Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
May 20, 2012
෴෴ කුමාරිහාමි- 10 ෴෴
මම ඇහැරෙන කොට ගොඩක් දවල් වෙලා.වළව්ව පිටිපස්සේ මුළු මිටියාවතම මීදුමෙන් වැහිලා.පුදුමාකාර පාළු ගුප්ත බවක් ඒ හැමතැනකම තියෙන්නේ. ඇත්තෙන්ම මට ඔනේ උනේ මේ අප්‍රසන්න අත්දැකීම් වලින් පළා යන්න.. ඒත් ඒක කරන්න කොහොමටවත් බෑ. අම්මා, අක්කා මේ ගුප්ත වළව්වේ තනිකරලා මම කොහොමද පැනලා යන්නේ..
වළව්ව හැම තැනම එක එක සද්ද. අද අප්පච්චි සදහටම අපෙන් වෙන් වෙනවා. ජීවිතේ හැමදෙයක්ම අපි වෙනුවෙන් අත්තම්මලා වෙනුවෙන් කැපකරපු අප්පච්චි එයා වෙනුවෙන් කරගත්ත දෙයක් නෑ. දෛවය එක එක්කෙනට එක එක විදියට වෙනස් කම් කරන්නේ ඇයි කියන්න මම තාමත් හිතනවා.
"චූටි මැණිකේ යමු උදේට මොනා හරි කන්න. නැත්නම් හාමත් වෙලා කලන්තේ දායි" කුමුදු කාමරේට ඇවිත් කිව්වමයි මට මතක්වුනේ දවස් දෙකකින්ම මොනවත් කාල නැති බව. කුමුදු විතරයි අපි ගැන හොයලා බැලුවේ.
අත්තම්මා අපි තුන්දෙනාට මේ තරම් අකමැති බව මම තේරුම් ගත්තේ අප්පච්චි නැතිවුනාට පස්සේ..තමන්ගේම පුතාගේ දරුවන්ට වෛර කරන්න අම්මා කෙනෙක්ට පුළුවන්ද? ඒත් අත්තම්මා එහෙම කරා. මම නෙළුම්ගේ ඇඟේ එල්ලිලා එලියට ගියාම ගොඩක් අය අපි දිහා බැලුවේ අමුතු විදියට.
"එකම ලේ නොවැ.ඒකනේ ඔය බැඳීම"..එක ගැහැණියක් තවත් ගැහැණියකට මුමුණනවා මම ඇහුනා. කිසිම විදියක ලේ නෑකමක් නොතිබුන නෙළුම් ගැන එහෙම කිව්වේ ඇයි කියලා මම ගොඩක් කාලයක් හිතුවා.
මිනිස්සු ආවා ගියා, කාලේ ගෙවුනා. අප්පච්චිගේ සමුගැනීමේ හෝරාව උදා වුනා. ඉස්සේල්ලම දවසේ හිනාවෙලා නිදියන් හිටපු අප්පච්ච්ගේ මූනේ කළුපාට පැල්ලම් මතුවෙලා. මම පහත් වෙලා නලල ඉම්බාම අප්පච්චි ලඟින් එන ලැක්ටෝ ක්‍රීම් එකේ සුවඳ වෙනුවට ආවේ හරිම සැර එම්බාම් ගඳක්.. අනේ මේ මගේ අප්පච්චිමද කියලා මම කෑ ගහලා ඇඬුවා..
එක එක්කෙනා එක එක විදියේ කතා අප්පච්චි ගැන පැවැත්තුවා. හැමෝම කිව්වේ අප්පච්චිගෙත් අත්තම්මගෙත් පරම්පරාව ගැන. අසරන වුන කුරුළු පැටව් තුන්දෙනක් වගේ හිටිය අපි ගැන නම් කාටවත් මතක් වුනේ නෑ.
පාංශූකූලෙන් පස්සේ අප්පච්චිව පෙට්ටියෙන් වහලා එලියට ගන්නකොටම අම්මා කෑ ගහගෙන සිහි නැතිව වැටුනා.."මායම්" කියලා ලොකු නැන්දා කිව්වා.
අක්ක වේගෙන් ලොකු නැන්දා ගාවට ගිහින් "උඹලට මම ශාප කරනවා" කිව්වා. හැමකෙනෙක්ම ගල්වෙලා වගේ බලන් හිටියා. කුමුදු අක්කව එක්කන් එලියට ගියා.
හැමෝගෙම දුක් සුසුම් මැද්දේ වළව් වත්තෙම කෙලවරක හදපු චිතකයක අප්පචි දැවුනා. "අනේ මගේ අප්පච්චි පුච්චන්න එපා" කිය කිය මම තනියෙන්ම ඉකිගහ ගහ අඬපු හැටි මතක් වෙනකොට මගේ ඇස්වලින් තාමත් කඳුලු බේරෙනවා.
මළගෙදරට ආපු හැමෝම ටික ටික යන්න ගියා. ආයෙත් වළව්ව පරන පාළුවෙන් පිරිලා ඉතිරිලා යයි.. ජීවිතේ සුන්දරම කාල පරිච්ඡේදය මේ විදියට අප්පච්චිත් එක්කම ඉවරවෙලා ගියා.
---------------------------------------------------------------------
ජීවිතය මොන අතට ගලාගෙන යනවාදැයි මට හිතාගැනීමටවත් නොහැක .ඒත් ජීවිතයට මුහුණ දිය යුතුමය.. පළා යාමට බැරි අම්මා හා අක්කා නිසාමය.අප්පච්චිගේ හත් දවසේ දානය නිම වූ පසු ආයෙත් කෑගල්ලේ අපේ ගෙදරට යන්නට මම සිතා සිටියත් අම්මාගේ තත්වය වෙනස් නොවෙන හැඩකි.
"අක්කේ අපි ගෙදර යන්නේ නැද්ද".. මම අක්කගෙන් ඇසුවත් ඇයද මුනිවත රකියි.
"මල්ලිගේ පවුලට නුහුගුනේ වගේ බන්" මම කුස්සියට යන විට ලොකු නැන්දා ඩිංගිරි නැන්දා සමගින් කියනවා මට යාන්තමට ඇසුනි..
“හැදෙන්නෙ නැතෑ ලොකු මැනිකේ මේ තරුණ වයසේ ගෑනු ළමිස්සියෝ දෙන්නෙක් එක්ක තනි වුනාම".. ඩිංගිරි නැන්දා කිව්වේ කණගාටුවෙන් උනත් ලොකු නැන්දාගේ මුහුණේ නම් කිසිම කණගාටුවක් නැත
මම කුස්සියෙන් පිටවුනේ ලොකු දුකකිනි. ලොකු නැන්දාගෙන් නම් මේ කපේදි අපට කරුණාවක් ආදරයක් කරුණාවක් අපිට ලැබෙන එකක් නෑ.. එලියට බහිද්දීම තේගිරිස් යකෙක් වගේ මගේ දිහා බලන් උන්නා. හිනාවෙන්න හිතුනත් මේ අලුගෝසු මූණට මොන හිනාද කියලා මගේ යටි හිත මටම කිව්වා.
ඔළුවේ ප්‍රශ්න ගොඩක් එක්ක මම පහල ගල්තලාවට ගියේ අනාගතය ගැන තීරනයක් නැතිව. අම්මා, අක්කගෙයි මගෙයි ඉස්කොලේ ගමන.. අපේ භාගෙට හදපු ගෙදර... මේ හැමදේම ප්‍රශ්න.
අප්පච්චිගේ සොහොන මෙතනට හොදින් පෙනේ.තවමත් ගොඩ නංවා ඉවර නොවුන සොහොන්කොත අලුත්ය..අත්තාගේත් පවුලේ අනිත් නෑයන්ගේත් භශ්මාවශේෂ එකම සොහොනේ නිදන් කලද අත්තම්මාගේ අදහසට අනුව අප්පච්චිට අලුත්ම සොහොනක් තැණවීය.. "මගේ කොල්ලා වෙනුවෙන් මට කරන්න පුළුවන් අන්තිම යුතුකම මම කොරන්න ඕනේ" අලුත් සොහොනක් කුමටදැයි දෙනියේ වළව්වේ අත්තම්මා ඇසූවිට අපේ අත්තම්මා කියුවේ එසේය.
මම සොහොන දෙස බලා සිටියේ අරමුණකින් තොරව. ඒත් හදිසියේම එතනින් මතුවුණ මුහුණ දැක්කම මගේ මුළු ඇඟම පණ නැතිවෙනවා වගේ මට දැනෙන්න වුනා.

(තව කොටසකින් නැවත හමුවෙන තුරු මම පුංචි කුමාරිහාමි)...
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
මල් සිංදු3 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,353
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
හිත නිකන් හිර උනා වගේනෙ....
ReplyDeleteමම මොනවද කියන්නේ.....
ආපු එකේ මොනවා හරි කියලා යන්නකෝ.. :D
Deleteකාලෙකින් නේද? ඉතිරිය එනතුරු
ReplyDeleteබැලුවේවත් නැතුව නේද ඉතුරු හරිය අහන්නේ..මම නම් ඔන්න වෙඩ්න් එකට ආවා.. :D
DeleteKalekin kathawak dala,, ai digatama
ReplyDeleteIyanne naththe? Oya wall ekata awith gihin thibuna,, ikmanata thuru tikath danna,,, thawa tikak wadipura liyanna puluwanda?
Suja akka,,,
මම ආයෙත් එතනට නොඑන්න තිරනය කරා අක්කෙ...ඔයාට ගොඩක් ස්තුතියි..
DeleteAi oyata kawuru hari monawath kiwwada? Ai oyage hitha ridune? API hondata katha karane? Ai ehema une? Kiyanna please,,,,,,,
DeleteSuja akka...
අනේ අක්කේ මෙතන මොනත් කියන්න බෑ නේ.. අනික එහෙම දෙයක් නෑ. පොඩි පසුතැවීමක් වගේ දෙයක්...
DeletePasuthaweem naththe koheda nanga. Matath samahara wela waladi e athdakeem a thiyenawa.. E unath honda kihipa denek innawa. E nisa man yanawa. Aneka me ratey thaniyama inna mata wall eka hari Loku deyak... Oyath aye enna....
DeleteSuja akka...
Oyage visthara kiyala pm ekak ekak ewanna....
Suja akka...
ඔයා ෆේස් බුක් නැද්ද අක්කේ. මම මේ නමින්ම ඉන්නවා. මට රික්වෙස්ට් එකක් දාන්න
Deleteමේ ළමාතැනී, ඔය දානවයි කියන "තව කොටස" ඉක්මනට දානවද..? නැත්තම හැමදාම වගේ කල්පනා කරන්න ඕනා යකෝ මොනවද කලින් වුනේ කියලා..
ReplyDeleteකතාවනම් එළ ඈ.. ලිවිල්ලත් පන්කාදු පහයි ..
ජයම පතමි !!!
ඔව් එක ඇත්ත.කලින් කතාව අයෙ කියල එන්න ඕනේ.නැත්නම් මේ කතාව නිකන් තොණ්ඩු වගේ ගොඩ කාලකට සැරයක් නේ දාන්නේ. ඉතුරු ටික ඉක්මනින් ඕනේ.
Deleteඅම්මෝ සෙනා මට මරන තර්ජන කරලානේ.. බයේ බෑ.. දානවා දානවා මීට පස්සෙ සතියකට සැරයක් දානවමයි..
Deleteස්තූතියි සෙනා ඔයාට.හැමදාම වගේ දිරිමත් කරනවට..
මොනාද අසර් තොන්ඩු කියන්නේ..? මට හිතාගන්න බෑ. මොන තොන්ඩුද කියලා. හෙ හෙ.. අප්‍රිකාවේ තියෙන අලි අල්ලන තොන්ඩුද..:D
Deleteහෙක් එතන පොඩ්ඩක් වැරදිලා නේ මම කියන්න ගියේ "තොන්දු" වගේ කියල.
Deleteගොඩක් දවසකින් ඔයා ඇවිත්...ඉතුරු කොටසත් ඉක්මනින් ලියන්න..
ReplyDeleteස්තූත්යි කිරිල්ලි.. ඉක්මනින් දාන්නම්...
Deleteසැහෙන දුකයි කුමාරිහාමි...:( මේ කොටස කියෙව්වට පස්සෙ මට කියන්නට පුළුවන් එච්චරයි.. ඉතිරිය පරක්කු නොවි ඉක්මණට දානවා නෙ..:)
ReplyDeleteස්තූතියි පාතිමා ඔයාට. ඔව් සතියකට සැරයක් අනිවාර්යෙන් දාන්නම්..
Deleteකලින් කතාව වගේම ලිවිම හොඳින් තියෙනවා. තාත්තගේ නෑදෑයෝ ගැන ඉතින් කේන්ති තමයි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල.
ReplyDeleteබලමු බලමු.. අසර් කැමති දෙයක් වෙයිද කියලා.
Deleteඒක නෙමෙයි අප්‍රිකාවේ හොල්මන් නැද්ද..?
නැහැ නේ මෙහෙ ඉන්න මිනිස්සුන් එක්ක හොල්මන් ගැන කතා කරාම හිනා වෙනවා. මෙහෙ ඉන්න මිනිස්සු රෑට දැක්කොත් ටිකක් බය වෙනවා.දත් ටික විතරයි පෙන්නේ.
Deleteවිවේක් ඔබරොයි වගේද..:D
Deleteඉතිරි කොටසත් දාන්ඩෝ ....
ReplyDeleteදානවෝ... :D
Deleteස්තුතියි ඔයාටත් නෙතු....
මේ ලියන විදියනම් විශිශ්ටයි කියලා වැඩක් නැහැ .....පොත් එහෙම ලියලා නැද්ද ?
ReplyDeleteඅපොච්චියෙ නෑ..
Deleteස්තූතියි රොබින් ඔයාට
හම්මේ මේක එනකල් කොච්චර කල් බලාගෙන ඉන්න වුනාද?....
ReplyDeleteඅනේ ඉක්මනට ඉතුරු ටිකත් දාපියෝ....
හෙ හෙ..
Deleteඉකමනට දානවෝ..ඉවසන් හිටපියෝ....
දැන් ඉතුරු ටිකත් ඉක්මනට දැම්මා නම් හොඳයි ...... මේ ටික අමතක වෙන්න කලින්
ReplyDeleteමීට පස්සේ දිගටම සති පතා දාන්නම්කෝ...
Deleteහුඟක් කාලෙකින් කුමාරිහාමි බලන්න ආවේ . දුකයි කතාවනම් . පාලුවත් ශෝකයත් හිතට දැනෙනව බලනකොට . ඉතිරි කොටසත් බලමුකො ඉක්මනින්ම .
ReplyDeleteඅම්මෝ ගිම් කාලෙකින් කොහේද ගිහින් හිටියේ..?
Deleteකාලෙකින් නේද අක්කේ...
ReplyDeleteඅපේ තාත්ති නැති උණු දෑත් මම ඔහොම තාත්තිව ඉම්බා. අතගෑවා.. ගලක් වෙලා තිබුනා ඒ ඇඟ
ඔව් නංගියෝ..මේව නම් මගෙම අත්දැකීම්..මමත් එහෙමයි...
Deleteහිතාගන්නවත් බෑ. තාත්තාද ඒ හිටියේ කියලා.
කාලෙකින් තවත් කොටසක් දාලා...පරණ ඒවා අමතක වෙලාදත් මන්දා...ආපහු බලන්න වෙයි වගේ :) ඊ ළඟ කොටස නම් ඉක්මනට ඕන අපිට...
ReplyDeleteහරි හරි ඉක්මනින් දෙනවා.. ඔයාලා එනවනම් මේ පැත්තෙ.
Deleteපවුලේ කතාවක් වගේ..
ReplyDeleteපවුලේ සියළු දෙනාටම එකට සිට නැරඹිය හැක.
Delete:D
මැරුන කෙනා එනවද ? ඇග පන නැතිව ගියේ..
ReplyDeleteඉතිරිය ??
එහෙම කියන්න බෑ. වලහෙක් එයිද කවුද දන්නේ..
Delete:D
වැලහින්නක් නේද ?
Deleteජය !
//හැමෝගෙම දුක් සුසුම් මැද්දේ වළව් වත්තෙම කෙලවරක හදපු චිතකයක අප්පචි දැවුනා. "අනේ මගේ අප්පච්චි පුච්චන්න එපා" කිය කිය මම තනියෙන්ම ඉකිගහ ගහ අඬපු හැටි මතක් වෙනකොට මගේ ඇස්වලින් තාමත් කඳුලු බේරෙනවා. //
ReplyDeleteඇස් වලට කඳුලක් ආවා.. සංවේදියි!! ඉතිරියත් ලියන්න.. මේකෙ කොටස් පල කරන්න අක්කා වෙලා ගන්නවා වැඩියි වගේ!!
ඔව් නංගි ටිකක් කල් යනවා තමයි.. වැඩ ගොඩක් අතරෙනේ හැමදේම කරන්නේ...
Deleteඅප්පච්චි පුච්චන්න එපා කියලා කෑ ගහපු එකනම් මගේම අත්දැකිමක්.. මතක් වෙද්දි අදටත් ඇඩෙනවා...
මමත් බලන් ඉන්නවා මේකේ ඉතුරැ ටික කියවන්න අක්කියෝ
ReplyDeleteහරි නංගියෝ ඉක්මනින් ඉතිරි ටික දෙන්නම්. ආවට ස්තූතියි..
Delete//අක්ක වේගෙන් ලොකු නැන්දා ගාවට ගිහින් "උඹලට මම ශාප කරනවා" කිව්වා. //
ReplyDeleteකොයිතරම් පොඩි වුනත් තමන්ගේ ස්වාධීනත්වය තියාගන්න ඕනේ මෙන්න මේ වගේ එලමකිරි...
මේ කතාව කියවගෙන යද්දි ඉස්සරහට තේගිරිස්ගෙන් මොකක් හරි කරදරයක් වෙයිදෝ කියලත් හිතෙනවා මහා බයානක හැඟීමක් ආවේ... කොහොමත් අසරණ වෙච්චි පවුල්වල අම්මලා දූලා බිලිගන්න තමා හැමෝම බලාගෙන ඉන්නේ... හරිම ලස්සනට සංවේදිව ඔයා ලියනවා අක්කෝ විභාගේ වැඩ නිසා පමා වුනත් ආපු දාට මගහැරුණු සේරම කියවනවා මම...
ඉතුරු කොටස කවදටද දෙන්නේ
ReplyDeleteලගදීම නොදුන්නොත් ඔන්න මට සැක හිතෙයි හරිය
පොඩ්ඩ්යිනෙ තියෙන්නේ අනිත් පාර ටිකක් වැඩිය දෙන්න බැරිවෙයිද දන්නේ නැ නේද ??
ම්ම්ම් ඔන්න මමත් ආපහු කුමාරිහාමි කියවන්න ගත්තා. සමහර තැන් අමතකයි ඒවත් බලලමයි ආවේ
ReplyDeleteකවි දැක්කේ කාලෙකින්..
Deleteආවට ඔන්න ස්තූතියි කිව්වා.