Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jun 24, 2013

අතීතය සිහිනයක්මද....??


මුළු නුවර අහසම  කළුපාට වෙලා. අඩන්න ලං වුන අහස දැක්කම හිත කඩාගෙන වැටෙන්නේ ඇයි කියලා මට අදටත් තේරෙන්නේ නෑ. බහිරව කන්දේ බුදුපිලිමෙට උඩින් පාත් වෙච්ච කළුපාට වලාකුළු ඇඟේ ගෑවීලා යනකොට ගත විතරක් නෙමෙයි සිතත් සිතලෙන් පිරිලා ඉතිරිලා යනවා. එලියට යන්න හිතුනත් කොහේ කියලා යන්නද? තනිකමෙන් පාළුවෙන් වගේම සීතලෙනුත් හිරි වැටිච්ච හිතට සැනසිල්ලක් ලැබෙන්නේ එකම දෙයකින් විතරයි. ඒ මදුවිතම තමයි.මදුවිතයි මමයි දැන් ගහයි පොත්තයි වගෙයි.. ජීවිතයට එකම සැනසුම මදුවිත විතරයි කියලා මට හිතෙන්නේ

මහනුවර නගරේ මැද මගේ ජීවිතේ කවදා හරි අතරමං වෙන්න ඇති. ඒ කොහෙද කියලා හොයන්න මම යන්නේ නෑ. කොහොම උනත් ඒ අතරමංවීමට මම කැමතියි.

Jun 4, 2013

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි...


විසල් පුරයකට සඳ පෑයූ කල සඳටද එම පුරයටද එයින් පලක් නොවන බව මම වටහා ගත්තේ විසල් පුරයක තනිවූ මුල් කාලයේමය. අහස උසට නගින තට්ටු බිල්ඩින් සහිත මහා කොන්ක්‍රිට් වනාන්තරයක එක් ගසක උසම අත්තක් සිට මම ලෝකය දෙස බලන්නට උනා. ඇත්තටම ලෝකය පුදුමාකාරයි මට මම  මිස වෙන අයකු වීමට නොහැකි බව එදවස මට තේරුනේම නෑ. මම උත්සහා කරා එක එක වගේ අය වෙන්න. ඒත් ඒක සාර්ථක නෑ කියලා තේරුම් ගියේ ගොඩක් කල් ගියාම.

ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්නේ අපි විසින්ම හදාගත්ත හරි වෙනත් අය හදලා දුන්න හරි රාමුවකට මැදිවෙලා. ගෑනු ළමයෙක් නම් මේ වගේ අත්දැකීමට අනිවාර්‍යෙන්ම මූණ දෙනවා. ඒත් රාමුව සමහරවෙලාවට දරාගන්න බැරි තරම් පීඩාවක් වෙනකොට ඒකෙන් පලායන්න තියෙනවනම් කියලා හිතෙන වාර අනන්තයි.
උස බිල්ඩිමක ඉදන් පහල බලන් ඉන්නකොට සමහරවෙලාවට බයත් හිතෙනවා. හරියට ජීවිතේ වගේමයි. 

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...