Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
May 13, 2012
ඔබට නිවන් සුව ලැබේවා..!
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බොහෝ රට තොට විස්තර කියා දෙන ඔබා මාමා අපි අතරින් සදහටම සමු අරන්..
ඔබා මාමා කුමාරයාගේ බ්ලොග් එකේ තබපු කමෙන්ට් එකකින්ම මේක ඉවර කරන්නම්...
"කියල යන්න බැරිවුනාට දුක් වෙන්න එපා. හමුවීම තමා වැදගත්..අනික කවදාවත් අපිට හැමෝටම කියල නං යන්න වෙන්නේ නෑ."
ඒ කතාව මොනතරම් ඇත්තද
නොකියම ඇවිත් නොකියම ගිය ඔබා මාමට නිවන් සුව ලැබේවා.!!!
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
පොත් පොත් පොත්5 days ago
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,386
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. කාගෙ හරි බ්ලොග් එකක් කියවන කොට දැන් ඔබා මාම ඇවිත් මෙතන මොන වගේ කමෙන්ට් එකක් දායිද කියල හිතුන වාර අනන්තයි. ඔයාගෙ බ්ලොගයෙ පෝස්ට් වලට අමතරව ඔයා වෙන බ්ලොග්වල දමපු කමෙන්ට් පවා අපි රසවින්දා. අනේ මන්දා… දැන් බ්ලොග් අවකාශෙට එනකොට මොකක්දෝ මහා පාළුවකින් හිත වෙළිල යනව. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔයාව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.
ReplyDeleteසදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!
"මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්...!!"..
Deleteඔව් අපි කවදා හරි නැවතත් මුන ගැහෙයි නේද..?
ඔබා මාමට නිවන් සුව ලැබේවා.!!!
ReplyDeleteඔහුට නිවන් සුව ලැබේවා...!
Deleteඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.
ReplyDeleteඅපි හැමෝම දවසක යන්න ඕනේ ගමනක් ඔහු කලින්ම ගියා..
Deleteඋදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
ReplyDeleteමටත් මේක දැක්කම අදහා ගන්න බැරි වුනා. ඒත් එහෙම වෙලා.
Deleteඅදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
ReplyDeleteඔබා මාමාට නිවන් සුව ලැබේවා...!
Delete//"කියල යන්න බැරිවුනාට දුක් වෙන්න එපා. හමුවීම තමා වැදගත්// මේ දේ කියද්දී ඔබා මාමවත් අපිවත් හිතුවේ නැහැ මේ කියන්නේ මොකක් ගැනද කියා.
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන්සුව!!..
ඔව් අසර් හමුවීම තමා වැදගත්.. නැවත් ඔහු හමුවෙන්නේ නෑ.. ඒකයි දුක..
Deleteගොඩක් දුකයි.ඔබා මාමාට නිවන් සුව.
ReplyDeleteඔව් ගොඩක් දුකයි...නිවන් සුව ලැබේවා.!
Deleteඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අටහ්රම ඉපදේවා !
ReplyDeleteඅපි හැමෝම එහෙම පතමු..!
Deleteඔබා මාමේ ඔබට නිවන්සුව.......
ReplyDeleteනිවන් සුව ලැබේවා.. ඔබා මාමට..!
Deleteමාත් ආවා දුක බෙදා ගන්න.
ReplyDeleteමාත් ආවා දුක බෙදා ගන්න.
ReplyDeleteඔයාට නේද අන්තිමේ කමෙන්ට් කරේ.. ඔයාට කියපු දේ ඇත්ත නේද..
Deleteහිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක් වෙන් වෙලා ගියහම දුකක් දැනුනු පලමු අවස්ථාව... ඒ බ්ලොග් ලෝකයේ ඔබ මගේ සමීප මිතුරෙක් නිසා වන්නට ඇති... වයස් පරතරය නොදැනුනේ ඒක නිසා වෙන්න ඇති. මම බ්ලොග් කියවන්න පටන් ගත් දවසේ මුලින්ම මතකයේ රැඳුනු චරිතය ඔබයි...
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!!
යලිත් සිංහල බ්ලොග් ලෝකය සරසන්න අප අතරම යලි ඉපදේවා...
එදාට අපි මාමලා වෙලා ඉදිවී... නැවත හමුවන තුරු..........................................................
ඔව් නොදැකපු කතා නොකරපු අය වුනත් අපි අතර ලොකු හිතවත් කමක් තියෙනවා කියලා මෙකෙන් ඔප්පු වෙනවා නේද.. ඒ හිතවත් කම් හැමදාම රැදේවා. ඔබා මාමාට නිවන් සුව ලැබේවා...!
Deleteඔබා මමාට නිවන්සුව අත්වේවා... !
ReplyDeleteඅපි හැමෝම එහෙම පතමු!
Deleteඅපේ දෑසට කඳුළු ආවත් ඔහු ඒ ගමනත් යන්න ඇත්තෙ හිනා වෙවී.....
ReplyDeleteසොඳුරු මිතුරාණනි, ඔබට සුබ රාත්රියක්.....!!!!
ඔව් හැමදාම අපිව හිනස්සපු..අපිව සතුටු කරපු ඔහු ඒ ගමනත් සතුටින් යන්න ඇති...
Deleteකිව්වොත් අපි යන්න දෙන එකක් නෑ කියලා හිතන්න ඇති.
ReplyDeleteඉතිං සසර මගින් එතරවෙන්න නොකියම යන්න හිතන්න ඇති..
ඔබා මාමේ ඔබට නිවන් සුව...
"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ReplyDeleteලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"
ඉතින් සොඳුරු ඔබා මාමේ... ඔබ අද නිසළ වුනත් , ඔබ මතකය සැමදා අප සිත්තුල සදා රැදෙනු ඇත.. ඔබට නිවන් සුව..
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"..
Deleteමේක නම් ඇත්ත.. වටින් මිනිස්සු ඉක්මනින් දෙවියෝ ලඟට ගන්නවා වෙන්න ඇති නේද...
ඔබට නිවන් සුව ඔබා මාමේ....
ReplyDeleteඔහුට නිවන් සුව ලැබේවා..!
Deleteඔව් සෑම්.. අපි හැමෝගෙම ඇස් වලට කඳුලු ආවේ අපි අතර තිබ්බ නම නොදන්න මොකක්දෝ බැදිමක් නිසා. ඇත්තෙන්ම ඔහු අපිට ආයෙත් හමු නොවේවි.. ඒත් හිතවත් කම සදාතනිකයි..
ReplyDeleteසුබ ගමන් මාමේ!
ReplyDelete