Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළදන්නයි...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
May 30, 2012
සෙනෙහසින් නුඹට ලියමි.....
දයාබර චුට්ටි..
කාලෙකින් ලියන්න බැරි මම වැඩ ගොඩක හිර වෙලා හිටි නිසයි ඉතින් මම මේක ලියන්න හිතුවේ අද කතා කරාම ඔයා ගොඩක් දුකෙන් කතා කරපු නිසා..
ජීවිතේ දරාගන්න බැරි තරම් හිත රිදුනොත් ඔයාමොනවද කරන්නේ. මේ මොහෙතෙත් ඔයා ඉන්නේ කෑ ගහ ගහ අඬ අඬ නම්.. ඔයාව අඬවපු අය ගොඩක් සතුටින් හිනාවෙනවනම් ඔයාට මොකද හිතෙන්නේ.
මම කියන්නද ....ඉස්සෙල්ලම ඒ අය ගැන ලොකු තරහක් වෛරයක් ඇතිවෙනවා ..අනිත් පැත්තෙන් තමන් ගැනම ආත්ම අනුකම්පාවක් ඇතිවෙනවා, එහෙම නේද.
මම දන්නවා ඔයාට හිතෙයි අනේ මේ මොහෙතෙම මාව මැරිලා යනවනම් කියලා. ඒ තරම් ඔයාට ජීවිතේ අප්‍රසන්න විදියට පෙනෙයි.
ඔය ඇස් වලින් ගලන කඳුලු පොඩ්ඩක් පිහිදාල මෙක කියවන්න. අපි කතා කරමු. දන්නවා ජීවිතේ අසරන වුනාම, ගොඩක් ආදරේ කරන කෙනෙක් හිත රිද්දුවාම දරාගන්න බෑ කියලා. අඬලා අඬලා මැරෙන්න හිතෙනවා. ඒ අවස්ථාව ජීවිතේට උදා වුනේ ඇයි කියලා හිතෙනවා
ඒත්.. මැරෙන්න්න හිතුනා කියලා මැරෙන්න බෑ අපි ජීවත් වෙන්න ඕනේ. මේ මනුස්ස ජීවිතේ ගොඩක් අමාරුවෙන් ලැබෙන්නේ. අපි දන්නේ නෑ ආයෙත් වතාවක් අපිට මේ ලෝකෙට එන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා ලැබුන ජීවිතෙන් පලා යන එක මිනිස් කමට නිගාවක්.
ඒක නිසා අපි මැරෙන අදහස අයින් කරගමු.
ඊට පස්සේ බලමු ඇයි මෙහෙම හිත රිදුනේ කියලා.කවුරු නිසාද එහෙම වුනේ කියලා. ඔයාගේ හිත රිද්දුවේ ඔයා ගොඩක්ම ආදරේ කරන කෙනෙක් නම් ඒක ඔයාට ලොකු වේදනාවක් කියලා මට අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
ඒක වුනේ සාදාරන හේතුවක් නිසානම් එයාගෙන් සමාව ගන්න පුළුවන් ඒත් අසාධාරන ආත්මාර්ථාකාමී කම නිසා නම් ඔයාට කරන්න තියෙන්නේ එයාගේ හිතවත් කම ගැන දෙපාරක් හිතන එක.
ආදරේ කරන දෙන්නෙක් නම් දෙන්නට දෙන්නා අතරේ අවබෝධය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.
අපි ආදරය කරන කාලයේ අනෙක් කෙනාගෙන් වෙන හැම වැරැද්දක්ම දකින්නේ සැහැල්ලුවෙන් ගොඩක් අයත් කියනවා "බැන්දම ඕවා හරි යයි" කියලා ඒත් මම කියනවා එහෙම හරි යන්නේ නෑ.
ගොඩක් අය ආදරේ කරන කාලේ කරන වැරදි බැන්දම නවත්තන්නේ නෑ. ඒවා වැඩිපුර කරනවා. ආදරේ කරද්දි දාලා යයි කියන බය තිබුනත් බැන්දට පස්සේ ඊටත් වඩා නිදහස හම්බ වෙනවා.
මම දන්නවා එහෙම කිව්වට ආදර සම්බන්දයක් නවත්තන්න ගොඩක් අමාරුයි. ඒත් අද හිත හදාගත්තොත් අනාගතේ අඬන්න වෙන එකක් නෑ. ගොඩක් දරුනු විදියට හිත රිද්දන කෙනෙක්ට පවුල් ජීවිතේකට ගියාම ඒක නවත්තන්න පුළුවන් කමක් නෑ.
අපි ආදරේ කරනකොට හිතෙනවා අනිත් කෙනත් අපි වෙනුවෙන් කැපවෙලා ඒ ගැනම අවධානයෙන් ඉඳිවි කියලා. ඒත් හැමෝම එහෙම නෑ. එහෙම ඉන්න අයත් ඉන්නවා.
ජීවිතේ අසරන වෙලා හිතාගන්න බැරි විදියේ අභූත චෝදනාවලට ලක්වුනාම කෙනෙක්ට ජීවිතේ එපා වෙනවා. කලකිරෙනවා. හැමදෙයකින්ම පලායන්න හිතෙනවා.
ඒත් එහෙම කරා කියලා ලැබෙන දෙයක් නෑ. කරන්න ඕනේ හොදම දේ නම් කාලයට ඉඩ දෙන එක. අමතක කරනවා කියන එක අමාරු දෙයක් බව අපි දන්නවා.
ඒත්කොහොම හරි අපි දරාගන්න ඕනේ. ඕනෙම ගෑනු හිතක මේ හයිය තියෙනවා. මම දන්නවා ඔයාට පුළුවන්.
පුංචි කාලේ සෙල්ලම් කරද්දි වැටුනම රිදිලා කෑ ගහ ගහ ඇඬුවත් අපි ආයෙත් නැගිටලා ඒ සෙල්ලම කරනවා මතකද. ඒ වගේ තමා චුට්ටියේ ජීවිතෙත්. දාලා යන්න බෑ. පැනලා යන්න බෑ.
කවුරු කොහොම මොනවා කිව්වත් හිත හදාගන්න අමාරුයි කියලා මම දන්නවා. ඒත් එහෙමයි කියලා ජිවිතෙන් පැනලා යන්න බෑ. අපි ජීවත් වෙමු..
දැන් ඔයාගේ හිත ටිකක් විතර නිමිලා නේද. අඬන එක නවත්තලා දැන්වත් ටිකක් හිනාවෙන්න.
ඇදෙන් බහින්න. ගිහින් හොදට නාගන්න එහෙම නැත්තන් ඇග සෝදගෙන හොද උණු තේ එකක් හදන් බොන්න. අපිට අපි විතරමයි චුට්ටියේ. කවුරුත් එන්නේ නෑ පොඩිකාලේ වගේ වඩාගෙන නලවලා අපේ හිත් හදන්න.
අද අම්මටයි තාත්තටයි වත් බෑ අපිව නළවන්න සනසන්න. ඔයාට පුළුවන්.. ඔයා නැගිටින්න ඕනේ...
මම ආයෙමත් ඔයාට ලියන්නම්.. එතකන් දැනට ඇති
බුදු සරනයි..!!!
මද්දු අක්කා.

Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
අද හිත හදාගත්තොත් අනාගතේ අඬන්න වෙන එකක් නෑ. සහතික ඇත්තකුමාරිහාමි. සමහර මිනිසුන්ගෙ හිත පටුයි ගුප්තයි.. එත් මතක තියාගමු ලෝකය විශාලයි මෙතෙක් අපිට හමු නොවු පළල් හදවත් ඇති මිනිස්කමින් පිරිපුන් මිනිස්සු හමුවීමට වරම ලබාදෙන්නේද කාලය. අවංක යාළුවෙකුගෙ හිතවත්කමෙන් සංවේදි ලිපියක්.
ReplyDeleteස්තුතියි පාතිමා.
Deleteඔව් සමහර මිනිස්සු ගොඩක් අමුතුයි.තේරුම් ගන්න බෑ. එහෙම අය නිසා සංවේදී හිත් තියෙන අහිංසක හිත් ගොඩක් තැලෙනවා.
එහෙම කවුරු හරි මේකෙන් ප්‍රයොජනයක් ගන්නවනම් මට සතුටුයි.
'අපිට අපි විතරමයි චුට්ටියේ' ඒක නම් ඇත්ත අක්කියෝ.මම ඒක හුගක්ම අත් විදපු කෙනෙක්.කෙනෙක් අපිව පාගලා දාන්න අපිව මානසිකව වට්ටලා දාන්න හදනව නම් අපිත් තවත් ශක්තිමත් වෙන්නම ඕන.
ReplyDelete''ගසක් නම් මද පවන් හා සිනාසී විහිළුවක් කරන්නා සේ
සුළි සුළං පැමිණි කල නොම සැලී, අතුරිකිලි සුරකිය යුතුම වේ"
ඒක නම් මමත් අත්විඳපු අත්දැකීමක් බට්ටියේ... අපි තනිවුනාම අසරන වුනාම කවුරුත් නෑ. හැමෝම ඉන්නේ අපිට හයිය තියෙනකන් විතරයි..
Deleteම්...යම්දෙයක දැඩිව බැඳුනම දැනේන වෙදනාව වැඩී...ආදරය මහපුදුම දෙයක් නේ..වෙදනාව,සතුට,දුක,වෛරය..කොච්චර දෙවල්නම් ඔකේ ගැබ්වෙලා තියෙනවද....ආදරේ කරන කොට දෙන්නම හිතනවනම් ද්ව්‍යලොක මවන් නැතුව සැබැ විදිහට එකිනෙකාට ආලය කරන්න අන්න එතකොට වෙදනාවල් දැනේන එක අඩුවෙලා සතුට වැඩිවේවී...
ReplyDeleteකොහොම ආදරේ කරත් රාජ් සමහර වෙලාවට නොගැලපෙනකම වැඩියි.. ඒක මහ දුකක්. හොදම දේ හිත හදන් අයින් වෙන එක. ඒත් කරන්නම බැරි දේත් ඒකමයි.
Deleteතමන්ගෙ හිත තමන්ම තමා හදාගන්න ඕන . කාටවත් බෑ තමයි එය කරන්න . ඒත් අපි වැටිල ඉන්න වෙලාවට සමහර යාලුවෝ හිත සනසන්න කියන වදන් මහා හයියක් වෙනවා .
ReplyDeleteඔයත් මේ කරන්නෙ ඒකනේ . චුට්ටිට ඔයාගෙ වදන් ශක්තියක් වෙයි .
ඒක නම් ඇත්ත ගිම්..
Deleteහොද යාලුවෙක්ට පුළුවන් අපේ හිත හදන්න.. ඔයත් එහෙම කරා. මතකද මම දුකෙන් ඉන්නකොට..
ස්තූතියි ඔයාට.
අනේ මන්දා මොනව කියන්නද කියලා.......
ReplyDeleteඒත් මෙන්න මේ ටික හිතට ගන්න හොදට
ප්‍රශ්න නැති උනාම ජීවිතේ කිසි ගතියක් නැහැ ඒකාකාරි බව ජීවිතයට ආවාහමත් එපා වෙනවා ජීවිතේ ජීවත්වෙනවා කියලා දැනෙන්නේ ප්‍රශ්න වලට මුහුන දෙන කොට තමා.
ඔව් රොබින් ඔයා හරි. ප්‍රශ්න නැති ජීවිතේ ඒකාකාරියි. ඒත් සමහර ප්‍රශ්න ජීවිතේට ලොකු බලපෑමක් කරනවා. ඒවා දරාගන්න සමහරුන්ට බෑ. ඒකයි මම මෙහෙම එකක් ලිව්වේ.
Deleteප්‍රශ්න....... අම්මල,තාත්තලට තුරුලට අරගෙන නලවන්න බැරි වුනාට ඒ දෙන්න ලඟ ඉන්නකොට මාර ශක්තියක් හිතට එනවානෙ.අවංක යාලුවොත් හරිම ශක්තියක්.
ReplyDeleteඔව් නිසු.. අම්මයි තාත්තයි ලඟ ඉන්න එක ශක්තියක් තමා. ඒත් අපි ලොකු උනාම එයාලටත් කියාගන්න බැරි ප්‍රශ්න එනවා නේද ජීවිතේට...
Deleteහොද යාලුවෝ නම් හිතට හයියක් හැමදාම
//අද හිත හදාගත්තොත් අනාගතේ අඬන්න වෙන එකක් නෑ. ගොඩක් දරුනු විදියට හිත රිද්දන කෙනෙක්ට පවුල් ජීවිතේකට ගියාම ඒක නවත්තන්න පුළුවන් කමක් නෑ.//
ReplyDeleteමේ කතාව ඇත්ත අක්කේ... හේතුවක් ඇතිව හෝ නැතිව රණ්ඩු කරනවා කියන්නේ පවුල් ජීවිතේ අප්සට් වෙනවා කියන එකම තමා.දෙන්නගෙන් එක්කෙනෙක්ට අසීමිතව ඉවසන්න පුළුවන්නම් මේක මෙහෙම වෙන්නේ නෑ හැබැයි එහෙම ඉවසුවා කියලා කරන වැරදි නිමක් නැත්තම් එහෙම ඉවසලා වැඩකුත් නෑ තමා...
අක්කා කිව්ව විදියට යාළුවෙලා ඉද්දි නිතර වැරදි කරන කෙනෙක්ව හදාගන්න බෑ බැන්දට පස්සේ ඒ නිසා දැන්ම තීරණයක් ගන්න එක හොඳයි
ඔව් මල්ලි. ගොඩක් වෙලාවට වෙන්නේ එහෙම නේද. අද කරන වැරදි අනාගතේ වැඩියෙන් කරනවා.
Deleteරන්ඩු කරන කෙනා හැමදාම කරනවා.
කාටද මේ ලියලා තියෙන්නෙ ? අදාල පුද්ගලයා ( චුට්ටි ) මේක කියෙව්වොත් ඇයගෙ දුක බොහෝදුරට තුනී වේයැයි සිතෙනවා.
ReplyDeleteඔව් සෙන්නා චුට්ටි මේක කියවයි .. එයා මොනා දෙයක් තේරුම් ගනියි. ඒ වගෙම කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් වෙනවනම් ලොකු දෙයක්..
Deleteජිවිතේ කියන්නේ සෙල්ලමක් නෙමේ සැහැල්ලුවෙන් හිතන්න තරම්..අක්කා කෙනෙක් විදියට දෙන්න ඔනේම උපදෙස් ටිකක් දිලා තියෙනවා.
ReplyDeleteස්තූතියි නිම්සා.
Deleteයාළු වෙලා ඉන්න කාලේ කරපු වැරදි බැන්දාම වෙනස් වෙනවා කියන දේ බොරුවක්. මේ ලියුමේ තියෙන විදියට වැඩ කලොත් වරදින්නේ නැහැ.
ReplyDeleteඑහෙනම් ඔන්න අසර් අද ඉදන් වැරදි කරන්නේ නෑලු එයාගේ පෙම්වතිට . :D..
Deleteස්තුතියි අසර්,..
මෙහෙම අක්කෙක් ලබන්න ඒ චුට්ටි හරි පින්වන්ත වෙන්න ඕනෙ.. හරිම වටින අදහස් ටිකක් දීලා තියෙන්නෙ අක්කෙ!!!
ReplyDeleteස්තූතියි හිතු..
Deleteඅපි අපේ ගැහැනු ලමයි බ්ලොග් එකෙනුත් කතා කරේ මේකනේ..
සැහැල්ලුව ප්‍රශ්න නැති කරන උප්පරවැට්ටිය බව සෑමා උගත්තේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතාගේ චරිතයෙනි.
ReplyDeleteඅපේ තාත්තා එහෙමය. ජය !
සෑමාගේ තාත්තා හරිය..
Deleteමේ ඔයාගේ තාත්තා අර චිත්‍රපටි අධ්‍යක්ශකද..?
පුංචි,
Deleteනිකමට හදලා බලන්න දැන් සෑමගෙ වයස කීයක් විතර ඇත්ද කියලා.. මූට පුත්තලම් බූරුවො හත් දෙනෙක්ගෙ විතර වයසයි, ඔය පොඩි කාලෙ ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකේ දාගන හිටියට. හැක හැක හැකස්..
අලේ යකෝ.. මම ඊලග පෝස්ටුවේ මගෙ බර්ත් සැටිපිකෙට්ටුව දාන්න ඉන්නේ..
Deleteමේක සෑමා ගෑල්ලමයි එක්ක තියෙන ඇයි හොදැයිය නැති කිරීමේ තැතක්
හිකිස්..හිකිස්...
Deleteබයවෙන්ඩ එපා බන් ගෑල්ලමයි බොට මනාපයි.. උන් අපේ ලණු කන්නෑ... :-)
ඇත්තට සෙන්නා ඔය ගෑල් ලමයි කියන්නේ කවුද. අපි නම් දන්නේ ගෑනු ළමයිවනේ.. :D
Deleteඇත්ත ඇසුරු කරන කාලෙදි වැරදි හදාගන්න බැරි කෙනෙක් බැන්ඳට පස්සෙ ඊට වඩා වැඩි වෙනවා..අර බලු වල්ගෙ ඇදේ අරින්න බැහැ වගේ.....ආදරය කරන්න ඕනෙ හදවතින් වගේම බුද්ධියෙනුත්.......
ReplyDeleteඔව් කිරිල්ලි.. ඒත් අපි ගොඩක් අය හිතන්නේ ඕවා බැන්දම අඩුවෙයි කියලානේ. අපි වටේ ඉන්න අයත් එහෙම කියනවා. අනික අපි ආදරෙ නිසාම ඒ වගෙ වැරදි හිතන්න කම්මැලි වෙනවා.
Deleteකියවිලා තියෙන කරුනු කාරනා වලට නම් සීයට සීයක්ම එකගයි. දිරියෙන් ඉදිරියට. ජය...!
ReplyDeleteගොඩක් ස්තුතියි ඔබට..
Deleteඅහම්බෙකින් ගොඩවැදුනු පුංචි කුමාරිහාමිගේ වලව්වෙන් ලැබුණු උපදෙස් ටිකනම් ගොඩක් වටිනවා....
ReplyDeleteඅහම්බෙන් හරි ආවට ගොඩක් ස්තුතියි.. ආයෙත් එන්න.
Deleteමද්දු අක්කගේ කීම ඒ විදිහටම පිළිපැද්දානම් චුට්ටිට ආයේ දුක අහලකටවත් ගන්න හම්බෙන්නේ නෑ. එක ෂුවර් !!!
ReplyDeleteස්තුතියි පැතුම්ට..
Delete//මැරෙන්න්න හිතුනා කියලා මැරෙන්න බෑ අපි ජීවත් වෙන්න ඕනේ. මේ මනුස්ස ජීවිතේ ගොඩක් අමාරුවෙන් ලැබෙන්නේ. අපි දන්නේ නෑ ආයෙත් වතාවක් අපිට මේ ලෝකෙට එන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා ලැබුන ජීවිතෙන් පලා යන එක මිනිස් කමට නිගාවක්.//
ReplyDelete//අපිට අපි විතරමයි චුට්ටියේ. කවුරුත් එන්නේ නෑ පොඩිකාලේ වගේ වඩාගෙන නලවලා අපේ හිත් හදන්න.//
මද්දු අක්කා වගේ කෙනෙක්ව ලබන්න චුට්ටි කොයිතරම් වාසනාවන්තද..!!
කවදාවත් නොමැකෙන වටින අදහස්..!!!
ගොඩක් ස්තුතියි නන්දු ඔයාට.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදාපු කමෙන්ට් එක දාලා ඩිලීට් කරාට දකින්න බලන්න ඕනේ අය ඒක දැකලා ඉවරයිනේ. අනික මේක ලියපු මට ඒ වගේ දෙයක් දරාගන්න බැරි නම් වැඩක් නෑ. ඒක නිසා අපරාදේ එහෙම කරේ...
DeleteNanga oya dukin neda?
ReplyDeleteAshani fernando fb ekata f/re ekak danna.
Suja akka
එහෙමට විශේෂයක් නෑ. අක්කේ..හොදින් ඉන්නවා.
Deletehmmmmm passe pasutawenawata wada hodai danma idan hita hada ganna 1 bandama prashna wadi wenawa misak adu wenne na...monawa unath hoda akkek labila tiyenawa nangita.mata inneth ohoma akkek tamai
ReplyDeleteduk wenna epa nango dan idanma hita hada ganna amarui tamai eth tawa passe kalekadi vidawanna wenakota eata wada amarui....
ඔව් ඒක ඇත්ත පසුවට පසුතැවිලි වෙනවට වඩා දැන්ම තිරනයක් ගන්න එක හොදයි නේද..
Delete