Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
Nov 1, 2013
පත්තරෙන්...
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=20424:2013-10-30-08-34-31&catid=48:2012-04-02-08-50-52&Itemid=75
වේගයෙන්
ඇදී යන උමං දුම්රියේ එකිනෙකා දෙස නොබලා සියල්ලන්ම
තම තමන්ගේ රාජකාරිවලය. බොහෝ අය සිය නෙත් තමන්ගේ අති නවීන ජංගම දුරකථනවලට ඔබාගෙන සිටින
අතර තවත් අය අත රැදි පොත් පත්තරවලට දෙනෙත් යොමා සිටී.
හිවිවනම
ඇසෙනුයේ මහා විලාපයකි. එකම වචනයක් කෑ ගසා කියා හඬා වැලපෙන ගැහැනු කටහඬකි. මා මහත් පුදුමයෙන්
ඒ දෙස බැලූ මුත් වරක් හිස් උස්සා බැලූ බොහෝ දෙනෙක් නැවතත් තමන්ගේ සුපුරුදු කාර්යේ
යෙදුනේ එය සාමාන්‍ය සිද්ධියක් නිසා බව මට තේරුම් ගියේය.
ඇය තරුන
ඉතා රූමත් යුවතියකි. බැලූ බැල්මට ඇයගේ කිසිදු අසාමාන්‍ය බවක් නැත. ඉතා හොදින් නවීන
පන්නයට සැරසී සිටින ඇය නිහඬව පසුවන්නේ මින් සුළු මොහොතකට පෙර හයියෙන් කෑගසා බනිමින්
ඇඬුවේ තමා නොවන ලෙසය.
නැවතත්
සුළු මොහොතකින් ඇය කලින්ටත් වඩා වේගයෙන් කෑගසා බැන වැදී අඬන්නට වූවාය. ඇගේ වචනවලින්
ඇය කියන්නේ “ දෙවියනේ ඇයි ඔබ මෙහෙම කරේ, මට පිළිකුල්, අප්‍රසන්නයි”..එසේ කියා බැන වදින
ඇය සුළු මොහොතක් හඬා වැටී නිෂ්ශ්බ්ද වෙයි. ඉන්පසුව සිය අත්බෑගයෙන් කුඩා කන්නාඩියක්
ගන්නා ඇය සිය කඳුලෙන් පෙගුන දෑස් පිසදා මුහුන හැඩ කරගනී.
මෙවන් තරුණ
සුන්දර යුවතියක් මෙසේ අසාමාන්‍ය ලෙස බැන වැදී හඬන්නේ කිසිසේතම සාමාන්‍ය සිද්ධියකට නොවන
බැව් ඇය දෙස බලනා ඕනෑම කෙනෙකුට වටහා ගැනුමට පුළුවන. මෙසේ ඇය මට මාස ගනනක් පුරා උමං
දුම්රියේ හමුවූ සංවේදී චරිතයක් විය. සෑම දිනකදීම නියමිත තැනකින් නගිනා ඇය එකම තැනකින්
බැස මොනවාදෝ මුමුනමින් යන්නට යයි.
හදිසියේම
දිනකදී මේ යුවතියගේ නිවස අසල කාන්තාවක් මට හඳුනා ගැනීමට මට ලැබුනේ අහම්බෙනි. මේ යුවතියද
උමං දුම්රියට ගොඩවන්නේ මා ගොඩවන ස්ථානයෙන් නිසා ඇය වාසය කරනුයේ අප නිවස අසලම බව මා
දැන සිටියෙමි. ඇගේ අසල්වැසි කාන්තාවගෙන් දැනගත් පරිදි ඒ සුන්දර තරුණියගේ ජීවිතය වසා
ගත් අවාසනාවන්ත කතාවක් ඇත.
මාස කිහිපයක් තිස්සේ ඇය ගැන මා සිතේ ඇතිවූ කුතුහලය හා අනුකම්පාව
නිසාම මම ඇගේ කතාව අසාගන්නට දිනක අර කාන්තාව හමුවූයේ ඉතා කැමැත්තෙනි.
ඇගේ වචන
වලිනම මම ඔබට එය කියමි.
මම හිතන්නේ
ඔයා එයා ගැන හොයන්නේ එයාගේ තියෙන අමුතු හැසිරිම ගැන අනුකම්පාවට වෙන්න ඇති. එයාගේ නම
ඉලාරියා. වයස මම හිතන්නේ අවුරුදු 24ක් ඇති. ඉලාරියා පුංචි කාලේ ඉදලම හරිම අහිංසක ළමයෙක්.
එයාට හිටියේ එක මල්ලියෙක් විතරයි. එයා ලොරෙන්සෝ..
ඉලාරියාගේ
අම්මයි තාත්තයි අතරේ එයාලා පුංචි කාලේ ඉඳලම ගොඩක් ගැටුම් තිබ්බා. එයාගේ අම්මා හරිම
සැරපරුෂ කාන්තාවක්. පුංචි වැරදිවලටත් මේ ළමයින්ට ගොඩක් සැරවෙනවා මම නිතරම දැකලා තියෙනවා.
ඉලාරියාගේ තාත්තා නම් ගොඩක් තැන්පත් අහිංසක කෙනෙක්. එයා රැකියාව කරේ බැංකුවක උසස් නිළධාරියෙක් විදියට.අම්මා නම් රැකියාවක් කරේ
නෑ එයා ගෙදරමයි හිටියේ.
පස්සේ කාලෙක
ඉලාරියේ අම්මට තවත් ප්‍රේම සම්බන්දයක් තිබ්බා. ඒ මනුස්සයාත් නිතරම ඒ ගෙදරට යන්න එන්න
ගත්තා. ඒකෙන් ඒ පවුලේ ගැටුම් ගොඩක් වැඩිවෙලා. ඉලාරියාගේ තාත්තා වෙනම ගෙදරක පදිංචියට
ගියා එයාගේ බිරිඳගෙන් අයින් වෙලා. ඒත් එයා නිතරම දරුවෝ දෙන්න බලන්න ඇවිත් ගියා.
ඔහොම ටික
කාලයක් ගියාම ඉලාරියාගේ තාත්තා හදිසි අනතුරකින් මියගියා. එයා පදවගෙන ගියපු වාහනේ අනතුරට
ලක්වෙලා මහා ගින්නක් ඇතිවෙලා. අඩුම ගානේ ඔහුගේ ශරීරයවත් බලන්න එයාලට බැරි වුනා.
පියාගේ
මරණෙන් පස්සේ ඉලාරියයි මල්ලියි ගොඩක් අසරණ වුනා.
එයාලගේ අම්ම අර පෙම්වතා එක්ක විවාහ
වුනා. අම්මා හැසිරුනේ දරුවන් ඉන්න කෙනෙක් විදියට නෙමෙයි. අළුත විවාහ වුන තරුණියක් වගෙයි.
දරුවෝ ගැන හොයලා බලන්න එයාට කිසිම ඕනේ කමක් තිබ්බේ නෑ.
ඔය අතරේ
තමයි ඉලාරියාගේ අම්ම ලොකු සල්ලිකාරියක් වගේ හැසිරෙන්න ගත්තේ.
එයා එකපාරටම ගොඩක් වෙනස්
වුනා. මිළ අධික වාහනයක් ගත්තා. නිතරම සාද පැවැත්වුවා. පිට රටවල සංචාරය කරා. පසුව ආරංචි
උනා ඇයට ඉලාරියාගේ තාත්තාගේ ජීවිත රක්ෂන වන්දිය නිසා විශාල මුදලක් ලැබුනා කියලා.
ඉලාරියාගේ
තාත්තගේ එකම සහෝදරයා ඔහුගේ අයියගේ මරණය සැක සහිතයි කියලා මේ අතරේ පොලිසියට පැමිණිලි
කරලා තිබ්බා. ඒ පරීක්ෂන අවසානයේ වසර 4කට පස්සේ හොයා ගත්තා ඉලාරියාගේ තාත්තා මියගියේ
හදිසි අනතුරකින් නෙමෙයි හොදින් සැලසුම් කරපු මිනීමැරුමක් නිසා කියලා.
මේ පරීක්ෂන මේ විදියට සිද්ධවෙනකොට ඉලාරියාගේ මල්ලි වැඩුන තරුණයෙක්. එයා අම්ම එක්ක මේ ගැන වාද කරා. ලොරෙන්සෝ කෙලින්ම කිව්වා "මේක ඔයායි ඔයාගේ අළුත් සැමියයි" කරපු දෙයක් කියලා.
මේ පරීක්ෂන මේ විදියට සිද්ධවෙනකොට ඉලාරියාගේ මල්ලි වැඩුන තරුණයෙක්. එයා අම්ම එක්ක මේ ගැන වාද කරා. ලොරෙන්සෝ කෙලින්ම කිව්වා "මේක ඔයායි ඔයාගේ අළුත් සැමියයි" කරපු දෙයක් කියලා.
දරුවෙක්ට
කවදාවත් දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉලාරියාගේ අම්ම කියලා තියෙන්නේ, ඇය කියලා තියෙනවා
“ඔව් මම ඔයාලගේ තාත්තව මැරුවා ඔයාල මට මොනා කරන්නද?” කියලා. ලොරෙන්සෝ හිතට ආපු ආවේගයට
එතන තිබුන වීදුරු බෝතලයකින් මවගේ හිසට පහරදීලා
දවස්
ගානක් සිහිය නැතිව රෝහලේ හිටපු ඉලාරියා අම්මා සිහි නොලබාම මියගියා. ලොරෙන්සෝ අම්මාගේ
මරණ්යට වරදකරු වෙලා සිරගත වුනා. ඉලාරියාගේ තාත්තාව ඝාතනය කරලා තියෙන්නේ ඉලාරියාගේ අම්මයි
එයාගේ පෙම්වතයි එකතුවෙලා.
ඔවුන්
විසින්ම රිය අනතුර සිදුකරලා වාහනය ගිනි ගැනීමට සලස්වලා. එහෙම කරලා තියෙන්නේ ඉලාරියාගේ
පියා ඊට කලකට පෙර ඔහු වෙනුවෙන් දාලා තිබුන ජීවිත රක්ෂන මුදල ලබාගන්න. ඒක විශාල මුදලක්.
එහි පසු උරුමක්කාරි වෙලා තිබ්බේ ඉලාරියාගේ මව. ඔහු එය වෙනස් කරලා තිබිලා නෑ.
අන්තිමේ
සොහොයුරාත් සුළුපියාත් සිරගත වුනා. මවත් පියාත් මියගියා. ඉලාරියාට සිදුවුන හැමදේම දරාගන්න
බැරිවුනා.එයා ටිකෙන් ටික වෙනස්වෙන්න ගත්තා. එයාගේ හැසිරීම අසාමාන්‍ය වෙනකොට එයාගේ පෙම්වතාත්
එයාව හැර ගියා.
දැන්
එයා ජීවත් වෙන්නේ ඇගේ මිත්තනිය සමඟ. මිත්තනිය එයාට මනෝ විද්‍යා ප්‍රථිකාර අරන් දෙනවා.ඒත්
මේ විදියට හඬා වැටීම නම් තාමත් සුව වෙලා නෑ. එයා විශ්වවිද්යාලටත් තේරිලයි ඉදලා තියෙන්නේ.
ඒත් හැම දෙයක්ම අවුල් වෙලා එයාගේ ජීවිතේ කඩා වැටිලා මානසික රෝගියෙක් විදියට දැන් අහිංසක
දරුවා ජීවත් වෙනවා.
"ඉතින්
ඉලාරියා මෙහෙම පාරේ කෑගහනවා කියලා එයාගේ ආච්චි අම්මා දන්නේ නැද්ද? "එයාව ගෙදර නවත්තගන්නේ
නැත්තේ ඇයි. මා විමසුවේ ඇත්තෙන්ම ඇයගේ හැසිරීම බලා සිටීම කනගාටුවට කරුණක නිසාමය.
එයා
නවත්තන්න බෑ. ඔය හැමදාම යන්නේ පල්ලියකට. ගිහින් එතනට වෙලා හැමදාම දුක කිය කියා අඬනවා.
කවදා හරි එයාගේ හිතේ වේදනාව අඩුවුනාම මේ හැමදෙයක්ම හරි යයි කියලයි දොස්තරලත් කියන්නේ.
අපේ
රටේ පටාචාරා කතාවට සමාන නොවූවද ඉලාරියද පටාචාරා මෙන්ම අසරණ වුවෙකි. වෙනස ඇයගේ පියවි
සිහිය ලබාදෙන්නට අද දවස බුදුන් නැති එක පමනය.
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
මල් සිංදු2 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,350
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
අයියෝ...මොකද ලක්මිණි උදේ පාන්දර අඩවන්නේ....
ReplyDeleteඅන්තිම ටික දෙසැරයක් කියවන්න වුනා ඇස් බොද වෙච්චි නිසා..
හරිම සෝචනීයයි...
:D කෙන්ජි අයියා ඇඩුවා කියලා කියනකොට පුදුමයි.. ඔයා ඉතින් හැමවෙලේම අනිත් අයව බයිට් කර කර ඉන්නවනේ.. :D..
Deleteඋදේ පාන්දර දැම්ම කතාව අප්සට් නේද. ඒත් ඔයාලට පාන්දර උනාට මම දැම්මේ මට රෑ වෙලා තියෙද්දිනේ:... D
සො සෑඩ්.රක්ෂනේ බයානකයිද මන්දා
ReplyDeleteහය හතර
ඔව් නේද සමහර වෙලාවට රක්ෂනය භයානකයි තමා.
Delete"ඔවුන් විසින්ම රිය අනතුර සිදුකරලා වාහනය ගිනි ගැනීමට සලස්වලා. එහෙම කරලා තියෙන්නේ ඉලාරියාගේ පියා ඊට කලකට පෙර ඔහු වෙනුවෙන් දාලා තිබුන ජීවිත රක්ෂන මුදල ලබාගන්න."
ReplyDeleteමේ තේමාව රැගත් චිත්‍රපටියක් තිරගත වුනා ලංකාවේ එකේ නම මතක නෑ.
ඇත්තද? මම එහෙම චිත්‍රපටියක් නම් දන්නේ නෑ. හැබැයි ලංකාවෙත් ඔය ව්ගේ කතාවක් සිද්ධවුනා කියල නම් මතකයි.
Deleteවෙන්න තියෙන නරකම දේවල් වෙලා! මේත් ඉතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත හරි කර්මය හරි කියලාද කෙනෙක් හිත හදාගන්න ඕනේ?
ReplyDeleteසමහර අයට ජීවිතේ වෙන්න තියෙන හැම නරක දෙයක්ම වෙනවා. ඒවා කර්මය කියලා හිතනවා ඇරෙන්න වෙන දෙයක් නෑ තමයි. ඒත්. පහුගිය ආත්මෙක කරපුවාට මේ ආත්මේ දඩුවම් ලබන එක සාධාරනද කියලා මට හැමවෙලේම හිතෙනවා.
Deleteෙම් කතාව දැකලා මට ෙගාඩක් දුක හිතුණා
ReplyDeleteමට ෙම්ක වඩාත්ම දැණුෙන් මමත් රක්ෂණ අායතනයක කලක් ෙස්වය කළ ෙකෙනක් නිසා
රක්ෂණ වන්දිය තවත් මරණයකට ෙහ්තුවක් නම්?
ඔව් සමහරවෙලාවට රක්ෂණ වන්දියත් මරණය කැදවනවා වෙන්න පුළුවන්. අනික මිනිස්සු තන්හාවෙන් වියරු වැටිලා ඉන්නේ. තමන්ගේ ඉල්ලක්කයට යන්න අම්මා තාත්තා උනත් කමක් නෑ මරනවා.
Deleteපටාචාරා වගේම තමයි. මේක ප්‍රබන්ධයක්ද ඇත්තක්ද?
ReplyDelete75% ඇත්ත. අනික්වා ඉතින් ප්‍රබන්ද..
Deleteපිස්සු හදුන අය දැක්කම හිතෙනවා ඈයි මිනිස්සුන්ට පිස්සු හැදෙන්නේ කියලා.... එත් මේ වගේ කතාවක් ඇහැව්වම හිතෙන්නේ පිස්සු නොහැදී තියෙන්නේ කොහොමද කියලා
ReplyDeleteඒකනේ පිස්සු හැදෙන්නේ තමන්ගේ දරාගැනීම සීමාව නැති උනාම කියලයි මටනම් හිතෙන්නේ. අපි කාට උනත් මනසින් දරාගනන් පුළුවන් සීමාවක් තියෙනවනේ. එක දිගට අදහාගන්න බැරි තරම් දේවල් සිද්ධවෙනකොට දරාගන්න බෑ කිසි කෙනෙක්ට.
Deleteසෑහෙන දුක හිතෙන කතාවක්... කවදහරි ඉලාරියාට එයාගේ දුක තුනීවෙලා හිතට සැනසීමක් ලැබෙන්න කියලා පතමු. ඒ ඇරෙන්න අපට ඉලාරියා වෙනුවෙන් කරන්න පුලුවන් වෙන යමක් නෑ..
ReplyDeleteඉලාරියා වගේ අය ලංකාවෙදිත් අපට නොයෙක් ආකාර වලින් හමු වෙනවා ලක්මිණි. !
ලක්මිණිගේ ලිපිය ලස්සනයි කියලා කියන්නේ නෑ. ඒ කෙනෙක්ගේ දුක රසවිඳින්න අකමැති නිසා. ලිපිය හිතට දැනුනා කියලා විතරක්ම කියන්නම් !
ස්තූතියි මදුරංග. ඔව් මේකේ ලස්සනයි කියල නම් කියන්න දෙයක් නෑ තමයි. දුකක් කොහොමද ලස්සන වෙන්නේ.
Deleteඉලාරියාල වගේ අය ලෝකේ හැමතැනම ඉන්නවා. ඉස්සරත් හිටියා. මිනිස්සු තන්හාවෙන්, ආත්මාර්ථකාමී කමෙන් අන්ද වෙලා තමන්ගේ සතුට වෙනුවෙන් විතරක් හිතන තාක් කල් ඉලාරියාල වගේ අය හැමදාම ඉදී..
ඇත්තමයි හරිම ශෝචනීය සිදුවීමක්...මේ ජීවිත රග මඩල යනු සතුට හා දුක දෙවර්ගයේම සම්මිශ්‍රණයක් බව නැවතත් මෙනෙහි කරන පෝස්ටුවක්...
ReplyDeleteජීවිතය එහෙම තමයි නේද? දුක සැප හැමෝටම සමාන නෑ.
Deleteස්තූතියි ඔයාට.
අනේ දෙවියනේ :(
ReplyDeleteආවට ස්තූතියි නෙරංජි...
Deleteමොනවා කියන්නද කියලා කල්පනා කලේ.. ඒ තරමටම සංවේදි සිද්දියක්..
ReplyDeleteජීවිතේ එහෙම තමයි නේද'
Delete75%ක් ඇත්ත කියලා තයනවා දැක්කා..හ්ම්ම්ම්...
ReplyDeleteඔව් 75% ක් විතරම නෙමෙයි ගොඩක් දුරට ඇත්ත තම තරු
Deleteදුක්බර කතාවක්...
ReplyDeleteතරු කාලෙකින්..
Deleteසැහ්... සෝ සෑඩ්.. නේ...
ReplyDeleteයස්...රියලි සෑඩ් නේද...:D :D
Deleteමුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා..........
ReplyDeleteකා ගැනද කිවේ. අර ගෑනු ලමයා එක්කද? :D
Deleteපව්.. :( ඒ වගේ නපුරු මිනිස්සුත් ලෝකේ ඉන්නවානේ
ReplyDeleteකතාව හොඳයි මේ වගේ කතා වලින් මිනිසුන් සංවේදී වෙනවා.ඒක සමාජයට තෙරපි එකක් වගෙ
ReplyDelete