Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Apr 20, 2012

‍‍‍෴෴ නිමාවූ වසන්තය ෴෴




ජීවිතය යනු අපි ප්‍රිය කරන දේ නොව අපට ලැබෙන දේ යැයි බොහෝ තැන්වල මා අසා තිබූ මුත් කිසිදිනක එය පිළිගන්නට මැලිවුණෙමි.එහෙත් දැන් නම් අකමැත්තෙන් වූවද එය පිළිගන්නට මට සිදුවේ.


අප මිනිසුන්ට ලන්වන්නෙත් ආදරය කරන්නෙත් ඔවුන්ගේ අභ්‍යන්තරය ගැන පූර්ව නිගමනවලට බැසගෙනය. කලක් යද්දී අප වැරදි බැව් තේරුණ මුත් එය පිළිගැනීමට සිත අලසවන්නේ බැඳීම් ලිහා ගැනීමට අප අකමැති නිසාම වන්නට ඇත.


අකුණු ගැසීම්,ගෙරවීම්,කුණාටු සුළං සේම මල් වැහි,දෙදුනුද නිමා වී ඇත. ඉතුරු වූයේ සුණු විසුණු වූ පාළු හුදකලා බිමක් පමණකි.නමුදු "අහස" පෙර සේමය..


යළි දේදුනු පායනු ඇත,මල් වැහි වසිනු ඇත.අහසට දුකක් පාළුවක් නැත. සියල්ල අහිමි වූයේ පොළවටය.


පොළව උමතුවෙනි..

අහිමි වීම්,නොලැබී යාම් ජීවිතයට අරුම දේවල් නොවූවද සිත සසල වීම නම් වළක්වා ගත නොහැක. 


මල් පිපීමත් ගෙඩි දැරීමත් ගසක උරුමය වුවද මල් පරවී ගිලිහී යාම දරාගැනීම අසීරු බව දන්නේ ගසමය...
වස්සානය සදාකල් නොමැති මුත් ගිම්හානයට මුහුණ දීමට සිත සවිමත් නැතිකම මහා දුකකි.

46 comments:

  1. ගසක් නම් මද පවන් හා සිනාසී විහිළුවක් කරන්නා සේ
    සුළි සුළං පැමිණි විට නොම සැලී අතු රිකිලි සුරකිය යුතුම වේ

    ReplyDelete
  2. ඇත්ත කතාව... අන්තිමට දුක විතරයි, වෙච්ච දෙයකුත් නැහැ, තිබුන දෙයත් නැහැ............ මම මෙ බ්ලොග් එක නිතරම බලනවා, එත් කොමෙන්ට් කරන්න වෙලාවක් නැහැ, මොකද මගෙ ජිවිතයම කාර්ය බහුලයි, එත් නිදහස් වෙලාවට අනිවාර්යෙන්ම කියවනවා.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුෂිට කමෙන්ට් කරාට..

      Delete
  3. ''.......මල් පිපීමත් ගෙඩි දැරීමත් ගසක උරුමය වුවද මල් පරවී ගිලිහී යාම දරාගැනීම අසීරු බව දන්නේ ගසමය.....''

    ගසකට සම කරන්න එපා..ජීවිතේ කියන්නෙ ඊට වඩා ලස්සනම ලස්සන දේකට...කාලයට ඉඩ දෙන්න දුක් වේදනා කාලය අරන් යනවා...සතුටම විතරක් නෙවේ වේදනා..කඳුලු...සෝතැවුල් එක්ක තමා ජීවිතය ලස්සන..අර්ථවත්...හරියට ගල්පර උඩින් බාධක මැද්දෙන් කැරකි කැරකි ගලන ගංගාවක් වගේ.......!!

    ReplyDelete
    Replies
    1. ඔව් කාලය හැම දුකක්ම නිවනවා..
      ජීවිතය කියන්නේ හරිම පුදුම තේරුම් ගන්න බැරි දෙයක්...

      Delete
  4. ජීවිතය ගැන මමත් මේ දවස් වල තේරුම් ගන්න උත්සාහයක...

    ReplyDelete
    Replies
    1. බුකියේ ස්ටේටස් වලින් සෑමාටත් තේරුනා :)

      Delete
    2. දීනේශ් මොකක් හරි exam එකකට රෙඩි වෙනවද.. :D..

      Delete
    3. සෑම් හින්ට් එක මටද දිනෙෂ්ටද .. :D

      Delete
  5. ඔන්න මමත් පුංචි කුමාරිහාමිගෙ වලව්වට ගොඩ වැදුන. හැමදාම වසන්තය තිබුනොත් කාටවත් ඒකෙ ලස්සනක් පෙනේවිද? වසන්තයේ ලස්සන වඩාත් හොඳින් දකින්නෙ ගිම්හානෙන් බැට කන අයයි. ඒ වගේ ජීවීතේ සුන්දරත්වය, වටිනාකම හොඳින්ම දකින්නෙ දුක් කරදර මැදින් ජීවිතේ ජය ගත්ත අයයි. ඉතිං අපේ පොඩි කුමාරිහාමිටත් සියලු බාධා කරදර පරදා ජීවිතයේ ජයෙන් ජය ලබන්නට අවශ්‍ය ශක්තිය දහිරිය නොඅඩුව නිරතුරු ලැබේවායි ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. healer ටත් ගොඩක් ස්තූතියි.. ඔයා කරන්නේ මෙන්ටල් හිලීන්ද .. :D..

      ඔයාට ආවටත් සටහනක් තැබුවටත් ස්තූතියි..

      Delete
    2. කායිකව හෝ මානසියකව සුවයක් අවශ්‍ය ඕනෑම කෙනෙක්ට උදව් කරන්න කැමතියි. බලමු අනාගතයේ දවසක ඒකට සුදුසු තත්වයට පත් වෙන්න හැකි වේවිද කියල :)

      Delete
  6. කණගාටුනොවන්න.

    අද අහිමි වූ දේ වෙනුවට ඊටත් වඩා හොඳ දෙයක් හෙට ලැබීම ජීවිතයේ ස්වභාවයයි.

    එයට සූදානම් වන්න.

    ReplyDelete
    Replies
    1. අනේ බැරියෝ..
      නැතිවුනේ හොදම එකම නම් මම පවු නේ...

      Delete
    2. හිහ්.. අපි බලමු...

      ඔය කටින්ම අනාගතේ දවසක අනේ ඒක නැතිවෙලා මේක ලැබුනු එක කොච්චර දෙයක්ද කියලා නොකිව්වොත් මම බ්ලොග් ලියන එක නවත්වනවා..

      Delete
    3. ඒ කියන්නේ සෙනා ගේ කතා අපිට කියවන්න වෙන්නේ නෑ කියන එකද?

      Delete
    4. මචෝ අසර්,

      එහෙම වෙන්නෑ කියලා මට ඉර හඳ වගේ ෂූවර්.. :-)

      Delete
    5. අපොයි සෙනාගේ කතා කියවලා ඉවරයි අපි ඒ කියන්නේ..මහ අපරාදයක්නේ...

      Delete
  7. අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනෙ මහ වැසි වැටුණාමයි..
    පොළව නුඹ මෙතරම් රළු යැයි හැඟුණෙ නියඟය ආවාමයි..

    සැඩ බවත් රළු බවත් ජීවිතයේ අප නොපතන දේවල් වුණත්.. ජීවිතය යනු මේ ගමනේදී මේ දේවල් මතින් අපි ප්‍රිය කරන දේවල් සොයා යෑමක්.. ඒත්.. තිත්ත කටුක කොහොඹ නොබී කෙනෙක් සීනි පැණිරස බව කොපමණ කීවත් නොදනී..
    උදාවේවි වසන්තයක් හිත පිරෙන්නම හිනාවෙන්න..
    ඉතින් පුංචි කුමාරිහාමියේ.. සියළු බාධක මතින් ජීවිත‍ය ලස්සන කරන්න අවශ්‍ය නිබද ධෛර්යය ශක්තිය ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට...!!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත්....නන්දු. ඔයා හරි.. හැමදේම දරාගන්න බැරි උනත් දරාගන්නම වෙනවා.

      Delete
  8. ස්භාවධර්මයට ඉඩ දී බලා හිදින්න.

    අද පරාජය හෙට දිනුම වේ.. !

    ReplyDelete
    Replies
    1. ම්ම්. එහෙම වෙනවනම් හොදයි ඒත් නොවුනොත්...

      Delete
  9. නොදන්න හින්දයි සිතුනේ අහන්න සීදේවී තැවෙන්නේ ඇයි ඉකි බිද බිද උනු කදුළින් නැහැවී

    ReplyDelete
    Replies
    1. මමවත් නොදනී හේතුව කිමදෝ..

      ස්තූතියි ඔයාටත්

      Delete
    2. මමවත් නොදනී හේතුව කිමදෝ..

      ස්තූතියි ඔයාටත්

      Delete
  10. Me ochcharama kanagatu wenna epa. Jeevithey wkama cidiyata gala gena yanawata wada
    Athiveem
    Narhiveem
    Duka
    Sapa
    Oya hamadema ath vindinna oni.
    Erhakotai jeevithey lassana.
    Wall ekata enna
    Aaa.. Oyata labuwa uu awurudda kiriyen paniyen ithirena waasanaawantha ekak wewa.
    Suja akka.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..
      ඔයාට ස්තුතියි සුජා අක්කේ.. මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩි.. වෙලාවක් ආපු ගමන් එන්නම්..

      Delete
  11. මමනම් දැන් හොදටම තේරුම් අරගන තියෙන්නේ සැම දෙයක් ගැනම . මිනිස්සු ගැන ,ජීවිතේ
    ගැන . දැන්නම් තියෙන්නේ සැහැල්ලු බවක් .

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ගිම් ඔයා දිනුම් නේද.. ඒක මොනතරම් වාසනාවක්ද..

      Delete
  12. ඒක නම් ඇත්ත.....ජීවිතේ කියන්නේ ඔය හැමදේකම එකතුවක්..ඔය දේවල් ඔය විදිහට නොතිබුනානම් මේ ජීවිතේ ලස්සනකුත් නැති වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ජීවිතේ කියන්නේ දුක සතුට කදුල හැමදේම..ස්තුතියි තරු

      Delete
  13. විසිරුණු පෙති යලි මලක් නොවේ කියල සින්දුවකත් තියනවනේ.ඒ උනත් ඉතින් ඒ ඇත්ත දරා ගන්න අමාරුයි.මොකද මල කැමති ලස්සන වෙලා ලෝකේ බලන්න.ඒ උනත් ඒ පරවිමට හේතුව මල කලින් දැනන් හිටියනම් එහෙම වෙන්නේ නැති විදිහකටවත් පිපෙයි.අකමැත්තෙන් හරි ඒ ඇත්තට මුහුණ දෙන්න වෙනවා මලට.
    //කලක් යද්දී අප වැරදි බැව් තේරුණ මුත් එය පිළිගැනීමට සිත අලසවන්නේ බැඳීම් ලිහා ගැනීමට අප අකමැති නිසාම වන්නට ඇත//
    හිතට ගොඩක් දැනුන කොටසක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රීම්ස්.. මලක් පරවෙන්න අකමැති වුනාට ඒකට පරවෙන්න සිද්ද වෙනවා. ඒක තමා සොබා දහම...
      ස්තුතියි ඔයාට..

      Delete
  14. ජීවිතේ හැටි ඔහොම තමා...සිත ‍ධෙර්යමත් කරගන්ඩ.
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි..රජතුමනි..

      Delete
  15. හැම දෙයක්ම වෙන්නේ හොඳට.තේරුම ගන්න බැරි මිනිස් ජීවිතය තේරුම ගන්න උත්සහ කිරීමත් අනුවන ක්‍රියාවක්.ලෝකේ ඕනෙම කෙනෙක් කාලෙකදී වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තේරුම ගත්තොත් හැමදාම ඒ කෙනත් එක්ක සමගියෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒ කෙනත් එක්ක ගොඩාක් ලං වුනොත් වෙනස් වීම තේරුම ගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. .......කෙනත් එක්ක ගොඩාක් ලං වුනොත් වෙනස් වීම තේරුම ගන්න බෑ.......

      කෙනෙක් එක්ක ගොඩාක් ලං උනාම වෙනස් වීම තේරුම් ගන්න පුලුවන්..දරාගන්න බැහැ...!!

      Delete
    2. ඔව් අසර් කිරිල්ලි හරි.. වෙනස් වීම තේරෙනවා දරාගන්න බෑ..
      හැමකෙනෙක්ම කාලකදී වෙනස් වෙනවා. ඒත් ඒකට මූන දෙන්නයි බැරි..

      Delete
  16. වෙනස්වීම දරාගන්න හිත සවිමත් කරගන්න කියුවට ඒ අවස්ථාවට මුහුණ දෙන කෙනා තමයි ඒකෙ දුක දන්නෙ..හොඳම දේ කාලයත් එක්ක ඒ දුක තුනී වෙන්න ඉඩ දෙන එක..අතීතයට එක්වුනාම ඒ හැම දුකක්ම හිතේ තැනක තැන්පත් වුනු මිහිරි මතකයක් පමනක් වේවි.. :)

    ReplyDelete
    Replies
    1. හැමදේකම මිහිරි මතකයක් තියෙන්නේ නෑ සිතු..සමහර දේවල් අමිහිරි මතක...ඒවා දරාගන්න අමාරුයි..

      Delete
  17. "මහවරුසාවට පසුව නැගෙන සද වෙන්දාටත් වැඩියෙන් එළියයි...."
    ගිම්හානය නිමා වී...
    වස්සානය උදා වේවා..!
    මල් පිපී සුවද වේවා.....!
    ගිම්හානයේ ලැබූ පන්නරය..
    පිපෙන පියුමෙහි ඔපය වේවා....!

    ඕං ආයි..ආවා...

    ReplyDelete
  18. අක්කෝ මට හිතුනේ මෙහෙමයි.ගස් වලට ඵල දරන්න නියමිත කාලයක් තියෙනවා.ඒක ස්වාභාවය.ඒත් මිනිස් හිතට ඵල දරන්න එහෙම කාලයක් නෑ අවශ්‍ය ඕනේම වෙලාවක හිත හදාගන්න පුළුවන් ඒ කියන්නේ ගහකට වඩා හිත ශක්තිමත් කියන එකනේ....

    තව පැත්තකින් බැලුවාම සුළි සුළගක් ගං වතුරක් ආවොත් ගස් ඇඹරිලා කැඩිලා වැටෙනවා.ඒත් හිතක් එහෙම ලේසියෙන් වට්ටන්න බෑ කාටවත්.ඕනේම වෙලාවක හිටියටත් වඩා වැඩි ශක්තියකින් නැගිටින්න හිතට පුළුවන්.

    කවුරු හරි ඇවිල්ලා ගහක් කපලා දැම්මොත් බොහෝ වෙලාවට ගහ මැරිලා යනවා.ඒත් අක්කෝ හිතක් මරන්න බෑ.කවුරු මොනා කලත් හිත ශක්තිමත් කරගත්තොත් හිත තමයි අපිට තියෙන ලොකුම ශක්තිය.එහෙමත් නැත්තම් ලොකුම ආයුධය.

    ඉතිං අක්කෝ හිතට අපිව පාලනය කරන්න නොදි අපි අපිට ඕනේ විදියට හිත හදාගමු.

    වැස්ස නැති වුනාම පොළව ඉරිතලලා වේලිලා යනවා.උල්පත් හිඳෙනවා.ගහ කොල මැරිලා යනවා.ඒත් අහසට කිසිම දුකක් නෑ.ඒත් අක්කෝ නියඟයට පස්සේ වැටෙන එක මල් වැස්සක් ඇති ලා දළු එක්ක පොළවට නැගිටින්න.ඒ ඉරිතැලුනු පොළව නැවුම් වැස්සෙන් සුවපත්වෙනවා වගේ.හෙන ගැහුවත් නොසැලෙන පොලවක් වගේ හිතත් හදාගන්න අක්කෝ.හිත හයිය කරගන්න.ජය වේවා!!

    පොළව කවදහරි සේරම අතෑරලා මුලින් වැටුනු වැස්සමයි ආයේ ඕනේ කියලා හිටියොත් මොනා වෙයිද???

    ReplyDelete
  19. ඔන්න කාලෙකින් ගැමි මල්ලියට අක්කව මතක් වෙලා.

    මම උත්සාහා කරනවා මල්ලි‍යෝ.. කොහොම හරි කරන්නම වෙනවා....අසනිපෙන් හිටපු නිසයි උත්තර ලියන්න ප්‍රමාද උනේ.. ගොඩක් ස්තුතියි මල්ලිට...

    ReplyDelete
  20. මූණ පොතේ පුංචි කුමාරිහාමිගෙ ලස්සන කවි කියවනවා ගොඩාක් ආසාවෙන්.....නමුත් ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනෙ අද. අත්තෙටම ඔයා කියනවා වාගෙ වස්සානය සදාකල් නොමැති මුත් ගිම්හානයට මුහුණ දීමට සිත සවිමත් නැතිකම මහා දුකකි. සම්පූරණ ඇත්ත. එභෙමම වුවත් කාලය අපෙන් ඈත් කරයි දරාගතනොහැකි දුක වේදනාව... මෙය මගෙ පෞද්ගලික මතයක් පමණි...:)

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...