Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Oct 2, 2012

෴෴කුමාරිහාමි෴෴ (15)



ලොකු නැන්දාගේ මණමාලයා ආපසු ගියේ දිවා ආහාරයෙන් පසුවය. ඔහු යන මොහොතෙත් මම විමසිල්ලෙන් ඔහු දෙස සැඟවී බලා සිටියේ අක්කා ඔහු දුටු මොහොතේ පටන් පල කල අමුතු හැසිරීම නිසාමය.

වලව්වෙන් පිටවී මෝටර් රථයට නගින මොහොතේ ඔහුගේ දෙනෙත් යොමුවී තිබුනේ අපගේ ජනේලය දෙසටමය.

අනෙක් සියලුම දෙනා මෝටර් රථයට නැගුන පසුත් ඔහු දෙතුන් විටක් අපේ ජනේලය දෙස නොවිසිලිමත් ලෙස බලනුත් ලොකු නැන්දා කෝපයෙන් මොනවාදෝ පොඩි නැන්දාට කියනවාත් මා දුටුවේ ඔවුන්ට හොරෙන්ය.

මුලු පලාතම වසාගත් මීදුමෙන් පරිසරය වැසීගොස්ය. දරාගත නොහැකි සීතලෙන් ගත කිලිපොලා යයි.සිත වසා ගත් පාලුව මුලු සිතම කම්මැලි කමෙන් අසරන කමකින් වේදනා ගෙන දෙයි.

මම ජනේලයෙන් ඈත මිටියාවත දෙස බලා සිටිමි. උදෑසන මීදුම මැදින් සුදු පාටින් කිහිපදෙනෙකු ඈතින් පෙනේ. පාන්දරම නගරයේ පාසලට යන සිසුන් බසයට නගින්නට පාරට යනවා විය යුතුය.

කිරි බෝතලයක් අතින් ගත් තේගිරිස් වලව්ව පිටුපසින් උයනගෙට ගොඩවනු පෙනේ. අප්පච්චි කුඩා කාලයේ වළව්වට අයත් විශාල ගව ගාලක් තිබුන මුත් දැන් වලව්වට කිරි සපයන්නේ ගමේ නිවසකිනි.එහෙත් ඔවුන් වලව්වත්තට එනවා අත්තම්මා කැමති නැත.

සියලු යස ඉසුරින් ආඩ්‍ය වූ ජිවිතයක් ගත කාලයක් අත්තම්මාට තිබුන මුත් දැන් ඔවුන් ගත කරන්නේ ඉතා අඟහිගකමින් පිරුන ජීවිතයකි එහෙත් අත්තම්මා එය සඟවා ගැනීමට ගන්නා වෙහෙස දකිනවිට ඇය පිළිබදව මා සිතේ අනුකම්පාවක්ද ඇතිවේ.

අත්තා හා විවාහ වි මෙහි පැමිනියද අත්තම්මාගේ මුල් ගෙවල් මහනුවරය. ඇය ඇහැලේපොල පරම්පරාවට නෑකම් කියන මුත් අත්තා නෑකම් කියන්නේ මොල්ලිගොඩ දිසාවටය.

අතීතයේ මේ වලව් අතර ඉතා තදබල අමනාපකමක් පැවැතිමුත් කාලය ගතවෙද්දී එය කෙමෙන් මැකී ගොස් ඔවුන් අතර අවාහ විවාහ කටයුතු සිදුවන මට්ටමකට පත්විය.

අක්කා උදෑසනම දිය නා ළිද දෙස සිට පැමිනේනු පෙනේ. දිග කොන්ඩය පිට දිගේ ලිහා ගත ඇගේ සුන්දර පෙනුම ගැන මට දැනේනෙනේ ආඩම්බරයකි. 

කුඩා කල පාසලේදී අක්කා ලගින්ම සිටින්නට මා උත්සාහ කරන්නේ අනේත් අය අක්කාගේ ලස්සන ගැන කතා කරද්දී අක්කා ගැන මගේ අයිතිය කියා පෑමට කියා සිතද්දී මා මුවට ඉබේම සිනාවක් මතුවිය.

“මොකෝ මේ උදේ පාන්දර තනියෙන් හිනාවෙන්නේ?” අක්කා අසන්නේ  සිනාසෙමිනි.

“ඔයා නිකන් වැදිරි මෑල්ලක් වගේ දැක්ක නිසා මට හිනා ගියා” මම පැවසුවේ ඇයව කෝප කිරීමට වුවත් මා සිනාසෙමින් කියු නිසා අක්කාටද සිනහ පහල විය.

“ලොකු නැන්දගේ මනමාලයා ලස්සනයි නේද අක්කේ?” මා ඇසුවේ සිනාසෙමිනි.

“මතක් කරන්න එපා මට ඒ මිනිහව” අක්කා කෝපයෙන් වෙව්ලමින් පැවසුවේ මා පුදුමයට පත් කරමිනි

“ඒ ඇයි ඒ මනුස්සයා ඔයාට මොනා කරාටද” මා ඇගෙන් විමසුවේ සෙමිනි.

“මට කරපු දෙයක් නෑ ඒත් මට ඒ මිනිහා දැක්කම පුදුම තරහක් දැනෙනවා” අක්කා කීවේ කල්පනා කාරී ලෙසින්ය.

අක්කා ලෙහෙසියෙන් මෙසේ පවසන්නේ නැත. එහෙත් ඇය කවදාවත් නොදුටු මේ මිනිසා කෙරෙහි මෙසේ 

කෝපයෙන් කතා කරන්නේ කුමක් නිසාදැයි මට නොතේරුන මුත් මටද ඔහු මීට පෙර දුටු බවක් මතකය.
කාලය ගතවන්නේ අපටද හොරෙනි. හැමදිනකම අත්තම්මා උදෑසන සිට කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටිනවා මා දැක ඇත්තෙමි. ඩිංගිරි නැන්දා නම් කීවේ ලොකු නැන්දා බලන්න පැමිනි මනමාලයාගෙන් පිළිතුරක් බලාපොරොත්තුව සිටින බවයි.

“ඔය කිව්වට ඒ මිනිස්සුත් දෑවැද්දක් නැතිව ලොකු මැනිකේ ගෙනියයිද චූටි මැනිකේ?” ඩිංගිරි නැන්දා පවසන්නේ රහසිනි.

“අනේ කවුද දන්නේ ඩිංගිරි නැන්දේ.එයාලා කරන දේවල් අපට කියන්න බෑ නේ”..මා පැවසුවේ ඇත්තමය. අත්තම්මාත් නැන්දලා දෙදෙනාගේත් වැඩ ගැන අපිට කිසිම දෙයක් සිතා ගත නොහැක.

“කුමුදුට නිවාඩු දවසක් ඇත්තෙම නැද්ද නැන්දේ?” මා විමසුවේ කුමුදුව සෑහෙන කලකින් නොදුටු නිසා සේම ඇය හමුවූ කතා කල යුතු කාරනා රාශියක් ඇති නිසාය.

“අනේ චූටි මැනිකේ කෙල්ල ගෙදර එන්නේ ගොම්මනේ. ආයේ පාන්දරින්ම යන්න යනවා. නිවාඩු දවසෙත් වැඩ. ඒකිටත් දැන් සුමේ ඇතිවෙලා” ඩිංගිරි නැන්දා පවසන්නේ කනගාටුවෙනි.

“කුමුදුට වෙලාවක් තියෙනවනම් මාව හම්බවෙන්න එන්න කියන්න නැන්දේ..මට කතා කරන්න ඕන”.. මා පැවසුවේ උයන ගෙයින් එළියට බසිමිනි.

එදා හවස කරත්ත මඩුවෙන් ඇසුන ගැහැනු විලාපය ගැන මගේ සිතේ ඇති කුතුහලය අඩුවී නැත. මට මේ පිළිබ්දව අත්තම්මාගෙන් විමසීමටද සිතේ. එහෙත් කවදාවත් අත්තම්මා ඇත්ත නොකියන දන්නා නිසාම එයින් පළක් නොවන බැව් මා සිත කියයි.

උයනගෙයින් පිටවී කරත්ත මඩුව දෙසට යාමේ අදහසින් එලියට ආ මට දක්නට ලැබුනේ කරත්ත මඩුව අසල රවාගත් මුහුනෙන් සිටින තේගිරිස්ය. ආපිට හැරුන මා නිවසට යාමට පය එසවූයේ යටිසිතේ ඇතිවූ බිය නිසාමය.





30 comments:

  1. මම හැම තැනම ලින්ක් දාන ජාතියේ නොවුනට ඔන්න මේක නම් නොදා බෑ

    http://wilakuwa.blogspot.com/2012/10/blog-post.html

    ඔන්න මේකේ ඔයා ගැන තියෙනව ද කොහෙද ...... ඩී. ගිහිං බැළුවොත් ටොපියක් දෙනව

    ReplyDelete
  2. මෙගා එකක් වගේනේ.. ඇඩි වලට කැපුවම ඉතුරු වෙන්නේ විනාඩි 10යි නාට්ටියට.. හි හි...
    අනේ අප්පා ... තව ටිකක් දිගට ලියන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. අයියෝ හිරු දැන් මෙගාවලටනේ ඉල්ලුම.. ඒකයි මේ පොඩ්ඩ

      Delete
  3. අනේ අද පෝස්ට් එක දිග මදි වගේ . අර තරු කීව එකනම් ඇත්ත :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ගිම් ඔයත් හිරුට සපොට් නේද..කම්මැලියි අනේ:.

      Delete
  4. මෙක කියවද්දි ඔයගේ කටහඩිම් මට ඇහුනේ ගොඩක් ලස්සනි බුදු සරණයි අක්කේ

    ReplyDelete
  5. පුංචි කුමාරිහාමි වලව්වට පොශ් වැඩියි වගේ.... චිත්‍රත් කුමාරිහාමි ද අඳින්නේ? චිත්‍ර නම් නියමයි.... තව මාසෙකින් දෙකකින් එන්නම්කෝ ඉතුරු ටික බලන්න...

    ReplyDelete
    Replies
    1. නෑ අම්මෝ මම චිත්‍ර අදින්න නෑ නේ.. වලව්වට පොෂ් වැඩිද? එහෙනම් මොනවා කරන්නද..

      Delete
  6. අක්කි මම මේ කතාව දැක්කේ දැන්...මම මේ මුල ඉඳන් කියවන ගමන්.ඔයා ඇත්තටම වලව්වක කෙනෙක් නිසා ඔයා එක්කෝ නුවර නැත්තම් මාතලේ නේද අක්කි??? (ඔයා ඒ පැතිවල වලව් ගැන හරියටම දාල තියෙනවනේ ඒකයි ඇහුවේ. මුකුත් හිතන්න එපා).

    ReplyDelete
    Replies
    1. මම නුවර තමයි.. ඔයාට ස්තූතියි.. වැරදියට හිතුවේ නම් නෑ.

      Delete
  7. මම මේ කල්පනා කළේ මේ කතාවෙ මුල මොකක්ද කියලා ! මේ කුමාරිහාමිලා කියන්නෙ මහ වස කම්මැලි උන් ජාතියක් නේද ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ උන් මහ කම්මැලියි නේද සෙන්නා. :D

      Delete
  8. අදත් ඉතින් සුපුරුදු පරිදි ඩිංගයි දීලා තියෙන්නේ ඔය අතට බැරිද අනි පොඩ්ඩක් වැඩියෙන් ලියන්න

    කවදත් කුතුහලෙන් ඉවර කොරනවා

    ReplyDelete
    Replies
    1. Adanne nathuwa hitapanko,,,,,, dena tikath dennathi wei.
      Suja..

      Delete
    2. සුජා හයියෝ එහෙමත් ස්කෑන් එකක් වෙයිද ??

      ඔව ඔව ඔය වලව් වල අම්මණ්ඩිලා හරි අහන්කරයි ලු :P

      Delete
    3. ලක්ෂ් මේක ඉක්මනට දාල ඉවර කරොත් ඔයාලා ආයි මේ පැත්තේවත් එන එකක් නෑ. ඒකයි මේ පොඩ්ඩ පොඩ්ඩ දාන්නේ..

      Delete
  9. කෝ ඉතුරු ටික...

    ReplyDelete
  10. Aiyo chuttaine ane dala thiyenne,,,,Oya hadanne apiwa tharahakara gannada? Tikak wadi pura liyannko. Laka kiwwa oyage paniwide.. Thanks mawa mathak kalata....

    Suja,,,,

    ReplyDelete
    Replies
    1. මුනා හරි දෙන්න වෙයි පණිවිඩ හුවමාරු කොරනවට ඕන්

      Delete
    2. ස්තූතියි සුජා අක්කට..
      ලක්ෂ්ට පනිවිඩ කියනවට තෑගි ඉල්ලනවා. දෙමුද හොද ටොක්කක්.. :D

      Delete
  11. චුට්ටක් තිබුණත් අවුලක් නැ, වලව්වෙ සාම්ප්‍රදායික ඉතිහාසය රසබර කථාවක් සමග කියවන්න ලැබිම ගැන මම සතුටු වෙනවා. ලස්සනට ලියනවා කුමාරිහාමි ඔයා :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් සිතුතියි Reeza ඔයාට හැමදාම වගේම

      Delete
  12. අදත් චුට්ටයිනේ අප්පා... කුතුහලේ අති ඉහළයි දැන් නම්.මට තේගිරිසව සැකයි ඒත් ඒ සැකේ ඔප්පුවෙන්නෑනේ තාම.අර ඇහුණු ගෑණු කටහඬ මේ වලව්වෙම පිරිමියෙක්ව කසාඳ බැඳපු අඩුකුලේ ගෑණු කෙනෙක්ගෙද දන්නෑ කියලත් හිතුනා.ඒ ගෑණු කෙනාව හිර කරලා කෑම බීම ගෙනිහින් දෙන්න තේගිරිස්ට බාරදීලද දන්නෑ තියෙන්නේ... මෙයාලගේ අම්මටත් ඒ ඉරණම අත්වෙයිද දන්නෑ... හපෝයි ප්‍රශ්න ගොඩායි... ඉතුරු කොටස ඉක්මනට දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ගැමිමලයට හැමදාම ලොකූ ප්‍රශ්න නේද.. මල්ලිගේ විද්‍යා පරබන්ද වගේනම් මේවා ලස්සන නෑ.
      ස්තූතියි මල්ලිට.

      Delete


  13. වලව්වෙ සාම්ප්‍රදායික ඉතිහාසය වර්ථමාන සමාජ තලය තුළ අන්තර් ගත කිරීමට හොඳ උත්සාහයක් මෙය නම් මෙහි ඇති සාම්ප්‍රදායික බව බිඳීමට හෝ අනුගත වීමට නුඹට හැකිද පෙර වූ ලෙසින්

    නුවන් ෂාමින්ද මාරස්සන - දෝහා කටාර් සිට අසන ලදී

    ReplyDelete
    Replies
    1. කවදා හරි පුළුවන් වෙයි කියලා බලන් ඉන්නවා. සිතූතියි ඔයාටත් නුවන්..

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...