Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළදන්නයි...
Jan 28, 2015
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....
“ඉල්ලක්කම්
වලින් ගනන් වලින් කියන වයස මනුස්සයෙක්ගේ හරි වයස නෙමෙයි. කෙනෙක්ගේ වයස හැබෑවටම තීරණය
කරන්නේ ඒ කෙනාගේ හිත” ඉර්මා අත්තම්මා මෙසේ කියන්නේ ඇගේ වයස පිළිබඳවය.
ඇය දෙස බලා ඇගේ වයස තීරනය කර පසුව ඇයගෙන් නියම දැනගන්නා ඕනෑම
අයෙකුට වුවද ඇය කියන මේ කතාව පිලිගන්ට අනිවාර්යෙන් සිදුවන්නේ සැබවින්ම දුටුවන් ඇය වයස
අසූ ගනන්වල පසුවෙතැයි සිතුවද සැබවින්ම මේ වන විට ඇය වයස 104 ක පසුවන දෑසම අන්ද කාන්තාවක්
වන නිසාය.
1910.01.13
වන දින උපන් ඉර්මා අත්තම්මා මා හිතවත් ඉතාලි මිතුරියකගේ මිත්තනියයි. මා මෙහි පැමිනි
මුල් කාලයේ පටන්ම ඉර්මා අත්තම්මා ලඟින් ඇසුරු කිරීමට ලැබුනේ එම මිතුරිය නිසාය. පසුගිය
දිනක ඇයගේ 104 වන ජන්ම දිනයද ඉතාමත් උත්කර්ශවත් ලෙස සැමරූ අතර එයට පෙර දින කිහිපයක්ම
ඇය සමඟින් ගත කිරීමට අවස්‍ථාව ලැබුනේ මා මිතුරිය හදිසි රාජකාරී කටයුත්තක් නිසා ඉතාලියෙන්
දින කිහිපයක් බැහැරව සිටි බැවිනි. සැබවින්ම
එය සුන්දර දින කිහිපයකි. ඇයගෙන් ඉතාලියේ අතීතය හා මේ රට පිළිබදව රසවත් කතා බොහොමයක්
අසාදැනගන්නට මට අවකාශය ලැබිනි.
ඉතාලියේ
උතුරු ප්‍රදේශයේ මුහුදුබඩ නගරයක ඉපදුන ඉර්මා කුඩා කල ගත කර ඇත්තේ ඉතාමත් දිළිදු දිවියකි.
ගැහැනු ළමයින් 5ස් දෙනෙකු හා පිරිමි ළමයින් තිදෙනෙකුගෙන් යුතු පවුලක සයවෙනියා ලෙස ඉපදුන
ඇයගේ පවුලේ දැනට ජීවත්වී සිටින අවසාන සාමාජිකයාද ඇයය.
“දෙවියන්ටත් අමතකවීම් වෙනවානේ සමහර
අය ගැන. මම හිතන්නේ මටත් ආපහු එන්න කියන්න අමතක වෙලා වෙන්න ඇති”
ඉර්මා අත්තම්මා සිනාසෙමින්
පවසයි. ඇය සෑමවිටම විනෝදයෙන් හා සැහැල්ලුවෙන් දවස ගෙවන කෙනෙකි.
ග්ලූකෝමා
නම් රෝගි තත්වයෙන් පීඩා විදි ඉර්මා අත්තම්මාගේ දෑසම අන්ද වූයේ ඇය වයස 95 සිටියදීය.
එසේ වූවද අදට පවා ඇය කිසිවෙකුගේ උපකාරයක් බලාපොරොත්තු නොවන් අතර කිසිම විටක දුක්මුසුව
මුලුගැන්වී සිටිමට උත්සහ නොකරයි.
ඇයගේ සියළු වැඩ කටයුතු ඇය විසින්ම කරගන්නා අතර ඒ වෙනුවෙන්
ඇයගේ දරු මුනුපුරන් ඇයට අවශ්ය පහසුක්ම සපයා දී ඇත්තේ තනියෙන් ජීවත්වීමට ඇය තුල ඇති
කැමත්ත හා එඩිතර භාවය නිසාය. දැනුදු සිය නිවසේ හුදකලාව ජීවත් වන ඇය රූපවාහිනියට සවන්
දෙමින් හා කිසියම් වැඩක නිරතවෙමින් සිය කාලය ගෙවා දමන්නේ කිසිවෙකුටවත් බාදාවක් නොමැතිවය.
ඇයට පුතුන්ම
දෙදෙනෙකුවන අතර ඔවුන් දෙදෙනාගෙන් දරුවන්ගේ දරුවන්ද ඇය සුරතල් කර ඇති අතර ඔවුන්ව සිය
දෑසින් දැක බලාගැනීමට නොහැකිවීම පිළිබදවනම් ඇය සිත තුල දුකක් ඇති බව විටක ඇය පවසයි.
තරුණ වියේදී ඇය සිය කුඩා ගමේදී පාසල් ගොස්
ඇති නමුත් දිළිදු කම හේතුවෙන් ඇයට වැඩිදුර ඉගෙන ගැනීමට අවස්ථාව ලැබී නැත.
“අපේ පවුලේම
ළමයි අටදෙනයි , අපිට තිබ්බේ කෑම හොයාගන්න ප්‍රශ්නේ මිසක් ඉගෙන ගන්න ප්‍රශන නෙමෙයි.
අනික අපි කුඩා කාලෙදී ලෝක යුද්දයට මුහුන දුන්නා. ඒකෙන් සිද්ධවුනේ රටේ කෑම හිඟයක් ඇවිත්
අපිට කන්න පාන් කෑල්ලක් හොයාගන්න බැරි වුන එක. සමහර දවස්වලට දවසටම ගෝවා සුප් ටිකක්
විතරයි”
ඇය තරුණවියට
එලඹෙද්දීම සිය ගමේ තරුණයෙකු හා පෙමින් බැදුන බව පවසන ඇය ඒ කාලයේ යුරෝපයේ සමාජ ක්‍රමය
විස්තර කරමින් පැවසුවේ අද මෙන් නොව එදා දෙමාපියන් දරුවන්ට මෙතරම් නිදහසක් නොදුන්නා
සේම දික්කසාදය මෙන්ම අවිවාහක මව්වරුන්ට බොහෝ නින්දා විදින්නට වූ බවය.
“මගේ ප්‍රේම සම්බන්දය
දැනගෙන මගේ අම්මා ගෙදර ප්‍රදාන දොර දිහාවට ඇඟිල්ල දික් කරලා "මේ දොරෙන් එලියට
යන්න ඔයාට පුලුවන් ඔය විවාහයත් එක්කම ඒක ඔයාගේ කැමැත්ත. හැබැයි වැරදුනා කියලා ආයෙත්
මෙතනින් ඇතුලට එන්න බෑ. ඒක නිසා හොදට හිතලා බලලා තීරනයක් ගන්න”
කියලා කිවා. අම්මා කීවා
වගේම මම දොරෙන් එලියට ආවා. ඒත් ආපහු යන්න බැරි වුනා. මගේ සැමියාට ස්ථිර රැකියාවක් තිබ්බේ
නෑ. අපි මිලානෝ නගරයට ආවා ඔහුට රැකියාවක් සොයාගෙන”
ඔවුන් එසේ
මිලානෝ නගරයට පැමින කුඩා රැකියාවක් සොයාගෙන ඇති අතර පසුව ඔවුන්ගේම කුඩා වයාපාරයක්
ආරම්භ කර ඇත. ඉර්මා අත්තම්මා ඉතා දක්ෂ ටේලර්වරියක් වන අතර දෑස් අන්දවෙන තුරාවටම ඇය
නිවසේ කුලියට ඇදුම් මැසුවාය.
ඇයගේ විවාහය ගැනද ඇය විටින් විට නොයෙකුත් තොරතුරු පවසන
අතර. දෙවන ලෝක යුද්ද සමය වන විට ඇයගේ පුතුන් දෙදෙනා කුඩා වියේ පසුවී ඇති අතර ඔවුන්
මුහුන දුන් භයානක අත්දැකීම් ඇයට අද ඊයේ මෙන් මතකය. ඔවුන් බොහෝ දිනවල නිවෙස් යට ඇති
බිම්ගෙවල් වල කාලය ගත කර ඇති අතර සීතලෙන් හා බඩගින්නෙන් දැවුනු කාලය නිමාවී යුද්දය
නිමා දුටු දිනවල ඔවුන් ලැබූ සැනසීම ගැන ඇය විස්තර කරන්නේ සතුටින් ඉපිලෙමිනි.
වයස පනස්
ගනන් වලදී ඇයගේ සැමියා හෘදයාබාදයකින් මියයාමෙන් පසුව ඇය දරුවන් දෙදෙනා සමඟින් ජීවත්
වී ඇත්තේ ඇගේ උත්සාහයෙන් හා මහන්සියෙනි. උදෑසන එක් තැනක රැකියාවෙහි යෙදී නිවසෙහි සියළු
වැඩ අවසන් කර රාත්‍රි දොළහ පසුවෙන තුරු ඇඳුම් මසමින් ඇය මුදල් උපයා ඇත්තේ දරුවන් දෙදෙනාගේ
අධ්‍යාපනය වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් නිවසක් මිළදී ගැනීමටය.
ඇය පවසන අයුරින් ඇයගේ
සැමියා සෙල්ලක්කාර චරිතයක් තිබූ අයෙකු වූ අතර ඇය හා දරුවන් වෙනුවෙන් ඔහු එතරම් තැකීමක්
කර නොමැත. පුදුමයක් වන්නේ ඇයට කෙතරම් වයස ගතවී තිබුනද කුඩා කල සිට අද දක්වා ඇගේ ජීවිතයේ
සිදුවීම් සියල්ල සිනමා පටයක් සේ ඇයගේ මතකයේ තිබීමයි.
ඇයගේ දරුවන්
දෙදෙනා හොදින් ඉගෙන ගෙන සමාජයේ වැදගත් රැකියාවන් වලට යොමු වූ පසුවද ඇයට
සිය පුරුදු වලින් මිදෙන්නට නොහැකි වී ඇත්තේ නිකන්
සිටීම ඇයට නුහුරු වූ දෙයක් නිසා බව ඇය පවසයි.
“අත පය අකුලන් ලෙඩ්ඩු වගේ ඉන්න අපි පුංචි
කාලේ ඉදලම පුරුදු වුනේ නෑ. මැරෙන කන් මිනිස්සු වැඩ කරන්න ඕන. ඒ වගේම ඉතුරු කරන්නත්
ඔනේ”
ඉර්මා අත්තම්මාගේ ඉතිරි කිරීම පිළිබදව නම් දවසක් වුවද කිව හැකි කතා ඇති අතර මාත්
මගේ මිතුරියත් ඒවා සිහිකරමින් විටක බොහෝ වෙලාවක් සිනාසෙයි. දෑසම නොපෙනුනද ශීතකරනයේ
ඇති බිත්තර ප්‍රමානයේ සිට අනෙකුත් සියල්ලගේම ගනන් මිනුම් ඇයට මතකය.
ඇයට හොර රහසේ ඇගේ
නිවසෙන් තබා ශීතරකන්යෙන් පවා කිසිවක් ගැනීමට දරුවෙකුටවත් නොහැකිය. එසේම ඇය බොහෝ දේ
පිළිබදව අධි සංවේදීය. ශීත කාලයේදී හිම වැටෙන දිනයේදී උදෑසනම එය ඇය ස්ථිරව පවසයි. එසේ
පවසන්නේ දෙපාවල දැවටෙන සුළගේ සීතල බවෙන් බව ඇය පැවසුවද අනෙක් අයට එය තේරුම් ගැනීමට කෙසේවත් නොහැක.
අපේ රටේ
මෙන්ම බොහෝ විශ්වාස හා ඇදහිලි ඉතාලිය ඇතුළු යුරොපීය රටවලද ඇතිබව මා දැනගත්තේ ඉර්මා
අත්තමාගෙනි. ඇය කිසිම විටක ජනවාරි පලමුවැනිදා පළමුවෙන්ම නිවසට කාන්තාවකට ඇතුලු වීමට
නම් ඉඩ නොදේ.
“හොද නීරෝගි පිරිමියෙක් තමයි ඉස්සෙල්ලම පළමුවෙනිදා දකින්න ඕන”
ඇය එසේ
පවසන නිසාවෙන් මගේ මිතුරිය අත්තම්මා බැලීමට අවුරුදු දිනයේ හවස් වරුවේය. පසුව අප සමඟින් පවසින් ඇය සිනාසුනද මගේ මිතුරිය ඇයගේ
අත්තම්මාට බොහෝ සෙයින් ආදරය කරන්නේ ඇගේ ජීවිතය මෙලෙසින් සතුටුදායක වී ඇත්තේ මව නැති
ඇය රැක බලා ගත්තේත් ඇයට සේම තවත් බොහෝ දෙනෙකුට මවක් වූවෙත් ඉර්මා අත්තම්මා නිසාය.
තවමත් නොපිහුරුන
ජීවයෙන් ජීවත්වෙන ඉර්මා අත්තම්මා වැන්නවුන් නම් ලෝකයට බරක් නොවන්නේ ඔවුන්ගෙන් ලෝකයට
බොහෝ සේවයක් සිදුවී ඇති නිසා බව ඇය ගැන දන්නා
බොහෝ දෙනා පිලිගනී. ඉතාලි රජයද ඇයට නීරෝගි භාවය පතා සම්මානයක් මෙන්ම තෑගි බෝග එවා සුභ
පතා තිබුනේ ඒ නිසා වන්නට ඇත. එමෙන්ම ඇය සඳහා බොහෝ වියදම් මෙන්ම බෙහෙත් හේත් පවා රජයෙන්
නොමිලයේ ලබා දෙන්නේ ඇය වැන්නවුන්ට කරන ගෞරවයක් ලෙසිනි.
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
අපේ පරණ මිනිස්සු වගේ.. අවුලකට තියෙන්නේ කව්රුවත් සලකන්නෑ.. දීඝායු වේවා ඔබතුමියට
ReplyDeleteඉර්මා අත්තම්මාට මමත් ගොඩක් ආදරෙයි කියන්න.... ඇය අතිවිශිෂ්ඨ කාන්තාවක්.
ReplyDeleteඅැය නියම කාන්තාවක්.... අාදර්ශයක් හැමෝට ම ...... ලිපියට ස්තූතියි
ReplyDeleteපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ්ට කාන්තාවක් සැබවින්ම
ReplyDeleteහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහැ නේ ඒ වගේ අත්තම්මා කෙනක්..
ReplyDeleteඑතුමියට දීර්ඝායුෂ පතමි. !!
ReplyDeleteසෑහෙන ධෛර්යයක් තියෙන ගෑනු කෙනෙක් !
ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
ReplyDelete