Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
"චූටි මැනිකේ මේ තේ ටික බීලා ඉන්න.දවසෙම මොනාත් කෑවේ නැති නිසා ඇගට පන නෑ..ඒකයි ඔය කලන්තේ අල්ලන්නේ" කුමුදු මගේ ඔලුව ...
Dec 21, 2013
සුබ නව වසරකට ආසිරි...!!
වසරක් ගෙවී තවත් වසරක් ගෙවෙන්නට ආසන්නය. දින දසුන් හා ඔර්ලෝසු වලින් ජීවිතය නවතා තැබීම හෝ ඉදිරියට ගෙන යාමට නොහැක. නිවී සැනසිල්ලේ සිතා බලන විට මේ සියල්ලම සිදුවන්නේ අපේ ඕනෑකමටත් වඩා ලෝකයේ පැවැත්වමට ඕනෑ අයුරින් බව සිතේ.
ආපසු හැරී බලා සතුටුවීමට යමක් ගතවුනු වසරේ ඇත්දැයි සිතේ. කිසිවක් නැත. දිනෙන් දින සතියෙන් සතිය දවස් ගෙවුනා මිස ලබා ගත් හෝ දිනා ගත් දෙයක් නැත. එසේ වූවා කියා ජීවිතය නවතින්නේද නැත.
Nov 1, 2013
පත්තරෙන්...
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=20424:2013-10-30-08-34-31&catid=48:2012-04-02-08-50-52&Itemid=75
වේගයෙන්
ඇදී යන උමං දුම්රියේ එකිනෙකා දෙස නොබලා සියල්ලන්ම
තම තමන්ගේ රාජකාරිවලය. බොහෝ අය සිය නෙත් තමන්ගේ අති නවීන ජංගම දුරකථනවලට ඔබාගෙන සිටින
අතර තවත් අය අත රැදි පොත් පත්තරවලට දෙනෙත් යොමා සිටී.
හිවිවනම
ඇසෙනුයේ මහා විලාපයකි. එකම වචනයක් කෑ ගසා කියා හඬා වැලපෙන ගැහැනු කටහඬකි. මා මහත් පුදුමයෙන්
ඒ දෙස බැලූ මුත් වරක් හිස් උස්සා බැලූ බොහෝ දෙනෙක් නැවතත් තමන්ගේ සුපුරුදු කාර්‍යේ
යෙදුනේ එය සාමාන්‍ය සිද්ධියක් නිසා බව මට තේරුම් ගියේය.
Oct 22, 2013
සංජනාගේ ප්‍රේමය....
වෙරෝනිකා මැරෙන්න තීරනේ කරේ ජීවත් වෙන්න කම්මැලි හිතුන නිසානේ. ඒත් සංජනා මැරෙන්න තීරණය කරන්න ඇත්තේ මොකක් නිසාද කියලද හිතෙන්නේ?
අපේ ඉස්කෝලේ අපේ පන්තිවල හිටපු ලස්සනම කෙල්ල සංජනා. සංජනාට තිබ්බේ අමුතුම ඇස්දෙකක්. ඒ ඇස් දෙකේ තිබ්බ ගුප්ත ලස්සනට වෙන්න ඇති ඔය තරම් කොල්ලෝ එයාට පිස්සු වැටුනේ.සමහරු නම් එයාට එක එක නිළියන්ගේ නම් කිව්වා ගොඩක් අය කිව්වේ කාජල්ගේ ඇස් දෙකයි මධුරිගේ හිනාවයි එකතුවෙලා කියලා. හැබැයි සංජනාට නම් ඒවා වගේ වගක් නෑ.අපි හැමෝම අතරේ සංජනාගේ ඇස් දෙක කැපිලා පෙනුනේ හරියට මහරෑක කනාමැදිරි එළිවගේ.
Oct 17, 2013
පත්තරෙන්...
ලක්බිම හා රැජින පුවත්පත් වලට මා ලියූ සටහනක්..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=19504:2013-10-16-07-12-41&catid=48:2012-04-02-08-50-52&Itemid=75
ශීත කාලයේදී
ඉතාලිය ඇතුළු සීත රටවවලට හිරු උදා වන්නේ උදෑසන 8ද පසුවූ පසුය. නැවතත් රාත්‍රිය හවස
4 පමන වන විට ආරම්භ වේ. උදෑසන රැකියාවන් සහ පාසල් කරා යන අය නිවසින් පිටත් වන්නේ තද
අදුරේමය. උදෑසන 7 යනු අපේ රටේ පාන්දර 4 සේ අඳුරු බවකින් යුතුවන අතර මා රැකියාවට සදහා
යා යුතුවන්නේ විශාල උද්‍යානයක් මැදිනි.
මෙම උද්‍යානය මැදින් කිලෝමීටර් තුන්කාලක් පමන ගිය පසු උමං දුම්රිය ස්ථානය කරා යා හැක. සැබවින්ම මෙම උද්‍යානය පියකරු මෙන්ම ඉතා විශාලය. වසන්ත කාලයේ මල් මෙන්ම ශීත කාලයේ හිමද මෙහි සුන්දරත්වයට රුකුලකි.
මෙම උද්‍යානය මැදින් කිලෝමීටර් තුන්කාලක් පමන ගිය පසු උමං දුම්රිය ස්ථානය කරා යා හැක. සැබවින්ම මෙම උද්‍යානය පියකරු මෙන්ම ඉතා විශාලය. වසන්ත කාලයේ මල් මෙන්ම ශීත කාලයේ හිමද මෙහි සුන්දරත්වයට රුකුලකි.
Oct 7, 2013
සුනේත්‍රා, නන්දිතය සහ අපි...
කලකට පෙර පිරිමි ලේඛකයන්ගේ පොත්ම මිළදී ගැනීම මිස මා ලේඛිකාවන්ගේ පොත් මිලදීගැනිමෙන් බැහැරව සිටියෙමි. හේතුවක් නොදන්නා මුත් යටිහිතේ ලේඛකයන් පිළිබදව වැඩි විශ්වාසයක් තිබෙන්නට ඇත.
එහෙත් අහම්බෙන් මෙන් දවසක "නන්දිතය" කියවූ පසු මා දැඩි ලෙස සුනේත්‍රා රාජකරුණානයකගේ රසිකාවියක් විය. මා මුලින්ම නන්දිතය කියවද්දී සිතුවේ මෙවන් චරිතයන් මෙලොව සිටිය හැකිද යන්නය.
එහෙත් පසු කලෙක එවන් චරිත සැබෑ ලෝකයේ හමුවද්දී මගේ සිතට දැනුනේ පුදුමයකි.
Oct 4, 2013
පත්තරෙන්..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=18654:2013-10-02-05-32-12&catid=48:2012-04-02-08-50-52&Itemid=75
රැජින පුවත්පතට මා සපයන ලිපි පෙලේ එක් කොටසක්...
Sep 8, 2013
බැදීම් නැති ලෝකයක් කරා.
මාස එකහමාරකටත් වැඩි කාලෙකට පස්සේ වලව්ව පැත්තට ගොඩ වුනේ පහුගිය කාලෙම අන්තර්ජාලයෙන් ඉවත් වෙලා හිටිය නිසයි. ඇත්තෙන්ම ඉවත් වෙලා හිටියේ වෙන කාරණාවක් නිසා නම් නෙමෙයි වසන්ත නිවාඩුවට ලංකාවට ඇවිත් කාර්ය බහුල වුන හින්දා. ඒ ගත කරපු කාලේ නම් බ්ලොග්, ෆේස්බුක්, වගේ අන්තර්ජාලය ගැන කිසිම මතකයක් තිබ්බේ නෑ. ඒ මාසෙට මට ඕනේ වුනෙත් ඇත්තෙන්ම මේ අන්තර්ජාල ජීවිතයෙන් මිදිලා සැහැල්ලුවෙන් ඉන්න. සමහර වෙලාවට අන්තර්ජාලය ගොඩක් වටිනවා වුනාට තවත් වෙලාවකට ඒක එක්තරා විදියක මානසික හිරිහැරයක් කියලයි මට නම් හිතෙන්නේ.
Jul 2, 2013
මල් මාවත -3
ජීවිතය
එක්තරා විදියක වන්දනා ගමනක් එහෙමත් නැත්නම් චාරිකාවක් කියලා ඔබට හිතිලා නැද්ද.
ඇත්තෙන්ම
ජීවිතය නමැති වන්දනා ගමනේදී එහෙමත් නැත්නම් චාරිකාවේදී අපිට නොයෙකුත් පුද්ගලයන් මුනගැසෙනවා. සමහරු ගමන පටන්ගත්ත මොහෝතේ ඉදන් අවසාන වනතෙක්ම අපත් සමග ඉන්නවා. තවත් අය අතරමගින් නැගලා අතරමගදී බහිනවා. එහෙම බැහැල යන සමහර අය ජීවිතේටම අමතක නොවන මතකයන් තියලා යනවා.
Jun 24, 2013
අතීතය සිහිනයක්මද....??
මුළු නුවර අහසම කළුපාට වෙලා. අඩන්න ලං වුන අහස දැක්කම හිත කඩාගෙන වැටෙන්නේ ඇයි කියලා මට අදටත් තේරෙන්නේ නෑ. බහිරව කන්දේ බුදුපිලිමෙට උඩින් පාත් වෙච්ච කළුපාට වලාකුළු ඇඟේ ගෑවීලා යනකොට ගත විතරක් නෙමෙයි සිතත් සිතලෙන් පිරිලා ඉතිරිලා යනවා. එලියට යන්න හිතුනත් කොහේ කියලා යන්නද? තනිකමෙන් පාළුවෙන් වගේම සීතලෙනුත් හිරි වැටිච්ච හිතට සැනසිල්ලක් ලැබෙන්නේ එකම දෙයකින් විතරයි. ඒ මදුවිතම තමයි.මදුවිතයි මමයි දැන් ගහයි පොත්තයි වගෙයි.. ජීවිතයට එකම සැනසුම මදුවිත විතරයි කියලා මට හිතෙන්නේ
මහනුවර නගරේ මැද මගේ ජීවිතේ කවදා හරි අතරමං වෙන්න ඇති. ඒ කොහෙද කියලා හොයන්න මම යන්නේ නෑ. කොහොම උනත් ඒ අතරමංවීමට මම කැමතියි.
Jun 4, 2013
ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි...
විසල් පුරයකට
සඳ පෑයූ කල සඳටද එම පුරයටද එයින් පලක් නොවන බව මම වටහා ගත්තේ විසල් පුරයක තනිවූ මුල්
කාලයේමය. අහස උසට නගින තට්ටු බිල්ඩින් සහිත මහා කොන්ක්‍රිට් වනාන්තරයක එක් ගසක උසම
අත්තක් සිට මම ලෝකය දෙස බලන්නට උනා. ඇත්තටම ලෝකය පුදුමාකාරයි මට මම මිස වෙන අයකු වීමට නොහැකි බව එදවස මට තේරුනේම නෑ.
මම උත්සහා කරා එක එක වගේ අය වෙන්න. ඒත් ඒක සාර්ථක නෑ කියලා තේරුම් ගියේ ගොඩක් කල් ගියාම.
ගොඩක් වෙලාවට
අපි ජීවත් වෙන්නේ අපි විසින්ම හදාගත්ත හරි වෙනත් අය හදලා දුන්න හරි රාමුවකට මැදිවෙලා.
ගෑනු ළමයෙක් නම් මේ වගේ අත්දැකීමට අනිවාර්‍යෙන්ම මූණ දෙනවා. ඒත් රාමුව සමහරවෙලාවට දරාගන්න
බැරි තරම් පීඩාවක් වෙනකොට ඒකෙන් පලායන්න තියෙනවනම් කියලා හිතෙන වාර අනන්තයි.
උස බිල්ඩිමක
ඉදන් පහල බලන් ඉන්නකොට සමහරවෙලාවට බයත් හිතෙනවා. හරියට ජීවිතේ වගේමයි.
May 17, 2013
මල් මාවත - 2
ඔබ
ඔබේ ජීවිතයට කෙතරම් වටිනාකමක් දෙනවද? සමහරවිට අපි අපේ ජීවිතේට වඩා වටිනාකමක් අන්යන්ගේ ජීවිතවලට දෙන අවස්ථා නැතිවා නෙමෙයි නේද. ඒ වගේමයි සමහර අවස්ථාවලදී අපි අපේ සැප පහසුව,
අපේ ලාභය අපේක්ෂා කරනවා මිසක් අනෙකාගේ දුක අපහසුව ගැන නිකන්වත් හිතන්නේ නෑ.
මෙලොව
සිටින ආත්මාර්ථකාමීම සතා මිනිසා යැයි මා ඔබට කිවොත් ඔබ එකඟ නොවෙනවාද. මිනිසා තරම් තමන්ගේ සැප පහසුව සතුට වෙනුවෙන් අනුන්ගේ ජීවිත අනුන්ගේ සතුට විනාශ කරන වෙනත් සත්වයෙක් මේ මිහිපිට නැති තරම්.
ගොඩක්
මිනිසුන් හැම මොහොතෙම සිතන්නේ අනිත් මිනිසුන් තමන්ගේ සේවය සහ සතුට වෙනුවෙන් මේ ලොවට පහළ වී ඇති බවයි. ඔවුන්ගේ ක්රියාවන් නිසා අනිත් අය මොනතරම් අපහසුතාවයට පත් වෙනවාදැයි ඔවුන්ට සිතන්නට ඔනෑකමක් නෑ. ඔවුන් කරන කියන දේවල් වලින් අනිත් අයගේ ජීවිතේට වන හානියවත්
Apr 25, 2013
මල් මාවත (1)
මම පහුගිය දවසක මගේ යාලුවෙක්ට ඕන වුන නිසා හිතට සැනසුම දෙන උපදෙස් තියෙන වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි google එකේ හෙව්වා සිංහල භාශාවෙන් ලියවුන. ඒත් කිසිම දෙයක් මට හොයාගන්න බැරි වුනා. මම හිතුවා ඇත්තටම කවුරු හරි කෙනෙක් එහෙම එකක් ලියනවනම් එහෙම හොයන කෙනෙක්ට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා.
මම වෙනත් වෙබ් අඩවියක් සදහා මීට කලකට කලින් ලියපු ලිපි පෙලක් සමඟ අලුතින් ලිපි පුංචි කුමාරිහාමිගේ වලව්වේ පළ කරන්න හිතුවේ ඒ අදහසින්. මගේ අදහසට ඔයාල එකඟ වෙයිද මම දන්නේ නෑ. කියවල බලල අදහස් කියන්න. මම ඒ ලිපිපෙල "මල් මාවත" කියලා නම් කරන්න හිතුවා. අද ඉදන් මම ඉඩ ලැබෙන වෙලාවට ඔයාලත් එක්ක මල් මාවතේ සැරිසරනවා.
එන්න ඇවිදින්න මාත් එක්ක මල් මාවතේ.
Apr 5, 2013
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි..
මේක මම පත්තරේකට ලියපු එකක්. ඒත් හිතුනා අපේ යාලුවොත් එක්කත් බෙදාගන්න.
කියවලා බලල අඩුපාඩු කියලා යන්න.
කියවලා බලල අඩුපාඩු කියලා යන්න.
බස් නැවතුම
අසලම පදික වේදිකාවේ ඉටිරෙද්දකින් සාදාගත් තාවකාලික හෙවනකි.
එම හෙවනේ අයිතිකාරයා නම්
බස් නැවතුමට යන එන අයට සුපුරුදු දසුනකි.
තනි කකුලකින් හා කිහිලි කරුවකින් ඇවිද යන මෙම
නිවස්නේ අයිතිකාරයාගේ තනියට තවත් කෙනෙකි ඒ කළු පැහැති කැහැටු බල්ලෙකි. මේ දෙදෙනා උදෑසන
මෙතනට පැමින දවසේ රාජකාරිය නිමා කොට සැදෑකාලයේ පිටව යයි.
අවට කඩපිල්
හා බස්රථවලින් නිතර එතැනින් යනෙන මගීන් මොහු සමඟ හිතවත්ය. මහළු වයසේ පසුවන මොහුගේ
රාජකාරිය කැඩුන කුඩ හා පාවහන් අළුත්වැඩියාවයි. ඉතා අවංකව හා කාර්‍යක්ෂම මේ කාර්‍ය නිම
කර දෙන මොහුගේ සේවය ලබා ගැනීමට බොහෝ දෙනා මොහුවෙත එන්නේ ඔහුගේ අළුත්වැඩියාවන් බොහෝ
කල් රඳාපවතින නිසාය
Mar 1, 2013
කුමාරිහාමි 17.
වෙනදාට
වඩා බොහෝ වෙලාවක් මා නිදාගෙන තිබිනි.හතරවටින්ම එලිය වැටී පරිසරය පුරා අමුතුම සුන්දර
සුන්දරයක් මවයි.එහෙත් ඇඟට දැනෙන කෙඩෙත්තුව සහ හිස රදය මා තවත් ඇඳෙහිම රඳවා තබයි.
පෙරදා රැයේ
දුටු සිහිනය තවමත් මගේ මතකයේ ඇත.
විශාල වලව්වක්
සහ එහි ජීවත් වන මවක් පියෙක් සහ දියණීයක්. ඒ වලව්ව මට ඉතාම හුරු පුරුදුයි. ඒ දියණීය
මම නේද.. මට මතක ඒ ළමා සාරියක් ඇඳලා හිටියේ මම. ඒත් එහෙම වෙන්න පුලුවන්ද. මම කවදාවත්
එහෙම වලව්වකට ගිහින් නෑ. අනික ඒ වලව්ව ගොඩක් පරන එකක්. එයාලගේ භාෂාවත් වෙනස්..
"
හා හා ඇති ඇති මෙයාගේ මනෝ ලොකේ දැන් හොදටම දවල් වෙලා බහිනවා ඇඳෙන් බිමට ගුටි නොකා"
අක්කා බොරු තරහක් මවන් කිව්වමයි මට මතක් වුනේ අද අම්මව නාවන්න තියෙන දවස කියලා.
අපි කුඩා කාලයේ පටන්ම ඉතාමත්
පිරිසිදුව සිටි අම්මා අපිවත් හැම මොහෙතෙම පිරිසිදුව තියන්න මහන්සි ගත්තා. අද අම්මාට
තමන්ගේ ශරීරය ගැන පවා ලොකු හැඟීමක් නෑ. ජීවිතය පුදුමාකාරයැයි මට බොහෝ විට සිතෙන්නේ
මේ නිසාමයි
Feb 18, 2013
කළු සහ සුදු...
සුදු සහ කළු ගැන කියන්න හිතුනේ ඇයි කියලද හිතන්නේ. කාගෙන් හරි ඇහුවොත් මේ පාට දෙකෙන් ඔයා වැඩිපුර කැමති මොන පාටටද කියලා ගොඩක් අය කියයි සුදු කියලා. ඇයි ?
බොහෝ දෙනෙක් කළු අප්‍රිය කරනවා. මේ ලියන මමත් .. මම දන්නේ නෑ මේ සම්බන්ද මානසික පෙළඹවීමක් එහෙම තියෙනවද කියල ඒත් කළුපාට හිතටත් නෙතටත් ගෙනෙන්නේ සුව බර හැගීමක් නම් නෙමෙයි.
ඒ වගේමයි මිනිස්සු අතරත් සුදු කළු බේදය මොනතරම් තියෙනවද කියනවනම් සුදු මිනිස්සු හැමවිටම කළු මිනිස්සුන්ව පහත් කරලා සළකනවා.
Feb 10, 2013
සිත්තරා..
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම බැස යන හිරුගේ මලානික එලියෙන් අමුතුම සුන්දරත්වයක් මෙන්ම පාළු හුදකලා බවක් මතු කරයි. හිරු එලිය වැටී දිලිසෙන සයුරු රළ වෙනදාටත් වඩා වේගයෙන් ගොඩබිම දෙසට දිව එන්නේ හැකිනම් ගොඩබිමෙහි නවතාගන්නට කියන්නාක් මෙනි..
සුසුමක් හෙලූ වෙරෝනිකා හදිසියේ යමක් සිහිවූවාක් මෙන් වටපිට බැලුවේ කුඩා පුතු කොහේදැයි දැනගැනීමටයි. දවස් කිහිපයකට පෙර දුර ගමනකින් පසු සයුරු තීරයේ කුඩා ගම්මානය වෙත පැමින ටික දිනක් ගෙවුන මුත් ඇයට තවමත් මෙම ගම්මානය නුපුරුදුය.
Jan 29, 2013
නීල් ආම්ස්ට්‍රෝන්ස් සහ පුංචි බන්ඩාගේ හදට යාම
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. ....
රෝගීයෙක් රාත්‍රීයේ විදුලි පන්දමක් අහස දෙසට ඉලක්ක කරමින් සිටින විට තවත් රෝගියෙක් ඔහු කුමක් කරනවාදැයි විමසයි. එවිට ඔහු " මම මේ ටෝච් එලියෙන් හඳට යන්න හදන්නේ උඹත් ඕනේ නම් වරෙන් කියා පවසයි.. එවිට අනෙකා "අනේ මම නොදන්නවැයි උඹේ හැටි මම බාගයක් දුර යනකන් ඉදලා උඹ ටෝච් එක නිවලා දාන්නනේ හදන්නේ.."
Jan 19, 2013
අපි වෙනුවෙන් අපි....
Subscribe to:
Posts
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)