Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
May 17, 2013
මල් මාවත - 2
ඔබ
ඔබේ ජීවිතයට කෙතරම් වටිනාකමක් දෙනවද? සමහරවිට අපි අපේ ජීවිතේට වඩා වටිනාකමක් අන්යන්ගේ ජීවිතවලට දෙන අවස්ථා නැතිවා නෙමෙයි නේද. ඒ වගේමයි සමහර අවස්ථාවලදී අපි අපේ සැප පහසුව,
අපේ ලාභය අපේක්ෂා කරනවා මිසක් අනෙකාගේ දුක අපහසුව ගැන නිකන්වත් හිතන්නේ නෑ.
මෙලොව
සිටින ආත්මාර්ථකාමීම සතා මිනිසා යැයි මා ඔබට කිවොත් ඔබ එකඟ නොවෙනවාද. මිනිසා තරම් තමන්ගේ සැප පහසුව සතුට වෙනුවෙන් අනුන්ගේ ජීවිත අනුන්ගේ සතුට විනාශ කරන වෙනත් සත්වයෙක් මේ මිහිපිට නැති තරම්.
ගොඩක්
මිනිසුන් හැම මොහොතෙම සිතන්නේ අනිත් මිනිසුන් තමන්ගේ සේවය සහ සතුට වෙනුවෙන් මේ ලොවට පහළ වී ඇති බවයි. ඔවුන්ගේ ක්රියාවන් නිසා අනිත් අය මොනතරම් අපහසුතාවයට පත් වෙනවාදැයි ඔවුන්ට සිතන්නට ඔනෑකමක් නෑ. ඔවුන් කරන කියන දේවල් වලින් අනිත් අයගේ ජීවිතේට වන හානියවත්
අන්යන්ගේ සිත්වල ඇතිවන වේදනාවත් බොහෝ මිනිසුන්ට සිතෙන්නේ නෑ.
මේ
පිළිබදව කතා කරද්දී මා අසා ඇති කුඩා කතාවක් මතක් වුණා.
එක
රැයක නිදා ඉන්න මනුස්සයෙක්ට ඇහෙනවා මහා හයියෙන් කවුද කෑ ගහනවා "උදව් කරන්න ..අනේ උදව් කරන්න.." කිය කියා. මේ නිදා හිටපු කෙනා ටිකක් වෙලා අහන් හිටියා. මේ විලා ප තැබීම නතර වෙන්නේම නෑ.ඉතින් මේ පුද්ගලයා ගෙදර ලයිට් එහෙම දාලා එළියට බැහැලා බැලුවා මේ මහ රෑ උදව් ඉල්ලන්නේ කවුද කියලා. මොකද කිසිම කෙනෙක් කරදරයක් නොවේ නම් එහෙම
මහ
රෑ කෑගහන්නේ නෑ නේ.
එළියට බැහැල වටපිට බැලුවට ගේ ඉස්සරහනම් කවුරුත් නෑ.
පස්සේ
ටිකක් වටපිට බලනකොට දැක්කා කවුද කෙනෙක් මේ කෙනාගේ වත්තේ තියෙන ඔන්චිල්ලාව උඩ වාඩි වෙලා ඉන්නවා.
එයා පුදුමෙන් ඒ මනුස්සයා ළඟට ගිහින් අහනවා. "ඔහේද මේ උදව් ඉල්ලලා කෑ ගැහුවේ"? කියලා. ඒ මනුස්සය කියනවා. "අනේ ඔව් මට පොඩි තල්ලුවක් දෙන්න කියලා"
මේ මනුස්සයත් නිදි මත බේරෙද්දී " හා හා එහෙනම් යන්. කොහෙද වාහනේ නැවතුනේ" කියලා කිව්වේ මහරෑක වාහනයක් පාරේ නතරවුනාම අසරණ වෙන හැටි හිතලා.
.
.
"වාහනයක් නෙමෙයි. මම කිව්වේ මේ ඔන්චිල්ලාව ටිකක් තල්ලු කරන්න ." අර උදව් ඉල්ලන් ආපු මනුස්සයා කියනවා,.
මහා රෑ
නිදන් ඉන්න මනුස්ස්යෙක්ගේ වත්තට ඇවිත් ඒ මනුස්සයාටම ඔන්චිල්ලාව තල්ලු කරන්න කියන මිනිස්සු
අපි අතරේ හිඟ නෑ නේද. ඔබේ ජීවිතෙත් එහෙම මිනිස්සු හමුවෙලා ඇති.
මිනිස්සු
ගැන හිතෙනකොට පුදුම හිතෙනවා නේද. තමන්ගේ සුවපහසුව,සතුට විතරක් හිතන මිනිස්සු අනිත් අයගේ දුක,අපහසුව ගැන නිකන්වත් හිතන්නේවත් කරදර වෙන්නේත් නෑ.
අනිත් අයගේ හිත් රිදුනට එයාලට නින්දා අපහාස කරාට කිසිම විදියකින් දුකක් වේදනාවක් නොදැනෙන මේ අයට තමන්ට හරි තමන්ගේ කාට හරි අපහාස කරාම දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා.
එයාලා අනුන්ගේ ජීවිත පාචිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික දේපල වගෙයි.
ඔබත්
එහෙම කෙනෙක්ද කියලා නිකමට හිතලා බලන්න
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
මල් සිංදු4 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,360
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
තමන් ගැන පමණක් සිතන බඩගෝස්තරවාදී අවස්ථාවාදියො නිසා අනතුරට පත් වුන ජිවිත නම් කොච්චර තියෙනවද.
ReplyDeleteඔව් ඒත් අපිත් සමහර වෙලාවට අපි ගැනම විතරක් හිතෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?
Deleteතනිකඩ ජීවිතයේදී තමන්ට පෙර අනුන් ගැන සිතුවාට,දරුමල්ලන් සිටින විට පළමුව සිතන්නෙ මා/අප ගැන.
Deleteනමුත් පවුලක් ලෙස මා/අප ගැන සිතා අනුන්ට ගිනි දෙන්න යන්නෙ නැත.
සම හරක් මේ ගිනි දෙන එක ගැනයි මම කිව්වෙ.
මමයි/අපියි කියද්දී දෙසැරයක් හිතන්න වෙන්නෙ නැද්ද?
ඔව් එහෙම උනාම නම් දෙපාරක් හිතන්න වෙනවා තමයි.
Deleteමම නම් කරන්නෙ මට වටිනව කියල හිතෙන එව්වා විතරයි... හැබැයි ඕක කාට හරි කිව්වහම ලැබෙන ප්‍රතිචාර වලට නම් ඇඬෙනව සමහර වෙලාවලදි... ;)
ReplyDeleteගොඩක් වෙලාවට හිනාවෙලා ඔන්චිල්ලා තල්ලු කරන වැඩේ කරනව මම... ඒ වගේ සීන් අපේ කැපෑසිටි එක මැනගන්න පොඩි ටෙස්ට් එකක් විදිහට තමා හිතෙන්නෙ...
ඔයත් හොද ටෙස්ට් තමා කරන්නේ. :D :D
Deleteමසුරන් අදහසක් පුංචි අද ඔබ ලියලා තියෙන්නේ.. මෙවන් තත්ත්වයකට තමන් නොවැටි සිටීමට වෙර දැරීමයි අප කළ යුත්තේ එවිට සමාජයම නිවැරදිවේවි.. අපට සමාජයක් හදන්න අමාරුයි.. ඒත් සැමදෙනාම තම තමන් හරියට හැදුණොත් ගැටලුව අහවරයි..
ReplyDeleteස්තූතියි නලින් අයියේ..
Deleteමල් මාවතේ 1 හොයාගෙන එන්නම්....
ReplyDeleteහරි හරි හොයන් එන්නකෝ. ආවට ස්තූතියි සිරාට.
Deleteමම එහෙම කෙනෙක් නොවෙන්න සෑහෙන්න උත්සාහ දරනවා, නමුත් එහෙම අයත් එක්ක තමයි රාජකාරි කරන්නේ.
ReplyDeleteඅපි ජීවත්වෙන වටපිටාවෙන් එහෙම අය ඕනතරම් හොයාගන්න පුලුවන්. ඒක නිසාමයි අපේ හිත් සමහර වෙලාවට ගොඩක් රිදෙන්නේ.
Deleteපුංචි, මුලින්ම මිනිස්සුන්ගෙ අැතුලෙ නිදාගෙන ඉන්න සතා ගැන අවභෝධයක් ලබා දෙන මේ ලිපි මාලාවට ගොඩක් ස්තූතියි.
ReplyDeleteඅවංකව කතා කළොත් අපි හැමෝම අාත්මාර්ථකාමියි. මමනම් එහෙමයි. එ්ත් එ්ක පාලනය කරගෙන අනුන්ට උදව් කරන්න මම උත්සහ කරනවා හැබැයි සීමාවක් අැතුලෙ. උදා: කව්රු හරි අැවිත් කිව්වොත් මට ඉන්න තැනක් නෑ ඔයා මට ඔයාගෙ ගේ දීලා යන්න කියලා මට එ්ක කරන්න බෑ. එතකොට මම තුල ඉන්න අර සතා අවදිවෙනවා. තමන්ට අවාසියක් නොවෙන තාක් කල් මිනිස්සු පරාර්ථකාමියි. ඔ්කෙ සීමාව පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. ඔ්ක තේරුම් අරන් ඉන්න තමා තියෙන්නෙ.
ඔයා හරි සෙන්නා
Delete
ReplyDeleteමම එහෙම කෙනෙක් නොවන බව දැනෙන එක සතුටක්... ඊටත් වඩා සතුටුයි මටත් වඩා අනුන් ගැන හිතන යහපත් මිනිසුන් පිරිවරාගෙන ජීවත් වෙන්න ලැබීම.....
අඩුලුහුඩුකම් නම් නැතිව නෙවෙයි.. ඒත් මං කැමතියි නරකට වඩා හොද ගැන හිතන්න...
ඔයා හරි. එහෙම නම් ඔයා වාසනාවන්තයි.
Delete//අනිත් අයගේ හිත් රිදුනට එයාලට නින්දා අපහාස කරාට කිසිම විදියකින් දුකක් වේදනාවක් නොදැනෙන මේ අයට තමන්ට හරි තමන්ගේ කාට හරි අපහාස කරාම දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා.
ReplyDeleteඑයාලා අනුන්ගේ ජීවිත පාචිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික දේපල වගෙයි. //
ඔය වගේ මිනිස්සු මගෙ ජීවිත කාලෙ මටත් මුණ ගැහිලා තියෙනවා, ඒ බොහොම කීපදෙනෙක්, අනුන්ට අපහාස කරන්න දෙපාරක් නොහිතන, නොපැකිලෙන, තමන්ට අපහාසයක් වුනොත් මුළු ලෝකෙම දෙක කරන අය.
මංදා...,
මමනම් හිතන්නෙ දිට්ඨධම්මවේදනීය කර්ම විදියටම ඕවා ආපහු කැරකෙන අවස්ථාත් තියෙනවා... අඩුපාඩු නැති මිනිස්සු නෑ තමා, ඒත් අනුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක මහ භයානක සෙල්ලමක්.
ඔව් හිතූ.. ඒත් සමහරු ඒ ගැන නිකන්වත් හිතන්නේ නෑ. ඒකයි දුක.
Deleteඅපි ජිවිත කාලෙටම අත්දැකිම් වලින් ඉගෙන ගන්නෙ මිනුසුන් ගැනයි. අවස්තාවාදින්, ආත්මාර්තකාමින්, අහංකාර, නිරහංකාර, ආඩම්බර, නිහතමානි, අහිංසක, වංක ඔහොම කියාගෙන කියාගෙන යන්න පුළුවන්. මිනිස්සුගෙ මානසික මට්ටම විවිධයි කුමාරිහාමි.
ReplyDeleteඒවා අවබොධ කරගැනිම විතරයි අපි කළයුත්තෙ.
කාලෙකට පස්සේ මෙයාට අපිව මතක් වෙලා තියෙන්නේ. :D
Delete