Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 30, 2011

පුංචි කුමාරිහාමි - 05



මට සිහිය එනකොට මම හිටියේ අපේ කාමරේ ඇඳ උඩ..

අම්මගේ ඉකිගැහීමත් අක්කගේ විලාපයත් මට හීනෙන් වගේ ඇහුනා.ඒත් ඒ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා..

මම නැගිටලා සාලෙට ගියා.සාලේ බඩු ඔක්කොම අස් කරලා..බිත්තිවල ගහලා තිබ්බ පොටෝ ඔක්කොම ගලවල. මම අම්මා ලඟට කිට්ටු වෙලා අම්මගේ ඇඟට හේත්තු උනා..

"අනේ චූටි දුවේ අප්පච්චි අපිව දාලා ගියා" කියලා අම්මා කිව්වේ කෑ ගහලා.

මට ඒක් ඇහුනේ හරියටම අතීතෙන් එන හඬක් වගේ..

ඒ විදියෙම විලාපයක් මම ඊට කලින් අහලා තිබ්බා වගේ මතකයි..මගේ මතකයට කිසිම දේයක් ආවේ නෑ..ඇත්තෙන්ම කියනවනම මට කිසිම දෙයක් දැනුනේ නෑ.

අත්තම්මලා නැන්දල්ලාත් මගේ දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ.
Dec 27, 2011

බලා හිඳිමි...




හැම දාම මම යන පාර්ක් එකක්  තියෙනවා..
ඒක හරිම ලස්සනයි. අදත් මම ආවේ ඒ පාර්ක් එක මැද්දෙන්. 

මෙතනට ආවම හිතට හරිම නිස්කලංක බවක් දැනෙනවා..දැන් නම් ශීත කාලේ නිසා මේ පාර්ක් එකේ මල් නෑ..

හැම ගහකම කොල හැලිලා..පාලුවට ගිහින්..ඒත් වසන්ත කාලේට මේ උයන පුදුමාකාර ලස්සනයි..එක එක පාට මල් වලින් මුලු උයනම ලස්සන වෙනවා හරියට මල් වලින්ම හදපු ලෝකයක් වගේයි

ඒ වගේමයි වසන්ත කාලේට මේ උද්‍යානේ ලමයිගෙන්, වැඩිහිටියන්ගෙන්, තරුන අයගෙන් පිරිල ඉතිරිලා යනවා..

මම මේ හැම කෙනෙක් දිහාම පැත්තක ඉදන් බලන් ඉන්නකොට තමයි මම දැක්කේ උයන කෙලවරේ තියෙන ප්‍රතිමාව..

ඒ ප්‍රතිමාව අවුරුදු කීයක් නම් මෙහෙම බලන් ඉන්න ඇත්ද..

අද මේ වයසට ,ගිහින් ඉන්න වැඩිහිටි අය එදා පුංචි ලමයි විදියට, ඊටත් පස්සේ පෙම්වතුන් විදියට,,දෙමාපියන් විදියට මේ උයන එන්න ඇති..

එයාලගේ ජීවිත වල මොනතරම් වෙනස් වීම් වෙන්න ඇත්ද?

 ඒත් මේ ප්‍රතිමාව කිසිම වෙනසක් නැතිව එකම බැල්මෙන් මේ හැමදෙයක් දිහා බලන් ඉන්න ඇති..

මිගෙ හිතට ලොකු සාංකාවක් වගේම පාලුවක් දැනුනා..ඔබටත් එහෙමද?..

ජීවිතය පුදුමයි නේද ?




උයන් තෙර කෙලවරක
ගල් පිලිමයක් ලෙසට
බලා හිමි සැමදෙයම
වසර ගනනක් මෙහෙම

එදා ලපැටි දැරියක්ව
නුඹේ මව්ගේ සුරත ගෙන
කෙලෙදෙලෙන් සිනාසුන
නුඹ මෙදා පෙම්වතිය

නුඹෙ මවත් නුඹ මෙන්ම
ප්‍රේමයෙන් විකසිතව
මේ උයන්තෙරෙහි හිඳ
ගෙවූ කාලයක් ඇත..

නුදුරු දිනකදී නුඹ
එනු ඇතියි මවක් ලෙස
බලා ඉමි ගලක් ලෙස
ජීවිතයේ අරුම..
Dec 22, 2011

පුංචිගේ කිරි බෝතලේ






පුංචි කුමාරිහාමි කියන කතාව මම ලිව්වට ඒක සම්පූර්නයෙන්ම මගේ ජීවිත කතාව නම් නෙමෙයි..

අපේ යාලුවෝ එහෙම හිතාන ඉන්නවනම් සමාවෙන්ට ඔනේ..පුංචි කුමාරිහාමි ගේ කතාවේ වත්සලා මැනිකේ පුංචිගේ ජීවිතේට සමහර දේවල් වලදී සමානයි.එකේ තියෙන දේවල් වලින් සියයට පනහක් පුංචිගේ, අනිත්වා වත්සලා මැනිකෙගේ..

සරත්චන්ද්‍ර උන්නෙහෙත් කිව්වනේ "සාහිත්‍ය වනාහී පරිකල්පනයත් සත්‍යත් අතර පවතින්නක් බව" ඉතින් පුංචිගේ සත්‍යයි පරි කල්පනයයි අතර තමා හැමදෙයක්ම ලියවෙන්නේ

ඔහේ කම්මැලි කමෙන් පාලුවෙන් ඉන්නකොට මොනා හරි ලියන්න ඔනේ කියලා හිතුවත් පුංචි එහෙමට ලියන්න දන්න කෙනෙක් නෙමෙයි.

අයිතිකාරයා ලස්සන ලස්සන දේවල් ලියනවා අමුනනවා දැකලා පුංචිටත් හිතුනා මොනා හරි ලිව්වොත් හොඳයි කියලා..

ඔන්න ඉතින් එහෙම හිතලා තමයි මේවා ලියවෙන්නේ ගත්තේ.

අක්කයි මායි තමයි ඉස්සර ඉඳන්ම හැම දේම එකට කරේ..එයාට මම නැතිවත් මට එයා නැතිවත් එක මොහොතක් වත් ඉන්න බෑ..අම්ම නම් බනිනවා මේ දේන්නා ඉඳි කට්ටයි නූලයි වගේ නේ කියලා.

ඉස්සර අපි දෙන්නා පුංචි කාලේ අපිව බලාගන්න කෙනෙක් හිටියා එයාට අපි කිව්වේ සෝමා නැන්දා කියලා ..අම්මයි අප්ප්ච්චියි වැඩට ගියාම අපි දෙන්නා හිටියේ ඔය සෝමා නැන්දා බාරේ තමයි.

නැන්දයි කිව්වට දැන අම්මා කියන විදියට ඒ කාලේ සෝමා නැන්දා අවුරුදු විසි ගානක හොඳ තරුන ගෑනු දරුවෙක්..

අක්කා මට වඩා ටිකක් වැඩිමල් නිසා එයාගේ දඟ වැඩ මට වඩා ටිකක් ඉස්සරහට ගිහින් තිබුනලු.

.සෝමා නැන්දා හැමදාම කෑ ගහනවා..

"මේ ලොකු මැනිකේ තමා චූටි මැනිකෙත් නරක් කරන්නේ" කියලා.

අම්ම කියනවා .ඉස්සර කාලයක් මම බලන් ඉද්දී කෙට්ටුවෙන්නයි හරියට අඩන්නයි ගත්තලු. අම්ම මාව ගොඩක් දොස්තරලා ලඟට අරන් ගිහින් තියෙනවා ඇයි කියලා බලන්න. එයාලා නම් කියලා තියේන්නේ කිසිම ලෙඩක් නෑ කියලයි.
හැබැයි මම අම්මා නැති වෙලාවට ඇඬුවට අම්මා ගෙදර ඉන්න වෙලාවට ඇඬුවේ නෑලු..අම්මාට මේක හරිම ප්‍රෙහෙලිකාවක් ලු..

"සෝම චූටි මැනිකේ කිරි බොනවද හොඳට" කියලා අහපුවම "ඔව් ලොකු මැනිකේ මම බොතලේ කටේ තියලා ගිහින් ටිකකින් එවිත් බලනකොට ඔක්කොම ඉවරයි" කිව්වලු

දවසක් අම්මා එනකොට මම හොඳටම අඩනවලු..අම්මා ඇහුවම සෝමා නැන්දා කිව්වලු කිරි එකක් දීලා පැයක්වත් ගියේ නෑ කියලා
ඊට පස්සේ අම්මා ආයෙමත් මට කිරි එකක් හදලා අක්කටත් එකක් හදලා දුන්නලු..අක්කා ඉක්මනට එයාගේ බෝතලේ අරන් කුස්සිය පැත්තෙන් එලියට ගියාලු..අම්මත් හොරෙන් පස්සෙන් ගිහින් බලන් ඉන්නවලු..

මෙයා එලියේ ඉන්න පූස් පැටවු දෙන්නාගේ කෝප්ප දෙකට එයාගේ කිරි බෝතලේ හලලා ඉක්මනින් ගෙට ආවලු. එයා හිස් බෝතලේ මගේ කටේ තියලා. මගේ කිරි බෝතලේ අරන් බොන්න ගත්තලු..

අම්මට හොඳටම හිනාලු..මේ පුංචි කෙල්ලගේ කපටි කම ගැන..

එදා කිරි බෝතලේ හොරෙන් බිව්ව අක්කට අද කිරි දැක්කම අප්පිරියයි..අදටත් "කිරී" කිව්වම එයාගේ කට නලියනවා..



සෝමා නැන්දගේ ආදර කතාව ඊලඟ කොටසෙන් කියන්නම්..අනේ ඉතින කියවන්න හොඳේ..නැතිනම් පුංචිගේ මහන්සිය අහක

පුංචි කුමාරිහාමි - 4



ගඟක් ගලාගෙන යනවා රිද්මයටම ජීවිතේ ගලාගෙන යන්නේ නෑ..

එත් ගඟකට වගේම බාධාවල්,අතු ගංගා,හිරි හැර කරදර නම් අඩුවක් නැතිව ජීවිතේට ලැබෙනවා.

මටත් එහෙමයි..මම සාමන්‍යපෙල පන්තියෙ ඉගෙන ගන්නවා..අක්ක සාමාන්‍යපෙල කරලා ගෙදර..

එක දවසක් හදිසියේම පන්තියේ ටීචර්

"පුංචි ඔයාව ගෙදර එක්ක යන්න මාම ඇවිත්,දැන් ගෙදර යන්න"කිව්වා

මාව එක්කන් යන්න හදිසියේ අම්මගේ මල්ලි, අපිට හිටපු අම්මගේ එකම නෑයා, ලේසියෙන් එන්නෙ නැති බව මම දන්නවා.

විදුහල්පතිතුමීගේ කාමරේට දුවල ගිය මට දකින්න ලැබුනේ මාමගේ මැලවුන මුන..විද්හල්පතිතුමිත් මගේ දිහා බැලුවේ හරිම අනුකම්පාවෙන්
"ඇයි මාමේ"
"නෑ දුවේ පොඩි හදිසියක් යමු ගෙදර"

Dec 18, 2011

ඇය ගැහැනිය...



අතීතයේ ඉඳලම පිරිමින් උත්සහා කරේ ගැහැනිය පාගාගෙන ජීවත් වෙන්න..

ගැහැනියට සිදුවන අසාදාරනකම් කතා කරන්න අඩුම ගානේ ගැහැනියක්වත් ඉදිරිපත් උනේ නෑ..

 හැම කෙනෙක්ම හැම වෙලේම කරේ අසරන උන ගැහැනියකට පහර ගහන්න..පිරිමින් හැම මොහොතකම පුජනීය පිරිසක් කරන්න අපේ ආසියාතික රටවල්වල පිරිමි හැම වෙලේම උත්සහ කරා.

ගැහැනියකට අවලාද කියන්න,අපහාස කරන්න,මඩ ගහන්න හැම මොහොතකම මුල් වෙන්නේ පිරිමි..ඒත් ඒ පිරිමිත් අම්ම කෙනෙක්ගෙන් මෙලොවට බිහි උන බව මතක් කරන්නේ නෑ..

 වැඩියෙන්ම පවු කරන්නේ ගැහැනියද පිරිමියාද කියන්න මේ ලෝකේ කිසිම කෙනෙක් දන්නේ නෑ..

ඒත් එක ගැහැනියක්ගේ චරිතය අල්ලගෙන මේ ලොකේ ඉන්න නරකම ගෑනි විදියට දොස් කියන මඩ ගහන පිරිමි තමන් හරිම ගුනවත් කියලා ලෝකෙටම කියන්න උත්සහා කරනවා..
ඒත් ඒ පිරිමියාම දන්නේ නෑ ගැහැනියකට එක ඇඟිල්ලක් දික් කරනකොට තමන්ගේ පැත්තටත් ඇඟිලි හතරක් දික් වෙලා කියලා.

 ගැහැනියක්ගේ දක්ෂකමට මුලින්ම ඉරිසියා කරන්නේ පිරිමි..ඒ කුහක පිරිමි හිත් වල හැටි..මේ ලොකේ වැඩියෙන්ම සිද්දවෙන්නේ පිරිමි ගෑනියෙක්ට කරදර කරන එක මිස ගැහැනියක් පිරිමියාට කරදර කරන එක නෙමෙයිනේ

ගැහැනියකට අසාදාරනයක් උන අවස්ථාවකදී ඒ ගැහැනිය වෙනුවෙන් කතා කරන්න අපේම ගැහැනු උදවියත් පසු බානවා..
කිසියම් දෙයක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කතා කරාම තමන්ටත් ඒ ගැහැනු කෙනාට වැදුන මඩ වදී කියලා.

 ඉතිහාසය පුරාමත් ගැහැනියට සිද්ද උනේ අසාදාරනකම්.


අපේ රටේ මුල්ම රජ තුමා විදියට දැන් අපි පිලිගන්න විජය රජ්තුමාගේ ඉඳලම ඒක එහෙමයි වෙලා තියෙන්නේ..

විජය කුමාරයා ලංකාවට ආවම රජකම ගන්න ලේසිම ක්‍රමය හෙව්වා..ඒකම ක්‍රමය තමා කුවේනි හරහා ලංකා රාජ්‍ය ලබා ගන්න එක..ඒකට බොරු ආදරයක් කුවේණිට පෙන්නුවා..මේ ලොකේ හැමදාමත් වෙනවා වගේම කුවෙණිය ආදරය ඉස්සරහ හැගීම් බර උනා..විජ්යව විශ්වාස කරා.

 අන්තිමේදී විජය නිසා කුවෙණිය තමන්ගේ නැයෝ විනාශ කරන්න පෙළඹුනා..ඒ ආදරය නිසා..


විජය කුවෙණිගේ උදව්වෙන් ලංකා රාජ්‍යයේ රජකම ලබාගත්තා..
ඒත් කුවෙණි රැවටුනා..විජය තමන්ගේ රටෙන් බිසවක් ගෙනත් සරන පාවා ගත්තා..
දරු දෙන්නෙකුත් එක්ක කුවෙණිය පන්න ගත්තා..(දැන් කාලේ උනා නම් නඩත්තු නඩුවක් වත් දාන්න තිබ්බා)..

ආදරය,විශ්වාසය නිසාම විජය නිසා පරපුරට එරෙහි උන කුවෙණිය භාරගන්න නෑයන් කැමති උනේ නෑ..

ඒක නිසාම ඔවුන් කුවෙණිය ගහලම මැරුවා..

අදටත් කිසිම කෙනෙක් කුවෙණිගේ අසරනකම,ආදරය ගැන කතා කරන්නේ නෑ. ඇය පරපුර පාවා දුන්නියක් විදියට විතරමයි දකින්නේ..


කුවෙණිට බනින කවුරුත් ඇයි විජයට බනින්නේ නැත්තේ..

ජේසුස් වහන්සේ "පව් නොකල එකෙක් ඉන්නවනම් ගලක් ගහන්න" කිව්වේ  ඒ ගැහැනියට ..අපි හැමෝම සුද්දවන්තයෝ නොවෙන නිසා....


ගැහැනුකමට අපහාස කරන,ගැහැනිගේ චරිතේ හොය හොයා මඩ ගහන පිරිමි උදවිය එයාලා ගැන ආයෙත් හිතන්න ඔනේ කියලයි මම නම් කියන්නේ
හිතලා බලන්න.

ප.ලි : ආසාදාරනයට,නිකරුනේ අපහාසයට ලක් උන නිවරිදි ගැහැනියකගේ ශාපය ගොඩක් බලවත්..කුවෙණිගේ..ඇහැලේපොල කුමාරිහාමිගේ..ශාපය අදටත් තියෙනවා කියලා සමහරු විස්වාස කරනවා
Dec 13, 2011

පුංචි කුමාරිහාමි 3


ජීවිතේ සමහර සිද්ධි කාලයත් එක්ක අමතක උනාට සමහර ඒවා හැමදාම මතකයේ තියෙනවා.මටත් සමහර සිද්ධි හිතාගන්නවත් බැරි විදියට මගේ මතකයේ තියෙනවා.

අපි අප්පච්චිගේ ගමේ වලව්වට ගියාට,අම්මා නම් ඒ ගමන් වලට වැඩිය සහභාගී උනේ නෑ..අත්තම්මා නම් අම්මට කිසිම වෙනසක් කරේ නෑ..ඒත් නැන්දම්මලා දේන්නට අපේ අම්මාව පෙන්නනම බැරි උනා..


පරන වලව්වක අකාලෙට මහලු වෙලා යන අම්මටත් වඩා වැඩිමල් නැන්ද්ම්මලාගේ සිතිවිලි දැන් තමයි මටත් තෙරෙන්නේ.

අත්තම්මා හැමදාම හිතුවේ වලව්වේයි පරංපරාවේ නම්බුවයි..ඒක නිසාම නැන්ද්ම්මලා දෙන්නෙක්ම ඔහේ ගෙදරට නාකි උනා.


අප්පච්චිගේ වැඩිමල් අක්කන්ඩිව නම් අත්තා ඉන්න කාලේම වීවාහ කරලා දීපු නිසා එයාට දරුවෝ හිටියා..ඒත් අපි එක්කනම් වැඩි ගනුදෙනුවක් තිබ්බේ නෑ..ඒ කාලේ ඒ මාමන්ඩිට වතුපිටි තිබ්බ නිලමේ කෙනෙක් උනාට දැන් කිසිම ආදායමක් නැතිව එයාලත් ජීවත් උනේ අසරන වෙලා



පොඩි නැන්දම්මලා දෙන්නා දැන් හොදටම වයසට ගිහින් ඒත් අත්තම්මා තාමත් එයාලට මගුල් හොයනවා



"මගේ ඇස් පියවෙන්න කලින් කෙල්ලෝ දෙන්නා පිලිවෙලක් කරේ නැත්නම් උඹලෑ අත්ත මට ඒ ලොකේදී සමාවක් දෙන එකක් නෑ..කොහෙද උඹලෑ අප්පච්චිට කිසිම උනන්දුවක් නෑ නෙව සහෝදරියෝ ගැන"...

අත්ත්ම්මාගේ සුපුරුදු කතාව නවතින්නේම අප්පච්චිගේ දොසක් කියලා..



අක්කා නම් කියන්නේ අත්තම්මාගේ පරන රෙකොඩ් නවතින්නෙ නෑ කවදාවත් කියලා..



"ඔය ගරා වැටෙන වල්ව්වේ නාකි කුමාරිහාමිලා ගෙනියන්න එන්නේ ඒ වගේම ගරා වැටුන කෙනෙක් තමා" අම්මා කියනවා..



අත්තම්මා මගුල හෙව්වට නැන්ද්ම්මලාට,ඒ එන උදවිය ඉල්ලන දෑවැදිවත් කියන්න තරම් විශේෂ උගත් කමක් වත් නැන්ද්ම්මලාට තිබ්බේ නෑ..

"ගෙදර උදව්වට ආපු ඩිංගිරියගේ කෙල්ලත් දීග ගිහින් එකිටත් දැන් දරු තුන්දෙනෙක්" කියලා දවසක් අප්ප්ච්චි එක්ක කියලා අත්තම්ම හීල්ලුවා...



අප්ප්ච්චි ඉගෙන ගන්න කාලේ අත්තම්මා වියදම් කරලා තියෙන්නේ එයාලට අයිතිවෙලා තිබ්බ ඉඩ කඩම් ගොඩක් උගස් කරලා..

අත්තා ජීවත් වෙලා ඉන්න කාලේ තිබ්බ සරුසාර කම ඔක්කොම අත්තගෙන් පස්සේ නැත්තටම නැතිවෙලා..



අප්ප්ච්චිගේ පරම්පරාවේ පිරිමි දරුවෝ හරිම හිඟයි.අප්ප්ච්චි ලඟට ඉපදුන බාප්පලා තුන් දෙනෙක්ම හරිම අභිරහස් විදියට මිය ගියා කියලයි අම්මා කිව්වේ..



"අපේ අප්පොලාගේ පරම්පරාවේ පිරිමින්ට ලොකු ශාපයක් තියෙනවා..ඔය ඇහැලේපොල කුමාරිහාමිගේ ශාපය" වලව්වේ උයන්න එන ඩිංගිරි රහසින් දවසක් එහෙම කිව්වා..



අත්තාගේ පරම්පරාව පැවැතගෙන එන්නේ මොල්ලිගොඩලගෙන් කියලා මම දැනගත්තේ පස්සේ..

පුංචි කුමාරිහාමි 2



අපි කොහොම හිතුවත් ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් කියලයි මම නම් හිතන්නේ..

මමත් පුංචි කාලේ ඉදලම හරිම සාමන්‍ය ගෑනු ලමයෙක්..අනිත් හැම ලමයම වගේ මමත් ආස කරා ලස්සන ලස්සන මල් ගවුම් අඳින්න.බෝනික්කෝ නලවන්න..

 ඒත් බොනික්කන්ට නම් මමයි අක්කයි දෙන්නම හරිම අමුතු බයක් තිබුනලු පොඩි කාලේ..

ඒක ඇත්ත වෙන්න ඇති කියලා මට හිතෙන්නේ අදටත් මට ලස්සන ගවුම් පොඩියක් අන්දපු බොනික්කන් දකිනකොට අමුතුම හැගීමක් හිතට එන නිසයි..

 අම්මයි අප්පච්චියි දෙන්නම රැකියාව කරේ ගුරුවරු විදියට.ඒක නිසා අපි පුංචි කාලේ ඉදලම ජිවත් උනේ ඉස්කෝලෙක වගේ තමා.අප්පච්චි අපේ ගෙවල් ලඟම තිබ්බ ඉස්කොලේ විදුහල්පති උනේ මම සාමාන්‍ය පෙල පන්තියෙ ඉද්දී..අක්කා මට වඩා වැඩිමල් එක අවුරුද්දක් විතරයි.

Dec 11, 2011

ප්‍රේමයයි ..වෛරයයි..

http://www.gossiplankanews.com/2011/12/love-blast-at-hambegamuwa.html

ආදරය කරපු හිතකින්ම වෛර කරන්න පුලුවන්ද කියලා හිතුවට..

 ඇත්තෙන්ම ගොඩක් අයගේ ප්‍රේමය බිඳ වැටුනම ඉතිරිවෙන්නේ වෛරයක් විතරයි..


අඩුම ගානේ තමන්ව හැර ගිය කෙනාට පුංචි පුංචිම වැරැද්දක් හරි කියන්න ඕනෙම කෙනෙක් හිත යටින් කැමතියි.ඒක මිනිස් ගතිය වෙන්න ඇති.(මේ කියන මම උනත් එහෙම තමා)

ඒත් අපි ආදරේ කරපු කෙනා අපෙන් ඈත් උනාම ඒ කෙනා දිහා කරුණාවෙන් හිතල එයා එක්ක තිබ්බ බැඳීම ඉවරයි කියලා හිත හදාගන්න පුලුවන් නම් අපේ හිත් වලට ලොකු සැනසීමක් ලැබෙයි.

ඇත්තෙන්ම අපි ආදරයක් අහිමි වීමෙන් වැලපෙන්නේ අපිටම තියෙන ආදරය නිසා නෙමෙයිද.

 ඒ කෙනා අපෙන් ඈත් වෙලා වෙන කෙනෙක් ලඟට ගියාම අපිව අමතක කරාම අපිට හිතෙනව අපිව නොසලකා හැරිය,"මට වඩා වෙන කෙනෙක්ට එයා ආදරේ උනා" කියල..ඒ හැඟීමෙන් අපි විඳවනවා..

 හිත වෛරයෙන්,කලකිරීමෙන්,ආත්මානුකම්පාවෙන් වැලපෙනවා.ඒත් අපි අපේ වටිනාකම තෙරුම් අරන් අපේ හිත හඩාගත්තනම් කවදාවත් අපිව දාල ගිය අය කෙරේ වෛරයක් එන එකක් නෑ..


කරල බලන්ට..
Dec 10, 2011


කිසිම දෙයක් කියාගන්නවත් ලියාගන්නවත් බැරිව හිත අසරන උනාම මොනාද කරන්න ඕනේ කියලා කාගෙන් හරි ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි.

මමත් උත්තරයක් දෙනවා."හැමවැඩක්ම පැත්තට දාලා හොඳට නිදාගන්න"

හරි යයිද? දන්නේ නෑ..

 ඒත් වෙන කරන්න දේකුත් නෑ..

 තමන්ව ඕනමයි කියලා හිතන,කවදාවත් දාලා නොයයිම කියලා හිතන තමන් ලඟම ඉන්න කෙනාවම තමයි අපි ගොඩක් වෙලාවට රිද්දන්නේ..

ඒත් කල්පනාවෙන්...!!

එයාව ඔයාට ඕනෙම කියලා හිතනවනම් හැමදාම ඒකම කරන්න එපා!!
මොකද හැම දෙයක්ම සීමාව ඉක්මවා ගියාම ඒක දරන්න බැරි වෙනවා...

බෑග් එකකට උනත් දාන්න පුලුවන් සීමාවක් තියෙනවනේ..ඕනෑවටත් වඩා දැම්මොත් බෑග් එකත් පුපුරනවා..

හිතත් ඒ වගේමයි..

හිතලා බලන්න..!!
Dec 7, 2011
ලද පෙම හිත තුල
නුඹ සිත මට වෙද
විද හල පෙති මත
සිඳ බිඳ යනවද

වන මැද රජ කල
තුඟු ඇතු ලෙස හිඳ
රැල හැර තනිවම
දුක දුර ලන්නද

හද මත ඇඳි රුව
ගල මත ඉර මෙන
විඳ විඳ දුක් සොව
පන රැක ගන්නද
ලියන්න හැකියාවක් තියෙනවද දන්නේ නෑ..
ඒත් මොනා හරි ලියන්න නම් මම හරිම ආසයි..ඒත් කිසිම දෙයක් ප්‍රසිද්ධියේ ලියන්න අකමැති උන එකම හේතුව නම් "අම්මා"..

"ලියනවනම් වැදගත් දෙයක් මිසක් එක එක මනමාල කතා එහෙම ලියනවා නෙමෙයි"

ලියන්න ගත්ත මුල්ම කාලේ අම්මා සැර උනා.

 ඒක නිසාම ලියන්න යන හැම මොහොතෙම හිත යටින් ලොකු බයක් එනවා මෙහෙම කතාවක් ලිව්වොත් අම්මට පෙන්නන්නේ කොහොමද කියල.

දැන් නම් එහෙම බොලඳ කතා ලියවෙන්නෙත් නෑ වගෙයි..

 අයිතිකාරයා නම් කියනවා "ඔයා ලියන එවා මෙලෝ රහක් නෑ කියල"(එයාගේ කමෙන්ට්ස් නම් දැන් හුරුයි මට )

 ඉඳලා හිටලා ආදර කවි නම් ලියවෙනවා(ආදරෙයි කැස්සයි හංගන්න බෑලුනේ)

හොඳ වෙලාවට අම්මා මූනු පොතේ නෑ..ඒක නිසා බයක් නෑ.. ඒත් දකීදෝ කියලා පුංචි ලැජ්ජවක් වගේම බයක් හිතේ තියෙනවා..
              

(හොරෙන් ආදර කවි ලියන මම පුන්චි කුමාරිහාමි )

කුමාරිහාමි 1





 මම ඉපදුනේ මාතලේ..

ඒත් අප්පච්චිගේ රස්සාව නිසා අපි කෑගල්ලට පදිංචියට ආවා..

ඒත් මම නම් ආස මාතලේට..අත්ත්ම්මලා ගේ තියෙන්නේ කන්දක් උඩ. ඒකට ඒ පැත්තේ අය කියන්නේ "දුනුකේ වලව්ව" කියලා..

 අත්තාගේ අප්පච්චි ඒ කාලේ රටේ මහත්තයෙක්ලු... අත්තා නම් රස්සාවක් කරේ නෑ..ඒයාගේ වතුපිටි බලන් හිටියා.

අත්තම්මා නම් දැනුත් කියන්නේ "මොල්ලිගොඩලා රට පාවලා දුන්නේ නැත්නම් අපි අදත් මේ රටේ ඉහල තැන්වල ඉන්න උදවිය" කියලා

එහෙම කියන්නේ අත්තම්මලා ඇහැලෙපොල අධිකාරම්ට නෑකම් තියෙන නිසයි කියලයි අපේ අම්ම කිව්වේ...

 ආත්තම්මා මොනවා කිව්වත්. අපේ අප්පච්චිට විශ්ව විද්‍යායලයේදී අපේ අම්ම මුන ගැහිලා අම්මා එක්ක විවාහ නොවුනම් අපිත් නෑ කියලයි අපේ අක්කා කියන්නේ..

 මට ඉන්නේ එකම අක්කෙක් විතරයි..අපි දෙන්නා තමා අපේ දුක සැප බෙදා ගන්නේ..

 අක්කා ගොඩක් ලස්සනයි..ඒක නිසාම එයා හරිම ආඩම්බරයි..

 අත්තම්මා අක්කා දැක්කම කියන්නේ.."ඇහැලේපොල මහ කුමාරිහාමිත් තරුන කාලේ මේ වගේම ඉන්න ඇති කියලා"

 අම්මා නම් කියන්නේ ඇහැලේපොල කුමාරිහාමි කෙසේවෙතත් අක්කගේ ආඩම්බර කම නිසා බඳින්න කෙනෙක් දැන්ම හොයාගත්තේ නැත්නම් අක්කටත් වෙන්නේ නැන්දම්මලා දෙන්නා වගේ ගෙදරට නාකි වෙන්න තමා කියල.

 අම්මා නම් කියන්නේ ඇහැලේපොල කුමාරිහාමි කෙසේවෙතත් අක්කගේ ආඩම්බර කම නිසා බඳින්න කෙනෙක් දැන්ම හොයාගත්තේ නැත්නම් අක්කටත් වෙන්නේ නැන්දම්මලා දෙන්නා වගේ ගෙදරට නාකි වෙන්න තමා කියල.

 ඇහැලේපොල මහ දිසාව අත්තමගේ පැත්තෙන් නෑයෝ වෙනවා කිව්වට මම නම් කවදාවත් ඇහැලේපොල වලව්ව ඇතුලට ගිහින් නෑ..ඒකේ තියෙන අමුතු අද්භූත කමටයි..තව මොකක්ද විස්තර කරන්න බැරි පෙනුමකුයි නිසා මම ඒකට ටිකක් බයයි.

 අනිත් එක මම අහන් ඉඳලා තියෙනවා අත්තම්මලාගෙ වලව්වේ වැඩට එන ඩිංගිරි, අත්තම්මා එක්කල කියනවා මහ කුමාරි හාමි තාමත් ඉඳලා හිටලා පාන්දර වලව්වේ පැත්තට අඩාගෙන දුවගෙන එනවා කියලා.. ඩිංගිරි ඒක කියන්නේ ඇස් උඩ තියන්

"අපොයි අපේ මැනිකේ දරු දෙන්න කඩුවෙන් කපලා මරලා. දොනියැන්දා වනේ කොටනකොට අම්මෙක් කොහොම ඉවසන් ඉන්නද..එකමයි මහ කුමාරි හාමි රජාට සාප කරයි කියන්නේ"...

ඇහැලේපොල කුමාරි හාමි වැවට බිලි කරන්න කලින් රාජ්සිංහ රජ්ජුරුවන්ට සාප කරපු බව මාත් අහල තිබුන..

ආයිත් එන්නම් මේ විස්තර කියන්න..අදට ඇති.



Dec 3, 2011
මමත් ඇඬුවලු
ඉකි ගහ ගහ
සපත්තු ඉල්ලලා
දවසක..
ඒත් අද නම්
අඩන්නේ දෙපා
ඉල්ලලා..
අනේ ඉතින්
සපත්තු ඉල්ලලා
හඬන ඔබ?
Dec 2, 2011
ජීවිත වන්දනා
ගමනේ කෙලවරට
අප පැමින සිටියෙමු..
මා ඔබටවත්
ඔබ මටවත්
හඳුනා ගත් නොහැකි
ඝන අඳුරක අප
උනුන් දෙස බලා සිටියෙමු...
හදිසියේ ආ මහා
චන්ඩ මාරුතයකින්
ඔබ රැගෙන ගිය නිසාවෙන්
මම අදත් බලා සිටිමි
අඳුර දෙස...
බලන් සඳ වත
නුඹේ හැඩ වැඩ
විලේ දිය මත
සිතුවමක් ලෙස..

කල්පයක් වුව
බලා උන්නද
හිරුට නැත පින
නුඹ දකින්නට...
අතු පතර විහිද ගිය
විසල් තුරු සෙවන යට
කුඩා බිම්මලක් වෙමි
කලුවරට පෙම් බඳින

සඳ නොමැති අමාවක
අහස් කුස එලිය කල
පුංචි තරුවක් විමී
පාලුවේ ඉකිගසන

ආස මුත් පියාඹන්න
කිරිල්ලියකි තටු නොලද
නෙත් වසා රහසේම
දෙපයින්ම ඇවිදයන
කවි ලියපු කවි හිතම
මට නැති උනේ කොහොම
අරන් යන්නට ගියාද
මගහැරුන ජීවිතය

ලෝකයම අහිමි වුන
තටු සිඳුන කිරිල්ලිය
මග බලන් ඉන්නවා
විඳගන්න ජීවිතය..
මම කවුද
නොදැන නුඹ
ලඟින් හිඳි
කාලයෙම
හදවතේ අඩු නැතිව
ඉඩ තිබුනා නොවෙද මට..
මේ මමයි දැනගත්ත
මොහොතෙ සිට
නුඹේ ලඟ
දූවිල්ලක් ලෙසට
පයට පෑගුනා නොවෙද.
..
ගත ගිලන්ව
යහන මත
වැටී ඉමි අසරනව
නුඹේ මතක මා ලඟම
සනසවයි මුලු සිතම..
ඔබ නොමැති ලෝකයක
හිරු කුමට
මගේ ලොවට..
මියෙන්නට කලින් මම
වරක් මුව සිප ගන්න
හීනයක් ලෙසින් හෝ
ඇවිත් යන්නට එන්න...
පුංචි නිදිකුම්බා
මලකටත්
දුක හිතෙන්නේ නැතිවද
අහිංසකයි කියලම
ඔලුව නමාගෙනම
ඉන්න ඔනේද..
ඉදලා හිටලවත්
කට්ටකින් අනින එක
වරදක්ද...?...
බාලේ ඉඳන් බැඳි සෙනෙහේ බිඳුනාද
දෙදෙනා එක්ව ගිය මග මා තනිවම යාද
මා තනිකරත් සෙනෙහස අමතක වීද
මට හිමි නැතත් රෑ හීනෙන් එනවාද
වියැකී යන
රූ සපුව රකින්නට
බෑ තව කලක්
මලානික දෑසට 
නැගේවිද
පෙම්වත් කමක්
කහපාට ගැහැනු මගුල්
ඇඳුම
අල්මාරියට වී බොහෝ කලක්
හිස නැගුන නර කෙස්
සඟවන්න විඳි දුකක්
වියපත් වෙන මනමාලිය
ගෙනියන්න ඒවිද කෙනෙක්
මහපොලව සේම
දරන් උන්නා
දුකම
අව්ව වැස්ස කුනාටු
මැද 
අකම්පිතව හිටියා
හැම මොහෙතෙම
හැම සුන්දරත්වයක්ම
සේම
හැම අප්‍රසන්න දෙයමත්
ඈ නමටම..
"අම්මා"..මට වෙන
වදන් නෑ කියන්න..
අනේ ඇත්තටම
හිතක් පපුවක්
ඇත්තෙම නැති හැටි
උදේට නගින
විත්ති කූඩුවෙන්
හවසට බහින කම්ම
කඳුලුයි,සුසුමයි
විතරමද මට

අප්පච්චි

මිනිසෙකු ලෙසින්
ඉපිද
මිනිසෙකු ලෙස
මිය ගිය අප්පච්චි..
පුදන්නට නම් කිසිත් නැත
කියා දුන් මිනිසත්කම
හැර..
තවමත් මග බලයි
අම්මා
ඔබ එතැයි රෑ කෑමට පෙර..
ඔබ හිටවූ මල් ගස්වල
මල් තවමත් මල් පිපෙනවා හරියට
මල් පෙත්තක් උඩ
කඳුලු බිංදුවක්
දකිනවා මම ඉඳහිට දවසක..
හොරෙන් ඇවිත් බලා යනවාදැයි
කියා එවන්න අප්පච්චි හනික

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...