Dec 26, 2012

සුබ නව වසරක් වේවා !!


අවුරුද්දක් ඉවර වෙලා තවත් අවුරුද්දකටත් ලංවෙලා. 2012 ගෙවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමා මටත් මේ වලව්වක් කියලා එකක් තියෙන වග මතක් වුනේ.

ඔන්න ඉතින් පුංචිත් අවුරුද්දක් තිස්සේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් ලිව්වා. ලිව්වා කිව්වට ලියනවට වඩා නොලිව්වා ඒ වගේම තමයි "කුමාරිහාමි" නව කතාව ලියන්නේ නෑ කියලා අපේ යාළුවන්ගෙන් බැනුමුත් ඇහුවා..

ඉතින් ඔන්න ඔහොමයි 2012 අවසානය කරා ලං වුනේ. හිනාවුනා, ඇඬුවා, ලංවුනා, ඈත්වුනා, හැම දෙයක් එක්කම තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. අපිත් කූඩු කරපු සත්තු වගේ උදේ වැඩට ගිහින් හවසට මේ තට්ටු ගෙවල් වල කූඩු උනා.

Nov 24, 2012

සිතන්නට යමක්..



අප ජීවිතයේ බොහෝ දේවල් සම්බන්දයෙන් හඬාවැටි පසුතැවිලි වන බව ඔබ දන්නවා. එහෙත් සමහර පසුතැවිලි වන දේවල් වලින් මිදෙන්න අපට ඉතාමත් අපහසුයි.

මේ අපහසුදේවල් අතරින් තරුණවියේ සිටින හැමෝටම බලපාන එකම ගැටලුව අප ආදරය කර ආදරණියයන් අපෙන් ඉවත්වීම. ඉතා තද බැදීමක් සහිත සම්බන්දයකට නැවතීමේ තිත වැටීම. මේ සිද්ධියට අප බොහෝ දෙනා මුහුන දී තිබෙනවා වන්නට පුලුවන්. මෙහිදී එකිනෙකා මානසික ශක්තීන් හා දරාගැනීමේ හැකියාව මත ඔවුනොවුන් මේ සම්බන්දතාවයන් කැඩී යාම දරාගන්නවා.

Oct 22, 2012

සමුගැනීමට පෙර...


කෙතරම් උත්සහා කල මුත් දැවී වියලී ගිය කර්කෂ පොලවක නැවුම් මල් පූදන්නට හැකිද.?
ඔබ කියාවී පුළුවන්.. නමුත් එයට කාලය සහ කැපවීමද එකසේ අවශ්‍ය බැව් ඔබ පිලිගන්නා බව මම සිතමි.

වියලී පාලුවී ගිය හුදකලා සිතකත් එසේම නැවුම් සිතිවිලි පහල වන්නේ නැත. ගිම්හානය නිමාව වස්සානය පැමිනෙතැයි ඔබ පැවසුවද නැවතත් ගිම්හානය එළබෙතැයි මම කියමි. එනිසාම ගිම්හානයට හුරුවෙමි.

Oct 8, 2012

කුමාරිහාමි (16)




දවස පුරාම ඇද හැලුන වැස්සේ කිසිම අඩුවක් නැත. එකදිගටම වැස්ස ඇදහැලෙන්නේ අහස හිල්වූ සේය. ජනේලෙන් පිටත කිරිඅලගාලට වැහි පොද වැටෙන හඬ පෝ දින පන්සලේ පෙරහැර සිහිගන්වයි.
වැස්සත් සමඟින් එන ගෙම්බන්ගේ බක බකයත් රැහැයියන්ගේ සද්දෙත් රාත්රිය තවත් පාළුවෙන් පුරවයි
වලව්වේ විදුලි පහනක් දැල්වුණේ අක්කාගේත් මගේත් කාමරයෙන් පමණි
වලව්වේ එහා කොටසේ අය සුව නින්දක පසුවනවා විය යුතුය. හවස හය පමණ වන විට ඩිංගිරි නැන්දා උයනගෙයි රාජකාරී නිමවන්නේ අත්තම්මා රාත්රී හත වනවිට රෑ කෑම ගන්නා හෙයින්ය. රෑ කෑමෙන් පසුව ටික වෙලාවක් පිරිත් කියමින් ඉන්නා ඇය "ආයේ මොකා එනකන් බලන් ඉන්න කියලද" පවසමින් රාත්රී අට වීමටත් පෙරාතුවම නින්දට යන්නේ ඩිංගිරි නැන්දාට දොර ජනෙල් හොදින් වසා ඇද්දැයි බලන්නට අණ කරමිනි.
Oct 2, 2012

෴෴කුමාරිහාමි෴෴ (15)



ලොකු නැන්දාගේ මණමාලයා ආපසු ගියේ දිවා ආහාරයෙන් පසුවය. ඔහු යන මොහොතෙත් මම විමසිල්ලෙන් ඔහු දෙස සැඟවී බලා සිටියේ අක්කා ඔහු දුටු මොහොතේ පටන් පල කල අමුතු හැසිරීම නිසාමය.

වලව්වෙන් පිටවී මෝටර් රථයට නගින මොහොතේ ඔහුගේ දෙනෙත් යොමුවී තිබුනේ අපගේ ජනේලය දෙසටමය.
Sep 14, 2012

කුමාරිහාමි - 14



රාත්‍රිය පුරාවටම ඇද වැටුන වැස්ස තාමත් එහෙමයි. කලුවෙච්ච අහස හිතට ගේන්නේ මහා පාළුවක්.
ජනේලයෙන් එලිය බැලුවාම පේන පහල මිටියාවත පුරාවටම ඝන මීදුමත් එක්කම වැහීබීරුම එක සීරුවට. මම ඔහේ සිටියේ කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන නිසාමයි.

Jul 13, 2012

෴෴කුමාරිහාමි - 13෴෴


පරිසරය මලානික වෙලා අඳුර ගලාගෙන එනවා. අශ්වගාලේ ඉන්න අපිට අපිව විතරයි පෙනුණේ. මගේ හිතට දැනුණේ පුදුම බයකුත් තැතිගැනීමකුත්.

අපි තුන්දෙනාම හුස්ම සද්දෙවත් පිටට නොයන්න ගැහී ගැහී බලන් හිටියා.බයෙන් ගැහෙන කුකුල් පැටවු තුන්දෙනෙක් වගේ අපි බලන් හිටියේ අර ගෑනු කටහඩකින් කෑ ගහපු ශබ්දයක් ආ කාමරේ දොර දෙස.

Jun 24, 2012

෴෴කුමාරිහාමි - 12෴෴


පාළු වලව්ව ඇතුළේ කිසිම සද්දයක් නෑ. හැම කෙනෙක්ම ජීවත්වෙන්නේ මළගිය අය වගේ.

අත්තම්මා හීන් කෙදිරියකින් ඇඳේ අනිත් පැත්තට හැරෙනවා මම ඇගේ කාමරේ ළඟින් යනකොට දැක්කා. පාළුවත් අමුතුම ගුප්ත බවත් කැටිවුණ මේ වලව්වේ මගේ මුළු ජීවිත කාලේම දිය කරලා අරින්න මට නම් කොහෙත්ම උවමනාවක් නැති බව මගේ සිතට තදින්ම දැනෙමින් තිබුණා

Jun 11, 2012

෴෴කුමාරිහාමි-11


එදා අප්පච්චිගේ ළඟ හිටපු නිලමේ ඇඳුම් ඇඳපු කෙනා සොහොන ළඟින් මගේ දිහා බලලා අමුතු විදියට  හිනා වෙලා අනිත් පැත්ත හැරිලා යන්න ගියා

හිතාගන්නවත් නොහැකි විදියට මේ අද්භූත මනුස්සයා මෙතනින් මතු වුණේ කොහොමද කියන එක ඒ වෙලාවේ මට සිතා ගැනීමට නොහැකි වුණා. පස්සෙන් පස්සට ගිය මම වේගෙයෙන් වලව්ව වෙත දුවන්න වුණේ වෙන කරන්න දෙයක් නැති නිසාමයි.

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...