Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Feb 2, 2012

~~~වස්තුව~~~



පොඩි නැන්දා අපේ නිවසට කවදා පැමිණියාදැයි මට මතක නැත.
එහෙත් මා දන්නා කාලයේ සිට ඇය සිටියේ අපේ නිවසේය. වෙනත් පවුල් වල නෑණලා අතර සිදුවන බහින් බස් වීම් හෝ නොහොඳ නෝක්කඩු අපේ අම්මාත් පොඩි නැන්දාත් අතර මට මතක විදියට නම් තිබ්බේම නැත.
පොඩි නැන්දා අපේ තාත්තාගේ බාල සහෝදරියයි.

මා සහ අක්කා පාසල් යාමට පෙර සිටම අපගේ සියලුම වැඩ කටයුතු සිදුවූයේ පොඩි නැන්දාගේ දෑතිනි.
අප දෙදෙනා නහවා පිරිසිදු කොට හවස් වන විට අලුත් ඇඳුම් අන්දවා අම්මා හා තාත්තා එනතුරු සාලේ පුටුවල පිලිවෙළට වාඩි වී කාටුන් බැලීමට අප හුරු කළේ පොඩි නැන්දාය..
අම්මා එනවිට පොඩි නැන්දා නිවසේ සියලු වැඩ කටයුතු ඉටු කර අවසන්ය. අම්මාට තිබුනේ විවෙක ගෙන රාත්‍රී කෑම සඳහා සූදාණම් වීම පමණක්ය.


"පොඩි නංගී තනියෙන් ඔය තරම් වැඩ ගොඩක් කරන්න ඕනෙ නෑ..මම ඇවිල්ලා වැඩ ටික කරගන්නම්" යැයි අම්මා නිරතුරු පැවසූවද පොඩි නැන්දා කෙදිනකවත් අම්මාට නිවසෙ කරන්න වැඩක් ඉතුරු කරේ නැත..
"අනේ අක්කෙ මම මේ නිකන් ඉන්නවට කම්මැලි කමටනෙ කරන්නේ"
ඇය කියන්නේ සිනාවීගෙනමය.


පොඩි නැන්දාගේ තරුණ කාලයේ ඡායාරූප බලන විට ඇය ඉතා රූමත්ව සිටින්න ඇතැයි මට සිතේ. මට මතක කාලයෙදීද ඇය ඉතා ලස්සනය. ඇගේ දිගු කොණ්ඩය දණ හිස දක්වාම දිගට තිබුණි.මාත් අක්කාත් ඇය විවෙක වෙලාවට ඇගේ කොණ්ඩයට නොයෙකුත් විලාසිතා කළෙමු. පොඩි නැන්දා ආශාවෙන් හා කරුණාවෙන් ඒවාට ඉඩ දුන්නාය..


"මටත් ඕනේ පොඩි නැන්දාගේ වගේ කොණ්ඩයක්"
මා මගේ රැළි කෙස් කළඹ දෙස බලා කණගාටුවෙන් පැවසූ වාර අනන්තය.


පොඩි නැන්දා විවාහ නොවූයේ මන්දැයි අප කිසිවකු දන්නේ නැත..එහෙත් ඇයට බොහෝ විවාහ යෝජනා පැමිණි බව නම් අම්මා කියයි.අපේ අම්මාගේ බාල සහෝදරයා වන සුදු මාමාද පොඩි නැන්දා විවාහ කරගන්නා අදහසින් සිටියේය. අම්මා මාර්ගයෙන් සුදු මාමා මේ යෝජනාව ඉදිරිපත් කල විට


"අක්කලාට මාව බරක් නම් මම දස සිල් ආරාමයකටවත් යන්නම්"
කියා පොඩි නැන්දා පැවසූ බව අම්මා කීවේ දුකෙනි.


මා තාත්තාගේ අම්මා සහ තාත්තා කවදාවත් දැක නැත.
පොඩි නැන්දා කීවේ ආච්චි අම්මා සහ සීයා මිය ගියේ මා ඉපදීමට පෙර බවය. මා ඉපදීමට පෙරම අප නිවසට පැමිණී පොඩි නැන්දා අපේම අම්මා සමානව අපේ ජීවිතයට ලං වූවාය.


තාත්තාට සහෝදරියන් තුන් දෙනෙකි. වැඩිමලා අක්කා කෙනෙකි. නැගණියන් දෙදෙනෙකි..තාත්තා සහ පොඩි නැන්දා එකම විදියේ ගතිගුණත්, ලොකු නැන්දා සහ මද්දු නැන්දා එකම විදියේ ගතිගුණත් උරුම කරගත් අය වූහ..ලොකු නැන්දා ඉතාම මසුරු  වූ අතර මද්දු නැන්දාද ඊට නොදෙවෙනි වූවාය.


ලොකු නැන්දාගේ සහ මද්දු නැන්දාගේ දියණියන් අප නිවසට පැමිණි විට පොඩි නැන්දා ඔවුන් තම කාමරයට යනවා තදින් විරුද්ධ වේ. තම අල්මාරිය යතුරු දා වහන පොඩි නැන්දා යතුරද සඟවා තබයි..ලොකු නැන්දා නම් කීවේ


 "පොඩ්ඩිට අම්මා දීපු සල්ලි රත්තරන් බඩු ගොඩක් ඇති ඒකයි ඔය පරිස්සම් කරන්නේ" කියාය.


 "මෙහෙ දුවල බඳිනකොට පොඩ්ඩි ඕවා දෙන්නෙ නැතැයි"
ලොකු අම්මා කියන්නේ ඉර්ෂාවෙන් හා තණ්හාවෙන් දැල්වෙන නෙත් දිල්සෙද්දීය.
එහෙත් අපේ අම්මා එවන් වදන් වලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වන විට මුණු මුණු ගා මොනවදෝ කියමින් ලොකු නැන්දා තරහෙන් එතැනින් ඉවත් වෙයි.අම්මා සිහින් සිනාවකින් එදෙස බලා සිටියි.


පොඩි නැන්දාගේ අල්මාරිය මාත් අක්කාත් කෙදිනකවත් ඇර නොබැලුවාය. ඇය එයට ප්‍රිය නොකරන බව අපි දැන සිටියෙමු. ඇය අප කාමරයට පැමිණියහොත් අල්මාරිය අසලම දැවෙටෙමින් සිටී. කොටින්ම පොඩි නැන්දා අල්මාරිය පරෙස්සම් කරේ මැණිකක් රකිනා නා රැජිනක ලෙසය. නොකීවාට අම්මාගේ සිතෙත් පොඩි නැන්දා සතුව ලොකු වස්තුවක් ඇතැයි යන අදහස මෙ නිසාම තිබුණේය.


වසරින් වසර අප ලොකු මහත් විය..පොඩි නැන්දා සෙමෙන් මහලු විය කරා යන්නට විය.අක්කාට රැකියාවක් ලැබුණේත් ඔටුන්න හිමි කුමාරයෙක්ගේ බැල්ම වැටුණේත් එකටමය..මම විශ්ව විද්‍යාලයට තෙරීමත් අක්කා රැකියාව සඳහා වෙනත් නගරයක නවාතැන් ගැනීමත් මේ කාලයේ සිදුවූ විශේෂ සිදුවීම්ය.


අප නිවසෙන් ඈත් වීම නිසා අම්මාත්,තාත්තාත්, පොඩි නැන්දාත් නිවසේ තනිවුනි.
 පොඩි නැන්දා සැම පෝයකටම සිල් ගන්නට පටන් ගත්තාය..සැබවින්ම පොඩි නැන්දා කවදාවත් කනගාටුවෙන් තරහෙන් ඉන්නවා මා දැක නැත. සිල්සමාදන් වීමට පටන් ගත් පසු ඇය තවත් නිහඬ තැන්පත් චරිතයක් බවට පත් විය.


මා නිවාඩුවට නිවසට පැමිණි විට මගේ කිලිටි ඇඳුම් සෝදා මැද සියල්ලම පිළිවෙළට සකස් කර මා ආශා කරන කෑම බීම සැකසුවේ පොඩි නැන්දාය.
" පොඩ්ඩි නංගි නම් පූර්ව ආත්මයේ මගේම සහෝදරියක් වෙන්න ඇති"
අම්මා කියන්නේ දෑස් තෙත් කරගෙනය..තාත්තා ඔවුන්ගේ සහොදර ප්‍රේමය සැනසීමෙන් වින්දාය.


ඇතැම් විටක මා සමඟ නිවාඩුවට පැමිණෙන මගේ මිතුරියන්ද පොඩි නැන්දාට ඉතා හිතවත් වූයේ ඉක්මනින්ය.


අක්කාගේ විවාහය සිදුවුණෙත් ඇය බෝල බබ්බු දෙදෙනෙක් නිවසට රැගෙන ආවෙත් ඒ කාලයේය..


මාද නිල් ඇස් ඇති කුමාරයෙක්ගේ ප්‍රේම දැලක පැටලෙද්දී පොඩි නැන්දාත් අම්මාත් තාත්තාත් ජීවිතයේ සැඳෑ සමයට ළංවෙමින් සිටියේය. අක්කාගේ බෝල බබ්බු දෙදෙනා පොඩි නැන්දාගේ ලොකය වූයේ ඇය දරුවන්ට ඉතා ආදරය කල නිසාමය..


ලොකු නැන්දාත් මද්දු නැන්දාත් පොඩි නැන්දා සමඟ අමනාපයෙන් පසු වූයේ ඔවුන්ගේ දියණියන්ගේ විවාහයෙන් පසුවය. එයට හේතුව ඔවුන්ගේ විවාහයේදී පොඩි නැන්දා සඟවා ගෙන සිටින වස්තුවෙන් කොටසක් දෙතැයි ලොකු නැන්දා හා මද්දු නැන්දා සිතීමය.


ලොකු නැන්දා නම් කෙළින්ම මේ ගැන පොඩි නැන්දාට දොස් කීවාය..
"මහ ලොකුවට පන්සල් ගියාට තණ්හාව නම් කෙළවරක් නෑ. නැත්නම් ඔය හංගන් ඉන්න ඒවා මැරුණාම ගෙනියන්න යැයි"
පොඩි නැන්දා සිහින් සිනාවකින් මේවා අසා සිටියා මිස කිසිවක් කීවේ නැත. 


මද්දු නැන්දා නම් කීවේ පොඩි නැන්දා සියලුම දේ අක්කාටත් මටත් දීමට සිතාගෙන සිටින බවය.


" අපේ ළමයි එයාට දරුවෝ නෙමෙයි නේ..අනේ මගේ නම් මරණෙටවත් එයා එපා"


ඇය අපේ නිවසටම පැමිණ මෙසේ කිව් විට පොඩි නැන්දා ඉතා කණගාටුවෙන් කාමරය තුළට පැය ගාණක් කඳුළු සලමින් සිටි බව අම්ම කීවේ දුකෙනි.


පොඩි නැන්දා මිය ගිය පුවත ලැබෙන විට මා හිටියේ සේවා ස්ථානයේය..මට සිහි එළවා ගැනීමට සෑහෙන වෙලාවක් ගත විය.
මා නිවසට පැමිණෙන විට අම්මා හඬමින් සිටියාය.


"පපුව රිදෙනවා කියලා නංගී ඇඳට වෙලා හිටියා.සද්දයක් නැති නිසා මම ගිහින් බැලුවා..ඔළුව පැත්තකට කඩන් වැටිලා තිබුණා"
 අම්මා පැවසුවේ ඉකි ගසමිනි.


පොඩි නැන්දා හවස් වරුවේ පෙට්ටියකට බැස නිවසට පැමිණියාය.අක්කාත් මාත් කෑ ගසමින් ඇඩුවේ කුඩා දරුවන් ලෙසය. පොඩි නැන්දා අප අත හැර ගියාය කියා සිතන්නට අපට හැකි වූයේම නැත.


ලොකු නැන්දා හා මද්දු නැන්දාත් විලාප තිය තියා අඩද්දී අම්මා ඔවුන් දෙස බැලුවේ කෝපයෙන්ය.


හත් දවසේ දානයද නිමාවී සියලු නෑදෑයන් නිවෙස් වලට යන්නට පිටත් වෙද්දී ලොකු නැන්දා තාත්තා වෙත විත්

"මල්ලි පොඩ්ඩිගේ අල්මාරියේ යතුර දුන්න නම් හොඳයි අපිටත් එයා මතක් වෙන්න මොනා හරි තියෙන්න එපැයි"


කියන විට තාත්තාගේ මුවඟට සිහින් සිනාවක් නැගුණ මුත් යතුර දෙන්නැයි අම්මාට කියා තාත්තා නිවසින් එළියට ගියේය.


ලොකු නැන්දාත් මද්දු නැන්දාත් නිධානයක් ලැබුවන් සේ වේගයෙන් දුව ගොස් පොඩි නැන්දාගේ අල්මාරිය අවුස්සා එහි වූ සියල්ලම එළියට ඇද දමන්නට විය. 


එහෙත් ඔවුන් සෙවූ කිසිවක් එහි නොවීය..
අප කුඩා කල පරිහරණය කළ කුඩා ගවුම් දෙකක්ද ආච්චි අම්මාගේ හා සීයාගේ ඡායා රූප කිහිපයක්ද හැරෙන්නට එහි වූයේ පොඩි නැන්දාගේ ඇඳුම්ය.


බලාපොරොත්තු කඩවූ නමුත් නැන්දලා උත්සාහය අත් නොහැරියාය..ඉතුරු වූ අනෙක් ලාච්චුවද ඇර බැලූ ඔවුන්ගේ මුව සිනාවෙන් ඔපවත් විය..


 "මම කිව්වේ අක්කේ"
මද්දු නැන්දා එසේ කියා ඉතා ලස්සන රිදී පැහැති පෙට්ටියක් එළියට ගත්තාය.. දෙදෙනාම එය ඇර බලා මුහුණු නරක් කරගෙන වේගයෙන් කාමරයෙන් එළියට විත් අම්මාට හා තාත්තාට බැණ වැදුණි.


"පොඩ්ඩි මැරුණ ගමන් ඒ පෙට්ටියේ තිබ්බ වස්තුව ඉක්මනට අරගෙන මොනවද කහළ ගොඩක් මුන් ඒකට පුරවලා..උඹලාත් එක්ක ආයේ අපේ නැදෑකම් නෑ..වරෙන් මද්දු යන්න"

නැන්දලා දෙදෙනා සුළි සුළඟක් සේ පිටව ගියහ.

ඔවුන් ගිය පසු අප හිමිහිට පොඩි නැන්දාගේ වසතුව එකතු කරන්නට වූයෙමු. පෙට්ටිය ඇර බැලූ අම්මා එය තාත්තා දෙස දිගු කළේ කඳුළු පිරි දෑසිනි.


එහි වූයේ  නිල් පැහැත් ඉරි සහිත කමිසයකුත්, මරණ දැන්වීමක් සහ පෙම් හසුන් කිහිපයකි. මරණ දැන්වීමේ වූයේ තාත්තාගේ මිතුරෙකි.

"පොඩ්ඩිගෙයි නිමල්ගෙයි සම්බන්ධයක් තිබ්බා කියලා මට කවදාවත් හිතුණේ නෑ" තාත්තා කිවේ ඉතා බර සුසුමක් හෙළමිනි.

සදාකාලික මතකයක් හා ප්‍රේමයක් සිත තුල තබාගෙන සිටි පොඩි නැන්දා ඒ මතකයන් සමඟම මිය ගියාය.







70 comments:

  1. අපේ ගෙදරත් තියෙනවා ආත්තම්මගේ පරන පොට්ටගමක්..ඒකේ ඇතුලේ පිත්තල,VOC පෝසිලේන් බඩු පුරෝලා තිබුනා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාට පස්සෙ කාලෙක ඕවා ගොඩක් වටියි.පරිස්සම් කරන්න.

      Delete
  2. නිර්මාණය ලස්සනයි....කතාව දුකයි... නොදැනිම ඇස් වලට කඳුළු ආවා...............

    ReplyDelete
    Replies
    1. කියෙව්වටත් සටහනක් තිබ්බටත් ඔයාට ස්තූතියි

      Delete
  3. මම මැරුණු දවසක මගේ කතාවත් ලියන්න පුංචි කුමාරි හාමි වත් නැති වෙයි..හරිම ලස්සනට ලියලා.. අදමයි කියෙවුවෙ.. ආසා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔයා ඒ කියපු වචන ටිකට මගේ ඇස්වලට කඳුලු ආවා.අපි හැමෝගෙම කතා ලියන්න කවුරුත් නෑ තමා.

      Delete
  4. ආදරයක් ඒ තරමටම ආරකශා කරලා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලාන් ඒ ආදරේ එයාට ඒ තරම් වටිනා එකක්

      Delete
  5. මාර විදියට පපුවට දුක දැනුනා අන්තිමට එහෙම ආදරයක් සැබෑ කරගෙන සතුටින් ඉන්න ඇත්නම් අනේ කොයිතරම් දෙයක්ද.....උපරිමයි අක්කේ කතාව.

    ඕං මම මැරුනු දවසට බ්ලොග් එකට ඒකත් පෝස්ට් එකක් විදියට වට්ටවන්න ඕනේ කියලා සිතුවිල්ලක් ආවා හි හි

    ReplyDelete
  6. මේං මං දාපු කොමෙන්ට් එක උස්සලා....කෝ ඒක

    ReplyDelete
    Replies
    1. කවුද මල්ලියෝ එක අරන් තියෙන්නේ..හරි හොරු නේද

      Delete
  7. ඕං තුන්වෙනි පාරට ලියන්නේ......

    මේක කියෙව්වම ගොඩක් පපුවට දුකක් දැනුනා අක්කේ ඇත්තටම මෙහෙම ආදරයක් තියන් සදහටම ඉන්න ඇත්නම් කියලා හිතෙනවා...

    Unknown Thoughts කියපු කතාවට මට හිතුනා මැරුණාම ඒ වෙනුවෙන් පෝස්ට් එකක් මමම ලියලා අප්ඩේට් වෙන්න දීලා තිබුනනම් කොච්චර හොඳයිද කියලා...


    ලස්සනම ලස්සන කතාවක් අක්කේ ඔයා හරි ලස්සනට මේවා ලියනවා එල ඈ

    ReplyDelete
    Replies
    1. මල්ලි ලියන කවිත් ඔයා ලියන දේවලුත් මේ වගේම නේද..

      ස්තුතියි මල්ලියෝ ඔයාලගේ අගය කීරීම් වලට..

      අපි මැරෙන්න කලින් ලියලා තියන්න ඕනේ අපි ගැනම ගුන කථනයක්ද..

      Delete
    2. මම නම් හිතුවේ අක්කේ අපි මැරෙන්න කලින් ලියලා තියන්න ඕනේ අපි ආදරේ කරන අයට දුක් වෙන්න එපා ශක්තිමත්ව ඉන්න කියලා...මට මතකයි මම බලපු ෆිල්ම් එකක් ඒකේ හස්බන්ඩ් අකාලේ මැරෙනවා ඒත් එයා මැරෙද්දි තමන්ගේ වයිෆ්ගේ හිත හදන්න ලියුම් තොගයක් ලියලා සැරින් සැරේ ඒ ලියුම් වයිෆ්ට යැවෙන්න සලස්වලයි මැරිලා තියෙන්නේ....

      අඩුම ගානේ ජීවත් වෙලා ඉද්දි නොකියපු මොනා හරි අපි මැරුණාම පබ්ලිෂ් වෙන්න තියෙනවනම් මරු නේද...හලේ මන්දා මම කවි ලියන්නේ නම් මෙහෙම දුක පාදක කරන් තමයි සතුටට වඩා දුකට ලියන කවි හදවතට ලඟයි ඒත් ඇයි දන්නේ නෑ

      Delete
    3. අනේ කොල්ලෝ ඔයා ඕවා කිව්වම ඒ නංගිට කොච්ච්ර දුක හිතෙයිද..වැඩිය හිතන්න එපා මල්ලියෝ..ජිවිතේ ප්ලෑන් වලින් ගෙනියන්න අමාරුයි..වෙන්න තියෙන දෙවල් තමයි වෙන්නේ.

      Delete
    4. ඔය චිත්‍රපටිය P.S I Love You. හරිම ලස්‌සන කතාවක්‌

      Delete
    5. මොන චිත්‍රපටියද..මේ වගේ කතාවක් තිබ්බද.චිත්‍රප්ටියක..මම ඇහුවමයි..මේක තනිකරම මගේ අදහසක්...

      Delete
    6. නැහැ අක්‌කේ මම කිව්වෙ "ගැමියාගේ පත් ඉරුව" සදහන් කරන චිත්‍රපටිය ගැන.

      Delete
  8. හැම වස්තුවකටම වඩා ආදරෙන් පරිස්සම් කරපු ඒ ආදර සැමරුම් වටිනවා.. මට හිතෙන විදිහටනම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක පරිස්සම් කරපු කෙනාට ගොඩක් එක වටිනවා ඇති නේද..

      Delete
  9. නැන්දා ගැන හිතේ ඇඳෙන විදියට ලියල තියෙනවා.කතාවේ අන්තිම ටික දුක හිතෙනවා.කියවද්දී මෙහෙම ඉවරවෙයි කියල හිතුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයා කොහොමද හිතුවේ..නැන්දා ලස්සන මනමාලියෙක් වෙයි කියලද..

      Delete
    2. නැ නැ මන හිතුවේ ඒ වස්තුවෙන් ටිකක් ඔයාලට දෙන්න ඇති කියල මොකද ඒ නැන්දට වෙන කවුරුවත් නැහැ නේ.තව විදියක් හිතුනා ඒ අර නපුරු නැන්දලාට පෙන්න බොරුවට එහෙම කලද දන්නේ නැහැ නේ.

      Delete
    3. අනෙ අසාර් ඔයාට ලස්සන දෙවල් හිතෙනවානෙ..එහෙම දුන්න නම් මම සල්ලි කාරියෙක් නෙද.එත් ඉතින් මෙක කතාවක් නෙ. හි හි.

      Delete
  10. //සදාකාලික මතකයක් හා ප්‍රේමයක් සිත තුල තබාගෙන සිටි පොඩි නැන්දා ඒ මතකයන් සමඟම මිය ගියාය.//

    අන්තිමට ලියල තියෙන මේ වචන වලට එද්දි ඇස් වලට කඳුළු ආව දනෙම නැතිව...

    ලස්සන හැඟීම්බර නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිහින ඔයාටත්..

      Delete
  11. පව් එයා...ඇත්තටම ආදරයක් ජීවිතය වගේ කියල හිතුවාම එහෙම ඉන්න පුලුවන් ජීවිත කාලෙම...එතකොට නිමල්? එයාට මොකො උනේ?...ඔයා ලියන විදිය ගොඩාක් සරලයි,පැහැදිලියි,ලස්සනයි......!!

    ReplyDelete
    Replies
    1. කිරිල්ලි..නිමල් මැරිලානේ..එකනේ අර මරන දැන්වීම හම්බ උනේ..

      ස්තූතියි ඔයාටත්

      Delete
  12. This is brilliant stuff !!! Keep up the good work

    ReplyDelete
  13. අවුරුදුගානක් ආදරේ කරල බැන්දට පස්සේත් නැටුම් නටන එවුන් ඉන්න මේ සමාජේට පොඩි නැන්ද හොඳ ආදර්ශයක්...

    ReplyDelete
    Replies
    1. එකනම් ඈත්ත රාජ්. සමහරුන්ට ආදරෙ සෙල්ලමක්නෙ.
      ස්තුතියි ඔයාටත්

      Delete
  14. ඔයා ලස්සනට ලියල තියෙනවා. පව් ... පිටගම්කාරයෝ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිරොශි. මට නම් පිටගම් කාරයො කතාව එ තරම් මතක නෑ.

      Delete
  15. මෙහෙම ආදරේ කරන මිනිස්සු අද කාලෙ හොයාගන්න අමාරුයි....ලස්සන කතාවක්....

    ReplyDelete
  16. ෂ්ඃ මාර කතාවක්.. නියමයි... ලස්සනයි, දුකයි..

    ඔයාට හොඳට කතා ලියන්ඩ පුළුවන්.. දිගටම ලියන්ඩ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සෙන්..
      එත් මෙහෙම නොකියා අඩුපාඩුත් කිව්ව් නම් හොදයි නෙද. හි ..හි

      Delete
    2. හිහ්.. සෙන්.. !! ඔයා මිනිසුන්ගේ නම් කෙටි කරන්ඩ හරි සූරයි නේද ?

      අඩු පාඩුවක් දැක්ක වෙලාවට රිදෙන්ඩ දෙන්නම්..

      Delete
    3. අපොයි මෙයාට මෙ තරම් ලස්සන නමක් හදලා දිලත් බනිනවනෙ.. හි හි..

      Delete
  17. කතාව එක හුස්මටම කියවලා ඉවර කලා. නියමෙට ලියලා තියෙනවා.

    ReplyDelete
  18. හපොයි මගේනම් පපුවත් හිර උනා වගේ . අකුරු කොටන්නත් බෑ .
    අවන්කව ආදරේ කරන බොහෝ දෙනෙක් ලඟ ඉතිරු වෙන්නේ අන්තිමට මේ කතාවෙ වගේ අනිත් අයට වැදගත් කමක් නැති පුංචි පුංචි සිහිවටන නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්. අවන්කවම ආදරෙ කරන එක ලොකු පරිත්‍යාගයක්.හෑමොටම එක කරන්න බෑ.

      Delete
  19. ගොඩක් හිත බර උනා පුංචි කුමාරිහාමි. ආදරය පිළිබඳ සොඳුරු සිහිවටනයක් හිතේ හිරකරගෙන ජීවිතයක් දුක් විඳින මිනිස්සු. සමහර අය මේවා දෙස සමච්චල් හිනාවකින් බැලුවත් ඇත්තටම ආදරේ හිතකට මේදේ හොඳට දැනෙනවා. එහෙම හදවතින්ම ආදරේ කළ කෙනෙක්ට මැරෙන තුරාවට තව කෙනෙක් ගැන හිතන්න පුළුවන් වෙයි කියා මම නම් හිතන්නේ නෑ. පොඩි නැන්දා සැබෑ ආදරය හොඳින් හඳුනන කෙනෙක්.
    හොඳ පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියන්ත. ආදරෙ කියන්නෙ අපුරු හෑගිමක්. අනිත් අයට එක තෙරුම් ගන්න බෑ.සමහරු එ වෙනුවෙන් ජිවිතෙම කෑප කරනවා.
      ස්තුතියි ඔයාටත්

      Delete
  20. ඇඩෙන්න ලියලා තිනවනේ... ආදර සැමරුම වටිනවා අනිත් එවට වඩා

    ReplyDelete
  21. හුගාක්ම සංවේදී කතාවක්... මෙච්චර උතුම් ප්‍රේමයක්, ඒ දෙන්න එකතු නොවුනෙ මොකද කියල අම්මගෙන් අහල දාන්නකෝ......

    ReplyDelete
    Replies
    1. Shaggy දැක්කෙ නැද්ද පෙට්ටියෙ තිබුන එක දෙයක් නිමල්ගෙ මරණ දැන්වීම

      Delete
    2. ඔව් ශෑගි ඔබි කිව්ව් විදියට නිමල් මෑරිලනෙ.
      ස්තුතියි ඔයාටත්

      Delete
  22. මිනිස්සුන්ට මේ වගේ දේවල් වෙන්නෙ ඇයිද මන්ද!:-/

    ReplyDelete
    Replies
    1. ජිවිතෙ පුදුමයි නෙද.එහෙම තමා.

      ස්තුතියි ඔයාටත්

      Delete
  23. හරිම හැඟීම් බර විදියට ලියල තියනවා..ඒක ඇත්තටම ආදරණීය ආදරයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත් සයුරි..

      Delete
  24. ඇත්තටම හිතට දැනෙන්න ලියලා තියනවා අක්කෝ...

    එත් මට හිතෙන ප්‍රස්නේ ඇයි එහෙම සම්බන්ධයක් තිබුනා කියලා කිවේ නැත්තේ....

    කොහොම උනත් එක හුස්මට කියවන්න.... සිද්ධි මැවෙන්න ඔයා ලස්සනට ලියලා තියනවා අක්කෝ

    ReplyDelete
  25. හොඳ කෙටි කතාවක්

    ReplyDelete
  26. ආදරණීය ,සංවේදී නිර්මාණයක්.. ලස්සනයි.. :D

    ReplyDelete
  27. කියන්න දෙයක් හිතාගන්න බැරුව මේ කල්පනා කළේ...ඒ තරම් හිතට වැදුනා...ඒත් මොනවා කරන්නද පතාගෙන ආපු විදිහටලුනෙ ඔතාගෙන යන්නේ....

    ReplyDelete
  28. ගොඩාක් කුමාරිහාමිලාගේ ඉරණම ඕකයි.. මගේත් පුංචි කෙනෙක් ඔය විදිහටම මිය ගියා... එයාලා ලඟ ලස්සන ප්‍රේම කථා තියෙනවා... ඒත් එලියට එන්නේ නැතිවම මිය යනවා...

    ReplyDelete
    Replies
    1. අනෙ පව් නෙද.. මම හිතන්නෙ දැන්නම් එහෙම අය නැතිව ඇති නෙද...

      Delete
  29. ඒත එයා තන්හාවෙන් මිය යන්න ඇත්තේ..

    කුමාරි-ආමි ව සෑමගේ බ්ලොග් රෝලට දාගත්තෙ අද අපරාදෙ කලින් කතා කිහිපයක් මිස් වුනා. ඉදිරියට එසේ නොවේ. ;)

    ReplyDelete
    Replies
    1. මම ආමි නෙමෙයිනෙ. හි හි.. සෑම් ආවට ස්තුතියි..ඔයා අන්කල් සෑම්ගෙ පුතාද?

      Delete
    2. නැහැ... ලාල් අංකල්ගේ පුතා...

      ආමි නෙවේ නම් නේවිද ?

      Delete
  30. ලස්සනයි..ඔව් ආදරේට ආදරේ අය ආදරේ සැමරුම් පණ වගේ රකිනවා..

    ReplyDelete
  31. මම තාම බ්ලොග් වලට අළුත්. අද තමයි වලව්වට මුලින්ම ගොඩ වැදුනේ. ලස්‌සන කතාව. දිගටම ගොඩ වදින්නම් අක්‌කාගේ ලිපි කියවන්න.

    ReplyDelete
  32. කතාව හරිම ලස්සනයි අක්කේ .මගේ නම වෙනස් කරන්න ඔන්න මම තීරනය කලා .මට නොගැලපෙන නම ගැන මට කිව්වට ස්තූතියි අක්කේ."ගමරාල ගේ ඇල්හේන"කියල දැම්මොත් මොකද.කොහොමත් මම මේ කොලොන් තොටේ එකෙක් නොමොයි නෙ හද්දා පිටිසර ගමක තව හොද නම් තියෙනවනම් .ෆැන්ටසිය පැත්තෙ ඇවිත් ලියල යනවද තරහ නැතුව.මොකද මට අක්ක මේකට දාන පිලිතුර මට මගහැරුනොත් එහෙම

    ReplyDelete
    Replies
    1. මම ඔයාගේ බ්ලොග් එක හෙව්වා මල්ලි හොයාගන්න බැරි උනා..මට ලින්ක් එක දිලා යනවනම් හොදයි...

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...