Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Dec 26, 2012

සුබ නව වසරක් වේවා !!


අවුරුද්දක් ඉවර වෙලා තවත් අවුරුද්දකටත් ලංවෙලා. 2012 ගෙවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමා මටත් මේ වලව්වක් කියලා එකක් තියෙන වග මතක් වුනේ.

ඔන්න ඉතින් පුංචිත් අවුරුද්දක් තිස්සේ අවාරෙට පොල් වැටෙනවා වගේ බ්ලොග් එකක් ලිව්වා. ලිව්වා කිව්වට ලියනවට වඩා නොලිව්වා ඒ වගේම තමයි "කුමාරිහාමි" නව කතාව ලියන්නේ නෑ කියලා අපේ යාළුවන්ගෙන් බැනුමුත් ඇහුවා..

ඉතින් ඔන්න ඔහොමයි 2012 අවසානය කරා ලං වුනේ. හිනාවුනා, ඇඬුවා, ලංවුනා, ඈත්වුනා, හැම දෙයක් එක්කම තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. අපිත් කූඩු කරපු සත්තු වගේ උදේ වැඩට ගිහින් හවසට මේ තට්ටු ගෙවල් වල කූඩු උනා.


මේ පුංචි කාමර වල හිර වෙලා ඉද්දී හිත දුවනවා ලංකාවේ ගම්වලට. ඒත් දැන් ලංකාවට ගියාම ඒ ලස්සන දකින්න නෑ. අපේ රටත් දැන් පුදුමාකාර විදියට නවිකරනය වෙලා. හැමෝම ආස කරන්නේ ඇමරිකන් පන්නයේ ජීවිත රටාවකට.හොදට දෙහි දාපු පොල්සම්බෝලයක් එක්ක දුම් දාන උනු උනු සුදුබත් කන එක අද ලැජ්ජාවක් වගේ. මැක්ඩොනල්ඩ්ස් හරි පීට්සා හට් හරි ගියා කියන්නයි ගොඩක් අයට ඕනේ.

ඒත් බොහෝ අය නොදන්න කාරනේ නම් ධනවත් රටවල මැක්ඩොනල්ඩ්ස් හෝ පීට්සා කන්නේ එදාවේල අමාරුවෙන් ගැටගහන්නා උදවිය බව. යුරෝ පහකට හෝ ඩොලර් හත අටකට බඩ පුරවා ගන්න වෙනත් ක්‍රමයක් නෑ.

ඉතින් අපි මේ රටවල ඉදන් අපේ රටේ දේවල් වල මතක සුවද වින්දට එහේ ගියාම ඒ කිසිම දෙයක් දකින්න ලැබෙන්නේ නෑ.

අපි කුඩා කාලයේ අපේ සීයා කුඹුරු වැඩ කරපු හැටි මට අද වගේ මතකයි. ගොයම් කපන කාලේට ලොකු උත්සවයක් වගේ. ගමේම අය අපේ ගෙදරට එකතුවෙනවා. උදේ ඉදන් ගෑනු අය උයනවා උදේ දහයට විතර ලොකු ඉඹුල් කිරිබත් පෙට්ටියක් උස්සගත්ත ආච්චිත් ඇගෙත් උදව්වට ඉන්න ගෑනු අයත් තේත් අරන් කමතට යනවා.
මේ ඉඹුල් කිරිබත් ගෙඩියක් අපි වගේ අයටනම් එකක් කන්න බෑ. ඒ තරම් ලොකුයි. ඒත් ඒ වැඩ කරන අය මේවගෙන් දෙකක් කිසිම අමාරුවක් නැතිව කාල හොද ආනමාලු කෙසෙල් ගෙඩියකුත් කාලා කිතුල් හකුරු එක්ක ලොකු තේ පොල් කට්ටක් බොනවා.

කමතට ඕනේ කරන පොල් කටු කලින් දවස්වල පුංචි අම්මත් ඇගේ මිතුරියනුත් එකතුවෙලා සුද්ද කරලා තියෙන්නේ ආච්චිඅමමා ඉල්ලපු ගමන් දෙන්න.

තේ පානයෙන් පස්සේ ආච්චිඅම්මලා ගෙදර දුවන් එන්නේ දවල්ට ඇඹුලට මදි පාඩු හදන්න. දවල් දොලහ වෙන්න කලින් අරන් යන මේ ඇඹුල ගෙනියන පාර පවා සුවදයි. කෙල්ලොත් වැඩිහිටි ගෑනුත් එකතුවෙලා හරි හරියට විහිලු තහලු කරමින් බොහොම කඩිසරව දානෙකට වගේ තමයි ඇඹුල උයන්නේ..

පොලොස් ඇඹුල,හාල්මැස්සෝ බැදුම,කරවල හොද්ද,ගොටුකොල සම්බෝල,තෙලට හින්දපු මෑකරල්, හා රතු බත්..මට මතක ඇත්තේ මෙපමනක් උනාට තවත් බොහෝ දෙවල් හට්ටි මුට්ටි පිටින් අරන් ගියා මතකයි.

වැඩ කරන අය පමනක් නෙමෙයි ඔවුන්ගේ ගෙවල්වල පොඩි දරුවන් පවා මේ ඇඹුල කන්න එදාට කමතට රැස්වෙනවා. ගැහැනුන්ට කමත පෑගිම තහනම්. එලියෙන් හිද පිරිමින්ටත් දරුවන්ටත් කෑම බීම බෙදා දී ගැහැනුත් කුඹුරේම දහවල සප්පායම් වී නැවත් ඉක්මනින් නිවස කරා යන්නේ රාත්‍රි‍යේ කොල පෑගීමට නැවතත් උයන්න අවශ්‍ය කලමනා පිලියෙක කිරීමටයි..

කුඩා අප වැඩියෙන්ම ආසා කරන්නේ රෑ තිස්සේ කවි කියමින් මී හරකුන්ගෙන් කරනා කොල පෑගීමටයි.  එකල වයස 4ක් පමන වූ මට නම් එහි සිදුවූ බොහෝ දෑ මතකයේ නැතත්.. "අම්බරුවෝ කිරි දරුවෝ" කියමින් පිරිමින් විසින් කමත පුරා මී හරක් දක්කනු දුටු අප බලා එදෙස බලා සිටියේ පුදුමයෙන්.

දවල් තිස්සේම ගමේ දරු දැරියන් සමග සෙල්ලමට වැටුන අප කමතේ සිටියදී හමාඑන සිහිල් සුලගට ඉබේම නිදි සුව ලබා නැවත් එලිය දකින්නේ ඊලග දිනයේ ආච්චි අම්මාගේ නිවසේ ඇදක් මතයි.

අප එසේ ඇහැරෙන විටත් ආච්චි අම්මාත් පුංචිඅම්මාත් අනෙක් ගැහැනුත් කඩිසරව වැඩ කරමින් සිටිනු දැකීම දැන් මතක්වන විට නම් පුදුම සිතෙන්නේ අප එලෙසෙ දින දෙක තුනක් මහන්සි වූවොත් මාසයක් විවේක ගැනීමට සිදුවන නිසා.

ඒ සුන්දර ලමා කාලය ඉක්මනින්ම නිමා වී ගම්වලටත් යන්ත්‍ර සුත්‍ර පැමිනියාට පසුව අපි ඒ ලස්සන කොහෙවත් දුටුවේ නෑ. ආච්චිඅම්මා, සි‍යා මියගියායින් පසුව ගම්වල හැමදෙයක්ම මුදල් මතම සිදුවෙන්න ගත්තා. කවුරුවත් නිකන් අනික අයගේ වැඩවලට උදව් වෙන එක නැවැත්තුවට පස්සේ අර දැකපු ලස්සන ගමෙන් හොයාගන්නවත් බැරි වුනා.

අපි වේගයෙන් දියුනුව කරා පියමනිනවා. දැන් හැම ගමකම බොහෝ ගෙවල්වල ඉන්ටර්නෙට්, සැටලයිට් ටී.වී ආදී හැමපහසුකමක්ම තියෙනවා. ඉස්සර අකුරුවත් බැරි බොහෝ අය දැන් පිටරටවල ඉන්න තමන්ගේ අය එක්ක කතා කරන්නේ "ස්කයිප්" හරහා.

ලෝකයත් තාක්ශනයත් දියුනු වුනාට අපි දියුනු වෙලාද කියලා මට බොහෝ වෙලාවකට හිතෙනවා. අපි හිත්වලින් තාමත් ඉන්නේ ගල් යුගයටත් එහා නෙමෙයිද කියලා හිතෙන්නේ මිනිසුන්ගේ හැසිරීම් දැක්කම.

අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා තව තවත් දියුනු නවීන තාක්ශනික ලෝකයකට අපි පානැගුවත් හිත්වලිනුත් හැගීම්වලිනුත් අපි යන්නේ ආපස්සට. එහෙම නැහැයි කියලා කියන්න පුලුවන්ද?

කොහොම උනත් පුංචි කුමාරිහාමිගේ වලව්වත් එක්ක අවුරුද්දක් රැදී උන්න ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වගේම සිතට සැනසුම සැහැල්ලුව ලැබේවා කියලා පුංචි පතනවා....!!!


47 comments:

  1. සුභම සුභ වේවා..

    ලබන වසරේවත් ලිපි ටිකක් ලියපං බොල.

    ReplyDelete
    Replies
    1. සැමාටත් එසේම වේවා! ලියමු ලියමු....

      Delete
  2. සුබ නව වසරක් වේවා.....!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා රොබින්!!

      Delete
  3. ඔබටත් සිතුම් පැතුම් සියල්ල ඉ‍ටුවන සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. වී පොකුරත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

      Delete
  4. Aaa. Nangi awith:). mmm sathutui godak. Oya kiyapu kama mathak wenakota... Katata kela unanawa:):):
    Pizza & McDonald mehe kanne oya kiyapu ayath, kammali kamata uyanna akamthi ayath. ( McDonald $1 ta ganna puluwan. Buy one get one free thiyenawa)
    Eth Ithin polsamobalai unu bathui ewa ahalakin thiyanna ba......:):):)
    Lux lankawe inne:) hari saruwata naththala samaranawa:):)
    Nangi o3wall eka aye aluthen danawa. 1st of January. Awith yanna enna.
    Ithin oyta siyalu pathum ituvena, duk karadara walin thora lassanama, subama awuruddakta Magen suba pathum:):):)))
    Suja akka

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජා අක්කාට.. ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

      Delete
  5. අදමයි මේ පැත්තට ආවේ... ලබන්නාවූ 2013 සුබම සුබ නවවසරක් වෙන්න ඕනෑ...

    ReplyDelete
    Replies
    1. ආවාට ස්තූතියි සන්ජයට..!! ඔබටත් සුබ නව වසරක් වේවා.!!

      Delete
  6. දැන් ඉතිං ඔය ඔක්කොම වැඩ කරන්නේ මැෂින්ස් වලින් නේ.. එච්චර සෙනඟක් ඕනේ නෑ ඒ වැඩට.. හැබැයි අපේ පැත්තේ නම ඇඹුල සරුවට ඉවෙනවා... මීට අවුරුදු 2කට කලින් නම් මාත් කියා වැඩට... වැඩට කිව්වට ඉතිං විකාර කර කර ඉන්න තමයි තියෙන්නේ.. ඒත් අර ගොයම් සුවඳයි, සුළං පාරයි එක්ක උදේ ඉඳා දඟල දඟල හිටියට පස්සේ දවල් වෙනකොට වැඩ කරපු අයට වඩා මහන්සියි.. හි හි... ඉතිං දෙසනවා ඇති වෙන්න...

    සුබ අලුත් අවුරුද්දක් වේවා පොඩ්ඩිටත්.... හි හි

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා හිරු...!

      Delete
  7. සංවර්ධනය කෙසේ වෙතත් ලංකාවේ වර්ධනය නම් දිගටම සිදුවෙනවා....තනි තනිව හරි අපේ යුතුකම් වගකීම් හරියට කරනවනම් සුළුවෙන් හරි මේ පුංචි රට රැකෙවී අලුත් අවුරුද්දේ ඔබ සිතන පතන අරමුනු ජයගන්න සහ සිතුවිලි යහපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරමි ජය...

    ReplyDelete
    Replies
    1. රාජ්ට ස්තූතියියි.. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.!

      Delete
  8. මුලින්ම බ්ලොග් උපන්දිනේට මගෙන් සුභ පැතුම්.

    මේ හා සමාන ජිවිතයක් මාමත් වින්දා.ඒ කාලෙම යන්ත්‍ර ගමට ඇවිල්ල ඒ දේවල් නැති වෙලත් ගියා. වැඩ කරන්න එන්නෙත් දවස් කුලියට.මේ පොස්ට් එකේ තිබෙන ගැමි ගතියට මම තවම කැමති.එත් මම නගරබද කෙනෙකුත් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසරනයා.
      ඔයා නගරබද කෙනෙක් නෙමෙයි කියන්නේ කොහොමද?

      Delete
    2. නගරබද අයනේ ගමට කැමති.ගම වල ඉන්න මිනිස්සු කැමති නගරයට..

      Delete
  9. අක්කා ආයෙත් මේ පැත්ත මතක් වෙලා ආව එක ශෝයි!! ලබන අවුරුද්දෙ වැඩි වැඩියෙන් ලියන්න ශක්තිය ලැබේවා!!!

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන, වාසනාවන්ත, සුභම සුභ වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතු...
      ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.!

      Delete
  10. ඉදලා හිටලා මොකෝ මේ වලව්වට එන්නෙ....

    2013 ඔබටත් සුභ වෙන්න කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. වැඩ අයියෝ වැඩ.. :D
      සිරාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  11. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
    ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා.! ස්තූතියි

      Delete
  12. කාලෙකින් මේ පැත්තේ ආවේ. මේ බ්ලොග් එකට අවසර නැතුව ඇතුල් වෙන බැරි කාලයක් එහෙමත් තිබුණා නේද ??

    2013 ආයේ එන්නම් එහෙමනම්. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
      හසිත ස්තූතියි ආවාට...

      Delete
  13. ගොඩාක් හොඳ ලිපියක් .මම අදමයි ආවේ.අපේ පැත්තටත් එන්නකෝ.http://imalkiudana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්ත්තියි උදාන.. අනිවාර්යෙන්ම එන්නම්

      Delete
  14. Suba aluth awruddak wewa, Kumarihami katawa ekkmanata Danna Eka Harima asaawen api baluwa.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දාන්නම් .. ආවත් ගොඩක් ස්තූතියි..

      Delete
  15. මම හදිසිසියෙන් මේක බ්ලොග් එක දැක්කේ. හරිම ලස්සනයි. යළි යළිත් ගොඩ වෙන්න ඇවිල්ලා ලිපි කියවන්න ආසා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ආවට. හරිම සතුටක් ඔබේ වටිනා කාලය කැප කරලා මෙසේ අදහස් බෙදා ගැනීම පිලිබදව.

      Delete
  16. මම ආපු ගමන්ම පුංචි කුමාරිහාමිව මනෝ විද්‍යාත්මක විග්‍රහයකට යොමු කරගන්න කැමතියි. ඊට හේතුව මම වැඩිපුරම කැමති විෂය මනෝ විද්‍යාව වීමත් මම ආචාර්ය උපාධියට කළ නිබන්ධනය මනෝ විද්‍යාවට අයත් වීමත්ය. ස්ත්‍රී පුරුෂ යනුවෙන් ස්වභාවික ලෝකයතුළ වෙසෙන සත්වයන් අතර විද්‍යමාන ලිංගික අනන්‍යතාව පහසුවෙන් බැහැර කළ නොහැකිය. ඊට හේතුව යම් පුද්ගලයෙකුගේ සංජානන පැතිකඩ ඒ පුද්ගලයාගේ ලිංගික අනන්‍යතාව (Gender Difference) මත වෙනස්වන බැවිනි.සාමාන්‍ය වශයෙන් සමාජයතුළ ස්ත්‍රී හා පුරුෂ යනුවෙන් ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙකක් විද්‍යමාන වන බව පැවසිය හැකිය. නිදසුනක් ලෙස පුරුෂයෙකුහට ලෝකයෙහි ඇති සියළු දේවල් සංජානනය වන ස්වරූපයට වඩා ස්ත්‍රියකට ඒවාම ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අයුරින් සංජානනය වියහැකිය.මේ ලෝකයෙහි සිටින බහුතර පිරිසක් ස්ත්‍රි හෝ පුරුෂ යන ප්‍රධාන ලිංගික අනන්‍යතාවය යටතට ගැනෙයි.ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට මේ ලෝකයේ විද්‍යමාන සියල්ල සංජානනයවනුයේ දෙයාකාරයකින් නම් ලෝකයෙහි සැබෑ සත්‍යය සංජානනය කරගන්නේ කෙසේදැයි යන විශාලම ගැටළුවට මුහුණපෑමට යමෙකුට සිදුවියහැකිය.ලෝකයේ විද්‍යමාන අරමුණු සංජානනයකරනුයේ පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වී නම් එක් අයෙකුගේ සංජානන අත්දැකීම් අනෙක් පුද්ගලයා විෂයෙහිදී අසත්‍යයක්බවට පත්වීම නොවැළැක්වියහැකි කරුණක්වනු ඇත.එවිට අනිවාර්යයෙන් මේ ගැටළුව විසඳාගැනීම පිණිස යෝග්‍ය වූ ක්‍රමයක් පිළිබඳව සිතාබැලීමට සිදුවේ.මුල්ම සංජානන අත්දැකීමට මුහුණපාන පුද්ගලයා ස්ත්‍රියක හෝ පුරුෂයෙකු වී නම් ඒ පුද්ගල සංජානනය නිවැරදිව පොදුබවට පරිවර්තනය කර තමන්ට ප්‍රතිවිරුද්ධ ලිංගික අනන්‍යතාවයක් ඇති පුද්ගලයාහටද සාධාරණය ඉටු වන පරිද්දෙන් කටයුතු කරන්නේ කෙසේදැයි මනෝවිද්‍යා විෂය පර්යේෂාත්මකව අධ්‍යයනයකළ අයෙකුට යම් ගැටළුවක් ඇතිවියහැකිය.මේ හේතුව නිසාම මනෝවෛද්‍යවිද්‍යාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් දක්වා තිබේ.විශේෂයෙන්ම සායනික පර්යේෂණවල ප්‍රගතිය මැනබැලීමේදී එබඳු ලක්ෂණය කෙරෙහි පවා දැඩි සැලකිල්ල යොමුකර ඇතිබව පැහැදිලිව දැකගත හැකිය.යම්කරුණු දැක්වීමක පවතින අවබෝධ කරගැනීමේ හැකියාව ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංගික අනන්‍යතාව මතද වෙනස්වියහැකිබව මෙබඳු පර්යේෂණවලදී අනාවරණයවී තිබේ.එසේම ජීවවිද්‍යාත්මකව මොළයේ සෛලතුළ රසායනිකද්‍රව්‍යයන්හි සමතුලිතතාව හා ශාරීරික හෝමෝනවල ක්‍රියාකාරීත්‍වය කෙරෙහි ලිංගික අනන්‍යතාව සෘජුවම බලපානු ලබයි.සංජානනයට අදාළ මානසික හා ශාරීරික ක්‍රියාවළියේදී මේ මොළසෛලවල රසායනික ද්‍රව්‍යයන්හි ක්‍රියාකාරීත්‍වය සමතුලිතතාව හා ශාරීරික හෝමෝන වල ක්‍රියාකාරීත්‍වය ඉතා වැදගත්ය.එබැවින් සංජානනය පිළිබඳ සිදු කරන ගැඹුරු පර්යේෂණාත්මක අධ්‍යයනයකදී ලිංගික අනන්‍යතාවය පහසුවෙන් නොතකා හැරිය නොහැකි බව මේ අනුව ඔබතුමියට පැහැදිලි වියයුතුය.

    ReplyDelete
    Replies
    1. වැදගත් වටිනා අදහස් ගොඩක්. ස්තූතියි ඔබ තුමාට මේ අදහස් අප සමග බෙදා ගත්තට

      Delete
  17. ඔයා ලියන ලිපි හුඟක් ලස්සනයි. හරිම ආසාවෙන් කියෙව්වේ මම දන්නවද? තවත් ලියන්න මම හරි ආසයි කියවන්න. ඔයාට හොඳ නිර්මාණාත්මක දක්ෂතාවයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබතුමාට. මම මේවා දැක්කේ ගොඩක් පස්සේ. මොකද මේකේ අලුත් කමෙන්ට්ස් පෙනන්නේ නෑ.

      Delete
  18. මම ඉස්සරවෙලා දාපු කමෙනට් එකේම තවත් කොටසක් හැටියට මේක සැලකුවත් වරදක් නැහැ. මම දිගටම ගැහැණු හා පිරිමි අතර තිබෙන මනෝ විද්‍යාත්මක වෙනස්කම් කතා කරනවට පුංචි කුමාරිහාමි අමනාප නැහැ නේද? මම හරිම ආසයි වැඩක් නැති ඒ ලෝකෙටත් නැති මේ ලෝකෙටත් නැති අනුන්ගේ දේවල් කතා කරනවට වඩා ශාස්ත්‍රීය සාකච්ඡාවක නිරත වෙන්න. ඉතින් ඒකට කැමත්තක් දක්වන වෙබ් බ්ලොක් කරන අය ඉන්නේ හරිම අඩුවෙන්. වැඩිහරියක් කතාබහ කරන්නේම වැඩක්ම නැති දේවල්. ඒ වගේම අනුන්ට බැන අඬගහන එකයි. ඊර්ෂ්‍යාව, මද, මානය වර්ධනය කරන එකයි ඒ සඳහා අනිකුත් බ්ලොග් කරුවන්ටමඩ පහරවල් එල්ල කරන එකයි විතරමයි ඒ අය කරන්නේ. මේ විදිහේ අය වැඩිපුර ඉන්නේ පිරිමි බ්ලොග් කරුවන් අතරයි. කළාතුරකින් ගැහැණු අය අතරත් එහෙම අය ඉන්නවා. ඒ වගේම කළාතුරකින් එහෙම නොකරන හොඳ පිරිමි බ්ලොග් කරුවන්ද ඉන්නවා. මමත් එහෙම හොඳ කෙනෙක්. මම ආසයි මම වගේම හොඳ කට්ටිය දැන හඳුනා ගන්න. ඒ බලාපොරොත්තුවෙන් තමයි ඔයාගේ මේ බ්ලොග් එකට ලියන්නේ. මාව වරදවා වටහා ගන්න එපා කියලා බොහෝම කාරුණිකව මුලින්ම ඉල්ලා හිටිනවා. මම එහෙම කිව්වේ දැන් මම මේකට කමෙන්ට් කරලා තියෙනවා දැක්කහම අනෙක් පිරිමි අය සේරම ඊර්ෂ්‍යාව නිසා මට මඩ ගහන්න පටන් ගනියි කියලා හිතුනා නිසායි. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ආයෙමත් සැරයක් ප්‍රධාන මාතෘකාවට බහිමුකෝ. ස්ත්‍රී පුරුෂ ද්වි ලිංගික අනන්‍යතාව කාම ලෝක ධාතුවට අනන්‍ය වූ ලක්ෂණයක් සේ පෙන්වා දිය හැකිය.මන්ද යත් ලිංගිකත්‍වය (Gender) නැමැති ජීව විද්‍යාත්මක අනන්‍යතාව පවා කාමලෝක ධාතුවට අයත් දෙයක් ලෙස විස්තර කරදී ඇති බැවිනි.කාම ලෝක ධාතුවද කාම සුගති හා කාම දුගති ලෙස ද්විවිධ වේ.මින් කාම දුගති ලෙස හැඳින්වෙන්නේ නිරය හා සතර අපායෙහි උත්පත්තිය ලබන සත්වයින්ය.ඔවුන්ගේ උපත කාමභව උපතක් වන නමුදු එය වේදනා වශයෙන් අතිශයින්ම දුක්ඛිතය.එබැවින් මෙය කාම දුගතිගත උපතක් ලෙස හැඳින්වේ.මෙහි උපත ලබන සත්වයන්ගේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය ප්‍රකට වන නමුදු ඊට අයත් විදීමෙහි කටුක දුක්ඛිත වේදනාවෙහි ස්වරූපය නිසා සාමාන්‍ය ලෝක සම්මුතියට අනුව කාම සුගති ලෝකවල උපත ලැබූවන් විසින් සුවයක් ලෙස විඳිතැයි සැලකෙන කාම ආශ්වාදය සතර අපායික සත්වයන්හට නොලැබේ. එබැවින් ස්ත්‍රී පුරුෂ ද්වි ස්වභාවය ප්‍රකට වුවද එයින් කාම ආශ්වාදය ලැබීමට තරම් මනෝකායික අවකාශයක් සතර අපායික හා නිරයගාමී සත්වයන්ට නොලැබෙයි. නමුදු කාම සුගති ලෙස සැලකෙන මනුෂ්‍ය ලෝකය හා සදෙව් ලෝකවාසී සත්වයන්ට කාමය රස විඳීමට අවස්ථාව ලැබෙන බව ලෝක සම්මුතියයි.කාමය නම් ස්පර්ශය වින්දනය කිරීම ප්‍රධාන කොටගෙන ඇති කර ගනු ලබන විඳීමේ දැඩි ආශාවයි.බෞද්ධ පිළිගැනීමට අනුව සියළු විඳීම් දුක්ඛ ලෙස අර්ථකථනය කොට ඇත.එබැවින් කාමය වුවද විඳීමක් බැවින් දුක්ඛයෙලා සැලකිය හැකිය. කාමය විඳිමට ඇති කැමැත්ත නිසා විඳීම් සුවයක් යැයි සිතා එය විඳීමේ චේතනාවෙන් මියගොස් යළි භවයක උපත ලැබීමේදී විඳීම් සහිත භව ලෙස සැලකෙන කාම සුගතියක හෝ කාම දුගතියක උපත ලැබීමට සත්වයාට සිදුවේ.කාම සංඥාව විඳීමේ ස්වභාවය මනසට හා සිරුරට හුරුකරගත් ප්‍රමාණය මත පුද්ගල විවිධත්වයක් කාම සුගති තුළ විද්‍යමානය.ස්ත්‍රී හා පුරුෂ ලිංගික අනන්‍යතාව බිහිවීමටද ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉහත දක්වන ලද පරිදි කාමසංඥාව විඳීමේ ආශාව මනසට හා සිරුරුට හුරුවූ ස්වභාවය, හැඩය හා ප්‍රමාණය බව පෙනී යයි.සැබවින්ම ස්ත්‍රී පුරුෂ භාව රූප කලාප සකස්ව ඇත්තේ කාම ආශාව විඳීමට මනෝකායිකව හුරුවූ රටාව,ස්වභාවය හා ප්‍රමාණය අනුවය.මේ අනුව පුරුෂයෙකුට සාපේක්ෂකව ස්ත්‍රියක හට වඩා අධිකව එම කාම සංඥාව විඳීමේ හැකියාව තිබේ. ඊට හේතුව ස්ත්‍රියකගේ මනෝකායික සැකසුම ඊට අනුගතව පැවතීමයි. එලෙස ස්ත්‍රිකගේ මනෝ කායික හැඩය කාම සංඥාව අධිකව විඳීමේ හැකියාව ඇති අයුරින් සකස්ව පවතින බව භාව රූප කලාප සකස්ව ඇති ආකාරයෙන් වටහාගත හැකිය.මේ අනුව ස්ත්‍රීන් තුළ කාම සංඥාව විඳීමට අවශ්‍ය කායික හා මානසික හැඩය හේතු ප්‍රත්‍ය ධර්මතාව අනුව ලැබී තිබේ. මේ නිසා ස්ත්‍රිකගේ කායික හා මානසික හැඩය කාම සංඥාව අධිකව ලැබීම පිණිස ජෛව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක ලක්ෂණ අනුව සකස්ව පවතින බව පුංචි කුමාරිහාමිට මනාව වටහාගත හැකි යැයි සිතමි. ( ගැහැණු බව විවේචනය කළා කියලා මාව වරදවා හිතන්න එපා. මම කලේ ජීව විද්‍යාත්මකව හා මනෝ විද්‍යාත්මකව විග්‍රහයක් කලා පමණයි. මොකද මම ගැහැණියව මගේ මව හා සමානව ගරු කරන කෙනෙක්. )

    ReplyDelete
    Replies
    1. හම්මෝ මගේ ජුන්ඩක් වගේ තියෙන මොළ ඩිංගට
      මේක දරන්න බැහැ ... :D

      Delete
    2. නැහැ මම ඔබ තුමා කියන අදහස් වලට එකගයි. ඒ වගේම කැමැත්තෙන් තමයි මෙම අදහස් කියෙව්වේ. අනික මම ලියපු වැඩකට නැති දේවල් එක්ක බලද්දී ඔබ තුමාගේ අදහස් තමයි මෙතන වටින්නේ.

      Delete
  19. මම මනෝ විද්‍යාව පිළිබඳව ආචාර්ය (PhD) උපාධිධාරි යෙක්. දැනට විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හා පශ්චාත් උපාධි 7 ක ට වඩා ලබා තිබෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධ කෘති 28 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. කාලයක් තිස්සේ මනෝ උපදේශන සේවාවේ නිරත වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ මනෝ උපදේශන සේවාවන් සිදු කරනවා. දැනට රාජ්‍ය ආයතනයක ( අමාත්‍යාංශයක) ඉහළ කළමනාකරීත්වයට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවය කරන අතර විශ්වවිද්‍යාලයීය ආරාධික කථිකාචාර්වරයෙකු විදිහට කටයුතු කරනවා. මම කැමතියි ඔයාගේ වෙබ් අඩවියට ඔයා හොඳට මේක කරගෙන යනවා. (0718064226)

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි.. අදුනා ගන්න්ට ලැබීම සතුටක්..

      Delete
  20. ලිංගික අනන්‍යතාව පුරුෂ හා ස්ත්‍රී යන ප්‍රධාන වර්ග දෙකට අමතරව පවතින ජීව විද්‍යාත්මක ලිංගික අනන්‍යතා උප වර්ග රාශියක් පිළිබඳවද බටහිර සායනික මනෝවෛද්‍යවිද්‍යා කෘතීන්හි සඳහන්ය.එසේම නූතන සායනික මනෝ වෛද්‍යවිද්‍යා පර්යේෂණ ආශ්‍රිතව රචනාවී ඇති බටහිර මනෝ වෛද්‍ය විද්‍යා ග්‍රන්ථවල මෙබඳු කරුණු පිළිබඳව විශාල තොරතුරු රැසක් සඳහන්ව තිබේ. එම පර්යේෂණ ග්‍රන්ථ සකස්ව ඇත්තේ බටහිර රටවල සිදුකරනලද සායනික මනෝවෛද්‍ය විද්‍යා පර්යේෂණ ඇසුරිනි. ඒවායෙහි මෙබඳු ලිංගික අනන්‍යතාව කරුණු පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත්කර ඇත. ස්ත්‍රියතුළ පුරුෂයාට වඩා කාම සංඥාව අධිකව විඳීමේ හැකියාව ඇති මේ අනුව පැහැදිලිය. එසේම ලිංගික අනන්‍යතාවය ස්ත්‍රී ආත්මභාවයටද වඩා පහළ මට්ටමේවූ පුරුෂ හා ස්ත්‍රී ලිංගික අනන්‍යාව අතරතුර පවතින වෙනත් ලිංගික අනන්‍යතා රාශියක් පවා කාමලෝක ධාතුවතුළ විද්‍යමාන වියහැකිබව විනය පිටකය අනුවද පෙන්වා දිය හැකිය. නපුංසක, පණ්ඩක, උභතෝභ්‍යංජනක ආදී වශයෙන් පැවිද්ද, උපසම්පාදාව ලබා නොදිය නොකළ පුද්ගල ලැයිස්තුව දැක්වීමේදී ප්‍රධාන ලිංගික අනන්‍යතා වන ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතා දෙක අතර පිහිටි තවත් උප ලිංගික අනන්‍යතා රාශියක්ම පිළිබඳව දක්වා තිබේ. නිදසුනක් ලෙස විනය පිටකයේ උභතෝභ්‍යංනක ලෙස සඳහන්වන ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතා දෙකම එකම පුද්ගලයෙකුගේ කායික හා මානසික හැඩයතුළ පිහිටීම බටහිර ආකල්පවල නාරි-පුරුෂ (Shemale), ස්ත්‍රී-ගැටවරයින් (Ladyboy), පරිවර්තිත පිරිමි ( Transsexual Boy; Tranny; T-boy) දක්වා ඇත. එසේම ස්ත්‍රීන් අතරද මේ වර්ගීකරණය මෙසේම පවතින බව පැහැදිලිකර තිබේ. මෙබඳු ප්‍රධාන ස්ත්‍රී ලිංගික අනන්‍යතාවයෙන් බැහැර උප ලිංගික අනන්‍යතා වර්ග රැසක්ද ස්ත්‍රීන් තුළද විද්‍යමාන වන බව බටහිර හා බෞද්ධ අර්ථකථනතුළ දක්වා ඇත. එය බටහිර මනෝ වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථවලද දැක් වේ. සැබවින්ම ජීවවිද්‍යාත්මක හා මනෝවෛද්‍ය විද්‍යාත්මකවද එබඳු උප ලිංගික අනන්‍යතා තිබෙන බව පැහැදිලි කර තිබේ. මෙසේ ජීව විද්‍යාත්මකව පිහිටීම පාප කර්ම විපාක අනුව සිදුවන බව දක්වා ඇත. මන්ද ප්‍රධාන ජීව විද්‍යා ලිංගික අනන්‍යතාව දෙකට පරිබාහිරව ඇතිවන වෙනත් උප ලිංගික අනන්‍යතාවල දී ඇති වන අධික ලිංගිකාශාව එකී ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙකෙහි සත්වයන්ට ඇතිවන ලිංගිකාශාවට වඩා ඉතාමත්ම අධිකය. එම අධික ලිංගික ආශාව නිසා පුද්ගලයාගේ සිත තුළ ඇති වන විඳීමේ ස්වභාවය අධිකය. මේ විඳීමේ ස්වභාවය අධික බව පුද්ගලයාගේ මානසික හා කායික පසුබිම තුළ අතෘප්තිකර ස්වභාවය ඉහළ නංවයි. මුළු මහත් ලෝකයම දුක මත පදනම්ව බිහිවී ඇති බව ත්‍රිපිටක බුද්ධ දේශනාව අනුව පැහැදිලිය. අතෘප්තිකර ස්වභාවය අධික වීම යනු දුක්ඛ ස්වභාවය වැඩිවීමයි. එබැවින් කාමශාව අධික වීම යනු අතෘප්තිකර බව වැඩිවීම යනුවෙන් අර්ථකථනය වී තිබේ. කාමාශාව වැඩිවීම හා එය තෘප්තිකර ගැනීමට වෑයම් කිරීම පිපාසයට ලුණු ජලය පානය කරන්නාක් හා සමාන ක්‍රියාවකි. මන්ද ලවණ ජලය පානය කිරීම මඟින් පිපාසය සංසිඳෙනවා වෙනුවට සිදුවනුයේ පිපාසය තව තවත් උග්‍රවීමයි. ඊට සමාන වූ ක්‍රියාවක් කාමාශාව තෘප්තිමත් කර ගැනීමට අදාළව සත්වයාගේ මනෝකායික හැසිරීම් රටාව මඟින් ද සිදු වන බව බුදු දහමේ පෙන්වා දී තිබේ.

    ReplyDelete
  21. ත්‍රිපිටක ධර්මයේ මෙසේ ලිංගික අනනත්‍යා රාශියක් මේ අයුරින් මනෝවිද්‍යාත්මකව හා ජීවවිද්‍යාත්මකව සකස්වීමට පූර්ව කර්මවිපාකය හේතු වන බව අවධාරණයකර දක්වා තිබේ. විශේෂයෙන්ම කාම සංඥාව විඳීමේදී යම් පුද්ගලයෙකු විසින් දක්වනලද ඇබ්බැහිකම මත ඒ පුද්ගලයාගේ භවය තීරණය වී තිබේ. එසේම මේ ඇබ්බැහිකම ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙකට අමතරව මෙලෙස තවත් උප ලිංගික අනන්‍යතා ඇතිවීමට ද තුඩු දී ඇති බව පෙන්වා දී ඇත.කිසියම් පුද්ගලයෙකුගේ ස්වයං ශික්‍ෂණය හා ආත්ම දමනය පසු කාලීනව ඒ පුද්ගලයාට උරුම වන භවය තුළ ලිංගික අනන්‍යතාව සකස්වීමේ දී ප්‍රධාන වශයෙන් ඉවහල් වන බව පැහැදිලිව දක්වා ඇත. පුරුෂ ලිංගික අනන්‍යතාවයේ සිට අනුක්‍රමිකව ස්ත්‍රී ලිංගික අනන්‍යතාව දක්වා ජීව විද්‍යාත්මක පසුබිම සකස්වීමේදී හා ඊඑ අනුගතව වර්ධනය වීමේදී කාම සංඥාව ඊට සමානුපාතිකව කාම සංඥාව වින්දනය කිරීමේ අධික ඇබ්බැහිකම හා හුරුපුරුදු හැඩතලය ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බව මේ අනුව පැහැදිලිය. බුදුදහම කාම සංඥාව විඳීමේ ඇබ්බැහිකම පාලනය කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ අධික දුක්ඛස්කන්ධයක් උරුමවී ඇති මෙකී ලිංගික අනන්‍යතාවය සසර භව ගමන තුළ තවදුරටත් සුරක්ෂිතව පවත්වා ගැනීමේ ආශාව වැලැක්වීම හා දුරු කිරීම පිණිසය. භව ගමන සසර සැරිසැරීම මුළුමනින්ම වළක්වාලිය හැක්කේ කාම ආශාව හිතුවක්කාර විලාශයෙන් තෘප්ත කිරීමෙන් නොවේ. කාම ආශාව වැළැක්වීම එය විකෘතිවීමට හේතුවක් නොවේ. සමලිංගික චර්යා, ව්‍යාභිචාරය හා විකෘති කාමාශාව අවරෝධීත කාමාශාවේ ලක්ෂණ බව බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවේ සඳහන්ය. එහෙත් නිවැරදි පිළිවෙත් අනුගමනය කරමින් කාම ආශාව වැළැක්වූ පමණින් හෝ යටපත් කළ පමණින් අවරෝධිත කාම තෘෂ්ණා හැඟීම් ඇති නො වේ. එසේම එම යටපත් කළ කාම ආශාවේ අවරෝධිත හැඟීම් උත්ප්‍රේරකයක්ව පසු කාලීනව කාම අපරාධ කිරීමට පුද්ගලයා නො පෙළඹේ. කාම ආශාව අවරෝධිත හැඟීමක් වනුයේ කාම ආශාව යටපත් කිරීමෙන් නොවේ. කාම ආශාව අවුළුවාලමින් යටපත් කිරීමට වෑයම් කිරීමේදීය. එය බුදු දහමේ දක්වා ඇති නිවැරදි සමථ ක්‍රමවේදය නොවේ. ගඟක් ගැලීමේ වේගය අඩාලකර ගැලීම නැවැත්වීමේ ක්‍රමය බුදුදහමේ නිවැරදි සමථ ක්‍රමවේදයයි. නමුදු බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවේ අවරෝධිත කාමාශාව ලෙස දක්වා ඇත්තේ කාමශාව විකෘති ක්‍රම භාවිතයෙන් අවුළුවාලමින් එක්වරට ප්‍රබල ප්‍රතිරෝධී හැඟීම් මඟින් යටපත් කිරීමට වෑයම් කිරීමයි. එය නිවැරදි නැත. කාම ආශාව ස්නායු පද්ධතිය ඔස්සේ ක්‍රියාත්මක වන අති ප්‍රබල ස්නායු ආවේගයකි. එබැවින් කාම ආශාව ප්‍රහාණය කිරීමට සඳහා අනුගමනය කළ යුත්තේ ඊට බුදුදහමේ අනුමතව ඇති ක්‍රමානූකූල ප්‍රතිපදාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මේ ක්‍රමික පිළිවෙත දක්වා තිබේ. ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙක අතරතුර පිහිටි උපලිංගික අනන්‍යතාවයන්හි ඇති කාම ආශා විඳීම තුළ දුක්ඛ ස්කන්ධය අධිකය. එබැවින් ප්‍රධාන ලිංගික අනන්‍යතාවයන් හැකි ඉක්මනින් ප්‍රහාණය කිරීමට මෙන්ම ප්‍රධාන ලිංගික අනන්‍යතාවයන්ගෙන් පහළටවැටී අධික දුක්ඛ ස්කන්ධයක් විඳීමේ අනතුරින් මුදවා ගැනීම පිණිස ත්‍රිපිටක ධර්මයෙහි හරය කුළු ගැන්වී ඇති බව පැහැදිලිව වටහාගත යුතුවේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් වටිනා අදහස් වලට.

      Delete
  22. ලිංගික අනන්‍යාතාව සහිතව මෙන්ම රහිතවද මේ ලෝක ධාතුව තුළ ජීවින් සිටිනබව බුදු දහමේ සඳහන්වේ.මෙහිදී දැක්විය යුතු විශේෂ කාරණයක් නම් ලිංගික අනන්‍යතාව යම් ජීවියෙකු තුළ පිහිටනුයේ කාම සංඥාව ඉතා සුළු හෝ ප්‍රමාණයක් පැවතුනහොත් පමණකි.ලිංගික අනන්‍යතා ඇතිවීමට හේතුව කාම සංඥාව වින්දනය කිරීමේ කැමැත්තයි.මේ අනුව යමෙකු තුළ කාම සංඥාව විඳීමෙහි ඇති කැමැත්ත ඒ තැනැත්තා තුළ ලිංගික අනන්‍යතාව ඇතිවීමට හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය.මේ අනුව ස්ත්‍රියක තුළ ඇති කාම ආශාව විඳීමේ ස්වභාවය පිරිමියාට වඩා අධික ව්‍යාප්ත වීමේ හේතුව මත ඇගේ ස්ත්‍රී ආත්මභාවයට අදාළ රූප කලාප ලැබීම තීරණයවී ඇතිබව සැලකිය හැකිය.මීට අදාළව ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික අනන්‍යතා සමඟ සබඳතා ඇති සංජානන පැතිකඩ පිළිබඳව මෙහි පහතින් තව දුරටත් සවිස්තරව සාකච්ඡා කෙරෙනු ඇත.පුරුෂයාගේ කාම සංඥාව විඳීම පිළිබඳ ඇති ආකල්පමය වෙනස නිසා කාම සංඥාවේ බහුල බලපෑම සීමිත නිශ්චිතවූ ප්‍රදේශයකට සීමාවීමක් විද්‍යමාන වෙතත්,ඊට සාපෙක්‍ෂකව ස්ත්‍රිකගේ කාම සංඥාව විඳීමේ වපසරිය ඊට වඩා පුළුල් ක්ෂේත්‍රයක ව්‍යාප්තවී ඇතිබව ජීව විද්‍යාත්මක හා මනෝවෛද්‍යවිද්‍යාත්මක සාධක මඟින් දැකගත හැකිය.ප්‍රධාන ලිංගික අනන්‍යා දෙක වන පුරුෂ හා ස්ත්‍රී ලිංගික වර්ණයන්ගෙන් තව දුරටත් බැහැරට යත්ම එනම් ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතා දෙක අතර පිහිටි උප ලිංගික අනන්‍යතා දක්වා සත්‍වයාගේ ලිංගික අනන්‍යතාව සකස්වීමේදී ඊට හේතුව කාම සංඥාව වින්දනය කිරීමේ ඇති අධිකභාවය ලෙස පෙන්වාදියහැකිය.මේ අනුව මිථ්‍යාචාරී, ව්‍යාභිචාරී,විකෘති අසම්මත ලිංගිකචර්යා සඳහා පාප කර්ම විපාකය ලෙස ලැබෙනුයේ ස්ත්‍රී ආත්ම භාවය හා ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙක අතර පිහිටි මෙකී සෙසු උප ලිංගික අනන්‍යතා බව දැක්වියහැකිය.කුසල කර්ම සිදුකිරීමේදී මෙන්ම හැකිතාක් කාම සංඥාව පාලනයට උත්සුකවීමේ කුසල කර්ම විපාකය ලෙස පුරුෂ ආත්මභාවයන් උරුමවීම මෙන්ම පුරුෂ ලිංගික අනන්‍යතාවයටද වඩා ඉහළ මට්ටමේ වූ මනෝකායික තත්වයන්ට පවා පත්වීමට හැකියාව ලැබෙනබව ධර්මයෙහිද පෙන්වාදී තිබේ.බ්‍රහ්ම ලෝක ආශ්‍රිතව පවතිනුයේ මෙබඳු ජීව ස්වභාවයක් බවද පැහැදිලිකරදී ඇත.මින් පැහැදිලිවනුයේ පුරුෂ හෝ ස්ත්‍රී හෝ ලිංගික අනන්‍යතාවයක් සහිතව උපතලැබීම සසර දුක්ඛස්කන්ධයක් උරුමකරගැනීමක් වන බවකි.ඒනිසා මෙකී ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙක වන පුරුෂ හෝ ස්ත්‍රී ආත්මභාවයන්ගෙන් තොරවූ හුදෙක් ජීව සම්මුතිය පමණක් සහිත වෙනත් භව තල ඇතිබව පැහැදිලි වියයුතුය.මෙහිදී සාමාන්‍ය සමාජයේදී පවතින වැරදි පිළිගැනීමක් පිළිබඳවද සඳහන් කළයුතුය.එනම් ප්‍රධාන ලිංගික අනන්‍යතා දෙක වන ස්ත්‍රී හා පුරුෂ ලිංගික අනන්‍යතා දෙකින් බැහැරවීම පාපී වන බව විකෘතියක් බවට පිළිගැනීමයි.එහි අර්ථය නම් ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතා දෙකින් බැහැරවීම හෙවත් කාම සංඥාව දුරුකිරීම සමාජ සම්මතය අනුව නිග්‍රහයට කරුණක් වන බවට වූ වැරදි අදහසයි.ස්ත්‍රී පුරුෂ භාව රූප කලාප බිහිවීම මත ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතාව බිහිවනුයේ කාම සංඥාව විඳීමේ කැමැත්ත තිබෙන තාක්කල්ය. මේ කාම සංඥාව වැළැක්වීම ධ්‍යාන සිත් මඟින් සිදුකෙරෙන අතර ඊට අනුරූප භව තලය ධ්‍යාන ලෝක උත්පත්තියයි.ධ්‍යාන ලෝකවල උත්පත්තිය ලැබූ බ්‍රහ්මයින්ගේ ලිංගික අනන්‍යතාවය නැත. එනම් ඒ බ්‍රහ්මයින් ස්ත්‍රීන් හෝ පුරුෂයන් නොවෙනබවයි.ඒ බ්‍රහ්මයින් පුරුෂ හෝ ස්ත්‍රීන් අයුරින් ලිංගික අනන්‍යතාව ගොඩනොනඟා ඇති නමුදු එය පුරුෂ ලිංගික අනන්‍යතාවයටද වඩා ‍ශ්‍රේෂඨද උතුම්ද වේ.සාමාන්‍ය ව්‍යවහාරයේ නපුංසක යන්නෙන් හැඳින්වෙන ලිංගික අනන්‍යතාව ස්ත්‍රී පුරුෂ වශයෙන් ලිංගික අනන්‍යතා ගොඩනොනඟා සිටීම නොවේ.නපුසංක ආත්මභාවය කාමමිථ්‍යාචාරය ආදී බරපතල අකුසල හා පාපී ලිංගික ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙසට දැක්වේ.එහිදී නපුසංක ලෙස සැලකෙන පහත් ලිංගික අනන්‍යතාවයක් සහිතව උපතලැබූ ජීවින්ගේ ලිංගික අනන්‍යතාව නැතිවී නැත.ඇත්තේ සිදුකරන ලද බරපතල අකුසලපාපී ක්‍රියා නිසා කාම සංඥාව අධිකවීම හා උත්සන්න වීම මඟින් ස්ත්‍රී පුරුෂ දෙකොට්ඨාශයටම අයත් කාම සංඥා විඳීමේ ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යා හැඩතල සහිතව ජීවියාගේ උපත සිදුවීමයි.ලෞකික ධ්‍යාන හෝ ලෝකෝත්තර ධ්‍යාන ඉපිදවීමේදී යටපත්කරන ලද හෝ ප්‍රහීණ කරන ලද කාම සංඥාවට කර්මවිපාක ලෙස බ්‍රහ්ම ලෝකයේ උපත ලබන බ්‍රහ්මයින්ගේ ලිංගික අනන්‍යතාව විද්‍යමාන නොවීමේ තත්වය හා පාපී නපුසංක ආත්මභාව ලබා උපතලැබූ පුද්ගලයින්ගේ ලිංගික අනන්‍යතාවේ තත්වය එක සමාන නැත.නමුදු මේ තත්වය නිවැරදිව තේරුම්නොගැනීම නිසා ලිංගික අනන්‍යතාව සහිතවීම විශාල වරප්‍රසාදයක් යැයි වරදවා වටහාගනු ලැබේ.කාම සංඥාව වරදවා විඳීම නිසා පාපී කර්ම විපාක උපතකදී ලිංගික අනන්‍යතාව විකෘතිවීම අධික කාම පරිලාහයක් සහිත උපතක් ඇතිවීමට හේතුවකි.මේ තත්වය ස්ත්‍රී පුරුෂ ද්වි ලිංගික අනන්‍යතාව සහිත අයෙකු ලබන කාම සංඥා අධිකව විඳීමේ ජීවවිද්‍යා හා මනෝවිද්‍යාත්මක පසුබිමක් සහිතව උපත ලැබීමට එවිට අදාළ ජීවියාට සිදුවේ.

    ReplyDelete
  23. මේ ලෝකය නියම වශයෙන් සංජානනය කළහැක්කේ පවතින දේ ඒ ආකාරයෙන් දැන හැඳින ගැනීමට අදාළ සංජානන පැතිකඩ ක්‍රියාත්මක වනවිටය.ස්ත්‍රී පුරුෂ ද්වි ලිංගික අනන්‍යතාවය ලබා උපත ලබා ඇති ජීවීන්ට මේ ලෝකයේ ඇති තාක් අරමුණු දැනගත හැකිවනුයේ ඒවා පවතින සැබෑ ස්වරූපයෙන් නොවේ.තමන්ගේ ලිංගික අනන්‍යතාවයට සරිලන අයුරින් සංජානන කිසියම් විකෘතිවීමකට හෝ වෙනස්වීමකට ලක්වන බව මේ ද්වි ලිංගික අනන්‍යතාව සහිතව උපත ලැබූඅය නොදනිති.පුරුෂයෙකුට මේ ලෝකයෙහි ඇති සියළු අරමුණු සංජානනය වනුයේ ඔහුගේ ජීවවිද්‍යා කායික පසුබිමට හා මනෝවිද්‍යා මානසික පසුබිමට සරිලන පරිද්දෙනි.ස්ත්‍රියකටද ලෝකයේ ඇති සියළු අරමුණු සංජානනය වනුයේ ඇයලබාඇති ජීවවිද්‍යාකායික පසුබිමට හා මනෝවිද්‍යා මානසික පසුබිමට සරිලන අයුරිනි.මේ හේතුව නිසා මේ ලෝකයේ ඇති සියළු අරමුණු පුරුෂයන් හා ස්ත්‍රීන් සංජානනය කරන ස්වරූපය සමාන නැතිබව වටහාගත යුතුය.සංජානනය සම්බන්ධයෙන් ලිංගික අනන්‍යතාව දක්වන පැහැදිලි ප්‍රබල වෙනස්කම නිසා සංජානනය ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙනස්වන ආකාරය පිලිබඳව වටහාගැනීම ඉතා වැදගත්ය.
    ස්ත්‍රී පුරුෂ ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවල දි භාවිතා කරනු ලැබේ. ස්ත්‍රි පුරුෂ ලිංග භේදය යන පදයට වඩා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පදය සමාජිය මෙන්ම මනෝභාවාත්මක වශයෙන් ද වෙනස් වු අර්ථයක් ගෙන දෙයි.ස්ත්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ උපතින්ම හිමි වන ලිංගික භාවයෙහි වෙනසයි. ජීව විද්‍යාත්මකව ස්වභාවයෙන් සියලුම ජීවීහූ ස්ත්‍රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබති. ස්ත්‍රීය හා පුරුෂයා අතර ඇති මෙම ජීව විද්‍යාත්මක ලිංගික වෙනස නිසා ඔවුනොවුන්ගේ අඟපසග ඉන්ද්‍රියන් හා ශරිර වර්ධනය වෙනස් අයුරින් සිදු වෙයි. ස්ත්‍රින්ගේ හා පුරුෂයින්ගේ ශරීර වර්ධනයේ දී ඉන්ද්‍රියන්ගේ බාහිර මෙන්ම අභ්‍යන්තර වෙනස්කම් ද සිදු වන අතර කටහඬ වැනි දෑ පවා වෙනසකට භාජනය වෙයි. මෙම ලිංගික වෙනස ස්භාවිකවම නිර්මාණය වු ජීව විද්‍යාත්මක වෙනසකි. මෙය සමස්ත ලෝකයටම පොදු වූ දෙයකි. කවර රටක, කවර සමාජයක වුවද වසර දහස් ගණනකට පෙරාතුව වුවද නුතන යුගයේ දී වුව ද මෙම ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස නො වෙනස්ව පවතියි.
    ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වු සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සදහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘතිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර සෑම ඵ්කකයක දීම මෙන්ම සෑම ස්තරයක දීම ඵය දක්නට ලැබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට ඵකිනෙකට වෙනස් වු ගති ලක්ෂණ, අනන්‍යතා, හැසිරීම් රටා, භුමිකා සහ වෘත්තීන් පවා සමාජය විසින්ම නිර්මාණය කර තිබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් සොබාදහමින් ලැබුණු දෙයක් නොවේ. සංස්කෘතිය, ආගම, විශ්වාස, ඇදහිලි හා සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්වය ස්ථාපිත කර තිබේ. මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. මානව වර්ග, ජාති, කුල, ප්‍රදේශ අතරද මෙම සමාජ තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදු වේ. ඵම නිසා ස්ත්‍රී පුරුෂ ලිංගභේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන සුලු දෙයකි. පුරුෂයින් ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත්, ඵඩිතර ඉක්මන් තීරණ ගත හැකි, නායකත්වයක් සහිත, බුද්ධිමත් හා තාර්කික කොටසක් ලෙස විශ්වාස කෙරේ. එහෙත් ස්ත්‍රීය ළාමක, සුන්දර, පුරුෂයෙකු මත යැපෙන කාරුණික, ඉක්මනින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ.මෙය පොදු සමාජ සම්මතයක් නිසා ඇතිකරගෙන ඇති වැටහීමකි.එහි යම් ජීවවිද්‍යා පසුබිමක් හා යම් මනෝවිද්‍යා පසුබිමක් විද්‍යමාන වියහැකිය.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...