Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Mar 3, 2012

෴෴බ්ලොග් හිතවතුන්ට ලියමි෴෴෴෴







ඔයාලා බලයි පුංචිට එකපාරටම මොනවා වෙලාද කියලා..ඒත් මම මේ පොස්ට් එක දාන්න හිතන් හිටියේ මීට ගොඩක් දවසකට කලින්..
ඔන්න මුලින්ම කිව්වා පුංචි පන්ඩිතයි..අනවශ්‍ය දේවල් කියනවා කියන්න එපා ..

හැමදාම එක එක ඒවා ලිව්වත් මට ඒ ලියන හැමදේකම මොකක්දෝ නොගැලපීමක් තිබුණා..මට අද හිතුණා බ්ලොග් කියවන ලියන අපේ යාළුවන්ගෙන් උදව්වක් ඉල්ලන්න..පුංචිගේ පුංචි ඉල්ලීමට

යාළුවෝ ඇහුම්කන් දෙයි කියලා මම හිතනවා...

බ්ලොග්කරනයට මම අලුත්..ඉස්සරත් මට බ්ලොග් එකක් තිබ්බා තමයි..ඒත් ඒ කිසිම අවබෝධයකින් නම් නෙමෙයි..අනික මම ඒකාලේ කවදාවක් අනුන්ගේ ඒවා කියවලාවත් කමෙන්ට් කරලවත් තිබ්බේ නෑ.

මම මගේ "පුංචි කුමාරිහාමිගේ වලව්ව" බ්ලොග් එක පටන් අරන් දැනට මාස තුනකට කිට්ටුයි...ඒත් අදටවත් මට පැහැදිලි අවබෝධයක්නෑ බ්ලොග් එකක ගුණාත්මක භාවය ගැන..
මම හිතන්නේ මූණු පොතේ ඉන්න අය ගෙන් වැඩි දෙනෙක් බ්ලොග් කියනවා, ලියනවා ඒ වගේම කියවන්නෙත් ලියන්නෙත් නැති අයත්ඉන්නවා.
මම දන්න විදියට මාත් එක්ක ඉන්න හැමොටම මට වඩා ලොකු අවබෝධයක් හා අත්දැකීමක් මේ බ්ලොග් ලියන එක ගැන තියෙනවා.
මේ කමෙන්ට් කරලා යන ඔයාලා හැමෝම බ්ලොග් ලෝකෙට මට වඩා පරණයි..
දැන් මමත් ගොඩක් බ්ලොග් අතරේ සැරිසරනවා.කමෙන්ට් කරනවා. ඒත් අදටවත් මට හිතාගන්න බෑ මේ බ්ලොග් එකක ප්‍රමිතිය කොහොමවෙන්න ඔනේද කියලා..

බ්ලොග් එකක ගුණාත්මක භාවය තීරණය කරන සාධකය වෙන්නේ මොකක්ද?

මම දැක්කා සමහර බ්ලොග් වල කමෙන්ට් බලන්නම දවසක් යනවා. ඒත් පෝස්ට් එක ඒ තරම් දිගත් නෑ. ගත යුත්තකුත් නෑ. නිකම්ම නිකන්ආගිය කතා,ආදර කතා ටිකක් විතරයි.

1.බ්ලොග් එකක ගුණාත්මක භාවය තීරණය වෙන්නේ කමෙන්ට් වලින්ද?

2.කමෙන්ට් නැති උණත් තමන්ටත් අනුන්ටත් වැඩදායක යමක් ලියන එක හොද බ්ලොග් එකක් වෙන්නේ නැද්ද?.

මම හිතනවා ඔයාලා මම කියපු දේ ගැන වැරදියට තේරුම් ගන්න එකක් නෑ කියලා.
මේක කිසිම කෙනෙක් විවේචනය කිරීමක් නම් නෙමෙයි..
ඇත්තටම මට ඕනේ හොද බ්ලොග් එකක අන්තර් ගත වෙන්න ඕනේ මොනවද කියලා ඔයාලගෙන් අහලා දැනගන්න..

ගෑනු ළමයෙක් නිසා මගේ බ්ලොග් එකේ කතා කරන්නේ කතා කරන්න පුළුවන් දේවල් විතරයි..

අනික මෙතන මම ලියන කිසිම දෙයක්මගේ පුද්ගලික ජීවිතයට කිසිසේත්ම සම්බන්ධ නෑ..මම කැමති නෑ මගේ පුද්ගලික ජීවිතේ ප්‍රසිද්ධියේ බෙදාගන්න..

ඒත් සමහර සිද්ධි මට සම්බන්ධ නොවුණත් මා වටා ඉන්න අනිත් අයගේ සැබෑම අත්දැකීම්..නම ගම් විතරයි වෙනස්...

ඉතින් මෙච්චර කාලයක් මාත් එක්ක හිටිය මගේ හිතවත් ඔයාලා හැමෝම මට කරන උදව්වක් විදියට මට කියන්න පුළුවන්ද ඔයාලා මොනාද මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නේ...සහ ඔයාලා සාමාන්‍යයෙන් බ්ලොග් එකකින් බලාපොරොත්තු වෙන්නේ මොනවද..

මෙහෙම කියන්න පුළුවන්.
1.සරල විනෝදය
2.සාහිත්‍ය රස
3.දැනුම

කොහොම හරි මොනවා හරි ලියලා මට උදව් කරයි මම හිතනවා..







෴෴මම ඔයාලගේ ප්‍රතිචාර බලන් ඉන්න පුංචි..෴෴෴.

73 comments:

  1. ඔයා කියන එක ඇත්ත පුංච් කුමාරිහාම්..
    blog එකකින් මේ 3න් එකක් තමා බලාපොරොත්තු වෙන්න පුලුවන්.
    සරල විනෝදය
    සාහිත්‍ය රස
    දැනුම
    බ්ලොග් එකක ගුණාත්මක භාවය තීරණය වෙන්නේ කමෙන්ට් වලින් නම් නෙමේ කමෙන්ට් නැති උණත් තමන්ටත් අනුන්ටත් වැඩදායක යමක් ලියන එක හොද බ්ලොග් එකක් තමා කියල තමා මගේ මතය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශාන්.. මම එකඟයි ඔයා එක්ක...

      Delete
  2. මමත් හිතන්නේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ කමෙන්ට් වලින් නෙමෙයි කියන එක. කමෙන්ට් වැටෙනවට අපි කවුරුත් කැමති උනත් බ්ලොග් එකෙත් ගත යුත්තක් තියනවනම් තමයි හොඳ. ඔයා කියපු විදියේ කමෙන්ට් ගොඩක් වැටෙන පෝස්ට් මමත් දැකලා තියනවා. මම හිතන්නේ එහෙම වෙන්නේ එයාලට ආකර්ෂණය වුනු ස්ථිර පාටකයින් ගොඩ දෙනෙක් ඉන්න නිසා. ඒ ආකර්ෂණය ඇති වුනේ සමහර විට මුල් කාලයේ එයාල විනෝදාත්මක/ගුණාත්මක දේවල් ලියපු නිසා වෙන්නත් ඇති.

    ඔයා අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරේනම්, මම ඔයාගේ බ්ලොග් එකෙන් 1 සහ 2 කරුණු දෙකම දැක්කා. ඔයාගේ කෙටි කතාවල සාහිත්‍ය රසත් තියනවා. මම මේ බ්ලොග් එකට එන්න පටන් ගත්තේ කුමාරිහාමි නවකතාව නිසා. දැන් ඒක ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එකනේ මමත් සැහෙන කාලයක ඉඳං බලන ඉන්නේ ඒ කතාව ලියනකම්.ලස්සන කතාවක් මගදී නවත්තුවාම දුකයි.

      Delete
    2. ස්තූතියි සයුරි... ඔයා කියන එක ඇත්ත..
      කුමාරිහාමි කතාව ගැන ගොඩක් අය අහන නිසා මම ඒක ආයෙත් දාන්නම්..

      Delete
    3. අසර් හැමදාම කතාව මතක් කරනවානේ..මම ඒක ආයෙත් දාන්නම්

      Delete
  3. කමෙන්ට් වලින් නම් කවදාවත් බ්ලොග් එකක් හොදද නැද්ද කියලා හොයන්න බැහැ..සයුරි අක්ක කියපු දේ එක්ක එකගයි..කලින් ලියපු දේවල් හින්ද සෙට් උන කියවන කට්ටියක් එහෙම අයට ඇති..

    සරල දෙයක් ලියලා ඒකෙන් අනිත් අයත් තමන්වත් සතුටු කරන්න පුළුවන් නම් ඒක තමයි බ්ලොග් එහෙකින් වෙන්න ඕන කියන එකයි මගේ මතය.. කොටින්ම පුංච් කුමාරිහාමි අහපු දේට මට අනුව උත්තරේ නම් "සරල විනෝදය" , ඒකෙන් අදහස් වෙන්නේ නෑ , දැනුමවත් /සාහිත්‍යමය දේවල්වත් වැඩක් නෑ කියන එක..ඒ දේවලුත් ඕන...

    සමහර අයගේ බ්ලොග්වල ආදර කථා/ වෙන වෙන දේවල් තියෙනවා..හැබැයි ඉතින් ඒ දේවල් එයාලගේ දේවල් නේ..ඒක එයාලගේ බ්ලොග් ඒක .එයාලා කැමති දේවල් ලියන්න අයිතිය තියෙනවා නේ :))

    නිකන් බලන්නකෝ මේ උදාහරනේ..මිනිහෙක් මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර එනවා , ඒ වෙලාවේ එයා අහන්න කැමති "අමරදේව මහත්තගේ" සින්දුවත් ද "ලහිරු පෙරේරාගේ" සින්දුවත්... ඔන්න ඔය වගේ තමයි බ්ලොග් එහෙක දේවල් කට්ටිය කියවන්න තීරණය කරන්නේ.. ( මගේ මතය හොදේ.. :) )

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක එක්කෙනා කැමති එයාලගේ රස වින්දනයට කැමති දෙවල් තමයි ..ඔයා කියනදේ මට තේරෙනවා...ස්තූතියි ඔයාටත් ගොඩක්

      Delete
  4. තමන් ලියන දෙයකට කමෙන්ට් එකක් දෙකක් වැටෙන්නෙ නැති නම් එතන දි අනිවාර්යයෙන්ම හිතට පොඩි වේදනාවක් දැනෙනව. ඒක තමයි ඇත්ත. හැබැයි එහෙම කියල කමෙන්ට් දිහාම බලාගෙන නොලිය යුතුයි. කොහොම වුණත් තමන්ගෙ සීමාව ඇතුළෙ ඉඳගෙන විවිධ අත්හදා බැලීමුත් කරන්න පුළුවන්. උදාහරණයකට එකම තේමාවන් ගැන ලියනව වෙනුවට විවිධ තේමාවන් ඔස්සේ ලිවීම. අනිත් එක ඔය හුඟක් කමෙන්ට්ස් වැඩියි කියන බ්ලොග්වල ඒ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ කාලයත් එක්ක එයාල වටා එකතු වුණ පිරිස වැඩි හින්දයි. එහෙම අය ලිපියක් නෙවෙයි අකුරක් ලිව්වත් කමෙන්ට්ස් දාන්න බලාගෙන ඉන්න පිරිස් ඉන්නව. ඒ හින්ද මගේ නම් අදහස ඒ දේවල් ගැන වැඩිය හිතන්නෙ නැතුව තමන්ගේ ගමන යන එකයි ඇත්තෙ....... ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදාර..ඔයා කියන එකත් ඇත්ත..අපි මහන්සි වෙලා ලියලා කාගෙන්වත් ප්‍රථිචාරයක් නැත්නම් හිතට දුකක් එනවා ඒක තමයි ඇත්ත.නිර්මානකරුවෙක් ඉදිරියට යන්නේ පාඨක ප්‍ර‍ථිචාර වලින්..ඒත් ගොඩක් වෙලාවට ප්‍රතිචාර තියෙන්නෙ නිර්මාන වලට නෙමෙයි..විකාර වලට..

      Delete
  5. punchi sihla fonts na ada tharaha wenne epa.

    comments walin kisi sethma gunathmaka bawaya theeranaya wenne na. kisima harayak nathi post walata comments ona tharam watenewa dakala athi. yalu kamatath hodai hodai kiyanawane.
    kohoma unath mama balaporothtu wene dey oyage post wala thiyanwa .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්..ඔයා හැමදාම මාව දිරිමත් කරා..ඔව් කියන විදියෙ ඒවා මම දැක්කා..සමහර අය ඒ පොස්ට් ලියන අයගේ සමාජ තත්වය ගැන හිතලත් ඒවට කමෙන්ට් කරනවා ආසාවෙන්...

      Delete
  6. සියල්ලම අවශ්‍යයි. පෞද්ගලිකව මම කැමති සංවාදයට භාජනය වන ගැඹුරු මාතෘකා වලට. නමුත් මේ දෙවර්ගයම අත්‍යවශ්‍යයි.
    කොමෙන්ටු වලින් හොද නරක මනින්න බෑ. මම කැමතිම බ්ලොග් කිහිපයක් තියනව කොමෙන්ටු 10 වත් නැති.
    @ChammA
    //නිකන් බලන්නකෝ මේ උදාහරනේ..මිනිහෙක් මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර එනවා , ඒ වෙලාවේ එයා අහන්න කැමති "අමරදේව මහත්තගේ" සින්දුවත් ද "ලහිරු පෙරේරාගේ" සින්දුවත්...//
    ඒ මතයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. උඹ නොකියා කියන්නෙ අමරදේවගෙ සිංදු පීඩාකාරියි (ඒ කියන්නෙ මණසට වධයක් කියල) සහ ලහිරුගෙ සිංදු මහන්සි වෙච්ච මිණිහට හොදයි කියන එක නේද?
    ඒක තීරණය වෙන්නෙ ඒ ඒ කෙනාගෙ රසාඥතාවය මත. අමරදේවගෙ සිංදු නිසා තියන ප්‍රශ්න වැඩිවෙන්නෙ නෑ.
    දවසක් මට මතකයි එක ටෙලි අධ්‍යක්ෂකයෙක් කියනව "අපි කරන්නෙ මහන්සිවෙලා ගෙදර එන මිණිහ මත තවත් ප්‍රශ්නයක් පටවනඑක නෙවේ" කියල. හොද රසාඥතාවයක් තියන ම්ණිහෙකුට සම්භාව්‍ය නිරිමාණයක් පීඩාවක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. අඩේ නෑ නෑ එහෙක එකක් නෙවයි මම අදහස් කලේ.. අනික අමරදේව මහත්මයාගේ සින්දු කවදාවත් කනට වදයක් නෙවයි..ඒක ඉතින් අපි හැමෝම දන්නවනේ..

      "හොද රසාඥතාවයක් තියන ම්ණිහෙකුට සම්භාව්‍ය නිරිමාණයක් පීඩාවක් නෙවේ."

      ඕක ඇත්ත..හැබැයි එහෙම මිනිස්සු ඉන්නේ දැන් කියෙන් කි දෙනාද කියන එකත් ප්‍රශනයක් නෙ..

      Delete
    2. ස්තූතියි රාජ්..මමත් දැක්කා ගොඩක් හොදට ලියන ඒවා..ඒත් ඒවා බලන්න කාටවත් ඕනේ කමක් නෑ..

      Delete
    3. චම්මා කියන එක ඇත්ත..දැන් මිනිස්සු කැමති නෑ රසවිදින්නවත් කාලය වෙන් කරන්න..ඔහේ උඩින් පල්ලෙන් ඇහෙන දෙයක් අහන්න දකින්නයි කැමති..

      Delete
  7. මම නම් වැඩිපුර කැමති වැඩක් ඇති ඒව ලියන්න සහ කියවන්න... අනිත් ඒවත් ඉතිං ලියනව කියවනව තමයි... ප්‍රමුඛතාවය අනිත් ඒවට...

    සරල විනෝදය සහ දැනුම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන් ඔයාට.ලියන්න සහ කියවන්න ඕනේ ප්‍රයෝජ්නයක් තියෙන ඒවා නේද..

      Delete
  8. තමන්ට කැමති දෙයක් බ්ලොග් එකේ ලියන්න පුළුවන් කියලා අපි හිතුවට එහෙම බැහැ. කියවන අයට කැමති විදියේ ඒවාත් වෙන්න ඕනා.. මොකද මමත් මට කැමති දේවල් ලියලා බැනුම් අහගෙන තියෙනවා ඕනා තරම්. තමන්ගේ බ්ලොග් එකේ තමන්ට කැමති දේවල් ලියන්න නිදහසක් නැහැ දැන් හිහි.

    අනික තවත් දෙයක් තමයි මේ පහලින් තියෙන්නේ. මේ බ්ලොග් එකක තිබුණු සටහනක්. ඇත්තටම ගොඩාක් හොද කරුණු ටිකක් නිසා මම ඒ සටහනට බුක්මාර්ක් එකක් දාගත්තා කාලෙකට කලින්...

    (බ්ලොග් එකකට එන්නේ.

    කැල්කියුලේටරයක්වත් නැති එවුන් නිසා කැල් එකක්.

    වෙලාව ගැන හැගීමක් නැති උන් නිසා වෙලාව තියෙන ගැජට් එකක්.

    බ්ලොග් එක බලන එකම මෝඩයා තමන් නොවන බව පෙන්වීමට විසිටර්ස් විස්තර සහිත ගැජට් එකක්.

    පම්පෝරිය පෙන්වීමට හිට්ස් ගනන සහිත ගැජට් කිහිපයක් අත්‍යාවශ්‍ය වේ.

    මීට අමතරව බල්ලෝ, පූසෝ ඔටෝ පේලේවෙන රේඩියෝ/සිංදු බ්ලොග් අඩවියකට නැතුවම බැරි අංගයන්ය.

    තවත් කියනවා නම්..

    හිම වැටෙන ඒවා.

    චැට් බොක්ස්/ෂවුට් බොක්ස්

    facebook, twitter, buzz එක

    මීට අමතරව තමන්ගෙ බ්ලොග් එක කොපි කිරිමට තරම් සිරාබව පෙන්වීමට රයිට් ක්ලික් කිරීම අහුරන්න පුළුවන්. බ්ලොග් හොරා javascript disable කිරීමටවත් නොදන්නවා යැයි උපකල්පනය කරන්න.

    පසුව ලියමි: බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් තාම බ්ලොග් කියවනවා. බලා ඉඳලා බැරිම තැනයි මෙහෙම ලියන්නේ. බ්ලොග් එකකට මිනිස්සු එන්නේ එකෙ අන්තර්ගතය බලන්න මිසක් ඒකෙ තියෙන ගැජට් බලන්න නෙවෙයි. සද්දයක් නෙවෙයි ඉල්ලීමක්.

    http://blog.pahans.com)

    කමෙන්ට්ස් වලට වඩා ලියන දේ ගුණාත්මක වෙනවානම් තමයි හොද කියලයි මගේ මතය. මට ඔයාගේ ලිවිල්ලේ කිසිම අඩුපාඩුවක් පෙන්නේ නැහැ. මමත් අලුත් . ඒ නිසා අනිත් අය කියන දේවලුත් බලමු :)

    ReplyDelete
    Replies
    1. ඔය බ්ලොග් සටහන මත් කියෙව්වා වර්ණා. බ්ලොග් කරන්න ආපු මුල් කාලේ මමත් ඔය වගේ එකක එක ගැජට් කෑලී අත්හදා බැලුවා. ඒත් දැන්නම් මම වැඩ ගූගල් සංකල්පයට

      සරල, චාම් සහ භාවිතයට පහසු...

      Delete
    2. වර්ණා කියපු නිසා මමත් ගිහින් බැලුවා.ඇත්තටම ඒ කතාව හරි...ගොඩක් ගැජට් වැඩි උනාම බලන අයට ඒක අපහසුවක් තමයි...

      Delete
  9. ‍හොද - නරක කියන්‍‍‍නේ සාපේක්ෂ දෙයක්.. ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවනේ.ඒ හන්දා හොද බ්ලොග් එකක් කියන එක ලඝු කරන්න විදියක් නෑ.. හැබැයි මාත් අර රාජ් කියන විදියෙ ලිපි ලියවෙනවනම් කැමතියි.. අපිට අදහස් බෙදා ගන්න පුළුවන් නම් මාතෘකාවට අදාලව ඒක හොද ලිපියක් කියලා මම හිතනවා. සමහර වෙලාවට කොමෙන්ටු වලින් පෝස්ට් එකේ තියෙන දෙවල් වලට වඩා එහා ගිය දැනීමක් ගන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි කොමෙන්ටු වලින් ලිපියක සාර්ථකත්වය මනින්න කොහෙමත්ම බෑ..

    කොහොම වුනත් එක තැනකටම හිර නොවී විවිධත්වයෙන් යුතු දේවල් බ්ලොගේක තියෙන්න ඔනේ.. මාරයා මේ ගැන ළගදි ලියලා තිබුනා දැක්කේ නැද්ද. ඒක හරි ලස්සන පැහැදිලි කිරීමක්.. ඉඩක් ලැබුනොත් කියවලා බලන්න..

    ReplyDelete
    Replies
    1. නැහැ මම දැක්කේ නෑ..මම දවසක් දෙකක් ඒ පැත්තෙ ගියා කමෙන්ටුත් කරා. ඒත් ඒ උත්තමයෝ අපිට වඩා ගොඩක් කාර්‍යබහුලයිනෙ..ඒ නිසා ආයෙත් ගියේ නෑ...
      ගොඩක් ස්තූතියි ඔයා ආවටත්..වචනයක් ලිව්වටත්.ඔයා කියන එක සමහර වෙලාවට හරි..ඒත් සමහර වෙලාවට නම් පොස්ට් එක වගේම කමෙන්ටුත් විකාරම තමා.

      Delete
  10. බ්ලොග් එකක ගුණාත්මක භාවය කමෙන්ට් වලින් තීරණය කරන්න බෑ කවදාවත්.. එහෙනම් ඉතිං සමාජයට කිසිම ආදර්ශයක් නැති බේබද්දන්ගේ බේබදු කතා, බොරු චන්ඩින්ගේ පොර ටෝක් දෙන බ්ලොග් තමා ගුණාත්මකම.. කමෙන්ට් ගැන නොහිතා ලියන්න.. කවදා හරි තමන් ලියපුවයින් අනාගතේ මනුස්සයෙක් ප්‍රයෝජනයක් ගනීවි.. ඔයාටත් ඒවා කියවලා බලලා සතුටු වෙන්න පුලුවන් වේවි..

    දෙවනි ප්‍රශ්නෙ ගැන කියනවා නම් බ්ලොග් එකකට අර තුනම ඕනා.. ඒක තමන්ගේ කැමැත්ත අනුව හසුරුවාගන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කනිෂ්ක...
      ගුනාත්මක භාවය කමෙන්ට් වලින් තීරනය නොවෙන නිසා මම මට හිතෙන හොද දේ ලියනවා. හිට්ස්.කමෙන්ට් නැති උනත් බලන කෙනෙක් බලයිනෙ නේද..

      Delete
  11. සයුරි අක්කා එක්ක එකඟයි... අක්කාගෙ කෙටි කතාවල හරිම සාහිත්‍ය රසයක් තියෙනවා. ඒ ව්අගේම අර්ථවත් බවකුත් තියෙනවා.. අනිත් කාරණේ කමෙන්ට් වලින් එහෙම බ්ලොග් එකක ගුණාත්මක බව හොයන්න බෑ.. මමත් දැකලා තියෙනවා එහෙම හුඟාක් කමෙන්ට් වැටෙන ඒ වගේ ලිපි.. අර කිව්වා වගේ එයලාගෙ ලිපි කියවන්න ස්ථිර පාඨකයො පිරිසක් ඉන්න නිසා එහෙම වෙන්නෙ..

    ඒ වගේම බ්ලොග් එකක් කියන්නෙ ඔන්ලයින් ඩයරි එකක් වගේනෙ, ඒකෙ තමන්ගෙ පෞද්ගලික අත්දැකීම්, සිදුවීම්, කතා,තමන්ගෙ ආදර කතා කැමති දෙයක් ලියන්න පුළූවන්. මොකද ආත්ම තෘප්තිය වෙනුවෙන් බ්ලොග් ලියන බහුතරයක් කැමති තමන් ලියන දෙයින් තමන්ගෙ හිතට හරි ස්අතුටක් ලබන්න නෙ.එක එක්කෙනාගෙ කැමත්ත මත එහෙම ලියන එකේනම් වරදක් මම දකින්නෙ නෑ..

    කමෙන්ට්ස් හිට්ස් වලින් බ්ලොග් එකක ගුණාත්මක බව හොයන්න බැරිවුනාට, ලියන කෙනාගෙ ආත්ම තෘප්තියට ඒවා වටිනවා..කියලා මම හිතනවා..

    කොහොම වුනත් ඔයා ලියපු බහුතරයක් කරුණු එක්ක එකඟයි.. මට හිතුනු විදිය තමා ඒ කිව්වෙ.:) ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතු ඔයාටත්..සයුරි කියපු දේට මමත් එකඟයි..

      බ්ලොග් එකක් ඔන් ලයින් ඩයිරි එකක් විදියටත් භාවිතා කරන්න පුලුවන් තමයි..තමන්ගේ බ්ලොග් එකේ තමන්ට ඕනම දෙයක් ලියන්න නිදහස තියෙන්වානේ...

      Delete
  12. බ්ලොග් වල ගුණත්වය කමෙන්ට් වලින් මනින්න බෑ. අර්ථවත් පිලිවලට සමහර වෙලාවට ලැබෙන්නේ අතේ ඇගිලි ගාණටත් වඩා අඩු කමෙන්ට් ප්‍රමාණයක්. මම එහෙම බ්ලොග් හුගක් දැකලා තියෙනවා.
    කමෙන්ට් කියනනේ ලියන පුද්ගලයාට ලැබෙන තෑගි. කමෙන්ට් ඔස්සේ එයාගේ ලිවීමේ ආසාව හා හැකියාව පුළුල් වෙනවා.
    මගේ බ්ලොග් එකේ බොහෝ දුරට ලියන්නේ මගේ ජීවිතේ අහන දකින් සිද්ධි. මොකද මම බ්ලොග් එක අටව ගත්තේ ඒ දේවල් ලියන්න. හැබැයි කල් යද්දී මට තේරුනා කියවන අයට ඊටවඩා දෙයකුත් දිය යුතුයී කියලා. ඉතිං මම පුළුවන් වෙලාවට දැනුමට යමක් එකතු කරන්න මහන්සි ගන්නවා. මොකද අපේ සතුට වගේම කියවන්න එන අයට හොදම දේ දේන එකත් අපේ යුතුකම නිසා.
    පුංචිගේ බ්ලොග් එක මේ පුංචි කාලෙට හොද ස්ථාවරත්වයක තියෙනවා. ලියන්න දිගටම සුභ පැතුම් බටිටියගෙනුත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි..
      ඔයා කියන එක හරි.කියවන අයට යමක් දිය යුතුයි..වැඩකට නැති විහිලු ලියලා කමෙන්ට්ස් අරන් හිට්ස් වැඩිකරගත්තට ඒවාගෙන් තමන්ටවත් අනුන්ටවත් ප්‍රයෝජනයක් නෑ තමයි..

      Delete
  13. අකුරු වලට මොකැයි වුනේ?? ඔයා මෙහෙම දෙයක් ගැන කතාවක් මතු කල එකත් හොඳයි...මමත් මුලින් බ්ලොග් ලියන්න පටන් ගත්තේ ගැමියාගේ පත් ඉරුව නෙමෙයි.....

    මම මුලින්ම පටන් ගත්තේ සමනලයගේ ලිනක්ස් පිටුව අක්කා ඒ පැත්තේ ඇවිත් තියෙනවනේ...මම ලිනක්ස් වලට පණ ඇරලා නිසා ඒ ගැන අධ්‍යාපනික බ්ලොග් එකක් පටන් ගත්තත් කවුරුවත් කොමෙන්ට් කලේම නෑ මෑතක් වෙනකන්...ඉතිං මම හිතුවා වෙද ගෙදර මම ලබපු අත්දැකීම් ටික ලියන්න ඕනේ කියලා.මාත් බ්ලොග් එක පටන් ගත්තේ දෙසැම්බර් මාසේ....හිට්ස් නම් ගොඩාක් තියෙනවා ඇත්තටම මම ඒ තරම් හිට්ස් බලාපොරොත්තු වුනෙත් නෑ....

    ඉතින් එහෙම බැලුවාම ගොඩක් අය කැමති විනෝදාත්මක දේවල්වලට.අක්කගේ කෙටි කතා කොයිතරම් ෂෝක්ද ඉතින් මම දකින්නේ නෑ මේක අප්සට් ගුණාත්මක බාවයක් නෑ කියලා....මම දකින බ්ලොග් අතරින් රසවත්ම බ්ලොග් එක මේක....මේ කෙටිකතා සෑහෙන්න වටිනවා දිගටම ඒවා ලියන්න බලමු කියලත් ඉල්ලා සිටිනවා

    ReplyDelete
    Replies
    1. අකුරු පොඩි අත් වැරැද්දක් උනා මල්ලියෝ...

      ගොඩක් ස්තූතියි මල්ලිට..මේ දිග නම් ලියන්න අමාරු නිසා මම මල්ලිට කෙට් නමක් දාන්නම්...ගැමි මල්ලි හොදයි නේද....

      ගැමි මල්ලි හැමදාම මාව දිරිමත් කරනවා...ඔයාට ස්තුතියි මල්ලි..

      Delete
  14. සරල විනෝදය මේ හැමදෙයක්ම බ්ලොග් වල තියෙනවා.එක එක්කනගේ වින්දනය එක එක්කනාට වෙනස්.ඔයාගේ සාහිත්‍ය හොදටම තියෙනවා ඔයාගේ කතාවල එක දිගට ගලාගෙන යනවා.ඇතැම් අයට ඒ කතා වල රසයක් නැති වෙන්න පුළුවන්.ඒකේන අදහස් වෙන්නේ නැහැ ගුණාත්මක කම අඩුයි කියන දේ.

    කමෙන්ට්ස් අඩු ඒත් ගොඩාක් වැදගත් බ්ලොග් තියෙනවා.ඒ බ්ලොග් වල අද්‍යාපනය විනෝදය හැම දෙයක්ම තියෙනවා.ඒ එක්කම ලියන කෙනාටවත් වැදගත් නැති පොස්ට් වලට කමෙන්ට්ස් හිට්ස් තියෙන බ්ලොග් තියෙන්නේ හැමෝම කියල තියෙන වගේ මොනවා ලිවුවත් කියවන පිරිසක් ඒ පුද්ගලයන්ට ඉන්න නිසා.

    මම ඇත්තටම කැමති මගේ පොස්ට් වලට හිට්ස්,කමෙන්ට්ස් තියෙනවනම්.ඒත් මම ලියන වැදගත් වගේ පොස්ට් වලට විතර ඒ හැම දෙයක්ම.ඔයා හිතනවට වඩා ගුණයක් රසයක් ඔයාගේ පොස්ට් වල තියෙනවා.මේ විදියට දිගටම ලියන්න.සයුරි කියපු වගේ ඔයාගේ කතාව කියවන්න හැමදාම එනවා ඒත් නැහැ නේ.

    මේ කුමාරියේ මට හිතුනු විදිය

    ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. අසර් ඔයාටත් ගොඩක් ස්තුතියි..මම බ්ලොග් ලියන්න ආපු දවසේ ඉදන්ම ඔයාත් ගැමි මල්ලිත් ගිම්හානිත් මාව දිරිමත් කරා..

      මම හිතුවේ මම ලියන ඒවා ඔයාලට බෝරින් කියලා.වෙලාවකට හිතෙනවා මේවා ලියන්න ඕනේ නෑ.ඔය කාපු බීපු ආගිය විහිලු ටිකක් ලිව්ව නම් ඉවරයි කියලා..ඒත් එහෙම ඒවා ලියලා ඒවා ආයෙත් කියවද්දි මටම ලැජ්ජයි..
      මම බ්ලොග් එකක් ලියනවා ගිහින් බලන්න කියලා කෙනෙක්ට කියන්නේ කොහොමද මේක පුරවලා මගේ පුරාජේරු කතායි ආගිය විස්‍තරයි ලියලා

      ඒ ගැනයි අසර් මම වද උනේ.. ඔයාල කියනවනම් මේ යන විදිය හොදයි කියලා මම ඒ විදියටම ලියන්නම්.

      ඔන්න අසර් හැමදාම අහන නිසා මේ සතියේ ඉදන් කුමාරිහාමි කතාව ආයෙත් බ්ලොග් එකේ දාන්නම්..

      Delete
  15. මේ ලෝකේ හැමෝම එකවගේ වෙලා. එකම දේට කැමති උනොත් මාර ප්‍රශ්නයක් වෙන්නේ. දහ දෙනෙක් ගත්තොත් දහදෙනා කැමති දහ විදිහකට. අමාරුවෙන් හරි අපිත් නවකතාවක්, කෙටි කතාවක් ලියල ඒක ප්‍රින්ට් කලොත් හෙම රටේ හැම තැනකින්ම විචාර ඒවි, ඒ කතාවේ නවකතාවක තිබිය යුතු ලක්ෂණ අඩංගු නෑ, කෙටි කතාවක තියන ලක්ෂණ අඩංගු නෑ.කිසිම රසයක් එකේ නෑ කියල, ඒ හින්ද ඒක සාර්ථක නවකතාවක්වත් කෙටිකතාවක්වත් කියල හඳුන්වන්න අමාරුයි කියාල.(ප්‍රින්ට් කරන්න ගෙනයනකොටම පොත් ප්‍රකාශකයා එහෙම කියයි ) ඉතින්අපි කියවන බ්ලොග් වලත් සාහිත්‍ය ව්‍යාකරණ ගැලපෙන්නේ නැති බ්ලොග් ඕනේ තරම් තියනවා. මගේ සමහර ලිපිත් එහෙමයි. කෝ එහෙමය කියල කවුරුත් මොනවත් කියල තියද. කාට හරි හිතට දැනෙන්න දෙයක් ලියනවනම්, පොස්ට් ඒක කියවල අන්තිමට කමෙන්ට් එකක් දාල යන්න හිතෙන විදිහට ලස්සනට ලියනවනම්. ව්‍යාකරණ, උක්ත ආඛ්‍යාත වැඩක් නෑ කියලයි මං හිතන්නේ. කවුරු මොනවා කිවත් තමන් ලියන ඊළඟ පොස්ට් එකට කලින් ලිපියේ ඒක කමෙන්ට් එකකින් හරි පුංචිම හරි පන්නරයක් හිතට එන්නේ නෑ කිවොත් ඒක මහා බොරුවක්.

    ReplyDelete
    Replies
    1. //ව්‍යාකරණ, උක්ත ආඛ්‍යාත වැඩක් නෑ කියලයි මං හිතන්නේ.//

      එහෙම වුනොත් ඒක භාෂාවක් නෙවෙයි නේ සහෝ... වැදගත්ම දේ භාෂාව නිවැරදිව හැසිරවීම නේද ? එතකොට නේද තමන්ගේ අදහස අනෙකාට හොඳින් සන්නිවේදනය වෙන්නේ. ???

      Delete
    2. පැතුම් කියන දේට මම එකඟයි..ලියන දේ ලස්සන නම් අනෙක් අය කියවයි..ඒත් ඒක ජනප්‍රිය වෙන එක නම් සහතික වෙන්න බෑ..

      චතුරන්ග කියන්වා වගේ ව්‍යාකරන ගැන නොසලකා ඉදිම නම් ඒ තරම්ම හොද නෑ..
      අපි ඉංග්‍රිසියෙන් ලියුමක් ලියද්දි පුදුමාකාර විදියට ව්‍යාකරණ ගැන හිතනවා ඒත් අපෙම බාෂාව ලියද්දී එහෙම නොකරන්නේ ඇයි කියලා මම දන්නේ නෑ..

      Delete
  16. මම ලියන්න පටන් අරං තාම මාස 3ක් උණෙත් නෑ... මේක බලන්න ආවේ හරිම ලඟදි... දෙයක් කියන්න තරම් තේරුමක් නෑ තාම... තරහ වෙන්න එපා !!!

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි ශානි..මමත් ඔයා වගේමයි..මමත් ඉස්සෙල්ලම පෝස්ට් එක දාලා තියෙන්නේ දෙසැම්බර් 15..

      Delete
  17. මගේ කියවීම බ්ලොග් කිහිපයකට කොටු වෙලා (ඒ ටික කියවන්නත් වෙලාවක් නැහැ වෙලාවකට). තව හොද බ්ලොග් ඇති. මම කොටුවුන සීමිත බ්ලොග් ප්‍රමාණයේ හැම පෝස්ටුවකම කමෙන්ට් කරන නිසාම ඒවා සම්පූර්ණ හොද බ්ලොග් වෙන්නේ නැහැ.

    බ්ලොග් එකක් හොදයි කියන්න බැහැ. ඒත් පෝස්ටුවක් හොදයි කියල තර්ක කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම්...මම ඔයා ලියන ඒවට කැමතියි..විහිලුවක් උනත් එපා නොවෙන්න ඔයා කියන්න දන්නවා...කිසිම කම්මැලි කමක් නැතුව කියවන් යන්න පුලුවන් කමක් ඔයා ලියන ඒවගේ මම දැක්කා..

      Delete
  18. හැම දෙයක්ම සාපේක්ෂයි වගේ 'හොඳ බ්ලොග් එකක අන්තර්ගතයත්' සාපේක්ෂයි. ඒක රඳා පවතින්නේ කියවන කෙනා අනුව. කියවන කෙනත්; මීට අවුරුද්දකට කලින් කැමති දේට නෙමෙයි අද කැමති. අද කැමති දේ නෙමෙයි තව අවුරුද්දකින් කැමති වෙන්නේ. වයසත්, කාලයත් එක්ක අපේක්ෂිත දේවල් වෙනස් වෙනවා.

    බ්ලොග් ලියන කතුවරයටත් සොබාදහමේ මේ නීතිය වලංගු වෙනවනේ. ඉතින් තමන්ට තේරෙන මට්ටමට, තමන්ට හොඳයි, ප්‍රයෝජනයි කියල හිතෙන අන්තර්ගතයක් ඇතුව ලියන එක හොඳයි කියල තමයි මගේ අදහස. සමහරවිට සමහර regular පාඨකයෝ හැලෙන්න පුළුවන්. ඒ වගේම අලුත් පාඨක පිරිසක් එකතුත් වෙයි.

    මම වලව්වට ආව පළවෙනි පාර මේ. මේ වගේ තවත් අය එයි, කැමති අය ඉඳියි, යන අය යයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පාර දිගේ ආවාට...

      ඔව් ඔයා කියන එක ඇත්ත.සමහරු එයි යයි..තවත් අය එයි හැමදාම රැදෙයි...ජීවිතෙත් එහෙමනේ

      Delete
  19. හරවත් දේවල් ලියන්න...කැමති උන් කියවයි අනිත් උන් නිකං ඉඳියි..කැමති උන් කොමෙන්ට් කරයි අකමැති උන් නොකර හිටියි..හැබැයි දිගු කාලීනව ලැබෙන ලාභයක් තියනවා..ඒ බ්ලොග් ලියන කියවන අය අතර ගරුත්වය,පිලිගැනීම! ඒක වටිනවා නේද මොනා හරි කුනුහබ්බයක් ලියලා කොමෙන්ට් හැටහුටාමරක් වැටෙනවට වඩා~!

    ReplyDelete
    Replies
    1. මමත් සබිත්ගේ අදහසත් එක්ක එකගයි.. වඩා වැදගත් වෙන්නේ ඒ වගේ අදහස් ලියවෙන එක..

      Delete
    2. ස්තූතියි සබිත්.ඔයා කියන දේට මම එකඟයි...

      Delete
    3. දිනෙෂ්ටත් ස්තූතියි..හැමදාම මාව දිරිමත් කරනවට

      Delete
  20. මමත් පුංචි කුමාරිහාමිට එකඟ වෙනවා ..
    සමහරු කමෙන්ට් කරන්නේ බ්ලොග් එකක් කියවලා එහි අදහස වටහ ගන්නෙවත් නැතුව කියලා මට හිතුන වෙලාවල් තිබුනා.
    අපි කමෙන්ට් කරන්න ඕනේ යම් පොස්ට් එකක් කියවලා ... ඒක හොඳයිද ..? එහෙම නැත්නම් ඒක හොඳ නැත්ද ..? ඒකෙන් මට දැනුන දේ මොකක්ද ..? ඒත් නැත්නම් උඹ කියල තියෙන්නෙ බොරු ..? එහෙමත් නැත්නම් උඹ කියල තියෙන එකෙන් මම හොඳට විනෝද වුනා ..[ විහිළු කතාවක් නම් ] වගේ එම පෝට් එකට අදාළ දෙයක් නේ.
    නමුත් මම දැකල තියෙනවා සමහරු... මම එක .. මම දෙක ... මම තුන .. ආදී වශයෙන් කමෙන්ට් කරනවා.
    මේවා කිසි තේරුමක් නැති කමෙන්ට් විදිහටයි මම නම් දකින්නේ.
    අදාළ පෝස්ට් එක ගැන කිසිම අදහසක් එයින් ගම්‍ය වෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් වෙලාවට මමත් ඒක දැකලා තියෙනවා.ඒකෙන් අපට අපි ලියපු දේ ගැන කිසිම අදහසක් ගන්න බෑ..

      මම නම් ගොඩක් ආසයි කාට හරි පුලුවන් නම් මම ලියන ඒවාගේ අඩුපාඩු කියන්න.. ඇත්තටම කියවන්නෙත් නැතිව අපේ හිත හදන්න හරිම ලස්සනයි කියන එකෙන් අපිට කිසිම යහපතක් වෙන්නේ නෑ.

      Delete
  21. සහෝදරී, අපේ සමාජයේ ගොඩක් දෙනෙක් හොයන්නේ සරල වින්දයක්... අපේ මේ බ්ලොග් සමාජයේ ඉන්න පළපුරුදු බ්ලොග් කරුවන්ට අමතරව වැඩිපුරම බ්ලොග් කියවන්න එන්නේ ෆේස්බුක් වගේ සමාජ-ජාල, ෆෝරම් වල කට්ටිය... ඒ අයගෙන් බහුතරයක් පරිගණකය හා අන්තර්ජාලය භාවිතා කරන්නේ විනෝදාස්වාදයක් විදියට මිසක් අධ්‍යාපනික මෙවලමක් විදියට නෙවෙයි.

    ඔයාගේ දැක්ම හරි ! සරල විනෝදය, සාහිත්‍ය සහ දැනුම... මගේ බ්ලොග් අරමුණු ටිකක් වෙනස්... මගේ අනන්‍ය පුද්ගලික අත්දැකීම්, සිංහල භාෂාව සහ අපේ රට, අළුත් දැනුම හා තොරතුරු තමයි මගේ බ්ලොග් තේමාව...

    කමෙන්ට් ඕනේ තමයි, හැබැයි වැදගත් නෑ... ඔයාට තාම මාස තුනයි නේ. තව5-6 ක් යනකොට ඔයාටම කියලා පාඨක පිරිසක් ඇතිවේවි. සමහරු ඉන්නවා ලියන ලියන පෝස්ට් එකට කමෙන්ට් කරන අය... තව සමහරු ඔක්කොම කියවනවා - ඒත් කමෙන්ට් කරන්නේ එයාලා ආස පෝස්ට් වලට විතරයි. තවත් අය කියවන්නේ තමන් කැමති මාතෘකා වල ලිපි විතරයි. ඒ නිසා එක ලිපියකට ප්‍රතිචාර නැත්නම් වෙනස් මෘතෘකාවකින් උත්සාහ කරලා බලන්න. ඒකාකාරී වුනොත් එපා වෙනවනේ. බ්ලොග් එක ඇතුලේ අත්හදා බැලීම් කරන්න ඕනේ. බ්ලොග් එකත් දරුවෙක් වගේ බලාගන්න ඕනේ. වයසින් වැඩෙන්න වැඩෙන්න වැඩියෙන් හොඳ වෙන්න ඕනේ. ලස්සන වෙන්න ඕනේ.

    මම මගේ බ්ලොග්කරණය ගැන ලියපු අදහස් ටිකක් මෙතන තියෙනවා. කැමති නම් කියවලා බලන්න.

    මමත් ඔයාගේ බ්ලොග් එකේ රසිකයෙක්. කියවලා ගියාට හැමදාම කමෙන්ට් කරන්නේ නම් නෑ. ඒ මම අකැමති නිසා නම් නෙවෙයි. වෙලාවක් නැති නිසා...

    හරවත් බ්ලොග් අනාගතයකට සුභ පැතුම් සහෝදරී... මේ කතිකාව ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චතුරංග ඔයාට..ඔයා කියපු දෙයින් ගොඩක් දේවල් තේරුම් ගත්තා..අනික ඔයාලගේ කාලය නාස්ති කරන් මෙහෙම කමෙන්ට් එකක් දාන එකත් මට නම් ලොකු දෙයක්..

      මම උත්සාහ කරන්නම් විවිද මාතෘකා වලින් ලියන්න..මට ඕනේ කමෙන්ට්ම නෙමෙයි..හොද දෙයක් බලන අයට දෙන්න. ඒ ගමන් මගෙ ලිවීම දියුනු කරගන්න..

      ඔයා කියපු අදහස් කොහොද තියෙන්නේ..මම ඒක හෙව්වා සොයාගන්න බැරි උනා.ආයෙත් ආවොත් ලින්ක් එක තියලා යන්න...

      Delete
    2. ඇයි පුංචි, ඔය මං දීලා තියෙන්නේ... උඩ කමෙන්ට් එකේ [මෙතන] කියලා තියෙන වචනේ ක්ලික් කරන්නකෝ...

      Delete
  22. මගෙනම් අරමුණ, ආසාව, කවදාහරි ආපහු හැරිලා බලනකොට, මට, සමාජයට වැදගත් ලිපි වලින් මගේ බ්ලොග් එක පිරිලා තියනවා දකින එකයි. කමෙන්ට් වැටෙනවට ආස උනත්, නැති උනා කියලා ලොකු අවුලකුත් නැහැ. මම ඒ අරමුණ ඔස්සේ හිමීට හිමීට යනවා.

    ඔය ඇහුවොත් බ්ලොග් එක මොනවගේ වෙන්ඩ ඕනද කියලා සීයක් දෙනා සීයක් ජාති කියයි. එහෙම උනොත් කවදාවත් මුකුත්ම කරන්ඩ හම්බෙන්නෑ.

    හොඳම දේ තමුන්ට හොඳයි කියලා හිතෙන් විදිහට කරගන යන එක. මගේ දැක්ම අනුවනම් සමාජයට වැඩදායී දෙයක් වීම බොහොම වටිනවා.

    ඔයාට හොඳ ලේඛණ හැකියාවක් සහ ශෛලියක් තියනවා. ඒක මුවහත් කරගන ඉදිරියටම යන්ඩ.

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා ඔයාට..ඔයා කියන එක තමයි මගෙත් අරමුණ කමෙන්ට් නැති උනත් කාට හරි මේ මම ලියන බ්ලොග් එක කියලා පෙන්නන එක.එහෙම නැතිව වැඩකට නැති දේවල් කියලා පස්සෙ කාලෙක මටම ලැජ්ජ හිතෙන ඒවා ලියන එක නෙමෙයි..

      Delete
  23. මේක තාක්ෂණයත් සමග කරන ලේඛණයක් බාහිර සමාජයේ පවතින නිර්මාණ හා සමානයි.පුද්ගලයින්ගේ නිර්මාණලීත්වය අනුව එය වෙනස් වෙනවා.අනුන් ගැන හිතන්නේ නැතිව නිර්මාණකරණයේ යෙදෙන්න. සුබ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. ඔයාට ස්තුතියි..
      අනුන් ගැන නොසිතා නිර්මාණකරනයෙ යෙදෙන්න බෑ නෙද.අපි මේ ලියන ඒවා ලියන්නේ අනුන්ටනේ..කොහොම උනත් අපිට පුලුවන් වෙයි අපේම ක්‍රමයක් හදාගන්න...

      Delete
  24. ඔයා ලියන්නෙ දක්ශ කතුවරියක් වගේ ඇත්තටම කියවන්න එපා වෙන්නෙ නැහැ..ඊට පස්සෙ හිතන්න යමක් තියනව....මම බ්ලොග් ලෝකෙට ආවෙ 2009 අග හරියෙ...ඒත් ලිව්වෙ බ්ලොග් පෝස්ට් 2 ක් විතරයි රකුස බ්ලොග් එක ඩිලීට් කලා..ඊට පස්සෙ තමා 2011 ඔක්තෝබර් වල පටන් ගත්තෙ ලියන්න....මට ගොඩාක් සිංහල බැහැ........
    ඔයාගෙ බ්ලොග් එක සාර්ථකයි යන්න ඉදිරියට ඔය විදියටම....සුභ පැතුම්...!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ කිරිල්ලි මාව මුරුංගා අත්තේ තියනවා..

      අපෝ රකුසාව නම් මතක් කරන්න එපා..අඩනවයි හිතනවයි ඇරෙන්න මටත් දැන් වැඩක් නෑ..

      මට ඔයාගෙ fb Id එක දෙන්න කිරිල්ලි...

      ඔක්කොටම ඔයාට ගොඩක් ස්තුතියි..

      Delete
    2. එක මෙතන දාන්න බැහැනෙ...ඔයාගෙ එක එවන්න මගෙ බ්ලොග් එකට....නැත් නම් ඔයාගෙ මේල් එක එවන්න මට.....

      Delete
    3. ඇයි කිරිල්ලි මම මූනු පොතේ ඉන්නෙත් මේ නමින්ම..මාව හොයාගන්න ලේසියි..
      http://www.facebook.com/profile.php?id=100003035590720

      Delete
  25. Your writing ability is superb. I like your way. I think your blog is a success. Carry on. Wish you good luck.

    What happen to your novel "Kumarihamy". I read it @ 03wall.com. Its a very nice one. But now the site is not working. So I missed it.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Thanks lot for yor kind comment

      you can read kumarihami from this blog or
      www.tharunaya.com... Novels...
      http://tharunaya.co.uk/Novels/page_02.php?page=6

      Delete
  26. කුමාරිහාමි අක්කෙ මමත් අලුතෙන් ලියන්න ආවෙ බ්ලොග් අවකාශයේ අත්දැකීම් තියෙන අයගෙ උපදෙස් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එච්චරයි මාත් කියන්න දන්නෙ මේ උපදෙස් වලින් අක්කගෙ බ්ලොග් එක තවත් සාර්ථක කරගන්න ලැබේවා කිව්ව ඕං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි ඔයාටත්...

      Delete
  27. මම දකින විදියට නම් තමන් ලියන දෙයින් තමන් බලාපොරොත්තුවෙන දේ මත තමයි ඕක තීරණය වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඔව් ඔයාගේ අදහස හරි..

      ස්තූතියි ඔයාට...

      Delete
  28. ඇත්තටම අක්කේ කලා කාරයාට වඩා ඔයා පරනයි.ඉතින් ඔන්න කලා කාරයා පණ්ඩිත කතාවක් කියන්නයි යන්නේ .මටත් බ්ලොග් එකක් තිබුනා මීට වසර 2කට කලින් .එක ගැන මට කිසි අවබෝදයක් තිබුනෙ නෑ.නමුත් ගැමියයි ,කෝඩුකාරයයි තමයි මාව ආපහු බ්ලොග් වලට ගෙනාවෙ.අපි හැමෝම හැමතැනම රඟපානවනෙ.මට දැන් ඒක එපා වෙලා.නමුත් අපිට එක කරන්නම වෙනව.ජිවිතෙ කියන්න ඕකටනෙ.එක විදියකින්.ඕන්න ඔය රඟපෑමෙන් ඈත් වෙලා.හැබෑව.පෙන්නල.මගේ හිත සැහැල්ලු කර ගන්න එක තමයි.මගේ ප්‍රධාන අරමුන
    අනික තමයි මම ලියන මොහොකට හරි කවුරු හරි මොනවහරි කියල යනවනම්.ඒ සතුට වොඬින්න මම හරි කැමතීයි.ඒ විතරක් නෙමෙයි.මෙ ලඟක ඉදින් මට තව හෙතුවක් තියෙනවා .මොකක්ද දන්නවද .මෙ අපෙ බ්ලොග් කරුවන් පිලිබඳව මට පැහැඩිලි ආකල්පයක් ඇති උනා.මාත් ඒ අතර ඉඳීම තමයි මගේ ලොකුම ආසාව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි..ඔයාට..ගැමි මල්ලි හොද යාලුවෙක්..කෝඩුකාරයාව නම් දන්නේ නෑ..ඔව් බ්ලොග් ලියන හොද රසවතුන් අතරේ ඉන්න එක නම් සතුටක් තමයි..

      Delete
  29. මට නම් හිතෙන විදියට, ලියලා තියෙන දේ ආයෙත් කියවද්දි ඒ ගැන තමන් ට තෘප්තිමත් නම්, ඒ කියන්නේ තව කෙනෙක් කියෙව්ව ම එයාට ඒකෙන් ගන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම් ඒක ම ප්‍රමාණවත්...

    ReplyDelete
  30. ස්තූතියි ලහිරු ඔයාටත්..මමත් එහෙම හිතනවා..ලියන දේ ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුලුවන් නම් එච්චරයි නේද..

    ReplyDelete
  31. අපි ඒ දවස් වල මාර්ටින් වික්‍රමසිංහ, ටී බී ඉලංගරත්න, කුමාරතුංග මුණිදාස, සර් ආතර් කොනන් ඩොයිල්, වබ්ලිව් ඒ සිල්වා, සෝමවීර සේනානයක, මාර්ක් ට්වේන්, ඔය කොයි දේත් කියෙව්වා. එව්ව දිහා ආපහු හැරිල බලන කොට මට හිතෙන්නෙ ඒ ඔක්කොමල තමන්ගේම ශෛලියකින් තමන් ලබපු අත් දැකීම් පාදක කරගෙන ලියපුවා. මාර්ක් ට්වේන් දැකපු මිසිසිපි ගඟත්, මාර්ටින් වික්‍රමසිංහ දැකපු කොග්ගල ඔයත් එක පැත්තකින් බැලුවහම සමානයි. ඒත් ඒ ගොල්ලන්ගෙ නිර්මාණ සමාන කරන්න පුළුවන්ද? ඒ කිසිම කෙනෙක් කොමෙන්ට්ස් බලාපොරොත්තු වුනාද?

    ඒ හැම නිර්මාණයකම එක පොදු ලක්ෂණයක් තියනවා. ඒ තමයි සරලව සුමටව එක දිගට කියවගෙන යන්න පුළුවන් වීම. මම හිතන්නෙ බ්ලොග් ලියන හැමෝම ලියන්න ඕන අන්න ඒ වගෙ දෙයක්. ඒ කියන්න සරලව සුමටව ගලා ගෙන යන්න පුලුවන් දෙයක්. ඔයාගෙ ශෛලිය ගැන කොමෙන්ට් කරන්න තරම් මම කියෙව්වෙ නෑ. ඒත් ප්‍රාර්ථනාගේ තුහින වර්ෂා කතාව දිහා බලන්න. කොච්චර ලස්සනට ගලාගෙන යනවද කියලා.

    පොඩි මෑන් ගෙ හාට් පියර්සින් ඔයා ලියන්න ඕනෙ නෑ. එව්වට මම කැමති වුනාට මම මේකෙන් කවදාවත් එව්ව බලාපොරොත්තු වෙන්නෙ නෑ. අර අඩව් රජා වගේ බය කරලා කොමෙන්ට්ස් ගන්න ඕනෙත් නෑ. මම එහෙම කිව්ව කියල රජා මාත් එක්ක තරහ වෙන්න ඕනෙත් නෑ.

    බ්ලොග් එකක් නොලියන මම, කතා කාරයෙක් නොවන මම, කියවන්න පුලුවන් සරල සුමටව ගලාගෙන යන ඕනම දෙයක් කියවනවා. මට නම් හිතෙන්නෙ ඒක තමයි ඕන කරන දේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔයාට ..දිරිමත් කිරීමටත් ගොඩක් ස්තූතියි..

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...