Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jun 4, 2013

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි...


විසල් පුරයකට සඳ පෑයූ කල සඳටද එම පුරයටද එයින් පලක් නොවන බව මම වටහා ගත්තේ විසල් පුරයක තනිවූ මුල් කාලයේමය. අහස උසට නගින තට්ටු බිල්ඩින් සහිත මහා කොන්ක්‍රිට් වනාන්තරයක එක් ගසක උසම අත්තක් සිට මම ලෝකය දෙස බලන්නට උනා. ඇත්තටම ලෝකය පුදුමාකාරයි මට මම  මිස වෙන අයකු වීමට නොහැකි බව එදවස මට තේරුනේම නෑ. මම උත්සහා කරා එක එක වගේ අය වෙන්න. ඒත් ඒක සාර්ථක නෑ කියලා තේරුම් ගියේ ගොඩක් කල් ගියාම.

ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්නේ අපි විසින්ම හදාගත්ත හරි වෙනත් අය හදලා දුන්න හරි රාමුවකට මැදිවෙලා. ගෑනු ළමයෙක් නම් මේ වගේ අත්දැකීමට අනිවාර්‍යෙන්ම මූණ දෙනවා. ඒත් රාමුව සමහරවෙලාවට දරාගන්න බැරි තරම් පීඩාවක් වෙනකොට ඒකෙන් පලායන්න තියෙනවනම් කියලා හිතෙන වාර අනන්තයි.
උස බිල්ඩිමක ඉදන් පහල බලන් ඉන්නකොට සමහරවෙලාවට බයත් හිතෙනවා. හරියට ජීවිතේ වගේමයි. 

ගැඹුරක් ගැන හිතන්නේ නැතිව ඉන්නකොට දැනෙන්නේ හරිම ලස්සන තැනක හරිම ලස්සනට ගතවෙනවා කියලා. ඒත් හිතලා බැලුවම ඊට වගේ බොහෝ දේවල් ජීවිතේ ඇතුලේ තියෙනවා. උස් තැනක ජීවත්වෙනකොට ඇතුලේ ඉන්න අයට හිතෙන්නේ නෑ පොලවේ නෙමෙයි ජීවත් වෙන්නේ කියලා ඒත් පහල ඉන්න අය දන්නවා එයාල ඉන්නේ පොලවට සමාන්තරව නෙමෙයි කියලා. එයාලත් දවසක පොලවට බැස්සම තමයි දැනගන්නේ හිටියේ ගොඩක් උඩ කියලා.

පහුගිය කාලේ සිද්ද වුන බොහෝ දේවල් වලින්  ගැන  මිනිස්සු ගැන, ජීවිතේ ගැන මහ ගොඩක් ඉගෙන ගත්තා. අන්තර් ජාලය පාවිච්චි කරන්න අරන් බොහෝ කලක් උනත් මේ  social net work වලට මම අවුරුද2 ක් විතර තමයි සම්බන්ද වුනේ. ඊට කලින් ඔය දේවල් තිබ්බත් ඇත්තටම මට ඒවා ඒ හැටි අවශ්‍යතාවයක් දැනුනේ නෑ.

ඒත් ඒවට සම්බන්ද වුනාට පස්සේ  බොහෝ අත්දැකීම් ලැබුනා හැබෑ ජීවිතේ හම්බවුනාට වඩා අරුම පුදුම මිනිස්සු අඳුනගන්න ලැබුනා..හරියටම විශ්වවිද්‍යාල උපාධියකටත් වඩා යමක්. දැන් මම මිනිස් සත්වයා ගැන දැනුමෙන් පිරිපුන්. ආත්‍මාර්ථකාමී මිනිසුන්ගේ හැසිරීම්වලින් දුක් නොවී ඉන්න තරමට ශක්තිමත්.

තනියෙන් ඉන්න වෙලාවකට සුන්දර අදහස් තියෙන මිනිස්සුන්ගේ ඇසුර හිතට ගෙන්නේ සැනසීමක්. ඒ වගේම ගීතයක් කවියක් වගේම සිතට සතුටක් දෙන චිත්‍රපටියකින් පවා හිතට ගේන්නේ සැහැල්ලුවක්, ඒත් ඒකෙම අනිත් පැත්තත් එහෙමයි.

මේ වෙලාවෙම සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු හඬ ඇහෙනවා.
ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
දිවිය කැපකළ උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
සත්තකින්ම මිනිස්කම අදුරනා මිනිසුන් ජීවිතය කියා දෙනවා. ඒ වගේම මිනිස්කම නාදුනනා මිනිසුන් ජීවිතය එපා කරනවා. ඒ ජීවිතයෙත් මිනිසුන්ගේත් හැටි.

ජීවිතය මොකක්ද කියලා තේරුම් ගන්න ජීවිතේ මොකක්ද කියලා තේරුමක් තියෙන අයගේ ඇසුර ඕනේ. ඒ වගේම ඒ අත්දැකීම් තියෙන අය ලියපු කියපු දෙවල් කියවලා බලලා තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ මම දැන් තේරුම් ගනිමින් ඉන්නවා.

සොඳුරු මිනිසුන් සිටිනා ඉසව්වක් දෙස බලා සිටිනා මම..

පුංචි…

23 comments:

  1. අපි හැමෝම ඉතින් ඔහොම තමා. හැමදාම අලුත් අලුත් දේවල් තේරුම් ගනිමින්, ඉගන ගනිමින් ඉන්නවා..

    ඔයාමනෙ දවසක් කිව්වෙ මිනිස්සු කළුත් නෑ, සුදුත් නෑ, අළු.. කියලා...ඉතින් අළු මිනිස්සු කරණ කියන දේවලින් හිත රිදව නොගෙන ඉන්න අටලෝ දහම මෙනෙහි කරලා, පුරුදු කරවන්න.. එතකොට ඔය කලකිරුනු ගතිය මගෑරිලා යයි..

    ReplyDelete
    Replies
    1. ඔයා හරි සෙන්නා. ඒත් මිනිස්සු සුදුත් නෑ කළුත් නෑ කිව්වට දැන් නම් හිතෙනවා කළු මිනිස්සුත් ගොඩක් මේ ලෝකේ ඉන්න බව.

      අර ආචාර්‍ය නමක් දාගෙන ආපි මනුස්සයා දැන් "පුංචි කුමාරිහාමි" නමින්ම කරගෙන යන අසභ්‍ය බ්ලොග් එක දැක්කම හිතෙනවා ඇයි මිනිස්සු තවත් කෙනෙක් එක්ක තරගෙට මේ වගේ පහත් වැඩ කරන්නේ කිය්ලා. අපි ජීවිතෙටත් නොදැකපු, කතා නොකරපු මිනිස්සුත් අපේ තරහ කාරයො වෙන්න පුලුවන් බව මම තේරුම්ගත්තේ මෙතනදී.. පසුතැවීමක් නෑ කලකිරීමක් විතරයි.

      Delete
  2. Jeewithaya gaburu tamai eth kohoma hari adagen digatama jeewath wemu,,,,,,ape friendship ekath ekkama

    ReplyDelete
  3. ප්‍රධාන දේ සැලෙන්න නරකයි. නොසැලන මනසක් තිබුනම කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. මේ බ්ලොග් ලියන උන් අතරේ ඉන්නවා මානසික ලෙඩ්ඩු. දෙන්නෙක් තුන්දෙනෙක් ස්ත්‍රීන්ට විරුද්ධව කොමෙන්ට්ස් දානවා විතරක් නෙමෙයි. බ්ලොග් පවා ලියනවා. ඒවා සත පහකට ගනන් ගන්න නරකයි. බුද්ධිමත් බව කියන්නේ එයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියන්ත. ඔයා දකින්නත් ඇතිනේ "පුංචි කුමාරිහාමි" නමින්ම කරන් යන කැත පහත් වැඩේ. ඒ මනුස්සයා ඒකෙන් ලොකු සතුටක් ලබනවා ඇති.

      ස්තූතියි ඔයාට,

      Delete
  4. බ්ලොග් කෙරුවාවේ උනත් එහෙමම තමයි පුංචි. ඉහඳ පණුවොත් ඉන්නවා. ඇත්තෙන්ම උත්තම මිනිස්සුත් ඉන්නවා. ඒවගේම අතර මැද ඉන්න අයත් ඉන්නවා. නමුත් අර සංඛයාවෙන් කුඩා ඉහඳ පණුවන්ගේ ක්‍රියාවල ගඳ තමයි අවකාශය වසා පැතිරෙන්නේ. හරියට කිරි කලේට ගොම බින්දුවක් දැම්මා වගේ.

    නමුත් මම ඇත්තෙන්ම බ්ලොග් කලාවට ස්තුතිවන්ත වෙනවා ඒක නොතිබුනානම් මට කවදාවත් මුන නොගැහෙන හොඳම හිතවතුන් කීප දෙනෙක් මට හඳුන්වලා දීම පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තෙන්ම අපි මෙතනදී ගොඩක් හදවතට සමීප අය මුනගැහුනා. ඒ වගේම අපේ අදහස් කියාගන්න අවස්ථාවක් ආවා. ඒ වගේම තමයි අර පහත් ජරා මිනිස්සුන්ගේ ක්‍රියාවන්.

      අපිට තියෙන්නේ බල්න් ඉන්න ඔයා හරි. ස්තුතියි ඔයාට

      Delete
  5. මම බොහෝ සොදුරු හදවත් සමග සැනසුමින්...

    මගේ රාමුව ඇතුළෙ නිදහසේ... පිටින් බලන අය හිතනවා ඒ රාමුව ඇතුළෙ මං හිර වෙලා කියල... එහෙම හිතන අය උත්සාහ කරනවා මාව ඒ රාමුවෙන් පිටට ඇදල ගැනීම ලොකු පිනක්.. හපන්කමක් කියල...ඒත් මං ඉන්නෙ සැනසීමෙන්.... හැබෑ යාළුකම නං මාව කණපිට හරවන්න උත්සාහ කිරීමට වඩා තේරුම් ගැනීමට උත්සාහ කිරීම...

    එවැනි සොදුරු මිනිසුන් හමුවේවා යන්න මගේත් පැතුමයි... මමත් උත්සාහ කරනවා එවැනි කෙනෙක් වෙන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි තරු ඔයා හැමදාම හැමදෙයක් දිහාම සුබ වාදීව බලන එක ගැන.
      ඔයාට එහෙම මිනිසුන් මුනගැහේවි.

      අපිට එහෙම අය වෙන්න පුලුවන් නම් අපිට හමුවෙන අය හැමොම සොඳුරු මිනිසුන් වෙයිද? මට තියෙන ගැටලුව ඒකයි. අපි මොනතරම් හොද කරත් සමහර මිනිසුන් ඔවුන්ගේ පහත් ගති අතහරින්නේ නෑ.

      ස්තූතියි තරූ ඔයාට

      Delete
  6. ඇත්ත. මිනිස්සු කියන ජාතිය තේරුම් ගන්න හරි ම අමාරු යි.. වෙලාවක මේ පාරෙන් ඇවිත් යන්න.
    http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි ආවාට. එන්නම් ඒ පැත්තෙ.

      Delete
  7. ලොකු අත්දැකීම් තියන ඔයාලා කියන දේවල් අහලා පුංචි මගේ පුංචි මොලේ වයර් මාරු වෙලා වගේ
    මොනවා උනත් වළව්ව නම් හරිම ෂෝයි

    ReplyDelete
  8. >>ජීවිතය මොකක්ද කියල තේරුම් ගන්න<<
    ජිවිතෙ මොකක්ද කියල තේරුමක් තියෙන අය වගේම,තේරුම් නොගත් අයගේ ඇසුර නැතත් අදහස් වටිනා බව මා සිතමි.

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ.
      තේරුම් නොගත් අයගේ ඇසුර නැතත්??

      කොහොම උනත් ගොඩක් වෙලාවට අපිට මිනිසුන් තේරුම් ගන්න වෙන්නේ ඇසුරු කරලම තමයි නේද?

      Delete
  9. අන්න සිංදුව...ජීවිතය නම් කිමැයි.....

    ReplyDelete
    Replies
    1. ලස්සන සිංදුවක් නේද තරුවෝ.. මම නම් ආසම එකක්.

      ස්තූතියි

      Delete
  10. මටත් කාලෙක ඉඳල තේරුණා මේකේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියල. ටික ටික තේරුම් යද්දී ඒ හැම දෙයකටම හුරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හුරු වුනාට පස්සෙත් එයාලා එක්කම ඉන්නවද අසර්?

      හුරුවෙලා ඒ ගොඩේම ඉන්න වනම් ජිවිත කාලෙම ඒ දේවල් දරාගන්නත් වෙනවා.

      Delete
  11. ඔව් කුමාරිහාමි, ඔයා කිව්ව වාගේ අන්තර්ජාලයත් හරියට විශ්වවිද්‍යාලයක් වගේ තමා,
    විවිද මිනිස්සු! විවිධ පාඩම්!
    මාතෘකාවට ගැලපෙන අර සිංදුව නම් මරු නෙ..:)

    ReplyDelete
  12. ASHAN SHAMIKA BANDARANAYAKA FACE BOOK EKA TIKAK BALANA LESA MEHI ENA PINWATHUNGEN ILLA SITINAWA.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...