ඒ රෙකමන්ඩ් කරන්න ඕන නිසා. හරියට බඩු ෂුවර් නැති නිසා. හොඳට දන්න හඳුනන කෙනෙක්ව රෙකමන්ඩ් කරන්න ඕන වෙන්නේ නැහැ.ඒත් ඔයා ගමක ග්‍රාමසේවක මහතා වත් පොලිසිය වත් නියෝජනය කරන පුද්ගලයෙක් නෙවෙයි. අපි දන්න තරමින් තවත් කෙනෙක් රෙකමන්ඩ් කරන්න එයාට වඩා ඉහළ සමාජය පිළිගත්තු කෙනෙක් වෙන්න ඕන. දැන් කාලේ තාක්ෂණ පහසුකම් හරි දියුණුයි. අපේ පොඩි කොලුවගේ වයස අවුරුදු 13 යි. මම බැලුවා ඌ දැන් ටික දවසක ඉඳලා මොකද කරන්නේ කියලා මෙන්න ඌත් බ්ලොග් ලියනවා. ඉතින් තාක්ෂණය දියුණු නිසා දැන් හැම කොල්ලම බල්ලම කරන්නේ වෙන කරන වැඩක් නැති වුනාම බ්ලොක් ලියන එක තමයි. බ්ලොක් එකක් ලිව්වා කියලා අද කාලේ හැටියට නම් කෙනෙක් පොරක් වෙන්නේ නැහැ. මොකද අද කාලේ අපේ පොඩි කොල්ලා වගේ හිච්චි එවුනුත් බ්ලොක් ලියන නිසා. අනික අනුන්ට මේ වගේ ගැරන්ටි දෙන්න ඉස්සෙල්ලා තමන් කවිද කවුරු එක්කද කතා කරන්නේ මොනවද කතා කරන්නේ කියලා ටිකක් උඩ බිම බලලා කතා කරන්න පුරුදු වෙන්න.
      // ඌව ගැරන්ට් කරන්න කස්ටිය තව බ්ලොග් ලෝකෙ ඉන්නව කියල මතක තියාගන්න.//
      ඌව ගැරන්ට් කරන්න යන ඔයාට ගැරන්ටිය ළඟදීම හම්බ වේවිද දන්නේ නැහැ නේද? තමුන් මහා ලොකු පොරක් කියලද තමනුත් හිතා ගෙන ඉන්නේ. අනුන්ව ගැරන්ටි කරන්න ඉස්සරවෙලා තමන්ව ගැරන්ටි කරගෙන ඉන්න බලන්න. මම ඔයාට දයාවෙන් කිව්වේ. අසරණය අසරණය කිය කිය අසරණ කමෙන් අයුතු ප්‍රයෝජන අරන් ගැහැණුන් ගේ ආත්ම ගෞරවය කෙළෙසා දමන ඔබ වැනි කුහක පිරිමි පිරිමි කමටද නින්දාවකි.


      Delete
    13. අයියෝ රංඩු වෙන්න එපාල. සැමා කිව්වේ අසර් හැමදාම අපි එක්ක හිටපු හොද යාලුවෙක් කියලා විතරයි. ඒක අමුතු චරිත සහතියක් නෙමෙයි. පුංචි වචනයක් අල්ලන් ගොඩක් දුර යන්න එපා.

      Delete
    14. කිසිම රස්සාවක් නොකර අනුන්ගෙන් කකා බිබී රස්තියාදු ගගහා ඉන්න වැඩි හරියක් සරීර හොරු අන්තර්ජාලයේ බුදියගෙනම වගේ තමයි ඉන්නේ. ඒ අය අතින් තමයි වැඩි හරියක් සමාජ දූෂීත ක්‍රියා අපරාධ සිදු වෙන්නේ. අන්තර්ජාලය භාවිතා කරමින් කුඩා දැරිවියන්ව පවා අපචාරයට යොදා ගන්නා ලද පුවත් අහන්න ලැබෙනවා. වැඩි කාලයක් බ්ලොග් භාවිතා කලා කියන්නේ වැඩි කාලසීමාවක් අපචාරය සඳහා කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනෙකුව පොළඹවා ගත්තා කියන එකයි. එක්කෙනක් මදිවාට රංචු ගණන් එන්නේ. විජේරාම හන්දියේ ගැහැණික දූෂණය කළ අවස්ථාවේදී එක් කෙනයි ඒ ගැහැණිය ලිඳ ළඟට අරන් ගිහින් තියෙන්නේ. පස්සේ තමයි අනික් පිරිමි 3 දෙනාත් එතැනට ඇවිත් රංචු ගැහැලා ඒ කාන්තාවට ඒ අපරාධය කරලා පස්සේ ඒ කාන්තාව මුදල් වලට එහෙම ඉන්න කැමති වුනා කියලා විලි ලැජ්ජාවක් නැතුව අධිකරණය ඉදිරියේ කියන්න තරම් අර පිරිමියි කියන නරි රංචුව ක්‍රියා කරලා තියෙන්නේ. හරියට වැරදි කාරයාව ආරක්ෂා කර ගන්න සහචරයින් ඉදිරිපත් වෙනවා වගේමයි. මෙතැනදීත් ඒ වගේමයි එක් කෙනෙක් කාන්තාවගේ ආරක්ෂාව සලසා දෙන්න හැදුවාම ඒ කාන්තාවට අවනම්බු කරන්න ඉදිරිපත් වෙලා ඉන්න කෙනාව ආරක්ෂා කරන්න ඒ වගේම තවත් වනචර මිනිහෙක් ඉදිරිපත් වෙලා. මූණ දිහා බැලුවම පේනවා මිනිහා මොන වගේ පොරක්ද කියලා

      Delete
    15. @ මි හරකෝ.
      ................

      මම බ්ලොග් ලියන්නේ පොරක් වෙන්න නෙවෙයි.මම ලංකාවෙන් පිටත රස්සාවක් කරන ගමන් නිවාඩු ලැබුන වෙලාවක මේ බ්ලොග් කෙරුවාව කරන්නේ. නොදන්නා පිරිසක් ඉස්සරහ පොර වෙනවා කියන්නේ මහා මෝඩ වැඩක්. ඔය එක එක විදියෙන් නම් දාගෙන මේ බ්ලොග් එකේ විතරක් දැක්ක ඔයාල තුන්දෙනා මේ පොස්ට් එකට නොගැලපෙන බොරු දර්ශනීය මාන්නයක් ඔලුවේ මවාගෙන නොගැලපෙන කමෙන්ට් දාන ඔයාලද ඇති පණ්ඩිතයෝ. නැත්නම් මේ පොස්ට් එකට අදාළ මම දන්නා සුළු දෙය හරි මෙතන දාපු මමද?. මෙතන වෙන්නේ මේ "එල හරකා" "මි හරකා" "ගොපල්ලා" වගේ නම් දාගෙන අනුෂිගේ වටේ ඉන්න යාලුවෝ වෙන්න ඕනේ.එයාට මොනවා හරි කරද්දී හරියට හිත රිදිල වගේ මට තේරෙනවා. එත් කරන්න දෙයක් නැහැ. තව කෙනෙක් ආවත් "අනුෂි පොල්පැල" කියල අපිට කරන්න දෙයක් නැහැ. කට්ටියම එකතු වෙලා අනුෂිගේ පිට කසන බවනම් තේරෙනවා.

      මම අසරණයා කියන නම දාගෙන කාගෙන්ද මම අනුකම්පාව අරන් තියෙන්නේ පුලුවන්නම් කියන්න බලන්න. මොන ගැහැණු ළමයාගේ ද ආත්ම ගෞරවය කෙළෙසා තියෙන්නේ. කෙනෙක් ෆෝරම් කර පලියට නොදන්නා කතා කියන්න එපා සහෝදරයා. මොනවා වුනාත් මට තේරෙන එක දෙයක් තමා අලි මානසිකත්වයෙන් මේ සෙට් එකම ඉන්නවා කියල. ඒ විදියේ ඉන්නෙත් ඉතින් එක්තරා විදියක සමාජය ආශ්‍රයක් නොමැති කම නිසා වෙන්න ඕනේ. තව කි දෙනෙක් මේ විදියේ නම් වලින් ඇවිත් මට ඇතිවෙනකන් කියෝවල යාවිද දන්නේ නැහැ. ඒ හැමෝටම පුළුවන් විදිට උත්තර දෙන්නම් කියල කියන්න.


      @ ඇනෝ
      .......

      මේ උඩින් ඉන්න ඔයාගේ "මි හරකා" "එල හරකා" කියල ඉන්න යාලුවොන්ගෙන් අහල දැනගන්න කොහොමද ඇනෝ කෙනෙක් විදියට නැතුව ටිකක් හෝ අනන්‍යතාවයකින් එන්නේ කියලා.

      මම දන්නා මිනිස්සු කිහිප දෙනකුත් ඉන්නවා මිනිසුන්ගෙන් බලෙන් ගරුත්වය ලබාගන්න උත්සහ කරන අයව.ඉතින් මට කියන්න තියෙන්නේ ඒ හැමෝටම "පව් අප්පා" කියල. අනුෂිගේ හිත රිදිලද?? මම දැන් මොකක්ද කරන්න ඕනේ..

      මේ පිරිසගේ කමෙන්ට් කියෙවුවාම මට හිතෙන්නේ මහා අති පණ්ඩිත පිරිසක්ය කියා.

      Delete
    16. @ අසරණයා.

      හි.හි.. අසර්ට අසරනයා කිව්වට එයා අපි තරම් අසරන නෑ කියලා අපි දන්නවනේ. මෙයා මුලු අප්‍රිකාවම මෙහේ ගෙනෙයි..
      අපි හැමෝම එහෙම තමා අසර්.. කාලේ කන්න ඉන්ටනෙට් එනවා නෙමෙයි අපි අපේ දහසක් රාජකාරී මැද්දේ මේවා කරන්නේ ලංකාවෙන් ඈතින් ඉන්න නිසා අපේ භාශාවත් අපේම අයත් රැදෙන්න.
      හිත රිද්දගන්න එපා.

      Delete
    17. ඔව් කුමාරිහාමි. එක සැරේ කඩා පත්වෙන අය ඕවා දන්නේ නැහැ.ආත බූත දොඩවනවා කියන්නේ අන්න ඒවාට.

      Delete
    18. @ අසරණයා,
      මුලින්ම කියන්න ඕනේ මේ අසරණයා කියලා නම් දාගෙන හිටියට මෙයා මහා සෙවලයා කියලා. සමහරු ඉන්නේ නිකම් දෙකට ගැණ ගන්න බැරිව මගේ බොරු පූස් පාට් අහිංසක කම් පෙන්නගෙන. ඒ වුනට කෙරුවාව බලන්න එපෑයෑ. උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්නා අල්ලන්නේ අපි දන්නේ නැතුවයෑ ඕවයේ තරම. එන්න එපා අපට උගන්නන්න. ඔයාට වඩා ඇඩ්වාන්ස් පිරිමිත් අපි ඕන තරම් දැකලා තියෙනවා ඔය වගේ ගෑනු ලඟ ඇඹලයෝ වෙන හැටි. මෙයා මහා ලොකු රස්සාවක් නේ කරන්නේ. මම හිතුවේ ලංකාවේ ආණ්ඩුවේ කත්තෝරුවක අකුරු අමුණ අමුණ ඉන්න රස්සාවක් කරන හාදයෙක් කියලා. බැලින්නම් අප්‍රිකාවට වෙලා අප්‍රිකන් අලි වසුරු ඇහිදින එක කරන කෙනෙක්. ( දැන් මම මේක කිව්වාම කියයි අනේ මට ඒකත් ලොකු දෙයක් කියලා.)
      //මම ලංකාවෙන් පිටත රස්සාවක් කරන ගමන් නිවාඩු ලැබුන වෙලාවක මේ බ්ලොග් කෙරුවාව කරන්නේ.// කම්පියුටර් එක අප්‍රිකාවේ ෂොප් එකෙන් මහාපාරට විසි කරපු පරණ ලදරමක් උස්සන් ඇවිත් ද දන්නේ නැහැ අපිට පොර කතා දෙන්නේ.
      සමහරුන්ගේ මහා උද්දච්ච මානසිකත්වයක් තියෙනවා ලංකාවේ පිඟන් හෙදුවාම ඒක ලොකු මඳිකමක්. ඒත් පිටරටකට වෙලා විදේශකියන්ගේ පශ්චාත් භාගේ හේදුවත් ඒක ලොකු නම්බුකාරයි මේ වගේ ඇත්තන්ට. මේකට හේතුව වෙන මොකක්ද නූගත්කම හා ඒ සමඟ බැඳුනු මෝඩයමයි මිසක්කා. සද්ද නැතුව ඉන්නකම් මෝඩයාත් අති පණ්ඩිතයෙක් වගේ පේනවා. ඒත් කට ඇරලා වචන දෙක තුනක් දෙසා බාද්දි එයා මෝඩ ගොන් තඩියෙක් බව වටේ බලා ඉන්න හැමෝටම හොඳ හැටි තේරෙනවා. ඒකම තමයි අපේ අසරණයටත් වෙලා තියෙන්නේ. අනේ පව් පුංචි කුමාරිහාමි කියනවා වගේ මෝඩකමට බෙහෙත් නැහැනේ.
      වයස අවුරුදු 47 ක් වූ මඟ වැරදී කැකිරාවේ සිට පැමිණි කාන්තාවක් බොරු කියා රවට්ටා ගංගොඩවිල විජේරාම හන්දියේ පන්සල පටුමගේ පොදු නාන ලිඳ ළඟට එක්කරන් ගිය අසරණයා වගේ පිරිමි 4-5 දෙනෙක් ඒ කාන්තාව සාමූහිකව දූෂණය කලා කියලා කියන්නෙත් ඒ කාන්තාවගේ උද්දච්චකමයි අතිපණ්ඩිතකමයි නැති කරලා සාමාන්‍ය තත්වයට, ප්‍රකෘති තත්වයට ගන්නලු. ඒ වග හොඳින්ම පැහැදිලි වෙන්නේ අසරණයා දමලා තියෙන පහත දැක්වෙන කමෙන්ටුව නිසා. කියවලා බලන්න. මේක අසරණයාගේම අදහස්.// උද්දච්ච ගැහැණුන් වගේ උදවියගේ ඒ ගතිය නැති කරන්න මට සුළු හෝ උත්සහයක් ගන්න පුලුවන්නම් මම ඒ දේ කරනවා.// ඔයා ඒ වගේ ක්‍රමයකට ගෑනුන්ගේ උද්දච්චකම්, මහන්තත්ත කම් එක්ක ගෑනුන්ගේ ආත්ම ගෞරවය කෙළෙසනවා නම් ළඟදීම ඒකට නීත්‍යානූකූල ක්‍රියා මාර්ගයක් මඟින් නිවැරදි විසඳුම් ලැබේවි. එතකන් ඔය විදිහටම පොර ටොක් දදා ඉන්නකෝ.
      ( බඩු ළඟදීම හම්බවේවි) //බොරු දර්ශනීය මාන්නයක් ඔලුවේ මවාගෙන නොගැලපෙන කමෙන්ට් දාන ඔයාලද ඇති පණ්ඩිතයෝ.// දැන් අසරණයා කියන නමින් කමෙන්ට් දාන කාම පිපාසිතයට වුවමනා අති පණ්ඩිතයෙකු මෙන් කාන්තාවන් අතර ජනප්‍රිය ලේබලය අලවා ගෙන වීරයෙකුවීමටය. ඔහු ඒ සඳහා දතකට මැඳගෙන සිටියි. කලිසම් කමීස මැඳගෙන බලා සිටියි. “මැදපු කමිස තුන නැත.“ කියලා තමයි මේවා දකින අයට නම් කියන්න වෙන්නේ එතකොට.
      කීදෙනක් මං එක්ක ගුස්ති අල්ලන්න ආවත් මම බය නැහැ. සේරම වරෙල්ලා මා එක්ක ගහ ගන්න. මම හැමෝටම ගහනවා වගේ බෙලහීන මානසිකත්වයක පසුවෙන අසරණයා සැබවින්ම අසරණව මෙහෙම කියෝනවා.
      //තව කි දෙනෙක් මේ විදියේ නම් වලින් ඇවිත් මට ඇතිවෙනකන් කියෝවල යාවිද දන්නේ නැහැ. ඒ හැමෝටම පුළුවන් විදිට උත්තර දෙන්නම් කියල කියන්න.//
      දැන් අසරණයා ෂෝට් එක උස්ස උස්ස බලා ඉන්නේ ගහ ගන්න කස්ටිය එනකල්. කස්ටිය එන්න වෙලා යනවා නම් සෑම් අංකල් එක්ක බයිට් එකකුයි පරණ ගල් බෝතලයකුයි රෙඩි කරලා ගත්තා නම් ෆන් එකකුත් ගන්න තිබ්බා. ඇයි කස්ටිය සෙට් වුනාම පන්සිල් පද පහම කඩන එකේ පොඩ්ඩක් ගත්තම මක් වෙනවද කියලා අසරණයා කල්පනා කරනවා.

      Delete
    19. @ අසරණයා,

      ඔයා අනුෂීට වුවමනාවට වඩා ළං වෙන්න ගිය හැටියක් මම දැක්කා. සාමාන්‍යයෙන් පිරිමි එහෙම කලාම එකෙන් කියවෙන්නේ මම ඔයාට කැමතියි කියන එකම තමයි. බලන්න අසරණයා ඔයාගේ යටි හිතට පොඩ්ඩක් තට්ටු කරලා ඔයාට අනුෂි ගැන පොඩ්ඩක් වත් ඒ වගේ වුවමනාවක් ඇති වුනේ නැද්ද කියලා. මම ඔයාගේ හිතට එකඟව අහන්නේ. ඔයාට ලැජ්ජාව නිසා ඕන නම් අනේ නැහැ කියන්න පුලුවන්.ඒක ඔයාගේ ගට අනුව තීරණය වෙන දෙයක්. ඔයා නියම පිරිමියෙක් නම් ඹයාට ඒක පිළිගන්න පුලුවන් වෙන්න ඕන. අනුෂි විවාහක දරුවන් ඉන්නා ආදරණීය මවක් කියන එක වෙනම කාරණාවක්. මම අහන්නේ ඔයාගේ හිතට ඇති වූ හැඟීම ඇයි ඔයා සමාජයෙන් සඟවා ගෙන වෙන වෙන බයිලා ගහලා මේ විදිහට නෝන්ඩි වෙන්නේ කියලා. නියම පිරිමියෙක් වගේ පිලිගන්න අසර්. ඔයා කියන ඒවට මට පස්ස පැත්තෙනුත් හිනා අසරණ අසර්. පව්.
      //අනුෂිගේ හිත රිදිලද?? මම දැන් මොකක්ද කරන්න ඕනේ..//
      ඒ අතර අසරණයා පොඩි පහේ පැණි ටොක් එකකුත් දෙනවා මෙන්න මේ විදිහට. අසරණයා විදිහට හිටියට ඇඹලයා නිසා අන්න දැන් ඇඹල ගතිය ඉස්මතු වෙනවා. අන්න බලළා දැන් තමයි මල්ලෙන් එලියට පැන්නේ. අසරණට හරි ඕන කමක් තියෙනවා අනුෂිව දැන හඳුනා ගන්න. අනුෂි මොන විදිහේ කෙනෙක් ද කියලා දැන ගන්න. ඒකයි අනුෂිගේ පුද්ගලික දේවල් හීන් නූලෙන් මේ විදිහට හොයන්නේ.
      //අනුෂි = මම හිතන්නේ ඔයා "මමී" 'dady" කියන පැලැන්තියේ කෙනෙක් වෙන්න ඕන නේ..// ඇයි අසරණයා ඔයාට අනුෂිගේ පැළැන්තිය ගැන දැන ගන්න ඕන වුනේ. කාටහරි එහෙම ඕන වෙන්නේ එයාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න වගේ දෙයක් අදහසක් ආවාම තමයි අපි අහලා තියෙන විදිහට විශේෂයෙන්ම තරුණ ගැහැණු කෙනෙක්ව.
      මම දකින්නේ මේකයි අසරණයා, ඔයා අනුෂිට නුවමනා විදිහට ළං වෙන්න ගිහින් තියෙනවා. ඒ එක්කම අනුෂි කියලා තියෙනවා එයා විවාහකයි. දරුවෝ ඉන්නවා කියලා.
      //මහත්තයා ඉස්සර යාලුවෙලා ඉන්න කාලේ ලියපු හැම හසුනකම තිබුනු “ ආවාට තිබුණත් නිසසල හඳ මත එය හරි ප්‍රියංකරයි “ වගේ ගී පද වැල් මට තවම මතක් වෙනවා මේ හඳ ගැන කියෝනකොට ඔයාලා. ඒත් දැන් නම් අපේ දරුවෝ එයාලා ගේ යහළු යෙහෙළියන්ට ඒ වගේ ලියනවා ඇති.// අනේ පව් අසරණයා තමන්ගේ සිහින සියල්ල බිඳ වැටුනු බව දැන ගෙන දැන් සම්පූර්ණයෙන්ම වියරු වැටිලා අනුෂි නෝනට නොසෑහෙන්න දෙහි කපනවා. ඒකයි අර ගීතයක් තිබෙන්නේ ආදරයත් වෛරයත් අතරේ වෙනස කෙස් ගසකට සමයි. බිඳුනු දා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි කියලා. ඒකයි දැන් අනුෂි නෝනා එක්ක අසරණයා දැන් වෛර බැඳ ගෙන ඉන්නේ. අනේ එහෙම වුනා කියලා ඒ නෝනා මක් කරන්නද?. දැන්වත් අනුන්ගේ කසාද බැඳපු ළමයි ඉන්න ගෑනු පස්සේ යන එක නවත්තන්න කියලා මම අසරණයා සහෝදරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

      Delete
    20. ඊ...ඊ...ඊය්යා.. අසරණයා අංකල් ඇත්තෙයි මේ කියලා තියෙන දේවල්. මොනද අංකල් වයසට නෙවෙයි නේද ඔයාගේ වැඩ? අපි නම් තව කොල්ලෝ නිසා කියලා කිව්වහැකි. ඒක තමයි අංකල් කියන්නේ පහන නිවෙන්න ළං වෙද්දී තමයි දැල්ලත් වැඩි කියලා. කෙනෙක් වයසට යන්න යන්න මෝල් ගතිය වැඩියි. ඒකයි ඒ උපහැරනෙන් කියන්නේ. දැන්වත් තේරුම් ගන්න. ඔය රට රාජ්ජවල ඇවිද්දා වගේ නෙවෙයි ඔය අමාරුවටත් මොනවා හරි ක්‍රමයකින් පිළියම් කරගන්න බලන්න. හැබැයි නීත්‍යනූකූල විදිහට ඒවා කෙරෙන්නත් ඕනෑ, මොකද ලංකාවට වඩා පහසුකම් පිටරටවල තියෙන එකේ ඕවාට නම්. හැබැයි අංකල් අප්‍රිකාවේ ඒඩ්ස් හැදුනු ගැහැණුන්ගේ ප්‍රතිශය හොඳටම වැඩියි. ඔයාට ගොඩාක් පරෙස්සම් වෙන්න වෙයි. ඒත් කමක් නැහැනේ අංකල් දැන් මැරෙන්න ඉන්න එකේ ඕවා මොනවද නේද? දැන් වත් ඔය පැත්තේ වැඩක් කරගෙන පිලිවෙලක් වෙලා මනුස්සයෙක් වගේ ඉන්න බලන්න. ඔයාගේ වැඩ වලට මෙහෙ ගෑනු අයට නවත්ත ගන්න බැහැ හිනා වෙලා. මේ බ්ලොක් එකේ ඔයා ලියලා තියෙන දේවල් බල බලා අපේ අක්කිලා දෙන්න හිනා වෙනවා. ඒක දැකලා මටත් හිනා. හි.. හි... හික්.. හීහි...
      ------ සදරුවන් -----

      Delete
    21. This comment has been removed by a blog administrator.

      Delete
    22. චී... මෙන්න ඒ පාර නහුතෙට අසරණයා අංකල්ට මොල් ගාය තද වෙලා කුණු හරුපු කියනවෝ. අසරණයා අංකල් ඇනෝ ඇවිල්ලා කුණු හරුප ලියනවෝ. චී. චී. කැතයි ගැහැණු කෙනෙකුගේ බ්ලොග් එකකට ඇවිල්ලා කුණු හරුප ලියන්න තරම් අසරණයා අංකල් පහත් මට්ටමකට වැටුනා එහෙමනම්. පව් අපේ පුංචි කුමාරිහාමි අක්කි මොන තරම් විශ්වාස කලාද අසරණයා අංකල්ව. මෙකේ කුණු හරුප ලියන්න තරම් පහත් මානසික මට්ටමකට වැටෙයි කියලා එයා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති. දැන් අසරණයා අංකල් මේක ටොයිලට් බිත්තයක් කරගෙන නේ බලාගෙන යනකොට. බලමුකෝ ඒකෙත් හැටි අන්තිමේදී අසරණයා අංකල් ගැන මේකේ මිනිස්සු කියලා තියෙන දේවල් සත්‍යයි කියලා ඔහු විසින්ම ඔප්පු කරලා පෙන්නුවා එහෙම නම්.
      ------ පුංචි පුතා ----

      Delete
    23. පව් අසරණයා අංකල්ට එහෙම එකක් කර ගන්න තරම් වත් පන නැතිව ඉන්න නිසා තමයි මෝල් ගාය පිට කරගන්න මෙහෙම ගැහැණු කෙනෙකුගේ බ්ලොග් එකක කුණු හරුප ලියලා තියෙන්නේ එයා. මේකට කියන්නේ ප්‍රදර්ශන කාමය කියලා. හුඟක් පිරිමි / ගැහැණු අයට තියෙන මානසික ප්‍රශ්නයක් ඕක. වයසට ගිහිල්ලා කරගන්නත් බැරිව මෝල වුනහම තියෙන ලෙඩක්. අප්‍රිකාවේ ඇතින්නක් ළඟට යවලා වත් බෙහෙතක් ගන්න බලන්න. නැතිනම් අප්‍රිකන් අලියෙකුගේ බඩ යටට යවලා බලන්න. එතකොට ඌව වත් අඩුම තරමින් කරලා අසරණයා අංකල්ගේ මොල් අමාරුව සනීප කරයිද කියලා බලන්න...

      Delete
    24. @අනුෂි පොල් පැල
      ................ටක් කියල තිබුනා මෙතන මම

      සමාවෙන්න ඊයේ දවස ඇතුලත ඔබගේ කේවට්ටයන් විසින් කියපු දේවල් වලට උත්තර දෙන්න බැරිවුනා එක ගැන.

      ඔබගේ රෙද්ද අස්සෙන් එලියට පිරිමි පනින්නේ හරියට මේරු පිට වෙනවා වගේ.ඔබගේ හිත ගන්න ඒ බුම්මට්ටයෝ කේවට්ටයෝ ලොකු උත්සහයක් ගන්නවා.එක කෙවට්ටයෙක් කියල තිබුනා මම සේවලයෙක් කියලා නමුත් මේ ඔබගේ බුම්මට්ටයෝ ටික තමා ඔයාගේ හිත ගන්න හෝ නැත්නම් වෙනත් අදහසකින් සේවලයෝ වගේ නොදන්නා දෙයක් වෙනුවෙන් මේ කමෙන්ට් කරන්නේ. අඩුම ගානේ මේ පොස්ට් එකවත් ඉහතින් ඇති කොමෙන්ට් ටිකවත් කියවලා රිප්ලයි කමෙන්ට් කරන්න කියන්න.

      ඔබගේ එක කෙවට්ටයෙක් කියල තියෙනවා මම අප්‍රිකාවේ අලි වසුරු එකතු කරන රැකියාවක් කරන්නේ කියලා.ඔහු දන්නේ නැතුව ඇති අප්‍රිකාවේ හැම රටකම අලි නැහැ කියලා.ඔහුගේ නොදැනුවත් ගම ගැන කනගාටුයි.

      මාව කාන්තා දුෂකයෙක් කියන විදියට කොමෙන්ට් කරලා තියෙනවා.ඒ ගැන මොකවත් කියන්න යන්නේ නැහැ.මොකද ඔබ සහ ඔබේ මිතුරන් ඔවුන්ට කියන දේ නේ ඔවුන් කියන්න ඇත්තේ.පහත මානසිකත්වයෙන් කෙනෙක්ව අපහස කිරීමේ අදහසින් කරපු දෙයක්.ඔබගේ වටේ ඉන්න සේවලයෝ ගැන ඉතින් ඔබ මට වඩා හොඳට දන්නවා ඇති නේ.

      කේවට්ටයෝ රැලක් මාව අංකල් කෙනෙක් කියල ඒ විදියේ අදහස් වෙන විදියේ දෙයක් කීම ගැන මම ඒ හැටි කලමල වෙන්නේ නැහැ.මොකද මේ ඔවුන්ගේ බ්ලොග් කියවීමට ආපු පලවෙනි දවස වෙන්නත් ඇති.

      ඔබ සහ ඔබේ සෙවල පිරිස මිනිසුන් පහත්කොට සලකන්න දන්නේ නැත්තේ ඒ ඔවුන් ජිවත් වුන සමාජේ හැටි නැත්නම් දෙමාපියන්ගේ වරදක් වෙන්න පුළුවන්.

      මෙතන ඔබගේ එක බුම්මැට්ටයෙක් කියල තුබුණා මම ඔබට ලං වෙන්න හැදුව කියල. ඊට කලින් ඔහුට බලන්න කියන්න ඔබ කි දෙනෙක්ට ලං වෙන්න බැලුවද කියලා.ඔබේ මිතුරා මෝඩ තර්කයක් ගෙනල්ලා. ඒ හැම දෙයක්ම මේ කතාව නොදන්නා කම නිසා සිදුවීමක්.

      තමන්ට ගරුකරපන් වැඳපන් කියන පහත් උද්දච්ච මානසිකත්වයේ ඔබ ඉන්නවා කියලා හිතෙනවා. ඒ දේ මේ බ්ලොග් එකේ ඔබගේ කුලී හෙවයෝන්ගේ කතාවලින් තේරුනා. මම අහපු කතාවක තුබුණා මේ වගේ .එක ගමක අලි මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් ගිහින් තියෙනවා සංගීත සංදර්ශනයකට එතන කිසිම කෙනෙක් ඔහුව ගණන් ගෙන නැහැ ඔහුට ගරු කරලා නැහැ.(ඔබට දරු දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් කියල එක කෙවට්ටයෙක් කියල තිබුනා නේ)පස්සේ ඔහු නීතියේ මාර්ගයට ගිහිල්ල සංගීත සංදර්ශනය වෙලාවේ ඔහුව ගණන් ගත්තේ නැහැ කියල.නීතියේ තීන්දුව වුනේ ගරු බුහුමන් ලබන්න ඕනෙනම් ගරුකරන පිරිසක් හදාගෙන ඒ වගේ ස්ථානයකට යන්න කියන දේ.ඔබටත් මේකෙන් ගන්න පුළුවන් ආදර්ශයක් ඇතැයි කියල විශ්වාස කරනවා.

      එක ඇනෝ මල්ලි කෙනෙක් කියල තිබුනා මගේ මෝල වැඩි අඩු කරගන්න කියල.කෙසේ වෙතත් ඔහුගේ මෝල් ගය වැඩි කියලනම් හිතුනා.

      වැඩ කරලා ආපු වෙලාවට ඔබගේ කේවට්ටයින් මේ දාන කොමෙන්ට් කියෙවුවාම හාස්‍ය උපදනවා.කෙනෙක්ව හිනස්සවන්න පුලුවන්නම් ඒ දේ ගොඩාක් හොඳයි. මම ස්තුතියි කිවුවා කියන්න.

      ඇනෝ කෙනෙක් ඇවිල්ලා කුණුහරුප දැම්මා කියලා තවත් ඇනෝ කෙනෙක් කියලා තියෙනවා.මට කිනුහරුප කියනවනම් මං ඒ දන්නෙත් මේ මගේ ප්‍රොෆයිල් එකෙන්. අනුෂි ඇතිලු රැලට ඇති අසහනයක් මට නැහැ.

      මේ ලස්සන බ්ලොග් එක ජාරා කරන්න ගන්න ඔබලාගේ පල් උත්සාහය දැඩිලෙස හෙලා දකිනවා. මට දැනෙන විදියට උද්දච්ච ගැහැණිය කියන වචනේ දැන් ඔබට ගැලපෙනවා කියල හිතෙනවා.

      ස්තුතියි.

      Delete
  19. මේ පාර ඔයා ලියලා තියෙන්නේ හඳ ගැනනේ. මම නම් හඳ දැකලා විතරයි තියෙන්නේ. ඒත් ඔයා ලියලා තියෙනවා අපිට හඳට යන්න ආසා හිතෙන විදිහට හරිම ෂොක් අනේ. මම නම් මෙච්චර විස්තර හඳ ගැන දන්නේ නැහැ. ඒත් මට ඇහිලා නම් තියෙනවා හදට ගිය කතාව සමහරු විශ්වාස නොකරන බව නම්. කොහොම වුනත් ආයිමත් ඔයාගේ නව කතාව පළ වෙනකල් නොඉවසිල්ලෙන් මම නම් ඉන්නේ. ඒක ඉක්මනට පටන් නොගත්තොත් ඉතින් අපි ඔයාව හඳට යවලා තමයි පස්ස බලන්නේ ඕං

    ReplyDelete
    Replies
    1. හි. හි.. අනේ මාව හඳට යවන්නකෝ.. මමත් මේ බලන් ඉන්නේ ඒක වෙනකන්..
      ඉක්මනට දාන්නම්. .. තරහ වෙන්න එපෝ...

      Delete
    2. අනේ අක්කි ඔයා තනියම එහෙනම් හඳට යන්න හදනවා නේද? අනේ ඔයා යන්න යනවා නම් මාවත් අරගෙන යන්න.. මට පුලුවන් එතකොට ඉස්කෝලේ දෙන ගෙදර වැඩ වලින් බේරිලා ඉන්න. අපේ ටීචර් දෙන ටොකු පාරවල් නොකා ඉන්න. හැමදාම හවසට හෝම් වර්ක් කරන්න පොත් පාඩම් කරන්න කියලා අපේ අම්මා මට දාන බර බරෙන් බේරිලා කනක් ඇහිලා ඉන්න..

      --පොඩි මල්ලියා----

      Delete
    3. පොඩි මල්ලි හිතුවද හඳේ ඉස්කෝල නෑ කියලා. ඔයාට එහේ ගියත් හෝම් වර්ක් ටියුශන් ටොකු අනිවාර්‍යයයි. ඒක නිසා මේහේ ඉදන්ම පාඩම් කරන්න. :D

      Delete
  20. මේ වාගේ බරසාර තැන්වලට අපිව ගැලපෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. අටම්පහුර ආවට ස්තූතියි.. ඔබේ පැමිනීම බලාපොරොත්තු වෙනවා හැමදාම ඉදිරියට.

      Delete
  21. @ අටම්පහුර,
    -------------------
    ගැලපෙන නොගැලපෙන බව තිබෙන්නේ තමන්ගේ ආකල්පවල මිසක් අනුන්ගේ මිනුම් දඬු මත නොවේ. කොහොම වුනත් අපි කවුරුත් මනුෂ්‍යයින් විදිහට සිතා බලනවානම් මේ කියන ගැලපීම හෝ නොගැලපීම එතරම් අදාළ කරගන්න ඕන නැහැ. කොහොම වුනත් ඒක මගේ මතය. ඒ අදහස පිළිබඳව වෙන කෙනෙකුගේ මතය ඊට වඩා වෙනස් වෙන්න පුලුවන්. මම නම් දන්නේ නැහැ පුංචි කුමාරිහාමි ඒ ගැන මොනවා කියාවිද කියලා. ඉස්සර වලව්වකට ආපු කුලහීනයන්ට වතුර බොන්න දීලා තියෙන්නේ පොල් කටුවල. දැන් වැඩසම් යුගය වෙනස්වෙලා බොහෝ කාලයක් ගත වෙලා නිසා මේ වගේ දැන් අඩුයි. ඒ වුනාට ඒ වාගේ හණ මිටි කරතියා ගත්තු ගල් බමුණෝ, බැමිණියෝ නම් තවමත් සමාජයේ ඉන්න පුලුවන් කියලා මතක තියා ගන්න. පුංචි කුමාරිහාමිට හින්ට් එකක් පාස් කලා කියලා හිතලා මාත් එක්ක අමනාප වෙයිද දන්නේ නැහැ. කොහොම වුනත් මම කිව්වේ මට හිතෙන දේවල්..ඒත බාර ගන්න විදිහ ඔයාලගේ අතේ තියෙන්නේ. මම හොඳ අදහසකින් කියූ දෙයක් වුනත් ඊට වඩා වෙනස් විදිහට කැමැති කෙනෙකුට බාර ගන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. මේ ඔයාලා ඔතන කෙස් පැලෙන තර්ක කර කර ඉන්නකොට අරන්න අරයා නවකතාව ලියන එකෙන් ෂේප් වෙන්න හදනවා. මොකක් වුනත් මෙතැනදී අවධානය නවකතාවෙන් බැහැරට අරගෙන යන්න මම නම් කොහොමත් ඔයාට ඉඩ දෙන්නේ නැහැ හොඳේ. ලංකාවේ දැන් දැන් වැඩ සිද්ධ වෙන හැටියට මෙහෙ ඉන්න අයටත් හද තරු සිහි වෙලා තියෙන්නේ. අපේ සමහරු නම් හඳ අල්ලන්නමයි ට්‍රයි කරන්නේ. සමහරු නම් රස්සාව කරන්න හදට ගිහින් ආයිමත් වැකේෂන් පීරියඩ් එකට ලංකාව මතක් වෙනවා එයාලට. සමහරු නම් හදට ගියාම එහේ පුරවැසිකමත් අරගෙන මැරෙන්නෙත් එහෙ පුරවැසියෙක් විදිහට. සමහරුන්ට මෙහෙ වටිනාකම දැනෙන්නේ හඳට ගියාම තමයි. මෙහෙ ඉන්නකම් හඳට යන්න ට්‍රයි කරලා ගිය දවසේ ඉඳලාම මෙහෙ මතක් කර කර අඬනවා. මෙහෙ ඉන්න අපේ ඈයෝ හඳට යන්න ෆුල් ට්‍රයි කරද්දී හඳට ගිය අපේ ඈයෝ පෘථිවිය ගැන ෆුල් භක්තිය අපිට පෙන්නන්න එනවත් එක්ක. මට ඒ වගේ වෙලාවට තමයි අර මොකක්ද එකක් මතක් වෙන්නේ... ඔයා ස්ථිර පදිංචියට හඳට ගියාට කමක් නැහැ නව කතාවේ ඉතුරු කොටස් එහෙදී හරි ලියලා එවන්න බලන්න.

      Delete
    2. @අනූෂි පැල්පොල..
      මම ඔයා එක්ක අමනාප වෙන්න නෑ කොයි වෙලාවකවත්. ඔයාගේ අදහස් නිසාම තමයි මෙතන වැදගත් සංවාදයක් ඇතිවුනේ.

      මමත් පිලිගන්නවා ඉස්සර වැඩවසම් සමාජ ක්‍රමය යටතේ වලව්වල උදවියගේ තිබුන අමානුශික කුලවාදය ගැන. ඒත් දැන් නම් ඒවා ගොඩක් මගහැරිලා. මිනිස්සු දැන් ගරු කරන්නේ සල්ලිවලට මිසක් අන් කිසිම දෙයකට නෙමෙයි..

      Delete
    3. @හංසිකා..

      අනේ නෑ මම ඔයාගේ අදහස අමතක කරේ නෑ. ඉක්මනින්ම නවකතාව දාන්නම්.

      ඔයා කියන එකනම් සහතික ඇත්ත. අපේ අය ලංකාවේ ඉන්නේ හඳෙ එක කකුලක් තියාගෙන.
      කේන්ති ගන්න එපා ඉක්මනින් වයසට යයි :D

      Delete
    4. මමත් අහලා තියෙනවා ඒ වගේ කතා නම් ඉස්සර මිනිස්සුන්ගෙන්. ඉස්සර වලව්වට මිනිස්සු ආවාම පුටු වල ඉඳගන්න දෙන්නේ උසස් කුලවල ඇත්තන්ට. පහළ මට්ටමේ අය ඉඳගන්නේ පිල නමින් හඳුන්වන ඉස්සරහ ඉස්තෝප්පුවේ තියෙන පියගැට පෙළවල තමයි වාඩි වෙලා තියෙන්නේ. ඒ වගේම පහළ කුලවල ජනයා උඩුකය නිරාවරණය කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. ගැහැණු පවා උඩුකයට ඇඳලා තියෙන්නේ ඉතාමත් කුඩා රෙඳි කඩක් වගේ දෙයක්. මේ රෙදි කඩින් වහගන්න පුලුවන් වෙලා තියෙන්නේ යන්තම් පියයුරු පමණයි.

      Delete
    5. ඔව් ඒක ඇත්ත කතාවක්. බොන්න දෙන්නේ පොල් කටුවල. ඉදගන්නේ පොඩි බංකුවල.
      ඒකාලෙන් මිදුන එක නම් මමත් සතුටුයි. මිනිස්සු හැමෝම එකවගේ මිසක් එක කට්ටියකට බෑ තව කට්ටියක් පාගගෙන ජීවත් වෙන්න.

      Delete
    6. @ පුංචි කුමාරිහාමි,

      නුවර පැත්තේ වලව්වල ගොඩාක් ඉස්සර ඔය වගේ දේවල් තිබුණා කියලා මටත් මතකයි අපේ වැඩිහිටියෝ කතා වෙනවා. ඒත් දැන් නම් ඒ වගේ නැහැ. අද කාලේ සල්ලි තියෙන උදවියට තමයි රජ සැලකිලි. ඒක නිසානේ වලව්වල පුංචි කුමාරිහාමිලා පවා මේ විදේශගත වෙලා සුද්දන්ට කඹුරන්නේ. (විහිළුවට) නැතිනම් කවදාවත්ම ඒක එහෙම වෙන්නේ නැහැනේ. ඉස්සර කාලේ වුනත් උඩරට වංශවත් මිනිසුන් අතර ඒ වගේ හණ මිටි අදහස් අතහැරලා මනුෂ්‍යත්වය අනුව මිනිසුන්ට සලකපු මිනිස්සු හිටියා. අදත් සමහරු සල්ලි වලින් උඩඟු වෙලා මිනිසුන්ට පහත් විදිහට ඔය ඕන තරම් සලකන්නේ

      Delete
    7. සුද්දන්ට කඹුරනවා කියන එකනම් මම පිලිගන්නේ නෑ අරුණි. ඔයා විහිලුවක් කරපු නිසා ඒක අමතක කරන්නම්..
      මම නම් කවදාවත් කුල වාදය ඉස්සරහට දමලා මිනිස්සුන්ව පාගන එක අනුමත කරන්නේ නෑ.
      ඒත් මේ අපේ තරුණ පරම්පරාව අතරෙත් ඔය කුලවාදය තියෙන එක පුදුමයක්. මේ ලඟදී මම දන්න යාලුවෙක්, වෙන යාලුවෙක් උඩරට විදියට නීලමේ කෙනෙක් වගේ ඇදලා එයාගේ මගුල් ගෙදරට ඉන්නවා දැකල කියනවා. "අපෝ පහත් කුලවල අය නිළමේ ඇදුම් ඇන්දම වස් වදිනවා. ඔය මගුල හරියන්නේ නෑ කියලා." මම ඒ යාලුවට කිව්වා ඔහොම කියන එක හරි නෑ කියලා. ඒත් එයා එයාගේ මතය වෙනස් කරේ නෑ.

      Delete
    8. //මම නම් දන්නේ නැහැ පුංචි කුමාරිහාමි ඒ ගැන මොනවා කියාවිද කියලා.//

      ඇයි පැල්පොල නෝනා එයා ඔය කියලා තියෙන්නේ
      මම දන්න පැල්පොල නෝනමද මන්දා මේ

      Delete
  22. මම නම් ළඟකදී මේ බ්ලොග් එක කියවන්න එකතු වුනේ. අපේ යාලුවෝ ගොඩක් කට්ටිය මේක බලනවා ඉස්සර ඉඳලාම. නමුත් මගේ අන්තර්ජාල සබඳතාවයේ වරදක් වෙලා යථා තත්වයට පත් කරගත්තේ පසුව නිසා මට හුඟ කාලයකින් බැරිවුනා බලන්න. දැන් හරි. මමත් දැන් දිගටම මේක කියවනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට කියවන්න ආවට. දිගටම පැමිනෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

      Delete
  23. මම හුඟ කාලෙකින් දැක්ක සාර්ථකම සංවාද සහිත වෙබ් අඩවියක්. වෙනත වෙබ් අඩවි වල වගේ විවිධ කරුණු වලදී එකිනෙකා ඉස්මතු වීමට කටයුතු නොකරන එකිනෙකා අතර සාර්ථකව සහයෝගයෙන් අදහස් හුවමාරු කර ගන්නා බොහොම රසවත් අදහස් පිරුණු බ්ලොගයක් කියලා මට හිතෙනවා. මම ආයිමත් සැරයක් ඹයාගේ වෙබ් අඩවිය බලන්න ආවා. ස්තූතියි අදහස් පිලිතුරු වශයෙන් දැක්වූවාට

    ReplyDelete
    Replies
    1. @ Anonymous,
      ------------------
      ඔබ මේ බ්ලොගය දක්වලා තිබුනේ බොහොම සාමකාමී සමඟිය පිරුණු බ්ලොගයක් විදිහට.
      //වෙනත වෙබ් අඩවි වල වගේ විවිධ කරුණු වලදී එකිනෙකා ඉස්මතු වීමට කටයුතු නොකරන එකිනෙකා අතර සාර්ථකව සහයෝගයෙන් අදහස් හුවමාරු කර ගන්නා බොහොම රසවත් අදහස් පිරුණු බ්ලොගයක් කියලා මට හිතෙනවා.//
      ඉහත ඔබ විසින් දක්වා ඇති අදහස් වලින් එය සනාථ වෙනවා. මගේ අම්මා උඩින් කෙසේ වෙතත් මෙකේ ඉන්න අය ගහ ගන්නේ යටින්. පොඩ්ඩකට ඇවිල්ලා උඩ දමලා තියෙන දේවල් කියවලා බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. එතකොට බලාගත්තෑහි අපේ කට්ටිය දිය රෙද්දෙන් බෙල්ල කපන්න දක්ෂ බව.

      Delete
    2. චමිල් ඔයාගේ අදහසට නම් මම එකඟ වෙන්නේ නෑ. කිසිම බෙලි කැපිල්ලක් නෑ මෙතන. අපි හැමෝම සහයෝගයෙන් අපේ අදහස් හුවමාරු කරගන්නවා. අනික ඔයාටම පේනවා ඇති අඩුම ගානේ කමෙන්ට් මොඩරේශන් වත් මේකේ නෑ. ඕනේම කෙනෙක්ට අදහස් දක්වන්න අවස්ථාව තියෙනවා. ඒත් අද වෙනකන් මේ බ්ලොග් අවකාශයේ කිසිම සොහොයුරෙක් මට කිසිම නරක කතාවක් කියලා කමෙන්ට් කරලා නෑ.

      Delete
    3. @ පුංචි කුමාරිහාමි,
      @ අසරණයා,
      @ සෑම්,
      @ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න,

      ඔයාලා සේරම මගේ හොඳම යාලුවෝ. මාව අඳුනාගත්තේ නැහැ නේද? මාව පතුරු යැව්වට බොහෝම ස්තූතියි. මචං. මම කිව්වේ බොරුද? දැන් බලන්නකෝ මෙක හරියට දෝෂාභියෝගය ඉදිරිපත්කළ දවසේ පාර්ලිමේන්තුව වගේනේ. බලන්නකෝ මේකේ අය ඉන්න සමඟි සම්පන්නකම නේද? මට දැන් මෙතනට එන්න බයත් හිතෙනවා. මොකද මේ බ්ලොග් එකට හයිකාරයෝ, දළකාරයෝ, පාතාලයෝ ඇවිල්ලා වගේ. එස්. පී. වෙන්දකඩුව මහත්තයට වත් එන්න කියලා බේරුම් කර ගනිමුද? නැතිනම් ඔයාට කමෙන්ට් වලට උත්තර දීලා හමාරයි. දැනටමත් කඩි ගුල වගේ ඇවිස්සිලා තියෙන හැටි පේනවද? හැබැයි මේක වාර්තාවක් වේවි. මොකද දැනටමත් මෙකේ කමෙන්ට් දාපු සංඛ්‍යාව 120 ත් පන්නලා. වෙනදා ඔයාගේ ලිපිවලට කමෙන්ට් දාපු සංඛ්‍යාව 20-40 ත් අතර මේ වතාවේ ඒක 10 ගුණයකින් විතර වැඩිවෙලා. අපි එන්න ඕන ඔයාට එහෙම දෙයක් වත් කරලා දෙන්න. කමෙන්ට් දාපු සේරම සහෝදරයන්ට බොහෝම ස්තූතියි. මගේ කිසිවෙකු සමඟ කිසිදු සම්බන්ධතාවයක් නැහැ. මම පොඩි බුද්ධි කලම්භනයක් දැම්මා විතරයි. මා එක්ක තරහා වෙන්න එපා. මම ඔයගොල්ලෝ හැමෝගේම හොඳ යාලුවෙක්. මම දැනට බ්ලොග් අඩවියට ඇවිල්ලා හුඟක් කාලයක්. ඒත් මම වෙන නමකින් මෙතනට ආවේ ඔයගොල්ලන්ගේ වාදය රසවත් කරන්න. මට පැවරුණු රාජකාරිය මම හොඳින් ඉටු කළා. සේරටම ආයුබෝවන්. ( මගේ ඇත්තම නම කිව්වොත් අසාර්, සෑම් මගේ පරණ යාලුවෝ සෙට් එක අඳුනාගන්න නිසයි නම මාරු කලේ සමාවෙන්න. මට තවම හිනා හි. හි. )

      Delete
    4. හපොයි මෙයා අපිව කෑවා. අසර් ඔයාව උල තියන්න වටින්නේ. කවුද දන්නේ චමිල කියලා නමක් ඔයාට තියෙනවා කියලා.
      ඊයා ලැජ්ජාවේ බෑ.

      Delete
    5. චමිල්
      ......

      එතකොට උදුන් ඉන්න අනිත් පිරිස දන්නා අඳුරන කට්ටියක් ද?

      Delete
  24. චමිල් අය්යට ඔල්මොරෙන්දන්ද කොහෙද මොනද මේ කියන පිස්සු කතා? කව්ද දැන් මෙතන දිය රෙද්දෙන් බෙල්ල කැපුවේ? කාගේ බෙල්ලද කැපුවේ? ඉස්සර වෙලා මට හඳ බලන්න එයාලගේ දිහා එන්න කතා කලා.ඊට පස්සේ රතුහාලේ බතුයි පොල් සම්බෝලයි මාලු බැඳලා කන්න දීලා කෙසෙල් ගෙඩි කවලා හඳ පෙන්නන්න කතා කරලා පස්සේ මෙතන ඇවිල්ලා බෙල්ල කපන්න කතා කරනවා. බලමුකෝ හෙමිජ්ජා වගේ ඉඳගෙන කරන වැඩ මෙයා. හරියට අපේ අක්කා වගේමයි. මට නින්ද ගියාම මගේ කවකටු පෙට්ටිය ඇරලා පැන්සල් පෑන් හොරකම් කරන අපේ අක්කා වගේමයි චමිල් අය්යත්.

    ReplyDelete
    Replies
    1. පොඩි මල්ලි... :D හික්ස්

      Delete
  25. හඳට යෑම දැන් පරණ කතාවක් විතරයි. දැන් කට්ටිය බලන්නෙ අඟහරු වලට මිනිහෙක්ව යවන්න :)

    NOVA scienceNOW 54

    ReplyDelete
  26. මිනිස්සු සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ මාතෘකාවට අදාල දේවල් ..අනූශි පැල්පොල මහත්මිය තමාගේ උගත් බවත් පණ්ඩිත බවත් පෙන්නන්න මේ බ්ලොග් එක මාධ්‍යයක් කරගෙන...හැබැයි පිටත ඉඳන් බැලුවහම නම් මහා මෝඩ පාට් එකක් තමයි රඟපානවා පේන්නේ..මෙහෙමයි විද්‍යාව, ගෑණූ කම පිරිමිකම...හඳ ගමන..බ්ලොග් ලිවීම හා කමෙන්ට්ස් දැමීම වෙන වෙනම...

    අනිත් කාරණාව තමයි අනූෂි තමන්ගේ පණ්ඩිතකම ප්‍රදර්ශණය කරන්නටම හදනවා විනා තාර්කිකව ප්‍රශ්ණය තුලය එන්නේ නැහැ..අපි මෙතන සාකච්ඡාවට බඳුන්කල යුත්තේ සඳ ගමනනම්..ඊට ලිංගිකත්වයේ සම්භන්ධය කුමක්දැයි මා ප්‍රශ්ණ කරමි..

    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න..

    ReplyDelete
    Replies
    1. @ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න,

      අනේ අපේ චමි මල්ලියා පොට වරද්දගත්තා නේද? මොනවා වෙලාද මන්දා අමුකැවිලද? චමී මල්ලිටත් අනුශි පැල්පොල මහත්මිය පිළිබඳ හිතක් පහළ වෙලා වගෙයි. අනේ අම්මාපල්ලා අපේ රටේ පිරිමින්ටත් ගිය කලක් හරියට ගෑනියෙක් දැකලා නැහැ වගේනේ වැඩ කරන්නේ. මේ පිරිමින්ට මේ තරම් මදන විසේ ගැහුවේ අනුශි වශී ගුරුකමක්වත් කරගෙන මේකට කමෙන්ට් දාන්න ආවද මන්දා මේ සක්කර වට්ටම. අපේ ගෙදර උන්දැත් මේ ගෑනි පස්සේ යාවී කියලා මම මේ බයේ බලාගෙන ඉන්නේ මිනිහත් මෙකේ කමෙන්ට් දැම්මොත් අතටම අල්ලගන්න බලාන. බලන්න චමි මල්ලි හතර විලි ලැජ්ජාවේ බැහැනේ ඔයා ගැනූන්ට වාල් වෙලා තියෙන තරමක් බලන්න කෝ
      //අනූශි පැල්පොල මහත්මිය තමාගේ උගත් බවත් පණ්ඩිත බවත් පෙන්නන්න මේ බ්ලොග්
      එක මාධ්‍යයක් කරගෙන...//
      ඉතින් මොකද චමි මල්ලි ඔයා ඇයි ඒ ගැනිගේ ඇගේ එල්ලෙන්න හදන්නේ. මේ රටේ තව ලස්සන ගෑනු නැතිවද? පොඩ්ඩක් ඇහැ කණ ඇරලා වට පිට බලන්නකෝ අනේ.

      //අනිත් කාරණාව තමයි අනූෂි තමන්ගේ පණ්ඩිතකම ප්‍රදර්ශණය කරන්නටම හදනවා විනා තාර්කිකව ප්‍රශ්ණය තුලය එන්නේ නැහැ// ..
      ඔයාට අහවල් දෙයක්ද මල්ලි ඒ ගෑනිත් එක්කලා කරන්න තියෙන සාකච්ඡාව. වෙන ගෑනු නැත්තන් ඉතින් හොඳයි. මෙච්චර ගෑනු ඉන්න රටේ මුන්ට අර ගෑනිටම වහ වැටිලනේ. අනේ අම්මාපල්ලා මේ වෙලාවට තමයි මටත් කාලි මෑණියෝ සිහියට එන්නේ.

      @ බෝඩිමේ අක්කා

      Delete
    2. මෙහෙමයි ..මටනම් ඔය සම හරක් ගෑනු පස්සෙ යන්න උවමනාවක් නැහැ..අනික කොහේද මම ඔය අනූෂි පස්සෙ ගියා කියන්නේ..මෙහෙමයි සැබෑ ලෝකෙ බුන්නත්තු යුනිකෝඩ් වල වීරයෝ වීර වරියෝ වෙන්න හදද්දි නම් බලං ඉන්න බැහැ වගේ...
      අනික අපි මාතෘකාව චාකච්ඡා කරමු එහෙම නේද හොඳ? අනික ඔය ගෑණූ පස්සෙ යන්න මට ...........................එහෙම එකක් නැහැ..මට කියලා මල් තියෙද්දී මොන මගුලකට කටු ඉඹිනවාද?හිකිස්.......////

      Delete
    3. මෙහෙමයි බෝඩිමේ අක්කේ මේක මගේ බ්ලොග් එක උනානම් මම බෝඩිමේ අක්කා වෙනුවෙන්ම උත්තරයක් දෙනවා..අනූෂිටත් උණ ගන්න...හි හි හි හි

      Delete
    4. අනේ චමි මල්ලියෝ, යන්තම් අය්යා ගියා සදුඳා වැඩට. එයා ඒරියා මැනේජර් කෙනෙක් නිසා අනුරාධපුර, අම්පාර වගේ පිට පළාත්වල ඇවිදලා රාජකාරි කරලා එද්දී මට තනියම ගෙදර ඉන්න පාලුවටයි ඔයා එක්ක චැට් එකක් වත් දාන්න එන්නේ කියලා ඔයා හොඳටම දන්නවනේ. ඒ ආවත් එහා ගෙදර සිරියාවතීගේ ගොස්ප් නිවුස් වලින් බේරිලා කරගෙන යන්නේ අමාරුවෙන්. පොඩි එවුන් සෙල්ලම් කරන්න එළියට යැව්වා. ඔයා ඒවි කියලා හිතලයි වෙනදා වගේ පිළ පැත්ත ඇරලා තිබ්බේ. ඒත් ඔයා කොහෙද යන බොන්ඩියෙකුට වහ වැටිලා ඇහැදීගෙන ඒ ගැන කතා කරද්දී මට හරිම ඉරිසියයි. කතාව නවත්තලා ඇතුලට එනවා නම් එන්න නැතිනම් මම දොර වහලා දාලා බුදිය ගන්නවා.
      ------බෝඩිමේ අක්කා ------

      Delete
    5. ඉකේයියා.. හපොයි.. අපි නම් මේවා දැක්කේ නෑ..

      Delete
    6. අමිල චතුරංගගෙ බ්ලොග් එක බැලුවානම් බෝඩිමේ අක්කට සෙක්ස් ටොයිස් ගැන ඉගනගන්න තිබුනා..අක්කට හරියට වටීවි එව්වා....

      Delete
  27. මම මේ සේරමටයි කියන්නේ.. අනේ මේ ඔයාලා මම ගැනයි හඳ ගැනයි කතා කරන්නේ නැහැනේ. ඇයි කට්ටයමට මදන කුලප්පුව හැදිලා තියෙන්නේ. ඔයාලා කාපු කෑමක් වත් වැරදිලාද? දෙය්යන්ගේ හාල් කැවිලා වගේ කට්ටියටම?

    ReplyDelete
    Replies
    1. ඔයා නේ අපිව කෑවේ. බොරුවට හඳට ගිහින්

      Delete
  28. මගේ සුදු චමි මල්ලියෝ ඔයා නැතුව පාලුවෙන් පහුගිය දොහේම මම බලාහිටියේ. කොළඹ ගියා කියලා ආරංචි වුන හින්දයි. බෝඩිමේ වෙන කවුරු හිටියත් මට ඔයා නැතිනම් හරි පාලුයි කියලා ඔයා දන්නවනේ. ඔයා එදා එනකොට ගෙනාපු පැණි වළලු සේරම මමයි පොඩි එවුනුයි රස කර කර කෑවා. කොහෙද ඉතින් අපේ එක්කෙනා ඒවගේ දෙයක් වත් මටයි පොඩි එවුන්ටයි ගේන එකක්යෑ.. මමත් රැවටුනා..ඒ කාලේ දුරදිග හිතුවේ නැති එකේ විපාකේ තේරෙන්නේ ඔයාව හම්බ වුනාට පස්සෙයි.
    //මෙහෙමයි බෝඩිමේ අක්කේ මේක මගේ බ්ලොග් එක උනානම් මම බෝඩිමේ අක්කා වෙනුවෙන්ම උත්තරයක් දෙනවා// ( ඔයා මා වෙනුවෙන් ඕනම පියවරක් ගන්න බව මම දන්නවා මගේ සුදු කොල්ලෝ)
    මම දන්නවනේ කොල්ලෝ ඔයා මා වෙනුවෙන්ම හැම දෙයක්ම කරන බව. මමත් ඔයා වෙනුවෙන් නොදෙන දෙයක් නැති බව ඔයා දන්නවනේ චමී. මේ තාක් අපි දෙන්නම ඒක හොඳටම දන්වනේ. මම වෙන්වෙන් ඔයා ඕන කැපවීමක් කරන බව මම දන්නවා. ඒත් අපේ කෙනත් උපාසකයා වගේ හිටියත් මේවා දැන ගත්ත දාට මට නම් විමසුමක් වෙන්නේ නැහැ අනේ.. මට බයත් එක්ක ටිකක් විතර..
    ඔයා මාව මලක් වගේ ආදරයෙන් පරිස්සම් කරගෙන රැක බලා ගන්න බව මම දන්නවා චමී. ඒකනේ ඔයා මෙහෙම කියලා තියෙන්නේ.
    //මට කියලා මල් තියෙද්දී මොන මගුලකට කටු ඉඹිනවාද?හිකිස්.......////
    මෙහම ඔයා මා ගැන කියද්දී මාව අමුතුම ලෝකෙකට යනවා වගේ මට දැනෙනවා සුදු මල්ලීයෝ..
    ----------- බෝඩිමේ අක්කා -----------------

    ReplyDelete
    Replies
    1. යකෝ මේකිමාව පන පිටින් දූෂණය කරනවානේ..බුදු අම්මෝ...මට ලිංගික අතවර කරනෝ.....අසරනයි මං...අසරණයි

      Delete
    2. හික්ස්.. අසර් නයි... හි හි..

      Delete
  29. අනේ මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මේ වගේම කමෙන්ට් දාන්නකෝ මම බලාගෙන ඉන්නවා මගේ බ්ලොග් එකට කවුරුවත් එන්නේ නැත්තේ මම ඉස්කෝලේ යන පුංචි ලමයෙක් නිසාද? මමත් ආසයි මේ පුංචි කුමාරි අක්කිගේ බ්ලොග් එකට වගේම කට්ටිය හෝ ගාලා ඇවිල්ලා මගේ බ්ලොග් එකෙත් මේ විදිහටම වාද විවාද සණ්ඩු සරුවල් කරගන්නා නම්. අනේ එන්නකෝ මේ මගේ බ්ලොග් ලිපිනය ඇවිල්ලා කමෙන්ට් පිරෙන්නම දාලා කතා කරන්නකෝ.

    http://imalkiudana.blogspot.com/ ඇවිත් බලන්නකෝ.

    අනේ අසරණයා අය්යේ, සෑම් අය්යේ, චමී අය්යලා දෙන්නටම මම කියන්නේ එන්න අනේ.

    @ Udana Imalki

    ReplyDelete
    Replies
    1. අපි එන්නම් අනිවාර්යෙන්ම ඔයාගේ බ්ලොග් එකට..

      Delete
  30. හෆොයි පුංචියේ..
    හඳ කඩාගෙන වැටිලා තියෙන තරමක්.. :D
    දැන් ඉතින් හඳ මිඳුලටත් එන‍එකේ තවදුරටත් ඒ ගැන හිතලා වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අයියෝ කියලා වැඩක් නෑ නන්දු.. මෙයාල හඳ ගෙදරටම ගෙනත්

      Delete
  31. @ පුංචි කුමාරිහාමි,
    ---------------------------------
    ඔයා ලියපු ආර්ටිකල් එකේ පොඩි පොඩි තැන් කීපයක් නිවැරදි කරන්න මේක ලියලා එවන්නේ. විශේෂයෙන්ම චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර ප්‍රමාණය වැරදියට සඳහන් වී තිබුණු එක නිවැරදි කරන්න ලියන්නේ. මෙහෙම ලීවට මා එක්ක අමනාප වෙන්නේ නැහැ නේද ඔයා?
    සඳ පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ක්, පැය 7ක්, මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගත වේ. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන හෙයින් එහි ආලෝකවත් වන කොටස ප්‍රමාණයෙන් වෙනස් වේ. සඳේ දීප්තිමත් කොටස විවිධ හැඩයෙන් යුතු වේ. පුරහද හෙවත් පසළොස්වක දිනදී, සද දීප්තිමත් වෘත්තයක් සේද, අටවක දිනකදී සදෙන් අඩක් දීප්තිමත්ව ද, පෙනෙනු ඔබ දැක ඇත. සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි.

    අතීත ආකාශ නිරීක්‍ෂකයන් විශ්වාස කළ පරිදි සදෙහි අදුරු පැත්ත සාගර හෝ දීප්තිමත් පැත්ත ගොඩබිම හෝ නොවේ. චන්ද්‍රයාගේ මතුපිට පිළිබඳව දැනට කර ඇති නිරීක්‍ෂණ අනුව එය ආවාට, කදු වැටි, තැනිතලා, විභේද වැනි භූ ලක්‍ෂණ වලින් සමන්විත වේ.සඳේ ඇති විශාලතම ආවාටය ලෙස සැලකෙන බේලි 295 km ක් පළල සහ 3960 km ක් ගැඹුරුය. විශාලතම මුහුද වූ මාර් ඉම්බ්‍රිඅම් 1200 km ක් පළලය.එහි ඇති උසම කන්ද 6100 m ක් උසය.එය ලෙයිබෙනිට්ස් හා ඩොඑර්පල් වැටි අතරේ චන්ද්‍රයාගේ දක්‍ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටා තිබේ. චන්ද්‍රයාගේ ආවාට නිර්මාණය වී ඇති ආකාරය විවිධාකාරය. ඒවා චන්ද්‍රයා නිර්මාණය වූ මුල් කාලයේදී ඇති වූ අධිප්‍රවේගයෙන් යුතු උල්කාපාත හෝ කුඩා ග්‍රහාංශු වලින් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
    චන්ද්‍රයාගේ උපත හා එය නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව විවිධ මත පවතී. එයින් එක් මතකයට අනුව චන්ද්‍රයා පෘථිවියෙන් පැලී, වෙන් වී එහි කක්‍ෂය වටා භ්‍රමණය වේ. සඳේ ඝනත්වය සහ පෘථිවියේ හරස් හෝ ඉහළ උප ස්ථරයේ පාෂාණවල ඝනත්වය සමාන වීම එම මතයට එක් සාක්ෂියකි. තවත් මතයකින් කියවෙනුයේ පෘථිවිය, චන්ද්‍රයා හා සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු සියලු ම වස්තූන් විශාල වලාකුළක් ලෙස එකට කොටු වී තිබූ බවත්, පසුව ඒවායින් බොහොමයක් මධ්‍යයට එක් වී සූර්යයා නිර්මාණය වූ බවත් ය. තෙවැනි මතයෙන් චන්ද්‍රයා, සෞරග්‍රහ මණ්ඩලයට පිටතින්ද, පෘථිවියට ඉතා ඈතින්ද නිර්මාණය වූ බවත් පසු කලෙක දී පෘථිවියේ ස්ථිර කක්‍ෂයට ඇද ගන්නට ඇති බවත් කියවේ.
    19 වැනි හා 20 වැනි සියවස්වල දී දුරදක්න ආධාරයෙන් චන්ද්‍රයාගේ ආලෝකවත් පැත්ත පිළිබඳව බොහෝ තොරතුරු රැස්කර ගත හැකි විය. සෝවියට් ලුනික් 111 අභ්‍යවකාශ යානය මගින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත පිළිබඳව ප්‍රථම වරට 1959 වර්ෂයේදී ඡායාරූප රාශියක් ලබාගැනුණි. එම ඡායාරූපවලින් පැහැදිලි වූ කරුණක් වූයේ චන්ද්‍රයාගේ අදුරු පැත්ත ද ආලෝකවත් වී ඇති පැත්තට සමාන බවයි. චන්ද්‍රයාගේ මතුපිට සෑම තැන්හිම ආවාට විසිරී තිබෙනු දක්නට ලැබිණි. ඒවා ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවායේ සිට ඉතා කුඩා ඒවා දක්වා විය. එක්සත් ජනපදයේ රැන්ජර් 7,8,9, සහ ඕර්බිටර් 1 (1964) හා ඕර්බිටර් 2 (1966) අභ්‍යවකාශ යානා මගින් ඉහත අදහස් සනාථ කෙරිණි. ඒ අනුව චන්ද්‍රයාගේ මතුපිට මීටරයකට වඩා වැඩි විෂ්කම්භයෙන් යුතු ආවාට ට්‍රිලියන 3ක් පමණ තිබෙන බව වාර්තා විය.
    එක්සත් ජනපදය හා සෝවියට් දේශය විසින් 1960 ගණන්වල දී අභ්‍යවකාශගත කළ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා මගින් චන්ද්‍රයාගේ පාෂාණ රැස් කරන ලදි. එම පාෂාණ පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වූයේ, චන්ද්‍රයා වසර 4,600,000,000 ක් පමණ පැරණි බවත් එය පෘථිවිය හා සම වයසේ හෝ ඇතැම් විටෙක සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයින් තරමටම පැරණි විය හැකි බවත් ය. ඇපලෝ 11, 12, 14, සහ 17 යානා ඇසුරින් චන්ද්‍රයාගේ මතු පිටින් පාෂාණ හා පස් කිලෝ ග්‍රෑම් 384 ක් පරීක්‍ෂණ සදහා පෘථිවියට ගෙනවිත් තිබේ. එසේම ටෝරස් ලිට්රෝ නිම්න ප්‍රදේශයේ 35 km ක් ප්‍රදේශය පැය 22 ක් තිස්සේ අධ්‍යයනය කරන්නට ද යෙදුණි.

    ReplyDelete
  32. @ පුංචි කුමරිහාම,
    -----------------------

    මේ සටහන සඳ මත පා තැබූ නීල් ඇල්ඩෙන් ආම්ස්ට්‍රෝන් පිළිබඳවයි.
    නීල් ඇල්ඩෙන් ආම්ස්ට්‍රෝන් (උපත 1930 අගොස්තු 05) හිටපු ඇමරිකානු ගඟනගාමියෙකු, පර්යේෂණ ගුවන් නියමුවකු විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු සහ ඇමෙරිකානු එක්සත් ජනපද නාවික ගුවන් නියමුවකු ද වෙයි. ඔහු සඳ මත පා තැබු ප්‍රථම පුද්ගලයාය. ඔහුගේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සිදු කරනු ලැබුයේ 1966 දී ජෙමිනි 8 යානයෙන් වන අතර ඔහු එහි වු අණදෙන නියමුවා විය. මෙම මෙහෙයුමේ දී ගුවන් නියමු ඩේවිඩ් ස්කොට් සමග එකතුව ඔහු විසින් මුල්ම පිරිස් බලයක් ඇතිව අභ්‍යවකාශ ෂටල දෙකක් තටාක ගත කරන ලදී. ආම්ස්ට්‍රෝන්ගේ දෙවන සහ අවසාන අභ්‍යවකාශ ගමන සිදු කරන ලද්දේ 1969 ජුලි 20 වන දා ය. ඒ ප්‍රථම වරට සඳ මත පා තැබීමේ මෙහෙයුමත් සමගය. ඔහු මෙම මෙහෙයුමෙහි ඇපලෝ 11 යානයෙහි අණදෙන නිළධාරියා විය. මෙකී සුප්‍රසිද්ධ මානව වර්ගයාගේ ඉදිරි ගමනට තැබු යෝධ පියවරත් සමගින් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් මුල්ම වරට චන්ද්‍රයාගේ පෘෂ්ඨය මතට පා තබා පැය 2 ½ ක කාලයක් මුළුල්ලේ සඳ ගවේෂණය කළහ. ඔවුන් මෙලෙස ගවේෂණය සිදු කරන අවස්ථාවන්හි දි ඔවුනට සහය දක්වමින් මයිකල් කොලින්ස් චන්ද්‍ර පෘෂ්ඨයට ඉහළින් කක්ෂගත විය. ආම්ස්ට්‍රෝන් හට Congressional Space Medal of Honor නම් සම්මානය මේ සඳහා හිමි වුණි.
    ගඟනගාමියෙකු වීමට ප්‍රථම ආම්ස්ට්‍රෝන් එක්සත් ජනපද නාවික හමුදාවෙහි සේවය කළ අතර කොරියානු යුධ සමයේදී ක්‍රියාකාරී සමාජිකයෙකු විය. මෙකී යුධ සමයෙන් පසු ඔහු අධිවේගී ගුවන් මධ්‍යස්ථානයක් වන National Advisory Committee for Aeronautics (NACA) හි පර්යේෂණ ගුවන් නියමුවකු ලෙස සේවය කළ අතර එහි දී ඔහු විවිධ වර්ගයේ ගුවන් යානා වලින් ගුවන් ගමන් 900 කටත් වඩා සිදු කර තිබුණි. මෙම මධ්‍යස්ථානය දැනට හඳුන්වනු ලබන්නේ Dryden Flight Research Center නමිනි. පර්යේෂණ ගුවන් නියමුවකු ලෙස ඔහු F – 100 Super Sabre A සහ C ගුවන් යානයෙහි, F – 101 Voodoo සහ Lockheed F – 104 A Starfighter යන යානා වල සේවය කර ඇත. මීට අමතරව Bell X – 1B, Bell X – 5, North American X – 15, F – 105 Thunderchief, F – 106 Delta Dart, B – 47 Stratojet, KC – 135 Stratotanker සහ Paresecv යන යානාවල ද පියාසර කර ඇත. ඔහු Purdue සරසවියෙන් උපාධි ලැබුවෙකි.

    ReplyDelete
    Replies
    1. දිනූෂි පැලපල.. අනූෂි පැල්පල.. ඔයාල නිවුන්නුද?

      Delete
  33. @ දිනූෂි පැල්පළ,
    ---------------------
    මට මේ කරුණු ඉතාම ප්‍රයෝජනවත් වුනා. මොකද මම ඉතිහාසය ගැන ඉගෙන ගන්න නිසා මට මේවා හරිම වැදගත්. මේවා පල කරාට ගොඩාක් ස්තූතියි.

    @ @ Udana Imalki

    ReplyDelete
  34. @ පුංචි කුමාරිහාමි,
    -----------------------
    මම ස්වප්නා. මම ලියන “සිහින දකින්නියකගේ අඩවිය“ කියන බ්ලොග් එකටත් ඇවිල්ලා මේ වගේම කමෙන්ට් පිරෙන්නම දාන්න අනේ. මම ආසයි ඔයගොල්ලෝ මේ බ්ලොක් එකේ වගේම මගේ බ්ලොග් එකට ඇවිල්ලත් මේ වගේම පොඩි පොඩි සණ්ඩු සරුවල් කර ගන්නවා නම් එතකොට මගේ බ්ලොග් එකත් හරියට කුමාරි අක්කිගේ වගේ පිරෙයි ඉක්මනටම. මට හරි ආසයි මගේ බ්ලොග් එකත් මේ වගේ කමෙන්ට් වලින් පුරවා ගන්න. අනේ ඔයාලා හැමෝම එන්නකෝ මගේ එකටත්. මම මඟ බලා ඉන්නවා. ඔන්න වරද්දන්න එපා හොඳේ.

    ReplyDelete
    Replies
    1. හොදයි අපි එන්නම්.. ස්වප්නා

      Delete
  35. අදටත් හුඟාක් අයට කොපි පේස්ට් කරන්න තියෙන්නේ මම අවුරුද්දකට කලින් තොරතුරු එකතු කල පහත ලිපිය තමයි..සමහර කමෙන්ට් කියවද්දි දුකයි..අවුරුද්දකට විතර කලින් මගේ යෞවනයා වෙබ් අඩවිය හෝ යෞවනයා බ්ලොග් අඩවිය කියෙව්වානම් මතක තියේවි පහත අකුරු..

    ReplyDelete
    Replies
    1. http://yawwnayaa.blogspot.com/2011/12/11.html

      Delete
  36. http://yawwnayaa.blogspot.com/2011/12/11.html

    ReplyDelete
  37. @ පුංචි කුමාරිහාමි,
    -------------------------------------
    සඳ එහෙම නැතිනම් චන්ද්‍රයා කියලා කියන්නේ පෘථිවිය වටේ පරිභ්‍රමණය වන උප ග්‍රහයෙක්. ග්‍රහ වස්තු පිළිබඳව නූතන ලෝකය විද්‍යාත්මක දෘෂ්ටියෙන් දකින ආකාරය හා බෞද්ධ දෘෂ්ටි කෝණය අනුව ආධ්‍යාත්මකව දකින ආකාරය පිළිබඳව සංසන්දනයක් කරන්න මේ විද්වත් මණ්ඩපයෙහි මට කුඩා ඉඩක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ලෝකය හා ලෝක නිර්මාණය පිළිබඳව කියවෙන හොඳම සූත්‍ර දේශනාව තමයි අග්ගඤ්ඤ සූත්‍රය. එහිදී බ්‍රහ්ම ලෝකයෙහි සිට පැමිණි ජීවය මූලික වශයෙන්ම පෘථිවියට පැමිණි අවස්ථාවේදී ඉන්ද්‍රිය ධර්ම ප්‍රකට නොවුනු බවත්, අහසේ සැරිසරමින් ප්‍රීතිය ආහාර කොටගෙන ජීවත්වූ බවත් සඳහන්. මෙය විද්‍යාත්මකව විග්‍රහ කර බලමු. ප්‍රීතිය ආහාර කොටගෙන ජීවත්වීම යනු සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මක ප්ලස්මා මට්ටමේ වූ සිතිවිලි පමණක් සහිත ජීව සංඥාව පමණක් ඇති ජීවයක් විය යුතුය. මේ ජීව සංඥාව පවත්වා ගැනීමට ඕලාරික කිසිදු ද්‍රව්‍යමය පදාර්ථයක් අවශ්‍ය නොවූ බව සැලකිය හැකිය. නමුත් මානසික සිතිවිලි වලින් ගන්නා ආහාරමය ස්වභාවයක් ඇති දෙයකින් මෙහි ජීව සංඥා ස්වරූපය රැඳී තිබුණු බව දැක්වේ. මෙහිදී හිරු සඳු නොදැකිය හැකි බවක් දක්වා තිබේ. හිරු සඳු ප්‍රකට වීම යනු දෘෂ්‍ය ඉන්ද්‍රිය ප්‍රකට වීම හා ඊට අරමුණු වන කාලය පිළිබඳව සංඥාව වර්ධනයවීම ලෙස සැලකිය හැකිය. හිරු සඳු මූලික ආලෝක ප්‍රභව වශයෙන් සැලකේ. එසේම අපට කාලය ගත වෙනවා ප්‍රකට වන්නේ හිරු සඳු නිසාය. මූලික මට්ටමේ වූ සිතිවිලි ජීව සංඥාව කෙතෙරම් සියුම්දැයි කිවහොත් ඊට ද්‍රව්‍යමය ආහාරයක් වුවමනා නොවූ බවත්, හුදෙක් සංඥි ආහාරයක් වූ ප්‍රීතියෙන් පමණක් යැපිය හැකි වූ බවත් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අනුව දැක්විය හැකිය. එසේම මේ මූලික සංඥා ජීව තත්වය වනාහී මනෝමය හා මානසික තත්වයක් පමණක්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. මානසික තත්වයක් වුවද එය ජීවයකි. වෙනත් වචනවලින් කිවහොත් සංවර්ධනය නොවූ ජීවයකි. මුල්වරට හිරු සඳු ප්‍රකට වූ අවස්ථාවේදී ශක්ති ප්‍රාක් ප්ලාස්මා (Estronal Body) ශක්ති ශරීරය ක්‍රමිකව ඝන ද්‍රව්‍යමය ශරීරයක් බවට විකාශය වන්නට ඇත. ඒ සමඟම දෘෂ්‍ය කාර්යය කළහැකි ඇස ආදීසෙසු ඉන්ද්‍රියන් ක්‍රමිකව විකාශය වන්නට ඇත. එහිදී ආලෝකය ආදී විෂය අරමුණු ගැනීම නිසා පළමු වරට කාලය පිළිබඳ හැඟීමක් ඇති වන්නට ඇත. කල් යාමේදී මානසික ආහායෙන් පමණක් යැපීමට නොහැකිව අනුක්‍රමිකව පඨවි රසය නමින් හැඳින්වූ කිරි වැනි යොදයක් ලෙස ද්‍රව මට්ටමේ පැවති ඝන ආහාරයක් ගැනීමට හුරු වී තිබේ. එයින් තව දුරටත් ශරීරය ඝනවී ගොස් අවසානයේදී එක් එක් පුද්ගලයා අතර ශරීරවල පැහැය, පෙනුම, හැඩය ආදී කරුණු වෙනස් වී ගොස් අන්තිමේදී ස්ත්‍රී පුරුෂ ලිංග භේදය මේ ප්‍රාථමික ජීවීන් තුළ මුල් වරට පහළ වී තිබේ. කාමාශාව මඟින් ප්‍රජනන ඇසුරින් වර්ගයා බෝවීම ආරම්භවී තිබෙන්නේ එතැන් සිටය. එතෙක් ජීවීන් බිහිව තිබෙන්නේ බැක්ටීරියා, සෛල ගුණනය මඟින් කැඩි කැඩී තවත් ජීවියෙකු බිහි වන්නාක් ලෙස බිහි වී තිබේ. මේ ගුණන ක්‍රියා වලිය වෙනුවට ලිංගික භේදය ඉස්මතු වීමෙන් පසුව මුල් වරට ප්‍රජනන ක්‍රියාවළිය මඟින් නව ජීවීන් බිහි කරවන්නට වී තිබේ. මුල්වරට ජීවය බිහිව තිබෙනුයේ ඕපපාතිකව බව අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ සඳහන්ය. මුල්ම ප්‍රාක් ප්ලාස්ම මනෝකාය තත්වයේ සිට ක්‍රමිකව ලිංග භේදය දක්වා සත්ව පරිණාමයේ දිගු ගමනක් පැමිණ තිබේ. යළිත් ජීවය මුලික අවස්ථාවට යන්නේ නම් එහි මූලික අවස්ථාව නම් ලිංගික ප්‍රජනනය නොව අලිංගික ප්‍රජනන වූ ගුණනය බව දැක්විය හැකිය. සඳ වැනි උප ග්‍රහයෙකුගේ මතුපිට ස්වභාවය අප දකින්නේ අපගේ දැන් විකාශය වී ඇති ඉන්ද්‍රිය පද්ධතියට අරමුණු ගත හැකි ආකාරයටය. එහෙත් මතක තබාගත යුත්තක් නම් මේ ඉන්ද්‍රිය පද්ධතිය මිනිසාට ලැබී ඇත්තේ පෘථිවියේ මතුපිට ස්ථරය මත ජීවත්වීමට සුදුසු වන පරිද්දෙන් බවයි. එසේ නම් පෘථිවියට පමණක් වලංගු ඉන්ද්‍රිය පද්ධතියක් දරණ මිනිසා කෙසේද, ඊට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් ඇති චන්ද්‍රියා වැනි වෙනත් ග්‍රහ ලෝකයක් පිළිබඳව හැකිතාක් නිවැරදිව තොරතුරු ලබා ගන්නේ කියලා මඳක් සිතා බලන්න. මම කියපු දේ එක් වරම නොවැටහීමට ඉඩ තිබේ. සමහර විට එසේ නොවැටහීම නිසා මම විකාරයෙන් දොඩෝනවා යැයි කෙනෙකුට සිතීමට වුවද හැකිය. නමුත් මම අද මේ බ්ලොක් එකේ කමෙන්ට් වශයෙන් සටහන් කළ මේ අදහස විදේශවල විශේෂයෙන් බටහිර රටවල පර්යේෂණාත්මක මට්ටමින් දැනටද පර්යේෂණය කරමින් සිටින ඉතා දියුණු අදහස්ය. අපි මේ බ්ලොගයෙහි වටිනා ඉඩකඩ ප්‍රයෝජනයට අරගෙන හැමදෙනාටම ප්‍රයෝජනවත් පරිදි ශාස්ත්‍රීය සංවාදයක් ගොඩනඟමු. මිනිසුන් වශයෙන් ඉපිද සුළු කාලයක් ජීවත් වන ඔබද මමද ඇතුළු අපි සියළු දෙනාම සහයෝගයෙන් සහෝදරාත්මකව ජීවත්විය හැකි නම් ජීවත්වන සුළු කාලය වුවද අර්ථවත්ව ජීවත්වීමේ භාග්‍ය අප සියළු දෙනාටම ලබා ගත හැකිය. තෙරුවන් සරණයි !!!

    ReplyDelete
  38. අසරණයට කවුරු හරි බනිනවා මම මේ දැක්කමයි,

    ReplyDelete
    Replies
    1. බලපන් මචං පැණි වරකා ගහටත් හෙන ගහාන්ව කියන්නේ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. අටම්පහුර,අසරණයට බැනලා මදි. එකා මරලා දාන්න ඔන. කලවැද්දා.

      Delete
  39. @ පුංචි කුමාරිහාමි,
    ----------------------
    සඳ ගමන පිළිබඳව විවිධ කතිකා තිබුණද, එය බෙහෙවින් දියාරු මතවාදයක් නිසා එකල එය යටපත්ව ගියා. නමුත් මෑත කාලයේ දී සෑම දෙයක් දිහාම තවත් ආකාරයකට බලන්න මිනිසුන් හුරුවූ නිසා හඳ ගමන ගැන පෙර යටපත්ව තිබූ මතවාදය යළි කරළියට පැමිණියා. අද වුනත් සාමාන්‍ය ප්‍රතිශයතයක් වශයෙන් නීල් ආම්ස්ට්‍රෝන් සැබවින්ම සඳ මත පා තැබුවා කියලා 95% විශ්වාස කරද්දී 5% ක් එය අවිශ්වාස කරනවා.ලෝකේ ඕනම තැනක ඒ තත්වය දකින්න තියෙනවා. ඒ නිසා කවුරුත් පොදු මතයකට ගොනු කිරීම අපහසුවුනාට බහුතරය විද්‍යාත්මකව මේ සංසිද්ධිය විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් දැකලා තියෙනවා. මේ සංසිද්ධිය අසත්‍යයි කියන 5 %ක් වුනත් එහෙම කියන්නේ ප්‍රබල සාධක මත පිහිටා සිට නොවීම මෙය නොසලකා හැරීමටත් හේතුවක්. ඒ කෙසේ වුවද තක්ෂණය කෙතරම් දියුණු වුවද ඊට සමානුපාතිකව මිනිස් ජන විඥානය දියුණු වී නොතිබීමේ විපාකය නිසා එකිනෙකා මඩ ගසා ගැනීමේ ගොසිප් මානසිකත්වයෙන් බැහැර විශ්වීය බුද්ධිමය තලයකින් කටයුතු කිරීමට ස්වල්ප වශයෙන් තවමත් අසමත්ව සිටින සිංහල බ්ලොග්කරුවන් අතර බුද්ධිමත් හරවත් සංවාදයක් මේ බ්ලොක් අඩවිය තුළ ඇති කිරීමට දායකත්වය සැලසීමට උපකාර කළ පුංචි කුමාරිහාමි, අරුණි, නන්දු, චමිල්, අමා, ඉමල්කා, වන වදුල, තිසර හා ආචාර්යතුමා ඇතුළු සියළු දෙනාටම මා බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.

    ReplyDelete
  40. @ අනූෂි පැල්පළ අක්කි,

    අනේ අනූෂි අක්කි, මම ඔයාගේ ලිපි කියෙව්වා හරිම බරසාරයයි. ගොඩාක් කරුණු මගේ මොලේට ගන්න අමාරු තරමයි. මම ඔයා මේ පිටුවට දාලා තියෙන දේවල් ටික වර්ඩ් ෂීට් එකකට කොපි කරගත්තා. ඊට පස්සේ ප්‍රින්ට් අවුට් එකක් අරන් තියා ගන්නා මට හොම් වර්ක් කරද්දී ගොඩාක් ඕන වෙනවා. විශේෂයෙන්ම සමාන්‍ය අධ්‍යයනය වගේ විෂයන් කරද්දී. පැවරුම් වලට කරන්න තියෙන වැඩ වලදී වගේ දේවල් වලට අක්කි දාපු කමෙන්ට් වැදගත් වුනා. ඒත් එක්කම කුමාරි අක්කි මගේ බ්ලොග් එකට ඇවිල්ලා තිබුණා. මම මේකේ කමෙන්ට් දැම්මට පස්සේ හුඟක් අංකල්ලා ඇන්ටිලා අක්කිලා අය්යලා වගේම මල්ලිලා නංගිලාත් මාව බලන්න බ්ලොක් එකට ඇවිල්ලා ඒක පුරෝලා කමෙන්ට් දාලා ගිහිල්ලා මම දැන් දැක්කේ. ඒ සේරමල්ලටම ස්තූතියි හොඳේ. ආයිමත් එන්න. මම ඔයාලට හරි කැමතියි. පුංචි කුමාරිහාමි අක්කි, අරුණි අක්කි, නන්දු අක්කි, චමී අය්යාලා දෙන්නා, අමා අක්කි, වන වදුල අංකල්, තිසර අංකල් හා ආචාර්ය සර්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ආයමත් එන්න. මම බලා ඉන්නවා ඔය හැමටම ස්තූතියි.

    @ Udana Imalki

    ReplyDelete
  41. @ පුංචි කුමාරිහාමි,
    ==========================================

    අනූෂි පැල්පළ සොයුරිය සඳ සම්බන්ධව අපූරු විස්තරයක් ඉදිරිපත් කරලා තිබ්බා. මම හරිම ආසාවෙන් ඒක කියෙව්වේ. ඒ වගේම මමත් හිතුවා පුංචි කුමාරිහාමි සහ මේ බ්ලොග් එක බලන උසස් රස වින්දනයට ප්‍රිය කරන අයගේ ප්‍රයෝජනය සඳහා සඳ ගැන තවත් විස්තර ටිකක් ඉදිරිපත් කලොතින්හොඳයි කියලා. සඳ පෘථිවියට ඇති සම්බන්ධතාවය එහි කක්ෂය සමඟ ගොඩ නැඟිලා තියෙන්නේ. ඒ වගේම චන්ද්‍රයා පෘථිවිය වටා චලනය ක්‍රමාණුරූප සැකැස්මකින් යුතුවයි කක්ෂය ගොඩනඟා ගෙන භ්‍රමණය සිදු කරන්නේ.
    27.3 පමණ දින ගණනකට වතාවක් (එහි නක්ෂත්‍ර ආවර්තය) චන්ද්‍රයා විසින් ස්ථාවර තාරකාවන්ට සාපේක්ෂව පෘථිවිය වටා එක් පරිභ්‍රමණයක් සිදු කරනවා. කෙසේ නමුත් එම කාලය තුළදීම පෘථිවියද සූර්යයා වටා සහ එහි කක්ෂය වටාද චලනය වන නිසා සඳට එහි එකම කලාව පෘථිවියට පෙන්වීමට වැඩිපුර කාලයක් ගතවෙයි. එනම් එය දින 29.5 ක් පමණ වේ. (චන්ද්‍ර මාස ආවර්තය) අනෙකුත් ග්‍රහ ලෝකවල බොහොමයක් උප ග්‍රහයින් මෙන් නොව චන්ද්‍රයා සමකය ක්‍රාන්තිවලය ආසන්නයේ කක්ෂගත වී ඇති අතර එය පෘථිවියෙහි සමක තලයේ නොවේ. චන්ද්‍රයා එහි ග්‍රහලෝකය වන පෘථිවිය හා සසඳන විට එය සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා ලෙස හැඳින්විය හැකිය. (කුරු ග්‍රහලොවක් වන ප්ලූටෝට සාපේක්ෂව චාරෝන් වඩා විශාල වේ) පෘථිවියේ චන්ද්‍රයා අනුව යමින් අනෙකුත් ග්‍රහලෝක වටා කක්ෂගත වී ඇති ස්වාභාවික උප ග්‍රහයින් චන්ද්‍රයන් ලෙස හඳුන්වනු ලැබේ.

    පෘථිවියෙහි දක්නට ඇති බොහොමයක් වඩදිය බාදිය ආචරණ ඇති වන්නේ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ඈඳීම හේතුවෙනි. එයට සූර්යයාගෙන් ලැබෙන්නේ අඩු දායකත්වයකි. මෙම වඩදිය බාදිය ආචරණ සංසිද්ධිය පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර ශත වර්ෂයකට 3.8m පමණ හෝ වසරකට 3.8cm හෝ වැඩි කිරීමට හේතු වේ. කෝණික ගම්‍යතා සංස්ථිතියේ ප්‍රතිඵලයක් ලෙස සඳෙහි අර්ධ ප්‍රධාන අක්ෂය වැඩි වීමත් සමඟ පෘථිවි භ්‍රමණය ක්‍රමානුකූලව මන්දගාමී වේ. එනම් එය ශත වර්ෂයකට දිනකට තත්පර 0.002 ක් පමණ අඩු වේ.
    සමහරක් විට පෘථිවි චන්ද්‍ර පද්ධතියේ ග්‍රහලෝක චන්ද්‍ර පද්ධතියක් ලෙස නොව ද්විත්ව ග්‍රහලොවක් ලෙස සලකනු ලැබේ. මෙය මෙසේ වන්නේ ආදායක ග්‍රහලොවට සාපේක්ෂව සඳෙහි අතිශය විශාල වූ ප්‍රමාණය නිසාය. සඳ පෘථිවි විෂ්කම්භයෙන් ¼ ක් පමණ විශාල වන අතර එහි ස්කන්ධය පෘථිවි ස්කන්ධයෙන් 1/81 වේ. කෙසේ නමුත් මෙම අදහස සමහරෙක් විසින් විවේචනයට ලක් කරයි. එසේ කරන්නේ පද්ධතිය සඳහා වූ ස්කන්ධයේ කේන්ද්‍රය පෘථිවිය මතුපිටට 1700km පමණ යටින් හෝ පෘථිවි අරයෙන් ¼ක් පමණ යටින් පිහිටා තිබීම නිසාය. චන්ද්‍රයාගේ මතුපිට පෘථිවි මතුපිටෙන් 1/10කට වඩා කුඩා වන අතර පෘථිවියේ ගොඩ බිම් ප්‍රදේශයෙන් ¼ක් පමණ වේ. (රුසියාව, කැනඩාව හා ඇමරිකාව එකට සම්බන්ධ කළ විට ඇති වන විශාලත්වය තරම්)
    1997 දී 3753 Cruithne උල්කාෂ්මය නිසා අසාමන්‍ය ලෙස පෘථිවියට සම්බන්ධ වූ Horseshoe කක්ෂයක් පවතින බව සොයා ගන්නා ලදී. කෙසේ නමුත් තාරකා විද්‍යාඥයින් එය පෘථිවියෙහි දෙවන චන්ද්‍රයා ලෙස නොසලකන අතර එහි කක්ෂය දීර්ඝ කාලීනව ස්ථායී නොවේ. එතැන් සිට පෘථිවිය අසල වූ Cruithne ගේ කක්ෂයට සමානකම් ඇති කක්ෂ ඇති උල්කාෂ්ම 3 ක් වූ (54509) 2000 PH5, (85770) 1998 UP1 හා 2002 AA29 සොයා ගන්නා ලදී.


    පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර ප්‍රමාණය ගැන කියනවා නම් සාපේක්ෂ ප්‍රමාණ හා පෘථිවි චන්ද්‍ර පද්ධතියේ වෙන්වීම පරිමාණයකට අනුව ඉහත දක්වා ඇත. එම උල්කාෂ්ම ආලෝකය පෘථිවිය හා චන්ද්‍රයා අතර ගමන් කරන බව දක්වා ඇති අතර ඒවා අතර සත්‍ය දුර නිර්ණය කිරීම සඳහා සත්‍ය වශයෙන් යොදා ගන්නේ ද ආලෝකයයි. මධ්‍ය කක්ෂ දුරේ දී එම කාලය තත්පර 1.255ක් වේ. ආලෝක කදම්භය සූර්යයාට සාපේක්ෂව පෘථිවි චන්ද්‍ර පද්ධතියේ පරිමාණය ගැන වැටහීමක් ලබා ගැනීමට උදව් වේ. සූර්යා පවතින්නේ ආලෝක මිනිත්තු 8.28ක් දුරිනි.
    .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් අරුනි..

      Delete
  42. @ පුංචි කුමාරිහාමි,
    -----------------
    ඔයාගේ හිත හොඳ කමින් මෙහි කමෙන්ට් දමා ඇති සමහර නරක උදවිය අයුතු ප්‍රායෝජන අරගෙන තිබෙන බවක් මට පෙනී යනවා. අපේ රටේ තත්වය ඔහොමමයි. මිනිස්සු තමන් විසින්ම පාලනය වෙන්න දන්නේ නැහැ. හරියට සත්තු වගේ. නීතියක් නොතිබුණොත් එතැන විලම්බීත නටනවා. පශ්චාත් යුද මානසිකත්වය වෙන්නත් පුලුවනි. ඒක නිසාම වෙන්න ඇති සමහරු කමෙන්ට්ස් වාරණය කරන්න මොඩරේට්ස් කරන්නේ. මම කියන්නේ නැහැ ඔයාට එහෙමම කරන්න කියලා. නමුත් මේකට අදහස් දාන අයත් දැන ගන්න ඕන සංවරව, ආචාරශීලීව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. එහෙම නැතිව ගැහැණියකගේ බ්ලොග් එකකට ඇවිල්ල නුසුදුසු විදිහට හැසිරෙන එක අසංවරශීලීව නරක විදිහට භාෂාව භාවිතා කරලා අසභ්‍ය දේවල් දැමීම හරි නැහැ. එහෙම වුනාම වෙන්නේ හොඳ අය මේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්න එන්නේ නැහැ. මම මේක බලද්දී මට පැහැසදිලිවුනේ පිරිමි අය කට්ටියක් නිසා මේ තත්වය ඇති වෙලා තියෙනවා කියලයි. මම පක්ෂග්‍රාහී නැහැ. මට මම විතරයි. මම කාටවත් අවවාද දෙන්න උත්හාස කරනවා නෙවෙයි. ඒත් මම පිරිමියෙක් වශයෙන් කවදාවත් ගැහැණියකට හිංසා වෙනවට කැමති නැහැ. මම කාන්තාව දකින්නේ ගෞරව කරන්නේ මගේ මැණීයන්ට වගේයි. පුංචි කුමාරිහාමි ලියන දේවල් වලට මම කැමතියි. ඒ වගේම මේකට අදහස් දක්වලා තිබෙන කාන්තා පිරිසත් කැමැතියි වගෙ පේනවා. ඒක නිසා හිත කළකිරවා ගන්න එපා. ආයෙමත් පොස්ට් දාන්න. මේ පැත්තේ එන්නේ නැතුව අපිව අමතක කරලා ඉන්න එපා. ආයිමත් කවුරු හරි ඔයාව හරි බ්ලොග් එක හරි ටෙට් කරන්න අසභ්‍ය දේවල් දැම්මොත් කිසිම තරාතිරමක් බලන්නේ නැතුව මොඩරේට් කරලා රිමූව් කරලා දාන්න. එහෙම අය නැතිවට කමක් නැහැ. බ්ලොග් එක කවුරුවත් නැතුව වේලුනත් කමක් නැහැ හොඳ එක්කෙනෙකු හිටියත් ඇති කියන මතයේ ඉඳගෙන කටයුතු කරන්න. නැතිනම් මේක අසභ්‍ය බ්ලොග් ගනයට නම් කරලා මේක තහනම් කරන්න ඉඩ තිබෙනවා. වැදගත් අය මේක ගැන රිපෝට් කරන්නත් පුලුවනි. වාචික හිංසනය පවා නූතන නීතී වල හැටියට එක්තරා අපයෝජනයක්. ඒකට නීති මාර්ගයෙන් කටයුතු කරන්නත් පුලුවනි. කාන්තා හිංසනයට ඒකත් අයිතියි. මට ඔයා හරිම දුකයි. මොකද මම ත් කැමතියි වැදගත් අයට. වැදගත් විදිහට ජීවත් වෙන තමන්ගේ නම්බුව ආරක්ෂා කරගෙන ටිකක් රෙස්පක්ට් එකට ඉන්න අයට. නමුත් සමාජයේ හැමෝම එහෙම නැහැනේ. එහෙමයි කියලා ඒ වගේ අය අපි ගෙවල් ඇතුලට දාගන්නේ නැහැනේ. ඒ වගේ මේ බ්ලොග් එක ඔයාගේ. මෙහි අඩවි පරිපාලක ඔයායි. මේකේ දාන්න ඕන මොනවාද කියලා තීරණය කරන්න ඕන ඔයායි. ඒක නිසා මීට පසුව ඔයා නරක අසභ්‍ය කමෙන්ට් පළ කරන්න කලින් දෙපාරක් හිතන්න. ඔයා මැරි කරලා නම් හස්බන්ඩ් එක්ක වුනත් මේ ගැන අහලා බලන්න. මම කීව දේවල්ම ඔයාට එයත් කියාවී. තෙරුවන් සරණයි !!! ( කොහොම වුනත් හිත රිදවා ගන්න එපා කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.)

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කියන දේ හරි. මම කවදාවත් මීට කලින් කමෙන්ට් මොඩරේශන් දාලා තිබ්බේ නෑ. මම මේ බ්ලොග් එක අවුරුද්දකට වැඩි කාලයක් කරන් ගියා. කවුරුවත් කවදාවත් නරක දෙයක් ලිව්වේ නෑ. අපහාස කරේ නෑ. මටත් හිතාගනන් බෑ මේ සිද්දවෙන දේ. බනින්නේ මට නොවුනත් මෙතන එහෙම කරන එකට මටත් හිතට අමාරුයි. අපි කතා කරන්න ඕනේ අවශ්‍ය දේ මිසක් අනවශ්‍ය දේ නෙමෙයි...

      ස්තූතියි ඔබ තුමාට.

      Delete
    2. @ පුංචි කුමාරිහාමි,
      ==================================
      මම අවංකව මේ ප්‍රකාශය සිදු කරන්නේ. මම මේ බ්ලොග් අවකාශය තුළ එදා මෙදා දැනට වසර ගණනාවක අත්දැකීම් තුළ ( වසර 5-6 ක) දැකපු අවංක, ( කුඩා දරුවෙක් වගේ) අහිංසක, මෘදු හිතක් තියෙන, සංවේදී එකම බ්ලොග්කාරිය ඔයායි. ඉස්සර නම් බ්ලොග්වලට ගොඩාක් නැඹුරු වෙලා හිටියේ සම්පූර්ණයෙන්ම පිරිමි. නමුත් අද තාක්ෂණය ඉදිරියටයාම සමඟ, කාන්තාව උසස් අධ්‍යාපනය ( විශේෂයෙන්ම පරිගණක විද්‍යා විෂය සම්බන්ධව) තුළින් ඉදිරියටයාම සමඟ අද පුරුෂ පාර්ශවය අබිබවා කාන්තාවන් බ්ලොග් කරණයෙහි ඉදිරියෙන්ම සිටිනවා මට අන්තර්ජාලය හරහා දැක ගැනීමට පුලුවනි. අන්තර්ජාලයේ බ්ලොග් ලියන අය එක එක අරමුණු පෙරදැරිව ඒවා ලියනවා. දේශපාලනය, ආගමික මතවාදවලට වෙන්වූ, සමාජයීය ප්‍රශ්න සාකච්ඡා කිරීමටම වෙන් වූ, ඒ අතර ස්ත්‍රිවාදය, ප්‍රති- ස්ත්‍රීවාදය, ලිංගික කරුණුවලටම සීමාවූ බ්ලොග්, කුඩා පාසැල් දරුවන්ගේ විවිධ විෂයන්ට වෙන්වූ බ්ලොග් (ඉතිහාසය, සමාජ අධ්‍යයනය, සෞඛ්‍ය, විද්‍යාව වැනි), පාසැල් ගුරුවරියන්ගේ විෂය ව්‍යාප්ත කිරීමේ අරමුණු පෙරදැරිව ආරම්භ කළ බ්ලොග්, විදේශගතව සිටින ස්ත්‍රී පුරුෂ අය විවේක ලද අවස්ථාවලදී මෙරට සිටින හිතවතුන් සමඟ සිංහල භාෂාවෙන් අදහස් සංවාද කිරීමේ අරමුණු පෙරදැරිව ආරම්භ කරන ලද බ්ලොග් වශයෙන් විවිධ විෂයන්වලට සම්බන්ධ බ්ලොග් තිබෙනවා. මේ බ්ලොග් දැන් දැන් පිරිමින්ට වඩා ගැහැණු අය විසින් තමනි පවත්වාගෙන යන්නේ. මම කියන දේ තහවුරු කර ගන්න වුවමනා නම් අන්තර්ජාලයේ බ්ලොග් අඩවි නාමාවලියට අන්තර්ජගත වන සිංහල බ්ලොග් ප්‍රමාණය හා එසේ ඇතුලත්ව නොවී නිදහසේ අන්තර්ජාලය තුළ සැරිසරන ගැහැනු අයගේ බ්ලොග් කියවා බලන්න. ඔයාගේ බ්ලොග් එක අර මම අවසානයට කියපු විදේශගතවී සිටින අයගේ මෙරට අදහස් සංවාද ඇතිකර එයින් මානසික තෘප්තියක් ලැබීමේ අරමුණ පෙරදැරිව ආරම්භ කරන ලද බ්ලොගයක්.

      Delete
    3. @ පුංචි කුමාරිහාමි,
      මම අන්තර්ජාලයට එකතු කර තිබෙන සිංහල බ්ලොග් අඩවි කියවද්දී ඉතාම පුදුමයට පත්වුනේ ඇතැම් ගැහැණු අය ඉතාම විවෘතව ලිංගික කරුණු සාකච්ඡා කර තිබෙනු දුටු විටයි. මොකද මම සාම්ප්‍රදායික පවුල් පසුබිම තුළ හැදුනු වැඩුනු කෙනෙක් විදිහට මගේ අම්මා නංගි විදිහට තමයි ලෝකයේ වෙනත් ගැහැණුන් දෙස බැලීමට හුරු පුරුදුව සිටින්නේ. අපේ අම්මයි නංගියි යන්තම් ටී.වී. එකේ සිරුර නිරාවරණය වන පරිදි නිවේදිකාවක් සැරසී සිටිය හොත් ඒක පවා විවේචනය කරන අන්තවාදී සුචරිතවාදී අය. ඒ නිසා මම හිතන්නේ ගැහැණු සියළු දෙනාම එහෙම කියලා. නමුත් මම දරණ ආකල්පය වැරදියි කියලා මට ලෝකයට විවෘත වෙනකොට තේරෙනවා. අන්තර්ජාලය පවා වේ ලෝකයට විවෘතවීමට අයිතියි. අද ඇතැම් අවස්ථාවලදී ඇතැම් ගැහැණු අය අන්තර්ජාලය පුරාම තමන්ගේ සැබෑ ඡායාරූප සහිතව තමන්ගේ පෙම්වතා, සැමියා, කාර්යාලයේ බොස් වැනි අය සමඟ එකට ලිංගිකව හැසිරුනු හැටි පවා ( පියවරින් පියවර ) අන්තර්ජාලයට මුසුකොට තිබෙනවා දැක ගත්ත පුලුවනි. මම ඒවාගේ ලින්ක් ඔයාට එවන්නේ නැත්තේ මට එහෙම දෙයක් වත් කරන්න ලැජ්ජ නිසා. ඒවා දුටු විට කම්පාවට පත්වන මම අනේ අපේ සමාජය කොයිතැනටද මේ ගමන් කරන්නේ කියලා මහා ආධ්‍යාත්මික කම්පාවක් ඇතිවෙනවා. මොකද මම හදවතින් අවංකව බුදුදහමේ ප්‍රතිපත්ති අනුව ජීවත්වන පුද්ගලයෙක් නිසා මම වැරදි දේවල් කොයිම විදිහකින් වත් කරන්නෙත් නැහැ. ඒ වගේම අනුමත කරන්නේත් නැහැ. නමුත් සමාජය අපිට වඩා වෙනස්. සමාජය ඒ දේවල් කරනවා. මම අනුමත නොකලට සමාජයට ඒකෙන් වැඩක් නැහැ. සමහර විට මම කියන පුද්ගලයාගේ මේ වගේ ප්‍රතිපත්ති පවා දරුණු හාස්‍යයට එබඳු ගැහැණු අය ලක් කරලා තිබෙනවා. ඒ වගේ වෙලාවලදී මම ඒවගේ බ්ලොග් වලට අදහස් දැමීමෙන් වැලකී සිටියේ මම කුඩාකාලයේදී පටන් රැකගත් ප්‍රතිපත්ති දැන් වෙනස් කරගැනීමේ වුවමනාවක් මට නැති නිසා. නමුත් මම මේ බ්ලොක් අඩවියේදී ඔයාගේ මම වගේම තිබුනු අවංකව ප්‍රතිපත්ති දැක්කා. මම ත් ඔයා වගේම වැරදි සමාජ ආකල්ප නිසා පීඩාවට පත්වන චරිතයක්. ඔයාගේ බ්ලොග් එකට අද මේ වගේ අය ආවේ ඔයාගේ බ්ලොග් එක දැන් ජනප්‍රිය නිසා කට්ටිය වැඩිපුර පැමිණෙන නිසා. මම දැක්කා අනිත් බ්ලොක් කාරියන්ගේ බ්ලොක් වලටත් මෙහෙම කට්ටිය ඇවිත් අසවංර, අසභ්‍ය කමෙන්ට් දාලා තියෙනවා. ඔයාට නම් එහෙම වුනේ නැහැ. මට මතක විදිහට “නාදුනන්නියය / නන්දු/ සමනලිය හෝ වෙනත් එවැනි ගැහැනු කෙනෙකුගේ බ්ලොග් එකේ සමහර අය බ්ලොග් කාරියට එලවා එලවා පහර දෙනවා. ඇය පල කරන හැම ලිපියකටම ඔවුන් ප්‍රතිචාර දැන්නේ “ගොන් කතා දාන්න එපා“ කියලා දරුණුවට ප්‍රතිචාර දැක්වීමෙන්. ඒ බ්ලොග් කාරියෝ එවිට උත්තරදීලා තිබ්බා මගේ බ්ලොග් එකේ මට වුවමනා දේවල් මම පල කරන්නේකියලත් මම දැක්කා. ඔයාගේ බ්ලොග් එකටත් එවැනි කට්ටිය දැන් දැන් ඔයාගේ ජනප්‍රිය බව මත එන්න පටන් අරගෙන. එහි උච්චතම අවස්ථාව මේ බ්ලොග් ලිපියට දාපු කමෙන්ට් ගණන බලන්න. අඩුම වශයෙන් ඔයා තවත් ලිපියක් ලියන්න පටන් ගනිද්දී එහි කමෙන්ට් ගණන 200 ත් පන්නලා තියේදී මම දැකලා නැහැ මේ තරම් වැඩි කමෙන්ට් ගාණක් වෙනත් බ්ලොග්කාරියකගේ බ්ලොග් එකකට පාඨකයෝ දාලා තිබ්බා. ඔයාටත් වඩා කලින් ආරම්භ කරපු පරණම පළපුරුදු බ්ලොග්කාරියකටත් වඩා වැඩි කමෙන්ට් ගානක් ඔයාට මේ ලිපියට කමෙන්ට් ඇවිල්ලා තිබ්බා. ඉතින් සමහර විට ඔයාගේ බ්ලොග් එකට එන කට්ටිය වැඩි නිසා ඉරිසියාවට නිර්ණාමිකව ඔයාට අධෛර්යමත් කරන්න මේක වෙනත් බ්ලොක්කාරියක් කරපු සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්නටත් බොහෝවිට ඉඩ තිබෙනවා. මෙහි නිර්නාමිකව ලියලා තිබුනු ඇතැම් අදහස් ගැහැණු බ්ලොග්කාරියන්ගේ ක්‍රියාවක් වෙන්නත් පුලුවන්. ඒක එහෙම නොවෙන්නත් පුලුවනි. නමුත් සාමාන්‍යයෙන් පිරිමි රණ්ඩු ඇති කරන්නේ, ඉරිසියා කරගන්නේ බොහෝ දුරට තවත් පිරිමිත් එක්ක මිසක් ගැහැණු එක්ක නොවෙයි මම දන්න තරමින්. නමුත් ගැහැණු ඊට වෙනස්. මූණට හොඳ කියමින් රහසින් කඩාකප්පල්කාරී දේවල් සංවිධානාත්මකව මෙහෙයවීමට ගැහැණුන්ට හොඳ දක්ෂතාවයක් තියෙනවා. ( මෙහි ගැහැණු කියලා තියෙන්නේ ඔයාව අත්හැරලා)

      Delete
    4. @ පුංචි කුමාරිහාමි,
      ==================
      ඔයාට ඔයාගේ බ්ලොග් අඩවියේ ප්‍රමිතිය රඳා පවත්වා ගැනීම සඳහා ගත හැකි සරළම උපදේශ කීපයක් මම දෙන්නම්. ඒවා ක්‍රියාත්මක කරන්න බලන්න. එවිට ඔයාගේ බ්ලොග් අඩවිය ප්‍රමිතියක් ඇතිව පාලනය කරගත හැකියි.
      1. වහාම ක්‍රියාත්මක වන පරිදි කිසිම ලිංගික කරුණු දැක්වීමකට කොහොත්ම ඉඩ දෙන්න එපා. දුටු වහාම මකා දමන්න.
      2. සෘජුව ලිංගික කරුණු නොවුනත් ව්‍යංගයෙන් ඊට සම්බන්ධ කරගැනීමට හා ඊට පෙළඹවීම පිණිස යම් දෙයක් දුටු විට වහාම මකා දමන්න.
      3. බුදුහම, අවංක හෘදයාංගම ප්‍රකාශන, අර්ථදැක්වීම්, වෙනත් විෂය සමගාමී කරුණු එකතුකිරීම්, සමාජ විද්‍යාත්මක අර්ථ දැක්වීම් වැනි දේ හැරනුවිට ඔයා පල කරන ලිපියට අදාළ නොවන සංවාද මකා දමන්න.
      4. ඔයා පළ කරන ලිපියට හෝ ඊට ප්‍රතිචාර වශයෙන් පළකරන කමෙන්ට් වලට පමණක්ම අදාළ ලින්ක්, ආශ්‍රිත මූලාශ පමණක්ම දක්වන්න ඉඩ දෙන්න. සෙසු ඒවා වහාම මකා දමන්න.
      5. සෘජු පාලනයක් සහිතව බ්ලොගයට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙන්න. ප්‍රතිචාර දැක්වීම කෙරෙහි අවදියෙන් ඉන්න. ඔයාගේ ඊ මේල් ගිණුමට බ්ලොගය සම්බන්ධ කරගන්න. එතකොට කවුරුහරි කමෙන්ට් එකක් දැම්ම ගමන් ඒකට එනවා. ( දැනට මොඩරේට් කරන්න එපා. අවශ්‍ය වුවහොත් මම කියන්නම්)
      6. ලින්ක්, ආශ්‍රිත මූලාශ දක්වන විට ඊට අදාළව කෙටි පැහැදිලි කිරීම් සහිතව එවන ඒවා පමණක්ම බාර ගන්න. ( සමහරු කමෙන්ට් නොකර ලින්ක් පමණක් දාලා තමන්ගේ බ්ලොග් එන ජනප්‍රිය කරගන්න වෑයම් කරන නිසා කිව්වේ)
      7. හැකි නම් තමන්ගේ සත්‍ය නම/ බ්ලොග් එකේ නම වැනි දෙයකින් පෙනී සිටීමට ප්‍රතිචාර කරුවන්ට දිරි දෙන්න. ඇනෝ ලෙස පෙනී සිටින්නන්ව හරි පරිස්සමින් තෝරා ගන්න. බොහෝ බ්ලොග්කරුවන්ට මේ අයුරින් අනවශ්‍ය තර්ජන ඇතිකරවන්න ඇනෝ ලෙසට පෙනී සිටිය අය අතිනි. ඇනෝ කී විට ඒ පුද්ගලයා අවම තරමින් ගැහැණුද පිරිමිද කියා වත් සිතා ගත නොහැකිය. ( ඔහුගේ හෝ ඇගේ යම් තොරතුරුක් තිබේ නම් නීත්‍යානූකූලව ක්‍රියාකළ හැකි නිසා සත්‍ය නමින් පෙනී සිටින අය අසවංර ක්‍රියාවළ යෙදීමට බියක් දක්වති.)
      8. බ්ලොග් අඩවියට ප්‍රතිචාර දක්වන විට පිළිපැදීමට උපදෙස් මාලාවක් ( චක්‍රලේඛයක් පරිදි) නිකුත් කරන්න. එය උල්ලංඝනය කරන අයගේ ප්‍රතිචාර මකා දමන්න. නියමිත වාර ගණනකට වැඩියෙන් වැරදි කරන අයට ඉදිරියට ප්‍රතිචාර දැමීමට නොහැකිවන පරිදි ඔවුන්ව හඳුනාගෙන බ්ලොක් කරන්න.

      Delete
    5. @ පුංචි කුමාරිහාමි,
      --------------------------------------
      මම පහත දක්වා තිබෙන්නේ ඔයාගේ බ්ලොග් එකට ප්‍රතිචාර දක්වපු අයගෙන් පළවූ අනවශ්‍ය යැයි පෙනී යන ප්‍රතිචාර කීපයක්. මේකට තවත් එකතු වෙන්න ඕන ප්‍රතිචාර කීපයක් තියෙනවා. ඒත් කමෙන්ටුව දිග වැඩිවෙන නිසා සියල්ලම මෙහි දැක්වීමට අපහසුයි. මේක කියවලා ඔයා හිතාගන්න මේ වගේ ප්‍රතිචාර පළ නොකළාට කමක් නැහැ කියලා. මොකද එම ප්‍රතිචාර වලයි ඔයාගේ ලිපියයි අතර කිසිම සම්බන්ධයක් තැතුවා විතරක් නෙවෙයි. ඒ ප්‍රතිචාර නිසා ඔයාගේ ප්‍රමිතිය පවා පහළ මට්ටමකට පත් වෙන්න ඉඩ තිබෙනවා. මෙහි ගැහැණු අය ඇනෝ ලෙස පැමිණ ඔයාගේ පිරිමි බ්ලොග් කරුවන්ව අවුස්සා කෝප කරවා ඔවුන් ලවා විවිධ අසංවර දේ කියවා ගැනීමට වෑයම් කිරීමටක් දැකගත හැකිය. ඒ හරහා ඔවුන් පිරිමි පහත්කර කතා කිරීම මඟින් ඉතා අපූරුවට ඔවුන්ට අවශ්‍ය දේ ඔබගේ බ්ලොගය හරහා ඉටු කර ගෙන පිරිමි බ්ලොග් කරුවන් හා ඔබ අමනාප කරවා ඔවුන්ගේ බ්ලොග් වෙත අද්දවා ගැනීමට වෑයම් කර තිබෙන බවට සාධාරණ සැක සංකා මතු වේ. මන්ද යත් මෙහි පිරිමි බ්ලොක් කරුවන්ට පන්නා පන්නා පහරදී ඇති ඇතැම් කාන්තා බ්ලොග්කාරිනියන් ඔවුන් විසින් පවත්වාගෙන යන බ්ලොග් වලදී මේ පිරිමි බ්ලොග් කරුවන්ට කමෙන්ට් පළ කිරීමට පුදුම තරම් නිදහසක් ප්‍රදානය කර ඇති බව දැකගත හැකි බැවිනි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඔබ ලවා ඔවුන්ව වාරණය කරවීම විය හැකි බවද කාරුණිකව සලකා බලන්න. එවැන් යම් දෙයක් කිරීමට පෙර හැම පැත්තක් ගැනම සැලකිලිමත් විය යුතුය.
      //අමිල චතුරංගගෙ බ්ලොග් එක බැලුවානම් බෝඩිමේ අක්කට සෙක්ස් ටොයිස් ගැන ඉගනගන්න තිබුනා..අක්කට හරියට වටීවි එව්වා....//
      //ඇයි කට්ටයමට මදන කුලප්පුව හැදිලා තියෙන්නේ. ඔයාලා කාපු කෑමක් වත් වැරදිලාද?//
      //ඔයා මාව මලක් වගේ ආදරයෙන් පරිස්සම් කරගෙන රැක බලා ගන්න බව මම දන්නවා චමී.//
      //ඒත් ඔයා කොහෙද යන බොන්ඩියෙකුට වහ වැටිලා ඇහැදීගෙන ඒ ගැන කතා කරද්දී මට හරිම ඉරිසියයි.//
      //-- //අනූශි පැල්පොල මහත්මිය තමාගේ උගත් බවත් පණ්ඩිත බවත් පෙන්නන්න මේ බ්ලොග්
      එක මාධ්‍යයක් කරගෙන...//
      ඉතින් මොකද චමි මල්ලි ඔයා ඇයි ඒ ගැනිගේ ඇගේ එල්ලෙන්න හදන්නේ. මේ රටේ තව ලස්සන ගෑනු නැතිවද? පොඩ්ඩක් ඇහැ කණ ඇරලා වට පිට බලන්නකෝ අනේ.

      //අනිත් කාරණාව තමයි අනූෂි තමන්ගේ පණ්ඩිතකම ප්‍රදර්ශණය කරන්නටම හදනවා විනා තාර්කිකව ප්‍රශ්ණය තුලය එන්නේ නැහැ// ..
      ඔයාට අහවල් දෙයක්ද මල්ලි ඒ ගෑනිත් එක්කලා කරන්න තියෙන සාකච්ඡාව. වෙන ගෑනු නැත්තන් ඉතින් හොඳයි. මෙච්චර ගෑනු ඉන්න රටේ මුන්ට අර ගෑනිටම වහ වැටිලනේ. අනේ අම්මාපල්ලා මේ වෙලාවට තමයි මටත් කාලි මෑණියෝ සිහියට එන්නේ. ---//
      //..අනූශි පැල්පොල මහත්මිය තමාගේ උගත් බවත් පණ්ඩිත බවත් පෙන්නන්න මේ බ්ලොග් එක මාධ්‍යයක් කරගෙන...හැබැයි පිටත ඉඳන් බැලුවහම නම් මහා මෝඩ පාට් එකක් තමයි රඟපානවා පේන්නේ.//
      //ඉස්සර වලව්වකට ආපු කුලහීනයන්ට වතුර බොන්න දීලා තියෙන්නේ පොල් කටුවල. දැන් වැඩසම් යුගය වෙනස්වෙලා බොහෝ කාලයක් ගත වෙලා නිසා මේ වගේ දැන් අඩුයි. ඒ වුනාට ඒ වාගේ හණ මිටි කරතියා ගත්තු ගල් බමුණෝ, බැමිණියෝ නම් තවමත් සමාජයේ ඉන්න පුලුවන් කියලා මතක තියා ගන්න. පුංචි කුමාරිහාමිට හින්ට් එකක් පාස් කලා කියලා හිතලා මාත් එක්ක අමනාප වෙයිද දන්නේ නැහැ.//
      //ඔබගේ රෙද්ද අස්සෙන් එලියට පිරිමි පනින්නේ හරියට මේරු පිට වෙනවා වගේ.ඔබගේ හිත ගන්න ඒ බුම්මට්ටයෝ කේවට්ටයෝ ලොකු උත්සහයක් ගන්නවා.එක කෙවට්ටයෙක් කියල තිබුනා මම සේවලයෙක් කියලා නමුත් මේ ඔබගේ බුම්මට්ටයෝ ටික තමා ඔයාගේ හිත ගන්න හෝ නැත්නම් වෙනත් අදහසකින් සේවලයෝ වගේ නොදන්නා දෙයක් වෙනුවෙන් මේ කමෙන්ට් කරන්නේ. අඩුම ගානේ මේ පොස්ට් එකවත් ඉහතින් ඇති කොමෙන්ට් ටිකවත් කියවලා රිප්ලයි කමෙන්ට් කරන්න කියන්න.

      //කෙනෙක් වයසට යන්න යන්න මෝල් ගතිය වැඩියි.//
      //අනුෂි = මම හිතන්නේ ඔයා "මමී" 'dady" කියන පැලැන්තියේ කෙනෙක් වෙන්න ඕන නේ..//

      Delete
    6. @ පුංචි කුමාරිහාමි,
      ==========================
      ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා අසංවර විදිහට ප්‍රතිචාර දක්වපු අය නිසා හිත රිදුනු නිසාද දැන් වැඩිපුර එන්නේ නැත්තේ. එහෙම කරන්න එපා. මම ඉහළ දක්වා ඇති උපදෙස් මාලාව අනුගමනය කරලා බලන්න. එහි ද වෙනස්විය යුතු තැන් ඇති නම් ඉදිරියේදී සාකච්ඡා කර එයද විසඳා ගත හැකියි. හිත පහසුවෙන් රිදවා ගන්න එපා. සමාජයේ විශාල පිරිසක් ඉන්නවා. ඔයා පිටරටනේ ඉන්නේ. ලංකාවේ වගේම පිටරට ඉන්න පිරිසත් එකතු කලාම තවත් විශාලයි. මේ අය විවිධ මානසික මට්ටම්වල විවිධ තරාතිරමේ මිනිස්සු. ඉතින් අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි අපිට එයාලාගෙන් ලැබෙන්නේ එහෙම වුනාම හිත කළකිරෙනවා කඩා වැටෙනවා තමයි. නමුත් හරි ඉක්මනින් ධෛර්යමත් වෙන්න බලන්න. ඔයා හරියට සංවේදී නිසා ඉක්මනටම හිත රිද්දවා ගන්නවා.

      Delete
    7. ඒකම නෙමෙයි ආචාර්‍යතුමා කාරනය මම රැකියාවක් කරන අතරතුරේයි මේ දේවල්වලට යොමුවන්නේ ඉතින් ටිකක් කාර්‍යබහුලයි..

      Delete
    8. ගොඩක් ස්තූතියි ඔබතුමාට. ඔබතුමාගේ ප්‍රශංසාව මම නිහතමානීව භාරගන්නවා.

      Delete
  43. මා ද මේ පිළිබඳව (සද ගමන පිළිබඳ සැකය) කරුණු ගොඩාක් අසා තිබෙනවා. මට ද ඔබ නඟන ප්‍රශ්නයම තිබේ. ඇයි දැන් මිනිසුන් යන්නේ නැත්තේ....?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහසට..

      Delete
  44. @ Nirmala Madushani,
    =======================
    සඳ ගමන පිළිබඳව සැකය කියන අදහස බහුතර මතය නෙවෙයි නේද නිර්මලා? මම හිතන්නේ පර්යේෂාත්මකව පැහැදිලිව එය සත්‍යයක් බව ඔප්පු කරලා තියෙනවා. පසුකාලීනව විවිධ මතවාද හරහා තමයි මේ පිළිබඳව ඔය කියන අදහස ඇති වුනේ? ඒත් මම හිතනවා සඳ ගමන සත්‍යයක් බවට ඇති සාධක එය අසත්‍යයක් බවට ඇති සාධක වලට වඩා වැඩියි කියලා..

    ReplyDelete
    Replies
    1. එතකොට නීල් ආම්ස්ට්‍රෝන්ගේ සොහොයුරා විසින් කියන ලද කතාව පිලිබද ඔබතුමාගේ අදහස කුමක්ද?.. ඔහු පැවසුවේ බොරුවක්ද?

      Delete
  45. @ පුංචි කුමාරිහාමි,
    ========================
    ඔව්. මම හිතනවා ප්‍රසිද්ධිය තකා යම් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් කලහම ඒකට ලැබෙන ප්‍රසිද්ධිය සමාජයේ වැඩියිනේ. දැන් හිතන්න නීල් ආම්ස්ට්‍රෝන්ගේ සොහොයුරා කිව්වා නම් ඔව් මගේ සහෝදරයා සඳ මතට ගිය ගමන සත්‍යයක් කියලා කවුරුවත් ඔහුට සවන් දෙන්න එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් මුළු ලෝකයම පිලිගත්ත සඳ මත පා තබපු කතාව බොරුවක් කියලා කිව්වහම ඔහු සිදු කරන ප්‍රකාශයේ ප්‍රවෘත්තිමය වටිනාකම ඉස්මතු වෙනවා. ඒ වටිනාකම තවත් වැඩි වෙන්නේ ඔහු සඳ මත පා තැබූ පුද්ගලයාගේ සොහොයුරාවීමත් නිසා. මොකද තමන්ගේ සොහොයුරා කරපු දෙයක් බොරුවක්ය කියලා කවුරුවත් කියන්නේ නැහැ. ඉතින් එහෙම යමෙක් කියනවානම් ඒක අනිවාර්යනේම සත්‍යයක් වෙන්න ඕනේමයි කියලා කවුරු කවුරුත් අදහනවා. කවුරුවත් හිතන්නේ නැහැ මේ වගේ බරපතල ප්‍රකාශයක් කරන්න තරම් ඔහු ඊට අදාළ සුදුසුකම් සම්පූර්ණ කරගෙන තිබෙනවා කියලා. මේ වගේ ප්‍රකාශයක් කරන්න තරම් ඔහුට තිබෙන සුදුසුකම මොකක්ද? ඔහු සඳ මත පා තැබූ පුද්ගලයාගේ සහෝදරයා වීම පමණක්මද? ඒක හරියට දේශපාලනයේදී සැමියා මියගියාම බිරිඳට හෝ බිරිඳ මිය ගියාම සැමියාට හෝ පක්ෂයේ නොමිනේෂන් ලැබිලා මිනිස්සු චන්දෙත් දීලා තෝරා පත් කරගන්නවා වගේ දෙයක්. සැමියාට හෝ බිරිඳට දේශපාලන දැනුමක් තිබෙන්න පුලුවනි. ඒකනේ මිනිස්සු ඔහුව හෝ ඇයට චන්දය දීලා තෝරා පත්කර ගන්නේ නමුත් ඒ පුද්ගලයා මිය ගියාට පස්සේ එයාගේ කාලත්‍රයාට මිනිස්සු චන්දය ලබා දෙන්නෙක් කාලත්‍රයාගේ දේශපාලනයට ඇති කිසිදු සුදුසුකමක් බලා නෙවෙයි. විවාහක කාලත්‍රයෙකු වූ පමණින්ම දේශපාලන දැනුමක් ලැබෙන්නේ නැහැ. සමහර විට දීර්ඝකාලයක් තිස්සේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සමඟ සමීපව දේශපාලන දැනුම ලබාගැනීම නිසා පසුකාලීනව ඒ සඳහා යම් හුරුවීමක් ඇති වෙන්න පුලුවනි. නමුත් එය ගැඹුරු රාජතාන්ත්‍රික බවකට උචිතදැයි විමසිය යුතු වෙනවා. මේ වගේම දෙයක් තමයි සඳ ගමන පිළිබඳව නීල් ආමස්ට්‍රෝන්ගේ සොහොයුරා පැවසූ දේවලට ජන මාධ්‍ය ප්‍රසිද්ධිය ලබාදී තිබුනේ එහි යම් ප්‍රවෘත්තිමය වැදගත්කමක් තිබෙන නිසායි. නැතිව එහි විද්‍යාත්මක සත්‍යතාවයක් තිබෙන නිසාය කියලා හිතන්න තියෙන ඉඩකඩ ඉතා අවමයි. මොකද හරි නම් මේ ප්‍රකාශය කළ යුතුව තිබුනේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව තවත් මහාචාර්යවරයෙක් හෝ එවැනි උසස් අධ්‍යාපන පර්යේෂණ ආයතනයක විද්වත් මතයක් ලෙස විනා නීල් ආම්ස්ට්‍රොන් ( ඔහු මහාචාර්යවරයෙක් ලෙස සඳහන් වෙනවා) ගේ සොහොයුරා ලෙස නොවේ. මින් අදහස් වෙන්නේ නැහැ නීල් ආම්ස්ට්‍රෝන්ගේ සොහොයුරා කිසිසේත්ම නොවැදගත් පුද්ගලයෙක් කියලා. මොකද ඔහු තමයි නීල් ආම්ස්ට්‍රොන් පිළිබඳව සමීපතම පුද්ගලයා. තමන්ගේ සහෝදරයා සිදුකරන දේවල් සමාජයට ලෝකයට වසන් කළත් තමන්ගේ සහෝදරයාට වසන් කරන්නේ නැතිව ඇති. අනෙක් පැත්තට තමන්ට ප්‍රසිද්ධිය ලබා ගන්න බොහෝ මහාචාර්යවරු පර්යේෂණ නමින් අසත්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් පසුකාලීනට ඒවා බොරු දේවල් ලෙස ඔවුන් විසින්ම පාපෝච්චාරණය කර ඇති බවත් පර්යේෂණ පත්‍රිකා ලෙස ඉදිරිපත් කර විශ්ව සම්භාවනීයත්වයට පත් ව තිබූ ඇතැම් පර්යේෂණ පත්‍රිකා ප්‍රසිද්ධියේ සමාව ගැනීමෙන් පසුව ඉල්ලා අස්කරගන්නා ලද පුවත් මා අන්තර්ජාලය හරහා කියවා තියෙනවා විදේශීය විද්‍යා සඟරා ආදි අන්තර්ජාල ප්‍රකාශනවල. මම මේ කමෙන්ට් එක ටිකක් හදිස්සියේ ලියන නිසා ලින්ක් දාන්න නම් ඉඩකඩ නැහැ. නමුත් ඉදිරියේදී කාලවේලාව තිබෙන විදිහට මම ඔයාට ඒ වගේ අතීත සිදුවීම් වල ලින්ක් ටිකක් එවන්නම්. ඒ වගේ මේ සිදුවීමත් සත්‍ය හෝ අසත්‍ය වීමට තිබෙන ඉඩකඩ දෙපැත්තෙන්ම තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳව මගේ අවංක අදහස මේ ආකාරයයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට..

      Delete
  46. @ ප්‍රවීණා පලිපාන ( පුංචි කුමාරිහාමි),

    ඔබ නුවර ඉපදුනු, දැනට ඇමරිකාවේ මෙල්බර්න් නගරයේ ජීවත් වන කෙනෙකු නේද? පුංචි කුමාරිහාමි නමින් බ්ලොග් එක කරන ඔබ ඔබේ සැබෑ නම වන ප්‍රවීණා පලිපාන යන නමින් ගුගල් වල අඩවියක් ආරම්භ කර තිබුණත් එය යාවත්කාලීන කර හෝ එයට ලිපි කිසිවක් එකතු කර නැහැ. ඒ වගේම ඔබේ සැබෑ නම, උපන් ස්ථානය හා දැනට රැකියාව කරන ස්ථානය මිසක ඔබේ වෙනත් විස්තර කිසිවක්ද එහි නැහැ. ප්‍රභූ පරම්පරාවක් වන පලිපාන පරම්පරාවට අයත් වලව් පෙළපතකින් පැමිණි කෙනෙක් විය හැකිය. මා ඔබේ පුද්ගලික විස්තර හෙව්වේ නැහැ. එහෙත් මම මගේ ලිපි අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු වල නිරත වී සිටින අවස්ථාවේදී හදිසියේම ඔබේ නම සඳහන් වූ ගුගල් ෆොෆයිල් එක දක්නට ලැබී ඒ පිළිබඳව විමසිලිමත් වූ නිසයි මේවා දැක්කේ. එහි ඔබ ඔබ පිළිබඳව සඳහන් කර තිබුණා. ඔබ වරක කුණාටුවක් මෙන් ප්‍රචණ්ඩ බව. තවම මේ බ්ලොග් එකේ අය දැක්කේ ඔබ තුළ සිටින අහිංසකාවිය පමණයි මම හිතන්නේ. ඔබට රිදවීමට හෝ එසේ නැතිනම් ඔබේ බ්ලොක් අඩවිය අපහසුතාවයට පත් කිරීමට හෝ එසේ නැතිනම් ඔබේ බ්ලොග් මිතුරන් ඔබෙන් ඉවත්කර ඔවුන්ගේ බ්ලොග් වෙත ආකර්ශණය කරවා ගැනීම පිණිස හෝ රහසේ දියත් වූ කුමන්ත්‍රණකාරී වැඩ පිලිවෙලක් මා මේ වෙබ් අඩවිය තුළින් දැක්කා. හඳ ගැන කතා නොකර මේවා කියන්න සිදුවුනාට කණගාටුයි. ඒත් ඔබට මේ විදිහට කතා කරන්න ඕන කමක් තිබ්බත් ඔබේ ඊ මේල් ලිපිනය හෝ වෙනත් සම්බන්ධවිය හැකි ආකාරය නොදන්නාකම නිසා මෙහෙම ලිව්වා. මගේ මේ කමෙන්ටුව කියවා කැමති නම් මකා දමන්න. මම වෙනත් අයට කියවන්න නෙවෙයි ඔබට බලා ගන්න ඕන නිසයි දැම්මේ. මගේ ඊ මේල් එක dr.snhewage@gmail.com මගේ බ්ලොග් අඩවි 40 අතරින් කීපයක් මෙසේ දක්වන්නම්. http://www.poyahada.blogpost.com http://www.ragahala.bolgpost.com http://www.kalpanthaya.wordpress.com මේවා තිබ්බාට මට ඒවා යාවත්කාලීන කරන්න තරම් කාලවේලාවක් නැහැ. මම දැනටත් www.gasamata.com වෙබ් අඩවියේ මනසට සිසිලක් හි මනෝ උපදේශන සේවාවක් නොමිලයේ සිදු කරගෙන යනවා. ඊට අමතරව ලංකාවේ අමාත්‍යංශයක ඉහළ කළමනාකාරීත්වයට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවය කරනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයීය ආරාධිත කථිකාචාර්යවරයෙකු හා උසස් අධ්‍යාපන ආයතනයන්හි විශේෂ ආරාධිත දේශකයෙකු ලෙස කටයුතු කරනවා. දැනට ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ 28 කට අධික ප්‍රමාණයක් මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කරවා තිබෙනවා. මෙරට හා විදේශවල ශාස්ත්‍රීය පර්යේෂණ ප්‍රකාශනවල පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කරවා තිබෙනවා. ඔයාට පුලුවන් නම් මට ඔයාව සම්බන්ධ කරගත හැකි කිසියම් ක්‍රමයක් දන්වා එවන්න. එවිට බ්ලොග් අඩවිය හරහා ඔයාට කියන්න බැරි දේවල් කියා ගන්න පුලුවන්. ඊ මේල් එක එවන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි.

    ReplyDelete
  47. ආචාර්‍යතුමනි මෙය ලොකු වැරදීමක්. ප්‍රවීනා පලිපාන යනු මම නොවෙයි ඇය කරන්නේ "පොඩි කුමාරිහාමි" නමින් බ්ලොගයකුයි.
    මා ජීවත්වන්නේ ඉතාලියේ මිලානෝ නුවර මිස මෙල්බර්න් නගරයේ නෙමෙයි.
    ඔබතුමාට හැකිවිට ලක්බිම හා රැජින පුවත්පත්වල පලවන මා විසින් ලියන මෙම දිනපොත කියවිය හැකියි..

    http://lakbima.lk/index.php?option=com_content&view=article&id=6949:2013-02-06-10-43-59&catid=48:2012-04-02-08-50-52&Itemid=75

    ReplyDelete
  48. @ පුංචි කුමාරිහාමි ( යශෝධරා)
    =====================================
    ඔබ ලක්බිම හා රැජින යන පුවත්පත්වල නිදහස් ලේඛිකාවක්. ඔබට ලේඛන හැකියාව දිගු කාලයක් තිස්සේ තිබෙනවා. ඔබ බ්ලොග් අඩවියට මෑත කාලීනව පැමිණි කෙනෙකු වුනාට ලේඛන කලාවට දිගු ඉතිහාසයක් තිබෙන කෙනෙකු වගෙයි පෙනෙන්නේ. විශේෂයෙන්ම නිසඳැස් කවි ලස්සනට ලියලා තිබුනා. හරිම සරළව විශාල අදහසක් ගැබ් කරලා ලියලා තියෙනවා එහි. මගේ මාමා ( අම්මගේ මල්ලි : මගේ අම්මාගේ නම දික්මාදුගොඩගේ දෝන නන්දාවතී හේවගේ. අම්මගේත් අම්මා පොඩිහාමිනේ වික්‍රමසිංහ සිරිවර්ධන. ඒ මගේ ආච්චි. එයා මාතර පළාත් වැදගත් පෙළපතක මුහන්දිරම් කෙනෙකුගේ දියණියක්. ඒ නිසාම ආච්චි හරිම ආඩම්බරයි. හැබැයි හරිම හොඳයි. පොඩ්ඩක් වත් ලෝබ නැහැ අනුන්ට දෙන්න. නමුත් මගේ අම්මා නම් දුක් විඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා ( පේරාදෙණිය විශ්වවිද්‍යාලය) උපාධි අරගෙන රැකියාව කළ නිසාද දන්නේ නැහැ මගේ අම්මා ආච්චි තරම් අනිත් අයට දෙන්න පුරුදු වෙලා හිටියේ නැහැ. අනික ආච්චා අම්මට වැඩිය ලස්සනයි. ආච්චා හරි සුදුයි. හොඳ පරම්පරාවක තිබෙන වංශවත් ගතිය ආච්චි ලඟ තිබුණට එයාගේම දුව වුන අම්මා ලග පොඩ්ඩක් වත් ඒ ගතිගුණ නැහැ. මගේ පුංචි මාමා ( අම්මගේ මල්ලි) ලංකාවේදී වෘත්තියෙන් පාසැල් ගුරුවරයෙක් : සෞන්දර්යය විශ්වවිද්‍යාලය ( ඉස්සර හේවුඩ් එක) ඉගෙන ගත් කෙනෙක්. පසුව විදේශගත වෙලා රැකියාව කරන්න යොමු වෙනවා. මාමා අවුරුදු 23 ක් විතර ඉතාලියේ රැකියාව කරලා වියපත්ව ලංකාවට පැමිණිලා දැන් මිය ගිහිල්ලා. මාමා ගේ නම දික්මාදුගොඩගේ දොන් අමරසේකර මහතා. එයාත් ඉතාලියේ මිලානෝ අග නුවර රැකියාව කලේ. මෙහෙදී ගුරුවයෙක් වුනාට ඉතාලියේ නම් ඒ වගේ හොඳ රැකියාවක් මාමා කරලා නැහැ. පොඩි පොඩි රැකියාවල් රාශියක් මුදල් ඉපයීම සඳහා කරලා තිබ්බා. මාමා අපිට ඉතාලියේ විස්තර කියලා තිබ්බා. ඔයා කියලා තියෙන ආකාරයට මිනිස්සු තමන්ගේ ඉතාලි රට පිලිබඳව විශාල ආදරයකින් පසුවෙන බවත් මාමා කියලා තිබ්බා. ඒ වගේම තරමක් දුරට ජාතිවාදී ස්වරූපයකින් කටයුතු කරන බවත් කළු මිනිසුන් දිහා තරමක සැකයෙන් බලන බවත් කියලා තිබ්බා. ) දැන් අම්මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අවුරදු 43 ක සේවයෙන් විශ්‍රාමිකයි. මගේ නංගි කොළඹ විශ්වවිද්‍යාලයේ මූලික වෛද්‍ය උපාධිය හා පසුව කැළණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරි ( රෝහල් කළමනාකරණය- රෝහල් පරිපාලනයට එක්වීම පිණිස) වෛද්‍යවරියක්. මම ගැන කලින් කියලා තියෙනවනේ. මට නම් විශ්වවිද්‍යාල ගණනාවකින්ම විශේෂවේදී ගෞරව ප්‍රථම පංති උපාධි, පශ්චාත් උපාධි, දර්ශනපති උපාධි, ආචාර්ය උපාධි ඇතුළු උපාධි 7 ක් තිබෙනවා. ඔයා වගේම කාලයක් තිස්සේ දිවයින පුවත්පතේ නිදහස් විශේෂාංග ලේඛකයෙකු විදිහටත් කටයුතු කළා. නමුත් ක්‍රමක්‍රමයෙන් මගේ වෘත්තිය පියවරින් පියවර උසස්වී ගොස් දැන් රජ්‍ය අමාත්‍යාංශයක ඉහළ කළමනාකරණයට සම්බන්ධ වෙන්න ගත්තාම මට විවේකය නැතිව ගියා.දැන් ඉහළ කළමනාකාරීත්වයට අයත් ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු සේවය කරනවා. රාජ්‍ය අංශයට සම්බන්ධ ඉහළම ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේ අතිශය බැරූරූම් වගකීම් සමුදාය හා පහළ කාර්යමණ්ඩල මෙහෙයවීමේ වගකීමත් තිබෙන නිසා කාලය ඉතාම සීමිතයි. පොඩි රස්සාවක් කරගෙන නිදහසේ කාලය ගත කල කාලේ තිබුනු නිදහස දැන් නැහැ. ඉස්සර අපි හිතුවේ අපේ ඉහළ මාණ්ඩලික නිලධාරින් ටයි පොලු දාගෙන ඉහළ සමාජ ස්ථරය ආශ්‍රය කරගෙන, තරු හෝටල්වල තිබෙන රැස්වීම්වලදී හොඳට කමින් බොමින් මාණ්ඩලික රැස්වීම් වලදී සුහඳව කතාබහ කරමින් කේක් කකා තේ බිබි හරිම සුන්දරව කාලය ගත කරනවා වෙන්න ඇති කියලයි. ඒත් මමත් එතැනට ගියාම තමයි තේරෙන්නේ එහි තිබෙන බැරෑරුම් වගකීම් සහගත බව මොකක්ද කියලා. මතුපිටින් දැකපු සුන්දරත්වයට වඩා එහි වගකීම නිසා තිබෙන බැරෑරුම්ගතිය ඉතාම අධිකයි. සාමාන්‍ය කාර්ය සහයකවරයෙකු භුක්තිවිඳින මානසික නිදහස අපිට ඇත්තේම නැති තරම්. හරිම ඉක්මනට හෘදයබාධ ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. රාජ්‍ය ආයතනයේ කුඩා නිලධාරියෙකු සිදුකරන වරද පවා පැටවෙන්නේ අපේ කරපිටට. ගරු ඇමතුතුමාගෙන් බැනුම් අහන්නේ අපි. කුඩා සේවකයින් නෙවෙයි. සමහර වෙලාවට රස්සාව දාලා යන්න තරම් හිතෙනවා. එතකොට මට හිතෙනවා අනේ කාර්යාල කාර්ය සහයක කෙනෙක් වුනා නම් කොයි තරම් හොඳද කියලා.

    ReplyDelete
  49. @ පුංචි කුමාරිහාමි,
    ======================
    යශෝධරා, ඔයා ඉතාලියේ මම හිතන විදිහට පුවත්පත් ආයතනයකට සම්බන්ධ වෙලා රැකියාව කරනවාද? එහෙම කරන්න වුනත් ඉතාලි භාෂාව දැන සිටිය යුතුයිනේ ඉතාම හොඳින්. මන්ද මම දන්න තරමින් ඉතාලියේ ඉංග්‍රීසි භාෂාවට අපේ රටේ තිබෙන තැන නැහැ. ඉතාලියානුවෝ ඉංග්‍රීසි භාෂාව අපේ රටේ තරම් ගණන් ගන්නේ නැහැ. ඔවුන්ට වැදගත් ඔවුන්ගේ ඉතාලි භාෂාව විතරයි. ඉතාලි භාෂාවක් ජාත්‍යන්තර මට්ටමේ භාෂාවක්. ඉතාලි රටේ පරිගණක මෙහෙයුම් පද්ධති ඇතුළු බොහෝ දේවල් ඉතාලි භාෂාවෙන් සිද්ධ වෙන්නේ. අනික මෘදුකාංග (Softwares) පවා ඉතාලි භාෂාවෙන් ඇත්තේ. යශෝධරා ඔයා දැන් මේ බ්ලොග් ලිවීමට භාවිතා කරන පරිගණකයෙහි මෙහෙයුම් පද්ධතිය (Operating System) ඉතාලි භාෂාවෙන් නේද තියෙන්නේ. ඒ වගේම සෑම මෘදුකාංගයක්ම ඉතාලි භාෂාවෙන් ඇති. ඔයා සිංහල පරිගණකයෙහි ස්ථාපිත කරගෙන එයින් බ්ලොග් ලියනවා වෙන්න ඇති. ලක්බිම හා රැජිණ පුවත්පත් වලට ලිපි යැවීමේදී ඒවායේ කර්‍තෘවරුන්ගේ ඊ මේල් ලිපිනයට යොමු කරනවා වෙන්න ඇති. නැතිනම් ප්‍රින්ට් අවුට්ස් අරගෙන තැපැල් කරලා යවනවා වෙන්න ඇති. මට සමහර වෙලාවට හිතෙනවා ඔයා ඉතාලියේ හෙදියකගේ වෘත්තියට සමාන වෘත්තියක නිරත වෙන්නේ කියලා. නැතිනම් එහේ උසස් අධ්‍යාපන ආයතනයක සේවය කරනවා වෙන්නත් පුලුවනි. කොහොම වුනත් ඔයා එකවර රැකියා කීපයකම නිරත වන නිසා ඔයාට කාලවේලාව මදි ඇති මෙවැනි දෙයකට යොමු වීමට පවා. මම බ්ලොග් අඩවි වලදී වගේම අන්තර්ජාලයේදී මගේ අනන්‍යතාව සඟවලා නැහැ මොනම වේලාවකදී වත්. සමහරවෙලාවලදී විවිධ චරිත තියෙන විවිධ හැසිරීම් රටා තිබෙන පුද්ගලයින්ගෙන් විවිධ ස්වරූපයේ කරදර එල්ල වෙනවා තමයි. ඒත් ඒකට මම දැන් ආරක්ෂක ක්‍රමවේද හදලා තියෙන්නේ. මගේ ජංගම දුරකථනය පවා අන්තර්ජාලයට ලොග් වන විදිහට හරි ගස්සලා තිබෙන්නේ. ඒත් ඒකෙන් මට හිංසාකාරී දේවල් සිදු නොවෙන්න අවශ්‍ය ආරක්ෂක පියවර අරගෙන තිබෙන්නේ. මට අවශ්‍ය අයගේ පමණක් තොරතුරු ඒ හරහා එන විදිහට. ඒ වගේම මගේ බ්ලොග්වලටත් අවශ්‍ය ආරක්ෂක පියවර යොදලා තියෙන්නේ. ඒක නිසා කිසිවෙකුට වත් මගේ අනන්‍යතාව විවෘතව ප්‍රකාශ කලා කියලා මට හානි කරන්න බැහැ කොයිම විදිහකින් වත්. අනික මමත් මීට අවුරුදු 24 කට පමණ පෙර රාජ්‍ය ආරක්ෂාව සමඟ බැඳිලා හිටපු රැකියාවක් කළ උසස් නිලධාරියෙකු ලෙස වෘත්තීමය අත්දැකීම් හා පළපුරුද්ද මත, මගේ අනන්‍යතාව විවෘතව තබා ගත්තත් මට හානිකළ නොහැකි ලෙසට අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. නිදසුනක් වශයෙන් කිවහොත් යම් පුද්ගලයෙකු මගේ පුද්ගලික දත්ත සොරා ගෙන මට එරෙහිව යම් යම් දේවල් කරන්න ඒවා පාවිච්චි කරන්න හැදුවොත් මට ඒ බව මැසේජ් එකකින් එනවා. ඒ වගේම ස්වංක්‍රීයව අදාළ මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වෙලා ඒ හැකර් කෙනා ඉන්න තැන, කරන දේ, ලොග් වෙච්ච ක්‍රමවේදය ආදී තොරතුරු මට සුළු වේලාවකදී අන්තර්ජාලය තුළින්ම වාර්තා වෙනවා. ඒ අනුව මම ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයාව හඳුනාගෙන කොටු කරගෙන ඊ ළඟට එයාට කරන්න ඕන දේ කරනවා. මුලින් මුලින් මම කව්ද කියලා දන්නේ නැතුව ඔයාගේ බ්ලොග් එකට වගේම මා එක්කත් සෙල්ලම් දාන්න ඇවිල්ලා දැන් ඒ අය මට්ටු වෙලා ඉන්නේ. දැන් ප්‍රසිද්ධියේ අභියෝග කරලා වත් එයාලාව ගෙන්න ගන්න බැහැ ඒ වගේ දේවල්වලට. මොකද එයාලා දන්නවා මම කව්ද මගෙත් එක්ක සෙල්ලම් කරන්න බැරි බව. අන්තර්ජාලය පුරාම ව්‍යාජ නම් දාගෙන ෆේක් ෆ්‍රොෆයිල්ස් වලින් ඒ වගේ ජරා වැඩ කරන්නේ කවුද? එයාලාගේ සැබෑ පසුබිම මොකක්ද කියලා මේ වන විට මම හඳුනාගෙන ඉන්නවා. ඒ සඳහා මට ආරක්ෂක මෘදුකාංග, ආරක්ෂක මෙහෙයුම් පද්ධති උපාංග භාවිතා කරනවා. ඒ මඟින් හැකර්ලව හරි ඉක්මනට කොටු කරගන්න පුලුවනි. හැකර්ලා විවිධ මට්ටම්වල අය ඉන්නවා. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවන් පවා හැකර්ලා අතර ඉන්නවා. ඒ වගේ අය වුනත් මානසික මෙහෙයුම් මඟින් කොටු කරගන්න මම උපක්‍රම යොදලා තියෙනවා. මම මේවා කිව්වේ ඔයාට පුලුවන් කාලවේලාව තිබේනම් මෙවැනි ආරක්ෂක උපක්‍රම ඔයාගේ බ්ලොග් එකට භාවිතා කරලා තබාගන්න. ඒ අනුව ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ල අනවශ්‍ය සෙල්ලම් දාන අයව කලින් හඳුනාගෙන බ්ලොක් කරලා දාන්න පුලුවනි. එක් කෙනෙකුට දෙන්නෙකුට එහෙම කලාම අනිත් අයත් බය වෙනවා ඔයා එක්ක වැරදි සෙල්ලම් දාන්න එන්න. විශේෂයෙන්ම ඔයා ගැහැණු කෙනෙකු නිසා වැරදි දේවල්වලට එනවා ඇති.

    ReplyDelete
    Replies
    1. පුත්ගලික දේ බ්ලොග් සහ ගැහැණු...අගෙයි සුජිත් මහත්මයා...ඊට පස්සෙ....!!

      Delete
  50. @ පුංචි කුමාරිහාමි,

    ලක්බිම ඉරිදා පුවත්පතේ ප්‍රධාන කර්‍තෘ සුන්දර නිහතමාන ද මැල් මහතා, ඒ වගේම ලක්බිම දිනපතා පුවත්පත් ජාලයේ ප්‍රධාන කර්‍තෘ ජටිල වැල්ලබඩ මහතා, ඒ වගේම කර්‍ත මණ්ඩල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිස්ස ප්‍රේමසිරි මහතා, සමන් ප්‍රියන්ත නම්මුනි මහතා වගේ අය මගේ ඉතාම සමීපතම හිතවතුන් මගෙ කල්‍යාණ මිත්‍රයින්. ඒ වගේම රැජිණ පුවත්පතේ ප්‍රධාන කර්‍තෘ තිලක් සේනාසිංහ මහතා, නියෝජ්‍ය කර්‍තෘ ඉන්දු පෙරේරා මහත්මිය වගේම එහි කර්‍තෘ මණ්ඩලයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හිතවතුන් වන ඉමාලි එරංගා ගොඩේවත්ත ආරච්චි, නිර්මලා කුමාරි සේනාරත්න, තුෂාරි පරණවිතාන, ප්‍රියංගනී අබේසිංහ, රණහංසි රණවීර, ප්‍රසංග පෙරේරා, තිලිණි භාග්‍යා, උත්පලා සුභාෂීණී ජයසේකර, තාරකා සෞම්‍යා, දීපිකා මලවිආරච්චි වගේ හිතවතුන් මා හොඳින්ම දන්නවා. මොකද මමත් කාලයක් පුවත්පත් ලිපි ලංකාවේ ප්‍රකාශයට පත්වන විශාල පුවත්පත් සංඛ්‍යාවකට යොමුකරලා ඒවා ලිපි මාලා වශයෙන් ප්‍රකාශයට පත්වුනා. එතැනදී ලේඛක ලේඛිකාවන් වගේම පුවත්පත් කර්‍තෘවරුන් ඉතාම හිතෛෂී මිත්‍රයින් විදිහට ඇසුරු කරන්න මට වාසනාව ලැබුණා. ඉහත සඳහන් පිරිසගේ ජංගම දුරකථන අංක මා සතුව තිබෙනවා. මම ඒවා බ්ලොග් එකට දැම්මේ නැත්තේ එයින් ඒ පිරිසගේ අනන්‍යතාව නැති වෙලා යයි කියලා හිතපු නිසා. ඒත් ඔයාට ඕනේ නම් මම ඉහත අයගේ ජංගම දුරකථන අංකය ඔයාට ලබා දෙන්නම්. ඒත් මම දුන්නේ කියලා කියන්න එපා. මට ඔලුව බේරගෙන එයාලා එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ එහෙම කිව්වොත්. ගොඩාක් අය ආර්ටිකල් ලියද්දී ෆොන් ඕෆ් කරගෙන ලියන්නේ. නැතිනම් ගන්න කොල් වලට ආන්සර් කරන්නේ නැහැ. පස්සේ ගන්නවා. මම දැන් එයාලගේ හැටි දන්න නිසා මම ඒ වගේ වෙලාවට ගන්නේ නැතුව විවේකී වෙලාවලදී කතා කරන

    ReplyDelete
  51. @ පුංචි කුමාරිහාමි,
    දැනට නම් විශාල වැඩ කොටසක එකවර නිරත වෙන්න අපහසු නිසා ටිකක් මගේ රජකාරි අවශ්‍යතාවයන් සඳහා කාල වේලාව වැඩිපුර වෙන්කරගෙන ඉන්නේ. මම 1998 දී ‍ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධධර්ම ඩිප්ලෝමා පරීක්ෂණය සමත්වීමි.එසේම 2001 දී එම විශ්වවිද්‍යාලයේම පාලි ඩිප්ලෝමා පරීක්ෂණය සමත්වීමි.1999 දී එම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමි. 2001 දී පාලි, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් වලින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය දෙවන පෙළ සාමාර්ථය ලැබුවෙමි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල‍යේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචිවීමට සමගාමීව මම ඒ වසරේදීම එනම් 1999 දීම කැලණිය විශ්වවිද්‍යාලයේද බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය හා පුස්තකාල විද්‍යාව යන විෂය යටතේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වූයෙමි. පළමු වසර පරීක්ෂණයේදී ලැබූ විශිෂ්ඨ සාමාර්ථ මත පුස්තකාල විද්‍යාව විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා අයදුම්කළ නමුදු, ඒ වනවිට අවශ්‍ය පාඨමාළා සැලසුම් සකස් කර නොතිබීමේ අඩුපාඩුව මත එම ඉල්ලීමට ඉඩ නොලැබිණි. නමුදු කෙසේ හෝ විශේෂ ශාස්ත්‍රවේදී බාහිර උපාධියක් හැදෑරීමට මට තිබූ වුවමනාව මත ප්‍රධාන විෂය බෞද්ධ සංස්කෘතිය ලෙස හා අනුවිෂය බෞද්ධ දර්ශනය ලෙස මා කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය 2005 සමත්වීමි. යළි 1999 දී පාලි,බුද්ධ ධර්මය, සිංහල හා බෞද්ධ සංස්කෘතිය උසස් පෙළ විභාගයට පෙනී සිට ලබාගත් ප්‍රතිඵල මත විශේෂ අවසරය ලබා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස ප්‍රවේශ වූයෙමි.එහිදී පාලි, පුරා වස්තු හා බෞද්ධ කලා, බෞද්ධ සංස්කෘතිය විෂය යටතේ අධ්‍යාපනය ලබා බෞද්ධ සංස්කෘතිය විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථය හිමි කරගතිමි. එහිදී මගේ අනු විෂය වූයේ පාලි භාෂාව හා සාහිත්‍යයයි. මවිසින් එම උපාධිය සඳහා ඉදිරිපත්කලේ “කාලාම සූත්‍රයෙන් හෙළිවන බෞද්ධ සාරධර්ම පිළිබඳ විචාරපූර්වක අධ්‍යයනයක්” මැයෙන් වූ ශාස්ත්‍රීය නිබන්ධනයයි. පසුව කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය යටතේ දර්ශනපති යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිට ඉන් සමත්වූයෙමි. 2005 දී දර්ශනපති උපාධිය සඳහා පූජ්‍ය මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමිගේ පර්යේෂණ උපදේශකත්වය යටතේ “ත්‍රිපිටක‍යෙන් හෙළිවන මෙත්තා සංකල්පයෙහි බෞද්ධ සාරධර්ම පදනම පිළිබඳ විචාර පූර්වක අධ්‍යයනයක්” මැයෙන් වූ ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධනය 2007 දී කැලණි විශ්වවිද්‍යාල‍යට ඉදිරිපත් කර ඉන් සමත්වීමී.
    මම ආචාර්ය උපාධිය (PhD) කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබා ගතිමි. එහි දී මගේ නිබන්ධන මාතෘකාව වූයේ “සංජානන පැතිකඩ පිළිබඳව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක අධ්‍යයනයක්” යන්නයි. එහි විෂයපථය දැඩිව මනෝවිද්‍යාව හා බැඳී පවතී. මගේ ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධනයේ උපදේශක මහාචාර්ය හිමි වනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මනෝවිද්‍යාව යන විෂය පිළිබඳ මහාචාර්ය හිමියන් වූ පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහ නාහිමිය. උන් වහන්සේ කැලණි පන්සලේ මහනායක හිමියන්ය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  52. @ පුංචි කුමාරිහාමි,
    මා පිළිබඳව යමක් කියන්නම්. විද්‍යෝදය පරිවෙණස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පවත්වනු ලබන ත්‍රිපිටක ධර්‍ම පරීක්ෂණ සඳහා මම පෙනී සිට එහි ත්‍රිපිටකාචාර්ය උපාධි පරීක්ෂණය සමත්ව සිටිමි. එහිදී අභිධම්මාචරිය උපාධිය ප්‍රාරම්භ,මධ්‍යම හා අවසාන පරීක්ෂණ විශිෂ්ට ලෙස සමත්වීමි. එසේම අභිධර්ම විශාරද උපාධියද අභිධම්වාචිස්සරාචාරිය උපාධියද සමත්මි. එහි සද්ධම්මාචරිය උපාධියේ ප්‍රාරම්භ පරීක්ෂණයද සමත්මි. අභිධම්මචරිය උපාධිය විශිෂ්ට ලෙස සමත්වූවන්ට ලැබෙන අවස්ථාවක් ලෙස වැල්ලවත්ත තරුණ බෞද්ධ සමිති ශාලාවේ පවත්වාගෙන යනු ලැබූ අභිධර්ම පංතියේ දේශන පැවැත්වීමද වසරකට අසන්න කාලයක් පුරා පවත්වා ගියෙමි.කුඩා කල මා කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාම විහාරස්ථ ශ්‍රී ධර්ම රක්ෂිත දහම් පාසැලේ දහම් අධ්‍යාපනය ලැබූවෙමි. පසුකලක 1997 දී දහම් පාසැල් අවසාන සහතික පත්‍ර විභාගයද, 1998 බෞද්ධ ධර්මාචාර්ය විභාගයද විශිෂ්ට ලෙස සමත්වීමි. එසේම කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පැවැත්වූ පාලි ධම්ම අභිධම්ම විභාගය ප්‍රාරම්භ මධ්‍යම හා අවසාන විභාගය ද විශිෂ්ට ලෙස සමත්වීමි. ප්‍රාචීන භාෂෝපාකාර සංගමය මඟින් මෙහෙයවනු ලබන විභාගවලින්ද සමත්වීමි. ධර්මදීප්ති හා ශ්‍රී පඤ්ඤෝදයාරාම යන දහම් පාසැල්වල දහම් ගුරුවරයෙකු ලෙස වසර ගණනක් පුරා කටයුතු කර ඇත්තෙමි. එසේම එකී විහාරස්ථාන ආශ්‍රිතව වසර ගණනක් මුළුල්ලේ පොහෝදිනවල පෙහෙවස් සමාදන්ව විසීමි.එබඳු දින වලදී දහම් කතා, භාවනා පිළිබඳ දේශකයෙකු ලෙස කටයුතු කර ඇත්තෙමි.
    උපාධිධාරී නිලධාරියෙක් ලෙස පත්වීම ලබා මා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රලේඛන සහකාර තනතුරට 2005 දී පත්වූ අතර එදා මේ දක්වා දැනට වසර ගණනක සිට සේවය කර ඇත. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බණ්ඩරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය යන සේවා ස්ථාන වල 2005 සිට 2010 වසර දක්වා සේවය කළෙමි.දැනට සේවය කරනුයේ ශ්‍රී ලංකා ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේය. 2008 දී මුදල් හා සැලසුම් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ගිණුම් හා මූල්‍ය ආයතනය (Ingaf)මඟින් පැවැත්වූ ගැටුම් කළමනාකරණය හා නායකත්වය පාඨමාලාව හදාරා සමත්වීමි. 2009 දී ඒ ආයනයේම පුහුණු කිරීමේ මූළධර්ම පාඨමාළාව හදාරා සමත්වීමි. අනතුරුව දැනට ආපදා කළමනකාරණ අමාත්‍යාංශයේ සේවය කරමි. එහි මාණ්ඩලික නිලධාරි තනතුරක සේවය කරමි. දර්ශනපති හා ආචාර්ය උපාධි ඇතුළු මා සියළු පශ්චාත් උපාධි ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධන රචනා කලේ මගේ වෘත්තීමය කටයුතු නොපිරිහෙලා ඉටු කරන අතරතුරේදීමය. පුවත්පත් සඳහා ලිපි රචනා කලේ හා පුවත්පත් ලිපි එකතුව පොතක් වශයෙන් සකස් කලේද කිසිදු කටයුත්තකට බාධා නොවන අයුරින් මා සතු සීමිත කාලය මැනවින් කළමනාකරණය කරගනිමිනි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  53. @ පුංචි කුමාරිහාමි,
    එවකට ප්‍රාථමික පාසැලක්ව පැවති කොළඹ අශෝක විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා 1981 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ මාහට 6 වසර සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට ලැබිණ. මා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටියේ 1989 දීය. එකල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයද බොහෝ අර්බුදකාරී ස්වරූපයක් ඉසිලීය. වාර්ගික අර්බුද නිසා රටේ බොහෝ කලබල අවුල් වියවුල් පැවතිනි. පාසැල් හා විශ්වවිද්‍යාල වසා තැබුණු දින වකවානු වැඩි විය. මගේ ජීවිතය සහමුලින්ම වෙනස්කිරීම්වලට බඳුන් වූ දරුණු සුළිසුළං කුණාටු බඳු ජීවිත පෙරළි රැසකට මුහුණපෑමට මට සිදුවිය. විටෙක මා දැඩි සේ රෝගී විය. ජීවිත අපේක්ෂා අත්හැරදැමීමේ අවස්ථා ද අපමණය. නමුදු මරණය ආසන්නයට ගොස් පෙරළා නැවත පැමිණිමට තරම් මා භාග්‍යසම්පන්න විය. මගේ අධ්‍යාපනය මෙන්ම ජීවිතය ද වරින් වර බාධක හමුවේ විවිධ වෙනස්කම්වලට පරිවර්තනවලට ලක් විය. නමුදු ඒ කිසිදු විටෙක මගේ ප්‍රතිපත්ති නොවෙනස්ව පැවතිනි. ඇතැම්විට ප්‍රතිපත්ති නිසාම බොහෝ දුක් කරදර හිරිහැර ද විඳ දරා ගැනීමට ද සිදු විය. ඒ සෑම විටකදීම බුදුදහම මාගේ ජීවිතය හා බද්ධව පැවතීම වෙස්වලාගත් ආශිර්වාදයක් විය. මා විඳි දුක තුළින්ම සැනසිල්ල ලැබිය හැකි මඟ උගත්තෙමි.
    පැවිදි දිවියට පත්වීමටද තරුණ වියේදී මගේ සිතේ දැඩි ආශාවක් විය. නමුදු එය මේ දිවියේ කෙදිනකවත් ඉටුකර ගත නොහැකි විය. මගේ මව ඊට දැඩිසේ අකමැතිවූයේ මා පවුලේ එකම පිරිමි දරුවා වූ නිසා යැයි සිතේ. පැවිදිවීමට මගේ සිතේ වූ ආශාව නිසා සතර පොහෝ දිනයටම පන්සල් ගොස් දශ ශිලය සමාදන්ව සිටීමට මම හුරුව සිටියෙමි. මුලදී මගේ මව මා සිතින් වේදනා විඳින බැවින් එසේ කරතැයි සිතා ඊට එතරම් කැමැත්තක් නොපෙන්වුවද පසුව මගේ මව ඊට ආශිර්වාද කළාය. ඉන් පසු දුර බැහැර පිහිටි ආරණ්‍ය සේනාසන කරා ගො‍ස් විදර්ශනා භාවනාව වඩා හුරු පුරුදු වීමට මම කැමැත්තක් දැක්වීමි. විවිධ මට්ටම්වල දැන උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හමුවෙමින් මට මතු වූ ආගමික ගැටළු පිළිබඳව සාකච්ඡා කළෙමි. මා මේ උගත්කම ලැබුවේ එසේ නොදන්නා දෙය ගැන අසමින් දැනුම ලැබීමේ ආශාවෙන් පැමිණි ගමනේදීය. උසස් අධ්‍යාපනයට යොමුවීමේ මගේ ප්‍රවේශය සැකසෙන්නේ ඊට පසුවය. කෙතරම් උපාධි ලැබුවද මගේ දැනුම් පිපාසය තවම නිවී නැත. බුදුදහම පිළිබඳ අධ්‍යයන කරන විට මට තවම ගැටළු මතු වේ. ඒ නිසා මගේ විශ්වවිද්‍යාල ජීවිතය අනෙක් බොහෝ ශිෂ්‍යයින්ට වඩා සාමකාමී හා ඵලදායී එකක් විය. අද පවා මට ගැටළුවක් ඇති වූ විට මධ්‍යස්ථව ඊට මුහුණදීමට හැකිව ඇත්තේ මුලදී මාලැබූ ඵලදායී පුහුණුවීම් නිසා යැයි මට සිතේ.
    බුදුදහමට මෙතරම් ආශක්තවීමට හේතුව කුඩාකළ සිට මා මුහුණ දුන් අත්දැකීම් යැයි සිතේ. ඒ අත්දැකීම් නිසා සම වියේ සිටි වෙනත් අයෙකුට වඩා මම දැනුමින් මුහුකුරා ගිය අයෙකුව සිටියෙමි. මා නිතරම කටයුතු කලේ මාගේ හෘද ශාක්ෂියට එකඟවය. මා මූළධර්මවාදියෙකු නොවෙමි. ආගම් ගැන ම‍ගේ සිතේ ඇත්තේ දැඩි සෙනෙහසකි. එය හැඟීමක් බැවින් වචනයෙන් ප්‍රකාශකරන විට ඊට සුදුසු වචනයක් සම්මත භාෂාව තුළ නොවිය හැක. එනිසා මගේ ප්‍රකාශන සෑම දෙයක් දෙසම හුදු වචනාර්ථ දෘෂ්ටිකෝණයෙන් නොව අර්ථය අනුව සැලකීමට තරම් කාරුණික වනු ඇතැයි මම විශ්වාස කරමි. මගේ සෑම ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකාවක් පාසාම කියවීමට ලැබෙනුයේ මා ජීවිතය තුළින් කියවූ යම් යම් වටිනා කරුණුය. එසේම ඒවා සම්පාදනයේ දී හැමවිටකදීම මා උත්සුක වූයේ ඒවා නිර්මාණශීලීව පෙළ ගස්වන්නටය. කෙතෙක් ශාස්ත්‍රීය වුවත්, පර්යේෂණාත්මක වුවත් මිනිසුන් ඉන් කිසිදු ඵලප්‍රයෝජනයක් ලබා නොගන්නේ නම්, ඒවා නිරර්ථකය. ඒ නිසා මා වෙහෙසුනේ මිනිසුන්ගේ හදවතට ළංවිය හැකි වාග් මාලාවකින් පොදුජන වහරින් නිර්මාණශීලී ලෙස ඔවුන් ඇමතීමටය.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  54. @ පුංචි කුමාරිහාමි,
    මගේ වයස අවුරුදු 43 ක්. දැන් මම උගත්කම සමඟ විවිධ විෂයන් පිළිබඳව විශාල සමාජ ඇත්දැකීම් ලබා සිටින කෙනෙක්. ඒ නිසා මේකට කමෙන්ට් දාන තරුණ දුවලා පුතා මා ගැන වත් මේ බ්ලොග් එක කරන මහත්මිය පිළිබඳව වත් වැරදි වැටහීම් ඇතිකර ගන්න එපා. එහෙම කරලා ඔය ගොල්ලෝ මේ බ්ලොග් අඩවියට නරක දේවල් ලියලා මට හෝ වෙනත් අයෙකුට පුද්ගලිකව අපහාස කරන්න එපා. විශේෂයෙන්ම ඇනෝ නමින් නිර්නාමිකව ඇවිත් අසභ්‍ය දේවල් ලියන්න එපා. නියම නමින් එන්න තරම් පිටකොන්දක් නැති ආත්ම ගෞරවයක් නැති දැනට අපේ රටේ ආරම්භ වෙලා තියෙන සමාජ පරිහානිය වේගවත් කරන පුද්ගලයින් වගේ හැසිරෙන්න එපා. අද අපේ රටේ සමාජය අන්තදූෂිත වෙලා තියෙන්නේ. මිනිසුන් අතර සාරධර්ම පිරිහිලා. වැඩිහිටියෙකුට, කාන්තවට ගෞරවයෙන් කතා කරන්න සලන්න දන්නේ නැති අශීලිචාර පිරිසක් සමාජය පුරාම බහුලව ව්‍යාප්ත වෙලා ඉන්නවා. මම අවවාදාත්මකව මේ හැමෝටම කියන්නේ. ඔයාලා ගැහැණු වෙන්න පුලුවන්. පිරිමි වෙන්න පුලුවන්. විවිධ අන්වර්ථ නම් භාවිතා කරන එකම පුද්ගලයෙකු වෙන්න පුලුවනි. ඒත් අනුන්ගේ බ්ලොග් එකක කමෙන්ට් දාපු තවත් කෙනෙකුට අපහාස කරන්න ඔයගොල්ලන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ බ්ලොක් එක ඔයගොල්ලන්ගේ නෙවෙයි. මෙකේ අයිතිය තියෙන්නේ අඩවි පරිපාලක අතේ. එයාට කැමති නම් එයා අනවශ්‍යයි කියලා හිතෙන බ්ලොග් වාරණය කරයි. නැතිනම් මකලා දාවි. ඔයාලා ඊර්ෂ්‍යාව නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ පෙළඹවීම් කරන්න එපා. එහෙම දේවල් කලා කියලා ඔයාලට ඊර්ෂ්‍යාව, ද්වේෂය හෝ වෙනත් එවැනි දෙයක් මිස ඔයාලට ලැබෙන වෙනත් ලාභ ප්‍රයෝජනයක් නැහැ. ඔයාලා මාව හරි වෙනත් කෙනෙකු ට හරි මේ වගේ අසභ්‍ය දේවල් කිව්වා කියලා අපි කවුරුවත් අන්තර්ජාලය දාලා යන්නේ නැහැ. තව තවත් එහි ප්‍රබල වෙනවා මිසක. කවදාහරි දවසක අපි ඔයගොල්ලෝ මූණට මුණ ගැහෙන දවසකුත් ඒවි. එදාට ඔයගොල්ලන්ට ලැජ්ජාවේ මුණ හංග ගන්න වෙන විදිහේ වැඩ කරන්න එපා කියලා බොහෝම කරුණාවෙන් වගේම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම ඇනෝ ඇවිල්ලා කුණු හරුප ලියන්න එපා. කැතයි පුතේ. මේක දුවෙකුගේ බ්ලොග් එකක්. ඒක නිසා ඔයාලා වැරදි දේවල් කරන්න එපා. අනික දැන් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ඒ වගේ දේවල්වලට නීත්‍යානූකූලව කටයුතු කරන්න පුලුවන් ඔයාලානොදන්නවා වුනාට. ඔයාලා කොතන ඉඳලද අන්තර්ජාලයට ලොග් වෙන්නේ කියල වුනත් හොයන්න පහසුකම් දැන් තිබෙනවා. මගේ ඊ මේල් එකයි මූණු පොතයි හැකර් කරලා මගේ පුද්ගලික දත්ත සොරා ගත්ත පුද්ගලයා ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක ඉඳලා ඒ දේ කරපු බව මට මෙහෙට දැන ගන්න ලැබුණා මම ඒ ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා .තිබෙන නිසා.

    ReplyDelete
  55. @ පුංචි කුමාරිහාමි,

    චී.. චී.. පුතා අසංවර කතා කරන්න එපා. බලන්න ඔයා අම්මා කෙනෙකුගේ පුතෙක් නේද? සමහර විට මම ඔයාගේ තාත්තගේ වයසේ කෙනෙකු බව ඔයා නොදැන මට අසභ්‍ය වචනයෙන් බැන වදින්න එපා. ඒ වගේම මේක කරන්නේ ඔයගේ අම්මා වගේම ගැහැණියක්. ඇය උසස් සමාජ පසුබිමක් තිබෙන අතිශය සංවේදී කෙනෙක්. ඔයාලාට තාක්ෂණ පහසුකම් තිබුණා කියලා හන්දිවල රස්තියාදු කාරයෝ වගේ නරක විදිහට අසංවරව හැසිරෙන්න එපා කියලා මේ තරුණ පුතාගෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මම කලින් හිතුවේ ගැහැණු අය පිරිමි අය විදිහට ඇනෝ ඇවිල්ලා නරක දේවල් කියනවා කියලයි. ඒත් මේකේ ඇනෝ ඇවිල්ලා කුණු හරුප ලියන කෙනා පිරිමි කෙනෙකු බව ඔහු සඳහන් කරන දේ අනුව පැහැදිලියි. කලින් වතාවකදීත් මම දැක්කා අනූෂී මහත්මිය කමෙන්ට් කරන අවස්ථාවේදීත් මේ පුද්ගලයා ඇනෝ ඇවිල්ලා ඒ මහත්මියට පරුෂ වචන අසභ්‍ය වචනයෙන් බැණලා දාලා තිබ්බා. ඒක නිසාමද දන්නේ නැහැ දැන් කාන්තා පක්ෂය මේ බ්ලොක් අඩවියට කමෙන්ට් කරන්න එන්නේ නැති තත්වයක් උදාවෙලා. ඔයාලාගේ අරමුණ මොකක්ද? ඇයි මෙහෙම තිරිසනුන් විදිහට හැසිරෙන්නේ. නියම පිරිමි වේ වගේ වැඩ කරන්නේ නැහැ. කවුරු හරි ක්‍රියා කරන ආකාරයට ඔහුගේ හෝ ඇයගේ ජානමය පසුබිම පිළිබඳ අවබෝධ කරගන්න පුලුවන් බව පුතා දන්නේ නැද්ද? යහපත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දාව ඉපදුනු වැදගත් දරුවෝ කවදාවත් ඔහොම දේවල් කරන්නේ නැහැ. තිරිසන්නු විදිහට හැසිරෙන්නේ නැහැ. ගැහැණු කෙනෙකුගේ බ්ලොග් එකට ඇවිල්ලා අසභ්‍ය දේවල් ලියන්න තරම් ඔයා පහත් වුනේ කොහොමද රත්තරං පුතේ. ඔයාට මට බනින්න අපහාස කරන්න ඕනේ ම කුණු හරුප ලියන්න ඕනේම නම් මගේ බ්ලොක් අඩවි 40 ක් තිබෙනවා. ඒකට ඇවිල්ලා මට ඔයාට හිතේ තියන තරම් ඔයා දන්න තරම් ඉස්තරම්ම කුණු හරුප කියලා බනින්න. ඒත් මේකට ඇවිල්ලා ඔයා බැන්නට අර අහිංසක කාන්තාවට ඒක හොඳ නැහැ. අනික මම ජීවිතේ හොඳට කුණු හරුප, අසභ්‍ය දේවල් අහලා බැනුම් අහලා සමාජයේ හොඳට පදම්වුන කෙනෙක්. ඔයා කියන්න තියා හීනෙන් වත් නොදන්න කුණු හරුප පවා මම අහලා මට හොඳට පුරුදුයි. ඒ නිසා ඔයා කුණු හරුප කිව්වා කියලා ඒකෙන් මට ඇති වන බලපෑමක් නැහැ. මොකද එහෙම කරලා අප්‍රසාදයට ලක් වෙන්නේ ඔයාලාමයි. අනික මටත් ලැජ්ජයි ඔයාලා පිරිමි වශයෙන් පෙනී සිටිමින් මේ වගේ කරද්දී මොකද එතකොට ගැහැණු අය හිතන්නේ සේරම පිරිමි ඔයාලා වගේ අසික්තිය හරක් කියලා. ඒත් මම නම් කවදාවත් එහෙම නැහැ. මම වැදගගත් පවුල් පසුබිමක සමාජ පසුබිමක හැදුනු වැඩුනු නිසා ඔයාලගේ පහත් මට්ටමට කවදාවත් ඇද වැටෙන්නේ නැහැ. මගේ රත්තරන් පුතේ ( කුණු හරුප ලියන පුතාට කිව්වේ) මේ බ්ලොග් අඩවියේ කුණු හරපු ලියන්න එපා මගේ සුදු පුතේ.

    ReplyDelete
  56. @ පුංචි කුමාරිහාමි,
    =========================
    දැන් දැන් අපේ සමාජයේ තරුණ දූ දරුවන්ගේ සිතුම් පැතුම් වේගයෙන් වෙනස් වෙමින් පවතියි. එය යහපත් අයට නම් කිසිම ප්‍රශ්නයක් නැත. නමුත් විශාලම ගැටළුව වන්නේ එය නරක අතට සිදුවීමයි. මෙකේ ඔයා සඳහන් කර ඇති ලිපියට කිසිදු සම්බන්ධකමක් නැති පහත දැක්වෙන කමෙන්ට් එක දෙස බැලුවාම අද අපේ සමාජය ගමන් ගනිමින් ඉන්නේ කුමන දිශාවකට දැයි වැඩිහිටියෙකු වශයෙන් මා තුළ විශාල කම්පාවක් ඇති වෙනවා. රටක නීතියක් තිබෙන්නේ වැරදි කරුවන්ට දඬුවම් කරන්න. ඒක මිනිස්සු විසින් බාර ගැනීම හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි. ඒ වගේම කෙනෙකුගේ නිහතමානී බව ඇති කරන්න මට්ටු කරන්න එයාගේ ආත්ම ගෞරවය නැති කිරීමෙන් සිදුකරන්න ම්ලේච්ඡ පුද්ගලයින් පිරිසකට බලය දුන්නේ කා විසින්ද යන පැණය සමාජය ඉදිරියේ නැඟෙන එක නවත්වන්න බැහැ.
    //වයස අවුරුදු 47 ක් වූ මඟ වැරදී කැකිරාවේ සිට පැමිණි කාන්තාවක් බොරු කියා රවට්ටා ගංගොඩවිල විජේරාම හන්දියේ පන්සල පටුමගේ පොදු නාන ලිඳ ළඟට එක්කරන් ගිය අසරණයා වගේ පිරිමි 4-5 දෙනෙක් ඒ කාන්තාව සාමූහිකව දූෂණය කලා කියලා කියන්නෙත් ඒ කාන්තාවගේ උද්දච්චකමයි අතිපණ්ඩිතකමයි නැති කරලා සාමාන්‍ය තත්වයට, ප්‍රකෘති තත්වයට ගන්නලු.//
    ඌරෝ කුකුණ තලනතොට හබන් කුකුළන්ට රජ මඟුල් කියලා උපහැරණයක් තිබෙනවා. ඒකෙන් කියවෙන්නේ ප්‍රබල සිදුවීමක් සිද්ද වෙද්දී ඒ පිටුපස සිට ඒ ප්‍රධාන සිදුවීමට මුවාවී ඒ හරහා අයුතු ලාභ ප්‍රයෝජන ලබාගැනීමට මාන බලන පහත් පුද්ගලයින් සිටිනවා කියන එකයි. දැනට මේ රටේ දශක තුනක් තිස්සේ දික් ගැස්සී තිබුණූ ජනවාර්ගික යුද්ධය ජයග්‍රහණයක් සමඟම නිමාවට පැමිණියාම අපේ සමාජය තවම ඉන්නේ යුද්ධය නිසා ලබපු මානසික ආතති මය තත්වයක කියලා මනෝ විශ්ලේෂකයින් කියලා තියෙනවා. යුද්ධයක් පවතිද්දී යුද්ධය අස්සේම තමන්ගේ පහත් ජඩ කායික ආශාවන් ඒ සඳහා ගොදුරු බවට පත්වන අහිංසක ස්ත්‍රීන් හරහා ඉටු කරගැනීමේ යාන්ත්‍රණයකුත් ඒ අතර තුර ගොඩනැඟී පැවතුනා. යුද්ධය නිමා වීමත් සමඟම ඒවාට තිත තැබීමට නොහැකි වූ පුද්ගල මනෝභාවයන්හි ප්‍රතිඵල සමාජ ව්‍යසන විදිහට අපේ ඉදිරියට දැන් පැමිනෙන්නට පටන් අරගෙන. මිනිසුන්ගේ මේ අසංවර හැසිරීම පිටුපස පවතින සමාජ විද්‍යාත්මක කතාව නම් ඒකයි. පළපුරුදු බ්ලොග් කාරිනියක වූ නන්දු මහත්මිය ( අන්වර්ථ නාමයකි) විසින් සඳට සම්බන්ධ කොට එම සමාජ ගරා වැටීම පැවසූ අයුරු පහත බලන්න. ඒ වගේම ඒ උපමාව අපූරුවට තේරුම් ගත්තු පුංචි කුමාරිහාමි ඒ සඳහා ලබා දී ඇති උත්තරයත් බලන්න. මෙයින් පැහැදිලි වෙනවා සඳ කඩා වැටීම සමාජය අදහස් ආකල්ප අතින් දූෂණය වීමට සමාන කරලා පෙන්වා දී ඇති බව.
    නන්දු : - //හෆොයි පුංචියේ..
    හඳ කඩාගෙන වැටිලා තියෙන තරමක්.. :D
    දැන් ඉතින් හඳ මිඳුලටත් එන‍එකේ තවදුරටත් ඒ ගැන හිතලා වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති..//
    පුංචි කුමාරිහාමි : - //අයියෝ කියලා වැඩක් නෑ නන්දු.. මෙයාල හඳ ගෙදරටම ගෙනත්//
    නූතන සමාජය ආකල්පය අතින් ගරා වැටීමට හොඳ නිදසුනක් මේ බ්ලොග් ලිපියට දක්වා ඇති පාඨක ප්‍රතිචාර අනුව මැන ගත හැකිය. මිනිසුන්ගේ පහත් මානසිකත්වය ප්‍රතිචාර හරහා වුවද පිටකර දමා හිත් සැහැල්ලු කරගන්නේ නම් එයද බ්ලොක් කරණයකින් සිදුවන අනියම් සේවයකැයි සිතා සිත සනසා ගත හැකිය. මම පුංචි කුමාරිහාමිට කියන්නේ මෙවැනි සිදුවීම් හරහා කිසිසේත්ම අධෛර්යට පත් නොවී ඉවසිලි වන්තව ධෛර්යමත්ව කටයුතු කරන ලෙසයි. ආධුනික බ්ලොක්කරුවන් පළපුරුදු බ්ලොක්කරුවන් අතින් මෙසේ ට්‍රෙට් කිරීමකට ලක්වීම ස්වභාවිකය. එය හරියට සරසවියකට පළමුවෙන් ගොඩ වඳින නවක සිසුවියකට හෝ සිසුවෙකුට මුහුණදීමට සිදුවන නවක වධ නැමැති ට්‍රෙට් කිරීමේ ක්‍රියාවකලියකට සමානය.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...