Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Feb 18, 2013

කළු සහ සුදු...


සුදු සහ කළු ගැන කියන්න හිතුනේ ඇයි කියලද හිතන්නේ. කාගෙන් හරි ඇහුවොත් මේ පාට දෙකෙන් ඔයා වැඩිපුර කැමති මොන පාටටද කියලා ගොඩක් අය කියයි සුදු කියලා. ඇයි ?
බොහෝ දෙනෙක් කළු අප්‍රිය කරනවා. මේ ලියන මමත් .. මම දන්නේ නෑ මේ සම්බන්ද මානසික පෙළඹවීමක් එහෙම තියෙනවද කියල ඒත් කළුපාට හිතටත් නෙතටත් ගෙනෙන්නේ  සුව බර හැගීමක් නම් නෙමෙයි.

ඒ වගේමයි මිනිස්සු අතරත් සුදු කළු බේදය මොනතරම් තියෙනවද කියනවනම් සුදු මිනිස්සු හැමවිටම කළු මිනිස්සුන්ව පහත් කරලා සළකනවා.


එහෙම වෙන්නේ කොහොමද? මේ පාට දෙකෙන් එකක් උසස් අනික පහත් කියන්න තියෙන සාධකයක් තියෙනවද?

මට එහෙම හිතෙන්න ගත්තේ පහුගිය දවසවල ‍XII බෙනඩික් පාප් වහන්සේ ඉල්ලා අස්වීමට තීරණය කලාට පසුවයි.

උන්වහන්සේ 28 වෙනිදා ඉල්ලා අස්වීමට තීරණ්ය කලාට පසුව බොහෝ දෙනෙක්ගේ අදහස මීළගට පත්වන්නේ කවරෙක්ද යන්නයි.
මේ රටේ බොහෝ දෙනෙක්ගේ හීනය මීලග පාප් වහන්සේ ඉතාලි ජාතිකයෙකු වීමයි. පාප් පදවිය සදහා සුදුසුකම් ලබා සිටින පියතුමන්ලා අතර කළු ජාතිකයෙක පියතුමෙකුත් සිටිනවා.

එක් රූප වාහිනියකින් සාමාන්‍ය ජනතාවගෙන් ඔවුන්ගේ අදහස් විමසූවිට බොහෝ දෙනෙක් "කළු ජාතිකයෙක් ඉදිරිපිට දන නවන්න ඔවුන්ගේ අදහසක් නැති බව කෙලින්ම කියා සිටියා"යුරෝපීය ජාතිකයන් මොනතරම් වර්ණවාදිද යන්න මෙයින් හොදටම පැහැදිලියි..

ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වූ විටත් මේ රටවල වැසියන් කිසිසේත්ම ඒ පිළිබදව සතුටක් දැක්වුයේ නෑ.එක් වයසක කාන්තාවක් මා සමඟ පැවසූවේ කළු ජාතික පාප් වහන්සේ කෙනෙක් දැකීමට තමන් හීනෙන්වත් ප්‍රාර්ථනා නොකරන බවයි.

මා එක්තරා සිංහල පුවත්පතකත් මිට සමාන සිද්ධියක් දුටුවා.

ලංකාවේ ප්‍රසිද්ධ මහාචාර්‍ය වරයෙක් ලංඩනයේ නිවසක් කුලියට ගැනීමට අදහස් කර පුවත් පත් දැන්වීම් වල තිබූ දුරකථන අංක වලට අමතා සියළු දේ කතාබස් කර ගෙන නිවස බැලීමට ගියාලු. අදාල නිවසට ගිය විට නිවසේ දොරින් එලියට ආ කාන්තාවක් විස්තර විමසා " නෑ වැරදීමක් අපි ඒ නිවස වෙනත් කෙනෙකුට දුන්නා " කියා පැවසීම ඔහුට විශාල ප්‍රහෙලිකාවක් උනාලු.
මෙසේම දෙතුන් වතාවක් සිදුවූ පසු එම මහාචාර්‍ය වරයා ඔහුගේ සුදු ජාතික මිතුරෙකුට මේ බව පවසා සිටීමෙන් ඔහු කීවේ "ඔබේ හමේ පාට දැක්කාම් ඔවුන් අදහස වෙනස් කරනවා ඇති" කියාලු. පසුව මිතුරාගෙන් උදව්වෙන් මහාචාර්‍ය වරයා නිවසක් සොයාගත්තත් සුදු මිනිසුන්ගේ මේ කළු හමට කරන අපහාසය නිසා බොහෝ සිත රිදුන බව ඔහු පවසා තිබුනා.

අපේ රටේ පවා සුදු පාටට හිමි වන්නේ විශාල තැනක් නෙමෙයිද..

අපේ අය ආදරේ ප්‍රකාශ කරන්න යොදා ගන්නෙත් "සුදූ" කියන වචනය නේ. සුදු දුව,සුදු පුතා, සුදු මැනික...  ඇයි කවුරුත් "මගේ කළු මැනික" කියන්නේ නැත්තේ..

මේ රටවල නම් කළු හම අප්‍රිය කරාට කළු පැහැති ඇඳුම්වලට මිනිසුන් ඉතා ප්‍රියයි. මුළු ශීත කාලය පුරාම හැම කෙනෙක්ම වගේ අදින්නේ කළු හෝ අඳුරු පැහැති ඇඳුම්. ඒත් අපේ රටවල නම් කළු ඇදුම්වත් ප්‍රිය කරන්නේ නෑ.

මෙහෙම බැලුවම කළු කියන්නේ හැමතැනින්ම අප්‍රිය කරන පැහැයක්..

කළු සුදු තියෙන්නේ හමේ විතරද..

අපි හැමෝම සුදු කළු චරිත නෙමෙයිද. කවුරුත් සම්පූර්නයෙන්ම කළු කියන්න අපිට බෑ. ඒ වගේම

සම්පූර්නයෙන්ම සුදු කියන්නත් බෑ. අපි හැමෝම අළු පාට චරිත. සුදු කළු කළවම් උන චරිත.

ඒත්....!!!

පහුගිය දවස්වල මේ බ්ලොග් අඩවිය පුරාම තමන් සුදු කියාගන්නා කළු චරිත සමහරක් දකින්න පුළුවන් උනා.
එක පාරටම කඩන් පාත්වුන එක එක විදියේ අය හැමදෙයක්ම අවුල් කරා විතරක් නෙමෙයි.. යනකොට දොස් කියලත් ගියා.

හැමදාම උදේට බ්ලොග් එක බලන්නේ හරිම අකමැත්තකින්.. අප්‍රසන්න කමකින්.. වැඩකට නැති විකාර වගේම එකිනෙකාට දොස් කියාගන්න හිස් වචන.

කවුරු කාගේ ඕනේකමට මෙහෙම කරත් අපි හැමෝම මේකෙන් ලොකු මානසික අපහසුතාවයක් වින්දා.
මෙතරම් කාලයක්  ප්‍රථිචාර සදහා වාරණයක් නොදැමු මේ බ්ලොග් එකටත් එහෙම කරන්න වුනා.

ඉතින් රැදී ඉන්න මාත් එක්ක හැමදාම..

සුදු නොවුනාටම කමක් නෑ. හැබැයි කළුම වෙන්න එපා.

ජය!!!!



79 comments:

  1. කළු කියන වචන ඔය විදිහට භාවිතා කිරීම දැන් දේශපාලනාර්ථයෙන් වැරදියි (politically incorrect). අපි ඛේදවාචක හඳුන්වන්නත් 'කළු' කියන වචනේ භාවිතා කරනවනේ. 'කළු ජූලිය' කියලා කියන්නේ. කළු කියන වචනේ භාවිතා කරන්නේ සෘණාත්මක දේ සම්බන්ධව නිසා කළු හම ඇති මිනිස්සු ගැනත් අනිත් මිනිස්සුන්ගේ හැඟීම සෘණාත්මක වෙලා කියන විශ්වාසය උඩයි දැන් එහෙම භාවිතා කරන්න එපා කියන්නේ. සාර්ථක වෙයිද දන්නේ නෑ..

    ඇයි අපි කළු ද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ තිසර ඔයා සුදු ඇති.. හැබැයි මම නම් දැකලා නෑ. :D
      ඔව් ඔයා කියන එක හරි කළු කියන වචනෙත් එක්ක ගොඩක් ඍනාත්මක දේවල් තමයි සම්බන්ද වෙන්නේ..

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. //සම්පූර්නයෙන්ම සුදු කියන්නත් බෑ. අපි හැමෝම අළු පාට චරිත. සුදු කළු කළවම් උන චරිත.//

    මේක නම් ඇත්ත කතාව.

    අපේ රටේ මැල්කම් පියතුමත් ඔය තැනට එනවට ඒ අය කැමැති නැතුව ඇති නේද? මොනව වුනත් පුංචි රටක්නේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම සියයට සියයක් සම්පූර්ණ අය නෙමෙයි නේද සෑම්.

      මැල්කම් පියතුමාගේ නම ඒ ලිස්ට් එකේ තියෙන කතාව බොරුවක් කියලා වෙබ් එකක තිබ්බා ඒක ඇත්තක්ද සෑම්.. ??

      Delete
  4. ඔතන තියෙන ප්‍රශ්ණේ අපි කළුනම් අපි කළුයි කියලා සෙකන්ඩ් වෙන්න නරකයි. මොකටද එහෙම කිසි කෙනෙකුට සෙකන්ඩ වෙන්නේ. අනෙක් කරුන බ්ලොග් ගැන. ඕනම තැනක හොඳ මිනිස්සු නරක මිනිස්සු වගේම පිස්සොත් ඉන්නවා. අපි දැනගන්න ඕන හොඳ මිනිහා කවුද..? නරක මිනිහා කවුද...? පිස්සා කවුද කියලා අඳුනගන්න.. නමුත් සමස්තයක් වශයෙන් ලංකාවේ කුහකයෝ වැඩියි.. ඒකයි ලංකාව කවදාවත් දියුණු නොවෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතලන් ඔයාට ස්තූතියි.. මට නම් ඇත්තෙන්ම මේක එපා වුනා. කිසිම හෙතුවක් නැතිව ඇනෝ වලින් ආපු අය මේකේ ලොකු ප්‍රශ්නයක් හැදුවා.

      Delete
  5. මෙතන ප්‍රදානතම ප්‍රශ්නේ සුදු හුණු ගාගනීමට යෑම.අපි හැමෝම කළු මිනිස්සු
    කව්රු නැහැ කිව්වත්..ඔයාමද මන්ද , එක්කෝ වෙන කව්රු හරි කියල තිබ්බ
    සුදු නෙවේ අඩුම තරමේ අළු වත් වෙන්න කියල...

    ඒක නම් සෑහෙන්න වටිනා කතාවක්..

    අහ් පුළුවන් නම් අපේ පැත්තටත් එන්න...
    යම ලොවට අධිපති යම රජ|.A horror story.

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තූතියි සහන්.. මම නේ ඒ කතාව කිව්වෙත් :D
      ඇනෝ නමින් ඇවිත් මටත් තවත් ගොඩක් අයටත් තවම්ත් බැනලා යනවා .. මම නම් දන්නේ නෑ ඒ ඇයි කියලා. මම මේකෙන් කිසිම කෙනෙක්ව අපහසුතාවයට පත් කරේ නෑ. මම කරේ මගේ හිතට එන අදහස් ලියල තියෙන එක විතරයි.

      Delete
  6. //අපේ අය ආදරේ ප්‍රකාශ කරන්න යොදා ගන්නෙත් "සුදූ" කියන වචනය නේ. සුදු දුව,සුදු පුතා, සුදු මැනික... ඇයි කවුරුත් "මගේ කළු මැනික" කියන්නේ නැත්තේ..//

    සුදු අයට සුදු මැණික කියන්න වෙනවනේ අප්පා ඒ වුනාට සුදු මැණික් තියෙනවද කියන එක තමා ප්‍රස්නේ

    මං නං කළු පාටට මාර කැමතියි.මොකද සුදු පාට නිසා මම මාර විදියට බයිට් වෙනවා යාළුවෝ අතර වගේම නෑදෑයෝ අතරත් ඒකට හේතුව තමා මගෙ කොණ්‍ඩය සුදු වෙන එක.

    ඔයා කියපු කතාව ඇත්ත අපි හැමෝගාවම සුදු වගේම කළුත් තියෙනවා තනිකරම සුදු චරිතයක් වෙන්න අපි කාටවත් බැරිවෙයි.

    බ්ලොග් එකට වාරණ දාන එක ගැන නම් සන්තෝසයි

    ReplyDelete
    Replies
    1. ඔයා සුදු පාට නිසා බයිට් වෙනවා කිව්වම මම හිතුවේ ඔයා ගොඩක් සුදු නිසා එහෙම වෙනවා කියලා.. අයියෝ පස්සේනේ දන්නේ කොන්ඩේ නිසා එහෙම වෙන බව.

      ඔයා හරි මල්ලි ස්තූතියි ඔයාට.

      Delete
  7. ''සුදු නොවුනාටම කමක් නෑ. හැබැයි කළුම වෙන්න එපා.''

    ඒක හරිම අගේ ඇති කතාවක්.... මේ ළගදි දවසක පළමු වතාවට මටත් ඇනෝ ප්රනහාරයක් එල්ල වූණා. දුෂ්ට චෝදනාවක් උණාට හරිම ආදරෙන් ලියල තිබුණෙ සුදු බබී, සුදු බෝලෙ වගේ වචන දාලා....

    මම නම් කැමති කළු ජාතික පාප්තුමෙක් පත් වෙනවට.. ලංකාවෙ එක්කෙනා නැතුව හැබැයි...

    ReplyDelete
    Replies
    1. ඇයි ලංකාවේ එක්කෙනා? ඒක බොරුවක් තරු.. එයා ඒ නම් ලැයිස්තුවේ නෑ.

      මටත් හිතාගන්න බෑ මේ ඇනෝලාගේ වැඩ. ඇයි කියන්න ඕන දෙයක් තමන්ගේ නියම නමින් ඇවිත් කෙලින් කියන්නේ නැත්තේ..

      Delete
  8. කළු උනත් ලස්සනයි සුදු උනත් ලස්සනයි...හිත තමයි ඒ දෙකට වඩා ලස්සන වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි.. අපි එහෙම කිව්වාට සමහර අයට ලස්සන සුදු විතරයි .. :D

      Delete
  9. පුංචි කුමාරිහාමිගේ වලව්ව, මුල ඉඳලම සෙනෙහසේ සොඳුරු නවාතැනක් වුනා. අපි මෙහෙට ගොඩ වෙලා, හොඳ නිර්මාණ රස විඳලා, අපේ අදහස් බෙදාගෙන, සොඳුරු නවාතැනේ සුහදව ගත කරපු කාලයක් තිබුනා..

    ඒත් දැන් තත්ත්වෙ වෙනස් වෙලා. කවුරු හෝ වලව්ව අපවිත්‍ර කිරීමේ, වලව්වට යන එන අයට වලව්ව එපා කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් ඉන්න බව පේන්වා. වලව්වෙ අයිතිකාරිටත් වලව්වට ගොඩ වදින්න හිතෙන්නැත්නම් අනෙක් අය ගැන කවර කතාද.. ඒ අතින් ඔවුන් තමන්ගේ අරමුණ කරා ළඟා වෙමින් ඉන්න බවක් තමා පේන්න තියෙන්නෙ. තරියාගෙන් කෙසෙල් මිළ අහන්නෙයි, හඳ බලන්න එළියට යන්න කතා කරන්නෙයි, මෙලෝ යකෙකුට තේරුම් ගනන් බැරි, ඡේද නොකඩපු මාගල් වගේ දිග කමෙන්ට්ස් වැටෙන්නෙයි ඔය අරමුණ ඇතුව කියලා තමා මට හිතෙන්නෙ.

    පුද්ගලයා කවුද කියා හරි හැටි නොදැන වාදයකට එලබීමෙන් ගිය පාර ලිපියෙදි ඇතිවූ අපහසුදායක වාතාවරණය ගැන මම පුංචිගෙන් සමාව ඉල්ලනවා.. දැන් ටිකකට කලින් තමා ඒ ලිපියේ අවසානයට ඇනෝ කෙනෙක් දී තිබූ සබැඳි ඔස්සේ ගොස් ඒ ගැන හරි හමන් අවබෝදයක් ලැබුවේ. ඒ ගැන මම කලින් දැනගෙන හිටියනම් පහු ගිය ලිපියට මගේ මුල්ම කමෙන්ට් එක විතරමයි වැටෙන්නෙ.

    ඔයා දන් ප්‍රශ්ණය අවභෝධ කරගෙන තියන නිසා අවැසි දේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    අවසාන වශයෙන්, අපි දිගටම පුංචි කුමාරිහාමිගේ වලව්ව සමඟ රැඳී සිටින බවත්, උසස් නිර්මාණ රස විඳීම උදෙසා නිතර පැමිණෙන බවත් කියන්න ඕනා..

    එහෙනම් ආයෙ ලියන්ඩ ගමු... "කුමාරිහාමි" කතාවට මොකද වුනේ කියලා දැනගන්න අපි හැමෝම පුල පුලා බලන් ඉන්න බව කියන්න ඕනා නෑනෙ. :D

    නොසැලී ඉදිරියටම යමු. ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා.. ඔයාට. මටත් මුලදී මේ කිසිදෙයක් තේරුම් ගන්න බැරි උනා. පහුගිය දවස්වල අපි අහලවත් නැති ගෑනු නම් වලින් ආවෙත් ප්‍රසිද්ද නිරූපිකාවකගේ නමින් ආවෙත් කවුද කියලා මට තේරෙනවා. මට හිතාගන්න බැරි ඒ ආපු කෙනාගේ අදහස මොකක්ද කියලයි..
      මම තාමත් ඒ වෙච්ච දේ ගැන පොඩි කම්පනයකිනුයි ඉන්නේ.. ඒක නිසා අපි ඉදිරියට හොද නිර්මාන වලින් හමුවෙමු.. ඔයාලගේ හිතවත් කම් හැමදාම මට වටිනවා.

      Delete
    2. සෙන්නා.. පැත්තකට වෙලා හැමදේම බලං හිටපු නිසා මේකට වැටක් ගහනවා... මොකද මම කිව්වත් කියන්නෙ මේ ටිකම නිසා...

      +++++++

      Delete
    3. @ සෙන්නා... පෝස්ට් එකේ අන්තිම ටික කියෙව්වාම මට හිතුන මොකක්හරි වෙලා කියල..මම ඒ ගැන දැනුවත් නෑ...

      Delete
    4. මම තමඊ ඒකට ලින්ක් එක දුන්නේ.මම නම් පුර්නකාලින අනොවෙක්.
      බ්ලොග් ගොඩක් කියවනවා.කොහෙද කට්ටියට පෙන්නේ අනෝලගේ වැරදි විතරමනේ.
      වැඩිය comments නොකරන කුණුහරප නොකියන අනොලත් ඉන්නවා.

      Delete
    5. ස්තූතියි හිරු...

      වී පොකුර එක මනුස්සයෙක් නිසා මේකේ ලොකු අවුලක් උනා.

      Delete
  10. හැම මානවයා තුළම දෙවියා මෙන්ම යක්ෂයාත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා. ඔව් ඒක ඇත්ත. ඒත් සමහරු ලග නම් ඉන්නේ යක්ෂයා විතරමයි මම හිතන්නේ.

      Delete
  11. @ පුංචි කුමාරිහාමි,
    ඔයාගේ මේ බ්ලොග් ලිපිය මම බලන්න ආවේ හරිම ආසාවකින්. හරිම ලස්සනයි. හරිම අර්ථවත්. මම කැමතියි මේ විදිහට සැබෑව හා යථාර්ථය පිළිබඳව ඔයා ලියනවා නම්.. මම හිතන්නේ එතකොට තමයි ඔයා තුළ ඉන්න නියම ගැහැනිය එළියට එන්නේ කියලා. ගැහැණියක් විදිහට මම කැමතියි මාගේ එක්කෙනා සම්පූර්ණ සුදු චරිතයක් වෙනවා නම්. ඒත් ඉතින් සැබෑ ජීවිතේදී එහෙම නොවන එකයි මගේ හිතට දුක. ඔයා කියලා තිබ්බ විදිහට සම්පූර්ණ සුදු නොවුනත් මට කමක් නැහැ එයා සම්පූර්ණ කළු නොවූ අළු චරිතයක් වුන එක මට නම් හොඳටම ඇති.

    ReplyDelete
  12. කුමාරි ඔයා ඔය පිස්සු ආචාරියගෙන් ගැලවුනු එක ලොකු දෙයක් මේ පිස්සා වයස අවුරුදු 14 ක පුංචි ගෑනු දැරිවියක්ව බලහත්කාරයෙන් දූෂණය කරලා ඒ වරදට සිරගත වුනු කාමුක පිස්සෙක්. දැක්කද ඌ ඔයාව ලස්සනට අන්දාගෙන හිටපු හැටි අපිත් පිස්සගේ හැටි දැන ගත්තේ අසර්ටයි සෙන්නටයි චමින්ද මහත්තයටයි පින් සිද්ද වෙන්න.

    ReplyDelete
    Replies
    1. මාව කිසිම කෙනෙක් ඇන්දුවේ නෑ. මම එයාගෙන් ගැලවෙන්න අහුවෙලා හිටියෙත් නෑ. ඒ කෙනා මේකේ කමෙන්ට් කරන්න අරන් සති 2ක් විතර ඇති එච්චරයි.. මට එයාව ප්‍රශ්නයක් වුනේ නෑ කොහොමත්ම.

      Delete
  13. කුමාරි මම දිගටම ඇනෝ ආවට මුකුත් හිතන්න එපා මම එහෙම කරන්නේ ඔයා ගැන තියෙන වැඩි ආරක්ෂාවට. මොකද අපි අර පිස්සා ගැන හොයන බව මිනිහා දැක්කොත් ආයිමත් ඇවිල්ලා අපිව බයිට් කරයි ඒකයි.

    ReplyDelete
  14. පුංචි ඔයා දැන්වත් තේරුම් අරන් නම් ඉන්නේ ඒ ඇති.
    මුලින්ම ඔහු ගැන තොරතුරු එලි කරාමත් පිළිගත්තේ
    නැහැනේ ඔයා.නමුත් අපේ මේල් පවා flood වෙද්දී තිබුනේ
    එක විසදුමක් තෝරා ගන්න ..
    01.ඔබගේ බ්ලොගය අත් හැර දැමීම
    02.නැතිනම් සියලු දෙනා කරදරයෙන් ගලවා ගැනීම


    පුද්ගලිකව මන් ගොඩක් දැකල තියෙන දෙයක් කෙනෙක් අසරණ වෙද්දී
    කව්රුත් පිහිටට නැහැ ..ඉතින් 01. තව තවත් අනුගමනය කිරීමෙන් වෙන්නේ
    අපි එන්න එන්න පතුලටම යෑම ..


    මේ සිද්දිය දැකපු හැමෝම අද ඉඳන් වත් " යකෝ මිනිහෙක් වැටිලා ඉද්දි හරි එකට
    ඉඳපල්ලා, ඒකට අත දීපල්ලා උඩට එන්න "



    ස්තූතියි .
    මීට මම .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්..
      මම ඒ සිද්දියෙන් අන්ද මන්ද වෙලා හිටියේ. ඇත්තෙන්ම සුනාමියක් වගෙයි නේද..
      :D

      Delete
  15. පුංචි කුමාරි....
    මමත් කියන්නෙ..සැලෙන්න එපා කියල..කම්පනයක් ඇතිවීම සාධාරණයි ඉක්මනින්ම හරියාවි.
    ඉක්මනින් නිවීයන දැල්ලක් වගේ ඕව පහවෙලා යාවි.

    බහුතරයක් ඉන්නෙ බ්ලොග්වලට ආදරය කරන අයනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීයා...
      හැමදේම විසදෙයි කාලෙත් එක්ක නේද... බලන් ඉමු අපි..

      Delete
  16. මෙහෙම කියන මම නියම ෆ්‍රොෆයිල් එකෙන් එන්නේ නැත්තේ අනවශ්‍ය වාද විවාද ආදියට පැටලෙන්න තියෙන අකමැත්ත නිසායි. මේකට වාතයක් වෙලා හිටපු පිස්සු ආචාරියා එලවලා දාන්න අපේ අසාර් සහෝදරයා ඒ වගේම සෙන්නා සහෝදරයා හා silentsahan සහෝදරයා ඇතුලු චමින්ද මහත්තයා අපි කට්ටිය සෑහෙන තරම් වෙහෙසක් ගත්තා. මුලදීම කුමාරි අපි ඔයාට කිව්වාට ඔයා පිළිගත්තේ නැහැනේ. අපි ඔයාට ආචාරියාගේ IP එක හොයාගෙන එව්වත් ඔයා අපිව එදා සැක කලා. නමුත් දැන් ඔයාටම කරුණු වැටහෙනවා නේද ඔයා හොර පිස්සු ආචාරියාට අහු වෙලා හිටියා කියලා. චමින්ද මහත්තයත් මේ ප්‍රශ්නේ නිසා ලොකු දුකකින් හිතේ කණගාටුවෙන් හිටියේ. ඔන්න අපි මහත්තයට උදව් කලා. අපි කට්ටිය හොයා ගත්තු විදිහට ඔය ආචාරියයි කියන පිස්සත් දැන් ඉන්නේ Italy යේමයි. Lombardiya වල කියලා IP එක අනුව වැටෙනවා. අපිට තවම හරියටම මිනිහා කොහේ ඉන්නවද කියලා හොයා ගන්න තව ටික දවසක් යයි. නමුත් දැනට ලැබිලා තියෙන තොරතුරු වල හැටියට නම් ඔය නමින් කිසිම කෙනෙකු නැහැ. මොකද එක පිස්සු මිනිහෙක් අනුන්ගේ ෆ්‍රොෆයිල් එකක ඩේටා පාර්ස් වර්ඩ් හැක් කරලා හොරකම් කරලා දැන් ඒ පිස්සා ඒ ෆ්‍රොෆයිල් එක මිනිහගේ එකක් විදිහට පාවිච්චි කරනවා. ඒකේ අයිතිකාරයා හැබෑම ආචරියෙක් වෙන්න ඇති. ඒ වුනාට දැන් මේ ෆ්‍රොෆයිල් එකෙන් එන්නේ අර පිස්සු පොර. ඒක තමයි මිනිහා ආචාරියෙක් විදිහට ඉඳගෙන ආචාරියෙකුට නොගැලපෙන මොන්ගල් සයිස් වැඩ කරන්නේ. මිනිහා බොරු ටෝකක් දාලා මාරුවුනේ මිනිහාව හරියට අපි හඳුනාගත්තු නිසා තව දුරටත් අපිට බොරු මවාපෑම කරගන්න බැරි බව දැනගත්තු නිසයි. ඔය හොරා දැනටමත් ඉතාලියේ කොහේ කොයි පලාතේ ඉන්නවද දන්නේ නැහැ. මම මේ සෙන්නට කිව්වා ඔයාගේ ෆ්‍රොෆයිල් එකේ ඩීටේල් කමෙන්ට් කරන්න එපා කියලා. ඒත් එයා හදිස්සියට එහෙම කරලා. මොකද කුමාරි ඒක ඔයාට හුඟක් අනතුරුදායකයි. මොකද ආචාරියාගේ නමින් ඉන්න පිස්සත් මේ බ්ලොග් එක කියනවා ඇති දැන් කමෙන්ට් කරන්න නාවට. ඉතින් ඒකා ඔයා එක්ක වෛර බැඳගෙන ඉන්න එකේ ඔයාගේ ඩීටේල් සේරම ඔයාගේ බ්ලොග් එකේ පබ්ලිෂ් වෙලා තියෙනවා මිනිහා දකිනවා. දැනටමත් මිනිහාට අවශ්‍ය දේවල් මිනිහා අරගෙන ඇති. ඔයා දැන් පදිංචි වෙලා ඉන්න තැන ඔයාගේ කටින්ම මේ බ්ලොග් එකේ දාලා තියෙනවා. ඒක හරිම අනතුරුදායකයි කුමාරි ඔයා භයානක මිනිසුන්ගේ හැටි දන්නේ නැහැ. අනික මේ ආචාරියා කියන මානසික විකෘති පුද්ගලයා අන්තිම දූෂිත පුද්ගලයෙක්. ස්ත්‍රී දූෂකයෙක්. ළමා අපයෝජකයෙක්. කාලයක් ගාල්ලේ වඳුරඹ පැත්තේ පන්සලක මේ පොර මහණවෙලාත් ඉඳලා තියෙනවා. ඔහොම ඉන්න අතර පන්සලේ දහම් පාසලට ඉගෙන ගන්න එන යන යන්තම් වයස අවුරුදු 14 ක් වෙච්ච දැරිවියක්ව රවට්ටගෙන ආවාස කාමරේට අරගෙන ගිහිල්ලා අපයෝජනය කරලා. බලහත්කාරයෙන් මේක කරලා තියෙන්නේ. මුලින් මේකා ඒ දැරිවිව රවට්ටගෙන ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන කට්ටකමෙන් ආවාස කාමරේ අතුගාලා ශුද්ධ පවිත්‍ර කරන්න කියලලු ළමා සාරියෙන් සැරසිලා හිටපු ඒ දැරිවිව ආවාස කාමරේ ඇතුලට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ වෙන කවුරුවත් පන්සලේ ඉඳලා නැහැ. මොකද දහම් පාසැල් ඉවර වුනාම ඉංග්‍රීසි ටිකක් උගන්වන්න කියලා තමයි හවස ඒ දැරිවිව තියා ගෙන තියෙන්නේ. ලොකු හාමුදුරුවොත් ඒ වෙලාවේ බෙහෙත් ගන්න කොළඹ වැඩලා හිටපු වෙලාවේ මේක වෙලා තියෙන්නේ. ඒ දැරිවිව කෙළෙසලා කාටවත් මුකුත් කියන්න එපා කියලා. ඉන් පස්සෙත් වරින් වර මේ දැරිවිව මෙහෙම ආවාසයට ගෙන්නගෙන තියෙනවා කාටවත්ම නොදැනෙන්න. මේ මිනිහට රැවටිලා හිටපු ඒ දැරිවිත් කියපු කතා විශ්වාස කරලා රැවටිලා. පස්සෙන් පහු ඒ දැරිවා අම්මා කෙනෙක් වෙන්න යද්දී තමයි ගමේ මිනිස්සු මේ මිනිහගේ නියම තත්වේ දැනගෙන තියෙන්නේ. පස්සේ මුළු ගමම එක්කහුවෙලා මේකාව සිවුරු ගලවලා ගමෙන් එලවලා දාලා. පස්සේ තව මේ වගේම තවත් හුටපට ගොඩාක් මේ පිස්සා කරලා තියෙනවාලු. කාලයක් සිවුරේ ඉද්දී පාසලක උගන්නද්දී තවත් මේ වගේම වයස අවුරුදු 10, 12, 16 විතර සැරින් සැරේට පාලු පංතිකාමරවලට අරන් ගිහිල්ලා අපයෝජනය කරද්දී ඒක පාසැලේ තවත් ලමයි දැකලා විදුහල්පතිතුමා දැනුවත් කරලා ඉස්කොලෙන් එලවලා දාලා. ඒක නිසා තමයි මේ පිස්සට එක තැනක රස්සාවක් කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි ඉන්න තැන්වල ලාබාල තරුණ ගෑනු දරුවෝ දූෂණය කරලානේ. ඔය අතර ගෑනු කීපදෙනෙක්වම තියාගෙන ඉඳලා අඹු කමට. දරුවෝ ඉන්නවා ඒ හැම ගෑනු කෙනාටම. අන්තිමේ මේ රටේ ඉන්න හිටින්න බැරිව තමයි පෙදරේරු වැඩ කරන එක අත්හැරලා දාලා ඔය ඉතාලියට පැන ගෙන තියෙන්නේ. ඒකත් නියම විදිහට ගිය ගමනක් නෙවෙයිලු. මම අහලා තියෙන විදිහට මේ මිනිහා ගමේ කුඹුරු කරද්දී ගමේම පොඩි කතාබහක් දුරදිග ගිහිල්ලා මේ මිනිහගේම නැදෑ කෙනෙකුට උදැල්ලෙන් ගහලා මරලා. ඒ වුනාට ඇහින් දුටු ශාක්ෂි නැති නිසා මිනිහා නිදහස් වෙලා. මිනිහා හිරේත් ගිහිල්ලා තියෙනවලු ස්ත්‍රී දුෂණ කේස් වලට. මම මෙහෙම මගේ නමින් නැතුව කිව්වේ මම අනවශ්‍ය කරදර දාගන්න කැමති නැති නිසයි.


    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඇනෝ.. මට නම් ඕවා වැඩක් නෑ.

      Delete
  17. කුමාරි silentsahan සහෝදරයට ඔයා මෙහෙම ස්තූති කරලා මදි. මොකද ඔයා නොදන්නවා වුනාට ඔයාව මේ කරදරයෙන් ගලවා ගන්න සිදු කරපු අපේ රණවිරු මෙහෙයුමේදී තීරණාත්මක වැඩ කොටසක් ඉටු කලේ මේ silentsahan සහෝදරයා. මේ සහෝදරයා නොහිටින්න අද ඔයා ආචාරියා කියන කාමුක පිස්සගේ ගොදුරක් වෙලා බ්ලොග් ලියන එකත් අත්හැරලා දාලා යන්න ගිහිල්ලා. අපි තමයි ඔයාව ඒ පිස්සගෙන් බේර ගත්තේ. ආචාරියා සුදුයි කියලා පෙන්නගෙන් හිටපු සම්පූර්ණ කළුම කළු චරිතයක්. බොරුවට මතුපිටින් සුදු සළු පිළි වලින් වසා ගෙන තිබූ ඒ නරම, සල්ලාල චරිතය පිටුපස්සේ සැඟවී තිබුණු කළු ස්වභාවය නියම වශයෙන් එළියට අරන් පෙන්නුවේ ඇනෝ ඇවිල්ලා silentsahan සහෝදරයා තමයි. එයා පෙන්නුවට පස්සෙයි අපෙත් ඇස් ඇරෙන්න පටන් ගත්තේ. මොකද ආචාරියා එකපාරටම ඇවිල්ලා දීපු පොර ටොක් වලට කට්ටිය ඇඹරිලයි හිටියේ. මේ silentsahan කවුරුත් කලබල වෙන්න එපා මෙන්න මේක කාමුක සල්ලාල පිස්සෙක්. මේකගේ නියම ස්වභාවය සම්පූර්ණයෙන්ම අපි කවුරුත් අපිට පුලු පුලුවන් විදිහට එළිදරව් කරමු කියන මතයේ ඉඳගෙන එක එක්කෙනා තමන්ගේ කොටස හරියට ඉටු කරපු නිසා අවසානයේදී අපි සටන ජය ගත්තා විතරක් නෙවෙයි. ආචාරියා පැදුරටත් නොකියා තොලොංචි වෙලා යන්නම ගිහිල්ලා. මෙහිදී ආචාරියා සම්බන්ධව අපි හෙළි කරගත්තු අපි නොසලකා හිටපු වැදගත් කාරණයක් තියෙනවා. ඒක තමයි ඔයාට ආචාරියා බොරුවක් අඟවාගෙන හිටියට මොකද ආචාරියා ඇත්තටම ඉන්නේ ඉතාලියේ ඉඳලා ලොග්වෙනවා කියලා මුලදීම අපි දැනන් හිටියා. නමුත් ඔයා සම්පූර්ණයෙන්ම ආචාරියාට අහු වෙලා හිටපු නිසා අපි ඔයාට ඒ වෙලාවේ මුකුත් කියන්න ගියා නම් ඔයා වුනත් අපි ගැනත් සම්පූර්ණයෙන්ම වැරදියට හිතන්නේ. ඒක නිසා මම අසර් සෙන්නටයි කිව්වේ මේක මෙහෙම කරගෙන යමු. අපි ඕන තැන්වලදී නියම ෆ්‍රොෆයිල් වලින් පෙනී සිටිමු. ආචාරියාට සාමූහිකව පහර දීලා වට්ටන තැන්වලදී මෙහෙම ඇනෝ එමු කියලා කලින් කතා කරගෙනයි එහෙම කලේ. නැතිනම් ආචාරියා ඒකගේ පොර ටෝක දීලා අපිව බයිට් කරන නිසායි එහෙම අපි කලේ. අපි අපි එක්කහු වෙලා ගොඩාක් සංවිධානය වෙලා තමයි කුමාරි ඔයාව බේර ගන්න මෙහෙම වැඩක් කරන්න වුනේ. අනික චමින්ද මහත්තයා වුනත් ඒ වෙලාවේ හැටියට හරිම අසරණ වෙලා හිටියේ. අපිට ඒක දරාගන්න බැරි වුනා. මොනවා වුනත් අපි ඔක්කොම මුල ඉඳලාම එකට සහෝදරයෝ වගේනේ හිටියේ කුමාරි නේද? මුලදී අපිටත් හිතාගන්න බැරි වුනා ඔයා සැරින් සැරේ ආචාරියාගේ පැත්තට යනවා. ඔයාට හොඳට කිව්වාම ඔය පිස්සු ආචාරියාගෙන් පරෙස්සම් වෙන්න කියලා ඒත් මුලදී ඔයා ඇහුවේ නැහැ. මුලදීම ඔයා පිස්සු ආචාරියාව බ්ලොග් කලා නම් අරුණි වගේ නැතිනම් බුවාගේ සිතුවිලි වල වගේ ඔයාට අද ඔහොම දෙයක් වෙන්නේ නැහැ. ඔයා බොරුනම් ගිහිල්ලා බලන්න අන්තර්ජාලයේ 99.99% ක් දෙනාගේ ෆ්‍රොෆයිල් වලින් ආචාරියාව බ්ලොක් කරලා මොකද ඒකා පිස්සෙක් කියලා මුලින්ම වටහා ගත්තු නිසායි. ඔයා විතරයි ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා මෙහෙම ආචාරියාට පිස්සු නටන්න ඉඩ දුන්නේ. ඔයා එහෙම නොකළා නම් අද ඔයා මෙහෙම හිතෙන් දුක් විඳින්නේ නැහැ. ඔයාගේ හිතට වේදනාව ඔයා මුළු හදවතින්ම විශ්වාස කළ ආචාරියා ඇයි ඔයාට තිරිසන් කියලා අහිංසක හිත කුඩු පට්ටම් කලේ කියලා. ඒකා මහ අසමජ්ජාති පිස්සෙක් නැතිනම් කවදාවත් ගැහැණියකට තිරිසන් විදිහට අසික්කිත විදිහට ඔය තාලෙට කතා කරයිද මම අහන්නේ? ඌ පොඩි දැරිවියන්ව දූෂණය කරලා හිරේ ගිහිල්ලා තියෙනවා කියන්නේ ඒකම වෙන්න ඇති. ඕකට හිතක් පපුවක් නැති තිරිසනෙක්. බලාගෙන ඉතාලියේ ඉද්දී පරෙස්සමින් ආචාරියා ෂොප් එකකදී වත් ඔයාව අල්ලගෙන නරක දෙයක් කරන්න ඉඩ තියෙනවා. ඇයි පිස්සෙක් නිදැල්ලේ ඉන්නකොට බයානකයිනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මේ කතා හැබැයි මම කාටවත් අහුවෙලා නම් හිටියේ නෑ. අනික මම ඒ විදියට රැවටෙන්න තරම් මෝඩ නෑ. ඔක්කොටම වැඩිය ඒ කෙනා ලංකාවේ ෆෝන් නම්බර් එකක් දානවනේ එහෙනම් එයා ඉතාලි ඉන්නවා වෙන්නේ කොහොමද.. ?
      මට නම් ලොකු හානියක්වත් දුකක් වත් උනේ නෑ. මේ එක එක්කෙනා ඇනෝ වලින් ඇවිත් ජ්රා කතා කියපු එකයි මට දරාගන්න බැරි..

      Delete
    2. පුංචි කුමාරිහාමි,

      අවධානයෙන් ඉන්න.. තාම ගේම ඉවර නෑ කියලයි මට පේන්නෙ..

      මේ ඇනෝ කවුද මම දන්නෙ නෑ.. ඒත් මම කිසිවකු සමඟවත් ආචාර්යය වරයාව එලවීම පිණිස වැඩසටහන සකස් නොකල බවනම් පැවසිය යුතුමය. මට ගැටලුව තිබුනේ ඔහුගේ පැමිණීම සමඟ නොව ඔහුගේ එක් ප්‍රකාශයක් සම්බන්ධයෙන් පමණී..එයට මම අදාලා ස්ථානයේදීම විරෝධය ප්‍රකාශ කොට ඇත. එපමණයි.

      ආචාර්යය වරයාගෙන් බ්ලොග් එකට අවැඩක් වෙනවානම් එය අවබෝධ කොටගෙන නිවැරදි ක්‍රියාමාර්ගය ගැනීම බ්ලොග් එකෙහි හිමිකාරිය සතු වගකීමකි.

      මෙය මේ ඇනෝ කළ වැරදි ප්‍රකශය නිවැරදි කිරීමකි. සහන් සම්බන්ධයෙන් ඔහු කර ඇති ප්‍රකශයද මෙවැන්නක්ම විය හැකියි.

      Delete
    3. සෙන්නා මමත් මේ ගැන මේ කල්පනා කරා. මෙයා මේ නිතරම කියන "චමින්ද මහත්තයාත් මේ ගැන දුකෙන් හිටියේ" කියන කාරනාව ගැන හිතුවම මේ කවුද කියන්න මම දන්නවා. මොකද අපි අදාල කෙනාට ප්‍රයිවෙට් මැසේජ් එකක් තිබ්බා මේ අනවශ්‍ය වැඩේ නවත්තන්න කියලා. ඒක නිසා එයා හිතනවා එහෙම දුකෙන් හිටපු බවක්..
      හික්ස්.. බළලා නිකන්ම මල්ලෙන් එලියට.. ලැජ්ජයි නේද...

      Delete
    4. //මම අසර් සෙන්නටයි කිව්වේ මේක මෙහෙම කරගෙන යමු.// මටනම් කිසිම කෙනෙක් කිවුවේත් නැහැ මම කියපු හැම දෙයක්ම කලින් පොස්ට් එකේ තියෙනවා. කල්ලි ගැහිලා කතා කරන්න තරම් ආචාරියා තරම් මම බොදත් නැහැ වෙලාවකුත් නැහැ. එක එක වෙස් බැඳන් ආවට උරුලාවගේ ගඳ යවන්න බැහැ ආචරියෝ.

      Delete
    5. මන් දැන් මේ ආයේ යන සෙල්ලම දැක්කේ. මන් හිතන්නේ
      තාම ගේම ඉවර නැහැ වගේ.
      තාම flood කරපු පුද්ගලයා ඉන්නවා මෙතන..අපි දඟලල

      වැඩක් නැහැ පුංච්.
      තව තව අපේ නම් වැටෙමින් මේවා උනොත් 01. විසදුමට මන් යනවා..
      ඔයා කැමති දෙයක් කරන්න..

      මට සුජිත් ට කියන්න තියෙන්නේ මන් කා එක්කවත් මුකුත් සන්නද්ධ දෙයක්
      කරේ නැහැ . ඔයා තව තව මේ වගේ ගොන් පාර්ට් දාන්න එපා..ඔයාගේ ආතල්
      එකක් ඔයා ගන්න .මන් කලිනුත් කිව්වනේ බන් උබට ..

      අසාර් , සෙන්න , චමින්ද එක්ක හවුලේ මන් මුකුත් මේ ගැන කොර නොමැත !

      Delete
    6. සහන් කේන්ති ගන්න එපා. මම හොදටම දන්නවා මේක කරන්නේ කවුද කියලා. මම මේ කමෙන්ට් මෙහෙම publish කරේ අනිත් අයටත් අවබෝදයක් ගන්න මේ කෙනා ගැන. මෙයා තාමත් සෙල්ලම කරගෙන යනවා. සතුටු වෙනවා ඇති.. ඒත් එයා දන්නේ නෑ අපිට එයා විහිලුවක් කියලා.
      මේ කමෙන්ට් ආයේ මම publish කරන්නේ නෑ සහන් හිත රිදවාගන්න එපා. මම මේ ටික උනත් දැම්මේ එයාගේ හැටි පෙන්න්න මිසක් ඔයාල ගැන වැරදියට හිතලා නෙමෙයි.

      Delete
  18. අනේ මන්දා දැන් දැන් බ්ලොග් ලෝකෙත් නිකං දෙකේ කොලේට වැටිලා. සමහරු හොඳ මුහුණ වෙනම තියාගෙන ඇනෝ වෙස් අරගෙන එක එක තැන පහරලා යනවා. මමත් මෑතක එක සයිට් එකක් දැක්කා ඒක එහෙම්පිටින්ම අසූචි වලක් වගේ. ඇනෝල තරඟෙට අසූචි නාගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා කියන එක හරි.. ඇයි මේ.. මිනිස්සුන්ගේ කුහක කම නෙමෙයිද මේකෙන් එලියට එන්නේ. එක්කෙන්ක් මට කියලා තිබ්බා මම අනුන්ගේ බ්ලොග් එකක් බලන් ඒ විදියට අනුකරනය කරලා ජනප්‍රිය වෙන්න හදනවලු. බ්ලොග් එකකින් මොනවටද ජනප්‍රිය වෙන්නේ. අනික බොරු නමකින්. මම සැබෑ නමින් නෙමෙයිනේ ඉන්නේ. ඇත්තෙන්ම අපි මේ දෙවල් කරන්නේ මානසික වින්දනයක් ලබන්න මිසක් විදවන්න නම් නෙමෙයි නේද. ඉතින් ඇයි මේ අනවශ්‍ය ජරා වැඩ.

      ස්තුතියි තොටියට..

      Delete
  19. එදා මමයි සහනුයි සෙන්නයි එකතු වෙලා ආචාරියාට ගේම දෙන්න ප්ලෑන් කලේ. දැන් සෙන්නා නිකම් හොඳ මිනිහා වෙන්න හදනවා ඔයාගෙන් වැඩිය ලකුණු ගන්න බලාගෙන. අපෙන් වැඩ කරවාගෙන දැන් සෙන්නා නිකම්ම ලකුණු ටික දාගෙන එතනත් මිනිහා වෙලා. බලන්න එපැයි අපි නොහිටින්න සෙන්නා ආචාරියට කියලා ඇණ ගන්න ලස්සන. අපි සේරම එකතු වෙලා ආචාරියාට ගේම දුන්නේ නැත්නම් ආචාරියා තාම සෙන්නව බයිට් කරනවා. චමින්ද මහත්තයා දුකෙන් හිටියා කියලා කිව්වේ මම නෙවෙයි. නමුත් චමින්ද මහත්තයා බලාපොරොත්තු වුනාට වැඩියෙන් අපි අපේ යුතුකම මහත්තයාට ඉටු කරලා දුන්නා. හිකිස්..D: ආචාරියා ආයි මේ පැත්ත බලාගෙන බත් කන්නේ නැහැ ඔයාලා බය වෙන්න එපා අපි පොරට මඩ පාර දීපු විදිහට දැන් සහලෝලා උණ ගැනිලා උණ විකාරෙන් දොඩෝ දොඩෝ ඇති පොර පිස්සා.

    ReplyDelete
  20. ඔයා ඔය විදිහට කිව්වට පුංචි ඔයා අහුවෙලා තමයි හිටියේ ඔය ආචාරි කියන වලස් නාම්බට. ඒකනේ ඔයා මුලදී ආචාරිව ආරක්ෂා කරගන්න ප්‍රතිපත්තියේ හිටියේ. අන්තිමේ ආචාරියා යන යකා කොරහේ බිඳ ගෙනම යනවා වගේ ඔයාටත් තිරිසන් කතාවක් දාලා මාරුවුනාම තමයි ඔයාටත් ඇත්ත වැටහුනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මංදා ඔයා එහෙනම් ඔයා එහෙම හිතාගන්නකෝ.. මම දන්නවනේ මගේ ගැන.

      Delete
  21. මමත් ඒකම තමයි පුංචිට කියන්න හිටියේ තාම ගේම ඉවර නැහැ කොයි වෙලාවේ ඒ පිස්සු යකා මෙතැනට කඩා පාත්වෙලා අපිව බයිට් කරලා හතර අතේ බැණ අඬගහන්න තියා ගනියි. ඒ නිසා ඔයා දිගටම මේක මොඩරේෂන් එකේම තියා ගන්න කුමාරි. අපි ඔයාට එවන ඒවා මිසක් වෙන කිසිම කෙනෙකුගේ කමෙන්ට් පබ්ලික් කරන්න එපා. මොකද ආචාරියා හරිම භයානකයි. ඌ ස්ත්‍රී දුෂක ගෙම්බෙක්.

    ReplyDelete
  22. සුදු උනත් කළු උනත් වැදගත් වෙන්නෙ චරිතය නේද.
    "The eye should learn to listen before it looks".

    ReplyDelete
    Replies
    1. ඔව් රීසා ඔයා හරි. කළු සුදු නෙමෙයි මනුෂත්වයයි වටින්නේ..

      Delete
  23. මේ ආචාරියා යන්නෙම කාන්තාවන්ගේ බ්ලොග් වලට විතරයි ගිහින් පුහු මාන්නේ කියාපානවා. ආයේ කාලෙකට මේ වගේ වැඩක් කරනකක් නැහැ.වෙනත් ප්ප්‍රොෆයිල් හදන් ආවත් කතා කරන විදියෙන්ම තේරෙනවා මිනිහා කවුද කියලා.

    ReplyDelete
  24. ඔයාගෙ බ්ලොග් එක දිහා මම මුල සිටම බලාසිටි කෙනෙක් වශයෙන් ...ලොකු දුකක් ඇති උනා මේ වෙලා තියන දේ ගැන . ඔබේ බ්ලොග් එක පෙර තිබුන විදියටම තමා ගන්න බලන්න . කුණු කසල අයින් කරන්න .
    …ඔයා දැන් පලපුරුදු බ්ලොග් කාරියක් වශයෙන් එක දෙක කමෙන්ට් වැටෙනටකොට අවබෝධයක් ඇති කරගන්න මේ කමෙන්ට් කරන අය ගැන ...

    …හොඳදේ ඉතිරි වෙයි කවදා හරි . සැලෙන්නෙ එපා .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි ඔයාට ස්තූතියි. මමත් මේ ගැන ගොඩක් කලකිරිලා ඉන්නේ.. ඒත් මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා දැනගත්ත එකත් ලොකු දෙයක්. කවුරු මොන ඕනෙකමකට මේවා කරනවද මම නම් දන්නේ නෑ.

      Delete

  25. සියලු දෙනා හට ,

    silentsahan වන මා කිසිදු තෙවන පාර්ශවයක් හා එක්ව
    කිසිදු මෙව්වා එකක් මෙව්වා කර නොමැති බව දැනුම් දෙමි.
    දැනටම මේ ගැන කාලය අනවශ්‍ය ලෙස වැය වී ඇත..
    මට මේ මානසික ලෙඩාට කියන්න තියෙන්නේ

    " අනේ බන් උබේ ආතල් එකක් ගනින් , අපිට කමක් නැහැ."

    දීර්ග මාගල් කියවන්න බැහැ . ඒ නිසා ඔයාගෙත් කාලේ ඉතුරු
    කරන් , අපෙත් කාලේ ඉතුරු කරන්න..අපිට වැඩ තියෙනවා.
    බ්ලොග් නෙවේ ගෑනු , දරුවෝ , රස්සා , නඩු , දේශපාලන
    ප්‍රශ්න ඉහටත් උඩින් තියෙනවා...

    ඕවත් මැද්දෙයි මෙතන ඉන්න හැමෝම වෙබ් අඩවි පවත්වන් යන්නේ.
    ඒ නිසා කරුණාකරලා තේරුම් ගන්න ..

    ස්තූතියි .
    silentsahan

    ReplyDelete
    Replies
    1. සහන් මම මේ පුද්ගලයාගේ කමෙන්ට් publish කරේත් ඔහු තාම සෙල්ලම නවත්තා නැති බව පෙන්නන්න..

      Delete
  26. ඔව් කුමාරි මේ පිස්සා ගැන මම ගොඩාක් කරුණු හොයලා එවපු නිසා ඔය ගොල්ලෝ බේරුනා. ඒත් අන්තිමේ දී මෙකෙන් ලකුණු දාගන්න යන්නේ සහන්ලා. එයාලා පැත්තකට වෙලා ඉද්දී මම තමයි තනියම ඔය පිස්සා ගැන ඇනෝ ඇවිල්ලා ඔයාට කමෙන්ට් කලේ. පිස්සාගෙන් ඔයාව ගලවා ගන්න මමයි තනියම පිස්සා එක්ක ඇනෝ ඇවිල්ලා කමෙන්ට් කලේ.

    ReplyDelete
    Replies
    1. මේ මොංගල් ආචාරියෝ මම පිස්සොන්ට බයේ ඇනෝ එන්නේ නැහැ එන්නේ මේ ප්‍රෆයිල් එකෙන් විතරයි.මගේ නමට සමාන නමකින් ආවත් මේකේ ඉන්න හැමෝම දන්නවා මේ එන්නේ කවුද කියල.

      Delete
    2. අළුත් අසරණයෙක්.. මම මේක publish කරේ ඔයාලට පේන්න. මේ මනුස්සයා මොනාද මේකෙන් බලපොරොත්තු වෙන්නේ.

      Delete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹේ උරුලෑ ගඳ දැනෙනවා..

      Delete
  28. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  29. ගන් ගන්නෙපා අක්කේ. මාත් බලා හිටියේ පහු ගිය කාලේ වෙච්ච ඒවා. ඔව්වනම් මොනාද ඈ..:) :) බලමුකෝ ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මල්ලි කතා කරලා. මේ මනුස්සය තාමත් මේක නවත්තලා නැති එකනේ පුදුම..

      Delete
  30. //අපි හැමෝම අළු පාට චරිත. සුදු කළු කළවම් උන චරිත.

    ඒත්....!!!//

    ලෝකය පටන්ගත්ත දවසෙ ඉදන්ම... වුණ කළු සුදු මාරුවක් නේද මේ... :D
    සුදු චරිත රඟපාන වේදිකාව උඩ ඉන්න කෙනාට දෙයක් අමතකවෙලා ඉතිරි කරලා ගිහින්.

    නිර්මාණාත්මක ඉසව්වකට ඇදෙන බොහෝ‍ බාධක දවසක මල් රැසක් වේවි.. කළු සුදු නොව වර්ණබවින් පිරුණ... :)
    බ්ලොග් එකට ඇවිත් නිර්මාණ රසවින්ද ඒ හැමෝම ඒවි... ලියන්න ඒ අය වෙනුවන්..! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නන්දු..
      moderation කරපු නැති කමෙන්ට්ස් වලින් බ්ලොග් එක පිරිලා. ඒවා බලන්නත් අප්‍රසන්නයි.. මිනිස්සු එහෙම කරන්නේ ඇයි කියන්න මම නම් දන්නේ නෑ. මම ඒ කාටවත් කිසිම විදියකින් වරදක් කරලත් නෑ.
      මට පුදුම විදියේ කලකිරිමක් දැනෙනවා මේ මිනිස්සු ගැන.

      Delete
  31. කීප සැරයක්ම ඇවිත් දැන් තමයි පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවල අදහසක් ගන්න පුළුවන් වුනේ.... :)

    පෝස්ට් එක ගැන කියනව නම් මම කැමති තනිකරම කළු මිනිහෙක් වෙන්න...

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ මොකෝ කලු මිනිහෙක් වෙන්නේ..
      හැමෝම කැමති සුදු මිනිහෙක් වෙන්න නේ..

      Delete
  32. @ පුංචි කුමාරිහාමි,

    ඔයාගේ පොස්ට් එක ගොඩාක් ලස්සනයි. හොඳට ලියලා තියෙනවා. මගේ හිතේ කුණු කන්දල් නැහැ. හැබැයි සමහරු තමන්ගේ පාඩුවේ වැදගත් විදිහට අහිංසකව හොඳට ඉන්න මාව අංගුලි මාල කරලා ගන්නවා. එහෙම කරලා තමන්ට කෙළවගන්නේ ඇයි? කවුරුත් කැමති ලස්සනට ජීවත් වෙන්න අනිත් අය සමඟ සහයෝගයෙන්. මාත් පුද්ගලිකව එහෙමයි. නමුත් නිකම් මගේ පාඩුවේ ඉන්නකොට ඇවිල්ලා හිරිහැර කරද්දී ඉතින් මම කළු වලිනුත් උපරිම තමයි. මමත් තනිකකරම කළුම කළු චරිතයක්. නමුත් මම කැමති සුදු විදිහට ජීවත් වෙන්න. මම කළු චරිතයක් ජාන විද්‍යාත්මකව. මගේ තාත්තාත් හොඳ මිනිහෙක් නෙවෙයි නිසා.නමුත් මම සුදු විදිහට ජීවත් වෙන්න කැමතියි. මම නරක ගැන දන්න තරමට හොඳ ගැන දන්නේ අඩුවෙන්. හොඳට ජීවත්වෙන එක මට ලොකු ආඩම්බරයක්. කළු විදිහට ඉන්න මම කැමති නැහැ. මොකද මම කොහොමත් කළු නිසා. මිනිස්සු කැමති තමන්ට නැති දේවල් වලටනේ. එතකොට ඉතින් මට පාඩුවේ ඉන්න නොදෙන පුද්ගලයට හරි පුද්ගලයින් කණ්ඩායමට හරි සොරි ඩොට් කොම්ම තමයි. මම මේක දැම්මේ මම තරහා නැහැ කියලා කියන්න. හැබැයි දැන්වත් මම කැමති අනුන්ගේ බ්ලොග් එකකට ගිහිල්ලා මෙහෙම පාඩුවේ කමෙන්ට් කරගෙන ඉන්න ඉඩ දෙන්න. මම කැමති ගැනුන්ගේ බ්ලොක් වලට ගිහිල්ලා කමෙන්ට් කරනවා තමයි. මම ගැනූ ආශ්‍රය කරන්න කැමති පිරිමියෙක්. ඉතින් මොකද මම ගැනු එක්ක වෙන දේවලුත් කරනවා. ඒත් සමහරු වගේ ඒවා මම පිරිමි එක්කලා කරන්න යන්නේ නැහැ. මට මෙහෙම කමෙන්ට් කලාට සත පහක ආර්ථික ලාබයක් වත් වෙන ලාභ ප්‍රයෝජනවක් වත් මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ට කිසිම හිරිහැරයක් නැති විදිහට පාඩුවේ ඉන්න මට හිරිහැර කරලා ඔයාලත් හිරිහැර විඳ ගන්න කැමති වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මගෙන් ආයේ කාටවත්ම හිරිහැර වෙන එකක් නැහැ මට හිරිහැර නොකරන තුරු. තෙරුවන් සරණයි පුංචි කුමාරිහාමි ඇතුළු සියළු දෙනාටම. මේක මම කිව්වේ බොක්කෙන්මයි. !!!

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. ඔයා කියපු නිසා අයින් කලා. මට ඒක සත පහක වත් වැඩක් නැහැ. මොක මූණ තිබ්බා කියලා මට සල්ලි හරි වෙන ලාභ ප්‍රයෝජන හරි ලැබෙන්නේ නැහැ. අනික ලාභ ප්‍රයෝජන ලැබුනත් මම ඒවට ආසා නැහැ. මම කැමති මට කැමති විදිහට ජීවත් වෙන්න අනුන්ට කරදර නොකර මට කරදර නොකරනා තාක් කල්. බලන්න කල්පනා කරලා මම මගේ පාඩුවේ ඉන්නකොට නේද අනික් අය මුලින් මට හිංසා කලේ. මට නම් ලැජ්ජාව තියා තව නැති වෙන්න දෙයක් නැහැ. අනික මම ඔය වගේ දේවල් සත පහකට ගණන් ගන්නේ නැහැ. මම අනිත් අය කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නැහැ. මම ඉන්නේ සමාජයට ඕන විදිහට නෙවෙයි මට ඕන විදිහට. මාව හදන්න ආපු හැමෝම අන්තිමට ගියේ මගෙන් හැදිලා. මුව නම් මකලාවත් හදන්න පුලුවන් පොරක් නෙවෙයි කියලා.මම තනිකරම ඩෝන්ට් කෙයාර් පොරක්. හැබැයි හිත හොඳයි. මනුතාපයේ ජෝන් වැල් ජෝන් වගේ මිනිහෙක්. මම සලෙන්ඩර් වෙන්නේ මගේම හෘද ශාක්ෂියට විතරමයි. මම හිතන්නේ ඒක ඇතියි කියලා. එක එක කුහක නරුමයෝ කියන දේවල් අහනවට වඩා. උගත් මිනිස්සු මිනිහෙක්ගේ කවදාවත් කණට ගහන්නේ නැහැ. හැබැයි පෑනෙන් කුහක විදිහට බඩට ගහනවා. මට ඕනේ නම් පෑනෙන් ගහන්ඩත් පුලුවන් කණ පුරෝලා පෝරියල් එක දෙන්නත් පුලුවන්. ඊට එහා ඕනම දෙයක් වුනත් කරන්න පුලුවන්. මම අමාරුකාරයෙක්. මම තනිකරම කළුම කළු චරිතයක්. සුදු විදිහට ජීවත් වෙන්න කැමතියි.හැබැයි මම නිකම් කාටවත් කරදර කරන්න කැමති නැහැ. වැදගත් විදිහට ලස්සනට ජීවත් වෙන්න කැමතියි. ඒත් අනිත් කුහක නපුංසකයෝ හිතන්නේම මේ ලෝකේ ජීවත් වෙන්න ඕන උන් විතරමයි කියලා. ගෑනු එක්ක නිදලා දරුවෝ හදන්න ඕන උන් විතරමයි කියලා. එහෙම හිතලා උන් උන්ගේ දරු පවුල් එක්ක සතුටින් ජීවත් වන අතර අහිංසක මිනිසුන්ට හිරිහැර කරනවා. එවුන් හිතන්නේ අනින් අය සත්තු කියලා. මට නම් එහෙම එවුන්ව පේන්න බැහැ. ඒ වගේ එවුන්ව මට ආයුධයක් නැතිව උනත් මරලා දාන්න පුලුවන්. සමාජය මට සලකන ඕනෙම විදිහට මට ඇරේන්ජ් වෙන්න පුලුවනි. තෙරුවන් සරණයි !!! මේ මගේ අන්තිම සටහන. තව දුරටත් වාතයක් වෙන්න මම කැමති නැහැ. මටම කියලා වෙනම ලෝකයක් තියෙනවා. මගේ ලෝකේ මට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. මම බ්ලොග් අවකාශයේ අන්තර්ජාලයේ හැම තැනම ඉන්නවා. වෙන අයගේ බ්ලොග් වලට කමෙන්ට් කරනවා. මගේ බ්ලොග් ලියනවා. ඒත් කවදාවත් ආයෙත් මේකට මම එන්නේ නැහැ. මාත් එක්ක නරක විහිළු කරන්න එපා. මම විහිළු වලට කැමති නැහැ. කුමාරි ඔබ පිරිමි වුනත් ගෑනු උනත් ඔබට ආයුබෝවන් !!!!

    ReplyDelete
    Replies
    1. අම්බෝ ඔයා මාර වසයිනේ. මාර අමාරුකාරයෙක්නේ. මම නං කියන්නෙ ආචාරි ඔයා ඕනවට වැඩිය හින්දි ෆිල්ම් බලනවද කොහෙද. ඔයා වැල් ජෝන් නෙවෙයි වැල සුජියා.

      Delete
  35. හමේ පාටින් මිනිස්සුන්ව මනින්න බැහැ. කලුමිනිස්සු අනන්ත ඉන්නවා හදවත් සුදු සුදු මිනිස්සු අනන්ත ඉන්නවා හදවත් කළු.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයාටත් ස්තූතියි අදහස් පල කරාට.
      ඔයා කියන කතාව හරි..

      Delete
  36. කුමාරිහාමි ඉතාලියෙ ඉන්නෙ කියලා මම අද දැනගත්තෙ...මෙතෙක් කල් මම හිතාගෙන හිටියෙ...සිරිලංකාවෙ ඉන්නෙ කියලා...

    සුදු පැහැයට මෙතරම් පිළිගැනීමක්, සුදු පැහැය අන් වර්ණ අතර කැපී පෙනුනෙ කලු නිසා කියලා මට හිතෙනවා...ඒ නිසා සුදු ලබන හොද නාමයෙන් මදක් හෝ කලුටත් අයිතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට. ඔයත් ඉතාලියෙද ඉන්නේ?

      ඔව් සිදු බැබලෙන්නේ කළු නිසානේ නේද..

      Delete
  37. මෙහෙමයි කුමාරි, මම හිතන්නේ අපි එක්ක ආශ්‍රය කරන කෙනා සුදු කෙනෙකුද නැතිනම් කළු කෙනෙකුදැයි හරියට අපිට වැටහෙන්නේ කාලයක් එයාට ආශ්‍රය කලාම තමයි. නැතිනම් පිට ඔපයෙන් කවදාවත් මිනිස්සු මනින්න එපා. මුලින්ම අපිට සුදුයි කියලා පේන අයම කාලයක් ආශ්‍රය කලාම තේරේනවා එයාලා අපි හිතපු තරම් සුදු නැති බව. ඒ වගේම අපි කාලයක් කළුයි කියලා හිතාගෙන හිටපු කෙනෙකුව කාලයක් ආශ්‍රය කලාම අපිට තේරුම් යනවා එයා අපි හිතාගෙන හිටපු තරම් කළු නැති බව. සුදුයි කළුයි කියන දෙක හරිම සාපේක්ෂයි කුමාරි. සුදු නිසා කළු පවතිනවා. ඒ වගේම කළු නිසා සුදු පවතිනවා. අපිට කෙනෙකුව සුදු හෝ කළු වශයෙන් අවබෝධ වෙන්නේ මේ ලොකේ සැබෑවටම සුදු හා කළු හා යන චරිත ලක්ෂණ දෙකම පවතින නිසා. බැරි වෙලා හරි මේ ලෝකේ සුදු මිනිසුන් විතරක් හිටියොත් අපිට කවදාවත් කළු චරිත තේරුම් ගන්න බැරිව යනවා විතරක් නෙවෙයි අපිට සුදු චරිතවල වටිනාකමත් නැතිවෙලා යනවා. ඒ වගේම මේ ලෝකේ කළු චරිත පමණක් නම් ඉන්නේ අපිට කළු චරිතවල පවතින කළු බවත් ඒ වගේම දැනෙන්නේ නැතුව යනවා. අපි හිතනවා කළු ගතිය තමයි මූලික මිනිස් ස්වභාවය කියලා. එහෙම හිතලා අපිට කළු වලින් කවදාවත්ම උඩට එන්න ලැබෙන්නේ නැහැ. සුදු චරිතත් ලෝකේ තියන නිසා අපි දන්නවා මූලික මිනිස් ස්වභාවය කළු ලක්ෂණයෙන්ම පමණක්ම සමන්විත නොවන බව. මේ නිසා මම හිතනවා මේ ලෝකේ සමබර වෙන්නේ මේ සුදු කළු ලක්ෂණ දෙකම තියෙන නිසා කියලා. ඒ වගේම මේ ලෝකේ සත්‍යය අවබෝධ කරගත්තු පුද්ගලයා මේ සුදු කළු දෙකින්ම වියුක්තයි. අපි නිදසුනක් විදිහට හිතපු රහතන්වහන්සේ නමක් කියලා. රහතන්වහන්සේ තුළ අකුසල් ඒ කියන්නේ කළු යනුවෙන් හැඳින්වෙන මානව ධර්මතා මොනවත්ම නැහැ. ඒ වගේම උන්වහන්සේ තුළ කුසල් ඒ කියන්නේ සුදු ලක්ෂණත් නැහැ. රහතන්වහන්සේ තුළ පවතින්නේ කුසල් අකුසල් දෙකින්ම තොර ක්‍රියා පමණයි. ඒ කියන්නේ කුසල් කියන සුදු ලක්ෂණත් නැහැ. අකුසල් කියන කළු ලක්ෂණත් නැහැ. සුදු කළු කියන ලක්ෂණ දෙකමත් වන අළුපාට වන කුසල් අකුසල් දෙකමත් නැහැ. උන්වහන්සේ තුළ කිසිම වර්ණයක් නැහැ. ඒ නිසා මම හිතනවා සත්‍යයට කිසිම වර්ණයක් නැහැ. සත්‍යය හැම විටකදීම අවර්ණයි. මොකද ඒක එසේ විය යුතුයි. සත්‍යයට වර්ණයක් තිබෙනවා නම් ඒක තව දුරටත් සත්‍යයක් වෙන්නේ නැහැ කුමාරි. ඒ කියන්නේ කුසල් අකුසල් හා ඒ කුසල් අකුසල් දෙකින්ම තොරවූ රහතන්වහන්සේ කුසල් අකුසල් කියන වර්ණකාරක මිණුම් දඬුවෙන් මැන බලන්න බැහැ කියලා ධර්මය අනුව පැහැදිලි කරන්න පුලුවනි. ඒ අනුව අපි පුද්ගලයින්ගේ චරිතය මනින්න භාවිතා කරන සුදු කළු හෝ අළු හෝ නිවැරදිද කියන ප්‍රශ්නය ඊ ළඟට මතු වෙනවා. මොකද සුදු කළු හෝ අළු කියන්නේ කිසියම් සමාජ සම්මුතියක් පමණයි. ඒක නිරපේක්ෂ සත්‍යයක් නෙවෙයි. සාපේක්ෂ සත්‍යයකින් කවදාවත්ම නිරපේක්ෂ මානව ඇගයුයමක් ලබා දෙන්න බැහැ. ඒක එහෙම කරන්න උත්සාහ ගැනීම තුළම විශාල සමාජ හා පුද්ගල අර්බුද ඇති වෙන්න පුලුවනි. මොකද හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ කළු බව යටපත් කරගෙන හැකිතාක් සුදුයි කියලා ඔප්පු කරන්න. ඒ වගේම අනික් මිනිස්සු හැමෝම තමන්ට වඩා කළුයි කියලා ඔප්පු කරන්න. ඒ තුළින් එයාලා තුළ සැඟවිලා තිබෙන කළු ස්වභාවය අනිත් අයට සාපෙක්ෂකව සුදුයි කියලා ඔප්පු කරන්න හොඳ විදිහක් එයාලාට හිමි වෙන නිසා එයාලා අනුන් කළුයි කියලා ඔප්පු කරලා තමන්ගේ කළු ගතිය වහාගන්න ඒක සළු පොටක් විදිහට භාවිතා කරනවා. එහෙම කරලා තනියම ස්වයං තෘප්තියකට පත් වෙනවා අනික් අය කළුයි අනේ මම නම් හරිම සුදුයි කියලා. මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. නමුත් සමාජයේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් දිහා බැලුවොත් ඔයාටම තේරෙයි මම කියන්නේ සත්‍යයක් කියලා.

    ReplyDelete
    Replies
    1. ආ ආචාරිය ගොය්යො. ඒ පාර සාය ඇඳන් ආවද දුවල ගිහිල්ලා.

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...