Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Mar 23, 2012

෴෴කුමාරිහාමි-09෴෴




"චූටි මැනිකේ මේ තේ ටික බීලා ඉන්න.දවසෙම මොනාත් කෑවේ නැති නිසා ඇගට පන නෑ..ඒකයි ඔය කලන්තේ අල්ලන්නේ"

කුමුදු  මගේ ඔලුව අත ගගා කිව්වා..

මම අමාරුවෙන් ඇස් ඇරලා වට පිට බැලුවා.හිස කැරකිල්ලයි හිතට දැනෙන අපහසුවයි ඔක්කොම එක්ක මට දැනුන්නේ පුදුමාකාර අසනීප ගතියක්..



මම පුංචි කාලේ ඉඳලම මට ලොකු හිසේ අමාරුවක් තිබ්බා..ඒ ඔලුව කැක්කුම අම්මා බෙහෙත් ගන්න එක්ක නොගිය තැනක් නෑ..හැම තැනකින්ම කිව්වේ ලෙඩක් නෑ කියලා.


ඒත් සමහර වෙලාවට මට ලොකු බර ගතියක් දැනෙනවා ඒ වෙලේට මමත් නොදැනීම මගේ ඇස් පියවෙලා හිස බර වෙනවා..

එහෙම වෙනකොට මට ඇහෙනවා මිනිස්සු කෑ ගහනවා,විලාප තියනවා..පුංචි ලමයි වගයක් අඬනවා..

ඒත් එක්ක මහා නපුරු හිනාවකුත් ඇහෙනව..හීනයක් වගේ උනත් ඒක නින්දත් නොනින්දත් අතර සිදුවීමක්.

මම පුංචි කාලේ නොනවත්වාම ඇඬුවා කියලා අම්මා කියනවා. අත්තම්මා කොහෙන්දෝ ගුරුන්නාසේ කෙනෙක් ගෙනත් පූජාවක් කලාට පස්සේ ඒ ඇඬීම නතර උනාලු.

ලේ ගොඩක් මැද වැටිලා ඉන්න ලමයි වගයක් කඩුවක් අතින් අර ගත්ත නපුරු මිනිහෙකුත් මට නිතරම හීනෙන් පේනවා..

මම ඉක්මනින් නැගිටලා අප්පච්චිව තියලා තිබ්බ තැන බැලුවා..කලින් හිටපු නිලමේ ඇඳුම් ඇඳ ගත්ත කෙනා එතන හිටියේ නෑ..

"කුමුදු නිලමේ ඇඳුම් ඇඳ ගත්ත කවුරු හරි වලව්වට ආවද දැන්"

"නෑ චූටි මැනිකේ..මොන නිලමේ කෙනෙක්ද?''

"නෑ නෑ කවුරු හරි ආවා.."

 මම ඇදෙන් බැහැලා දිව්වේ කුමුදු මගේ පස්සෙන් දුවන් එද්දී..වලව්වේ හැමතැනම ඇවිදලා බැලුවත්  කලින් දැක්කා වගේ නිලමේ කෙනෙක් නම් දැක්කේ නෑ..

ඒ මූනේ හුරු පුරුදු කම මට හොදටම මතකයි..ඒ කපටි,වියරු හිනාව...මගේ හීන වලත් ඒ මූන අයිති කාරයා හිටියා නේද කියලා ඒ වෙලේ තමා මට මතක් උනේ.

              
                           ~~~~~~~~~~~~~~~~

හැමදේම ඔහේ සිද්ධවෙමින් තිබුනා..අප්පච්චි අපිව අත හැරලා ගිහින් දැන් ගොඩක් වෙලා..

මමයි අම්මයි අක්කයි අනාතයෝ තුන් දෙනෙක් වගේ අත්තම්මලාගේ ගෙදර වැටිලා ඉන්නවා..අම්මා නම් හිටියේ කතා කරන්න පුලුවණ් මට්ටමක නෙමෙයි.

මම වලව්ව පුරාම අර නිලමේ ඇඳුම් අඳින කෙනාව හොයලා හෙම්බත් වෙලා අම්මා ඉන්න තැනට ගියා..

අප්ප්ච්චි ඉන්න තැන බිම පැදුරක් දාලා අම්මා නිදියන් හිටියේ අවසාන නින්දෙදිවත් අප්පච්චිව තනිකරන්නේ නෑ කියන්න වගෙයි. 
අම්මගෙ අහිංසක දුක්බර මූණ දැක්කම මට දරාගන්න බැරි අනුකම්පාවකුත් ,දුකකුත් දැනුණා..ඒ වගේම අම්මගේ ජීවිතේ ගැන සිහින් බයකුත් මගේ සිතට ඇතුල් වුනා.

අම්මත් අප්පච්චිත් විවාහ උණාට පස්සේ අම්මා ගතකරේ සම්පූර්ණයෙන්ම අප්පච්චිට යටත් උණ ජීවිතයක් කියලයි මට හිතෙන්නේ..

ඉස්කෝලෙට ඇරෙන්න ගෙදරින් පිට ගමනක් ගියා නම් අම්මා ඒ ගියේ පන්සලට විතරයි. අප්පච්චි ගෙදරට ඕන කරන හැමදේම කඩෙන් ගෙනාවා..අම්මා කඩේටකට ගියේ නෑ කවදාවත්‍‍........ 

අම්මගේ ලෝකය වුනේ අපි දෙන්නත් අප්පච්චිත් විතරමයි.හදවතින් මොන විදියේ දෙවල් දරාගත්තත් අම්මා අපි තුන් දෙනාට හැමදාම පෙන්නුවේ හිනා මූනක්.

අප්පච්චිලාගේ පරම්පරාවේ අයගේ අදහසක් තමා ගෑනු කියන්නේ ගෙවල් ඇතුළෙ තියාගේන රකින්න ඔනේ කරඬු කියල.

සමහර වෙලාවට ඒ අදහස හොඳ දෙයක් උණත් ඒක ප්‍රායෝගික උණෙ නෑ හැමවෙලේම..

වළව්වෙත් අත්තම්මලාට කඩේ යන්න කෙනෙක් හිටියා..

තේගිරිස් කියලා අත්තම්මලා කතා කරපු ඒ මනුස්සයා ගොඩක් වයසක  අද්භූත කෙනෙක් කියලයි මට නම් පෙනුණෙ..

මම පුංචි කාලේ ඉඳන්ම තේගිරිස්ට බයයි..
ඒ මනුස්සයා කතා කරනවා මම නම් දැකලා තිබ්බේම නෑ..
අත්තම්මා හරි නැන්ඳම්මලා හරි කියන දෙයක් රවාගෙන අහන් ඉන්න තේගිරිස් සද්ද නැතිව එතනින් පිටවෙලා ගිහින් ඒ වැඩේ කරනවා..

එළියෙ තියෙන මඩුවක ජීවිත කාලෙම ගෙවන තෙගිරිස්ව මට පෙනුණෙ අපායෙන් ආව යම පල්ලෙක් විදියට.
                                  
                               ~~~~~~~~~~~~~~~~

මුළු වලව්වම පාළුයි..පුදුමාකාර අසරණකමකින් මගේ හිත දැවෙන්න ගත්තා..පස්සේ අපේ ජිවිත මොන විදියට වෙනස් වෙයිද කියලා එහෙම ඉන්න ගමන් මට හිතුනා.

අක්කා සාලේ පුටුවක වාඩිවෙලා ඇස් දෙක පියාගෙන හිටියා.නිදිද කල්පනා කරනවද දන්නේ නෑ.මම බාධා කරන්න ගියේ නෑ..

තමන්ටම වෙන්වෙච්ච ලෝකෙක ජිවත් වුණ අක්කව තේරුම්ගන්න මට කවදාවත් පුළුවන් වුනේ නෑ.

අත්තම්මලාත් නැන්දලාත් පේන්න හිටියේ නෑ..ඉස්සරහම තියෙන කාමරවල නෑදෑයෝ ගොඩක් එකතු වෙලා හිමින් හිමින් කටු කුටු ගානවා..

සමහරු නිදි..මම ඔහේ ඇවිදන් යනකොට එක හිස් කාමරයක කවුරුත්ම හිටියේ නෑ.

ඉස්සර ඉඳන්ම වලව්වේ කවුරුත් ඒ කාමරේ පාවිච්චි කරේ නෑ..ඒකට හේතුවක් නම් මම දන්නේ නෑ.

පාවිච්චියට නොගත්තත් හරිම ලස්සනට ඒ කාමරේ පිළියෙල කරලා තිබ්බා.සුදු පාට රෙදි දාපු වියල් ඇඳ,කාමරේ කොනක තියෙන පුංචි කණ්ණාඩි මේසේ උඩ සුදු ප්ලාස්ටික් මල් කිනිත්තක්..

මම ඇඳ උඩින් වාඩිවෙලා වටපිට බැලුවා.මගේ ඉස්සරහින් බිත්තියේ තිබ්බ පින්තූරය මම දැක්කේ ඒ වෙලේ..

ලස්සන තරුණ උඩරට කාන්තාවක්.සුදු ඔසරියක් ඇඳලා. සුදු මුතු ඇට පොටක් බැඳලා..යාන්තමින් හිනාවීගෙන මගේ දිහා බලාගෙන හිටියා..

මූණේ තිබ්බේ හරිම හුරුපුරුදු බවක්. හරියට පන පිටින් ඉන්නවා වගේ..මම ඒ දිහා බලාගෙන කල්පනා කරා මේ පුරුදු මුණ කාගේද කියලා...

"අක්කා"....???

ඔව් හරියටම මගේ අක්ක වගේමයි..අක්ක එක පාරක් ඉස්කොලේ කොන්සට් එකකට මේ විදියට ඔසරියක් ඇන්ද වෙලේ එයාව මම දැක්කේ මේ විදියටමයි...

ගතටත් සිතටත් දැනුණ වෙහෙස නිසාම මගේ ඇස් දෙක බර උණේ මටත් නොදැනී..

මම නින්දත් නොනින්දත් අතරේ හිටියා කියලයි මට මතක..කවුරු හරි මගේ ඇඳ ළඟ හිටන් ඉන්නවා මට ඉවෙන් වගේ වගේ මට දැනුණා.මම හිමීට දෑස් ඇරලා බැලුවා..

චූටි ලස්සන බබෙක් වඩාගත්ත සුදු ඔසරියක් ඇඳ ගත්ත ලස්සන ගෑනු කෙනෙක් මගේ ඇඳ ළඟ හිටගෙන මගේ දිහා බලන් හිටියා..එයාගේ ඇස්වල තිබ්බේ හරිම දුක්මුසු පෙනුමක්..මම ටිකක් වෙලා එයා දිහා බලාගෙන හිටියා.

එයා හිමීට කාමරෙන් පිටවෙලා යන්න ගියා.ඒත් එක්කම මම බිත්තිය දිහා බැලුවා.දෙයියනේ ඒ පින්තූරේ හිටපු කෙනාමයි නේද ඒ හිටියේ.

මගේ ඇඟ සීතල වෙලා ගිහින් මාව එහෙමම වෙව්ලන්න ගත්තා. ඇස් දෙක තද කරගෙන පියන් නිදාගන්නවා ඇරෙන්න මට වෙන දෙයක් කල්පනාවට ආවෙත් නෑ. මම නිදාගත්තා.

67 comments:

  1. වහලා තිබුන කාමරේ ඉස්සර කාගෙද....

    ReplyDelete
    Replies
    1. තාම දන්නේ නෑ නේ..පස්සේ හොයලා බලමු...

      Delete
  2. අම්මෝ හොද වෙලාවට මේක දවල් වෙලාවක කියෙව්වේ..:D :D

    ReplyDelete
  3. වලව් වල ඉතින් ඔය වගේ අත්බූත තියනවා කියලා මාත් අහලා තියනව.. හැම වලව්වකම පාවිච්චි නොකරන, වහලා දාලා තියන අබිරහස් කාමරයක් තියෙන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා..මොනවත් හරි රහස් ඇති නේද.දන්න අත්බූත කතාවක් කියන්නකෝ..

      Delete
  4. බුදු අම්බෝ!!! රජතුමත් බය උනා නොවැ

    ReplyDelete
    Replies
    1. කවුද අප්පෙ රජතුමා..:D...කොයි අඩවියටද රජා?

      Delete
  5. කවුද අප්පේ ඒ? ඇහැලේපොල කුමාරිහාමිවත්ද?

    ReplyDelete
    Replies
    1. තාම දන්නේ නෑ.. පස්සෙ හොයලා බලමු..

      Delete
  6. අඩේ කවුද ඒ.....එතකොට කවුද අර නිළමේ ඇඳුම් ඇඳගත්තු කෙනා???

    මේක ඇහැලේපොල කුමාරිහාමිට සම්බන්ධ නම්....තේගිරිස් ගහලයා වෙන්නැති...අක්කා ඇහැලේපොල කුමාරිහාමිගේ දුවක් වෙලා ඉන්න ඇති...නිලමේ ඇඳුම ඇහැලේපොලගේ වෙන්න ඇති...දැන්නම් මාර ගති කතාව ඇඟ කිලිපොලා යනවා....සිරාවටම මේ කතාවක්ද අක්කේ නැත්තම් චුට්ටක් හරි ඇත්තක් තියෙනවාද???මාරම මාර තාත්විකයි

    ReplyDelete
    Replies
    1. ඇත්තමත් නෙමෙයි මල්ලි..ඇත්ත නෙමෙයි මත් නෙමෙ‍යි..:D..පරිකල්පනයත් සත්‍යත් අතර ලියන්වෙන දේවල් නේ මල්ලි..

      Delete
    2. හුටා චූට්ටක් හරි ඇත්තද..... හපෝයි

      මට වෙච්චි හොල්මං සිද්ධියක් තියෙනවා ඒක ලියන්ටෝන

      Delete
    3. අපෝ අපි බයයි ගැමි මල්ලි ඕවා ලියන්න එපා..

      Delete
  7. දරුවෙකුත් වඩා ගෙන හිටියනම් මෝහිනි වෙන්නත් බැරි නෑ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.එහෙම වෙන්නත් බැරි නෑ..

      Delete
    2. නෑ නෑ මේ කතාවේ හැටියට ඒ ජාතියේ කෙනෙක් වෙන්න බෑ

      Delete
  8. හොඳ වෙලාවට තමා දවල් කියෙව්වේ . නැත්නම් රෑට බය හිතෙනවා . පිටි පස්සෙන් ඉන්නව වගේ දැනෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ගිම්...:D
      අපෝ ඔයා බයද..

      Delete
  9. මම මේ ඉතිපිසෝ ගාථාව කියවන ගමන් කියෙවුවේ.. බය නිසා නෙමෙයි හොදේ.. :)

    ReplyDelete
    Replies
    1. @ වින්චැට්කිරිල්ලි
      විහිලුවකට වුනත් මේ විදියට ගාථාවක් මෙහෙම දාපු එක හොද මදි කියලා මට හිතෙනවා.
      ඔයා බොද්ධ කෙනෙක් නම් දන්නවා ඇති අපි බුදුහාමුදුරුවන් වන්දනා කරන ගාථාවට අපි මොන තරම් ගරු කරනවද කියලා.ඉතින් අපි වගේ බ්ලොග් ලියන අය මේ වගේ ලියන්න ගත්තොත් ඒක ගොඩක් වැරදි ආදර්ශයක් වෙයිද කියලා හිතනවා.

      වින්චැට්කිරිල්ලි වත් අනිත් යාලුවොවත් මමත් එක්ක තරහ වෙන්න එපා.මේක හොද මදි කියලා හිතුන නිසයි කිව්වේ.අපේ ආගමට අපිත් මෙහෙම අපහාස කරන්න ගත්තොත් අනිත් අය කොහොම නොකරාවිද කියලා සිතුන නිසා.

      වැරදි දෙයක් නම් කියවුනේ සමාවෙන්න යාලුවනේ.

      Delete
    2. කුබූ,

      සහතික ඇත්ත.

      මටනම් කිසිම වැරැද්දක් පේන්නෑ කුබූ ඔබ කියපු දේ හරි.

      Delete
    3. එයා නොදන්න කමට විහිලුවක් කරන්න ඇති..මමත් හිතනවා ඒක ඒතරම් හොද මදි කියලා. ඒත් අපහාසයක් කරන අදහසක් නොතිබෙන්නත් ඇති..
      කුබූ..සෙන්නා මම එයා වෙනුවෙන් සමාව ඉල්ලනවා

      Delete
    4. දිනේෂ් හොල්මන් දැකලා නෑ නේද...:D

      Delete
    5. ඔය උඩින් දිනේශ් කියල තියෙන්නෙ විහිලුවක් නෙවේද?? ආන්න ඒ විහිලුවට විහිලුවක් මම කලේ......මමත් හොඳ බෞද්ධයෙක්....බුදුහාමුදුරුවන්ට වත් බෞද්ධාගමට වත් අපහාසයක් කරන්න කිව්ව දෙයක් නෙවේ...කරුණාකරල මේ පුංචි වචනයක් අල්ලගෙන ජාතිවාදය..ආගම්වාදය අවුස්සන්න හදන්න එපා බ්ලොග් වල............ඔය මහත්මයාගෙ හිත රිදුන නම් මම දිනේශ්ට කරපු විහිලුවට සමාවෙන්න...!!

      Delete
    6. ඒ තරම් හිතන්න එපා කිරිල්ලියේ..අපි ඔය වගේ විහිලු කරනවා..සමහර අය අකමැතිත් වෙනවා..ඔයාගේ හිත රිදුනා නම් සමාවෙන්නකෝ..

      Delete
    7. ඇයි ඒ කමෙන්ට් එක ඩිලීට් වෙන්නේ නැත්තේ...මම කරානේ..අනේ කිරිල්ලි සමාවෙන්න මොකක් හරි අවුලක්..පුලුවන් ඉක්මනින් අයින් කරන්නම්...

      Delete
    8. ඩිලීට් කරලත් මේ කමෙන්ට් පෙන්නේ ඇයි කියලා කවුරු හරි කියන්නකෝ..මම සෙටින්ස් වලින් ඩිලීට් කරා.මේ කමෙන්ට් එක එතන නෑ..

      Delete
    9. දැන් ඒ මගේ කමෙන්ට් එක පේන්නෙ නැහැ....තෑන්ක්ස්.....

      Delete
  10. ඔයාගෙ කතාවෙ හැම වචනයක් වචනයක් පාසාම මම අතීතෙ ජීවත් වෙනවා..අපේ ගෙදර..පාලු කාමර..තාත්තගෙ මිනිය සාලෙ මැද්දෙ....අම්ම තාත්තගෙ මිනිය ගාව සාලෙ නිදා උන්න හැටි....කුසුම..පොඩිහාමි නැන්ද...අපේ ගෙදර තව උන්න අමුතු මිනිහෙක්,රත්නපුරේ පැත්තෙ ඉඳල ඇවිත්..මේ ඔක්කොම දෙනා එක්ක ඒ අතීතෙට යනව මම ඔයාගෙ කතාව එක්ක....................

    ReplyDelete
    Replies
    1. මටත් ඔයා කියන විදියෙම කතාවක් තියෙනවා.මේ ඇත්තටම මගේ අප්පච්චිගේ මල ගෙදර. ඒක ඇත්තටම සිද්ද වුන දේවල්...මට දැනුන දේවල්..

      Delete
  11. ඇත්තටම කව්ද ඒ ගෑනු කෙනා..ඉක්මනින් ඊලඟ කොටස බලමුද..
    හරිම ලස්සන කතාව යාලු..මම පරක්කු වුනත් ඇවිත් කොහොමහරි කියවල යනව හොඳේ..

    ReplyDelete
  12. අම්මෝ... බය හිතෙනවා...කවුද ඒ ගෑණූ කෙනා?? හිතාහන්න බෑ... ලස්සනට ලියන් යනවා අක්කෙ...

    ReplyDelete
  13. අනේ අම්මෝ... මගේ ඇග හීතල වෙලා ගියා අක්කේ.. හපොයි කවුද ඒ..

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපෝ...ඔන්න හොල්මන් :D

      Delete
    2. බය වෙන්න එපෝ කියලා ඔන්න හොල්මන්ලු.. හපොයි අක්කේ.. ඔයා තවත් බය කරනවනේ..

      Delete
    3. :D අනේ නෑ..නංගෝ බය කරේ නෑ...හි හි.ඔන්න මෝහිනී පිටිපස්සෙ...:D

      Delete
  14. කියන්න බැරි අමුතු දෙයක් දැනෙනවා.වලවූ කතාවක් නිසා ගුප්ත දේවල් බලාපොරොත්තුවෙන් මේ කතාව කියෙවුවෙ.ඔයා ලියන හැම කතාවකම හැම චරිතයක්ම හොඳින් විස්තර කරනවා ඒ හැමෝම ගැන අදහසක් ගන්න පුළුවන්.

    ඉතිරිය ඉක්මනින් ලැබේවි නේද?

    ReplyDelete
    Replies
    1. මම මේ කතාව ලියන එක නවත්තලයි තිබ්බේ..අසර් තමා හැමදාම කෝ කිය කියා ඇහුවේ..
      ඔයාට ගොඩක් ස්තූතියි...
      අප්‍රිකාවේ හොල්මන් නැද්ද :D

      Delete
    2. මම මෙහෙ අයත් එක්ක හොල්මන් ගැන කතා කරද්දී එයාල හිනා වෙනවා.

      Delete
    3. ඔයා කියන්නේ අප්‍රිකාවේ හොල්මන් නෑ කියලද..මම SHE කියලා පොතක් කියෙව්වා.ගොඩක් ඉස්සර.. ඒකේ හොල්මන් කතාවක් තිබ්බා වගේ මතකයි..

      Delete
  15. ගොඩක් වලව්වල මේ වගේ ගුප්ත කතා තියනවා නේද. ඉතුරු ටිකත් ඉක්මනින් ලියන්න. ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. එහෙම කියනවා ..ඒත් සමහර ඒවා නම් මවා ගත්ත කතා නේද..

      Delete
  16. අයියෝ මට සැක හිතෙන දේවල්මයි තියෙන්නෙ මේකේ

    ReplyDelete
    Replies
    1. මටත් සැකයි ඔයා ගැන ....:D

      Delete
    2. හිනා මට මේවට

      Delete
    3. අයියෝ මටත් හිනා luksh මල්ලි මේවට...

      Delete
  17. ලස්සන කතාව.කුතුහලෙත් උපරිමයි.මේ පැත්තෙ එන්නෙ දැන් ගොඩක් කාලෙක ඉදලා.ඒත් කමෙන්ට් එකක් දාන පලවෙනි වතාව මට මතක විදිහට.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද ආවට ගොඩක් ස්තුතියි..මමත් ඔයාගේ හොද රසිකයෙක්...

      Delete
  18. මාත් බය උනා නොවැ මේ කතාවට ......

    ReplyDelete
    Replies
    1. අපොයි යක්කුත් බය වෙනවද..හි..හි

      Delete
  19. මන් දැනන් උන්නේ නැහැනේ ඔයා බ්ලොග් එකක් ලියන වග . දැන් මුල ඉඳන්ම කියවන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බින්දි මේ පැත්තට ආවට..මමත් ඔයාගේ හොද රසිකයෙක්..

      Delete
  20. මම නම් හොඳටම බය වුණේ නෑ හොඳේ

    ReplyDelete
  21. කුමාරිහාමි කාලය ගොඩක් ගන්නවා අෆ්ෆා එක කොටසක් ලියන්න..කතාව අමතක වුනාම තමා ආයේ ලියන්නේ..
    පොඩි ප්‍රශ්නයක් තියනවා එතකොට කුමාරිහාමිගේ අක්ක ඇහැලේපොල කුමාරිහාමිගේ rebirth එකද?එහෙම නැත්තම් ඒ හැඩරුව විතරද?

    ReplyDelete
    Replies
    1. ඒවා යුදරහස් එහෙම කියන්න බෑ..
      අමතක වෙන එක නම් ලෙඩක්.. :D

      Delete
    2. ඉතින් කුමාරිහාමි ලියන්නේ මාස තුනකට සැරයක් නේ??එහෙම නෙමේ
      අපි මාසෙට එකක් අනිවාර්යෙන් ලියමු පොඩි යෝජනාවක්..අනික පුළුවන් නම් ඔයාගේ මුහුණු පොතේ පුංචි සටහනක් දාන්න කතාව කොටසක් දැම්ම කියල බයලොග් එකේ

      Delete
  22. ඉතින් කුමාරිහාමි ලියන්නේ මාස තුනකට සැරයක් නේ??එහෙම නෙමේ
    අපි මාසෙට එකක් අනිවාර්යෙන් ලියමු පොඩි යෝජනාවක්..අනික පුළුවන් නම් ඔයාගේ මුහුණු පොතේ පුංචි සටහනක් දාන්න කතාව කොටසක් දැම්ම කියල බයලොග් එකේ කියල

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. හොඳ වෙලාවට දවල් කියෙව්වෙ මේක....රැට නම් කොහොමත්ම බැහැ බය හිතෙයි...ඇත්තටම කව්ද ඒ ගෑනු කෙනා?...කවුද අර නිලමේ ඇඳුම් ඇඳන් හිටපු කෙනා? වලව්වේ අබි රහස්! ආසම මාතෘකාවකි....ඉතාමත්ම රසබරව කතාව ගෙනි යනවා කුමාරිහාමි! ගොඩාක් ආසවෙන් ඉන්නෙ ඉතුරු ටිකත් කියවන්න...:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පාතිමා ඔයාට.. ඉක්මනින් අනික් කොටස් දාන්නම්කෝ..

      Delete
  25. ලස්සනයි. ඉක්මනින් අනිත් කොටස දාන්න කියල කියන්න ඕනේ උනත්, ගොඩක් වැඩ මැද්දේ නේ ගොඩක් අය බ්ලොග් ලියන්නේ. ඉතින් ඔයා ට පුළුවන් ඉක්මනින් අනිත් කොටස ලියාවි කියල හිතනවා. :)
    ඇහෙලේපොල කුමාරිහාමි ලාගේ කතාවක්ද මේ? හැබැයි එහෙනම් තේගිරිස් වඩුග රජාද දන්නේ නැහැ!
    මගේ හොඳම යාලුවෙක් ඉන්නවා ඇත්තටම ඇහෙලේපොල පරම්පරාවෙන් එන. එයාටත් මේක පෙන්වන්න ඕනේ! ඔයත් ඒ පරම්පරාවේ නම් මගේ යාලුවාගේ නෑදැයෝ වෙන්නත් ඇති

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මම ඒ පරම්පරාවේ නෙමෙයි..මේක මේ මට හිතෙන විදියටයි ලියවෙන්නේ. ඇත්තටම වුන දෙයක් නෙමෙයි..මගෙත් යාලුවෝ නම් ඉන්නවා මාතලේ.. ඇහැලේපොල පරම්පරාවේ..

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...