Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

May 13, 2012

ඔබට නිවන් සුව ලැබේවා..!


හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල  වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බොහෝ රට තොට විස්තර කියා දෙන ඔබා මාමා අපි අතරින් සදහටම සමු අරන්..

ඔබා මාමා කුමාරයාගේ බ්ලොග් එකේ තබපු කමෙන්ට් එකකින්ම මේක ඉවර කරන්නම්...
"කියල යන්න බැරිවුනාට දුක් වෙන්න එපා. හමුවීම තමා වැදගත්..අනික කවදාවත් අපිට හැමෝටම කියල නං යන්න වෙන්නේ නෑ."

ඒ කතාව මොනතරම් ඇත්තද

නොකියම ඇවිත් නොකියම ගිය ඔබා මාමට නිවන් සුව ලැබේවා.!!!

35 comments:

  1. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. කාගෙ හරි බ්ලොග් එකක් කියවන කොට දැන් ඔබා මාම ඇවිත් මෙතන මොන වගේ කමෙන්ට් එකක් දායිද කියල හිතුන වාර අනන්තයි. ඔයාගෙ බ්ලොගයෙ පෝස්ට් වලට අමතරව ඔයා වෙන බ්ලොග්වල දමපු කමෙන්ට් පවා අපි රසවින්දා. අනේ මන්දා… දැන් බ්ලොග් අවකාශෙට එනකොට මොකක්දෝ මහා පාළුවකින් හිත වෙළිල යනව. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔයාව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
    Replies
    1. "මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්...!!"..

      ඔව් අපි කවදා හරි නැවතත් මුන ගැහෙයි නේද..?

      Delete
  2. ඔබා මාමට නිවන් සුව ලැබේවා.!!!

    ReplyDelete
    Replies
    1. ඔහුට නිවන් සුව ලැබේවා...!

      Delete
  3. ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම දවසක යන්න ඕනේ ගමනක් ඔහු කලින්ම ගියා..

      Delete
  4. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
    Replies
    1. මටත් මේක දැක්කම අදහා ගන්න බැරි වුනා. ඒත් එහෙම වෙලා.

      Delete
  5. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
    Replies
    1. ඔබා මාමාට නිවන් සුව ලැබේවා...!

      Delete
  6. //"කියල යන්න බැරිවුනාට දුක් වෙන්න එපා. හමුවීම තමා වැදගත්// මේ දේ කියද්දී ඔබා මාමවත් අපිවත් හිතුවේ නැහැ මේ කියන්නේ මොකක් ගැනද කියා.

    ඔබා මාමේ ඔබට නිවන්සුව!!..

    ReplyDelete
    Replies
    1. ඔව් අසර් හමුවීම තමා වැදගත්.. නැවත් ඔහු හමුවෙන්නේ නෑ.. ඒකයි දුක..

      Delete
  7. ගොඩක් දුකයි.ඔබා මාමාට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් දුකයි...නිවන් සුව ලැබේවා.!

      Delete
  8. ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අටහ්රම ඉපදේවා !

    ReplyDelete
  9. ඔබා මාමේ ඔබට නිවන්සුව.......

    ReplyDelete
    Replies
    1. නිවන් සුව ලැබේවා.. ඔබා මාමට..!

      Delete
  10. මාත් ආවා දුක බෙදා ගන්න.

    ReplyDelete
  11. මාත් ආවා දුක බෙදා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාට නේද අන්තිමේ කමෙන්ට් කරේ.. ඔයාට කියපු දේ ඇත්ත නේද..

      Delete
  12. හිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක් වෙන් වෙලා ගියහම දුකක් දැනුනු පලමු අවස්ථාව... ඒ බ්ලොග් ලෝකයේ ඔබ මගේ සමීප මිතුරෙක් නිසා වන්නට ඇති... වයස් පරතරය නොදැනුනේ ඒක නිසා වෙන්න ඇති. මම බ්ලොග් කියවන්න පටන් ගත් දවසේ මුලින්ම මතකයේ රැඳුනු චරිතය ඔබයි...
    ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!!
    යලිත් සිංහල බ්ලොග් ලෝකය සරසන්න අප අතරම යලි ඉපදේවා...
    එදාට අපි මාමලා වෙලා ඉදිවී... නැවත හමුවන තුරු..........................................................

    ReplyDelete
    Replies
    1. ඔව් නොදැකපු කතා නොකරපු අය වුනත් අපි අතර ලොකු හිතවත් කමක් තියෙනවා කියලා මෙකෙන් ඔප්පු වෙනවා නේද.. ඒ හිතවත් කම් හැමදාම රැදේවා. ඔබා මාමාට නිවන් සුව ලැබේවා...!

      Delete
  13. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  14. අපේ දෑසට කඳුළු ආවත් ඔහු ඒ ගමනත් යන්න ඇත්තෙ හිනා වෙවී.....

    සොඳුරු මිතුරාණනි, ඔබට සුබ රාත්‍රියක්.....!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් හැමදාම අපිව හිනස්සපු..අපිව සතුටු කරපු ඔහු ඒ ගමනත් සතුටින් යන්න ඇති...

      Delete
  15. කිව්වොත් අපි යන්න දෙන එකක් නෑ කියලා හිතන්න ඇති.
    ඉතිං සසර මගින් එතරවෙන්න නොකියම යන්න හිතන්න ඇති..
    ඔබා මාමේ ඔබට නිවන් සුව...

    ReplyDelete
  16. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම්.. අපි හැමෝගෙම ඇස් වලට කඳුලු ආවේ අපි අතර තිබ්බ නම නොදන්න මොකක්දෝ බැදිමක් නිසා. ඇත්තෙන්ම ඔහු අපිට ආයෙත් හමු නොවේවි.. ඒත් හිතවත් කම සදාතනිකයි..

      Delete
  17. "ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"

    ඉතින් සොඳුරු ඔබා මාමේ... ඔබ අද නිසළ වුනත් , ඔබ මතකය සැමදා අප සිත්තුල සදා රැදෙනු ඇත.. ඔබට නිවන් සුව..

    ReplyDelete
    Replies
    1. කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"..

      මේක නම් ඇත්ත.. වටින් මිනිස්සු ඉක්මනින් දෙවියෝ ලඟට ගන්නවා වෙන්න ඇති නේද...

      Delete
  18. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete
    Replies
    1. ඔහුට නිවන් සුව ලැබේවා..!

      Delete
  19. සුබ ගමන් මාමේ!

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...