Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළදන්නයි...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
Sep 14, 2012
කුමාරිහාමි - 14
රාත්‍රිය
පුරාවටම ඇද වැටුන වැස්ස තාමත් එහෙමයි. කලුවෙච්ච අහස හිතට ගේන්නේ මහා පාළුවක්.
ජනේලයෙන් එලිය බැලුවාම පේන පහල මිටියාවත පුරාවටම
ඝන මීදුමත් එක්කම වැහීබීරුම එක සීරුවට. මම ඔහේ සිටියේ කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන
නිසාමයි.
පාළු වලව්වේ
හුස්ම ගන්න අය ජීවත්වෙනවද කියන එකත් වෙලාවකට හිතෙනවා.
කාමරෙන්
එලියට විත් වලව්ව පුරාම මම ඇවිදගෙන ගියේ කම්මැලි කමට. එසේ යනවිට නැන්දම්මලාගේ කාමර
පසු කරද්දී මම දුටුවා ලොකු නැන්දා අලුත් ඔසරියකින් සැරසී කන්නාඩිය ඉස්සරහ හැඩ බලනවා.
ලොකු නැන්දා බලන්න මනමාලයෙක් හෙට එන බව ඩිංගිරි නැන්දා
පැවසුවේ ඊයේ හවස.
කලකට ඉහත
රූමත්ව සිටින්න ඇතැයි සිතෙන සලකුනු ලොකු නැන්දාගේ මුහුනේ දකින්නට ලැබුනත් දැනට අවුරුදු
හතලිහකට වඩා වන ඇයට මනමාලයෙක් සොයන එක පහසු කටයුත්තක් නොවන බවයි මටනම් සිතුනේ.
එහෙත් ඇය
විවාහ වී ඉක්මනින් ව් වලව්වෙන් පිටවී යනවා නම් කෙතරම් හොදදැයි ඒ සමගම මට සිතුනා.
“චුටි මැනිකෙට
පාළුයැයි” ඩිංගිරි නැන්දා ඇසුවේ මම උයන ගේ
දිහාවට ගියාම.
“කෝ නැන්දේ
කුමුදු”.. මම විමසුවේ දින කිහිපයකින් ඇයව දුටුවේ නැති නිසා..
“ඇයි චුටි
මැනිකෙට කිව්වේ නැද්ද ..අපේ කෙල්ල අර මහන වැඩපොලේ වැඩට යනවනේ දැන්”.. ඩිංගිරි නැන්දා
පවසන විටයි මට මතක් වූයේ කුමුදු එහා ගමේ තිබෙන ගාමන්ට් එකේ වැඩට යන බවක් කියා තිබූ
බවක්..
“ඔව් නැන්දේ
යනවයි කිව්වට දිනයක් කිව්වේ නෑ.. ඒකයි මට අමතක වුනේ”.. මා පැවසුවේ ඩිංගිරි නැන්දා සෑදු තේ කෝප්පයත් හකුරු කෑල්ලත් අතට ගන්නා
අතර තුරේ..
“ඔන්න හෙට
මැනිකෙලාට එලියට බහින්න එපා කියලා කියන්න කියලා බන්ඩාර මැනිකේ ලොකු මැනිකෙට කියනවා
මම අහගෙන” ඩිංගිරි නැන්දා රහසින් මට ලංවි කියන විට මා ඇය දෙස බැලුවේ කුතුහලෙන්..
“අර මොකෝ
නැන්දේ.. අපිව නිවාස අඩස්සියේ තියන්නේ හෙට..? අපි ලොකු නැන්දට මොනවා කරලද? මම ඇසුවේ
තරහෙන්..
“කේන්ති
ගන්න එපා චූටි මැණිකේ.. බන්ඩාර මැනිකේ බයයි එන මනමාලයා මැණිකෙලාව දැක්කම මැණිකෙලාට
කැමති වෙයි කියලා” ඩිංගිරි නැන්දා කිව්වේ හිනා වෙවී.
අපි හීනෙන්වත්
හිතන්නේ නැති දේවල් අනිත් අය හිතන බව දැනගත්තම මගේ සිතට ආවේ පුදුමයක්.
දවල් වෙන්න
වෙන්න වලව්වේ මහ කලබගෑනියක් වගේ දැනුනා. අත්තම්මා තේගිරිස්ටත් ඩිංගිරි නැන්දාටත් තව
උදව්වට ආව ගැහැණියකටත් අණ දෙමින් වලව්ව පුරා දිව්වා.
පොඩි නැන්දා
ලොකු නැන්දාගේ කාමරේට වෙලා ලොකු නැන්දාව සරසමින් සිටියා. ලොකු නැන්දාගේ ඇදුම් ආයිත්තම්
බලා කියාගන්නට මට ඇගේ කාමරයට යෑමට ආසාවක් පැමිණිමුත් ඇගේ ආඩම්බර නපුරු ගති මතක් වි
මා පසුබා ගියේ බියෙන්.
දිවා ආහාර
වේල ලං වු විට නවීන පන්නයේ මෝටර් රථයකින් මණාලයා සහ ඔහුගේ නෑදෑයන් පැමිණුනා. මණමාලයා රජයේ දෙපර්තමේන්තුවක ලොකු තනතුරක් දරන කෙනෙක් බව අත්තම්මා පෙරදා රැයේ ඩිංගිරි නැන්දා සමග උජාරුවෙන් කියනවා මට මතක් වුනා.මාත් අක්කාත්
වලව්වේ අපේ කොටසේ ජනේලෙන් ඔවුන් දිහා බලන් සිටියා.
මණාලයාත්
ඔහුගේ මව යැයි සිතිය හැකි කාන්තාවකුත්, තවත් මැදිවියේ කාන්තාවක් සහ පිරිමි කෙනෙක් පිරිසට
අයත් වුනා.
මව යැයි
සිතිය හැකි කාන්තාවනම් අපේ අත්තම්මා වගේම වලව් මානයන් හිස උදුම්මාගත් තැනැත්තියක් බව
බැලූ බැල්මටම පෙනෙනෙනට තිබිනි.
මෝටර් රථයෙන්
බිමට බැසගත් පිරිස වටපිට බලන අතර මණාලයා යැයි සිතිය හැකි පුද්ගලයාගේ දෙනෙත්වලට එක්වරම
අක්කා සහ මා ලක්වූයේ නොසිතු ලෙසය.
අප දුටු
ගමන් පුදුම වූවාක් මෙන් අප දෙස බලා සිටි ඔහුගේ දෑසේ වූයේ ඉතාම හුරු පුරුදු බැල්මක්
බව ඒ මොහොතේත් මට සිතින.
ඔවුන් සියලු
දෙනා වලව්ව තුලට ගොස් පසු මා අක්කාගේ මුහුන බැලූ විට දුටුවේ ඇගේ දෑසේ අමුතු වියරු පෙනුමක්
ඇති බවයි. කලාතුරකින් ඇගේ දෑසට එන මේ වියරු කලහාකාරී පෙනුමෙන් පැවසෙන්නේ ඇය ඉතා කේන්තියෙන්
සිටින බවයි.
“මොනාද
අක්කා කල්පනා කරන්නේ?” මම ඇසුවේ අක්කාට ලන් වෙලා.
තිගැස්සී
මා දෙස බැලූ ඇය “මොනවත් නෑ නංගී. මම කල්පනා
කරේ අර මනුස්සයාව මට හොදට දැකලා පුරුදුයි.. ඒත් මතක නෑ කවුද කියලනම්”.අක්කා පැවසුවේ
කල්පනාකාරිව.
“එහෙනම්
ඇයි ඔයා තරහෙන් වගේ ඉන්නේ?” මා එසේ ඇසූ විට
අක්කා පුදුමයෙන් මා දෙස බැලීය..
“කේන්තියෙන්..
නෑ.. මම කේන්තියෙන් නෙමෙයි.. ඒත් මොකක්ද දෙයක් මතක් වුනා මට අර මනුස්සයා දැක්කම”..ඇය
පැවසුවේ සිය දෑස විසල් කරගෙනය.
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
Kalekin oyawa dakke punchi. Ithin kohomada sapa duk. Sathutui oyawa dakinna labunata. Mawa mathakada manda? Kohoma unath mata oyawa mathakai. Man oyata pm ekak damma.
ReplyDeleteKathawa lassanai,, kuthuhalaya wadi hamadama.
Suja,,,
ස්තූතියි සුජා අක්කට. මැසේජ් එකක් නම් ලැබුනේ නෑ..
DeleteMan eka,,, oyage walawwu man 1a unamai . Laka ta kenthi yawi,,, Ganak na,,
ReplyDeleteඒකනේ ඔයා තමා එක.. :D
Deleteඔයා හොදට කල්පනා කරලා ලියනවා... අකුරු වැරැදි එහෙම අඩුවෙන්... ඒක ගොඩක් හොදයි... මාත් ආසයි හොල්මන් කතාවලට...
ReplyDeleteලොකු නැන්දගේ වයස දාපු තැන මොකක් හරි අවුලක් තියෙනවා නේද....?
ස්තූතියි හිරු, ඔව් එතන පොඩි අවුලක් වුනා දැන් හරි නේද..
Deleteඔයාගෙ කතා මාලාව ආසාවෙන් කියවනවා . අදත් කුතුහලය පිරුනු තැනකින් කතාව නවත්තලා . ඔන්න ලොකු විරාම ගන්නෙ නැතුව ඉක්මනට අනිත් කොටස ලියන්න ඕනේ. අපි බලාගන ඉන්නවා :D
ReplyDeleteඉක්මනින් ලියන්නම් ගිම්. ස්තුතියි ඔයාට හැමදාම වගේ..
Deleteමුළ ඉදන් කියවන්න ඔනේ ලස්සන කථාවක් වගේ...
ReplyDeleteඅනේ එහෙනම් මුල ඉදන්ම බලන්නකෝ..
Deleteඅනේ මන්ද අවාරෙට ලියනව වගේ.. :(
ReplyDeleteඅමතක වෙනවනේ...
අවාරෙට වැටෙන පොල් වගේද.. :D
Deleteහොඳයි..... කතාව යන්ඩ ඇරලා එක පාරම කියෙව්වනම් හොඳයි වගේ...
ReplyDeleteඑහෙනම් එකපාරටම කියවන්නකෝ...
Deleteනවත්වපු තැන මතක නැතෝ හයියූ
ReplyDeleteඅයියෝ... ලක්ෂ් මල්ලි.. එහෙනම් මොනවා කරන්න්ද..?
Deleteසේරම ලියලා ඉවර උනාම කියන්න , කෑම උනත් එකපාර කනකොට තමා හොඳ පොඩ්ඩ පොඩ්ඩ කෑවම තෙරෙන්නෙ නෑ
ReplyDeleteහරි හරි මම ඉක්මනින් ඉවර කරලා කියන්නම්කෝ..:D
Deleteකාලෙකින් කතාව කියෙව්වා....දැන්නම් ඉතින් ඉක්මනටම ඉතුරු ටිකත් ඕනි..
ReplyDeleteඉක්මනින් දෙන්නම්. ගොඩක් ස්තූතියි තරූ..
Deleteකතාව අද්භූත විදියට ගලාගෙන යනවා හැබැයි කියවන්න මදියි වගේ.රස කර කර කියවන්න හදනකොට කතාව ඉවරවුනා...
ReplyDeleteඒක නෙමේ අර වයස තියෙන තැන ඉලක්කම් ගොඩක් දැම්මෙ ඇයි ඈ??
කවුරු වෙන්න පුළුවන්ද අර මනාලයා... හ්ම්ම්ම් කතාව මතක හැටියට සැක කරන්න වෙන කවුරුවත් නෑනේ.තේගිරිස් තමා සැක කරන්න ඉන්නේ ඒත් එයාට මනාලයා වෙන්න බෑනේ... අප්පච්චිගේ මරනෙට වගකියන්න ඕනේ එකෙක්වත්ද දන්නෑ....
පහුගිය ටිකේ මාත් කතාව නොලිව්ව නිසා අක්කට ඉක්මන්ට ලියන්න කියන්න බෑනේ අප්පා...
ඒකනේ ඔයාත් ලිව්වේ නෑ නෙ.. බලමු නේද කවුද මනමාලයා කියලා. ස්තූතියි මල්ලි ඔයාටත්
Deleteඅනෙ අදත් නැවැත්තුවෙ කුතුහලය අවුස්සලා නෙ, එන්න එන්නම කතාව රසබරයි! විස්මයජනකයි!. ඒත් ඉතිං චුට්ටක් නෙ තියන්නෙ මේකෙ, තව ටිකක් වැඩි පුර දෙන්නකො කුමාරිහාමි.:)
ReplyDeleteඉක්මනින් දාන්නම් Reeza. ඔයාටත් ගොඩක් ස්තූතියි...
Deleteකතාව වෙනදා වගේම නියමයි.අනේ ඉක්මනට අනික් කොටස දාන්නකො අනේ.නැත්නම් මේකෙ ගතියත් අඩු වෙනවා.
ReplyDeleteඔව් නිසූ මම පහුගිය ටිකේ හිටියේ නෑ. ඉක්මනින්ම අනිත් කොටස් දාන්නම්.බලන්න ආවට ස්තූතියි..
Deleteඇත්තටම කවුද ආපු මනමාලයා ...??????
ReplyDeleteකතාව වැඩිය කල් යවන්නේ නැතිව දැම්මොත් මොකෝ පොකු ?
ඉක්මනින් දානවා. ස්තූතියි රොබින්..
Deleteමම කාලෙකින් ආපු නිසා ඇහිලා ඇති කියල.බයෙන් බයෙන් ආවේ කොටස් ගොඩ ගැහිලා ඇති කියල. හොඳ වෙලාවට එක කොටසයි දාල තියෙන්නේ.
ReplyDeleteඑදා අශ්වගාලේ කෙඳිරි ගාපු ගැහැණු කෙනා ගැන මොනවත් නැහැ නේ.එතන උනේ වැඩිහිටියන්ට සුදුසු දෙයක් නෙවෙයි නේ.
කොහෙද අසර් ගිහින් හිටියේ.
Deleteඒක නම් වැඩිහිටියන්ගේ කොටසක් නෙමෙයි. පස්සට ආයෙත් එයි..:D