Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Jan 8, 2012
~~~කුමාරිහාමි - 06~~~~~
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් ..
අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ කියලා මට හිතෙනවා.
අම්මා විශ්වවිද්‍යාලයේදී අප්ප්ච්චි හමුවෙලා විවාහ උනා..
ඒත් අප්පච්චිගේ පැත්තෙන් හැමෝම විරුද්ධ උනා
"ඔය විශ්ව විජ්ජාල අස්සේ රිංගනවද වැදගත් පවුල් වල ගෑනු දරුවෝ"
අත්තම්මා අම්මා ගැන හිතුවේ එහෙම..ඒක නිසාම අම්මට ඒ පවුලෙන් ලැබුනේ කුඩම්මගේ සැලකිලි..
අම්මට අප්පච්චිගේ ආදරේ අඩුවක් නැතිව ලැබුනා තමයි

එත් සමහර අවස්තා වලදී අත්ත්තම්මට පුලුවන් උනා අප්පච්චිව එයාගේ පැත්තට හරවගන්න
මම පිරිමි ලමයෙක් වෙයි කියලා අත්තම්මත් අප්පච්චිත් ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙනවා
"අපේ පරම්පරාව ගෙනියන්න කොලු පොඩ්ඩෙක් නැති උනොත් උඹලාගේ අප්ප්ච්චි මටත් ඒ ලොකේ ඉඳන් මටත් සාප කරයි"
කියලා අත්තම්මා මාව ලැබෙන්න ඉන්න කොට නිතරම කිව්වා කියලා අම්මා කියනවා.
එත් මම ගෑනු ලමයෙක් උන නිසා එයාලගේ බලාපොරොත්තුබිඳුනා.
තවත් දරුවෙක් හදන්න කියලා අප්පච්චිට අත්තම්මා බල කරත් අපේ අම්මා ඒකට කැමති වෙලා නැත්තේ එයත් ගෑනු ලමයෙක් උනත් එයාට ගොඩක් දුක් විදින්න වේ කියල
ඒ හැම දේකින්ම අම්මත් අත්තම්මත් අතර සම්බන්දය නරක පැත්තටම හැරුනා..අත්තම්මා හැමවෙලේම බැලුවේ අම්මාව යටත් කරගන්න..අම්මා ඇත්තෙන්ම අහිංසකයි.ඒක නිසාම හැමදාම අපේ අම්මා හැම ප්‍රශ්නෙකදීම තැලුනා
අප්ප්ච්චි කිසිම දෙයක් නොවුනා වගේ සාලේ මැද නිදියන් හිටියා..
පොල්තෙල් පහනේ ආලොකේ මූනට වැටිලා ශාන්ත හිනාවකින් අප්පච්චිගේ මූන ලස්සන වෙලා තිබුනේ..
මම බලන් හිටියේ කොයි වෙලාවක හරි නින්දෙන් ඇහැරලා
"චූටි පුතේ වතුර එකක් ගෙන්න" කියලා අප්පච්චි කියයි කියලා..
පුතෙක් නොලැබුන හින්දද මම දන්නේ නෑ අප්පච්චි මට කතා කරේ චූටි පුතා කියලා
අක්කා සමහර වෙලාවට විහිලුවට රංඩුවෙනවා අප්පච්චි ආදරේ එයාගේ චූටි පුතාට විතරයි කියලා, එවෙලාවට අප්පච්චි අපි දෙන්නව ලංකරන්
"මගේ පුතාටයි දුවටයි දෙන්නටම මම ගොඩක් ආදරෙයි" කියනවා
මම හිටියේ අප්පච්චි ලඟමයි..
ගේ ඇතුලෙන් ටික ටික හඬ උස් වෙමින් වාදයක් ඇහෙනවා..
අම්මගෙයි අක්කගෙයි ඉකිබිඳීමත් එත් එක්කම වැඩිවෙලා.
මම හිමීට ගියා කාමරේට. අත්තම්මා අම්මට හයියෙන් හයියෙන් මොන මොනවද කියනවා..
"මගේ පුතාව රවට්ට ගෙන අකාලේ මරා ගත්තා මදිවට දැන් මගේ එකාගේ මිනියවත් මට දෙන්නේ නැද්ද?"
"අපේ අයියා හිඟන්නෙක් නෙමෙයි මෙහෙම කුලී ගෙදරක වැටිලා ඉන්න"
"කොහෙද තියෙන මූසල කම අඩු වයසින්ම අයියා මරා ගත්තා..ඒ මදිවට පුතෙක්වත් දෙන්න පුලුවන් උනාද පරම්පරාව ගෙනියන්න"
"කන්වැන්දුම් යෝග තියෙන්න ඇති කෙන්දරේ..කොහෙද කෙන්දරයක්වත් බලපු එකක් යැයි"
කපුටු රැලකට මැදිවෙච්ච මී පැටියෙක් වගේ අම්මා අසරන වෙලා කඳුලු පෙර පෙර ඉන්න හැටි දැක්කම මට කෑ ගැහිලා ඇඬුනා..

"අනේ අප්පච්චි මගේ අම්මා"
අපි දෙන්නගෙත් අම්මගෙත් අනාගතය කොහෙත්ම සුභදායක එකක් නෙවෙයි කියන අදහස ඒ හැමදෙයක් අස්සෙම තදින්ම මගේ හිතට ඇතුල් උනේ ඒ සිද්දිය නිසා..
අක්ක නම් මේ හැමදෙයම් දිහාම හරිම එඩිතරව වගේම උපෙක්ෂාවෙන් හිටියා.. එයාගේ ඇස් වල් තිබ්බේ පුදුමාකාර එඩිතර නොසෙල්වෙන පෙනුමක්.

මීට කලින් ජීවිතේටම අක්කා එහෙම ඉන්නවා මම දැකලා නැති උනත්..ඒ ඇස් දෙකෙත් ඒ බැල්මෙත් මට පුදුමාකාර හුරුබවක් දැනුනා.
අතීතයේ දවසකත් මේ විදියටම දැක්ක මේ බැල්ම කාගෙද?...
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
මල් සිංදු2 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,350
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
සංවේදි සටහනක්.. මේ ඔයාගේ ඇත්තම කතාවක්ද? මම වලවුවට අළුතින් ආපු නිසා අහන්නේ.. වරදවා හිතන්න එපා..
ReplyDeleteඅපේ ආත්තම්මව මතක් උනා..එයාටත් ඔය වලව් ඔල්මාදෙ ඉහට උඩින් තිබුනා..ඒත් එයා මට පන වගේ..මේ දැනුත් මේ විදියට සිංහල ලියන්නෙ එයාට පිංසිඳු වෙන්න...ඔයා ලියන විදිය ලස්සනයි....!
ReplyDeleteආත්තම්මලගේ හැටි ඔහොම තමා...මේ මටත් කතන්දර හදනවා ගෑනු ලමයි දෙන්නෙක් විතරයි ඉන්නේ පරම්පරාව ගෙනියන්නේ කව්ද ඔය රටවල් ගානේ ගිහිල්ලා සල්ලි පස්සෙ නැහුනට වැඩක් තියෙනවද කියලා....
ReplyDeleteමිස් වෙච්ච කොටස් ටිකත් කියවලම එන්නං.
ReplyDeleteදුක හිතෙන, ඒ වගේම වැදගත් කථාවක් වගේ අද තමයි දැක්කේ කලින් ටිකත් කියවන්න ඕනේ.
ReplyDeleteඅගක් මුලක් නෑනෙ කියලා හිතුනා...පස්සෙයි දැක්කේ 5ක්ම මිස් වෙලා කියලා..කියවලා එන්නම්..
ReplyDeleteහරිම ආසාවෙන් කියෙව්වා . ඉතුරු ටිකත් ලියන්න . මුණු පොතේ ලිපියත් කියෙව්වා . අතීතයට ගියා ඒක කියෙව්වම .
ReplyDeleteහ්ම්..අනාගතේ අම්මට දුවල දෙන්නත් එක්ක ගොඩක් දුක් ගන්න වෙයි වගේ නේද..
ReplyDelete(මම මේ කතාවෙ කොටස් ඔක්කොම කියවල තිබුනෙ..comment කරන්නෙ මුලින්ම අද වෙන්න ඕනා..ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාමු නේද..එක දිගට කියවගෙන යන්න ආසයි..)
මිස් වුනු ටික කියවලම එන්න ඕනේ හරි ලස්සන කථාවක්....බැන්ද ගමන් ලමයි හදන එකයි පිරිමි ලමෙක් හම්බුවෙනකන් ලමයි හදන එකයි පිස්සු වැඩ....කෙල්ලෙක් කියන්නේ ගොඩාක් හුරතලේට නිදහස්ව ඉන්න කැමති කෙනෙක් ආදරේ කරල බැදපු පලියට ඒ නිදහස නැති කරන එක නරකයි...මම තාම බදින වයසක නෑ හැබැයි බැන්ද දවසට මම මගේ කෙලීව ආදරෙන් බලා ගන්නවා මෙහෙම දුක් විදින්න නොදී...
ReplyDeleteඅදයි ඔයාගේ වලව්වට ආවේ.....කතාව බලන්න ආසයි දිගටම...
ReplyDeleteහැමෝගෙම දුක හිතෙන කතා. සුඛාන්තයක් වේවා.!
ReplyDeleteඉතිරිය එන්නේ කවදාද ??
ReplyDeleteඅයියෝ කුමාරිහාමි... ඔයා අපිව කොර කරනවනේ අන්තිමට අමර ප්‍රශ්න අහලා...
ReplyDeleteලියන විදිහ ලස්සනයි, සජීවියි... ඉතුරු කොටස එනකම් බලා සිටිමි...
@Dinesh..අනේ නෑ මේක නවකතාවක් නේ..අනිත් කොටසුත් මේකේ තියෙනවා..ලේබල්ස් වල බලන්න..
ReplyDelete@වින් කිරිල්ලී..සමහර වෙලාවට අත්තම්මලාට පිස්සුද කියලා හිතෙනවා නේද...ඒත් සමහර දේවල් වලදී එයාල හරි..ඔයාට ස්තූතියි
ReplyDelete@නොදුටු ලොව..... ගෑනු ලමයි දෙන්නෙක්ම ඉන්නවද..හි..හි...අනේ විහිලුවක් කරේ..අත්තම්මලා හිතන්නේ පරම්පරාව ගැන විතරයි..එයාලට අනිත්වා දෙකට
ReplyDelete@Observer..ආවට ගොඩක් ස්තූතියි...අනිත්වත් කියවන්න විවේක වෙලාවට..
ReplyDelete@සජීව.ස්තූතියි ඔයාටත් ආවට..කියව්වටත් සටහනක් තිබ්බටත් ස්තූතියි
ReplyDelete@හරී..ඔව් එකපාරට දැක්කම එහෙම හිතෙනවා නේද...ආවට ස්තූතියි
ReplyDelete@ස්තූතියි.ගිම්හානි..ඔයා නම් හැමදාම කිව්වේ හොඳක්ම නේ..ඔයාගෙන් මේ ලැබෙන් සහය කියලා නිම කරන්න බෑ
ReplyDeleteහෆෝයි ඇඩෙනවා..
ReplyDelete@සිත් රූ ..ඔව් සමහරවිට එහෙමත් වෙයි..එහෙම නැත්නම් වෙනස් වෙයි..ස්තූතියි ඔයාට
ReplyDelete@ගැමියගේ පත් ඉරුව..ඔයා තාම බඳින වයසේ නැති නිසානේ ඔහොම කියන්නේ..හි හි.ඉක්මනින් ඒ වයස එන්න කියලා මම පතනවා
ReplyDelete@මුතු පබළු..ගොඩක් ස්තූතියි ආවට..
ReplyDelete@Sammani..ඉකමනින් දානවා
ReplyDelete@Indika...ඉක්මනින් සුඛාන්තයක් එයි
@ Senna..ගොඩක් ස්තූතියි ඔයාට
@තරූ හපොයි අඬන්න එපෝ...
ReplyDeleteඅනේ අක්කේ ඒ වයස දැන්ම එන්නේ නෑනේ ආවානම් සියළු අවශ්‍යතාවන් සපුරා තියෙන්නේ අවශ්‍ය රෙජිස්ටාර් කෙනෙක් විතරයි....
ReplyDeleteමම ටිකිරි මොලෙන් කියපු කථා ඇත්තනේ.....ආ නැද්ද???
මම අහල තියෙන විදියට නම් කොයිතරම් ආදරේ කරලා බැන්දත් අන්තිමේ බැදලා ආදරේ කරන්න වෙන්නේ නෑලු ළමයි හදන්න ගියාම හොද පණ යනවලු ලව් කරන්න වෙලාවකුත් නැතිලු ඔවෑ ඔවෑ කියනකොට...ඉතිං මම ඒ සේරම දත්ත එන්ටර් කලාම ආපු පිළිතුර තමා දැම්මේ....
මම මේ කථාව මගේ දැරිවිට(කෙල්ලට) කිව්වාම එයාත් ප්‍රොසෙස් කරලා දුන්නේ මම මුලින් දීපු පිළිතුරමයි මට සන්තෝසයිලු ඉතිං....බැන්දාම එන්න තියෙන ප්‍රශ්නයක් දැන්ම මගෙ ඔළුවට දාලා උත්තර හොයන්න දුන්නට ස්තූතියි ඈ
@ගැමියාගේ පත් ඉරුව....ඔයාට ඉක්මනින්ම වයස එන්න කියලා පතනවා මම..ඔයා වාසනාවන්තායිනේ මල්ලි..ඔයාගේ අදහස්වලටම ගැලපෙන ආදරවන්තියක් ඉන්නවා නේ ඔයාට..
ReplyDeleteගොඩක් සංවේදී කතාවක්. ඔබ වින්ද ශෝකය කියවන අයට දැනෙන්නම ලියා තියනවා. හිතට තදින්ම දැනුනා. මේ ඔබේම කතාව නොවිය යුතුයි. තවත් බොහෝඅය ඇති මේ කතාව කියන්න...
ReplyDeleteකතාව සංවේදීව ලියනවා.තවමත් ඔය පුංචි කුමාරි කෙනෙක්ද නැත්නම් ලොකු කෙනෙක්ද.
ReplyDeleteදැනගන්න ඇහුවේ..(බ්ලොග් එකක්වත් ලියලා ගොඩයන්න)
@Priyantha ..ප්‍රියන්ත ගොඩක් ස්තූතියි..මගේ වගේම මම වගේ හැමෝගෙම කතා..ස්තූතියි ආවාට
ReplyDelete@අසරණයා... ස්තූතියි අසරනයාටත්..
ReplyDelete.නමට පුංචි උනාට මම අත දරුවෙක් නම් නෙමෙයි හොඳේ..
"(බ්ලොග් එකක්වත් ලියලා ගොඩයන්න)....?? "
මේ කතාව නම් වැටහුනේ නෑ.
ගොඩ යන්න කිව්වේ මට නම්..මට යන්න අමුතුවෙන් ගොඩ යන්න දෙයක් නෑ..
අනික බ්ලොග් එකකින් ගොඩ යන්නේ කොහොමද කියලා මම නම් දන්නේ නෑ..
මම මේක ලියන්නේ මගේම සතුට වෙනුවෙන්..ඒකට ඔයාලගෙන් ලැබෙන් සහය අගේ කරල සලකනව.
කොහොම උනත් ස්තූතියි
අයියෝ ගොඩයන්න කියපු දේ තේරුනේ නැද්ද? //ඔය පුංචි කුමාරි කෙනෙක්ද නැත්නම් ලොකු කෙනෙක්ද.දැනගන්න ඇහුවේ.// ඒ කියන්නේ වයස ගැන ගොඩ යන්න කියල කිවුවේ තනි කඩයට පිලියමක් හොයා ගානවා කියන එක විහිළුවක් විදියට කිවුවේ..
ReplyDeleteදැන් තේරුනාද?.. නෙකන් කේන්ති ගිහිල්ල රිප්ල්ය් කරා වගේ නේද.
@ අසරණයා...
ReplyDeleteආ..දැන් තෙරුනා..
තෙරුනේ දැන් තමා.//..හි හි...කවුද අනේ දන්නේ.
.පුංචි කියලා කියන්නේ මොලේ පුංචි නිසාද කියල මටමත් හිතෙනවා...හි හි.
කේන්ති ගියේ නෑ..දුක හිතුනා..
අයියෝ...කාටවත් දුකක් දෙන්න කවදාවත් කොමෙන්ට් කරන්නේ නැ.විනෝදයක් සඳහා පමණයි.දුක හිතුනනම් සමාවෙන්න කුමරියේ.හික් හික්..
ReplyDelete/ අතීතයේ දවසකත් මේ විදියටම දැක්ක මේ බැල්ම කාගෙද?.../
ReplyDeleteමම නම් දනිමි.....ඒත් කියන එක හරි නැති නිසා නොකියමි.
පුංචි කුමාරිහාමි....ලස්සනයි ඔයාගෙ කතාව......ගලා යන රිද්මය හරිම ලයාන්විතයි.
එහෙනම් ඔයා මටත් කලින් කතාව කියවලනේ..කාගෙද ඇත්තටම බැල්මස්තූතියි ඔයාට...
Delete