Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Mar 1, 2013

කුමාරිහාමි 17.



වෙනදාට වඩා බොහෝ වෙලාවක් මා නිදාගෙන තිබිනි.හතරවටින්ම එලිය වැටී පරිසරය පුරා අමුතුම සුන්දර සුන්දරයක් මවයි.එහෙත් ඇඟට දැනෙන කෙඩෙත්තුව සහ හිස රදය මා තවත් ඇඳෙහිම රඳවා තබයි.
පෙරදා රැයේ දුටු සිහිනය තවමත් මගේ මතකයේ ඇත.

විශාල වලව්වක් සහ එහි ජීවත් වන මවක් පියෙක් සහ දියණීයක්. ඒ වලව්ව මට ඉතාම හුරු පුරුදුයි. ඒ දියණීය මම නේද.. මට මතක ඒ ළමා සාරියක් ඇඳලා හිටියේ මම. ඒත් එහෙම වෙන්න පුලුවන්ද. මම කවදාවත් එහෙම වලව්වකට ගිහින් නෑ. අනික ඒ වලව්ව ගොඩක් පරන එකක්. එයාලගේ භාෂාවත් වෙනස්..

" හා හා ඇති ඇති මෙයාගේ මනෝ ලොකේ දැන් හොදටම දවල් වෙලා බහිනවා ඇඳෙන් බිමට ගුටි නොකා" අක්කා බොරු තරහක් මවන් කිව්වමයි මට මතක් වුනේ අද අම්මව නාවන්න තියෙන දවස කියලා. අපි කුඩා කාලයේ පටන්ම ඉතාමත් පිරිසිදුව සිටි අම්මා අපිවත් හැම මොහෙතෙම පිරිසිදුව තියන්න මහන්සි ගත්තා. අද අම්මාට තමන්ගේ ශරීරය ගැන පවා ලොකු හැඟීමක් නෑ. ජීවිතය පුදුමාකාරයැයි මට බොහෝ විට සිතෙන්නේ මේ නිසාමයි

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...