Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
කලකට පෙර පිරිමි ලේඛකයන්ගේ පොත්ම මිළදී ගැනීම මිස මා ලේඛිකාවන්ගේ පොත් මිලදීගැනිමෙන් බැහැරව සිටියෙමි. හේතුවක් නොදන්නා මුත් යටිහිතේ ලේඛකයන් ...
-
සුදු සහ කළු ගැන කියන්න හිතුනේ ඇයි කියලද හිතන්නේ. කාගෙන් හරි ඇහුවොත් මේ පාට දෙකෙන් ඔයා වැඩිපුර කැමති මොන පාටටද කියලා ගොඩක් අය කියයි සුද...
Mar 1, 2013
කුමාරිහාමි 17.
වෙනදාට
වඩා බොහෝ වෙලාවක් මා නිදාගෙන තිබිනි.හතරවටින්ම එලිය වැටී පරිසරය පුරා අමුතුම සුන්දර
සුන්දරයක් මවයි.එහෙත් ඇඟට දැනෙන කෙඩෙත්තුව සහ හිස රදය මා තවත් ඇඳෙහිම රඳවා තබයි.
පෙරදා රැයේ
දුටු සිහිනය තවමත් මගේ මතකයේ ඇත.
විශාල වලව්වක්
සහ එහි ජීවත් වන මවක් පියෙක් සහ දියණීයක්. ඒ වලව්ව මට ඉතාම හුරු පුරුදුයි. ඒ දියණීය
මම නේද.. මට මතක ඒ ළමා සාරියක් ඇඳලා හිටියේ මම. ඒත් එහෙම වෙන්න පුලුවන්ද. මම කවදාවත්
එහෙම වලව්වකට ගිහින් නෑ. අනික ඒ වලව්ව ගොඩක් පරන එකක්. එයාලගේ භාෂාවත් වෙනස්..
"
හා හා ඇති ඇති මෙයාගේ මනෝ ලොකේ දැන් හොදටම දවල් වෙලා බහිනවා ඇඳෙන් බිමට ගුටි නොකා"
අක්කා බොරු තරහක් මවන් කිව්වමයි මට මතක් වුනේ අද අම්මව නාවන්න තියෙන දවස කියලා.
අපි කුඩා කාලයේ පටන්ම ඉතාමත්
පිරිසිදුව සිටි අම්මා අපිවත් හැම මොහෙතෙම පිරිසිදුව තියන්න මහන්සි ගත්තා. අද අම්මාට
තමන්ගේ ශරීරය ගැන පවා ලොකු හැඟීමක් නෑ. ජීවිතය පුදුමාකාරයැයි මට බොහෝ විට සිතෙන්නේ
මේ නිසාමයි
Feb 18, 2013
කළු සහ සුදු...
සුදු සහ කළු ගැන කියන්න හිතුනේ ඇයි කියලද හිතන්නේ. කාගෙන් හරි ඇහුවොත් මේ පාට දෙකෙන් ඔයා වැඩිපුර කැමති මොන පාටටද කියලා ගොඩක් අය කියයි සුදු කියලා. ඇයි ?
බොහෝ දෙනෙක් කළු අප්‍රිය කරනවා. මේ ලියන මමත් .. මම දන්නේ නෑ මේ සම්බන්ද මානසික පෙළඹවීමක් එහෙම තියෙනවද කියල ඒත් කළුපාට හිතටත් නෙතටත් ගෙනෙන්නේ සුව බර හැගීමක් නම් නෙමෙයි.
ඒ වගේමයි මිනිස්සු අතරත් සුදු කළු බේදය මොනතරම් තියෙනවද කියනවනම් සුදු මිනිස්සු හැමවිටම කළු මිනිස්සුන්ව පහත් කරලා සළකනවා.
Feb 10, 2013
සිත්තරා..
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම බැස යන හිරුගේ මලානික එලියෙන් අමුතුම සුන්දරත්වයක් මෙන්ම පාළු හුදකලා බවක් මතු කරයි. හිරු එලිය වැටී දිලිසෙන සයුරු රළ වෙනදාටත් වඩා වේගයෙන් ගොඩබිම දෙසට දිව එන්නේ හැකිනම් ගොඩබිමෙහි නවතාගන්නට කියන්නාක් මෙනි..
සුසුමක් හෙලූ වෙරෝනිකා හදිසියේ යමක් සිහිවූවාක් මෙන් වටපිට බැලුවේ කුඩා පුතු කොහේදැයි දැනගැනීමටයි. දවස් කිහිපයකට පෙර දුර ගමනකින් පසු සයුරු තීරයේ කුඩා ගම්මානය වෙත පැමින ටික දිනක් ගෙවුන මුත් ඇයට තවමත් මෙම ගම්මානය නුපුරුදුය.
Jan 29, 2013
නීල් ආම්ස්ට්‍රෝන්ස් සහ පුංචි බන්ඩාගේ හදට යාම
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. ....
රෝගීයෙක් රාත්‍රීයේ විදුලි පන්දමක් අහස දෙසට ඉලක්ක කරමින් සිටින විට තවත් රෝගියෙක් ඔහු කුමක් කරනවාදැයි විමසයි. එවිට ඔහු " මම මේ ටෝච් එලියෙන් හඳට යන්න හදන්නේ උඹත් ඕනේ නම් වරෙන් කියා පවසයි.. එවිට අනෙකා "අනේ මම නොදන්නවැයි උඹේ හැටි මම බාගයක් දුර යනකන් ඉදලා උඹ ටෝච් එක නිවලා දාන්නනේ හදන්නේ.."
Jan 19, 2013
අපි වෙනුවෙන් අපි....
Dec 26, 2012
සුබ නව වසරක් වේවා !!
අවුරුද්දක් ඉවර වෙලා තවත් අවුරුද්දකටත් ලංවෙලා. 2012 ගෙවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමා මටත් මේ වලව්වක් කියලා එකක් තියෙන වග මතක් වුනේ.
ඔන්න ඉතින් පුංචිත් අවුරුද්දක් තිස්සේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් ලිව්වා. ලිව්වා කිව්වට ලියනවට වඩා නොලිව්වා ඒ වගේම තමයි "කුමාරිහාමි" නව කතාව ලියන්නේ නෑ කියලා අපේ යාළුවන්ගෙන් බැනුමුත් ඇහුවා..
ඉතින් ඔන්න ඔහොමයි 2012 අවසානය කරා ලං වුනේ. හිනාවුනා, ඇඬුවා, ලංවුනා, ඈත්වුනා, හැම දෙයක් එක්කම තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. අපිත් කූඩු කරපු සත්තු වගේ උදේ වැඩට ගිහින් හවසට මේ තට්ටු ගෙවල් වල කූඩු උනා.
Nov 24, 2012
සිතන්නට යමක්..
අප ජීවිතයේ
බොහෝ දේවල් සම්බන්දයෙන් හඬාවැටි පසුතැවිලි වන බව ඔබ දන්නවා. එහෙත් සමහර පසුතැවිලි වන
දේවල් වලින් මිදෙන්න අපට ඉතාමත් අපහසුයි.
මේ අපහසුදේවල් අතරින් තරුණවියේ සිටින හැමෝටම බලපාන එකම ගැටලුව අප ආදරය කර ආදරණියයන් අපෙන් ඉවත්වීම. ඉතා තද බැදීමක් සහිත සම්බන්දයකට නැවතීමේ තිත වැටීම. මේ සිද්ධියට අප බොහෝ දෙනා මුහුන දී තිබෙනවා වන්නට පුලුවන්. මෙහිදී එකිනෙකා මානසික ශක්තීන් හා දරාගැනීමේ හැකියාව මත ඔවුනොවුන් මේ සම්බන්දතාවයන් කැඩී යාම දරාගන්නවා.
Oct 22, 2012
සමුගැනීමට පෙර...
කෙතරම් උත්සහා කල මුත් දැවී වියලී ගිය කර්කෂ පොලවක නැවුම් මල් පූදන්නට හැකිද.?
ඔබ කියාවී පුළුවන්.. නමුත් එයට කාලය සහ කැපවීමද එකසේ අවශ්‍ය බැව් ඔබ පිලිගන්නා බව මම සිතමි.
වියලී පාලුවී ගිය හුදකලා සිතකත් එසේම නැවුම් සිතිවිලි පහල වන්නේ නැත. ගිම්හානය නිමාව වස්සානය පැමිනෙතැයි ඔබ පැවසුවද නැවතත් ගිම්හානය එළබෙතැයි මම කියමි. එනිසාම ගිම්හානයට හුරුවෙමි.
Oct 8, 2012
කුමාරිහාමි (16)
දවස
පුරාම ඇද හැලුන වැස්සේ කිසිම අඩුවක් නැත. එකදිගටම වැස්ස ඇදහැලෙන්නේ අහස හිල්වූ සේය. ජනේලෙන් පිටත කිරිඅලගාලට වැහි පොද වැටෙන හඬ පෝ දින පන්සලේ පෙරහැර සිහිගන්වයි.
වැස්සත්
සමඟින් එන ගෙම්බන්ගේ බක බකයත් රැහැයියන්ගේ සද්දෙත් රාත්‍රිය තවත් පාළුවෙන් පුරවයි
වලව්වේ
විදුලි පහනක් දැල්වුණේ අක්කාගේත් මගේත් කාමරයෙන් පමණි.
වලව්වේ එහා කොටසේ අය සුව නින්දක පසුවනවා විය යුතුය. හවස හය පමණ වන විට ඩිංගිරි නැන්දා උයනගෙයි රාජකාරී නිමවන්නේ අත්තම්මා රාත්‍රී හත වනවිට රෑ කෑම ගන්නා හෙයින්ය. රෑ කෑමෙන් පසුව ටික වෙලාවක් පිරිත් කියමින් ඉන්නා ඇය "ආයේ මොකා එනකන් බලන් ඉන්න කියලද" පවසමින් රාත්‍රී අට වීමටත් පෙරාතුවම නින්දට යන්නේ ඩිංගිරි නැන්දාට දොර ජනෙල් හොදින් වසා ඇද්දැයි බලන්නට අණ කරමිනි.
Oct 2, 2012
෴෴කුමාරිහාමි෴෴ (15)
Subscribe to:
Posts
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..5 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
.jpg)







.jpg)
.jpg)