Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
වෙනදාට වඩා බොහෝ වෙලාවක් මා නිදාගෙන තිබිනි.හතරවටින්ම එලිය වැටී පරිසරය පුරා අමුතුම සුන්දර සුන්දරයක් මවයි.එහෙත් ඇඟට දැනෙන කෙඩෙත්තුව සහ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
Dec 21, 2013
සුබ නව වසරකට ආසිරි...!!
වසරක් ගෙවී තවත් වසරක් ගෙවෙන්නට ආසන්නය. දින දසුන් හා ඔර්ලෝසු වලින් ජීවිතය නවතා තැබීම හෝ ඉදිරියට ගෙන යාමට නොහැක. නිවී සැනසිල්ලේ සිතා බලන විට මේ සියල්ලම සිදුවන්නේ අපේ ඕනෑකමටත් වඩා ලෝකයේ පැවැත්වමට ඕනෑ අයුරින් බව සිතේ.
ආපසු හැරී බලා සතුටුවීමට යමක් ගතවුනු වසරේ ඇත්දැයි සිතේ. කිසිවක් නැත. දිනෙන් දින සතියෙන් සතිය දවස් ගෙවුනා මිස ලබා ගත් හෝ දිනා ගත් දෙයක් නැත. එසේ වූවා කියා ජීවිතය නවතින්නේද නැත.
අනෙකුන් පරයා යාමට හෝ රිදවීමට ඕනෑකමක් නොවුනු සිත යට කිසිවිටක තරඟකාරී හැඟීමක් හෝ සමාජගත වීමේ දැඩි ආශාවක්ද නොවුනි. කෙසේ හෝ අහම්බයෙන් ගලා යන ප්රවාහයකට අසුවී සිතට දැනෙන හැඟීම් අකුරු කල නිසාම දුක සතුට මෙන්ම අනෙකුත් බොහෝ දෑද ජීවිතයට කඩා වැදීම නිස්කලංකව ගෙවී ගිය දිවිය උඩු යටු කුරු වීමකි.
එහෙත් කිසිවෙකුට දොස් කියා හෝ දෛවයට ශාප කිරිමෙන් පලක් නැත.කෙසේ හෝ ඉදිරියට යනවා විනා ආපසු පසුපසට යාමට ජීවිත රෝදවලට නොහැක.ජීවිතය ගැලක් නම් එහි රිවස් ගියරයක් නොමැත.
එක්ව සිනාසුන වැලපුන කඳුලු හා සිනාවන් මේ වසර තුල අතැර දමා නව වසරට යායුතු වෙයි. සියල්ලක්ම මතකයන්ව ශේෂ වනු ඇත.
ජීවිතයේ හැටි එසේමය. සමහරුන් දිනන අතර තවත් සමහරු පරදිති. ඇතමෙක් අතරමගදී තරඟය අතැර දමනු ඇත. එහෙත් නිකන් බලා හිඳ මිය යාමට වඩා සටන් කර මිය යාම යෙහෙහැකියි සිතේ.
මියගියා සේ වසන් වන්නටද සිත බල කලද නැවත නැවතත් විත් හිස පොවන්නටද ඒ අතර හිත බලකරයි. සිතට ඇවැසි දේම කරන්නට යාමෙන් විඳවන සිතද සිතටම සහනයකි.
එදා ලඟවුන් අය අද නැත. අද සිටින්නන් හෙට නැත. කිසිවෙකුට කිසිවෙකුගේ සිත් තුල බලෙන් අරාජික විය නොහැක. මනඃස්තාපයන් මවන්නේ කළකිරීමය. බැඳිමද, ලෙංගතුකමද, ගෞරවයද බලෙන් සිතක ඇතිකල නොහැකි අරුම පුදුම හැඟීම්ම වන්නේය.
විටක ආපසු හැරී බලද්දී පුදුම සිතේ.
වසරක් පුරා සිත් තැවුල්, නින්දා, සිත් රිදීම් මැද නෙළාගත් දෙයක් නම් නැත. රිදවන්නට බලා සිටින්නෝත්, රිදවගන්නට බලාසිටින්නෝත් ඇර කිසිවෙක් නැත.
නමුදු ඉදිරියට යායුතුය වෙන කිසිවක් නිසා නොව නැවතීමට නැවතුමක් මේ කටුක මඟෙහි නොමැති හෙයිනි.
නන්දා මාලිනිය වහා දිව විත් ජීවිතේ කවියක්... යයි කියා දෙයි.
සෙනෙහසින් රැඳි උන් නෙක දන
පළායයි නොකියාම ඈතට
පවුරු පදනම් බිඳි දස අත විසිර යන යාමේ
කවුරු නම් නවතීද තනියට...
විසිරුණ සිත නැවත එකතු කර එකතැනට ගෙන යලි යලිත් සකසාගැනීමේ සිට සිත පිරිපහදු කිරිමේ කාර්යය දක්වා කාර්ය බහුල විමට සිතේ. ඇත්තේ පසුතැවීමක් හා කළකිරීමක් පමනී.
වෛරයක් හෝ වෙනයම් පුද්ගලානුබද්ධ කෝපයක් සිත තුල ඇති නොවී සිත නිවී පහන් වී තිබීම එක්තරා අයුරක සහනයකි.
සැබැවින්ම සඳ පහන් රැයක බෝ මළුවක හෝ හඩ නොනඟා ගලා යන ගඟක් සේ හිත සංසුන්ය. ඈත්වීම වෙන්වීම පවා සිතට වේදනාවක් නොව මෛත්‍රියක් සැනසීමක් ගෙන දෙන්නේ නම් සතුටකි.
ඉදින් 2013 ද නිමාවේ සිට 2014 දෙස නෙත් අයා බලා සිටිමි. ගනන් තැබීම් දින ගැනීම් වලංගු වන්නේත් අවශ්‍ය වන්නේත් හැල්මේ දුව යන ලෝකයකටය. නැවතී බලා සිටින්නන්ට ඒවා අවැසි නැත. ජීවිතය එසේ වීනම් අප හිතින් ශතවර්ෂ ගනනාවක් ජීවත් වනු ඇත. මසිත එසේමය.
හිත තුල ඇත්තේ පහන් සිතිවිලි පමනකි. සියුම් කළකිරීමක් තිබුනද කාලයා විසින් එයද නැති කරදමනු නිසැකය
එකම සිතිවිල්ලකින් සිත පිරේ. ඔබ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා..!!!!!
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
මල් සිංදු1 day ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,348
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
මා හට පැවසීමට ඇත්තේ ද ඔබට.,.,.,.
ReplyDelete>> ඔබ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා..!!!!! <<
කියා ය....
ස්තූතියි කෙන්ජි...
Deleteකේන්ති එන්නේ නැත්නම් මිනිස්සු වෙන්න බෑ නේ. එහෙනම් රොබෝලා වෙන්න ඕනා.. ඒත් ඒ කේන්තිය ඉක්මනින් නිවා ගැනීම තමයි දස්කම..
ReplyDeleteඔයාටත් සුබ නව වසරක් වේවා....!!!!
ස්තූතියි මාතලන්. ඔයාටත් සුබ නව වසරක්ම වේවා!!
Deleteසියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා..!!!!!
ReplyDeleteඑසේ සිතන ලෝකයක් (සැබෑවටම )බිහිවනතුරු නව වසරේත් බලාපොරොත්තුවෙන්
බලාපොරොත්තුවෙන් ඉමු. කවදා හරි දවසක් ඉටුවෙයි.
Deleteස්තූතියි ඉවාන්
////වෛරයක් හෝ වෙනයම් පුද්ගලානුබද්ධ කෝපයක් සිත තුල ඇති නොවී සිත නිවී පහන් වී තිබීම එක්තරා අයුරක සහනයකි.//////
ReplyDeleteමේ දේ තමයි වෙන්න ඕන...ආපහු ලියන්න. සුභ පැතුම්!!
ආයෙත් ලියන්න උත්සහ කරනවා.වෙලාව තමයි අඩු.
Deleteස්තූතියි අරූ,.
අතීතයෙන් ගන්න දේවලුත් තියෙනව, අතාරින්න දේවලුත් තියෙනව, මතක තියාගන්න දේවලුත් තියෙනව, අමතක කළ යුතු දේවලුත් තිබෙනව.
ReplyDeleteඉදිරි වසර සැම අතින්ම සාර්ථක වේවායි පතනව.
ස්තූතියි මාධව. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා.
Deleteවාසනාවන්ත සුබ නව වසරක් වේවා ලකියෝ !!!!
ReplyDeleteඑසේම වේවා මදුවෝ... :D
Deleteඅතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවදක් නෑ.....එදා ස්නේහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ....
ReplyDeleteහරිද මන්ද.. හිතට ආපු දේ කිවුවෙ...
ඇත්තටම අතීතය කියන්නෙ අමතක නොකල යුතු දෙයක්.... කවමදාවත්ම.....
ඔන්න කුමාරිහාමී ඔයාටත් ලබන්නා වූ නව වසර සුභම සුභ කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සියලු බලාපොරොත්තු ඉටු වන්නා වූ නව වසරක් වේවා....
ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!!
Deleteවලව්වට කලින් ඇවිත් තිබුනත් මම මේ කොටන පළවැනි කමන්ට් එක.
ReplyDeleteකුමරිහාමිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!
ගොඩක් ස්තූතියි මනෝජ් කමෙන්ට් කරාටත් ආවටත්..
Deleteඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!
එදා ලග සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ...
ReplyDeleteසදාකාලික නොවූ ලොකේ...සදා කෙලෙසද පෙම් බදින්නේ....
එදා ලග හිටිය අය අද ලග නෑ කියලා තිබුන නිසයි මේ පද පෙළ ලිව්වෙ...සියලු දුක්ඛ දෝමනස්සයන් සමනය වන 2014 වසරක් වෙන්ට කියා පතමි. අපිට ජය වේවා !
ස්තූතියි සිරා. අපි එහෙම පතමු නේද?
Deleteසිරාටත් සුභ අළුත් අවුරුද්දක් පතනවා.!!
සුභ නව වසරක් ඔබටත්
ReplyDeleteස්තූතියි.ඔබටත් සුභ අළුත් අවුරුද්දක්..
Deleteමටනම් කාලය යනවා කියන එක දැනෙන්නෙවත් නැ. උදේට නැගිටිනවා හොස්පිටල් එකට දුවනවා, අයේ එනවා පඩම් කරනවා නිදා ගන්නවා ඔව්වා තමයී
ReplyDeleteඔයා බැදලද සුදෝ...මම මේ බදින්න දොස්තර නෝනා කෙනෙක් හොයනවා...
Deleteස්තූතියි වෙද සිතට... ඔව් කාර්ය බහුල උනාම නම් කාලය යනවා දැනෙනේ නෑ තමයි.
Deleteකලින් මේ පැත්තේ ආව. ඒ උනාට මම ලින්ක් සේව් කරන හිටිය ෆෝන් එක අභාවප්‍රාප්ත උනාට පස්සේ ඒ කියෙව්ව ගොඩක් බ්ලොග් මග ඇරුනා.. මේ එයින් එකක්. අද ඉඳල මම ආපහු වලව්ව පැත්තේ එනවා!
ReplyDeleteඑහෙනම්,
අක්කටත් සුභ අලුත් අවුරුද්දක්!
ඔබටත් සුබම සුබ නවවසරක් වේවා..!! ආවාට ස්තූතියි
Deleteඔව් ජීවිතේදි අපිට හමුවන මිනිස්සු විවිධාකාරයි. ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තුවන දේවලුත් විවිධාකාරයි. ඒත් මිනිස්සු කොහොම හැසිරුනත් කොහොම ප්‍රතිචාර දැක්වුවත් අපිට නොවෙනස්ව මැදිහත්ව ඉන්න පුලුවන් නම් ඒක තමා අපේ ජයග්‍රහණය. අපේ හිත නිවිල නම් පිටස්තර කිසිම දෙයකින් අපේ හිත කලඹවන්න බැරි නම් අපි හදවතට එකඟව ජීවත් වෙලා දස දහස් වාරයක් පැරදුනත් ඒක තමා අපේ ජයග්‍රහණය. අලුත් අවුරුද්දට ඉස්සර හිතන්න යමක් එක් කලාට ඔයාට ස්තූතියි.
ReplyDeleteඔයාටත් ස්තූතියි සඳා.
Deleteසුබම සුබ නව වසරක් වේවා..!!
ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
තව තව කතා ලියවේවා!!
ස්තූතියි නිර්මලා.
Deleteඔබටත් එසේම වේවා.!!
ස්තූතුයි නලින් අයියට. ඔබටත් ඔබේ පවුලේ සියල්ලන්ටමත් එසේම වේවා.!!
ReplyDeleteඇයි ආපසු හැරී බැලුවම සතුටුවෙන්න දෙයක් නෑ කිව්වේ? ඒක ඇත්තටම එහෙමද?
ReplyDeleteඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නව වසරක්.