Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Feb 19, 2012

෴෴සැබෑ ආදරය෴෴



පුංචි දරුවෙක් කුකුල්  පැටියෙක්ව අතේ හිර කරන් හුරතල් කරනවා බලන් හිටපු දරුවගේ පියා ඇහුවා


"පුතා ඔයා ඔය සතාට කරදර කරන්නේ ඇයි?" කියලා
පුතා කියනවා

"කරදර කරනවා නෙමෙයි තාත්තේ මම එයාට ආදරේ කරනවා" කියලා


"ඔයා එයාට ආදරේ කරනවා නම් ඇයි එයා ඔය තරම් වේදනාවෙන් දඟලන්නේ ඔයාගෙන් ගැලවෙන්න?"





"ඒක තමයි තාත්තේ එයා හොඳ නෑ" පුතා කියනවා..


"නෑ පුතේ ඔයා එයාව බිම තියලා නිදහසේ ඉන්න දීලා බලන්න"..


පුතා කුකුල් පැටියව බිමින් තිබ්බම..කුකුල් පැටියා හරිම නිදහසෙන් පිහාටු ගසලා ආදරෙන් දරුවා දිහා බලනවා..


දරුවටත් පුදුමයි "ඇයි තාත්තේ එයා බිම ඉන්නකොට දඟලන්නේ නැත්තේ?" පුතා අහනවා..


"පුතේ අපි කාට හරි ආදරේ නම් එයාට නිදහසේ ඉන්න දෙන්න ඕනේ..එයාව හිර කරන් බලෙන් ළඟ තියගන්න ගියාම එයාට ඒක වදයක් වෙනවා..ඒක නිසාම එයා අපෙන් ඈත් වෙනවා"


පෙබරවාරි මාසේ ආදරේ ගැන වැඩියෙන් කතා කරන මාසයක්නේ..ඒත් ඉතින් ආදරේ ගැන මොනතරම් කතා කරත් ඒක ඉවරයක් වෙන්නේ නෑ.


ඔබත් ආදරේ කරද්දී අර දරුවා වගේ කරනවද..


මොහොතකට සිතන්න..ඔබ ආදරේ කරන කෙනාට වදයක් වෙන තරමට එයාව සැක කරනවද..එයාව හිර කරගෙන එයාගෙන් වෙන පුංචි අතපසු වීමකටම දැඩි දඬුවම් දෙනවද...


එහෙම නම් ඔබ ආදරේ කියලා හිතන් ඉන්නේ ආත්මාර්ථකාමී කමට..ඒක ආදරය නෙමෙයි.

ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න අපි කවුරුත් දන්නේ නෑ තමයි..ඒත් අපේ හිතේ අදහසක් තියෙනවා ආදරේ නම් මෙහෙම වෙන්න ඕනේ කියලා ..


ඔයාලා කොහොමද හිතන්නේ. මට නම් හිතෙන්නේ මෙහෙම..
1. ආදරේ කියන්නේ විශ්වාසය උඩ රඳා පවතින්නක්.
2. සැකය ආදරයේ සුන්දර බව නැති කරලා දානවා.
3. බොරුව එක්ක ආදරේ රැඳෙන්නේ නෑ.
4. අපි මොනතරම් ආදරේ කරත් ආදරේ නොදැනෙන හිත්වලට ඒක දන්වන්න අපිට බෑ.

ඒ වගේම තමයි සැකය කියන එක හිත්වලට ගේන්නේ ලොකු වේදනාවක්..ඔබ මොනතරම් ආදරය කරත් ඔබේ ආදරවන්තිය හරි ආදරවන්තයා හරි ඔබව සැක කරනවනම් ඒක හරිම අප්‍රසන්න අත්දැකීමක්..
ආදරය කියන්නේ ලොකු කැපකිරීමක් ඒක කරන්න ඕනේ ආපසු ලැබීමක් බලාපොරොත්තුවෙන් නෙමෙයි කියලයි කියන්නේ එත් කීයෙන් කී දෙනාද එහෙම කරන්නේ...


හැම කෙනෙක්ම තව අයෙක් ලවා තමන්ට ආදරය කරවගන්න උත්සාහ කරනවා මිසක් ඒ කෙනාට ආදරය කරන්න උත්සාහා කරන්නේ කලාතුරකින්..


තමන්ට ආදරේ දෙනකන් ඒ කෙනා ගොඩක් හොඳයි හැබැයි ඒක නවත්තපු දවසේ ඉඳන් ඒ කෙනා තමා මේ ලොකේ ඉන්න ලොකුම හතුරා...එහෙම නේද..?


ඊට පස්සෙ එයාට අපහාස කරනවා,බනිනවා,විරුද්ද කම් කරනව..කෝ එතකොට අර තිබ්බ ආදරේ.ඔයාලව දාලා ගියපු ඔයාලගෙන් වෙන් උන ආදරේ කරපු අය ගැන තරහක් හිතට දැනිලම නැද්ද..නැත්තේ නෑ නේද..


වෛරය,ඉරිසියාව,පළිගැනීම ආදරේත් එක්ක බද්ධවෙලා.ඒවා නැති කරන්න අපිට බෑ. ඒ අපි සාමාන්‍ය හිත් තියෙන මිනිස්සු නිසාවෙන්..


ඒත් ටිකක් හරි සාදාරණ වෙන්න පුළුවන් නම්..ආදරේ කරන හිත්වලට මීට වඩා සහනයක් දෙන්න පුළුවන් නම් ලෝකේ මීට වඩා ලස්සන වෙයි නේද....


ඔබේ සිත සැබෑ ආදරයෙන් පිරේවා..

47 comments:

  1. ආදරේ කරද්දි ඉරිසියාවත් හිත් වලට පොඩ්ඩක් හරි දැනෙනවා.. ඒක නෑ කියලා කියන්නම බෑ.. අපි ගොඩක් වෙලාවට බලන්නේ ආදරේ කරන කෙනා අපි ලගම තියාගන්න.. ඉතින් අපි ආදරේ කරන කෙනා මොහොතකට හරි වෙන කෙනෙක් එක්ක කතා කරද්දි අපිට ටිකක් විතර කේන්ති යනවා.. ඒ පුංචි ඉරිසියාවක් ඇති වෙන නිසා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.ඒත් මම කිව්වේ ප්‍රමානයටත් වඩා ඉරිසියා කරන එක ගැන..ඒක හොද දෙයක් නෙමෙයි නේද..

      Delete
  2. මම ආදරේ කලා ..ඒ නිසාම විශ්වාස කලා..ඒත් පස්සෙ බලද්දි මම රැවටිලා......එතකොට ආදරේ රැඳුනද විශ්වාසය මත? නැහැ....ඇත්තමයි මට නම් ඔය ආදරේ මොකක්ද කියල දැන් නම් තේරෙන්නෙ නැහැ.....

    ReplyDelete
    Replies
    1. ආදරෙ රැදෙන්නේ විශ්වාසය මත කිව්වට ඔයා එයාව විශ්වාස කරාට එයා ඔයාගේ විශ්වාසය රැක්කේ නෑනේ..ඒක නිසා අපිට එතනදිත් ඒක කියන්න පුලුවන් නේද...?

      Delete
  3. පුංචි කුමාරි මාත් මේ ආදරේ තාමත් සොයමින් යනවා . කොහේද මේ උත්තරීතර ආදරය තියෙන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. කොහේ හරි ඇති නේද ගිම්..සොයන්නාට සම්බ වේ කියනවනේ සොයන්න...

      Delete
  4. මටත් තාම ලැබුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. අනාගතයෙදි හම්බ වෙයි..දුක් වෙන්න එපා..

      Delete
  5. 1 2 3 නම් ඇත්ත, 4 ගැන අනේ මන්දා :)
    ආදරේ කෑදරේ එක අකුරයි වෙනස් !!
    දැන් පුංචි කුමාරිහාමි වැලන්ටයින් සැමරුවෙ නැතැයි?

    ReplyDelete
    Replies
    1. සැමරුවා සැමරුවා..එහෙම නැතිව බෑනේ නේද...

      Delete
  6. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත ..

    ReplyDelete
  7. හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියනවනෙ (අනේ මන්ද ඇයි එහෙම කියන්නෙ කියල).... ඒ වගේම තමයි ඉතිං ඔය කියල තියෙන විදිහට ලව් කරන උන් හැමදාම තනිකඩ :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් නෑ නේද..මේ විදියට ආදරේ කරන අයත් ගොඩක් ඉන්නවා.

      Delete
  8. ආදරේ කියන පැකේජ් රකත් එක්ක හුඟාක් දේවල් නොමිලෙම ලැබෙනවා...එව්වා ජීවිතේට ආදේශ කරගන්න විදිහ එක්ක තමයි හැමදේම...ගින්නක් නැතිව දුමක් නඟින්නෑ කියලා කතාවක් තියනවා වගේම ඇවිලෙන ගින්නට පිදුරු දානවා කියලා කතාවකුත් තියනවා...දෙපාරක් හිතමු..බැඳීම් නැති ප්‍රේමයක්..(මට මඤ්ඤංද මන්දා..)

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා..ඕකනේ කියන්නේ හොරාට කලින් කැණ වැට පනිනවා කියලා නේද...

      Delete
  9. බොනිකරම තරුව....!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..තනිකරම බොරුව...

      Delete
  10. පුද්ගලයාගෙන් පුද්ගලයට ඒ දේ වෙනස් වෙනවා.අපි කැමති දේ අපේ ලඟම තියාගන්න නේ හැමෝම කැමති.හිර කරගෙන ඉන්නේ කොහෙවත් යන්න නොදී ඒ කෙනා වෙන කොහෙවත් යාවි කියන බයට.ඒත් අනිත් කෙනා හිතනේ වෙනත් විදියට නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙම හිර කරන් හිටියට කමක් නෑ.ඒත් ඒක අනිත් කෙනාට මානසික වදයක් නොවී..හිර වීමම නෙමේ ප්‍රශ්නේ..අනවශ්‍ය සැකය..

      Delete
  11. //"පුතේ අපි කාට හරි ආදරේ නම් එයාට නිදහසේ ඉන්න දෙන්න ඕනේ..එයාව හිර කරන් බලෙන් ළඟ තියගන්න ගියාම එයාට ඒක වදයක් වෙනවා..ඒක නිසාම එයා අපෙන් ඈත් වෙනවා//

    ම්ම්ම්ම්ම්ම්.. ඇත්තම ඇත්ත කුමාරිහාමි.. ඒත් ආදරේ කරද්දි, ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී කමත් පොඩ්ඩක් ඇතිවෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ආත්මර්ථකාමි නැති ආදරයක් හොයන්න අමාරුයි..ඉර්ෂ්යාව ඒකටම බද්ද වෙලා...අනේ මන්දා හිතු..හි හි.

      Delete
  12. කතාව නම් සහතික සත්ත..

    ReplyDelete
  13. ඇත්ත යාලු ආදරය කරන දෙන්නෙක් දෙන්නටම විශ්වාසවන්ත වෙන්න ඕන තමයි....

    ReplyDelete
    Replies
    1. ඔව් විශ්වාසය නැති තැන ආදරය නෑ..ගෞරවය,බැදිමත් ආදරය ශක්තිමත් කරනවා

      Delete
  14. ආදරය කරන කෙනාට ලෝකය ගැන කියලා දෙන්න.. ආදරය ගැන.. ආදරෙන්.. ඒ කෙනා කවදාවත් ඒ කිව්ව දේට පිටින් යන්නෙ නැහැ.. හැබැයි ඒ ගැන නීති දාලා හිරකලා තියාගත්තොතින් නම්.. ඒ ආදරයෙන් කවදාවත් ආදරය ලබන්න බැහැ.. හරියට අර පූස් පැටියා වගේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්..බැදල කිසිම කෙනෙක් ලඟින් තියාගන්න බෑ.යන කෙනා යනවමයි.තේරුම් ගැනිමයි වැදගත්...ස්තුතියි නන්දු

      Delete
  15. මහා හුගාක් ආදරේ කරන දෙන්නෙක් අතර උනත් පුංචි පුංචි නෝක්කඩු ඇතිවෙන්න පුලුවන්. ඒවා බොහොම සාමාන්‍යයි.හැබැයි ඒ දෙවල් කතා බහ කරලා විසඳගන්න හැකියාව දෙදෙනාටම තිබිය යුතුයි.මමනම් කුණු හිතේ තියාගෙන විඳවන්න කැමති කෙනෙක් නෙවේ. මගේ හිතට බරක් ප්‍රශ්නයක් වෙන දෙයක් මම අවස්ථාව බලල හොද වෙලාවක් බලල කතා කරනව. එතකොට මගේ හිතටත් හොදයි එයාගෙ හිතටත් හොදයි.හැබැයි ආදරයක් මැද්දට සැකය කියන දේ ආවොත්නම් හරිම බයානකයි.අනිත් එක ඕනාවට වඩා නීති රීති දාලා ආදරයක් පරිස්සම් කරන්න උත්සහකරන එකනම් මෝඩ වැඩක් කියලා මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් කාව්‍යා කතා කරලා විසඳගන්න පුලුවන් දෙදෙනාටම ඉවසීම තියෙනවනම් ඒත් ඉවසීම නැති කෙනෙක් අනෙක් කෙනාගේ මානසික තත්වය තේරුම් නොගන්න කෙනෙක්ට ඒ විදියට කරන්න අමාරුයි නේද..

      Delete
  16. මොනව කියන්නද මන්ද ?

    ReplyDelete
    Replies
    1. මොනාත් කියන්න එපා ඔබි...

      Delete
  17. සේරම ඇත්ත අක්කේ ඒත් පුංචි පුංචි දේවල් වලින් ආදරේ පෙන්නන්න පුළුවන් මම හිතන්නේ ආදරේ ලබාගන්න උත්සහ කරනවට වඩා කෙනෙක්ට ආදරේ කරන එක හොඳයි මොකද කෙනෙක්ට ආදරයක් නොදක්වා ආදරයක් ලබා ගන්න බෑ...

    මම හැමදාම මගේ ආදරී යනකන් බස් එක ගාවටම වෙලා ඉන්නවා අද මට ගෙදර එන්න රෑ වෙයි කියලා හිතුනු නිසා මම එයාව තනියෙන් යැව්වා ඒත් ආයෙම හැරිලා මම බස් එක ගාවට වෙලා කෝල් කරලා බස් එක අද්දන කොට මම එයාට කිව්වා ටිකක් හිනාවෙලා යන්න කියලා එයා මාව දැක්කාම ඇඬුවා අක්කෝ කතා කරගන්නත් බැරිවුනා ඒ පුංචි දෙයින් කොයිතරම් එයා සන්තෝස වුනාද කියලා මට අද තේරුණා අද ඉඳන් මොන වැඩ තිබුනත් එයා යනකන්ම මම ඉන්නවා කියලා හිතා ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලියෝ..පුංචි දේකිනුත් තමන් ලඟ ඉන්න කෙනෙක්ව ගොඩක් සතුටු කරන්න පුලුවන්..ඒකට වියදමක් යන්නේ නෑ.

      Delete
  18. හරිම ඇත්තක්. දාලා ගිය ආදරේ ගැන නම් හිතේ වෛරයක් නෑ. ඒත් ආයිම ඒ ආදරේ කිසිම හේතුවක් නිසා භාර ගන්නෙත් නෑ. හොඳ අවංක ආදරයක් ලැබෙනවානම් කවුද අකමැති. හැබැයි ඉතින් හිර කරලා තියාගන්න නම් මම කිසිසේත්ම කැමති නෑ. ආදරේ තියනවානම් දාලා යන්නේ නෑ නේද. කොච්චර හිරකරලා තියාගත්තත් ආදරේ නැති කෙනා දාලා යනවාමයි. ඒක තමා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියන්ත කිසිම දෙයක් බලෙන් ගන්න බෑ.යන කෙනා යනවමයි..අපිට බලෙන් අල්ලලා නවත්වන්න බෑ.දුක තමයි ඒත් කරන්න දෙයක් නෑ.

      Delete
  19. //අපි කාට හරි ආදරේ නම් එයාට නිදහසේ ඉන්න දෙන්න ඕනේ..එයාව හිර කරන් බලෙන් ළඟ තියගන්න ගියාම එයාට ඒක වදයක් වෙනවා..ඒක නිසාම එයා අපෙන් ඈත් වෙනවා//

    මේක නම් ඇත්තම ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඔව් ශානි ගොඩක් වෙලාවට ඇත්ත් තමා...

      Delete
  20. අර උඩ සඳහන් කරපු කාරණා සියල්ල අනුමත කරමි........

    ReplyDelete
    Replies
    1. ස්තුති වන්ත වෙමි...හි හි..

      Delete
  21. හ්ම්ම්... ඇත්තම ඇත්ත.. ආදරේ කියන්නේ දෙන්න තියෙන දෙයක් කියලයි මම හිතන්නේ.. ආයේ බලාපොරොත්තු වෙන්න නරකයි.. ඒකෙන් තමයි අපිට දුකක් වේදනාවක් දැනෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ආදරෙදි අපි දෙන තරම් හම්බ උනේ නැත්නම් ඒක දුකක්. ඒනිසා තමයි බලාපොරොත්තු ගොඩක් තියාගන්න එපා කියලා කියන්නේ..

      Delete
  22. මම නම් ආදරේදී ඕනා තරම් නිදහස දීලා තියෙන්නේ.අන්න එකමයි හෙනේට හිටියේ

    ReplyDelete
    Replies
    1. හෙනේට..? හි හි.. ඒ මොකෝ මොනාද උනේ..?

      Delete
  23. ඔහොම බිමින් තියපු පැටව් දෙන්නෙක්ම මටත් හිටියා කලා බිලා ලොකු වෙලා කාලය අවහම පැදුරටත් නොකියා .තිත තියලා ගියා.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...