Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Feb 25, 2012

‍෴෴෴පේමතෝ ජායතී සෝකෝ෴෴෴





"සුවපත් වේවා.!"


"අපි ගිහින් එන්නම් මෑණියෝ එහෙනම්"


"හොඳයි..තෙරුවන් සරණයි"


උපේකා සිල්මෑණියෝ බෝ මළුවෙන් බැස යන තරුණ යුවළ දෙස බලා සිට ආපිට හැරුණය..


පුණ්‍යා විත් කකුලේ ඇතිල්ලෙයි..


"මොකෝ පුන්නියේ උඹටත් ගෙදර මතක් උනැයි"


ඇය පූසියගෙන් ඇසුවේ කරුණාවෙනි..


"සංසාරේ කියන්නේ ඕකට තමයි..බැඳිම් අඩුවෙනකොට හිත සැහැල්ලු වෙනවා.."





උපේකා මෑණියෝ පූසිය හා දොඩමළු වෙමින්ම ගල්තලාව නැග චෛත්‍ය අසලට පැමිණියාය.


ගල් තලාවට අවට පරිසරය ඉතාමත් සුන්දරව පෙනෙයි..බැස යන හිරුගෙන් ගලා යන මලානික කාන්තිය වෙල් යාය පුරා විහිදී ඇත..දවසේ වැඩ නිමාකර ගැමියන් නිවෙස් කරා යනු පෙනේ..


දවස තිස්සේම  අහස පුරාම පියාඹා හති වැටුණ කුරුලු රැළක් නවාතැන් සොයා ඉගිලෙයි..


අරලිය මල් සුවඳට මුසුවුණ හඳුන්කූරු සුවඳ සිතට ශාන්ත සුවයක් ගෙන දෙයි.. උපේකා මෑණියන් දෙනෙත් පියා මොහොතක් එම ශාන්ත සුවය වින්ඳාය.


වෙනදා සිතට දැනෙන සැහැල්ලුව අද නොදැනෙයි..දෙනෙත් පියා සිටියද සිත නොසන්සුන්ය..සිත මෙසේ කලබලව ඇත්තේ මීට ටික වෙලාවකට පෙර තරුණ යුවළ නිසාදැයි ඇයට සිතිණි. ඔවුන් අත හුන් සිඟිති දැරියගේ සුරතල් මුහුණ දුටු වනම තම සිත සසල වූ බවක් උපේකා මෑණියන්ට සිතුණි.


"මගේ දූ පැටියා හිටියනම් එයාත් ඔයා වයසෙනේ.." 
උපේකා මෑණියන්ට සිහින් සුසුමක් හෙළුණේ නොදැනුවත්මය...


"ආ මේ මොකෝ ලැජ්ජාවෙන්..ගෑනු දරුවෝ කවදා හරි අම්මලා වෙනවා..ඕක අම්මට කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ" 
දේවින්ද කියන්නේ සෙනෙහස පිරුණ දෑසිනි..


"අනේ ඒ උණාට මේ තරම් ඉක්මනින්..? මට නම් කියන්න බෑ"
 උපේකා ලැජ්ජාවෙන් දැස් සිහින් කරන්නිය..


විවාහ වී තුන්මසක් ගෙවී යත්ම සිඟිති දියණියද කැදැල්ල සොයා ආවේ ඔවුන්ගේ සිත් සතුටින් පුරවාලමිනි.


කැප්ටන් දේවින්ද දසනායකට උපේකා සූරියගොඩ හමු වන්නේ අහම්බයකිනි..


උපේකා සේවය කරේ පෙර පාසලකය..එහි දරුවන්ගේ විවිධ ප්‍රසංගයක් නැරඹීමට දේවින්ද පැමිණියේ සිය සොයුරියගේ දියණියද එහි උගෙනමින් සිටි නිසාය..


දුටුවන් ප්‍රියකරන සුන්දර පෙනුමත් කරුණාවන්ත කතා බහත් නිසා උපේකා පෙර පාසලේ ළමයි අතර සේම දෙමාපියන් අතරද ජනප්‍රියව සිටියාය..


"ටීචර් නැත්නම් අපේ දූ ඉස්කෝලේ එන්න බෑ කියනවනේ" 


ඇතැම් මවක් පවසන්නේ බොරුවට නොවේ..උපේකා සියලු දරුවන් තමාගේ දරුවන් ලෙස සලකමින් බලා කියා ගත්තාය..


පවුලේ එකම දියණිය වූ උපේකාට කුඩා කල සිටම දැනුණ තනිකම මෙහිදී නැති වුන් අයුරු පුදුම සහගත නොවෙදැයි ඇයට විටක සිතුණි..


"දැන් ඉතින් අනුන්ගේ දරුවෝ හුරතල් කරා ඇති..ඔයත් බබෙක් ගේන්න ..අපිත් ආසයි මැරෙන්න කලින් ආච්චිලා සීයලා වෙන්න" 


උපේකා පෙර පාසලේ දරුවෙකුගේ හුරතල් ගැන විස්තර කරන ඇතැම් විට මව සිනාවෙමින් පවසයි..


"ඇයි අම්මට දැන් මම හුරතල් මදිද?" උපේකා අසන්නේ බොරු නොක්කඩුවකිනි.


"නාකි හුරතල්" 
අප්පච්චි කියන්නේ සිනාසෙමිනි..


රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කල අප්පච්චිත්,ගුරුවරියක් ලෙස සේවය කල අම්මාත් දැන් පසුවන්නේ විශ්‍රාම සුවයෙනි.


විවිධ ප්‍රසංගයේදී ඇතිවූ දැන හැදුනුම් කමෙන් පසුව දේවින්ද කිහිප වතාවක් අක්කාගේ දියණිය ගෙන යන්නට පෙර පාසල වෙත ආ ගමන් ගැන පසු කලෙක ඔහුගේ සොහොයුරිය, 


"මල්ලි බලෙන්ම නේ නංගිව බලන්න ඕනේ කමට දූ ගෙනියන්න කියලා ආවේ" 
යයි කියන විට දෙවින්ද අහක බලාගෙන සිනාසෙනවා උපේකා දැක ඇත. 


එසේ ඇතිවූ හිතවත්කම මාස හය හතක් ඇතුළත විවාහයක් දක්වාම දුර ගෙන ගියේ සැබවින්ම දේවින්ද ඉතා හොඳ මහත්මයෙකු නිසා නොවේදැයි උපේකාට අදත් සිතේ..


පියා නැති දේවින්දගේ පවුලේ  මව ඉතා කාරුණික තැනැත්තියකි..


අක්කාත් දේවින්දත් පාසල් වියෙදීම හමුදා නිලධාරියෙකු වූ පියා මිය ගියේ යුද බිමේදීය..


උපේකාගේ නිවසට ඇය බලන්නට පැමිණි පළමුවෙනි වතාවේදීම ඇයට පැහැදුන දේවින්දගේ මව ඇය ජීවත්ව සිටිනා තුරා ඉතා සෙනෙහසින් ඇයට සැලකූ අයුරු උපේකා සිහිකළේ ශෝකයෙනි..


දේවින්ද හමුදා නිලධාරියෙක් වීම දෙමාපියන්ගේ සිත්වල කිසියම් අකමැත්තක් තිබුණද ඔහු හමුවී කතා කල මුල්ම කතාබහෙදී අම්මාත් අප්පච්චීත් ඔහුට ඉතා ප්‍රිය වූ අයුරු පුදුම සහගතය..


"තව මාස දෙකකින් මගේ දූ පැටියා ආවම ඔයාව මට අමතක වෙයිද දන්නේත් නෑ" 
දේවින්ද පවසන්නේ බැරෑරුම් මුහුණක් මවාගෙනය..


"මම දන්නවානේ දූගේ අප්පච්ච්ට මාව නැතිව දවසක්වත් ඉන්න බෑ කියලා" උපේකා සිනාසෙමින් කියයි..


ඉපදෙන්නට සිටින්නේ දියණියක් යැයි දැනගත් දින දේවින්ද සිටියේ රටක් රාජ්‍යක් අත්පත් කරගත්තෙකු සේය..


විවාහයෙන් පසුව දේවින්දගේ නිවසට පදිංචියට පැමිණි පසු දේවින්දගේ අම්මාත් උපේකාත් උදව්වට සිටින කාන්තාවත් හැරෙන්න නිවසේ කිසිවෙකු නොමැති හෙයින් ඔහු ඉඩ ලද සෑම මොහොතකම දුරකථනයෙන් කතා කර සුව දුක් විමසයි..


සති දෙකකට වතාවක් නිවසට පැමිණෙන දේවින්දට මෙවර පැමිණි දාට පසුදාම යන්නට සිදුවූයේ හදිසි කැදවීමකිනි


"මේ මොකෝ මූණ නරක් කරගෙන..මම ඉක්මනින්ම ආපහු එනවානේ.." 


දේවින්ද පවසන්නේ ලහි ලහියේ පිටව යාමට සූදානම් වෙමින්ය..පෙරදා රැයේ දුටු බියකරු සිහිනය උපේකාගේ සිත බියෙන් අවුළුවයි.. 


පිටව යන දෙවින්ද අම්මාට වැඳ දොර අසලට යන ගමනේදි එළියට බසින විටම පය පැකිලී ඇද වැටෙන්නට යාම අම්මාගේ මුහුණේ අඳුරක් රඳවයි..


"පුතේ ටික වෙලාවක් ඉඳලා ගියානම්"..
අම්මා පවසන්නේ බියෙනි..


"ඇයි අම්මේ තව ටිකෙන් ගියත් මමනේ" 


දේවින්ද වාහනයට නැග්ගේ සිනා වී අත වනමිනි..සුසුමක් හෙළා ආපසු හැරුණ උපේකාට කෑ ගැසුණේ නොසිතාමය...


"අනේ අම්මේ බුදු පහන ගිනිගන්නවා" 


බුදුපහන තිබූ තැන එකම ගිනි ජාලාවක්ය. අම්මාත් සිරියාත් එකතුවී ගින්න නිවා දැමුවද සැමගේ සිත යට අමුතුම ගින්නකි.. 


උපේකාට නෑසෙන්නට අම්මාත් සිරියාත් කුස්සියේ සෙමින් මුමුනාගන්නා දෑ ඉඳහිට කනට වැටෙන උපේකා බියෙන් සලිතවේ.


"අනේ මංදා සිරියෝ ඔක්කොම අසුභ ලකුණු ..අනේ මගේ කොල්ල දෙයියොම බලන්න ඕනෙ.."


එහෙත් අම්මා පැතූ සේ දෙවියන් බැලුවේ නැත..


දේවින්ද පිටවී ගොස් දවසක් ගෙවෙන්නටත් මත්තෙන් නිවසට ආ දුරකථන ඇමතුමෙන් කියවුණේ ක්‍රියාන්විතයේදී බිම්බෝම්බයකට හසුවීමෙන් කැප්ටන් දේවින්ද දසනායක ඇතුළු පිරිස ගමන් ගත් ජීප් රථය සහමුලින්ම විනාශ වී ඇති බවය..


මුලදී නිවසේ සැවොම උපේකාගෙන් මෙය සඟවා ගන්නට උත්සාහ කළද නිවසට යන එන අය වැඩිවීමත් සැවොම ඇය දෙස අනුකම්පාවෙන් බැලීමත් නිසා ඇගේ සිතේ ඇතිවූයේ දරා ගත නොහැකි බියකි.


"නංගී කලබල වෙන්න එපා මල්ලිට කරදයක් වෙලා.එයාට ටිකක් තුවාලයි"

දේවින්දගේ අක්කා  හවස් වත්ම උපේකා අසලට විත් පැවසුවේ ඉතා සන්සුන් ලෙස වූවත් උපේකාට දැනුණේ දෙපා මුලම බෝම්බයක් පිපිරූ ලෙසය..සිහි එළවා ගත නොහැකි වූ උපේකා දේවින්දගේ සොයුරිය දෙස බලා සිටියේ අවසිහියෙනි..


"මේ කොහෙද අම්මේ...කෝ දෙවින්ද..? 


උපේකා ඇය දෙස බලා සිටින මවගෙන් ඇසුවේ පුදුමයෙනි..සෙමින් කුස වෙත අත ගෙන ගිය ඇය


 "අම්මේ දුව ලැබුණද?  කෝ එයා?  අනේ ගේන්න බලන්න..කවුරු වගේද අපේ දූ..?" කියා ඇසුවේ කලබලයෙනි..


"දුව ඉස්සෙල්ලා සනීප වෙන්නකෝ..දැන්ම මහන්සිවෙන්න හොඳ නෑ ඔපරේෂන් එකක් කරලනේ තියෙන්නේ.."


මව පවසන්නේ දෙනෙත් වල කඳුළු පුරවාගනිමිනි.


රෝහලේ ගතකළ දින කිහිපයේම උත්පලා දියණිය හා දේවින්ද ඉල්ලා හඬා වැටුණත් කිසිවෙක් නිසි පිළිතුරක් ලබා දුන්නේ නැත.


එහෙත් රෝහලෙන් පිටවී යන්නට සූදානම් වෙද්දී 


"මිසිස් සූරියගොඩ හිත හදාගන්න බලන්න අපිට ඔයාව බේරගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න උනා"
 වෛද්‍යවරිය පවසද්දී උපේකාගේ හැඬුම පාලනය කරන්න කිසිවෙක් උත්සහා කළේද නැත..


උපේකා නිවසට පැමිණෙන විට දේවින්දගේ හත් දවසේ දානයද නිමවී අවසන්ය..


මාස කිහිපයක් යනතුරා ඇයට පියවි සිහියෙන් මේ කිසිවකට මුහුණ දීමට නොහැකි විය..


උපේකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගිය  ගිය විට ඔවුන්ගේ උපදෙස වූයේ හැකි තරම් මානසික විවේකය දී කරුණාවෙන් බලාකියා ගන්නා ලෙසයි..


ඇය අධික  මානසික කම්පනයට ලක්ව සිටින බව ඇයට කිසිසේත්ම තෙරුම් ගත නොහැකි විය. 
දුව සහ දෙවින්ද එනතුරා මග බලා සිටින උපේකා විටින් විට මහා හයියෙන් හඬා වැටුණාය..


කලක පටන් හෘර්ධ රෝගියෙකු වූ අප්පච්චී නිදි යහනේදීම මිය යන්නේ උපේකාගේ ඉරණම පිලිබඳ වාවාගත නොහැකි නොවේදැයි අද ඇයට සිතේ...



කාලය ගෙවී යත්ම උපේකාගේ සිත ටිකෙන් ටික පෑදී දිය බඳුනක් සේ නිවෙන්නට පටන් ගත්තේ දේවින්දගේ මව සමග නිතර නිතර නිවස අසල පිහිටි උපාසිකාරාමයට යාමට පටන් ගැනීමත් සමගය..


හදිසියේම සිදුවූ දේවින්දගේ මවගේ අභාවයත් සමග උපේකා ජීවිතය පිළිබඳ ඇය සතුවූ සියලුම සිතිවිලි වෙනස් කරගත්තාය..


"අනේ මන්දා පුතේ ඔයා තාමත් ගොඩක් තරුණයි, ලස්සනයි..ආයෙත් පාරක් කසාදයක් බැන්දානම් නරකද ඔයිට වඩා" 


මහණ වෙන්න දැයි මවගෙන් අවසර පැතූ මුල් දිනයේ අම්මා පැවසුවේ අඬා වැටෙමිනි..


"පටාචාරා වගේ උදවිය අදටත් ඉන්නවා  දරුවා..ඔබ කැමති නම් මේ ශාසනය ඔබට පහුරක් කර ගන්න පුළුවන් මේ සංසාරෙන් එතෙරවෙන්න" 


ලොකු මෑණියන් මහණ වීමට කැමති යැයි පැවසූ විට උපේකාට කීවේ හිස පිරිමදිනි..



ඉනටත් පහළින් වූ ඝන කෙස් කලඹ බූ ගා දමා කහ සිවුරු පෙරවූ උපේකා මෑණියන්ට දැනුණේ නිදහස් ස්වභාවයකි...


"පේමතෝ ජායතී සෝකෝ..පේමතෝ ජායතී භයං
පේමතෝ විප්ප මුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං..  


ප්‍රියයන් නිසා දුක ඇතිවේ,ප්‍රියයන් නිසා බය ඇතිවේ..ප්‍රියයන්ගෙන් මිදුන තැනැත්තාට බයත් ශෝකයත් නැත පින්වත්නි..මේ උපේකා මෑණියෝත් අපේ පාටාචාරා රහත් මෙහෙණියෝ වගේ ඉරණමකටයි මුහුණ දුන්නේ.." 


ලොකු මෑණියන් මහණ කිරීමේ උත්සවය අවස්ථාවේ බණ දේශනා කරන විටත් අම්මා හඬා වැටුණ හැටි සිහිපත් කල උපේකා මෑණියන් සුසුමක් හෙළුවාය..


පන්සල දෙසින් පිරිත් හඬක් ඇසේ..ලොකු මෑණියන් ගිලන් පස පූජාව තබනවා විය යුතුය...


අහස සෙමින් කළුවර වෙමින් සැඳෑ අඳුර ගලයි..ගල් තලාව පුරා විසුරුණ අරලිය මල් දෙස බැලූ උපේකා මෑණියෝ..අපේ ජීවිතයත් මෙලෙස නොවේදැයි සිතමින් සැහැල්ලු සිනාවකින් නැගී සිටියාය.. 











57 comments:

  1. "සංසාරේ කියන්නේ ඕකට තමයි..බැඳිම් අඩුවෙනකොට හිත සැහැල්ලු වෙනවා.."

    අනිවාර්යයෙන්ම.. ඒත් සමහර බැඳීම් වලින් අපිව නතරකරන්නෙ සාධාරණ හේතූත් එක්ක.. හරියට..

    "අනේ මන්දා පුතේ ඔයා තාමත් ගොඩක් තරුණයි, ලස්සනයි..ආයෙත් පාරක් කසාදයක් බැන්දානම් නරකද ඔයිට වඩා"
    මහණ වෙන්න දැයි මවගෙන් අවසර පැතූ මුල් දිනයේ අම්මා පැවසුවේ අඬා වැටෙමිනි..

    මේ වගේ..

    ජීවිත ගමනේ රටාව අකුරු වුණ ලස්සන කතාවක්.. :)

    මට මතක්වුණේ..
    නිවන් දකින්නට පිං මදිවෙන්නැති.. ඒකයි තවමත් සංසාරේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නන්දු ඔයාට....

      Delete
  2. .බැඳිම් අඩුවෙනකොට හිත සැහැල්ලු වෙනවා.." හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. අයියෝ..හ්ම්ම්..හ්ම්ම්ම්....මොනවා කරන්නද..

      Delete
  3. කතාව හිතේ චිත්ත රූප මැවෙන විදිහටම ලියල...හරිම සංවේදී....
    ඔය සිදුවීම ටිකක් වෙනස් විදිහකට මටත් දැනුන කෙනෙක් කුමාරිහාමි...අතීතයට හිත ගියා මොහොතකට,,,,තමන් තනි වුනාම, සමීපම කෙනෙක් ජීවිතයෙන්ම සමුදුන්න අවස්ථාවක හිතට නානාප්‍රකාර අදහස් පහල වෙනවා...ඒ වෙලාවට හිතට සහනයක් ලැබෙන ඕනෑම දෙයක් කරන්න හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් මුතු..එහෙම උනාම හොද සිහියෙන් ජිවිතේට මූණ දෙන්න අමාරුයි...ස්තුතියි ඔයාට...

      Delete
  4. උපේකාගේ තත්වෙට පත්වෙන කෙනෙක්ගේ මානසික තත්වය ලියල තියන විදියට හොඳටම දැනෙනවා

    ReplyDelete
  5. අද මම පාන්දර 0430 ට අවදි උනේ පලමුවෙන්ම දැක්කෙ මේ කතාව...ගොඩාක් හිත සසල උනා.ඇත්තටම මේ වගේ අත්දැකීමකට මූණ දුන්න කෙනෙක්ව මම දන්නව...ඔයා ලියල තියනව ඇස්වලින් කඳුලු ගන්න.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිරිල්ලී..ඔයා එච්චර උදෙන් ඇහැරෙනවද..

      Delete
  6. //"සංසාරේ කියන්නේ ඕකට තමයි..බැඳිම් අඩුවෙනකොට හිත සැහැල්ලු වෙනවා..//

    මේක මාරම ඇත්තක්... හරිම සංවේදි විදියට ලියලා අක්කි.. මාරම ල්ස්සනයි..දුකයි.. දෙයියනේ,ඔහොම දෙයක් වුනාම ශාසනේ පිහිට හැර ව්එන පිහ්ටක් නෑ තමා...

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි..ස්තූතියි හිතූ..හැමදෙයක්ම තාවකාලික බැදිම් විතරයි...

      Delete
  7. සෑහෙන්න දුකක් දැනෙනවා අක්කේ කොහොමද මේ තරම් ලස්සනට ලියන්නේ මට හිතාගන්නවත් බෑ... මෙහෙම දේවල් නොවෙනවා නෙමෙයි පහුගිය අවුරුදු කීපයට කොයිතරම් නම් සිදුවෙන්න ඇතිද....

    මම අහලා තියෙනවා මෝහනය කරාම පහුගිය දුක්බර මතක මකන්න පුළුවන් කියලා හැබැයි සත්‍යතාව ගැන දන්නේ නම් නැ අක්කා මොකද හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මෝහනය ගැන නම් මමත් කියවලා තියෙනවා මල්ලි..ගොඩක් වෙලාවට මෝහනයේදි වෙන්නේ හිත් යට තියෙන දේවල් එලියට එන එක තමයි...

      ඔයාට ස්තුතියි මල්ලියෝ...

      Delete
  8. මට මුකුත් කියන්න මතක් වෙන්නැහැ යාලු..හරිම ලස්සනට ලියල තියෙනවා..
    සංසාරෙ හැටි මෙහෙමයි කිව්වට මේ වගේ දෙයක් දරගෙන ඉන්න පුලුවන්ද ගැහැණියකට..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අමාරුයි තමයි සිත්..ගැහැනියකට ඒක දරාගන්න ගොඩක් අමාරුයි...

      Delete
  9. very emotive.nicely written :-)

    ReplyDelete
  10. පුදුම ලස්සනයි ,,,හිතට දැනුණු සංවේදී කතාවක් ,,හැමදෙනාටම මහණ වෙන්න බැරි උනත් ,,ජිවිතේ හදා ගන්න පුළුවන් ආගම දහමට නැඹුරු වීමෙන් කියලයි මගේ අදහස ,,,,,,,,,, :)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තුතියි...ඔව් ගොඩක් වෙලාවට ආගමට නැඹුරු උනාම හිතට සහනයක් දැනෙනවා තමයි..

      Delete
  11. අද දවසේ කියවපු ලස්සනම කතාවක්.. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්.. එකින් එක බැදිම් නැති වෙද්දි ජීවිතය කොච්චරනම් වෙනස් වෙනාද..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්..

      ජිවිතය කියන්නේ බැදීම් ගොඩක් එකතුවක් අපිට ඒත් එහෙමයි කියලා ඒ බැදිම් වලින් මිදෙන්න බෑ...

      Delete
  12. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්.අනේ මන්දා...

      Delete
  13. Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........

      Delete
  14. ඒ චරිත වල හැම පැත්තක්ම විස්තර කරලා තියෙනවා.මේ තියෙන කරුණු වලින් ලොකු කතාවක් ලියන්න පුළුවන් ඔයාට .විස්තර ලස්සනට හැම දෙයක්ම පැහැදිලි විදියට ලියල.

    ඇත්තටම සංවේදී කතාවක්.හැමදාම වගේ උපරිමටම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසර්.. ඔයා හැමදාම මාව දිරිමත් කරනවා..

      දැන් මම දාපු නම ෆේමස් නේද."අසර්"...?????

      Delete
  15. "ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට"

    ReplyDelete
    Replies
    1. ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට" මටත්...

      Delete
  16. කතාවක් කියවන්න ආවෙ අදමයි මගේ හිතේ... ලස්සනයි අක්කා...

    ReplyDelete
  17. දුක හිතෙන විදියට ලියලා තියෙනවා ඔයා. මම දන්නවා මේ වගේ අත්දැකීම් තියෙන කීප දෙනෙක්වම. එක්කෙනෙක් එයාර්ෆෝස් කෝප්‍රල් කෙනෙක්.බැදලා මාස 07යි. බිරිදට දරුවෙක් ලැබෙන්ට හිටියේ මාස 03ක් විතර ඇති එතකොට. පැරිෂූට් පිම්මක් වැරදිලා එයා නැති උණා.දැන් බිරිදට දුවෙක් ලැබිලා.තමන්ගෙ දරුවගෙ මූන විතරක් නෙවෙයි අඩුම තරමෙ තමන්ගෙ වෙඩින් එකේ ඇල්බම් එකවත් බලන්ට වාසනාව නැති උනා එයාට....

    ReplyDelete
    Replies
    1. අනේ පව් තරු..මාත් ඔය වගේ කතා හරියට අහලා තියෙනවා.

      Delete
  18. අනේ සංසාරේ...

    ReplyDelete
    Replies
    1. අනේ..අනිච්චෙ දුක්ඛේ සංසාරේ...

      Delete
  19. හරිම සංවේදියි මේ කතාව :'(

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට සිහින

      Delete
  20. මමත් කියවපු ලස්සනම කතාවක් අක්කෙ.....මේ විදියට හැමදාම ලියන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව.

    ReplyDelete
    Replies
    1. ස්ත්තූතියි මල්ලි ඔයාට..

      Delete
  21. කලබල වෙලා තිබුන හිතට මහා සැනසීමක් දැනුනා වගේ..

    ReplyDelete
    Replies
    1. හිත නිවේවා..!..ආවට ස්තුතියි පබලු..

      Delete
  22. Replies
    1. ඊලඟ පාර කෙටියෙන් ලියන්නම්...

      Delete
  23. ජනසේන ජයකොඩි මහත්තයගෙ පිච්ච මල නවකතාව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. මමත් ආසම කතා පෙලක් පිච්ච මල,අරලිය මල් ආරාමය...

      Delete
  24. මම කියන්න ආපු එක කස්සා කියලා..... හිතේ ව්‍යාකූලත්වයක් ඇති වුන ගමන් මම කරන්නේ ඒ කතා මාලාව කියවන එක... නින්දෙන් නැගිට්ටා වගේ හිත සංසුන් කරගත්තැකි....

    ඉතා අගෙයි රචනාව...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. මමත් ඕකම කරනවා..

      Delete
    2. පිච්ච මල කතා පෙල මමත් ආසාවෙන් කියපු පොත් ටිකක්.. රාහුල හාමුදුරුවෝ හැමදාම මගේ සිත නිමුවා....

      ස්තුතියි අභීත ඔයාට...

      Delete
  25. Man giya ape mahagedara. Eka repair karanawa. Ithin man awa oyage gedara. Me lipiya kiyewwama mata harima duka hithuna. Me wagema nowunath me samanama katha man dakala thiyenawa.
    Oyata godak sthuthi.
    Man Suja akka.

    ReplyDelete
    Replies
    1. සුජා අක්කා..අපේ වෝල් එකේ නේද..ආවට ගොඩක් ස්තුතියි අක්කෙ...ගොඩක් ස්තුතියි කියෙව්වටත්

      Delete
    2. Ow,,ow,, mama wall eke. Man hamadama awa oyage walawwata.
      Godak sthuthi mawa andunagena piligaththa ta....

      Delete
  26. හිත ගැඹුරටම කතාව කා වැදුනා ....සුබ අනාගතයක් ........

    ReplyDelete
  27. "සංසාරේ කියන්නේ ඕකට තමයි..බැඳිම් අඩුවෙනකොට හිත සැහැල්ලු වෙනවා.."

    මොනවා නැතත් අපි ජීවිතයේ දකින හුගක් දේවල් එක්ක සසඳා බලද්දි පිරිසිදු වූ සත්‍යයක් - ප්‍රශ්ණය නම් ඇයි සමහර ඇත්තන්ට එය පිළිගන්න බැරි කොටලා පෙව්වත් ? කියන එකයි

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...