Jan 28, 2015

ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....


ඉල්ලක්කම් වලින් ගනන් වලින් කියන වයස මනුස්සයෙක්ගේ හරි වයස නෙමෙයි. කෙනෙක්ගේ වයස හැබෑවටම තීරණය කරන්නේ ඒ කෙනාගේ හිත” ඉර්මා අත්තම්මා මෙසේ කියන්නේ ඇගේ වයස පිළිබඳවය. 

ඇය දෙස බලා  ඇගේ වයස තීරනය කර පසුව ඇයගෙන් නියම දැනගන්නා ඕනෑම අයෙකුට වුවද ඇය කියන මේ කතාව පිලිගන්ට අනිවාර්යෙන් සිදුවන්නේ සැබවින්ම දුටුවන් ඇය වයස අසූ ගනන්වල පසුවෙතැයි සිතුවද සැබවින්ම මේ වන විට ඇය වයස 104 ක පසුවන දෑසම අන්ද කාන්තාවක් වන නිසාය.

Jan 15, 2015

සතුටේ රහස....





පසුගිය නත්තල් සමයේ අත්විදින්නට ලැබුන අත්දැකීමක්....

නත්තල වෙනුවෙන් මුළු යුරෝපය සේම ඉතාලියද ඇවිස්සුන කඩිමුලක් සේ සූදානම් වූ  අතර නත්තල් උත්සවයෙන් පසුව එළබෙන නව වසර සැමරීම සඳහාද සියළුම දෙනා ඒක රාශී වන්නේ ඉතාමත් උනන්දුවෙන් හා ආසාවෙන්ය.මා ඉතා ලඟින් ඇසුරු කරන ඉතාලි ජාතික කාන්තාවක් වන ඉයොලන්දා මහත්මිය මිලානෝ නගරයේ රතු කුරුස සංගමයේ වගකිව යුතු නිළයක් දරන  වයස 83 ක් වයසැති කෙනෙකි. ඇය නිසාම පසුගිය නත්තල් සමයේ රතු කුරුස සංගමය විසින් සංචිධානය කරනු ලැබූ නත්තල් උත්සවයට සහභාගි වීමට අපට අවස්ථාව උදාවිය. වැඩිහිටි නිවාසයක නේවාසිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවය ඉතාමත් අලංකාර ලෙස පැවැතුවුන අතර සියළුම නේවාසිකයන් හට තෑගි බෝග ආහාර පානාදියද ලබා දී ඔවුන් සමඟින් දවස මුළුල්ලේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සියළුම දෙනා සතුටට පත් විය.

Jun 5, 2014

ඒ අඹ ගස...


කපා දාන්න යැයි කිය කියා හැම කෙනාම බල කල නිසාම කපා දැම්මා විනා අඹ ගහ කපා දැමීම ගැන ලොකු ඉස්කෝලේ මහත්තයා තවමත් පසුවන්නේ විස්සෝපයෙනි. කුඩා කල පටන් හදා වඩා ගත් දරුවෙක් කපා කොටා දැම්මාක් වැනි හැඟීමක් හිතට ආ නිසාවෙන්ම අඹ ගහ කපන වෙලාවේ ගෙදර මඟ හැර කුඹුරට වී ඉන්නට සිතා ගත්තද සිත දිව්වේම අඹ ගහ දිහාවටමය. කුඹුරට ගිය පයින්ම එහි නොරැඳි නැවතත් ඉස්කෝලේ මහත්තයා ආපහු මහ ගෙදර බලා ආවේ හිතේ ඇවිලෙන සියුම් දුකක් හිතයට හංගාගෙනමය.

Dec 21, 2013

සුබ නව වසරකට ආසිරි...!!


වසරක් ගෙවී තවත් වසරක් ගෙවෙන්නට ආසන්නය. දින දසුන් හා ඔර්ලෝසු වලින් ජීවිතය නවතා තැබීම හෝ ඉදිරියට ගෙන යාමට නොහැක. නිවී සැනසිල්ලේ සිතා බලන විට මේ සියල්ලම සිදුවන්නේ අපේ ඕනෑකමටත් වඩා ලෝකයේ පැවැත්වමට ඕනෑ අයුරින් බව සිතේ.

ආපසු හැරී බලා සතුටුවීමට යමක් ගතවුනු වසරේ ඇත්දැයි සිතේ. කිසිවක් නැත. දිනෙන් දින සතියෙන් සතිය දවස් ගෙවුනා මිස ලබා ගත් හෝ දිනා ගත් දෙයක් නැත. එසේ වූවා කියා ජීවිතය නවතින්නේද නැත.

Nov 1, 2013

පත්තරෙන්...


http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=20424:2013-10-30-08-34-31&catid=48:2012-04-02-08-50-52&Itemid=75


වේගයෙන් ඇදී යන උමං දුම්රියේ එකිනෙකා දෙස  නොබලා සියල්ලන්ම තම තමන්ගේ රාජකාරිවලය. බොහෝ අය සිය නෙත් තමන්ගේ අති නවීන ජංගම දුරකථනවලට ඔබාගෙන සිටින අතර තවත් අය අත රැදි පොත් පත්තරවලට දෙනෙත් යොමා සිටී.

හිවිවනම ඇසෙනුයේ මහා විලාපයකි. එකම වචනයක් කෑ ගසා කියා හඬා වැලපෙන ගැහැනු කටහඬකි. මා මහත් පුදුමයෙන් ඒ දෙස බැලූ මුත් වරක් හිස් උස්සා බැලූ බොහෝ දෙනෙක් නැවතත් තමන්ගේ සුපුරුදු කාර්‍යේ යෙදුනේ එය සාමාන්‍ය සිද්ධියක් නිසා බව මට තේරුම් ගියේය.
Oct 22, 2013

සංජනාගේ ප්‍රේමය....



වෙරෝනිකා මැරෙන්න තීරනේ කරේ ජීවත් වෙන්න කම්මැලි හිතුන නිසානේ. ඒත් සංජනා මැරෙන්න තීරණය කරන්න ඇත්තේ මොකක් නිසාද කියලද හිතෙන්නේ?

අපේ ඉස්කෝලේ අපේ පන්තිවල හිටපු ලස්සනම කෙල්ල සංජනා. සංජනාට  තිබ්බේ අමුතුම ඇස්දෙකක්. ඒ ඇස් දෙකේ තිබ්බ ගුප්ත ලස්සනට වෙන්න ඇති ඔය තරම් කොල්ලෝ එයාට පිස්සු වැටුනේ.සමහරු නම් එයාට එක එක නිළියන්ගේ නම් කිව්වා ගොඩක් අය කිව්වේ කාජල්ගේ ඇස් දෙකයි මධුරිගේ හිනාවයි එකතුවෙලා කියලා.  හැබැයි  සංජනාට නම් ඒවා වගේ වගක් නෑ.අපි හැමෝම අතරේ සංජනාගේ ඇස් දෙක කැපිලා පෙනුනේ හරියට මහරෑක කනාමැදිරි එළිවගේ.

Oct 17, 2013

පත්තරෙන්...


ලක්බිම හා රැජින පුවත්පත් වලට මා ලියූ සටහනක්..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=19504:2013-10-16-07-12-41&catid=48:2012-04-02-08-50-52&Itemid=75






ශීත කාලයේදී ඉතාලිය ඇතුළු සීත රටවවලට හිරු උදා වන්නේ උදෑසන 8ද පසුවූ පසුය. නැවතත් රාත්‍රිය හවස 4 පමන වන විට ආරම්භ වේ. උදෑසන රැකියාවන් සහ පාසල් කරා යන අය නිවසින් පිටත් වන්නේ තද අදුරේමය. උදෑසන 7 යනු අපේ රටේ පාන්දර 4 සේ අඳුරු බවකින් යුතුවන අතර මා රැකියාවට සදහා යා යුතුවන්නේ විශාල උද්‍යානයක් මැදිනි. 

මෙම උද්‍යානය මැදින් කිලෝමීටර් තුන්කාලක් පමන ගිය පසු උමං දුම්රිය ස්ථානය කරා යා හැක. සැබවින්ම මෙම උද්‍යානය පියකරු මෙන්ම ඉතා විශාලය. වසන්ත කාලයේ මල් මෙන්ම ශීත කාලයේ හිමද මෙහි සුන්දරත්වයට රුකුලකි.

Oct 7, 2013

සුනේත්‍රා, නන්දිතය සහ අපි...


කලකට පෙර පිරිමි ලේඛකයන්ගේ පොත්ම මිළදී ගැනීම මිස මා ලේඛිකාවන්ගේ පොත් මිලදීගැනිමෙන් බැහැරව සිටියෙමි. හේතුවක් නොදන්නා මුත් යටිහිතේ ලේඛකයන් පිළිබදව වැඩි විශ්වාසයක් තිබෙන්නට ඇත.
එහෙත් අහම්බෙන් මෙන් දවසක "නන්දිතය" කියවූ පසු මා දැඩි ලෙස සුනේත්‍රා රාජකරුණානයකගේ රසිකාවියක් විය. මා මුලින්ම නන්දිතය කියවද්දී සිතුවේ මෙවන් චරිතයන් මෙලොව සිටිය හැකිද යන්නය.
එහෙත් පසු කලෙක එවන් චරිත සැබෑ ලෝකයේ හමුවද්දී මගේ සිතට දැනුනේ පුදුමයකි.

Sep 8, 2013

බැදීම් නැති ලෝකයක් කරා.


මාස එකහමාරකටත් වැඩි කාලෙකට පස්සේ වලව්ව පැත්තට ගොඩ වුනේ පහුගිය කාලෙම අන්තර්ජාලයෙන් ඉවත් වෙලා හිටිය නිසයි. ඇත්තෙන්ම ඉවත් වෙලා හිටියේ වෙන කාරණාවක් නිසා නම් නෙමෙයි වසන්ත නිවාඩුවට ලංකාවට ඇවිත් කා‍ර්ය බහුල වුන හින්දා. ඒ ගත කරපු කාලේ නම් බ්ලොග්, ෆේස්බුක්, වගේ අන්තර්ජාලය ගැන කිසිම මතකයක් තිබ්බේ නෑ. ඒ මාසෙට මට ඕනේ වුනෙත් ඇත්තෙන්ම මේ අන්තර්ජාල ජීවිතයෙන් මිදිලා සැහැල්ලුවෙන් ඉන්න. සමහර වෙලාවට අන්තර්ජාලය ගොඩක් වටිනවා වුනාට තවත් වෙලාවකට ඒක එක්තරා විදියක මානසික හිරිහැරයක් කියලයි මට නම් හිතෙන්නේ.

Jul 2, 2013

මල් මාවත -3



ජීවිතය එක්තරා විදියක වන්දනා ගමනක් එහෙමත් නැත්නම් චාරිකාවක් කියලා ඔබට හිතිලා නැද්ද.
ඇත්තෙන්ම ජීවිතය නමැති වන්දනා ගමනේදී එහෙමත් නැත්නම් චාරිකාවේදී අපිට නොයෙකුත් පුද්ගලයන් මුනගැසෙනවා. සමහරු ගමන පටන්ගත්ත මොහෝතේ ඉදන් අවසාන වනතෙක්ම අපත් සමග ඉන්නවා. තවත් අය අතරමගින් නැගලා අතරමගදී බහිනවා. එහෙම බැහැල යන සමහර අය ජීවිතේටම අමතක නොවන මතකයන් තියලා යනවා.

Jun 24, 2013

අතීතය සිහිනයක්මද....??


මුළු නුවර අහසම  කළුපාට වෙලා. අඩන්න ලං වුන අහස දැක්කම හිත කඩාගෙන වැටෙන්නේ ඇයි කියලා මට අදටත් තේරෙන්නේ නෑ. බහිරව කන්දේ බුදුපිලිමෙට උඩින් පාත් වෙච්ච කළුපාට වලාකුළු ඇඟේ ගෑවීලා යනකොට ගත විතරක් නෙමෙයි සිතත් සිතලෙන් පිරිලා ඉතිරිලා යනවා. එලියට යන්න හිතුනත් කොහේ කියලා යන්නද? තනිකමෙන් පාළුවෙන් වගේම සීතලෙනුත් හිරි වැටිච්ච හිතට සැනසිල්ලක් ලැබෙන්නේ එකම දෙයකින් විතරයි. ඒ මදුවිතම තමයි.මදුවිතයි මමයි දැන් ගහයි පොත්තයි වගෙයි.. ජීවිතයට එකම සැනසුම මදුවිත විතරයි කියලා මට හිතෙන්නේ

මහනුවර නගරේ මැද මගේ ජීවිතේ කවදා හරි අතරමං වෙන්න ඇති. ඒ කොහෙද කියලා හොයන්න මම යන්නේ නෑ. කොහොම උනත් ඒ අතරමංවීමට මම කැමතියි.

Jun 4, 2013

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි...


විසල් පුරයකට සඳ පෑයූ කල සඳටද එම පුරයටද එයින් පලක් නොවන බව මම වටහා ගත්තේ විසල් පුරයක තනිවූ මුල් කාලයේමය. අහස උසට නගින තට්ටු බිල්ඩින් සහිත මහා කොන්ක්‍රිට් වනාන්තරයක එක් ගසක උසම අත්තක් සිට මම ලෝකය දෙස බලන්නට උනා. ඇත්තටම ලෝකය පුදුමාකාරයි මට මම  මිස වෙන අයකු වීමට නොහැකි බව එදවස මට තේරුනේම නෑ. මම උත්සහා කරා එක එක වගේ අය වෙන්න. ඒත් ඒක සාර්ථක නෑ කියලා තේරුම් ගියේ ගොඩක් කල් ගියාම.

ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්නේ අපි විසින්ම හදාගත්ත හරි වෙනත් අය හදලා දුන්න හරි රාමුවකට මැදිවෙලා. ගෑනු ළමයෙක් නම් මේ වගේ අත්දැකීමට අනිවාර්‍යෙන්ම මූණ දෙනවා. ඒත් රාමුව සමහරවෙලාවට දරාගන්න බැරි තරම් පීඩාවක් වෙනකොට ඒකෙන් පලායන්න තියෙනවනම් කියලා හිතෙන වාර අනන්තයි.
උස බිල්ඩිමක ඉදන් පහල බලන් ඉන්නකොට සමහරවෙලාවට බයත් හිතෙනවා. හරියට ජීවිතේ වගේමයි. 
May 17, 2013

මල් මාවත - 2




ඔබ ඔබේ ජීවිතයට කෙතරම් වටිනාකමක් දෙනවද? සමහරවිට අපි අපේ ජීවිතේට වඩා වටිනාකමක් අන්යන්ගේ ජීවිතවලට දෙන අවස්ථා නැතිවා නෙමෙයි නේද. වගේමයි සමහර අවස්ථාවලදී අපි අපේ සැප පහසුව
අපේ ලාභය අපේක්ෂා කරනවා මිසක් අනෙකාගේ දුක අපහසුව ගැන නිකන්වත් හිතන්නේ නෑ.

මෙලොව සිටින ආත්මාර්ථකාමීම සතා මිනිසා යැයි මා ඔබට කිවොත් ඔබ එකඟ නොවෙනවාද. මිනිසා තරම් තමන්ගේ සැප පහසුව සතුට වෙනුවෙන් අනුන්ගේ ජීවිත අනුන්ගේ සතුට විනාශ කරන වෙනත් සත්වයෙක් මේ මිහිපිට නැති තරම්.

ගොඩක් මිනිසුන් හැම මොහොතෙම සිතන්නේ අනිත් මිනිසුන් තමන්ගේ සේවය සහ සතුට වෙනුවෙන් මේ ලොවට පහළ වී ඇති බවයි. ඔවුන්ගේ ක්රියාවන් නිසා අනිත් අය මොනතරම් අපහසුතාවයට පත් වෙනවාදැයි ඔවුන්ට සිතන්නට ඔනෑකමක් නෑ. ඔවුන් කරන කියන දේවල් වලින් අනිත් අයගේ ජීවිතේට වන හානියවත් 
Apr 25, 2013

මල් මාවත (1)


මම පහුගිය දවසක මගේ යාලුවෙක්ට ඕන වුන නිසා හිතට සැනසුම දෙන උපදෙස් තියෙන වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි google එකේ හෙව්වා සිංහල භාශාවෙන් ලියවුන. ඒත් කිසිම දෙයක් මට හොයාගන්න බැරි වුනා. මම හිතුවා ඇත්තටම කවුරු හරි කෙනෙක් එහෙම එකක් ලියනවනම් එහෙම හොයන කෙනෙක්ට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා.

මම වෙනත් වෙබ් අඩවියක් සදහා මීට කලකට කලින් ලියපු ලිපි පෙලක් සමඟ අලුතින් ලිපි පුංචි කුමාරිහාමිගේ වලව්වේ පළ කරන්න හිතුවේ ඒ අදහසින්. මගේ අදහසට ඔයාල එකඟ වෙයිද මම දන්නේ නෑ. කියවල බලල අදහස් කියන්න. මම ඒ ලිපිපෙල "මල් මාවත" කියලා නම් කරන්න හිතුවා. අද ඉදන් මම ඉඩ ලැබෙන වෙලාවට ඔයාලත් එක්ක මල් මාවතේ සැරිසරනවා.
එන්න ඇවිදින්න මාත් එක්ක මල් මාවතේ.

Apr 5, 2013

පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි..

මේක මම පත්තරේකට ලියපු එකක්. ඒත් හිතුනා අපේ යාලුවොත් එක්කත් බෙදාගන්න.
කියවලා බලල අඩුපාඩු කියලා යන්න.


බස් නැවතුම අසලම පදික වේදිකාවේ ඉටිරෙද්දකින් සාදාගත් තාවකාලික හෙවනකි. 
එම හෙවනේ අයිතිකාරයා නම් බස් නැවතුමට යන එන අයට සුපුරුදු දසුනකි. 

තනි කකුලකින් හා කිහිලි කරුවකින් ඇවිද යන මෙම නිවස්නේ අයිතිකාරයාගේ තනියට තවත් කෙනෙකි ඒ කළු පැහැති කැහැටු බල්ලෙකි. මේ දෙදෙනා උදෑසන මෙතනට පැමින දවසේ රාජකාරිය නිමා කොට සැදෑකාලයේ පිටව යයි.

අවට කඩපිල් හා බස්රථවලින් නිතර එතැනින් යනෙන මගීන් මොහු සමඟ හිතවත්ය. මහළු වයසේ පසුවන මොහුගේ රාජකාරිය කැඩුන කුඩ හා පාවහන් අළුත්වැඩියාවයි. ඉතා අවංකව හා කාර්‍යක්ෂම මේ කාර්‍ය නිම කර දෙන මොහුගේ සේවය ලබා ගැනීමට බොහෝ දෙනා මොහුවෙත එන්නේ ඔහුගේ අළුත්වැඩියාවන් බොහෝ කල් රඳාපවතින නිසාය
Mar 1, 2013

කුමාරිහාමි 17.



වෙනදාට වඩා බොහෝ වෙලාවක් මා නිදාගෙන තිබිනි.හතරවටින්ම එලිය වැටී පරිසරය පුරා අමුතුම සුන්දර සුන්දරයක් මවයි.එහෙත් ඇඟට දැනෙන කෙඩෙත්තුව සහ හිස රදය මා තවත් ඇඳෙහිම රඳවා තබයි.
පෙරදා රැයේ දුටු සිහිනය තවමත් මගේ මතකයේ ඇත.

විශාල වලව්වක් සහ එහි ජීවත් වන මවක් පියෙක් සහ දියණීයක්. ඒ වලව්ව මට ඉතාම හුරු පුරුදුයි. ඒ දියණීය මම නේද.. මට මතක ඒ ළමා සාරියක් ඇඳලා හිටියේ මම. ඒත් එහෙම වෙන්න පුලුවන්ද. මම කවදාවත් එහෙම වලව්වකට ගිහින් නෑ. අනික ඒ වලව්ව ගොඩක් පරන එකක්. එයාලගේ භාෂාවත් වෙනස්..

" හා හා ඇති ඇති මෙයාගේ මනෝ ලොකේ දැන් හොදටම දවල් වෙලා බහිනවා ඇඳෙන් බිමට ගුටි නොකා" අක්කා බොරු තරහක් මවන් කිව්වමයි මට මතක් වුනේ අද අම්මව නාවන්න තියෙන දවස කියලා. අපි කුඩා කාලයේ පටන්ම ඉතාමත් පිරිසිදුව සිටි අම්මා අපිවත් හැම මොහෙතෙම පිරිසිදුව තියන්න මහන්සි ගත්තා. අද අම්මාට තමන්ගේ ශරීරය ගැන පවා ලොකු හැඟීමක් නෑ. ජීවිතය පුදුමාකාරයැයි මට බොහෝ විට සිතෙන්නේ මේ නිසාමයි

Feb 18, 2013

කළු සහ සුදු...


සුදු සහ කළු ගැන කියන්න හිතුනේ ඇයි කියලද හිතන්නේ. කාගෙන් හරි ඇහුවොත් මේ පාට දෙකෙන් ඔයා වැඩිපුර කැමති මොන පාටටද කියලා ගොඩක් අය කියයි සුදු කියලා. ඇයි ?
බොහෝ දෙනෙක් කළු අප්‍රිය කරනවා. මේ ලියන මමත් .. මම දන්නේ නෑ මේ සම්බන්ද මානසික පෙළඹවීමක් එහෙම තියෙනවද කියල ඒත් කළුපාට හිතටත් නෙතටත් ගෙනෙන්නේ  සුව බර හැගීමක් නම් නෙමෙයි.

ඒ වගේමයි මිනිස්සු අතරත් සුදු කළු බේදය මොනතරම් තියෙනවද කියනවනම් සුදු මිනිස්සු හැමවිටම කළු මිනිස්සුන්ව පහත් කරලා සළකනවා.

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...