Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Oct 17, 2013

පත්තරෙන්...


ලක්බිම හා රැජින පුවත්පත් වලට මා ලියූ සටහනක්..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=19504:2013-10-16-07-12-41&catid=48:2012-04-02-08-50-52&Itemid=75






ශීත කාලයේදී ඉතාලිය ඇතුළු සීත රටවවලට හිරු උදා වන්නේ උදෑසන 8ද පසුවූ පසුය. නැවතත් රාත්‍රිය හවස 4 පමන වන විට ආරම්භ වේ. උදෑසන රැකියාවන් සහ පාසල් කරා යන අය නිවසින් පිටත් වන්නේ තද අදුරේමය. උදෑසන 7 යනු අපේ රටේ පාන්දර 4 සේ අඳුරු බවකින් යුතුවන අතර මා රැකියාවට සදහා යා යුතුවන්නේ විශාල උද්‍යානයක් මැදිනි. 

මෙම උද්‍යානය මැදින් කිලෝමීටර් තුන්කාලක් පමන ගිය පසු උමං දුම්රිය ස්ථානය කරා යා හැක. සැබවින්ම මෙම උද්‍යානය පියකරු මෙන්ම ඉතා විශාලය. වසන්ත කාලයේ මල් මෙන්ම ශීත කාලයේ හිමද මෙහි සුන්දරත්වයට රුකුලකි.

ශීත කාලයේ මෙම උද්‍යානය මැදින් ගිය දිනක මා හදිසියේම රතු පැහැති එලියක් දැක තිගැස්මටත් ඉන් පසුව කුතුහලයටත් පත්වීමි. උදෑසන එක්තරා ගසක් යටින් මේ  රතු පැහැති එලියක් විහිදුනි. කුඩා කාලයේ අපේ රටේ හොල්මන් සහ භූත කතාවලින් හිස් පුරවාගෙන සිටිනා අපේ සිත්වල එවැනි එළියක් දුටු විට පළමුව ඇතිවන්නේ බියක් බව පිලිගන්නට සිදුවේ.

උදෑසන විමතියක් මෙන්ම එයට ලංවී බැලීමට මා මදක් පසුබෑවද සේවය නිමාවි නැවත නිවස කරා යන විට මා මදක් නතරවී එය නැරඹුවෙමි. කිසිවෙකු ඉටිපන්දම් දෙකක් සමඟ මල් පොකුරක් එහි තබා තිබිනි. මෙම ගස පිහිටා තිබුනේ උද්‍යානය කෙලවර මාර්ගය අසලට වන්නටය.

හදිසි අනතුරකින් කිසිවෙකු මිය ගිය පසු ඒ මිය ගිය ස්ථානයේ ඒ පුද්ගලයන් සිහිකිරීම පිනිස ඔහුගේ කිට්ටුවන්තයන් මල් සහ ඉටිපන්දම් තැබීම මේ රටේ සිරිතකි. මහා මාර්ග්යේ බොහෝ ස්ථානවල දිනපතා එවැනි මල් පොකුරු දැකිය හැක. එසේ කරන්නේ වසරකට වතාවක් එම පුද්ගලයා මිය ගිය දිනයේය.

මා එම සිද්දිය අමතක කර දැමූ මුත් මසකට පමන පසු නැවතත් උදෑසන අර රතු එලීය දුටුවෙන් කුතුහලයෙන් ඇලලී ගියෙමි. මක්නිසාද වසරකට වරක් මිය ගිය අය සිහිකිරීම පිලීගත හැකිමුත් මසක් පාසා? එදින පටන් ශීත කාලය නිමාවී වසන්තය පැමිනි විටද සෑම මසකම මෙම රතු ඉටිපන්දම මෙලෙසින්ම දැල්වෙන වග මම පසක් කරගතිමි. 

සැබැවින්ම මෙය දල්වන්නේ කවුද කවුරුන් උදෙසාද? මා නිරතුරුවම එය පිළිබද කුතහලයෙන් යුක්ත වූයේ මෙය සිදුකරන පුද්ගලයා හා මිය ගිය පුද්ගලය අතර ඇති අසාමාන්‍ය බැදීම වසරක් පුරා දුටු නිසාය.

අවසානයේ මාහට ඒ සංවේදී පුද්ගලයා මුණගැසුනේ උද්‍යානය පිරිසිදු කිරිමට පැමිනෙන කාන්තාව හරහාය. වයස 65ක් පමන වන උස් , නිරෝගි සිරුරකින් හා ප්‍රියමනාප පෙනුමකින් යුක්ත වූ මාර්කෝ සිය කතාව මා  හා පැවසීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වු‍යේ ඉතා මිත්‍රශීලි ලෙසින්ය. ඇතැම්විට ඔහුට මේ කතාව තවකෙකුට පැවසීම සිය මනසට විරේකයක් වන්නටද ඇත. 

“ මම ඔයාට මේ කතාව කියන්නේ දරුවෝ ඔයා පිට රටක කෙනෙක් නිසයි. මම කැමති නෑ මගේ රටේම කෙනෙක්ට මේක කියන්න. මොකද ඒක බරක්, ඊට පස්සෙ ඒ ගැන අහ අහ මගේ හිතට වද දෙනවට මම කැමති නෑ ” ඔහු පැවසුවේ මා කෙරෙහි විශ්වාසයෙනි.

ඉන්පසුව ඔහු සෙමෙන් ඔහුගේ අතීත කතාව පවසන්නට විය.

“මෙතනට මම  හැම මාසෙම 05 වෙනිදට මල් පොකුරක් අරන් එනවා. රතුපාට ඉටිපන්දම් දෙකකුත් ගෙනල්ල පත්තු කරනවා. මෙතන තමයි මගේ රොසීනාගේ අවසාන හුස්ම රැදුන තැන. රොසීනා කියන්නේ මගේ බිරිඳ .එයා මෙතනදීයි මාව දාල ගියේ. අදට අවුරුදු 35කට කලින්, ඔයා විශ්වාස කරනවද දරුවෝ.එදා ඉදන් මම අවුරුදු 35ක් හැම මාසෙම 05 වෙනිදා මෙතනට එනවා. ඒත් අදටත් මට මගේ හිත හදාගන්න බෑ. අදටත් මට බෑ මට සමාව දෙන්න.

රොසීනා ඇත්තටම රෝස මලක් වගෙයි. අපි මුනගැහුනේ විශ්වව්ද්‍යාලයේදී. අපි උපාධිය අරන් එලියට එනකොට පෙම්වතුන්. රොසීනා යාලු කරගන්න මගේ යාලුවෝ ගොඩක් මහන්සි වුනා. ඒත් වාසනාවන්තයා උනේ මම. ඇත්තෙන්ම එයා ගොඩක් හොද ආදරවන්තියක් වගේම හරිම ප්‍රියමනාප කරුණාවන්ත කෙනෙක්. අපි පුදුමාකාර විදියට එකිනෙකාට  ආදරය කරා. අපිට අපි නැතිව එක මොහොතක්වත් ඉන්න බැරි උනා. අපි දෙන්නටම හොද රැකියාවන් ලැබුනා. හැමෝගෙම ආශීර්වාදය මැද්දේ අපි විවාහ වුනා. අපේ විවාහය උනත් සිද්ධවුනේ හරියට සුරංගනා කතාවක වගෙයි. මට හිතුනේ මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිහා කියලා.

ඇත්තටම රෝසි ඉතාම ගුන යහපත් බිරිඳක් වුනා. කාලය ගෙවෙද්දී රෝසි අම්මා කෙනෙක් වෙන්න යනවා කියල දැනුනම මම හිටියේ රටක් රාජ්‍යක් ලබා ගත්ත වගේ සතුටෙන්. හැමදෙයක්ම සතුටෙන් සිද්ද්වෙද්දී මට නිතරම රෝසි ගැන බයක් දැනෙන්න ගත්තා එයා මාව දාලා යයිද කියලා මගේ හිතේ කියන්න ගත්තා.මට එහෙම හිතුනේ ඇයි කියලා මම වත් දන්නේ නෑ.රෝසිගේ ලස්ස්නත් එයාට තියෙන ආකර්ශනයත් මෙහෙම හිතන්න මාව පොළඹවන්න් ඇති. 

එයා වැඩ කරන කාර්‍යාලයේ හිටපු ගොඩක් පිරිමි රෝසි ගැන ගොඩක් උනන්දු වෙන එකත් මට හිතට වදයක් වෙලයි තිබුනේ. රෝසිගෙත් යම් යම් වෙනස් කම් මට ඒත් එක්කම දැනෙන්න ගත්ත. එයා නිතරම හිටියේ කල්පනාවෙන්. මාත් එක්ක උනත් වැඩිය කතාවට ආවේ නෑ. ඇත්තෙන්ම මට දැනෙන්න ගත්තේ තරහක් වෛරයක් වගේම බයක්. මට හිතුනා ඇයට වෙන සම්බන්දයක් තිබෙනවද කියලත්.

මම රෝසිව සැක කරන්න ගත්තා.. එයා යන ගමන් බිමන්, එයාගේ බෑග්, සාක්කු පවා මම සෝදිසි කරන්න ගත්තා. ඒ කාලේ මේ වගේ හැමෝම ලඟ ජංගම දුරකථන තිබ්බේ නෑ. කාර්යාලයේ දුරකථනයට තමා කතා කරන්නේ. 

මම දිවා ආහාරයේදී දවසක් රෝසිට කතා කරා එයාගේ කාර්යාලයට  සිටි‍යෙ නෑ. ඇගේ කාර්‍යාලේ පිලිගැනීමේ නිළධාරිනිය  කීවා එයා දිවා ආහාරය සදහා එලියට ගිය බව. කා සමඟින් දැයි ඇසූවිට ඇය දුටුවේ තරුණයෙක් සමඟ බවත් මේ කාන්තාව කීවා

මම නිවසට ගියා. මට කිසිම දෙයක් කරගන්න බැරි තත්වෙට පත්වෙලා. නිවසට ගියාම මම දැක්ක සාලේ අළු බදුනේ තිබුන සිගරට් අළු වගයක්. අප දෙදෙනාම දුම්පානය කරන්නේ නෑ. මගේ සැකය හරි ගියා මම කෙලින්ම එයාගේ කාර්යාලය වෙත ගියා. මා යනවිට එයා කාර්යාලයේ සිටියා. 

මම කිසිදෙයක් ඇහුවේ නෑ. මොනා කිව්වද මම වත් දන්නේ නෑ. මම එයාගෙ කම්මුලට ගහනවා විතරයි මට මතක. කාර්‍යාලයේ මිතුරන් මාව වලක්වා ඉවතට ගෙන ගියා. මම වහාම එතනින් පිටත්වුනා. පසුව අවන්හලකට වැදී ඇතිවන තුරා මත් පැන් බිව්වා.

මම නිවසට ගිය විගසම මට දුරකථන පනිවිඩයක් ආවා. රෝසි අනතුරකට ලක් වෙලා රෝහල් ගතකරා කියලා.මම පිස්සුවෙන් වගේ රෝහලට දුවලා ගියා. ඒත් මම යද්දී රෝසිත් අපේ පුංචි පුතත් මාව දාලා මේ ලෝකෙන් යන්න සදහටම යන්න ගිහින්.  

මම හැසිරුන අන්දම ගැන ගොඩක් වෙලා කනගාටුවෙන් රෝසි කල්පනා කර කර ඉදල නිවසට යාමට එයාගේ මෝටර් රථයෙන් එයා පිටත්වෙලා තියෙනවා. ඒ එන අතරතුරේ තමයි මේ අනතුර වෙලා තියෙන්නේ.
සිද්ධවෙලා තියෙන්නේ හරිම අවාසනාවන්ත දෙයක්. 

රෝසිගේ සහෝදරයා ලූකා ටොරිනෝ ඉදලා මිලානෝ වලට ඇවිල්ලා. ඔහු අපේ නිවසට පැමිනි පසු ඔවුන් දෙදෙනාම දිවා ආහාරය සදහා එළියට ගොස් තිබෙනවා. සොහොයුරිය මිය ගියේ මා ඔහු ගැන සැක කල නිසා බව අදටත් එයාගේ මල්ලි දන්නේ නෑ.

මම මහා අවාසනාවන්තයෙක් දරුවා. දෙවියන් මට හැමදේම ලබාදුන්නා.ඒත් ඒ දේවල් භුක්තිවිදින්න මට වාසනාව නැතිවුනා. මගේ හිතට එකපාරටම යක්ශයෙක් රිංගුවා.  දෙවියෝ මට දීපු වස්තුව මම හරියට පරිහරනය කරේ නැති නිසා උන්වහන්සේ මගෙන් ඒ තෑගි ආපසු ගත්තා.

රෝසි මැරුනේ මගේ වරදින්. මට ඒකට කවදාවත් මගේ හිතින් සමාව ලැබෙන්නේ නෑ. එදා ඉදලා අද වෙනකන් මගේ හිතේ වෙන කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙලත් නෑ. රෝසියි පුතයි ඉන්න තැනට යනකන් මම හැම මාසෙම ඇවිත් ඒ දෙන්නා වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කරනවා. මම හැමදාම මෙහෙම ඉටිපන්දම් පත්තු කරලා එයාගෙන් සමාව ඉල්ලන්වා. ඒත් මම දන්නේ නෑ රෝසි මට සමාව දෙයිද කියලා. මම බලන් ඉන්නේ ඉක්මනින්ම එයාල ලඟට යන්න.

මාර්කෝ වියපත් දෙනෙත් හිස් අහසට මුමුණන්නේ බලාපොරොත්තු පිරි දෑසිනි.
සැකය ඔවුන්ගේ ජීවිත විනාශ කල අයුරු දුටු විට ඇත්තෙන්ම මිනිස් සිත් තුල සිටින සැකය නැමැති සර්පයා මොනතරම් දරුණුදැයි මට නැවතත් සිහිපත්විය.



42 comments:

  1. හරිම ශෝචනීය කතාවක්.
    ඔය එක් කතාවක් පමණයි.
    මෙවැනි සිදුවීම් ඊයෙ/අද/හෙට ලෝකයේ කොහේ හරි වෙනවා අසීමිත බැදීම නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජී මේ වගේ සිද්දීන් ලෝකේ හැමතැනම වෙනවා. ඒ සිද්දිවලින් පස්සේ සිතට දැනෙන පසුතැවීම ජීවිත කාලයටම ඒ කෙනාට වද දෙනවා නේද.

      Delete
  2. සැකය දරුණුම විෂබීජයයි. මේ ලිපිය ලියු ලක්මිණි වෙදමුල්ල ඔබ බව දන්නේ අදයි , සුබ පැතුම් සහෝදරිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්.. ඔව් ඒ මම ලක්මිණි වෙදමුල්ල.

      Delete
  3. ලස්සනට ලියලා තියෙන ලියමනක් !
    පුංචි කුමාරිහාමි පත්තරේටත් ලිපි ලියලා තියෙනවයි කියලා දන්නේ අදමයි ! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදුරංග .
      ඔව් මම පත්තරවලටත් වෙනත් වෙබ් අඩවි වලටත් මගේ සැබෑ නමින් ලියනවා.
      ඔබට හැකි නම් ඔබේ බ්ලොග් එකේ ලිංක් එක මට දාන්න. ඒක මගේ බ්ලොග් රෝල් එකේ නෑ.

      Delete
    2. මොකද්ද පුංචි කුමාරිහාමි ඉල්ලුවේ..???
      මට පැහැදිලි නෑ..
      හේ... ඔයා ලක්මිණි වෙදමුල්ල ද ? :)

      Delete
    3. ඔව් ඒ මගේ නම මේ ආර්ටිකල් එකේ මගේ නම තියෙනවානේ.. :D.. ඔයාගේ බ්ලොග් එකේ ලිංක් එක ඉල්ලුවේ...

      Delete
    4. මෙන්න ගන්ඩ පුංචි නෝනේ !

      http://madurangacreations.blogspot.com/

      Delete
    5. ස්තූතියි රංග මම දාගත්තා මගේ අසල්වැසියන්ට.

      Delete
    6. රංග ????
      මධූ කිව්වා නං තමා හරි :)

      Delete
  4. එක ගොඩේ වාගේ ලියන්න එපෝ

    ReplyDelete
  5. හිත් කම්පා කරවන සිද්ධියක්නේ පුංචි කුමාරිහාමි.
    පසුතැවිල්ල කියන නමත් මේ කතාවට හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් ඒක තමයි ඒකට ගැලපෙන නම නේද? පත්තරේ අය දාල තියෙන්නේ ඔය නම..
      ස්තුතියි ඔයාට.

      Delete
  6. ඔයා හිතට දැනෙන කවි ලියන්න විතරක් නෙවි නංගෝ...අපුරු කතන්දරත් කියනවා කියලා දන්නේ දැන් නේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්දු අක්කෝ.. ඔයා බ්ලොග් කියවනවා කියලා දන්නේ අදනේ.. ගොඩක් ස්තුතියි අක්කේ දෙන දිරියට.

      Delete
  7. හිතට දැනෙන කවි විතරක් නෙවි,,හිතට දැනෙන තවත් නිර්මාණ කරන බව දන්නේ දෑන්නේ නංගෝ

    ReplyDelete
  8. ඇත්තටම ලස්සන කතාවක්

    ReplyDelete
  9. කතාව කියවල දුක හිතුනා නේන්නම්.... (අර ඔයාගේ වදකාරයා ප්‍රදීප්පයියා මගේ බ්ලොගේත් කොමෙන්ටුවක් දාලා මේකට ඇවිත් බ්ලොග් ලියන හැටි ඉගෙන ගන්න කියලා )
    ඔයා එතකොට මොකක් හරි පත්තරේක තීරු ලිපියක් ලිව්වද සතිපතා

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකේ ලිංක් දෙන්න මගේ බ්ලොග් රෝල් එකේ නෑ ඒක.
      ස්තූතියි ඔයාට මැලේ...

      ඔව් මම රැජීන පුවත් පතේ මීට කලින් තීරු ලිපියක් ලිව්වා.

      Delete
  10. Replies
    1. හරිම ලස්සනයි කීව්වෙ.................
      රෝසිට කම්මුලට ගහපු එකද බං......

      Delete
    2. නෑ කෙන්ජි එයා ලස්සනයි කිව්වේ ඔයාට... :D :D

      Delete
  11. කතාව අගෙයි.. සැකය සදා පසුතැවිල්ලට හේතුවේ...

    ReplyDelete
    Replies
    1. ඔව් සැකය ජීවිතය අවුල් කරනවා . ඒත් ඉතින් අපිට ඒ සිතිවිලි නැතිවෙනෙත් නෑ නේද?.. ඒ වගේම සැකය වාසියට හිටින අවස්ථාත් නැතිවමත් නෙමෙයි නේද?

      Delete
  12. සැකය නැමති විෂබීජය මාරාන්තිකය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක නම් විශබීජයක් තමයි...

      Delete
  13. කතාව හොඳා. මේක කියවද්දි ඉස්සර අපේ තාත්ත කිව්ව කතාවක් මතක් උනා. ඔන්න ගම්බද ගොවි ගෙදරක ජෝඩුවක් ජීවත් උනා. කාලයක් යද්දි ගම හාමිනේට පුතෙක් ලැබුන. මේ පුතා වයස දොලහක් වනවිට රැකියාවක් හොයාගෙන ගියා. එයා ආයෙත් ආවෙ අවුරුදු දහයකට විතර පස්සෙ. ඇවිල්ල තමුන්ගෙ අම්මගෙ උයල දුන්න බත් කාල හවස් වරුවෙ අම්මගෙ තුරුලෙ නිදාගත්ත. ගමරාල ගෙදර එනකොට තමුන්ගෙ හාමිනේ තරුණයෙක් එක්ක නිදි! අතේ තිබුන උදැල්ලෙන් ගහල හාමිනේ මැරුව. තරුණය තමුන්ගෙ පුතා කියල හඳුනගත්තෙ ඊට පස්සෙයි. ඉතිං තමුන් කල වැඩේ දරාගන්න බැරිව තාත්තත් දිවි නසාගත්ත. හදිස්සියෙ ගමට ආපු තමුන් නිසා මව්පියන්ට අත්වෙච්ච ඉරණම ගැන දුක්වුන තරුණයත් දිවි නසාගත්ත.
    ඕං සැකේ නිසා වෙන දේවල්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්.

      මම මේක අහලා තියෙන්නේ බණ කතාවක් විදියට. මොකක් හරි ජාතක කතාවක නිදාන කතාව විදියට නෙමෙයිද? අනේ මංදා මම පටලවගෙනද දන්නේ නෑ. අනවශ්‍ය සැකය ලොකු විනාශයක් කරනවා. ඒත් සමහර වෙලාවට සැකය අපිට වාසිත් ගේනවා මට හිතෙන්නේ.

      Delete
  14. හරිම දුක්බර සිදුවීමක්...සැකය කියන දේ විවාහ ජීවිතයකට හරිම අසුභ දෙයක්...මට මේ කථාවත් එක්ක මතක් උනේ තමන්ගෙ අලුත්ම කාර් එක සූරලා ඒකෙ අකුරු ලිව්වා කියලා නියනකින් ගහලා තමන්ගෙ දරුවගෙ ඇගිලි තලපු තාත්තගෙ කථාව...අන්තිමට මිනිහා ගිහිල්ලා වාහනේ දිහා බලපුවාම ඒ දරුවා ලියලා තියෙන්නෙ I love you daddy කියලා...ඒ හින්දා සැකය ආ පමණින් ක්‍රියාත්මක වෙන්නෙ නැතුව නුවනින් නිසි දේ කල් වේලා අරගෙන හොදින් කල්පනා කර තීරණය කිරීම තමයි වැදගත්....පුංචි කුමාරිහාමිගෙ නමත් ඔන්න අද දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා.
      ඔව් ගොඩක් වෙලාවට අපි සමහර දේවල් කරලා ගොඩක් පසුතැවෙනවා. ඒත් පසුතැවීමෙන් බෑ සිද්ද වුන දේවල් වෙනස් කරන්න. ඉතුරු වෙන්නේ දුකක් විතරමයි.

      ඔයා කියපු සිද්ධිය මටත් මතකයි ඒක ලංකාවේ උන දෙයක් නෙමෙයිද?
      ආ මගේ නම දැනගත්ත එක හොදයි නේද? ඒත් ඔයාලගේ නම් ගම් නම් මම දන්නේ නෑ හරියට.

      Delete
  15. සැකය බෝම්බයකි. පිපිරීම අනිවාර්ය්‍යය.මදකට ඈත්වන්න!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  16. ගොඩක් දුක හිතෙන කතාවක්.. මේ වගේ තව බොහොමයක් සිදුවීම් මේ ලෝකේ සිදු වෙනවා ඇති.. සැකය විනාශයේ මුලයි.. බොහෝවිට කිසිම දෙයක් සොයන්න බලන්නේ නැතුව මේ විදිහට කෙනෙක්ව නිකරුනේ සැක කරලා කරන දේවල් වලින් ලොකු විනාශයක් සිද්ධ වෙන්නේ.. ඒක නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන...

    මම පහුගිය ලිපි කිහිපයක්ම කියෙව්වත් අද තමයි මුල්ම කමෙන්ට් එක දාන්නේ.. ඔබ ලියන ශෛලියත් ගොඩක් ලස්සනයි.. හරිම රසවත්.. දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබට අදහස් දැක්වූවාට. ඔබලාගේ වචන නිසා තමයි ලියන්න තව ශක්තිය ලැබෙන්නේ...

      Delete
  17. ගොඩක් දුක හිතෙන කතාවක්... තවත් මෙවැනි බොහෝ සිදුවීම් මේ ලෝකේ සිදු වෙනවා ඇති.. සැකය විනාශයේ මුලයි.. කිසිම දෙයක් ගැන සොයන්නේ බලන්නේ නැතුව මේ විදිහට නිකරුනේ කෙනෙක්ව සැක කරලා කරන දේවල් වලින් බොහෝ විනාශයන් සිදු වෙනවා.. අපි ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන..

    මම පහුගිය ලිපි කීපයක්ම කියෙව්වත් අද තමයි මුල්ම කමෙන්ට් එක දාන්නේ.. ඔයා ලියල තියෙන ශෛලියත් ගොඩක් ලස්සනයි.. හරිම රසවත්.. දිගටම ලියන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  18. ඒ මනුස්සයට මැරෙනකල්ම ඕකෙන් ගැලවීමක් නැතුව ඇති... සැකය කියන්නේ බොහොම පිළිකාවක් වගේ යමක් මතම වැඩිලා ඒකම විනාශකරලා නවතින්නේ... ඔබ දුටු දෙයින් ඔබ්බෙහි ඇති කතාව මතුකරගැනීමට ඔබ දැරූ උත්සාහය වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිසර ඔබටත්

      Delete
  19. අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කේ.මම ජගත් කරුණාජීව කියල කෙනෙක්.ස්තුතියි ලස්සන පෙළගැස්මක්.

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...