Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළදන්නයි...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
Jun 11, 2012
෴෴කුමාරිහාමි-11
එදා අප්පච්චිගේ ළඟ හිටපු නිලමේ ඇඳුම් ඇඳපු කෙනා සොහොන ළඟින් මගේ දිහා බලලා අමුතු විදියට හිනා වෙලා අනිත් පැත්ත හැරිලා යන්න ගියා
හිතාගන්නවත් නොහැකි විදියට මේ අද්භූත මනුස්සයා මෙතනින් මතු වුණේ කොහොමද කියන එක ඒ වෙලාවේ මට සිතා ගැනීමට නොහැකි වුණා. පස්සෙන් පස්සට ගිය මම වේගෙයෙන් වලව්ව වෙත දුවන්න වුණේ වෙන කරන්න දෙයක් නැති නිසාමයි.
වේගයෙන් දුවන් ගිය මම කුස්සියෙන් ඇතුළට යනවිටම තේ කෝප්පයක් අතින් ගත් ලොකු නැන්දාගේ මගේ ඉස්සරින් එන බවක් දුටුවේ නෑ. ආපු වේගයට මට මාව පාලනය කරගත නොහැකි වූ නිසා මම වේගයෙන් ඇගේ ඇඟේ හැපුණා.
තේ කෝප්පය ඇඟ පුරා හැලුන ලොකු නැන්දා කෝපයෙන් මා දෙස බලා "මදන විසේ හැදිලාද" කියා විමසුවේ මාව තවත් බිය ගන්නවමින්.
අන්ධ මන්ද වූ ඩිංගිරි නැන්දා මා දිහා බැලුවේ අනුකම්පාවෙන්. කිසිම කතාවක් නැතිව මම අක්කත් අම්මාත් සිටි කාමරයට රිංගාගත්තේ හොර පුසියෙක් වගේ.
අම්මාත් අක්කාත් එකිනෙකාට තුරුලුව නිදා සිටියේ දෙදෙනාම දැන් පසුවන්නේ ඉතා අසරණව බව කියන්න එක දැනෙන නිසා වෙන්න ඇති කියලා මට හිතුනා.
අප තිදෙනාගේ අනාගතය ගැන සිතන්නට පුළුවන් වයසක මා නොසිටියත් බොහෝ දේවල් මගේ හිතට ගලා එන්න පටන්ගත්තේ මාව නොසන්සුන් කරමින්. අම්මාව වෛද්‍යවරයෙක් වෙත ගෙන යාම හොඳ බව මගේ හිත කියන්න වුණා.
"අක්කේ ටිකක් ඇහැරෙන්නකො".මම අක්කාට සෙමින් කතා කරේ මේ ගැන ඇගේ අදහස විමසන්න.
"ඇයි නංගි ඔයා බය වෙලා වගේ"
අක්කා ඇසුවේ පුදුමයෙන් වුණත් මම නිලමේ ඇඳුම් ඇඳන් හිටිය කෙනා ගැන අක්කට කියන්න ගියේ නෑ. එහෙම කිව්වත් ඇය එය විශ්වාස නොකරයි කියලා මට සිතුණා.
"අපි අම්මව ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් ගියොත් හොඳයි නේද"..මම ඇහුවේ අම්මට නෑසෙන්න හඬ බාල කරලා..
"හ්ම්ම්..ඒත් ඒක කරන්න ටිකක් අමාරුයි..අත්තම්මා අපි හිතන කෙනාම නෙමෙයි" අක්කා කිව්වේ ඇහෙන නෑහෙන හඬින්.
මම පුදුමයෙන් අක්කගේ මූණ දිහා බලන් උන්නේ ඇය කියන දේ තේරුම් ගන්න බැරිව..
"ඇයි අක්ක එහෙම කියන්නේ" මම ඇහුවේ ටික වෙලාවකින්..
"ඊයේ උදේ ලග්ගල මාමණ්ඩි මම අහගෙන අත්තමමට කියනවා අපේ අම්මව දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් හොදයි කියලා..
" ඉතින්.. මම ඇහුවේ කුතුහලෙන් පිරී ගිහින්..
" ඉතින් අත්තම්මා කිව්ව..
"මොන ඔනේ නෑ පුතේ ඔය ගෑනු දකුණු පළාතේ ගුරුකම් දන්න උදවිය..මගේ කොල්ලට ඉනාවක් කවලයි අල්ලගත්තේ. කොල්ල මැරුණට පස්සේ ඒක එයාගේ ඇඟට ගිහින් ඕවාට බෙහෙත් නෑ."
අක්ක මේ විදියට කියන් යද්දී මට ඇත්තෙන්ම අත්තම්මා ගැන ඇතිවුණේ කියා නිම කල නොහැකි කෝපයක්.කවදාවත් කිසිමවිටක දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අම්මා කිසිකෙනෙකුට වරදක් නොකරපු කෙනෙක් බව මමත් අක්කත් අප්ප්ච්චිත් දන්න්වා.
සත්තකින්ම අපේ අම්මා සැබෑ අම්මා කෙනෙක්.ඇය කිසිම දිනක අපේවත් අප්පච්චිගේවත් වෙනත් කිසිවෙකුගේවත් හිත රිදවනවා මා නම් දැක නැත.එහෙව් අම්මාට අත්තම්මා මේ කරන කෙනෙහිළි කම් වලට මට ඇය ගැන ඇතිවන්නේ පිළිකුලක්.
මම සුසුමක් හෙළා ඇඳ ලගින් ඉවත් වී ජනෙලය අසලට ගියේ කලකිරීමෙන්..
"ඒත් අත්තම්මා මොනවා කරත් කිව්වත් මම කොහොම හරි අම්මව සනීප කරගන්නවා"..
මම යටි හිතින් මටම කියාගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසයි.
ජනෙල් කවුළුවෙන් බලා ඉන්නා මට වලව්ව පසක් ඇති දැවැන්ත කොස්ගස පෙනේ.. වලව්ව සේම දිරාපත් වී ඇති මේ කොස්ගසේ අපි කුඩා කාලයේ ඔන්චිල්ලාවක් තිබුණා මට මතකය. අප සිංහල අවුරුද්දට අප්පච්චී සමග අත්තම්මා බලන්න පැමිණි විට හති වැටෙන තුරු ඔන්චිල්ලා පැද්දෙමු. අප්පචිචී සේම ඔන්චිල්ලාවද අද නැත. අප්පච්චි සිහිපත්ව නැවතත් මගේ ඇස් කඳුළු වලින් තෙත් වූයේ මටත් නොදැනිමය.
"චූටි මැණිකේ ජනෙල් පොළුවල එල්ලිලා භාවනා කරනවද" කුමුදු සිහින් හඬින් සිනාසෙමින් මගෙන් විමසන තුරු මා කොපමණ වෙලාවක් එසේ සිටියාදැයි මට මතක නැත.
"නෑ කුමුදු ඔයාට අපේ ජීවිතේ රහසක් නෙමෙයි නේ.. අම්මා ගැනයි අක්කයි මායි කතා කරේ"
මම කුමුදුට සත්‍ය වසන් නොකළේ ඇය අප කුඩා කාලයේ සිටම අපේ ජීවිත වල නොදන්නා දෙයක් නොමැති නිසාමය.
"චූටි මැණිකේ මටත් කියන්න දෙයක් තියෙනවා..ඒත් මෙතන කියන්න බෑ." කුමුදු ඉතා රහසින් මට පැවසුවේ වට පිට බලමිනි..
"මොකක්ද කුමුදු අනේ කියන්නකෝ මාව බය නොකර" මම නොඉවසිල්මත්ව කුමුදුට කීවේ ඇගේ කතාව අපේ ජීවිත පිළිබඳ යම් දෙයක් මට ඉවෙන් මෙන් දැනෙන්දීය.
"මෙතන කතා කරන්න බෑ සුදු මැණිකටත් කතා කරන් අපි එළියට හමු හෙමීට" මා කුමුදුට අවනතව ඔළුව වැනුවේ රහස දැනගන්නා කුතුහලයෙනි..
...ඊලඟ කොටසින් නැවත හමුවෙමු.....
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
කතාව මුලින්ම කියවන්න ආවේ අද. අනිත් ටිකත් කියවලාම බලන්නම්
ReplyDeleteගොඩක් ස්තූතියි ආවටත්.සටහනක් තිබ්බටත්..
Deleteපරණ posts කියවන්න blog roll එකක් දාන්නකෝ. ඒක අපිට පහසුවක්
Deleteමේකෙ පහල තියෙනවා නේද?..වලව්වේ පුස්තකාලය කියලා තියෙන්නේ.. ඒක නෙමෙයිද..ඔයාට ගොඩක් ස්තුතියි බලන්න එනවට..
Deleteවලව්වේ පුස්තකාලය කියලා තියෙන්නේ කැටගරි කරලා තියෙන විදිහනේ. බ්ලොග් රෝල් එක කියන්නේ පෝස්ට් දාපු දින මාස අවුරුදු එක්ක හැදෙන එකක්. පොඩ්ඩක් ඩිසයින්වල බලන්න
Deleteහරි ගොඩක් ස්තුතියි.. මම ඒක බලන්නම්..
Deleteමම ඉතින් පරන කාලේ කෙනානේ.. ඕවා දන්නේ නෑ..
ස්තුතියි හසිතට කියලා දුන්නට..
:D
මුල ඉදන්ම කියවන්න ඔනි... :)
ReplyDeleteමුල ඉදන්ම කියවන්න ..වලව්වේ පුස්තකාලය කියන තැනින් පුළුවන්..
Deleteස්තූතියි නිම්ශා...
අයියෝ.... නැවතුන තැන! ආයෙ ඉතින් සති කීයක් බලන් ඉන්න ඔනැද ඊලඟ කොටසට, නේද කුමරිහාමි..:D කථාව නම් හරීම දුක්බරයි ගැඹුරුයි!
ReplyDeleteනෑ නෑ.. ෆාතිමා ඉක්මනින් ඊලඟ කොටස දෙනවා.. :D
Deleteස්තුතියි පාතිමා ඔයාට..
Kohomada Ithin,, kathawa baluwa,, ai parakku wenne kathawa danna?..
ReplyDeleteSuja Akka,,,
මීට පස්සේ ඉක්මනින් දාන්නම් අක්කේ:.
Deleteඔයා කිව්ව් කෙනා මට හොයගන්න බැරි වුනා. ඔයා රික්වෙස්ට් එකක් දාන්න මේ නමටම...
හැමදාම කුතුහලය උපරිමේට ගෙනල්ලා නවත්තනවා .... හැබැයි ඊලඟ එක පරක්කු වෙන හින්දා ඒ කුතුහලෙත් නිකම්ම දියවෙලා යනවා..
ReplyDeleteකතාව ලස්සනට ලියනවා කියලා කියන්ඩ ඕනා. ඔබේ හැකියාව ඉස්තරම්.
//ඊලඟ එක පරක්කු වෙන හින්දා ඒ කුතුහලෙත් නිකම්ම දියවෙලා යනවා..//
Deleteඑකගයි..
ස්තූතියි සෙන්නා... ඔව් නේද ඔයා කියන එක හරි.. මම ලියන්න ගන්න කාලේ වැඩියි.. වැඩ ගොඩක් අතරෙයි කරන්නේ ..අනික මට මූඩ් එකක් නැත්නම් මම ලියන්න කම්මැලියි..
Deleteඔන්න සෑම් කොහෙන් හරි ඇවිත් එකඟතාවය පළකරනවා.
Deleteම්ම්...මේ කොටස කියවන එද්දි මට හිතුනා කොටස් කීපයක් මග ඇරුනවත්ද කියල..බලද්දි ඔක්කොම කියවලනෙ..ඒ කියන්නෙ පෝස්ට් එක එන්න පරක්කු වෙලා..පරක්කු උනත් කමක් නෑ..කතාව ගොඩාක් ලස්ස්නයි..වෙලා අරන් ලියල හොඳම දේ දෙන්න..
ReplyDeleteස්තූතියි සිත් රූ.. ඔව් පරක්කු නිසා අමතක වෙලා නේද. මීට පස්සෙ එහෙම වෙන්නේ නෑ.
Deleteඅම්මෝ ඇති අද හරි මේක දැම්මා ,මටනම් කතාව අමතක වෙලා තිබුනේ ...
ReplyDeleteඅම්මෝ ඇති ඔයාලා බලන්න ආවා.
Deleteමටත් අමතක වෙලා තිබුනේ.. :D
ඔන්න ඊළඟ කොටස ලියන්න වැඩිකල් ගන්න ඔට්ටු නෑ හොදේ....
ReplyDelete:D
Deleteනෑ නෑ. ඉක්මනින් දෙනවා..
ඔන්න ඉතින් තද වෙනව අප්පා , හොද හරියට ඇවිත් නවත්තලා :D
ReplyDeleteකාලෙකින් ගිම්ව දැක්කේ..
Deleteඅනේ ඉතින් තරහ ගන්න එපෝ...
මුල ඉදන්ම කියවලා බැලුවා.... හොදයි. ඉතිරි ටිකත් ඉක්මනට බලාපොරොත්තු වෙමි.
ReplyDeleteහැකි ඉක්මනින් දෙමි... :D
Deleteආවට ගොඩක් ස්තුතියි..
කාලෙකින් දාලා තියෙන්නේ...
ReplyDeleteඒත් ඉතින් කියවගෙන එන කොටම නවත්තලනේ...
ඉක්මනට දාන්න ඉතුරුටිකත්...
තරුවා නම මාරු කරලනේ. මට අදුරගන්නත් බැරි උනා.
Deleteඉක්මනින් දාමු නේද..
අනේ ඉතින් නම මාරු කලත් එදා හිටිය හුරතල් කොලු පැටියම තමයි....
Deleteඔයාම ඔයාට හුරතල් කියාගන්නවනේ.. අපි නම් කියන්නේ නෑ.. :D
Deleteඅයියෝ අද ටිකයි කතාවේ මදි :/
ReplyDeleteඅර රූපේ කවුද දන්නේ නැහැ නේද?
අම්මෝ මේ ආත්තම්මා නම් :/
අද පොඩ්ඩයි වගේද.. ඉක්මනින් ඉතුරු ටික දාන්නම්..
Deleteරූපේ කවුද...?-..
:D
මම හිතන්නේ නැන්දලා දෙන්නා දේපල අයිති කරගන්න හදන කුරුමනමක් ගැන වෙන්න ඕනේ මේ කියන්න හදන්නේ.
ReplyDeleteසෙන්නා කියපු දේ ගැන හිතන්න. ඉතුරු කොටස වැඩි කල් යන්න කලින් දාන්න.
ඔව් ඔව්.. එහෙම වෙන්න ඇති නේද..
Deleteඅනේ අසර් අර චිත්‍ර අදින විදිය මටත් කියලා දෙන්නකො.. තමන්ව ලස්සනට ඇදලා අනිත් අයව කැතට අදින් අමුතු චිත්‍ර කලාව. :D
අහ්හ්... එතකොට ඔයා කියන්නේ මම කැතයි කියලද? ඇත්තම කියනවනම් මගේ රූපේ මම ලස්සනට අඳින්නේ නැත්නම් වෙන කෙනෙක් අඳින්නේ මගේ ඇත්ත පෙනුම විදියට නේ.
Deleteහා ඒක තමයි ඔයාම ඔයා ඇදගන්නේ..
Deleteමම ඉතින් ඔයාව කොහෙන්වත් ෆොටෝ එකක්වත් දැකලා තියෙනවැයි කැත ලස්සන කියන්න.
ඇත්තටම දාන්නකෝ අසර් ෆොටෝ එකක් ඔයාගේ..
පුංචි කුමාරිහාමිගෙ නම වගේම කෙරැවාවත් ලස්සනයි.. සයිබරයේ මේ අලුත් යාලුවාව බලන්න මගේ කාමරේටත් එන්න....
ReplyDeleteඅනිවාර්‍යෙන් එනවා. ගොඩක් ස්තූතියි ඔයාට.
Delete(හැබැයි අපේ අම්මා නම් කියලා තියෙන්නේ කොල්ලන්ගේ කාමර වලට යන්න එපා කියලානේ :D)
මේකත් වලව් කතාවක් වගේ.. මුලින්ම කිවෙව්වෙ දෙවනි කොටසනෙ.. ඉන්නකෝ පලවෙනි කොටස් පැත්තෙත් ගොහින් බලන්නම්...
ReplyDeleteමේ 10 වෙනි කොටස.
Deleteඅයියෝ තොටියා වරද්දන්.. මේක 10 තමා..
Deleteඅසර් හිටපු නිසා හොදට ගියා...
ඒකනෙ ඉතින්, කතාව නොතේරුණ එක අහන්නත් දෙයක්ද... මුල ඉදලම කියවන් එන්නම්කෝ හිමින්සරේ..
Deleteඔයාලගෙ වලව්වෙත් සුදු මැණිකෙ කෙනෙක්..හ්ම්ම්ම්..අපෙත් එහෙමයි..:)
ReplyDeleteඅනේ ඉක්මනින් ලියන්නකො.....
ඈ ඔයාගේ වලව්වෙත් ඉන්නවද සුදු මැනිකෙක්.. හැම වලව්වෙම ඔය මොකක් හරි මැනිකේලානෙ ඉන්නේ නේද..
Deleteමොකො මේ අමුතු කුරුල්ලෙක් දාගෙන..
ඉස්සර උන්නෙ පොඩි වින්චැට්..දැන් එයා ලොකු වෙලා...මෙයා ලොකු වින්චැට්...!!
Deleteතව ටික කාලෙකින් මෙයා දාගන්නේ වළි කිකිළියක්ගේ පින්තූරයක්ලු.....
Deleteහපොයි කිකිලියෝ කොහොමද කිරිල්ලියෝ වෙන්නේ..
Deleteඅනේ හෆොයි පොඩ්ඩක් වැඩි පුර දෙන්න බැරිදෝ ??
ReplyDeleteකතාව එදා වගේමයි අදටත් කිසි අකමැත්තක් නැතුව කියවන්න පුළුවන් දවසින් දවස කුතුහලේ වැඩි වෙන එක තමා වෙන්නේ අනේ අක්කේ තව පොඩ්ඩක් වැඩිපුර ලියලා දානවකෝ හලෝ
එහෙම වැඩිය දෙන්න බෑ හරිය. අනික ඔයා බයවෙනවානේ ලක්ෂ් මල්ලි. හොල්මන් වැඩියි මේකේ..
Delete:D
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් මම ඔය බය වෙන ඒවාට ආසයි
Deleteඑහෙනම් මම හොල්මන් කතාවක්ම කියන්නම්..
Deleteමම හිතුව දේ නෙමෙයිනේ වුනේ... ම්ම්ම් මොකක්ද මෙයා කියන්න යනවා ඇත්තේ... ගෙදරන් පන්නන්න ප්ලෑන් එකක්වත්ද දන්නෑ...
ReplyDeleteමේක ඔයා ලියන විදියට කියවන්න ආසා හිතෙනවා වගේම දැනෙන්නේ ඇත්තටම ඔයාට වෙච්චි දෙයක් කියලමයි.ඒකම නිසාද කොහෙද මේ අත්තම්මා ගැන මට අම්බානක තරහක් එන්නේ... එක අතකට මේක ඇත්ත කාන්තාව අසරණ කරන්නේ තවත් කාන්තාවක් තමයි....
දිගටම ලියන්න අක්කේ මේක පොතක් විදියට පල කරනව නම් එල ඈ...
ස්තුතියි මල්ලි..
Deleteපස්සේ හිතලා බලමු නේද මල්ලි පොතක් විදියට පල කරන්න..
හෆ්ෆා... කතාව කොට වැඩියි!! පටන්ගත්තු ගමන් ඉවර වුනානෙ..:(
ReplyDeleteඅනේ මේක වැඩි කල් ගන්නෙ නැතිව කොටස් දාන්නකෝ අක්කියෝ..
ඉක්මනින් දාන්නම් නංගෝ.. මේ දවස්වල ටිකක් විතර වැඩ අධිකයි..
Deleteමේක කියවද්දි මට මතක් වුනේ මේ නව කතාව
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2012/06/07.html
මම ගිහින් ඒක බැලුවා. ගොඩක් ස්තූතියි අයියා...
Deleteලස්සනයි.....හැමදාම හැමදේම වගේම...
ReplyDeleteහ්ම්ම්..
Deleteකුතුහලෙකින් නවත්තලා....හරි නරකයි !!!
ReplyDeleteඒකනේ හරිම නරකයි....
Deleteමේ කතාව සහ කුමාරිහාමි කියන නවකතාව අතර සම්බන්දයක් තියනවද...
ReplyDeleteපොතක් විදිහට තියන කුමාරිහාමි කියන කතාව???
කොහෙත්ම නෑ. මමත් ඒක කියවල තියෙනව.ඒත් ඒකෙ තියෙන්නේ මීට වඩා වෙනස් කතාවක් නේද..ඒකේ ඉන්නේ පිට රට ඉදන් ආපු ගෑනු ලමයෙක් නේ..
Delete