Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළදන්නයි...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
Jul 13, 2012
෴෴කුමාරිහාමි - 13෴෴
පරිසරය මලානික වෙලා අඳුර ගලාගෙන එනවා. අශ්වගාලේ ඉන්න අපිට අපිව විතරයි පෙනුණේ. මගේ හිතට දැනුණේ පුදුම බයකුත් තැතිගැනීමකුත්.
අපි තුන්දෙනාම හුස්ම සද්දෙවත් පිටට නොයන්න ගැහී ගැහී බලන් හිටියා.බයෙන් ගැහෙන කුකුල් පැටවු තුන්දෙනෙක් වගේ අපි බලන් හිටියේ අර ගෑනු කටහඩකින් කෑ ගහපු ශබ්දයක් ආ කාමරේ දොර දෙස.
නැවතත් ඒ විලාපය එක්කම කවුදෝ පිරිමියෙක්ගේ ගෝරනාඩුවකුත් කිසියම් දෙයක් පෙරළෙනවත් ඇහෙන්න වුණා.
කුමුදු ඇගේ සීතල අතින් මාව තද කරලා අල්ලගත්තේ කිසියම් පිළිසරණක් පතාගෙන වගේයි.
ඒත් එක්කම ඇරුණ දොරෙන් දාඩිය මුගුරු හලාගෙන යකෙක් වගේ එළියට ආව තේගිරිස් දුටුවම අපි තිදෙනාම පුදුමයටත් බියටත් පත් වුණා.
තේගිරිස් එකපාරටම අපි ඉන්න දෙසට ආවත් අපි ඉදිරියෙන් ඉද්ද ගැහුවා වගේ නැවතුණා. අක්කගේ මූණ දෙස ටිකක් වෙලා බලන් හිටපු ඔහුගේ ඇස් බයෙන් හීන්වෙනවත් කට ඇඹරෙනවත් මම හොදින්ම දුටුවා.
"කුමාරිහාමි" කියමින් යටිගිරියෙන් කෑ ගසමින් තේගිරිස් එතැනින් පැන දුවනවාත් සමගම අපිත් අනිත් පැත්තට වලව්ව දෙසට දිව ගියා.
"චූටි මැණිකේ මම හෙට එන්නම්" කියාගෙන කුමුදු අපෙන් වෙන්වුණේ තාමත් බියෙන් ගැහෙන හිතින් කියලා මට තේරුණා.
වලව්වේ ඇතුළෙන් අත්තම්මා පිරිත් කියන හඬ ඇරුණම කිසිම ශබ්දයක් ඇහුණේ නෑ. අක්කා අම්මා ඉන්න කාමරේ දෙසට ගියත් මට හිතුණෙ ටිකක් තනියෙන්ම සිද්ධ වුණ දේ පිළිබදව නැවතත් සිතන්න. මම හෙමිහිට වලව්වේ බරාදයට ඇවිත් එහි පුටුවකට බර වුණා.
ඇත්තෙන්ම ඒ පාළු කාමරේ ඇතුළෙන් ඇසුණේ ජීවත් වෙන ගැහැනියක්ගේ හඩක් නම් ඇය එම කාමරේ බලෙන් සිර කරගෙන සිටිනවා විය යුතුයි මට සිතුණා.
තේගිරිස් අක්කා දුටුවිට බියෙන් වෙව්ලා කුමාරිහාමි යැයි කෑගැසූ අවස්ථාව මතක් වී මගේ මුවගට සිහින් සිනාවක් නැගුණත් ගොළු තේගිරිස්ගෙන් මේ පිළිබදව අසා දැනගන්නටනම් මේ ආත්මයෙදි බැරි බැව් සිහිපත් වී මට දැනුණේ කණගාටුවක්.
තේගිරිස් අක්කාට කුමාරිහාමි යැයි බිය වීමත් සමගම මම එදා නිදා සිටියදී දුටු කාන්තාවත් වලව්වේ කාමරයක් එල්ලා තිබෙන පින්තුරේ ඉන්න කාන්තාවත් අතර ඇති සම්බන්ධයත් මට සිහිවුණා. අක්කාගේ මුහුණෙත් මේ කාන්තාවගේ මුහුණෙත් ඇති සමීපත්වය තේගිරිස් බියපත් කරන්නට ඇතැයි මම සිතාගත්තා.
උදෑසනම පහළ මිටියාවත දෙසින් මීදුමත් එක්ක ගලාගෙන එන හිරු එළිය මුලු පරිසරයම අමුතු ලස්සනකින් පුරවනවා.
චූටි නැන්දා රටා හිටින්න මිදුල අතුගානවා.
ලොකු නැන්දා මෙන් නොව චූටි නැන්දා තරමක් කාරුණික තැනැත්තියක්. ඇගේ මුහුණෙන් වැඩි වයස්ගත පෙනුමක් තිබුණෙ නැති මුත් ඇයත් විවාහ නොවී සිටින්නේ වලව්වේ ආර්ථිකය මේ සියලු දෙනාවම අසරණ කර තිබෙන නිසයි.
ජීවිතය ගෙවන්න මුදල් අවශ්‍ය බව මට ඒ වෙනකොට වැටහී තිබුණ මුත් මේසා විශාල ලෙස මුදල් අපේ ජීවිත පාලනය කරන බව තේරුම් ගියේ වලව්වේ පදින්චියට පැමිණි පසුයි.
අත්තම්මගේ අණසක යටත් වී ජීවිතය ගෙවා දමනවාද නැතිනම් මෙතනින් පලායනවාද යන්න ජීවිතය ඉදිරියේ තිබූ විශාල ගැටලුවක් උණත් එයට සාර්ථකව මුහුණ දෙන්න තරමට මා මුහුකුරා ගොස් සිටියේ නැහැ.
"දැන් ඉතින් ඔයා දෙන්නා මේ වලව්වේම නැවතුනාට කමක් නෑ අම්මට කියලත් ගුණයක් නෑ නේ.ගෑනු ළමිස්සියෝ දෙන්නෙක් තනිකරන්න බෑ අද කාලේ. මොනා උණත් අපේ පරම්පරාවේ ලේ නොවැ"
අත්තම්ම අපිව හොයන් ඇවිත් නියෝගයක් නිකුත් කරා.
"එතකොට අපි ඉන්නේ මෙහෙමද හැමදාම" අක්කා ඇසුවේ සැරෙන්.
"නෑ සුදු මැණිකෙලාට වලව්වේ අනික් කෑල්ලේ ඉන්න පුළුවන්" අත්තම්මා කිවේ කරුණාවක් මවාගෙන.
වලව්වට යාබද තවත් කොටසක් වසා දමා තිබුණා. ඒක ඉස්සර අමුත්තන් පැමිණිවිට භාවිතා කරපු එකක් කියලයි ඩිංගිරි අම්ම නම් කිව්වේ. දැනට වසා දමා තිබෙන් ඒ කොටසට වලව්ව ඇතුළෙනුත් පිටතිනුත් පිවිසිය හැකියි..
"හෙට අනිද්දට ගිහින් එහේ ගෙදර තියෙන බඩු මුට්ටුත් අරන් ඇවිත් ඒ කෑල්ලේ පදිංචි වෙන එක හොදා..මම තේගිරිස්ට කියලා ඒ පැත්ත අස්පස් කරවලා දාන්නම්"..
අත්තම්මා කියවන් යන්නේ අපේ හැමොගෙම ජීවිත වල අයිති කාරයා එයා වගේ. අම්ම ඔහේ හිස් බැල්මෙන් පොඩි දරුවෙක් වගේ බලන් ඉන්නවා.
අක්කනම් හිටියේ දත්මිටි කකා කෝපයෙන් බව ඇගේ මූණේ ඉරියව් වලින් මට දැනුණා.
"එතකොට අපේ ඉස්කෝල" මම ඇහුවේ මට තිබ්බ ඊළඟ ප්‍රශ්නය ඒක නිසා.
"සුදු මැණිකේ නම් දැන් උස්සපෙල ඉවරනේ..ආයේ මොන විශ්විද්‍යාලද ..චූටි මැණිකෙට මේ ගමේ ඉස්කොලෙට යන්න බැරුවයි."
අත්තම්ම කියන්නේ හරිම සැහැල්ලුවෙන්..
"නෑ නංගි ගමේ ඉස්කොලෙට යන්නේ නෑ..එයාව හොද ඉස්කෝලෙකට දාන්න ඕන..අනික මගේ විශ්විද්‍යාල ගමන නවත්තන්නෙත් නෑ. අප්පච්චිගේ එකම ආශාව අපි ඉහළට ඉගෙන ගන්නවා දකින එක. අපි ඒක කොහොම හරි ඉෂ්ට කරන්න ඕන"..
අක්ක කීවේ කෙළින්ම කිව්වේ අත්තම්මගෙ මූණ දිහාව බලන්.අත්තම්මා ගැස්සිලා වගේ බලන් හිටියා.
"බලනන්න්කෝ අම්මේ මේකිගේ කටේ හයිය"
ලොකු නැන්දා කීවේ තරහින් පුපුර පුපුරා.ලොකු නැන්දගේ හිතේ අක්කා ගැන ඉර්සියාවක් තිබ්බා.සමහරවිට ඇගේ පෙනුමත් එඩිතර කමත් නිසා වෙන්න ඇති. ඒත් ඇය එළිපිට අක්කට වෙනසක් දැක්වූයේ නම් නෑ.
අම්මගේ තත්වය එන්න එන්නම වැඩි උණා මිසක් අඩුවක් දකින්නට හැකිවූයේ නෑ. අපි දෙදෙනා ඇයව පොඩි දරුවෙක් වගේ බලා කියාගත්ත මිසක් ඇයට අවශ්‍ය ප්‍රතිකාරයක් කරන්න තරමට අපිට අවබෝධයක් හෝ හැකියාවක් තිබ්බෙත් නෑ.
දින දෙකකට පසුව අප දෙදෙනා සහ අත්තම්මාත්,අපේ නිවස කරා ගියා. වසා දමා තිබූ නිවසට ඇතුළු වූ මට අප්පච්චිගේ සුවදත් හිනාවත් දැනෙන්න වුණා.
අපේ කාමරයේ ඇඳ වෙත දිව ගිය මා කෑ ගසා හිතේ හැටියට අඬා වැටුණා..දෙවියනි සැබැවින්ම අපේ ජීවිතවලට සිදුවූයේ කුමක්ද.දෛවය මිනිසුන්ගෙන් මෙසේ පළිගැනීම මොන්තරමට සාධාරණදැයි මා මගෙන්ම අසා ගන්නවා ඇර කාගෙන් විමසා දැනගන්නද.
"දැන් අඬලා ඔයත් ලෙඩ උණාම මම තනිවෙනවානේ නංගී" අක්කා කඳුළු බේරෙන දෑස් පිසදමමින් පවසද්දී මට අප දෙදෙනා ගැනම ඇතිවුණේ අසරණ කමක්..
"කෝ මේ ළමයි මේවා අස් කරගන්න උදව් උණා නම් හොදයි නේද" අත්තම්මා කෑ ගහ ගහ අණ දෙමින් සිටියා. ඇය විසින් අත් උදව්වට ගෙන ආ මිනිසුන් අපේ කැමැත්තක් විමසීමක් නැතිවම අපේ බඩු බාහිරාදිය සියල්ලම ලොරියකට පටවමිනුයි සිටියේ..
අක්කත් මමත් අම්මත් අප්පච්චිත් සමග ඉතාමත් ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවා දැමූ මේ සොඳුරු නිවස මින් පසු අපට අයිතියක් නැති බව සිහිවීමෙන් මගේ හදවතට යවුල් පහරවල් අන්නිනාක් මෙන් වේදනාවක් දැනුනා.
අප කුඩා කල පටන් හැදුනු වැඩුන මෙම නිවසත් පරිසරයත් හැර දමා යාම මට නම් සිහිනයක්.
අප්පච්චි විසින් අවසාන වරට පාසල් යාම සදහා අඳිනු ලැබූ කමිසය ඇඳුම් රාක්කයේ එල්ලෙමින් තිබුනා. අප්පච්චිගේ බෑගයත් උපැස් යුවලත් ඒ අසලම වූ පොත් මේසය මත තබා තිබුනේ පෙරදිනද අප්පච්චි මේවා භාවිතා කල බව අඟවන්නට මෙන්..දෙනෙත් වලින් නොනවත්වාම කඳුලු ගලද්දී මා අප්පච්චිගේ සිහිවටන සියල්ලම බෑගයක අසුරන්නට ගත්තේ අසිහියෙන් වගේ.
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ආපොයි වලව්වෙ පදිංචියට ද එන්නෙ....එහෙනම් ඉවරයි ඉතින්...හැබැයි ඉදිරියට අනිවාරෙන්ම කතාවෙ උනුසුම වැඩි වේවි
ReplyDeleteඑහෙම වෙයි නේද.. බලමු ඉස්සරහට මොනාද වෙන්නේ කියලා. ස්තුතියි ඔයාට
Deleteහරිම සංවේදී කතාවක් . ලොකු නිහඩියාවකට පස්සේ ආපු එක සතුටක් පුංචි කුමාරි .
ReplyDeleteඉතිරි කොටස් දානකම් ආසාවෙන් බලන ඉන්නවා .
ඉකමනින් දාන්නම් ගිම්.ඔයාවත් කාලෙකින් දැක්කේ..
Deleteහැක හැක.. ඔයා "ඉක්මනින්" කියන වචනෙ තේරුම හරියටම දන්නවද ?
Deleteමෙන්න සෙන්නා බනිනවා.. හික්ස්....
Deleteඅක්කා සතුටින් ඇති කියලා විශ්වාස කරනවා..
ReplyDeleteආයෙ ආව එක ලොකු සතුටක්.....
සතුටින් ඉන්න හැමදාම
සතුට කියන්නේ අපේ ලඟම තියෙනෙ දෙයක් නම් මම සතුටින් බට්ටියේ. ඒත් අපේ සතුට එක එක්කෙනා ගාවත් තියෙනවා. එයාල ඒක දිල ටික කාලෙකින් ආයෙත් ඉල්ලන් ගියාම අපිට ඉතුරුවෙන්නේ දුක විතරයි..
Deleteස්තූතියි ඔයාට
අපිට ගොඩවදින්න වලව්වේ දොර ආයෙම අරිය එකට ගොඩක් ස්තුතියි! :) :)
ReplyDeleteසමාවෙන්න ටික දවසක් වහන්න වුනා. ආවට ස්තුතියි ප්‍රමුදිට..
Deleteවලව්වෙ ගේට්ටු හිටපු ගමන් වහන්නෙ ඇයි ? මුර කාරයා අපිව බැනලා එලෝ ගන්නවා :-)
ReplyDeleteකතාව කියවන්ඩ පස්සෙ එන්නම්...
කවුද අප්පේ බැන්නේ.. මම හොද සිකුරිටි සර්විස් එකකට දිලයි තිබ්බේ...
Deleteවලව්වට පැමිණීම තහනම් කර තිබූ බවක් මතකයි... හැබෑට මක්කද උනේ ?
ReplyDeleteහැබෑට ඒ මක්කටෙයි....!
Deleteපුද්ගලිකයි රහසිගතයි..
Deleteඅනේ මම ටිකක් අසනීපෙන් හිටියේ.. ඒකයි..
පුන්චි කුමාරිහාමිගේ පුනරාගමනයට ආයුබෝ වේවා
ReplyDeleteස්තූතියි රසිකා අක්කාට...
Deleteකාලෙකින් දැක්කේ.
ReplyDeleteඅර කෑගැහුවේ කව්ද? ඒ තෙගිරිස් ඒ පාළු තැන මොනවද කලේ. මට ඒ ටික තේරුනේ නැහැ.
ඉතුරු ටික ගැන හිතෙන්නේ නැහැ. එත මේ සිද්දිය දුක හිතෙන සිද්දි මාලාවක්.
කාලෙකින් ආවේ. ඔයාලව බලන්න එන්න බැරිඋනා. කාගෙවත් බ්ලොග් වලට ගොඩ වෙන්නත් බැරි උනා.
Deleteගොඩක් ස්තුතියි අසර්..
අර අශ්ව ගාලෙ සිද්දිය කියවපුවම මට මතක් වුනේ "සුදු වත හැඳි කත". ඒකෙත් ඔහොම එකක් තිබුනා වගේ ලාවට මතකයි.
ReplyDeleteඅපෝ මොන මලඉලව්වකට යනවද ඔය වලව්වට..
කතාව දැන්නම් අත්භූත වේගන එන්නෙ..
ඔයා දැන්ම බයවෙලානේ. එහෙනම් අපි මේ අද්භුත කතාව වෙනස් කරමු..
Deleteකතාව වගේම පහුගිය දවසක වලව්වත් සෑහෙන්න අත්භූත වුනානේ.භූතයෙක් වලව්ව ගිලලා කියලා හිතුවේ.... නැවත දකින්න ලැබීම සතුටක් අක්කේ සිරාවටම හිතුවේ නෑ හැබැයි ආයෙ දකින්න ලැබෙයි කියලා...
ReplyDeleteඅර කෑ ගැහුවේ කවුරු වෙන්න ඇතිද??? අත්තම්මගේ බහට විරුද්ධව ගිය එයාගෙම දුවක්වත්ද??? (මේ මකරාක්ෂ අත්තම්මා ගැන හිතෙන්නේ එහෙමයි)
ඊළඟට මොනා උනත් උත්සහය ජයගන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියන එකනම් මට තේරෙනවා.... අර ගෑණු කෙනා කවුද කියලා දැනගන්නයි ඕනේ.... නියමයි අක්කේ.. එලටම යනවා
ස්තූතියි මල්ලි.. ඔයාලගේ දිරිගැන්විම මට හයියක්..
Deleteමොකෝ අක්කේ උනේ ඔයාව අල්ල ගන්නවත් විදිහක් නැති උනානේ
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් හැම දාම ප්‍රශ්නයක් දීලා නවත්වනවා නේද කමක් නැ අද පොඩ්ඩක් වැඩියෙන් දීලද මන්දා හ්ම්ම් හ්ම්ම් ඉක්මනට දෙමු බලන්න අනිත් කොටසත් එහෙනම්
මම එකපාරට අතුරුදහන් උනානේ.
Deleteලක්ෂ් මල්ලිට මාව මතක් වෙලා එහෙනම්..
මාත් බයෙන් උන්න ඔයා යන්නම ගියා කියල....හරිම සතුටුයි ආයෙ ලියනව දැක්කාම...කිසි දේකට සැලෙන්න එපා..ගූඩ් ලක්..!!
ReplyDeleteසැලෙන්න එපා කිව්වට එහෙම කරන්න අමාරු බව ඔයාත් දන්න්වනේ කිරිල්ලියේ.. මොනවා කරන්නද ජීවත්වෙනවා...
Deleteඅක්ක එඩිතර වුන එක හොඳයි. අත්තාම්ම පරදියි නේද
ReplyDeleteඔව් නේද එහෙම වෙයි සමහරවිට ඒත් කියන්න බෑ...
Deleteහප්පා මේකේ ලස්සන.. ටිකක් පරක්කුවුනා.. සොරි ආ...
ReplyDeleteහප්පා පරක්කු වෙලා හරි ආපු එකම මදැයි...
Deleteඔයා පේන්න හිටියෙ නැති නිසා මාත් බැලුවා මොකද කියලා.. කොහොමහරි වලව්වෙ කතාව මතක් වුනු එක වටිනවා...
ReplyDeleteපුංචි කාලෙ ඉදන් හැදුනු වැඩුනු තැන දාලා යන්න වුනොත් නම් මහ දුකක් තමා..
ඉතිරි කොටසත් බලමුකෝ..
මම පේන්නේම නැතිව හිටියද.. :D
Deleteආයෙත් ආවා මම.. දැන් ඉතින් ඉන්නවා හැමදාම..
පරක්කුයි පරක්කුයි හොදටම පරක්කුයි මේ සැරේ...කතාව නම් හොදට යනවා..ඉක්මනට දාන්න ඉතුරු ටික..
ReplyDeleteතරුවාත් මේ පැත්තේ ආපු එක කොච්චර දෙයක්ද..
Deleteපරක්කු නෑ. මේ පාර ඉක්මන්... :D
හොඳට යනවා කතාව.....!!!
ReplyDeleteස්තූතියි පාතිමා..
Deleteඔයා මාත් එකක් තරහින් බව දන්නව..
අප්පේ මෙන්න වලව්වේ දොර ඇරලා ආපහු ඇති යාන්තං.කතාවේ සමහර තැන් අපැහැදිලි වගේ මටනම්, තේගිස් ගොලුනම් කොහොමද කෑ ගැහුවේ?
ReplyDeleteඒ කියන්නේ ඔයාලා හැමෝම මාව බලන්න ඇවිත් තියෙනවා ස්තූතියි හැමෝටම..බලන්න ආවට..
Deleteඉතින් කවි.. ඔයාට කොහොමද..
ගොලුම කිව්වට එයා ගොලු නෙමෙයි.. තේගිරිස්ට ගොලු තේගිරිස් කියන්නේ ඕනේ දේකටවත් කතා නොකරන නිසයි.. මම ඉක්මනින් ඒ වරද හදන්නම්.. ස්තුතියි කවිට ඒක මතක් කරාට...
ඕකි ඔය වගේ ඇද අල්ලන හරි හපනි :P
Deleteකාවයියා.. :D
Deleteමම නං අදමයි මේ පැත්තේ ආවේ... ඔය පුරස්නෙ මටත් ආවා නොවැ... කමක් නෑ දැං තේරැණා.... ගොඩ කාලෙකින් කාතාවක් කියෙව්වා....
Deleteකොටස් වශයෙන් යන කතා පොතක් විදියට පළ වුනාම විතරයි මං බලන්නේ. ඔයාට විතරක් ස්පෙෂල්.... ඉක්මණට ඉතුරැ ටිකත් දාන්ඩෝ.
කාවයියා ඔය වගේ ඇද අල්ලන හරි හපනි
ReplyDeleteලස්සන නම කාවයියා...
Deleteමමයි ආදරේට එ නම දැම්මේ හොදයි නෙද ?
Deleteහදිසියේ යන ගමන් ආවෙ. අයේ එන්නම් කො . ජය...!
ReplyDeleteආව එකට ගොඩක් ස්තූතියි.
Deleteපළවෙනි ටික කියවල නැවැත්තුව... මේක හොල්මන් කතාවක්ද?... එහෙම වුනොත් පළවෙනි කොටසෙ ඉඳන් බලන්න වෙනවා...
ReplyDeleteඅපොයි නෑ..ඒත් ලියන කෙනා නම් හොල්මනක්..
Deleteඔන්න මමත් දන්නෙම නැතුව අහම්බෙන් වලව්ව පැත්තට එබුන. ෂෝක්නෙ! මම හිතුවට වඩා දක්ෂයිනෙ කෙල්ල. සුභ පතනවා! දැන් ඉක්මනට ඉතිරි කොටස් ලියන්න පුලුවන්නෙ. කාලෙත් තියෙනවානෙ. ආයෙත් වෙලාවක ඇවිත් යන්න එන්නංකො. ස්තුතියි!
ReplyDeleteගොඩක් ස්තූතියි ඔබතුමාටත්..
Deleteඊළඟ කොටස කොයි???
ReplyDeleteලගදිම එයි..:D
Deleteගොඩවැදුනොත් නිකන් යන්නේ නෑ... කොමෙන්ටුවක් දාලා මිස... අපූරු කතා පොඩ්ඩක්නේ...ආයෙත් එන්නම්කෝ...
ReplyDeleteගොඩක් ස්තුතියි ගොඩවැදුනට ආයෙත් එන්න.
Delete