Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Feb 8, 2012

෴෴෴උපාසක අම්මගේ ශ්‍රද්ධාව෴෴෴



හදිසියේම ආපු භූමි කම්පාවක් නිසා අපිත් හොඳටම කම්පා වුණා.
මම නම් හිටියේ බ්ලොග් එකක් කියව කියවා. ඉතින් හයියෙන් මගේ කම්පියුටර් හිතවතාව බදාගත්තේ ඒ ලෝකෙට ගිහිනුත් බ්ලොග් බලන්නයි යාළුවෝ හම්බවෙන්නයි පුළුවන් නිසා ඒකත් එක්කම ගියොත්..

විහිළු නෙමෙයි හොඳට බය උණා. කරපු නරක වැඩ කෙසේ වෙතත් කරගන්න බැරි වුණ වැඩ නම් මතක් උණා. අනේ "මගේ පොත".."අයිතිකාරයා"...අපොයි කීයක්ද..



ඔන්න ඕකට තමයි බුද්ධ ධර්මයේ "පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ" කියලා කිව්වේ. මොන විකාර කරත් වෙලාව ආවම යන්න වෙන නිසා ටිකක් ආගම ධර්මය ගැණ හිතුවොත් හොඳයි කියලා හිතුණා.

ඔන්න ඉතින් පින් දහම් ගැන කියනකොටයි මතක් උණේ බට්ටි ගේ බ්ලොග් එකේ තිබ්බ කඩු කාරයෝ වගයක් දානේ ගෙදරකදි කඩුවෙන් කොටපු කතාව.

ඒක එදා කියවපුවම මට මතක් උණා මටත් වුන දෙයක්.

 ඔන්න ඉතින් යන තැනකට වැඩක් කරගන්න ඔනේ කියලා හිතලා මමත් එක වෙසක් එකකට මම ඉන්න නගරේ තියෙන එකම පන්සලට ගියා කියමුකෝ.  (මැදින් පනින්න එපා දානෙ කන්නත් එක්කම තමා.මට පුදුම ආශාවක් තිබ්බේ හොද සිංහල කෑම ටිකක් කන්නත්, ඒත් ඒක මෙතන අහන්න එපා).

මේ රටවල බුද්ධාගමේ උදවිය එයාලගේ වත් පොහොසත් කම් පෙන්නන්න, එයාලගේ පුරාජේරුව කියවන්න, දරුවන්ගේ හපන් කම් කියන්න...,අලුතෙන් ගත්ත වාහනේ පෙනන්න .., එන්නෙ ඉරිදා දවසට පන්සලට තමා.

කවුරු හරි කෙනෙක් නියෝග කළෝත් මගුල් ගෙයකට සම්පුර්ණ සුදු ඇදුම් විතරක් අදින්න කියලා. එහෙම එන අය මොන වගේද බලන්න පුළුවන් මේ පන්සල්වලට කාන්තා පක්ෂය එන විධිය දැක්කනම්. තනිකරම සුදු ඇදුම් වගේම ඒ ඇදුමට ගැලපෙන විදියට කොණ්ඩ කටුව පවා සුදුයි.

ඉතින් කතාවට එමුකෝ.කොහොමින් හරි ගමරාල සිල් ගත්ත වගේ මමත් උදේම ගිහින් සිල් ගත්තා.

දානේ ලෑස්ති කරන්නෙත් පන්සලෙන්මයි.හීල් දානයත් සරුවටම තිබ්බා.

මගේ ඉස්සරහින් හිටියේ ටිකක් වෙනස් විදියේ ඇන්ටි කෙනෙක්. එයා ආපු වෙලාවේ ඉදන් එක එක විදියේ ලොකු වැඩ කරා.
හීල් දානෙත් ලන් උණා.හැමෝම කැමති දේවල් බෙදා ගත්තා.

ඇංටි හැම දේම බෙදාගත්තේ දවස් ගාණක් බඩගින්නේ හිටියා වගේ.ඒත් දානේ බෙදන අයට නම් කිව්වේ
"මම ඩයට් නේ..ටිකක් ඇති අනේ කියලා"

දානේ හැමොටම දුන්නේ ප්ලාස්ටික් පිගන් වල. ඇංටි එයාගේ බෑග් එකෙන් හැදි, ගෑරුප්පු, ඔක්කොම එළියට අරන් ගෑරුප්පුවෙන් දානේ වලදන්න පටන් ගත්ත.
කිරිබත් ඉදි ආප්ප ඉක්මනින් ඉවර කරලා අවසාන වටයට ආවා.කඩල...

ඇංටි කඩල ඇටයට අනිනවා. ඒක එහෙ මෙහෙ පනිනවා. ආයෙමත් අනිනවා..ආයෙත් ඒක අහකට විසි වෙනවා.
විනාඩි පහළොවක් විතර කඩල ඇට එක්ක ඇංටි සටන් කරල ඉවර කරනකොට අනිත් හැමෝම දානේ අරන් ඉවර කරලා සෑහෙන වෙලාවක් ගිහින්..

අනේ ඇත්තමයි ඇංටි කඩලත් එක්ක කරපු යුද්දේ දැකපු මට හිතුණා ඒකම නිමිත්ත කරගෙන හිතුවා නම් මාර්ගඵල ලබන්න තිබ්බා නේද කියලා...අනේ අනිච්චේ දුක්ඛේ සංසාරේ.....

ඔන්න ඉතින්  මට බනින්න එපා පෝය දවසෙත් අනුන්ගේ ඕපදුප හොයනවා කියලා. ඕවා දැක්කම ඉතින් මට නිකන් කට පියන් ඉන්නම බෑනේ.සමාවෙන්න ඕනේ..

පන්සල ගැන කියනකොට උපාසක අම්මලා ගැන නොකියම බෑනේ. ඔය පෝයදාට පන්සලට ගියාම එක එක විදියේ උපාසකඅම්මලා බලාගන්න පුළුවන්.සමහර අය තමන්ගේ ලොකු කම් කියනවා. තවත් අය ඕපදූප කියනවා. සමහරු නම් මේ ආත්මෙදි සියලුම ධර්මය අවබෝද කරගෙන වගේ අනිත් අයට බණ කියනවා..

මේ අය සමහරුන්ගේ ශ්‍රද්ධාව හරිම පුදුමාකාරයි.එයාලා එක එක විදියට මේ ශ්‍රද්ධාව පෙන්නුම් කරනවා. ඒ
සමහරු මෝහෙන් අන්ධ වෙලා.ඒකට නම් බුදු දහමේ කියන්නේ ආමූලිකා ශ්‍රද්ධාව කියලයි

එක උපාසක අම්මා කෙනෙක් දවසක් මිදුල අතු ගගා ඉන්නකොට හදිසියේම හාමුදුරු නමක් පිණ්ඩපාතේ වැඩියලු. කලබල උන උපාසක අම්මා ඉදල හාමුදුරුවන්ගේ ඇඟට හේත්තු කරලා හාමුදුරුවන්ට වැන්දලු.

පොඩි හාමුදුරුවරු විදියට ඉන්න සාමණේර උන්නාන්සේලා තාම සෙල්ලම් ළමා වියේ ඉන්න නිසා මොනතරම් තහංචි දැම්මත් සෙල්ලම් කරන එක නවත්තන්න ලොකු හාමුදුරුවන්ට බෑ. 

ගමේ පන්සලේ සාමණෙර හාමුදුරුවෝ ගමේ කොලු පැටව් එක්ක එකතුවෙලා ගඟට බැහැල ලොකු සෙල්ලමක් ලු මේක බලන් හිටිය උපාසක අම්ම කෙනෙක්ට හරිම කේන්තියිලු.
කෙළින්ම ලොකු හාමුදුරුවෝ හොයන් ගිහින් කිව්වලු.

"අපේ ලොකු හාමුදුරුවනේ පොඩි උන්නාසෙගේ කල් කිරියාව නම් හරිම නරකයි දැන්" කියලා
ලොකු හාමුදුරුවෝ බොහෝ දැන උගත් යතිවරයෙක්..උන්වහන්සේ හිනාවෙලා ඇහුවා

"ඇයි උපාසක අම්මේ පොඩි නම මොනැයි කරලා තියෙන්නේ?"

"අනේ අපේ හාමුදුවනේ පොඩි උන්නාන්සේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක එකතුවෙලා මම දැන් එනකොට එක යම යුද්දේ ගඟ ළඟ..අපේ පොඩි හාමුදුරුවෝ ගඟට වඩිනවා ගහට වඩිනවා..ගහට වඩිනවා ගඟට වඩිනවා"

"හොඳයි හොඳයි උපාසක අම්මේ උන්නාන්සේ කොයි වෙලේ හරි පන්සලටත් වඩී නොවැ එතකොට මම වේවැල වැඩම කරවන්නම්කෝ" ලොකු හාමුදුරුවෝ හිනාවෙලා කිව්වලු..

වඩින එක ගැන කිව්වම තවත් කතාවක් මතක් උණා. එක මහත්තයෙක් ස්වාමීන් වහනෙසේ නමකට දානේට ආරාධනා කරලා දුරකථනයෙන් අහනවලු 

"අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ එනවද මම වඩින්නද" කියලා එක්කන් යන්න..

හාමුදුරුවොත් කිව්වලු 
"නෑ නෑ මහත්තයා වඩින්න ඕනා නෑ මම එන්නම්" කියලා.

පස්සෙලු මහත්තයාට කල්පනාවට ආවේ මොකක්ද උණේ කියලා...

ප.ලි: මේ පින්තුරේ මෙතනට දැම්මට මට ඒක දැක්කම ලොකු දුකක් හිතට එනවා. ඒ අම්මා ගැන නම් නෙමෙයි මම ලිව්වේ. වෙන පින්තුරයක් හමු නොවුන නිසයි මේක දැම්මේ.



55 comments:

  1. කුමාරිහාමිගේ කතන්දරේ නම් හරිම ලස්සනයි.අර පොඩි උන්නාංසෙගෙ කතාවට මම හුඟක් කැමතියි අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි..ඔයාගේ නම වෙනස් කරමුද.ඒ නම ඔයාට ගැලපෙන්නේ නෑ වගේ..

      Delete
  2. මට ටිකක් වේලා ගියාට පස්සේ නේ ක්ලික් උනේ..

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ කී බෝඩ් අවුලක්ද...හි හි..

      Delete
  3. ළඟදි ආව භූමි කම්පාවකට මම උන්නු ෆ්ලැට් එකත් පැද්දුනා.ඒක තත්පර ගානක් වගෙයි තිබුනෙ.මගේ ජීවිතේ දැක්ක පළවෙනි එක නිසා මම හිතුවෙ අපේ ෆ්ලැට් එකේ පල්ලැහෑ මොකක් හරි වැඩක් කියල.ඒත් පස්සෙ හිතුන මේකනම් කිව්ව වගේම භූමි කම්පාවක් කියල.අපේ ගෙදර බඩුමුට්ටුත් එක්කම මාවත් එදා එහෙට මෙහෙට පැද්දුනා....

    ඔයා මේ ලිපි ලියන විදිහනම් ලස්සනයි කුමරිහාමි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් සිහිනයි මායි ඉන්නේ එකම රටේ.මම නම් මීට කලින් මේ අත්දැකීමට මුහුන දුන්න නිසා එක පාරටම තේරුනා.

      ස්තුතියි සිහින ඔයාට..

      Delete
  4. රට පැටෙව්වත් හිරමණේ කරන්නේ පොල් ගාන එක කීවා වගේ අපේ උපාසක ඇත්තන් කොහේ ගියත් අනන්‍යතාවය රැකගන්නවා. ඕවාට කියන්න දෙයකුත් නෑ. මට නම් ඇති එකම දුක මේ මිනිස්සු ශීලයට කරනා අපහාසයයි. සිල් නොගත්තා කියා කිසිම වරදක් නෑ. වරද තියෙන්නේ සිල් ගන්නවානම් එය නිසි ලෙස රැකීමක් නැතිනම්.
    කඩල කෑව කතාවනම් මරු. සිංහල කෑම කන්න පුළුවන්ද හැඳි ගෑරුප්පු වලින්.

    ReplyDelete
    Replies
    1. "රට පැටෙව්වත් හිරමණේ කරන්නේ පොල් ගාන එක"...ඒ කතාව නම් වටිනවා ප්‍රියන්ත. . අනේද කියන්නේ..ලෝකෙට පේන්න සිල් ගන්නවට වඩා හොදයි පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා..

      Delete
  5. ඇයි අර කොහේද කවුදො කියල චික්..දෙසල තිබ්බේ ..හාමුදුරුවො වැඩ්ඩා වැඩිල්ලක් සිවුර වෙලේ කියලා...ඔව්වා ඔහොමතමා අද ගොඩක් දෙනා සිල් ගන්නේ ඉස්ටයිල් එකටනේව..ඒ විත්‍රක් යෑ..තමන්ගේ පුලුවන් කාර කම පෙන්නන්ට..සෙමි තපොත් හදනවනේ...ඉතින් ගොඩක් උන්ගේ හිතේ ඔය සේමි තපොවලට ගියාපුවම පිං වැඩි කියල හික්..

    ReplyDelete
    Replies
    1. සෙමි තපෝ..එකත් නියමයි..අනේ මන්දා අපේ අයට වෙලා තියෙන දෙයක්.. එහෙනම් ඒවට යන අය ඉක්මිනින් නිවන් දකියි නේද..

      Delete
  6. ආගමට දහමට නැඹුරුයි රටට ජාතියට ආදරෙයි කියල පෙන්වන මිනිස්සු ගොඩක් කරන්නෙ ලොකූ බොරුවක් කියල මටනම් හිතෙන්නෙ..ඒ මිනිස්සුන්ගෙ ඇතුල හිස්..ලෝකෙට පේන්න ජනප්‍රිය වෙන්න ගොඩක් දෙනා දැන් දන් පින් කරන්නෙ..සිල් ගන්නෙ..රට ජාතිය ගැන කෑ ගහන්නෙ..බලන්න Facebook එකේම කී දෙනෙක් කෑ ගහනවද ඕවට..ඒත් එයාල ඔයි අන්තර්ජාලයෙන් මිදිල සමාජයෙ හැසිරෙද්දි ඔයි කිසිම දෙයක් මතක නෑ..මට නම් ඒ වගේ අය ගැන පුදුමාකාර කලකිරීමක් දැනෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මාත් Facebook එකේ කෑ ගහනවා විතරක් නෙමෙයි මරාගන්නත් යනවා හි හි

      Delete
    2. ඒක නම් සහතික ඇත්ත සිත්..වැඩිපුර කරන්නේ ආගම ඉස්සර කරන් කැපී පේන්න දගලන එක.. ඒත් කරන දෙයක් නෑ. බොරු සෝබනේ..

      Delete
    3. ආ..මල්ලිත් එහෙමද..දැන්නේ දන්නේ...

      Delete
  7. හොද කතාටික. ඉදලට හේත්තුවෙලා වැන්ද උපාසකම්මට අනතුරක්වත් උනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඉදල හේත්තු කරේ හාමුදුරුවන්ගේ ඇගටනේ..හි හි..

      Delete
  8. සිල් ගන්න ගිහින් ගෙදරදී තියන නිදහස් මනසත් නැති කරගන්න අය නම් ගොඩක් ඉන්නවා මයේ හිතේ...

    කතාව හොඳයි .... හැබැයි ෆොටෝ එක ගැනත් කතාවක් ලියුවානම් හොදයි ....

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එක ගැන පස්සේ කියන්නම්. ඒක මේ කතාවලට සම්බන්ද නෑ..

      Delete
  9. මම හරි ආසයි ඔය ෂෝ එක දාන අයට මොනා හරි කියන්න....පුංචි කුමාරිහමිටත් හොදවයින් 2ක් කිව්ව නම් ඉවරනෙ ඒ ඇන්ටිට.....

    ReplyDelete
    Replies
    1. බෑනෙ.. මම සිල් අරන් නේ..හි හි..

      Delete
  10. කථා සෙට් එකම මරු පුංචි...

    ලොකු හාමුදුරුවෝ : පොඩිනම නෑව ද ? සබ්බේ ලබං !!!

    පොඩි නම් : එහෙයි ලොකු හාමුදුරුවනේ... ඒදං සොන්නං !!!

    ReplyDelete
    Replies
    1. ආ අලුත් කතාවක්.ඒක නම් අපි දන්නෙ නෑ...

      Delete
  11. හපෝ, ශෝ දාන අය නම් ඕනේ තරම් අක්කා... කොළඹ රටෙත් එහෙමම තමයිනේ ඉතින්,එක එක පුද්ගලයා එක එක විදියයිලුනේ. ඔය වගේ බොරු වැඩ වලිනුත් මාර්ගඵල ලබන්න පුළුවන් කියලා හිතන් ඉන්න කට්ටියකුත් ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකම තමා. මේවා දකින කොට හිනා නොවී ඉන්න බෑනේ...

      Delete
  12. අපේ ගේ ලගත් ඉන්නවා සෝවාන් උන උපාසක අම්මා කෙනෙක්.. මම ලංකාවෙන් යන්න කලින් එයා හිටපු හැටියට මම අවුරුදු 3කින් ලංකාවට එද්දි එයා සෝවාන් වෙලාලු...

    ReplyDelete
    Replies
    1. අම්මෝ හෙනම් දැන් රහත් වෙලා නමත් මාරු වෙලා ඇති...හි හි..

      Delete
  13. හැඳි ගෑරුප්පු හැම තැනකටම හරියන්නේ නෑනේ කඩල නෙමෙයි කොස් ඇට මාළුවක් දෙන්න තිබ්බේ හි හි ඇත්තටම අක්කෙ මටත් මේක කියවද්දියි මතක් වුනේ අවුරුදු ගානකින් පන්සලක් පැත්ත පලාතේ ගියේ නෑ නේද කියලා ගනන් බැලුවොතින් අවුරුදු 5ක් විතර ඇති...මාත් පන්සලට ගිහින් ටික වෙලාවක් ඉඳලා එන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අපොයි හරිම නරකයි..ඔයා දහම් පාසල්වත් යන්නේ නැද්ද..ගන්න දෙයක් නෑ..හි හි.. යන්න යන්න පන්සලකට වැස්සටවත්...

      Delete
    2. දහම් පාසලෙන් අයින් වුනේ සා/පෙ කරන්න එදා ඉඳන් ගියෙම නෑ අක්කේ ඒකයි හේතුව... දහම් පාසල් යද්දි නම් පන්සලේ හැම වැඩකටම ඉස්සරහට පැනලා දායක වුනේ..

      ගද්‍ය රචනා පද්‍ය රචනා වලට මාව පුරුදු කරලා තරඟවලට යැව්වේ දහම් පාසලෙන් ඒ නැත්තම් මම ලියන්න අමු කම්මැලියෙක් වෙනවා... හපෝයි හපෝයි මම හැබැයි මාසෙකට සැරයක් දළදා මාළිගාව වැඳ පුදාගෙන එනවා ඉතිං මං නරක නෑ නේ

      Delete
    3. ආ එහෙනම් නරක නෑ..මමත් මල්ලි පන්සල් ගිය කාලයක් මතක් නෑ..ලොකු කමට කිව්වට..

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මට මැවිලා පේනවා අර උපාසකම්මා කඩල කාපු හැටි

    ReplyDelete
    Replies
    1. ඔයත් කන්න ට්‍රයි එකක් දීලා බලන්න...හි හි..

      Delete
  16. ලංකාවේ ඉන්න අයට වඩා විදේශ ගත උනු අයගේ ශ්‍රද්ධාව මුලු ශරීරයෙන්ම වැක්කෙරෙනවා මොනම ආගමේ උනත්,අනේ එයාලා සෝවාන් වෙලා,ශුද්ධවන්තයෝ වෙලා වගේ හැසිරෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත..ලංකාවෙදී කරන්න පුලුවන් ඔක්කොම කරලා මෙහෙදී හැසිරෙන්නනේ..සෝවාන් වුන අය වගේ..

      Delete
  17. අපේ ගොඩක් බෞද්ධ අය ඔහොමනේ..තමට විතරයි බෞද්ධ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. නමට බෞද්ධ.ස්තුතියි තරු.

      Delete
  18. වැඩියෙන් පින් දහම් කරන බව කියන, හතර පෝයටම සිල් ගන්න හුඟක් දෙනාගෙ ඇතුලාන්තය හිස්....

    මටත් කතාවක් මතක් උනා ඔයාගෙ කතාව කියවලා. ඔන්න දවසක් හතර පෝයටම සිල් ගන්න උපාසක මහත්තයෙක් පාන්දරින්ම පන්සලට ගියාලු පෙට්ටියකුත් අරන්.පෙට්ටියෙ හිටියෙ අලුත ඉපදුන බලු පැටවු කීප දෙනෙක් ලු. ඉතින් හාමුදුරුවෝ ජනේලෙ ඇරල බලද්දි දැක්කලු උපාසක මහත්තය බලුපැටවු ටික පන්සල් මිදුලේ දාල යන්ට යනවා.හාමුදුරුවෝ උපාසක මහත්තයගෙන් ඇහුවලු ඒ මොකද කලේ කියලා.
    උපාසකයත් ගත්තු කටටම කිවුවලු " අනේ අපෙ හාමුදුරුවනේ ලොකු ලොකු මිනිස්සුන්ට වගේ පන්සලට පූජා කරනට අලි ඇත්තු අපි ලඟ නෑ නොවැ. ඒ නිසයි මේ බලු පැටවු ටික අරන් ආවෙ පන්සලට පූජා කරන්ට" කියලා. :D :D

    ReplyDelete
    Replies
    1. හෙහ්... මරු උත්තරේ.......

      Delete
    2. නියම කතාව.. ඇත්ත නේන්නම් අලි ඇත්තු බාරගන්නවනම් බලු පැටව් ටිකත් බාරගන්න ඕනේ නේ..

      Delete
  19. කතා ටික හොඳයි.භුමි කම්පාවක් වුනා කිවුවේ එහෙම නිව්ස් එකක් දැක්කේ නැහැ නේ.

    ගොඩාක් දෙනෙක් ඉතින් ෂෝ එක නේද තියෙන්නේ.කඩල කනවද නැත්නම් ගෑරුප්පුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔව්නේ අසාර් භුමිය කම්පා උනා..

      කඩල විතරක්යැ කොස් ඇටත් කන්න පුලුවන් කියලා ගැමි මල්ලි කිව්වා...

      Delete
  20. අපේ ඔපීසියේ ඉංගල්ඩ්වල ඉදලා ආව වගේ හිටපු සිරි ලාංකික කත මතක් වුණා. එයා කක්කුට්ටෝ කෑව ගෑරුප්පුවෙන්..

    දැක්ක තැන මට "ආ...නේ.... හා....යි... සෑ.. ම්.. " කියනවා

    ReplyDelete
    Replies
    1. ආනී හලූ සෑම්...

      කකුට්ටෝ නෙමෙයි කොස් ඇට ටිකක් තම්බලා දෙන්නකෝ ඉංග්ලන්ඩ් නෝනාට..

      Delete
  21. මරු... අර හාමුදුරුවො එනවද ? මම වඩින්නද දැකලා මට හොඳටම හිනා...

    මේ ලිපියෙන් පුංචින් නොඅඩුව පව් පුරෝගන තියනවා කියලත් කියන්ඩ ඕනා..

    මාත් කියන්නම් පොඩි හාමුදුරුවන්ගේ කතාවක්..

    ඔන්න ඉන්නවලු අර වගේ සෙල්ලමට බර පොඩි උන්නාන්සෙ කෙනෙක්..හැම තිස්සෙම ගමේ ගෝඩේ ගිහින් සෙල්ලමලු... කතාවත් ඉතින් යනවා එනවා එහෙමලු.. මේක දැකපු ලොකු හාමුදුරුවො දවසක් කිව්වලු.. හාමුදුරුවො වෙච්ච අපි ඔය ගිහියෝ වගේ කතා කරන්නෑ.. යනවා එනවා කියන්නැතුව වඩිනවා කියන්න. නිදියනවා කියන්නැතුව සැතපෙනවා කියන්ඩ.. කනවා කියන්නැතුව වළඳනව කියන්ඩ කියලා උපදෙස් මාලාවක් දුන්නලු..

    දවසක් පොඩි නම වඩිනවලු හති දාගන අඳන කඩේ පිටින්

    ලොකු හාමුදුරුවො ඇහුවා " මොකෝ පොඩි නම ? "

    හහ් හා.. හාමුදුරුවනේ මම වෙල දිගේ වඩිනකොට තඩි බල්ලෙක් මාව වලදන්ඩ වැඩියා.. මමත් වැඩ්ඩා වැඩිල්ලක් සිවුර වෙලේ කිව්වලු..

    ඕක පරණ කතාවක් හුඟක් අය දන්නවා ඇති..

    ReplyDelete
    Replies
    1. අයියෝ සෙන් මම පව් පුරෝගෙන?..අනේ එහෙම අදහසකින් නෙමෙයි මේක ලිව්වේ..මම පව්...

      බල්ලා පන්සලේ එකෙක් වෙන්න ඇති නේද එකනේ වලදන්ඩ ආවේ...

      Delete
  22. පොඩි උන්නාන්සේ සෝමා උපාසකමාතාවට රේසරයක් ගන්න සල්ලි දීපු එක මතක් උනා....

    ReplyDelete
    Replies
    1. ඔයා නොන්දන්න එක හොඳයි එක අතකින්.

      Delete
    2. ඒක නං ඇත්ත...තැන්කූ අසරනයෝ මාව අසරන නොකරාට..නැත්තං ඒ කථාවත් කියන්න වෙනවා....

      Delete
  23. පන්සලකට ගිය කාලයක් මතක නැහැ......අන්තිමට ලංකාවට ගිහින් අනුරාධපුරේ ගියා....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමා කිරිල්ලි..මෙහේ පන්සල් නෑ නේ...

      Delete
  24. හොඳ ලිපියක් :)
    මොකද දැන් කට්ටියම උපාසක අම්මල ගැන ලියන්න පටන් ඇරන් තියන්නෙ?

    ReplyDelete
  25. අපි දැන් යන තැන්ට වැඩක් කරගන්න නේ හදන්නේ..ඔයාත් කැමති නම් සහභාගී වෙන්න...

    ReplyDelete
  26. මෙහෙ තත්ත්වෙත් ඕකම තම ගොඩක් දෙනෙක් පන්සල් එන්නෙත් සිල්ගන්න නෙවෙයි. කෝප්ප හෝදන්න, ලොකු කම පෙන්වන්න. කාලෙට ගැලපෙන කතාවක්. කොහොම උනත් කුමාරිහාමි, පොඩි හාමුදුරුවෝ ගැන කතාවයි, එනවද වඩිනවද කතාවයි නම් නියමයි. අද තමා මේ පැත්තට එන්න හම්බ උනේ. දැන් නම් ඉතින් නිතරම ඇවිත් යන්න පුළුවන්නේ පාර මතක තියා ගත් නිසා. හැක් හැක් හැක්

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...