Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළදන්නයි...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
Oct 8, 2012
කුමාරිහාමි (16)
දවස
පුරාම ඇද හැලුන වැස්සේ කිසිම අඩුවක් නැත. එකදිගටම වැස්ස ඇදහැලෙන්නේ අහස හිල්වූ සේය. ජනේලෙන් පිටත කිරිඅලගාලට වැහි පොද වැටෙන හඬ පෝ දින පන්සලේ පෙරහැර සිහිගන්වයි.
වැස්සත්
සමඟින් එන ගෙම්බන්ගේ බක බකයත් රැහැයියන්ගේ සද්දෙත් රාත්රිය තවත් පාළුවෙන් පුරවයි
වලව්වේ
විදුලි පහනක් දැල්වුණේ අක්කාගේත් මගේත් කාමරයෙන් පමණි.
වලව්වේ එහා කොටසේ අය සුව නින්දක පසුවනවා විය යුතුය. හවස හය පමණ වන විට ඩිංගිරි නැන්දා උයනගෙයි රාජකාරී නිමවන්නේ අත්තම්මා රාත්රී හත වනවිට රෑ කෑම ගන්නා හෙයින්ය. රෑ කෑමෙන් පසුව ටික වෙලාවක් පිරිත් කියමින් ඉන්නා ඇය "ආයේ මොකා එනකන් බලන් ඉන්න කියලද" පවසමින් රාත්රී අට වීමටත් පෙරාතුවම නින්දට යන්නේ ඩිංගිරි නැන්දාට දොර ජනෙල් හොදින් වසා ඇද්දැයි බලන්නට අණ කරමිනි.
දිගින්
දිගටම ඇදහැලෙන වැස්ස නිසාම පරිසරයේ පවතින සීතල සිතත් ගතත් හකුළුවා තබයි. අක්කා ඔළුවේ සිටන් පෙරවාගෙන නිදා සිටින අයුරු දුටුවිට සිනාවක් නැගුණත් ඇය සුව නින්දක පසුවන බැවින් අවදි කිරීමට මට නොසිතේ. කියමින් සිටි පොත පසක තැබූ මා අම්මා නිදා සිටි කාමරය දෙසට ගියේ ඇයද සීතලෙන් පසුවනවා ඇතැයි සිතුණ නිසාවෙනි.
අක්කාත්
මාත් සිටින කාමරයට යාබද කාමරයේ නිදන අම්මාද සුව නින්දේ පසුවනවා ඇතැයි සිතූ මා විදුලි පහන නොදල්වාම කාමරයේ දොර සෙමින් තල්ලු කළෙමි..
අම්මාගේ
ඇඳ අසල සිටගෙන සිටිනා රජ ඇඳුමෙන් සැරසුණ අයෙක් එකවරම හැරී මා දෑස බැලීය. සිටුවනම ගල්ගැසී ගිය මට කෑගසා ගැනීමටවත් ශක්තියක් නොමැතිවූයෙන් මා එක්වරම බිත්තියට වාරුවුණෙමි.
මා
කොතෙක් වෙලාවක් එසේ සිටියාදැයි මට මතක නැත.මා පියවි සිහිය ලැබුවේ අම්මාගේ සිහින් කෙඳිරිය නිසාය. එකෙණිහිම විදුලි පහන දල්වා බැලුවත් කාමරය තුළ කිසිවෙකු සිටි බවකට සලකුණක්වත් නැත.අම්මා සුවසේ නිදයි. තවත් වරක් ඇය දෙස බැලූ මා ඇයට හොදින් පොරවනය පොරවා විදුලි පහන නිවාගෙනම කාමරයෙන් පිටවීමි. නින්දට යද්දී පවා මගේ හිස ඉතා බරව සිතා ගත නොහැකි හැඟීම් රාශියකින් මා පීඩා වින්දිමින් සිටියෙමි.
.....................................................................................................................................................
හීන් පොදයක් උදේ ඉදන්ම වැටෙමින් තිබ්බා.අහස කලුකරලා තිබ්බේ ඔන්න මෙන්න අඬන්න වගේ..හීන් හුලඟට වලව්ව ඉස්සරහ අඹ ගහේ හැලිලා තිබ්බ කොල එහේ මෙහේ පාවෙන්න ගත්තේ අවුල් වෙලා තිබ්බ මගේ හිත වගේමයි.
හීන් පොදයක් උදේ ඉදන්ම වැටෙමින් තිබ්බා.අහස කලුකරලා තිබ්බේ ඔන්න මෙන්න අඬන්න වගේ..හීන් හුලඟට වලව්ව ඉස්සරහ අඹ ගහේ හැලිලා තිබ්බ කොල එහේ මෙහේ පාවෙන්න ගත්තේ අවුල් වෙලා තිබ්බ මගේ හිත වගේමයි.
උඩ කැලේ පැත්තෙන් එන වඳුරු බුකු බුකුව
කිව්වේ ආයෙත් වැස්සක් අත ලඟ කියලා..
නිකිනි මහ කොහොමටත් සීතලයි නෙව..
මම වෙනදා වගේම උදේම නැගිටලා අම්මත්
එක්ක බුදුන් වැඳලා උදේ වරුවේ අපේ දින චරියාව ඉවර කරලා උන්නේ..
වෙනදා නොදනිච්ච මහා පාලුවක් තනිකමකින්
මගේ හිත පෙලෙන්න උනේ ඇයිද කියලා මම දැනගෙන හිටියේ නෑ.
අප්පචිචි උදේම මාලිගාවේ රාජකාරී වලට
පිටත් වෙලා ගිහින්..අම්මා උයනගෙයි වැඩ කරන පිංචි අම්මට දවල්ට උයන දේවල් ගැන උපදෙස්
දෙනවා මට ඇහුනා..
මේ තරමට මගේ හිතට දැනෙන පාලුව මොකක්ද
කියලා හිතලා බලනකොට තමයි මටත් නොදැනීම මගේ හිත ටිකිරි බන්ඩාර අයියන්ඩි හොයන්
ගියේ..
පහු ගිය පෝයට දළදා වදින්න මාලිගාවට
ගියාට පස්සේ අද වෙනකන් ටිකිරි බන්ඩාර අයියන්ඩිගේ මූන දැක්කේ නෑ නේද කියලා මතක්
වෙනකොට හීන දුකක් හිත පතුලෙන් ආවේ රහසෙන්ම..
වෙනදට නම් ටිකිරි බන්ඩාර අයියන්ඩි ඇහෙලේපොල
අයිය්නඩිව මුන ගැහෙන්න්න ආවම යන්නේ වලව්වේ දවස් කීපයක් නැවතිලා..
මම ඔහේ පාලුවෙන් කම්මැලිකමට කව්ලුවෙන්
එල්ලිලා බලාන හිටියා..
කිසිම වැඩක් කරන්න තරම් හිතට පිරියක්
තිබ්බේ නෑ..හිත කලබල වෙලාද එහෙම නැත්නම් පාලුව නිසා උදාසීන වෙලදා කියලා මට
නිනව්වක් නෑ..
වලව්වේ වත්තේ වැඩ කරන උදවිය නම් කිසිම
කම්මැලි කමක් නැතිව පොද වැස්සෙම වැඩ කරනවා.
මයේ අප්ප්ච්චි දුනුවිල දිසාව..දුනුවිල
මහ නිලමේ කිව්වම නමටත් මිනිස්සු ඔලුව නැමුවා.
අප්පච්චි රාජසිංහ රජ්ජුරුවන්නේ ලඟම හිතවතෙක්
වෙලා ඉන්න උනේ අප්පච්චිට රජ්ගෙදර රාජකාරී කරන්න වුන නිසයි..රාජසිංහ රජ්ජුරුවන්නේ
ක්‍රියා පිලිවෙල ගැන අප්පච්චි හිටියේ පැහැදීමකින් නෙමේ.
කරන්නම දෙයක් නැති නිසාවෙන් අප්පච්චි
මාලිගාවේ රාජකාරී කරාට,රාජසිංහ රජ්ජුරුවන්ගේ චරියාව එන්න එන්නම නරක්
වෙනවා කියලයි අප්පච්චි කිව්වේ..
"දැන් දැන් ඔන්න
ඉංගිරිස්කාරයන්ගෙන් ඉගෙන ගෙන වැයින්ද මොනාද බොන්න පටන් අරන් මහරජ්ජුරුවෝ තව තවත්
නොංසන්ඩාල වෙලා.." අප්පච්චි මොනරවිල මාමන්ඩි එක්ක දොඩනවා මම අහගෙන.
"අපොයි අපි නොදන්නවැයි ඒ
හරිය..අපේ වලව්වක ඇහැට කනට පේන කුමාරිහමියක් හිටියොත් අන්තංපුරේට දොක්කන් යනවා
නෙව"
මොනරවිල මාමන්ඩිත් එහෙම උත්තර දුන්නට
මොකද, මාමන්ඩි ගියාම අපේ අම්මා අප්පච්චිට් නෝක්කඩු
කියැව්වා..
"අපේ නිලමේ ඔනැන්නේ නෑ රජ්ජුරුවෝ
ගැන දොඩන්න..දැන් දැන් සිද්ද වෙන දේවල හැටියට අපි කට පියාන ඉන්න ඔනේ"
අප්ප්ච්චිත් කල්පනාවෙන් ඔලුව වැනුවේ ඒක
අනුමත කරන්න වගේ
හදිසියේම ආපු කෑගැහිල්ලක් නිසා මම තිගැස්සිලා
ගියා..
කවුලුවෙන් බැලුවට පෙන්නේ නැති නිසා මම
ඉක්මනින් වලව්වේ දොරකඩට ගිහින් බැලුවා..
හිරි පොද වැස්සෙම ලොකු බන්ඩාරයි, මද්දුම බන්ඩාරයි අශ්වයා පිටේ යන්න ඉගෙන ගන්නවා..
ලොකු බන්ඩාර තමා කෑ ගහන්න ඇත්තේ.. ලොකු
බන්ඩාර පුංචි සංදියේ ඉදන්ම හරිම අහිංසකයා..
"බය ගුල්ලා" කියලා ඇහැලපොල
අයියන්ඩි නම් හිනා උනා..
ඇහැලේපොල අක්කන්ඩි නම් කිව්වේ
"අනේ මගේ අහිංසක කුරුලු පැටියා කියලා...
ඇත්තෙන්ම අක්කන්ඩියි අයියන්ඩියි දරු
පැටව් තුන්දෙනයි ලස්සන කුරුලු කූඩුවක් තමයි..
එකේ ඉන්න දඟකාරම කුරුලු පැටියා මද්දුම
බන්ඩාර..
අපේ අප්පච්චි නම් වැඩිපුරම ආදරේ මද්දුම
බන්ඩාරට...අප්ප්ච්චි හැමවෙලේම කිව්වේ
"සිංහලේට ඕනේ මේ වගේ එඩිතර බය නැති
කොල්ලෝ" කියලා.
අප්පච්චි නොකීවට හිත යට තිබ්බ අපිට
සිංහල රජ කෙනෙක් හිටියනම් කියලා..
මම හිතන්නේ අපේ සිංහල මිනිස්සු ගොඩක්
අයගේ හිතෙ ඒක තියෙන්න ඇති..
මදුරාපුරෙන් ආපු වඩිග රජ කෙනෙක් ඉස්සරහ
දන නමාන ඉන්න එක අපේ සිංහල කමට තරම් නෑ කියලා හිතුනේ අපේ නිලමෙලායින් කීයෙන්
කීදෙනාටද..?
අප්ප්ච්චි හැම වෙලෙම දුක් උන මම පිරිමි
දරුවෙක් නොඋන එක ගැන..
ඒත් පිරිමි දරුවෙක් නොඋනට මටත්
අප්පච්චි කඩු සටන්..අසුන් පිට යන්න පුහුනු කෙරෙව්වේ කවදා හරි සතුරු කරදරයක් අවොත්
අම්මත් අරන් ජීවිතේ බේරගෙන පලා යන්න වෙන්න ඇති..
ඒත් පලා යනවට වඩා සටන් කරල මියෑදේන්න
මම නම් කැමතියි .
මම අප්ප්ච්චිගෙන් හැමදාම ඉල්ලුවේ
"අනේ අප්පච්චි මටත් අංගම්පොර සටන් කලාව උගන්නන්නකෝ" කියලා
අප්පච්චි කිව්වේ "ඇබින්දක් ඉවසලා
ඉන්න සුදු මැනිකේ මේ ඒකට කාලේ නෙමෙයි" කියල.
ටිකිරි බන්ඩාර අයියන්ඩිලා හොර රහසේ
අම්පිටියේ ගුරුන්නාසෙගෙන් අංගම්පොර ඉගෙන ගන්න වගක් මම අප්පච්චිට කියන්න ගියේ
නැතුවා.
අපේ වලව්වේ ඉඳලා බැලුවා ඇහෙලේපොල
වල්ව්ව පේන දුර..
අපේ වලව්ව කන්ද උඩින් තිබ්බේ..අපිට ඒ
වලව්වට යන එන උදවිය යසට පේනවා..
මද්දුම බන්ඩාරයි ලොකු බන්ඩාරයි ගොඩක්
වෙලාවට කාලේ ගෙව්වේ අපේ වලව්වේ..
අප්පච්චිගේ ආසාවට හදපු
"ජන්තු" ඇතාට ඒ දෙන්නම බොහෝම ප්‍රිය කරා. ඇත් ගොව්වත් එක්ක එකතු වෙලා ඇතා එක්ක
සෙල්ලම් කරන්නයි,ඇතා පිටේ රවුම් යන්න වගේම අපේ වලව්වේ
දිගන්චියාගේ කතා අහන්නත් අයියයි මල්ලියි ප්‍රියයි..ටිකිරි දෝනිට නම් තාමත් මාස හත
අටකට වඩා නෑ නෙව.
"සුදු මැනිකේ එන්ට උදේ කැඳ එක බොන්ට ඒක දැන්
හීල් වෙලා"
පිංචි අම්මගේ කට හඬ ඇහුනම මම කල්පනා ලොකෙන් මිදුනා.
...........................................................................................................................................................
...........................................................................................................................................................
“නැගිටිනවා
නැගිටිනවා. දැන් වෙලාව කීයද?” අක්කාගේ වදන් වලින් මා නින්දෙන් පිබිදුනේ පුදුමාකාර තෙහෙට්ටුවකිනි.
“මොකෝ මේ
හොල්මනක් දැකලා වගේ ටිකක් හිනාවෙලා ඉන්නකෝ නංගී” අක්කා මගේ වෙනස වටහාගෙන පැවසුමුත්
මා තවමත් සිටින්නේ පෙරදා රැයේ දුටු සිහිනය පිළිබදව සිතමිනි…
මා දුටු
සිහිනයේ සිටියේ කවුද..?
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
Ada nam taikaaaaak wadipura damala nowaa naga...
ReplyDeleteThanks hariya. Sathi yata kotas 3k vithara dannako..
Suja,,,
අද කතාවෙ මීට පෙර කොටස් වලට වඩා වෙනසක් දුටුවා , මම හිතන්නේ රජ පරම්පරාවත් සම්බන්ධ කර ලියා තිබෙන නිසා වෙන්නට ඕනෙ ඒ වෙනස .
ReplyDeleteඉතිරියත් ලියනකම් බලාගෙන ඉන්නවා .
ඉක්මනට අනිත් කෑල්ලත් දාන්න....
ReplyDeleteඅපුරුවට ලියලා තියෙනවා...
ReplyDeleteහපොයි .. මෙයා කොහෙද මේ අපිව එක්කන් යන්නෙ... කතාව ලස්සනයි, අත්භූතයි..
ReplyDelete//අක්කා ඔළුවේ සිටන් පෙරවාගෙන නිදා සිටින අයුරු දුටුවිට සිනාවක් නැගුණත් ඇය සුව නින්දක පසුවන බැවින් අවදි කිරීමට මට නොසිතේ. //
ReplyDeleteමෙන්න මෙහෙම නිදාගෙන ඉන්න කාව හරි දැක්කම මට හිතෙන්නේ ලඟට ගිහිල්ලා "හූඌඌඌඌ.... " කියාගෙන මොනා හරි බිම පෙරලන්න.එතකොට නිදි විකාරෙන් කරන වැඩ බලන්න ලස්සනයි අප්පා අපේ මල්ලි නම් කොට්ට අතට අරගෙන හතර අතටම නෙලනවා ඇස් පියාගෙනම...
ඒක නෙමේ අක්කේ මාව එකපාරටම කරකවලා අතෑරියා වගේ උනා ලියන ශෛලිය වෙනස් කරල තිබ්බම.පස්සේ මේක හීනයක්නේ කියලා හිත හදාගෙන කියවද්දි අඩේ අක්කා අතීතෙට ගිහිල්ලා.ඊට පස්සේ එක පාරටම ඇහැරුණාම තමයි මට හිතුනේ අද තමයි මේ කතා සෙට් එකේ ලස්සනම කොටසට ආවේ කියලා.
මට එක එක විකාර දේවල් හිතෙන්න ගත්තා අක්කේ මේ කොටස කියවලා.මම මේකෙ වෙච්චි පොඩි කොටසක් අරගෙන පොඩි දෙයක් ලියන්නදෝ... ලියද්දි අක්කව අනිවාර්යෙන් මතක් කරනවා.කමක් නැද්දෝ???
දැන් මේ කතාවේ අග්ගිස්සවල් ගොඩක් තියෙනවනේ.ඒවා එකකට එකක් සම්බන්ධවෙන්න ගත්තාම මරු ඇක්ෂන් ෆිල්මක් වගේ කියවන්න පුළුවන් වෙයි... මරු අක්කේ ලස්සනට ලියලා තියෙනවා.මෙහෙම කතා අද්භූත වෙද්දි මාර ආසයි මං... ජය වේවා
ඇති යන්තම අදනම් ගොඩක් ලියලා. ස්තූතියි.... ඉක්මනට ඊලග කොටස ඕනෙ.
ReplyDeleteකුමාරිහාමි කොහෙද මෙ අපිව අරන් යන්නෙ? :D සිංහල රජ පවුලෙ පරිසරය ගැන කියවද්දි මාර ආසයි. කතාව නම් නියමෙට යනවා...:)
ReplyDeletePunchi Kuamarihami ,
ReplyDeleteමම..පොලවේ පයගහලා ජීවත්වෙන මිනිස්සුන්ගේ දාඩිය සුවඳ පුරුදු..අපේ කාලේ සාමාන්‍ය කුමාරිහාමි කෙනෙක්.මේක මගේ ඇත්තම නම නොවුනත් මම ඒකට කැමතියි
අනිත් හැම ගෑනු ලමයෙක් වගේම හැම සුන්දර දේටම ආස කරන..මිහිරි සිහින දකින..පොඩි දේටත් අඬලා ලොකු දේවල් දරාගන්න..බොහොම සාමාන්‍ය චරිතයක්..
above things i copied from ur blog try to make that things for ur true life also..........if u lost some important things dont keep any hopes it will not come back to u .........keep it mind as well dear
කව්ද අප්පා හීනේ හිටියේ....
ReplyDeleteහරි මේ කතාව මම හිතන් හිටියට වඩා පරණ කතාවක්. ඇහැලේපොල මද්දුම බණ්ඩාර වගේ අයත් ඉන්නේ..
ReplyDeleteහුග දවසකින් තමා මේ පැත්තට ආවෙ... අතහැරුණු කොටස් ටික කියවනකන් ඔන්න මේ කොටස කියෙව්වා... ඔබටම ආවේණික ශෛලියක් තියෙන බව පේනවා... ඔහොම යන්...
ReplyDeleteසිනහව දැවටුනු රන්ඩූ තරහ වුණු
ReplyDeleteඒ අතීතයේ මදකට සිහිවුණි
ඔබේ වදනින් මගේ සවන් පිරි
ඒ ඔබමද යැයි සෙව්වත් පද තුල
වෙනසක් ඇතිමුත් සිතැගෙයි සෙනෙහෙබර
ඔබේ පන්හිදේ තවදුර යන්නට අසිරි සදහට