Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Feb 12, 2012

෴෴෴ලෝගුව෴෴෴



ජනිත් පඩිපෙළ නැගගොස් නැවතත් හැරී බැලුවේය..අමන්දා සහ දියණිය මෝටර් රථයේ නැගී පිටවී යනු පෙනෙයි. දියණිය පසු පස බලමින් සොයන්නේ තමා විය යුතු යැයි සිතුණු ජනිත්ගේ මුවින් සිහින් සුසුමක් පිට වීය.


උසාවි බිම සොහොන් බිමක් සේ පාළුය..වෙනදාට මෙම භූමිය පුරා පැතිර පවත්නා ඝෝෂාවත් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් දිව යන සෙනඟත් අද නැතිදැයි ජනිත් නැවතත් සිතුවාය..එහෙත් සියල්ල එසේමය ..එසේනම් මේ වෙනස!..





කෙනෙකු මිය ගිය පසු සොහොන් පිටිය වෙත ගෙන විත් තනිකර දමා සියලු නෑයන් පිටවී ගිය පසු එම මිය ගිය කෙනෙකුට දැනෙන හැඟීම මෙසේ විය යුතු යැයි  ජනිත්ට මුල් වරට සිතුණි.


"දැන් ඉතින් මමත් ජීවත් වුණා උණත් මැරිලා වගේනේ." 
ජනිත් තමන්ටම කියා ගත්තේ සිත රැඳි පාළුවට බිය වූවාක් මෙනි..


වෘතීයෙන් නිතීඥයෙකු වූ ජනිත්ට උසාවි භූමිය නුපුරුදු තැනක් නොවේ..


එහෙත් අද ඔහුගේ ජීවිතයේ විශේෂම අවස්ථාවකි.වෙනදා කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින් අන් අයගේ ප්‍රශ්න විසඳන තමාටම අද තමන්ගේ ප්‍රශ්නය විසඳා ගැනීමට මේ තරමට අසීරු වූයේ කෙලෙසදැයි ජනිත්ටම පුදුමයක් දැනේ..


"හැමෝගෙම ඩිවෝස් කේස් හරිම සුළුවටනේ ඔයා ගත්තේ..දැන් ඔයාගේ එකත් එහෙමම හිතන්න"


ළඟින්ම සිටින වෘතීය මිතුරිය කල්පනා එසේ පැවසූ විට නම් හිතට පුදුමාකර අසරණ කමක් දැනුණ බව සැබෑය..


"ඔයා මැරෙන්න කලින් මම මැරුණොත් හොඳයි"..
දියණිය ඉපදෙන්න සිටි කාලයේ දිනක තමාගේ උරහිසට ඔළුව තියාගත් අමන්ධා පැවසූ හැටි ජනිත්ට සිහිපත් වේ..
"ඇයි ඒ.."
"ඔයා නැතිව එක දවසක්වත් මම මේ ලෝකේ ඉන්නේ නෑ.."


එසේ පැවසූ අමන්ධා උසාවියක පැමිණිලි කූඩුවට නැග තමා එපා යැයි පැවසුවේ වෛරයෙන් පිරී ගිය සිතෙනි.


හිමි වී තිබෙන තාක් කල් ප්‍රේමයත්, අහිමි වූ පසුව වෛරයත් එකම හැඟීමට හිමිවන්නේ කෙසේදැයි ජනිත් තමන්ගෙන්ම ප්‍රශ්න කර ගත්තේය..


දික්කසාදය සඳහා අමන්දා ඉදිරිපත් කල හේතුව තමාගේ අනියම් සම්බන්ධතාවයකි. තමාගේ කාර්‍යාලයේ පුහුණු වෙමින් සිටින උදාතාරි විත්තිකාරියයි.


ජනිත්ට අමන්දා හමුවූයේ මිතුරෙකුගේ මංගල උළෙලකදීය..


එම මිතුරාගේ බිරිඳගේ යෙහෙළියක් වූ අමන්දා දුටු පමණින් ජනිත්ට බොහෝ කල් සිට සෙවූ අයෙකු හමු වුණා සේ දැනුණු අයුරු අදටත් මතකය..
"මට ඔයාව හොඳට දැකලා පුරුදුයි"


"වෙන්න බෑ..මට නම් මතක නෑ"


අමන්දා ස්වභාවයෙන්ම තරමක් ආඩම්බර කාරියකාරියකි..එයට අවශ්‍ය සියලුම සාධක ඇය සතු විය.. උසස් අධ්‍යාපනයත් , ඉතා රූමත් පෙනුමත්,පියාගේ අධික ධනවත් කමත් ඇය සිතට ගෙන සිටියාය..


ජනිත් හමුවන විට පෞද්ගලික පාසලක ගුරුවරියක් වූ අමන්දා විවායෙන් පසුව රැකියාවෙන් ඉවත් වූයේ ඇගේම කැමැත්තෙනි.


"මම ආස ඔයාගේ වැඩ මගේ අතින්ම කරන්න" 


රැකියාවෙන් ඉවත් වන්නේ ඇයි දැයි විමසූ විට ඇයගේ පිළිතුර නිසා ඇය කෙරෙහි වූ ආදරය තවත් වැඩි වූවා නොවෙද..


බොහෝ අමාරුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කර නීතිඥයෙකු ලෙස තමා ජීවිතයේ ලබාගත් ජයග්‍රහණය ගැන ජනිත් සිහිකළේ සතුටින් වුවද එය සැබවින්ම කඳුළු කතාවක් නොවේදැයි ඔහුටම නොයෙක් වර සිතේ..


අප්පච්චී මිය ගියායින් පසුව අම්මාත් අක්කාත් නංගීත් තමාත් දිවි සයුරේ අතරමං වූ කුහුඹින් වැනි විය..


අක්කා හදිසියේ විවාහයක් කරගෙන නිවසින් පිටවූ පසු අම්මා තනිවම තුන් දෙනෙකුගේ බර ඇද්දාය..


පාසල් ගොස් නිවසට පැමිණෙන ජනිත්ට සමහර දිනවල දවාලට කන්නට තිබුණේ තැම්බූ කොස් හෝ අල වර්ගයකි.ජනිත්වත් නැගණියවත් මේ පිළිබඳ මැසිවිලි කිසිම විටක නොනැගුවේ අම්මා විඳින දුක දන්නා නිසාමය..


සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වීමෙන් පසුව පාසලෙන් ඉවත් වී කුමක් හෝ රැකියාවකට යොමු වීමට ජනිත් උත්සාහ කළද අම්මාගේ එකම බලාපොරොත්තුව වූයේ උසස් අධ්‍යාපනය ලබා ඉහළට යනු දැකීමය..


"මම හිඟා කාලා හරි උගන්නම් උඹ ලොකු මහත්තැන් කෙනෙක් වෙයන් පුතේ" 
අම්මා හිස අතගාමින් පැවසූ අයුරු සිහි වන විට දැනුඳු දෑස් කඳුළෙන් පිරේ.


උසස් පෙළට නගරේ මධ්‍ය මහා විද්‍යාලටයට ඇතුළත් වීමත් සමග ආ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ලෙස පියසේන මුදලාලිගේ බේකරියේ වැඩට බැඳුණ ජනිත්ට වෙහෙස මහාන්සිය ගැන අමුතුවෙන් සිතන්නට වෙලාවක් තිබුණේම නැති තරම්ය. 


උදේ පාන්දර පාසල් යාමට පළමුව සියලුම කඩ වෙත පාන් බෙදා අවසන් කරන ඔහු පාසල් ගොස් ගෙදර විත් දවල්ට කෑම කෑ සැණින් නැවතත් බේකරිය වෙත දිව යයි..
එහි සියලුම රාජකාරී වලට උදව් දී රෑට රෑවී නිවසට විත් පාසැල් වැඩ කටයුතු සියල්ලම නිමා කරගත යුතුය..


සමහර දිනවල බේකරියේ වැඩ නිමා කර පාසල් ගිය පසු ඇඟේ කොතැනක හෝ පිටි නැතිනම් දැලිය.මිතුරන්ගේ උසුළු විසුළු වලට ලක් වෙමින් එම වසර දෙක අවසානයේ ජනිත් ප්‍රථම වතාවෙන්ම නීති පීඨයට තේරුණේ අම්මාගේ කඳුළු මැදය


විශ්ව විද්‍යාල ජීවිතයද කිසිසේත්ම සුන්දර වූයේ නැත..ආර්ථික අපහසුතා නිසා ගෙවල් වලට ගොස් ටියුෂන් දීමට අවස්ථාව ලබා දුන්නේ දන්නා කියන ගුරුවරයෙකි..  එයින් යැපෙමින් අම්මාගේ බෙහෙත් වලටද මුදලක් යවන්න්ට තමාට හැකිවූයේ තමා සතු පිරිමසා ගැනීමට ශක්තිය නිසා බව ජනිත් නිතරම සිතුවාය..


අම්මා කිරි කැපීමට නොයා  නංගීට ඒ සඳහා යන්නට වූයේ තමන්ගේ වරදින් නොවේදැයි ජනිත් සිහි කරේ ශෝකයෙනි..අම්මාට තිබූ පපුවේ මහන්සිය එන්නම වැඩිවී වැඩක් කරගන්නට නොහැකි මට්ටමට පත් වූයේ අධික ලෙස වෙහෙස මහන්සි වීමත් නිසි ආහාරයක් නොමැති වීමෙන් වෙන්නට ඇත.


විශ්ව විද්‍යාලයෙන් පිටවී නිතීඥයෙකු ලෙස දිවුරුම් දුන්නාට පසුව ප්‍රසිද්ධ රාජ්‍ය නිතීඥයෙකුගේ සහායක ලෙස වැඩ කරන්න ලැබුණේ වාසනාවටය..


එයින් පසු ඇරඹුණ ජීවිතය ඉතා යහපත් වූයේ සුරංගනා කතාවක් මෙනි..


නංගී හොඳ කෙනෙකුට විවාහ කර දීමත් අම්මාත් ඈ සමගම වාසයට යාමත් අම්මාට අවශ්‍ය සියලුම දෑ සපයා දී ඇය ඉතා සතුටින් තැබීමට හැකි වීමත් ජීවිතයේ ලද ලොකුම සතුටු දායක දෑ වලින් කිහිපයකි..


අම්මා මේ සතුට විඳීමට වැඩි කලක් නොසිටීම ඉතා දුක්බර කරුණක් වුවද ඇය මියගියේ ඉතා සතුටිනි..එය නිතරම පවසා සිටියාය..


"අනේ පුතේ දැන් ඉතින් මට කොයි වෙලේ මැරුණත් කමක් නෑ..මගේ දරුවෝ සතුටෙන් හොඳින් ඉන්නව දැකලා"


මුලදී අමන්දාගේ දෙමව්පියන් දැඩිව ඔවුන්ගේ සම්බන්ධයට විරුද්ධ වූවද ජනිත් නීතීඥයෙකු ලෙස ලබා තිබූ ජනප්‍රියත්වයත් ස්ථාවරයත් නිසා ඔවුන්ගේ කැමැත්ත හිමිවිය..


ඉන්පසු එළබියේ ජීවිතයේ සොඳුරුම සමයයි..දියණිය ඉපදී වසර හතක් පමණ වන් තෙක් ගෙවුණ සුන්දර දිවිය නිමා වූයේ පුදුම සහගත ලෙසය.


ජනිත්ගේ සාර්ථකත්වය බොහෝ දෙනෙකුට ඉවසුම් නොදෙන කරුණක් වූයෙත් මේ කාලෙදීමය. 


උදතාරි පුහුණු වන නීතීඥවරියක් ලෙස තමන්ගේ කාර්යාලයට බඳවා ගත්තේ ජනිත්ගේ මිතුරෙකුගේ ඉල්ලීමකටය..තමන්ට වඩා වසර විස්සක් පමන ළාබාල ඇය දෙස ජනිත් බැලුවේ සිසුවියක් හෝ සහෝදරියකගේ දරුවෙකු ලෙසය..සැබවින්ම අක්කාගේ දියණියද සිටියේ උදතාරිගේ වයසේමය



ඉතා දිළිඳු පවුලක දැරියක වූ උදතාරි අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ අපහසුකම් රැසක් මැද්දේය..තමන් මුහුණදුන් ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා ජනිත් උදතාරි දෙස බැලුවේ අනුකම්පාවෙන්ය. 


නොයෙක් විට මුදලින්ද පොත් පත් වලින්ද ඇයට උදව් කරන්නට තමා පෙළඹුණේ ඇය සතු අහිංසක කම හා ඉගෙන ගැනීමට ඇති උනන්දුව නිසා නොවේද...


එහෙත් වැඩි දෙනෙක් මෙය දෙස බැලුවේ වපර ඇසිණි.උදතාරි රූමත් තරුණියක් වීම මෙයට හේතුවදැයි ජනිත් සිතුවාය.


පුහුණුව සඳහා පැමිණෙන නවක තරුණියන්ට අත්වන ඉරණම  මෙම ක්ෂෙත්‍රයේ අය අතර නොරහසකි.


තමාත් උදතාරිත් විවිධ රාජාකරී සදහා කාරියායෙන් බැහැර ගිය ආවස්ථාවල කිසිවෙකු විසින් අමන්දාට හා ඇගේ පියාට මේ පිළිබද කේලම් කියා  දෙදෙනා දවල් අහාරය සඳහා සුප්‍රසිද්ධ හෝටලයකට ඇතුල් වන අයුරු ඡායාරූප පවා ලබා දී ඇති බව ජනිත් දැනගත්තේ පසුවය.



ඉන්පසු සියල්ල වෙනස් වූයේ වේගයෙනි..තමා සමඟින් දබර කරගත් අමන්දා දියණියද රැගෙන නිවසට යාමත් අමන්දාගේ පියා උදතාරීට මරන තර්ජන කිරීමත් ආදී වූ සිදුවීම් රැසක කෙළවර වූයේ අමන්දාගෙත් ජනිත්ගෙයි දික්කසාදය නොවේදැයි සිතූ ජනිත් දිග සුසුමකින් ළය සැහැල්ලු කරගත්තේය..


"සර්ට මේ හැමදේම උණේ මම නිසා මම සර් කියන ඔනේම දෙයක් කරන්නම්" 
උදාතාරී පෙරදින පවසා සිටියේ ඇඬූ කදුලෙනි..
" ඔයා හොඳට ඉගෙන ගෙන තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරන්න" 
ජනිත් පැවසුවේ කරුණාවෙනි.


සැබවින්ම උදාතාරි කෙරෙහි තමන්ගේ සිතෙහි ප්‍රෙමයක් වී දැයි ජනිත් නැවතත් තම සිතෙන්ම විමසා බැලුවාය..රාගය මිශ්‍ර වූ ප්‍රේමනීය හැඟීමක් එහි කෙසේවත් නොවීය..


අනුකම්පාව දයාව මිශ්‍ර වූ නමක් නොදන්නා බැඳීමක් එහි විය....


සැබවින්ම මිනිසුන් අතට නමක් නොදන්නා බැඳීම් තිබිය නොහැකිද?..  ජනිත් තමගෙන්ම අසා ගත්තේය.!!!!


60 comments:

  1. වෙනද වගේම හිතට දැනෙන සන්වේදී කථාවක්.

    //සැබවින්ම මිනිසුන් අතට නමක් නොදන්නා බැඳීම් තිබිය නොහැකිද?.. ජනිත් තමගෙන්ම අසා ගත්තේය.!!!!//

    අපේ ජීවිත වල කොච්චර මේ වගේ බැඳීම් තියනවද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්..නමක් නැති බැඳීම් වලට දෙන නම මොකක්ද කියලා මමත් හිතනවා...

      Delete
  2. ඉක්මන්බවත් එක්ක සමහර දේවල් ජීවිතෙන් තේරුම් ගනිද්දි ගොඩක් දේවල් දකින්න ලැබෙන්නෙ කණපිට.. ලස්සනට ලියලා තියෙන සංවේදී කතාවක් පුංචි කුමාරිහාමි..

    "සැබවින්ම මිනිසුන් අතට නමක් නොදන්නා බැඳීම් තිබිය නොහැකිද?.."

    කොයිතරම් නම් තියෙනවද.. සමහර බැදීම් තවත් කෙනෙක්ට පහදලා දෙන්න වචනත් නැති.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නන්දු.
      ඔව් මේ වගේ බැඳීම් දිහා ලෝකය බලන්නේ වැරදි ඇසින්..

      Delete
  3. ඒ වගේ බැදීම කොච්චරක් තියන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ඔව් අවාසනාවට කාටවත් තේරෙන්නේ නෑ..

      Delete
  4. මගෙත් ඔහොම බැඳීමක් තිබුනා කො කිව්වට වැඩක් නෑනේ ගෙදරින් ඒවා විස්වාසකරන්නේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ අර රෑට රෑට ඩවුන් වෙන සර්වර් එක හි හි

      Delete
    2. @ඔබ.නො.ලො..
      ඔයාටත් එහෙම එක්ක තිබ්බද..දැන්නෙ දන්නේ...හික්ස්...

      Delete
    3. ඔබ නොදුටු ලොවක්:
      කට..කට..කට......!!

      Delete
  5. නමක් නැති සබඳතා කොතෙක්වත් තිබිය හැකියි..ඒත් අනිත් අය ඒවා දකින්නෙ නම් වෙනස් විදියට..ඒ කියන්නෙ එහෙම හිතන අයට ඒ වගේ සම්බන්ධතා තිබුනොත් ඒවා

    ReplyDelete
    Replies
    1. ම්ම්..ඔව්.. ගොඩක් අය හිතන්නේ..මේ ලෝකේ තියෙන්න ඕනේ නමක් තියෙන සම්බන්දතා විතරයි කියලා..

      Delete
  6. කිසිම බැඳීමක් තවෙ'කකට සමාන නොවේ. යමෙක් සමග වූ රම්‍ය වූ බැඳීමකට සම්මත වූ නමක් දී ගන්ට බැරිවීම තරම් දුකක් තවත් නැත. ඒත්, ඇත්තටම බැලුවොත් මිනිස්සුන්ටවත් නමක් මොකටද? බැඳීමකට කොහොමවත්!

    මෙදා කතාවත් ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සත්‍යා...
      බැඳීමකට නමක් දෙන්න පුලුවන් ..ඒත් හැම බැඳීමකට නෙමෙයි..ඒත් ලෝකය දකින්නේ ඒවා අසම්මත බැඳීම් විදියට..එතකොට එයාලා ඒ අයව පව්කාරයෝ විදියට හන්වඩු ගහනවා...

      Delete
  7. කතාව හොඳයි. හැබැයි මොක්කදො අඩුපාඩුවක් වගෙ දැනෙනවා උදාතාරී ගෙ සම්බන්දතාවය තව ටිකක් ඉස්මතුකලානම් හොඳයි කියලත් හිතෙනවා. අමන්දා ජනිත් දුව අතරෙ තව කිට්ටු සම්බන්දතාවයක් පෙන්නුවනම් හොඳයි කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජෝන්..
      ඔයා කියන එක මම පිලිගන්නවා..මමත් ඒක දැක්කා.ඒත් ඒ හැමදේම විස්තර කරන්න ගියානම් කතාව ගොඩක් දික් ගැස්සිලා කියවන්න ආස හිතෙන්නේ නැතිවෙයි කියලා මට හිතුනා..

      Delete
  8. අපොයි නමක් නැති සම්බන්ධතා ඕනි තරම් තියෙන්න පුළුවන්..ඒවා ගොඩක්ම හැගීම් එක්ක මිශ්‍ර වෙච්ච ඒවා...
    මාත් හැබැයි Loku Johnගෙ කතාවට එකගයි..ඒ හරිය ටිකක් පැහැදිලි මදි වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරූ...
      ඔයාලා කියන එක හරි..මම ටිකක් කතාව අත ඇරලා ලිව්වේ..ගොඩක් ස්තූතියි වැරදි අඩුපාඩු කියලා දෙනවට..

      Delete
  9. සංවේදි කතාවක්.. නමක් දෙන්න බැරි බැදිම් අපේ ජීවිත වල තියෙන්න පුළුවන්.. ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් ඔයාටත්....

      Delete
  10. විශ්වාසයක් නැතිකම තමා මූලික හේතුව...මටත් හිතෙනව අක්ක කතාව තව ටිකක් ලිව්ව නම් හොඳයි කියල කම්මැලිකමෙන්ද ලිව්වෙ මේක.......:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ..

      කම්මැලි කමෙන් ලිව්වමත් නෙමෙයි කතාව දික් උනොත් ඔයාලට ඒක කියවන්න එපා වෙයි කියලා හිතුනා

      Delete
    2. ලස්සනට ලියල තියෙන කතා කියවන්න කම්මැලි වෙන්නේ නැහැ.ඔයා ලියන හැම කතාවක්ම හොඳින් ගලාගෙන යනවා.එත් සමහර තැන් ඉක්මනින් ඉවර වෙනවා වගේ දැනෙනවා.කියවලා රසවිඳින අපිට අසාධාරණයක් වගේ නේද?

      මගේ බූත කැලේ කතාව ලියද්දිත් හිතුනේ ඔයාට හිතුනු දේමයි.

      Delete
    3. මම කැමතියි දිගටම ලියන්න.ඒත් ඒක ඔයාලට නීරස වෙයි කියලා මට හිතෙනවා...

      Delete
  11. නමක් දෙන්න බැරි බැදීම් හුගක් සුවදයී. ඇත්තමයි මම ඒක අත්දැකීමෙන් දන්නේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්..බට්ටි..අනේ මට නම් එහෙම අත්දැකිම් නෑ..ඒත් මම දැකලා අහලා තියෙනවා..

      Delete
  12. අනේ මංදා..

    කතාව ලස්සනට ලියලා තියනවා කියලා කියන්නම්..

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්...
      ඔයාට කිසිම අදහසක් නැද්ද....

      Delete
  13. විශ්වාසය නැති කම නිසා නේ එහෙම වෙන්නේ.කෙනෙකෙකුට උදවුවක් කරන්නදී තව කොටසක් බලන් ඉන්නේ වැරදියට.

    සංවේදී විදියට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් මේ වගේ දේවල් වෙන්නේ විෂ්වාසය නැති නිසා තමයි...ස්තුතියි ඔයාටත්..

      Delete
    2. අයියෝ අසාර් මම ලියන හැම එකම මගින් ඉවර වෙනවා කියලා ඔයා කියන කම් මට හිතුනෙ නෑ නෙ.

      Delete
    3. හැම එකක්මත් නෙවෙයි ඇතැම් ඒවා...

      Delete
    4. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...ස්තුතියි අසාර්..

      Delete
  14. ඒ වගේ බැදීම් කොච්චරනම් තියෙනවද\

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් කියාගන්න බැරි බැදිම් නිසා මිනිස්සු හිත් වේදනා විදිනවා.

      Delete
  15. සැකයක් ඇතිනම් ආදරයක් පවතින්නේ නැත. ආදරය, ආදරය නොවන වෙනත් බැඳීම්, මේ දෙකේ වෙනස වටහාගන්නට සමාජයට හැකියාවක් නැත.
    //සැබවින්ම උදාතාරි කෙරෙහි තමන්ගේ සිතෙහි ප්‍රෙමයක් වී දැයි ජනිත් නැවතත් තම සිතෙන්ම විමසා බැලුවාය..රාගය මිශ්‍ර වූ ප්‍රේමනීය හැඟීමක් එහි කෙසේවත් නොවීය..//
    මේ කොටස මට හොඳට හිතට දැනුනා. ප්‍රේමයක්, රාගයක් නැතිනම් එහි ඇත්තේ හුදෙක් අනුකම්පාව, තමාගේ අතීතය එම තැනැත්තිය තුලින් දැකීම නොවේද? වසර ගණනක් ආදරෙන් බැඳී සිටි ස්වාමියාගේ සිත කියවන්න බිරිඳට නොහැකි වෙන්න ඇති. ඒ නිසයි වෙන් වුනේ. මෙහි ඇති නමක් නොදන්නා බැඳීම ආදරයක් නම් නොවෙයි.
    ලස්සන කතාවක්. මේ ඇත්ත සිද්ධියක්ද, නැතිනම් නිර්මාණයක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නම් නෙමෙයි ප්‍රියන්ත..ඒත් මීට සමාන සිද්දියක් මගේ නෑයෙක්ට උනා..අන්තිමේ ඒ දෙන්න වෙන් උනා. ඒ අයියා කිසිම වැරැද්දක් කරේ නෑ. අදටත් තනියෙන් ජීවත් වෙනවා..හිතින් දුක් වෙවී..

      Delete
    2. බලා පොරොත්තු උන ආදරය ලබන්න බැරි උනාම සමහර අය තවත් ආදරයක් පතන්නේ නෑ නේද ජීවිතේ පවතින තුරාවට.

      Delete
    3. ඔව් නේද.අර මම කිව්ව නෑයත් එහෙමයි..එයාටත් හිතේ අමාරුව නිසාම වෙන ආදරයක් වත් අනාගතයක්වත් හිතන්නේ නෑ..ඒත් එකත් වැරදියි නේද..

      Delete
  16. සෑහෙන්න සංවේදි කතාවක් හැමදාමත් වගේ උපරිමයි අක්කේ නමක්

    //සැබවින්ම මිනිසුන් අතර නමක් නොදන්නා බැඳීම් තිබිය නොහැකිද?.//

    සෑහෙන්න බැරෑරුම් ප්‍රශ්නයක් එහෙම දේවල් තියෙන්න පුළුවන්ද? මට හිතුනා අනුකම්පා කරද්දි වුනත් සීමාවක් ඇතිව අනුකම්පා කරන්න ඕනේ කියලා...

    මේ කතා මාර ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මල්ලියෝ..

      ඔව් අනුකම්පාවේත් සීමාවක් තියෙන්න ඕනේ තමයි..සමහර විට ඒ කෙනා ඒ උදව් කිරීම එයාගේ බිරිඳ හරහා කරා නම් මෙහෙම නොවෙන්නත් තිබ්බා.ඒත් බිරිඳ ආඩම්බර කෙනෙක්නේ..ඒක නිසා කොහොමත් එකයි..

      Delete
  17. නියමයි... දැන්නෙන්න ලියලා තිනවා.... සංවෙදි .. මටනම් සංකිර්ණත් වගේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ජනි...සංකිර්ණයි???

      Delete
  18. නමක් නැති බැඳීමක්... එහෙම ඒවා තියෙනවා... මගේ ජීවිතෙත්.. කතාව ලස්සනයි අක්කා... මම ආයෙත් එන්නම්කෝ ඔයාව බලල යන්න....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ශානි...ආයෙත් එන්නකෝ...

      Delete
  19. //සැබවින්ම මිනිසුන් අතට නමක් නොදන්නා බැඳීම් තිබිය නොහැකිද?.//

    මේ වචන ටිකම ඇති. කතාව සුපිරි කියන්න...

    සෑමා මේ ගැන නොකියමි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම්..මේ පැත්තේ ආවටත්.අගය කරාටත්....

      Delete
  20. Replies
    1. හ්ම්ම්...අත්දැකිම් නෑ..නේද..සිත්..? හි හි.

      Delete
  21. නමක් නැති බැදීම් මොන තරම්නම් අපි අතර තියෙනවද සමහර බැදීම් නමක් නැති තාක්කල් සුන්දරයි.සමහර බැදීම් වලට අපි බලෙන් නම් දාගන්නව හැබැයි එතකොට අර කලින් තිබුන ළෙංගතු කම ඒ විදියටම විදින්න බැරි අවස්තාත් එනව.

    මොනව උනත් නිර්මාණය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාව්‍යා ආවට..

      ඔව් ඔයා කියන එක සම්පුර්ණ ඇත්ත..

      Delete
  22. මම කැමති නැහැ මගෙ හස්බන්ඩ් තව කෙල්ලෙකුට අර තරම් බැඳෙනවට මොනම හේතුවකට වත්....හේතු දෙකක් මත..1..මට කොච්චර විශ්වාස උනත්,රටේ ලෝකෙ මිනිස්සු කියන කතා වලට මම කැමති නැහැ..
    2..සමහර විට ඔය කියන නමක් නැති බැඳීම හෙමින් හෙමින් නමක් ඇති බැඳීමකට පරිවර්තනය වෙන්න පුලුවන්...හිත කියන්නෙ ස්තාවර ඒකකයක් නෙවේ..අනික අනිත් පැත්තෙ ඉන්න ගෑනුලමයා මොන වගේ හිතක් තියන කෙනෙක්ද මම දන්නෙ නැහැ.....

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ මට තේරෙනවා..ඔයා විතරක් නෙමෙයි මමත් කැමති නෑ..එයා තව ගෑනු ලමයෙක්ට විශේෂයක් දක්වනවට ඒත් සමහර තැන්වලදී අපි අසාධාරනත් ඇති නේද..

      Delete
  23. ඇත්ත යාලු විශ්වාසය නැති වුනොත් ගොඩක් ප්‍රශ්න තමා.....එහෙම ආදරයක් පවතින්නෙ බොහොම කලාතුරකින්...පැවතුනත් සාර්ථක වෙන්නෙ නැහැ නේද​???'

    ReplyDelete
    Replies
    1. ඔව් සාර්ථක වෙන්නේ නෑ.සැකය කියන්නේ කියන්නේ ලොකු කරදරයක්..

      Delete
  24. ගොඩක්ම ලස්සන blog 1ක්. ඇත්තමයි දැක්කම ආස හිතුනා....

    ලියපු කතාවත් හරිම සංවේදි... "නමක් නොදන්න බැදීම් තිබිය නොහැකි ද..."
    හම්ම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නෙත්පානි..ඔයාගේ නමත් හරිම ලස්සනයි..

      Delete
  25. Onna kumarihami maath awa...
    Sakaya pawul jeewitheta hondama na,,
    Man ayeth ennam oyawa balanna,,,
    Suja akka,,, (mathakada mawa)

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...