Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Sep 8, 2012

සතුට කොහේ ඇද්ද?



අපේ ජීවිතේ සතුට තියෙන්නේ කොතනක කියලද ඔබ සිතන්නේ. ඔබ කියයි එය එක එක වෙලාවට වෙනස්වන එක එක්කෙනා මත රැදෙන දෙයක් කියලා. ඇත්තෙන්ම ඒක එහෙමද

ඒත් සතුට කියන දේ රැදෙන්නේ පවතින්නේත් වෙන කිසිම බාහිර වස්තුවක් මත නොව අපේ සිතේමයි මම ඔබට කිව්වොත් එයට එකඟ වෙනවද..

සැබවින්ම අපේ ජීවිතේ සතුට රැදී පවතින්නේ අපේ සිතේමයි.

නමුත් අප එය වෙනත් බොහෝ දෑ සමග සන්සන්දනය කිරීමටබොහහෝ විට උත්සාහ කරනවා. බොහෝ අය පවසන්නේ මට ඒ දේ තිබෙනවානම් මම සතුටෙන් කියා. ඔබත් එසේද?
මට රැකියාවක්,නිරෝගිකම, සල්ලි,පෙම්වතා හෝ පෙම්වතිය,දරුවන්.. මෙකී නොකී බොහෝ අහිමි දේවල් හිමිවනවානම් සතුටෙන් කියන්නට හැමදෙනාම පුරුදුව සිටිනවා.

එහෙත් ඔබට සිහිකරන්න පුළුවන්ද ඔබට මතක ඇති කාලයේ සිටම ඔබේ ජීවිතය ගතවූ අයුරු ඔබට අහිමි කිසිවක් ඔබ සතුවූ පසුව කෙතරම් කාලයක් ඔබ සතුටෙන් සිටියාද කියා. අඩුම ගානේ මතක සිටින්නට ඔබ අවුරුද්දක කාලයක් සතුටෙන් සිටියා ඔබට සිහි කල හැකිද..? බෝනික්කෙක් අහිමිව අඬාවැටුණ ඔබ බෝනික්කෙකු සතුවූ පසු මල් ගවුමක් ගැන ලතවුණේ නැද්ද.?

කුඩා කල සිටම අප ක්‍රියා කර ඇත්තේ එලෙසින් නොවේද.. එසේ නම් ඔබ පිළිගන්නවා සතුට කිසිම දෙයක් සමග ඔබ ළඟ සදාකාලිකව නතර නොවූ බව. මේ හැමදේටම මුල් වුණේ අපේම සිත නොවේද? මදක් නැවතී සිතා බලන්න.

කිසිම බාහිර වස්තුවකට අප සතුටු කිරීමට හැකියාවක් නැතිබව ඔබට වැටහෙනවා නේද?
දුගී කමින් පීඩා විදින කෙනකුට විශාල මුදලක් ලැබුණ පසු ඔහු සතුටෙන් ජීවත් වෙයිද? ටික දිනකට පසු ඔහු ඔහුට නොමැති වෙනත් දෙයක් ශෝක කරන්න පටන් ගැනීම ස්වාභාවිකයි.මිනිස් සිත වටහා ගැනිමට නොහැකි අරුම පුදුම වස්තුවක් යැයි  පවසන්නේ නිසාමයි.

වෙනත් කෙනෙකු මත හෝ වෙනත් බාහිර වස්තුවකට අපේ සතුට උගස් නොකර අප තුළින්ම අපට සතුට හොයාගත හැකිනම් කෙතරම් අගනේද? සැබවින්ම මගේ උත්සාහයත් ඔබේ අවධානය සදහා යොමු කිරීමට.
සදහා මා කුඩා කතාවක් පවසන්නම්.

එක්තරා මනුස්සයෙකුට ඕනවුනා මේ ලෝකේ තියෙන ලස්සනම මල දකින්න. ඉතින් මනුස්සයා මාස ගණන් අවුරුදු ගණන් මල් වතුවල,කැළෑවල්වල ඇවිදලා ඇවිදලා හෙම්බත්වෙලා හිටියේ කිසිම මල් උයනක තිබ්බ මලක් මේ මනුස්සයට ලස්සනට පෙනුණේ නැහැ. ඉතින් හරිම කලකිරීමෙන් මේ මනුස්සයා එයාගේ ගෙදරට ආවා. ගොඩක් මහන්සියෙන් දුකෙන් වටපිට බලනකොට මනුස්සයාට පේනවා එයාගේ කවුළුවෙන් ළඟ හරිම ලස්සන රතු රෝසමලක් පිපිලා. මේ මනුස්සයා දුවගෙන එළියට ඇවිත් මල අතගාලා බලලා කියනවා "මේ තරම් ලස්සන මලක් තියෙද්දීනේ මම ලෝකේ වටේම ලස්සන මලක් හොයන් ගියේ" කියලා.

ඇත්තටම ඔබ සිතන්නේ ලෝකේ තිබ්බ ලස්සනම රෝස මල කියලද.. නෑ..ඒත් මනුස්සයගේ සිතුවේ තමන් සතුව නැති දේවල් වල සතුට ඇතියි කියලා. එහෙම සිතාගෙනයි සතුට හොයාගෙන ගියේ..

අපි අපේ සතුට හැම මොහොතකම අනුන් මත රදවා අපේ සිත් දුකින් පුරවාගෙන ලෝකයටම චෝදනා කරනවා.
"එයා මෙහෙම නොකරනම් මම අද ගොඩක් සතුටෙන්" "එයා මාව දාලා නොගියනම් මම තරම් සතුටෙන් ඉන්න වෙන කෙනෙක් නෑ".අපි හැමෝම මෙහෙම කියනවා.
ඒත් සිතන්න ! අපි එහෙම සිතුවට අපි අය එක්ක ඉද්දිත් හැමමොහෙතෙම සතුටෙන් සිටියද කියලා. නෑ නේද. අපි එතකොටත් තවත් දේවල් හිත හිතා දුක් වුනා.

සතුට සාපේක්ෂයි.අනෙකෙකු කරන කියන දෑවලින් අප සිත් රිදවාගෙන ඔවුන්ට ශාප කරමින් අපේ සතුට නැති කරගන්නවාට වඩා අපේ සතුට අප තුළින්ම සොයා ගත හැකි කෙතරම් හොදද කියා ඔබට සිතෙනවා නේද.

ඉතින් වෙනත් අය කරන කියන දේවල් වලට ඔවුන් පිට වරද පටවන්නේ නැතිව අපට පුළුවන් නම් අපේ සිතේ සාමය සතුට රදවගන්න ඒක ඔබට ලොකු සැහැල්ලුවක් වෙයි.මදක් සිතා බලන්න.

30 comments:

  1. තමන් කොච්චර පීඩනයක හිටියත් ඒව කලමනාකරනය කර ගත්තම හැමදාම හිතේ සතුටින් ඉන්න පුලුවන්..

    මම දන්නෙ එච්චරයි.

    ජය !

    ReplyDelete
    Replies
    1. සෑම් දන්න දේවල්.. ගොඩක් ස්තූතියි ආවට..

      Delete
  2. මේක මටත් හොද පාඩමක්..

    නැති දේවල් කොච්චර තිබුනත් තියෙන දේ ගැන සතුටු වෙන්න මට බැරි ඇයි කියලා දවසට දෙපාරක් වත් මට හිතෙනවා... මට තියෙන ලෙඩේ වෙන මොකක් වත් නෙවෙයි... අනාගතය ගැන ඕනවට වඩා හිතීම.. අද මේ දේ කර ගන්න බැරි උනොත් හෙට දුක් වෙන්න වෙයි කියලා හිතෙන හන්දායි මට අද සතුටින් ඉන්න බැරි...

    ලෙඩේත් දන්නවා නම් බේතත් දන්නවා නම් කරගන්නේ නැතුව ඉන්නේ මොකද...? මට තියෙන පුරස්නේ ඒකයි....
    මට හිතෙන එකම දේ තමයි ඒක එච්චර ලේසි නෑ කියන එක....

    ReplyDelete
    Replies
    1. ඔයා වගේම තමයි අපි හැමෝම ලෙඩෙයි බෙහෙතයි දෙකම දන්නවා උනත් හැමදාම දුක් විදිනවා

      Delete
  3. "කිසිවක නොඇලී, නොගැලී පසුවන්න" සතුට යන්නට මම දැකපු හොඳම අර්ථකතනය එයයි...

    තව දුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යනම් ජයසේන ජයකොඩි මහතාගේ පිච්ච මල කථා පෙළ කියවන්න...

    ReplyDelete
    Replies
    1. පිච්චමල් නවකතා පෙලනම් කියෙව්වේ මීට ගොඩක් කාලෙකට කලින්. ඇලීම් බැදීම් අඩුකරන්න හැදුවත් ඒවා එහෙම නැතිවෙන්නේ නැති එකයි දුක.
      අභීතටත් ස්තුතියි වචනයක් ලිව්වට

      Delete
  4. ඉතින් වෙනත් අය කරන කියන දේවල් වලට ඔවුන් පිට වරද පටවන්නේ නැතිව අපට පුළුවන් නම් අපේ සිතේ සාමය සතුට රදවගන්න ඒක ඔබට ලොකු සැහැල්ලුවක් වෙයි.මදක් සිතා බලන්න.

    මෙන්න මේ කියමනට මම එකඟයි

    ReplyDelete
    Replies
    1. කවියටත් ස්තූතියි වචනයක් ලියලා ගියාට.

      Delete
  5. අමාරුයි තමයි...නමුත් කලහැකිනම් හැමදාම සතුට අපිලඟ...!!

    ReplyDelete
    Replies
    1. ඔව් අපි උත්සහ කරල බලමු නේද..

      Delete
  6. //සතුට සාපේක්ෂයි.//

    සහතික ඇත්ත සහතික ඇත්ත... වෙලාවකට සතුට කියන්නෙත් මිරිඟුවක්.දකිනකොට සතුටක් දැනුනත් ඒ පස්සෙන් පැන්නුවාම වෙන්නේ හති වැටිලා ඒ සතුට නැතිවෙන එක...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි කවදාවත් සතුට බලෙන් ගන්න පුලුවන් දෙයක් නම් නෙමෙයි

      Delete
  7. ඔව් කීවාත් වගේ සරලව ගෙවන්න පුලුවන් අපේ ජීවිත සංකීර්ණ කර ගන්නෙත් අපිමයි. අවශ්‍යතා වැඩිකර ගන්නෙත් අපිමයි. එතකොට සතුට කියන එක පෑල දොරින් අපටත් හොරා පැනලා යනවා...

    ReplyDelete
    Replies
    1. ඒත් අපිට සරල ජිවිතයකින් සෑහීමකට පත්වෙන්න බැරි එකනේ දුක. අපි හැමමොහොතෙම අනිත් අය එක්ක අපිව සන්සන්දනය කරමින් දුක්වෙනවා නේද..

      Delete
  8. අන් අයගෙන් බලාපොරොත්තු වන දෑ අඩු කර ගෙන තමන්ගේ යුතුකම් කොටස මැනවින් කලා නම් මම හිතන විදියට සතුට රැදේවි...

    ReplyDelete
    Replies
    1. ඒත් අපි ගොඩක් වෙලාවට අනිත් අයගේ අවදානය ආදරය බලාපොරොත්තුවෙනවා නේද ඒක නැති උනාම හිතින් දුක්විදිනවා. මේක නැති කරගන්න පුලුවන් නම් අපි සතුටෙන්.

      Delete
  9. //සැබවින්ම අපේ ජීවිතේ සතුට රැදී පවතින්නේ අපේ සිතේමයි.//

    ඒක ඇත්ත පොඩ්ඩි.. අපි අපේ හිත විශ්වාස කරනවනම්.. ලෝකයේ කටු කොයිතරම් තිබුණත් ඒ වලට බැහැ අපේ හි‍තට අනතුරක් කරන්න.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් නන්දු .. අපේ සතුට අපි ලගමයි අපි ඒ සතුට වෙන අයගෙන් සොයන්න යන නිසා තමයි අපේ මුලු ජීවිතේම දුකක් වෙන්නේ..

      Delete
  10. අනිවරයෙන්ම දුකත් සතුටත් දෙකම අපිම හිතෙන් හදාගත්ත එව්වා...

    ReplyDelete
    Replies
    1. ඔව් තරු ඒත් අපි තාමත් පුහුදුන් මිනිස්සු නිසා අපිට අපේ හිත්වල ඇතිවන හැගීම්පාලනය කරගන්න අමාරුයි නේද.

      Delete
  11. ජීවිතය සරළ වෙන්න වෙන්න සතුට හොයා ගන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. ඒත් සතුට විතරක්ම ඇති ජීවිතයේ ඒකාකරීත්වය නැති කරන්නෙත් දුකමයි..ඒ හැම දෙයකටම මූලික වෙන්නෙ අපේ හිත්...ලස්සන වටිනා අදහස් ටිකක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ලිහිණිටත්..

      Delete
  12. නියම පොස්ට් එකක් කුමාරිහාමි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි Reeza..
      මේක මම ලිව්වේ http://www.lakhiru.com/novel/lakmini/show.php?id=33 ලක්හිරු වෙබ් අඩවියට.. ඒත් අනිත් අයටත් වැදගත් වෙයි කියලයි මෙතන්ට දැම්මේ..

      Delete
  13. සතුට සාපේක්ෂයි... අන්න එකයි වැදගත්ම දේ... ඒක හැබැයි අනිත් අයට ප්‍රශ්ණයක් නොවිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ඔව් සතුට සාපේකෂයි .. ඒත් කෙනෙක්ගේ සතුට තවත් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ ඉරිසියාව නිසා නේද..

      Delete
  14. හුඟකාලෙකින් කුමාරිහාමි අක්කා!!!!! :)

    ඔය සතුට ගැනනම් මොනා කියන්නද මන්දා, අපි හරිම ලෙඩෙයි , ඒකට හරිම බේතයි දෙකම දැනගෙන වෙන වෙන ගොඩ වෙදකම් කර කර ඉන්නවා කියලායි මට හිතෙන්නෙ.. කොහොම වුනත් සතුට සාපේක්ෂයි කියන එකනම් සහතික ඇත්තක්!!!

    -හිතුවක්කාරී(හිතූ)-

    ReplyDelete
    Replies
    1. ඔව් හිතූ කාලෙකින්.. මමත් තාම ඔය බෙහෙත හොයනවා. ලෙඩේ දැනගෙන..

      Delete
  15. ලෝකයේ සෑම දෙයකම ඇත්තේ දුක පමනයි. ඒ දුක් සහිත දෙවල් වලට ඇලුම් නොකිරිමම සතුටේ මූලයයි, හරියට නෙළුම් කොලයක් වගෙ වතුරින් පොෂණය වි හැදි වැඩුනත් වතුරට නෙළුම් පත්‍රය පෙ‍ඟෙන්නේ නැතිවා වගේ " සරල ජිවිතයක් ගෙනියනවනම් සතුට එතනම තියෙනව"

    ReplyDelete
    Replies
    1. ඔව් සරල ජීවිතයකින් සතුට ලැබෙනවා කියන එක ඇත්ත.ඒත් ඒ සරල බව හැමමොහෙතම තියාගන්න අපට අමාරුයි එතනයි හිතන්න වෙන්නේ..

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...