Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Sep 14, 2012

කුමාරිහාමි - 14



රාත්‍රිය පුරාවටම ඇද වැටුන වැස්ස තාමත් එහෙමයි. කලුවෙච්ච අහස හිතට ගේන්නේ මහා පාළුවක්.
ජනේලයෙන් එලිය බැලුවාම පේන පහල මිටියාවත පුරාවටම ඝන මීදුමත් එක්කම වැහීබීරුම එක සීරුවට. මම ඔහේ සිටියේ කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන නිසාමයි.

පාළු වලව්වේ හුස්ම ගන්න අය ජීවත්වෙනවද කියන එකත් වෙලාවකට හිතෙනවා.

කාමරෙන් එලියට විත් වලව්ව පුරාම මම ඇවිදගෙන ගියේ කම්මැලි කමට. එසේ යනවිට නැන්දම්මලාගේ කාමර පසු කරද්දී මම දුටුවා ලොකු නැන්දා අලුත් ඔසරියකින් සැරසී කන්නාඩිය ඉස්සරහ හැඩ බලනවා.

ලොකු නැන්දා බලන්න මනමාලයෙක් හෙට එන බව ඩිංගිරි නැන්දා පැවසුවේ ඊයේ හවස.

කලකට ඉහත රූමත්ව සිටින්න ඇතැයි සිතෙන සලකුනු ලොකු නැන්දාගේ මුහුනේ දකින්නට ලැබුනත් දැනට අවුරුදු හතලිහකට වඩා වන ඇයට මනමාලයෙක් සොයන එක පහසු කටයුත්තක් නොවන බවයි මටනම් සිතුනේ.
එහෙත් ඇය විවාහ වී ඉක්මනින් ව් වලව්වෙන් පිටවී යනවා නම් කෙතරම් හොදදැයි ඒ සමගම මට සිතුනා.

“චුටි මැනිකෙට පාළුයැයි”  ඩිංගිරි නැන්දා ඇසුවේ මම උයන ගේ දිහාවට ගියාම.

“කෝ නැන්දේ කුමුදු”.. මම විමසුවේ දින කිහිපයකින් ඇයව දුටුවේ නැති නිසා..

“ඇයි චුටි මැනිකෙට කිව්වේ නැද්ද ..අපේ කෙල්ල අර මහන වැඩපොලේ වැඩට යනවනේ දැන්”.. ඩිංගිරි නැන්දා පවසන විටයි මට මතක් වූයේ කුමුදු එහා ගමේ තිබෙන ගාමන්ට් එකේ වැඩට යන බවක් කියා තිබූ බවක්..

“ඔව් නැන්දේ යනවයි කිව්වට දිනයක් කිව්වේ නෑ.. ඒකයි මට අමතක වුනේ”.. මා පැවසුවේ ඩිංගිරි  නැන්දා සෑදු තේ කෝප්පයත් හකුරු කෑල්ලත් අතට ගන්නා අතර තුරේ..

“ඔන්න හෙට මැනිකෙලාට එලියට බහින්න එපා කියලා කියන්න කියලා බන්ඩාර මැනිකේ ලොකු මැනිකෙට කියනවා මම අහගෙන” ඩිංගිරි නැන්දා රහසින් මට ලංවි කියන විට මා ඇය දෙස බැලුවේ කුතුහලෙන්..

“අර මොකෝ නැන්දේ.. අපිව නිවාස අඩස්සියේ තියන්නේ හෙට..? අපි ලොකු නැන්දට මොනවා කරලද? මම ඇසුවේ තරහෙන්..

“කේන්ති ගන්න එපා චූටි මැණිකේ.. බන්ඩාර මැනිකේ බයයි එන මනමාලයා මැණිකෙලාව දැක්කම මැණිකෙලාට කැමති වෙයි කියලා” ඩිංගිරි නැන්දා කිව්වේ හිනා වෙවී.

අපි හීනෙන්වත් හිතන්නේ නැති දේවල් අනිත් අය හිතන බව දැනගත්තම මගේ සිතට ආවේ පුදුමයක්.

දවල් වෙන්න වෙන්න වලව්වේ මහ කලබගෑනියක් වගේ දැනුනා. අත්තම්මා තේගිරිස්ටත් ඩිංගිරි නැන්දාටත් තව උදව්වට ආව ගැහැණියකටත් අණ දෙමින් වලව්ව පුරා දිව්වා.

පොඩි නැන්දා ලොකු නැන්දාගේ කාමරේට වෙලා ලොකු නැන්දාව සරසමින් සිටියා. ලොකු නැන්දාගේ ඇදුම් ආයිත්තම් බලා කියාගන්නට මට ඇගේ කාමරයට යෑමට ආසාවක් පැමිණිමුත් ඇගේ ආඩම්බර නපුරු ගති මතක් වි මා පසුබා ගියේ බියෙන්.

දිවා ආහාර වේල ලං වු විට නවීන පන්නයේ මෝටර් රථයකින් මණාලයා සහ ඔහුගේ නෑදෑයන් පැමිණුනා. මණමාලයා රජයේ දෙපර්තමේන්තුවක ලොකු තනතුරක් දරන කෙනෙක් බව අත්තම්මා පෙරදා රැයේ ඩිංගිරි නැන්දා සමග උජාරුවෙන් කියනවා මට මතක් වුනා.මාත් අක්කාත් වලව්වේ අපේ කොටසේ ජනේලෙන් ඔවුන් දිහා බලන් සිටියා.

මණාලයාත් ඔහුගේ මව යැයි සිතිය හැකි කාන්තාවකුත්, තවත් මැදිවියේ කාන්තාවක් සහ පිරිමි කෙනෙක් පිරිසට අයත් වුනා.

මව යැයි සිතිය හැකි කාන්තාවනම් අපේ අත්තම්මා වගේම වලව් මානයන් හිස උදුම්මාගත් තැනැත්තියක් බව බැලූ බැල්මටම පෙනෙනෙනට තිබිනි.

මෝටර් රථයෙන් බිමට බැසගත් පිරිස වටපිට බලන අතර මණාලයා යැයි සිතිය හැකි පුද්ගලයාගේ දෙනෙත්වලට එක්වරම අක්කා සහ මා ලක්වූයේ නොසිතු ලෙසය.

අප දුටු ගමන් පුදුම වූවාක් මෙන් අප දෙස බලා සිටි ඔහුගේ දෑසේ වූයේ ඉතාම හුරු පුරුදු බැල්මක් බව ඒ මොහොතේත් මට සිතින.

ඔවුන් සියලු දෙනා වලව්ව තුලට ගොස් පසු මා අක්කාගේ මුහුන බැලූ විට දුටුවේ ඇගේ දෑසේ අමුතු වියරු පෙනුමක් ඇති බවයි. කලාතුරකින් ඇගේ දෑසට එන මේ වියරු කලහාකාරී පෙනුමෙන් පැවසෙන්නේ ඇය ඉතා කේන්තියෙන්  සිටින බවයි.

“මොනාද අක්කා කල්පනා කරන්නේ?” මම ඇසුවේ අක්කාට ලන් වෙලා.

තිගැස්සී මා දෙස බැලූ ඇය “මොනවත් නෑ  නංගී. මම කල්පනා කරේ අර මනුස්සයාව මට හොදට දැකලා පුරුදුයි.. ඒත් මතක නෑ කවුද කියලනම්”.අක්කා පැවසුවේ කල්පනාකාරිව.

“එහෙනම් ඇයි ඔයා තරහෙන් වගේ ඉන්නේ?”  මා එසේ ඇසූ විට අක්කා පුදුමයෙන් මා දෙස බැලීය..

“කේන්තියෙන්.. නෑ.. මම කේන්තියෙන් නෙමෙයි.. ඒත් මොකක්ද දෙයක් මතක් වුනා මට අර මනුස්සයා දැක්කම”..ඇය පැවසුවේ සිය දෑස විසල් කරගෙනය.

30 comments:

  1. Kalekin oyawa dakke punchi. Ithin kohomada sapa duk. Sathutui oyawa dakinna labunata. Mawa mathakada manda? Kohoma unath mata oyawa mathakai. Man oyata pm ekak damma.

    Kathawa lassanai,, kuthuhalaya wadi hamadama.

    Suja,,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුජා අක්කට. මැසේජ් එකක් නම් ලැබුනේ නෑ..

      Delete
  2. Man eka,,, oyage walawwu man 1a unamai . Laka ta kenthi yawi,,, Ganak na,,

    ReplyDelete
  3. ඔයා හොදට කල්පනා කරලා ලියනවා... අකුරු වැරැදි එහෙම අඩුවෙන්... ඒක ගොඩක් හොදයි... මාත් ආසයි හොල්මන් කතාවලට...

    ලොකු නැන්දගේ වයස දාපු තැන මොකක් හරි අවුලක් තියෙනවා නේද....?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු, ඔව් එතන පොඩි අවුලක් වුනා දැන් හරි නේද..

      Delete
  4. ඔයාගෙ කතා මාලාව ආසාවෙන් කියවනවා . අදත් කුතුහලය පිරුනු තැනකින් කතාව නවත්තලා . ඔන්න ලොකු විරාම ගන්නෙ නැතුව ඉක්මනට අනිත් කොටස ලියන්න ඕනේ. අපි බලාගන ඉන්නවා :D

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියන්නම් ගිම්. ස්තුතියි ඔයාට හැමදාම වගේ..

      Delete
  5. මුළ ඉදන් කියවන්න ඔනේ ලස්සන කථාවක් වගේ...

    ReplyDelete
    Replies
    1. අනේ එහෙනම් මුල ඉදන්ම බලන්නකෝ..

      Delete
  6. අනේ මන්ද අවාරෙට ලියනව වගේ.. :(

    අමතක වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. අවාරෙට වැටෙන පොල් වගේද.. :D

      Delete
  7. හොඳයි..... කතාව යන්ඩ ඇරලා එක පාරම කියෙව්වනම් හොඳයි වගේ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් එකපාරටම කියවන්නකෝ...

      Delete
  8. නවත්වපු තැන මතක නැතෝ හයියූ

    ReplyDelete
    Replies
    1. අයියෝ... ලක්ෂ් මල්ලි.. එහෙනම් මොනවා කරන්න්ද..?

      Delete
  9. සේරම ලියලා ඉවර උනාම කියන්න , කෑම උනත් එකපාර කනකොට තමා හොඳ පොඩ්ඩ පොඩ්ඩ කෑවම තෙරෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හරි හරි මම ඉක්මනින් ඉවර කරලා කියන්නම්කෝ..:D

      Delete
  10. කාලෙකින් කතාව කියෙව්වා....දැන්නම් ඉතින් ඉක්මනටම ඉතුරු ටිකත් ඕනි..

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දෙන්නම්. ගොඩක් ස්තූතියි තරූ..

      Delete
  11. කතාව අද්භූත විදියට ගලාගෙන යනවා හැබැයි කියවන්න මදියි වගේ.රස කර කර කියවන්න හදනකොට කතාව ඉවරවුනා...

    ඒක නෙමේ අර වයස තියෙන තැන ඉලක්කම් ගොඩක් දැම්මෙ ඇයි ඈ??

    කවුරු වෙන්න පුළුවන්ද අර මනාලයා... හ්ම්ම්ම් කතාව මතක හැටියට සැක කරන්න වෙන කවුරුවත් නෑනේ.තේගිරිස් තමා සැක කරන්න ඉන්නේ ඒත් එයාට මනාලයා වෙන්න බෑනේ... අප්පච්චිගේ මරනෙට වගකියන්න ඕනේ එකෙක්වත්ද දන්නෑ....

    පහුගිය ටිකේ මාත් කතාව නොලිව්ව නිසා අක්කට ඉක්මන්ට ලියන්න කියන්න බෑනේ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔයාත් ලිව්වේ නෑ නෙ.. බලමු නේද කවුද මනමාලයා කියලා. ස්තූතියි මල්ලි ඔයාටත්

      Delete
  12. අනෙ අදත් නැවැත්තුවෙ කුතුහලය අවුස්සලා නෙ, එන්න එන්නම කතාව රසබරයි! විස්මයජනකයි!. ඒත් ඉතිං චුට්ටක් නෙ තියන්නෙ මේකෙ, තව ටිකක් වැඩි පුර දෙන්නකො කුමාරිහාමි.:)

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දාන්නම් Reeza. ඔයාටත් ගොඩක් ස්තූතියි...

      Delete
  13. කතාව වෙනදා වගේම නියමයි.අනේ ඉක්මනට අනික් කොටස දාන්නකො අනේ.නැත්නම් මේකෙ ගතියත් අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නිසූ මම පහුගිය ටිකේ හිටියේ නෑ. ඉක්මනින්ම අනිත් කොටස් දාන්නම්.බලන්න ආවට ස්තූතියි..

      Delete
  14. ඇත්තටම කවුද ආපු මනමාලයා ...??????

    කතාව වැඩිය කල් යවන්නේ නැතිව දැම්මොත් මොකෝ පොකු ?

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දානවා. ස්තූතියි රොබින්..

      Delete
  15. මම කාලෙකින් ආපු නිසා ඇහිලා ඇති කියල.බයෙන් බයෙන් ආවේ කොටස් ගොඩ ගැහිලා ඇති කියල. හොඳ වෙලාවට එක කොටසයි දාල තියෙන්නේ.

    එදා අශ්වගාලේ කෙඳිරි ගාපු ගැහැණු කෙනා ගැන මොනවත් නැහැ නේ.එතන උනේ වැඩිහිටියන්ට සුදුසු දෙයක් නෙවෙයි නේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද අසර් ගිහින් හිටියේ.
      ඒක නම් වැඩිහිටියන්ගේ කොටසක් නෙමෙයි. පස්සට ආයෙත් එයි..:D

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...