Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
වසරක් ගෙවී තවත් වසරක් ගෙවෙන්නට ආසන්නය. දින දසුන් හා ඔර්ලෝසු වලින් ජීවිතය නවතා තැබීම හෝ ඉදිරියට ගෙන යාමට නොහැක. නිවී සැනසිල්ලේ සිතා බලන ව...
Feb 19, 2012
෴෴සැබෑ ආදරය෴෴
පුංචි දරුවෙක් කුකුල් පැටියෙක්ව අතේ හිර කරන් හුරතල් කරනවා බලන් හිටපු දරුවගේ පියා ඇහුවා
"පුතා ඔයා ඔය සතාට කරදර කරන්නේ ඇයි?" කියලා
පුතා කියනවා
"කරදර කරනවා නෙමෙයි තාත්තේ මම එයාට ආදරේ කරනවා" කියලා
"ඔයා එයාට ආදරේ කරනවා නම් ඇයි එයා ඔය තරම් වේදනාවෙන් දඟලන්නේ ඔයාගෙන් ගැලවෙන්න?"
"ඒක තමයි තාත්තේ එයා හොඳ නෑ" පුතා කියනවා..
"නෑ පුතේ ඔයා එයාව බිම තියලා නිදහසේ ඉන්න දීලා බලන්න"..
පුතා කුකුල් පැටියව බිමින් තිබ්බම..කුකුල් පැටියා හරිම නිදහසෙන් පිහාටු ගසලා ආදරෙන් දරුවා දිහා බලනවා..
දරුවටත් පුදුමයි "ඇයි තාත්තේ එයා බිම ඉන්නකොට දඟලන්නේ නැත්තේ?" පුතා අහනවා..
"පුතේ අපි කාට හරි ආදරේ නම් එයාට නිදහසේ ඉන්න දෙන්න ඕනේ..එයාව හිර කරන් බලෙන් ළඟ තියගන්න ගියාම එයාට ඒක වදයක් වෙනවා..ඒක නිසාම එයා අපෙන් ඈත් වෙනවා"
පෙබරවාරි මාසේ ආදරේ ගැන වැඩියෙන් කතා කරන මාසයක්නේ..ඒත් ඉතින් ආදරේ ගැන මොනතරම් කතා කරත් ඒක ඉවරයක් වෙන්නේ නෑ.
ඔබත් ආදරේ කරද්දී අර දරුවා වගේ කරනවද..
මොහොතකට සිතන්න..ඔබ ආදරේ කරන කෙනාට වදයක් වෙන තරමට එයාව සැක කරනවද..එයාව හිර කරගෙන එයාගෙන් වෙන පුංචි අතපසු වීමකටම දැඩි දඬුවම් දෙනවද...
එහෙම නම් ඔබ ආදරේ කියලා හිතන් ඉන්නේ ආත්මාර්ථකාමී කමට..ඒක ආදරය නෙමෙයි.
ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න අපි කවුරුත් දන්නේ නෑ තමයි..ඒත් අපේ හිතේ අදහසක් තියෙනවා ආදරේ නම් මෙහෙම වෙන්න ඕනේ කියලා ..
ඔයාලා කොහොමද හිතන්නේ. මට නම් හිතෙන්නේ මෙහෙම..
1. ආදරේ කියන්නේ විශ්වාසය උඩ රඳා පවතින්නක්.
2. සැකය ආදරයේ සුන්දර බව නැති කරලා දානවා.
3. බොරුව එක්ක ආදරේ රැඳෙන්නේ නෑ.
4. අපි මොනතරම් ආදරේ කරත් ආදරේ නොදැනෙන හිත්වලට ඒක දන්වන්න අපිට බෑ.
ඒ වගේම තමයි සැකය කියන එක හිත්වලට ගේන්නේ ලොකු වේදනාවක්..ඔබ මොනතරම් ආදරය කරත් ඔබේ ආදරවන්තිය හරි ආදරවන්තයා හරි ඔබව සැක කරනවනම් ඒක හරිම අප්‍රසන්න අත්දැකීමක්..
ආදරය කියන්නේ ලොකු කැපකිරීමක් ඒක කරන්න ඕනේ ආපසු ලැබීමක් බලාපොරොත්තුවෙන් නෙමෙයි කියලයි කියන්නේ එත් කීයෙන් කී දෙනාද එහෙම කරන්නේ...
හැම කෙනෙක්ම තව අයෙක් ලවා තමන්ට ආදරය කරවගන්න උත්සාහ කරනවා මිසක් ඒ කෙනාට ආදරය කරන්න උත්සාහා කරන්නේ කලාතුරකින්..
තමන්ට ආදරේ දෙනකන් ඒ කෙනා ගොඩක් හොඳයි හැබැයි ඒක නවත්තපු දවසේ ඉඳන් ඒ කෙනා තමා මේ ලොකේ ඉන්න ලොකුම හතුරා...එහෙම නේද..?
ඊට පස්සෙ එයාට අපහාස කරනවා,බනිනවා,විරුද්ද කම් කරනව..කෝ එතකොට අර තිබ්බ ආදරේ.ඔයාලව දාලා ගියපු ඔයාලගෙන් වෙන් උන ආදරේ කරපු අය ගැන තරහක් හිතට දැනිලම නැද්ද..නැත්තේ නෑ නේද..
වෛරය,ඉරිසියාව,පළිගැනීම ආදරේත් එක්ක බද්ධවෙලා.ඒවා නැති කරන්න අපිට බෑ. ඒ අපි සාමාන්‍ය හිත් තියෙන මිනිස්සු නිසාවෙන්..
ඒත් ටිකක් හරි සාදාරණ වෙන්න පුළුවන් නම්..ආදරේ කරන හිත්වලට මීට වඩා සහනයක් දෙන්න පුළුවන් නම් ලෝකේ මීට වඩා ලස්සන වෙයි නේද....
ඔබේ සිත සැබෑ ආදරයෙන් පිරේවා..
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
Squid Games Season 022 days ago
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....4 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ආදරේ කරද්දි ඉරිසියාවත් හිත් වලට පොඩ්ඩක් හරි දැනෙනවා.. ඒක නෑ කියලා කියන්නම බෑ.. අපි ගොඩක් වෙලාවට බලන්නේ ආදරේ කරන කෙනා අපි ලගම තියාගන්න.. ඉතින් අපි ආදරේ කරන කෙනා මොහොතකට හරි වෙන කෙනෙක් එක්ක කතා කරද්දි අපිට ටිකක් විතර කේන්ති යනවා.. ඒ පුංචි ඉරිසියාවක් ඇති වෙන නිසා..
ReplyDeleteඔව් ඒක ඇත්ත.ඒත් මම කිව්වේ ප්‍රමානයටත් වඩා ඉරිසියා කරන එක ගැන..ඒක හොද දෙයක් නෙමෙයි නේද..
Deleteමම ආදරේ කලා ..ඒ නිසාම විශ්වාස කලා..ඒත් පස්සෙ බලද්දි මම රැවටිලා......එතකොට ආදරේ රැඳුනද විශ්වාසය මත? නැහැ....ඇත්තමයි මට නම් ඔය ආදරේ මොකක්ද කියල දැන් නම් තේරෙන්නෙ නැහැ.....
ReplyDeleteආදරෙ රැදෙන්නේ විශ්වාසය මත කිව්වට ඔයා එයාව විශ්වාස කරාට එයා ඔයාගේ විශ්වාසය රැක්කේ නෑනේ..ඒක නිසා අපිට එතනදිත් ඒක කියන්න පුලුවන් නේද...?
Deleteපුංචි කුමාරි මාත් මේ ආදරේ තාමත් සොයමින් යනවා . කොහේද මේ උත්තරීතර ආදරය තියෙන්නේ කියල.
ReplyDeleteකොහේ හරි ඇති නේද ගිම්..සොයන්නාට සම්බ වේ කියනවනේ සොයන්න...
Deleteමටත් තාම ලැබුනෙ නෑ
ReplyDeleteඅනාගතයෙදි හම්බ වෙයි..දුක් වෙන්න එපා..
Delete1 2 3 නම් ඇත්ත, 4 ගැන අනේ මන්දා :)
ReplyDeleteආදරේ කෑදරේ එක අකුරයි වෙනස් !!
දැන් පුංචි කුමාරිහාමි වැලන්ටයින් සැමරුවෙ නැතැයි?
සැමරුවා සැමරුවා..එහෙම නැතිව බෑනේ නේද...
Deleteඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත ..
ReplyDeleteහිත හොඳ ගෑණි හැමදාම බඩින් කියනවනෙ (අනේ මන්ද ඇයි එහෙම කියන්නෙ කියල).... ඒ වගේම තමයි ඉතිං ඔය කියල තියෙන විදිහට ලව් කරන උන් හැමදාම තනිකඩ :)
ReplyDeleteඑහෙමත් නෑ නේද..මේ විදියට ආදරේ කරන අයත් ගොඩක් ඉන්නවා.
Deleteහ්ම් ඒක ඇත්ත...
ReplyDeleteකෝකද ඇත්ත..
Deleteආදරේ කියන පැකේජ් රකත් එක්ක හුඟාක් දේවල් නොමිලෙම ලැබෙනවා...එව්වා ජීවිතේට ආදේශ කරගන්න විදිහ එක්ක තමයි හැමදේම...ගින්නක් නැතිව දුමක් නඟින්නෑ කියලා කතාවක් තියනවා වගේම ඇවිලෙන ගින්නට පිදුරු දානවා කියලා කතාවකුත් තියනවා...දෙපාරක් හිතමු..බැඳීම් නැති ප්‍රේමයක්..(මට මඤ්ඤංද මන්දා..)
ReplyDeleteමෙන්න මෙයා..ඕකනේ කියන්නේ හොරාට කලින් කැණ වැට පනිනවා කියලා නේද...
Deleteබොනිකරම තරුව....!!
ReplyDeleteනෑ නෑ..තනිකරම බොරුව...
Deleteපුද්ගලයාගෙන් පුද්ගලයට ඒ දේ වෙනස් වෙනවා.අපි කැමති දේ අපේ ලඟම තියාගන්න නේ හැමෝම කැමති.හිර කරගෙන ඉන්නේ කොහෙවත් යන්න නොදී ඒ කෙනා වෙන කොහෙවත් යාවි කියන බයට.ඒත් අනිත් කෙනා හිතනේ වෙනත් විදියට නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ReplyDeleteඑහෙම හිර කරන් හිටියට කමක් නෑ.ඒත් ඒක අනිත් කෙනාට මානසික වදයක් නොවී..හිර වීමම නෙමේ ප්‍රශ්නේ..අනවශ්‍ය සැකය..
Delete//"පුතේ අපි කාට හරි ආදරේ නම් එයාට නිදහසේ ඉන්න දෙන්න ඕනේ..එයාව හිර කරන් බලෙන් ළඟ තියගන්න ගියාම එයාට ඒක වදයක් වෙනවා..ඒක නිසාම එයා අපෙන් ඈත් වෙනවා//
ReplyDeleteම්ම්ම්ම්ම්ම්.. ඇත්තම ඇත්ත කුමාරිහාමි.. ඒත් ආදරේ කරද්දි, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී කමත් පොඩ්ඩක් ඇතිවෙනවා
ඔව් ආත්මර්ථකාමි නැති ආදරයක් හොයන්න අමාරුයි..ඉර්ෂ්‍යාව ඒකටම බද්ද වෙලා...අනේ මන්දා හිතු..හි හි.
Deleteකතාව නම් සහතික සත්ත..
ReplyDeleteස්තුතියි ඔයාට
Deleteඇත්ත යාලු ආදරය කරන දෙන්නෙක් දෙන්නටම විශ්වාසවන්ත වෙන්න ඕන තමයි....
ReplyDeleteඔව් විශ්වාසය නැති තැන ආදරය නෑ..ගෞරවය,බැදිමත් ආදරය ශක්තිමත් කරනවා
Deleteආදරය කරන කෙනාට ලෝකය ගැන කියලා දෙන්න.. ආදරය ගැන.. ආදරෙන්.. ඒ කෙනා කවදාවත් ඒ කිව්ව දේට පිටින් යන්නෙ නැහැ.. හැබැයි ඒ ගැන නීති දාලා හිරකලා තියාගත්තොතින් නම්.. ඒ ආදරයෙන් කවදාවත් ආදරය ලබන්න බැහැ.. හරියට අර පූස් පැටියා වගේ.. :)
ReplyDeleteඔව්..බැදල කිසිම කෙනෙක් ලඟින් තියාගන්න බෑ.යන කෙනා යනවමයි.තේරුම් ගැනිමයි වැදගත්...ස්තුතියි නන්දු
Deleteමහා හුගාක් ආදරේ කරන දෙන්නෙක් අතර උනත් පුංචි පුංචි නෝක්කඩු ඇතිවෙන්න පුලුවන්. ඒවා බොහොම සාමාන්‍යයි.හැබැයි ඒ දෙවල් කතා බහ කරලා විසඳගන්න හැකියාව දෙදෙනාටම තිබිය යුතුයි.මමනම් කුණු හිතේ තියාගෙන විඳවන්න කැමති කෙනෙක් නෙවේ. මගේ හිතට බරක් ප්‍රශ්නයක් වෙන දෙයක් මම අවස්ථාව බලල හොද වෙලාවක් බලල කතා කරනව. එතකොට මගේ හිතටත් හොදයි එයාගෙ හිතටත් හොදයි.හැබැයි ආදරයක් මැද්දට සැකය කියන දේ ආවොත්නම් හරිම බයානකයි.අනිත් එක ඕනාවට වඩා නීති රීති දාලා ආදරයක් පරිස්සම් කරන්න උත්සහකරන එකනම් මෝඩ වැඩක් කියලා මට හිතෙන්නෙ.
ReplyDeleteඔව් කාව්‍යා කතා කරලා විසඳගන්න පුලුවන් දෙදෙනාටම ඉවසීම තියෙනවනම් ඒත් ඉවසීම නැති කෙනෙක් අනෙක් කෙනාගේ මානසික තත්වය තේරුම් නොගන්න කෙනෙක්ට ඒ විදියට කරන්න අමාරුයි නේද..
Deleteමොනව කියන්නද මන්ද ?
ReplyDeleteමොනාත් කියන්න එපා ඔබි...
Deleteසේරම ඇත්ත අක්කේ ඒත් පුංචි පුංචි දේවල් වලින් ආදරේ පෙන්නන්න පුළුවන් මම හිතන්නේ ආදරේ ලබාගන්න උත්සහ කරනවට වඩා කෙනෙක්ට ආදරේ කරන එක හොඳයි මොකද කෙනෙක්ට ආදරයක් නොදක්වා ආදරයක් ලබා ගන්න බෑ...
ReplyDeleteමම හැමදාම මගේ ආදරී යනකන් බස් එක ගාවටම වෙලා ඉන්නවා අද මට ගෙදර එන්න රෑ වෙයි කියලා හිතුනු නිසා මම එයාව තනියෙන් යැව්වා ඒත් ආයෙම හැරිලා මම බස් එක ගාවට වෙලා කෝල් කරලා බස් එක අද්දන කොට මම එයාට කිව්වා ටිකක් හිනාවෙලා යන්න කියලා එයා මාව දැක්කාම ඇඬුවා අක්කෝ කතා කරගන්නත් බැරිවුනා ඒ පුංචි දෙයින් කොයිතරම් එයා සන්තෝස වුනාද කියලා මට අද තේරුණා අද ඉඳන් මොන වැඩ තිබුනත් එයා යනකන්ම මම ඉන්නවා කියලා හිතා ගත්තා...
ඒක ඇත්ත මල්ලියෝ..පුංචි දේකිනුත් තමන් ලඟ ඉන්න කෙනෙක්ව ගොඩක් සතුටු කරන්න පුලුවන්..ඒකට වියදමක් යන්නේ නෑ.
Deleteහරිම ඇත්තක්. දාලා ගිය ආදරේ ගැන නම් හිතේ වෛරයක් නෑ. ඒත් ආයිම ඒ ආදරේ කිසිම හේතුවක් නිසා භාර ගන්නෙත් නෑ. හොඳ අවංක ආදරයක් ලැබෙනවානම් කවුද අකමැති. හැබැයි ඉතින් හිර කරලා තියාගන්න නම් මම කිසිසේත්ම කැමති නෑ. ආදරේ තියනවානම් දාලා යන්නේ නෑ නේද. කොච්චර හිරකරලා තියාගත්තත් ආදරේ නැති කෙනා දාලා යනවාමයි. ඒක තමා ඇත්ත.
ReplyDeleteඔව් ප්‍රියන්ත කිසිම දෙයක් බලෙන් ගන්න බෑ.යන කෙනා යනවමයි..අපිට බලෙන් අල්ලලා නවත්වන්න බෑ.දුක තමයි ඒත් කරන්න දෙයක් නෑ.
Delete//අපි කාට හරි ආදරේ නම් එයාට නිදහසේ ඉන්න දෙන්න ඕනේ..එයාව හිර කරන් බලෙන් ළඟ තියගන්න ගියාම එයාට ඒක වදයක් වෙනවා..ඒක නිසාම එයා අපෙන් ඈත් වෙනවා//
ReplyDeleteමේක නම් ඇත්තම ඇත්ත...
ඔව් ශානි ගොඩක් වෙලාවට ඇත්ත් තමා...
Deleteඅර උඩ සඳහන් කරපු කාරණා සියල්ල අනුමත කරමි........
ReplyDeleteස්තුති වන්ත වෙමි...හි හි..
Deleteහ්ම්ම්... ඇත්තම ඇත්ත.. ආදරේ කියන්නේ දෙන්න තියෙන දෙයක් කියලයි මම හිතන්නේ.. ආයේ බලාපොරොත්තු වෙන්න නරකයි.. ඒකෙන් තමයි අපිට දුකක් වේදනාවක් දැනෙන්නේ..
ReplyDeleteඔව් ආදරෙදි අපි දෙන තරම් හම්බ උනේ නැත්නම් ඒක දුකක්. ඒනිසා තමයි බලාපොරොත්තු ගොඩක් තියාගන්න එපා කියලා කියන්නේ..
Deleteමම නම් ආදරේදී ඕනා තරම් නිදහස දීලා තියෙන්නේ.අන්න එකමයි හෙනේට හිටියේ
ReplyDeleteහෙනේට..? හි හි.. ඒ මොකෝ මොනාද උනේ..?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔහොම බිමින් තියපු පැටව් දෙන්නෙක්ම මටත් හිටියා කලා බිලා ලොකු වෙලා කාලය අවහම පැදුරටත් නොකියා .තිත තියලා ගියා.
ReplyDelete