Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Nov 24, 2012

සිතන්නට යමක්..



අප ජීවිතයේ බොහෝ දේවල් සම්බන්දයෙන් හඬාවැටි පසුතැවිලි වන බව ඔබ දන්නවා. එහෙත් සමහර පසුතැවිලි වන දේවල් වලින් මිදෙන්න අපට ඉතාමත් අපහසුයි.

මේ අපහසුදේවල් අතරින් තරුණවියේ සිටින හැමෝටම බලපාන එකම ගැටලුව අප ආදරය කර ආදරණියයන් අපෙන් ඉවත්වීම. ඉතා තද බැදීමක් සහිත සම්බන්දයකට නැවතීමේ තිත වැටීම. මේ සිද්ධියට අප බොහෝ දෙනා මුහුන දී තිබෙනවා වන්නට පුලුවන්. මෙහිදී එකිනෙකා මානසික ශක්තීන් හා දරාගැනීමේ හැකියාව මත ඔවුනොවුන් මේ සම්බන්දතාවයන් කැඩී යාම දරාගන්නවා.

එහෙත් අතිශයින් සංවේදී ජීවිතයේ හැලහැප්පීම් වලට මුහුණ නොදුන් ඇතෙමෙක් මෙවැනි තත්වයක්දී ඉතා විශාල මානසික පීඩනයකට හා වියවුලකට මැදි වෙනවා. ඔබ හා සම්බන්දතාවය පැවැත්වූ අය මොන හේතුවක් නිසා එය නවතා ඔබෙන් ඉවත් වුවද ඔවුන් ඔබෙන් ඉවත ගිය පසු ඒ පිළිබදව හේතු විමසින් පසුපසින් යාමෙන් පලක් වෙන්නේ නෑ.

ඔබ හදිසියේ ගින්නකට මැදි වූවා යැයි මොහොතකට සිතන්න. එහිදී ගිනි තැබූ පුද්ගලයාත් ඔහුගේ උපන් දවසේ සිට තොරතුරුත් ඔබ සොයා සොයා සිටිනවාද? ඔබ කල යුත්තේ හැකි ඉක්මනින් එතැනින් ඉවත් වී ඔබේ තුවාල සදහා බව.. අවශ්‍ය් ප්‍රතිකර්ම යෙදීමයි. තුවාල සුව වීමට කෙටි කාලයක් ගතවේවි එහෙත් ඔබ ඉන්පසු ජීවිතයට ඉතා අගනා පාඩමක් එකතු කරගන්නවා නොවේද..?

ඔබේ දැනගැනීම පිනිස මා කියවූ ලිපියක එක් තරුණියක් ඇගේ පෙම්වතාගෙන් වෙන්වූ පසු එය දරා ගත් ආකාරය මා මෙහි සටහන් කරන්නම් ඇගේ වදනින්ම..
“ එයා මාව සදහටම දාලා ගිහින් කියලා දැන ගත්ත මුල්ම දවසේ මට ඒක අදහගන්න බැරි වුනා.මම ඒක විශ්වාස කරේම නෑ. ඒත් ඊට දවස් දෙක තුනකට පස්සේ මට තේරුනා ඒක ඇත්තක් කියලා එයාගේ කටින්ම මට කිව්වා “මට සමාවෙන්න මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා” කියලා. ඒ වෙලේ මට හිතුනේ මේ මුලු ලෝකයම එකපාරටම ගිලා බහිනවා කියලා. මට දැනුනා කකුල් දෙක ලගම බෝම්බයක් පුපුරනවා කියලා. අපි ඒ වෙනකොට අවුරුදු 2කට කිට්ටුවෙන්න ආදරේ කරලා තිබ්බා.

මම කෑ ගහ ගහ ඇඬුවා. මගේ හිත කොහෙත්ම ඒ සිද්දවුන දේ පිලිගන්න සූදානම් වුනේ නෑ. ඇද උඩට වෙලා රැයක් දවාලක් නැතිව මම අඬ අඬා හිටියා. ඇයි එයා එහෙම කරේ.. එයාට ඇයි මට වඩා වෙන කෙනෙක්ට ආදරේ හිතුනේ.. එයාට මම කරපු වරද මොකක්ද එහෙම කරන්න. මම ගොඩක් දේවල් හිත හිතා ඇඩුවා. මගේ යහළු යෙහෙළියෝ මගේ හිත හදන්න හැදුවත් මට ඒ අයත් වදයක් වගේ පේන්න ගත්තා. ඒ වෙනකොට සතියක් ගතවෙලා. මම රැකියාවට යන එකත් නවත්තලා අසාධ්‍ය ලෙඩෙක් වගේ ඇදට වෙලා හිටියා. මම උත්සාහ කරා ඔහුට කතා කරන්න ඔහු මම කතා කරද්දී දුරකථනය විසන්දි කරා. මම වියරු නොවැටුනා විතරයි.

මට මේ ලෝකේ ගැනත් මම ගැනත් පුදුමාකාර ව‍යිරයක් ඇතිවෙන්න ගත්තා. මම නොකා නොබී හිටියා මගේ ගැනම වයිරෙන්. අපි එකට ඉන්නකොට කරපු කියපුවා බල බල අඬා වැටුනා. සැබැවින්ම මේ වෙද්දී මම සිය දිවි නසා ගන්න බොහෝ වාරයක් උත්සහා කරලා තිබ්බා. මිය යාමට කිසියම් බයකුත් මගේ හිතේ තිබ්බා.මේ වෙනකොට ඔහු මගෙන් වෙන්වෙලා මාසයක් ගෙවිලා ඉවරයි.

මම ඉන්න තැන මාරු කරා. එයාව අමතක කරන්න ඕනේ කියලා හිතලා වෙනත් පලාතකට ගියා. ඔහුට කතා නොකර ඉන්න උත්සහ කරා. ඒත් මට මාව පාලනය කරගන්න බැරි උනා. මම එක එක දුරකතන අංකවලින් කතා කරලා එයාගේ කටහඩ අහන් හිටියා.  මම භාහිර ලෝකයෙන් සම්පූරනයෙන්ම ඉවත්වෙමින් සිටියා. කිසිම විදියකින් වෙනත් භාහිර කටයුත්තක නොයෙදීමටත් ගෙදරින් පිටතට නොයාමටත් මට ඕනේ වුනා.

ඊටත් පස්සේ මට තේරුනා මම මානසික ආතතියක් කරා ඉබේම යනවා කියලා. මාව දකින හැමෝම පුදුම වෙන්න ගත්තා. දරුනු ලෙඩකින් පීඩා විදින බවක් මගෙන් පෙනෙන්න ගත්තා.
මම යන්න පුලුවන් හැම පන්සලකටම දේවාලයකටම ගිහින් ඔහුව අමතක කරන්න උදව් කරන්න කියලා දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලුවා. එහෙත් මා ඔහුගේ මතකයන් හා ඔහු පසු පසින් යන එක නැවැත්තුවේ නෑ.
ඒ වෙනකොට තවත් මාස දෙකක් ගෙවී හමාරයි. මා නැවතත් මගේ නිවසට පැමිනියා. එහෙත් මට ඔහුගෙන් මිදෙන්න කොහෙත්ම බැරි උනා. මා අඩාවැටෙමින් ඔහු අසලින් රැදෙන්නටත් කතා බහ කරන්නටත් අවස්ථාවක් හොයමින් සිටියා. ඔහුට ඔහුගේ අළුත් ජීවිතයට සැබවින්ම මා බාදාවක් වෙමින් තිබුනා. මා ඔහුට කරදරයක් වදයක් බව ඔහු කෙලින්ම මට පැවසුවා. එහෙත් මට මගේ මනස පාලනය කර ගැනීමට නොහැකි වුනා.

මේ විදියට මාස 04ක් පමන ගෙවී ගියා. හදිසියේම දවසක් මට සිතුනා මට මනෝවිද්‍යාත්මක ප්‍රථිකාර  අවශ්‍ය වෙන බව. මම මගේ ලඟම යෙහෙලියකට ඒ බැව් පැවසුවා. එහෙත් ඇය කියා සිටියේ මා විසින්ම මගේ සිත පාලනය කරගැනීම වැදගත් බව .

මම එයාව අමතක කරන්න පුළුවන් ක්‍රම සොයා බැලුවා. අන්තර්ජාලයේ නොයෙකුත් උපදෙස් තිබුනා. පොත් පත්වලත් නොයෙකුත් උපදෙස් තිබුනා. එහෙත් ඒ එකක්වත් සාර්ථකම ක්‍රම නෙවෙයි.
මම හැම මොහොතෙම හේතුවක් ඇතුවත් නැතුවත් අඬන්න පටන් අරන් හිටියේ. පාරවල් දිගේ පිස්සියෙක් වගේ මම කදුලු පෙර පෙර ඇවිද්දා. “ඇයි එයා මට මෙහෙම කරේ” මම මගෙන් ඇහුවා ඔහුට කතා කරමින් වදයක් වෙමින් ඔහුගෙනුත් අහනන් ගත්තා “ඇයි ඔයා මට මෙහෙම කරේ “ කියලා. ඒත් ඒ ප්‍රශ්නෙට පිලිතුරක් තිබ්බේ නෑ.

මෙහෙම ඉන්නකොට හදිසියේම දවසක් මට සිතුනා මම මේ මොනවද කරන්නේ කියලා. මම කවදාවත් මට අයිතිවෙන්නේ නැති සතුටක් පසුපස වියරුවෙන් දුවමින් ඉන්න බව මට තේරුනා.මගේ මුළු ලෝකයම කැරකුනේ ඔහුගේ වටේ.ඔහු කරන කියන හැමදෙයක් දෙසම බලමින් මම හිත රිදවගන්න සූදානමින් හිටියා.

මම මගේ හිතට කතා කරා. “ මේ අහන්න කෙනෙක්ගේ පස්සෙන් ගිහින් එයාට වදයක් වෙමින් ඔයාට ආදරේ කරන්න කියන එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවද?” මම මගෙන්ම ප්‍රශ්න කරා. ඇත්තෙන්ම ඒකෙන් මට මොනවද ලැබෙන්නේ. ආදරය කියන්නේ කෙනෙක් තව කෙනෙක්ට කැමැත්තෙන් කැපවීමෙන් දෙන දෙයක්. කවදාවත් බලෙන් ආදරය කරවගන්න බෑ. මම ටික ටික ඒ දේ මගේ හිතට දැනෙන්න ඇරියා. එයා මට ආදරේ නෑ. අපි අතරේ සිදුවුන හැමදේම අයිති අතීතයට. ඒ හැමදෙයක්ම සිදුවෙලා අවසන්.
මම සිදුවීම් පස්සෙන් දුවන එක නැවත්තුවා. ඔහු කරන කියන හැමදෙයක් ගැනම සොයා බලමින් ඒ පිළිබදව කනසල්ලට පත්වෙන එකින් අයින් වෙන්න ගත්තා.

ටිකෙන් ටික මම සංසුන් වෙන්න ගත්තා. අපි අතරේ සිදුවුන හැම සුන්දර අසුන්දර සිදුවීමක්ම දිහා උපේක්ෂාවෙන් බලන්න මට පුළුවන් වුනා. ඒ වගේම ටිකෙන් ටික මගේ ආගම අනුව කර්මය ගැනත් මේ ගෙවන්නේ ඉහත ජන්මයක මගේම අතින් සිදුවූ වැරදි වල විපාක කියලත් මම හිතන්න ගත්තා.
මේ වෙනකොට මම ගොඩක් සංසුන්.. 

එයා ගැනවත් මේ ලෝකේ කිසිම කෙනෙක් ගැනවත් මට තරහක් නෑ. තුවාල හොද වෙන්න කාලයක් ගනී. ඒත් මම ගිනි ගොඩෙන් ඈත්වුනා.”

මේ ඇගේ කතාව. සමහරවිට ඔබටත් මේ සමාන අත්දැකීම් ඇති. කල හැකි හොදම දේ සියළු දේ විසදීමට කාලයට බාර දෙන්න.

සතුට පසු පස හඹායන්න එපා. එය ඔබ පසුපස යන හැමමොහොතකම ඔබෙන් ඈතට යනවා. දිනක ඔබ සොයන සතුට ඔබ සොයා පැමිනෙනවාමයි. එතෙක් බලා සිටින්න.

23 comments:

  1. ගොඩක් ස්තූතියි මේ post එකට . මොකද මාත් දැන් ඉන්නේ ලොකු ප්‍රශ්නෙකින් .ඒක නිසා මට මේ post එක ගොඩක් ලොකු උදව්වක් හිත හදාගන්න.:)

    ReplyDelete
    Replies
    1. හරිම සතුටක් ඔයාට ඒක ප්‍රයෝජනවත් උනා කියලා දැනුන එකට. මම තව ලිංක් එකක් දාන්නම් ඔයාට බලන්න..
      http://www.lakhiru.com/novel/lakmini/index.php

      Delete
  2. kalekata issara mage kathaawath okama thamai. mita aurudu 6kata kalin math oya deta oya widiyatama muna dila. hithahadagaththa. adatath mage hitha sampurnayen suwa wela na kiyala hithenawa. eth ada mama mata adaraya karana kenek badala hodin innawa.

    ReplyDelete
    Replies
    1. අහන්න ලැබීම සතුටක්...ස්තූතියි ඔයාට

      Delete
  3. දැන් ඉතින් හිතන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මොකක්ද සෑම් හිතන්න තියෙන්නේ...?

      Delete
  4. කියලා තියෙන කතාව ඇත්ත....

    ReplyDelete
  5. නැවත පැමිණීම සතුටක්...

    මම අර දවසක් කියපු කතාව මතකනෙ..ඉවසීමෙන් බලා සිටින්න..

    ReplyDelete
    Replies
    1. සැනසීමක් ලැබෙයිද සෙන්නා??

      Delete
  6. නැවත පමිනිමනම් ගොඩාක් හොඳයි.

    ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම නිශ්ශබ්දව ඉවසගෙන සිටීමයි.

    ReplyDelete
  7. මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා... ඔය කියන මානසික තත්වයෙන් ජීවත් වෙන එක හරිම වේදනාකාරී අත්දැකීමක් කියලා මම අත්දැකීමෙන් දන්නවා... සතුට කියන දේ බොහොම ආගන්තුක දෙයක් බවට පත්වෙනවා ඒ කාලෙදි...

    කාලය තමයි ඒ හැමදේම විසදලා දුන්නෙ... අද මට ඒ කාලෙ මතක් වෙනකොට හිනා යනවා අද ඉන්න මමද එදා ඒ විදියට දුක් වුනේ කියලා...

    නැවත පැමිණීම ගැන සතුටුයි... ඔබේ සිතෙත් මෙවැනි දුකක් වේ නම් ඉතා ඉක්මණින් යථා තත්වයට පත් වේවායි පතමි... ජය !

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්. ඔව් ඔයා කියන එක හරි. මට යාලුවෙක් ඔහොම කතාවක් කිව්වා "අද අපි හිතන්නේ අපිට නැතිවුනේ ජීවිතේ තිබ්බ හොදම දේ කියලා ඒත් කාලයක් ගියාම ඔයාට තේරෙයි ඒ නැතිවුන දේ ජීවිතයට මොනතරම් නොවැදගත්ද කියලා".. සමහර විට ඔයා කිව්ව දේත් ඒ වගේ වෙන්න පුලුවන් නේද.

      Delete
  8. ඒ අත්දැකීම මටත් තියෙනවා...මේ මෑතකමයි...හොඳම විදිහ තමයි “පස්සෙන් ගිහින් එයාට වදයක් වෙමින් ඔයාට ආදරේ කරන්න කියන එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවද?” කතියලා හිතෙන් අහන එක....


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔයා හිත හදාගත්තද?

      Delete
  9. හිත හදා ගන්න එක තියෙන්නෙ තමන්ගෙ අතේ තමයි. ඒත් හිත හැදෙනකල් ගෙවා ගන්න වෙන කාලෙ. දෙයියනේ ඒක නම් ගිනියම් වුණ යකඩ තාච්චියක් උඩ වාඩි වෙලා ඉන්නවටත් වඩා අමාරු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒක නේ තරූ ඒ කාලේ ගෙවාගන්නනේ අමාරුම

      Delete
  10. කාලය සැමදේම විසඳාවි ...

    ReplyDelete
  11. මගේ ඇස් වලට කදුළු ආව මේක කියවලා,ගොඩක් අමාරුවෙන් හිත හදාගෙන ඉන්න කෙනෙක් නිසා වෙන්න ඇති,කෙනෙක් වෙනුවෙන් ලොකු ආදරයක් ඇති වෙලා තිබුන හිතේ,එත් එයා අවංක උනේ නෑ,අවංක නැති බව පිළිගත්තෙත් නෑ , ඇස පනාපිට ඔප්පු වෙන කාරණා වලදී බොරු කියනකොට මට එයාව එපා උනා.ලොකුම අමාරුව උනේ දවසින් දවස එන මෙසේජෙස් ෆෝන් කෝල්ස් අතරේ හිත හදාගෙන ඉන්න එක.එත් ඒ අභියෝගයත් මම ජය ගත්ත.(මේ කතාවේ පිරිමි ළමය ඒ අතින් ගොඩක් හොදයි මොකද ඇත්ත කියල වෙන වෙලා, මට උනේ දිගින් දිගටම රැවටීමට ලක් වෙන්න) .මාත් ඒ අදරේම එල්ලිලා ඉන්න හැදුවනම් අදටත් එයාගේ බොරු වලට රැවටී රැවටී ආදරේ විදින්නත් තිබුණා
    ඉතින් හිතේ ඉපදුං ආදරේ අතරමන් වෙලා දෙන්න කෙනෙක් නැ,කියන්න කෙනෙක් නෑ ඇස වලින් ගලපු කදුළු දන්නේ මමම විතරයි එයට කියන්න ගියෙත් නෑ මම,හිතේ ඉපදෙන ආදරේ දෙන්න කෙනෙක් නැති වෙනකොට මම අහස දිහා බලාගෙන මේ විශ්වයට ආදරේ කරන්න පටන් ගත්තා එකෙන් මගේ හිත සන්සුන් උනා.ඒ ආදරේ එයා ලග නතර නොවී මුළු ලෝකෙටම පැතිරෙනවා කියල මට දැනුනා. "කුරුල්ලන්ට ගී ගයන්න ගහට කොළට පටදෙන්න විසි කලෙමි හදේ තිබුන ආදරයයි කරුනාවයි කාටවත් නොදී" කියන සින්දුව මම වගේම කෙනෙකුගේ අත්දැකීමක් වෙන්න ඕන එක.එක ඇහුන දවසේ මට හිතුන මම කලෙත් මේකම නේද කියල

    ගොඩක් දේවල් ලියවුන නොදැනීම ,කොහොමුනත් දැන් ඒ දෙන්න සතුටින්,එත් එයා ඒ ළමයටත් අවංක නෑ කියල මම හොදින්ම දන්නවා.

    ReplyDelete
    Replies
    1. කිව්වත් නොකිව්වත් අපි හැමෝගෙම කතාව ඔයාගේ වගේ තමයි. ඒත් ඔයා එතනින් ඈත් වුනත් ගොඩක් අය කැමතියි රැවටී රැවටී හරි ඒ ආදරේම රැදෙන්න. ඒක ලොකු මෝඩකමක් උනත් විඳව විඳව එතනම ඉන්න එකත් සැපක් කියලා කාට හරි හිතෙනවා ඇති නේද..

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...