Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Mar 6, 2012

෴෴කුමාරිහාමි - 08෴෴



ජීවිතය වහගෙනම අඳුරු වලාකුළු පාවෙමින් තිබ්බා.අහස අඬන්න වගේ කලු කරලා තිබ්බාත් වැස්සේ නෑ. කළුවරට කොහොමත් බය මම අද මේ මූසල පාළු කළුවරට මූණ දෙන්නේ කොහොමද කියලා අමුතුවෙන් හිතුවේ නෑ.

අන්තිමේ හැමදෙයක්ම අවසානයේ අත්තම්මා ජයගත්තා..
තමන්ගේම පුතාගේ අවමගුල උණත් එයා ඒ ජයග්‍රහණය භුක්ති  විඳිනවා මම එයාගේ යට ගිලුන දෑස් වලින් දැක්කා.


එදා රෑම අත්තම්මා අප්පච්චිව මාතලේ එයාලගේ පරණ වලව්වට ගෙනිච්චා..

අම්මා හිටියේ හරියට හීනෙන් ඇවිදිනවා වගේ..කිසිම වචනයක් අම්මා කටින් පිට කරේ නෑ..සැරෙන් සැරේ හූල්ල හූල්ල මොන මොනවද මුමුණවා මම දැක්කා..


මම අම්මා ළඟට ගියාම ගොඩක් අසරණ තාලෙට මගේ මූණ දිහා බලාගෙන හිටපු අම්මා දැක්කාම අප්ප්ච්චි ගැන වගේම අම්මා ගැනත් මගේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුණා.

තරුණ ගෑනු දරුවෝ දෙන්නෙක් එක්ක ලොකේ තනි උණා වගේම සැමියාගේ පරපුරේ කෙනහිලි ඉවසන්න සිදුවීමත් තරුණ ගැහැනියකට කොහොම දැනෙන්න ඇද්ද කියලා මට තෙරුණෙ නෑ.

අම්මගේ ජීවිතේ අහිමි වීම්, හිමි වීම් වලට වඩා වැඩි උණේ අම්මගේ ලැබීමද කියන්න මම අදටවත් දන්නේ නෑ..


ඒ වෙනකොට මට අවුරුදු 17ක් ඉවර උන විතරයි.ජීවිතේ ගලාගෙන යන්නේ අපිට ඕනේ විදියට නෙමෙයි කියලා ඒ වයසට මට හිතුනේ නෑ. මම දැක්කේ ඒ තාක් කාලයක් මේ ජීවිතේ ලස්සන විතරයි..

අපි ගොඩක් ලොකු සල්ලි කාරයෝ නොවුණත් අප්පච්චිත් අම්මත් අපිට කිසිම දේකින් අඩුවක් කරේත් නෑ.

අපිට තිබ්බේත් හරිම අහිංසක සරල බලාපොරොත්තු විතරයි.
ජීවිතය කියලා මම දැක්කේ අම්මයි, අප්පච්චියි, අක්කයි, ඉස්කෝලෙයි විතරමයි...

ඊට අමතරව අත්තම්මලාගේ අමුතු වැඩ දැක්කේ නිවාඩු කාලේට තමයි.

ඒත් ජීවිතය ඊට වඩා ගොඩක් අමුතු වේදනාවලින් පිරුණ එකක් කියලා මේ හැම දෙයක් අස්සේම මට දැනෙන්න උණා.

අප්පච්චිව අරන් ගියාට පස්සේ අපිත් වාහනේක නැඟලා කෑගල්ලේ ඉඳන් මාතලේට යන්න පිටත් උණා..

දැන් මතක් කරනකොට නම් ඒ වෙලේ හිටියේ කවුද කියලා කිසිම මතකයක් නෑ..ගියේ කොහොමද ,කාත් එක්කද කියලා කිසිම කල්පනාවක් නැති උනත් ඒ වෙලේ හිතට දැනිච්ච පාළුව,අසරණ කම අදටත් ඒ විදියටම මට දැනෙනවා..

අක්කා පිළිමයක් වගේ ඔහේ බලාගෙන හිටියා..වෙලාවකට ඒ ශාන්ත ඇස් වල වියරු බැල්මක් තිබ්බද කියලත් හිතෙනවා.

අම්මා නම් හිටියේ වෙනම ලෝකෙක..මට දැනිච්ච බය,අසරණ කම ,දුක කියාගන්න කෙනෙක් හිටියේ නෑ..මම අක්කගේ උකුලේ ඔළුව තියාගෙන හිටියා..ඒයා මගේ ඔළුව හිමීට අතගාද්දී මගේ ඇස් වලින් නොනවත්වාම කඳුළු ගලා ගෙන ගියා.

මට මතක විදියට අපි ගියේ රෑක.  අප්පච්චිව ඒ පරණ වලව්වේ මැද සාලේ බොහොම ගරු ගාම්භීරව තැන්පත් කරා. අප්පච්චි කිසිම දෙයක් නොවුනා වගේ හිනා වෙවී නිදියන් හිටියා..

අපි තුන් දෙනාත් අමුතු ලොකෙකින් ආව අමුත්තෝ තුන් දෙනෙක් වගේ බලන් හිටියා..ගමේ හැමෝම වගේ වලව්වට ඇවිත් හිටියද මංදා..හැමෝම අපි දිහා බැලුවේ හරිම අනුකම්පාවෙන්..

"අනේ අපොයි ඉතින් ඒ පරම්පරාවත් ඉවරයිනේ..දැන් ඉතින් මක්කටෙයි මේ වලව්"

"ඇහැළේපොළ මහ කුමාරිහාමිගේ ශාපය පරම්පරාව ඉවර වෙනකම්ම ආවනේ දෙයි හාමුදුරුවනේ"

ගමේ ගෑනු තැන් තැන්වලට මුමුනණ කොට නම් මට ආවේ කේන්තියක් වගේම කුතුහලයක්.

අප්පචිචිගේ මරණයත් එක්කමයි ඒ පරම්පරාවේ හැංගුන රහස් හොයන්න ඕනේ කියන අදහස මගේ හිතට ඇතුල් උනේ.

ඒ ගමේ හිටිය හැමෝම ඉස්සර වැඩ කරලා තියෙන්නේ මේ වලව්වේ.එත් අත්තා ටිකෙන් ටිකෙන් පිරිහෙන කොට ගමේ මිනිස්සුත් වෙන වෙන රාජකාරි වලට යොමු වෙලා තියෙනවා..

අපේ අත්තම්මා ඒත් තාමත් හිතන්නේ මුලු ගමම එයාගේ සේවකයෝ කියලයි.

උඩරට ගෑනු උදවිය කොහොමත් අහංකාරයි කියලා කිව්වට.අත්තම්මගේ තිබ්බේ ආඩම්බර කමට වඩා උද්ධච්ච නපුරු කමක්.

අපි පුංචි කාලේ ඉඳලම ගමේ ආවම අපිත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරපු එකම ගෑනු ළමයෙක් හිටියා..අත්තම්මා වෙන ගමේ ළමයි එක්ක සෙල්ලම් කරන්න අපිට ඉඩ තිබ්බේ නෑ..

"ඔය ගමේ ඉන්න නැහැදිච්ච එවුන් එක්ක පෑහෙන්නේ නෑ මේ වලව්වල ළමයි" අත්තම්මා කිව්වේ එහෙම..

ඒත් වලව්වට උදව්වට එන  සොපිනා උන්දගේ මිනිපිරි කුමුදු එක්ක සෙල්ලම් කරාට අත්තම්මා බාධා කරේ නෑ..

කුමුදු ගැන ටිකිරි නැන්දම්ම නම් ගොඩක් කරුණාවෙන් කතා කරා..මද්දු නැන්දම්මා නම් කොහොමත් නපුරුයි.

මම හිතන්නේ කුමුදු අපේ අක්කගේ වයස වෙන්න ඔනේ..ඒත් එයා දැන් ඉස්කෝලේ යන්නේ නෑ..

මම තනියෙන් වලව්වේ කාමරේක ඇඳ උඩ වැටිලා ඉන්නකොට  කුමුදු  මගේ ඇඳ ලඟ හිටගෙන හිටියා..

"දැන්  අඬලා මොනා කරන්නද චුටි මැණිකේ..ලොකු අප්පෝ ගෙනාපු ආයුෂ ඉවර ඇති"

හැමෝම පුරුද්දෙන් කියන ඒ වචන ටිකම තමා කුමුදු ගෙනුත් කිය උනේ..ඒත් ඒ වචන වල අමුතු ලෙංගතු බවක් මට දැනුණා. මට හිතුණේ කුමුදුත් මගේ සහෝදරියක් වගේ කියලයි.

ඇත්තෙන්ම අපි අතර පුදුමාකාර සමානකමකුත් තිබ්බා

මම ඇඳට වෙලා ඔහේ බලාගෙන හිටියා.ජීවිතේ මොන විදියකට ගලාගෙන යයිද කියන එකනම් මට හිතාගන්න බැරි උණා
එක එක උදවිය අප්පච්චි බලලා යන්න එන වග මට කතා බහෙන් තේරුණා.

අපි පුංචි කාලේ නිවාඩුවට අත්තම්මා බලල යන්න වලව්වට ආවත් අම්ම නම් ආවෙම නැති තරම්..

ඒ දවස් වල ආවම අත්තම්මගෙයි ටිකිරි නැන්දම්මගෙයි ඔනේ කමට දවසක් දෙකක් නතර උණත් අප්පච්චි ඉක්මනින් එනවා අපිව එක්ක යන්න.අම්මට අපි නැතිව ඉන්න බෑ කියල.

අපි ලොකු මහත් උණාට පස්සෙ නම් අම්මා කවදාවත් අපිට රැයක් වලව්වේ ගත කරන්න දුන්නේ නෑ.

අම්මාගේ ඇස් මානයෙන් පිට දවසක් ගත කරන්න දෙන්න අම්මා කැමති උණේම නෑ..අපි ආ පයින්ම අනිත් පැත්තට දුවනවා කියලා අත්තම්මා හිටියේ අම්මා එක්ක තරහින්..

"ඒ ඉස්කුරුප්පුව හිතන්නේ මගේ මිනිපිරියන්ට තියෙන්නේ එයාගේ ලේ විතරයි කියලා"

අත්තම්මා සමහර දවස්වලට එහෙම කියලා අපි යනකොට අප්පච්චිට දොස් කිව්වා.

මම හිතන්නේ අපි ලොකු මහත් උණාට පස්සෙම රැයක් වලව්වේ හිටියමයි.ඉස්සර අක්කයි මායි ආවම වලව්වට හැමතැනම ඇවිදිනවා..ඒත් අත්තම්මා පිටිපස්සේ ගබඩා කාමර වලට නම් නිකන්වත් යන්න දුන්නේ නෑ.

දිගටම අපේ ජීවිත ගෙවන්න වෙන්නේ මේ වලව්වේ කියලා ඒවෙලේ නම් මට හිතුණේ නෑ.

මම නිදියන් ඉන්න කාමරේට අප්පචිචිව හොඳට පෙනුණ.ගොඩක් රෑ වෙලා මම හිතන්නේ පාන්දර දෙකත් පහුවෙලා හැමෝම වැටුණ තැන්වල නිදි..

එළියෙ නම් එක එක ශබ්ද ඇහෙනවා. නිදි මරන්න ආපු ගමේ අයගේ කතා බහ..ඒත්  වලව්ව ඇතුළේ මහ හිස් පාළුවක්..මට ඒ නිහඬ බව දරාගන්න බැරි උනා.

මම ඔහේ පාවෙන හැගීමකින් අප්පච්චි දිහා බලන් හිටියා.අප්පච්චි ළඟ කිසිම කෙනෙක් හිටියේ නෑ හැමොම හිටියේ ඈතින් වාඩිවෙලා..

හදිසියේම මම දැක්කා නිලමේ ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් අප්පච්චි ළඟ හිටන් ඉන්නවා.ඒ මූණේ තිබ්බේ අමුතුම බැල්මක්. ඒක වෛරය මුසු උන ජයග්‍රාහී හැඟීමක්..

මම ඒ මූණ දිහා බලන් ඉන්නකොට ඒ කෙනා මගේ මූණ උස්සලා මගේ දිහා බැලුවා..ඒ බැල්මත් අමුතු හිනාවත් මට හොදටම හුරු එකක්.මගේ හදවත කියාගන්න බැරි බියකින් තිගැස්සුවා..මමත් නොදැනුවත්ම මගේ ඇස් පියවෙලා හිස බර වෙනවා මට මතකයි.....




42 comments:

  1. I very much like to make a commment,but I can't do it in sinhala. If any one tell me how to use in sinhala font, I very much appreasiate .

    samarasekara

    ReplyDelete
    Replies
    1. try this

      http://unicode.malindaprasad.com/

      or this

      http://www.google.com/transliterate/sinhalese

      Delete
  2. I very much like to make a commment,but I can't do it in sinhala. If any one tell me how to use in sinhala font, I very much appreasiate .

    samarasekara

    ReplyDelete
    Replies
    1. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
      Use this..

      Thanks for comment..

      Delete
  3. Me kotasa wall eke thibuna neda., aluth kotas thama nadda.
    Suja akka.,

    ReplyDelete
    Replies
    1. ඔව් සුජා අක්කේ...මෙතන දාපු නැති නිසා දැම්මේ..ඉක්මනින් දාන්නම්..

      Delete
  4. Replies
    1. ඔයාටත් ස්තූතියි සයුරි..

      Delete
  5. සෑහෙන්න කාලෙකින්.......... ඇත්තටම කියාගන්න දෙයක් හිතාගන්න බෑ අක්කේ මේ කතාව දුකින්ම ඉවර වෙයිද කියලයි අහන්න හිතුනේ කියවගෙන යද්දි... ඇහැලේපොල ශාපය කිව්වේ මොකක්ද අක්කේ

    ReplyDelete
    Replies
    1. දුකක්ම වෙන එකක් නෑ මල්ලි..දුකත් සතුටත් එක්ක කලවම් වුන ජීවිතයක්..

      ඇහැළේපොළ කුමාරිහාමි අවසාන වතාවේ ශාප කරා කියවනේ මල්ලි...

      Delete
  6. ගොඩක් දවසකට පස්සේ මේ කොටස දාලා තියෙන්නේ.. ඉතිරියත් එනකම් බලාගෙන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්...
      ඉතිරි කොටසුත් සතියෙන් සතිය දාන්නම්...

      Delete
  7. ඊළඟට මොනා වෙයිද හිතා ගන්න බෑ.... !!! ලස්සනයි අක්කා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි ඔයාට.. මොනා වෙයිද කියලා මමත් දන්නේ නෑ නේ..

      Delete
  8. අඬන්න ඕනලු කිරි එරෙන්න...යන්තම් කතාව දාලා.

    කතාව ලස්සනට ගලාගෙන යනවා.ඒ ආච්චි අම්මා වගේ නපුරුයි අපේ මී ආච්චිත්.

    ඉතුරුව ඕනේ..නවත්වන්න එපා.

    ReplyDelete
    Replies
    1. අසර් හැමදාම කිව්වනේ දාන්න කියලා..නැත්නම් මම ඕක නොදා ඉන්නයි හිතුවේ..මම හිතුවේ ඔයාලට බෝරින් කියලා..
      ස්තූතියි අසර්...

      Delete
  9. ලස්සනට යනවා..වලව්ව්වේ රහස් හොයන්ඩ වගේද යන්නේ පුංචි කුමාරිහාමි.. අභිරහස් කතාවක් වෙන්ඩද මංදා යන්නේ..

    පොඩි පොඩි අක්ෂර වින්‍යාස දෝශ වගයක් දැක්කා.. හැදුවනම් හොඳයි නේද..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා...
      මම සුබසට දාලා අකුරු හැදුවා..ඒත් තාමත් තියෙනවා නේද..
      අපොයි අපේ සිංහල දැනුම නේද...

      Delete
    2. ඇත්තමයි.. මමත් සමහර වචන හරියට ලියන විදිහ තාම දන්නෑ..

      Delete
  10. ලස්සනයි... ඔයාට ආයෙමත් කතාව ලියන්ට හිතුණු එකනම් ලොකු දෙයක්.දිගටම ලියන්ට. ආසවෙන් බලාගෙන ඉන්නව කියවන්ට.

    ReplyDelete
    Replies
    1. ලියලා තිබේබේ..දැම්මේ නෑ. මට හිතුනා ඒ තරම් වැඩක් තියෙන කතාවක් නෙමෙයි කියලා..ඒත් හැමෝම ආයෙත් දාන්න කිව්ව නිසයි දැම්මේ..ස්තූතියි ඔයාට..

      Delete
  11. මම මේක කියව ගෙන යද්දි හිතෙන් උන්නෙ අපේ ගමේ ගෙදර..කතාවක් කියවන් යනව කියල හිතුනෙම නැහැ..පොස්ට් එකේ අන්තිම කියවල එකපාරම නින්දෙන් ඇහැරුනා වගේ උනා...

    ReplyDelete
    Replies
    1. ඇදෙන් බ්මට නම් වැටෙන්න එපා කිරිල්ලි...:D.
      ස්තූතියි ඔයාට..

      Delete
  12. උඩරට කස්ටිය කොහොමත් ආඩම්බරයි.....විසේසෙං ගෑන් ලමයි.....

    ReplyDelete
  13. මොනව උනත් පින්තුරේ ලස්සනයි

    ReplyDelete
  14. පින්තූරේ ලස්සනයි...අනේ ස්තූතියි....ජනී...එහෙම එකක් හරි කිව්වට....

    ReplyDelete
  15. Punchi oya kavi ge pathhe giyoth eyawa , tweety,chathu malli mathak kala kiyanna.
    Suja akka

    ReplyDelete
    Replies
    1. සුජා අක්කා ආයෙත් වෝල් එක ආයෙත් තියෙනවා..මට අර දෙන්නවනම් හම්බ උනේ නෑ..

      Delete
  16. ආ.. අඅයෙත් මේක ලියන්න මතක්වෙලා.. වලව් වල උදවිය ටිකක් ආඩම්බරයිනෙ කොහොමත්.... ලස්සනට ලියන්වා ඔයා..ඉතුරුටිකත් ලියාගෙන යන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතූ..
      හැමෝම ආයෙත් දාන්න කියලා ඉල්ලනවා....ඒක නිසා ලිව්වා....

      Delete
  17. මාර සීන් එක.. මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙන්නේ නෑනේ මේක....

    කතාව නියමයි...

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම වෙන්නේ...ඇයි අප්ඩේට් වෙන්නේ නැත්තේ..
      ස්තූතියි ඔයාට ....

      Delete
  18. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා.
      අනිවාර්යෙන් එන්නම්...

      Delete
  19. අම්මෝ අන්තිම කොටසේදී මටනම් බයත් හිතුනා :(

    ReplyDelete
  20. මුල කොටස් තුන හතර කියෙව්වට පස්සෙ අදයි මේ පැත්තෙ ආවෙ පුංචි, අන්තිමට මම කියපු එක අදත් කියන්නම්....හරිම අපූරු කතාවක්....පපුවටම ලියල තියෙන්නෙ....දිගටම ලියන්න....

    ReplyDelete
  21. ගොඩක් ස්තුතියි රවි...ආයෙත් මේක ලියන්න ඕනේ කියලා හිතුනා..

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...