Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Apr 25, 2013

මල් මාවත (1)


මම පහුගිය දවසක මගේ යාලුවෙක්ට ඕන වුන නිසා හිතට සැනසුම දෙන උපදෙස් තියෙන වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි google එකේ හෙව්වා සිංහල භාශාවෙන් ලියවුන. ඒත් කිසිම දෙයක් මට හොයාගන්න බැරි වුනා. මම හිතුවා ඇත්තටම කවුරු හරි කෙනෙක් එහෙම එකක් ලියනවනම් එහෙම හොයන කෙනෙක්ට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා.

මම වෙනත් වෙබ් අඩවියක් සදහා මීට කලකට කලින් ලියපු ලිපි පෙලක් සමඟ අලුතින් ලිපි පුංචි කුමාරිහාමිගේ වලව්වේ පළ කරන්න හිතුවේ ඒ අදහසින්. මගේ අදහසට ඔයාල එකඟ වෙයිද මම දන්නේ නෑ. කියවල බලල අදහස් කියන්න. මම ඒ ලිපිපෙල "මල් මාවත" කියලා නම් කරන්න හිතුවා. අද ඉදන් මම ඉඩ ලැබෙන වෙලාවට ඔයාලත් එක්ක මල් මාවතේ සැරිසරනවා.
එන්න ඇවිදින්න මාත් එක්ක මල් මාවතේ.


වටිනාකමට වැඩියෙන් ගෙවීම


ඔබ ජීවිතයේ කවදා හරි දිනක කිසියම් දේකට නියම වටිනාකමට වඩා ගෙවා තිබෙනවාද කියා මා ඇසුවොත් ඔබේ පිළිතුර කුමක්ද.

හැම කෙනෙක්ම ජීවිතේ කවදා හෝ දිනක එසේ කර තිබෙනවාට සැකයක් නෑ. මේ වටිනාකම ඔබ මුදලින් වගේම ජිවිතයෙන් හා සිතුම් පැතුම්වලිනුත් ගෙවා දැමුවා විය හැකියි.

මම උදාහරණයක් කියන්නම්. ඔබ කඩයක් අසලින් යන විට ඉතා ලස්සන කොණ්ඩා කටුවක් දකිනවා. ඔබ ඇතුළට ගොස් මිල විමසන විට වෙළද සේවිකාව ඉතා සුහදව පිළිගෙන කොණ්ඩාකටුව ගැන විශාල වර්ණාවක් කර එය ඔබට අලවි කරනවා. තරමක් මිල වැඩි උණත් එහි ලස්සනටත් වර්ණාවත් නිසා ඔබ එය මිලදී ගන්නවා.  
වෙනත් දිනයකදි ඔබ එය පැලැද සිටින විට ඔබේ මිතුරියක්ද එම කොණ්ඩාකටුව වගේම එකක් පැළද සිටින විට ඔබ එය ගැන විමසනවා. ඇය එය මිලදී ගත් මුදල ඔබට පවසන විට ඔබට අදහා ගැනීමට නොහැකි වන්නේ ඔබ එකම කොණ්ඩාකටුවට ඔබ නියම වටිනාකමට වඩා තුන් ගුණයක් ගෙවා තිබීම ගැන.

මෙහෙම සිද්ධියක් වුණාම අපේ සිත්වල ලැජ්ජාව,කලකිරීම වගේම වෛරයක් ඉබේම ඇතිවෙන ස්වභාවිකයි. සමහර විට හඩා වැලපෙන්න තරම් තරහක් එන්න පුළුවන්.

කොණ්ඩ කටුවට වගේම ජීවිතයේ සමහර දෙවල් වලට අපි මොනතරම් වැඩි වටිනාකමක් ගෙවලා ඇද්ද. අපේ ජීවිතේට සමීපව හිටි කෙනෙක් හදිසියේම අපෙන් ඈත්වෙනවා. පෙම්වතෙක් එහෙමත් නැත්නම් ලඟම යහළුවෙක් යෙහෙළියක්. එයා අපෙන් ඈත්වුණාම සමහර විට අපිට හිතෙන්න පුළුවන් මේ ලොකේ තිබ්බ වටිනම දේ අපිට නැතිවුනා කියලා.

එහෙම හිතලා අඬලා වැලපිලා ජීවිතේ කලකිරීමෙන් ගත කරන්න හිතෙයි.ඒත් කාලයක් ගියාම අපි තෙරුම් ගනී අපි නොවටිනා දේකට නේද වැඩි වටිනාකමක් ගෙවලා තියෙන්නේ කියලා.
"කාන්තාව ස්වභාවයෙන්ම ළඳ බොළඳයි එය ඇත්තක්.නමුත් ඕනෙම පුංචි දේකට හඬා වැටෙන ගැහැණු සිතක් විශාල හිත්වේදනාවක් දරාගන්න තරම් ශක්තිමත්".

ඔබ දන්න විදියට අපි ජීවත්වෙන යුරෝපයේ කාන්තාවන් අපේ ආසියාතික කාන්තාවන්ට වඩා බොහෝ සෙයින් ශක්තිමත් හිත් ඇති අය. අපේ රටවල අප බැහැයි කියා අතහරින බොහෝ දෑ මේ  රටවල කාන්තාවන් කිසිම පැකිලීමකින් තොරව ඉටු කරනවා ඔබ දැක ඇති.

මට කියන්න අවශ් වුණේ අපේ රටේත් ආසියාවෙත් කාන්තාවන් බොහෝ විට ජීවත්වන්නේ අනුන් මත යැපෙන මානසික තත්වයකින්. මා අදහස් කරන්නේ අපේ සදාචාරය හා හැදියාව නැති කරගන්න කියා නෙමෙයි කිසිසේත්ම. අපි බොහෝ විට සැමියා හෝ පෙම්වතා අපෙන් ඉවත් වූ විට එසේ නොමැති නම් අපි තරුණ ගැහැණු ළමයෙක් නම් බාරකාරයෙක් නොමැතිවූ විට සිතන්නේ ජීවිතය එතැනින් නැවතුණා කියලයි.

මොහොතකට සිතන්න. අපේ ජීවිතේ අයිති අපිට එහි පාලකයා අපිම මිසක් වෙන කෙනෙක් නෙමෙයි. අපේ සිත්වලට ජීවිතයට ලන්වෙන අයට සම්පූර්ණයෙන්ම අපේ ජීවිත වල අයිතිකාරයන් වෙන්න බෑ. අපි හැරෙන්න අපේ ජීවිතවලට වෙන වගකිය යුත්තෙකුත් නෑ.

ඔබ ලංකාවෙන් පිටවි විදෙස් රටක තනිවම ජීවත් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන් එසේ නොමැතිනම් රැකියාව හෝ ඉගෙනීම සඳහා නිවසින් පිටව තනිවම ජීවත් වන යුවතියක් විය හැකියි. එතැනදී ඔබේ සම්පූර්ණ වගකීම තිබෙන්නේ ඔබට මිසක් වෙන කිසිවෙකුට නොවෙයි. එනිසා කල්පනාවෙන් කටයුතු කරන්න. 

යුවතියන්ට පමනක් නොවෙයි ඕනේම මනුස්ස්යෙක්ට ජීවිතේදී අපි සිතනවාට වඩා වැඩි වටිනාකමක් සමහර දේවල් වලට ගෙවා තිබිය හැකියි. බොහෝ විට මෙය සිදුවන්නේ අපට ලංවීමට හෝ අයිති කරගැනීමට බැරි සමහර දේවල් වලට අප විසින්ම මානසිකව මිලක් තීරනය කිරීම තුලින්. එහෙත් නිදහසේ සැනසිල්ලේ කල්පනා කර බැලූවිට අප විසින් දී තිබෙන වටිනාකම ඒ දෙයට හෝ පුද්ගලයාට සැබවින්ම බොහෝ වැඩියි.

එබැවින් මොහොතක් සිතන්න..
අඩු වටිනාකම් සහිත සමහර දෑවලට වැඩි වටිනාමක් ගෙවා ජීවිතය නිකරුණේ ගෙවා දමනවාද එසේත් නොමැතිනම් සෑම දෙයකටම නියමිත වටිනාකම ගෙවනවාද කියා..

නැවත හමුවෙමු


39 comments:

  1. මමනම් මගේ ජීවිතේ විදිනව..... තවත් වෙලාවකට විදවනව.... ඒ හැමදේම මගේ ජීවිතේ තියෙන්න ඕන....නැත්තම් කිසි ගතියක් නෑ...

    ?ජීවිතය සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි. හැබැයි විදවන්න එපා.

      Delete
  2. මල් මාවතට සුබ පැතුම් කුමාරිහාමි.. අද කුමාරිහාමිලා දෙන්නම එකට ම පෝස්ට් දාලා. දෙන්නව පැටලෙනවා.

    ReplyDelete
    Replies
    1. හපොයි නලීන් අයියේ ටැපලගන්න එපා. දැන් කුමාරිහාමිලා දෙන්නෙක් නෙමෙයි මහ ගොඩක් ඉන්නවා. දැක්කේ නැද්ද?

      Delete
    2. කුමාරිහාමිලා උනාට ඔසරියයි/බෙරලියන්තු මාලෙයි/හැදියාවයි එයාල ලග නැහැනෙ.

      Delete
    3. එහෙමද කෙන්ජි එහෙනම් මොනවද තියෙන්නේ.??

      Delete
    4. ඔසරියට යටින් බෝල කුට්ටමක් තියනව කියල නං දැයෙනව ඒ කුමාරිහාමිගෙ බ්ලොග් එක දැක්කාම :D

      Delete
  3. අළුත් වැඩකට අත ගහල... ඒක වටින දෙයක්... ඇත්තටම... අත්දැකීම් එක්ක ලියද්දි තවත් හොදයි... දැන් අවුරුදු දහතුනක්ම ගෙදරින් පිට මගේ බර මගේම කර පිට තියාගෙන තමයි මමත් ජීවිතේ ගෙවන්නෙ.. කිසිම අවුලක් වෙලා නෑ ... මං හිතන්නෙ ඒකට හේතුව කල්පනාවෙන් වැඩ කිරීම වගේම... මට ලැබිල තියෙන නිදහසේ වටිනාකම තේරුම් අරගෙන ජීවත් වීම....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු අදහස්වලට.
      ඔව් අපි කල්පනාවෙන් ජීවත්වෙනවනම් ප්‍රශ්නයක් නෑ. මම මේක ලියන්න හිතුවේ කවුරු හරි තනියෙම දුකින් ඉන්නවනම් එයාට එයාගෙ හිත හදාගනන් පුංචි අත්වැලක් වෙන්න.

      Delete
  4. මගේ බිරිද දුවට/පුතාට [17+/11+] එලියට ගියාම,මිලදී ගන්න පෙර පැය ගනන් කාලය ගත කරල හොදම දේ අඩු මිලට ගන්න පුරුදු කරල තියෙන්නෙ.
    මම නම් ලංකාවෙදි ගෙදරට යම් කිසි සේවයක් ලබා දුන් අහිංසකයන්ට වැඩිපුර ගෙවල තියෙනව.
    අයියෝ සල්ලිනෙ කියවිල නම් තියෙන්නෙ ලගම එව්වො හක්කේ දත් ගැලෙව්වමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් එක එක්කෙනාගේ පුරුදු වෙනස්. ඔයාගේ ක්‍රමය හොදයි

      Delete
  5. එහෙම වුනාම ඇතිවෙන පසු තැවිල්ල වෙච්ච ආර්ථික පාඩුවට වඩා දරුණුයි. ඒක එක්තරා මදිකමක් වගේ දැනෙන්න ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒකම තම මම කියන්නේ dude. ඒක භෞතික දෙයක් නොවෙන්නත් පුලුවන්. අපි මානසිකව වැඩිපුර ගෙවලා නම් නොවටිනා දෙයකට.

      Delete
  6. මට හිතා ගන්න බැහැ මොනවා කියන්නද කියල පුංචි...

    ඔයාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ...!

    ReplyDelete
    Replies
    1. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් Silent..

      Delete
  7. මලමසුරන් අදසස් ටික... මේක දිගටම කරන්න.. කාට හරි , කවදා හරි ප්‍රයෝජනවත් වෙයි..

    >> එහෙම හිතලා අඬලා වැලපිලා ජීවිතේ කලකිරීමෙන් ගත කරන්න හිතෙයි.ඒත් කාලයක් ගියාම අපි තෙරුම් ගනී අපි නොවටිනා දේකට නේද වැඩි වටිනාකමක් ගෙවලා තියෙන්නේ කියලා. <<

    මම හිතන්නෙ මේ කතාව වෙන විදිහකට පුංචිට මම දවසක් කිව්වා.. එතකොට ඔයා පිළිගත්තෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා. මට මතකයි. ඔයාට ස්තූතියි.

      Delete
  8. ඔයා හොඳට මේ බ්ලොග් එක කරගෙන යනවා. මම ඔයාට උණුසුම් පුබ පැතුම් පිරිනමනවා. මමත් බ්ලොග් එකක් කරගෙන යනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා අදහසක් පළ කරලා යන්න ඒක හුඟක් වටිනවා මට.

    ReplyDelete
  9. දැන් පුංචි කුමාරිහාමි කියලා බ්ලොග් එකක් තිබෙනවා ඒක තරම් දැන් ජනප්‍රියම බ්ලොග් එක. එකේ පළ වන ලිපි හරි ජනප්‍රියයි. ඒ වගේම රසවත්. හරිම උසස් මට්ටමක තියෙනවා. ඉස්සර පුංචි කුමාරිහාමිගේ වලව්ව කියන බ්ලොග් එක මම බලන්න පුරුදු වෙලා හිටියා. ඒත් දැන් මේ බ්ලොග් එකේ පල වෙන්නේම කිසිම වැදගත්කමක් නැති නිසරු පල්හෑලි වගේ දේවල්. ආ ගිය තොරතුරු. මේකට එන උදවියත් කරන්නේම අනුන්ගේ සීනි කිරන එකයි අනුන්ගේ කිලිටි හෝදන එකයි. ගොසිප් කතා කරන එකයි ඊර්ෂ්‍යාව නිසා ඇති වන මාන්නාධික හැඟීම් පිට කරලා හිත සනවා ගන්න එක විතරමයි. මම හිතන්නේ ඉස්සර මේ බ්ලොග් එක අයිති කරගෙන තිබුණූ ජනප්‍රියත්වයටත් වඩා 200%ක විතර ජනප්‍රියත්වයක් පුංචි කුමාරිහාමි බ්ලොග් එක මේ වන විටත් අත්පත් කරගෙන තිබෙනවා. මම හිතන්නේ තවත් කාලයක් යනකොට මේ බ්ලොග් එක ඉතාම ජනප්‍රිය වේවි.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ හෙ.. :D :D :D

      පව් අනේ ඔයා. ඇඬෙනවා.. :D :D

      Delete
    2. ඇඩ්වටයිසිං පාර නැගලම යනව නේද ??

      Delete
    3. පව් අනේ ඒක තමා. මට නම් ඇඩෙනවා.

      Delete
  10. පුංචි කුමාරිහාමි කියලා ඔයා බ්ලොග් එකක් කරනවා කියලා නොදන්න කම් නිසා තමයි මගේ නමේ කොටසක් තියෙන විදිහට මගේ බ්ලොග් එකත් පුංචි කුමාරිහාමි කියලා නම් කලේ. ඒත් මම හිතනවා ඒ නිසාම ඔයා මා ගැන වැරදි වැටහීමක් ඇති කර ගෙන ඇති කියලා. මම ඒ නිසා ඔයාට අපහසුවක් ඇති නොවෙන්න මගේ නියම නමින්ම බ්ලොග් එක නම් කලා. මා ගැන වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා. මම දවසක් මගේ නම ගූගල් වල සර්ච් කරද්දී තමයි මේ බ්ලොග් එක මට පෙනුනේ. මම බැලුවා මගේ නමම තියෙන බ්ලොග් එකක් මොකද කියලා. මම ඔයා තරම්ම බ්ලොග් ලියන්න එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මම බ්ලොග්කරණයට සම්පූර්ණයෙන්ම ආධුනිකයි. ඒත් ඔයාලා වගේ ප්‍රවීණයන්ගේ අදහස් මට ලැබෙනවා නම් මට ඒක ගොඩාක් වටිනවා. මම ඔයාගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලනවා ඔයාට හැකි නම් මගේ බ්ලොග් එකේ ලිපි කියවලා ඒවාගේ ගුණ දොස් පිලිබඳ අදහස් දක්වලා මාව ධෛර්යමත් කරන්න කියලා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කැත වැඩ කරන්න එපා හලෝ. මේක ඔහේගේ ප්‍රොෆයිල් පින්තුරෙත් නෙමෙයි.මේ මූන අයිති ලමයා මගේ යාලුවෙක්. තමුන් මානසික ලෙඩෙක්.

      Delete
  11. ඔයාට පිස්සුද මගේ ෆොටෝ එක මගේ නෙවෙයි කියලා කියන්න. මේක මගේ ෆොටෝ එක. දැන් නම් මම මීට වඩා වෙනස් ටිකක් විතර. කැම්පස් යන්න කලින් ෆොටෝ එකක්. ඔයාගේ යාලුවා මගේ රූපයට සමාන ඇති. ඒත් ඔයා මාව වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ. දැන් ඔයා කියයි මගේ දෙමව්පියෝ. මගේ සහෝදරයෝ විතරක් නෙවෙයි මගේ දේපල හැම දෙයක්ම ඔයාගේ කියලා. මට පේන විදිහට ඔයායි මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුත්තේ

    ReplyDelete
    Replies
    1. හෙලනි කියලා මගේ යාලුවෙක්ගේ ප්‍රොෆයිල් පික්චර් එක අරන් මේ කරන් යන කැත වැඩේ නවත්වනවා. තමුන් කවුද කියන්න අපි හැමෝම දන්නවා.

      Delete
  12. ඔයත් ඩබල් ගේම් නේ දෙන්නේ. ඔයාටත් අනන්‍යතා කීයක් තියෙනවාද? අරහේ බ්ලොග්වල අනුන්ට අපහාස කර කර මෙහෙ පූස් පැටියා වගේ නම මාරු කරගෙන ඒවා හොඳයි ද?

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් නේද ආචාරියෝ..හික්ස්. :D :D

      Delete
  13. //අපේ ජීවිතේට සමීපව හිටි කෙනෙක් හදිසියේම අපෙන් ඈත්වෙනවා//

    ඒ වැකියුම් එකට මම මගෙ ජීවිතෙන් අවුරුදු දෙකක කාලයක් එක්ක උසස් පෙල විභාගෙන් වන්දිය ගෙවුව . . . . .

    //අපේ රටේත් ආසියාවෙත් කාන්තාවන් බොහෝ විට ජීවත්වන්නේ අනුන් මත යැපෙන මානසික තත්වයකින්.//

    මම මගෙ හාමිනේගෙ ඔලුවෙන් ඔය යැපීම් මානසිකත්වෙ අයිං කරන්න පුදුම උත්සාහයක් දරන්නෙ . . . හැබැයි නැන්දම්මයි හාමිනේගෙ පොඩි අක්කයි ඉන්නකල් ඒක මට කරන්න බැහැ.

    නමුත් මම මගෙ දුව ඒ වගේ මානසික මට්ටමකට හදන්නෙ නැහැ. මට ඇත්තටම සතුටුයි මම ඒ අභියෝගය (ඔවු අභියෝගයක් තමා යැපෙන මානසිකත්වයක් තියන ගෑනු ගොඩක් එක්ක හැදෙන ගෑනු ලමයෙක් වෙනස් විදියකට හදන එක) ජයගත්ත කියල.

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තූතියි.. අපි අනුන් මත යැපෙන් මානසික තත්වයෙන් ගැලවෙන්න ඕන. මම හිතන්නේ අපි ගොඩක් දුක් වේදනා විදින්නේ ඒ මානසික තත්වය නිසා.

      Delete
    2. /*ඒ වැකියුම් එකට මම මගෙ ජීවිතෙන් අවුරුදු දෙකක කාලයක් එක්ක උසස් පෙල විභාගෙන් වන්දිය ගෙවුව . . */
      හෙහ් හෙහ්... මම විභාගෙයි අවුරුදු 3යි :) පස්සෙ ඒ හරකා වික්කා...

      Delete
  14. මේකේ වෙන ඒවා දැක්කම හිනා යනවා.අනේ අත්තමයි මේ තරම් Dr. ලා ඉන්නවද මේ රටේ ...? මෙච්චර ප්‍රොෆයිල් ගාණක් තියෙන Dr. කෙනෙක් දැක්කමයි... හෙහෙ ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ sahan Dr දාන කමෙන්ට් පබ්ලිශ් කරොත් වමනේ යනවා. :D :D

      Delete
    2. ඇයි ඔයාලා පුද්ගලයින්ට නිර්නාමිකව අපහාස කරන්නේ ඒ පුද්ගලයා ඔයාලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් අරගත්තොත් ඔයාලා මොනවද කරන්නේ. ඔයාලා නිකම් වැදගත් මිනිසුන්ට අපහාස කරන්නේ ඔයාලට ඒ සමාජ තත්වය උගත්කම නැති ඊර්ෂ්‍යාව නිසා නේද ඇත්තටම? මෙහෙම කිව්වා කියලා ඔයාලා හිතන්න එපා ඔයාලා විවේචනය කරන පුද්ගලයා වෙන තමකින් කමෙන්ට් එකක් දාලා කියලා. මම බ්ලොග් වලට නිතර කමෙන්ට් නොකළට අන්තර්ජාලය නිතර කියවන කෙනෙක්. ඔයාලා හිතනවද ඔයාලා කරන දේවල් අනිත් අය අනුමත කරනවා කියලා නැහැ. මෙකෙන් වෙන්නේ ඔයාල ඔයාලටම නින්දා කරගැනීමක්. ඊට අමතරව අර පුද්ගලයාට නොමිලේ පබ්ලිසිටි එකක් ඔයාලා ලබා දෙනවා.

      Delete
    3. අපි මේ කතා කරේ Dr කියල අපේ යාලුවෙක් ගැන නර්මදා .ඔයා විස්සෝප වෙන්ට කාරී නැහැ . :)

      Delete
    4. හීක්ස්.. :D :D . ඒකනේ සහන්. නර්මදාට අපි ගැන දුක හිතිලා. අපිට කිසි දෙයක් නැති නිසාලුනේ අපි අනිත් අයට මඩ ගහන්නේ.

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...