Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Mar 1, 2013

කුමාරිහාමි 17.



වෙනදාට වඩා බොහෝ වෙලාවක් මා නිදාගෙන තිබිනි.හතරවටින්ම එලිය වැටී පරිසරය පුරා අමුතුම සුන්දර සුන්දරයක් මවයි.එහෙත් ඇඟට දැනෙන කෙඩෙත්තුව සහ හිස රදය මා තවත් ඇඳෙහිම රඳවා තබයි.
පෙරදා රැයේ දුටු සිහිනය තවමත් මගේ මතකයේ ඇත.

විශාල වලව්වක් සහ එහි ජීවත් වන මවක් පියෙක් සහ දියණීයක්. ඒ වලව්ව මට ඉතාම හුරු පුරුදුයි. ඒ දියණීය මම නේද.. මට මතක ඒ ළමා සාරියක් ඇඳලා හිටියේ මම. ඒත් එහෙම වෙන්න පුලුවන්ද. මම කවදාවත් එහෙම වලව්වකට ගිහින් නෑ. අනික ඒ වලව්ව ගොඩක් පරන එකක්. එයාලගේ භාෂාවත් වෙනස්..

" හා හා ඇති ඇති මෙයාගේ මනෝ ලොකේ දැන් හොදටම දවල් වෙලා බහිනවා ඇඳෙන් බිමට ගුටි නොකා" අක්කා බොරු තරහක් මවන් කිව්වමයි මට මතක් වුනේ අද අම්මව නාවන්න තියෙන දවස කියලා. අපි කුඩා කාලයේ පටන්ම ඉතාමත් පිරිසිදුව සිටි අම්මා අපිවත් හැම මොහෙතෙම පිරිසිදුව තියන්න මහන්සි ගත්තා. අද අම්මාට තමන්ගේ ශරීරය ගැන පවා ලොකු හැඟීමක් නෑ. ජීවිතය පුදුමාකාරයැයි මට බොහෝ විට සිතෙන්නේ මේ නිසාමයි

අක්කා දැන් වෙනදාටත් වඩා කලියෙන් අවදි වන්නේ අම්මා සතු සියලු වගකීම් නිරායාසයෙන්ම ඇය වෙත පවරාගෙනය. අම්මා කුඩා දැරියක සේ හැඟීම විරහිතව බලා සිටිද්දී අක්කා අප දෙදෙනාට මව් වී ඇති අයුරු එක් අතකින් බැලූවිට පුදුමයක් වන්නේ අප්පච්චී සිටියදී නිවසේ කිසිම වැඩකට සම්බන් වීමට කැමති නොවූ අක්කා දැන් ඉතාමත් රසවත් ලෙස කෑම පිලියල කරමින් ,ගෙදර දොරේ වැඩකටයුතු සියතට ගෙන ඇති නිසාය.

"ලොක්කි නම් බැඳපු දවසක නැන්දම්මගෙන් මටත් බැණුම් අස්සනවා.පොල් සම්බෝලයක්වත් හදාගන්න බැරි හැටි"

අම්මා ඒ දිනවල අප්පච්චි සමග පවසන විට අප්පච්චි කියන්නේ "නෝනේ කලබල නොවී ඉන්නකෝ ඒ දරුවෝ අවශ්‍ය කාලය ආවාම ඒ දේවල් අපූරුවට කරගනී" කියාය. 

සැබවින්ම එය සත්‍යක් නොවේද. අක්කා අද අපේ ජීවිතය ආරක්ෂා කරමින් අප වටා පවුරක් සේ හිඳී.

උදෑසන නිවසේ වැඩ නිමා කොට අම්මා නෑවීමට ළිඳ අසලට යනවිට තේගිරිස් පරණ ඉස්තාලයේ සිට එනවා අප දුටු මුත් අප ඉක්මනින් ඔහුව මග හැර ගියේ ඒ මුහුණේ තිබූ රෞද්‍ර පෙනුම ඉවසා ගත නොහැකි නිසාමය. 

අත්තම්මා අලුගෝසුවෙක් වැනි මේ මිනිසා වලව්වේ නවතා ගෙන සිටින්නේ කුමක් නිසාදැයි සිතා ගත නොහැකි වුවත් ඩිංගිරි නැන්දා පවසන්නේ 

“ තේගිරිස් වලව්වේ ඉන්න නිසා තමයි ලොකු මැනිකෙලාට බයක් හැකක් නැතිව වලව්වේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ”  යනුවෙනි.
                                                 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
දිවා අහාරයෙන් පසුව කලින් කියවූ නවකතා පොතක් කියවීමට මා පටන්ගත්තේ කම්මැලි කම නිසාමය. අක්කාද ඇගේ ඇදට වී මොනවාදෝ මසමින් සිටින අතර අම්මා තද නින්දේය.

වලව්ව දෙසට මෝටර් රථයක් එන අයුරු ඇසුන විට මට එක් වරටම මතක් වූයේ ලොකු නැන්දාග් මනමාලයාය. එහෙත් “වත්සලා ඉන්නවද” කියමින් කිසියම් කාන්තාවක් විමසනු ඇසුන විට මා එක් වරම ඇදෙන් බිමට බැස්සේ මා සොයා පැමිනිමට ඇත්තේ කවුරුන්දැයි සිතමිනි.

එක්වරම පුරුදු මිතුරු මිතුරියන් සියල්ලන්ගෙන්ම ඈත්වී වලව්වේ නැවතීමට පැමිනි අපට අපේ කියා කිට්ටු හිතවතුන් මේ පරිසරයේ සිටියේ නැත. පැමිනි දා සිටම වලව්වට කොටු වී දිවි ගෙවූ අප තිදෙනා සොයා කවුරුන් හෝ පැමිනීමද මට ගැටලුවක් වූයේ එනිසාමය.

“ඔව් මෙහේ තමයි ඉන්නේ මේ නෝනා කවුද?”අත්තම්මා උස් හඩින් විමසනුත් එම කාන්තාව මොනවදෝ පවසනුත් ඇසුන මම 
“අක්කේ අපේ යාලුවෙක් ඇවිත් එන්න බලන්න” කියමින් සාලය දෙසට දිව ගියෙමි.
මම සාලයේ දොරින් එබී බලනවාත් සමගම 
“අර ඉන්නේ” කියා අත්තම්මා පැවසීය..
 “ආනේ සේපාලිකා ටීචර්” 
මට කෑගැසුනේ සත්තකින්ම මා සිහිනෙන්වත් ඇගේ පැමිනීම බලාපොරොත්තු නොවූ නිසාමය.
  
“සේපාලිකා ටීචර් අපේ ගෙදර හොයා ගත්තේ කොහොමද”..මම ඇසුවේ පුදුමයෙන්..

“මේ පැත්තේ කවුද ඔයාලව දන්නේ නැත්තේ?” සේපාලිකා ටීචර් කියන්නේ සිනාසෙමිනි.

“මට මේ කිට්ටුවට ඉස්කෝලෙකට මාරුවක් ලැබුනා. මම හෙට ඉදන් වැඩ බාරගන්නවා. වත්සලාත් දැන් මෙහේ ඉන්න නිසා ඔයා උසස්පෙලට අපේ ඉස්කෝලේට එන්න” සේපාලිකා ටීචර් උසස්පෙල ගැන පැවසූවත් මා තවමත් ඒ පිලිබදව කිසිවක් සිතා තිබුනේ නැත.

“ඔව් ටීචර් මමත් ඔය ගැන හිතුවා. නංගිට දැනටත් වාරයක් පහු වෙලා මම හිතන්නේ. අම්මාගේ අසනීපේ නිසාම අපිට කිසිම දෙයක් හිතන්න බැරි වුනා” අක්කා පවසන්නේ කල්පනා කාරීවය.

“අනේ අනුත්තරා ඔයාලට වුන කරදර ඔක්කොම් ආරංචි වුනේ මම ආයේ ඉස්කෝලෙට ආවට පස්සෙයි. මම සති දෙකක් නිවාඩු ගිහින් හිටියේ මගේ මගුල් ගෙදර වැඩ වලට. සමාවෙන්න මට එන්න බැරි වුනාට”  

සේපාලිකා ටීච්ර්ගේ විවාහ උත්සවය සදහා අම්මාට සහ අප්පච්චිටත් ආරාධනා පත්‍රයක් එවා තිබූ බව මට සිහිවූයේ එවිටය.

“අනේ කමක් නෑ ටීචර් වෙන්න තිබ්බ හැම දේම වුනානේ. දැන් ටිචර්ගෙ මහත්තයාත් මෙහෙට මාරුවෙලා එනවද? “ අක්කා අසන්නේ මහ ගැහැනියක ලෙසය.

“නෑ අනුත්තරා මේක එයාගේ ගමනේ. මම එයාලගේ මහගෙදර නවතිනවා. එයා මේ දවස්වල වැඩ කරන්නේ මඩකලපුවේ.” 
සේපාලිකා ටීචර් විවාහ වූයේ හමුදා නිළදාරියෙකු සමගිනි. ඒ දිනවල ඔහු අපේ පාසල අසලට ඇය කැඳවාගෙන යන්නට පැමිනෙනවා මට මතකය.

“ඉතින් ටීචර් ආවේ කාත් එක්කද?” අක්කා ඒ පැනය ඇසූවිටය මටද එය සිහිවූයේ..

“අනේ මට අදුන්නලා දෙන්නත් බැරි උනානේ. පොඩ්ඩක් ඉන්න” සේපාලිකා ටීචර් එලියට බැස ගියේ මෝටර් රථයේ සිටි කිසිවෙකු කැඳවාගෙන එන්නටය.

“මේ මගේ මල්ලි..අසංක” 
ටිචර් කඩවසම් තරුණයෙකු සමගින් නැවතත් පැමින ඔහු අදුන්වා දුන්නාය. 

ඉතා හුරුපුරුදු ඔහුගේ මුහුනේ නිරන්තර රැදුන නිහතමානි සිනහවක් විය. ඔහු සිනාසි මා දෙස බලා අක්කා දෙසට දෑස් යොමුකර පුදුමයෙන් මෙන් ඇය දෙස බලා සිටියේය.

අක්කාද ඔහු දෙස කලකින් හමුවුන දැන හදුනනා කෙනෙකු දෙස බලන්නාක් මෙන් සිනාසී බලා සිටින විට මට ඇතිවූයේ මහත් පුදුමයකි. සේපාලිකා ටීචර්ට පවා ඔවුන් දෙදෙනාගේ වෙනස වැටහිනි.

“මල්ලි මීට කලින් අනුත්තරාව දන්නවද?” ටීචර් මද වෙලාවකින් ඇසුවේ කුතුහලයෙනි.

“නෑ මම මේ කල්පනා කරේ දැකලා පුරුදුයි.. කොහෙන්ද කියලා. කැම්පස් එකේද ඉන්නේ?” අසංක ඇසුවේ සුපුරුදු මදහසිනි.

“නෑ මම උසස්පෙල කරලා ගෙදර ඉන්නේ” අක්කා පැවසුවේ සෙමිනි.

“ඉතින් අපි අම්මා බලන්න යමු නේද ආවට තාම අම්මා එක්ක කතා කරන් බැරි උනානේ”. ටීචර් පැවසූ පසු අප සියළුදෙනාම අම්මා සිටි කාමරය දෙසට ගියේ අසංක සාලයේ තනි කරමිනි.

අම්මා හිටියේ ජනේලයෙන් පිටත් බලාගෙනය. අරමුනක් නැතිවම දවස මුලුල්ලේම මෙසේ බලාසිටීම අම්මාගේ දැන් එකම දින චරියාවය.

“කුමාරි මිස් කොහොමද ඉතින් ගොඩක් කාලෙකින් නේද දැක්කේ”.. 

සේපාලිකා ටීචර් අම්මාගෙන් ඇසුවත් ඇයගෙන් කිසිම ප්‍ර‍තිචාරයක් නොවූ තැන 

“අම්මේ  මේ බලන්නකෝ සේපාලිකා ටීචර් අපිව බලන්න ඇවිත් “යැයි මා පැවසුවේ එයින් වත් ඇයගේ වෙනසක් දැකිය හැකි වේදැයි බැලීමටය.

අම්මා කිසිම දෙයක් ඇහුනේ නෑ වගේ ඉන්නවා දැක්කම මගේ දෑස් කඳුලින් පිරුනේ මටත් නොදැනී. පෙරදී නිවසට අමුත්තෙක් ආවම අම්මා මොනතරම් සතුටෙන් ආශාවෙන් ඔවුන් පිලිගෙන සංග්‍රහ කරනවා දැයි මට සිතුනා.

“ඉතින් කුමාරි මිස් අපි ආවේ ඔයාලව බලල යන්න කාලෙකින් දැක්කේ නෑනේ..” සේපාලිකා ටීචර් අම්මාව කතා කරවීමට උත්සාහ කරත් අම්මා ඔහේ බලාගෙන සිටියා මිසක් කිසිම විදියකින් අනුබලයක් දුන්නේ නැතිවීම අපිට ලොකු දුකක් වුනා.

“වත්සලා එන්නකෝ ටිකක්..” සේපාලිකා ටීචර් මට ඇසෙන් සන් කලේ කිසියම් දෙයක් කීමට …

“අපේ මල්ලි මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් එයාට පුළුවන් වෙයි ඔයාලගේ අම්මව ටිකක් බලන්න” සේපාලිකා 

ටීචර් එසේ කියා අසංක සිටින දෙසට ගියේ ඔහුව කැදවාගෙන ඒමට විය යුතුයි.

“ආන්ටි කොහොමද මාව දන්නවද” කාමරයට පැමිනි අසංක අම්මාගෙන් විමසුවේ කලින් සිට දන්නා හඳුනනන කෙනෙක් වගෙයි.

“අම්මා කිසිවක් නොකීවත් සෙමින් ඔලුව දෙපසට වැනුවා”. ටික වෙලාවක් අම්මා සමගීන් කතා කරමින් සිටි අසංක අපිට ඇසින් සන් කරමින් කාමරයෙන් පිට වුනා.

“ඔයාලගේ අම්මාට තියෙන්නේ තදබල මානසික කම්පනයක්” ඒකට ටික කාලයක් බෙහෙත් වගේම හොදට අම්මාව බලාගන්නත් වෙනවා” අසංක අම්මා දිහා බලමින් හිමීට පැවැසුවා.

“ඔයාලට පුළුවන්ද අම්මව එක්කන් එන්න එක දවසක? මට පුළුවන් අපේ ප්‍රොෆෙසර්ට ඔයාලගේ අම්මාව පෙන්නලා බෙහෙත් අරන් දෙන්න” අසංක යෝජනා කරේ අක්කා දිහා බලාගෙන.

“පුළුවන් නේද නංගි” අක්කා පැවසුවේ මගෙනුත් අනුමැතිය ගන්නම නොවුනත් එක පාරටම කෙලින්ම හා කියන්න එයාට බැරි නිසා වෙන්න ඇති..

“ඔව් අනුත්තරා මෙහෙම ඉදලා හරියන්නේ නෑ ඔයාලා ආයෙත් ජීවිතේට මූණ දෙන්න ඕන.”සේපාලිකා ටීචර් පැවසුවේ සාලයෙ පුටුවකට බර වෙමින්.

“මම ඉක්මනින් එන්නම්” කියලා අක්කා ගේ ඇතුලට ගියේ තේ හදන්න වෙන්න ඇති කියලා මට හිතුනා. කන්න දෙන්නවත් දෙයක් ගෙදර නෑ නේද කියලත් මට ඒත් එක්කම සිහියට ආවා. ඉස්සරන නම් අම්මා අප්පච්චි ඉන්නකොට  හැම සෙනසුරාදටම මොනා හරි රසකැවිල්ලක් හදනවා ඒක ඉවර වෙන්නේ සතියෙන් දවස් ගානක් ගෙවුනට පස්සේ. එහෙම නැතත් අපිට කන්න කියලා අම්මා සැරෙන් සැරේ මොනවා හරි ගෙනත් දෙනවා. ඒත් මේ වෙනකොට කන්න එහෙම ඕනේ කමකුත් කන්න දෙයකුත් අපිට තිබ්බේ නෑ. අපි ගැන හිතලම මට සිහින් සුසුමක් පිටවුනේ නොදැනුවත්වමයි.                                                 

                                               °°°°°°°°°°°°°°°°°°°°°°°°°°
සේපාලිකා ටීචර් පිටව ගියේ බොහෝ වෙලාවක් රැදී සිටිමෙන් පසුවය. සැබවින්ම අක්කාත් මාත් බලන්නට අප ලගින් ඇසුරු කල කිසිවෙක් නොපැමිනියේ ඔවුන් අපව අමතක කර දමා ටත් වඩා ඔවුන්ට අප සිටින ස්ථානය සොයා ඒමට අපහසු නිසාවෙන් කියලා අපි දැනගෙන සිටියා. එහෙත් ඔවුන් පිටවී ගියාට පසුව වෙනදාට වඩා බලාපොරොත්තු සහගත බවක් අක්කටත් මටත් දැනෙන්නට වුනා. එදා අපි නින්දට ගියේ වෙනදාට වඩා සැහැල්ලුවෙන්...



47 comments:

  1. grade.. ethuru tikath ekmanata liyanna

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුලුවන් ඉක්මනින් දාන්නම්

      Delete
    2. ඔයාගේ පරිකල්පන හැකියාව උපරිමයෙන් මේ කතාව තුළින් මතු වෙනවා. හොඳ ප්ර තිභාවක් ඇති ලේඛිකාවක වන ලකුණු ඔයා තුළ තියෙනවා. මම සුබ පතමි. තෙරුවන් සරණයි !!!

      Delete
  2. අගෙයි.. උඩම තියන පිංතුරේ හර්ෂ ගුණවර්ධන ගේ සිතුවමක් නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ.
      ඒක නම් දන්නේ නෑ.මම අන්තර් ජාලයෙන් ගත්ත එකක්..

      Delete
    2. මටත් හැමදාම එන ගැටලුවක්...හැමදාම තියෙන්නෙ මේ ශෛලියෙ පින්තූර...!

      Delete
    3. මම මේ ශෛලියේ චිත්‍ර වලට ආසයි වී. එකයි මේවා හොයාගන්නේ. හැබැයි අවසරයකින් නම් නෙමෙයි ගන්නේ මට එයාලගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ. :D

      Delete
    4. හර්ෂ ගේ තමා එයා මාත් එක්ක වැඩ කරන කෙනෙක්..මේක එයා දැක්කාක. එයාගේ විරෝධතාවක් නෑ.

      Delete
    5. ස්තූතියි නලින් අයියේ..

      Delete
    6. Someone recently tried to use an application to sign in to your Google Account - dr.snhewage@gmail.com.

      We prevented the sign-in attempt in case this was a hijacker trying to access your account. Please review the details of the sign-in attempt:





      Thursday, March 7, 2013 5:32:25 PM UTC
      IP Address: 64.152.25.150
      Location: New York, NY, USA


      ඔය ගොල්ලෝ සේරගෙන්ම මම උදව්වක් ඉල්ලන්නේ. දැන් කාලයක සිට මගේ මූණු පොත, ඊ මේල් එක, ගුගල් බ්ලොග් සයිට් එක ආදී මා විසින් ලොග්වන සියළු දේට හොර රහසේ ඇතුළු වී මගේ ප්රොතිරූපය විනාශකොට මා විකෘති පුද්ගලයෙකු වශයෙන් අන්තර්ජාලය තුළ හුවා දැක්වීමට හා අන්තර්ජාලයතුළම මුදාහැර ඇති මගේ පර්යේෂණ අධ්යයයන තොරතුරු සොරකම්කොට ලබා ගැනීමේ අරමුණ පෙරදරිව ඇමෙරිකාව ප්රඇධාන කොට ඇති විදේශීය රටවල සිට මගේ ගිණුම් අංක, මුරපද සොරාගෙන කාලයක සිට හැකර් වරුන් කණ්ඩායමක් ක්රිොයා කරමින් සිටියි. මේ සම්බන්ධව ගුගල් සමාගම මඟින් සේවා සපයන ආයතන වෙත පැමිණි කළ අතර ඔවුන් විසින් ඊට අදාළ තොරතුරු සියල්ල මා වෙත ලබා දෙමින් සිටිති. ඉහත මා පළ කලේ එම තොරතුරුවලින් වඩාත් වැදගත් යැයි සිතෙන තොරතුරකි. මා ඔබතුමා/තුමියගෙන් ඉල්ලා සිටින්නේ මේවා සිදුකරන කවුරු හෝ සිටීනම් නොපමාව මට පුද්ගලිකව දන්වා එවන ලෙසයි. ස්තූතියි. .තෙරුවන් සරණයි !!!




      If you do not recognize this sign-in attempt, someone else might be trying to access your account. You should sign in to your account and reset your password immediately.

      Delete
  3. මට වේලාවකට හිතෙනවා ඔබ ඇත්තෙන්ම වලවු පන්නයේ ද කියා. මොකද ඒ තරමින් පරිසරය හඳුනනවා වාගේ.
    තව දෙයක්,
    අතීත කොටස් සංශිප්ත කරලා එක ඡේදයක් උඩින්ම දාන්න පලුවන්නම් අපිට හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙම ලොකු සම්බන්දයක් නම් නෑ නිර්මලා.

      මම ඔයා කියපු විදියට කරන්න උත්සහ කරන්නම්..
      ස්තූතියි ඔයාට

      Delete
    2. දිනෙන් දින ඔයාගේ කතා ශෛලියත් වර්ධනය වෙනවා. සම්පූර්ණ නවකතාව පිළිබඳ මූලික දළ සැකිල්ලක් සිතේ ඇඳ තබා ගෙන ඔයා කතාව ලියනවා වෙන්න ඇති. සමහරු නම් මූලික දළ ආකෘතිය කොපි පොතක වැනි දෙයක සටහන් කර තබා ගෙන තමයි පසුව කතාව ක්රෙමයෙන් රචනා කරන්නේ. එක් එක් නවකතාකරුවන් විවිධ ක්ර ම අනුගමනය කරනවා නවකතා රචනා කිරීම සඳහා. ඒ වගේම එක් එක් නවකතාකරුවන්ගේ ශෛලිය, අභිප්රාමය හා පරමාර්ථ එකි නෙක වෙනස්. කොහොම වුනත් කුතුහලය මුසු වුනු සුන්දර අත්දැකීමක් පාඨකයා වෙත ලබා දීමේ පරමාර්ථයෙන් රචනා වී ඇති කුමාරිහාමි නවකතාව ඉතාම සුන්දරව රචනා වේවා යැයි ප්රාබර්ථනා කරමි. තෙරුවන් සරණයි !!!

      Delete
  4. අහිංසක ගැනු ලමයින් දෙන්නා (වත්සලා , අනුත්තරා ) ගැන හරිම දුකයි. නමුත් දැන් නම් කථාවේ හැරුම් ලක්ෂ්‍යයක් මතු වෙන පාටයි. කථාව නැවැත පටන් ගත්තු එක ගැන ගොඩාක් සතුටුයි කුමාරිහාමි...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Reeza..

      අහිංසක ගෑනු ලමයි දෙන්නා. ඇයි මම අහිංසක නැද්ද.. :D

      Delete
  5. හ්ම්ම්ම් කාලෙකින්....

    දැන්නම් කතාව අමතකත් වෙලා වගේ....

    ටීචර් නෑනා වෙයිද මංදා :-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා ඔයාට..
      අමතක නම් ආයි මතක් කරමු.. :D

      Delete
  6. අඩේ මෙන්න කතාව දාලා...... :)

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්න මෙයා බලල.. :D

      ස්තූතියි තරූ ඔයාට...

      Delete
  7. අපොයි ඇති යන්තම් ආයෙමත් ලියන්න හිතුනා....

    ReplyDelete
    Replies
    1. අපොයි ඇති යන්තම් මෙයා මේ පැත්තේ ආවා.

      ස්තූතියි අරුන්දතී..

      Delete
  8. ඔයාගෙ මේ කතාව කියවන කොට මට මගේ අම්මව මතක් උනා . අම්මලා දවසක වයසට යනවා . ලෙඩ වෙනවා . ඒ ගැනනම් හිතනකොටත් දුකයි පුංචී .

    …දිගටම ලියන්න ආසාවෙන් බලන්න හිතෙන කතාවක් .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිම්. ඔයා හැමදාම මාව උනන්දු කරා. ඔයාගේ උනන්දුව තමයි මේ බ්ලොග් එකේ සාර්තකත්වය..

      Delete
  9. මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
    උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    http://goo.gl/5iKWy


    නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා පිවිසෙන්න..

    http://srisadaham.wordpress.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පනිවිඩයට.

      Delete
  10. මගින් කඩා පාත් වුන හන්දා මට ප්‍රශ්න ගොඩයි. ඇයි අම්මට එහෙම වුනේ වගේ.
    නමුත් මේ ලියන රටාවෙ නම් මොකක්දෝ හිත් ඇද ගන්නා ගතියක් තියෙනවා. ඔන්න මාත් එහෙම්නම් පුංචි කුමාරිහාමිව මගේ බ්ලොග් රෝලට හෙම ඇඩ් කරලා ලොග් වුනා අද ඉඳ කියවන්න, හොඳේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි dude .
      ඔයාට වෙලාවක් තියෙනවනම් මේ කතාව මුල ඉදලා කියවන්න පුලුවන්. උඩ වෙනම තියෙනවා ඔක්කොම කොටස් ..

      Delete
  11. මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
    උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    http://goo.gl/5iKWy


    නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා පිවිසෙන්න..

    http://srisadaham.wordpress.com/

    Read more: http://www.malkakulu.com/2013/03/blog-post.html#ixzz2MSblGGYZ

    ReplyDelete
  12. ටිකක් වෙලා කල්පනා කරන්න වුනා මොකක්ද කතාවේ කලින් වුනේ කියල. මෙයාල මේ දැන් ඉන්නේ කාගේ ගෙදරද? මට ඒ ටික හරියට මතක නැහැ. තේගිරිස් හිටියේ පරණ වලව්වේ නේද?.

    මේ කතාව මොන කාලෙට ආදාළ එකක් ද? කතාව පටන් ගත්තු කාලේ මං හිතුවේ 1900 මුල වගේ ද? නැත්නම් මෑත කාලෙට ආදාළ එකක් ද?.

    ReplyDelete
    Replies
    1. මෙයාලා ඉන්නේ වලව්වෙම වෙනම කොටසක.

      තේගිරිස් ඉන්නේ වලව්වෙම තමයි.

      නෑ මේක මෑත කාලයේ කතාවක්. ගොඩක් වෙලාවට 2000 මුල් කාලයේ හරි 1990 ගනන්වල අග බාගයේ හරි

      ඔයාට ස්තූතියි අසර්.

      Delete
  13. හුඟ කාලෙකින් නේද කතාව දැම්මෙ . ඇත්තටම අමතකයි. ආයිත් බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ආයෙත් මතක් කරගමු එහෙනම්..
      ඉක්මනින් ආයෙත් දාන්නම් එතකොට මතක් වෙයි. ආවට ස්තූතියි වි‍යාට.

      Delete
  14. Huh,,, oya awith,,,,
    Kathawa amathaka wenna issella,,, ikmanata danna nangi,,,
    Ithin kohomada sapa duk,,, hondin athai sithami,,,
    Awe nadda Lux mey paththey comment karanna,,:)
    Kathawa ikmanata danna,,,, mawa amathaka karanna epa ,, :)
    Suja Akka,,

    ReplyDelete
    Replies
    1. අනේ සුජා අක්කේ lux දැක්කෙම නෑ. ලංකාවට ගියා කියලා නම් එයා කිවා..

      ඔයා හොදින් නේද.. ආයෙමත් මේ පැත්තේ ආවට ස්තූතියි..

      Delete
    2. ahhh mama innoo

      ikmnata kathawa dandoooo uyaa parakkuyi ne kathawa denda :'(

      Delete
  15. ජය වේවා. !

    කමෙන්ට් නොකලට එහෙන් මෙහෙන් බලමි :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  16. At last you start it again. Thanks. Nice story. I like your way of writing.

    ReplyDelete
    Replies
    1. You don't know "Sinhala"
      - Deshakaya

      Delete
  17. මමත් කතාව කියෙව්වා කතාව හරිම ලස්සනයි. සුබ පතමි. තෙරුවන් සරණයි !!!

    ReplyDelete
  18. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. ඈ... අනේ මේක විහිලුවක්ද? ඇත්තක්ද? මාව නිකන් කරකෝල අතැරලා වගේ.. :D

      Delete
  19. හයියූ උයා පරක්කුයි නේ කතාව දෙන්ඩ ඉක්මනට දෙන්ඩෝ :'(

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...