Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Feb 10, 2013

සිත්තරා..


සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම බැස යන හිරුගේ මලානික එලියෙන් අමුතුම සුන්දරත්වයක් මෙන්ම පාළු හුදකලා බවක් මතු කරයි. හිරු එලිය වැටී දිලිසෙන සයුරු රළ වෙනදාටත් වඩා වේගයෙන් ගොඩබිම දෙසට දිව එන්නේ හැකිනම් ගොඩබිමෙහි නවතාගන්නට කියන්නාක් මෙනි..

සුසුමක් හෙලූ වෙරෝනිකා හදිසියේ යමක් සිහිවූවාක් මෙන් වටපිට බැලුවේ කුඩා පුතු කොහේදැයි දැනගැනීමටයි. දවස් කිහිපයකට පෙර දුර ගමනකින් පසු සයුරු තීරයේ කුඩා ගම්මානය වෙත පැමින ටික දිනක් ගෙවුන මුත් ඇයට තවමත් මෙම ගම්මානය නුපුරුදුය.

බෝලයක් අතින් ගත් පුතු කිසිවෙකු සමග කතා බහ කරමින් සිටි දුටු වෙරෝනිකාගේ දෑස ගිනියම් වූයේ බැස යන හිරුටත් වඩා තද රතු පැහැයෙනි..වේගයෙන් එදෙසට දුව ගිය ඇය පුතුගේ අතින් ඇදගෙන එතනින් පලා ගියේ සැණෙකෙනි.

"කියලා තියෙනවා නේද දන්නේ නැති මිනිස්සු එක්ක කතාවට යන්න එපා කියලා? යනවද ආයෙත්?"
කුඩා පුතු කෑ ගසා හඩද්දී ඇය ඔහුට පහර කිහිපයක් ගැසුවේ සිතේ ඇති වූ ආවේගයටම මිස තරහකින් නොවන බව ඇය සිහිකරේ ඉකිගසමින් නිදා සිටිනා කුඩා පුතු දුටු පසු ශෝකයෙන්ය.

"අම්මේ අද අපි වෙරළට යන්නේ නැද්ද? පසුදා හවස් වන විට පෙරදා සියල්ලම අමතක කරසිටි පුතු නැවතත් සුරතල් හඩින් විමසීම ඇයට පුදුමයක් නොවුයේ කුඩා පුතුගේ ස්වභාවය  දන්නා බැවිනි..

"මම ඔයාට කිව්වා ආයෙත් අපි වෙරළට යන්නේ නෑ...

"අනේ අම්මේ ඒ අංකල් පව්. එයා අපි එනකන් බලන් ඇති.. එයාට තියෙන්නේ එක අතයිනේ ඒ අතින් එයා වෙරලේ ලස්සන සත්තු ඇන්දා.." පුතු සුරතල් හඩින් පවසන අයුරු වෙරෝනිකා බලන් සිටියේ හීන් සිනාවක්ද මුව රන්දාගෙනය.

සති කිහිපයකට කලින් මේ කුඩා හෝටලය වෙත පැමින නවාතැන් ගත් පසු වෙරෝනිකාගෙත් පුතුගෙත් දවස ගෙවීගියේ ඉතා සෙමෙනි. එහෙත් සැඟව සිටින්නට මේ කුඩා නගරය හැරෙන්නට වෙන තැනක් ඇයගේ සිතට පැමිනෙන්නේ නැත.

"අම්මේ අම්මේ අර අංකල් තමා එදා සත්තු ඇන්දේ..".  කියමින් පුතු කෑගසයි...

"අංකල් ඔයත් ඉන්නේ මෙහෙද..?" කුඩා පුතුගේ කෑ ගැසීම නිසා  වෙරෝනිකා  හදිසියේම නැවත හැරී බැලුවාය..

"පියෙත්‍රෝ..??!!! ඔබ මෙහේ...????

"වෙරෝනිකා"...??  ඔබ....!!!
                                                         
                                           °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
සුළං රැල්ලට සෙලවෙන වෙරෝනිකාගේ කෙහෙරැලි දෙස ඔහු බලා සිටියේ ආසාවෙනි. මෙයට වසර කිහිපයකට පෙර මෙවැනිම සයුරු තෙරකදී එකිනෙකා හා වෙලී හිරු බැස යන සැටි බලා සිටි  අයුරු සිහිකල ඔහු සිහින් සුසුමක් හෙළුවේ අතිතයේ සොඳුරු බව අමතක කරන්නට මෙනි..

"ඔබ තවමත් සුන්දරයි.. එදා සිටි ලෙසින්ම.."

 "ඒ ඔබ දකින්නේ මගේ මුහුනේ එක් පැත්තක් නිසා වෙන්න ඇති" වෙරෝනිකා සිහින් ශෝකී සිනාවකින් පැවසුවේ ඇගේ මුහුනේ අනික් පස ඔහු දුටු බව නොසිතාය.

"මම ඔබේ මුහුන හොදටම දුටුවා ඔබ මෙහි පැමිණි දවසේම. එහෙත් මට නම් ඔබ එදා සේම සුන්දරයි"

"ඔබේ අත..??"
ඇය ඔහුගේ අත දෙස විමසුම් බැල්මක් හෙලා කනගාටුවෙන් ඉවත බලා ගත්තේ ඔහුගේ සිත හදුනාගත්තාක් මෙනි..

"ඔබව මෙන්ම මගේ අතත් ඔවුන් මට අහිමි කරා.. එහෙත් මා දුක්වන්නේ ඔබේ සිතුවම ඔවුන් ගෙන යාම පිළිබදව පමනයි"..

මාස ගනනාවක් ඔවුන් දෙදෙනා රහසින් හමුවී ඇයගේ සිතුවම නිම කල අයුරු ඇය සිහි කරේ මහත් ශෝකයෙනි. ඒ වන විටත් නගරයේ සිටුවරයෙක්ගේ බිරිඳ වී ඇයව, එම  සිටුවරයා විවාහ කරගත්තේ ඇගේ තිබූ අසාමාන්‍ය රූ සපුව නිසාම බවයි නගරයේ වැසියන්ගේ අදහස වූයේ..

කුඩා වෙළදව්‍යාපාරයක් හිමිවූ ඇගේ පියා අටදෙනෙකුගෙන් සමන්විත ඇගේ පවුල නඩත්තු කලේ ඉතා අමාරුවෙනි. එනිසාම කුඩා කල සිටම නොයෙකුත් අඟහිඟ කම් වලට මුහුන දුන් ඔවුන්ට ඇය වෙත ආ මංගල යෝජනාව වාසනාව හිස මත කඩා වැටුනාක් මෙන් දැනීම පුදුමයක් නොවූවද වෙරෝනිකා ඇගේ විරුද්දත්වය මව හමුවේ තැබුවේ අසරණවය.

"මේ තරම් වාසනාවක් ගෙදරටම ඇවිත් තියෙද්දිත් එයට පිටුපාන්නද නුඹට ඕනේ.. ජීවිත කාලේම දුක්වින්ද පියා වෙනුවෙන් අසරන සහෝදරයන් වෙනුවෙන් යමක් කරන්න නුඹට අවශ්‍ය නැතිවද?" මවගේ වදන් හමුවේත් ඇගේ දෑසේ අසරන කම හමුවේත් වෙරෝනිකා ඇයට හිමි හිර ගෙය වෙත පානැගුවේ හිත් පිත් නැත්තියක් ලෙසටය.

"ඔබට මතකද අපි මුනගැහුනූ හැටි"? පියෙත්‍රෝ අතීතය සිත්තම් කරයි.

 සිටුවරයා සිතුවම් වලට ඉතා ප්‍රිය කල කෙනෙකි. සිටු මැදුරට විත් එහි සාමාජිකයන්ගේ රුව සහ වෙනත් දර්ශන සිතුවම් කිරීමට ඔහු තෝරාගෙන තිබුනේ මේ දක්ෂ තරුණ සිත්තරාය.

"ඔබ දුටු මුල්ම දවසේ මම හිතුවේ දිව්‍යාංගනාවක් කියලා. මම ටිකක් වෙලා බලන් හිටියා ඔබ ඇසිපිය ගහයිද කියලා"..  පලමු වරට තනිව හමුවූ දිනයේ ඔහු කියූ වදන් අදමෙන්ම ඇයට මතකය.

ඇය සිහින් හඩින් සිනාසුනේ ඒ අතීතය සිහිපත්වය,

හදිසියේ දුටු කඩවසම් සිත්තරාගේ දෑස අද මෙන්ම ඇයට මතකය. මුල්වර හමුවීමෙන් පසුව නිතර  නිතර හමුවීමත් ඉන්පසුව ඔවුන් අතර වූ සොඳුරු බැදීමක් සිහිනයක් සේ ඇගේ හදේ සිත්තම් වෙයි.

"මමත් ඔබ දුටුවනම සිතුවේ මීට කලින් ඔබව කොහේදී හෝ මුණගැසී තිබෙනවා කියා තමයි"

"සැබැවින්ම මොනතරම් සුන්දරද. ඔබට සිතුවම් ඇදීමට පමනක් නොවෙයි ගීත ගැයීමටත් හැකි නේ."

දෙදෙනා හමු වූ බොහෝ දිනවල ඔහු ගී ගයමින් ඇය සිත්තම් කරන අයුරු ඇයට සිහිපත් වෙයි.
එතරම් ප්‍රේමනීය බැදීමකට ලොව කිසිසෙත් ඉඩ නොමැති බව ඔවුන් නොදැන සිටියා නොවේ.

ඇය නැවතත් අතීතයේ හමුවූ සුන්දර යුවතිය වනු ඔහු බලා සිටියේ සිහින් සිනාවකින්ය.

ඇය අන්සතු ලඳක් බවත් කිසිදා ඔහුට හිමි නොවන දෙයක් බවත් දැන සිටියත් ඇගේ අවිහිංසක සිතටත් අවංක ආදරයටත් ඔහු දිවි දෙවෙනි කොට පෙම් කලේ අනාගතයෙ එන දුක් ගැහැට ගැන අවබෝදයෙන් බව ඔහු අදත් සිහිකරන්නේ සතුටෙනි

"ඔබේ අතට කුමක්ද සිදුවුනේ.. "

"ඔවුන් සිතුවම ගැන ආරංචි වෙලා මගේ නවාතැනට ආවා. මම හිතන්නේ ඔබේ සේවිකාවගෙන් ඔවුන් විස්තර හොයාගෙන තියෙනවා. ඔවුන් සිතුවම රැගෙන මට වද හිංසා පමුනුවමින් අශ්වරථයක පටවගෙන කොහේදෝ ඈතකට මා ගෙන ගියා.."

ඔවුන්ට අණ ලැබී තිබුනේ මා මරාදමන්නට. එහෙත් එහි මා සමඟ හිතවත් වූ මගේ හිතවතෙකුත් සිටියා.. ඔහුගේ ඕනෑකමට මා මරා නොදමා නැවත සිතුවම් අදින්නට නොහැකි වනු පිනිස මගේ දකුනු අත කපා දමා මා මග දමා ඔවුන් යන්නට ගියා.."

"කිසිවෙකු හෝ මා දැක වෙදදුරෙක් කැඳවාගෙන අවුත් මට ප්‍රථිකාර කර මගේ ජීවිතය බේරාගත්තා..

ඇගේ දෑසින් නොනවත්වාම බේරුනු කදුළු දෙස ඔහු බලා සිටියේ ශෝකයෙනි. පෙර දිනවලත් ඔවුන් හමුවූ ඇතැම් දිනවල ඇය මෙසේ කදුළු සැළුවේ එක්වීමට නොලැබෙන මෙම සොඳුරු පෙම අහිමි වේයැයි බියෙන් බව ඔහුට මතකය..

ඔහු කතා කරන විට ඇයට ඒ බිහිසුන රාත්‍රිය නැවතත් සිහිවේ.

සිටුවරයාගේ සේවකයන් ඔහු විසින් සිතුවම් කරන ළද ඇගේ සිතුවම රැගෙන ආ පසු ,සිටුවරයා එය ගිනි තබා ඇයටද ගිනි තබන ලෙස අණ කල හැටි සිහිවීමෙන් ඇගේ මුළු ඇගම බියෙන් සලිත වන්නේ නැවත වතාවක් එවැන්නක් සිදුවේයැයි ඇයට ඇති වූ බිය නිසාමය

"එදින රාත්‍රියේ මා ගිනි තබා මරා දැමීමට සිටුවරයා බාරකලත් මගේ සේවිකාව නුවනක්කාර ලෙසින් මගේ දිවි ගලවා ගත්තා. මා මරා දැමීමට පැමිනි උදවිය මට ගිනි තබා යන්නට ගිය පසු ඇය වහා ගින්න නිවා දැමුවා. ඇය නිසා දිවි බේරා ගත්තත් මගේ ශරීරයේ එක් කොටසක් පිලිස්සී විකෘති වුනා පමනක් නොවෙයි මා මාස ගනනාවක් මෙය නිසා මරණය සමඟ සටන් කරා."

ඒ කාලය පුරාවටම අපව බලාගත්තේ මගේ දුප්පත් සේවිකාව. ඇය පසුගිය මාසයේ මිය ගියා. නැවතත් ඒ නගරයේ සිටියොතින් සිටුතුමාගේ මිනිසුන්ට අපිව අසුවෙතැයි බියෙන් නගරය හැර දමා පළා යන ලෙස ඇය මියයාමට කලින් මගෙන් ඉල්ලා සිටියා. ඒ අවුරුදු කිහිපයම අප සැඟවී සිටියේ ඇගේ නිවසේ"..

ම්ම්ම්ම්.... පියෙත්‍රො කලපනාවෙන් හිස සලයි...

"එතකොට ඔබේ දරුවා ලැබුනේ.."?

වෙරෝනිකාගේ කදුලින් බරවූ එකම ඇස දෙස බලා ඔහු ඇසුවේ පුදුමයෙන්..

"මා ගිනි තියන්න ගෙනියනකොටත් මා සිටියේ ගැබ්ගෙන.. ඒ ඔබ නිසා".. ඇය හීන් හඩින් පවසද්දී ඔහුගේ ශරීරය ගැහෙන්නට පටන් ගත්තේ මහා හිම කුනාටුවකට හසුවූ ලෙසින්..

"මගේ පුතා.....!!!!

පියෙත්‍රෝ වේගයෙන් දුවගොස් කුඩා දරුවා තුරුළු කරගනු ඇය බලා සිටියේ කදුළු පිරි දෑසින්....

208 comments:

  1. මුල ටික කියවනකොට මතක් උනේ ඩැනියෙල් ස්ටීල්ගෙ නවකතාවක තිබ්බ සුපුරුදු බවක්... ඒත් මැද්දි එය වෙනස් උනා... මං හිතුවා සිත්තරාගෙ දකුණු අත වැරදිලා කපලා දැම්මාට එයා වමත්කාරයෙක් කියලා කියාවි කියලා, පුතාට චිත්‍ර ඇඳලා දුන්නු නිසා... හරිම ලස්සන සංවේදී කතාවක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මියුරුට... මම ඩැනියෙල් ස්ටීල්ගේ නවකතා කියවලා නෑ. ඒක නිසා මොකවත් කියන්න බෑ. මේක මගේ හිතේ ඇදිච්ච දෙයක්.

      Delete
    2. මටත් මේ කතාවේ බටහිර හුරුවක් දැනුනා. ඒත් එයා කියනවානේ මෙකේ කිසිම අනුවාදයක් නැහැ කියලා. මම හිතන්නේ ඔයා ගොඩාක් බටහිර කතා කියවලා ඔයාට නොදැනුවත්වම ඒ හුරුව ඇති වෙලා කියලා.

      Delete
  2. @ පුංචි කුමාරිහාමි,


    මේ කතාව මම වාර කීපයක්ම කියෙව්වා. හරිම ලස්සන සංවේදී හැඟීම්බර ආදර කතාවක්. මම මේ කතාව කියෙව්වේ මේ කතාවේ සිත්තරා මම කියලා හිතාගෙන. එතකොට කතාව හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබ තුමාට...

      Delete
  3. අහිමිවීම් ගොඩක් මැද, කටුක අත්දැකීම් ගොඩක් මැද ජයගත් ලස්සන ආදරයක්..

    ReplyDelete
  4. හරිම ලස්සන ආදරණිය හමුවීමක් .

    ReplyDelete
    Replies
    1. හපොයි ගිම් ඔයා කොහේද ගිහින් හිටියේ. මාව අමතකම උනා නේද.. ආවට ගොඩක් ස්තුතියි ඔයාට.

      Delete
    2. @ Gimhani,
      මමත් ඒ ආදරණීය බව ආදරණීය ගති ස්වභාවය මේ කතාව තුළින් හරි අපූර්වට දැක්කා. මට හිතුනේ මම සිනමා ශාලාවකට ගිහිල්ලා නැවත වරක් ටයිටැනික් චිත්‍රපට නරඹනවා වගේ හැඟීමක්. ඒ තරම්ම සුන්දර කතාවක්..

      Delete
    3. @ Gimhani,

      ඔයා කිව්ව එය ඇත්ත ගිම්හානි..//හරිම ලස්සන ආදරණිය හමුවීමක්//.. මට එක එක දේවල් මැවිලා පෙනුනා. චිත්‍රපටියකට නැඟුවොත් හරිම ලස්සනට තියේවී නේද? මගේ හිතේ චිත්ත රූප මැවෙනවා අනේ මේ කතාව බලද්දී..

      Delete
    4. @ Gimhani,

      ඔයා දවසින් දවසම ලස්සන වෙනවා නංගියෝ. මොනවද ගාන සබන් ජාතිය.

      Delete
    5. හික්ස්.. ඒ කියන්නේ අනූශි ගිම් ව දැකලා තියෙනවා. අපිවත් දැකලා නෑ නේ...

      Delete
  5. ඇත්තටම සුන්දර හමුවිමක්.මුලදි කුතුහලයක්.මතු සමබන්ධදද?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එහෙම නම් හිතුවේ නෑ ගයානි..
      ඔයාට ස්තූතියි..

      Delete
    2. @ Gayani Wedage,

      ගයනි නංගි මම ඔයාගේ බ්ලොග් එක බැලුවා හරිම ලස්සනයි. ඔයා නාවික හමුදාවේද වැඩ කරන්නේ. කෙල්ල මේ තරම් කෙට්ටු ඒකයි. කොහොම වුනත් පුංචි කුමාරිහාමි කියන මගේ යෙහෙළුගේ බ්ලොග් අඩවියට ඔයා ගේ සම්ප්‍රාප්තිය ආදරෙන් පිලිගන්නවා.

      Delete
  6. හරිම ලස්සනයි අක්කේ... රුසියානු කෙටි කථා මතක් වුනා...අවසානය හරිම හැඟීම්බරයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රාර්ථනා ඔයාට...

      Delete
  7. ඇඩෙනවා නේද?
    අන්න මං වගේ ආදර්ශමත් කොළුවෙක් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්මයි ඔයාවගේ අවංක ආදර්ශමත් කොළුවෙක් වෙන්ටෑ... හික්ස්..

      Delete
    2. මේ මොන මෝඩ කොලුවෙක්ද? හරියට චිම්පන්සියෙක් වගේ මුණේ හැටි බලාපල්ලකෝ.. මොන්ටිසෝරි ලමයි මුණේ සායම් ගාගෙන ඉන්නවා වගේ.... කොලුවෝ හොඳ එකා වගේ තේ එකක් ගෙනැත් දියං.. හරි මහන්සියි වැඩ කරලම එපා වෙලා තුනටිය රිදෙනවා අර කැරකෙන කුෂන් පුටුවල වාඩිවෙලා ඉඳලා මගේ කොන්දේ අමාරුව. ඒ.සී වලට වීස් එක වැඩිවෙලා වගේ.

      Delete
  8. සංවේදී කතාවක් පුංචි .අර රූපේ කොහෙන්ද ?
    ඒකත් ලස්සනයි ගොඩක් , රුසියානු ශයිලිය දැනෙනවා
    ඒකත් එක්ක ...

    ReplyDelete
    Replies
    1. ඒක මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ..
      ස්තුතියි ඔයාට.
      රුසියානු ශයිලිය ගැන තවත් කවුරු හරි කිව්වා. ඒත් ඇත්තම කියන්න මම අවුරුදු ගානකින් රුසියන් කතාවක් කියෙව්වේ නෑ. විශේශයෙන්ම මම පරිවර්ථන එතරම් ප්‍රිය කරන්නේ නෑ.. සමහරවිට ඒ අපේ රටේ පරිවර්ථන කරන ශයිලිය නිසා වෙන්නත් ඇති..

      Delete
  9. මාර කතාවක්...
    අනේ මංදා මොනා කියන්නද කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොනවත් කියන්න එපා..
      ආවට සිතූතියි..

      Delete
    2. තරියා කොල්ලෝ කෙහෙල් බිස්නස් දැන් සරුද? ඇවරි ගන්නකොට වඩා කිලෝ ගාණට කිරනකොට අපිට නම් පාඩුයි. ඇයි ඇවරිය කපන්නේම ලොකුවට වහල්ල තියලනේ. ඉතින් වහල්ලත් අපිට විකුණනවා මේ අය කෙහෙල් ගෙඩි වලට සල්ලි දෙද්දී.. ඒකයි සැබෑව

      Delete
  10. @ පුංචි කුමාරිහාමි,

    මම ඉතාමත් හොඳ ප්‍රශස්ත ගණයේ විචාරයෙක් යැයි නොසිතමි. නමුත් මට උසස් සාහිත්‍ය කෘතියක් කියවා රස විඳිය හැකි මානසික මට්ටමක් ඇත. ඒ රසාස්වාදය අවදිකර ඔබ විසින් සම්පාදනය කරන ලද ඉහත කෙටි කතාව කියවා මට විශාල ආශ්වාදයක් සිතට ඇති විය. ඔබ විසින් යොදන ලද නම් ගම් හා ස්ථාන නාම නිසා මට මුලින් හිතුනේ ඔබ ප්‍රංශ, ඉතාලි හෝ රුසියන් කෙටි කතාවක් සිංහල භාෂාවට අනුවාදය කර ඇති බවකි. ඔය ඉතාලි භාෂාව මැනවින් ප්‍රගුණ කර ඇති නිසා ඉතාලි භාෂාවෙන් රචනා වී ඇති නමුත් සිංහල පාඨක ප්‍රජාවට ආගන්තුක පුරාණ රෝම සාහිත්‍යයට සම්බන්ධ ඉතාලි කෙටි කතා විශාල ප්‍රමාණයක් කියවා තිබීම මෙවැනි සාහිත්‍ය වියමනක් සාර්ථක ලෙස උපරිම රසාස්වාදයෙන් යුතුව රචනා වීමට හේතු විය හැකිය. ඔබට ඉතාමත් හොඳින් සඳැස් හා කෙටිකතා රචනා කළ හැකි බවත් ඒවා අපූර්ව චමත්කාරය රැඳී නිර්මාණ බවත් මූණු පොත තුලින් දැක ගත හැකි වූ අතර ඒවා කියවා මහත් සේ රස වින්දෙමි. මේ කතාවේ උත්ප්‍රාසය දනවන ස්ථාන මට සලකුණු කළ හැකි විය. ඒවා මෙසේ දැක්විය හැකිය. පුතා තමන්ගේ පියා බව නොදැන ඔහු සමඟ කතාවට යද්දී ඒ තමන්ගේ පුතුගේ පියා බව මව නොදැන පවසන ප්‍රකාශය බලන්න.
    //කියලා තියෙනවා නේද දන්නේ නැති මිනිස්සු එක්ක කතාවට යන්න එපා කියලා? යනවද ආයෙත්?"//
    පසුව දෙදෙනාම දෙදෙනාවම හඳුනාගන්නා අවස්ථාවේ ඒ හමුවීම දෙදෙනාටම විස්මයානූකූල වූ අයුරු බලන්න.
    //පියෙත්‍රෝ..??!!! ඔබ මෙහේ...????

    "වෙරෝනිකා"...?? ඔබ....!!!//
    වෙරෝනිකා හිතන්නේ පියෙත්‍රෝ තමන්ගේ අවලස්සන වුනු මුහුණේ පැත්ත නොදැක තමන්ට වසඟ වූ බවයි. නමුත් ඔහුගේ සිතේ ඇය පිලිබඳව ඇත්තේ ඇගේ මාංශමය සිරුර නිසා උපන් රාගයක් නොව සියුම් ආදරයක් බව ඔහු ඇයට ප්‍රකාශ කරන ස්ථානය මට ඉතා රසවත්ව හැඟෙන්නේ මාහට සියුම් හැඟීම් රස විඳීමේ ශක්තිය ඇති නිසා බව සිතේ.
    //"ඒ ඔබ දකින්නේ මගේ මුහුනේ එක් පැත්තක් නිසා වෙන්න ඇති" වෙරෝනිකා සිහින් ශෝකී සිනාවකින් පැවසුවේ ඇගේ මුහුනේ අනික් පස ඔහු දුටු බව නොසිතාය.//

    //"මම ඔබේ මුහුන හොදටම දුටුවා ඔබ මෙහි පැමිණි දවසේම. එහෙත් මට නම් ඔබ එදා සේම සුන්දරයි" //

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ආචාර්‍යතුමනි.. මෙය අනුවාදනයක් නම් නෙමෙයි. 100% 100 මගේම නිර්මානයක්..
      ඔබ තුමාට ගොඩක් ස්තූතියි.. මෙය මගේ මනසේ ඇදුන කතාවක්. එහෙත් ඉතාලි නම් භාවිතා කරා.

      Delete
  11. @ පුංචි කුමාරිහාමි,

    ආදරයේ අවසානය තිත විවාහ නොවේ. එය විවාහය විය හැකිය. එක්කෝ එය නොවිය හැකිය. කෙනෙකු තමන්ට නීති පොතේ අත්සන් කර ලබා ගත් පමණින් ආදරයක් එසේ ලබාගත හැකි යැයි වරදවා නොසිතිය යුතුය. අවංක ආදරය යනු හිත යටින් එන සියුම් පරමාදර්ශී උතුම් උසස් සිතුවිල්ලකි. එය රාගය නොවේ. රාගය හා අනුරාගය පහ වූ කල ඉතිරිව පවතින්නේ අවංක ආදරයයි. ඔබට යමෙකු පිලිබඳව රාගය, අනුරාගය හා ගෘංගාරයෙන් තොරව බැඳීමකින් මුළු ජීවිත කාලය පුරාම සිටිය හැකි නම් ඒ පුද්ගලයාට ඔබ අවංකව ආදරය කරයි. අසම්මත ආදරය, අනියම් ප්‍රේමය වැනි වදන් අවංක පිරිසිදු ආදරය සම්බන්ධව යෙදිය හැකි දැයි මට විශාල ප්‍රශ්නයක් තිබේ. ඊට හේතුව ආදරය නැමැති උත්තුංග මානව හැඟීම අතරට නීතිය නැමැති දරදඬු හස්තයක මැදිහත්වීම එහිදී කැපී පෙනෙන බැවිනි. එය ව්‍යාංගාර්ථවත් වන පහත වැකිය මගේ හිතේ තදින් ම ඇඳී ගියේය.
    //ඇය අන්සතු ලඳක් බවත් කිසිදා ඔහුට හිමි නොවන දෙයක් බවත් දැන සිටියත් ඇගේ අවිහිංසක සිතටත් අවංක ආදරයටත් ඔහු දිවි දෙවෙනි කොට පෙම් කලේ අනාගතයෙ එන දුක් ගැහැට ගැන අවබෝදයෙන් බව ඔහු අදත් සිහිකරන්නේ සතුටෙනි//
    රාගය හෝ අනුරාගය මත පදනම්ව ආදරය කළ නොහැකිය. නමුත් ආදරය උපරිම අවස්ථාවේදී ගැහැණියක හා පිරිමියෙකු අතර ඇතිවන ශාරීරික බැඳීම කිසිසේත්ම රාගයකට හෝ අනුරාගයකට හෝ ලඝු කර දැක්විය නොහැකි යැයි මම අවංකව සිතමි. එයට හේතුව එහි මූලික පදනම රාගය හෝ අනුරාගය නොව අවංකව ආදරය වීමයි. මම මේ අදහස තරයේම අවංකව විශ්වාස කරමි. දෙදෙනෙකු අතර ඇතිවන අවංක එවැනි ශාරීරික බැඳීමක් පුදුම සුන්දර බවක් රැඳී ඇති බවක් සිතේ. කුඩා දරුවෙකු එම ශාරිරි බැඳීමේ ප්‍රතිඵලය වන අවස්ථාවකදී එම ශාරීරික බැඳීම තව දුරටත් සුන්දර අත්දැකීමක් විය හැකි බව මම අවංකව විශ්වාස කරමි. එය මගේ විශ්වාසයක් පමණක් වන්නේ එවැනි සිදුවීමකට තවමත් මා ප්‍රායෝගිකව මුහුණ දී නැති බැවිනි. නමුත් උපකල්පනය කර එය රස විඳීමට එය බාධාවක් නොවේ.
    //"මා ගිනි තියන්න ගෙනියනකොටත් මා සිටියේ ගැබ්ගෙන.. ඒ ඔබ නිසා".. ඇය හීන් හඩින් පවසද්දී ඔහුගේ ශරීරය ගැහෙන්නට පටන් ගත්තේ මහා හිම කුනාටුවකට හසුවූ ලෙසින්..

    "මගේ පුතා.....!!!!

    පියෙත්‍රෝ වේගයෙන් දුවගොස් කුඩා දරුවා තුරුළු කරගනු ඇය බලා සිටියේ කදුළු පිරි දෑසින්....//
    මේ කතාව අවසන් කරන්නේ සියළු හැඟීම් කුළු ගන්වා මුළු කතා රසය පාඨකයා තුළ යළි යළිත් කුළු ගන්වමිනි. ඉතාම රසවත් කතාවක්. මෙවැනි රසවත් කතාවක් මම බ්ලොක් අඩවියක දී මින් පෙර කියවා නැත.

    ReplyDelete
    Replies
    1. නැවතත් බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට. මෙය කිසිම විටක මම කිසිම තැනකින් උපුටා ගත්තක් නොවේ. මගේම මනසේ ඇඳුන කතාවක්..

      Delete
  12. @ පුංචි කුමාරිහාමි,
    මේ කතාව කියවන විට මගේ මනසට එක්වර නැඟුනේ ටයිටැනික් චිත්‍රපටයේ කතාවයි. එහි සඳහන් ප්‍රේම කතාව ශෝකාන්තයක් වුවද ඔබේ කතාවේදී පෙම්වතිය හා පෙම්වති අවසානයේදී එකතු කර සතුටින් එහෙත් සියුම් ශෝකී ස්වභාවයකින් කතාව අවසන් කර තිබේ. මම ඔබේ රචනා ශෛලියට හරිම ආසයි. ඔබේ රචනා ශෛලියට ප්‍රිය කරන නිසාම, ඔබේ සිතිවිලි හැඟීම්වලට ගරු කරන ඒ වගේම ප්‍රිය කරන නිසාම ඇති වූ උනන්දුව මත මා හැකිතාක් ඔබේ නිර්මාණ රස විඳීමේ අටියෙන් ඔබ රචනා කරන දිනපොත, මූණු පොතේ ඇති නිසඳැස්, පරණ බ්ලොක් ලිපි හැකිතාක් කියවා බැලුවා. මට කලින් පොඩි මාරුවීමක් වුනා. ඒ ඔබත් පොඩි කුමාරිහාමි නමින් බ්ලොක්කරණයේ යෙදෙන තැනැන්තියක් දෙදෙනාම එක් අයෙකු යැයි මම කලින් වරදවා වටහාගෙන සිටි නිසා මම හිතාගෙන හිටියේ ඔබ තරමක් තද හිතක් තියෙන කෙනෙක් ලෙසයි. නමුත් මම එහෙම හිතපු එක වැරදියි ඔයා සංවේදී කෙනෙක් කියලා පසුව දැන ගත්තා. පොඩි කුමාරිහාමි ලියන රචනා ශෛලියත් ඔයා ලියන රචනා ශෛලියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආරක්. ඔයාගේ රචනා ශෛලිය සෞන්දර්යයෙන් අනූනයි. අපේ පැරණිකම, ප්‍රොඪත්වය, චිරානුගත සාම්ප්‍රදායික හර පද්ධතින්ට අනුගත බව, කුලවත්බව, වංශවත්බව මත පදනම් කරගත් අතීත ශ්‍රී විභූතිය, ජාති හිතෛෂී බව, බුදුදහමට දක්වන නැඹුරුතාවය ආදි ගුණාංග වලින් ඔයයි පොඩි කුමාරිහාමියි අහසයි පොළවයි වගේ. නම්වල පුංචි සමානකම් තිබුණට ගතිගුණ නම් අහසයි පොළවයි වගේ. පොඩි කුමාරිහාමි කියන තැනැත්තිය සමාජයේ හොඳට තෙම්පරාදු වුනු විදේශීක සංස්කෘතියක ආභාෂය ලබපු අපේකම, සිංහල බෞද්ධකම නොහඳුනන තැනැත්තියක්. ඒ වගේම ඇය මෙරට ස්වදේශිකයෙකු නිසා වැරදුනු ජීවිතය බටහිර සුදු ජාතිකයෙකුගේ උපකාරය, ( දෙවනුව විවාහය සඳහා සුදු ජාතිකයෙකු තෝරාගත් නිසා ) නිසා ජීවිතය ගොඩගිය කෙනෙක් බව ඒ බ්ලොග් ලිපි වලදී ඇය විසින්ම දක්වා තිබුණා. නමුත් ඔය ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. මම ඔබව ප්‍රිය කිරීමට ප්‍රධානතම හේතුවත් ඒකමයි. මොකද ලෝකේ මොන දීපංකරේ ගියත් ඇති වැඩක් නැහැනේ තමන්ගේ දේ පිළිබඳව හොඳට මුල් බැස ගත් චරිතයක් නොවේ නම් අපේ සංස්කෘතිය ඒ වගේ අයව ප්‍රතික්ෂේප කරනවා. මමත් හරිම විනීතව, බෞද්ධ පරිසරයක හොඳට හැදුනු කෙනෙක් විදිහට ඒ වගේ තොරම්බල් වුනු චරිත දැක්කම මට හරියට අප්‍රිය හිතෙනවා. මම හරිම කැමතියි ඔයා වගේ අපේකම, සිංහල බෞද්ධකම, අපේ සාම්ප්‍රදායික ඓතිහාසික පෞඩ අභිමානය පිළිබඳව උනන්දුවක් දක්වන ඔයා වගේ අයට. දැන් ලංකාවේ ඒ වගේ අය හරිම හිඟයිනේ. ඉන්නේම අපේ කම අපේ රට, අපේ සංස්කෘතික හර පද්ධතීන් තුට්ටු දෙකකට වත් මායිම් නොකරන හරියට කොල්ලෝ වගේ හැසිරෙන, විනීතකම, සංවරකම මොකක්ද කියලා වත් දන්නේ නැති ගැහැණු අයනේ දැන් පවතින අධ්‍යාපන ක්‍රමය හරහා ලංකාවේ බිහිවෙන්නේම. ඒ අතින් නම් ඔයා හරිම ශ්‍රේෂ්ඨයි කුමාරිහාමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ තුමාට..

      Delete
    2. ආචාර්ය සුජිත් නිශාන්ත මහතා,

      තව කෙනෙකුගේ බ්ලොග් එකකදි වෙනත් කෙනෙකුව නිර්දය ලෙස විවේචනය කිරීම ඔබට වරදක් ලෙස නොපෙනීම හරි පුදුම සහගතයි.. පොඩි කුමාරිහාමිට කියන්න තියන ටික එයාගෙ බ්ලොග් එකට ගිහින් කිව්වනම්නෙ හොඳ.. එතකොට ඒයා කැමතිනම් ඔබ තුමාට පැහැදිලි කිරීම් හම්බවේවි..

      කොටින්ම කියන්න තියෙන්නෙ, මේක ඔබගේ ආචාර්ය පට්ටමට නොහොබින වැඩක් කියලා තමා..

      Delete
    3. සෙන්නා කේන්ති ගන්න එපා. මම ඒ පොඩි කුමාරිහාමි කියන කෙනාව ඇත්තෙන්ම කොහොම කෙනෙක්ද කියලා දන්නේ නෑ. හැබැයි එයාව විවේචන කරන්න කැමතිත් නෑ. එකිනෙකා තවත් අයගෙන් වෙනස්. අපි හැමෝම එකවගේ නෑ. මම හොදයි එයා නරකයි කියන්න මටත් බෑ. මොකද අපි හැමෝම කළුත් නෑ සුදුත් නෑ. අපි හැමෝම අළු කියලයි මට හිතෙන්නේ.

      Delete
    4. පුංචි කුමාරිහාමි,

      ඔයා කියන එක හරි. පොඩි කුමාරිහාමිව නෙමේ වෙනත් ඕනෑම කෙනෙකුව වුනත් මෙහෙම වෙනත් බ්ලොග් එකකදි විවේචනය කරන එක වැරදියි කියලයි මගේ හැඟීම. කියන්න තියන දෙයක් අදාල පුද්ගලයට කෙලින්ම කීවනම් ඉවරනෙ. මේක ආචාර්යය වරයෙකුට තරම් නොවන වැඩක් කියලයි මට හිතෙන්නෙ..

      මට කේන්ති නොගිය බවත් කියන්න ඕනා.. :-)

      Delete
    5. සෙන්නා අපි විවේකයක් ලැබුන විටදී මෙහෙම දෙයක් ලියලා අනිත් අයත් එක්ක බෙදාගන්නේ අරමුනු කිහිපයක් නිසා. එකක් අපේ අදහස් අනිත් අයට කියලා එයාලගේ අදහස් සමග සම්බන්දවෙන්න, අපේ රටේ අයත් එක්ක සම්බන්ද වෙන්න. අනිත් කාරනය අපි කරන නිර්මාන වල ගුනාත්මක භාවය ගැන අදහසක් ගන්න.

      ඒක නිසා ඊට වඩා දෙයක් නම් මට ඕනේ නෑ.කාටවත් මඩ ගහන්න. අපහාස කරන්න. අරයගේ මෙයාගේ වැරදි හොයන්න මට අවශ්‍ය නෑ.

      මම පොඩි කුමාරිහාමි පුද්ගලිකව දන්නේ නෑ. මම මූනු පොතේ ඉස්සෙල්ලම ගිනුමක් ඇරියේ පොඩි කුමාරිහාමි නමින් ඒ මම එහෙම තව කෙනෙක් ඉන්න බව නොදන්න නිසා. මට ඒ නම ඔලුවට ආවේ වික්ටර් රත්නාකයන්ගේ "පොඩි කුමාරිහාමිනේ" කියන සිංදුව නිසායි. මොක්ද මම ඒ කාලේ මගේ කුමාරිහාමි නවකතාව ලියන්න පටන් අරන් තිබ්බ නිසා

      ඒත් ඒ පොඩි කුමාරිහාමි බ්ලොග් එක කරන කෙනා එතනට ඇවිත් මම මහා ලොකු හොරකමක් කරා වගේ තවත් කෙනෙක් එක්ක මට දොස් කිව්වා එයාගේ නමින් මම ප්‍රොෆයිල් එකක් හදන් කියලා. එදා මම මේක අතඇරලා දන්න හදද්දී මාව නවත්තත්තේ ගිම්හානි.

      මම ඒ දේවල් ඔලුවේ තියන් නෑ. මම ඒක අමතක කරා වගේම ඒ නමත් මාරු කරා. මම කැමති නෑ කාත් එක්කවත් රංඩු වෙන්න.එහෙමයි කියලා පොඩි කුමාරිහාමි කියන කෙනාටවත් මඩ ගහන්න නම් මගෙ කිසිම අදහසක් නෑ. මීට පස්සෙ එහෙම දෙයක් වුනොත් මගේ බ්ලොග් එකේ මම එක ඩිලීට් කරනවා.

      Delete
    6. පුංචි කුමාරිහාමි,

      මම් කියන්න හදන දේ ඔයාට තේරිලා නෑ වගේ.. මට පොඩි කුමාරිහාමි කියන්නෙ කවුද කියන එක මෙතනදි වැදගත් වුනේ නෑ.. මම කිව්වෙ මෙහෙම බ්ලොග් එකකදි තවත් බ්ලොග් කරුවෙක්ව විවේචනය කරන එක වැරදියි කියලා.. එතනදි විවේචනයට ලක්වුනේ කවුද කියන එක අදාලා නෑ.. කරපු දේයි වැරදි..

      ඔයාගෙයි, පොඩි කුමාරිහාමිගෙයි ගැටුමක් ගැන මම දන්නෙ නෑ..ඒත් දැන් මට හිතෙනවා මේ ආචාර්යය වරයා ඒ ගැන දැනගන ඉඳලා තියනවා කියලා.. මගෙ කමෙන්ට් එක නිසා වැරදි අදහසක් මතු වෙලා සිත් රිදවීමක් වුනානම් සමාවෙන්න.

      මේක මෙතනින් ඉවරයි.

      Delete
    7. @ සෙන්නා,
      තමුන් මාවයි පුංචි කුමාරිහාමිවයි කොටවන්න හදන්න එපා. මම කවදාවත් කිසිම විදිහකින් ඔය ගැන අබමල් රේණුවක් දෙයක් දැනගෙන හිටියේ නැහැ. කුමාරිත් ඒ බව දන්නවා. මොකද මම කුමාරිට කියනකොට ඔයාද අර පොඩි කුමාරිහාමි කියලා කුමාරි තමයි කිව්වේ නැහැ මමයි එයයි එක්කෙනක් නෙවෙයි දෙන්නෙක් කියලා. එහෙම කියපු මම කොහොමද මේ වගේ ගැහැණුන්ගේ සණ්ඩු සරුවල් දැනගෙන ඉන්නේ. ඒවා කරන්නේ හැම වෙලාවේම ගැහැණු එක්කම කටයුතු කරන ඇඳුම් වලින් විතරක් පිරිමි විදිහට පෙනී සිටින ගැහැණු වගේම පිරිමි තමයි. මම මීට වසර 24 කට පමණ පෙර යුද හමුදා පොලිසියේ විනයාරක්ෂක නිලධාරියෙක් ලෙස කටයුතු කළ කෙනෙක්. මගේ බැජ් එකේ විශාල පිරිසක් දැන් අය මේජර්, කර්නල් නිලතල හොබවලා දැන් විශ්‍රාමිකව ඉන්නේ. ඒ වගේ කෙනෙක් තමුන් හිතනවා වගේ නපුංසක ලෙවල් එකට වත් තුට්ටු දෙකට වැටෙන්නේ වත් නැහැ. //ඔයාගෙයි, පොඩි කුමාරිහාමිගෙයි ගැටුමක් ගැන මම දන්නෙ නෑ..ඒත් දැන් මට හිතෙනවා මේ ආචාර්යය වරයා ඒ ගැන දැනගන ඉඳලා තියනවා කියලා.. // අනික මට තමුන්ලට වගේ එක එක ගෑනු අයගේ පස්සෙන් ගිහිල්ලා චීත්ත වගේ හැසිරෙන්න තරම් කාල වේලාවක් නැහැ. එහෙම කරලා තමුන් හදන්නේ තමුන්ගේ අතේ ගෑවිලා තියෙන ලේ පිහිදාගෙන තමුන් හොඳ මිනිහෙක් වෙන්න බව //මගෙ කමෙන්ට් එක නිසා වැරදි අදහසක් මතු වෙලා සිත් රිදවීමක් වුනානම් සමාවෙන්න.// යන තමුන්ගේ වචන නිසාම හොඳින්ම පැහැදිලි වෙනවා.
      මම ආසාවෙන් එන එකම තැන මේකයි. සමහර විට පසුව තව හොද අය මුණ ගැහෙන්න පුලුවන්. නමුත් දැනට මේ පුංචි කුමාරිහාමිගේ බ්ලොග් එකේ තියෙන ගුණාත්මක බව වෙන කිසිම බ්ලොගයක නැහැ. ඒවා වල ඉන්නේ එකම පිරිසක්. නැතිනම් එකම අයෙක්. විවිධ අය විදිහට කමෙන්ට් දදා තමන්ගේ බ්ලොග් එක ජනප්‍රිය කරගන්න මාන බලනවා මිසක හරවත් ගුණාත්මක දේවල් එවැනි බොහෝ බ්ලොග් වල නැහැ. මම කියන්නේ අසත්‍යයක් නොවන බව ලංකා බ්ලොග් කරුවන්ගේ සංගමයේ ලියාපදිංචි වෙලා තියෙන බ්ලොග් අඩවි නාම ලේඛනය පිරික්සා ඒවා වලට පොඩ්ඩක් කරපොවලා බැලුවොත් තේරෙයි. ( බ්ලොග්කරුවෝ කීප දෙනෙක් ඉන්නවා අන්තර්ජාලය හා පරිගණක තාක්ෂණය පිළිබඳ සාමාන්‍ය පාඨක පිරිස දැනුවත් කිරීමේ අදහසින් බ්ලොක් අඩවි කීපයක් පවත්වාගෙන යන ඒය අත්හැරලයි මම කිව්වේ. ) මටත් මේ ගැන තමුන් එක්ක කතා කරලා ඇතිවෙලා ඒත් මේ බ්ලොග් එක බලන අය තමුන් මට කරන චෝදනාවට පිළිතුරු නොදුන්නොත් ඒක මා ගැන වැරදි අවබෝධයක් ඇති කර ගැනීමට මම දැනුවත්වම උදව් කලා වෙනවා. ඒක නිසා ඒ වැරදි අවබෝධය දුරු කරවා ගන්න උපකාරයක් ලෙසයි මේක මම සටහන් කරන්නේ. මේක මේ පිලිබඳව මාහට ලියන්න සිදුවෙන අවසාන ලිපිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් තමුන් පිළිබඳව කිසිම වෛරයක් ඇතිව නෙවෙයි ඉන්නේ. ඒත් මම හොඳ පිරිමි ගති ඇති නියම පිරිමියෙක්. චීත්තයක් වත් ඇඳුමට පමණක් පිරිමි ලක්ෂණ පෙන්වන පුද්ගලයෙක් නොවන බවත් කාරුණිකව වටහා ගන්න බලන්න.

      Delete
    8. මහාචාර්ය වරයා ඇතුලේ ඉන්න සැබෑ මිනිසා එලියට ඇවිල්ල වගේ මට තේරෙන්නේ. ඒ එක්කම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ සිද්දියකුත් මට තේරෙනවා. උඩින් සෙන්නා කියපු දේ නිහතමානී විදියට තේරුම් නොගැනීම ගැන කණගාටුයි.

      Delete
    9. @ පුංචි කුමාරිහාමි
      පුංචි කුමාරිහාමි ඔබ අදහස් කරන දෙය මම ගොඩාක් ගෞරවයෙන් පිලිගන්නවා. මොකද ඔයා හැම වෙලාවේම ඇත්ත කතා කරනවා. ඇත්ත වෙනුවෙන් පෙනී සිටිනවා. මම මේ බ්ලොක් අඩවියේ ඔයා වගේ වෙනත් එකම කෙනෙක් වත් ඔය වගේ ගති ගුණ සෘජු අය දැක්කේ නැහැ ඔයා විතරයි එකම කෙනා පිරිමියෙකුටවත් නැති විදිහේ පුදුම ගතිගුණ තිබෙන. //සෙන්නා අපි විවේකයක් ලැබුන විටදී මෙහෙම දෙයක් ලියලා අනිත් අයත් එක්ක බෙදාගන්නේ අරමුනු කිහිපයක් නිසා. එකක් අපේ අදහස් අනිත් අයට කියලා එයාලගේ අදහස් සමග සම්බන්දවෙන්න, අපේ රටේ අයත් එක්ක සම්බන්ද වෙන්න. අනිත් කාරනය අපි කරන නිර්මාන වල ගුනාත්මක භාවය ගැන අදහසක් ගන්න. // මමත් ඔයාගේ අදහස් ඉත සිතින් පිළිගන්න ගමන් ඒවාට ගෞරව කරනවා. ඒත් මට පුදුම ඔයා ගැහැණියක් වෙලත් ඔයා ළඟ තියෙන හොඳ අදහස් ඇයි පිරිමි අය ළඟ නැත්තේ කියලා. එයාලා බලා ඉන්නේම අනිත් අයට පෙරලගෙන පහර දෙන්න. පහර දීලා බිම වැටුනමත් ෆවුල් විදිහට බිම දාගෙන සපත්තුවෙන් පාගලා දාන්න. එහෙම කරලා එයාලා ඒ තිරිසන් ක්‍රියාවළින් පුදුම විදිහේ පහත් ආශ්වාදයක් විඳින බව පෙනෙන්න තිබෙනවා. ඒත් මම පුද්ගලිකව ඒ වගේ පුද්ගලයෙක් නෙවෙයි. මේකේ මගේ අදහස්වලට සරිලන උසස් අදහස් තිබෙන අය නැති තරම්.

      ඔයා කියන අදහස් ඔයාගේ වුනාට ඔයා ඒවා ලියන වචන මගේම වචන වගේ මට දැනෙන්නේ පුංචි කුමාරිහාමි. ඔයාව මම බොරුවට වර්ණනා කරනවා කියලා හිතන්න එපා. කෙනෙකුගේ අඩුපාඩුවක් දැක්කහම ඒක මූණටම පෙන්නලා දෙන්න මම පොඩ්ඩක් වත් පැකිලෙන්නේ නැහැ. ඒ වගේම ඒවා කිව්වාම වටහා ගන්න පුලුවන් ශක්තියකුත් ඒ කෙනා ළඟ තියෙන්න ඕන. පිස්සෙකුට කිව්වට කොච්චර හොඳ දෙයක් වුනත් වටහා ගන්න බැහැනේ. ඉතින් පිස්සන්ට කියන්න යන්නේ නැහැ. බයට නෙවෙයි ලැජ්ජාවට. පිස්සට ලැජ්ජාව නැතුවට අපිට ඒක හොඳින්ම තියෙන නිසා. //ඒක නිසා ඊට වඩා දෙයක් නම් මට ඕනේ නෑ.කාටවත් මඩ ගහන්න. අපහාස කරන්න. අරයගේ මෙයාගේ වැරදි හොයන්න මට අවශ්‍ය නෑ.// ඔයා 100% ක් හරි පුංචි කුමාරිහාමි. බුදුරජාණන්වහන්සේ දේශනා කළ නියම දහම තමයි ඔයා අනුගමනය කරන්නේ.
      “ඛන්ති පරමං තපො තිතික්ඛා - නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
      නහි පබ්බජිතේන පරූපඝාති - සමණො හොති පරං විහෙඨයන්තො”

      ඔයා ඉතාම අවිංසකව සෘජුව සත්‍ය කතා කරන අන්දම දුටු විට මට ඔයා ගැන පුදුම අවංක ආකල්පයක් ඇති වුනේ. //මම පොඩි කුමාරිහාමි පුද්ගලිකව දන්නේ නෑ. මම මූනු පොතේ ඉස්සෙල්ලම ගිනුමක් ඇරියේ පොඩි කුමාරිහාමි නමින් ඒ මම එහෙම තව කෙනෙක් ඉන්න බව නොදන්න නිසා. මට ඒ නම ඔලුවට ආවේ වික්ටර් රත්නාකයන්ගේ "පොඩි කුමාරිහාමිනේ" කියන සිංදුව නිසායි. මොක්ද මම ඒ කාලේ මගේ කුමාරිහාමි නවකතාව ලියන්න පටන් අරන් තිබ්බ නිසා//.. ඔයාට මුහුණ දෙන්න සිදුවී ඇති දෙයටම පුදුම විදිහට මටත් ඒ වගේම මුහුණ දෙන්න වෙලා තිබුණා වෙනස් වෙනස් විදිවලට. මොකද මම ඕනේම දෙයක් කරද්දී මිනිස්සු හැම වෙලාවේදීම මා දිහා හරිම සැකෙන් බලන එක මගේ ජීවිතයට පුරුදු වෙලා තිබුණා. සමහරු මාව සැක කලා. මම අමාරුවෙන් උපයාගත්තු උපාධි, උගත්කම ආදිය සැක කලා. සමහරු මාව අන්තර්ජාලයෙන් ඉන්ටවීව් කලා. මාව ඉන්ටවීව් කරන්න තරම් ඒ අය සුදුස්සෝ නොවුනත් ඒ අති පණ්ඩිත මාන්නාධික පුද්ගලයින්ගේ නොදැනුවත්කම කොච්චරද කියනවා නම් ඒ අය හිතන්නේම ඒ අය විතර මහම මහ අතිපණ්ඩිතයෝ මේ ලෝකේ කොහේවත් නැතුව ඇති කියලයි.

      //ඒත් ඒ පොඩි කුමාරිහාමි බ්ලොග් එක කරන කෙනා එතනට ඇවිත් මම මහා ලොකු හොරකමක් කරා වගේ තවත් කෙනෙක් එක්ක මට දොස් කිව්වා එයාගේ නමින් මම ප්‍රොෆයිල් එකක් හදන් කියලා. එදා මම මේක අතඇරලා දන්න හදද්දී මාව නවත්තත්තේ ගිම්හානි.// ඔයා කවදාවත් සැලෙන්න එපා කුමාරි. අද ඔයා ළඟ ගිම්හානි විතරක් නෙවෙයි විශාල පිරිසක් ඉන්නවා. මමත් ඔයා ළඟ ඔයා වෙනුවෙන් පෙනී හිටින්න ඉන්නවා. ඒ වැරදි අදහසකින් නෙවෙයි. සාධාරණත්වය වෙනුවෙන් අවංකත්වය වෙනුවෙන්. අපි කවුරුවත් කාගේවත් හිත් නොරිද්දවා මේ ගමන යමු කුමාරි. මමත් හරිම අහිංසක මෘදු හදවතක් තියෙන උසස් ගතිගුණ තිබෙන සෘජු කෙනෙක්. වැරදි සිතිවිලි මගේ හිතේ නැහැ. මගෙන් පුංචි හිත්රිදවීමක් වත් උනා නම් නොදැනුවත්ව හරි ඒ සේරටම මම සමාව ඉල්ලනවා. අපි මනුෂ්‍යත්වය ගරු කලා ඉමු.



      Delete
    10. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,

      මුලින්ම කියනන් ඕනා ඔබගේ මේ හැසිරීම සහ භාෂාව හැසිරවීමේ විලාසය කොහෙත්ම ඔබට තියනවයි කියන ඔය උපාධියට හෝ තනතුරට නොගැලපෙන බවයි.

      ඔබට පුංචි කුමාරිහාමිව අගය කිරීම වෙන කෙනෙකුට අපහාස නොකිරීමෙන් කරන්න තේරෙන්නේ නැත්නම් ඔබ දරණ ඔය ආචාර්යය පට්ටම මොන ආකාරයේ එකක්දයි සැකයක් ඇති වීම වලක්වනන් බෑ.

      ඔබ පොඩි කුමාරිහාමිගෙ බ්ලොග් එකේ පෙබරවාරි 11 වනදා කමෙන්ට් එකක් දමා ඔබගේ අමනෝඥ බව ප්‍රදර්ශනය කොට පොඩි කුමාරිහාමිගෙන් ලුනු ඇඹුල් ඇතිව අහගත්තට පස්සෙ මෙතනට ඇවිත් පුංචි කුමාරිහාමිව වර්ණනා කිරීමට පොඩි කුමාරිහාමිට දරුණු විදිහට අපහාස කිරීම පැහැදිලිවම කැත වැඩක්. ඔබට කියන්න අවශ්‍යදේ එතනදිම ඇයට කියන්න තිබුනනෙ. මේකද ඔබගේ උගත් කම ? මේකද ඔබගේ පිරිම කම ?

      ඔබ පොඩි කුමාරිහාමිගේ කතාව හරි හැටි නොකියවා උඩින් පල්ලෙන් කියවා " ආ මෙයා මෙහෙම කෙනෙක්: කියලා පූර්ව නිගමනවලට ඇවිත් එතන දාලා තිබුන කමෙන්ට් එකෙන්ම ඔබගේ දැනුම, අද්‍යාපන තත්ත්වය, සමාජ තත්ත්වය ගැන අදහසක් ගන්න හොඳටම ප්‍රමාණවත්.

      ඔබ පහල කියලා තියනවනෙ ඔබ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින නියම පිරිමියෙක් කියලා. මෙහෙමද ඔබ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නෙ.

      >> පොඩි කුමාරිහාමි කියන තැනැත්තිය සමාජයේ හොඳට තෙම්පරාදු වුනු විදේශීක සංස්කෘතියක ආභාෂය ලබපු අපේකම, සිංහල බෞද්ධකම නොහඳුනන තැනැත්තියක්. ඒ වගේම ඇය මෙරට ස්වදේශිකයෙකු නිසා වැරදුනු ජීවිතය බටහිර සුදු ජාතිකයෙකුගේ උපකාරය, ( දෙවනුව විවාහය සඳහා සුදු ජාතිකයෙකු තෝරාගත් නිසා ) නිසා ජීවිතය ගොඩගිය කෙනෙක් <<

      එතකොට කෙටවීමක් ගැනත් කියල තිබුනනෙ.. කොටවන්න කිසිම දෙයක් නෑ..ඔබ පුන්චි කුමාරිහාමිව වර්ණනා කිරීමට පොඩි කුමාරිහාමිව පහත් කොට කතා කිරීමෙන්ම ඒ සැකය මතු වෙනවා. මට ඒක ඇතිවුනේ ඒ දෙන්නා අතර අනවබෝධයක් තිබුන බව පුංචි කුමාරිහාමිගෙන් දැනගත් පසුවයි.

      >> අනික මට තමුන්ලට වගේ එක එක ගෑනු අයගේ පස්සෙන් ගිහිල්ලා චීත්ත වගේ හැසිරෙන්න තරම් කාල වේලාවක් නැහැ. <<

      මේ මාගල් වගේ දිග කමෙන්ට් වලින්ම තේරෙනවා ඔබට නැති කාලයේ තරම.

      >> එහෙම කරලා තමුන් හදන්නේ තමුන්ගේ අතේ ගෑවිලා තියෙන ලේ පිහිදාගෙන තමුන් හොඳ මිනිහෙක් වෙන්න බව //මගෙ කමෙන්ට් එක නිසා වැරදි අදහසක් මතු වෙලා සිත් රිදවීමක් වුනානම් සමාවෙන්න.// යන තමුන්ගේ වචන නිසාම හොඳින්ම පැහැදිලි වෙනවා. <<

      මගේ අතේ ලේ තැවරෙන්න මම මිනී මැරුවෙ නෑ.. ආචාර්යය වරයෙක් යැයි කියා ගන්නා පුද්ගලයෙකුට ඔහු කළ වරදක් පෙන්වා දුන්නා පමණයි. අනික මම සමාව ඉල්ලුවෙ පුංචි කුමාරිහාමිගෙන් මේ විගඩම් හින්දා ඇයට සිත් රිදවීමක් වුනානම් කියලා. ඒක ලේ පිහදාන රෙදි කෑල්ලක් වගේ ඔබ දැක්කෙ කොහොමද කියන එක මට ගැටලුවක්..

      ඊරියාවක් ගැනත් කියලා තිබුනනෙ.. මිනිහෙක් සාමාන්‍යයෙන් ඊරිසියා කරන්නෙ තමන් ලබාගන්න උත්සහ කරලා බැරි වෙච්ච දෙයක් හරි, තමන් ලබා ගන්න ආසා දෙයක් හරි වෙන කෙනෙක්ට ලැබුනමනෙ..මට කවදාවත් ආචාර්යය වරයෙක් වෙනන් ඕනා කලේ නෑ .. ඒක හින්දා ආචාර්යය වරු ගැන මට කොහෙත්ම ඊරිසියාවක් නෑ..

      ඔබම ඔබ උසස් පුද්ගලෙයෙක්යැයි කියාගන වනයේ සරනා කඟවේනෙකුටත් උපමා කරගෙන තියෙන්නෙ.. හයියෝ ආචාරය තුමෝ අපිනම අහලා තියෙන්නෙ පිරුනු කලේ දිය නොසැලේ කියලයි..

      ඔබට "කුමාරිහාමි" ටයිටල් මේනියාවක් තියන බවයි.. හෙට තව කෙනෙක් "ලොකු කුමාරිහාමි" කියලා බ්ලොග් එකක් පටන් ගත්තොත් ඔබව එතනත් මේ මාගල් කමෙන්ට් සමඟ දකින්න ලැබේවි කියලා මම අනුමාන කරනවා..

      අවසාන වශයෙන් ආචාර්යතුමෝ, ඔබ ඇත්තටම ආචාරයය වරයෙක්නම් ඒ තනතුරේ හෝ උපාධියේ ගෞරවය රැකෙන විදිහට හැසිරෙන්න. එක බ්ලොග් එකකින් ඔබගේ අමනෝඥ කමට එල්ලවූ ප්‍රහරයට වෛර බැඳගෙන තව තැන් තැන් වල වට්ටි අම්මෙක් වගේ බැන බැන යන්න එපා. ඒක ඔබගේ තත්ත්වයට හරි මදි. ඔබ ඔය තියනවයි කියන පිරිමිකම, එඩිතර කම පාවිච්චි කරලා අදාල තැනදිම අදාල පිළිතුරු ලබා දෙන්න.

      මේ සම්මන්ග ඔබත් සමඟ දිගින් දිගටම වාද කරන්න මට අදහසක් නෑ. මොකද මට එහෙම කරන්න කාලයක් නෑ.. මේ විකාර වලට වැය කරන කාලයෙන් මට බ්ලොග් පෝස්ට් එකක ඡේද කිහිපයක්වත් ලියා ගන්න පුලුවන්.. මේ සම්බන්ධයෙන් මගේ අවසාන කරුණු දැක්වීම තමයි මේ.



      Delete
    11. @ අසරණයා,
      මම කවදත් සැබෑ මිනිසෙක් විදිහටයි හිටියේ. ඔබ මාව පුද්ගලිකව නොදන්න නිසා ඔබේ හිතේ ඇඳුන රූපයක් ඔස්සේ මාව මනින්න තැත් කරලා කිව්ව කතාවක් විදිහට තමයි ඕක හිතන්න තියෙන්නේ.// මහාචාර්ය වරයා ඇතුලේ ඉන්න සැබෑ මිනිසා එලියට ඇවිල්ල වගේ මට තේරෙන්නේ.//මම කවදාවත් මා තුළ යම් සැඟවුනු පුද්ගලයෙකු තබාගෙන කටයුතු කරලා නැහැ.ඒක මාව පුද්ගලිකව දන්න ඕන කෙනෙකු දන්නවා. බල්ලෙකු මාව සපා කෑවාට මම බල්ලව සපා කන්න යන්නේ නැහැ. නමුත් බල්ල කන්න පනිද්දි බල්ලට සාරධර්ම ගැන දේශනා කලාට වැඩක් නැහැනේ. මොකද ඌට ඒවා තේරෙන්නේ නැහැ. ඉතින් ඌට තේරෙන බාසාවෙන් පයින් පස්ස පැත්තට දුන්නම ඤෑස් ගාලා දුවලා යනවා කෙඳිරි ගගා. නමුත් ඌට සාරධර්ම ගැන දේශන කරන මෝඩයොත් මේ ලෝකේ ඉන්නවා කියලා මට පිළිගන්න සිද්ධ වෙනවා මේ අය කියන කතා සලකා බලද්දී.
      මම හරි ආසාවෙන් ඉන්නවා මේ කතාවේ තව සියුම් තැන් බලලා ඒ අනුව කමෙන්ට් කරන්න. බලපුවාම කවුරු හරි මා ගැන නොසන්ඩාල කතාවක් හරියට වැල වගේ කමෙන්ට් කරලා. මාව පුද්ගලිකව ඉලක්ක කරලා මගේ නම පාවිච්චි කරලා මට අයුක්තියක් අසාධාරණයක් වෙන විදිහට කමෙන්ට් එකක් දැම්මම මට ඒකට උත්තර නොදී ඉන්නත් බැහැ. මගේ නිහතමානිකම නිසා ඒක නොදැක්ක වගේ ඉන්න ගිහාම මේ අය ඒකත් වැරදියට අරගෙන අපහාස කරන එක දිගින් දිගටම සිදුකරගෙන යනවා. //ඒ එක්කම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ සිද්දියකුත් මට තේරෙනවා.// කරුණාකරලා මීට පස්සේවත් මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න කියලා මේ අසරණයා හා සෙසුඅයගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
      තමුන් මට එරෙහිව සංවිධානයක් ගොඩනඟාගෙන සංවිධානය වෙලා මට පහර දෙන්නද දැන් තවත් කෙනෙකුව පොළඹවන්නේ. මම ඉතාම කාරුණිකව ඉල්ලනවා පුංචි කුමාරිහාමි කලින් බ්ලොග් ලිපියේ කමෙන්ට් මොඩරේෂන් කරන තැනට ඔයගොල්ලෝ වැඩ සිද්ධ කලා. දැනුත් මේකෙත් එහෙම තත්වයක් ඇති කරන්න එපා. ඇය ඔබ හැම විශ්වාස කරලා මේකේ කමෙන්ට් මොඩරේෂන් කරලා නැහැ. ඇගේ කාරුණික බව අවතක්සේරු කරලා කටයුතු කරන්න එපා කියලා මේ අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. සුනඛයින්ට සාරධර්ම දේශනා කරන්න එපා කියලා මම ඉහතින් දක්වපු අදහස මට යළි යළි සිහි වෙනවා. //උඩින් සෙන්නා කියපු දේ නිහතමානී විදියට තේරුම් නොගැනීම ගැන කණගාටුයි.// තමුන්ට තවත් දේවල් තේරුම් යද්දී බොහෝම පරක්කු වෙලා තියේවී. අඩුම තරමින් තමන්ගේ වැරදිවත් වටහා ගන්න බලන්න. අනුන්ගේ නම් පාවිච්චි කරලා මඩ ගහන්නේ නැතුව තමන්ගේ පාඩුවේ කමෙන්ට් කරලා යන්න බලන්න. අපි කාටත් ඒක හොඳයි නේද? කොහොමවත් සිතිවිලි මට්ටම් දෙකක අය කවදාවත්ම එක සිතිවිලි මට්ටමකට වැටෙන්නේ නැහැ.කොච්චර කලවම් කරන්න හැදුවත් වතුරයි තෙලුයි කවලම් වෙන්නේ නැහැනේ. වතුර වතුර එක්ක මිසක තෙල් එක්ක කවදාවත් එකතු වෙන්නේ නැහැ. අසත්පුරුෂයා ප්‍රිය කරන්නේ ආවඩන්නේ තවත් අසත්පුරුෂයෙකුටම මිසක සත්පුරුෂයෙකුට නොවේ. සත් පුරුෂයාට ප්‍රිය කරන්නේ තවත් සත් පුරුෂයෙක්ම පමණයි. මේ ලෝකේ අසත්පුරුෂයන් බහුලවීම යනු සත්පුරුෂයන් මුළු ගැන්වීමක් බව සමාජය තේරුම් ගන්නේ කවදාද දෙවියනේ.අනේ අපේ කරුමේ.

      Delete
    12. @ සෙන්නා,
      //ඔබම ඔබ උසස් පුද්ගලෙයෙක්යැයි කියාගන වනයේ සරනා කඟවේනෙකුටත් උපමා කරගෙන තියෙන්නෙ..// මේක මගේ උපමාවක් නෙවෙයි බුදුරජාණන්වහන්සේගේ උපමාවක්. මේ උපමාව බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා පසේ බුදුවරුන් පිළිබඳව සඳහන් කරන තැන්වලදීත්. ඔබ මෙය මගේ උපමාවක් කියලා හඳුන්වා දීලා බුදුදහම පිළිබඳව බෞද්ධයෙකු හැටියට තමුන්ගේ නොදැනුවත්කම ප්‍රසිද්ධියේ පළ කරලා තමුන් මොන වගේ ආගමක් දහමක් ගුණ දහමක් නොදන්න හිස් පුද්ගලයෙකුදැයි අප හැමටම පෙන්නලා දුන්නා.
      //මගෙ කමෙන්ට් එක නිසා වැරදි අදහසක් මතු වෙලා සිත් රිදවීමක් වුනානම් සමාවෙන්න.// යන තමුන්ගේ වචන නිසාම හොඳින්ම පැහැදිලි වෙනවා.// මම මේක තමුන්ට කියපු දෙයක් කියලා වරදවා හිතන්න එපා. මම සියළු දෙනා ගැන හිතලා කියපු දෙයක්. මගේ දෙවැනි කමෙන්ට් එක කියවන්න. //බල්ල කන්න පනිද්දි බල්ලට සාරධර්ම ගැන දේශනා කලාට වැඩක් නැහැනේ. මොකද ඌට ඒවා තේරෙන්නේ නැහැ. ඉතින් ඌට තේරෙන බාසාවෙන් පයින් පස්ස පැත්තට දුන්නම ඤෑස් ගාලා දුවලා යනවා කෙඳිරි ගගා.// තමුන් විසින්ම පෙන්නලා දුන්නා තමුන්ට සාරධර්ම දේශනා කලාට වැඩක් නැති ඉහල දක්වලා තියෙන විදිහේ කෙනෙක් කියලා.
      //ඔබ පොඩි කුමාරිහාමිගේ කතාව හරි හැටි නොකියවා උඩින් පල්ලෙන් කියවා " ආ මෙයා මෙහෙම කෙනෙක්: කියලා පූර්ව නිගමනවලට ඇවිත් එතන දාලා තිබුන කමෙන්ට් එකෙන්ම ඔබගේ දැනුම, අද්‍යාපන තත්ත්වය, සමාජ තත්ත්වය ගැන අදහසක් ගන්න හොඳටම ප්‍රමාණවත්.// මට Perception ගැන මෙතැන විශ්වවිද්‍යාල දේශනයක් පවත්වන්න බැහැ. සුළු ඉඩකඩයි තියෙන්නේ. තමුන්ට මම උඩින් කමෙන්ට් එකේ දාලා තියෙන දේ කිසිම දෙයක් වැටහිලා නැහැ. තමුන් තනිකරම මෝඝ පුරුෂයෙක්. එහෙම කෙනකුට කියලා වැඩක් නැහැ.
      //මුලින්ම කියනන් ඕනා ඔබගේ මේ හැසිරීම සහ භාෂාව හැසිරවීමේ විලාසය කොහෙත්ම ඔබට තියනවයි කියන ඔය උපාධියට හෝ තනතුරට නොගැලපෙන බවයි.// තමුන් වගේ ත්‍රීවිලර් කාරයෙකුට තරම් වත් යමක් කිව්වට නොතෙරෙන කෙනෙකුට කවදා ඉඳලාද විශ්වවිද්‍යාලයක පීඨාධිපති තනතුර හම්බ වුනේ. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න බලන්න. ගෙබ්බට වුන දේ මතක ඇතිනේ. සිංහයා ඌරා එක්ක සටන් කලාම පාඩුව සිංහයටමයි. ඌරා බලන්නේම අසූචි ගහලා දිනන්නමයි. මෙතැනදීත් තත්වය ඒකමයි. ඒකයි උගතුන් තමුන්ලා වගේ මිනිස්සු සත පහකට ගණන් ගන්නේ නැත්තේ. මට පෙන්වන්න බලන්න තමුන් එක්ක කවදාවත් උසස් අය ඇසුරු කරලා තියෙනවද කියලා?
      //එතකොට කෙටවීමක් ගැනත් කියල තිබුනනෙ.. කොටවන්න කිසිම දෙයක් නෑ..ඔබ පුන්චි කුමාරිහාමිව වර්ණනා කිරීමට පොඩි කුමාරිහාමිව පහත් කොට කතා ....// ඔන්න තමුන්ගේ බළලා මල්ලෙන් එලියට පැන්නා. මම මුල ඉඳලම තමුන්ව සැක කලා. නමුත් මෙතැන එක අතනට ගිහිල්ලා කියන. එතැන එක මෙතැනට ඇවිල්ලා කියන අන්තිම පහත් කැතම කැත චීත්තයක්. තමුන් මෙතැනට ඇවිල්ලා තියෙන්නේ පොඩි කුමාරිහාමිගේ කන්ට්‍රැක්ට් එකක් අරගෙන. ඒකනේ මට ඒ බ්ලොග් එකේදී දෙන්නම එක්කහු වෙලා එලවා එලවා පහරදීලා. මෙතැනට ඇවිල්ලා පුංචි කුමාරිහාමියි මාවයි කොටවලා කුමාරිට මාව එපා වෙන්න වැඩ සිද්ධ කරන්නේ. තමුන්ගේ අරමුණ මම මේ බ්ලොග් එකට එන එක නැවැත්වීම. දෙවනුව මේ බ්ලොග් එක ක්‍රමානූකූලව අර්බුද ඇති කරලා විනාශ වීමට හැරීම. ඒක කරන්න තමුන්ලා සංවිධානය වෙලා නොයෙකුත් දේවල් ඇනෝ නමින්ම කමෙන්ට් කරලා කුමාරිව මානසික වට්ටවනවා. ඒ අතර තුරු කුමාරිට හිතවත්ව සිටින පිරිස විවිධ දේවල් කියලා ඇගෙන් ඈත් කරවනවා. මෙහෙම කරලා තමුන්ට මොනවද ලැබෙන්නේ. ඕන නම් පොඩි කුමාරිහාමිගේ ප්‍රශංසාව හිමිවෙයි. ආචාරියාට ඇට්ටි හැලෙන්න දීලා බිම වැට්ටුවා කියලා කට්ටියටම එකතුවෙලා පොඩි ආතල් එකක් ගන්නත් පුලුවන්. දැන් ඒකනේ තමුන්ලා ඒ බ්ලොග් එකේ මට කරලා තියෙන්නේ. තමුන්ලට එකෙදී පොඩි කුමාරිහාමි සපෝට් කලා. මොකද ඇයත් තමුන්ලගේ පැත්තෙන් මට එරෙහිව පහරදීලා තිබුණු නිසා. නමුත් මේ බ්ලොග් එකෙදී පුංචි කුමාරිහාමි මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා තවම තමුන්ලට අවශ්‍ය දේ ඇයගෙන් ඉටු කරවා ගන්න බැරවී ඒකට උත්සාහ තමයි මේ තමුන්ලා දරන්නේ. මම කියනවා තමුන්ලා හිතන තරම් පුංචි කුමාරිහාමි මොඩ නැති බව. හරි වැරැද්ද, හොඳ නරක තේරුම්ගන්න හැකියාවක් පුංචි කුමාරිහාමිට තියෙන බව මට විශ්වාසයි. මට ඒක දැනෙනවා. මොකද මම ඇයව මුළු හදවතින්ම විශ්වාස කරන නිසා. මාව වරදවා තේරුම් ගන්න එපා. මම 100% ක්ම අවංකවයි එහෙම කිව්වේ. මට ඒක දැනෙනවා.

      Delete
    13. සෙන්නා. අපි මේක නැවත්තුවොත් හොදයි නේද?
      හැබැයි මගේ පොඩි කුමාරිහාමි එක්ක එහෙම අර්බුදයක් නෑ.. මම කිව්වේ ඇය නිසා මගේ හිත රිදිලා මම මේ බ්ලොග් එක නවත්තන්න හැදුවා කියලා විතරයි අනික මේ ආචාර්‍ය තුමා මේ කතාව කොහොමටවත් දන්නේ නෑ. මොකද ඒ කතාව දන්නේ ඒ කාලේ
      ලගින් හිටපු යාලුවෝ විතරයි..
      මම අනුන්ගේ නමකින් ෆේක් එකක් හැදුවා වගේ තවත් කට්ටියක් එක්ක ඇවිත් මගේ පෝස්ට් වලට කමෙන්ට් කරාම මම පසුවුන අපහසුතාවයි ලැජ්ජාවයි මට අද වගේ මතකයි. ඒක මට මැසේජ් කරල අහන්න තිබ්බා ප්‍රසිද්දීයේ හොරා ඇල්ලුවා වගේ කෑ ගහන්නේ නැතිව.

      Delete
    14. ආචාර්‍ය් සුජිත් මහතානෙනි..
      අප මෙසේ අනිත් අය විවේචනය කිරිම නවතා දමමු කියලා මම යෝජනා කරනවා. මට කිසිම කෙනෙක්ට මේ බ්ලොග් එකෙන් මඩ ගහන්න ඕනේ කමක් නෑ. මම මේක යොදාගන්නේ නිර්මාන සදහා පමනයි

      "විශේෂ්යෙන් මට කවුරු මොනවා කරත් තවත් කාන්තාවක් ප්‍රසිද්දියේ අපහසුතාවයට පත් කරන්න මම කැමති නෑ.මොකද එතකොට ඇතිවන මානසික වේදනාව මම හොදටම දන්න නිසා" ඒක නිසා ඒ පොඩි කුමාරිහාමි කියන තැනැත්තිය පිලිබදව නැවතත් මෙහි සදහන් නොකර සිටීම අගය කරනවා.

      අපි මෙහිදී නිර්මානයට අදාල දේ පමනක් කතා කරමු. මට සිය ගනන් කමෙන්ට්ස් ඕනේ නෑ. ඔබලා කවුරුන් හෝ මම ලියන දෙයක ගුනාත්මක බාවය ගැන මට උපදෙස් දෙනවනම් මට හොදටම ඇති.

      මගේ එකම අර්මුන හොද නිර්මාන බිහි කිරිම මිසක් මේ බ්ලොග් අඩවිය මගින් ජනප්‍රිය වීම නොවෙයි... මොකද භාහිර ලෝකයේ සැබෑ නමින් නිර්මාන කරන කෙනෙක් මට අවශ්‍ය "පුංචි කුමාරිහාමි" හිට් කිරීමට නොවෙයි..

      Delete
  13. @ Miyuru,
    Miyuru මම හිතනවා ඔයා අපි හිතන්නේ නැති කෝණයකින් මේ කතාව දැකලා තියෙනවා කියලා. දැන් මේ කතාවේ විදිහට පියෙත්‍රෝ සිතුවම් ඇඳීම සඳහා භාවිතා කරන දකුණත කපා දමනු ලැබේ. නමුත් ඒ ක්‍රියාව නිසා පියෙත්‍රෝ උදාසීන වී නැත. බොහෝවිට ආබාධිත පුද්ගලයින් ක්‍රියා කරන්නාක් මෙන් ඔහුද මෙවිට ක්‍රියා කලේ නීරෝගී පුද්ගලයෙකු ක්‍රියා නොකරන තරම් ධෛර්ය සම්පන්න ආකාරයටය. ඔහු ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ හුරු දකුණු අත වෙනුවට වම් අත භාවිතා කර යළිත් සිතුවම් ඇඳීම ප්‍රගුණ කර ඇති බව පහත සඳහන් පාඨය මඟින් අපූරුවට නිරූපනය කෙරේ.
    //එයාට තියෙන්නේ එක අතයිනේ ඒ අතින් එයා වෙරලේ ලස්සන සත්තු ඇන්දා.."//
    මෙහිදී Miyuru හිතන්නේ වැරදීමකින් කපා දමා ඇත්තේ දකුණු අත වුවද පියෙත්‍රෝ සැබවින්ම සිතුවම් ඇඳ ඇත්තේ වම් අතින් විය හැකි බවයි. මේ තරම් ඉක්මනින් වම් අතින් දකුණු අතින් ප්‍රමාණයට සිතුවම් කරණයෙහි පෙර තිබූ දස්කම් දැක්විය හැක්කේ කෙසේදැයි Miyuru සිතුවා විය හැකිය. ඒ නිසාය පහත සඳහන් අනියමාර්ථ ප්‍රශ්නය Miyuru ගේ සිතට නැඟෙන්නේ. ඒ නිසා Miyuru මේ කතාවේ අපි කවුරුවත් නොසිතන මානයකට අපිව කැඳවා ගෙන යයි.
    //මං හිතුවා සිත්තරාගෙ දකුණු අත වැරදිලා කපලා දැම්මාට එයා වමත්කාරයෙක් කියලා කියාවි කියලා, පුතාට චිත්‍ර ඇඳලා දුන්නු නිසා...//
    Miyuru සාර්ථක සාහිත්‍ය කෘතියක ජීවමාන ස්වභාවක රැඳිලා තියෙන්නේ ගණිත ගැටළුවකදී වගේ එකම විසඳුම ලැබෙන අවසාන ප්‍රතිඵලය ලෙස ලැබෙන නිසා නොවේ. තමන්ගේ දෘෂ්ටි කෝණයට අනුව විවිධ පුද්ගලයින්ට විවිධ දේවල් කතාව තුළින් උකහාගෙන රස විඳිය හැකි පරිදි රස නිෂ්පත්තියට පැමිණෙන පරිදි කතාව මැනවින් රචනා කර තිබීම එයට ප්‍රමාණවත්. මම හිතනවා පුංචි කුමාරිහාමි මේ කතාව ඉතාම අපූර්ව විදිහට මනස්කාන්ත විදිහට හා උපරිම සෞන්දර්යය රසාස්වාදය කැටිකර රචනා කර ඇති බැවින් දාදු කැටක් විවිධ පැතිවලට හරව හරවා අගයන් ලබා ගන්නාක් මෙන් මේ කතාව වරින් වර විවිධ රස වින්දනයන් සහිතව කියවා ඉතාම හොඳ වින්දනයක් ලබා ගත හැකි සෞන්දර්යාත්මක කතාවක් කියලා. මට පුදුම ටිකක් විතර අද්භූත කතා ලිය ලිය හිටපු පුංචි කුමාරිහාමි එකපාරටම ටයිටැනික් කතාව වගේ ලස්සනම ලස්සන සුන්දර කතාවක් ගෙතුවේ කෝමද කියලා. ඒත් පුංචි කුමාරිහාමි කොයි තරම් හොඳට ඒක කරලා තියෙනවාද කියලා මේ කතාව බැලුවම ඕනම කෙනෙකුට හොඳින්ම පෙනී යනවා. මේ වගේ රසවත් ලස්සන කතා තව තවත් පුංචි කුමාරිහාමිගේ පෑන් තුඩින් ලියවේවා යැයි අවංකව හා අවිහිංසකව මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. හි හි.. අද්භූත කතා ලිය ලිය හිටපු මම....

      ඔව් අත කප දමලා වසර පහක් පමන ගතවෙලා. මම හිතන්නේ සිත්තරෙක්ගේ හැකියාව අතේ වගේම මනසෙත් තියෙනවා. ඉතින් දකුනු අත නැති වුනත් ඔහුගේ මනස වැඩ කරනවා වම් අතට ඒ හැකියාව සුලු ලෙස හරි දෙන්න. වැල්ලේ පුංචි දරුවෙක්ට සතෙක්ගේ රූපයක් ඇදලා දෙන්න ඒ වගේ කෙනෙක්ට බැරි වෙන එකක් නෑ නේද.. ( මම වැරදි ඇති.. ඒත් ඒ මට හිතෙන විදිය..)

      Delete
  14. මටත් හිතුන පරිවර්ථනයක් කියලත් !

    ජය වේවා !

    ReplyDelete
  15. හරිම සංවේදි විදියට ලියලා තියෙනවා මාරම ලස්සනයි .‍සෑහෙන්න කාලෙකට තමයි ඔයාගේ මේ විදියේ කතාවක් කියෙව්වේ...

    මුලින් කියවද්දි දෙබස් වල තියෙන ස්වරූපයෙන් මට හිතුනේ පරිවර්තනයක් කියවනවදෝ කියලා හරියට මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා‍ කියවනවා වගේ දැනුනේ

    විශිෂ්ටයි අක්කේ... බ්ලොග් ලියන කට්ටියගෙන් මම ආසම කතා ලියන අයගෙන් ඔයා එක්කෙනෙක්

    වෙනි අයියා සිතුම් පැතුම් අයියා තමා අනික් දෙන්නා හැබැයි ඔයාලා තුන්දෙනාගේ තියෙන්නේ ශෛලින් තුනක්....

    ජයවේවා අක්කේ මේ වගේ කතා අම්බානක මම බලාපොරොත්තුවෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමි මල්ලිට.. ඒත් ඔයා තරම් නම් මම දක්ශ නෑ මල්ලි. ඔයාගේ කතා මගේ ඒවට වඩා ගොඩක් උසස්..

      Delete
    2. ඕං ඉතින් කිව්වා

      මේක සුපිරියි අක්කේ උපරිමයි

      Delete
    3. නැවත් වාරයක් ස්තූතියි මල්ලි. ඒත් මට නම් දැන් මේවා ඇති වෙලා.

      Delete
    4. @ ගැමියාගේ පත් ඉරුව,

      මම කියන්න හිටපු දේම මෙන්න මෙයා කිව්වා. මටත් එහෙමයි කුමාරි හිතුනේ. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයෝ සිංහල පරිවර්තනයක් කියවනවා වගෙයි. //මුලින් කියවද්දි දෙබස් වල තියෙන ස්වරූපයෙන් මට හිතුනේ පරිවර්තනයක් කියවනවදෝ කියලා හරියට මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා‍ කියවනවා වගේ දැනුනේ//... කුමාරි අපට වඩා වැඩි විශ්ව නිර්මාණ රස විඳලා තියෙන නිසා ඒවායේ ආභාෂය ඇය ලබා තියෙනවා කියලා මට හිතෙනවා මල්ලියෝ...

      Delete
    5. සහතික ඇත්ත අනුෂි අක්කේ

      සැලෙන්න එපා පුංචි කුමාරිහාමි අක්කේ කඳු පල්ලම් තියෙනවනේ ඔහොම යං ලියන එකනම් නවත්තන්න එපෝ

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ලැබෙන්න තියෙන සැබෑ උරුමක්කාරිය/උරුමක්කාරු නොසිතු විදියට තමා ලැබෙනේ.

    ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ලැබෙන්න තියෙන දේ කොහොම හරි ලැබෙනවා නේද..
      ස්තූතියි අසර්..

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. අසරණයා ගැන තව තොරතුරු දැනගන්න ආසයි අපි

      Delete
    4. මොනවගේ විස්තරද ??

      "එව බලව"

      Delete
    5. කවුරු හරි බොරදියේ මාලු බාන්න හදනවා අසර්..අපි බලන් ඉමු.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  18. අහිමිවීම් බොහෝමයක් වුණත් යම් තැනක ආදරයට හිමිවීමක් ලැබුණ හැටි..
    කතාව, ගලායෑම, වචන ගැලපීම.. ඇත්තටම ලස්නයි පුංචියේ..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නන්දු.. ඒත් මට ලියන එකත් එපා උනා.
      මම මේ බ්ලොග් එක කරන්න අරන් අවුරුද්දක් වුනා. ඒත් කවදාවත් ක්මෙන්ට් මොඩරේෂන් දැම්මේ නෑ.
      නමුත් මම හිතුව දේ වැරදියි. මම ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්...

      Delete
    2. සෙන්නහාමි ඔයත් වලියටම තමයි නේද? අතහරින්නේ එහෙම නැහැ වගේ ලේසියෙන්... ඔය දෙන්නා එකතු වෙලා ආචාර්යතුමාව බයිට් කරලා නේද? පව් අනේ... හරියට අපේ තාත්තා වගේ ඉන්න මනුස්සයා. හිතක් පපුවක් නැති හැටි හොර කොල්ලගේ.. හරීම නරකයි..හි ... හි.. බලනකොට නරකම නැහැ කොල්ලෝ ටික වට කරගෙන ගේම දුන්නා නේද? මට නම් දුකේ බැහැ. පව් අනේ...

      Delete
    3. නන්දු, අසර් සෙන්නයි දෙන්න මහ පණ්ඩිත කොල්ලෝ දෙන්නෙක් අනේ. පව් අර මනුස්සයට නැගිටින්න බැරි වෙන්නම බයිට් කරලා පව්.. කුමාරිහාමි ත් මේ සැරේ සපෝට් කරලා තියෙන්නේ පරණ යාලුවෝ නිසා අසර් ටයි සෙන්නටයි විතරයි. ආචාර්යතුමා තනියෙන් සටනක් කරලා දෙතුන් දෙනෙක් එක්ක. පව්. ...තාත්ති වගේ

      Delete
    4. අනූෂි මම කාගෙවත් පැත්තට සපෝර්ට් කරේ නෑ. මම කාවවත් බයිට් කරේත් නෑ.
      මම කරේ මගේ අදහස කියන එක විතරයි.

      Delete
    5. @ පුංචි කුමාරිහාමි,

      මම දන්නවා කෙල්ලේ ඔයා කාටවත් සපෝට් කලේ නැහැ කියලා. ඒක මම කිව්වේ මෙයාලට පොඩි ත්‍රිල් එකක් ගන්න. මොකද මේ ගොල්ලෝ හරි ආසාවෙන් එන්නේ ඔයා ලව්වා ආචාර්යතුමාට බන්නවන්න. ඔයාට ඒක තේරෙන්නේ නැද්ද? කොල්ලෝ හරි ජෙලස් කියලා? ඔයා ආචාර්යතුමාට හොඳයි කියනවට මුන් හරි ජෙල අනේ. කොල්ලෝ ඔහොමමයි..හි..හි... D:

      Delete
  19. ලස්සන කතාවක්...ඉතාලි කතාවක් වගේ ඉදිරිපත් කළාට ලේඛිකාවගේ ලාංකික කම කතාව පුරාම දකින්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෙන්නා. මම මේකේ නම් මාරු කරන්නයි ඉන්නේ.. D

      Delete
    2. @ සෙන්නා,

      මම කොහොමවත් මගේ සිතිවිලි එක්ක නොසැසඳෙන අය එක්ක ඇසුරට යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තමන්ට වඩා උසස් අය ආශ්‍රය කරන්න. එහෙම නැතිනම් තමන්ට සමාන ගතිගුණ තියෙන ආය ආශ්‍රය කරන්න. එහෙම නැතිම නම් කිසිම දවසක තමන්ට වඩා පහත අය ආශ්‍රය කරන්න එපා කියලා. එහෙම පහත් අය ආශ්‍රය කරනවට වඩා කිසිවෙකු වත් නැතිව හුදකලාව වාසය උතුම් කියලා දේශනා කරලා තියෙනවා. ඒක උපමා කරලා තියෙන්නේ මහ වනයේ එක අඟක් තියෙන කඟවේණෙක් නිර්භයව හැසිරෙනවා වගේ තනිවම ඉන්න එක උතුම් කාරණයක් මංගල කාරණයක් කියලායි. මම මේක කිව්වේ මගේ සාමාන්‍ය සමාජ තත්වයක් තිබෙනවා. මගේ දැනුම උගත්කම හා මානසික පසුබිම සමඟ සංසන්දනය වන අය සමඟ මා ආශ්‍රය කරන්න කැමතියි. නමුත් ඊට වඩා පහළ මට්ටමේ අය ආශ්‍රය කරනවා මට ඔවුන් රෙස්පෙක්ට් කරනවා නම් පමණක්. සමහරු ඉන්නවා උගත්කමට ගුණවත්කමට ගරහන අසත්පුරුෂ අය. එහෙම කරන්නේ ඔවුන්ට ඒවා නැති නිසා. නැති මිනිහා තිබෙන මිනිහත් එක්ක ඊර්ෂ්‍යායි. මේක ලෝකේ කොහෙත් තිබෙන ධර්මතාවය. ඔබ මාව අසාධාරණ විදිහට විවේචනය කරන්න හේතුව ඔබේ වචනවලින්ම ඔබ නොදැනුවත්වම එළියට පැනලා තියෙන හැටි බලන්න කැත විදිහට..
      //කොටින්ම කියන්න තියෙන්නෙ, මේක ඔබගේ ආචාර්ය පට්ටමට නොහොබින වැඩක් කියලා තමා..//

      මම කුමාරිහාමි කියන ටයිටල් එක නිසා පොඩි කුමාරිහාමි පිළිබඳවත් හිතුවේ පුංචි කුමාරිහාමි පිළිබඳව වගේ ඉතාම ඉහළින් නමුත් ඇය තමන්ගේ බ්ලොග් අඩවියේ මා පිළිබඳව අතිශය නිර්දය විදහට පහර දීලා තිබුණූ පිළිවෙලට මට අවබෝධවුනා මේ නම් කුමාරිහාමි කියන නමට පැත්ත පලාතකින් වත් තියන්න බැරි මරදාන හන්දියේ ටැප් එකක් ළඟ කෑ කෝ ගහ ගහ බැන ගන්න නිකම් රස්තියාදු තාලයෙන් මිනිසුන්ට ගරහන තැනැත්තියක් කියලා. මගේ සාමාන්‍ය සම්ප්‍රදාය පිරිමියෙකු වුනත් මම ඒ වගේ බැන අඬගහන්න යන්නේ නැහැ. ගැහැණියෙකුට නම් කොහොමත් නැහැ. මොකද මම ගැහැණුන්ට ගොඩාක් ගරු කරනවා ඒකයි. නමුත් සමහරු දන්නේ නැහැ මගේ ගෞරවය තියාගෙන ජීවත්වෙන්න. මම කියන්නේ නැහැ මම වගේ මේ ලෝකෙ හැම පිරිමියාම මම වගේ හොඳයි කියලා. නමුත් අසවංරව ගැහැණුන්ට හිරිහැර කරන පිරිමිත් ඇති. නමුත් මම එහෙම පිරිමියෙක් නෙවෙයි. ඒ නිසාම මගේ පුරුද්දක් තියෙනවා ගැහැනියක් මාව අසාධාරණය විවේචනය කලත් පොදුවේ ගැහැණිය පිළිබඳව මගේ තියෙන ගරුත්වය නිසා ඒකට මුකුත් නොකියා ඉන්න. ඒත් ඔබ වගේ අය කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාලා සතුටු වෙනවා වගේ මාව ඒ වගේ ගැහැණුන්ව ආශ්‍රයට යවලා ඒ අයව තව තවත් මට එරෙහිව අවුස්සලා මට ඒ වගේ ගැහැණු බනිනවා බල බලා යටි සිතින් සතුටු වෙන්න. මම ඔබේ අරමුණ හොඳින් අඳුනනවා ඒක නිසා මට කළ යුතු දේ නොකළ යුතු දේ කියලා දෙන්න ඔබ මහන්සි වෙන්න එපා.

      අවසාන වරට මම සියළු ගැහැණු පිරිමින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ බ්ලොග් එකට කමෙන්ට් දාන විට මිනිසුන් අවුලවන දේවල් ලියන්න එපා කියලයි.

      Delete
    3. @ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
      ........................

      බ්ලොග් එකේ තියෙන නමින් කෙනෙක්ව මනින්න එපා.ඕනෙම කෙනෙක්ට කැමති නමින් හදාගන්න පුළුවන්.කුමාරි හාමි කියල නම තියෙද්දී කුමාරි හාමි කෙනෙක් නොවෙන්නත් පුළුවන්.මාරයා කියල තියෙද්දී ඔහු කොහෙත්තම මාරයෙක් වෙන්නේ නැහැ නේ?.

      මම හිතන්නේ ඔබ බ්ලොග් අවකාශයට ටිකක් අළුත් වගේ.

      Delete
    4. @ අසරණයා,
      //බ්ලොග් එකේ තියෙන නමින් කෙනෙක්ව මනින්න එපා.ඕනෙම කෙනෙක්ට කැමති නමින් හදාගන්න පුළුවන්.කුමාරි හාමි කියල නම තියෙද්දී කුමාරි හාමි කෙනෙක් නොවෙන්නත් පුළුවන්.මාරයා කියල තියෙද්දී ඔහු කොහෙත්තම මාරයෙක් වෙන්නේ නැහැ නේ?.// ඔබ මම කියන දේ හරියට තේරුම් අරගෙන නැහැ. මම පුද්ගලයෙකුව නමින් මනින්න තරම් බොළඳ පුද්ගලයෙක් නෙවෙයි. නමුත් එක්වරම අපට පෙනෙන්නේ ඔහුගේ ඇයගේ නම. ආශ්‍රය කරද්දී තමයි ඔහු / ඇය ගැන හරියටම තේරුම්ගන්න පුලුවන් වෙන්නේ. මම මා විසින් අවුරුදු 44 තිස්සේ ලබාගත් සමාජ අත්දැකීම් හා මගේ ජීවිත අත්දැකීම් අනුව යම් යම් පුද්ගලයින් පිළිබඳව නිරීක්ෂණ ඔස්සේ ලබාගත් යම් යම් දත්ත පදනම් කරගත්තු මටම ආවේණික දළ වශයෙන් පුද්ගලයින් පිළිබඳව සුළු වටහා ගැනීම් තිබෙනවා. ඒවා පිළිබඳව පුළුල් වශයෙන් විග්‍රහ කරන්න මේක අවකාශය නොවේ. අපේ මොළයේ තාර්කික සංජානනය (Logical Perception ) හා අතාර්කික සංජානනය (Illogical Perception) වශයෙන් දෙයාකාරයකින් තමයි දත්ත සම්ප්‍රේෂණය වෙන්නේ. මින් උගත්කම ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය සිදුවන විට එය තාර්කික සංජානන නමින් හඳුන්වනවා. නමුත් මිනිසා මොළයේ මේ දෙයාකාර සංජානන ක්‍රියාවළියට ඔබින විදිහට තමයි ජාන විද්‍යාත්මකව හා ජීව විද්‍යාත්මකව මානවයා නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඉගෙන ගැනීමත් සමඟ අපි වැඩිපුර භාවිතා කරන්නේ දත්ත ඔස්සේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීම. නමුත් තවත් සැඟවුනු පැතිකඩක් තිබෙනවා ඒක තමයි අතාර්කික සංජානනය. මේක අවදිකර ගත්තාම තමයි ඔය අසාමාන්‍ය මානසික හැකියාවල් ලැබෙන්නේ. නමුත් සාමාන්‍ය පුද්ගලයින්ට පවා එක්තරා දුරටක මේ හැකියාව තිබෙනවා. මම යම්යම් අය පිළිබඳව දත්ත මේ දෙයාකාරව ලබාගන්නවා. සමහරවිට මගේ තාර්කික සංජානන හැකියාවට වඩා අතාර්කික සංජානන හැකියාව ක්ෂණික හා ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙනවා. මේවා ගැන පුළුල්ව කතාබහ කරන්න පුලුවන්. ඒකට අනුන්ගේ බ්ලොග් එක පාවිච්චි කරන එක හරි නැහැ. මට බ්ලොග් අඩවි 40 ක් තිබෙනවා මේ පිළිබඳව ඉතා ගැඹුරින් ලියපු ලිපි තිබෙන. ඒත් කවුරුවත් වැඩිය බලන්නේ නැහැ මම හිතන්නේ බොරින් නිසා වෙන්න ඇති. නමුත් පුලුවන් කමක් තියෙනවා නම් මම ආරාධනා කරනවා මාව බ්ලොග් අඩවි හරහා විවේචනය කරන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ඇවිල්ල කියවල බලල ඒවටත් කමෙන්ට් කරලා ඒවා බහුලව ප්‍රචාරය කරවාගන්න සහය දක්වන්න කියලා.
      //මම හිතන්නේ ඔබ බ්ලොග් අවකාශයට ටිකක් අළුත් වගේ.// මම බ්ලොග් අවකාශයට අළුත්ද පරණද කියලා මම නම් දන්නේ නැහැ. මම අන්තර්ජාලය භාවිතා කරන්නේ 2007 ඉඳලා. ඒත් මුල් කාලේ මම රස්සාව කරන ගමන්ම දර්ශපනති (M.Phil) පශ්චාත් උපාධියටයි මගේ ආචාර්ය (PhD) උපාධියටත් කාලය වැඩිපුර මිඩංගු කරන්න උන නිසා මට මේ වගේ බහුලව අන්තර්ජාලය භාවිතා කරන්න තරම් මානසික නිදහසක් තිබුනේ නැහැ. ඒ කාලේ වැඩිපුර කලේ පත්තර කියවපු එකයි සයන්ස් රිසර්ච් පේපර්ස් වගේ දේවල් බලපු එකයි විතරයි. දැනුත් රස්සාව හරිම බරපතල එකක්. මාණ්ඩලික නිලධාරියෙක් විදිහට වගකීම් රාජකාරි බහුලයි. මම එක වතාවක් ඇවිල්ලා කමෙන්ට් කලාම මට ආයේ මොකකට කමෙන්ට් කලාද කියලා මතක නැහැ. නමුත් පුංචි කුමාරිහාමිගේ මේ බ්ලොග් එක හරි හොඳයි. මගේ හිතට ඇල්ලුව නිසා මේකට ඇවිල්ලා මෙහෙම කමෙන්ට් කරනවා. මම තව කීප දෙනෙකුගේ බ්ලොග් වලට ගිහිල්ලා කමෙන්ට් එකක් දෙකක් දානකොට මේ අය මට මාව වටකරගෙන කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පහර පිට පහර දෙන්න ගත්තා. පසුව මම තේරුම් ගත්තා. අන්තර්ජාලය භාවිතා කළාට මේ අය දැන උගත් අය නෙවෙයි. විදේශගත වෙලා රියදුරු, ගෘහ සේවක වැනි රැකියා කරන අතරතුර ඉඩකඩ තිබෙන විදිහට අන්තර්ජාලය භාවිතා කරන මේ අය එයාලගේ මානසික මට්ටම හා නොසැසඳෙන දැක්කොත් කරන්නේ තමන් වගේම කෙනෙක් කියලා හිතලා පිස්සු කතා කියෝන එකයි. ඉතින් මම පස්සේ ඒවගේ ඒවට ගියේ නැහැ. ( අපේ කාර්යාලයේ රියදුරු මහත්වරුන් දවසක් මම බලද්දී කම්පියුටර් එකක් වටකරගෙන කමෙන්ට් දදා ප්‍රීති වෙනවා.ඉන් එක් කෙනෙක් මට කියනවා. අපි දැක්කා සර්ත් ඉන්ටනෙට් එකේ ඉන්නවා. සර් හරි ලස්සනට උත්තර දීලා තියෙනවා කියලා) ඉතින් මම මේ කතාව කිව්වේ මගේ පම්පෝරිය කියවන්න නෙවෙයි. අපි මිනිස්සුන්ව තේරුම් අරගෙන අනුකම්පා කරනවා වගේ මිනිස්සුත් අපේ මානසික මට්ටම් සමාජ මට්ටම් තේරුම් අර‍ගෙන අපිට කතා බහ කරනවා නම් කොයි තරම් හොඳද කියලා පෙන්වලා දෙන්නයි. නමුත් මම අන්තර්ජාලයේ ඉන්න අයගෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මෙරට ජාතික තලයේ විශ්වවිද්‍යාල රාශියකින් මට ඇගයීම්, වර්ණනා, ප්‍රශංසා ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් ලැබිලා තියෙන නිසා මම සාමාන්‍ය මිනිසුන්ගෙන් ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකක් මම අනිත් අයට වඩා ටිකක් වෙනස් කෙනෙක්. මම පොළමේ පය ගහලා ජීවත්වන කෙනෙක්. මම ජීවිතය ආරම්භ කලේ සුළු රැකියාවක් කරන කෙනෙක් විදිහට. මම මේ වෙද්දී රැකියා 100 කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා.

      Delete
    5. අසර්, සෙන්නා, ආචාර්‍ය තුමනි..
      අපි මේ විහිලුව නවත්තමු. නිර්මාන වලට අදාල බුද්ධිමය සාකච්ඦා පමනක් පවත්වමු. මෙම බ්ලොග් එක කැලෑ පත්තරයක් වෙනවාට මම කොහොත්ම කැමති නෑ.
      කිසිම කෙනෙකුට මෙතනදී අපහාස විදින්නට සිදු නොවිය යුතුය. අප හැම කෙනාටම අප සතුව යම් ආත්ම ගෞරවයක් තිබෙනවා. එය එකිනෙකාගේ රැකියාව අනුව වෙනස්වෙන්නේ නෑ. හැම කෙනෙක්ම මනුස්සයන් නිසා හැමෝටම හැගීම් දැනීම් ලැජ්ජාවන් තිබෙන්වා ඒක නිසා කවුරුත් කාගෙන්වත් අපහාස විදින්නට කැමති නෑ. එහෙම වෙන්න ඕනේත් නෑ. ඒක නිසා මේ අනවශ්‍ය කතා නවතා දමා අපි නිර්මානාතමක දේවල් ගැන අපේ අදහස් බෙදා ගමු. එසේ නොවුනොත් ඔබ මහන්සියෙන් ටයිප් කරන අකුරු පවා තේරුමක් නැති දේවල් වෙනවා.

      Delete
    6. අසරණයත් අපි හිතපු තරම්ම අසරණ නැහැ නේද කුමාරිහාමි ? අපි දැක්කනේ මෙයාගේ ගණන් කෑලි ටික..

      Delete
    7. අනේ අනූෂි මම නම් ඕවට මොනවත් කියන්නේ නෑ.

      Delete
    8. සත්‍යය ගරු කිරීම උතුම් දෙයක්. ඒ වගේම නිතරම එකම පුද්ගලයාට නින්දා පරිභව කිරීමත් හොඳ නැහැ. තමන්ව කවුරු හරි මානසික වට්ටවන්න වෑයම් කරනකොට දැනෙන වේදනාවම තමයි අනෙක් පුද්ගලයට ඒ වගේ දෙයක් කලහමත් දැනෙන්නේ කියලා හිතන්න තරම් අපේ ඇත්තෝ බුද්ධිමත් නැත්තේ ඇයි කුමාරිහාමි? එහෙම කලාම මොකක්ද ලැබෙන ලාභ ප්‍රයෝජනය ? එක් පුද්ගලයෙකුව මානසිකව වට්ටලා අන්තර්ජාල භාවිතයෙන් අයින් කරලා දැම්මාම අනෙක් අයට ලැබෙන විශේෂ වාසිය මොකක්ද? තමන්ගේ පුහු දේවල් කරපින්නාගෙන අනිත් අයව පාගලා දාලා ගුණය වෙනුවට භෞතික දේවල් උසස් කරලා අනෙකාව පහළට දමා කටයුතු කිරීම වෙනුවට සාමූහිකව කටයුතු කරන්න අපේ අයට බැරි ඇයි කුමාරි? මේ කතා හරහා ඔයා සමාජයට සන්නිවේදනය කරන්න හදන දේ පිලිබඳව ඇයි මේ මිනිස්සුන්ට නිවැරදි වැටහීමක් නැත්තේ? හැම වෙලාවේම බැලුවොත් අනුන්ගේ ඇද කුදයක් අල්ලාගෙන සත්තු පොරකනවා වගේ රණ්ඩු දබර වෙනවා. බ්ලොග් අවකාශ තිබෙන්නේ මෙහෙම දේවල් කරන්න නෙවෙයි.

      Delete
    9. ඔයා කියන දේට මම සීයට සීයක් එකඟයි. අපි කතා කරන්න ඕනේ මාතෘකාවට අදාල දේ මිසක් වෙනත් දෙයක් නෙමෙයි..

      Delete
  20. @ පුංචි කුමාරිහාමි,
    මම මේ බ්ලොග් එක බලන්නේ හරිම ආසාවෙන්. මගේ ගෙදරට ගොඩවෙලා මගේම කෙනෙක් එක්ක දුක සැප බෙදා හදාගෙන සතුටින් මොහොතක් ගත කරනවා වගේ මට දැනුන නිසයි මම පුංචි කුමාරිහාමිගේ ලිපි කියවන්න යන්න එන්න පුරුදු වුනේ. නැතිනම් මම පුරුද්දක් විදිහට බ්ලොක් වලට ගිහිල්ලා නැහැ. මොකද එහෙම ගියපුවාම මට දැනෙන ඇහෙන පෙනන ප්‍රමිතිය (Quality Standard) ඒවායේ නැති නිසා. මම මෙහෙම ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ල වෙනත් ඒවාගේ වැරදි අඩුපාඩු විචාර පූර්වකව පෙන්වලා දෙන එකට පවා මට වෙනත් අයගේ බ්ලොග් වල දී විවිධ දෝෂාරෝපණ එල්ල කරලා තිබ්බා. මම දන්නේ නැහැ කුමාරි අපේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා හැසිරෙන්නේ හරියට දෙවියන්ගේ හාල් කැවිලා වගේ නුහුගුණකාරයෝ වගේමයි. මේවා කිව්වා කියලා දැන් ඊ ළඟට මාව අල්ලගෙන මට අසභ්‍ය වචන කියලා කුමාරිගේ බ්ලොග් එක කැත වෙන විදිහට මට බනින්න එපා. ඇයි මනුෂ්‍යයනේ මේ විදිහට නරක විදිහට ඔයාලා හැසිරෙන්නේ. මට බ්ලොග් එකක ලියලා තියෙන දේවල් රස විඳලා ඒ ගැන අදහසක් පළ කරලා යන්න විතරයි ඕනේ. මට ඒ බ්ලොග් එක ලියන පුද්ගලයා පිරිමි ද නැතිනම් ගැහැණු ද විවාහක ද අවිවාහක ද යනාදිය වැඩක් නැහැ. දැනගන්න ඕනත් නැහැ. අපේ මානව බැඳීම් කියන ඒවා වෙනත් දෙයක්. ඒත් මිනිසුන්ගේ නිදහස් අදහස් ප්‍රකාශන කියන්නේ වෙනත් දෙයක්. මම පුංචි කුමාරිහාමිගේ බ්ලොග් එකට අදහස් දාන්න පටන් අරගත්තා විතරයි මගේ ඊ මේල් එකටයි මූණු පොතටයි කිසිම නිදහසක් නැහැ. සැරින් සැරේට එක එක වෛයිවාරන්න උදවිය මට පණිවිඩ පිට පණිවිඩ එනවා එක එක දේවල් කියලා. ඒවයින් ගොඩාක් දේවල් මම හීනෙකින් වත් නොහිතාපු බලාපොරොත්තු නොවුනු දේවල්. ඒවා කියෙව්වාම මට හිතුනේ ඇයි මේ වැඩිහිටි මිනිසුන් මේ තරම් බොළඳ ලාමක පටු විදිහට හිතන්න පුරුදු වෙලා තියෙන්නේ කියලා. ඒ ගොල්ලන්ගේ මතවාදයට අනුව පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකුගේ බ්ලොග් එකට කමෙන්ට්ස් දැම්මම හිතන්නේ එයා එක්ක වැරදි ආශ්‍රයක් පටන් ගන්න යනවා කියලා. ඒ වගේම ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙකුගේ බ්ලොග් එකට සටහනක් දාපුවාම එයා එක්ක යාලු වෙන්න හදනවා කියලා වැරදියට හිතා ගන්නවා. මෙහෙම හිතා ගන්නවා නම් මදෑ. බ්ලොග් එක කරන පුද්ගලයා තමන්ගේ සැමියා එහෙම නැතිනම් බිරිඳ කරුණාකරලා මීට පස්සේ කමෙන්ට්ස් දාන්න එන්න එපා අපේ පවුල් ජීවිතයට තමුන් ඇඟිලි ගහන්න එන්න එපා කියලාත් පණිවිඩ එවන්න තරම් මිනිස්සු පටු විදිහට හිතන්න පෙළඹිලා තියෙන්නේ ඇයිද කියලා මට නම් හිතාගන්න බැරුව මේ ඉන්නේ ඇත්තමයි මේ කියන්නේ. මම නම් කවදාවත්ම හිතුවේ නැහැ විශේෂයෙන්ම පිරිමි මේ තරම් ගැහැණු විදිහට හිතන අය කියලා.මම හැමදාම කියන දෙයක් තමයි කෙනෙකු පිරිමියෙකු වෙන්නේ පිරිමි ඇඳුම් අඳින නිසා පමණක් නෙවෙයි. හිතෙනුත් පිරිමිකම තියෙන්න ඕනේ. ක්‍රියාවෙනුත් පිරිමියෙකු වගේ වෙන්න ඕන. අද මම දකිනවා සමාජයේ ඒ වගේ අය ඉතා සීඝ්‍රයෙන් වඳවීගෙන යනවා. අද අපේ කාර්යාලවල පවා බහුලව ඉන්නේ ඇඳුම්වලින් පවා පිරිමි ලෙස පෙනී සිටින පිරිමි. නමුත් ඔවුන් ක්‍රියාවලින් තනිකරම ගැහැණුන්. මම පිරිමියෙක් විදිහට මේ පිරිමි ක්‍රියාකරන විදිහ මටත් හරිම ලැජ්ජයි. ඇයි ගැහැණු හිතන්නේ හැම පිරිමියම මේ වගේ කියලනේ. ඒත් මම නම් එහෙම පටු විදිහට කවදාවත් හිතන්නේ නැහැ. ඒ වගේම අතීතයේදී එහෙම හිතලා ක්‍රියා කරලත් නැහැ. මම ගැන හොඳින් දන්න මගේ පවුලේ අය මා ගැන ඒ වගේ දන්නවා. පුංචි කුමාරිහාමි වගේම මටත් දැන් මේ මිනිස්සු නිසාම බ්ලොග් කියවන එකත් එපා වේගය ඇවිල්ලා තියෙන්නේ. ඇයි තාක්ෂණය තිබුණූ තරමින් මේ වගේ වැරදි දේවල් කරන්නේ. මම හිතුවේ කලින් බ්ලොග් ලිපියේදී අනම් මනම් කියපු වෙලාවේ මම කාරුණිකව අවවාද කලාට පසුව වත් මේ අය සංවේදී වේවි කියලයි. නමුත් හරිම කණගාටුයි පුංචි කුමාරිහාමි මට ඔයා ගැන හරිම දුකයි. මේ තරම් මහන්සි වෙලා ලස්සනම ලස්සන කතාවක් ලියුවාම මේ අයට ඒ ගැන අගය කරන්න තරම් වත් උකුණු බිජුවක් තරම් වත් මොළ කළඳක් නැති හැටි. බ්ලොග් එකට ඇවිල්ලා, ඊ මේල්, මූණු පොතට ඇවිල්ලා කියන්නේම අනේ මගේ සැමියා බිරිඳ ගේ බ්ලොග් එකට කමෙන්ට් දාන්න එපා කියලා. ඒ විදිහට බැලුවොත් ඔෆීස් එකකට ගිහිල්ලා වැඩ කරන්නත් බැරි වෙනවනේ. මොකද ඔෆීස් එකක ගැහැණු පිරිමි දෙගොල්ලම ඉන්නවනේ. ගැහැණූ පිරිමි දෙන්නෙකුට බස් එකක එක ළඟ සීට් එකක වැඩිවෙලා යන්නත් බැහැ. මේ අය මේ කියන හැටියට. දැන් තිබෙන්නේ පුරාණ සමාජය නෙවෙයි. තාක්ණය අතින් වේගවත්ව ඉදිරියට යන සමාජයක්. කවුරුහරි තමන්ගේ කාලත්‍රයා පොල් කටුවකින් වහලා තියන්න උත්සාහ කරනවා නම් ඒකෙන් අලාභය සිදු වෙන්නේ තමුන්ටම බව අවබෝධ වෙන්න ඕන. මම ආයිමත් වැරදි වැඩ කරන්න උත්සාහ කරන අයට කියන්නේ. කරුණාකරලා ඔයාලගේ ගණුදෙනු පියවා ගන්න මේ අහිංසක කාන්තාවගේ බ්ලොග් එක වේදිකාවක් කර ගන්න එපා. මම පුංචි කුමාරිහාමිගෙන් කාරුණිකව ඉල්ලනවා මේ සිදුවීම් නිසා ඔබතුමිය පොඩ්ඩක් වත් හිත රිදවා ගන්න එපා. අපි ඔයාගේ කතාවල් ගොඩාක් අවිහිංසකව රස විඳිනවා. ඒ නිසා අපි ගැන හිතලා දිගටම සාහත්‍ය කටයුතු වල නිරත වෙන්න කියලා.

    ReplyDelete
  21. සමීප බවක් දැනුන ලස්සන කතාවක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තරුවෝ..

      Delete
    2. @ පුංචි කුමාරිහාමි,
      =======================
      මම යන හැම තැනකම තරුවා ඉන්නවා. හැම කෙනාගේම බ්ලොග් එකකම තරුවා ගිහිල්ලා කමෙන්ට් දාලා තියෙනවා දැක්කා.

      Delete
    3. අනූෂිට හැමතැනම තරුවා හම්බ වෙනවද..?

      Delete
    4. @ පුංචි කුමාරිහාමි,
      මොකද නැත්තේ මට තරුවා විතරක් නෙවෙයි. අසර් වගේ අයත් හමුවෙනවා හැම තැනම හැම බ්ලොක් එකකට ගිහිල්ලා එතැන බදු අරගෙන වගේ ඉන්නවා පේනවා. අසර් නම් ඔයාගේ බ්ලොග් එකටයි පොඩි කුමාරිහාමිගේ බ්ලොග් එකටයි මාරුවෙන් මාරුවට සැරින් සැරේ කමෙන්ට් දානවා වගේ මට පේන්න තියෙනවා.එහෙ ගිහිල්ලා මෙහෙ දේවල් කියලා එයාව අවුලවලා තියලා මෙහෙ ඇවිල්ලා ඔයාව අවුලවලා ආයෙමත් එයා ළඟට යනවා. එයා පොඩි දෙබිඩි රඟපෑමක් කරනවද දන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා ඔයාව මුරුංගා අත්තේ තියලා එහෙට ගිහිල්ලා එයාවත් මුරුංගා අත්තේ තියලා තියෙනවා. මම කියන්නේ බොරුද කියලා ඔයාම ගිහිල්ලා බලන්න. එක සෙට් එකක් ඉන්නවා වෙන වැඩක් නැද්ද මන් දන්නේ නැහැ හැම බ්ලොග් එකකටම ගිහිල්ලා කමෙන්ට් දදා ඉන්නවා. සමහර බ්ලොග් සයිට්වල නැති අවුල් ඇති කරන්න කටයුතු කරන්නේත් මේ සෙට් එකම වෙන්න පුලුවනි. කොහොම වුනත් අවදියෙන් ඉන්න. නිස්සද්දව ඉඳලා එකපාර ප්‍රහාරයක් එල්ල කරන්න වුනත් පුලුවන්.

      Delete
    5. // අසර් නම් ඔයාගේ බ්ලොග් එකටයි පොඩි කුමාරිහාමිගේ බ්ලොග් එකටයි මාරුවෙන් මාරුවට සැරින් සැරේ කමෙන්ට් දානවා වගේ මට පේන්න තියෙනවා.// මට වෙන වැඩ නැහැ නේ. පොස්ට් එකට අදාළ කමෙන්ට් එකක් මම කොහොමත් මම කැමති බ්ලොග් වල දානවා.එත් ඔයා වගේ හැමෝන්ගෙම කමෙන්ට් කියවලා අනුන්ගේ සීනි කිරණ වැඩ මම කරන්නේ නැහැ. අනුෂි..

      Delete
    6. නම අසරණයා වුනාට කරතතොත් කරන්නේම අංගුලිමාල වැඩ. දෙබිඩි ගේම්. ඩබල් ඇක්ෂන්. දිය යටින් ගින්දර. මිතරුකම පෙන්නගෙන යටින් හතුරුකම් කිරීම.පොඩි කුමාහාමිගේ බ්ලොග් එකට ගිහින් ගිහින් එහෙන් ඇඩ්වයිස් අරන් ඇවිල්ලා මේ බ්ලොග් එක චක බ්ලාස් කරන්න ට්‍රයි කරනවා වගේ අපට පෙනෙනවා. මේ දැනුත් අසර් පොඩ්ඩිගේ බ්ලොග් එකේ ඉඳලා ඇවිල්ලා ඔයාගේ සීනි කිරනවා. මේ තම්බියාට ඒකවත් හරියට කරගන්න බෑ තාම. කොල්ලෝ සෙට් එක එක්කහු වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා මෙයාව අල්ලගෙන බීච් එකට ඇදගෙන ගිහිල්ලා වැටකේ පඳුරක් යට ඉඳලා පෝලිමට හලාල් කරපු දවසේ ඉඳලම පොඩ්ඩක් මොන්ගල් වගේ අසර්ට. රස්සාවක් හරි දෑතේ වැටක් පළක් හරි කරන්නේ නැතිව එක එක ගෑනුන්ගේ බ්ලොග් ගානේ රිංග රිංග ඉන්න නැතුව සීනි කිරණ ජොබක් වත් කරන එක තව හොඳයි. අනුන්ගේ ගෑනුන්ගේ බ්ලොග්වලට රිංගලා බුදියගෙන ඉන්නේ. විඩින් විඩේ එක එක ගෑනු ළඟට තමන්ගේ කායික තෘප්තිය පතා යන මේ වගේ අශීලාචාර මිනිස්සු විශ්වාස කරන්න පුලුවන්ද? මම ඒ ගෑනි ලඟට ගියාට ඔයාට මොකද කියලා අහන එක තමයි කරන්නේ. වැඩේ කියන්නේ එහෙම අවලං ගමන් යන ගමනුත් ඒකේ ආශ්චර්යය ගැන අපට බණ කියන්න එන එකයි. කොහොමත් ඉතින් අසර් කරන්නේ ගෑනු ළඟට ගිහිල්ලා හුරතල් වෙවී “බණ තලන“ එකමනේ. වැඩේ කියන්නේ කොච්චර මේකා අපහාස කරත් අපේ ගෑනුන්ටත් මේකා විතර තවත් සුදනෙක් තවත් ඇත්තේ නැතුවා වගේනේ හැසිරෙන්නේ. ඒකට හේතුව තමයි මොන දේ කළත් අසර් දන්නවා ගෑනුන්ව නම්ම ගන්න ක්‍රම සහ විධි. දොඹෙන් ඕන නම් දොඹෙන්. දඹෙන් ඕන නම් දඹෙන් එහෙම නේද අසර්? දවසක ඔහොම ගිහිල්ලා “මැදපු කමිස තුන නැත“ වගේ දෙයක් තමයි ඔයාට වෙන්නේ අසර්

      Delete
    7. @ ano February 15, 2013 at 8:58 AM
      ඔබ සිතා ඉන්නේ අසර් කියන්නේ මුස්ලිම් පුද්ගලයෙක් කියලද ? අපි අසර් කියන්නේ අසරණයා කියන එක කෙටි කරලා කීම මිසක් අසාර් මුස්ලිම් නෙවේ.ඒ කොහොම උනත් ජාතිය පදනම් කරගෙන මෙහෙම දෙයක් කිරීම නම් වැරදියි කව්රු උනත් . Shame on you!

      Delete
    8. මේක අර ගොබිල් සෙට් එකේ කෙනෙක්.මෙලෝ දෙයක් නොදන්නා කමට මගේ කමෙන්න්ට් එකක් දැකලා කෑ ගහන්නේ. අසාර් කියන නිසා මම මුස්ලිම් කෙනෙක් ලු. ඉතින් මම මේ වගේ ගොන් ඇනෝ ලට මොනවා කියන්නද? හිනා වෙනවා හැරෙන්න.

      Delete
    9. කොහොම වුනාත් කුමරිලාට හරි කැමති කෙනෙක් වගේ. ඔයා මම එතන ඉන්නවා දැක්කේ ඔය යන්නේ මේ බ්ලොග් එකටයි එකටයි විතරයි. යන්නේ මොකටද කියලා ඔයාම දන්නව් ඇති නේ?.

      Delete
    10. @ පුංචි කුමාරිහාමි,

      මෙතත කොල්ලෝ සෙට් එකට ආචාර්යතුමා ගැන මාර ජෙලක් ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මේ බහු බූත ඔක්කොම එයාලා කරන්නේ. ආචාර්යතුමාව පහළට ඇදලා දාලා ඔයාගෙන් ක්‍රෙඩිට් එක අරගන්න.. බොරු නම් ඔයා බොරුවට පොඩ්ඩක් විතර ආචාර්යතුමාට දෙහි කපන්න බලන්න මේ සෙට් එක එතකොට සයිලන්ට් වේවි. ඔයාගේ බ්ලොග් එකේ ඇනෝ ඇවිල්ලා ඔයාටයි ආචාර්යතුමාටයි හින්ට් ගහන්නේ තනිකරම මේ සෙට් එකම තමයි. ඒක නිසාම තමයි මේ සෙට් එක හොඳින් තියා ගන්න පොඩි කුමාරිහාමි ආචාර්ය තුමාට පොඩි දෙහි කැපිල්ලක් දාලා තිබ්බේ. මොකද එයා බැලුවේ ඔයා බලනවා වගේ ගුණාත්මක පක්ෂය නෙවෙයි. ආචාර්යතුමා තනි පුද්ගලයෙක්. ඒත් මේ සෙට් එකේ කොල්ලෝ බර ලොට් එකක් ඉන්නවා. ඉතින් එක් කෙනෙක් තරහා වුනාට මොකද සෙට් එකම එතකොට ෆිට් වෙනවානේ. ඉතින් දැන් මේ කොල්ලෝ සෙට් එකට ඕන වෙලා තියෙන්නේ ඔයා ලවා පොඩි කුමාරිහාමි කළ දේම ආචාර්යතුමාට කරවාගන්න. ඒක කරවාගන්නකම් මුන් ගේම අතාරින එකක් නැහැ. සැරින් සැරේ එයාලගේ දාගෙන තියෙන නම් වලිනුයි ඇනොයි ඇවිල්ලා වරින් වර මේ බ්ලොග් එකට ප්‍රහාර එල්ල කරාවි කියලා මම හිතනවා. මම දන්නේ නැහැ ඔයාට හොඳයි කියලා හිතෙන එකක් කරන්න කුමාරි. ඒත මම නම් මේ කොල්ලෝ සෙට් එක තරහා කරගන්න කැමති නැහැ. බලන්න හරි හුරතල් කොල්ලෝ සෙට් එක නේද? කුනු හරුප කතා කරන්න ගියාම ලැජ්ජාවේ බැහැ අනේ.. ෂික්.. ඒත් ගෑනු අපි මොනවා කරන්නද නේද? කොල්ලෝ නේ?

      Delete
    11. ඔයාම තමා ආචාරියා විදියට එන්නේ.

      Delete
    12. @ අනූෂි පැල්පොල

      අනූෂි මම ඔයාව පුද්ගලිකව දන්නේ නෑ ඔයාගේ නම දැක්කෙත් මේ ලඟදී මේ බ්ලොග් එකෙන්. ඒත් ඔයා හිතන විදියට කොල්ලෝවත් එහෙම නැත්නම් වෙන කෙනෙක්වත් up කරලා එයාලව ශේප් කරන් එයාල ලවා කරවගන්න දෙයක් මට නෑ.

      මම ලියන ඒවා මෙතන දානවා. කැමති කෙනෙක් බලලා කැමති කෙනෙක් අදහස් දක්වලා යනවා. එච්චරයි. ඊට අමතරව බ්ලොග් එකේ හිට්ස් වැඩි කරගනන්වත් මම මේ බ්ලොග් එක නමින් ෆේමස් වෙන්නවත් මට කිසිම ඕනේ කමක් නෑ. කිසිම කෙනෙක් මේකට කමෙන්ට් නොකලත් මගේ අහිතක් නෑ.

      එහෙමයි කියලා මේ කාලය පුරාවටම ලගින් හිටපු මගේ හිතවත් සහෝදරයෝ වැඩකට නැති ප්‍රශ්නයක් නිසා තරහ කරගනන් ඕනේත් නෑ.

      කිසිම හේතුවක් නැතිව මේ අසරණයා, සෙන්නා අල්ලන් මගේ බ්ලොග් එකේ ඒවා දාලා මෙහෙම අපහසුතාවයක් ඇති කරන්නේ මොන අදසකින්ද මම දන්නේ නෑ.

      Delete
  22. @ punchi kumarihami

    ලස්සනට තිබුණු පෝස්ටුව ..
    අපරාදේ..

    මට දුක ඒ ගැන ..

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙම හිතුනද.. මොනව කරන්නද නේද විපරීත ලෝකේ... :D

      Delete
    2. @ පුංචි කුමාරිහාමි ,
      =========================
      ඉතින් ඔයාව බලන්න එනකොට ඔයා ලස්සන කතාවක් දාලා. අපිට බලන්න. හරි ලස්සනයි අනේ. මට දැනුනේ හරියට රුසියන් පරිවර්තනයක් කියවනකොට දැනෙන හැඟීම වගේ හැඟීමක්. මේ විදිහේම කතා මම රුසියානු සාහිත්‍යයෙත් රස විඳලා තියෙනවා හැබැයි ඉංග්‍රිසි භාෂාවෙන් රචනා කරන කෘතිවල හා නවකතා වල නම් මේ විදිහේ කතා සුලබව දකින්නට තිබෙනවා. ඔයාගේ නිර්මාණශීලීත්වය ගොඩාක් හොඳයි. අද මෙකේ අය ලොකු රණ්ඩුවක් ගිහිල්ලා වගේ නේද? කලින් නම් මාවත් අල්ලගෙන දැඟලුවා කට්ටිය. මටත් එපා වෙලා ගියා අනේ. ඒකයි ආවේ නැත්තේ. හොඳයි ඔයා එහෙම කිව්ව එක. නැතිනම් හරියට පොරකුකුල්ලු ටික වගේ.. අනික අනේ මෙහෙම පොරකකා වෙන දේවල් කතා කරන්න ගියාම කොහොමද පොස්ට් එක ගැන සංවාදයක් ඇති වෙන්නේ. මම නම් කියන්නේ අපේ රටේ සිංහල භාෂාව භාවිතා කරන පිරිස ඉන්නේ පසුගාමී චින්තනක කියලා. ඔයා බලන්න ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තියෙන බ්ලොග්වල මෙහෙම බාල වර්ගයේ වැඩ කවදාවත් වෙනවද කියලා.

      Delete
    3. @ silentsahan,

      silentsahan ට ගොඩාක් දුකයි වගේ නේද? ඔයාට ලේන්සුවක් තිබුනොත් හොඳයි වගේ. කඳුළු පිහ ගන්න.

      Delete
    4. Hikzzz


      කව්ද බොලේ මේ අලුත් ඇලිස් ?

      Delete
    5. @ silentsahan,

      මට තට්ටේ පලන්න හිතෙනවා මේ හොර කොල්ලගේ පැහිච්ච කතා කියවට. ඔයා ඔන්න ඕවට නම් එන්න එපා හොදද?

      Delete
  23. @ පුංචි කුමාරිහාමි,
    මම දෙදෙනෙකු අතර ඇතිවන ශාරීරික බැඳීම නරකයි කියනවා නෙවෙයි. නමුත් මම හිතන විදිහට ශාරීරික බැඳීමට වඩා හදවතේ බැඳීම උසස්. දෙදෙනෙකු අතර ඇතිවන ශාරීරික බැඳීම පවා සිදුවිය යුත්තේ හදවතේ බැඳීම ඇසුරින් බව සියුම්ව මේ කතාවේ නිරූපණය වෙලා තියෙනවා. විවාහයක පදනම වර්ගයාගේ පැවැත්මක සඳහා ලිංගික ප්‍රජනන යථාවත් ආකාරයෙන් සමාජ සම්මත ආකාරය භාවිතා කිරීමට නීතිමය පදනමක් හා නීතිමය රාමුවක් තුළ අවශ්‍ය අවස්ථාව සලසා දීමයි. බටහිර රටවල විවාහය හා ප්‍රේමය අර්ථකථනය කරන පිළිවෙලට නෙවෙයි අපේ වගේ රටවල සංස්කෘතින්වල විවාහය හා ප්‍රේමය අර්ථකථනය කරන්නේ. අපේ වගේ රටවල විවිහය හා ප්‍රේමය විවාහ සංස්ථාව ඇතුලත පමනක් සිදුවිය යුතු “පැතලි ශාරීරික ගණු දෙනුවක් “ පමණක් ලෙස ලඝුකර දක්වා තිබීම දක්වන ලැබෙනවා. නමුත් ලිංගික නිදහස උපරිමයෙන් පවතින රෝමය, ප්‍රංශය, ඉතාලිය, ඇමෙරිකාව, එන්ලන්තය වැනි බටහිර යුරෝපීය රටවල ප්‍රේමය පුදුම චමත්කාර ජනක හා වඩා විවෘත මානසිකත්වයකින් නිරූපණය කරලා ඔවුන්ලේ සාහිත්‍යාංග ඇසුරේ පෝෂණය වෙනවා දකින්නට ලැබෙනවා. නමුත් ලංකාව වැනි ආසියාතික රටවල නම් ප්‍රේමය සැලකෙන්නේ විවාහයෙන් අවසන්විය යුතු රේල් පාරක් වගේ දෙයක් විදිහටයි. අතරමඟදී නවතින සම්බන්ධතා නැතැයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් පරමාදර්ශයක් විදිහට විවාහ සංස්ථාව ප්‍රේමයේ අවසාන නවාතැන්පළ විදිහට අදහනවා. එකෙන් මුල්තැනට එන්නේ පෙරදිග ස්ත්‍රිය. මොකද ස්ත්‍රියකට කුඩා කාලයේ සිට ප්‍රධාන වශයෙන් මව් පාර්ශවය හරහා විවිධ ලිංගික තහංචි පැනවීම් තුළින් ඇයව එක්තරා පීඩනයකට නතු කරලා ඇයව මොළ ශෝධන ක්‍රියාවළියකට ලක්කරලා තියෙනවා ලිංගිකත්වය ස්ත්‍රියකට අකැප දෙයක්ය. එය සම්පූර්ණයෙන්ම පිරිමියා පමණක් සතු අපූරු සුන්දර අත්දැකීමක්ය. ස්ත්‍රියක විසින් එහිදී පිරිමියාට කොන්දේසි විරහිතව හා නොයෙකුත් කැප කිරීම් කොට සම්පූර්ණ සහයෝගය පිරිමියාගේ තෘප්තිය පිණිස සහය විය යුතුය යනුවෙන් පෙරදිග චින්තනය විසින් ආසියාතික ගැහැණියව මොළ ශෝධනකරණයකට ලක්කර තිබෙනවා. පිරිමියාට මෙහි අනර්ථකාරී ප්‍රතිඵල විඳදරා ගැනීමට සිදුවන්නේ ආසියාතික තරුණියක විවාහ වී මධුසමය සඳහා ගිය අවස්ථාවේදී පළමු ලිංගික අත්දැකීම ලැබීමට ගිය අවස්ථාවේදී තමයි. මොකද දිගු කාලයත් තහංචි ඇසුරේ හැදුනු වැඩුනු පෙරදිග යුවතියගේ මනස කාමය ඇයට අහිමි එහෙත් පිරිමියාට පමණක් හිමි දෙයක් ලෙස උගැන්වීම හා මොළ ශෝධනයකරණයකට ලක් කිරීම නිසා එයට ඇය මුහුණ දෙන්නේ ඉතා දැඩි චකිතයකින් යුතුවයි. එය හරියට ඇයව බියට හා ත්‍රාසයට පත් කරවන සුළු දෙයක් වීමට හොඳටම ඉඩකඩ තිබේ. පෙරදිග ගැහැණිය ස්වභාවිකව තමනගේ කායික ආශාව යටපත් කරගත් අවනත පෞරුෂයකින් ඊට මුහුණ දෙන ලිංගිකව බෙහෙවින් අක්‍රියකාරී තැනැත්තියක වන්නේ මේ හේතුව නිසා. මොකද ගැහැණිය හිතනවා ඒක තමන්ට අයිති නැති දෙයක් ඒකේ සම්පූර්ණ හිමිකම තියෙන්නේ පිරිමියාට කියලා. නමුත් මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බටහිර යුරෝපීය රටවල කාන්තාවන්ගේ. ඔවුන් ඇතැම් අවස්ථාවලදී පිරිමියාට වඩා ක්‍රියාකාරීයි. ඒ වගේම ප්‍රේමයේදී ආසියාතික ගැහැණුන්ට වඩා පෙරමුණ ගන්නවා. මතුපිටින් රාගී චරිත ලෙස පෙනෙන්නට තිබුණුත් ඉතා උණුසුම් හදවත් හා හෘදයාංගම පැවතුම් ඇති කාන්තාවන් තමයි යුරෝපීය කාන්තාවන් ආසියාතික කාන්තාවන්ට වඩා. මම මෙහෙම කිව්වාම ඊ ළඟ පාර මාව සම්පූර්ණයෙන්ම බයිට් කරන්න එපා. මම ලොකු තේරුමක් තියෙන නිසා කිව්වේ. අවශ්‍ය නම් මට මේක ගැඹුරින් විග්‍රහ කරලා පෙන්වන්න පුලුවන්. නමුත් කමෙන්ට් එකක් හැකිතාක් කෙටි කරන්න ඕන නිසා කෙටියෙන් කියන්නේ. ලිංගකත්වයේදී පෙරදිග කාන්තාවන් තරම් බටහිර යුරෝපීය කාන්තාවන් කුහක හා දෙබිඩි නොවන්නේ ද මේ හේතුව නිසායි. ඔවුන් ඔවුන්ට අවශ්‍ය දේ පිරිමියාගෙන් කෙසේ හෝ ලබා ගන්න දන්නවා. නමුත් ආසියාතික ගැහැණුන් හොරගල් ඇහිඳිනවා. // මා ගිනි තියන්න ගෙනියනකොටත් මා සිටියේ ගැබ්ගෙන.. ඒ ඔබ නිසා// මේ කතාවේ සුන්දරතාවය වඩාත් ඔප් නැංවෙන්නේ බටහිර යුරෝපීය රටක වසර ගණනක් ගතකොට ඉන්න ඔබ එහි සංස්කෘතිය විසින් ආසියාතික කුහක වත වෙනස්කොට නිර්මාණයකට අවශ්‍ය අවංකබව ලබා දීමට හුරුවී ඇති බැවිනි. කෙසේ වුවද විද්‍යා මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඔබ වැනි කෙනෙකු මෙලෙස නිර්මාණ හා සාහිත්‍යකරණයේ නියැලීම පවා මා ආශ්චර්යක් කොට සලකමි. සිංහල සාහිත්‍ය වැනි විෂයක් ඔබ හැදෑරුවා නම් ඔබගේ ප්‍රතිභාව හා නිර්මාණාත්මක කුසලතාව තව තවත්ඔප් නැංවෙන්නට ඉඩ තිබිණ. නමුත් කුහකත්වයෙන් තොරව පැවසිය යුතු දේ සෘජුව පැවසීමට ශුද්ධ විද්‍යා අධ්‍යයනයෙන් ලබාගත් මානසික හුරුව ඉවහල්වන්නට ඇතැයි මේ ලිපියෙන් හා බ්ලොගය පුරා ඔබ විසින් දක්වා ඇති පෞරුෂ භුමිකාව අනුව පැවසිය හැකිය. මා මින් ඉදිරියට නිර්මාණ පිළිබඳව මිස වෙනත් කිසිදු කාරණයක් පිලිබඳව සැලකිල්ලක් යොමු නොකරන බව කාරුණිකව දන්වමි. පුංචි කුමාරිහාමි ඔයා තුළ ඇති ආකල්පවලට මම බෙහෙවින් ගරු කරමි. ඔබ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවක් වර්තමාන කාන්තාවන් අතර දැකීමට ලැබීමද මගේ ඉමහත් භාග්‍යයක් කොට සලකමි.

    ReplyDelete
    Replies
    1. අයියෝ පුංචි කුමාරිහාමිත් මේ හොර ආචාරියා කියන මානසික ලෙඩාගේ ගැට වලට අහුවෙලානේ.සෙන්නා කී දේ පිලිගන්න

      Delete
    2. @ ඇනෝ නමින් කමෙන්ට් දාන බිය ගුල්ලන්ට කරුණාවෙන් කියන වග නම්,
      ======================================================
      මම නැවත වරක් අවවාද කරනවා තමුන්ට පිරිමි නම් වලින් පෙනී සිටීමට නොහැකිව නපුංසක ලීලාවෙන් ඇනෝ නමින් මේ බ්ලොග් අඩවිය අපවිත්‍ර කරන්න හදන්න එපා කියලා. තමුන් මොන විදිහට මොන නමින් පෙනී සිටියත් තමුන්ගේ පහත් ආශාවන් විකෘති මානසික තත්වයන් මේ බ්ලොග් එකට ගේන්න හදන්න එපා. ඒ වගේම තමුන් මොන තරම් පහත් අසික්කිත කැත කතාවල් මට කිව්වත් පුංචි කුමාරිහාමිට මගේ තියෙන ගෞරවය නිසා මම ඒවාට ප්‍රතිපත්තියක් විදිහට පිළිතුරු දෙන්නේ නැහැ. තමුන්ලා වගේ පහත් උදවිය කියන අසභ්‍ය කතා මට හොඳට පුරුදුයි. නමුත් මෙහෙම පුංචි කුමාරිහාමිට කරන්න එපා. ඇයට ඒවා දරන්න අමාරුයි. ඇය හරිම සංවේදියි. තමුන්ලාගේ එකම අරමුණ පුංචි කුමාරිහාමිව මානසිකව වට්ටලා ඇගේ මේ බ්ලොග් කරන එක නතරකරලා දාන එක කියලා හොඳින්ම පේන්න තියෙනවා. ලංකාවේ මේ තරම් ස්ත්‍රී දුෂණ හා ස්ත්‍රීන්ට කුඩා දරුවන්ට එරෙහිව මේ තරම් කාම අපරාධ සිදුවන එක අරුමයක් නෙවෙයි තමුන්ලා වගේ පහත් විකෘති මානසික ලෙඩ්ඩු මේ රටේ ඉන්නකොට. තමුන්ලා වගේ මිනිස්සු බලන්නේම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මිනිස් සිතේ පහත් ජාගර අවශ්‍යතාවයන් සංසිඳුවා ගන්න. තමුන්ලට කිසිම උසස් මානසික මට්ටමක් නැහැ. කිසිම උසස් අධ්‍යාපන මට්ටමක් නැහැ. සුළු සුළු එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවිතේ ගැට ගහගන්නවා වෙන්න ඇති. උසස් අධ්‍යාපන මට්ටමක් තිබෙන කෙනෙක් කවදාවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. උසස් අධ්‍යාපන මට්ටමක් කිව්වේ ඕලෙවල් ඒ ලෙවල් පාස් කියන එක නෙවෙයි. අපේ ආයතනයේ රියදුරු මහත්වරු පවා තමුන්ලට වඩා සිය දහස් වාරයක් හොඳයි. ඒ අය අට පාස් වුනාට දන්නවා වැදගත් අය එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා. තමුන්ලගේ දෙම්පියෝ තමන්ලව අඩුම තරමින් පොඩි කාලේ දහම් පාසලකටත් නොයවා හදපු එකේ ඵල විපාක දැන් පේනවා නේද? දහම් පාසැල් අධ්‍යාපනයෙන් කෙනෙකුට මුදල් හදල් ලැබෙන්නේ නැහැ නමුත් උසස් මානසික මට්ටමක් ලැබෙනවා. සත්තුන්ටවත් තමුන්ලට වගේ පහත් ආශාවන් නැතුව ඇති. මටම දැන් මේවා කියවලා ඇති වෙලා. තමුන්ලටම තමුන්ලා එපා වෙන්නේ නැද්ද? එක්කෝ බුද්ධිමය විදිහට මේ ලිපි වලට කමෙන්ට් දානවා. එහෙම නැතිනම් තමුන්ලට වෙන කරන්න දෙයක් නැති නම් ප්‍රසිද්ධ වැසිකිලියක් වත් ගිහිල්ලා හෝදනවා. ඒකෙන් අඩුම තරමින් ප්‍රජා සේවයක් හරි වෙනවා. ඒත් මේ වගේ නරක වැඩ කරන්න ආයිමත් මේ බ්ලොග් එක පාවිච්චි කරන්න එපා. එහෙම වුනොත් මම කියනවා පුංචි කුමාරිහාමිට ආයෙමත් කමෙන්ට් මොඩරේෂන් දාන්න කියලා. මේ බ්ලොග් එකේ ලිපිවලට කිසිම ආදාළත්වයක් නැති සේරම කමෙන්ට්ස් මකලා දාන්න කියලා මම පුංචි කුමාරිහාමිට කියනවා. ( තමුන්ලට අවවාද කරලා මම දාලා තියෙන කමෙන්ට් එක්ක සේරම මකලා දාන්න කියනවා. ) බලන්න මේකේ ගැහැණු අය සේරම වැදගත් විදිහට කමෙන්ට් දාලා තියෙන හැටි. තමුන්ලා පිරිමි විදිහට කරන්නේම වැරදි වැඩ. මමත් පිරිමියෙක්. ඒත් මම තමුන්ලා වගේ අසංවර අශීලාචාර පහත් ආශාවන් තිබෙන පිරිමියෙක් නෙවෙයි. මේ බ්ලොග් එකේ ලස්සන සංවාදයක් ගොඩැනැඟී ගෙන එන විට තමුන්ලට ඒකට ඊර්ෂ්‍යයිද? එහෙම ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය නැහැ තමුන්ලත් තමුන්ලට හැකි විදිහට මේකට සම්බන්ධ වෙන්න. චීත්ත රෙදි ඇඳගෙන අහුමුලුවල හැංගිලා කරන මේ වගේ තුට්ටු දෙකේ ක්‍රියාකාරකම් නොකර. මේවා පිරිමි කමට ගැලපෙන්නේ නැහැ. මෙහෙම තුට්ටු දෙකේ වැඩ නොකර නියම පිරිමි වගේ හැසිරෙන්න බලන්න. නියම පිරිමියෙක් කියන්නේ කේශර සිංහයෙක්. රංචු ගැහිලා වැඩ කරන්නේ නරි. නරි වගේ රංචු ගැහිලා සිංහයින් හැසිරෙන්නේ නැහැ. සිංහයා නිර්භීතයි තනිවයි හැසිරෙන්නේ. බුදු වෙන්නේ පසේ බුදු වෙන්නේ සිංහයෙක් වගේ හැසිරෙන පිරිමියෙක්. ඒ උත්තමයින්ගේ පිරිමිකමටත් මේ වගේ අය නිසා සිදු වන්නේ නින්දාවක්. පිරිමියෙක් වශයෙන් මටත් ලැජ්ජයි තමුන්ලා වගේ පහත් තුට්ටු දෙකේ වැඩ කරන අය ගැන. ගැහැණු අපි ගැන මොනවද හිතන්නේ කියලා තමුන්ලට තේරෙන්නේ නැද්ද? ඉතින් එක අතකට ගැහැණු අපිව අවතක්සේරු කරන එක පුදුමකුත් නෙවෙයි. ඇයි බහුතරයක් පිරිමි තමුන්ලා වගේ අයනේ ඉතින්. බස් එකක ගැහැණියකට නිදහසේ යන්න වත් තමුන්ලා වගේ අසංවර අය ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ගැහැණියකට නිදහසේ බ්ලොග් එකක් වත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ විදිහට ගැහැණියව පීඩාවට ලක් කිරීමෙන් ගැහැණුන් ඉදිරියේ ලැජ්ජාවට පත් වෙන්නේ පිරිමි අපිම බව තේරුම් ගන්න තරම් තමුන්ලට මොළයක් කියලා දෙයක් නැද්ද හැබෑටම?

      Delete
    3. @ පුංචි කුමාරිහාමි,

      ආචාර්යතුමාගේ කතාවේ සෑහෙන ඇත්තකුත් තියෙනවා. ගෑනු අපි කැමති නැහැ කෙල්ලෝ වගේ වැඩ කරන කොල්ලන්ට. නියම කොල්ලෙක් නම් පිරිමි ගති ගුණ තියෙන්න ඕන. පිරිමියෙක් වෙලා උපදින්නේ පින නිසානේ අපි ගැනු වුනේ අපිට ඒ පින නැති නිසා..

      Delete
    4. @ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,
      දෙදෙනෙකු අතර ඇති වන ආදරය කායික බැඳීමක් නොව මානසික බැඳීමක් බවක් ආචාර්යතුමා පවසන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. කායික බැඳීම සතුන් අතරත් වෙනවනේ. ඒත් සතුන් අතර ආදරය ඇති වෙන්නේ නැහැනේ. ඒක තිබෙන්නේ මනස දියුණූ මිනිසා අතර පමණයි. අනික රාගය හා කාමය මනස නොදියුණූ පුද්ගලයින් අතර පවා තිබෙන්න පුලුවනි. නමුත් අවංක ආදරය එහෙම නෙවෙයි ඒක සදාතනිකයි. නන්දා මාලනීගේ ගීතයකුත් තියෙන්නේ “‘..ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි. පාරිශුද්ධයි. සුරම්‍යයි...“ නමුත් වර්තමාන සමාජයේ ඒ විදිහට හිතන අය හරිම අඩුයි කුමාරි. මම හිතන්නේ බොහෝවිට හැමෝම ද්‍රව්‍ය පරිභෝජනයට අසීමිතව යොමු වූ මේ සමාජයේ ආදරය වැගේ සියුම් මානසික හැඟීම් පිළිබඳව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම අද එතරම් දුරට උනන්දුවක් දක්වන්නේ නැති තරම්. ඒ වුනත් ඔබතුමාගේ මේ විග්‍රහයට මම හරි කැමතියි. මොකද ඒකේ හිතන්න දේවල් ගොඩාක් තියෙනවා කියලා මට හිතෙනවා.

      Delete
  24. @ පුංචි කුමාරිහාමි,
    -----------------
    මම ආචාර්යතුමා කියපු කරුණු පිලිබඳව තවම කල්පනා කරනවා. මට පුදුම ආචාර්යතුමා හරියටම කොහොමද මේ කරුණු මේ තරම් සවිස්තරව දැන ගත්තේ කියලා. නෑ මම කියන්නේ නැහැ උගත්කම නිසා දැන ගන්න බැහැ කියලා. ම්...ම්... හරිම සමීප කරුණු. .. සජීවීව පෙළ ගස්සලා.. හරිම තාත්විකයි... හි..හි... පුංචි කුමාරිහාමි වාරණය කරන්න හෙම නැහැ හොඳේ අපේ ආචාර්යතුමාව මේ පාර..

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මොනවා කියනන්ද කියලා අනූෂි ඔයා කියන ඒවට..

      Delete
  25. @ පුංචි කුමාරිහාමි,

    මම මේ විග්‍රහය සිදු කරන්නේ මම ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ නිබන්ධනය සිදුකළ මනෝවිද්‍යාවට අයත් ක්ෂේත්‍රයක් මුලික කරගෙනයි. මන්ද ස්ත්‍රී පුරුෂ මස්තිෂ්ක ව්‍යුහවල පවතින ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසා ඒවා පිරිමි හා ගැහැණු මොළ වශයෙන් ද්වි ස්වරූප වෙනවා. මේ හේතුව නිසාම ගැහැණු මනසට ලිංගික තහංචි මඟින් කුඩා කල සිටම ඇගේ මව ප්‍රධානකර ගත් ඥාතී පාර්ශවය විසින් දරුණු ලෙස කාවද්දා ඇති ස්ත්‍රියක සතු භූමිකාව වනාහී අවනත පෞරුෂයක්ය යනුවෙන් එත්තූ ගන්නා තිබෙනවා. ඒ නිසාම හොඳ හෝ නරක සෑම දෙයකටම තමන් අවනත විය යුතුය යන ආකල්පයේ ගැහැණිය පසුවිය යුතු යැයි ඇයට බල කර තිබෙනවා. මේ හේතුව නිසා පෙරදිග ආසියාතික ගැහැණියකට තමන්ගේ නිදහස හා ස්වයං තීරණ ගැනීමේ අයිතිය අහිමිකර තිබෙනවා. එවැනි ලක්ෂණයක් මේ සංවාද තුළ කියවෙනවා මට පෙනෙනවා. //එනිසාම කුඩා කල සිටම නොයෙකුත් අඟහිඟ කම් වලට මුහුන දුන් ඔවුන්ට ඇය වෙත ආ මංගල යෝජනාව වාසනාව හිස මත කඩා වැටුනාක් මෙන් දැනීම පුදුමයක් නොවූවද වෙරෝනිකා ඇගේ විරුද්දත්වය මව හමුවේ තැබුවේ අසරණවය.//
    පෙරදිග ආසියාතික ගැහැණුකම නිසා සාම්ප්‍රදායිකව ඇති වූ සිතිවිලි සමූදාය ඇගේ සිතේ ලුහුබැඳ පැමිණිම මේ වදන් තුළින් පුනරාවර්තනය වේ. //මවගේ වදන් හමුවේත් ඇගේ දෑසේ අසරන කම හමුවේත් වෙරෝනිකා ඇයට හිමි හිර ගෙය වෙත පානැගුවේ හිත් පිත් නැත්තියක් ලෙසටය.// මේ කතාවේ ගැහැණියකගේ සිතිවිලි සිත්තම් කරනුයේ බටහිර ගැහැණියකට හිමි නිදහස් හා විවෘත ආකල්පයකින් නොව පෙරදිග ගැහැණියකට උචිත අක්‍රියකාරී පසුබිමක් මතවීම මඳක් පරස්පර තත්වයකට අපව ගෙන යනවා කියලා මට හිතෙනවා. ඒක එහෙම වෙන්න පුලුවන්. මොකද මේකේ ලේඛිකාව සතු අත්දැකීම් පරාසය හා ඇගේ හැඟීම් කියවීම තවමත් පෙරදිග චින්තනය තුළ පෝෂණය වන නිසා මෙවැනි අදහස් හා ආකල්ප ඇයට ඇතිවිය හැකි නිසා. නමුත් කලාතුරකින් වුවද මෙවැනි ආකල්ප ආසියාතික නොවන, එහෙත් ආසියාතික ගැහැණියකට මුහුණදීමට සිදුවන පරිසරයට සමාන පරිසර තත්වයක් ලැබීම නිසා බටහිර යුරෝපීය පවුලක ගැහැණියකට වුවද ඇති විය හැකි බව අප අමතක නොකළ යුතුය. දරිද්‍රතාව වැනි සාධක පෙරදිග ආසියාතික හා බටහිර යුරෝපීය පදනම් ඉක්මවා තිබෙන මහා පොදු සාධකයක් බවද අප අමතක නොකළ යුතුය.
    මගේ අදහද් දැක්වීමේදී පෙන්වා දුන්නේ පෙරදිග ස්ත්‍රිය හා බටහිර ස්ත්‍රිය අතර මානසික පැතිකඩ අතර පවතින වෙනස විදහා පෙන්වන හොඳම සංලක්ෂය විදිහට ගත හැකි පොදු දෙයක්. එනම් විවාහය යන සාධකයයි. විවාහයක දී පෙරදිග හා බටහිර යුවතියන් සිතන්නේ දෙයාකාරයකට. මේක වඩාත් පැහැදිලි දැකගත හැක්කේ ලිංගික පැතිකඩ තුළ බවයි සමාජ විද්‍යාඥයින්ගේ අදහස. මන්ද මානව පරිණාමනයේ වැදගත්ම හා තීරණාත්මක සාධකය වන සෛල හා බැක්ටීරියා ජනන ගුණනය මඟින් සිදුවීමත් මානව වර්ගයා බෝවීම ලිංගික ප්‍රජනනය මඟින් සිදුවීමත්ය. මේඅනුව ලිංගිකත්වය සෙසු සත්ව වර්ගයාට සාපේක්ෂකව මානවයාගේ ඉදිරි වර්ධන ක්‍රියාවළිය තුළ වැදගත් සාධකයක් ලෙස දැක්විය හැකිය. මන්ද වරණීය වශයෙන් වඩා ශක්තිමත් ජාන පාරම්පරිකව ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවළියේදී ලිංගිකත්වය වැදගත් සාධකයක් ලෙස මානවයා විසින් භාවිතා කරන බැවිනි. // මොකද ස්ත්‍රියකට කුඩා කාලයේ සිට ප්‍රධාන වශයෙන් මව් පාර්ශවය හරහා විවිධ ලිංගික තහංචි පැනවීම් තුළින් ඇයව එක්තරා පීඩනයකට නතු කරලා ඇයව මොළ ශෝධන ක්‍රියාවළියකට ලක්කරලා තියෙනවා ලිංගිකත්වය ස්ත්‍රියකට අකැප දෙයක්ය. එය සම්පූර්ණයෙන්ම පිරිමියා පමණක් සතු අපූරු සුන්දර අත්දැකීමක්ය. ස්ත්‍රියක විසින් එහිදී පිරිමියාට කොන්දේසි විරහිතව හා නොයෙකුත් කැප කිරීම් කොට සම්පූර්ණ සහයෝගය පිරිමියාගේ තෘප්තිය පිණිස සහය විය යුතුය යනුවෙන් පෙරදිග චින්තනය විසින් ආසියාතික ගැහැණියව මොළ ශෝධනකරණයකට ලක්කර තිබෙනවා.// ලිංගිකත්වය වුවද සංස්කෘතික සාධකය මඟින් පාලනය කළ හැකි බව හා එසේ පාලනය කිරීමේ දී ස්වභාවික මානවීය ගුණ වෙනත් ආකාරයකින් ඉස්මතු විය හැකි බව දැක්විය යුතුය. මෙවැනි වෙනත් මතුවීම් මේ කතාවේ දැක්වෙන ආකාරයට අසම්මත හා අහඹු ලෙස සිදුවන දරු පිළිසිඳ ගැනීමක් දක්වා වුවද දුර දිග යා හැකි අන්දමට ඇති වන මානුෂික සංවේදී මනෝකායික බැඳීමක් දක්වා ලිංගික ප්‍රජනන කාර්යය සංස්කෘතිකව විසරණයවීමක් හා සංස්කෘතික කරණයක් මෙහිදී දැකගත හැකිය. අසම්මත හා සම්මතය අතර පවතින පැහැදිලි බෙදීමේ අවස්ථාවන් වලදී මානවයා ක්‍රියාත්මක වනුයේ සහජ ජානමය ලක්ෂණවලට අනුගතව බව ප්‍රේමය හා ආදරය වැනි උසස් මානසික බැඳීම් වලදී අනිවාර්යයෙන්ම පැහැදිලි වේ. මේ අනුව උසස් මානසික බැඳීමක දී ආදරය හා ප්‍රේමය යන්නේම දිගුවක් ලෙස ලිංගිකත්වය සම්මතය හා අසම්මත අතර දෝලනය වෙමින් ක්‍රියාත්මක වේ.

    ReplyDelete
  26. @ පුංචි කුමාරිහාමි,
    විවාහය හා ඊට අදාළ විවිධ මනෝකායික පසුබිම පිළිබඳව පෙරදිග ගැහැණිය දක්වන ආකල්ප පිළිබඳව වටහා ගැනීමට මගේ විශ්වවිද්‍යාල සගයෙකු වන මනෝවෛද්‍යවරයෙකු මුහුණ පෑ අත්දැකීමක් දක්වන්නම්. මගේ මිතුරා බොහෝ සංවේදී පුද්ගලයෙක්. ඔහු තමන්ගේ විවාහය සඳහා තෝරා ගත්තේ තමන් විශ්වවිද්‍යාලයට යෑමට ප්‍රථම පාසැල් අවදියේ පටන් ආදරය කළ යුවතියමයි. විවාහයට පෙර ඉතා උසස්ලෙස ඇසුරු කළ මේ දෙදෙනා විවාහ වීමෙන් පසුව මුහුණ දුන් පළමු මංගල රාත්‍රියේදී මගේ මිතුරු වෛද්‍යවරයා කරලා තියෙන්නේ මංගල දින රාත්‍රියේ ශාරිරිකව එක්විය යුතුමය යන සමාජ සම්මුතිය ඉවත දමා සිය බිරිඳගේ විශ්වාසය හොඳින් ආරක්ෂා වන පරිදි ඇයට අවශ්‍ය මානසික සෙනෙහස දක්වමින් කටයුතු කිරීම පමණයි. කෙසේ වුවද දැඩි ලෙස සම්ප්‍රදාය කරපින්නා ගත් සිය පෙම්වතිය මේ පිලිබඳව කුමන ආකල්පයක් දක්වන්නේදැයි මගේ මිතුරාට දැන ගැනීමට අවශ්‍යවී ඊට දින කීපයකට පසුව ඇගෙන් මේ පිළිබඳව පුද්ගලිකව විමසා තිබේ. එහිදී ඇය ඔහුට පවසා ඇත්තේ ඔහු කුමන පියවරක් එදා ගන්නේ දැයි තමන් චිත්ත කැළඹීමකින් පසුවූ බවත්, ඔහුගේ සුරක්ෂිත මානසික රැකවරණය ලැබීම නිසා තමන්ට එය බලවත් තෘප්තිමත් දිනයක් වූ බවත් පවසා තිබෙනවා. අද මේ දෙපළ දරු දෙදෙනෙකුගේ මාපිය යුවළකි. ඔවුන්ගේ විවාහ ජීවිතයද ඉතා සාමකාමී හා ප්‍රීතිමත් වූවකි. මම මේ කතාව කිව්වේ බොහෝවිට අපේ සංස්කෘතික ඇබ්බැහිවීම් නිසා කොපමණ නම් වැරදි ආකල්ප හා අදහස් සමාජගතවී ඒවා මිනිසුන්ට කරදරකාරී ලෙස බලපා තිබේදැයි පෙන්වා දීම සඳහායි. මේ වගේම චාරිත්‍රයක් හින්දු විවාහ තුළ තිබෙනවා. ඒකෙදී විවාහ වූ යුවතිපති දෙදෙනෙකු දින සතක් යන තෙක් උපවාස කළ යුතු වෙනවා. මේ උපවාසයේ සැබෑ අර්ථය නම් එකිනෙකා මානසිකව ආකර්ශනය වන තෙක් ලිංගිකව නොබැඳී සිටිමයි. දැනට පෙරදිග ක්‍රියාත්මක වන විවාහ ගිවිස ගැනීම හා විවාහ උත්සවය ගැනීම යන ක්‍රම වේද දෙක මඟින්ද සිදු වනුයේ මීට සමාන කාර්යයක්ද කියලා විමසා බැලිය යුතුය. මන්ද විවාහ ගිවිස ගත්තද යම් යුවතිපති දෙදෙනෙකුගේ ලිංගික ජීවිතය ආරම්භ වනුයේ විවාහ උත්සවය ගැනීමෙන් පසුව වන බැවිනි. මෙහිදී විවාහ ගිවිස ගැනීම හෝ විවාහය ලියාපදිංචි කිරීම යනු නීත්‍යානූකූලව විවාහය ලියාපදිංචි කිරීමක් වුවද දෙදෙනා පරිපූර්ණම මානසික බැඳෙන තෙක් ලිංගික ඇසුර සීමා කර තැබීම විය හැකිය. ආදරයේ, රාගයේ සීමා මායිම් මොනවාද ඒවා අවශ්‍ය අවස්ථාවලදී ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මනා වැටහීමකින් පසුවීම මේ අනුව ජීවිතය සාර්ථක කරගැනීමට හේතුවකි. අවංකව ආදරය කරන දෙදෙනෙකු බලහත්කාරයෙන් දෙපසට කොට තැබ්බවීමට අදහස් කළද ඔවුන්ගේ ආදරය ඒ නිසා කිසිදු බිඳ වැට්ටවීමකට ලක් නොවන බව මේ කතා පුවත ඔස්සේ සාරය ලෙස ගත හැකිය. එසේම ආදරය හා ලිංගිකත්වය සම්බන්ධවන සුවිශේෂී අවස්ථා පිළිබඳව හා ඊට මානව ගුණ ගැබ්වන අවස්ථාවන් පිළිබඳව ඉතා සංවේදී ලෙස චිත්‍රණය කර දක්වා තිබේ.

    ReplyDelete
  27. කුමාරි ආචාර්යතුමා කියන කරුණුවල ඇත්තකුත් තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් සාපේක්ෂ සත්‍යයක් මිසක් ගැහැණිය පිලිබඳ පොදු මතය විදිහට අර්ථ කථනය කරනවාට නම් මම තදින්ම විරුද්ධයි. ගැහැණු විදිහට පෙරදිග සංස්කෘතිය තුළ අපි කටයුතු කරන සම්ප්‍රදායෙන් පිට වැඩ කරන්න අපට බැහැ. ඒ වගේම තමයි බටහිර කාන්තාවට තිබෙන නිදහස අපට නැහැ. සෑම ක්ෂේත්‍රයකින්ම පෙරදිග කාන්තාව වටවෙලා සීමාවෙලා. ඉතින් ඒ නිසාම මම හිතන්නේ ආචාර්යතුමා කියන පිළිවෙලට කටයුතු සිදු වෙන්න එක හේතුවක් ඒක කියලා. අනික තමයි විවාහ කියන දේ තවම සාම්ප්‍රදායිකව අපි සලකන නිසා එයින් බැහැරව කටයුතු කරන්න කොයිම වෙලාවකදීවත් සදාචාරවත් පසුබිමක් තිබෙන ගැහැණියක් පෙළඹෙන්නේ නැහැ කියලා කියන්න තියෙන්නේ. අනික අහඹු සිදුවීම් ආදරය කරද්දී සිදුවෙනවා. ඒක ගැහැණියකගේ කැමැත්ත සහිතව සිදු වුවත් ඒක අහඹු සිදුවීමක් මිසක එයින් ගැහැණිය අසංවරයක් කියලා ඇඟවෙන්නේ නැහැ. එහි අසම්මත පැත්තක් තිබුණත් ඒක සමාජ විරෝධී කියලා අපිට හංවඩු ගහලා ගැහැණිය පිළිබඳ පෙරදිග නිර්ණායකය විදිහට හුවා දක්වනවට මම නම් විරුද්ධයි. මම හිතන්නේ කුමාරිත් මගේ මතේම ඇති. නමුත් ආදරය කරන දෙදෙනෙකු අතර විවිධ අවස්ථා තිබිය හැකියි මෙවැනි සීමාවන් යම්තාක් දුරටකට ඉක්මවා යන. නමුත් ඒවා වලින් පමණක්ම ගැහැණිය පිළිබඳ පොදු මතයකට පැමිණීම පිළිබඳව මම නම් විරුද්ධයි. මොකද කළාතුරකින් සිදුවන සිදුවීමක් අල්ලාගෙන හැම ගැහැණියකම ඒ මතය තුළට දමා පහළට දාලායි සමාජය හැමවිටකට සලකන්නේ. මම ඒ වගේ දේවල් වලට විරුද්ධයි.

    ReplyDelete
  28. @ පුංචි කුමාරිහාමි,

    මේක දකිද්දී මට නම් හරිම ආසා හිතුනා කුමාරි ඇත්තෙන්ම. මොකද අද කාලේ මේ වගේ ශිෂ්ට පිරිමි හරි අඩුයි. හැම පිරිමියාව බලන්නේ කොහොමද ගැහැණු අපට වරදින්නේ කියලා. අපට වැරදුනේ නැතිනම් කොහොමද අපට වරද්දන්නේ කියලා. නමුත් මෙහෙම කල්පනා කරන පිරිමියෙකු විවාහ කරගැනීමට ලැබීම ගැහැණියකට වාසනාවක් බව ගැහැණියක ලෙස මට සිතේ. //මංගල දින රාත්‍රියේ ශාරිරිකව එක්විය යුතුමය යන සමාජ සම්මුතිය ඉවත දමා සිය බිරිඳගේ විශ්වාසය හොඳින් ආරක්ෂා වන පරිදි ඇයට අවශ්‍ය මානසික සෙනෙහස දක්වමින් කටයුතු කිරීම පමණයි.// මම හිතනවා ආචාර්යතුමාගේ යහළුවා ඉතාම හොඳ කෙනෙක් කියලා. ඒ වගේම පිරිමි අය ගැහැණු වන අපි පිළිබඳව මේ ආකාරයට සංවේදී ලෙස කල්පනා කිරීමට වෑයම් කරනවා නම් ඒ පිළිබඳව සතුටට ද පත් වෙමු.

    ReplyDelete
    Replies
    1. ඔව් අනූෂි ඔයාගේ අදහසට මාත් එකඟයි

      Delete
  29. @ පුංචි කුමාරිහාමි,


    ඔයාගේ සිත්තරා කතාව නම් හරි ලස්සනයි. ඒ වගේම ඔයාගේ නව කතාව ලියන එකත් අමතක කරන්න එපා. අපි හරි ආසාවෙන් ඊ ළඟ කොටස ලියන කල් බලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසිකා ඔයාට. ඔව් ඉක්මනින් මම ඒක දාන්නම්..

      Delete
  30. @ පුංචි කුමාරිහාමි,
    මේ කතාවේ සිද්ධි දාමය ගලා යන්නේ හරිම චමත්කාර විදිහට. ඒ වගේහ පුංචි අහිංසකකමකුත් ගැබ් වෙලා තියෙනවා. කතාව කියන මානසික හුරුව කතාව පුරාම අපූරුවට සිත්තම් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගැහැණුන් හරිම මෘදුයි. මොළොක්. මාතෘත්වයට අවශ්‍ය කරුණු මේවා. කුඩා ළඳරුවෙකුගේ මානසික පක්ෂය සම්පූර්ණයෙන්ම පෝෂණය කිරීමේ වගකීම් මුළුමනින්ම රඳා තිබෙන්නේ කාන්තාවකගේ අතේ. ඉතින් මේ වගේ පසුබිමක දී කාන්තාව කුඩා දරුවා සමඟ කටයුතු කිරීමට හැකියාව ඉතාමත්ම හොඳින් ලැබෙන පරිදි තමයි ජෛව විද්‍යාත්මකව වුනත් ඇයව නිර්මාණය වෙලා තියෙන්නේ. මම හැකිතාක් නිර්මාණය පිළිබඳව මිසක නිර්මාණකරු පිළිබඳව යමක් නොපවසා සිටීමට වෑයම් කරනවා. නමුත් අහම්බෙන් වගේ ඒ වගේ අවස්ථාවකදී නිර්මාණකරු පිලිබඳව පැවසීමට සිදුවන අවස්ථාත් තිබෙනවා. යම්කිසි නිර්මාණයක දී නිර්මාණකරු අමතකර කර සැලකිය නොහැකියි. සදාචාරාත්මක හා නෛතික හිමිකමක් නිර්මාණය කෙරෙහි නිර්මාණකරුවාට තිබෙනවා. ඒ නිසා නිර්මාණය හා නිර්මාණකරු අතර පවතින්නේ කිසියම් අවියෝජනීය සම්බන්ධයක්. මේ හේතුව නිසා නිර්මාණය එහි අවයෝජනීය සම්බන්ධතාව දක්වන නිර්මාණකරුවෙන් වියුක්ත කොට සලකා කතා කිරීම නිර්මාණකරුවෙකුට සිදුකළ හැකි බලවත් අසාධරණයක් ලෙසත් අර්ථ දක්වන්න පුලුවනි. නොයෙකුත් හේතු මත ඇතැම් සුවිශේෂී වූ අවස්ථාවල දී නම් නිර්මාණය නිර්මාණකරුවාගෙන් වියුක්ත කොට සැලකීමට නිර්මාණකරු පවා පෙළඹෙන අවස්ථා දැකිය හැකිය. එයට විවිධ හේතු තිබේ. සදාචාරාත්මක, නෛතික හා ආගමික යන විවිධාකාර බලපෑම් හේතු කොටගෙන ස්වකීය නිර්මාණය සමඟ තමන්ගේ පුද්ගලික පසුබිම සැලකීම අසාධාරණයකැයි නිර්මාණකරුවෙකුට එත්තූ යන අවස්ථාවකදී බොහෝ විට නිර්මාණකරුවන් එකඟතාවය දක්වනවා නිර්මාණය තමන්ගේ පුද්ගලික පසුබිමින් වියුක්ත කොට එහි ගුණ දොස් විචාරපූර්වකව දක්වනවාට. මම එක් නිදසුනක් කියන්නම්. හිතන්න ඉස්ලාම් ලේඛිකා සල්මන් රූෂ්ඩි තමන්ගේ නිර්මාණකරණයට පාදකකොට ගන්නා අත්දැකීම්, මනෝභාවයන්, හා පරිකල්පන සියල්ල නිර්මාණාත්මක ලෙස නිර්මාණය තුළින් පාඨක ප්‍රජාවට ඉදිරිපත් කරනවා. ඇය නිර්මාණයට අවංකවීමේ අභිලාශය පෙරදැරි කරගෙන තමන්ගේ පුද්ගලික පසුබිම දෙවැනි තැන තබා නිර්මාණකරණයේ 100% ක්ම හොඳින් නිරතවෙනවා. ඒ නිසා ඇය විසින් බිහිකරන නිර්මාණ 100%ක්ම අති විශිෂ්ඨ ගණයේ විශ්ව නිර්මාණ ලෙස මුළු මහත් ලෝකයා විසින්ම අවිවාදිතව පිළිගන්නවා. නමුත් ඇයගේ මව්බිමේ ඇගේ ආගමේ ඇගේ ඥාතී පිරිස අතර දී විශේෂයෙන්ම කාන්තාවකට එවැනි දේ පිළිබඳව ප්‍රසිද්ධියේ කතාබහ කිරීමේ අවසරය ලැබී නැහැ. මේ හේතුව නිසා කොපමණ හොඳ නිර්මාණ බිහිකළත් ඇයට අවසානයේදී සිදුවන්නේ තමන්ගේ උපන්බිමෙන් ජීවිත ආරක්ෂාව තකා පළාගොස් වෙනත් රටක ජීවත්වීමට. විශ්ව සම්භාවනීයත්වයට පත්වූ නිර්මාණයම නිර්මාණකරුවෙකුගේ අනාගත ජීවිතයට අභියෝගයක් වී ඇති ආකාරය පිළිබඳව සැලකිල්ලට ගන්න. මේ නිර්මාණයයේදී ඇයට අසාධරණයක් අත්වී ඇත්තේ ඇය කාන්තාවක වීමත් ඒ වගේම ඉස්ලාම් ආගම අදහන පසුබිමකට අයත්වීමත් යන පුද්ගලික කාරණායි. මේ හේතුව නිසා ඇය කෙතරම් හොඳ නිර්මාණ කළද ඇය ගෙන් වියුක්තව මින ඇයට සාපේක්ෂකව නිර්මාණය විශිෂ්ට බව ප්‍රසිද්ධියේ පිළිගැනීමට තරම් කුහක ලෝකයා සූදානම් නැහැ කුමාරි.කාන්තාවක ආදර කතාවක් හරි නිදහස් විවෘත ආදරණීය චර්යා තිබෙන කතාවක් හරි ලිව්වොත් මේ කුහක සමාජය ඇය ගැහැණියක් කියලා ඒ මතයේ දැඩිව ඉඳගෙන ඇයව පාගා දමන්නමයි හැම වෙලාවේම බලන්නේ. ඒ වගේ සිදුවීමක් මුලින්ම ඇරඹෙන්නේ ඒ ස්ත්‍රිය අයත් පවුල් සංස්ථාවතුළින්මයි. මම දන්න වැදගත් පවුලක ඉංජිනේරු මහත්මයෙක් මට මේ කතාව කිව්වා. එයා මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පාඨමාළාව හදාරද්දී විශ්වවිද්‍යාලයේ තමන්ගේ බැජ් එකේම හිටපු කොල්ලෝ කවදාවත් කැමති වෙලා නැහැලු තමන් වගේම එකට අධ්‍යාපනය ලබා සිවිල් ඉංජිනේරු උපාධිධාරීන් විදිහට පිටවෙලා යන කොල්ලෝ කැමති නැහැලු තවත් ඒ වගේම කෙල්ලෙක් කසාද බඳින්න. ඒකට හේතුව ඒ වෘත්තියම තමන්ගේ බිරිඳත් කරන එක තමන්ගේ පිරිමිකමට ආත්මඅභිමානයට කැලලක් විදිහට අවිඥානිකව මේ අය සලකන නිසා බව ඔහු මට කිව්වා. මෙවැනි සිදුවීම් හරහා පැහැදිලිව පෙනී යන්නේ පිරිමියා අවිඥානිකව තමන්ට වඩා ඉහළ තලයක තම බිරිඳ වැඹඹෙනු දැකීමට කැමති නැති බවයි. එය තමන්ගේ පිරිමිකමට මදි කමක් හෝ තමන්ට වඩා සුදුසුකම් වැඩි වෙනත් කෙනෙකු තමන්ගේ බිරිඳගේ ආදරය දිනා ගනිතැයි යන අහේතුක භීතිකාව නිසා හෝ විය හැකිබව මෙහිදී පෙනී යනවා.

    ReplyDelete
    Replies
    1. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,

      ඔබතුමා මේ කතාව තුළින් පෙන්වා දෙන පරිදි ගැහැණු පිළිබඳව සාමාන්‍ය සමාජය තුළ මුල්බැසගෙන ඇති මතය සත්‍යයක් කියලා මමත් හිතනවා. නමුත් මේක වැරදි මතයක්. මොකද වර්තමාන සමාජයේ උගත් පිරිමින්ට සාපේක්ෂකව වැඩි ප්‍රමාණයක් උගත් ගැහැණුන් ඉන්නවා. මේ නිසා සමාජයේ නිතරම පිරිමින්ට වඩා වැඩි පිරිසක් බුද්ධිමතුන් වශයෙන් රටේ සංවර්ධන කාර්යයට ගැහැණුන් උරදෙනවා. ඒ වගේම වාර්ෂික ජාතික ශ්‍රම බලකායට කාන්තා පාර්ශවයෙන් දක්වන දායකත්වය වසරින් වසරට වැඩි වෙමින් පවතිනවා. ඒ ඔස්සේ දැන් මේ වැරදි සමාජ ආකල්ප ඉතාමත් වේගවත්ව වෙනස් වෙමින් පවතිනවා. ඉදිරියේදී ලංකාවේ පමණක් නොවේ මුළු ලෝකයේම වැඩි කාන්තා දායකත්වයක් බුද්ධිමය ක්ෂේත්‍ර තුළ දක්නට ලැබේවි. ආසියානු කලාපයේ මේ ප්‍රමාණය ලෝකයේ සෙසු රටවලට වඩා දැනටමත් ඉදිරියෙන් තියෙන්නේ කියලා ආචාර්යතුමා දන්නවද? එතකොට තමන්ගේ බිරිඳ තමන්ට වඩා වැඩි කාර්යප්‍රමාණයක් ඉටු කරනවා කියලා පිරිමින්ට අනිවාර්යයෙන්ම පිළිගන්න වෙන දවසකුත් ඒවි. දැනටමත් සමහර පවුල්වල මේ තත්වය උදාවෙලා තියෙන්නේ. මොකද පිරිමි බලන්න පොඩි ප්‍රශ්නයක් වුනාම වත් තමන්ගේ ආත්ම ශක්තියෙන් ඒගොල්ලන්ට ඒක විසඳගන්න බැහැ. එයාලා එකෙන් ගොඩයන්න තෝරාගන්නේ මත්පැන් නැතිනම් මත්ද්‍රව්‍ය. මේවා ප්‍රශ්න වලට විසඳුම් නෙවෙයි ප්‍රශ්න තවත් උග්‍ර කරන දේවල්. ප්‍රේම සම්බන්ධයකදී නම් මානසික පක්ෂය කෙසේ වෙතත් ශාරීරික පක්ෂය සම්බන්ධයෙන් නම් වැඩි ප්‍රබලතාව හිමි පිරිමි පාර්ශවය කාන්තාවන් පිළිබඳව වඩා ගරුත්වයකින් සිතා කටයුතු කරන්නේ නම් අද බහුලව සමාජයේ විද්‍යමාන වන කාන්තාව සම්බන්ධව ඇති වන සමාජ උවදුරු අවම කරගැනීමට එය කිසියම් රැකුලක් වියහැකිය. කෙසේ වුවද මේ අන්දමින් වුවද කාන්තාව සම්බන්ධව වැදගත් සංවාදයක නිරතවීමට ලැබීම පිළිබඳව නම් කාන්තාවන් ලෙස අපි බෙහෙවින්ම සතුටට පත් වෙමු.

      Delete
  31. @ පුංචි කුමාරිහාමි,
    මම කාලයක් වැඩ කලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. එතකොට මට වැඩිපුරම කටයුතු කරන්න වෙලා තිබ්බේ වෛද්‍යවරු එක්ක. වෛද්‍යවරුන්ගෙත් මේ ප්‍රශ්නය තිබ්බා. නමුත් සැමියා හා බිරිඳ යන දෙදෙනාම වෛද්‍යවරු විදිහට කටයුතු කරන අය නැත්තේ නැහැ. නමුත් බහුලව කැමති වෙන වෙන ක්ෂේත්‍ර දෙකක අය විවාහ වෙන්න බව පැහැදිලිවම දැක්කා. මම දන්න එක් වෛද්‍යවරියක් හිටියා ඇය වැදගත් පවුල් පසුබිමක් තිබෙන අය. ඇගේ නැගණිය උපාධිධාරී ගුරුවරියක්. අම්මා විශ්‍රාමික ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්. පියා විදුහල්පතිවරයෙක්. මේ තරම් වැදගත් ඒ වගේම ලස්සන හොඳ පෙනුමක් තිබුණු මේ වෛද්‍යවරිය තමන් විවාහ කරගැනීමට බලාපොරොත්තු වෙලා ඉඳලා හිටියේ කවදාවත් වෛද්‍යවරයෙකු නොවන තැනැත්තෙකු බව මා සමඟ පැවසුවා. ඒකට හේතුව තමන්ගේ සැමියා වෛද්‍යවරයෙකු වුවහොත් ඔහුගෙන් තමන්ට ඉහළ පිළිගැනීමක් අත්පත් නොවන බවත්, ඇය වැඩිපුර ආශා කරන්නේ තමන්ගේ සැමියා වෙතින් ඉහළම අගය කිරීමට ලක් වීමට බවත් පැවසුවා. තමන් වෛද්‍යවරයෙක්ව විවාහ කරගන්න මුල ඉඳලාම අකමැතිව සිටීමට හේතුව ඇයට සැමියාගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවීමට නම් තමන් ඔහුට වඩා ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇතිව සිටීම බලාපොරොත්ව සිටි බවයි. ඒ වගේම ඇය සැමියා හඳුනාගෙන තිබෙන්නේ සාමාන්‍ය බස් රථයක ගමනක් යන අතරතුරදීමයි. සැමියා ව්‍යාපාරිකයෙක්. අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත එහෙත් යහමින් මුදල් හදල් අතමිට ගැවසෙන ව්‍යාපාරික සැමියා ගේ ආශාව වී තිබුනේ ඇය වෛද්‍යවරියක ලෙස ඉහළ සමාජ මට්ටමක වැජඹෙනු දැකීමයි. තමන්ට වඩා උසස් අධ්‍යාපන මට්ටමක සිටින වෛද්‍යවරියක විවාහ කර ගැනීමට ලැබීම අභිමානයක් ලෙස ව්‍යාපාරිකයා විසින් සලකා ඇත. එසේම ඇය ලවා මුදල් හරි හම්බ කරවා ගැනීමේ පරමාර්ථයක්ද ඔහුගේ නොතිබුණූ අතර හුදෙක් වෛද්‍ය වෘත්තියේ අනලස්ව යෙදීමට සෑම පහසුකමක්ම බිරිඳට සැලැස්වීමට තරම් ව්‍යාපාරික සැමියා කාරුණික වී තිබිණ. එය මේ වෛද්‍යවරියගේ වචනවලින්ම පවසනවා නම් මගේ මහත්තයා මට දක්වපු ගෞරවය මට විශාල තමන්ට ආශ්වාදයක්. මේ වෛද්‍යවරියගේ සැමියා ප්‍රබල ව්‍යාපාරිකයෙක්. මේ වෛද්‍යවරිය එවකට සීමාවාසික පුහුණුව සඳහා එන යන විට සැමියා ඇයට යාමට ඒමට විවිධ වර්ගයේ වාහන පහසුකම් සපයා තිබුණා. මේ වෛද්‍යවරියගේ බලාපොරොත්තුවත් ඒ වගේ කෙනෙක් විවාහ කරගැනීම බවත් සැමියා වෛද්‍යවරයෙකු වුනා නම් තමන්ට මේ වගේ වරප්‍රසාද හා ඉහළ පිළිගැනීමක් සැමියාගෙන් නොලැබෙන බවත් ඇය මා හා ප්‍රකාශ කර සිටියා. ඒකට හේතුව වෛද්‍යවරයෙකු විවාහ කරගැනීමෙන් පසුව තමන්ගේ බැජ් එකේ වෛද්‍යවරියකට අත්වූ ඉරණම ඇය ප්‍රකාශ කර සිටියා. විවාහ වී දරුවන් ලැබීමෙන් පසුව ඒ වෛද්‍ය සැමියා විසින් වෛද්‍ය බිරිඳට රැකියවේ යෙදීම අධෛර්යයට පත් කර තිබුණා. අවසානයේදී සිදුවූයේ විශාල ඉගෙනීමකින් පසුව වෛද්‍ය වෘත්තියේ නිරතවීමට සියළු සුදුසුකම් සපුරා තිබූ මේ වෛද්‍යවරියගේ යෙහෙළියට වෛද්‍යවරයෙකු හා විවාහ වී දරුවන් ලැබීමෙන් පසුව ඒ දක්වා මහත් ආශාවෙන් නිරතවූ වෛද්‍යවෘත්තියට සමුදී සාම්ප්‍රදායික ගැහැණියක මෙන් නිවසේ මුළුතැන්ගෙයි රාජකාරිවල නියැලීමට සිදුවූ බවත් තමන්ට එබඳු ඉරණමක් අත්වීමෙන් වැළැක්වීමට තමන් මෙවැනි තීරණයක් ගත් බවත් එය තමන්ගේ මව පියා ඇතුළු පවුලේ සියළු සාමාජිකයන්ද අනුමත කළ බවත් ඇය පැවසූවා. මේ කතාව තුළින් මම පෙන්වා දීමට වෑයම් කලේ වෛද්‍යවරු හැමෝම මේ වගේ කියන්න නෙවෙයි. ලෝකයේ ඉහළම වෘත්තියක නිරත වුවද අපේ සමාජ සංස්කෘතික සමාජයීය වාතාවරණය තුළ කාන්තාවකට අත්විඳීමට සිදු වී තිබෙන ශෝක ජනක වාතාවරණය පෙන්වා දීමටයි. ඉතින් සාහිත්‍ය නිර්මාණකරණයේදී ගෙන බැලුවත් මේ තත්වය දැකගත හැකියි. මොකද කාන්තාවක සාහිත්‍යකරණයෙහි නිරතවන විට ඇය අතින් මඟහැරිය හැකි දේවල් හා ඇයට අතපසුවිය හැකි දේවල් පිළිබඳව ඇයට සමාව දිය හැකි හා ඇය නියැලෙන ක්ෂේත්‍රයේදී ඇයව අගය කරමින් වඩාත් දිරිමත් කළහැකි විශ්වාසදායී සහකරුවෙකු ඇයට අවශ්‍ය කරනවා දිගු ගමනක් සාහිත්‍යකරණයෙහි යාමට නම්. සිත්තරා නමැති කතා පුංච කුඩා සිදුවීමක් ලෙස පෙළ ගස්වා තිබුණද එහි අන්තර්ගත මානවීය ගුණ හා නිර්මාණාත්මක සෞන්දර්යය පිලිබඳව දැවැන්ත සාකච්ඡාවකට එළඹිය හැකි මට්ටමින් පවතින බව පෙන්වා දිය හැකිය. එහි භාවිතා වී ඇති වචන වල ගැඹුරු යටි පෙළක් හා ද්වනිත වන ගැඹුරු යටි අරුතක් පවතියි. එය තේරුම්ගත හැක්කේ හා අගය කළ හැක්කේ සංවේදීව මේ සිදුවීම් පෙළ ඔස්සේ කියැවෙන දේ තේරුම් ගැනීමට වෑයම් කිරීම තුළය. ඇතැම් විට ඔබගේ මානසික මට්ටම අනුව සංවේදීතාවය අනුව ගැඹුරු රසාස්වාදයක් මේ තුළින් උකහාගත හැකිය. රුසියානු සාහිත්‍ය, ප්‍රංශ සාහිත්‍යය, ඉංග්‍රීසි සාහිත්‍ය ආදී වශයෙන් එක් එක් පුද්ගලයාගේ අත්දැකීම් සීමාව අනුව මේ තුළින් ගැඹුරු යටි පෙළක් ව්‍යංගාර්ථවත්ව රස විඳීමට ඉඩ ප්‍රස්තාව ලබා දී ඇත්තේමේ කතාවේ කර්‍තෘවරිය විසින් කතා කලාව කෙරෙහි දක්වන ලද නිසර්ග ප්‍රතිභා නිර්මාණ ශක්තිය නිසා යැයි මම අවංකව විශ්වාස කරමි.

    ReplyDelete
  32. ආදරණිය හමුවීමකින් ජයගත් සංවේදී ආදරයක්.. ඉතාම්ත්ම ලස්සනට ලියලා තියනවා කුමාරිහාමි! කො ඉතින් පටන්ගන්නකො ඔයාගෙ 'කුමාරිහාමි' නවකතාව, අපි කොච්චර ආසාවෙන්ද කියෙව්වේ ඒක, ඔහොම අතරමග නවත්තන එක හරි නැ නෙ, එතකොට අපි පව් නේද! :D :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රීසා. ඔයා ගොඩක් කාලෙකින් මෙතනට ආවේ.. මම ඉක්මනින් දාන්නම්

      Delete
  33. අනේ පුංචි කුමාරිහාමි අක්කි, කෝ ඔයා වෙනදට දාන කතාව. මම බලද්දි දැක්කේ සිත්තරා කියලා ඔයා වෙන කතාවක් දාලා. මේ කතාවත් ලස්සනයි. මම ආස ඔයා ලියන කුමාරිහාමි කතාවට. ඒක ටිකක් හොල්මන් කතාවක් වගේ නිසා කැමතියි. ඒකේ අන්තිමට වෙන්නේ මොනවද කියලා දැන්ම කියන්න බෑද ඔයාට? අනේ අක්කි ඔයා මගේ එකටත් එන්නකෝ.. ඔයාගේ එකට සෙනඟ මෙච්චර ගෙන්න ගන්නේ කොහොමද අක්කි ඔයා ? මම ලියලා ගොජාක් කල් බලා හිටියට කවුරුත් ඇවිල්ලා බලලා මුකුත් ලියලා යන්නේ නැත්තේ ඇයි? මම ලියන ඒවා හරි නැද්ද කියලා කියන්න....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  34. I found that all ano comments + anushi palpola + Dr. Sujith හංසිකාගේ දිනපොත +
    all are coming from same PC , connected to Inet from Italy Milan, Lombardia! Mr. Sujith pls stop this , or otherwise I'll Publish your private logging Info , That reveals your every thing . That includes your Sex pic collection at Piccrazy and lot more ..........................................................................................................................................

    Ss

    ReplyDelete
    Replies
    1. @ Dr. do you need some thing like this?

      February 6, 2013 at 12:34 AM
      IP Address:
      12X.147.2.142 IPv6 ::ffff:7893:28e
      IP Range Whois for 120.147.2.142
      Hide Map »







      IP Location: Australia.htmlAustralia, Victoria, Melbourne
      Resolve Host: CPE-120-147-2-142.
      IP Owner: Telstra Internet
      Owner IP Range: 120.144.0.0 - 120.159.255.255 IP Range Whois for 120.147.2.142
      Owner Address: Telstra Internet, Locked Bag 5744, Canberra, Act 2601
      Owner Country: Australia.htmlAustralia
      Owner Phone: Name : XXXGJXXX SXXXXDXXX +61 3 9815 59XX
      Owner Website: www.telstra.net, www.telstra.com.au
      Whois Record Updated: 5 Feb 2013
      IP Blacklist Check:
      Submit IP to Blacklist
      Not Listed in Blacklist
      Websites on this IP: No websites
      Web Browser/s on this IP: Unknown
      OS on this IP: Unknown
      Whois Raw Data [hide/show]
      Additional Information from Shermie log
      inetnum: 120.144.0.0 - 120.159.255.255
      netname: TELSTRAINTERNET47-AU
      descr: Telstra
      descr: Level 12, 242 Exhibition St, XXXXXXXXXXX XXXXXXXXXXXXXX
      descr: Melbourne
      descr: VIC 3000
      country: AU
      admin-c: TIAR-AP
      tech-c: TIAR-AP
      remarks: -----
      remarks: All reports regarding SPAM or security breaches
      remarks: should be addressed to abuse@telstra.net
      remarks: ------
      mnt-by: APNIC-HM
      mnt-lower: MAINT-AU-TIAR-AP
      status: ALLOCATED PORTABLE
      remarks: -+-+-+-+-+-+-+-+-+-+-+-++-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
      remarks: This object can only be updated by APNIC hostmasters
      remarks: To update this object, please contact APNIC
      remarks: hostmasters and include your organisation's account
      remarks: name in the subject line
      remarks: -+-+-+-+-+-+-+-+-+-+-+-++-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
      changed: hm-changed@XXXXXXXXXXXX 20090420
      source: APNIC
      person: Telstra Internet Address Registry
      address: Telstra Internet
      address: Locked Bag 5744
      address: Canberra
      address: ACT 2601
      country: AU
      phone: +61 3 9815 59XX
      e-mail: XXXXXXXXXXXXXXX@telstra.net
      nic-hdl: TIAR-AP
      remarks: Telstra Internet Address Registry Role Object
      mnt-by: MAINT-AU-TIAR-AP
      changed: XXXXXXXXXXXXXX@aunic.net 19951128
      changed: aunic-transfer@apnic.net 20010523
      changed: aunic-transfer@apnic.net 20020115
      changed: Kushnil@apnic.net 20020813
      changed: XXXXXXXXXXXXXX@apnic.net 20050310
      source: APNIC ac4s54a4d5f5b5c4c

      Your Browser IE 9.0
      Win7
      1097x617
      Your OS Serial No Reg to : 545547545545554578265 (en-us, en)
      Your Browser Agent Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-US; rv:1.9.2.28) Gecko/20120306 Firefox/18.6.28
      PC ID Sys a554c55f55b55e454d4fff5

      Delete
    2. Italy lombardiya වලින් ලොග් වෙන්නේ මම. මේ කියන කෙනා මොනාද මේ කියන්නේ:

      Delete
  35. @ පුංචි කුමාරිහාමි,
    මම දන්න් නැහැ මේකේ ඉහළ ඉංග්‍රීසි භාෂාවෙන් මොකක්ද ලියලා තියෙන පුද්ගලයගේ පරමාර්ථය මොකක්ද කියලා. පුංචි කුමාරිහාමි වරක් ඉල්ලා හිටියා මේ වැනි පහත් දේවල් කරන්න එපා කියලා. ඒ නිසා මම මේවාට සම්බන්ධ වෙන්න කැමති නැහැ. උසස් දේවල් කරන්න වැය කළ යුතු කාලය නිකරුනේ ගත කර හැරීම අපරාධයක්. අනික මේ වගේ දේවල් නිසා වැදගත් අය අධෛර්ය කරන්න වෑයම් කරන්න කවරෙකු හරි හදනවා නම් ඒක නිවැරදි නැහැ කියලයි කියන්න තියෙන්නේ.නමුත් චෝදනාවක් ලෙස මගේ නම භාවිතා කර ඇති බැවින් මා ඔබ පවසන දේ සමඟ සබඳතාවක් නැති බව කියමි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඔබතුමාගේ හිත රිදුනා නම් මමයි Italy වලින් ලොග් වෙන්නේ ඔබතුමා නෙමෙයි. මමත් දන්නේ නෑ මේ විකාර කරන්නේ කවුද කිය්ලා. මම ආයෙමත් කමෙන්ට් මොඩරේශන් දානවා.

      Delete
  36. @ පුංචි කුමාරිහාමි,
    මේ ලිපිය පිළිබඳව වැදගත් ශාස්ත්‍රීය සංවාදයක් ආරම්භ කරලා කීප දෙනෙක් ඒ සාකච්ඡාවට එකතු වෙලා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කලා පමණයි. යළිත් වරක් සැඟවුනු ප්‍රහාරකයින් වැඩේට බැහැලා. මේ වතාවේ ඔවුන් නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරන බව අපට අඟවන්නද මන්දා බ්‍රෝකන් ඉංග්‍රීසි වලින් මොනවද පල් හෑලි වගයක් ඇනෝ නමින් එවලා. ඔය ඇනෝ නමින් එවන තරමක් කමෙන්ට්ස් එවන්නේම තමන්ගේ නියම නමින් පෙනී සිටින්න තරම් කොන්දක් නැති අය. මම හිතා ගෙන ඉවරයි මීට පස්සේ මට මොනවා කිසිම කෙනෙක් කීවත් මම වගේ පාඩුවේ ලිපියට අදාළව කමෙන්ට්ස් පමණක් එවනවා කියලා. මෙහෙම බැණ අඬගහ ගන්න යනවා නම් ඉතින් මේ කිව්වත් මගේ මගේ ආචාර්ය උපාධියෙන් සහ විශ්වවිද්‍යාල කීපයකින් විවිධ විෂයයන් වලින් ලබාගත් උපාධි 7 නුත් කිසිම වැඩක් නැහැනේ. ඇයි බැන ගන්න ආචාර්ය උපාධියක් ඕන නැහැනේ. මම පුංචි කුමාරිහාමි ගේ බ්ලොග් එකට අදහස් දාන්න ආවේ ඇය ගැහැණියක් නිසාවත්, මට මේ වගේ බ්ලොග් එකකට කමෙන්ට් කරලා මේකේ අය හිතන විදිහේ අමුතු ආශ්වාදයක් ලබා ගැනීමේ චේතනාවෙන් වත් නොවෙයි. මම එතෙනදී බැලුවේ ඇත්තටම මම ඉගෙන ගත්ත දේවල්වලින් සාමාන්‍ය සමාජයට ප්‍රයෝජනවත් හරවත් සංවාදයක් බුද්ධිමය කතිකාවතක් හැකිතාක් පිරිසක් සහභාගී කරගෙන ඉතා වැදගත් අයුරින් ගොඩනඟා ගෙන පවත්වාගෙන යන්නේ කියලයි. මම බ්ලොග් 40 ක් දැනට ලිපි ලියා පළ කරමින් පවත්වාගෙන යනවා තමයි. ඒවායේපළ වෙන්නේ ඉතා ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය ලිපි. ඒ වගේම සමාජයේදී මට විඳින්නට සිදුවූ අමිහිරි අත්දැකීම් පිළිබඳවත් සටහන් කරලා තිබෙනවා. ඒවා කියවන්න පිරිස එන්නේ හරිම අඩුවෙන්. නමුත් මේ කුමාරිගේ බ්ලොග් එක මට දැනුනු විදිහට උසස් තලයක තිබුනේ. තවමත් ඒක උසස් තලයක තිබෙන්නේ. මම ඒ නිසා හරිම කැමති වුනා මට උසස් විදිහට කතා බහ කරන්න මෙතැන සුදුසු තැනක් කියලා. මම මගේ බ්ලොක් වල ඕන තරම් ලිපි පළ කරනවා. ඒත් වැඩි පාඨක පිරිසක් මට නැහැ. ඉතින් පාඨක පිරිස මා වටා ආකර්ශණය කරගන්න සුදුසුම ක්‍රමය නම් ඉස්සෙල්ලා ඒ අය අතරට ගිහිල්ලා සාමාන්‍ය විදිහට කතා බහ කරන එක සුදුසුම ක්‍රමය කියලා හිතලයි මම මට හොඳින් ගෞරවයෙන් සලකන බ්ලොග් කීපයකට ගිහිල්ලා කමෙන්ට් කරලා බැලුවේ. ඒ අදහසින්ම පුංචි කුමාරිහාමිගේ බ්ලොග් එකටත් ඇවිල්ලා කමෙන්ට් කලා. මුලදී කමෙන්ට් කරද්දී කිසි අවුලක් තිබ්බේ නැහැ. මම හොඳින් බුද්ධිමත්ව සංවාදය සිදු කරගෙන යද්දී එක්වරම ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවුනා. මට මේ වගේ ප්‍රහාර දීම් නිර්දය විදිහට මඩ ගැහිලි ඕන තරම් අන්තර්ජාලය තුළ සිද්ධ වෙලා හොඳට පුරුදුයි. ඒ වගේම අසභ්‍ය වචනයෙන් සිදුකරන බැණ වැදීම්, නින්දා කිරීම්, මඩ ගැසීම් පුරුදුයි. කෙනෙක් ඒවා මට කලාට මම ඒ පුද්ගලයා කෙරෙහි කිපෙන්නේ නැහැ. මොකද අන්තර්ජාලයට වඩා දැවැන්ත ඉමහත් කටුක සැබෑ ජීවිත අත්දැකීම් රාශියකට සැබෑ ජීවිතයේදී මා මුහුණ දී තිබෙන නිසා මේවා මට මොනවද? පොඩි ලමයින්ගේ කාටුන් වගේ මට මේවා. ඒත් මම කුඩා කාලයකදී වුනත් තේරුම් ගත්තු විදිහට පුංචි කුමාරිහාමි හරිම සංවේදී එතුමිය විසින් එතුමිය පිළිබඳව සඳහන් කරලා තිබෙන සටහනේ තිබෙන විදිහම චරිතයක්. ගැහැණු වුනත් පිරිමි වුනත් වැදගත් උසස් කුලීන අයට මම හරි කැමතියි. ඒ නරක අදහසින් නෙවෙයි. මොකද මම කුඩා කාලේ ඉඳලාම ලබලා තිබුනේ මහා කටුක අත්දැකීම්. ඒ කටුක අත්දැකීම් නිසාම මම හරිම කැමතියි හොඳ විදිහට උසස් විදිහට කුලීන විදිහට මේ සමාජයේ ජීවත් වෙන්න. මම ඉතාම පහළ ජීවන මට්ටමක ඉඳලා අනුක්‍රමයෙන් ටිකින් ටික ඉගෙන ගෙන විශාල ගමනක් ඔස්සේ ඉහළට ආපු කෙනෙක්. ඒ නිසා මට පුංචි කෙනාගේ දුක වේදනාව හොඳට තේරෙනවා. බොරුනම් මම සේවය කරන තැනට ඇවිල්ලා මගේ යටතේ ඉන්න මයිනර් ස්ටාෆ් එකෙන් මා පිළිබඳව අහලා බලන්න. මම ඉලෙක්ට්‍රිකල් සාප්පුවක වෙළඳ සේවකයෙක් විදිහට උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන තෙක් සේවය කිරීමේ සිට රාජ්‍ය ආයතනයක ප්‍රධාන මට්ටමේ ඉහළ කළමනාකාරීත්වයට අයත් මාණ්ඩලික නිලධාරියෙකු වීම දක්වා රැකියාවල් 100 කට වඩා දුක් විඳලා කරලා හරි අමාරුවෙන් මේ තත්වයට පැමිණි කෙනෙක්. මේකේ මට අපහාස කරන එක් කෙනෙක්වත් හීනෙන් වත් හිතන්නේ නැහැ මම මේ තරම්ම දුක් විඳලා තියෙනවා කියලා. ඔවුන් මිනිසුන්ට අපහාස කරන්නේ දුක් විඳලා නැති නිසා. මම මිනිහෙකුගේ දුක, කඳුළ වේදනාව හොඳින් හඳුනන මහත්මා හදවතක් තිබෙන අති සංවේදී මිනිසෙක්. මම අමාරුවෙන් උපයාගත්තු ආචාර්ය උපාධියයි දර්ශනපති පශ්චාත් උපාධියයි අනිත් සේරම උපාධි 7 යි පැත්තකට කළත් අදත් මගේ සේවකයෝ මාව ආදරයෙන් වැළඳ ගන්න විදිහේ චරිතයක් මම. මම මේවා කියන්නේ මේ තරුණ දරුවන්ට හැඳෙන්න. සමහරවිට ඔයාලා මගේ දරුවන්ගේ වයසේ අය වෙන්න පුලුවනි. මම ඔයාලගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටින්නේ පුංචි කුමාරිහාමි දරුවට අනුකම්පා කර ඇයට හිංසා කිරීමෙන් වළකින ලෙසයි. ඇය හරිම අහිංසක තැනැත්තියක්. ඔබලා අතරින් යම් කිසිවෙකු සිදුකරන අසංවර ක්‍රියා නිසා ඇයට විශාල වේදනාවක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මීට පසුව මෙවැනි වරදවල් සිදු නොකරන්න කියලා මම ඉතාම ආදරයෙන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි !!!

    ReplyDelete
    Replies
    1. මම දැකලා තියෙන දෙයක් තමයි නිකරුනේ සමහරු අනුන්ට රිදවලා දැඩි ප්‍රීතියක් ලබනවා. නමුත් ඒ වගේ දෙවල් හරිම තාවකාලිකයි. ඒක තියෙන්නේ ඉතාම සුළු කාලයයි. ඒ වගේම තමයි නරක දේවල්වලට වැඩිය ආයුෂ නැහැ. ඒවා සබන් පෙණ වගේ. හරිම ඉක්මනට දියවෙලා යනවා. ඒක නිසා ඒ වගේ අයට අනුකම්පා කර අමතක කර දැමීම වඩාත් සුදුසුයි කියලා මම හිතනවා.

      Delete
  37. @ පුංචි කුමාරිහාමි,
    මම ඔයාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි. මේ බ්ලොක් අඩවියේ ලිපිවලට කිසිම අදාළත්වයක් නැති සියළුම කමෙන්ට් මකලා දාන්න කියලා. ( මට පහර එල්ල වෙන ඒවට පිළිතුරු වශයෙන් මම දාලා තියෙන කමෙන්ට් පවා මකලා දාන්න ඒවායේ කිසිම ශාස්ත්‍රීයත්වයක් නැහැ) මෙකේ මම දාලා තියෙන කමෙන්ට් වලින් මේ බ්ලොග් ලිපිය පිළිබඳව දක්වා ඇති මනෝ විද්‍යාත්මක විශ්ලේෂණ හැර අනිත් සියළුම මගේ කමෙන්ට් පවා මකලා දාන්න. මොකද ඒවා තමයි මේ පහත් පිරිස්වල ඉලක්කය. මේ අය බලන්නේ හැකිතාක් මේ වගේ දෙකයි පණහේ කමෙන්ට් වලින් ඔයාගේ බ්ලොග් එක පුරවලා මේක අපවිත්‍ර කරලා පහලට දාලා ඒ අය ෆෙවරේෂන් කරන ඒ අයට යටින් උදව් කරන වෙනත් බ්ලොග් කාරියන්ගේ බ්ලොග් හැකිතාක් උඩට ගෙන ඒමයි මේ අයගේ සැඟවුනු අරමුණ

    ReplyDelete
    Replies
    1. වැරදි පාරවල් වල යන අයටයි එහෙම යන්න උත්සාහ කරන අයටයි කරන්න පුලුවන් ලොකුම පළිගැනීම නැතිනම් දඬුවම තමයි ඒ ගොල්ලන්ට කැමති මඟක යන්න දීලා බලා ඉන්න එක. අහලා තියෙනවද වැරදි දේවල් හැමදාම කරන්න බැහැ කියලා. හැම ගහටම කොට කොට ගිහිල්ලා අන්තිමේ කෙහෙල් ගහට කොටපු දාට හොට පටලවා ගෙන ජීවිත කාලයම දුක් විඳිනවා. කරන්න තියෙන්නේ මේ ගොල්ලෝ කෙහෙල් ගහට කොටලා හොට පටලවා ගන්න තුරු ඉවසා නිහඬව බලා සිටීම පමණයි... හි...හි...

      Delete
  38. @ පුංචි කුමාරිහාමි,

    ඔබතුමිය විසින් මෙහි ඉදිරිපත් කර ඇති සාහිත්‍යමය රචනාව තුළින් මනෝ විද්‍යානූකූල විශ්ලේෂණයක් සිදු කළ හැකිය. මෙය එක්තරා ආකාරයට ගැහැණියක විසින් සිදු කරන ආත්ම ප්‍රකාශනයක් ලෙසද ගත හැකිය. සිත්තරා නැමැති කතාව තුළින් පිරිමි හිතන පිළිවෙල හා ගැහැණු හිතන පිලිවෙල අතර වෙනස්කම් ප්‍රතිනිර්මාණය කර දැක්වෙන බව පෙන්වා දිය හැකිය. මේ කරුණු කතාව තුළින් සෘජුවම නොකියවුනද කතාවේ යටි පෙළ මඟින් ව්‍යාංගයෙන් ඉදිරිපත් වේ. බලන්න මේ කතාව තුළ පුංචි කුමාරිහාමි විසින් වෙරෝනිකාගේ මුවඟට නංවා ගැහැණිකගේ ප්‍රකාශන අප වෙත ගෙන එන අපූරුව. එහි ගැබ්ව ඇති ව්‍යාංගාර්ථවත් සෞන්දර්යය දෙස බලන්න.
    //මමත් ඔබ දුටුවනම සිතුවේ මීට කලින් ඔබව කොහේදී හෝ මුණගැසී තිබෙනවා කියා තමයි.//
    //සැබැවින්ම මොනතරම් සුන්දරද. ඔබට සිතුවම් ඇදීමට පමනක් නොවෙයි ගීත ගැයීමටත් හැකි නේ."//
    //කරුණාකරලා අදාළ කරුණ කෙළින්ම කියන්න‘ යි හැම තැනම පිරිමි විසින් ගැහැණියට හඬ නඟා කියති. ගැහැණිය කතා කරන විට ඇය කතා කරන්නේ වක් මඟිනි. ඒ කියන්නේ ඇයට වුවමනා දෙය හැඟවීම නොහොත් විද්දේ පඳුරට අනුව කෙරෙයි. වක් මඟින් කතාව ගැහැනුන්ගේ විශේෂතාවයකි. එයින් විශේෂ කරුණු කීපයක් ඉටු වේ. ඉන් අන්‍යයන් හා සබඳතා ගොඩනැඟේ. ආක්‍රමණශීලීත්වයෙන් කෝපකාරී මත ගැටීම ආදියෙන් තොරවීම නිසා අනෙක් අය හා මිත්‍රත්වය ගොඩනැඟේ. එය සතුට හා සමාදානය රැක ගන්නා නිවහන රැකගන්නීගේ සම්පූර්ණ ක්‍රියාවළිය ඉටුකර ගැනීමට හොඳින් ගැලපේ. “ වක් මඟින් කතා කිරීම නිසා ගැහැණු අතර මිත්‍රත්වය ගොඩ නැඟේ. නමුත් එය නිතරම පිරිමින් හා නීති තේරුම් නොගන්නා බැවිනි.“ ගැහැණු මොළ ක්‍රියාවළීන් අරමුණූ කරගත් ඒවාය. ඔවුහු අදහස් හුමවාරු ක්‍රියාවළිය මඟින් සතුටු වෙති. පිරිමි මේ ක්‍රමයෙහි අඩුපාඩු දකින අතර එමඟින් ඔවුන් කලබලයට හා කෝපයටත් පහසුතාවයටත් පත්වන බවත් කියති. ගැහැණූ කතා කරන්නේ කුමක් ගැන කතා කරනවාදැයි නොදැන යැයි චෝදනා කරති. ගැහැණු ව්‍යාපාරවලදී වක් මඟින් කතා කිරීම විපතක් විය හැකිය. මන්ද පිරිමින්ට ගැහැනුන්ට මෙන් මොළය එක්වර නොයෙක් අංශයන්හි යෙදවීමේ හා වක් මඟින් කතා කිරීමේ හැකියාව නැති බැවිනි. එවිට ව්‍යාපාරික සාකච්ඡාවට ගැහැණුන් ගෙනා යෝජනා, ඉල්ලීම්, විමසීම් තත්වය ඉහළ නැංවීමට කළ යෝජනා ආදී සියල්ල ඉවත දැමීමට ඉඩ ඇත. වක් මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ කතා විධිය සම්බන්ධතා ගොඩනඟා ගැනීමේදී ඉතා හොඳ විය හැකිය. නමුත් අවාසනාවන්ත ලෙස එම ප්‍රයෝජනය දැකීමට නොහැකි වෙන්නේ කියන ලද දෙය රියදුරන්ට හා ගුවන් නියමුවන්ට පැහැදිලි නොවීමෙන් මෝටර් රථ ද ගුවන් යානා ද එකිනෙක ගැටී විනාශයක් වූවොත්ය.//
    ගැහැණියකගේ අදහස් වක්‍ර වන තරමටම සුන්දරත්වයෙන් අනූනය. ගැහැණුන් අවිහංසක බව පිරිමින් වන අප තේරුම් ගන්නේ ගැහැණුන් අපේ හිත නොරිද්දවා ඉතා සියුම් ලෙස ඔවුන්ගේ අදහස් අප වෙත ඉදිරිපත් කරන බැවිනි. ගැහැණුන් සමඟ කිසියම් මානසික බැඳීමක් ගොඩනඟ ගැනීමට ( ආදරයක් බිහි වීමට) පිරිමින් වන අපට පෙළඹවීමක් ඇති වන්නේ හුදු කායික රාගය පදනම්ව නොව මෙවැනි සියුම් සුන්දර හැඟීම් මඟින් අපේ පිරිමි හදවත ගැහැණුන් හට පුදුම තරම් සුන්දරත්වයෙන් කුළු ගැන්වීමට හැකියාව ඇති බැවිනි. සැබවින්ම ගැහැණියකට අවශ්‍ය වනුයේ මතුපිටින් ලස්සන වීමට වඩා හදවතින් ලස්සන වීම බව පිරිමි ප්‍රකාශ කිරීමේ සැබෑම හේතුවද මේ කාරණයම යැයි මම සිතමි. ගැහැණික සමඟ නොකැඩෙන දිගු කාලීන ආදර සම්බන්ධතාවයක් ඇති කරගැනීමේදී ගැහැණියක විසින් පිරිමි සමඟ ඇති කරගන්නා හැඟීම් පාර්ශවයට සම්බන්ධ සියුම් මනෝභාවමය තත්වය නිසා පිරිමි හදවත් නිරායාසයෙන්ම ගැහැණුන් සමඟ බැඳී යයි. දිළිඳු වුවද, පොහොසත් වුවද, කුලීන වුවද කුලහීන වුවද කිසියම් කාන්තාවකට සිය ගැහැණුකම ලෙස හැඳින්වෙන මේ කරුණ සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ හැකි නම් ඇයට ඕනෑම පිරිමියෙකුගේ සිත දිනා ගැනීම එතරම් අසීරු කාර්යයක් නොවෙතැයි මම අවංකවම විශ්වාස කරමි.

    (Allen + Barbara Pease, Why Men Don’t listen and Women can’t read maps, සිංහල පරි. චන්ද්‍රවංශ ආරියරත්ත, පිරිමි ගැහැණු මෙතරම් වෙනස් ඇයි?, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, බොරැල්ල, 2008, පිටු 117-120 )

    ReplyDelete
  39. @ පුංචි කුමාරිහාමි,
    ඔයාගේ රචනා ශෛලිය ඉතාම සුන්දර මට්ටම තිබෙනවා. ඔයා හොඳ නවකතා කාරියක වන සලකුනු පැහැදිලිව පෙනෙන්ට තිබෙනවා. සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය, සෝමා ජයකොඩි මහත්මිය, මහාචාර්ය සුසන්ත මහඋල්පත මහතා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා, රන්දිව ප්‍රධාන කර්‍තෘ සමන් සමරක්කොඩි මහතා, දිවයින පුවත්පතේ ප්‍රධාන කර්‍තෘ ගාමණී සුමනසේකර මහතා, සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්‍තෘ කරුණාදාස සූරියආරච්චි මහතා, දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්‍තෘ මහින්ද අබේසුන්දර මහතා, බුදුසරණ හිටපු කර්‍තෘ නෙල්සන් පෙරේරා මහතා, ආලෝකෝ උදපාදී ධර්ම සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක අයන්ති විතාන මහත්මිය, සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරිකා සුමුදු චතුරාණි ජයවර්ණය මහත්මිය, සුබසෙත ප්‍රධාන කර්‍තෘ චම්පිකා අඹුවන්ගල මහත්මිය ආදී සාහිත්‍යකරණයේ නියැලි විශාල විද්වතුන් ප්‍රමාණයක් මා පුද්ගලිකව දැන හඳුනනවා. ඒ පිරිස සතුව පවතින ප්‍රතිභා සම්පන්න හැකියාවම ලක්බිම පුවත්පතේ නිදහස් ස්වාධීන මාධ්‍යවේදිනියක වශයෙන් සේවය කරන ඔබතුමිය තුළද මම දකිනවා. මා සමඟ එකම රාජ්‍ය ආයතනයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් වන අධ්‍යක්ෂ මණ්ඩලය අතර පවා මෙවැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මගේ සමීපතම හිතවතුන් ඉන්නවා. මගේ දුක සැප සම සමව බෙදා ගන්නා සහෝදර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මිතුරෙකු වන දිවයින පුවත්පතේ කර්‍තෘ මණ්ඩලයේ උදේශ සංජීව ගමගේ මහතාද මේ සමඟ ඉතාම ආදරයෙන් සිහි පත් කරනවා.
    අනතුරුව පියෙත්‍රෝගේ මුවඟන නංවා කතාවේ කතුවරිය විසින් ඇගේ අදහස් අප වෙත ඉදිරිපත් කරන අපූරුව දෙස බලන්න. මේවා තුළින් අපූරුවට ගැහැණියකගේ සිතුවිලි අප හමුවට ගෙන එන චමත්කාරය විඳ ගන්නා මෙන් මම ආරාධනා කරමි.
    //"ඔබ දුටු මුල්ම දවසේ මම හිතුවේ දිව්‍යාංගනාවක් කියලා. මම ටිකක් වෙලා බලන් හිටියා ඔබ ඇසිපිය ගහයිද කියලා".. පලමු වරට තනිව හමුවූ දිනයේ ඔහු කියූ වදන් අදමෙන්ම ඇයට මතකය.//
    //වක් මඟින් කතා කිරීමේ දී අදහස් ගලපා ගැනීමේ දී සෘජු බව අඩු කිරීම බොහෝ සක්ක පද පාවිච්චි කිරීමට සිදු වේ. ඒවා මඟින් අදහස්වල සෘජු බව අඩුකොට හිතට වේගවත්ව එකවර වැදීම වළක්වයි. එහෙත් මෙම ප්‍රකාශන විධිය සටන් බිමක සෙබළුන් දිරි ගැන්වීමකට හෝ විධානයකට සුදුසු නැත.//
    //ගැහැණියක් තවත් ගැහැණියක් සමඟ කතා කිරීමේ දී වක් මඟින් කතා කිරීමේ දී කිසිදු ගැටළුවක් ඇති නොවේ. ගැහැණිය එහි නියම තේරුම වටහා ගැනීමට දක්ෂ වෙයි. කෙසේ නමුත් පිරිමින්ට එම ව්‍යවහාරය යොදා ගැනීම නම් විපතකට මුල් වේ. පිරිමි කෙලින්ම අදහස ප්‍රකාශ කරන අතර වචනවල සෘජුව ප්‍රකාශ වන අර්ථය අනුව තේරුම් ගනිති. මට වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කාරණය කියන්නැයි පිරිමි ගැහැණුන්ගෙන් ඉල්ලීම් කරනු ඔබ දැක තිබෙන්නට පුළුවන. ඊට හේතුව එයයි. වක්‍රොත්තිය පිරිමින්ට වටහාගත නොහැකිය. නමුත් ඉවසීමෙන් හා පුහුණුව තුළින් පිරිමින්ටද එම හැකියාව ප්‍රගුණ කළ හැකි අතර එමඟින් ගැහැණුන් සමඟ සාර්ථකව සන්නිවේදනයෙහි පිරිමින්ට වක්‍රෝත්තිය භාවිතා කර යෙදීමේ හැකියාව ඇති කරගත හැකිය. එමඟින් ගැහැණූ සමඟ සාර්ථක සන්නිවේදන සබඳතා පිරිමින්ට ඇති කරගැනීමට ඉඩකඩ ලැබේ. එසේම ගැහැණුන්ට පිරිමින් සමඟ සාර්ථක සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාවක් ලැබේ. සාර්ථක ලෙස ගැහැණුන් සමඟ සංවාද කරන්න නම් පිරිමි තේරුම් ගත යුතු කරණක් ඇත. එනම් ගැහැණිය කිසිවක් අදහස් නොකරම වචන පාවිච්චි කරන හෙයින් ඔහු එම වචනාර්ථ ගැන සිතීම හෝ විග්‍රහ කිරීම නොකළ යුතුය යන්නයි. නිදසුනක් ලෙස එක් ගැහැණියක් මෙසේ කියන්නීය. //
    //“මා වාඩි වූයේ මගේ ඇඳුම වගේම ඇඳුමක් ඇඳ සිටි ගැහැණියක් ලඟ නම්, මම එවේලේම මැරෙනවා. ඊට වඩා නරක දෙයක් නම් මට නැහැ.“//
    //ඇය සැබවින්ම ඊට වඩා නරක දෙයක් නැහැ‘යි අදහස් කරන්නේ නැහැ. ඇය ඇත්තටම මැරෙන්න බලාපොරොත්තු වෙන්නේද නැත. නමුත් වචනවල නියම අර්ථයෙන් තේරුම් ගන්න පිරිමි මනස ඊට ප්‍රතිචාර දක්වන්නේ “නැහැ ඔබ මැරෙන්න එපා. ඔයිට වඩා නරක දේවල් බොහෝ තියෙනවා“ යනුවෙනි. එය ගැහැණියක නම් සිනා ඉපිදවීමට කාරණයකි. එසේම තමා හා කතා කරන ගැහැණු කෙනෙකුගේ හැඟීම් වර්ග හයක් නැවත තත්පර දහයක් තුළ තම මුහුණේ හැඟීම්වලින් පළ කිරීමට ගැහැණිය සමත්ය. එසේම කතා කළ අයගේ හැඟීම් අගය කිරීමට හෝ විවේචනය කිරීමට සමත්ය. එය දකින අයෙකු සාකච්ඡා කළ සිද්ධියට ගැහැනුන් සියළු දෙනාම මුහුණ දෙන්නට ඇතැයි සිතනු ඇත.// (Allen + Barbara Pease, Why Men Don’t listen and Women can’t read maps, සිංහල පරි. චන්ද්‍රවංශ ආරියරත්ත, පිරිමි ගැහැණු මෙතරම් වෙනස් ඇයි?, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, බොරැල්ල, 2008, පිටු 117-120 )

    ReplyDelete
  40. @ පුංචි කුමාරිහාමි,

    ඔයා ගොඩාක් සංවේදී තැනැත්තියකි. මම ද එසේම සංවේදී කාරුණික මිනිසෙක්මි. නමුත් අද අප අවට සිටින බොහෝ මිනිසුන් ගැහැණුන් අප මෙන් සංවේදී හා කාරුණික අය නොවෙන බව ඔවුන්ගේ විවිධ විකාරරූපී ක්‍රියාකාරකම් නිසා ඔයාට පැහැදිලි වී ඇතැයි සිතමි. මෙය ගැහැණියකට ගර්භා කිරීමේ චේතනාවෙන් මා කියන ලද්දක් නොවේ. ගැහැණියකගේ වටිනාකම ඔප් නැංවෙන්නේ ඇය වඩාත් සුමුදු හා හෘදයාංගය වන අවස්ථාවලදීය. නමුත් එලෙස ගැහැණියකට සමාජය තුළ කටයුතු කරන්නට අවශ්‍ය අවස්ථාව මේ නරක සමාජය ඇයට හිමි කර නොදේ. ඒ වෙනුවට සමාජය තුළ වැඩිපුරම ඉහළට යන්නේ හා පිරිමි සමඟ ගැටි ගැටී තමන්ගේ අභිමථාර්ථ සපුරා ගැනීම සඳහා ධෛර්යමත්ව ක්‍රියාකරන්නේ පිරිමි වගේ හැසිරෙන පිරිමි වගේ සිතන කතාබහ කරන වේගවත්ව අනිත් අය සමඟ ගැටුම් ඇති කරගන්නා කාන්තාවන් බව අපගේ වෘත්තිමය පරිසරය තුළම වගේ දැක ගැනීමට ලැබේ.

    ReplyDelete
  41. @ පුංචි කුමාරිහාමි,

    අද කහවත්ත ප්‍රදේශය, නුගේගොඩ විජේරාම ප්‍රදේශය වැනි සමාජයේ බහුලව සාකච්ඡාවට ලක්වූ සාමූහික ස්ත්‍රී දූෂණ හා ස්ත්‍රී ඝාතන රැල්ලක් ලෙස සමාජය පුරාම පිළිකාවක් ලෙස ඔඩු දිවීමට මෙවැනි විකෘති මානසික මට්ටමකින් හෙබි පිරිමි සමාජයේ බහුල වීම හේතුවක් වී තිබේ. එයට විවිධ හේතු තිබේ. මා මීට වසර 24 කට පමණ පෙර යුද හමුදා පොලිසියේ විනයාරක්ෂක නිලධාරියෙකු ලෙස පුහුණුවීම් ලබද්දී යුද හමුදා නීතිය, සිවිල් නීතිය හා අපරාධ නීතිය පිලිබඳ දේශන මඟින් ඉගෙන ගනිද්දී අපරාධකරුවන් වර්ග, අපරාධකරුවෙකු ප්‍රශ්න කරන ආකාරය, අපරාධ භූමිය නිරීක්ෂණ කිරීමේ ක්‍රමවේද, ශාක්ෂි වර්ග, අපරාධකරුවෙකු බිහිවීමට බලපාන ජීව විද්‍යාත්මක හා මානසික සාධක ආදී අපරාධ විද්‍යාවේ මනෝ විද්‍යාවට අදාළ බොහෝ කරුණු ඉගෙන ගත් අතර පසුව විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සඳහා මනෝවිද්‍යාව අධ්‍යයනය කරද්දී තවත් ගැඹුරට මනෝ විද්‍යාත්මක සාධක පැහැදිලිව පර්යේෂාත්මකව අධ්‍යයනය කළ හැකිවිය. ඒ අනුව මෙබඳු දිගින් දිගටම භයානක අපරාධවල නියැලෙන අය (Serial Killers) සහා සාමූහික දුෂකයින් ( Gang Rapers ) ගේ මානසික පසුබිම පිළිබඳව සායනික මනෝවිද්‍යාවට අයත් අසාමාන්‍ය මනෝවිද්‍යා පර්යේෂණ ග්‍රන්ථවල අපූරුවට පැහැදිලි කර දී තිබේ. නමුත් මේ ග්‍රන්ථ ලංකාව වැනි රටවල සාමාන්‍ය කෙනෙකුට කියවීමේ අවස්ථා දුබලය. මමද මේ ග්‍රන්ථ පරීශීලනය කලේ විශේෂයෙන්ම ඒ සඳහා ඉහළ මිල ගණන් ගෙවි මෙරටට පොත් පත් ආනයනය කරන සමාගමක් මඟින් පිටරට සිට ගෙන්වා ගැනීමෙනි. එම ග්‍රන්ථවල අපරාධ විද්‍යාවට අදාළ නූතන පර්යේෂාත්මක දැනුම අන්තර්ගතව තිබිණි. ජීව විද්‍යාත්මකව මොළයේ රසායනික හා භෞතික ක්‍රියාකාත්වය පරීක්ෂා කිරීම මඟින් මෙවැනි සාහසික අපරාධ කරුවෙකු ආරම්භයේදීම පහසුවෙන් හඳුනා ගත හැකි ආකාරය ඒ ග්‍රන්ථවල විස්තර කර දී තිබිණ. කැලණි විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ වෛද්‍ය විද්‍යා අංශය යටතේ මනෝ වෛද්‍ය විද්‍යා ග්‍රන්ථ එකතුවේද මීට අදාළ පොත්පත් ස්වල්පයක් ඇති නමුත් එක් පොතක් මෙරට මිළ ගණන් අනුව රු 20, 000/ - සිට රු 1,00,000.00 දක්වා විවිධ මිළ ගණන් ආනයනය කිරීම සඳහා වැයවෙන බැවින් විශ්වවිද්‍යාලවල පුස්තකාලවලට පවා වියදම් සපයා ගැනීමේ අපහසුතාව මත මෙවැනි පොත්පත් ගෙන්වනු නොලැබේ. නමුත් මා සතුව එසේ මා විසින් ගෙන්වා ගෙන භාවිතා කරන ලද එවැනි ඉහළ මිළ ගනන් යටතේ ගෙන්වන ලද වරක්දෙකක් භාවිතා කළ නමුත් තවම හොඳ තත්වයේ පවතින පොත් පත් ඇත. අඩුම තරමින් මෙහි හරිම මෝඩ විදිහට කමෙන්ට් දාන පුද්ගලයෙකුට එවැනි හොඳ පොතක් පතක් වත් කියවීම ලැබුනා නම් මෙවැනි දේවල් ඔවුන් විසින් සිදු නොකරන්නට ඉඩ තිබිණ. නමුත් අවාසනාවට මේ පොත් පත් කසි කබල් පොත්පත් වලට වඩා විශාල මිලක් වෙන නිසා ඒවා මිලදී ගෙන කියවන්නේද අත්‍යවශ්‍යම අය පමණකි. මගේ විශ්වවිද්‍යාල සගයෙකු වන මිතුරු මනෝවෛද්‍යවරයෙකු පැවසු අන්දමට නම් මෙවැනි පොත්පත් ඔවුන් පවා නොකියවන බවත් මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිය (M.D. ; Doctor of Medicine) ලබා ගැනීමේ පර්යේෂණ වලදී පමණක් මෙවැනි පොත්පත් ඔවුන් විසින්ද භාවිතා කරන බව මා සමඟ පැවසූවා. මේ කරුණ මෙහි සඳහන් කලේ මගේ පම්පෝරි ගැසීමට නොවේ. මුළු ලෝකයම දැනුම අතින් මෙවැනි ස්ථානයක පසුවෙද්දී අපේ මෝඩ මිනිසුන් කොයිතරම් මඩගොහොරුවක කරවටක් එරී සිටින්නේදැයි පෙන්වා දීම සඳහාය.

    ReplyDelete

  42. @ පුංචි කුමාරිහාමි,

    ස්වභාවයෙන්ම මෘදු සුමුදු ගැහැණුන්ට අනවශ්‍ය හිරිහැර කොට ඔවුන්ව ප්‍රචණ්ඩ බවට පත් කරනුයේ මෝඩ පිරිමිය. නිදසුනක් ලෙස මා අයත් ආයතනයේ අපේ කාර්යමණ්ඩලයට අයත් එක්තරා උසස් නිලධාරිනියක වන කාන්තාවක හැසිරෙන්නේ ක්‍රියාකරන්නේ හා කතාබහ කරන්නේ සම්පූර්ණයෙන්ම සියළු කාන්තා ලක්ෂණ අමතක කර සම්පූර්ණ පිරිමියෙකු විලසිනි. ඇය හා මුහුණට මුහුණ ලා රැස්වීම්වල දී විවාද සංවාද කිරීමට කිසිදු පිරිමි නිලධාරියෙකුහට නොහැකිය. මෙහි සුවිශේෂීතාවය වන්නේ අප කාර්යමණ්ඩලයේ උසස් තනතුරක සිටින එකම කාන්තාව ඇය වීමයි. මම පුද්ගලිකව කල්පනා කරන විදිහට නම් ඇය එසේ හැසිරෙන්නේ මේ රටේ ඉන්න මෝඩ පිරිමින්ගෙන් ආරක්ෂා වීමට බවයි. නමුත් ඇගේ මෝඩකම ඇය හොඳ පිරිමියාටත් නරක පිරිමියාටත් එකම හැන්දෙන් බෙදීමට තරම් මෝඩවීමයි. එනම් හොඳ පිරිමි සමඟ වුවද නරක පිරිමියා සමඟ වුවද ඇය හැසිරෙන්නේ එකම කඩාකප්පල්කාරී ආක්‍රමණශීලී චර්යා රටාවක් ප්‍රදර්ශනය කරමිනි. නමුත් ඇගේ අංශයෙන් බැලූ විට ඔයාගේ බ්ලොග් එකට කමෙන්ට් කරන බහුතර පිරිමි අයට සාපේක්ෂකව ඇයට වැරදි කීමට නොහැකිය. මන්ද මතුපිටින් වුවද කාලයක් ඉතාම සමීපව ආශ්‍රය කර වුවද ගැහැණුන් වශයෙන් ඔයාලාට පිරිමින්ව නිවැරදිව වටහාගැනීමට නොහැකි බැවිනි. මේ නිසා ආරක්ෂාකාරී පියවරවල් අනුගමනය කිරීමට කාන්තා පාර්ශවය උත්සුක වේ. හැකිතාක් තමන් හොඳින්ම දන්නා තමන්ගේ පියා, සොහොයුරන්, ස්වාමි පුරුෂයා, පෙම්වතා, තමන්ගේම පිරිමි දරුවන් ආදී අය හැරුනුකොට සමාජයේ අවශේෂ පිරිමි කෙරෙහි සැක මුසු දෘෂ්ටියකින් කටයුතු කිරීමට වර්තමාන මෙරට කාන්තා පාර්ශවය පෙළඹී සිටින්නේ මෙවැනි මානසික රෝගී චර්යා සහිත පිරිමි බහුලව පිරිමි පාර්ශවය අතර හඳුනා ගැනීමට නොහැකි පරිදි සිටින බැවිනි.

    ReplyDelete

  43. @ පුංචි කුමාරිහාමි,

    රසඥතාව නම් රස විඳීමේ (Aesthetics) හැකියාවයි. මේ හැකියාව ඇතිවීමට සෞන්දර්යය ආශ්වාදය කිරීමේ උසස් මානසික කුසලතාවයක් අදාළ පුද්ගලයාට තිබිය යුතුවීම අවශ්‍ය කරුණකි. මිනිසුන්ගේ සාමාන්‍ය රසවින්දන හැකියාව වැඩි දියුණු කරන කලාව, සාහිත්‍යය ආදී ක්ෂේත්‍රවල ඇති උසස් හෝ පහත්මට්ටම් අනුව රසඥතාව වර්ගීකරණයකට ලක් වේ. යම් පුද්ගලයෙකුගේ රසඥතාව හා මානසික මට්ටම අතර සෘජු සබඳතාවක් ඇත. මානසික මට්ටම උසස් හෝ පහළවීම මත රසඥතාව තීරණය වේ. මානසික මට්ටම උසස් හෝ පහළවීම ඇතිවනුයේ ඒ පුද්ගලයාගේ ආකල්ප, හැඟීම් හා චර්යා අනුවය. කුඩාකල පටන් යම් පුද්ගලයෙකු ලැබූ අත්දැකීම් හා ජීවන දර්ශනය ආදී මානසික ලක්ෂණද රසඥතාව සකස් වීමට ඉවහල් වේ. රසඥතාව වැඩිදියුණු කළ හැකි දෙයකි. අවර ගණයේ රසඥතාවක් ඇති පුද්ගලයෙකුගේ වුව ද මානසික ආකල්ප වැඩි දියුණු කිරීම මඟින් ඒ පුද්ගලයාගේ රසඥතාව යම් කිසි ඉහළ මට්ටමකට ගැනීමට හැකියාව තිබේ. නමුදු එය කළහැකි වන්නේ අදාළ පුද්ගලයින් ඊට කැමැතිවන්නේ හා පිළිගන්නේ නම් පමණි. බොහෝ විට අවර ගණයේ රසඥතාවයකට යොමු වූ අය ඉන් මුදවා ගැනීමට අපහසුය. යම්කිසි හෙයකින් එබඳු අය පසුව හෝ ජීවන දර්ශනය වෙනස්වීම නිසා ඉහළ රසඥතා මට්ටමකට යොමු වීමේ අභිරුචිය ඇති කර ගනීනම් සැබවින්ම එය ඇතිකර ගැනීමේ බාධාවක්ද නැත. බොහෝවිට පුද්ගලයෙකුගේ රසඥතාව හා ඒ පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම අතර සෘජු සබඳතාවක් ද තිබේ. ඉහළ අධ්‍යාපන මට්ටමක් ඇති අයගේ රසඥතාවය ඊට අවම අධ්‍යාපන මට්ටමක් ඇති අයගේ රසඥතාවයට වඩා උසස් බව සාමාන්‍යයෙන් දැක ගත හැක. යමෙකුගේ අධ්‍යාපන මට්ටම දියුණුවීම යනු ඒ පුද්ගලයාගේ සංජානන පැතිකඩ තුළ ඇති වන ධනාත්මක වෙනසකි. මෙහි දී අධ්‍යාපනය යනුවෙන් අදහස් වනුයේ පාසැලෙන්, උසස් අධ්‍යාපන ආයතනයකින් ලබන විධිමත් අධ්‍යාපනය පමණක්ම නොවන බවයි. හසුරු කුසලතාව, ශිල්පීය නිපුණතාව හා ජීවිත අත්දැකීම් ඇසුරින් ලබන අවිධිමත් අධ්‍යාපනය තුළින් පවා යමෙකුගේ සංජානන පැතිකඩ ධනාත්මක වෙනසකට ලක් විය හැක. එවිට එබඳු අයෙකු තුළ රසඥතාව උසස් මට්ටමකට පත්විය හැක. සමහරු කුඩා කාලයේ දී හෝ යොවුන් වියේ දී නැති රසඥතාවක් කල් ගත වී වැඩිහිටි වියේදී අත්පත් විය හැක. ඒ වියපත්වීම සමඟම ජීවන අත්දැකීම් වලින් මෝරා යාම නිසා ඊට සමගාමීව ඒපුද්ගලයාගේ රසඥතා‍වද වර්ධනය වේ. සමාජයක වෙසෙන බහුතර පුද්ගලයින්ගේ රසඥතාව අනුව ඒ සමාජයේ කලාව හා සාහිත්‍යාංග වල සාධනීය ලක්ෂණ වැඩි දියුණු වේ.මේනිසා කිසියම් සමාජයක රසඥතාව තීරණයවීමට එබඳු සමාජයක බහුතර පිරිසකගේ රසඥතා මට්ටම වැදගත්ය.මේ හේතුව නිසා කිසියම් සමාජයක කලාවේ, සාහිත්‍යාංගවල උසස් බවේ හෝ පහත්බවේ සීමාව ඒ සමාජයේ බහුතර පිරිසකගේ රසඥතාව අනුව වෙනස් වේ.

    ReplyDelete
  44. @ පුංචි කුමාරිහාමි,

    යම් සමාජයක විද්‍යමාන කලා හා සාහිත්‍යාංග මඟින් ඒ සමාජයේ රසඥතා මට්ටම පිළිඹිබු වේ. මේ අනුව අවර ගණයේ කලා හා සාහිත්‍යාංග මඟින් අවර රසඥතාවයක් ද, උසස් ගණ‍යේ කලා හා සාහිත්‍යාංග මඟින් උසස් රසඥතා‍වයක් ද නිරූපණය වනබව පැහැදිලිය. නමුදු අවර ගණ‍යේ කලා හා සාහිත්‍යාංග මඟින් එකී සමාජයේ සියළු පිරිසගේ ආකල්ප හා රසඥතා මට්ටම එමඟින් තීරණය කළ නොහැක.මන්ද එමඟින් නියෝජනය වනුයේ සමාජයේ බහුතර මතය විනා සියළු දෙනාගේම මතය නොවන බැවිනි.සුළු පිරිසකගේ අදහස් බහුතර පිරිසගේ ආකල්ප අතර සැඟවී යයි. මේ නිසා අවර ගණයේ රසඥතාවක් බහුතර පිරිසක් අතර පැවතිය නමුදු ඉහළ රසඥතාවයක් ඇති සුළු පිරිස බහුතර පිරිස අතර නො පෙනී යයි. මන්ද සෑමවිටම බහුතර කැමැත්තට මූලිකත්වය ලැබෙන බැවිනි. එසේම යම් සමාජයක බහුතර පිරිසක් උසස් රසඥතාවයක් ඇති විට ඒ සමාජයේ සෑම දෙනෙකුම උසස් රසඥතා මට්ටමක සිටිතැයි නො හැකි හැක. මන්ද උසස් රසඥතා මට්ටමක් අතර වුවද අවර රසඥතා මට්ටමක් ඇති සුළුතර පිරිසක් සිටිය හැකි බැවිනි.සමාජයේ රසඥතා මට්ටම තීරණය කිරීමේ දී බහුතර මතයට මූලිකත්වය පිරිනැමෙන බැවින් යම් විටක සුළු පිරිසකට අසාධාරණයක් සිදුවන බවක්ද පෙනීයයි. නමුදු බහුතර රසඥතා මට්ටම උසස්වූ විට ඒ අතර වෙසෙන අවර රසඥතා මට්ටමක් ඇති සුළු පිරිසට මෙයින් කිසිදු අසාධාරණයක් සිදු‍‍ නො වේ. මන්ද උසස් රසඥතාවයට යොමුවීමට බහුතර පිරිස නිසා ඔවුන්ට ඉඩ ප්‍රස්තාව සැලසෙන බැවිනි. එය ඔවුන්ට සිදුවන සේවයකි. නමුදු බහුතර පිරිස අවර රසඥතා මට්ටමක වෙසෙන විට සමාජයේ නිර්මාණය වන කලා හා සාහිත්‍යාංග සියල්ල අවර මට්ටමක පවතින බැවින් ඒ අතර වෙසෙන උසස් රසඥතාවයක් ඇති සුළු පිරිසකට සිදුවන්නේ නො සුදුසු බහුතර මතයට යටවීමටය. ඉහළ රසඥතා මට්ටමක වෙසෙන සුළු පිරිසට අකමැත්තෙන් වුව ද එබඳු අවර ගණයේ කලා හා සාහිත්‍ය නිර්මාණ රසවිඳීමට සිදුවේ. මෙය සමාජයේ ඉහළ රසඥතාවයක් ඇති සුළු පිරිසකට සිදු වන අසාධාරණයක් ලෙස පෙන්වා දිය හැක. කලාව හා සාහිත්‍යාංග අනිවාර්යයෙන්ම මුල්‍ය අනුග්‍රහය මත යැපීමට සිදුවීම නිසා ඊට බහුතර මතය නොසලකා කටයුතු කිරීමට නො හැකිවීමේ අපහසුතාවය ඇත. මන්ද මුල්‍ය අනුග්‍රහය සවිමත්වීමට නම් බහුතරයකයේ කැමැත්ත ඔස්සේ කටයුතු කළ යුතු වීම අනිවාර්ය නිසාය. බහුතරයේ කැමැත්ත යනු වෙළඳ සමාගම්වල භාණ්ඩ, සේවා නිෂ්පාදන සමාජයේ වැඩි පිරිසක් අතර අලෙවි කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ හොඳින් ලැබීමයි. මන්ද කලා හා සාහිත්‍යාංග වලට මුල්‍ය අනුග්‍රහය දක්වන වාණිජ ප්‍රජාවගේ අරමුණ එමඟින් හැකි තාක් ආර්ථික ලාභ ඉපයීම පමණක් වන හෙයිනි. මේනිසා නූතන යුගයේ සමාජ රසඥතාව තීරණය කරන ප්‍රධාන සාධකය බවට මුල්‍ය අනුග්‍රහය පත්වී තිබේ.විශාල බහුතර පිරිසක් අවර ගණයේ රසඥතාව කරා යොමු වීමේ ප්‍රවණතාව වැඩිවීම වාණිජ ප්‍රජාවට වාසි දායකය. අවම පිරිවැයක් දරා ඊට නිසි පරිදි සුදුසුකම් ලබා නැති කුමන හෝ අයෙකු ලවා කලාව හා සාහිත්‍යාංග ලේබල යටතේ හැඳින්විය හැකිව ඇති යම් දෙයක් නිමවා ඔවුන්ගේ අලෙවි ප්‍රචාරණය ද එමඟින්ම ඉටු කර ගැනීමට මහඟු අවස්ථාවක් ඉන් සැලසෙන බැවිනි. බොහෝවිට මෙසේ අවම පිරිවැයක් යටතේ නිමවෙන බොහෝ කලාකෘතිවල නියමිත ප්‍රමිතිය නොමැතිබව පැවසේ. නමුදු වෙළඳ අරමුණු සහිත පිරිසට එහි එතරම් අරුමයක්ද නැත. මන්ද ඔවුන්ගේ අරමුණ සමාජ රසඥතාව උසස් මට්ටමක පත්කිරීම නොවන බැවිනි. ඔවුන්ගේ අරමුණ හැකි තාක් ආර්ථික ලාභ ලැබීමය. එනිසා සිය භාණ්ඩ හා සේවා නිෂ්පාදන වඩාත් තරඟකාරීව සමාජය තුළ අලෙවි කර ගැනීමට සමාජ මතය තමන්ට වාසිදායක වන අන්දමින් සකස් කර ගැනීම ඔවුන්ගේ අරමුණවී තිබේ. මේ අරමුණ පහසුවෙන් ඉටු කර ගැනීමට රසඥතාව අවර මට්ටමක පැවතීම වඩාත් වැඩි රුකුලක් වන නිසාය. නූතන යුගය තුළ බොහෝ ජනප්‍රියව ඇති වෙළඳ දැන්වීම්කරණය මඟින් පවා අපේක්ෂා කරනු‍යේ ද මේ කරුණ වඩාත් හොඳින් ඉටු කරවා ගැනීමටය.

    ReplyDelete
  45. @ පුංචි කුමාරිහාමි,

    සමාජය අවර රසඥතා මට්ටමක පසුවීම තුළ සිය භාණ්ඩ හා සේවා නිෂ්පාදනවලට කිසිදු අයුරක බාධාවකින් තොරව නිදහසේ සමාජයේ ව්‍යාප්ත කර අලෙවිය ඉහළ නංවා ගැනීමට හැකිබව වාණිජ ප්‍රජාව තරයේ විශ්වාස කරති. දැනට ලොව දියුණු රටවල අනුගමනය කරන ක්‍රමවේදය මීට වඩා වෙනස්ය. වාණිජ කටයුතුවල දී සාරධර්ම, සදාචාරාත්මක පැවැත්ම එබඳු රටවල නීතිගතව ඇත. ඒ නිසා එවැනි අවර මට්ටම්වල වාණිජ අවශ්‍යතා පරිදි රසඥතාව තීරණය කිරීමට එබඳු සමාජ වලදී නීතියෙන් කිසිදු බුරුලක් නොලැබේ. රසඥතාව සංජානන හැකියාව සමඟ බද්ධව පවතී. මානසික මට්ටම උසස් ගති ලක්ෂණ වලින් හෙබි සමාජයක අනිවාර්යයෙන්ම රසඥතාව ඉහළ මට්ටමක ඇති බව පෙනීගොස් ඇති කරුණකි. නූතන සමාජයේ රසඥතාව පිරිහීමට බලපා ඇති තව කරුණක් නම් මිනිසුන් ක්‍රමිකව දැඩි ආත්මාර්ථකාමී ස්වභාවයෙන් කටයුතු කිරීමට පෙළඹීමයි. වත්මන් කලි යුගය තුළ මිනිස් සිත් සතන් ගුණ දහම් වලින් සීඝ්‍රයෙන් පිරිහී ගොස් තිබේ. එය එක්තරා රටාවකට අනුව සිදු වන්නක් බව බුදුදහමේ සඳහන්ය. මෙකල දැඩි ලෝභය, රාගය, මෝහය ආදී දූෂිත ආකල්ප බලපෑම නිසා මිනිස් සිත් සතන්වලින් මිනිසත්කම ගිලිහී ගොස් ඇත. මිනිසුන් නිරතුරුව ක්‍රියා කරනුයේ එක් එක් පුද්ගලයා අභිබවා තරඟකාරීව ක්‍රියාකිරීමට මිස සහයෝගීව සමූපාකාර පැවැත්මට අනුව ක්‍රියා කිරීමට නො වේ. මේ තත්වය මිනිස් සිත්තුළ ආත්මාර්ථකාමීත්වය දැඩිකිරීමට හේතුවක්වී තිබේ. එම ආත්මාර්ථකාමීත්වය නිසා සමූහ පැවැත්ම වෙනුවට තමාගේ පැවැත්ම පිණිස සමූහයා නො සලකා හැරීමේ පිළිවෙතකට මිනිසුන්යොමු වී සිටින බව දැක ගත හැක. එය එක්තරා අයුරකින් ධනවාදී අර්ථ ක්‍රමයේ පරමාර්ථයක් ලෙසද දැක්විය හැක. මන්ද හැකි තාක් භාණ්ඩ හා සේවා පරිභෝජනය ඉහළ අගයක් ගනුයේ මිනිසුන්තුළ තණ්හාව, ඉන්ද්‍රීය ප්‍රීණනය අධික වුවහොත් පමණක් බව ධනවාදී අර්ථ ක්‍රමය මෙහෙයවනු ලබන්නන් විසින් හඳුනාගෙන තිබේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදන සමාගම් අතර පූර්ණ තරඟකාරීත්වය ඇති කිරීම මඟින් හැකිතාක් අලෙවිය වැඩි කර ගැනීමට උපාය මාර්ග භාවිතා කිරීම මේ ආර්ථික රටාව තුළ සාමාන්‍ය දෙයක්වී තිබේ. මෙහි දී එක් අංශයකින් මිනිසුන්ගේ රසඥතාව පහළ දැමීමට පිඹුරුපත් සකසන අතරම ‍තවත් අංශයකින් පවතින අවර රසඥතාවයට අනුගතවීමට කලා හා සාහිත්‍යාංග නිර්මාණකරුවන් පෙළඹවීමට ක්‍රියා කෙරේ.මේ යටතේ වූ සමීක්ෂණ වාර්තා මත පදනම් කර ගත් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් මඟින් බහුලව සිදු වනුයේ අවර රසඥතාව සමාජ දේහය පුරා ව්‍යාප්ත කර හැරීමට පියවර ගැනීමකි. මේ අනුව උසස් රසඥතාව සමාජයේ ව්‍යාප්තකර හැරීමට වෙහෙස ගන්නා නිර්මාණකරුවන්ව පවා බලහත්කාරයෙන් නිහඬකොට එකීපටු පරමාර්ථ ඉටු කර ගැනීමට යොමු වන පැහැදිලිව දැක ගත හැක.

    ReplyDelete
  46. @ පුංචි කුමාරිහාමි,

    දැනට යම් උසස් රසඥතාවක් මේ තරමින් හෝ ඉතිරිව ඇත්තේ සමාජ දේහය වාණිජ අර්ථ ක්‍රමයේ දැඩි හස්තයට හසුවීමට පෙර මෙරට වාසය කළ පරම්පරා අතර බව පැහැදිලිව දැක ගැනීමට ලැබේ. රසඥතාව උසස් මට්ටමකින් පැවතීමට උචිත පාසැල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබූ මේ මුල්කාලීන පරම්පරාවලට පසුව බිහිවන නව පරපුර තුළ එකී ප්‍රමිතිය නැති බව දැක ගත හැක. තාක්ෂණ හා විද්‍යා දැනුම අතින් නව පරපුර මුල් කාලීන පරම්පරා වලට වඩා ඉතා ඉහළ මට්ටමකට පත්ව සිටිය හැකි බව සත්‍යයකි. නමුදු රසඥතාව අතින් නව පරපුර සිටිනුයේ මුල් පරම්පරාවලට වඩා පහළ මට්ටමක බව නම් නො රහසකි. පාසැල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හුදෙක් තාක්ෂණ හා විද්‍යා අංශවලට අධිකව නැඹුරු කරවීමත් සමඟම ශාස්ත්‍රීය විෂය අධ්‍යයනය සිසුන් වෙතින් දුරස්ව යන්නට විය. මෙහි ප්‍රතිඵල නියම වශයෙන් දැක ගත හැක්කේ තව දශක ගණනාවක් ගතවීමෙන් පසුවය. මේ පවතින අධ්‍යාපන‍යේ ලක්ෂණ නම් දැනුම සාරධර්ම, සදාචාර අංශ වලින් වියුක්ත කර ඉගැන්වීමයි. හුදෙක් විෂය දැනුම පමණක් ලබාදීම උසස් ආකල්ප, දයා හැඟීම් විරහිත යාන්ත්‍රික පුද්ගලයෙකු නිර්මාණය කිරීමක් හා සමානය.මෙබඳු දැනුමක් ලබන්නා වූ පුද්ගලයෙකු හුදෙක් උගතෙකු විය හැකි නමුදු සදාචාර සම්පන්න අයෙකු නොවිය හැකි බැවින් ඒ ලබාගන්නා උගත්කම තුළින් උසස් රසඥතාවක් අපේක්ෂා කළ හැකි නොවේ. නුතන යුගයේ කලාව හා සාහිත්‍යාංග බිහි වනුයේ මෙබඳු අවර රසඥතා මට්ටම්වලින්යුතු පුද්ගලයන් අරමුණුකොටය. එනිසා මේ අවර රසඥතාව සමාජයේ ව්‍යාප්තවීම එක් අතකින් බලාපොරොත්තු විය යුතු වූ තත්වයක් සේ දැක්විය හැක. නූතන පරපුර ඉතා වේගවත්ව උසස් රසඥතාවයෙන් ඉවතට ඇදී යන්නේ ඔවුන් සිටින සමාජ පසුබිමතුළ සකස් වනුයේ ඊට අනුරූපව බැවිනි.ඒ නිසා නූතන යුගයතුළ ඉන්ද්‍රීය ප්‍රීණනය රසඥතාව වශයෙන් හැඳින ගන්නා වූ සමාජ පසුබිමක් නිර්මාණය වී තිබේ. ඉන්ද්‍රීය ප්‍රීණනයෙන් පරිබාහිර රස වින්දනයක් තිබිය හැකි ද යන කරුණ පවා නූතන පරම්පරාවලට කිසිසේත් දැනගත ‍නොහැකි පරිදි රසඥතාව මොට වී ති‍බේ. එම මුග්ධ තත්වයට සකස්වූ අය පාලනයකිරීම උසස් රසඥතාවක් ඇති අය පාලනයකිරීමට වඩා පහසු බැවින් එබඳු සමාජ පසුබිමක් ඇති කිරීමේ අභිප්‍රායක් ඇතැම් පාලක ප්‍රජාවහට ඇතිදැයි විමසා බැලීම කාලෝචිතය. විචාර පූර්වක, නිර්මාණාත්මක, පරිකල්පනික ආකල්ප අය සිටින සමාජයක් පාලනය කිරීමට එබඳු උසස් ආකල්ප සහිත පිරිසක් නොසිටීමේ අවදානමද මේ අතරතුර රැඳී පැවතිය හැක. විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශේෂඥයතාව ලැබූ විද්වතුන් නොසලකා හැර සිවිල් පරිපාලන නිලධාරි පෙළැන්තියකගේ අවශ්‍යතාවය මත ඇතැම් පරිපාලන තීන්දු තීරණ ගැනීම ද සමාජ රසඥතාව නොගැඹුරු තලයට ඇද වැටීමට හේතු වී ති‍බේ. අදාළ විෂය පිළිබඳ දැන උගත් බහුශ්‍රැත විද්වතුන්ගේ ආකල්ප නොවිමසා ගනුලබන එබඳු අමනෝඥ පරිපාලන තීන්දු තීරණවලට සිය පැවැත්ම තකා අකමැත්තෙන් වුවද එකඟවීමට සිදුවීම මේ ක්‍රමවේදයේ පවතින දුර්වලතාව මැනවින් විශදකොට පෙන්වන ස්ථානයකි. මේ හේතුව නිසා උසස් රසඥතාවක් පැවතිය යුතු ස්ථානවල එබඳු දේ ගොඩනැඟීමට බාධාකාරී වාතාවරණයක් ඇති වී ඇති බව පෙන්වා දිය හැක. රසඥතාව බලයෙන් කෙනෙකු තුළ ඇතිකළ හැකි දෙයක් නොවේ.

    ReplyDelete
  47. @ පුංචි කුමාරිහාමි,

    යම්කිසි අයෙකු තුළ උසස් රසඥතාවක් ගොඩ නැඟිය හැක්කේ ඒවාට බාධා කරන විවිධ හේතු ඉවත් කිරීමෙනි. මිනිස් සිතේ උසස් රසඥතාවක් ඇති වීමට බාධා කරන ප්‍රධානම ධර්මතාව නම් සිත කිලිටි කරන අපවිත්‍ර ආකල්ප, හැඟීම් හා චර්යා ඇතිවීමයි. බුදුදහමේ කෙළෙස් ලෙස දක්වා ඇති මේ අපවිත්‍ර කාරක ධර්මතා නිසා කෙනෙකුගේ සිත අපිරිසිදුවීම උසස් රසඥතාවක් ගොඩ නඟා ගැනීමට බාධාවකි. යම් පුද්ගලයෙකුගේ මානසික මට්ටම උසස් හෝ පහළ යැයි තීරණය කරනුයේ ඉන්ද්‍රිය සංජානනය මඟින් උකහා ගනු ලබන විවිධ අරමුණු පිළිබඳ දත්ත මොළය වෙත සම්ප්‍රේෂණය කරන ආකාරය අනුවය. ඉන්ද්‍රිය සංජානනය සිදුවීමේ දී හුදෙක් අරමුණු පිලිබඳ ඇති වන්නේ දැනීමක් පමණි. මේදැනීම් හෙවත් විජානන ලක්ෂණ සංජානන ක්‍රියාවළිය සම්පූර්ණ වීමේ දී නැති පුද්ගලත්වයක් වෙත ආරෝපණය කිරීම සංජානන ක්‍රියාවළිය විකෘති වීමකි. හුදෙක් ඇත්තේ ඉන්ද්‍රිය විජානන ගති ස්වභාවයක් පමණි. නිදසුනක් වශයෙන් ඇසට අරමුණුවන රූප සංජානනය කළ යුතු නිවැරදි ක්‍රමය නම් "පෙනෙන" බවක් ලෙසය. නමුදු මෙය සංජානනය වනුයේ "දැකීම" ලෙසයි. පෙනෙනබව තුළදී පුද්ගලත්වයක් නැත. ඒ නිසා එය ප්‍රකෘති සංජානනයයි. නමුදු දැකීම තුළ පුද්ගල බවක් ඇත.එය විකෘති සංජානනයයි. ඉන්ද්‍රීය සංජානන පුද්ගලත්වයෙන් විකෘතිවීම නිසා ගොඩ නඟා ගත් පුද්ගලත්වය තව දුරටත් පෝෂණය කිරීම සිදුවේ.ඉන්ද්‍රීය සංජානනය ආකල්ප පැතිකඩයි. මීට සමගාමීලෙස ආ‍වේදන පැතිකඩ වන හැඟීම් ඇතිවීම ද සිදු වේ. එනම් ඉන්ද්‍රීය සංජානනය ආශ්වාද වශයෙන් සැලකීමයි.මෙම ආශ්වාදය තණ්හාව ලෙස සැලකිය හැක. ඉන්ද්‍රීය සංජානන සිදු වෙද්දී එය රසාස්වාදනය කිරීම සිදු වී ආශ්වාදයක් ගොඩ නැ‍ඟෙනුයේ ඉන්ද්‍රීය සංජානනය තුළ පුද්ගලත්වයක් ගොඩනඟාගතහොත් පමණි. පුද්ගලත්වයක් ගොඩ නඟා ගැනීමෙන් පරිබාහිර ඉන්ද්‍රීය සංජානන නිසා ආශ්වාදයක්ද ඇති නොවේ. පුද්ගලත්වයෙන් වියුක්ත ඉන්ද්‍රීය සංජානනය නිසා ආවේදන පැතිකඩ තුළ ඇතිවනුයේ හුදු දැනීමක් පමණි. මේ දැනීම හුදු සුව, දුක් හෝ උකේෂා ආදී වශයෙන් "විඳීමක්" නොව නිරාසයෙන්ම ඇතිවන සංවේදීතාවක් බැවින් "දැනීමක්" වේ. විඳීමක් ඇතිවීමට විඳින්නෙක් සිටිය යුතුය. විඳින්නෙකු සිටිය හැක්කේ පුද්ගලත්වයක් ගොඩ නැඟීම තුළ පමණි. නිෂ්පුද්ගලව ඇතිවන සංවේදන සියල්ලම දැනීම් පමණි. සිතේ නිරායාසයෙන් අරමුණු කෙරෙහි ඇති වන උත්තේජන සමූහයක් දැනීම් ලක්ෂණයෙන් අරමුණු කෙරේ. මේ ලක්ෂණ විදර්ශනා භාවනා වැඩීමේදී ඉතා ගැඹුරින් අරමුණු කරනු ලැබේ. දැනීම් ලක්ෂණ මිස සත්ව පුද්ගලත්වයක් හෝ මම යැයි හැඟීමක් ඒවායේ සැබවින්ම නැත. ඉන්ද්‍රීය සංජානනය තුළ මම යැයි පුද්ගලත්වයක් සකස් කර ගැනීම මට්ටම් දෙකකින් ක්‍රියාත්මක වේ. එහි පළමු මට්ටම පංච ඕරම්භාගීය සංයෝජන ධර්ම මට්ටමයි. දෙවන මට්ටම වූ කලී පංච උද්ධම්භාගීය සංයෝන ධර්ම මට්ටමයි. එහි පළමු අවස්ථාව සේ සැලකෙන පංච ඕරමභාගීය සංයෝජන මට්ටමේදී පංචස්කන්ධයේ එක් එක් ස්කන්ධ කොටසක් පාසා සිව් වැදෑරුම් ලෙස සම්පූර්ණ වශයෙන් විසි අයුරකින් ඇතිවන සක්කායදිට්ඨිය කේන්ද්‍රකරගත් මම යන හැඟීම ඕලාරික මමත්වයයි.එහි අවිද්‍යාව මමත්වයයි. තණ්හාව කාම ආශ්වාදයයි. එහි දෙවන අවස්ථාව ලෙස සැලකෙන මම වෙමි යැයි යන හැඟීම පෙරටුකොට ගත් අස්මි මානය නිසා ඇති වන මම යන හැඟීම සියුම් මමත්වයයි. මෙහි අවිද්‍යාව අස්මි මානයවූ මමත්වයයි. තණ්හාව රූප රාග, අරූප රාග වූ ආශ්වාදයයි. නැතහොත් භව තණ්හා, විභව තණ්හා වූ ආශ්වාදයයි. සෝවාන් මඟඵල‍යේ සිට අනාගාමී මඟ ඵලය දක්වා මඟ ඵල තු‍න අවබෝධ කරගැනීමේදී පංච ඕරම්භාගීය සංයෝජන මට්ටම නමින් හැඳින්වෙන මෙකී පළමු ඕලාරික මමත්ව මට්ටම ප්‍රහීන වේ. අර්හත් මඟඵල අවබෝධයේදී අවසාන උද්ධම්භාගීය සංයෝජන මට්ටම නමින් හැඳින්වෙන මෙකී දෙවන සියුම් මමත්ව මට්ටම ප්‍රහීන වේ.

    ReplyDelete
  48. @ පුංචි කුමාරිහාමි,

    ඉන්ද්‍රීය සංජානනය නිවැරදි නම් ඒතුළ මමායනයක් තිබිය නොහැක. මමත්වය දෝෂ සහිත තත්වයකි. සංස්කරණය කරගත්තකි. සත්‍යය ලෙසට ඇත්තේ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය පමණි. මානව ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයෙහි පවතින සංකීර්ණත්වය නිසා ඒ සියළු දේ මමත්වයෙන් ග්‍රහණය කර ගැනීම වැරදිය. මෙය වැරදි ලෙස දකින තාක් දුක උරුමව පවතී. නිවැරදිව අවබෝධ කරගත් විටක සියළු දුක් නිවී යයි. නිවන ශාන්තය. අවේදිත ස්වභාවයකි. නිවැරදි රසඥතාව සිතෙහි පහළ වනුයේ සිත හැකිතාක් මේ නිවන් අවබෝධයට ළංවූ පමණටය.ඒ තාක් රසඥතාව ලෙස අර්ථ දක්වනුයේ හුදෙක් ඉන්ද්‍රීය රසාස්වාදය කෙරෙහි ඇලී ගැලී සිටීමයි.ඉන්ද්‍රීය රසාස්වාදයෙහි ඇලී ගැලී සිටීම නිසා උපදින රසවින්දනය තාවකාලිකය. එහි ආශ්වාදයට වඩා ආදීනව අධිකය. මේ නිසා බුදු දහම මේ රසවින්දනය උසස් යැයි නොසලකයි. බුදුදහමට අනුව යම් පුද්ගලයෙකුට ලැබිය හැකි ඉහළම රසඥතා මට්ටම නම් සියළු ඉන්ද්‍රීය ඇලීම් ගැටීම් වලින් මිදීමේ අවස්ථාවයි.මේ අවස්ථාවේ සිත පවතින්නේ සියළු ඇලීම් ගැටීම්වලින් විනිර්මුක්ත ශාන්ත සුවදායී අවස්ථාවකය. එය නිවන් රසය ලබන අවස්ථාවයි. මෙය බුදුදහම පෙන්වන පරම රසඥතා මට්ටමයි. මේ මමත්වයෙන් ග්‍රහණය කිරීම අවිද්‍යාව බව ද, ඒ මමත්වය නිසා උපදිනා ඉන්ද්‍රීය සංජානන කෙරෙහි ඇතිවන ආශ්වාදය තණ්හාව බවද බුදුදහමේ දක්වා තිබේ. ඇතැම් විටක මේ මමත්වය වැරදි ආකල්පයක්බව තමන්ටම පැහැදිලිව වැටහුන ද, මම යන හැඟීමේ ඉතා තදින් එල්බ ගැනීමට හේතුව ඉන්ද්‍රීය රසාස්වාදය කෙරෙහි ඇති වන ආශාව බව ඉතා පැහැදිලිවම වැටහේ. මේ හේතුව නිසා පුද්ගලයෙකු දෙකොණකින් සසරට බැඳ තබන බව දතයුතුය. ඒ එක් කොණක් නම් අවිද්‍යාවයි. අනෙක් කොණ තණ්හාවයි. පුද්ගලයා සසරට ඇඳ බැඳ තබන මේබැමි දෙක නිවැරදිව ලිහා ගැනීමට හැකිවෙතොත් මුල් වරට සක්කාය දිට්ඨිය ප්‍රධානකොට ඇති සෙසු සංයෝජන ධර්ම දෙක වන සීලබ්බත පරාමාස හා විචිකිච්ඡාව දුරු කරදැමීමෙන් සෝතාපත්ති මාර්ග ඵලයට පත්වීමට හැකියාව ලැබේ. වචන භාවිතා කොට නිවැරදිව මෙකී කරුණු පහදා දී යමෙකු මඟ ඵල අව‍බෝධයට පත් කළ හැක. එසේ කිරීමට කරුණු කීපයක් සම්පූර්ණ වී තිබිය යුතුය. පළමු කරුණ නම් ජීව විද්‍යාත්මකව එබඳු අවබෝධයකට සුදුසු පරිදි සංජානන පැතිකඩ වර්ධනය වී උපත ලබා තිබිය යුතුය. දෙවැනි කරුණ නම් පෙර සසරෙහිදී මෙකී ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට යම් පරිශ්‍රමයක් දරා සිටීමය. එය සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම පර්යේෂණය හෝ විදර්ශනා භාවනා පුහුණුව විය හැක. තෙවන කරුණ නම් වර්තමාන භවය තුළ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මඟින් සසර ලැබූ පුහුණුව යළි අවධි කර ගත හැකි ක්‍රමවේදයක නිරතවීමයි. සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම පර්යේෂණය හෝ විදර්ශනා භාවනා පුහුණුව මෙබඳු ක්‍රම වේදයකට නිදසුන් ලෙස දැක්විය හැක.

    ReplyDelete

  49. @ පුංචි කුමාරිහාමි,


    සිතේ සකල ක්ලේශ ප්‍රහීණ කළ වීතරාගී උතුමෙකුට මුළු ලොව සංජානනය වනුයේ ඉතා සෞන්දර්යාත්මකවය. මහා පරිනිර්වාණ සූත්‍රයෙහි බුදුහිමියන් අවසන් වරට දුටු ස්ථානවල රමණීය බව වර්ණනාකොට ඇත්තේ ඉතා සෞන්දර්යාත්මක වර්ණනාවලින් යුතුවය. ථේර ථේරි ගාථා පාලිය තුළ සඳහන් වන විවිධ තෙර තෙරණිවරුන්ගේ අපදානයන්හි විස්තරවන සෞන්දර්යා‍ත්මක වර්ණනා වීතරාගී උතුමන්ගේ සිතැඟීවල රසඥතාව මොනවට හෙළි කරයි. එපමණක් ‍නොව ත්‍රිපිටක පාලියේ බොහෝ ස්ථානවල දී පරිසරය පිළිබඳ සෞන්දර්යාත්මක වර්ණනා සඳහන්ය. මිහිරි ස්වරයෙන් ධර්ම දේශනා කළ භික්ෂුන්ට බුදුහිමියන් පවා ප්‍රශංසා කර ති‍බේ. ස්වභාවික පරිසරය පිරිසිදුව තබාගැනීම මඟින් සෞන්දරාත්මක පැවැත්මකට බුදුහිමියන් අනුබලදී ඇති අන්දම සූත්‍ර දේශනාවල මනාව දැක ගත හැක.ඉන් පැහැදිලිවනුයේ රසඥතාව වනාහී ක්ලේශ ප්‍රහීණවීම සමඟ උසස් මට්ටමකට පත්වූ බවයි. ඒ නිසාම රසඥතාව තෘෂ්ණාව හෝ ආශාව සමඟම සමපාත වන්නක් නොවන බව ද පෙනීයයි. මමත්වය සිතේ තහවුරුවූ ආත්මාර්ථකාමී අයෙකුට වඩා මමත්වය තුනී කළා වූ පරාර්ථකාමී චර්යාව වැඩූ අයෙකුගේ සිත තුළ රසඥතාව ඉතාඉහළම මට්ටමකින් වර්ධනය වී ඇතිබව සූත්‍රදේශනා අනුව පැහැදිලි වේ. ආත්මාර්ථකාමීත්වය දුරුකිරීම යනු මම යන දෘෂ්ටිය තුළට කොටුවී සිමාවී තිබූ සිතිවිලි වලට සමස්ත විශ්වයම කරා ව්‍යාප්ත විය හැකි පරිදි උපරීම නිදහස ලබාදීමකි. බඹයක් පමණවූ මේ සිරුරකට මම යන දෘෂ්ටිය නිසා සිරගතව කොටු වී සීමා වී පැවති ආත්මාර්ථකාමී හැඟීම දුරුකිරීමේ උපයෝගීතාවය නම් රසඥතාව හැකි ඉහළම මට්ටමකට වර්ධනය වීමයි. හුදෙක් ස්ත්‍රී, පුරුෂ සිරුරක සිරගතව එයම ආශ්වාදනය කරමින් මම යනදෘෂ්ටියෙන් සීමාවී පැවති රසඥතාව ප්‍රතිවිරුද්ධලිංගික ආකර්ශණයට පමණක්ම ‍යොමු වී එයම යළියළි පතමින් සසර තුළ බැඳී තිබිණ. පුහුදුන් සිත්තුළ කාම රාගය පදනම්කරගත් ආශ්වාදයම පමණක් එකම රසඥතාව ලෙස සැලකූ බැවින් ස්ත්‍රී,පුරුෂ සිරුරු තුළ නැති සුන්දරබවක් මිස ස්වභාව ධර්මයේ නියම සෞන්දර්යය ඊට විඳගත හැකි නොවීය.නමුදු පිළිකුල් සහගත ස්ත්‍රී, පුරුෂ සිරුරුවල සෑබෑ යථාර්ථය පසක් කළ වීතරාගීහු බාහිරපරිසරයේ ස්වභාව ධර්මයතුළ ඉතා සජීවී අයුරින් සැබෑ රසඥතාවය අත්විඳිති. බුදුදහම පුද්ගල රසඥතාවයේ පරමාර්ථ සත්‍යය ලෙස පෙන්වා දී ඇත්තේ නිර්වාණ අවබෝධයතුළ පවතින නිවීමේ සැනසුම් සුවය ලැබීමයි. රසඥතාව නිසිසේ ආශ්වාදනය කිරීමට නම් අනිවාර්යයෙන් නිර්වාණ අවබෝධයට පත් විය යුතුමය යනාදී සාවද්‍ය අදහසක් මේ මඟින් නො පැවසෙන බව වටහා ගත යුතුය. නිර්වාණ අවබෝධයට පත්වූ අයෙකු ඉහළම රසඥතා මට්ටම වෙත පැමිණෙනබව නම් සත්‍යයකි.නමුදු කල්‍යාණ පුහුදුන් අයෙකු සිට අර්හත්වට පත්වූ උතුමෙකු දක්වා රසඥතා‍ව ක්‍රමිකව ඉහළ මට්ටමකට පත් වන බවද සත්‍යයකි. අවම තරමින් නිවැරදි මඟ නොමඟ හරිහැටි හඳුනා ගෙන ඒ අනුව කටයුතු කළ හැකි ඕනෑම අයෙකුට සිය රසඥතාවය නිවැරදි මාවතකට යොමු කර ගත හැකි බව මින් පැහැදිලි විය යුතුය. මේ නිසා උසස් රසඥතා මට්ටමකට පැමිණීමට නම් අනිවාර්යයෙන්ම වීතරාගී උතුමෙකු විය යුතුමය යන අදහසක් මෙහි ගැබ් නො වන බව වටහා ගැනීමට හැකියාව ලැබේ. තමා තුළ ඇතිවන වැරදි ආකල්ප, හැඟීම් හා චර්යා හඳුනා ගෙන ක්‍රමික පුහුණුව හා අභ්‍යාසය මඟින් ක්‍රම ක්‍රමයෙන් ඒවා ඉවත් කිරීමට සිදු කරන වෑයම තුළ අවශ්‍ය උනන්දුව හා කැපවීම ඇති ඕනෑම අයෙකුට කෙදිනක හෝ එබඳු උසස් රසඥතා මට්ටමකට පැමිණිය හැකි බව අවබෝධ කර ගැනීම වැදගත්ය. රසඥතාවය යමෙකුට බලයෙන් ලබා දිය නොහැක. උපතින් ලැබූ බුද්ධි මට්ටම අනුව යමෙකුට උසස් රසඥතා මට්ටමක් නිරායාසයෙන්ම ලැබිය හැක. සමහරුන්ට උසස් රසඥතා මට්ටමකට පත් විය හැක්කේ දිගුකලක් වෑයමෙන් කැප කිරීම් හා සතතාභ්‍යාස සිදුකිරීමෙන් පසුවය. සංජානන මට්ටම උසස් වූ පමණට රසඥතා මට්ටම ද උසස් වේ.

    ReplyDelete
  50. @ පුංචි කුමාරිහාමි,


    බාහිර පරිසරය නිසි අයුරින් අවබෝධ කරගැනීම සංජානනයේ කාර්ය භාරයයි. මෙහි දී යම් පුද්ගලයෙකුගේ කායික හා මානසික සැකැස්ම පවා ඊට ආධාර ‍වේ. ජීව විද්‍යාත්මක ව්‍යුහයට අනුව කායික සැකැස්ම තීරණ වේ. ඊට ආරමය හා ජානමය සාධක ද ඉවහල්වන අතර ප්‍රවේණීගත සාධක වලට අමතරව යම් පුද්ගලයෙකු සතු සසර පුරුදු පුහුණුව පවා බලපාන බව පර්යේෂණ වලින් හෙලි වී තිබේ. යම් පුද්ගලයෙකුගේ පුද්ගල අනන්‍යතාව යනුවෙන් ව්‍යවහාර වනුයේ මේ සැකැසුමයි. මෙය කිසියම් අයෙකුගේ මානසික පැවැත්මතුළ පවා විද්‍යමාන බව සොයාගෙන තිබේ.මේ අනන්‍යතාවය හඟවන හුරු පුරුදු පවා වෙනස්වන දෙයකි. මන්ද අධ්‍යාපනය, අත්දැකීම්, පරිකල්පනය, නිර්මාණශිලී බව, රසඥතාව වැනි වෙනත් සාධක නිසා පුද්ගල ආකල්ප වෙනස් වේ. එසේම සංජානනයේ ඇතිවන වෙනස්වීම නිසාද රසඥතාව වෙනස්ව යා හැකිය. බාහිර සාධකවල බලපෑම නිසා සංජානනයට යම් බලපෑමක් සිදුවිය හැක. එසේම යම් පුද්ගලයෙකුගේ ආකල්ප, හැඟීම් හා චර්යා වෙනස්වීම නිසා වුව ද සංජානන පැතිකඩ ඊට අනුරූපව පරිවර්තනය වියහැක.මේ නිසා පුද්ගල ආකල්ප වෙනස් කිරීමට බලපාන සාධක එසේම සංජානනය වෙනස්වීමට බලපානු ලබන බව පැහැදිලි විය යුතුය. ප්‍රඥාව, රස වින්දනය, උගත්කම හා බුද්ධිමත් බව යනුයෙන් අදහස් වනුයේ එකම දෙයක් නොවේ. උගත්කම ලබා තිබුණද ඇතැමෙකුගේ පරිකල්පන, නිර්මාණශීලී හැකියා හා ආකල්ප ලැබූ උගත්කමට නොසරිලන මට්ටමක පැවතිය හැක. නමුදු උගත්කම ලැබූ අයෙකුගේ සංජානන හැකියාව හා රසඥතාව එසේ නොමැති අ‍යෙකුගේ සංජානන හැකියාව හා රසඥතාවට වඩා දියුණු මට්ටමක තිබීමේ සම්භාවිතාව වැඩිය. උගත්කමට සරිලන ඉහළ රසඥතාවක් නොමැතිවීමේ හේතු පිලිබඳ නූතන සමාජයේ බහුලව සාකච්ඡාවට බඳුන්වන කරුණක් වී තිබේ. උගත් පුද්ගලයින් පවා අවර ගණයේ රසඥතාවකින් යුතු වීම පිලිබඳ සැමතින්ම දෝෂාරෝපණ ද එල්ල වේ. උගත්කම යම්කිසි විෂයක් පිළිබඳව ලබන දත්ත හා තොරතුරුවලින් මතකය පුරවා ගැනීමක් ලෙස අර්ථ කථනය කරන්නේ නම් එහි දී මේ රසඥතාව පිළිබඳ ගැටළුවට අනිවාර්යයෙන්ම මුහුණදීමට සිදුවේ.මන්ද පරිකල්පනය, නිර්මාණශීලීත්වය ආදී සාධනීය මනෝගතික ස්වභාවයන්ගෙන් වියුක්ත උගත්කම සංජානන හැකියාව නොපුබුදුවන නිසා රසඥතාව ඉහළ මට්ටමකට පැමිණිය නොහැකි බැවිනි. ධාරණය, ස්මෘතිය, සිහිය ආදී සාධක වැදගත් බව අවිවාදිතය. පුරාණයේ මෙරට පැවති සාම්ප්‍රදායික ‍ප්‍රාචීන අධ්‍යාපන ව්‍යුහය සකස්වී පැවතියේද මේ ක්‍රමවේද භාවිතයට ගනිමිනි. ශක්තිමත් මානසික හැකියාවක් ලැබීමට නම් මෙබඳු අධ්‍යයන සාධකවලට නිසි තැනක් ලැබිය යුතු බව ද නොරහසකි. බුද්ධකාලයේ පටන් ත්‍රිපිටක ධර්මය ධාරණය කර ගෙන මේ අයුරින් සුරක්ෂිතව නොපවත්වා ගෙන පැමිණියේ නම් අද නිර්මල බුදුදහම ලොවින් තුරන්වී බොහෝකල් ඉකුත්වී තිබිය හැක. සාම්ප්‍රදායික උගතුන් අතර පරිකල්පනය, නිර්මාණශීලී බව සුරැකී පැවතින. ඒ නිසා එබඳු උගතුන්ගේ රසඥතාව ඉතා ඉහළ මට්ටමක පැවති බවට සාධක හමු වේ. තත් යුගය තුළ නිර්මාණය වූ විවිධ කලා හා සාහිත්‍යාංග පිළිබඳ අවධානය යොමුකරන විට මේ බව මනාව පැහැදිලි වේ. අද පවා විශ්වමය තලයක පවතින උසස් නිර්මාණ ලෙස අගයනු ලබන්නේ මෙකල නිර්මාණය වූ මෙබඳු කලා හා සාහිත්‍ය කෘතීන්ය. මීට හේතුව සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ පැවති එක් සුවිශේෂී ගුණාංගයක් ලෙස හඳුනාගත හැක.

    ReplyDelete
  51. @ පුංචි කුමාරිහාමි,

    සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ උගත්කමට සමගාමීව සාරධර්ම හා සදාචාරය ඉගැන්වින. ඒ දැනුම සාරධර්ම හා සදාචාරයෙන් වෙන් නොවීය. මේ නිසා එකල උගතා යනු හුදු ගුණවතෙක්ම වූ බවට සාධක ඇත. මේ නිසා උගත්කම සමඟ එක්වූ ගුණවත් බව මඟින් සංජානන හැකියාව ක්‍රමිකව ඉහළ මට්ටමකට ගැනීමට හැකියාව තිබිණ. නමුදු නූතන අධ්‍යාපන රටාවතුළ කුඩා කල පටන් ලබා දෙනුයේ හුදෙක් විෂය දැනුම පමණි. ඒ විෂය දැනුම හුදෙක් දත්ත හා‍ තොරතුරු වලට පමණක් සීමා වී තිබේ. ඒවිෂය දැනුම ඉලක්කගත වී ඇත්තේ විභාග සමත්වීමටය. විභාග සමත්වී අධ්‍යාපන සහතික සහතික ලැබීමටය. අධ්‍යාපනසහතික වැදගත්වනුයේ රැකියා ලබා ගැනීමටය. මේ හේතුව නිසා නූතන යුගයේ අධ්‍යාපනයේ ඒකායන පරමාර්ථය වී ඇත්තේ වඩා හොඳ රැකියාවක් ලබාගැනීමට ඇති එක් ප්‍රවේශයක් වශයෙනි. මේ තත්වය පාසැල් අධ්‍යාපනයටම පමණක් සීමා වූවක් නො වේ. විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපන ක්‍රමවේදයට පවා මේ තත්වය ඉතා අහිතකරලෙස බලපා තිබේ. විශ්වවිද්‍යාලය යනු කාර්මික විද්‍යාල නොවේ. කාර්මික විද්‍යාලවල දී ශිල්පීය පුහුණුව ඉලක්ක කරගෙන පාඨාමාලා වල ව්‍යුහය තීරණයවී තිබේ.නමුදු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අරමුණු, පරමාර්ථ ඊට වඩා වෙනස්ය. විශ්වවිද්‍යාල අධ්‍යපනයේ අරමුණු,පරමාර්ථ සැකසී ඇත්තේ යම් විෂයක් පිළිබඳව පුළුල්වූ ශාස්ත්‍රීය අවබෝධයක් ලැබියහැකි පරිදිය.එය කාර්මික විද්‍යාලවලින් ලැබියහැකි ශිල්පීය වෘත්තිය පුහුණුවක් වැනිදෙයක් නොවේ.මේ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන‍යේදී ලැබෙන විශ්වදැනුම නිසා නිර්මාණශීලී පරිකල්පන හා විචාරපූර්වක හැකියා වැඩිදියුණු වේ.නමුදු මෙරටතුළ දැනට පවතින ආර්ථිකක්‍රමය අනුව හොඳ රැකියා අවස්ථා, වැඩි වැටුප් වේතන ලැබිය හැක්කේ ශිල්පීය දැනුම (Professionalism) ලැබූ පිරිසටය.මේ නිසා නූතන සමාජ පිළිගැනීමට විතැන්වී ඇත්තේද ඒ අංශය වෙතය. නමුදු ලොව දියුණු රටවලදී මේතත්වය වෙනස්බව දැකගත හැක. එහි දී වඩා වැඩි පිලිගැනීම හිමිව ඇත්තේ විශ්ව විද්‍යාල උසස් (Academic) අධ්‍යාපනයටය. මේ නිසා මෙරටේ දී සිය අධ්‍යාපන හැකියාවලට හිමි විය යුතු නිසි පිළිගැනීම, හොඳ රැකියා ,වැටුප් වේතන නො ලැබීම නිසා කළකිරීමටපත් බොහෝවිද්වතුන් විදේශ රටවලට සංක්‍රමණය වීමේ අනතුරක් ද නූතනයේ දැකගත හැක. වඩා ඉහළ රසඥතාවයක් හිමි මේ පිරිසට මෙරට දී නිසි තැනක් නොලැබීම හා පිලිගැනීමට ලක්නොවීම මෙරට හැරදා තමන්ට ඒ සියල්ල ලැබිය හැකි වෙනත් රටවල් කරා සංක්‍රමණය වීමේ ප්‍රධානතම හේතුවයි. අවංකව ‍දුකසේ ඒ සියලු කෙණෙහිලිකම් මැද මෙරටට සේවය කිරීමට කැමති විද්වතුන්හට තමන්ට අවශ්‍ය පහසුකම් මෙරටදී නොලැබෙන බැවින් නවීන විද්‍යාගාර, දියුණු උපකරණ, පර්යේෂණ ඉඩකඩ ආදී ඒ පහසුකම් ලැබීමේ අවශ්‍යතා පරිමසා ගැනීම පිණිසද විදේශරටවලට සංක්‍රමණය වීමට සිදු වේ. ඒ නිසා තව තවත් මෙරට ආර්ථික, සමාජයීය, ආකල්පමය වශයෙන් ඉතා නො දියුණු මට්ටමකට පත් වෙමින් තිබේ. ඒ නිසා මෙරටට ලැබිය යුතු ඉහළම මට්ටමේ බුද්ධිමතුන්, විද්වතුන්ගේ සේවයද විශ්ව විද්‍යාල පද්ධතිය වෙත නොලැබී යාමේ අනතුරක්ද ඉදිරියේදී විද්‍යමානව තිබේ. මෙය තවදුරටත් මෙරට සමාජය තුළ රසඥතාව පිරිහීමට හේතුවක් වනු ඇත. නූගත් දේශපාලනඥයින් විසින් අත්තනෝමතික ලෙස විශ්ව විද්‍යාල පද්ධතියට අත පෙවීමේ අනිටු ප්‍රතිඵලයක් වශයෙන්ද බුද්ධි ගලනය මෙරට තුළ අධිකවී තිබේ. එය මානව සමාජයේ එක් ගැටළුවක් ලෙසද විග්‍රහ කළ හැකිය. මන්ද මානවයා තුළ අවශ්‍යතා ඉටුකර ගැනීම පිළිබඳ ඇති පෙළඹවීම චර්යාව කෙරෙහි බලපානු ලබන බැවිනි.

    ReplyDelete
  52. @ පුංචි කුමාරිහාමි,

    මෙරට පුරාණ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව තුළ ස්මෘතියට මුල් තැනක් හිමි වූ නිසා බුදුදහම ලාං‍කේය සංස්කෘතියට අනන්‍ය හැඩයකින් අවශෝෂණය වී සුරක්ෂිතව පැවතින. භාරත දේශයෙන් මෙරටට පැමිණි ත්‍රිපිටක බුදුදහම මෙරට ජන විඥානගත වූයේ මෙරට සංස්කෘතියට අනන්‍ය වූ එකී හැඩයෙනි. වර්තමාන යුගය දක්වා බුදුදහම මෙරට ජන සමාජයතුළ සුරක්ෂිතව ඇත්තේ එකී හැඩය අනුවය. මේ හැඩය ලාංකේය ව්‍යවහාරික බුදුසමය ලෙසද හැඳින්වේ.එය පාලි ත්‍රිපිටක බුදුදහමට වඩා වෙනස් වනුයේ ලාං‍කේය සමාජය සතුව පැවති සාම්ප්‍රදායික ජන ඇදහිලි, විශ්වාස, අභිචාර විධි ආදියද ව්‍යවහාරික බුදුසමයට එකතු වීම නිසාය. මෙරට ජන සමාජයේ ලාංකේය අනන්‍යතාවය සකස් වීමටද මේතත්වය ඉවහල්විය. ලක්දිව පැවති සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව මඟින් ශික්ෂිතවූ මානව ආකල්ප ද එකල මෙරටෙහි උසස් රසඥතාවක් ඇති මිනිසුන් බිහිවීමට ප්‍රධාන හේතුවක් විය. මෙරට ආර්ථික පසුබිම තුළ ඇතිවූ වෙනස්කම් නිසා සාරධර්ම හා සදාචාරය පැවති අධ්‍යාපන ක්‍රම වේදයෙන් ගිලිහීයන්නට වූ බැවින් පසුකාලයකදී උසස්රසඥතා හැකියාව මිනිසුන් වෙතින් වියැකී යන්නට විය.පාසල්අධ්‍යාපන රටාවතුළ පමණක් නොව විශ්ව විද්‍යාල අධ්‍යාපන රටාව තුළ පවා පැවති ගුණාත්මකබව පිරිහීයෑමට වාණිජ ආර්ථික ක්‍රමයේ දැඩි බලපෑම හේතු විය. සෑම දෙයකටම ආර්ථික ක්‍රමයේ දැඩි බලපෑමට යට වීමට සිදුවීම නිසා බුදුදහමට ද ඒ තත්වයට මුහුණදීම වැළැක්විය හැකි නොවීය. බුදුදහම විෂයකොට විශ්වවිද්‍යාලවල සිදු වූ පශ්චාත් උපාධි පර්යේෂණ අධ්‍යයනයන්හි දී ලෝ‍කෝත්තර පැතිකඩට වඩා එහි ලෞකික පැතිකඩ කෙරෙහි අවධානය යොමුවීම් බහුලවීම මෙහි හැරවුම් ලක්ෂය පැහැදිලිකර වන ස්ථානයකි. මේ යටතේ ත්‍රිපිටක අධ්‍යයනයේ ගැබ් විය යුතු පරමාර්ථාධිගම වැනි ලෝකෝත්තර පරමාර්ථ අධ්‍යයනය වෙනුවට හුදෙක් ත්‍රිපිටකාගත ආර්ථික ලක්ෂණ වැනි කරුණු කෙරෙහි විද්වත් සැලකිල්ල යොමු වීම ඇරඹුනි. එය යමකින් ගත හැකි නියම ප්‍ර‍යෝජනය වෙනුවට ඊට අඩු මට්ටමේ ඵලදායීතාවක් කරා යොමුවීමක් ලෙස හඳුන්වා දිය හැක. එය එක්තරා අයුරකින් රසඥතාව පිරිහීමේ කරුණුය. ත්‍රිපිටක අධ්‍යයන පර්යේෂණය වැනි දෙයකින් උකහාගත යුතුව තිබූ ඉහළ අගය වෙනුවට ඊට වඩා පහළ මට්ටමේ ඇති විෂය කරුණු අධ්‍යයනය හා පෙළගැස්වීම මඟින් පමණක් සෑහීමකට පත්වීම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. හුදෙක් යම් විෂය කරුණකට අදාළව දත්ත පෙළගස්වා තොරතුරු ඉදිරිපත් කිරීම මඟින් විෂය දැනුම ලැබිය හැකි බව සත්‍යයකි. නමුදු සාරධර්ම, සදාචාරය වැනි කරුණු සංවර්ධනය කිරීමට මෙබඳු විෂයකරුණු පමණක් අධ්‍යයනය කිරීම වැදගත් නැත. විෂය කරුණු දැනගැනීම විභාග සමත්වීමට, විෂය නිර්දේශවලට අනුව නියමිත උපාධිය සම්පූර්ණ කිරීමට වැදගත් විය හැකි වුව ද එබඳු පර්යේෂණ තුළින් ලැබියහැකි සාරධර්ම, සදාචාර පෝෂණය කවරක්දැයි සිතා බැලීම මෙහිදී ප්‍රමාණවත්ය. නිදහසින් පසු බිහි වූ කාල වකවානුව තුළ අඩුවැඩි වශයෙන් ‍බුදුදහම අරබයා ක්‍රියාත්මක වූයේ මෙබඳු අධ්‍යාපන රටාවක් බව නූතන රසඥතාව පිරිහීම අනුව පැහැදිලිය. නිර්මාණශීලී ආකල්ප ඇති මිනිසුන් අධ්‍යාපන ක්‍රමය මඟින් බිහිවීමේ අඩුපාඩුවට රසඥතාව පිරිහීම ඉවහල් විය. නිර්මාණශීලී ආකල්ප නැති පුද්ගලයා ආකෘතියක් හා සමානය. ශාස්ත්‍රීය හා පර්යේෂණ කාර්යයන්හි අරමුණ නම් නිර්මාණශීලී පුද්ගලයෙකු බිහි කිරීමයි.

    ReplyDelete
  53. @ පුංචි කුමාරිහාමි,

    ඔබේ මේ කතාව සම්භාව්‍ය සාහිත්‍යයට නෑකම් කියන ගතියක් පෙන්න තියෙනවා. ඒක ඔයාගේ බ්ලොග් එකට කමෙන්ට් කරලා තිබෙන ගොඩාක් ගැහැණු අය ඔයා එක්ක කියලා තියෙනවා. සම්භාව්‍ය සාහිත්‍යයේ තිබෙන්නේ අවුරුදු දස දහස්‌ ගාණක්‌ තිස්‌සේ එක්‌ රැස්‌ වෙච්ච කලාවේ සාරය. කවුරුන් හෝ සම්භාව්‍ය සාහිත්‍යය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඔහු හෝ ඇය කරන්නේ ඒ සමස්‌තය ප්‍රතික්‍ෂේප කිරීමක්‌. කෙනෙකු ගේ කෙටි ජීවිත කාලය තුළ දී මහා සාගරය වගේ තිබෙන කලාව තනිවම මුල සිටම ග්‍රහණය කර ගන්න බැහැ. Art is long but life is short යනුවෙන් ට්‍රොට්‌ස්‌කි කියන්නේ මේක යි. එනම් “කලාව දීර්ඝ යි, ජීවිතය කෙටි යි” යන්නයි. තමන් ගේ කෙටි ජීවිත කාලය තුළ දී මුළු ජීවිත කාලය ම උත්සාහ කෙරුවත් කෙනෙකුට මේ දැවැන්ත කලාවෙන් බින්දු මාත්‍රයක්‌ පමණයි ගන්න පුළුවන්. තනි මිනිහෙකුට තමන් ගේ ජීවිත කාලය තුළ දී මුල සිටම කලාව තනිවම සොයා ගන්න බැහැ. සම්භාව්‍ය සාහිත්‍යය ඕන වෙන්නේ ඒක යි. එහි තිබෙනවා මේ තාක්‌ හොඳ ම සාරය, එය දැන සිටියාම එතන සිට ඉදිරියට යා හැකියි. අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම සම්භාව්‍ය සාහිත්‍යය නොදන්නා කෙනෙක්‌ කරන්නේ අලුත් යෑයි සිතා පරණ දේවල් ම නිර්මාණය කිරීමයි. ඉදිරියට යනවා යෑයි සිතුවාට යන්නේ පස්‌සටයි. දැනට ම තිබෙන දේවල්මයි කරන්නේ. නූතන යෑයි හිතුවට කරන්නෙ පරණ වැඩ. අලුත් දේවල් කරන්න නම්, සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරු කරන්න ඕනෑ. කලාව කියන්නෙ අපූර්ව දේවල් නිර්මාණය කිරීමක්‌. අපූර්ව කියන්නේ පෙර නොවූ විරූ කියන එක. පෙර නොවූ විරූ ඒවා නිර්මාණය කිරීමට නම්, පෙර විරූ ඒවා දැන සිටිය යුතුයි. ඒවා තිබෙන්නේ සම්භාව්‍ය සාහිත්‍යයයේ. ඒ නිසා සම්භාව්‍ය සාහිත්‍යයයේ ඇසුර නොමැතිව කලා නිර්මාණකරණය ගැන හිතන්නවත් බෑ. එහෙම පුළුවන් කියල කවුරු හරි හිතනවා නම් ඒක බරපතළ මුලාවක්‌. අද සමස්ත සමාජ පද්ධතියේ ම ඇත්තේ පිරිහීමකි. සමස්ත පිරිහීම මැද සාහිත්‍යය ද අන් ක්‍ෂේත්‍රවලට සාපේක්ෂව ඉතා ශීඝ්‍රයෙන් පරිහානියට ලක් වී තිබේ. රසඥතාව හීන, විදග්ධ කලා රස නොවිඳින පාඨක රසික ප්‍රජාවක් ඉදිරියේ විදග්ධ කලාවක්, සාහිත්‍යයක් පවතින්නේ කෙසේද? එහි අනෙක් පැත්තද එසේම ය. හරවත් ප්‍රබුද්ධ සාහිත්‍ය නිර්මාණයක් රස විඳීන්නට අවස්ථාවක් නොලැබෙන පාඨක රසික පිරිස් විදග්ධ සාහිත්‍ය කලා කෙරෙහි ආශක්ත වන්නේ කෙසේද? මේ බ්ලොග් ලිපි වලට නරක පහත් කමෙන්ට් දාන බහුතර පිරිස එවැනි උසස් මානසික ශික්ෂණයක් නැති ලුම්පන් පංතිය තුළින් පැමිණි අය බව පැහැදිලිව පෙනී යයි. එබැවින් ඉහත සඳහන් කළ පරිදි ඔයා වගේ අය විසින් මෙවැනි උසස් සාහිත්‍ය නිර්මාණ හරහා අසීරුතා විඳ දරාගෙන වුවද සිදු කරන මේ උතුම් සාහිත්‍යමය සත් කාර්යයට මමත් මට පුලුවන් උපරිමයෙන් දායක වෙන්න බලන්නම් කුමාරි.

    ReplyDelete
  54. @ පුංචි කුමාරිහාමි,

    ඇයි දැන් කාලේ මේ වගේ සම්භාව්‍ය සාහිත්‍ය රස විඳීමට හැකි අය නැත්තේ. සාහිත්‍ය රස විඳන්න හැමෝටම උපාධි ගන්න ඕන නැහැ. අනිත ඉස්සර අපේ ගම්වල කුඹුරේ කමතේ වැඩ කළ අපේ වැඩිහිටි යන් අතින් පැල්කවි, ගොයම්කවි වගේ සුන්දර නිර්මාණ බිහිවුනේ ඔවුන් විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා උපාධි අරගත්තු නිසා නෙවෙයි. නමුත් ජාත්‍යන්තර පාසැල්වලට ගියත් අද හැදෙන පරම්පරාවලට මේ තත්වය නැහැ. මේ තත්වය මේ රටේ හැම තැනකම දකින්න තියෙනවා. මේ වගේ සමාජය පුරාම බහුල වීම ඔයාගේ බ්ලොග් එකට නරක කමෙන්ට් දාන අය තුළින් දැක ගැනීමට ලැබෙනවා. මොකද මේ තරම් වැදගත් සාහිත්‍යමය සාකච්ඡාවකට සහභාගී වී එහි රස විඳීම පසෙක තබා කුණු රසට ප්‍රිය කරමින් කුණු රස ලුහුබැඳ යන්නේම නිසි සෞන්දර්යාත්මක පුහුණුවක් මේ නොහික්මුනු නොදැමුනු තරුණ පිරිසට නොමැතිකම නිසායි. අතීතයේ පාසල්වල අතිශයින් ක්‍රියාකාරී වැඩ කළ ගුරුවරු සිටියා. ඔවුන් බොහෝ විට, සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වපු ගුරුවරු වුණා. ඔහුට පුළුවන්කම තිබුණා, අනෙක්‌ බොහෝ විෂයන් උගන්වන්න. ඔහු සාහිත්‍ය පාඩම උගන්වන්න ආවම චිත්‍රයක්‌ අඳිනවා, කවි ගායනා කරනවා, රඟ දක්‌වා පෙන්වනවා. ඒ හැම එකක්‌ ම ඔහුට පුළුවන්. රූපණ හැකියාව, ගායන හැකියාව, ඇඳීමේ හැකියාව ආදි ක්‍ෂේත්‍ර විශාල ප්‍රමාණයක්‌ ආවරණය කරන්න ඔහුට හැකියාව තිබුණා. එවැනි ගුරුවරු අද නැහැ. අද දවසේ ඒ වගේ ගුරුවරුන් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වී තිබෙනවා. ඒ කාලෙ ගුරු විද්‍යාලවල සිංහල පුහුණු පාඨමාලාවක්‌ තිබුණා. වර්තමානයේදීත් විද්‍යාපීඨ එකක හෝ දෙකක ඒක තිබෙනවා. නමුත්, එය කෙතරම් හොඳින් ක්‍රියාත්මකයි ද කියන්න මම දන්නේ නැහැ. පාඩමක සටහන් ලියද්දී ව්‍යාකරණ නිවැරැදි ව යෙදීම සිංහල ගුරුවරයාට පමණක්‌ අදාළ දෙයක්‌ නොවෙයි. ඒක විද්‍යාව සහ අනෙක්‌ විෂයන් උගන්වන ගුරුවරුන්ටත් අදාළ යි. එදා පාසැල් ගුරුවරු සැමවිටම ව්‍යාකරණානුකූලව සටහන් ලිවීමට දරුවන් උනන්දු කළා. භාෂා දැනුම දුර්වල නම් දරුවන්ට කොපමණ දැනුම තිබුණත් වැඩක්‌ නැහැ. දැනුම කොහොම ද ඔවුන් ප්‍රකාශ කරන්නෙ, නිවැරැදිව, නිරවුල් ව, භාෂාව නො දැන. භාෂාව මාධ්‍ය කරගෙනයි අපි හැම දෙයක්‌ ම කරන්නෙ. මාධ්‍ය වන භාෂාව දුර්වල නම් සියල්ල දුර්වලයි. අපි හිතන්නෙත් භාෂාවෙන් බව බොහෝ දෙනකුට අමතකයි. භාෂාව නිවැරැදි නැත්නම් හරියට හිතන්නත් බෑ. ඒ වගේ ම හිතන දේ කියන්නත් කියන දේ ලියන්නත් හැකිවෙන්න භාෂාව අවශ්‍යයි. ඒ හැම එකක්‌ ම අද ඉතාමත් දුර්වල අඩියක තිබෙන්නේ. අද ගුරුවරු පරිහරණය කරන කලා කෘති දෙස අවධානය යොමු කළාම කම්පාවක්‌ දැනෙනවා. ඒවා බොහොම පහත් අවර ගණයේ ඒවා. එය වහා නිවැරැදි කර ගත යුතු තත්ත්වයක්‌. සිංහල භාෂාව සහ සාහිත්‍යය උගන්වන ගුරුවරු විශේෂයෙනුත්, පොදුවේ අනෙක්‌ ගුරුවරුත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනගැනීමත්, රසාස්‌වාදන හැකියාව ලබා ගැනීමත් අත්‍යවශ්‍ය යි.
    අනෙක්‌ වැදගත් ම ප්‍රශ්නය තමයි, දැන් තිබෙන විද්‍යා විෂයන් සහ කලා විෂයන් අතර පරතරය. අද දරුවන් ගෙන් ඇහුවොත් විද්‍යාව කියන එකේ විරුද්ධ වචනය මොකක්‌ ද කියලා, උත්තරය දෙන්නේ කලාව කියලා. විද්‍යාවේ විරුද්ධ වචනය අවිද්‍යාව මිස කලාව නොවෙයි. විද්‍යාව සහ කලාව අතර පරතරය මේ මෑත කාලයේ නිර්මාණය කළ එකක්‌. විද්‍යාව සහ කලාව දෙක ම එකට ගමන් කළ යුතු විෂයන් දෙකක්‌. ඒ නිසා මේ පරතරය වහා ම නැති කළ යුතු ම දෙයක්‌ ව තිබෙනවා

    ReplyDelete
  55. මන් දැක්ක අසරණයා + සෙන්නා + silentsahan
    කියල කමෙන්ට් එකක් .එය ඉතාම ලොල් සහගතයි .
    එවැනි දේට ප්‍රති උත්තර බැඳීමත් නිෂ්පලයි.

    අනිත් එක ආචාර්ය තුමාගේ කමෙන්ට් නම් කියවන්නේ නැහැ ,
    ඒවගේ මොන මොන ඒවා
    තියෙනවද මන්ද අපි ගැන..ඔහේ තිබුණාවේ ..:D

    ReplyDelete
    Replies
    1. @ silentsahan,

      මා මෙහි කමෙන්ට්ස් පල කරන්නේ තමුන් වැනි නූගත් පහත් පෙළේ පුද්ගලයින්ට කියවීම සඳහා නොවේ. විවිධ බ්ලොග් අඩවි වෙත ගොස් ඒවාට සංවිධානාත්මකව පහර දී ඒවා දුර්වල මට්ටමකට පත්කොට තමන්ට හිතවත් බ්ලොග් කාරියන්හට එමඟින් වක්‍ර හා සෘජු ලෙස අනුග්‍රහය දැක්වීම තමුන් වැනි පහත් පෙළේ පුද්ගලයින්ගේ සිරිතක් බව හොඳින්ම වටහාගෙන ඒ අනුව කටයුතු කරමි. තමුන් වැනි අය කරන්නේ උපාසක ලීලාවෙන් ව්‍යාජව මෙවැනි ගජ බින්න ඇද බාමින් ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ ලෙස නිර්නාමිකව යටින් දෙපිටකාට්ටු ක්‍රියාමාර්ග ඊර්ෂ්‍යා සහගතව ගැනීමයි. මා මෙහි මොන තරම් ප්‍රයෝජනවත් හොඳ දේ සඳහන් කළත් තමුන් වැනි උදවියට ඒවා අබැටකවත් ප්‍රයෝජනයක් නොමැති බව හොඳින්ම දනිමි. එසේම තමුන්ලා වැනි උදවිය හොඳ දේවල් ප්‍රයෝජනයට නොගන්නා බවද හොඳින්ම දනිමි. මඩේ ලඟින ඌරන්ට මඩ මිස ගජ මුතු වලින් ප්‍රයෝජනයක් නැත. බයිබලයේ පහත දැක්වෙන ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ තමුන් වැනි මෝඝ පුරුෂයින් සඳහාය. “ ඌරන් ඉදිරියෙහි මුතු නොදමන්න. යම් හෙයකින් ඔබ එසේ කළහොත් ඌරන් ඒවා පයින් පාගා ඔබට පා පහර දෙනු ඇත“ තමුන්ලා වගේ උදවිය මෙවැනි බ්ලොග් වලට පැමිණ කරන්නේද ඒ ටිකම බව තමුන්ලා වගේ අයගේ මෝඩ මොළ වලට නොවැටහුනාට මේ බ්ලොග් අඩවිය කියවන නමුත් මෙහි කවදාවත් කමෙන්ට් පළ නොකරන දහස් සංඛ්‍යාත පිරිස මේ වන අවබෝධ කරගෙන ඇති බව පවසමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කිසිදු දිනෙක මගේ බ්ලොග් අඩවිය 40 ට පැමිණ නොතිබූ අති විශාල පාඨක පිරිසක් දැන් දැන් මගේ බ්ලොග් අවකාශ වලට පැමිණෙමින් තිබෙන බව තමුන්ලාගේ දැන ගැනීමට සඳහා සටහන් කරමි. ඊට මුලික වශයෙන් දරදිය සැපයුමේ මේ ආකාරයට මට පහර පිට පහර දෙමින් තමුන්ලා විසින්ම බවද තමුන්ලාගේ ඊර්ෂ්‍යා සහගත ක්‍රියාකාරකම් තුළින් මාහට සිදුවී ඇත්තේ වාසියක් බවද දැන ගැනීමට සඳහා මෙහි සටහන් කරමි.

      Delete
    2. @ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

      මචන් සුජියෝ උබේ හිත රිදුනනම් සොරි වෙයන් .:D
      හිතල කරේ නැහැ , උබේ ආතල් එක ගනින් මචන්
      අපි කොක්ක දාන්නේ නැහැ ආයේ..:(

      ෆිට් තමයි අහ් ..:D

      Delete
    3. මචං silentsahan
      ..............

      එහෙම කියන්න එපා මේ ආචාරියට තියෙනවා ලු උපාදි 7ක්.බ්ලොග් අඩවි 40ක් දැනට රස්සාවල් 100 වඩා කරලා තියෙනවලු. රැකියා 100ක් කරලා තියෙනවනම් ඉතින් ඒ වගේ කෙනෙක් ගැන හිතා ගන්න පුළුවන් නේ.මම හිතන්නේ යන යන තැනින් ගහල පන්නලාද කොහෙද?. හරි උගත් ලු බ්ලොග් ලියන්නේ නුගත් මිනිසුන්ලු. එයාගේ දැනුමත් එක්ක අපිට හැරෙන්නවත් බැහැ ලු.

      //මා හරි උගතා මා හරි ජගතා හිතනා මිනිහා මෝඩයෙකි.// එහෙම සිංදුවක් තියෙනවා නේද?.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. @ පුංචි කුමාරිහාමි,

      මම ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා වැඩි කාලයක් ගත නොවුනු එක ඇත්තක් කුමාරි. ඒත් මම ඕන තරම් ඉන්ටනෙට් වල ඉඳලා තියෙනවා දැන් අවුරුදු ගණනාවක්ම. මම සිංහල භාෂාව භාවිතා කරන බ්ලොග් එකකට ආවේ මේකට තමයි. මම වැඩිපුර බිස්නස් සයිට් වලට ලොග් වෙලා ඉන්නේ බිස්නස් නෙට්වල. නමුත් කම්මැලි කමටත් එක්ක මේක දැකලා ආවා. මට දැන් මේක කියවන්න එන්න හිතෙන්නේත් නැහැ. මේක හරිම අවුල් වෙලා කුමාරි. මම මේ පැත්තක් අරගෙන කාටවත්ම සපෝට් කරන්න නෙවෙයි කියන්නේ. මට එහෙම කරන්න වුවමනාවකුත් නැහැ. ඒත් මම මධ්‍යස්ථව බලද්දී මට පෙනුනු දෙයක් තමයි කියන්නේ. ඔයාගේ බ්ලොක් එකේ ප්‍රමිතිය ඉහළ මට්ටමක තියා ගන්න නම් ඔයාට සිද්ධ වෙනවා උසස් අය මේකට ආකර්ශනය කරවා ගන්න. එහෙම අය මේ වගේ පහළ මට්ටමක තියෙන දේවල්වලට ආකර්ශනය වෙන්නේ නැහැ. ඔයාගේ ලිපි නම් ඉහල මට්ටමක තියෙන්නේ. නමුත් මේකට කමෙන්ට් දාන්න එන අය අතර විවිධ මානසික මට්ටම්වල පිරිස් ඉන්නබව පේනවා. කාන්තා පාර්ශවය අතර නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් පිරිමි අය අතර නම් පොඩි අවුලක් තියෙන බව පැහැදිලිව පෙන්න තියෙනවා. ඔයා මේ බ්ලොග් එක පටන් ගන්න කාලේදී ඔයාගේ බ්ලොග් එකට නිතර ආව ගිය අය පිරිමි අය පස්සෙන් පහු කාලේදී වෙනත් උගත් තරුණ පිරිස් ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා ඒ අයගේ විද්වත් හරවත් දේවල් අනිත් අයත් එක්කලා බෙදා හදා ගන්නවට ඔයාගේ පරණ බ්ලොග් සඟයෝ ටික කැමති නැහැ වගේ මට නම් පේන්න තියෙන්නේ ඒකයි. ඔයා ඒක පිළිගත්තත් නැතත් කමක් නැහැ. මට නම් ඔයා පිළිගත්තත් එකයි නැතත් එකයි. මොකද මට කියන්න තියෙන දේ මම කිව්වේ. තමන්ට වඩා උසස් විද්වතු අය කරන කියන දේවල් මේ අය එයාලගේ මට්ටමෙන් සලකාගෙන හිටියට ඒවා එහෙම නොවන බව මෙයාලා පිළිගන්නේ නැහැ. එයාලා හිතන්නේ එයාලා කියන කරන දේවල් මෙතැන හරි කියලා. මේකට කමෙන්ට් නොදැම්මට තවත් විශාල පිරිසක් ඔයාගේ බ්ලොක් එක කියවනවා කියලා ඔයා අමතකර කරන්න එපා කුමාරි. ඒ නිසා ඒ අයට ඔයාව හාස්‍යයක් වෙනවා මෙහෙම සුළු පිරිසකට ඔයාව නටවන්න ඉඩ ඇරියොතින්. මම වුනත් ළඟදී ආව කෙනෙක් ඒ නිසා මම කියන දේවල් වල වුනත් පිළිගත යුත්තක් නැතැයි කියලා හිතනවා නම් ඔයාට කැමති දෙයක් කරන්න. මම මට හිතෙන දේවල් කිව්වේ. මේ බ්ලොක් අඩවිය ඔයා කරන්නේ වුනාට ඔයාව ඔයාගේ පරණ සඟයෝ ටික පාලනය කරනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? මොකද ඔයා හ්ම් කියලා කියන්නෙත් එයාලා ඔව් කියලා කිව්වොත් විතරයිනේ කියලා හැමෝටම තේරෙනවා. මම මේවා කිව්වාට මා එක්ක ඔයා අමනාප නොවේවී කියලා මම හිතනවා. මම කිව්වේ යෙහෙළියකගෙන් විය යුතු දේ පමණයි. බාර ගැනීම හෝ නොගැනීම ඔයාගේ අතේ තියෙන දෙයක්. මම ඔයාට බලපෑම් කරනවා කියලා වරදවා හිතන්න එපා හොඳේ.

      Delete
  56. @ පුංචි කුමාරිහාමි,

    ඔයාගේ ලිපියේ මම දැකපු ලස්සනම චමත්කාරජනකම සෞන්දර්යාත්මක කොටස තමයි මුලින්ම තියෙන්නේ.
    //සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම බැස යන හිරුගේ මලානික එලියෙන් අමුතුම සුන්දරත්වයක් මෙන්ම පාළු හුදකලා බවක් මතු කරයි. හිරු එලිය වැටී දිලිසෙන සයුරු රළ වෙනදාටත් වඩා වේගයෙන් ගොඩබිම දෙසට දිව එන්නේ හැකිනම් ගොඩබිමෙහි නවතාගන්නට කියන්නාක් මෙනි..//
    මේක කියවපු මට පාලි සාහිත්‍යයේ බුරදුන් හා රහතන්වහන්සේලා ස්වභාවික සෞන්දර්යය ( පරිසර වර්ණනා ) සිදු කර ඇති අන්දම සිහිපත් වුනා. නිදසුනක් විදිහට අරියපරියේසන සූත්‍රයේ දක්නට ලැබෙන පහත සඳහන් ගාථාව දෙස බලන්න.
    “රමණීයෝ වන භූමිභාගෝ, පාසාදිකො ච වන සණ්ඩො නදී ච සන්දති. සෙතකා සුප්පතිත්ථා රමණීයෝ, සමන්තා ඤ ගෝචර ගාමො, අලං වතිදං කුල පුත්තස්ස පධානත්ථිකස්ස පධානාය“ - මජ්ඣිම නිකාය 1, අරියපරියේසන සුත්ත, බුද්ධ ජයන්ති මුද්‍රණය, 2005, පිටුව 406
    කෙනෙකුට මෙවැනි රස වින්දන ශක්තියක් ඉබේම ඇති වෙන්නේ නැහැ. ඒකට සෞන්දර්යය නිවැරදි අයුරින් රස විඳලා ඇති කරගත්ත මුලික පුහුණුවක් අවශ්‍යයි. සෞන්දර්යය පිළිබඳ සාපේක්ෂතාවාදය හෙවත් සෞන්දර්ය සාපේක්ෂතාවාදය යනු සෞන්දර්යය විනිශ්චය පුද්ගලයන්ට, සංස්කෘතීන්ට, යුගයන්ට හා සන්දර්භයන්ට සාපේක්ෂ බැව් පිළිගැනෙන දාර්ශනික ආස්ථානය යි. සාහිත්‍ය නිර්මාණයක් රස විඳීම කෙනෙකුට හිතුමතයේ ආවාට ගියාට උඩත් පාතක් නැතිව සිදු කළ නොහැකි දෙයක්. ඒකට විධිමත්ව සකස් කරගන්නා ලද සංජානන කුසලතාවයක් කෙනෙකු තුළ තිබිය යුතුයි. ඒක කෙනෙකු අධ්‍යාපනය හරහා ලබා ගන්නවා. තවත් අය පුද්ගල හා සමාජ අත්දැකීම් හරහා ලබා ගන්නවා. මේ දෙකින්ම තොරවූ සතුන් වැනි පුද්ගල කොට්ඨාශයක්ද සිටිනවා. මම නම් හිතන්නේ ඔවුන් හා සතුන් අතර වැඩි වෙනසක් නැති බවයි. ඒ නිසා එවැනි අය පිලිබඳව සාකච්ඡා කිරීමට වඩා ස්වල්ප පිරිසක් වුවද නිවැරදි උසස් රසාස්වාදයක් සහිත වැදගත් පුද්ගලයින් සමඟ ඇසුරු කිරීමට ලැබීම භාග්‍යයක් බවයි. මන්ද ලොකු කාලයක් මේ ලෝකේ වැරදි වැඩ කරමින් ගත කිරීමට වඩා නිවැරදි දේ කරමින් ස්වල්ප කාලයක් වුවද ගත කිරීම ඵලදායි ජීවිතයක් ලෙස ධම්මපදය ගාථා වල දී බුදුරදුන්ගේ දේශනා පාලිය අනුව දැකගත හැකි බැවිනි.

    ReplyDelete
  57. @ පුංචි කුමාරිහාමි,

    අද බොහෝ දෙනෙකු කලාව නොදන්නා බව පැහැදිලිව පෙනී යයි. වෙනත් අයට වඩා කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ වෙසෙන අය කලාව කුමක්දැයි හඳුනාගෙන සිටිය යුතු වුවද එවැනි පිරිසටද අද කලාව යනු කුමක්දැයි නොදන්නා නිසා කලා ක්ෂේත්‍රයම අද සම්පූර්ණයෙන්ම පිරිහි ගණිකා මඩම් බවට පත්ව තිබේ. එසේම කලා ක්ෂේත්‍රය ගණිකාවන්ගේ, නපුංසකයින්ගේ හා පිම්පියන්ගේ ( ගණිකාව හා ගණුදෙනුකරු සම්බන්ධ කරන්නා හඳුන්වන නම) ක්ෂේත්‍රයක් බවට කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රය පත්ව තිබේ. මේ රටේ සාමාන්‍ය ජන සමාජයේ සිදුවී ඇති දැවැන්ත පිරිහීම නිර්ණායකයක් ලෙස පැහැදිලිව මූර්තිමත් කරන ස්ථානය ද කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයම බව වටහාගත යුතුය. කලාව යනු කුමක් දැයි පහදා දීම ඉතා උගහට ය. කලාව නො වන්නේ කුමක් දැයි දැක්වීම ඊට වඩා පහසු බව කිව යුතුයි.
    කලාව වසයෙන් දක්වන්නේ යම් කිසිවක් කිරීම ය, නැතහොත් නිපදවීම ය. ඉංග්‍රීසි artයන වචනයෙහි ද මේ අර්ථය තිබේ. The art of playing cricket, the art of writing, the art of talking in public ආදි යෙදුම්වල මේ අර්ථය ගැබ් වී තිබේ.
    එ‍ෙහත් ‘සංගිත කලාව, ‘චිත්‍ර කලාව, ‘නාට්‍ය කලාව යන ආදි යෙදුම්වල විශේෂ අර්ථයක් තිබෙන බව සැලකිය යුතු ය. යම් කෙනෙකු සිතාරයක් හෝ තබ්ලාවක් හෝ බටනලාවක් වාදනය කරන විට ඔහු දක්ෂ සංගීතඥයෙක් හෝ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් හෝ දක්ෂ නළුවෙක් යයි අර්ථාන්විත ව ව්‍යවහාර කළ හැකිය. රවි ශංකර් සිතාරය වාදනය කරන විට සමහරු එහි ‘රසය’ විඳිති. සිතාර් වාදනය කිරීමේ දී ඒ තැනැත්තා දක්වන දක්ෂතාවයයි මෙතැන දී කියවෙන්නේ. අසන්නා තුළ ‘රසයක්’ උපදී යැයි කිව හැකි ය.
    ‘රසය’ යනු කුමක් ද කියා පැහැදිලි කිරීම උගහට ය. කිසියම් ගීතයකට හෝ වාදනයකට සාවධාන ව කන් දෙන තැනැත්තා තුළ කිසියම් ආහ්ලාදයක් උපදී. ඔහු එයින් රසාස්වාදයක් විඳිතියි කිව හැකි ය.
    රසාස්වාදය යනු අසන්නා තුළ ජනිත වන ආවේග සමූහයයි, එනම් ‘වින්දනය’ යි. අසන්නා එයින් තෘප්තිමත් වන්ට පුළුවන. ඔහු එයින් කිසිදු වින්දනයක් නො ලබන්ට ද පුළුවන. ඔහු එම වාදනයට කන් දී තෘප්තිමත් වුව හොත් ඔහු රසාස්වාදයක් විඳිතියි අපට වටහා ගත හැකි ය.
    මේ අයුරු ප්‍රතිචාරයක් විඳින්නට ඔහු වෙනත් සිතාර් වාදකයන්ගේ වාදනවලට කන් දීමේ පුරුද්දක් ඇත්තෙකු විය යුතු ය. ඔහු වාදකයා කෙරෙහි පැහැදෙන්ට පුළුවන. තමා ලබන වින්දනය ඔහු තුළ ප්‍රිය ජනක හැඟීමක් වන්ට පුළුවන. මේ සියුම් වින්දය කලාව තුළින් ලැබීම සමඟ තමයි රසිකයා තුළ කිසියම් ස්වයං විනයක් ගොඩ නැඟෙන්නේ. රසිකයා තුළ ගොඩ නැඟෙන මේ ස්වයං විනය නිසා සාමාන්‍ය ජන සමාජයද ශික්ෂිත වෙනවා. කලාව නිසා දරදඬු රළු මිනිසුන් සියුම් සංවේදී හදවත් ඇති අය බවට පත් වෙනවා. නමුත් අද මේ රටේ කලා ක්ෂේත්‍රය අති සීඝ්‍රව පිරිහිලා ගිහිල්ලා. ඒ නිසා ඔයා වගේ විදේශගතව සිටින අයට එක්වරම නොදැනුනාට මේ රටේ ඉන්න හැමෝටම තේරෙන දෙයක් නම් මේ රට විශාල සංස්කෘතික පිරිහිමක් කරා පසු ගමන් කරන බවයි. ඒක හැම ක්ෂේත්‍රක් තුළම පැහැදිලිව සන්නිවේදනය වෙනවා. සාහිත්‍ය කලාව, සිනමා කලාව, නාට්‍ය කලාව, ටෙලි නාට්‍ය කලාව, වේදිකා නාට්‍ය කලාව මේ ආදි සියළු කලා ක්ෂේත්‍රයන් තුළ ම අද මේ වේගවත් පිරිහිම දක්වන ලැබෙනවා. ඉතින් මේ පිරිහිම මේ ක්ෂේත්‍ර තුළ පමණක් නොවෙයි සැබවින්ම මේ පිරිහිම සෑම මිනිසෙකුගේම හදවත් තුළද දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ රටේ පිරිමි ගැහැණුන්ට සාපේක්ෂකව ඉන්නේ රස වින්දනාත්මක වශයෙන් පිරිහුණු තැනක කියලා මට හිතෙනවා. එහෙම හිතෙන්නේ ඔවුන් ස්ත්‍රීන්ට සාපේක්ෂතව උසස් කලා හා සාහිත්‍ය රස වින්දනයෙහි දි දක්වන නොගැඹුරු රළු මානසික මට්ටමයි. මේ තත්වය විශ්වවිද්‍යාල පරිසරය තුළත් දක්නට ලැබෙනවා. පිරිමි ශිෂ්‍යයින් සාහිත්‍ය සංගම් ආදියෙදී ගහමරා ගෙන ඔලු පලා ගනිද්දී ශිෂ්‍යාවන් විනයකින් හා හික්මීමක් ඇතිව ඒවායින් නිවැරදි ආත්ම සංයමය ලබා ගෙන උසස් රස වින්දනය ගොඩනඟා ගන්නවා. මේ හේතුව නිසා ඉදිරියේදී මේ රටේ ආධ්‍යාත්මිකව පිරිහුණු පිරිමි පරපුරකුත් ආධ්‍යාත්මිකව හා භෞතිකව දියුණු කාන්තා පරපුරකුත් දකින්නට ලැබේවි. මේ තත්වයට මම දකින විදිහට පිරිමි ඊර්ෂ්‍ය කළ යුතු නැහැ. මොකද මේ පිරිහිම පිරිමි විසින් ඇති කරගෙන තිබෙන්නේ ගැහැණු නිසා නෙවෙයි තමන්ගේම නොදැනුවත්කම හා අපරීක්ෂාකාරී බව නිසාමයි. මම හොඳම නිදසුනක් කියන්නම් දැන් බලන්න මේ බ්ලොක් එකේ පිරිමි කීදෙනෙක් සංවරව හා ශාස්ත්‍රීයව මේකට කමෙන්ට් කරලා තියෙනවද කියලා. බැලුවොත් පිරිමි කරලා තියෙන්නේම අනුන්ට අපහාස කරගැනීම් හා උනුන් කා කොටාගැනීම්වල නිරතවීම. මම කියන්නේ නැහැ මේ රටේ හැම පිරිමියාම මෙහෙමයි කියලා. එහෙමනම් මමත් ඒ වගේ වෙන්න එපෑයැ. නමුත් මම එහෙම වෙලා නැත්තේ මම කුඩාකාලේ ඉඳලාම කිසියම් විනයක් හික්මීමක් ඇතිව නිවසේ පරිසරයේම ඇති දැඩි වුන නිසාමයි.

    ReplyDelete
    Replies
    1. මිනිස් සිත් සතන් සංවර කරන තවත් බලයක් ආගමට වගේම කලාවටත් තියෙනවා. කලාව නිසා ආගම තරමට මිනිස් සිත් සුවපත් වෙනවා. හිතට කෝපයක් වගේ දෙයක් ඇවිල්ලා ඉන්න වෙලාවක නන්දා මාලනී මහත්මියගේ හරි විකටර් රත්නායක මහත්මයගේ හරි අමරදේව මහත්මයගේ හරි ගීතයක් ඇහෙද්දී මට නම් දැනෙන්නේ මගේ හිත සමාධිගත වුනා වගේයි. භාවනාවක යෙදී ඉන්න විටත් අපේ හිතට දැනෙන සහනය මේකම නේද කියලා මට හිතෙනවා. මම ආසයි බුද්ධ රූපයක් ඉදිරියේ තියාගෙන බුදුගුණ භාවනා කරන්න. අනිත් අයට මෛත්‍රිය කරලා මෛත්‍රිය භාවනාව කරන්න. මේ දෙකින්ම මගේ හිත සුවපත් වෙනවා. හිතට හරියට පවන් ගහනවා වගේ සනීපයක් මේ වගේ භාවනා කරද්දී දැනෙනවා. මම හවසට පන්සලට ගිහිල්ලා බෝ මළුව ඇමදලා, ශුද්ධ පවිත්‍ර කරලා මල් පහන් හඳුන් කූරු පූජා කරලා බුද්ධ පූජාවට සහභාගී වෙන්දී මගේ හිතට දැනෙන සුවය මට වචනවලින් නිම කරන්න බැහැ. මම මේකට හැමදාම ඇබ්බැහි වෙලා වගේ. ඒක හොඳ පුරුද්දක්. අපේ අම්මා මල්ලිවයි මාවයි හැම ඉරිදාකම දහම් පාසැල් යවනවා කොච්චර පාසැලේ බාහිර වැඩ තිබ්බත්. මේ නිසා අපි දෙන්නගේම ඉස්කෝලේ වැඩ වලට හරි උදව්වක් ලැබෙනවා. මොකද පාඩම් ඉක්මනින්ම මතක හිටිනවා. ඉගෙන ගන්න කාලේ එහෙම කලාම හොඳට ඉගෙන ගන්න පුලුවන් වෙනවා කියලා කියනවා. මට නම් යම්තම් එක පාරක් කිව්වාම හොඳට මතක හිටිනවා. හැමදාම උදේට නැගිටලා පාඩම් වැඩ කරනවා.

      Delete
  58. @ පුංචි කුමාරිහාමි,

    නිවැරදිව කලාව රස විඳීමට නම් කලාව කියන්නේ මොකක්ද කියලා හරියට වටහාගෙන ඉන්න ඕන. අද කාලේ කලාව මිනිසුන්ට සල්ලි හම්බ කරන්න තිබෙන උල්පතක් වුනාට ඒකට කලාව කියලා කියන්න අපට බැහැ.‘කලාව’ යනු කෙබන්දක් දැයි වටහා ගැනීමට අපි කලාත්මක කෘතියක් දෙස බලමු. එය ගීතයක් විය හැකි ය. එසේ නො වේ නම් කලාත්මක යයි පිළිගනු ලබන චිත්‍රයක් – නො එසේ නම් කලාත්මක ලක්ෂණයෙන් යුත් ස්වභාව දර්ශනයක්. විය හැකිය. හොඳම නිදසුන විදිහට කුමාරිහාමිගේ සිත්තරා කතාවේ පහත සඳහන් කලාත්මක ලක්ෂණවලින් අනූන ඡේදය ගෙන බලන්න.
    //සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම බැස යන හිරුගේ මලානික එලියෙන් අමුතුම සුන්දරත්වයක් මෙන්ම පාළු හුදකලා බවක් මතු කරයි. හිරු එලිය වැටී දිලිසෙන සයුරු රළ වෙනදාටත් වඩා වේගයෙන් ගොඩබිම දෙසට දිව එන්නේ හැකිනම් ගොඩබිමෙහි නවතාගන්නට කියන්නාක් මෙනි..//
    මේ ඡෙදය තුළ ගැබ්ව ඇති සෞන්දර්යාත්මක ලක්ෂණ අප හඳුනා ගන්නේ දුටු විගස අප තුළ ප්‍රසන්නාත්මක චෛතසිකයක් ජනිත වන බැවිනි – එනම් ප්‍රසන්නාත්මක හැඟීමක්. එහි ප්‍රසන්න බව එහි රටාව නිසා ඇති වන්නක් විය යුත ය. එබඳු වස්තුවක් දුටු විගස අප තුළ පෙර නුවූ විරූ චෛතසිකයක් ජනිත වන බැවිනි. ඊට රසාස්වාදයයි කියනු ලැබේ. එම වස්තුවේ කිසියම් ස්වරූපයක් නිසා මෙවැනි චෛතසිකයක් ජනිත වේ. එනම් එහි සමබර ගතිය වන්ට පුළුවන; එසේ නැත්නම් එහි වර්ණවල අප සිත් ගන්නා එක්තරා විශේෂත්වයක්. මේ සියල්ල අතර එහි අනන්‍ය සාධාරණ ස්වරූපයක් ඇති බව පෙනේ.
    බලන්නා තුළ හෝ අසන්නා තුළ එහි අනන්‍ය සාධාරණ ස්වරූපය හේතු කොට ගෙන අමුතු අයුරේ ප්‍රතිචාරයක් ජනිත විය හැකි ය. මේ වූ කලී කලා රස වින්දනයේ ආරම්භය වේ. පෙර නුවූ විරූ ආස්වාදයක් ඔහු තුළ ජනිත වේ. මෙය කලා රස යයි හඳුන්වනු ලබයි.
    නරඹන්නා තුළ එය අත්පත් කර ගැනීමට තෘෂ්ණාවක් ජනිත නො වේ. ඔහුට වුවමනා කරන්නේ එය බැලීමට පමණකි. බැලීමෙන් ඔහු තෘප්තියක් ලබයි. මීට කලා රස වින්දනයයි කියනු ලැබේ.
    තූර්ය වාදනයක් හෝ ගී ගායනයක් ගැන සිතා බලමු. එයින් අපේ චිත්ත චෛතසිකයන්ට කවර ප්‍රතිචාරයක් ඇති වේ ද? එය අසන විට අපේ අභ්‍යන්තරයෙහි අපූරු හැඟීම් ජනිත වේ ද? පෙර නුවූ විරූ ආස්වාදයක් ඇති වේ ද? එසේ නො වේ නම් ප්‍රතිකූල හැඟීම් ජනිත වේ ද? එම අවස්ථාවෙහි අපි කන් අගුල් දමමු ද? අප තුළ පෙර නුවූ විරූ හැඟීම් ජනිත වේද? ඒවා අනුකූල ද ප්‍රතිකූල ද? ඒවායින් අප චලනය වී අප තුළ අමුතු චෛතසික ජනිත වේ ද? අපි ඒවා අප තුළ රඳා පවත් වන්ට කැමති ද? එසේ නැතහොත් ඒවා අපේ අභ්‍යන්තරයෙන් පහ කරන්ට අපට සිත් වේ ද?
    ඒ අමුතු චෛතසික අප ළ‍්‍තබා ගෙන, කිසියම් වටිනා වස්තු සම්භාරයක් මෙන් අප ඒවා වරින් වර අසන්ට කැමති ද? අපේ අන්තරාත්මයෙහි කිසියම් විපර්යාසයක් සිදු වී අපි ඒවා අප ළඟ තබා ගන්න කැමති ද? අපි ඒවා සිහිපත් කරමින් කීප වරක් අසමු ද? ඒ හැම වරක් ම එහි අමුතු බවක් අපට දැනේ ද?
    කලාවේ අන්තර්ගත ස්වභාවය මෙයයි හඟිමි. හැම වර ම අලුත් වී හැම වර ම අපේ සිත් තුළ පෙර නුවූ විරූ ආස්වාදයක් ඇති කරයි ද? එය වූ කලි කලාවෙන් ලැබෙන ආස්වාදයයි. එම ආස්වාදයෙන් සිත් සතන් පිබිදෙනු විනා සිත් සතන් අවුල් නො වේ. සිත් සතන් පිබිදීමෙන් එම ආස්වාදය අනන්‍ය සාධාරණ වින්දනයක් බවට පත් වේ. කලා රසාස්වාදයෙන් උසස් ශික්ෂිත බවකට පත් වූ මානසික මට්ටමක වෙසෙන පුද්ලගලයෙකු හට පහත් දෙයක් සිතීම සිහිනෙන් වත් කළ නොහැකිය. අනෙක් අතට එවැනි පහත් අශික්ෂිත මානසික මට්ටමක සිටින අයට කෙදිනක වත් උසස් කලා හා සාහිත්‍යාංග කියවා රස විඳිය නොහැකිය. මෙයට බයිබලයේ අපූරු පාඨයක් තිබේ. “ ඔබ ඌරන් ඉදිරියේ මුතු නොදමන්න. එසේ කළහොත් උන් ඒවා පයින් පාගා දමා ඔබට පහර දෙනු ඇත.“ මෙයින් කියවෙන්නේ අශිෂ්ට අශිලාචාර මිනිසුන්ට හොඳ දේවල් කොපමණ කීවද ඔවුන්ට ඒවා කිසිසේත්ම දිරවිය හැකි මානසික මට්ටමක ඔවුන් පසු නොවන බවකි. එසේම වැඩි වැඩියෙන් හොඳ කරන්නට කරන්නට ඔවුන් වඩ වඩාත් ඒ හොඳ කරන්නා සමඟ උරණව ඇතැම් විට නිර්දය ලෙස පහරදීම්වලට පෙළඹීමට පවා ඉඩ ඇති බවයි. මේ බ්ලොක් එකේ හොඳ දේ සඳහා ඇප කැප වී ක්‍රියාකරන ඔබතුමිය වත් මාවත් නිකරුනේ නිර්දය ප්‍රහාර එල්ලකොට නිහඬ කරවීමට වෑයම් කරන සමහරුන්ගේ මානසික මට්ටමත් මීට සමානබව පැහැදිලිව වටහාගත හැකිය.

    ReplyDelete
  59. @ පුංචි කුමාරිහාමි,

    බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ. සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ සියලු දෙයෙහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්. පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව තේරුම් ගත යුතු වනවා.
    බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර වදාළ ධර්මය සසරින් මිදීමට පෙන්වන ලද ගමන් මාර්ගයක්. බුදුදහම විරාගී දර්ශනයක්. සසරින් ගැලවීමට මිස සසරෙහි ඇලීමට එහි උගන්වා නැහැ.
    එවන් දහමක් දර්ශනයක් තුළ සාහිත්‍ය කලාවකට ඉඩක් තිබේද යන ප්‍රශ්නය යම් අයකුට ඇතිවිය හැකියි. රසාස්වාදය, රසවින්දනය හා සෞන්දර්යය වැනි සංකල්ප කරා විරාගී දර්ශනයක් ඇති අයකුට යෑමට පුළුවන් ද?
    සෞන්දර්යාත්මකව ලෝකය දකින්නට අනිත්‍ය, දුක්ඛ,අනාත්ම අවබෝධ කරගැනීමට වෙර දරන අයකුට දැක්මක් ඇතිවේද?
    එමෙන්ම සසර දුක් සහිතය, ඉන් මිදීමට නම් අත්හැරීම හුරු කළ යුතුයි යනුවෙන් උගන්වන දහමක කලා රසාස්වාදයක්, සාහිත්‍යයක් තිබේද යන්න යම් අයකුට ප්‍රශ්නයක් විය හැකියි.
    එහෙත් විමසිල්ලෙන් බැලූවිට අපට පෙනෙන කරුණක් වන්නේ බුදුදහම අසුබවාදයක් නොවන බවයි. බුදුදහම නිරතුරුවම යථාර්ථය පෙන්වා දෙන දහමක්. අපගේ ඇස් ඉදිරිපිටම දැක ගතහැකි සියලු සිද්ධීන්ගේ යථාර්ථය පෙන්වා දීම බුදුදහමින් සිදු කර තිබෙනවා. මේ දුක් සහිත සසර තුළ පුද්ගලයාට ලැබිය හැකි සුවය, සන්තුට්ඨිය ගැන බුදුදහමේ පැහැදිලිව දක්වා තිබෙනවා.
    ‘සන්තුට්ඨි පරමං ධනං’ යනුවෙන් බුදුදහමේ උගන්වා තිබෙනවා. අත්ථී සැප, භෝග සැප, අණන සැප සහ අනවජ්ජ සැප යනාදී සැප පිළිබඳව බුදුදහමේ හොඳින් විවරණය කෙරෙනවා.
    අත්ථී සැප යනුවෙන් දක්වා ඇත්තේ යම් අයකුට වස්තුව භව භෝග යනාදිය ඇතිවිට තමාට එසේ වස්තුව ඇත යනුවෙන් සිතා ලබන සතුටයි. භෝග සැප නම් එම වස්තුව පරිහරණයෙන් ලබන සතුටයි. අණන සැප නම් කිසිවකුට ණය නොවී සිටීමේ සැපයයි. අනවජ්ජ සැප නම් ධාර්මිකව යහපත්ව තමන් ඉපැයූ දේ පිළිබඳව ඇති කර ගන්නා සතුටයි.
    මෙලොව සන්තුෂ්ටියක් නැති පරලොව සන්තුෂ්ටියක් ගැන බුදුදහමේ දැක්වෙන්නේ නැහැ. මෙලොවදී තෘප්තිමත් බවක් නැතිව සතුටක් නොමැතිව දිවි ගෙවන අයකුට පරලොව සැපයක් ඇති වේ යැයි බුදුදහමේ දැක්වෙන්නේ නැහැ. බුදුදහම මෙලොව දියුණුව මැනැවින් අගය කර තිබෙනවා.
    පස්කම් සැප විඳීමට ගිහියකුට බාධාවක් ඇතැයි බුදුදහමේ දක්වා නැහැ. එහෙත් පංචශීල ප්‍රතිපදාව රැකීම අනිවාර්යයෙන් කළයුතු බව මෙහිදී හොඳින් මතක තබා ගත යුතුවනවා.
    සිඟාලෝවාද සූත්‍රය, මංගල සූත්‍රය ගෙන බලන්න. පුද්ගලයකුට මෙලොව දිවි ගෙවීමට ,මෙලොව සැප විඳීමට අඩංගු කරුණු රැසක් එහි දක්වා තිබෙනවා.
    මෙයින් අප මැනැවින් තේරුම් ගත යුතු වන්නේ බුදුදහම අසුබවාදී දහමක් නොවන අතර එය ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙන දර්ශනයක් බවයි.

    ReplyDelete
  60. @ පුංචි කුමාරිහාමි,

    එමෙන්ම අප හොඳින් සිහි තබා ගත යුතු තවත් කරුණක් තිබෙනවා. බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ. සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ සියලු දෙයහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්. පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව තේරුම් ගත යුතු වනවා.
    බුදුරජාණන් වහන්සේද තමන් වහන්සේගේ සිත් ගත් ස්ථාන ගැන ආනන්ද හිමියන්ට දන්වා තිබෙනවා. ‘චාපාල චෛත්‍යය, ගෝතමක චෛත්‍යය’ තම සිත් ගත් ස්ථාන බව උන්වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ පමණක් නොවෙයි රහතන්වහන්සේද නොයෙක් අවස්ථාවල සොබාදහම වර්ණනා කර තිබෙනවා. සබ්බක රහතන් වහන්සේ තම ලෙනෙහි වාසය කරමින් සිටියදී අහස ගුගුරවමින් මහා වර්ෂාවක ලකුණු පහළ වුණා. උන්වහන්සේ තම සිතුවිල්ල කවියට නැඟුවා.
    සුදු පියාපත් ඇති කෙකිණී
    දැක කළු මේකුළා
    තැතිගත්තී බියෙන් සොයන්නී සැඟවෙන තැන්
    නදියාජකරණී ගලායයි අතිරමණි
    සුදු පැහැති පියාපත් ඇති කෙකණිය කළු මහා වළාකුළ දැක තැතිගෙන සැඟවීමට තැනක් සොයයි. මේ සියල්ල අතර කිසිවක් නොදත්තකු මෙන් අජකරණී නදිය රමණීය ලෙස ගලායයි.
    මේ ස්වභාව ධර්මයේ සැබෑ ස්වභාවයයි. ස්වභාවධර්මය තුළින්ම අපට අවබෝධය ඇති කරගත හැකියි. ඉපදීම, මරණය, ලෙඩවීම ලෝකයේ සැබෑ ස්වරූපයයි. එහෙත් අනෙක් ඕනෑම සිදුවීමකට මුහුණදීමට අපට යම් හැකියාවක් තිබුනද ජරා, මරණ උදෙසා මුහුණදීමට අපට හැකියාවක් නැහැ. අප උත්සාහ කරන්නෙත් නැහැ. බොහෝ විට අප දිවි ගෙවන්නේ නොමැරෙන අය ලෙසින්. මරණයට අප කිසිදු සූදානමක් නැහැ. සච්ච විභංග සූත්‍රයේ දැක්වෙන්නේ තමන් ජරාවට, ව්‍යාධියට පැමිණෙනවාට පුද්ගලයෝ අකැමැති බවයි. අනෙක් අයට එසේ වූවාට තමන්ට එසේ නොවන බව සිතමින් කල් ගෙවීමට උත්සාහ දරන බවයි.
    අප උත්සාහ කරන්නේ තමාගේ වෙනස්වීමට මුහුණ නොදී මඟ හැර යාමටයි. වයසට යන විට තරුණ වීමට ක්‍රම සොයා යන්නේ එම නිසයි.
    ස්වභාව ධර්මයට මෙසේ වැරැදි ප්‍රතිචාර දක්වා ඵලක් නැහැ.
    ධම්මපදයේ එන මේ ගාථාව බලන්න.
    රමණීයානි අරඤ්ඤානි
    යත්‍ථ න රමතී ජනො
    වීත රාගා රමෙස්සන්ති
    න තෙ කාමගවේසිනො
    වනාන්තරය රමණීයයි, අලංකාරයි. එහෙත් ජනතාව වනාන්තරයට කැමැති නැහැ. එහෙත් රාගයෙන් ඈත් වූ රහතන් වහන්සේ ඒ සඳහා තම මනැස මෙහෙයවනවා .උන්වහන්සේ සුන්දරත්වය දැහැමි මනැසින් දැකීමයි ඊට හේතුව.
    බුදුරජාණන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේත් සියලු සුන්දරත්වයන් විඳ ගත්තේ නිකෙලෙස් ඇසින්. බෞද්ධ සාහිත්‍යයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිකෙලෙස් සුන්දරත්වයේ ප්‍රතිඵලයක් ලෙසින්. සූත්‍ර පිටකයට ගද්‍ය පද්‍යයන් නිර්මාණය වී තිබෙනවා. සූත්‍ර පිටකයට පස්වන සියවසේ රචනා කළ අටුවාවන්හි කතා වස්තු රැසක් දක්නට තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. @ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,
      බුදුදහම සෞන්දර්ය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකළ දහමක් බවට ඔබතුමා විසින් නිදසුන් සහිතව දක්වා ඇති ශාස්ත්‍රීය ලිපිය සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක බුදුදහම පිළිබඳව උපාධි මට්ටමේ අධ්‍යයනයක නිරතවන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ද ප්‍රයෝජනවත් විය හැකි තරම් උසස් මට්ටමක තිබේය යන්න මගේ පුද්ගලික හැඟීමයි. ඔබතුමා වැනි උගත් බෞද්ධ පඬිවරයෙකුගේ සේවය ලබාගත හැකි නම් එය ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට ඉමහත් වාසනාවක් බවද මම සිතමි. මම දන්නේ නැහැ දැනටමත් ඔබතුමා විශ්වවිද්‍යාල කථිකාචාරය වරයෙක් ලෙස සේවය කරනවාද නැද්ද යන්න පිළිබඳව. නමුත් මම හිතනවා ඔබතුමා විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙකු වෙන්න ඇති කියලා. එහෙම මම හිතන්නේ මේ තරම් ශාස්ත්‍රීය අර්ථකථනයක් වෙනත් කිසිවෙකු හට නොකළ හැකි මට්ටමේ තිබෙන නිසායි. අවසාන වරට මෙවැනි බුද්ධිමත් ආචාර්යවරයෙකුව බ්ලොග් අඩවියට සම්බන්ධ කරගෙන වටිනා අදහස් රාශියක් අපට දැන ගැනීමට ඉඩ කඩ සැලැස්වීම වෙනුවෙන් පුංචි කුමාරිහාමි ට ස්තූවන්ත වෙමි. එසේම මෙසේ වටිනා අදහස් අප සැමගේම ප්‍රයෝජනය සඳහා නොමසුරුව ඔබතුමාගේ වටිනා කාලය කැප කිරීම වෙනුවෙන් මා ඔබතුමාට බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි.

      Delete
  61. @ පුංචි කුමාරිහාමි,


    ධම්ම පදට්ඨ කතා පදනම් කරගෙන දඹදෙණි යුගයේදී ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලිය රචනා කළා. සද්ධර්මරත්නාවලියේ කතාන්දර සිංහලට පරිවර්තනය කළා පමණක් නොවෙයි එම කතා විචිත්‍රවත් කළා. විශේෂයෙන්ම ගැමියන්ගේ හදවතට සමීප වන අයුරින් උපමා රූපක යොදා ගැමියාට බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කළා.
    එමෙන්ම ජාතකට්ඨ කතාවත් කුරුණෑගල යුගයේදී සිංහල බසට හරවා ගැමියන්ගේ හදවතට සමීප කරවන්නට සමත් වුණා. පසු කාලයේදී මාර්ටින් වික්‍රමසිංහ වගේ ගත්කතුවරුන් ජාතක කතා විශ්ව සාහිත්‍යයට එකතු කරන්නත් කටයුතු කළා. බටහිර නවකතා හැටක් හැත්තෑවක් කියැවීමෙන් ලබා ගන්නා අත්දැකීම්වලට වඩා දැනුමක් ජාතක කතා දෙකක් කියැවීමෙන් ලබා ගැනීමට පුළුවන් බව මාර්ටින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.
    අපේ ගැමියාගේ හදවතට ළංවී ගැමියාට ජීවන අවබෝධයක් ලබාදී සාරධර්ම උගන්වමින් සාහිත්‍ය රසාස්වාදයක් ලබාදීමට බෞද්ධ සාහිත්‍ය සමත් වුණා. මෙහි විශේෂත්වය වන්නේ ගැමියා නොදැනීම සාරධර්ම සහ යහපත් ජීවන මාර්ග ගැන හැඟීමක් ඔහුගේ හදවතට සමීපවීමයි.
    සමස්ත ත්‍රිපිටකයම කතා වස්තුවලින් පිරිලා. ඒ සියලු කතාවලින් හොඳ පණිවුඩයක් ජනතාවට ලබා දුන්නා. අපේ සිංහල සාහිත්‍ය වසර 2500 ක් තිස්සේ පෝෂණය වූයේ බෞද්ධ සංස්කෘතියෙන් .
    එමෙන්ම අපේ ගද්‍ය පද්‍ය සාහිත්‍ය අතීතයේ සිටම පෝෂණය වුණේ බෞද්ධ හුරුවක් ගනිමින්, බෞද්ධ කතා වස්තු බීජ කරගනිමින්.
    ගුත්තිල ඇදුරුතුමාගේ කතාව ඇතුළත් කර ගුත්තිල කාව්‍ය බිහිවුණා. කුස ජාතකය ඇසුරෙන් කව් සිළුමිණ බිහිවුණා. මඛාදේව ජාතකය ඇසුරින් මුවදෙව්දාවත් සස ජාතකය ඇසුරින් සසදාවතත් බිහිවුණා. බොහෝ විට ජාතක කතා මේ ගද්‍ය පද්‍ය කෘතින්ට ඉවහල් වුණා.
    තරුණ බිරිඳක් ආවාහ කරගත් මහලු බමුණකුට විඳීමට සිදුවූ දුක් ගැහැට විස්තර වන සත්තුභත්ත ජාතකය කාව්‍යශේඛරයට කතා වස්තුව වුණා. කිදුරියක සිය පතිවත දහමේ බලයෙන්, මිය ගිය ඇගේ සැමියාට යළි ජීවය ලබා දුන් අයුරු විස්තර වන චන්දකින්නර ජාතකය සඳ කිඳුරු දෑ කවට හේතු වුණා.
    එමෙන්ම පොදු ජනයා යහමඟට හැරවීමට තමන් උත්සාහ ගත් බව ධර්මසේන හිමියන් පූජාවලියේ පැහැදිලිව දක්වා තිබෙනවා.
    “.....එසේ හෙයින් යම් කෙනෙක් නුවණ මඳවත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභීයෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලි නම් ග්‍රන්ථයක් කරම්හ”
    මිථ්‍යා කථා ආදි ඵල රහිත දේ ඉගෙනීමෙන් වළකින ලෙස උන්වහන්සේ මේ කෘතියේ දක්වා තිබෙනවා.
    බෞද්ධ සාහිත්‍යයෙන් තොර සිංහල සාහිත්‍යයක් අපට නොමැති බව මෙයින් පැහැදිලියි. අප සැම විටම තේරුම් ගත යුත්තේ සාරධර්ම අපට ලබාදීමට ඉවහල් වු සාහිත්‍ය කලාවක් බිහිවූයේ බුදුදහමින් ලත් ආභාෂයෙන් බවයි. පිරිපුන් මිනිසුන් එදා බිහිවූයේ මේ උසස් සාහිත්‍ය රස විඳිමින් ජීවන මාර්ගය සකසා ගත් නිසයි. නමුත් කණගාටුවකට මෙන් වර්තමාන සමාජයේ තරුණ පරපුර අතර මෙවැනි උසස් රස වින්දන හැකියාවක් ඇති පිරිස් දැක ගැනීමට නැහැ. ඇයි අම්මලා තාත්තලා වුනත් දරුවන්ව යොමු කරන්නේ විද්‍යාව, ගණිතය වැනි අංශ ඔස්සේ නිසා දරුවන් හරියට ඇවිදින රොබෝලා බවට පත් වෙලා. කිසිම මානුෂික ගුණාංගයක් පිහිටලා නැති තිරිසනුන් විදිහට ක්‍රියාකරන මිනිසුන් මේ රටේ ඇතිවෙලා තියෙන්නේ මේ හේතුව නිසාය. කොච්චර උපාධි අධ්‍යාපන සහතික ගොඩගහලා තිබුණත්, විදේශ රටවල පදිංචි වෙලා හිටියත් යාන වාහන ගේ දොර ආදී භෞතික සම්පත් කඳු ගණන් ගොඩ ගහලා තිබුණත් උසස් මානසික මට්ටමක නැති මිනිහා තිරිසනෙකුටත් අන්තයි. මොකට ඒ අයට තමන්ගේ ආවේග සමනය කරගන්න දන්නේ නැහැ. ඉතින් පොඩි දේටත් බොරුවට කුපිත වෙලා අවි ආයුධ අතට අරගෙන උනුන් ගහ මරාගන්න එන එක තමයි කරන්නේ. උසස් සාහිත්‍ය මඟින් රසාස්වාදය ලබා එයින් පෝෂණය වුනු පුද්ගලයා ළඟ තිබෙන ආත්ම අභිමානය උසස් පෞරුෂය මේ අය ළඟ නැහැ. අන්ර්ඝ තත්වයේ කමීස කළිසම් ඇන්දම ඉස්තරම් හෝටල් වලින් කෑවට බීව්වට මිනිස්සු වෙන්නේ නැතිබව මේඅය තේරුම් ගන්නේ නැහැ. අනික් අතට හොඳ දේවල් කියන්න කියන්න මේ අය වඩ වඩාත් කුපිත වෙන ගතිය වැඩියි.

    ReplyDelete
    Replies
    1. @ පුංචි කුමාරිහාමි,

      මම හරිම ආසාවෙන් මේ ලිපි පෙළ කියෙව්වේ. මම ගොඩාක් බුද්ධාගමට කැමති කෙනෙක්. මම විදේශගතව ඉන්න නිසා මට වැඩිපුර අපේ රට ගැන අපේ බුද්ධාගම ගැන ගොඩාක් ආසා හිතෙන ගතිය වැඩියි. මම බුද්ධාගම ගැන කලාව ගැන සෞන්දර්යය ගැන ඉතාම පුළුල් විග්‍රහයක් කියවන්න ලැබුනා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ආචාර්යතුමාගේ ලිපිය නිසා. ඒක මම වගේ පොඩි කෙනෙකුට පහසුවෙන් වටහා ගැනීමට අපහසු තරම් ශාස්ත්‍රීය අගයක තිබුණත් මම ගොඩාක් අගය කරනවා විශ්වවිද්‍යාල පද්ධතියේ පමණක් පවතින බුද්ධිම සංවාද මෙවැනි බ්ලොග් අඩවියකට ගෙනැල්ලා සාමාන්‍ය පොදු ජනතාවට ලිහිල් බසින් හරවත් දේවල් මෙහෙම කියලා දෙනවට. මම මගේ විදේශගතව ඉන්න මිතුරියන් කීප දෙනෙකුටම ඊ මේල් යවලා කිව්වා මේ බ්ලොග් එකේ මෙහෙම ලිපි වගයක් යනවා හරි ලස්සනයි ඔයගොල්ලොත් කියවන්න කියලා. එයාලාත් කියවලා කියනවා හරි ලස්සනයි හරියට කැම්පස් එකක දේශනයකට ගිහිල්ලා අහගෙන ඉන්නවා වගේ රසවත් කියලා. මම කුමාරිට ස්තූතිවන්ත වෙනවා මේ වගේ ඉතා විශිෂ්ට දැනුමක් තිබෙන ආචාර්යතුමෙකුගෙන් අපට වැදගත් යමක් දැන ඉගෙන ගන්න හැකි විදිහට එතුමාව මේ බ්ලොග් එකට සම්බන්ධ කරවා ගත්තට.

      Delete
  62. @ පුංචි කුමාරිහාමි,

    මිනිස් හැසිරීම් රටාවන් අධ්‍යයනය කිරීමේ දී ඒවා ඔවුන්ගේ සිතුම් පැතුම්වලට අනුකූල බව පෙනේ. තවද ඔවුන් විසින් විශ්වාස කරනු ලබන පෞද්ගලික ආකල්ප, හැඟීම්, චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතික ලක්ෂණ අනුව සකස් කරගන්නා ලද සිතිවිලි සමුදායක් ද එකිනෙකාට අනන්‍යව දක්නට ඇත. මිනිසුන් විසින් ගරු කරනු ලබන සමාජ ආකල්ප සකස්වීමේ දී ඉහත දක්වන ලද පෞද්ගලික අභිමථාර්ථයන් කිසියම් ආකාරයකින් බලපෑමට ඉඩකඩ ඇති බව පෙනෙන්ට තිබේ. මේ හේතු නිසාම ඇතැම් සමාජ ආකල්ප මතුපිටින් පොදු බවක් දිස් වුව ද අභ්‍යන්තරයෙන් එකී මිනිස් කණ්ඩායම සතු පෞද්ගලික ආකල්ප ප්‍රකාශයට පත් කරනු ලබන මාධ්‍යයක් සේ ක්‍රියා කරන ආකාරය දැකගත හැකිය. ඇතැම් අවස්ථාවලදී මිනිසුන් තමාගේ පෞද්ගලික ආකල්ප කේවල වශයෙන් ප්‍රකාශයට පත්කරන්නට චිත්තවේගික වශයෙන් පැකිළුන අවස්ථාවන්හි දී ඔවුන් විසින් ඒවාට කිසියම් පිලිගැනීමක් සමාජ වටිනාකමක් ආ‍රෝපණය කර ප්‍රකාශයට පත් කරවීම සඳහාම සමූහයක් ලෙස සමාජ ගත වී පොදු සමාජ ආකල්ප ලෙස ඒවා ඉදිරිපත් කිරීමට පෙළඹෙන ආකාරය නිරීක්ෂණය කළ හැක. ඇතැම් විටක මෙම සමාජ ආකල්ප සෘණාත්මක විය හැකිය. තවත් සමහර විටක ධනාත්මක විය හැකිය. ධනාත්මක සමාජ ආකල්ප සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැත. කිසියම් සමාජ ආකල්පයක් සෘණත්මක වීමේ දී ඉන් ඇති වන හානිය පුද්ගල බද්ධව හෝ සමාජානුබද්ධව විය හැකිය.
    පුද්ගලයන් තුළ විද්‍යාමාන සෘණාත්මක සමාජ ආකල්ප නිසා සිදු වන හා සිදුවිය හැකි පුද්ගලික හානියට වඩා සමාජ හානියෙහි ප්‍රබලත්වය අධිකය. මෙසේ වන්නේ හුදෙක් පුද්ගල හානිය එක් පුද්ගලයෙකුහට හෝ කීප දෙනෙකුහට පමණක් සීමාවීමත් සමාජ හානියෙහි දී විශාල පිරිසකට එහි බලපෑම ඇතිවීමත් පමණක්ම නොවේ. එය සමාජ සම්බන්ධතාවයන්හි ස්වරූපයට සිදු කරන හානිය නිසා ඉන් පළුදු වන සමාජ සම්බන්ධතා යථා තත්වයට පත්කරවීම වෙනුවෙන් කළ යුතු කාර්යය ඉතා වෙහෙසකර හා ආයාසකර වන හෙයිනි. ඇතැම් විටක දී පළුදු වන ලද එම සමාජ සම්බන්ධතාවයන් කෙසේවත් මුල් ස්වරූපයට සකස් කිරීම අසීරු විය හැකිය. මෙහි ඇති වඩාත් ප්‍රබල අහිතකර ඵල විපාකය වනුයේ අනාගතයෙහි දී සමාජ සම්බන්ධතා ජාලයට එක් වනු ලබන අභිනව සාමාජිකයින් තුළ පවා මෙයින් අහිතකර සෘණාත්මක බලපෑමක් එල්ල විය හැකි වාතාවරණය පැවතීමයි. අයහපත් ඇසුර නිසා පුද්ගලයෙකු තුළ සෘණාත්මක ආකල්පයන්ගෙන් රෝගී විමට ඉඩ ඇති නිසා එබඳු අයහපත් ඇසුරෙන් හා එබඳු සෘණෘත්මක පුද්ගලයන් කෙරෙන් දුරුව ධනාත්මක ආකල්පවලින් යුක්තව හා එබඳු ආකල්වලින් සමන්විත පුද්ගලයන් ඇසුරු කරන ලෙස බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර ඇත්තේ සමාජ සම්බන්ධතා කෙරෙහි ඉතා ප්‍රබල ලෙස මෙම සෘණාත්මක ආකල්පවල ඇති බලපෑම නිසාමය. සෘණාත්මක සමාජ ආකල්ප වශයෙන් අර්ථ දැක්වෙන්නේ සැබවින්ම සෙසු පුද්ගලයන් කෙරෙහි මානුෂික පක්ෂයෙන් හිතකර නොවන යම් යම් සිතිවිලි අදහස් ඔස්සේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන මානසික පසුබිම ගොඩනඟා ගැනීමයි. ද්වේෂ, මෝහ හා රාග සිතිවිලි යන ප්‍රබල සිතිවිලි කාණ්ඩ ඔස්සේ ගොඩනඟා ගන්නා යම් යම් අදහස් හා සිතිවිලි මෙම සෘණාත්මක ආකල්පවලට බලපායි.

    ReplyDelete
    Replies
    1. දැන් අපේ වැඩිහිටි සමාජයේ ඉන්න අය හරිම ආවේගශීලීයි මොනවත්ම හොඳ අවවාදයක් දුන්නට අහන්නේ නැහැ. නිතරම අනිත් අය පාගා ගෙන ඉස්මතු වෙන්නමයි බලන්නේ. ඒ වගේම වැඩිපුර ඉගෙන ගෙනත් නැහැ. ඒ වුනාට අතේ මිටේ මොණරු කොළ සල්ලි ගැවසෙනවා. ඒ වගේම සල්ලි නිසා ඕනම ජරා දෙයක් කරන්න පෙළඹිලා ඉන්නවා. අපේ හාමුදරුවෝ කියන විදිහට මිනිස්සු සල්ලි වෙනුවෙන් තමන්ගේ අම්මා තාත්තා වුනත් පාවා දෙන්න සූදානම් වෙලා. දිගින් දිගටම මේ තත්වය ගියෝතින් අපේ රටට ගන්න දෙයක් නැති වෙන බව දහම් පාසැලේ දී අපට කියලා දීලා තියෙනවා. ලමයෙක්ගේ අධ්‍යාපනය වගේම ගුණ නුවණත් වර්ධනය වීම වැදගත් කියලා පාසැලේදී කියලා දීලා තිබෙනවා. මම හිතන්නේ ලොකු මිනිස්සු අතර ළමයින් අතරට වඩා ගුණවත්කම නැති වෙලා ගිහිල්ලා කියලා. මොකද හැම වෙලාවේදීම අපට සමාජයේදී පෙනෙන්න තිබෙන්නේ නිතරම මිනිසුන් ඇණ කොටා ගන්න හැටි. අපට ආදර්ශයක් ලබා ගන්න ඉන්න වැඩිහිටි පරපුර ආදර්ශමත් නොවුනහොත් අපි ආදර්ශය ලබා ගන්නේ කොහෙන්ද? ඒ නිසා මම වැඩිහිටි පරපුරෙන් ඉල්ලා සිටින්නේ කුඩා අපට ආදර්ශයක් වන පරිදි ආදර්ශමත්ව හැසිරෙන්න කියලයි.

      Delete
  63. @ පුංචි කුමාරිහාමි,

    මිනිසුන් ස්වභාවයෙන්ම අන්‍ය මිනිසුන් හොඳින් ජීවත් වෙනවාට ඊර්ෂ්‍යා කරනු ලබයි. එය ද්වේෂ මූලයෙහි බලපෑම නිසා හටගනු ලබන සෘණාත්මක ආකල්පයකි. මෙම ද්වේෂයෙන් මඬනා ලද හිතැති පුද්ගලයා ඊර්ෂ්‍යාවෙන් වෙළී තමා ඊර්ෂ්‍යා කරනු ලැබූ පුද්ගලයාට හෝ එකී පවුල් සංස්ථාවට හානිවිය හැකි යමක් කිරීමට සිතින් සිතයි. තමා පුද්ගලයෙකු වශයෙන් මෙම හානිය සිදු කිරීමට තරම් ප්‍රබල නොවෙනවානම් තවත් තමන් වැනිම පුද්ගලයන් රාශියක් හා සමාජ ගත වී හෝ මෙම හානිය සිදු කිරීමට ප්‍රයත්න දරයි. නිදසුනක් ලෙස ඉතාමත්ම අලංකාර ලෙස තමන්ගේ ගෙවත්ත වටා මල් වවාගෙන ජීවත්වන අසල්වැසියා කෙරෙහි අහේතුක ඊර්ෂ්‍යාවෙන් පසුවන තවත් කෙනෙකු තමන් තනිවම පුද්ගලයෙකු වශයෙන් ඒ මල් පැළ විනාශ කිරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහො‍සත් හෙයින් තවත් කිහිප දෙනෙකු හා එක්ව කිසියම් සමිතියක් හෝ සංගමයක් අටවාගෙන පොදු යහපත තකා අවට පවිත්‍රව තබා ගැනීමට සාමූහිකව ගන්නා ක්‍රියා මාර්ගයක් යැයි පවසමින් තමන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වූ මල් පැළ මුළුමින්ම විනාශ කොට එයට යටි සිතින් සතුටු වීම දැක්විය හැකිය. මතුපිටින් බලන පුද්ගලයෙකුහට මෙහි ඇති සෘණාත්මක ආකල්පවල ක්‍රියාකාරීත්වය එක්වරම නොපෙණුනත්, මතුපිටින් හොඳ යයි සම්මත කරගන්නා ලද පුද්ගලික ආකල්පයක් පදනම් කරගන්නා ලද සමාජ ආකල්පයක ඇති අහිතකර ස්වභාවය මැනවින් මූර්තිමත් කර පෙන්වා දෙනු ලබයි.
    වර්තමානයෙහි සමාජයෙහි බොහෝ කොට දක්නට ලැබෙන්නේ මෙම නිදසුනෙහි දැක්වූ පරිදි පුද්ගල හා සමාජ ආකල්පවල සෘණාත්මක පක්ෂයයි. තමන්හට අලංකාර ඇඳුමක් පැළඳුමක් මිළදී ගැනීමට තරම් වත් පොහොසත්කමක් නොමැති එහෙත් අන්‍යයන්ගේ එබඳු ඇඳුම් පැළඳුම් දෙස ද්වේෂ මූලික ඊර්ෂ්‍යාවෙන් යුක්තව බලන බොහෝ දෙනෙක් ඒවායෙහි ඇති විවිධ ඇද කුද හා අඩුපාඩුකම් නිරීක්ෂණය කරන්නේ හුදෙක් අල්පේච්ඡතාවය ගරු කරන නිසාම නොව තමන් තුළ ඇති සෘණෘත්මක ආකල්පවලට කිසියම් සමාජ වටිනාකමක් ආ‍රෝපණය කිරීම සඳහාමය. බොදු දහමේ මෙවැනි මතුපිටින් එක්වරම විද්‍යමාන නොවන එහෙත් යටි සිතෙහි අනුසය වශයෙන් සැඟව පවතින සෘණාත්මක ආකල්ප වඤ්චක ධර්ම ලෙස හැඳින්වේ. මෙකී සිතෙහි සැඟව පවතින වඤ්චක ධර්ම පුද්ගල යටි සිතෙහි ක්‍රියාකාරීවීම ඉතාමත්ම සූක්ෂම ලෙස සිදුවන්නක් බැවින් ඇතැම්විටක මෙබඳු ආකල්ප වලින් යුක්ත පුද්ගලයෝ පවා තමා තුළ එබදු පෙළඹවීම් ඇතිබවක් නොදැන ක්‍රියා කරති. සත්ව සන්තානය තුළ නිදන් ගතව ඇති සියළු ආකාරයෙහි කෙලෙස් මතු මත්තෙහි නැවත වරක් නූපදවන ලෙස මුළුනුදුරා දමන්නේ ආර්ය මාර්ග ඥානයෙන් වන අතර එසේ ආර්ය මාර්ග ඥානය සිත් සතන්හි නූපදවා ඒ ක්ලේශ ධර්ම විනාශ නොකළ පුද්ගලයන් තම සිත තුළ යටපත්ව නිද්‍රා ස්වරූපයෙන් ඇති මෙම සෘණා‍ත්මක ආකල්ප නොමැති සේ සලකා ඉන් තෘප්තියට පැමිණෙන්නේ තතු එහි නියම නොදැනය.
    නමුත් ඒවාට අවස්ථාවක් ලැබුණු විගස හෝ ඒවා ක්‍රියාකාරීවීමට සුදුසු පරිසරයක් නිර්මාණය වූ විටෙක නැවතත් සිත තුළ වර්ධනය වීම ස්වභාවයකි. එබැවින් පෘථග්ජන හෙවත් ධර්මය පිළිබඳ ඇසූ පිරූ බව නොමැති මිනිසුන් විසින් සිදු කරනු ලබන්නේ බුද්ධිමත්ව සිතා බලා මෙකී ක්ලේශ ධර්ම සිතෙහි නූපදවා ගෙන සිටීමට වෑයම් කිරීමයි. ඒ සඳහා පාප ක්‍රියාවන්හි ආදීනව දැක්වෙන හා ඒ පිලිබඳ විචාර පූර්වකව සිතීමට අවකාශ සලසන ධර්ම සන්නිවේදනයන්ට ඔවුහු අවධානය යොමු කරති. එසේම එවැනි සන්නිවේදන මඟින් ඉදිරිපත් කෙරෙන ධර්ම පණිවුඩ උතුම් කල්‍යාණ සත් පුරුෂ සේවන අවස්ථා සේ සලකා මැනවින් ග්‍රහණය කරගෙන ඒ ඇසුරෙන් ස්වකීය ගුණ නුවණ දියුණු කරගැනීමට ආභාෂයක් ලබා ගනිති. එසේ කිරීමෙන් චිත්ත සන්තනයෙහි නිරන්තරයෙන් මතුපිටින් විද්‍යමාන වන කලේශ ධර්මයන්ට පිළිකුල් බවක් ඇති වීමෙන් සිතෙහි මෙබඳු රළු, සෘණාත්මක ආකල්පවලට මතුවීමට අවකාශයක් නොලැබේ. එබඳු අවස්ථාවල දී පුද්ගල සන්තානයෙහි නිදන්ගතව ඇති එබඳු සෘණාත්මක ආකල්ප පහළවීමට අන්‍ය මාර්ගයක් සොයති. එසේ සෘණාත්මක ආකල්ප තමාගේ නියම ස්වරූපය සඟවා කිසියම් ධනාත්මක ආකල්පවල වේශයෙන් සියුම් හා අනුසය වශයෙන් සිත තුළ පහළ වේ. සෘණාත්මක ආකල්පවල නියම ස්වරූපය හැඳිනගෙන ඉන් වැළකීමට අදිටන් කරගෙන සිටින තැනැත්තා පවා එවැනි ආකල්ප ධනාත්මක ආකල්ප යැයි සිතා එයට රැවටෙයි. මෙසේ තමාගේ නියම ස්වරූපය සඟවා ධනාත්මක ආකල්පවල ස්වරූපයෙන් මිනිස් සිත තුළ පහළ වන අති සියුම් සෘණාත්මක ආකල්ප වඤ්චක ධර්ම ලෙස හැඳින්වේ.

    ReplyDelete
    Replies
    1. මෙහි සඳහන් වන කාරණය චිත්ත වඤ්චක ධර්ම වශයෙන් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ චිත්ත වඤ්චනික ධර්ම නැමැති පොතේ සඳහන් වෙනවා. ඒ පොතයි කෙළෙස් එක් දහස් පන්සීයක් නැමැති ඒ හාමුදරුවන්ගේම පොතයි මම කියවලා තියෙනවා.““එසේ සෘණාත්මක ආකල්ප තමාගේ නියම ස්වරූපය සඟවා කිසියම් ධනාත්මක ආකල්පවල වේශයෙන් සියුම් හා අනුසය වශයෙන් සිත තුළ පහළ වේ. සෘණාත්මක ආකල්පවල නියම ස්වරූපය හැඳිනගෙන ඉන් වැළකීමට අදිටන් කරගෙන සිටින තැනැත්තා පවා එවැනි ආකල්ප ධනාත්මක ආකල්ප යැයි සිතා එයට රැවටෙයි.““ මේ සර් විස්තර කරන්නේ ඒ චිත්ත වඤ්චනික ධර්මතා පිළිබඳවයි. මම මේක දහම් පාසැල් යද්දී ඉගෙන ගත්තා. ඒ වගේම මේකේ සර් විස්තර කරලා තියෙන ධර්ම කරුණූ හුඟක්ම ගැඹුරු දේවල් සරලව විස්තර කරලා තියෙනවා. මට නම් අපේ දහම් පාසැල් පොතක් කියෙව්වා වගේ මේ ලිපි ටික කියෙව්වම. ඒත් හොඳ දේවල් වලට හැමෝම එකවාගේ ප්‍රිය කරන්නේ නැහැ. සත්පුරුෂයින්ට ප්‍රිය කරන්නේ තවත් සත් පුරුෂයින් තමයි. අසත් පුරුෂයින් ප්‍රිය කරන්නේ තමන් වගේම තවත් අසත් පුරුෂයින්ව තමයි. අසත් පුරුෂයින් සත් පුරුෂයින්ට ද්වේෂ කරනවා. හිරිහැර කරනවා. බුදුහාමුදුරුවෝ කොච්චර හොඳ කෙනෙක් වුනත් දේවදත්තර, චිංචි මානවිකාව, මාගන්දියා බැමිණිය ආදීන් බුදුහාමුදුරුවන්ටත් හිරිහැර කරදර නින්දා පරිභව කරපු විස්තර දහම් පාසැල් පොත්පත්වල අපි කියවලා තියෙනවා. ඒ වගේම හොඳ දේ කරන හොඳ දේවල් කතා කරන හොඳ විදිහට ජීවත්වන අයටත් නරක අය නිසා නින්දා, කරදර, හිරිහැර ආදිය ඇති වෙනවා. බුදුහාමුදුරුවොත් ඒ වගේ තමන්ට කොච්චර නින්දා , අපහාස, පරිභව මදිපුංචිකම් කරන්න ගියත් ඒවාට පිලිතුරු බඳින්න ගියේ නැහැ. ඒ වගේම ඒවා නිසා සැලුනේත් නැහැ. අකම්පිතව වැඩ සිටියා. තමන්වහන්සේගේ යුතුකම් වගකීම් ටික හරිහැටි ඉටු කරලා පිරිනිවන් පෑවා. ඒ වගේම අපි කාට වුනත් සතුරුකම් කරන විවිධ පුද්ගලයින් සමාජයේ හිටිය හැකියි. ඒත් ඒක එහෙම වුනා කියලා ඒවා නිසා අධෛර්යමත් වෙන්න හිතන්න නරකයි. මම පොඩි කෙනෙක්. ඒත් මම කියපු දේවල් වලින් කාගේ හරි හිතක් සුවපත් වුනා නම් ඒක මට ලොකු සතුටක්. මම පොඩි කාලේ ඉඳලාම දහම් පාසැල් අධ්‍යාපනය ලබපු නිසායි මෙහෙම බුදුදහම පිළිබඳව දැනුම තිබෙන්නේ. ඉතින් මම මට තේරෙන විදිහට මේ කිව්වේ මම නොදැනුවත්වම හරි කාගේ හරි හිත මේ නිසා රිදුනා නම් මට සමාවෙන්න. මගේ අම්මයි තාත්තයි මට පොඩි කාලේ ඉඳලා ලෝකේ සමාජයේ ජීවත්වන හැටි හරි වැරදි අනුව කටයුතු කරන හැටි උගන්වලා තියෙන්නේ. ඒ නිසා මම නම් හැමෝටම මෛත්‍රිය කරනවා. සතෙකුට වුනත් මෛත්‍රිය කලාම එයා අපත් එක්ක හිතවත් වෙනවා.

      Delete
  64. @ පුංචි කුමාරිහාමි,

    සෘණාත්මක ආකල්ප සිත තුළ පහළවීම අර්ථකථනය කිරීමට කිසිදු ආගමික භේදයක් නොමැත. ඕනෑම ආගමක සෑම මනුෂ්‍යයෙකුගේම සිරුරෙහි ජීව විද්‍යාත්මක ව්‍යුහය එක හා සමාන වන්නා සේ මානසික හැසිරීම් රටාව බොහෝ දුරට එක හා සමානය. මනෝ විද්‍යා විෂයය මඟින් අධ්‍යයනය කරනු ලබන්නේ මෙකී හැසිරීම් රටාවයි. චර්යාවාදය නමින් අර්ථදැක්වෙන බාහිර හැසිරීම් රටාවට අනුගත වූ චර්යා මඟින් මානසික පැවැත්මේ ස්වභාවයෙහි විද්‍යාත්මක පදනම බටහිර මනෝ විද්‍යා සිද්ධාන්තවල පැහැදිලි කර දී තිබේ. මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුහට ආවේණික චිත්ත ආකල්පවල, මානසික ගති රටා හා චෛතසික ඇවතුම් පැවතුම්වල ස්වභාවය ඔවුන් ජීවත්වන පවුලෙහි, සමාජ සම්බන්ධතාවන්හි, භෞගෝලීය පරිසරයෙහි, ජාන විද්‍යාත්මක ආවේණික ස්වභාවයෙහි, සංස්කෘතික පුරුදුවල ඇතැම් සම්පර්කයන් ලැබීමට ඉඩකඩ ඇතත්, ප්‍රධාන වශයෙන් මිනිස් මනස ක්‍රියාත්මක වන්නේ මනෝ විද්‍යාත්මකව එක හා සමාන සිද්ධාන්ත වලට අනුකූලවය. බුදු දහමේ අභිධර්ම පිටකයට අයත් ධර්ම ‍කොට්ඨාශ තුළින් පුද්ගල මනස පිළිබඳව සිදු කර ඇත්තා වූ සුවිශේෂී විශ්ලේෂණය හා සංශ්ලේෂණ විග්‍රහ මඟින් පෙන්වා දී ඇත්තේ ද පුද්ගලයෙකුගේ මානසික ක්‍රියාකාරීත්වය අවබෝධ කිරීමට උපකාරීවන මෙවැනි චිත්ත, චෛතසික සිද්ධාන්ත හා මානසික රටාවන් අධ්‍යයනයෙහි ඇති වැදගත්කම පිළිබදවයි.
    කිසියම් සමාජ ආකල්පයක් සෘණාත්මකවීමට හා ධනාත්මකවීමට බලපාන සාධක මහත් රාශියක් ඇත. කිසියම් පුද්ගලයෙකු සතු මනෝභාවය ඒ පුද්ගලයා සමාජයෙහි සෙසු පුද්ගලයන් සමඟ හැසිරෙන ආකාරය, සාමාජික සබඳතා ගොඩනඟා ගන්නා ආකාරය සාර්ථක හෝ අසාර්ථක වීමට බලපානු ලබන්නේ සෘණාත්මක හෝ ධනාත්මක ආකල්පයි. කිසියම් සමාජ ආකල්පයක් ගොඩනැඟීම සඳහා පුද්ගල ආකල්ප හේතු සාධක වේ. මේ හේතු නිසා පුද්ගල ආකල්පවල බලපෑම සමාජ ආකල්ප සකස්වීම කෙරෙහි ඉතා සෘජු බලපෑමක් සිදු කරන බව අපට පිළිගැනීමට සිදු වේ. කිසියම් සමාජයක් බහුල ලෙස සෘණාත්මක හෝ ධනාත්මක ආකල්පවලින් සමන්විත වීමට හේතුව ඒ සමාජයෙහි සාමාජිකයන් දරණ බහුතර හෝ වඩාත් ප්‍රබල ආකල්ප කොට්ඨාශය එකී ආකල්පයන් දරණ බවයි. මේ හේතු නිසා අප වර්තමාන සමාජය ආකල්පමය වශයෙන් දූෂිත යැයි පවසන්නේ වර්තමාන මිනිසා ආකල්මය වශයෙන් දුර්වලව ඇති හෙයිනි.
    වඩා දැඩි කළකිරීමක් සිතට නැඟෙන අවස්ථාවලදී අප ඉපදිය යුතුව තිබුණේ කුරිරු හා ආත්මාර්ථකාමී බවින් යුතු වර්තමාන සමාජයෙහි නොව බුදුරදුන්, ක්‍රිස්තුස් වහන්සේ, නබිතුමා ජීවමාන සමයේ යැයි ඇතැම් විටක අපට පෞද්ගලිකව හැඟී යා හැකිය. එපමණටම සෘණාත්මක ආකල්පවලින් යුක්ත සමාජයෙහි යම් යම් සමාජාකල්ප ඇතැම් විටක අපට කරදරකාරී වූ අවස්ථා සමහර විටක ඔබ ද අත්දැක තිබෙන්නට පිළිවන. මෙයින් පෙනෙන්නේ මතුපිටින් භෞතිකව නොපෙනුනත් ඇතැම් අවස්ථාවලදී සොර සතුරන් නොකරන හානියට වඩා වැඩි හානියක් සෘණාත්මක සමාජාකල්ප මඟින් සිදු කරන බවයි. සොර සතුරන් හානි කරන්නේ මිළ මුදල් දේපළ වැනි භෞතික වස්තු අරබයාය. නමුත් මුදලට ගත නොහැකි ආත්ම ගෞරවය, සමාජ පිළිගැනීම හා හොඳ නම වැනි කරුණු අරබයා සෘණාත්මක සමාජාකල්ප මහත් හානියක් සිදු කරනු ලබයි. සෘණාත්මක සමාජාකල්ප මිනිසුන් සමූහයක් එක් වී එක් පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ මානසික හා සමාජික මට්ටම බිඳ දැමීමට ක්‍රියාත්මක වේ. මින් සිදුවිය හැකි සමාජ හානිය පිළිබඳ තවමත් බොහෝ දෙනෙකුහට නිසි අවබෝධයක් නොමැති බැවින් සමාජය පුරා වෛරය, පලිගැනීම, කුහකකම, දැඩි ආශාව වැනි විවිධ සෘණාත්මක ආකල්ප හටගැනීමට ඉවහල් විය හැකි ආකාරයෙහි මතවාද ව්‍යාප්ත කර හැරීමට පියවර ගනිති. විවිධ ලාභ ප්‍රයෝජන තකා පටු ළාමක අදහස් ඇතිව ක්‍රියාකරන පුද්ගලයන්ගෙන් විනා සමාජය කෙරෙහි නිසි වගකීමෙන් යුතු සත් පුරුෂ කිසිවෙකු හෝ අතින් මෙවැනි දේ සිදු නොවේ. බුදු සමයෙහි ඇසුරු කළ යුතු කළ්‍යාණ මිතුරන් සේ පෙන්වා දී තිබෙන්නේ මෙවැනි සත් පුරුෂයන්ය.

    ReplyDelete
    Replies
    1. @ පුංචි කුමාරිහාමි,
      මෙහි සදහන් ලිපිය ඉතාම විශිෂ්ටයි. එහි බුද්ධාගම සමඟ බටහිර මනෝවිද්‍යා සංකල්ප විචාරපූර්වකව විග්‍රහ කර තිබෙනවා. බුද්ධාගමේ තිබෙන මනස මුල් කරගත් මනෝවිග්‍රහය බටහර චර්යාව මුල් කරගත් මනෝවිග්‍රහයට වඩා කොයි තරම් ඉදිරියට ගිහිල්ලා තිබෙන සියුම් ගැඹුරු විග්‍රහයක් කියලා ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ආචාර්යතුමා විසින් සිදුකරන විග්‍රහ අනුව පැහැදිලි වෙනවා.
      //මනෝ විද්‍යා විෂයය මඟින් අධ්‍යයනය කරනු ලබන්නේ මෙකී හැසිරීම් රටාවයි. චර්යාවාදය නමින් අර්ථදැක්වෙන බාහිර හැසිරීම් රටාවට අනුගත වූ චර්යා මඟින් මානසික පැවැත්මේ ස්වභාවයෙහි විද්‍යාත්මක පදනම බටහිර මනෝ විද්‍යා සිද්ධාන්තවල පැහැදිලි කර දී තිබේ.//
      මේ බටහිර චර්යාවාදී ගති ලක්ෂණ අධ්‍යයනයට වඩා අභිධර්මය මූලික කරගත් බුද්ධාගමේ මානසික පැත්ත හැදෑරීම කෙතරම් ගැඹුරුදැයි ආචාර්යතුමා ඉතාම හොඳින් මෙහි දී පැහැදිලි කර දී තිබෙන හැටි බලන්න.
      //බුදු දහමේ අභිධර්ම පිටකයට අයත් ධර්ම ‍කොට්ඨාශ තුළින් පුද්ගල මනස පිළිබඳව සිදු කර ඇත්තා වූ සුවිශේෂී විශ්ලේෂණය හා සංශ්ලේෂණ විග්‍රහ මඟින් පෙන්වා දී ඇත්තේ ද පුද්ගලයෙකුගේ මානසික ක්‍රියාකාරීත්වය අවබෝධ කිරීමට උපකාරීවන මෙවැනි චිත්ත, චෛතසික සිද්ධාන්ත හා මානසික රටාවන් අධ්‍යයනයෙහි ඇති වැදගත්කම පිළිබදවයි.//
      ඒ වගේම මෙහිදී ආචාර්යතුමා කියන්නට වෑයම් කර ඇත්තේ මනස ශික්ෂණය කර ගැනීම නිසා උසස් රස වින්දන හැකියාවක් මිනිසුන් තුළ ගොඩනඟා ගත හැකි බවයි. ඒ වගේම කුමාරි ඔයාගේ සිත්තරා කතාව වගේ උසස් රසවත් කතාවක් රස විඳීමට තරම් මිනිසුන්ගේ මානසික හා ආධ්‍යාත්මක ශික්ෂණය දියුනු කර ගැනීමට නම් බුදුදහමේ ඉගැන්වෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවිත්විය යුතු බව ආචාර්යතුමා මෙහිදී අපූරුවට පැහැදිලි කර දීලා තිබෙනවා.

      Delete
  65. @ පුංචි කුමාරිහාමි,

    සමාජ විද්‍යා විෂයානුබද්ධ අර්ථකථන අනුව කල්ලියක් ( Gang ) යනු කිසියම් එක් අරමුණක් වෙනුවන් එක් වූ සුළු පිරිසකි. බොහෝ විට මේ පිරිස සමස්ත සමාජයෙහි පොදු මතයට විරුද්ධව කටයුතු කරනු ලබන කිසියම් සුළු විරෝධාකල්ප දරණ පිරිසක් සේ සලකනු ලබයි. සමාජය විසින් පිළිගනු ලැබූ සමාජ සංවිධානයක තිබිය යුතුව ඇත්තේ සමාජය යහපතට කේන්ද්‍ර ගත කරවනු ලබන මතවාදය. කල්ලිවල හා සමාජ සංවිධානවල ඇති වෙනස එයයි. නමුත් වර්තමානයෙහි පවතින විෂම බව කෙතරම් ද යත් කල්ලියක හා සමාජ සම්බන්ධතාවයක මෙකී වෙනස පවා අවම වන අයුරින් සමාජ සම්බන්ධතා ගොඩනැඟී තිබෙනු නිරීක්ෂණය කළ හැකිය. කල්ලියක සමාජ සම්බන්ධා තුළ කිසියම් අවිධිමත් ස්වභාවයක් දැකගත හැකිය. සමාජ සම්බන්ධතා වඩා විධිමත් ආකාරයක් ගන්නා ලබන විට එය කිසියම් ක්‍රමවත් සමාජ සංවිධානයක ලක්ෂණ පෙන්වයි. පරමාර්ථ, අපේක්ෂා හා අභිමථාර්ථ යනාදිය නිසා වඩා පුළුල් ස්වරූපයක් ක්‍රමවත් සමාජ සංවිධානයක ලැබේ.
    කල්ලියක එබඳු ස්වභාවයක් විද්‍යමාන නොවන්නේ එය හුදෙක් විරෝධාකල්ප ගොනු කිරීම හා එම විරෝධාකල්ප ඔස්සේ කටයුතු කිරීම පමණක් අරමුණු කරගෙන ඇති හෙයිනි. අනෙක් අතට කල්ලියක සාමාජිකයන්ගේ අරමුණු සාරධර්ම හා යොමු වූ යහපත් ඒවා නොවේ. පවතින සමාජයෙහි යම් යම් සාරධර්ම වූ සමාජ පිලිගැනීම් අභිචාර විධි ආදියට එරෙහිව ක්‍රියාත්මක වන ස්වභාවයක් මෙහි ඇත. එම නිසා කල්ලියක සාමාජිකයින්ගේ ආකල්ප බෙහෙවින්ම සෘණාත්මකය. නූතනයෙහි සමාජ සංවිධානවල ඇති අක්‍රමවත් ස්වභාවය හා නොගැළපෙන අරමුණු නිසා එක්වරම එය විධිමත් සමාජ සංවිධානයක් ද නොඑසේ නම් කල්ලියක් දැයි හඳුනා ගැනීමට පවා අසමත්ය. මිනිසුන් බහුල ලෙස සෘණාත්මක ආකල්පවලින් පෙළෙන බව හඳුනා ගැනීමට ඇති අනෙක් සමාජ සාධකය ලෙස මෙම කරුණ සැලකිය හැකිය. මිනිසුන් ‍සමාජය සම්බන්ධතා පැවැත්වීම තුළ අපේක්ෂිත අරමුණු නිසියාකාරයෙන් සම්පූර්ණ නොවන විටක කළකිරීම, ඉච්ඡාභංගත්වය හා මානසික බිඳ වැටීම බහුල වශයෙන් දැකගත හැකිය. මිනිසුන් තුළ අතිවන සමාජමය කළකිරීම බෙහෙවින්ම අතෘප්තිය හා අසහනය පිණිස හේතු වේ. තෘප්තිදායක නොවන සමාජයක දිවි ගෙවන විට කුමන හෝ සුළු කරුණක් අරබයා මිනිසුන් බොහෝ විට කුපිත ස්වභාවයකට පත්වීම නිරායාසයෙන් සිදු විය හැකි දෙයකි. වර්තමානයෙහි මේ තත්වය මේ තරමින් හෝ පාළනය වී පවතින්නේ අප සමාජය බොහෝ කොටම ආගමික සංස්ථා මඟින් පාළනය වන නිසාය. ‍තත්වය එ‍ලෙස ‍නොවන්නට නම් ඇතිවිය හැකිව තිබූ තත්වය අපට අද සිතාගත නොහැකි තරමට දරුණුවීමට ඉඩකඩ තිබිණි.
    වර්තමානයෙහි සමාජ සම්බන්ධතා තුළ පවතින අසහනය හා කළකිරීම මිනිස් ආකල්ප නිවැරදි නොවීමේ අහිතකර ප්‍රතිඵලයකි. සැලසුම් සකස්කරන්නන් විසින් ප්‍රමුඛ ස්ථානය භෞතික සංවර්ධනයට පමණක් පිරිනැමීම නිසා නිතැතින්ම සමාජ වටිනාකම මණිනු ලබන ඒකකය බවට පාරිභෝජනය කරනු ලබන භාණ්ඩ හා සේවා පත්වීම තුළ මිනිසාගේ මානසික මට්ටමේ ප්‍රගතිය පිලිබඳව පැවතිය යුතු උනන්දුව හා පිළිගැනීම අවම කර දැමීමේ අහිතකර ප්‍රතිඵල අද අපි භුක්ති විඳින්නෙමු. එපමණක් නොව ආගමට තිබිය යුතු ආධ්‍යාත්මික වටිනාකම ඉන් අවමකර හා දුරස්කර එය ද හැකිතාක් පාරිභෝජන අර්ථ ක්‍රමය උත්කර්ණයෙන් යුක්තව වර්ණනා කිරීමේ එක්තරා මෙවලම් බවට පරිවර්තනය කරගෙන ඇත්තෙමු. මේ හේතුව නිසා වර්තමාන යුගයෙහි ආගම අදහනවා යන්නෙන් සැලකෙන්නේ තවත් එක්තරා අයුරකින් පවතින භෞතික ද්‍රව්‍යාත්මක සමාජ වටිනාකම් ආධ්‍යාත්මිකව වඩා විශ්වසනීය ක්‍රමයකින් සාධාරණීකරණය කරගැනීමකි.
    මේ හේතුව නිසා නූතන යුගයෙහි ආගම ඇදහීම ද එක්තරා සැණකෙළියක අසිරියක් ගෙන තිබේ. එමෙන්ම නොයෙකුත් මතවාද හා පිළිගැනීම් ද ඒවා පෙර පැවති ආගමික ඇදහිලි ක්‍රමයන්ට වඩා උසස් හා සමාන සේ ද හුවා දක්වනු ලබයි. පවතින මේ ක්‍රමය තුළ වඩාත්ම සමාජගත වන්නේ ද ජනප්‍රිය චරිත බවට පත්ව ප්‍රශංසා ලබන්නේ ද ප්‍රතිපත්තිගරුක නිහඬ පුද්ගලයා නොව ආගමික සංදර්භය තුළ වඩාත් උත්කර්ෂයෙන් ‍පවතින සමාජ පිලිගැනීම්වලට වඩා වැඩි ආධ්‍යාත්මික වටිනාකමක් ආරෝපණය කිරීම පිණිස සිය හැකියාවන් ප්‍රයෝජනයට ගනු ලබන පුද්ගලයා වේ. මේ සම්ප්‍රදාය තුළ සාරධර්ම ධනාත්මක සමාජ වටිනාකම් හඳුන්වාදීමට වඩා පවතින දේ විවේචනය කරන්නාට අනිවාර්යෙන්ම මේ සමාජයෙන් විශාල වටිනාකමක් නිතැතින්ම ආරෝපණය වේ. පිඟන් කැඩෙන්නේ ඒවා සේදීමට වෑයම් කරන්නා වෙතින් බව ‍අවබෝධ කර නොගන්නා අතිධාවනකාරී මිනිසුන් කිසිදු චෝදනාවක් රහිතව කිසිදු කාර්යයක් නොකර සිටින්නා බොහෝ සත්කාර්යයන් ඉටු කිරීමට ගොස් අත්වැරදීම් ඉතා‍මත් ස්වල්පයක් සිදුවන පුද්ගලයාට වඩා උසස් සේ සළකනු ලැබේ.

    ReplyDelete
  66. @ පුංචි කුමාරිහාමි,
    වර්තමානයෙහි ගෙවන සමාජ ආර්ථික රටාවේ සිරකරුවන් බවට පත්වීම නිසාම මිනිසාහට කලා ශිල්ප, ශාස්ත්‍රීය ගවේෂණ තුළින් මානසික වින්දනයක් ලැබීම වැනි කරුණු අපහසු වී ති‍බේ. මිනිසාහට කලා ශිල්ප, ශාස්ත්‍රීය කරුණු මඟින් මානසික වින්දනයක් ලැබිය හැකි වන්නේ එයට යෝග්‍ය සමාජ ආර්ථික පරිසරයක් තමන් ජීවත්වන සමාජය තුළ නිර්මාණය වී තිබේ නම් පමණි. එවන් තත්වයක් සමාජ ආර්ථික පරිසරය තුළ නිර්මාණය නො‍ෙවනතාක් හෝ නිර්මාණය වීමට අවශ්‍ය පෙළඹවීමක් සන්නිවේදනය නොවෙනාතාක් පවතන සමාජ ආර්ථික රටාව තුළ කලා ශිල්ප හෝ ශාස්ත්‍රීය රස වින්දනය හුදෙක් දැළි පිහියෙන් කිරිපැණි කෑමකට නොදෙවෙනි නොවනු ඇත.
    කිරි පැණි රසවත් ආහාරයක් වුවත් දැළි පිහියෙන් කනවිට ඒ සඳහා අවදානමක් ගතයුතු බැවින් නිසි සේ රස විඳිය ‍නොහැකි හෙයිනි. එසේ වන්නේ රස විඳීමට සුදුසු නිර්මාණ කලා කරුවන් හෝ ශාස්ත්‍රඥයින් විසින් මහත් වෙහෙසක් දරා බිහිකරතත් එවැනි දේ ඉදිරිපත් කිරීමට යෝග්‍ය පරිසරයක් තුළ ඒවා සන්නිවේදනය නොවන බැවිනි. මිනිසා සංවේදී කිරීමට හා උසස් රසඥතාවයකින් යුක්ත කිරීමට කලා ශිල්ප හා ශාස්ත්‍රීය ගවේෂණ වලට ඇත්තේ පුදුම හැකියාවකි. එවන් හැකියාවක් ධනය, බලය හා කාමය යන නූතන ලෝකයෙහි ත්‍රි මූර්තිය ලෙස හැඳින්වෙන බලවේග හා අධිකාරයන් තුළ කිසිසේත්ම නැත. කලා ශිල්පියා හෝ වේවා ශාස්ත්‍රඥයා හෝ වේවා ඒවා ඉදිරිපත් කරන්නා හෝ වේවා කුමන හෝ පුද්ගලයෙකුහට වුව ද අවසාන විග්‍රහයේ දී සාමාන්‍ය පොදු මනුෂ්‍යත්වය වෙත වගකිව යුතුය. එහි දී තමන්ගේ හෘද ශාක්ෂියෙන් අවංකවම ගැළවීමක් ලැබෙනුයේ තමන් තමන්ගේ සිතට එකඟව අවංකව කටයුතු කර තිබුණහොත් පමණි.
    විශේෂයෙන්ම සමාජයේ සමාජ ආර්ථික අර්බුද බහුල යුගයන්හි එලෙස කලා ශිල්ප හා ශාස්ත්‍රීය ගව්ෂණයන්හි නිරතවන අයහට තමන්ගේ නවතම ප්‍රතිඵල මිනිසා අතරට ගෙනයෑමේ විශාල ප්‍රශ්නයකට මේ නිසා මුහුණ පෑමට සිදු ‍වීම තදබල අවාසනාවකි. එක් අතකින් එවන් කලා ශිල්ප හා ශාස්ත්‍රීය දැනුම සම්පාදනය කිරීමේ අපහසුතාවය එක් ප‍ෙසකින් කලා ශිල්පීන්, ශාස්ත්‍රීය ගවේෂකයන් හා විද්වතුන් අසරණ කරත් දී අනෙක් පසෙන් ඒවාහට නිසි සමාජ පිළිගැනුම හා අවධානය ලබාගැනීමට ‍මේ හේතුව නිසා විශාල වෙහෙසක් දරන්නට සිදුවීමම එවන් කලා ශිල්ප හා ශාස්ත්‍රීය දැනුම තව තවත් සම්පාදනය කිරීමෙහි ලා ඉතිරිව ඇති කාලය, ශ්‍රමය හා ධනය එවන් නිරර්ථක ඒකකාරී දේවලට කැප කරමින් ලතැවීම පවා එක් අතකින් අවසනාවන්ත සිදුවීමක් ලෙස හැඳින්විය හැකිය.
    කලක් ගතවී සුදුසු පුද්ගලයාහට අවශ්‍ය ඉඩකඩ විවරවන විට ඒ පුද්ගලයාගෙන් සමාජයට ලැබිය යුතු සමාජ මෙහෙවර නිසියාකාරයෙන් ඉටු කරගත නොහැකි ලෙස දැඩි ලෙස වියපත්ව හෝ තමාහටම තමාවම එපා කරනු ලැබීමෙන් කළකිරීමට පත්ව විදේශ ගත වී එහි විශ්වවිද්‍යාලවලට, ආයතනයන්ට හෝ විදේශ රාජ්‍යයන්ට තමන් නිදහස් අධ්‍යාපනය තුළින් ලබාගත් දැනුම, ශ්‍රමය, කාලය එම රටවල් දියුණු කිරීම පිණිස කැපකොට සේවය කරමින් සිටිනවා ‍වන්නට පුළුවන. ඉතා ඉහළ වෘත්තීමය නිපුණතාවයන් හෝ විෂය විශේෂඥතාවයක් සහිත පුද්ගලයන් මෙරටදී කොන් කරනු ලැබීවත්, ඔවුන්ගේ දැනුම, ආකල්ප හා කුශලතාවය මෙරට දියුණුව පිණිස ලබා නොගත්තත්, විදේශ රටවල ඉහළම ඉල්ලුම ඇත්තේ මෙවැනි පුද්ගලයන්හට බව පැවසිය හැකිය. නමුත් අවංකවම මෙරටට ආදරය කරනු ලබන හා සමයානුබද්ධව ද සංස්කෘතිකමය වශයෙන් ද මෙරට ජන විඥානය හා බද්ධ වූ පුද්ගලයන් ඔවුන් විසින් ඉතාමත්ම ප්‍රිය කරන වෘත්තීමය අවස්ථා ඔවුන් තුළ ඇති යහපත් දේශාභිමානී ආකල්ප වෙනුවෙන් කැප කිරීමට සිදු වීම නූතන යුගයෙහි දී පවා අභාග්‍යයක් කොට නොසලකන්නේ කල් ගත වී හෝ තමාගෙන් නිසි ප්‍රයෝජන ගනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් පිටරටවලට ගිහිල්ලා ඉන්න හැම කෙනෙක්ම කරන දේවල් 100% ක්ම නිවැරදි නෑ තමයි. නමුත් අද ලංකාවේ තිබෙන ආර්ථික, සාමයික, දේශපාලනික හා සමාජයීය වාතාවරණය නිසා ලංකාවේ අය බොහෝ දෙනෙක් විදේශගතව ඉන්නවා. මමත් උසස් අධ්‍යාපනය ලැබුවේ විදේශයක වුනත් මම ලංකාවේ අපේ දේශීය සාරධර්ම හා හර පද්ධතියට අනුව මගේ පුද්ගලික ජීවිතය ගෙනයනවා. ඒ වගේම මම ගොඩාක්ම බුද්ධාගමට කැමතියි. බුද්ධාගමේ ප්‍රතිපත්තිවලට අනුව මගේ ජීවිතේ මම ගත කරනවා. ඒක නිසා ලංකාවේ මිනිස්සුන්ගෙන් තාවකාලිකව වුනත් ඈත් වෙලා ඉන්නකොට දැනෙන පාළුව තනිකම වගේ දේවල් හැරුනු කොට මට හැඟීම් හා ආකල්ප අතින් නම් මට හිතෙන්නේ මම දේශිය මුහුණුවරට අනුගතව ජීවත් වෙනවා කියලයි. එක අතකට ඉන්න තැනට වඩා වැදගත් අපි කරන කියන හිතන දේ කියලයි මට හිතෙන්නේ. ලංකාවේ ජීවත්වුනත් සමහරු හදවතින් ඉන්නේ පිටරට. විදේශ රටවල දේවල්වට ආවඩනවා. පරගැති සංකර සිරිත් විරිත් වලට ගරු කරනවා. ඒ අතින් මම විදේශයක ජීවත් වුනත් ඉන්නේ දේශීයත්වයට බරව. ඒ නිසා මට ආධ්‍යාත්මිකව වැඩි වෙනසක් දැනෙන්නේ නැහැ කියලා කිව්වොත් බොහෝ දුරට මම හරි. නමුත් මම ඔබතුමා කියන කරුණු වල සමහරක් දේවල් වලට නම් එකඟ වෙනවා. මොකද හැම කෙනෙකුම මම වගේ නොහිතන නිසා.

      Delete
  67. කොසොල් මහරජු විසින් බුදුන් වහන්සේ ධරමාන කාලයෙහි දුටු සිහින සැබෑවන කාලය සිහිපත් කරමින් ඉතාමත්ම දැඩි ලෙස ස්වකීය කේෂ්ත්‍රයෙහි කැපකිරීම් කරමින් කටයුතු කරන පුද්ගලයන් කපා හරිමින් හා කොන් කරමින් එවන් කිසිසේත් සුදුසුකමක් නොලත් පුද්ගලයන් ඉස්මතු කරවීම මඟින් අනාගතය දෙස අපේක්ෂාවෙන් දෙනෙත් දල්වාගෙන ‍පෙරමඟ බලා සිටින සුවහසක් ‍දෙනා වෙත නො දැනුවත්වම හෝ සිදු කරනු ලබන්නේ බලවත් අසාධාරණයක් බව පෙන්වා දිය හැකිය. තවත් අතකින් සමාජයට වැරදි පුර්වාදර්ශ ද ‍මේ මඟින් සැපයෙන බව ද පෙනේ. ඉල්ලන ‍දේ ලබා දීමක් ලෙස තර්ක කරන්නන් කරන්නේ වවාගෙන කෑමක් වන අතර එලෙස කටයුතු කරනු ලබන්නන් සිතන තරමටම මිනිසුන් මන්ද ප්‍රාඥයන් ද නොවේ. හොද දේ අගය කරනු ලබන හොඳ දේ සොයනු ලබන එසේම ඒවා තමන්හට සන්නිවේදනය වීමේ මහත් අභිලාශයකින් වෙසෙන පුද්ගලයන් සාමාන්‍ය මිනිසුන් අතර අධිකය. කායික ශ්‍රමය වැයකර වෘත්තීය කටයුතුවල නිරතවන සාමාන්‍යයෙන් අප නොසිතන මිනිසුන් පවා බොහෝවිට රුචිකරනු ලබන්නේ පහත් රස වින්දනයට නොව උසස් රසවින්දනයක් ඇති දේ ලැබීමට බව එවන් පුද්ගලයන් නිරීක්ෂණය කළවිට පැහැදිලිවම අවබෝධ වන කරුණකි.
    හැමදෙනාහටම හැමදේම දැනගත නොහැකිවම ස්වභාවික ධර්මතාවකි. තේපානය කිරීම සදහා කිසිවෙකු කරණවෑමියෙකු ළගට නොයනු ඇත. මෙයින් අදහස් කරන්නේ කරණවෑමියාට තේ සෑදීමේ කුශලතාවයක් නොමැති බව නොව ඔහුගේ විශේෂඥභාවය ඇත්තේ කොණ්ඩය හා රැවුළ කැපීම සදහා බවයි. එසේම අවන්හලක සේවය කරනු කිසිවෙකුහට කොණ්ඩය හෝ රැවුළ කැපීමේ දක්ෂතාවයක් තිබෙන්නට පුළුවන් වුවත් ඔහුගේ ප්‍රධාන කාර්යය වන්නේ කෑම බීම පිළියෙළ කොටදීමයි. වර්තමාන සමාජයෙහි පවතින එක් ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ එක් විෂය කේෂ්ත්‍රයක වගාකරගනු ලැබූ කිසියම් දක්ෂතාවයක් ඇති තැනැත්තා තමාගේ ඊට වඩා අඩු දක්ෂතා ඇති කේෂ්ත්‍රයන්හි ක්‍රියා කිරීමට ගොස් තමන් විසින් දක්ෂතා පෙන්වනු ලැබූ කේෂ්ත්‍රයන්ගෙන් නිසි ඵලප්‍රයෝජන නොගැනීමයි. ඇතැම් විටක බාල ජනප්‍රියත්වය තකා හෝ ආර්ථික වටිනාකම් නිසා හෝ මෙලෙස ක්‍රියා කරනවා වන්නට පුළුවන. එහෙත් අවසානයේදී සිදු වන්නේ තමා විසින් වැඩිම දක්ෂතාවය පෙන්වනු ලබන කටයුත්ත ඉටු කිරීමට අවසානයේදී කිසිවෙකු නොමැතිවීමෙන් එය අත්‍යවශ්‍ය පුද්ගලයන්හට විශාල අසාධාරණයක් සිදු වීමයි. එසේම තමන් අඩු හැකියාවන් පෙන්වන කේෂ්ත්‍රයන් මුළුමනින්ම වැසෙන පරිදි ආවරණය ‍කොටගෙන ඒ තුළ ඇටුවම් බැසගෙන ක්‍රියා කිරීම නිසාම එම කේෂ්ත්‍රයන්හි ඊට වඩා දක්ෂතා හා හැකියාවන් සහිත පුද්ගලයන් මේ තුළින් කිසියම් කොන්වීමකට ලක්වන බැවින් එම පුද්ගලයන්හට ද මේ නිසා සිදු වන්නේ බලවත් අසාධාරයක් බව පෙන්වා දිය හැකිය.
    ගෞතම බුදුරජාණන් වහන්සේ හැරුණු විට, සර්වඥතා ඥානයක් සහිත පුද්ගලයන් වන්නේ මේ කල්පයෙහි අවසාන බුදුවරාණන් වහන්සේ වන මෛත්‍රිය බුදුරාණන් වහන්සේ පමණි. අප අතර සිටින මහාචාර්යවරුන්, විද්‍යාඥයින් හා විෂය විශේෂඥයින් ලබා ඇත්තේ එක් සීමිත දෙයක් හෝ ඉතා කුඩා විෂය කොටසක් පිළිබඳ ගැඹුරට හදාරන ලද විශේෂඥ ඥනය පමණි. නමුත් ඒ ඥනය පවා එකී විෂයෙහි පෘථුල බවට සාපේක්ෂකව සීමා සහිත තත්වයෙහි පවතින්නකි. එවන් තත්වයක් පවතිද්දීත්, ඒ කිසිදු විෂය කේෂ්ත්‍රයක් පිළිබඳව කිසිදු හැදෑරීමක් නොකළ පුද්ගලයන් ඉස්මතු කිරීම මඟින් එම විෂය කේෂ්ත්‍රයටම සිදු වන්නේ බලවත් අසාධාරණයක් බව ද පෙන්වා දිය හැකිය. මෙයින් අදහස් කරන්නේ තමන් අවබෝධය හෝ අත්දැකීම හෝ ශාස්ත්‍රීය ශික්ෂණය ලබාගනු ලැබූ විෂයය ප්‍රදේශයට පරිබාහිරව වෙනත් කිසිදු විෂයයක් හැදෑරීමට හෝ ඒ පිළිබදව තමන්ගේ අදහස් හා මතවාද ඉදිරිපත් කිරීමට ඇති අයිතිය පාගා දැමීම යැයි වරදවා වටහා නොගත යුතුව ද ඇත. ස්වභාවයෙන්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලැබීමේ හා නව දැනුම ගවේෂණයෙහි ලා ආශාවෙන් පෙළෙන ප්‍රාඥ වූ පුද්ගලයෝ වෙති. අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නායක මාහිපාණන් වහන්සේ ද තමන් වහන්සේගේ අවසාන කාලවකවානුව තුළ ඉතාමත්ව වයෝවෘද්ධව සිටිනාවස්ථාවෙහි දී පවා විවිධ භාෂා ශාස්ත්‍ර, පරිගණක හා තොරතුරු තාක්ෂණ විෂයයන් සම්බන්ධ නව දැනුම සෙවීමේ ‍පරිශ්‍රමයන්හි යෙදී සිටී බව කියනු ලැබේ.

    ReplyDelete
  68. @ පුංචි කුමාරිහාමි,
    සාමාන්‍යයෙන් කිසියම් විෂය කේෂ්ත්‍රයක් පිළිබඳව සියුම්ව සාකච්ඡා කිරීමේ දී එවැනි විෂයක් ගැඹුරින් හදාරන ලද පුද්ගලයෙකුගේ සහ මතුපිටින් යම්තම් අතපත ගාන ලද පුද්ගලයෙකුගේ කැපී පෙනෙන විශාල වෙනසක් තිබුණහොත් පමණක් සාමාන්‍ය ජනයාට ඒ වෙනස වටහාගැනීම අසීරු නොවෙතත්, යම් යම් විෂයයන් ගැඹුරින් නොදාරණ ලද පුද්ගලයන්ගේ සියුම් වැරදි, දෝෂ සහ අඩුපාඩු එම විෂය කේෂ්ත්‍රයම ගැඹුරන් හදාරන ලද පුද්ගලයන්හට එක්වරම පැහැදිලිවම විශාලිතවම පෙනේ. කිසියම් විෂයක් පිළිබඳව ගැඹුරන් හදාරා ශාස්ත්‍රීය ශික්ෂණයක් සහිත පුද්ගලයන් තුළ පවතින ආත්මදමනය, හික්මීම හා සංවේදී බව හේතුවෙන් ප්‍රසිද්ධියෙහි ආක්‍රෝශ පරිභව කරමින් එකී වරද පෙන්වාදීමට කටයුතු නොකළත්, එසේ ඔවුන්ගේ ප්‍රතිචාරයෙහි ගැබ්වන උපේක්ෂාවාදී ස්ථාවරය සලකා කිසිදු වරදක් හෝ අඩුපාඩුවක් සාධාරණීකරණය කළ නොහැකිය.
    මේ හේතුව නිසා සාමාන්‍ය පොදු මිනිසාට කිසියම් විෂයක් හඳුන්වාදීමේ දී හා එකී විෂය ප්‍රදේශය පිළිබදව ගැඹු‍රෙන් සාකච්ඡා කිරීමේ දී ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ශනය සහිත සුන්දර රූපයක්, කටහඬක් සහිත බව හෝ සාකච්ඡා කෙරෙන විෂයයට කිසිදු අයුරකින් අදාළ ‍නොවන නොගැඹුරු එහෙත් ජනප්‍රිය දේ පිළිබඳව බාහිර සමාජයෙහි ගොඩනඟාගෙන ඇති බලපරාක්‍රමය හෝ සමාජ තත්වය හෝ එකී පුද්ගලයා දරණ පුද්ගලික හා සාමාජික තරාතිරම ‍හෝ ‍නොසලකා හුදෙක් ශාස්ත්‍රීයත්වය පමණක් මුල් තැන ලබාදීම තුළින් අදාළ විෂයට සාධාරණය ඉටු කිරීම පමණක් නොව එමඟින් සමාජය යථාවත් කිරීමෙහිලා ද අවකාශ ඇත. නමුදු බොහෝ විට නූත‍නයේ බහුලව දක්නට ලැබෙනුයේ නොගැඹුරු පරිණත එහෙත් මාධ්‍යයට සරිලන ලස්සන රූපයක් සහිත අය ලවා මොනවා හෝ කියවා ගැනීමට එහා නොගිය ක්‍රමවේදයකි. මෙමඟින් අදාළ විෂය ක්ෂේත්‍රයට කිසිදු මෙහෙවරක් සිදුකළ නොහැක.
    ඕනෑම කලා කෘතියක හෝ ශාස්ත්‍රීය නිර්මාණයක සාර්ථක අසාර්ථකතාවය මනිනු ලබන අවසාන මිනුම වන්නේ කලාකරුවා හෝ ශාස්ත්‍රඥයා කෙතරම් දුකට තමාගේ නිර්මාණ හැකියාව සහ දක්ෂතාවය එකී කලා කෘතීයේ හෝ ශාස්ත්‍රීය කාර්යයෙහි ගැබ්කොට තිබේද යන කරුණ මත මිස පවතින සමාජ ආර්ථික සමාජ රටාවට එය කුමනාකාරයෙන් බද්ධවෙතැයි එවැනි කලා කෘති හෝ ශාස්ත්‍රීය කාර්යයන් සාමාන්‍ය මිනිසා වෙත ‍ඉදිරිපත් කරන්නා හෝ ගෙනයන්නා හෝ සන්නිවේදනය කරන්නා ඒ පිළීබඳ දරණ මතය හෝ දෘෂ්ඨිකෝණය අනුව නොවේ. කලාකරුවා හෝ ශාස්ත්‍රඥයා ද වෙනත් ලෙසකින් ගතහොත් සාමාන්‍ය පොදු මිනිසා සමඟම ජීවත්වන ඒ මිනිසුන් අතරින් බිහිවෙන පුද්ගලයෙකි.

    ReplyDelete
  69. @ පුංචි කුමාරිහාමි,
    කලාකෘති හෝ ශාස්ත්‍රීය කාර්යයන් සාමාන්‍ය මිනිසා වෙත සන්නිවේදනය කරන්නා ද පොදු සාමාන්‍ය අතරින්ම බිහිවෙන ඒ ලක්ෂණම අන්තර්ගත පුද්ගලයෙකි. ඕනෑම පොදු මිනිසුන් අතරින් බිහිවන පුද්ගලයෙකුහට මේ හේතු නිසාම සමාජ වගකීමෙන් පළාගොස් හුදකලාව එක්ටැම් ගෙවල් තනාගෙන ජීවත් විය නොහැකිය. එසේම එලෙස ජීවත්වීම යුක්ති සහගත ද නොවේ. තමාව කිසියම් ස්ථානයකට ඔසවා තබන ලද සාමාන්‍ය මිනිසා වෙනුවෙන් ඉටුකළ යුතු කිසියම් කාර්යභාරයක් සමාජ වගකීමක් මෙවන් වගකීම් සහගත පුද්ගලයින්හට අනිවාර්යයෙන්ම ඇති බැවිනි.
    මේ ආකාරයෙන් විචාර පූර්වකව සාකච්ඡා කිරීම කිසියම් විෂයය කේෂ්ත්‍රයක් පිළිබඳව කිසියම් ප්‍රමාණාත්මක විශේෂඥභාවයක් සහිත පුද්ගලයන්හට ඒ පිළිබදව ගුරුහරුකම් ලබාදීමට තැත් කරතියි හෝ ඉගැන්වීමට වෑයම් කරතියි යනුවෙන් වරදවා වටහා නොගත යුතුව ඇත. මේ ලෝකයෙහි ජීවත්වන සෑම පුද්ගලයෙකුහටම ජීවත්වීමේ අයිතිය ඇතිවාක් මෙන්ම තමන් ජීවත්වන ලෝකයට කිසියම් මෙහෙවරක් හෝ සේවයක් කිරීමේ වගකීම හා අයිතිය එකී පුද්ගලයාගෙන් නිරපරාදයේ උදුරා ගන්නට කිසිවෙකුහට දෙවියන්හට හෝ මහාබ්‍රහ්මයාට තිබෙතැයි උපකල්පනය කරනු ලබන බලය මෙන් සර්වබලධාරී නිශේධිත බලයක් තිබිය නොහැකිය. තමන්හට හිමිව ඇති බලය නිසා, තමන්ගේ විචාර පූර්වක බුද්ධිය වැසීගොස් ලැබූ බලයෙන් උදම්ව ක්‍රියාකරනු ලබන ඕනෑම පුද්ගලයෙකුහට ලබාදිය යුතු නිසි පිළිතුර ඇත්තේ ද සාමාන්‍ය පොදු මිනිසුන් වෙතම නිසා බලය ඇති කළ ක්‍රියාකරනු ලබන ආකාරය කෙරෙහි විචාර පූර්වකවීම තම තමන්ගේ අනාගත වෘත්තීමය හෝ සමාජ පැවැත්ම කෙරෙහි සිතා මතා කටයුතු කරනු ලබන ඕනෑම කෙනෙකුහට කොයි අතිනුත් වාසිදායක බැව් පෙන්වාදෙනු ලබන්නේ මෙත් සිත පෙරදැරිවමය.

    ReplyDelete
  70. @ පුංචි කුමාරිහාමි,
    අද අප හමුවේ ඇත්තේ බෙහෙවින් සංකීර්ණ සමාජ සබඳතාවලින් ගහණ වූ විෂම සමාජයකි. සමාජ සබඳතාවල හැඩතලවල විද්‍යමාන වනුයේද පෙර යුගයවල පැවති සේ මෘදු, අහිංසක ස්වභාවයක් නොවේ. ආත්මාර්ථකාමී ස්වභාවය සෑම අයෙකුගේම නෛසර්ගික ලක්ෂණයක් පරිදි දක්නට ලැබීම බෙහෙවින් අවාසනාවන්ත කාරණයකි. හැම කෙනෙකුම තමා ගැන මිසක අනුන් ගැන නොසිතන යුගයක අද අපට ජීවත්වීමට සිදුවීම කණගාටුදායකය. මිනිසුන් මුදල් ආදී භෞතික දේ පිළිබඳව පමණක් මිස මිනිසත්කම පිළිබඳ නොසැලකිලිමත් වන ස්වභාවයක් ද පෙනෙන්නට තිබේ. ඒ නිසා සෑම දෙනෙකුට තරඟකාරීව දුවන්නේ මුදල් පසුපසමය. ගුණධර්ම, සාරධර්ම හා සදාචාරය අනුන්ගේ හාස්‍යයට, උපහාසයට සරදමට ලක්වන කරුණක් වන තරමට මානව සමාජයේ පිරිහීම වේගවත් වී තිබේ.
    එසේ වුවද, උගත් බුද්ධිමත් සමාජය තුළ නම් සාරධර්ම හා බුදු දහම පිළිබඳ අද ගොඩනැ‍‍ඟෙමින් පවතින්නේ ඉතා හිතකර වාතාවරණයකි. මන්දයත් වර්තමානයේ බොහෝ දෙනෙකු සාරධර්ම පිළිබඳ පෙර යුගවල නොතිබූ විරූ උනන්දුවක් දක්වන බව පෙනෙන්ට තිබෙන බැවිනි. එසේ වුව ද බොහෝ දෙනෙකු නිතර සාකච්ඡා කළ පමණින් සාරධර්ම සමාජගතව ඇතැයි සෑහීමකට පත්විය හැකිද? සාරධර්ම තිබෙන බවට ඇති නිර්ණායකය කුමක් විය යුතුද? එය පෞද්ගලිකද නැතහොත් සමාජගතද? සැබවින්ම සාරධර්ම වඩාත් ප්‍රතිඵලදායක වනුයේ පුද්ගලයාගෙන් බැහැරව සමාජය කෙරෙහි අදාළවන පමණටමද? යනාදී වශයෙන් විචාර පූර්වක බවට තුඩුදිය හැකි සාධක රැසක් පිළිබඳව අවධානය යොමු වේ. සාරධර්ම හුවා දක්වන පමණට මිනිස් දිවි පෙවෙතට අදාළද යන කරුණ හැමවිටකදීම ප්‍රතිවිරුද්ධ පාර්ශව වෙතින් එල්ලවන විවේචනයකි.

    ReplyDelete
  71. @ පුංචි කුමාරිහාමි,
    කලාව හා කලා ක්ෂේත්‍රය දැන් පුදුම විදිහට පිරිහිලා. ගැහැණියකට පය තබන්නවත් නුසුදුසු මට්ටමකට එහි තත්වය පහළ බැහැලා. වැඩිපුරම මේ ක්ෂේත්‍රයට මෙහෙම වෙල තිබෙන්නේ ඉතා කෙටි කාලයකින් හා කෙටි ක්‍රම වලින් ජනප්‍රියත්වයට පත් වෙන්න බලාගෙන මේ ක්ෂේත්‍රයට එන අපේම අය නිසා කියලා මට හිතෙනවා. ඒක නිසා වැදගත් උගත් බුද්ධිමත් අය ක්‍රම ක්‍රමයෙන් මේ ක්ෂේත්‍රයෙන් දුරස් වෙලා යන පාටක් පේන්න තියෙනවා. අපි හොඳ වැදගත් අය මේ ක්ෂේත්‍රයට ආකර්ශනය කරගන්න ඕන කුමාරි. එතැනකදී අපිට වැඩි පිරිසක් ගෙන්නවා ගන්නවා කියන එකට වඩා හොඳ කීප දෙනෙක් හරි හිටියොත් හොඳටම ඇති කියන මතවාදයට යන්න පුලුවන් නම් ගොජාක් වැදගත්. මමත් ඔයා දරන අදහසේම ඉන්න කෙනෙක්. ඔයා දන්නවා මාධ්‍ය භාවිතය වගකීමකින් තොරව අයාලේ ගිය ගියා මටත් පහුගිය කාලේ සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුන බව. ඒ වගේම සෑම ක්ෂේත්‍රයකට පුහු ජනප්‍රිය බවට මිස නිවැරදි දේට අගය කිරීමටක් නැති නිසා තමයි මේ වගේ දේවල් හැම තැනකම වෙන්නේ. ඒ නිසා එක් කෙනක් හිටියත් ඇති එයා නිවැරදි ප්‍රේක්ෂකයෙක් නම් මට ඒක වටිනවා දහස් ගණන් වැඩක් නැති අය අතර ජනප්‍රිය වෙනවට වඩා. මම දන්නේ නැහැ කලා ක්ෂේත්‍රයේ අනිත් අය හිතන විදිහ මීට සමානද කියලා නමුත් මම නම් ප්‍රතිපත්තියක් විදිහට මගේ මතයේ ඉන්නවා හැමදාටම මගේ ජනප්‍රියත්වය මේ තරමින් රැක ගැනීමට මට හැකි වෙලා තියෙන්නේ මම වැරදි විදිහට කෙටි ක්‍රම මඟින් ඉතාම ඉක්මනින් ජනප්‍රි වෙන්න වෑයම් නොකරපු නිසා බව මගේ ප්‍රේක්ෂකයින් හොඳින්ම දන්නවා. කලා ක්ෂේත්‍රය හා කලාව සම්බන්ධව මෙහි දක්වා තිබෙන අදහස විශාල වැදගත්කමකින් යුක්ත බවත් ඒවා අපට ගෙන ඒම සම්බන්ධව ඔයාට ස්තූති වන්ත වන බවත් කියන්න ඕනෑ.

    ReplyDelete
  72. @ අරුණි රාජපක්ෂ,

    මම අරුණිගේ කතාවට 100% ක්ම එකඟ වෙනවා. මොකද මගෙත් යෙහෙළියෝ කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයේ බහුලව ඉන්න නිසා මමත් ඒ වගේ දේවල් හොඳට දන්නවා. මගේ යෙහෙළියකට එක්තරා නකෙ නිෂ්පාදක මහත්මයෙක් කියලා තිබුනා ඉක්මනින් ජනප්‍රිය වෙලා ක්ෂේත්‍රයේ නමක් තියාගෙන ඉන්න නම් එයාට අවනත වෙන්න ඕන කියලා. නමුත් මගේ යෙහෙළිය ඒ අදහසට කැමති වෙලා නැහැ. නමුත් පස්සේ වෙනත් නවක නිලියක් මේ අදහස පිලිඅරගෙන. ඕන්න දැන් එයා දාලා ටෙලි නාට්‍ය රූ ගත කරන්න පටන් අරගෙන. කවදාහරි මේ ටෙලිය රූපවාහිනේ ප්‍රචාරය වේවි. එතකොට මිනිසුන්ගේ රස වින්දනයට දෙවියන්ගේම පිහිටයි.

    ReplyDelete
  73. @ අනූෂි පැල්පළ,

    මම හිතනවා ඔයා කියන දේ ඇත්ත කියලා. මොකද ඉස්සර වගේ නෙවෙයි මේ ෆීල්ඩ් එකේ ඉන්න අය සේරම දේවල් කරන්නේ මුදල් බලාගෙන. මුදල හා ජනප්‍රියත්වය වෙනුවෙන් අපේ අය ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම්. දැන් කාලේ මේ ක්ෂේත්‍රයට එන්නේ කිසිම දෙයක් නොදැන. එතින් එහෙම ඇවිල්ලා ගොඩාක්ම වැරදි ක්‍රම වලට තමයි උඩට යන්න බලන්නේ. මේ නිසා ක්ෂේත්‍රයේ හොඳින් ඉන්න කෙනෙකුටවත් තමන්ගේ හොඳ නම රැකගෙන වැඩ කරන්න අමාරු තත්වයක් තමයි දැන් තියෙන්නේ. ඇයි ඉතින් යම්තම් ටෙලියකට මූණ දැම්ම කෙනෙක් ගණිකා මඩමක ඉඳලා අහුවුනාම මාධ්‍යවල පලවෙන්නේ අන්න අහවල් ජනප්‍රිය නිලිය මෙහෙම දෙයක් කරලා අහු වුනා කියලයි. අන්තිමේ මේ ක්ෂේත්‍රය තුළ තමන්ගේ ගෞරවය රැක ගෙන ඉන්න බහුතර පිරිසට මේකෙන් සිදු වන්නේ ලොකුම ලොකු අසාධාරණයක්. මම නම් කියන්නේ කිසියම් ප්‍රමිතියක් හදනවා නම් රංගන ක්ෂේත්‍රය තුළ එමඟින් රසික ජනතාවට හා ශීල්පීන්ට කරන ලොකු සාධාරණයක් වෙයි කියලයි.

    ReplyDelete
  74. මේ සිත්තරා කතාව නම් හරිම ලස්සනයි. ඒත් ඔයාගේ කුමාරිහාමි නවකතාවට මම ගොඩාක් ආසයි. අනේ ඒකේ කොටසතුන් පළ කරන්නකෝ. මම නිතරම කමෙන්ට් නොදැම්මාට මම ඔයාගේ හැම ආර්ටිකල් එකක්ම හරි ආසාවෙන් කියවනවා. ඔයා පුවත්පත්වලට ලියන දේවලුත් මම හරිම ආසාවෙන් කියවලා රස විඳිනවා. මම දැකපු විශේෂත්වයක් තමයි ඔයා අපේ හදවත්වලට දැනෙන විදිහට හරි දක්ෂයි කියන එක. ඔයාගේ නිර්මාණ දිවිය තව තවත් සාර්ථක වේවා කියලා මම ඔයාට සුබ පතනවා. මම හිතන්නේ මම මේ බ්ලොග් එක හැමදාම කියෙව්වට අද තමයි මෙහෙම දෙයක් ලිව්වේ කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට අයෝමි...

      Delete
  75. @ පුංචි කුමාරිහාමි,
    මෙහෙම මගේ ලිපි කියවලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පිරිසක් දැන ගැනීමට ලැබීමත් සතුටක්. ඒත් නිතරම මම කරන යහපත් කටයුත්ත දෙස නරක ඇසකින් බලා මානසික රෝගී පුද්ගලයෙකු පරිද්දෙන් මේකට කමෙන්ට් පළ කරන එක්තරා පුද්ගලයෙකු සිටියි. ඔහු ඔබේ පරණ හිතවතෙකු / සඟයෙකු බැවින් අමනාප කර ගැනීමටද ඔබ අකමැතිය. මා තුළද එම පුද්ගලයා පිළිබඳව කැමැත්තක් හෝ අකමැත්තක් නැත. මම හැම විටම මධ්‍යස්ථය. මට හැකි තරම් ඔබේ බ්ලොග් අඩවියට මට හොඳයි කියා හිතෙන දේවල් ලියන්නෙමි. එයට මට ඔබෙන් ඇගයීමක් ලැබුනද නොලැබුනද මට කමක් නැත. නිකරුනේ තේරුමක් නැතිව දිගින් දිගටම නින්දා කරන බ්ලොග් වලට මා නොයන්නේ ඒවාට ගොස් එසේ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් මට නොපෙනෙන බැවිනි. ඔබ ද මාව ප්‍රතික්ෂේප කරන දවසක හෝ ඔබටද මාව එපාවන දවසක මේ බ්ලොග් එකටද මා නොඑන්නෙමි. එතෙක් මට හොඳයි කියා හිතෙන දේ කවුරු මොනවා කිව්වත් මම කරන්නෙමි. මම නිතරම මගේ හෘද ශාක්ෂීයට අවංකව ක්‍රියාකරමි. මට නින්දා කරමින් සතුටක් ලැබුවද එයින් ඔවුන්ටද අත්වන විශේෂ සුගතියක් නැත. කවුරුත් මට නින්දා කලාට මට කුණු හරුප යෙන් බැන්නාට මට කුණු හරුප අසා හොඳට පළපුරුදු බැවින් හා නින්දා අපහාස දෙකෙහි කම්පිත නොවන බැවින් මට ඒවාගේ ගානක් නැත. මමද හොඳින් කුණු හරුප හා අනුන්ට රිදවන වචන ප්‍රකාශ කිරීමට දන්නෙමි. නමුත් ඒවා හානිකර බව හොඳින්ම දන්නා නිසා හා කුඩා කාලයේ සිට දුක් විඳ හැදුනු නිසා කිසිවෙකුගේ හිත රිදවීමට අකමැත්තෙමි. මාව හඳුනාගෙන සමහරු මුලින් ගෙනියන ලද ප්‍රතිපත්ති වෙනස් කර තිබේ. නමුත් තවමත් එක් පුද්ගලයෙකු මෝඩයෙකු ලෙස කටයුතු කරමින් නිතර දෙවේලේ නරක වචන කියා බනින බව පෙනෙන්නට තිබේ. මම ඒවාට පිලිතුරු නොසපයමි. මා පිළිතුරු සපයන්නේ පිස්සන් නොවන මට පිලිගත හැකි සමාජ මට්ටමක් ඇති දැන උගත් අයට පමණය. අවම වශයෙන් විඤ්ඤූ පුරුස නමින් දැක්වෙන යම් දෙයක් හොඳ නරක වටහාගත හැකි දැනුමත් තිබෙන අයටද සවන් දෙමි. ඒ හැර මිනිස් කයක් ඇතිව ඉපිද මරණින් මතු දුගතිගාමී වීම නියතව සිටින තිරිසනුන් මෙන් ක්‍රියාකරන්නන් සමඟ කුමන ආකාරයකින් හෝ කිසිදු ඇසුරක් නොපවත්වමි. ඔබගේ බ්ලොගයට මම කමෙන්ට් දමන්නේ ඔබ ගැහැණියක නිසා වත් ඔබ ළඟ මා යටි සිටින් බලාපොරොත්තු වන සුවිශේෂී දෙයක් ඇතැයි සිතා වත් නොවේ. මට පිලිගත හැකි ඉඩකඩක් ඔබේ බ්ලොග් අඩවියේ මාහට ලබා දී ඇති බැවිනි. එය ඔබ මා හට ලබාදෙන ලද සුවිශේෂී වරප්‍රසාදයක් ද නොවේ. වෙනත් ඕනෑම සාධාරණ පාඨකයෙකුහට ලබා දෙන වරප්‍රසාදයක් යැයි මම සිතමි. ඒ හැර මා උගතෙක් හෝ බුද්ධිමතෙක් යැයි මට අමුතු වරප්‍රසාදයක් හෝ ගෞරවයක් ඔබෙන් හෝ මේ බ්ලොගයට අදහස් දක්වන වෙනත් කිසිවෙකුගෙන් මම බලපොරොත්තු නොවෙමි. අවම වශයෙන් මා බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු හට හිමි මනුෂ්‍යත්වයෙන් යුතුව සැලකීම පමණි. මොකද මම කුඩා කාලේ මගේ දෙමව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකු අහිමිව ඉතා අසීරුවෙන් ඉගෙනගෙන දැඩි ආර්ථික බාධා හා වෙනත් අපහසුකම් හා බාධාවන් මැද මේ ගමන දිරිමත්ව පැමිණි පුද්ගලයෙක්මි. මම මගේ ජීවිත ගමනේදී හොඳ පුද්ගලයින්ට වඩා ඇසුරුකිරීමට මට ඉඩකඩ ලැබී ඇත්තේ නරක පුද්ගලයින්ය. මට වැඩිපුර අත්විඳීමට ලැබී ඇත්තේ හොඳ සුඛෝපභොගී අත්දැකීම් වලට නොව නරක කටුක කර්කශක අත්දැකීම්වලටය. ඒ නිසාම මම යම් තරමකින් හොඳ දේවල්වලට කැමැත්තක් දක්වමි. හොඳ දේවල් වලට ගරු කරමි. හොඳ දේවල් මට හිමි කර ගැනීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. @ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,
      @ පුංචි කුමාරිහාමි,

      මෙහි ඉතා සමබරව කලාව සෞන්දර්යය හා බුදුදහම විචාර පූර්වකව ඉස්මතු කර දක්වා තිබෙනවා. සිත්තරා කතාව වගේම ආචාර්යතුමා විසින් කලාව සාහිත්‍යය. සෞන්දර්යය හා බුදුදහම පිළිබඳව දක්වා ඇති ඉතාම ශාස්ත්‍රීය විචාර පූර්වක ලිපි පෙළ මඟින් මේ බ්ලෝගය පරිහරිණය කරන බාල මහළු සෑම කෙනෙකුටම කිසිදු විඩාවක් නොමැතිව කියවා රස විඳිය හැකි පරිදි දක්වා ඇති කමෙන්ට් පෙළ එක්ව ගෙන ලිපි මාලාවක් ලෙස ඔබතුමාගේ හෝ පුංචි කුමාරිහාමි ගේ බ්ලොග් අඩවිය තුළ අපට කියවිය හැකි ලෙස යළිත් වරක් ඉදිරිපත් කරන මෙන් බොහෝම ගෞරවයෙන් ඉල්ලමි. එසේම මේ ලිපි පෙල ආචාර්යතුමා විසින් ඉදිරිපත් කර ඇති අතර ඊට අමතරව කියවන අයගේ මානසික ඒකාග්‍රතාවය බිඳි යන අයුරින් විවිධ නොමනා පිරිස් විසින් කඩාකප්පල් කාරී ලෙස යොදා ඇති සාහසික කමෙන්ට් සියල්ල ඉවත් කර මෙය කියවන අයගේ මානසික සහනය සලසා දෙන මෙන්ද ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මෙය කියවන බොහෝ දෙනා වෙනුවෙන්මේ ඉල්ලීම මා විසින් සිදු කළ බවද කාරුණිකව දන්වමි.

      Delete
  76. මම හරි ආසාවෙන් මේ සිත්තරා කතාව කියෙව්වේ. ඒකේ තියෙන කතාව මනුතාපය විදිහට ලියලා තියෙන්නේ. එහි මදක් විදේශීය ස්වරූපය තිබෙනවා. නමුත් කර්‍තෘවරිය භාවිතා කරලා තියෙන රචනා ශෛලිය අපටම ආවේණීක පුරාණ සාහිත්‍ය ලක්ෂණ ගැබ් වෙලා තියෙනවා. මේ සිත්තරා කතාව කිසියම් රටක ඓතිහාසික ලක්ෂණ, පුරා විද්‍යාත්මක, සෞන්දර්යය ලක්ෂණ ඉස්මතු වෙන විදිහට ලියලා තියෙනවා. ලංකාවේ වුවත් වෙනත් රටක වුවත් මිනිස් හැඟීම් හා මිනිස් ක්‍රියාකාරීත්වය සමානයි. ඒ නිසා මෙය විදේශීය කෘතියක්ද එහෙම නැතිනම් විදේශීය ආභාෂය ඇතිව ලියූ දේශික කතාවක්ද කියන එකට වඩා මෙහි කොයි තරම් දුරට සත්‍ය මිනිස් හැඟීම් ගැබ්වෙලා තියෙනවද කියලා සලකා බලන එක වැදගත් බවයි මගේ නම් හැඟීම. මම නිතරම නම් මේ වගේ අන්තර්ජාලය බලන්න එන්නේ නැහැ. නමුත් මගේ අධ්‍යාපන කටයුතු වලට හානිකර නොවන විදිහට ඉඩකඩ තිබෙන විදිහට ප්‍රයෝජනවත් ආකාරයට මෙය භාවිතා කරන්න කැමැතියි. ඒ වගේම තවත් දෙයක් කියන්න කැමතියි. කලාව, සෞන්ර්යය වගේම බුදුදහම සමඟ කලාව සම්බන්ධ වෙන්නේ කොහාමද කියලා මෙහි දීර්ඝ ලිපි මාලාවක් ලෙස සටහන් යොදා තිබෙනවා. මම ඒකත් හරිම ආසාවෙන් කියෙව්වේ. ඉදිරියටත් මේ වගේම ලස්සන ලිපි ලියන්න අක්කිට ධෛර්යය වාසනාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete

  77. අනේ pls සුජිත් නිශාන්ත කරුණාකරලා ඔයාගේ පල් හෑලි මෙහෙම දාන්න එපා.පුදුම මානසික බරක් මේක.කරුණාකරලා ඔයාගේ විචාරයක් වෙන තැනක දාගන්න .මන් මේ කියන්නේ බොහොම වැදගත් විදිහට ඉවසල බැරිම තැන..ඔබ බුද්ධිමත් නම් කරුණාකරලා මේක තේරුම් ගන්න.විහිළුවක් වෙන්න එපා.දැන් හොදටම ඇති..

    ReplyDelete
  78. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  79. @ පුංචි කුමාරිහාමි
    ඔබට පුලුවන්ද comments දාන අයගේ IP address බලන්ඩ.
    මට හිතෙනවා ගොඩක් නම් වලින් ලඟදි comments කරන්නේ එකම කෙනා කියලා.
    අනූෂි පැල්පළ,දිනූෂි පැල්පොළ,චමිල්,අරුණි රාජපක්ෂ,මී හරකා,මධ්‍යස්ථ විචාරකයා,අවංක පුද්ගලයා,හංසිකා,ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ සහ සමහර ඇනෝ comments වල IP ලිපින පරික්ෂා කරලා බලන්ඩ.
    ඔයාට මොකද බ්ලොග් එකට එකපාරටම උන්නේ කියලා තෙරුන්ගන්ඩ පුළුවන් වෙයි.
    මේ බ්ලොග් එකේ හැමදාම comment කල අයටත් එක තේරුම් ගන්ඩ අමාරු නැතුව ඇති.
    මේක කරලා බලන්ඩ කරුණාකරලා.

    ReplyDelete
    Replies
    1. මම එහෙම කරේ නෑ තාමත්. ඒත් කරන්න හිතෙනවා දැන් නම්. ඇත්තමයි මටත් ඔබ කියන දේ තේරෙනවා. මට මේ බ්ලොග් එක ලියන එක එපාම උනා.සැබවින්ම අපේ රටේ මිනිස්සු මොනතරම් පහත්ද...

      Delete
    2. මම දැන් අවුරුදු කිපයක ඉඳන් බ්ලොග් කියවනවා.ඔබේ බ්ලොග් එකට අවේනම් අද තමඊ.
      පරණ ලිපි කීපයකුත් කියවල බැලුව.අන්තිම බ්ලොග් පොස්ට් කීපයක් දක්කහම මට හිතුන දේ කිව්වේ.
      ඔයවගේ දේවල් වෙනවා.අසහනකාරයෝ ඉන්නවා.ලියන එක නවත්තනඩත් එපා.
      හැබයි ඇත්තටම කව්ද මේක කරන්නෙත් කියලා එලි කරන්ඩ.ඒක කරන්ඩ පුළුවන් ඔයාටම තමඊ.
      මේක දිගටම මෙහෙම ගියොත් කලින් ඔයාගේ බ්ලොග් එක කියවලා comment කරපු කට්ටියටටත් මේක එපා වෙයි.

      Delete

  80. පුංචි මෙතන තියෙන්නේ රටේ වැරද්දක් නෙවේ අනේ.
    එක පුද්ගලයෙක්ගේ මානසික ගැටළුවක් .ඒ නිසා ඔයා හිත
    කලබල කර ගන්න ඕනේ නැහැ ..මෙහෙම බ්ලොග් එකක්
    flood කරද්දී ඔයා තනි තීරණයක් ගන්න ..මොකද බලන
    අපිටත් පුදුම මානසික වදයක් මේ දිග අනවශ්‍ය කමෙන්ට් ..

    මට ප්‍රොෆයිල් එකක් නැතුව නෙවේ මෙහෙම ඇනෝ ආවේ, අර
    මානසික ලෙඩා එක්ක පැටලෙන්න බැරි නිසා..මොකද අපිටත්
    හරි වදයක් එයාගේ වැඩ . මන් කව්ද කියල ඔයාට වෙනින් වෙලාවක
    කියන්නම් ..මෙහෙම ආවට සොරි..

    ඔය විකාර පල් හෑලි pls අයින් කරන්න , ඔයාගේ බ්ලොග් එක
    නොබලා ඉඳි කට්ටිය නැත්නම්..මොකද අපි එන්නේ ඔයාගේ පෝස්ට්
    එක බලල සතුටක් ලබන්න මිස , මානසික ලෙඩෙක්ගේ විකාර
    බලන්න නෙවේ...

    pls ....

    ReplyDelete
  81. මගේ නම භාවිතා කරලා හරිම අභූත විදිහට මට නින්දා කරලා ඒක පාක්ෂිකව සංවිධානය වෙලා මට අපහාස කරන්න කවුද තමුන්ලට ලයිසන් දුන්නේ. කරුණාකරලා මේක නවත්වන්න. මට අපහාස කරන්න කාටවත් අයිතියක් නැහැ. කුමාරිහාමි නමින් ලියන කෙනාටත් බැහැ. ඒ පුද්ගලයා භාවිතා කරන අනික් ෆ්‍රොෆයිල් නාම වලටත් බැහැ. අනික මෙහෙම සංවිධානාත්මකව මගේ පුද්ගලික චරිතයට පහරදීම හරිම සාහසියකයි. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව පුද්ගලයන්ට හා සමාජ වටිනාකමක් සහිත පුද්ගල නාම වලට එරෙහිව අපහාස කරලා අහු වුනොත් ඊට එරෙහිව දැඩි විනයානූකූල ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. දැනටමත් මට එරෙහිව මේ බ්ලොග් අඩවියේ පළ වූ සියළුම ප්‍රකාශ හා කමෙන්ට් මම සේව් කරලයි තියෙන්නේ. අවශ්‍ය වුනොත් සාධක විදිහට ඉදිරිපත් කරන්න. මට තාක්ෂණික ක්‍රම භාවිතයෙන් අවශ්‍ය පුද්ගලයින් සොයා ගන්න අපහසුකමක් නැහැ. (IP Adress අවශ්‍ය නම් ඕනෑ කෙනෙකුට වෙනස් කළ හැකි නිසා මම ඊට වඩා දියුණූ තාක්ෂණික ක්‍රමවේදයක් මඟින් නිවැරදිව මට අපහාස කළ පුද්ගල නියම පුද්ගල නාම ඔවුන් ඉන්නේ කොහේද යනාදී තොරතුරු සියල්ල මා සතුව තිබෙනවා) මට තිබෙන සමාජ සම්බන්ධතා අනුව සහ මගේ හැකියාව අනුව මට පුලුවන් තමුන්ලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන මේ බ්ලොක් එකට විරුද්ධව විනයානූකූලව ක්‍රියාකරන්න. මම මීට පසුව මේ බ්ලොක් එකට එන්නේ නැහැ. එහෙම නොඑන්නේ මට දැනටමත් ලැබුණු නීති උපදෙස් අනුවයි. මේක මෙතනින් ඉවරයි ආයිමත් මගේ නම භාවිතා කරන්න එපා. තමුන්ලට ඕන දෙයක් සාකච්ඡා කරගන්න නමුත් මගේ නම භාවිතා කරන්න එපා. තමුන්ලා වගේ තිරිසනුන්ට ඕනෑ විදිහට භාවිතා කරන්න නෙවෙයි කෙනෙකුගේ නමක් තියෙන්නේ. තමුන්ලට හරියන රස්තියාදුකාර මදාවියෝ පිරිසක් පාරේ හන්දියකින් හොයාගන්න. මම මේ බ්ලොක් එකට එන්නේ නැහැ කියන්නේ මම අන්තර්ජාල භාවිතය අතහැරලා යනවා නෙවෙයි. මම තව තවත් මේක අභ්‍යන්තරයට කිඳා බැස යනවා. කවදාහරි දවසක තමුන්ලව මුණට හමුවුන දවසක් ඒවි. එදාට තමුන්ලට ලැජ්ජාවෙන් බිම බලාගෙන මඟ ඇරලා යන්න වේවි. මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ඒ දවස උදා වේවා කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට ඔබතුමා කියන්නේ මම තවත් ප්‍රොෆයිල් භාවිතා කරනවා කියලද?
      මෙච්චර දවසක් ශ්‍රේෂ්ඨ කාන්තාවක් වුන මම දැන් "තිරිසනෙක්ද?"
      මගේ ෆේස් බුක් ප්‍රොයිල් එකේ ඔබතුමා හැසිරි තිබුනේ පොඩි ලමයෙක් වගෙයිනේ.. එකයි මම ඔබව බ්ලොක් කරේ. මින් පෙර එහෙම කරන්න එපා කියලා ඔබතුමාට ප්‍රයිවට් මැසේජ් එකක් තිබ්බනේ අපි.

      මෙච්චර දවසක් නොහිටපු අය නැතිවුනා කියලා ලොකු පාඩුවක් වෙන එකක් නෑ. අනික මේකට විරුද්ද්ව නීතිමය කටයුතු කරන්න මොකෝ මේක් අසබ්‍ය බ්ලොග් එකක්යැයි..

      බිම බලන් යන්න තරම් මම නම් වැරැද්දක් කරලා කිසිම කෙනෙක්ට. කොහොම උනත් ස්තුතියි ඇති කරපු හැමදේටම.. මීට කලින් අවුරුද්දක් මම මේක ලිව්වා මෙහෙම දේවල් උනේ නෑ.
      මිනිස්සු ඇවිත් මේ තරම් ජරා කතා කිව්වෙත් නෑ.

      Delete
    2. මේ පුද්ගලයා ගැන දැනගන්ඩ මේවා කියවලා බලන්ඩ.
      බුවාගේ සිතුවිලි
      අරුණි ශපිරෝ බ්ලොග් අඩවියෙත් වාතයක් වෙන්න බවට සාධකයක් තමයි මේ
      අරුණි
      පේනවනේ හැටි

      Delete
  82. Thank u very much Mr. Sujith..

    ReplyDelete
  83. පුංචි ඔයා පොඩ්ඩක් වත් මේ උන දේවල් නිසා හිත වට්ටගන්න එපා.
    ඔයා දිගටම ලියන්න , අපි එනවා බලන්න..මෙහෙම ඇනෝ ආවේ
    මෙතන -------- ලෙඩෙක් ඉන්න නිසා. ඔයා දිගටම ලියන්න .අපි බලන්න
    එනවා..

    අනික් දේ එහෙම IP address හොයාගත්ත පලියට මේ වගේ ලෙඩෙක්ට කරන්න
    පුළුවන් දෙයක් නැහැ .ඔයා මේ විකාර අහන්න එපා.ඔයාට නීතියෙන් මොනවත්
    ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ..අනික ඔයා ඉන්නේ ලංකාවෙත් නෙවේ..

    එක එක පිස්සෝ කෑගැහුවට ඔයා පොඩ්ඩක් වත් අවුල් නොවී ලියන්න..
    මේ මනුස්සයා ගැන ඔයා මුලින්ම පියවරක් නොගත්ත එකයි වරද..
    ඔයා අර කියපු අනික් බ්ලොග් හිමියගේත් තැනදී මේකම උනා..

    "ශ්‍රේෂ්ට කාන්තාව තිරිසනා උනා..."

    තේරෙනවනේ ඉතින් පිස්සුවෙ තරම..

    ඕව ගණන් නොගෙන ඊළඟ පෝස්ට් එක ලියන්න අනේ...
    අපි එන්නම් බලන්න...

    ReplyDelete
  84. කුමාරි ඔයාට ගොඩාක් ස්තූතියි අර පිස්සු ආචාරියා එලවලා දුන්නට. මොකද මිනිහා හින්දා අපිට අපේ නියම ෆ්‍රොෆයිල් වලින් එන්න බැරුව හිටියේ. ඔයා බය වෙන්න එපා. ඔය පිස්සු ආචාරියා ගියාට කමක් නැහැ. ඔයා ලියන ලිපි බලන්න කවුරු නැතත් අපි ඉන්නවා. අපි ඔයාට අතහරින්නේ නැහැ. අපි ඔයාව බලා ගන්නවා. ඒ වගේම අපි සේරම ඔයාව ඔය පිස්සු ආචාරියාගෙන් ගලවා ගන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ. මට නම් මේ බ්ලොක් එක පැත්ත පලාතේ එන්න බැරුව හිටියේ. ඇයි ආවොත් ආචාරියට අහුවෙන නිසා. දැන් ඒ පිස්සා නැති නිසා අපිට හිතේ හැටියට ඔයාගේ ලිපි වලට නිදහසේ කමෙන්ට් කරන්න පුලුවන්. ඔයා දැන් සතුටින් ඉන්න කුමාරි. ඔයා දුකෙන් ඉන්නකොට අපිට හරි දුකයි. ඔයා හොඳ වැඩේ ආචාරියාව බ්ලොග් කරපු එක. ආචාරියා මූණු පොතෙන් ඇවිල්ලා නරක දේවල් කරලා නේද?ඔයා දන්නවද ඔය ආචාරියා ඉන්නේ ඉතාලියේම තමයි. ඒකයි අපි කලින් චෙක් කරද්දී ඉතාලියේ IP එකකට වැටුනේ. සමහර විට ආවාරියා ඉන්නෙත් ඔයා ඉන්න නගරයේම වෙන්න හොඳටම ඉඩකඩ තිබෙනවා. ආචාරියා මෙහෙම අන්තර්ජාලයෙන් තනිවම ඉන්න ගැහැණු රවට්ටවාගෙන දූෂණ කරන අපචාරී පුද්ගලයෙක් වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා. ඒ වගේම ආචාර්යා ඔය දාගෙන ඉන්න මූණ නියම මූණ නොවෙන්න පුලුවන්. තනිකරම ආචාරියා ෆේක් ෆ්‍රොෆයිල් එකක් වෙන්නත් හොඳටම ඉඩකඩ තියෙනවා. ඒක නිසා කුමාරි ඔයා මිනිහාගෙන් බේරුනා කියලා දැන්වත් හිත හදාගන්න. ඔයාට කවුරු නැතත් අපි ඉන්නවා

    ReplyDelete
  85. ඔය පිස්සු ආචාරියා ගැන අපි කරුණු සොයා ගනිමින් තියෙනවා. අවුරුදු 15 ක පාසැල් සිසුවියක්ව අන්තර්ජාලයෙන් රවට්ටාගෙන අපයොජනය සඳහා යොදා ගත්තු නරුම විකෘති මානසිකත්වයක් සහිත පුද්ගලයෙකු බවටත් ඒ සඳහා වසර ගණනාවක් සිර දඬුවම් විඳි බවටත් දැනට අප වෙත සියළු තොරතුරු ලැබෙමින් පවතිනවා. මොහු ලිංගික හිංසකයෙකු හා ළමුන් දූෂකයෙකු මෙන්ම කාමුක දරුණු භයානක පුද්ගලයෙක්. ඒ වගේම දරුණු අපචාරී ස්ත්‍රී දූෂකයෙක්. බොරු මූණක් දමාගෙන ඉන්නේ. ඒ පිස්සට ඇති කිසසිම උපාධියක් වත් කිසිම අධ්‍යාපන සුදුසුකමක් වත් නැහැ. භයානක පිස්සෙක්. ඔයා හොඳ වෙලාවට අපි කියන දේ අහලා ඒ පිස්සගෙන් ගැලවුනේ.

    ReplyDelete
  86. කුමාරි ඔයා ඉන්න තැන අන්තර්ජාලයෙන් ඒ පිස්සු ආචාරියා කරුණු සොයනවා වෙන්නත් පුලුවන්. ඉස්සර වෙල ඔයාගේ විස්තර ඔයාගේම බ්ලොග් එකට එව්වේ පිස්සු ආචාර්යාම වෙන්න පුලුවන්. ඔයා මිනිහගෙන් පරිස්සම් වෙන්න. මොකද ඔය වගේ උපාසක පාට් පෙන්නගෙන ඉන්න පිස්සෝ තනිකරම භයානක මානසික විකෘති පුද්ගලයෝ. අනික ඔය වගේ අය තමයි අසරණ කුඩා දරුවන් තනිවම ඉන්නවිට දූෂණය කරන්න පෙළඹෙන්නේ. මොකද ඒ වගේ පුද්ගලයෝ සාමාන්‍ය නැහැ. එයාලගේ කාමුක බව විකෘතියි. සාහසිකයි. අහුවුන නැත කාන්තාවක් වගේම කුඩා දරුවන්ව දූෂණය කරන්න බලනවා. මිනිහා බොරු උපාසක පාට් එකක් දාගෙන ඉන්න නිසා කවුරුත් හිතන්නේ නැහැ මිනිහා මේ වගේ විකෘති පුද්ගලයෙක් කියලා මේවා අපි සේරම සොයා ගෙන තිබෙන්නේ. ඔයා බයවෙන්න එපා අපිටත් නීතිඥයෝ ඉන්නවා. ඕනම නීති ප්‍රශ්නයක් ආවොත් අපි සේරම දේවල් බලාගන්නම්. අපි සේරම ඔයාගේ පැත්තේ.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...