Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Apr 5, 2013
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි..
මේක මම පත්තරේකට ලියපු එකක්. ඒත් හිතුනා අපේ යාලුවොත් එක්කත් බෙදාගන්න.
කියවලා බලල අඩුපාඩු කියලා යන්න.
කියවලා බලල අඩුපාඩු කියලා යන්න.
බස් නැවතුම
අසලම පදික වේදිකාවේ ඉටිරෙද්දකින් සාදාගත් තාවකාලික හෙවනකි.
එම හෙවනේ අයිතිකාරයා නම්
බස් නැවතුමට යන එන අයට සුපුරුදු දසුනකි.
තනි කකුලකින් හා කිහිලි කරුවකින් ඇවිද යන මෙම
නිවස්නේ අයිතිකාරයාගේ තනියට තවත් කෙනෙකි ඒ කළු පැහැති කැහැටු බල්ලෙකි. මේ දෙදෙනා උදෑසන
මෙතනට පැමින දවසේ රාජකාරිය නිමා කොට සැදෑකාලයේ පිටව යයි.
අවට කඩපිල්
හා බස්රථවලින් නිතර එතැනින් යනෙන මගීන් මොහු සමඟ හිතවත්ය. මහළු වයසේ පසුවන මොහුගේ
රාජකාරිය කැඩුන කුඩ හා පාවහන් අළුත්වැඩියාවයි. ඉතා අවංකව හා කාර්‍යක්ෂම මේ කාර්‍ය නිම
කර දෙන මොහුගේ සේවය ලබා ගැනීමට බොහෝ දෙනා මොහුවෙත එන්නේ ඔහුගේ අළුත්වැඩියාවන් බොහෝ
කල් රඳාපවතින නිසාය
“බොරු කරලා ගන්න සල්ලි යා දෙන්නේ නෑ මහත්තයෝ” ඔහුගේ කුලිය විමසන අයෙකුට අහිංසක හිනාවකින්
පවසන්නේ අවංකමය.
උදෑසන බස්නැවතුම
අසල සේවා ස්ථානයට පැමිනෙන මොහුගේ මෙවලම් පෙට්ටිය තබාඇත්තේ බස් නැවතුම අසල හෝටලයේ පිටිපසය.
හෝටලයේ මුදලාලි මේ මිනිසාට කාරුණිකය.
“බොරුවක් ,වංචාවක්, කාටවත් කරදයක් නැති අහිංසක
මිනිහා පව්” කියා මුදලාලි අනෙක් අය හා පවසන්නේ සැබෑවටමය.
දහවල් ආහාරයට
බල්ලාට හා ඔහුට පාන් බාගයක් හා පරිප්පු පීරීසියක් ගන්නා ඔහු පාන් කාලක් බල්ලාට දෙයි.
“උඹ මොකද මම මොකද අපි බෙදාහදාගෙන කමු” කියා බල්ලා හා දිවා ආහාරය ගන්නා ඔහු මද වෙලාවක්
විවේක ගනියි.
දවස පුරාම
බල්ලා හා අල්ලාප සල්ලාපයෙන් හා ජෝතිපාලගේ හෝ මිල්ටන් පෙරේරාගේ මියුරු ගීයක් කාටත් ඇසෙන්නට
ගයමින් ඔහු රාජකාරියේ යෙදෙයි. බස් නැවතුමට පැමිනෙන මගීන් ඔහුගේ ගීයක් රසවිදින්නේ ආසාවෙනි.
ඇතැමුන්
ගීතය රසවිඳ කිසියම් මුදලක් ඔහුට දුන්විට “අනේ මහත්තයෝ සිංදුව කිව්වේ මහන්සිය යන්න”
කියමින් එය ප්‍රතික්ෂේප කලද පසුව එය බොහෝ පින් දී එය බාරගනී.
ඔහුගේ දවස
මෙසේ ගෙවෙද්දී බලාසිටිනන්ට ඉවසා ගත නොහැකි සිද්දියක්ද දිනෙන් දින සිදුවන්නට විය. කොන්ඩය
තඹපාට කල අතෙහි පච්චා කොටාගත් අව්කන්නාඩි දාගත් තරුනයෙක් සැමදිනකම හවස්වරුවේ ඔහු අසලට
විත් බලෙන් මෙන් ඔහුගෙන් මුදල් රැගෙන යාමයි.
මේ තරුණයාගේ
හැසිරීම බස්නැවතුමේ මගීන්ට ඉවසා සිටිය නොහැකි වූවත් ඔහුටනම් එය සාමාන්‍ය සිද්ධියක්
වු අතර මෙම තරුණ්යා මුදල් රැගෙන යන්නේ හිනාවකින් වත් ඔහුට සංග්‍රහ නොකරය.
එහෙත් යන්නට
යන තරුණයාට “පරිස්සමින් පළයන්” කියා කියන ඔහු නැවතත් සිනාමුවින් රාජකාරිය පටන් ගනී.
මෙම සිද්ධිය
ඇස ගසා සිටි එක තරුණයෙක් දිනක “ලොකු උන්නැහැ ඔය වැඩේ හරියන්නේ නැහැ ඔහොම බලෙන් සල්ලි
ගන්න ඉඩදෙන්න එපා පොලිසියටවත් කියන්න” කියා කියූ විට මහළු මිනිසා අහිංසක ලෙස හිනාවී
පැවසුවේ
“අනේ මහත්තයෝ ඒකා මගේ එකම කොල්ලා. මම තාත්තයි කියලා කියන්න ඒකට ලැජ්ජ ඇති.
ඒත් ඉතින් ඌට කන්න බොන්න මම දෙන්නේ නැතිව කවුරු දෙන්නද. ටවුමේ ලොකු ඉස්කෝලෙක බෝඩින්
කරලයි ඉගැන්නුවේ.දැන් ඔය ගෙදර ඇවිත් ඉන්නේ” කියාය.
ඉන්පසුවද
අර තරුණයා එතැනට පැමිණ බලෙන් මෙන් මුදල් රැගෙන ගියද කිසිවෙක් ඒ ගැන විමසන්නට නොගියේ
පිය සෙනෙහසට හා ඔහුගේ නොසැලෙන ගුණයට එය අපහාසයක් නිසාය.
තනි පාදයකින් ඉතාමත් නිදහස්
සතුටු මුහුනකින් දවස පුරාම සිටින ඔහු දකින
විට ඇතැම් මිනිස්සුන්ට ඇතිවන්නේ පුදුමයකි. හිත තුල දුකක් තිබුනද නොතිබුනද ඔහු නොසැලී
සිනාමුවෙන් නොසැලි සිටින්නේ සැහැල්ලුවෙනි. බොහෝ සැපසම්පත් ඇති මිනිසුන් දවස පුරාම මුහුන
පුළුටු කරගෙන දවස ගෙවද්දී ඔහු සතුටින් සියල්ලම දරා සිටින්නේ හැමෝටම අමුතු පාඩමක් කියාදෙමිනි.
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
මල් සිංදු5 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,362
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
මේ වගේ තාත්තලා ට අර විදිහට සලකන පුත්තු නම් මහා කාලකන්නි..
ReplyDeleteඒකනේ.. දුකයි නේද.. ස්තූතියි ප්‍රමුදි.
Deleteසුපිරියි..
ReplyDeleteස්තුතියි සෙන්නා.
Deleteහැදෙන වුන් හැදෙයි නොවැ !
ReplyDeleteඑහෙම උනොත් හොදයි නේද සෑම්
Deleteඔය වගේ සිද්දියක් මම කතරගමදිත් දැක්ක.
ReplyDeleteගොඩක් තැන්වල ඔය වගේ ඒවා වෙනවා නේද?
Deleteඌව බෝඩිමේ නවත්තලා දීපු අධ්‍යාපනයේ වටිනාකමත් මෙතනින්ම තේරුම් ගත්තෑකි.
ReplyDeleteඔයා dude නේද?.. නමින්ම ඇවිත්ද?
Deleteඔව් මම Dude තමයි. මෙහෙමයි මම බ්ලොගර් වල ලිව්වේ Dude හැටියට. වඩ්ප්‍රෙස් වල henryblogwalker හැටියට. මට මෙතනදි වුනේ මගේ බ්ලෝගර් ප්‍රොෆයිල් එක Google + වලට upgrade කරද්දි අකමැත්තෙන් හෝ මට Dude ප්‍රොෆයිල් එක අතහරින්න වුනා. මම හෙන්රි බ්ලොග්වෝකර් කියන මගේ අනිත් නම භාවිතා කරන්න වුනා. මගේ නම කොහොමත් හෙන්රි තමයි. නමුත් මම Dude කියන නමට තවම ප්‍රිය කරනවා. මට Dude කියන්න. :)
DeleteAne mehemath puththu?????
ReplyDeleteSuja akka
සුජා අක්කා කාලෙකින්. ස්තූතියි
Deleteඅගේ ඇති නිර්මාණයක් පුංචි කුමාරිහාමියෝ... ජය වේවා
ReplyDeleteස්තූති වේවා..! :D
Deleteලස්සන නිර්මාණයක් පොඩ්ඩියෙ,අත්දැකීමක් වෙන්න ඇති
ReplyDeleteඑහෙම අත්දැකීමක් නෙමෙයි. මමත් අහපු දෙයක්
Deleteසමහර දෙමව්පියො තමන් හීනෙකින්වත් වින්දෙ නැති සැප දරුවන්ට දෙන්න අපමණක් දුක් විදිනවා.. ඒත් දරුවන්ට දැනෙන්න අරින්නෙ නැහැ තමන් විදින දුක... මට හිතෙන්නෙ එහෙම කරන එක අසාධාරණයි. දරුවො, දෙමව්පියො දුක සැප බෙදා ගෙන වැඩ කරන්න ඕන පුංචි කාලෙ ඉදලම... එහෙම උණාමයි දෙමව්පියන්ගෙ වෙහෙසට, දාඩියට, කදුලට ගරුත්වයක් ආදරයක් ඇති වෙන්නෙ....
ReplyDeleteදෙමව්පියො වගේම දරුවොත් අවධානය යොමු කළ යුතු කතාවක්...
තරු රසී ආවටත් අදහස් දැක්වූවාටත් ස්තූතියි..
Deleteලස්සනයි පුංචි කුමා...මේ වගේ සිද්ධියක් අහලා තියෙනවා. ඒ සීයත් සපත්තු මහනවා.ගාල්ලේ කුණු ඇල ලග..එයාගෙන් සල්ලි ඉල්ලන්නේ නෑ පුතා..ඒත් එයා ගැන පුතා බලන්නේ නෑ..පුතා දොස්තර මහත්තයෙක්..
ReplyDeleteස්තූතියි බට්ටියේ..
Deleteලස්සන බ්ලොග් එකක්. ඒ වගේම තවත් කතුවරියක් කරන එකක්. දැක්ක හැටියේ ආසා හිතුනා. බ්ලොග් ලෝකෙට අලුත් මම, අලුතෙන් බ්ලොග් බල බලා යන්නේ අඩවි රජාගේ අඩවියේ ඉඳන්.
ReplyDeleteකුමාරිහාමි කියලා තියන කතාවත් හරිම සංවේදී. පොලොවේ පය ගහලා ඉන්න කුමරිහාමි කෙනෙක් බව ලියලා තියන කතාවලින්ම තේරෙනවා.
බලාපොරොත්තු වෙනවා දිගටම ඇවිත් ඔබේ රස කතා දැකගන්න.
ගොඩක් ස්තූතියි කතුවරීට ආවටත් අදහස් දැක්වුවාටත්
Deleteඌ පුතෙක් නෙමේ
ReplyDeleteඒකනේ ඒත් එහෙම අයත් ඉන්නවා නේද..
Deleteඔන්න මගේ කමෙන්ට් එක ආයෙම ස්පෑම් එකේ වගේ, පුංචි කුමාරිහාමි.
ReplyDeleteනෑ මේ තියෙන්නේ ඔයාගේ කමෙන්ට්
Deleteඅත්දැකීමක් වෙන්න ඇති හිතට කාවදින අන්දමින් ලියල තියෙනව.
ReplyDeleteහැබැයි මම නම් හිතන්නෙ දෙමාපියන් හුරතල් කරන අසමච්ජාති එවැනි දරුවන්ට සමාජය විසින් පාඩමක් ඉගැන්විය යුතුයි කියල.
නෑ මගේ අත්දැකීමක් නම් නෙමෙයි. ඔයා හරි එහෙම අයට පාඩමක් කොහෙදි හරි ලැබෙයි.
Deleteමොනවද කියන්නේ
ReplyDeleteමොනාත් නොකියා ඉමු නේද තරූ..
Deleteහරිම ලස්සනයි සුබ පතනවා. දිගටම ලියන්න..සුබ අනාගතයක් ....!!!
ReplyDeleteහපොයි මේ මොකද? තවත් පුංචියෙක්.. හෙ හෙ. ඕනේ එකක් ඔහොම යමු යමු..
Deleteදරුවො මොනව කෙරුවත් දෙමාපියන්ට තරහ යන්නෙ නැ කියන්නෙ ඒකනෙ.
ReplyDeleteඒක ඇත්ත. ස්තූතියි ඔයාට
Deletedukai namuth loka swabawaya meka thamai
ReplyDelete