Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Dec 23, 2014

.......වසන්තය හා ගිම්හානය .........





සත්මහල පාමුලකව්ළුවෙන් මා දකින 
ඒ උද්යානය ඔබය.
වස්සානය පමනක් නොව
ගිම්හානයද
එකවිටම මවන…


කව්ළුවෙන් එබෙන 
සඳ එලියට
අනවසරයෙන්ම සිප ගෙන වත
සිප සැනසිය හැක
නොපෙන ලෙස කිසිවෙකුට...

හීන ගෙන ආ හැකිය 
ඔබට හැමදිනම
වැසි වැටෙන රැයකට කව්ළුවෙන්
පිටත සිට…
අසා සිටින්නෙමි නොසෙල්වී 
හිම වැටෙන
රිද්මය ෆයිනස් තුරු මතට…

උද්යානය කෙළවරක 
නිසොල්මන්ය එකම එක හදවතක් 
සෙනෙහසින් පිරීගිය…


10 comments:

  1. කාලෙකට පස්සේ ලස්සන කවි සිතුවිල්ලක්...

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි මදුරංග..

    ReplyDelete
  3. සෑහෙන කාලෙකින් , මේ නිසඳැස කියවද්දී මේ සින්දුව මතකයට ආවා

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙළවරට වී
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    මං ගාවින්ම උණුහුම නොදී //

    හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලටම වී
    ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
    සංසාරයම මම නුඹගෙ වී
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
    සංසාරයම මෙය මට නොදී

    වස්සානයට අත වනලා ඉමු මග බලන්


    වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
    අපි හැංගෙමුද උණුහුමට වී
    සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
    දැන් මට දෙන්න නුඹ මගේම වී
    ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
    මං ආවොත්ද නුඹ මට හිමි

    වස්සානයට අත වනලා ඉමු මග බලන්....//


    ගායනය - උමාරා සිංහවංශ
    සංගීතය - අමිල දිල්හාන්
    ගී පද - එස්. මාධව

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් ගොඩක් කාලෙකට පස්සේ තමයි. ආයෙත් බ්ලොග් එක ලියන්න ඕනේ කියලා හිතුනා සෑහෙන කාලෙකින්.
      මම මේ සිංදුව නම් අහලා නෑ. ඒත් පදමාලාව නම් ලස්සනයි තමයි ගොඩක්..
      ස්තූතියි ඔයාට

      Delete
  4. අගේ අැති නිර්මාණයක්........... අද තමයි මේ පැත්තට අාවේ..... අලුත් බ්ලොග් හොයාගෙන යන ගමන් තමයි මේ පැත්තට අාවේ..... දිගට ම ඒන්නම්... හැකි හැමවෙලාවෙම ලියන්න කියලා ඉල්ලන්න කැමතියි..................

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ අළුත් බ්ලොග් ලියන්නෙක්ද? මේ නමින් තවත් එකක් තිබ්බ වගේ මතකයි. කොහොම උනත් සාදරයෙන් පිලිගන්නවා.!

      Delete
    2. ඔව් ටික කාලයක ඉදන් තමයි අපිත් ලියන්නේ පුංචි....... මේ නමට ලගින් යන නමකින් බ්ලොගයක් තියෙනවා තමයි... ඒත් අපි කුරුටු ගෑ ගී පවුර.............

      පුංචි අැයි අනික් සින්ඩි වලට ගිහින් ලියාපදිංචි වෙන්නැත්තේ.... ඒ නිසයි අපිටත් ඔබව මග හැරුනේ.... ඒහෙම ලියාපදිංචි වුනානම් අනිත් අයටත් මේ පැත්තට ඒන්න පහසුවක් වේවි..........

      Delete
    3. සමහර ඒවගෙ නම් ලියාපදිංචි උනා. ඒ ගැන ඒ තරම් විස්තර මම දන්නේ නෑ. සොයලා බලන්න ඕනේ. කොහොම උනත් ස්තූතියි ඔබට

      Delete
  5. බ්ලොග් එක ආයෙමත් ලියවෙනවා දකින්න සතුටුයි! සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ..
    එහෙනම්, කුමාරිහාමි ඇතුළු වලව්වේ සැමට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඔබටත් අඟහරුවා. ( අමුතු තාලේ නමක්)

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...