Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Jan 22, 2015

බලාපොරොත්තු....


නැවත හිරු නොඑතියි
සිතෙන තරමට
අහස අඳුරු නිමේෂයකත්,
පුංචිම පුංචි ආලෝකයක්
තියෙන්නටම බැරිද..?


ශීතල ඉඳිකටු තුඩු වලින්
සිදුරු කරන විට සියොලඟ
සිත දැවී යන උනුසුමක්
දැනෙන්නටම බැරිද..?

මියයමින් ජීවත්වන
හුදකලා සිතකට
සිහින් සුසුමක් වුනත්
සැනසුමක් ගේන්නෙම නැද්ද..?

12 comments:

  1. ඇය් නැත්තෙ...
    හිහි...............
    කවි වලට රිප්ලයි නැති අපේ මංඥං කොමෙන්ටු වලට අමනාප ෙනාවන්න
    හිහි

    ReplyDelete
    Replies
    1. අයියෝ කමක් නෑ මහේෂ් මෙහෙම හරි මොනා හරි ලියලා යන්නේ හිතවත් කමට බව දන්නවා.

      Delete
  2. කොනිත්තන්න ඕන..

    ReplyDelete
  3. අපි හැමෝම
    මැරෙන්නට ජීවත් වන්නන්
    මැරෙන තුරු විදවනවාද
    විදිනවාද ජීවිතය.............................

    ReplyDelete
    Replies
    1. විඳවමින් විදිනවා නේද..?

      Delete
  4. කවියෙන් උත්තරයක් ලියන්නම් කියල හිතුව හිතුව හිතට ආවේම නෑ නේ.. ඉස්කෝලේ කාලේ තිබ්බ කවි කම දැන් නැද්ද කොහෙද..

    ReplyDelete
    Replies
    1. අයියෝ ආයෙත් ලියන්න පටන් ගන්න . ටිකෙන් ටික හරි යයි

      Delete
  5. මේ කුමාරිහාමි පුංචි උනාට කවිනම් පුංචි නෑ. . ලස්සනයි කවි ටික..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      Delete
  6. මිය යමින් ජීවත් වන සිතකට සැනසුමක් නොවන්නේ කුමක්ද?
    පුංචිට කවි ලියන්නත් පුළුවන්නේ යසට :)

    ReplyDelete
    Replies
    1. ඒ තරම්ම බෑ ඉවාන් එහෙන් මෙහෙන් අටව ගන්නවා. :D

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...